අම්බලන්ගොඩයට ගුරුවරු ගැන පෝස්ටුවක් ලියන්න කාලෙක හිටං ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින්දවස මගෑරුනා කියමුකෝ. ඒ හින්ද ගොඩයා මේ ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. ගොඩයා හිච්චි එකා සංදියේ හිටං උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන විඩින් විඩේ ලියන්න ඕනෑ කියන හිතිවිල්ල ඔලුවේ තිබුනත් බ්ලොග් ලියවිල්ල එහෙම සැලසුම් කරගෙන කෙරෙන වැඩක් නෙවෙයි නිසා එවෙලෙට හිතට එන දේ ගැන ලියවෙනවා මිසක්ක සැලසුම් කරන එව්වා ලියවෙනවා බොහෝම අඩුයි කියමුකෝ. ඒ හින්ද ගොඩයා තීරණය කළා වෙලාව ලැබෙන විදිහට ගුරුවරුන් ගැන පොස්ටුවක් ලියන්න.
ඉස්සෙල්ලම ගුරුවරුන් ගැන ලියන්න පටා...........න් ගනිද්දී පෙර පාසැල් ගුරුවරිය ගැන යමක් සඳහන් නොකර සිටීම එතුමියට කරනා අසාධාරණයක්. අයන්න ආයන්න ඩබල් රූල් පොතේ රූල් අතරේ ලියන්න පුරුදු කරපු මණුසීලි ටීචර් ගොඩයට මුණගැහෙන්නේ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ තිබ්බ පෙරපාසලේදී. ඒ කිව්වේ එක්දහස් නවසිය අසූ දෙක වසරේ වෙන්න ඕන. ඒ කාලේ අද කාලේ වගේ හංදියක් හංදියක් ගානේ පෙරපාසල් තිබ්බ කාලයක් නෙවෙයි. ඒ වගේම ගොඩයාගේ නිවසට ආසන්නම පෙරපාසල වුනේ කලුවඩුමුල්ල පංසලේ පෙරපාසල තමා ඉතින්. ඔය පෙරපාසලේ ගුරුවරුන් දෙන්නෙක් හිටියා කියල මතකයේ තිබුනත් අනෙක් ගුරුවරිය කව්ද ඇයගේ නම මොකක්ද කියන එක ගැන ගොඩයාගේ මතකය හරීම දුර්වලයි.
ඔය කියන ගුරුවරියන්ට ගොඩයා සම්භන්ධ පළමු අභියෝගය වුනේ අකුරු ලියවීම නෙවෙයි. අකුරු ලියන්න හත් ඉලව්වේ අම්බලන්ගොඩයාව පෙර පාසලේ ඉන්දගන්න එපැයි ඉතින්. කොහේ ඉන්දගැනිල්ලක්ද මයේ අම්මා ගොඩයා පන්සලේ ධර්මශාලාව ඇතුලට අතුල්කරපු ගමන්ම ගුරු දෙපොල යමපල්ලෝ දෙන්නෙක් වගේ දෙපැත්තෙන් ඉඳන් ධර්මශාලාවේ දොර වහනවා කියහන්කෝ. ඊට පස්සේ ගොඩයාගේ භාරකාරයා වෙච්චි පුංචි අම්ම එළියේ.. ගොඩයා ඇතුලේ.. ඉතින් කොහොමද මයේ අම්මා ඉවසාන ඉන්නේ.. ඉතින් ගොඩයා අඬනවා ධර්මශාලාවේ බිත්ති හතර දෙදරන්න. දැන් ඉතින් මේක කියවන උදවිය හිතයි ගොඩයා හෙන සාටර් පොරක් කියල. ගොඩයා විතරක් නෙවෙයි ආයුබෝවන්ඩ, එතන නිකම් මලගෙදරක් වගේ ළමයි භාගෙට භාගයක් ධර්මශාලාවේ දොර දෙපලු කරන්න හදනවා අම්මා ඉල්ලලා. එහෙම බැලුවාම ඒ සද්දෙට කලුවඩුමුල්ල ග්‍රාමය පෘථිවි ගෝලය උඩින් ගැලවිලා විසික් නොවුනා ඇති. මොන්ටිසොරියම එක සීරුවට අඬන්න තියාගත්තාම කව්ද යකඩෝ ළමයි තිහක් හතළිහක් නලවන්නේ. ඒකට මල පනින ටීචර්ලා දෙන්නා අම්මලාගෙන් වැඳ නොවැඳ ඉල්ලා හිටිනවා කියන තැනකට වඳින්නම් හත් ඉලව්වේ මේ ළමයින්ගේ පේන මානෙන් එහාට පලයව් කියල. අම්මලාත් ටීචර්ලාගේ අණ ඇහුනා නෑහුනා ගානට ඒ අස්සෙම ගැවසෙනවා තමුන්ගේ දරු පැටියව දාල යන්න තියන දුකටදෝ කොහේ.
