Monday, October 10, 2016

වාදී ස්වර සංද්වනි 3



පලවෙනි කොටස 
http://ambalangodakatha.blogspot.com/2016/04/1.html

දෙවැනි කොටස
 http://ambalangodakatha.blogspot.com/2016/10/2.html



ඒයි සහන් නගිටහන්.. අද වැඩට යන්නේ නැද්ද උඹ..

 කීයද බන් වෙලාව..

හතට දහයයි.. 

ඇයි  බන් තව විනාඩි දහයකින් මාව ඇහැරවන්න තිබ්බනේ උඹට..

ඒ හින්ද තමා බූරුවෝ හතට දහයක් තියෙද්දී ඇහැරෙව්වේ .. එතකොට උඹ හතට ඇහැරෙනවනේ .. උඹව හතට ඇහැරෙව්වනම් උඹ ඇඳෙන් බහින්නේ හතයි දහයට..

මොකෝ අද උඹ උදෙන්ම ලැස්ති වෙලා....ආ..... මට අමතක වුනා.. ඊයේ රෑ උඹට නින්ද යන්නේ නැතුව නෙහ් ...

උඹේ මනස්ගාත.. කොහේ නිදාගන්නද  සහනෝ... බඩගිනියි සෑහෙන්න..

අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කිව්වලු.. 

පිස්සු කියවන්නේ නැතුව ඉක්මනට ලැස්ති වෙලා වරෙන් ආතර් අංකල්ගේ කඩෙන් මොනාහරි බඩට දාගෙන රස්සාවට යන්න.

උඹට ඉතින් දැන් ලොකු ලොකු නෝනලාගෙන් රයිඩ් හම්බෙන එකේ හෙට අනිද්දා වෙද්දී තරු පහේ හෝටල් වලින් කෑම බීමත් ලැබෙයි විසලෝ.. අපිට තමා ඉතිං හුලං ..

අනේ මේ වලිගෙ පාගගන්නේ නැතුව ගිහිං ලැස්ති වෙලා වරෙන්.. උඹ තරු පහේ හෝටල් ගැන හීන බල බල ඇඳේ  පෙරලිලා ඉන්න අල්ලපනල්ලේ ආතර් අංකල්ගේ පෙට්ටි කඩේ ඇට නැති පරිප්පු හොද්ද ඉවර වුනොත්  කන්න වෙන්නේ සීනියි පානුයි තමා..

ආතර් අංකල්ගේ වතුර හොද්ද වගේද බන් බොට ඇදෙන්න යන ශනිදා වාසනාව.. ඒකි මාර හැඩයි බං .. වාසනාව තමා ඉතිං .. 

අනේ ගොනෝ.. මනුස්සයෙක් පාරෙ යන හිඟන්නෝ දෙන්නෙකුට ලිෆ්ට් එකක් දීපු පලියට ඒ මනුස්සය එහෙම කරේ අර හිඟන්න කසාද බඳින්න කියල හිතන්න තරම් උඹ බොළඳ උනානේ සහනෝ..

අනේ පලයන් බන් යන්න.. උඹ මොනවා කිව්වත් ඒකි උඹට ලව්...

හක් ..හක් ...හා..... උදේ පාන්දර බඩගින්නේ මැරෙන්න යන මාව හිනස්සල මරන්න එපා බූරුවෝ.. සුරංගනා ලෝකෙන් බැහැල ගිහිං ලැස්ති වෙලා වරෙන්.. එලි වෙලා.. අපි මේ ඉන්නේ ඇග්නස් ආන්ටිගේ බෝඩිමේ.. හක් ..හක් ..හා...

මම හූනා කියන්න වගේ කියන්නං .. ඒකි උඹට ලව්.. සෙල්ලං නෑ විසලෝ.. ලව් ඇට් ෆස්ට් සයිට් කියන්නේ සංසාරගත බැඳීම් .. උඹ ඒකිට ලව් නෙහ් ..

කව්ද ඒකි කිව්වේ සුදු නංගිද ..

ඒ කියන්නේ නම කියන්නත් බැරි තරං ලං වෙලා.. ඕකට තමා විසලෝ කියන්නේ කට බොරු  කිව්වට දිව බොරු කියන්නේ නෑ කියල..

න් ......න් .....නෑ   ම ...ම .... මං කිව්වේ ....

නෑ ... නෑ ... උඹ ගොත ගගහ  කියන්න මහන්සි වෙන්න ඕන නෑ .. මං ගිහිං ලැස්ති වෙලා එන්නං .. මම ලැස්ති වෙනකල් කල්පනා කරලා උත්තරේ හදාගනින්කෝ..

අනේ පල යන්න..

විසලෝ.. උඹයි මමයි අවුරුදු පහක් එක බෑන්ඩ් එකේ ප්ලේ කරන ගමන් අවුරුදු පහක් එකම බෝඩිමේ.. උඹ හිතනවනම් උඹේ ලුණු ගොරක දාල මාව තම්බන්න එව්ව  හඳේ මස්සිනා.. උඹට හරියනවනම් ඉස්සෙල්ලම සන්තෝස වෙන එවුන් කීප දෙනාගෙන් එකෙක් මම.. ඒ නිසා උඹ මට විතරක් හිත හංගන්න හිතන්න එපා මල්ලි.. උඹ ඒකෙන් ෆේල්..

උඹ මොන හේතුවක් නිසාද බන් එහෙම කියන්නේ.. සුදු නංගි  අපි දෙන්නව ගෙදරට දාල ගිය හින්දද..

ඒක තුන්වෙනි හේතුව මස්සිනා.. පලවෙනි හේතුව තමයි පඩිපෙළ උඩ ඉඳන් උඹ දිහා බලං හිටපු අනන්‍ය දැක්ක ගමන් උඹේ තටු මාරුවෙලා ප්ලේ කරපු සිංදුවත් අමතක වෙච්චි එක.. දෙවැනි හේතුව උඹ අනන්‍යගේ  නම පැත්තකින් තියල සුදු නංගි කියල විශ් කරපු එක.. මම ඉන්නේ නිදිමරගතේ වුනත් උඹට මේක ලොජිකලි එක්ස්ප්ලේන් කරනවනම් මේ අවුරුදු පහ ඇතුලත උඹ හිටපු හැම ස්ටේජ් එකකම මමත් හිටිය මස්සිනා.. උඹේ ස්වීට් වොයිස් එකට වහ වැටිච්ච කෙල්ලෝ කීයක්නම් උඹව දැලේ දාගන්න ට්‍රයි කරාද.. ඒත් උඹ නෙවේ එකෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ.. ඒත් ඊයෙ රෑ උඹේ හිත හෙලවුනා.. ඒක තමා ඇත්ත.. උඹේ විතරක් නෙවෙයි අනන්‍යගේ හිතත් හෙලවුනා.. මම හූනා කියන්න වගේ කියන්නං ඒ තමා උඹේ හිමිකාරී..

අනේ මේ සහනෝ.. උඹේ ඔය සාස්තර කියන හූනා දන්නෙ නෑ ඌ කොයි වෙලේ ජනෙල් පියනට අහුවෙලා චප්ප වෙනවද කියල..

හෝව්..හෝව්..හෝව්... මම කියල ඉවර නෑ විසල් මස්සිනා..

සහන් මචං .. මමත් එහෙනම් බොට හූනා කියන්න වගේ යමක් කියන්නද..

මොකද්ද..

උඹේ මනස්ගාත කියවිල්ලට ගිහිං ආතර් අංකල්ගේ වතුර හොද්දනම් අද කන්න වෙන්නෑ .. ඒ හිංද මම බොට ඔතනට වතුර බාල්දිය වඩම්මන්න කලින් ඔය ඔලුවේ හිටන් පොරවන් ඉන්න ගොම්මස්කඩේ විසික් කරලා ගිහි ලැස්ති වෙලා වරෙං ..

හරි.. යනගමන් කතා කරමුකෝ ඒ ගැන.. මම ඉක්මනට එන්නං ..

මේ.. දිය කෙලිය විනාඩි පහෙන් ඉවර කරපන්.. ඇග්නස් ආන්ටිට ඇලර්ට් වෙලා තියෙන්නේ උඹ උදේට පැයයි හවසට පැයයි බාත්රූම් එකේ දිය කෙලිනවා කියල.. දැන් වත් ඔය දිය කෙලිය කෙටියෙන් ඉවර කරහන්.. බෝඩින් ගානකින් තෝයි මායි දෙන්නම එලෙව්වේ උඹේ ඔය නෑම නිසා..

අනේ පල පල යන්න..මිනිස්සු  උනාම පිරිසිදුව ඉන්න ඕන...


ගොනෝ... පිරිසිදුව ඉන්න සතියට සබන් කෑලි හත අටක් ඉවර වෙන්න උදේට පැයයි හවසට පැයයි නාන්න ඕන නෑ බන්.. අගතිගාමී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙයන්.. ඕක අසනීපයක්..

අනේ පල යන්න..

ඇත්තමයි සහනෝ මට ක්‍රමයක් තිබ්බනම් මම උඹව යවනවා වතුර නැති රටකට ගිහින් ටිකක් කල් ජීවත් වෙලා එන්න. උඹ නාස්ති කරන්නේ කී දෙනෙකුට නාන්න බොන්න හෝදන්න තියන වතුරද..

කට වහන් හිටු.. මම ඉක්මනට එන්නම්..

වහයි වහයි.. මගේ කටනම් වහයි.. ඒත් ඇග්නස් ආන්ටි කට ඇරපු දවසට රෙදි කඩමලු ටිකයි ගිටාර් දෙකයි එල්ලගෙන ආයෙත් හොයපන්කෝ බෝඩින්..

උඹ මගේ නෑම ඉස්සරහට දාල ප්‍රශ්නෙන් ගැලවුනා නෙහ් .. සුදු නංගි මාර හැඩයි බං .. උඹටම තමා ගැලපෙන්නේ..



පලයන් කිව්වම අහල නාන්න බැරිනම් හාල හරි ඉක්මනට වරෙන්.. බඩගිනියි බූරුවෝ..

හිටහන් ඉක්මනට එන්නං ..

පෙරදා රාත්‍රියේ සිදුවීම් කිහිපයත් සමගම එතෙක් මෙතෙක් නොවිඳි නුහුරු සුන්දර දැනීමක් විසල්ගේ හිත පුරා සක්මන් කලද එයට උණුසුම් පිළිගැනීමක් ලබාදී තම සිතුවිලි නිදහසේ පාකර හැරීමට විසල් උත්සහ කලේ නැහැ. යතාර්ථයෙන් ඔබ්බට ගොස් සුරංගනා ලෝකයක ජීවත්වන පංතියක විනෝදාස්වාදය වෙනුවෙන් සොච්චම් මුදලකට විකිනෙන විසල්ට තම සිතට  දැනුනාවූ නුහුරු සිතුවිලි දොතබදා පිළිගන්නට හැකියාවක් තිබුනෙත් නැහැ. ග්‍රාමීය මධ්‍යම පාන්තික පවුලක බඩපිස්සා වූ විසල් තම දෙමාපියන්ටද සහෝදරයින්ටද එකසේ අලුම්කල  සහ වගකීම් අකුරට ඉටුකරන ලද දරුවෙකු වශයෙන් තම අරමුණෙන් බැහැරවී සමනල සිහිනයක පාවී යාමට කිසිසේත්ම කැමැත්තක් දැක්වුයේත්  නැහැ. තමා කොළඹ නගරයට පය තැබූ අරමුණ පෙම්වතියක් සොයාගැනීම නොවන බව විසල් නිරන්තරයෙන්ම සිහිපත් කල පුද්ගලයකු වුයේ තමා ගැවසෙනා වටපිටාව එවන් දෑ සඳහා අඩුවක් නොමැතිවම නොමිලේ දායකත්වය සැපයු නිසා. සියල්ල එසේ වුවත් පෙරදා රැයේ තම හිත මදක් සොලවන්නට සමත් වූ සුරංගනාවියක් බඳු ඒ ඇත්තිය කිසිදු අවසරයක් නොමැතිවම  අගුලු ලා වසාදමා තිබෙන තම  චිත්ත සංතානය තුල අයිතිය තහවුරු කරගනිමින් සිටිනාවග විසල්ට නොදනුනාමත් නෙවෙයි. ඒත් විසල් හැම තත්පරේම උත්සහ කරේ වෙනත් දෙයක්  වෙනුවෙන් හිත යෙදවීමට වුවත් නින්ද නොලැබුවා වූ රැය  පුරාත්  විසල්ගේ අකීකරු හිත දුවගෙන ගියේ අනන්‍යා සොයාගෙනම පමණයි.



***********************



ගුඩ් මොර්නින් මාධවී  දුව.. ඊයේ රෑ කට්ටිය ඇතිවෙන්න විනෝද වුනා නේද... ඔන්න අම්මි  උදේම කෝල් කරා තාම නිදිද අහල..



ගුඩ් මෝර්නින් ආන්ටි... මම අම්මිට කිව්වා මාව ඇහැරවන්න එපා කියල.. ඒ හින්ද වෙන්න ඇති ආන්ටිට කෝල් කරේ.. අපරාදේ කියන්න බෑ ආන්ටි ඊයේ කට්ටිය කාලෙකට පස්සේ ඇතිවෙන්න විනොදවුනා..

කෝ ආන්ටි අනන්‍යා.. තාම නිදි ඇති නේද..

මොන නිදිද.. අන්න උදේ පාන්දර ඇහැරිලා ඩග්ලස් මල්ලි හොයන්න ගියා..

මොකක්.. ඒ මොකටද.. 

අනේ මන්ද දරුවෝ.. උදේ හයේ ඉඳන් ඩග්ලස්ට කෝල් ගත්තා ගත්තා ආන්සර් නෑ කියල ඔන්න ගියා ගෙදරට ගිහිං බලනවා කියල..

අයියෝ ආන්ටි මමනම් හිතන්නේ නැහැ ඩග්ලස් අංකල් ඊයේ ඩ්‍රින්ක්ස් ගත්තු විදිහට අද රෑ වෙනකල් නැගිටියි කියල..

හ්ම්.. අපි දැක්ක ඊයේ කව්රු කව්රුත් ඩ්‍රින්ක්ස් ගතපු තරම ... මාධවී... ඕව පුරුද්දකට එහෙම තියාගන්නවා නෙවෙයි ..

අනේ මන්ද ආන්ටි මොනවද මේ කියන්නේ කියල..

හරි දුව.. පර්ටියක් වෙලාවට නිසා ඔන්න මම අම්මිට කියන්නේ නෑ .. අන්න සුදු දුව ආවද කොහේ..

රථය පෝටිපෝව යට නතරකල අනන්‍යා නිවස තුලට පියමැන්නේ බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන්. තමන් නිවසින් එලියට ගිය කටයුත්ත සාර්ථක කරගත් පෙනුමක් අනන්‍යාගේ පියකරු මුහුණ තුල තිබුනේ නැහැ.

කොහෙද සුදු දුව උදේම මේ පිස්සුවෙන් වගේ ඩග්ලස් හොයාගෙන දුවන්නේ.. මොකක්ද ඔයාට ඩග්ලස් අංකල්ගෙන් කෙරෙන්න ඕන..

ඒක අම්මිට කියල වැඩක් නෑ අම්මි.. කොහෙද මේ මනුස්සය මැරිලා වගේ නිදි.. සුනේත්‍රා ආන්ටි ඇහැරවන්න ට්‍රයි කළා  බැරිවුනා අම්මි..

ඉතිං හවස් වෙද්දී නැගිටියි දුව.. දවල් වෙලා කෝල් එකක් දීල බලන්න.. ඔයා ඊයේ රෑ නිදාගත්තේ නැද්ද දුව.. බලන්න  ඔයාගේ මූණත් මලානික වෙලා..

ඒකනම් ඇත්ත ආන්ටි..මෙයාට ඊයේ රෑ නින්ද  යන්නේ නැතුව ඇති..

ඒ මොකෝ මාධවී..

සන්තෝසෙට ආන්ටි සන්තෝසෙට..

මාධවීට පිස්සු අම්මි..

ඔන්න ඉතින් සුදු නංගි ඔයා මේ මාධවීගේ කට අවුස්සගන්නයි හදන්නේ..

ඉතින් සන්තෝස ඇති නේන්නම්.. මෙයාගේ බර්ත්ඩේ පාර්ටි එකට රජීව් පුතා ආවනේ කොහොමහරි..

මමනම් හිතන්නේ ඒක නෙවෙයි හේතුව..

මොකක්ද මාධවී.. සුදු දුව ඔයාට හෙම්බිරිස්සාව වගේ නේද.. මොළෙත් බර වෙලා වගේ...ඊයේ නිදි මරල මම හිතනේ..

අපෝ නෑ ආන්ටි.. මෙයා පිණි බාලා..

පිණි බාන්න කොහේ ගියාද සුදු දුව....

මෙයාද.. මෙයා ඉතින්....

අනේ මේ.. උඹ මගේ  අම්මිව බයිට් නොකර ඉඳපන් මාධවී..  ග්‍රෑන්ඩ් ලෙවල් එකට බර්ත්ඩේ පාර්ටි එකක් දැම්මම කාටද අම්මි සන්තෝස නැත්තේ.. නේද මගේ සුදු අම්මි..මේකිට ඉරිසියාව..මට ඇති අසනීපයක් නෑ අම්මි..

කමක් නෑ කමක් නෑ අපි එහෙම හිතමු ඩාර්ලින්..

පිස්සු නතුව මෙන්න මෙහෙ වරෙන් ගිහින් ලැස්ති වෙලා යන්න..

අනන්‍යා මාධවී ඇදගෙන පඩි පෙළ දිගේ ඉහල මාලයට දිවගියේ ඉතාම සැහැල්ලුවෙන්. කුමක්දෝ නොසන්සුන්කාරී සිතුවිල්ලක් අනන්‍යා ඉබේම කලබලකාරී ස්වරූපයකට පෙරලා ඇති වග අනන්‍යාට වැටහීමක් තිබුනේ නැහැ. පෙරදා රාත්‍රියේ පැවැත්වුණු සිය උපන්දින සාදය කොයිතරම් උත්කර්ෂවත් අන්දමින් සිදුවුවත් ඊටත් එහා ගිය උත්කර්ෂවත් සිතුවිලි සමුදායක් අනන්‍යාගේ හිත ඇතුලේ සුවිශාල පෙරලියක් කිරීමට වෙර දරන ස්වරූපය අනන්‍යාට ගෙන ආවේ වචනයෙන් විස්තර කල නොහැකි වූ ආශ්වාදයක්.

කොහේ යන්නද බන් අනන්‍යා මේ මාවත් ඇදගෙන දුවන්න හදන්නේ..

මට වැඩ ටිකක් කරගන්න තියෙනවා එළියෙන්.. උඹත් එන්න ඕන මාත් එක්ක යන්න..

මම එහෙනං ගෙදර ගිහින් ලැස්ති වෙලා එන්නද බන්.. මෙහෙම යන්න බැහැනේ.. මේ ඊයේ ඇඳුම පිටින්..

ඉතිං එහෙනම් යමු..

කොහෙද..

උඹලාගේ ගෙදර..

අප්පේ.. මොකෝ ඒ.. මට ආදරේට වෙන්න ඇති නේද..

ඔව්නෙ  ඩාර්ලින්.. උඹ මගේ ස්වීට් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්නේ මාධවී..

මේ මේ.. උඹ මාව බටර් වලින් නාවන්න එපා අනන්‍යා.. උඹ මේ හදන්නේ රජීව් ඇහැරෙන්න කලින් ගෙදරින් පනින්න..

ඇත්තම කියනවනම් ඔව් බන් මාධවී.. අපේ අයිය කාරය නිසා තමා මේ සේරෝම කරදර.. දැන් රජීව් ඇහැරුනාම කොහිල්ලෑ ගුලිය වගේ මගේ පස්සෙන් වැටෙනවා.. මම කැමතිම නැහැ බන්.. මට කිසිම නිදහසක් නැහැ..

මොනාද බං අනන්‍යා  කොහොල්ලෑ කියන්නේ..

කොස් කපනකොට වැක්කෙරෙන කිරි වගේ ජාතියක් කියල තමා අපේ සුමනදාස අංකල් කිව්වේ.. අතේ ගෑවුනොත් යවන්න හරි අමාරුයිලු.. හැමතැනම ඇලෙනවලු .. පොල්තෙල් ගාල තමයිලු යවන්න පුළුවන්..

උඹත් දන්න දේවල්..

පොතක තිබිල කියෙව්වේ බන්..  මමත් දැකල නැහැ.. ඉක්මන් කරපන්.. අර ඇන ලොරිය නැගිට්ටොත් මගේ දවසම අත්අඩංගුවට ගන්නවා බන්..

බය නොවී හිටහන් අනන්‍යා.. උඹේ අයිය කාරයයි, උඹේ අල්කොහොල්ල්ලෑ ගුලියයි අද දවසටවත් නැගිටින එකක් නැහැ ඊයේ බීපු බීමට..

ඇල්කොහොල්ලෑ නෙවෙයි බං ... කොහොල්ලෑ ...

හරි හරි මොන ලැල්ලක් උනත් කමක් නෑ ඌ උඹට හෙන ලව් කියල පෙන්නන්න හදනවා කියන එකනම් පැහැදිලියි..

අනේද කියන්නේ.. කොහෙද ඉතින් අපේ ගෙදර කට්ටිය  කැමතියිනේ බං ..

උඹත් ඉතින් කැමතියිනේ අනන්‍යා..

මම අකමැති නෑ .. ඒත් එකෙන් කියන්නේ මම කැමති කියන එක නෙවෙයි මාධවී.. එත් මම ගෙදර කැමැත්තට පිටිං යන්න කැමති නැහැ ..

රජීව් පෙන්නන්නේ මවාගත්තු ලව් එකක් කියල මට දැනෙනවා බන් අනන්‍යා.. හැබැයි ඉතින් සමහරු නම් ආදරෙයි කිව්වේ නැතිවුනාට බැල්මෙන් කියන්න පුළුවන් එයා මෙයාට ලව් කියල..

ක්..කව්රු ගැනද උඹ මේ කියන්නේ..

අප්පේ.. උඹට රැය එළිවෙනකොට ඔක්කොම අමතක වෙලා එහෙනං .. මේ  හලෝ... චුට්ටක් කටේ තොලේ ගෑවිලා උන්නට මේ මාධවී උන්නේ හොඳ සිහියෙන්.. උඹ මේ පාන්දර කුකුළා මල්ලේ දාගෙන ඩග්ලස් අංකල් හොයාගෙන ගියේ ඇන්තනිගේ බෑන්ඩ් එක කන්ටැක්ට් කරලා කුමාරයාගේ නම්බර් එක ගන්න කියල මට හංගන්න හදන්න එපා සුදු නංගි .. මේ මාධවී පුංචි කාලේ බිව්වෙත් උඹ බිව්ව වගේම මවු කිරි බන්.. පොල්කිරි නෙවෙයි.. හී..හී..

අනේ මෙන්න මෙයා වලිගෙ පාගාගෙන.. මට මොකටද බන් ඇන්තනියෙක්ගෙ බෑන්ඩ් එකක්... මට පේන්නේ උඹට තාම  වෙරි..

මේ හලෝ... මාස කීපයකට එහෙ මෙහෙ වුනාට මාමත් උපන්නේ උඹ උපන්න අවුරුද්දෙම තමා අනන්‍යා... දොස්තරට ලෙඩේ හංගල බේත් ගන්න නම් බෑ සුදු නංගි .. මම දැක්ක උඹ ඊයේ විසල් බස්සල ඇවිත් කාමරේට වදිලත් එළියේ බැල්කනියට වෙලා තනියම හිනා වෙවී ඉන්නව.. රෝග ලක්ෂණ වලට අනුවනම් ඩොක්ටර් මාධවී අනුමාන කරන ලෙඩේ උත්සන්න විදිහටම හැදිලා තියෙන්නෙ අපේ සුදු නංගිට.. 

අනේ පලයන් බන් යන්න.. උබට නම් පිස්සු...

ඔව් ඔව් මට පිස්සු... 

පිස්සු නේන්නම්...


ඒ මදිවට එලි වෙනකල් බැල්කනියේ මනෝ ගහල පිනි බාලාද කොහේ නාහෙත් බුරුල් වෙලා හචිස් යනවත් එක්ක නේද උඹට...

ඒක නම් දවල් වෙද්දී ඇරිලා යාවි බං .. එවගේද...

මොකක්ද...

න් ....න් ....නෑ ... නෑ ... මුකුත් නෑ ...

හී...හී... ඕකට තමා කියන්නෙ කොච්චර හංගන්න හැදුවත් දිවට බ්‍රේක් නෑ කියල...

මේ මාධවී හෙන ගණන් හරිද.. සුදු නංගි උත්තර හොයන ප්‍රශ්නෙට උත්තර මේ මාධවී ළඟ තියෙනවා.. එත් අපි පැනල දෙන්නෙ නෑ සුදෝ..  අදාළ පාර්ශවය ඉල්ලීමක් කලොත් පමණක් විසල් නමැති ඒ අසහාය ගායකයා ඊළඟට වේදිකාවට නගින දිනය ස්තානය සහ වෙලාව සපයන්න පුළුවනි.. 

අනේ අපිට මොකටද කොහෙවත් යන අය සින්දු කියන දවස් ..

ඕකෙ ... ඕකේ ... ඔන්න එහෙනම් ඩොක්ටර් මාධවීට වැරදුනා.. කමක් නෑ කමක් නෑ  මම එහෙනම් ඒ විසිටින් කාර්ඩ් එක විසික් කරල දාන්නම්කො... 

කාගේද...

කාගේ උනාම උඹට මොකෝ.. උඹට දැන් වැඩක් නෑ කිව්වනේ..

එහෙම නෙවෙයි ඉතින්... කියහන්කෝ නිකං දැනගන්නත් එක්ක.. 

මම කිව්වනේ.. මාධවී හෙන ගණන්.. පැනල දෙන්නේ නෑ..

හරි හරි ඉතින් සොරී....... ඩාර්ලින් ..... කියහන්කෝ... කාගේ විසිටින් කාර්ඩ් එකද උඹ ළඟ තියෙන්නේ..

ඇන්තනිගේ බෑන්ඩ් එකේ විසිටින් කර්ඩ් එක.. දැන් උඹට එපා කිව්වනේ..

උඹනම් දෙයියෙක් නෙවෙයි දේවතාවියක් මාධවී.. ඒත්  උඹට කොහෙන්ද ඒක..

හෙහ්.. එහෙම තමා බන් දුරදිග බලන කල්‍යාන මිත්‍රයෝ ඉන්නකොට.. 

උඹ මාව බයිට් කරනවා නේද මාධවී..

පිස්සුද බන් අනන්‍යා.. උඹ පඩි පේලියේ ඉඳන් විසල් දිහා බලන් ඉන්නවා දැක්කම මට හිතුන මොකක් නමුත් වෙන්නයි යන්නේ කියල.. ඒ හින්ද මම ඇන්තනිය වටේ රවුමක් කැරකිලා විසිටින් කාර්ඩ් එකක් ඉල්ලගත්ත.. ඌ පැනල දුන්නේ ඉල්ලපු ගමන්.. හී... හී....

දැන් ඊළඟට අපි මොකද කරන්නේ..

ඊළඟට කරන්නේද.. ඊළඟට කරන්නේ ඇන්තනියට කෝල් එකක් දීල පොඩියට ලනුවක් දීල උන් ඊළඟට ප්ලේ කරන පබ්ලික් ඉවෙන්ට් එක හොයාගෙන සුදු නංගියි මාධවියි යනවා අපේ සුදු නංගිගේ සිත්ගත් කුමාරයා බලන්න..

ඔය ඇත්තමද..

අනන්‍යා.. මාධවී උඹට කවදාවත් බොරු කියල තියෙනවද..

ම්ම්ම්ම්ම්ම්ම්..... නෑ ....

එහෙනම් එච්චරයි... ඉවසන් හිටහන්.. 

දවස් කීයක්ද...

අප්පේ තියන හදිසිය.. එකපාරක් කිව්වනේ.. ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ඇහුවලු.. කෝ ඉතින් උඹට දැන් යන්න හදිසියක් තිබ්බ නේද.. යමු ඉතින්..

කොහෙද.. 

ඇයි දැන් මාව ඇදගෙන උඩට දුවගෙන ආවේ කොහෙද යන්න තියෙනවා කියල නේද..

දැන්නම් ඕනෙත් නැහැ බන්..ඒත් ඉතින් උඹලාගේ ගෙදර හරි යමන්.. රජීව් ඇහැරුනොත් මල වදයක් වෙනවා බං ..

එහෙමද.. ඔව් ඉතින් දැන් ලෝකේ වටේ දුවල හරි හොයාගන්න ගිය දේ ලැබුනානේ නේ...

හොඳ යාළුවො ඉන්නකොට එහෙම තමා බන්..

මේවා නිකම් බෑ සුදු නංගි ... මාධවීට ට්‍රීට් එකක් ඕන මේවට..

දෙන්නම් බන් දෙන්නම්.. එකට දහයක් දෙන්නං ..

දැන් නරකද ගිහින් බෙහෙත් ටිකක් ගත්තොත් ඔය බුරුල් වෙච්ච නාහෙටයි කිඹුහුම් යනවටයි.. හෙට අනිද්දට සුදු නංගි සුදු අයිය බලන්න යනකොට ඔහොම ගිහිං බැහැනේ.....

කව්ද සුදු අයිය... 

හරි බන්.. උඹ සුදු නංගි නම් එයා සුදු අයිය වෙන්න එපයි ...  

දැන් උඹ නමකුත් දාගත්තද ඒ අහිංසකයට..

අප්පේ තියන ආදරේ.. හරි හරි.. එකෙන් වැඩක් නෑ .. මම ඒ වැඩේ සෙට්ල් කරලා දෙන්නම්.. අදම ගිහින් බෙහෙත් ටිකක් ගනින් සුදු නංගි .. උඹ මගේ හොඳම යාළුවා... උඹ අසනීප වෙනවට මම කැමති නෑ .. මේකත් මම කරන්නේ උඹේ සන්තෝසේ වෙනුවෙන්..


දිලිසෙන කඳුලේ කිරණින් නැහැවී..
සිඟිති ආදර දූපතක තනිවී..
ගංගාවක් සේ ගලා බසිනු මැන 
නිරන්තරේ සිනා සිසී... 
නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ..
කල්පනා තෝතැන්නේ ..
තරු අහුරක් සේ රෑ ඇවිලෙනු මැන 
අහස් ගඟේ දියඹ දිගේ..
අහස් ගඟේ දියඹ දිගේ..

යොවුන් වසන්තයේ..
දුහුල් වළාකුලේ..
රෑන් මුදාගෙන 
පාවී යනු මැන 

ඉගිල්ලිලා...


හතරවෙනි කොටස 

38 comments:

  1. අර අහිංසක කොල්ලට බඩුම තමා...
    දැන් ඉතින් කඩු ෆයිට් ඇතුළු සටන් ජවනිකා එහෙම බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. බලමු ලොකු පුතේ මොකද වෙන්නේ කියල.. ගිනි අවි සහ ගිනි කෙලි කෑල්ලක් නැතුව ලංකාවේ පිචර් එකක් ලාභ ලබන්නේ නැහැ වගේ කතාවක් ලිව්වත් පාඨකයින් හොයන්නෙම ඇඟේ ලේ රත්වෙන එව්වම නෙහ් ...

      Delete
  2. adama gihin beheth tikak ganin sudu nangi..umba mage hodama yaluwa..umba asaneepa wenawata mama kamathi na..mekath mama karanne umbe santhose wenuwen....hmmm....

    ReplyDelete
    Replies
    1. obathumage watina kalaya kiyawannange sathuta wenuwen wayakalata bohoma isthuthiy...lassanai..ithuru tikath ikmanata liyanna..

      Delete
    2. හෑ ......... එතකොට මේ ඇනෝ සුදු නංගිද ... ඒකත් නරකම නෑ .... මම කලින් ලියපු "නමක් නැති කතාවක් "ලියද්දිත් සුභාෂ්ව සජීවීව නියෝජනය කරන්න අපේ සුදීක ඉදිරිපත්වුනා වගේ මේ ඇනෝ නියෝජනය කරන්නේ සුදු නංගිව වෙන්න ඇති ... සන්තෝසයි...සන්තෝසයි.... නරකද ගූගල් ID එකක් හදාගෙන නමක් ගමක් එක්කම ලිව්වනම්... බ්ලොග් එකක් උනත් ලියන්න පුළුවනි එතකොට..

      Delete
    3. ඇනො ගැන කතා කරල වැඩක් නෑ.මොකද fake එන උන් ගැන මොකට කතා කරනවද??? Real ආවොත් කතා කරනවා මිසක නමක් ගමක් දන්නැතිඋන් ගැන කුමන කතාද?????

      Delete
    4. ow ow ambalangodaayye me sudu nangi thama....ID moto mata....Beheth aragena sudu nangita dan hoda....

      Delete
    5. Ane habawatama Chamila[Thadi] ayye oyata mawa mathaka nathi hati....

      Delete
    6. අනේ මන්ද මොනවා.............. ලියන්නද කියල... අර ටීවී එකේ ඇඩ්වර්ටීස්මන්ට් යන අතරේ නාට්ටි කෑල්ල දානකොට රැඳී සිටින්න කියල කියනවා වගේ ඇනෝ නංගිට කියන්න වෙන්නේ රැඳී සිටින්න කියල තමා.. ඔන්න අපේ චමිලයා නොහොත් තඩියා නම් ඇනෝ එක්ක තඩි ලෙවල් එකෙන්ම කේන්තියෙන් තමා ඉන්නේ..

      Delete
    7. Hari hari Ambalan ayye thadi ayyata tharaha nogena inna kiyannako..ano nangi nohoth sudu nangi ayemath eyage ayyage blog ekata comment nokara innanko......

      Delete
    8. Ape thadiyage mala kolam ane. Ano nangi digatoma ennako.. comment ekaka watinakama thiyenne thadiyata neweyi Matayi. Nikam kiyawanana Ena Aya athare ano comment ekak Hari dala yana eka koyitharam deyakda.

      Delete
    9. balamu balamu ambalanayye ehenan oya chamilaiyata kiyannako ma gana wadha nowi tharaha gannathuwa inna kiyala...

      Delete
    10. නමක් නැති ආතක් පාතක් නැති උන් නම් මතක නෑ තමයි.නම ගම පින්තූරයක් ලැබුනොත් නම් එකෙන්ම මතකයට ඒවි.ඊට අමතරව මට උබල වගේ උන් පේන්න බෑ😠

      Delete
  3. හැක්.. අර බොිඩිමෙ ඉන්න අහිංසකයට හෙටානිද්ද ෆයිව් ස්ටාර් කන්න ලැබෙයිද, පොලීසියෙන් කන්න ලැබෙයිද නැත්තං අයිය කාරයගෙන් කන්න ලැබෙයිද දන්නෑ.
    මොනව උනත් වැඩේනං නැගලම යනව වගේ.

    ReplyDelete
    Replies
    1. බලමු බන් ප්‍රසන්න (පෙසන්න ).. අයියල ඉන්න නංගිලාට ට්‍රයි කරනවා කියන්නේ කොහොමත් ඇඟට පතට සෑහෙන්න අගුනයි..

      Delete
  4. සිර සිරා .. අනිත් කොටස එනකම් බලන් ඉමි. හෙමීට ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා.. ඉක්මනින්ම ලියන්නං..

      Delete
  5. ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්වැහෙ මේකෙ නම තමයි මට අල්ලන්නෙ නැත්තෙ බං... නම දකිනකොට මට මතක් වෙන්නෙම වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි....:)

    ReplyDelete
    Replies
    1. 😂😂😂
      මට මතක් වෙන්නෙ අපේ වාදසිංහ සෑර්ව

      Delete
    2. වැඩිය නම ගැන හිතන්න එපා රවී මහත්තයා.. අනන්‍යා මගෙයි ඔබතුමාගෙයි දෙන්නගෙම වෙච්චි එකේ නම අමතක කරල දිගටම රැඳී සිටිමු නෙහ්.. ඒ පැත්තේ එන්නත් බැරිවුනා ඒ අනන්‍යාට මොකද වුනේ කියල බලන්න..අධික වැඩ නිසා බ්ලොග් කියවන්න වෙලාවක් නැති තරං..

      Delete
    3. 1993 අවුරුද්දේ එකසිබිෂන් එකට ප්‍රදර්ශන භාණ්ඩයක් හදන්න ගිහින් ඒක හදල ඉවර උනාම මම කම්බි වගයක් පාස්සන්න ගිනි වතුර ගාපු බ්‍රෂ් එක බවුත් එකෙන් පිච්චුවා කියල වාදසිංහ සර් මට පිට මැද්දට අමතක නොවෙන ගුටි දෙකක් ඇන්න. ඒ ගුටි දෙක ඇනල සර් මට කිව්වා " බූරුවෝ තමුන්ගේ වැඩේට උදව් වෙච්ච බ්‍රෂ් එකෙන් වැඩේ කෙරුනාම ඒක පුච්චලා දාපු එක තිරිසන් වැඩක් " කියල. ඇත්තටම සර් ඒ ගුටි දෙක ඇනල දීපු අවවාදේ අදටත් මම ඉහමුදුනේ තියන් පිළිපදින අවවාදයක්. කකුලේ දාල ගෙවිලා කැඩිලා ගිය සෙරෙප්පු දෙකටත් ඒ තරම් කාලයක් කකුල් දෙක ආරක්ෂා කරාට ස්තුති කරන්න මනසක් හදාගන්න වාදසිංහ සර්ගේ ඒ ගුටි දෙක තමා හේතු වුනේ.. එතුමා නිවන් දකින්න ඕන ඒ දීපු ගුටි දෙකට..

      Delete
  6. "ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද" මේටික රවියගෙ කටේ නිතරම තිබුන කෑල්ලක්.අරින්නෙපා මචෝ සුදු නංගිව විසලට සෙට් කරල අම්බානෙක ගස්සවපන් රජීව්ට කියල.එතකොට මටත් බැරිය රජීව්ට නෙලල මාදවීව සෙට් කරගන්න හැක්...😍

    ReplyDelete
    Replies
    1. ඒ කෑල්ලනම් රවියගෙන්ම තමා ඉස්සුවේ බන්.. හෆොයි උඹේ අතකින් කෑවොත් රජීව් එක පාරෙන්ම වලකජ්ජ ගහනවා බන්.. ඒ හින්ද උඹ මේකට මැදිහත් වෙන්න ඕන නෑ.. විශේෂකාර්ය බලකාය කැඳවන්නේ බැරිම උනොත්නේ..

      Delete
  7. "ඉවසනදනා රුපු යුද්දෙට නැතිකඩුව ඉහල ගියත් එකයි පහල ගියත් එකයි"

    ReplyDelete
    Replies
    1. ඒක බන් කලින් එකට වඩා මරු..

      Delete
  8. මේක පොඩිපහේ ෆිල්ම් එකකට හරියන කථාවක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං උඹල මාව මුරුංග ඇත්තෙ තියන්න හදනවා.. ස්තුතියි බන්..

      Delete
  9. අන්තිමට විසල්ට විසල් අහස විතරද...

    ReplyDelete
    Replies
    1. අපි කාටත් අන්තිමේ මොක නැතිවුනත් විසල් අහස නැතිවෙන්නේ නෑ නෙහ්.. ස්තුතියි කියවලා කමෙන්ට් එකක් දැම්මට ..

      Delete
  10. මචං තව ටිකක් ඉස්සරහට යනකොට කෙල්ලට ගෙදරිං කතා කරපු එකා කොල්ලගේ අතපය කඩලා පල්ලමකට විසික්කරල . ආයෙත් අවුරුදු ගානක් අතුරු දහන් වෙලා ඉදලා එන සීන් එකක් තියනවා නේ

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් අටමෝ මේක මල් කතාවක්ම වෙනවනේ බං..

      Delete
  11. එක්සලන්ටේ...මේක නවල් එකක් විදියට පබ්ලිෂ් කරමු...

    ReplyDelete
    Replies
    1. හෆොයි දැන් තමා මේ ගෙදර ආවේ බේත් දාගෙන.. මුරුංග ඇත්තෙන් වැටිලා සෑහෙන්න තුවාලයි මට..

      Delete
  12. මරූ කතාව . ලියමු ලියමු ඉදිරියටම..

    ReplyDelete
  13. නියමායි..ඉක්මනට අනිත් කොටසත් ලියන්ඩ..ජයින් ජයම වේවා.

    ReplyDelete
  14. එකදිගටම කියෝගෙන යන ගමන්..
    ජයවේවා..!!

    ReplyDelete