මුළු මොන්ටිසොරියම මල ගෙදරක් වගේ ධර්මශාලාවේ උළු හෙලවෙන්න අඬදදී ගොඩයා පරාද වෙයිද උන්ට. එහෙම වෙලා බෑනේ හිටං.. ඉතිං උන්ට සහයෝගයක් වශයෙන් ගොඩයත් උන්ට වඩා හයියෙන් අඩනවා පුංචි අම්මව ඉල්ලලා. අම්මලා එළියේ හිටං ළමයි අඬන දිහා බලාන හිනාවෙවී ඉන්න එක ඊටත් එහා ළමයින්ට කේන්තියි. ඇයි යකෝ එහෙම හොටු පෙරාගෙන අඬද්දී එහෙම සමච්චලේට හිනාවෙන එක සාධාරණ නැහැනේ. ගෙවල්වලින් එද්දී කොන්ඩ ලස්සනට පීරලා මුනේ පියරු දාල නළලේ පොට්ටුවක් හෙම තියල අරන් එන මල් වගේ දරු පැටවූ අපේ අප්පෝ ධර්මශාලාවේ දොරෙන් අතුල්කරපු ගමන් ඔක්කෝම මේකප් ආගිය අතක නැතිවෙනවා කියමුකෝ. එහෙම කල්පනා කරාම ශ්‍රී විජයාරාමේ ධර්මශාලාවේ දොරවල්වල කඳුළු තවරපු ළමයි කීයක්නම් ඔය අවට ඇතිද. ඔන්න ඔය අඬන සෙල්ලම ඉවර වෙන්න මාසයක් විතර ගියා කට්ටියටම. ටිකෙන් ටික මොන්ටිසෝරියේ ළමා කැල එකිනෙකාට හුරුවුනාම ගොඩයාත් ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරුනා ඉතිං.

විවේක කාලයට ටීචර්ලා එකතුවෙලා පොල් ගාලා අනලා හදලා දෙන ත්‍රිපෝෂ ළමයින්ට අනිවාර්ය ආහාර වේලක්. තිහක් හතළිහක් විතර හිටපු ළමයි ලපටි ඔක්කොම පේලියට වාඩිකරවලා ටීචර් කෙනෙක් විසින් ත්‍රිපෝෂ ගුලි දෙක ගානේ බෙදාගෙන යනවා කියමුකෝ. ගෙදරින් ඉන්ටවල් එකට කන්න කෑම පෙට්ටියක් පුරවල මොනවහරි ලැබුනත් ඒ ත්‍රිපෝෂ ගුලි දෙක අනිවාර්යෙන්ම කෑ යුතුමයි. මොන්ටිසෝරියට සාපේක්ෂ මතකයන් තව බොහොමයක් තිබුනත් ඔය ත්‍රිපෝෂ ගුලි දෙකේ රස මතකයන් මොන්ටිසෝරියට වඩා ගොඩයාගේ මතකයේ අමරණීයයි කියලයි ගොඩයාගේ අදහස. ඒ තරම් රස ත්‍රිපෝෂ ආයේ කවදාවත් ගොඩයාට කන්න ලැබුනේ නැහැ කිව්වොත් එක ඇත්තම ඇත්ත කතාවක්. මොන්ටිසෝරි ඉවර වෙලා ගොඩයා පලවෙනි වසරට ඇතුලත් කරපු දවසෙත් ඊට දවස් කීපයක් යනකනුත් අම්බලන්ගොඩයා තාත්තගේ කලිසමේ එල්ලිලා හොටු පෙරාගෙන අඬන්න තියාගත්තේ ගොඩයා පුංචි එකා සංදියේ හිටන්ම සංස්කෘතියට, සභ්‍යත්වයට, චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන නිසාමයි. ඒ ඒ චාරිත්‍ර ඒ ඒ අවස්ථා වලදී සමරන්න ඕනනේ හිටං.
අම්බලංගොඩයා ඊළඟට ලියන්නේ ලුෂන් සර් ගැන. ලූෂන් සර් ගොඩයලාගේ පන්තියට ගණිතය උගන්වන්න එන්නේ නවය වසරේදී. අනෙකුත් ගණිතය ගුරුවරුන් අතරින් ලූෂන් සර් වෙනස් වෙන්නේ එතුමාගේ ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් නිසා. අනෙකුත් ගුරුවරුන් කළු ලෑල්ලේ ගන්න හදල ළමයින්ට උගන්වද්දී ලූෂන් සර්ගෙන් ගණන් ඉගෙනගත්තු ළමයින්ට සිද්දවුනේ ඒකෙ අනික් පැත්ත. ඒ කිව්වේ ළමයි කළු ලෑල්ලේ ගණන් හදල සර්ට ගණන් උගන්වන ක්‍රමයක් තමයි ලූෂන් සර් ඇති සාර්ථකව කරගෙන ගිය ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදය. ඒක බොහොම අසීරුයි... කටුකයි... භයානකයි... හැබැයි අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි එකෙක්වත් ගණන් ෆේල් වෙනවා බොරු... ලූෂන් සර්ගේ ක්‍රමයට ගණන් ඉගෙනගන්න එකෙකුට ඊළඟ ආත්මෙත් ගණන් අමතක වෙන්නේ නැහැ වගේම ලූෂන් සර් අමතක වෙන්නෙත් නැහැ .
සර් පන්තිය ඇවිත් ළමයි නැගිටලා ආයුබෝවන් කියනකොට ලූෂන් සර් කළු ලෑල්ලේ ගානක් ලියල ඉවරයි ආයුබෝවන්ඩ.. ඊළඟට ළමයි හැමෝම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ කාටද පළමු දිනුම් වාරය ඇදෙන්නේ කියලයි. ඕන්න ඊළඟට ලූෂන් සර් පන්තියේ ඉන්න ගැහැනු පිරිමි මල් පලතුරු ඔක්කොමලා දිහා දානව ස්කෑන් පාරක්. ඒ වෙලාවට ළමයි හතලිස් පහේම හර්දය වස්තුවට ඉලෙක්ට්‍රික් ජෙනරේටර් එකක් හයිකරොත් රටටම කරන්ට එක දෙන තරමේ විදුලියක් නිපදවාගන්න පුළුවන් වෙන තරම් හයියෙන් හැම එකාගෙම හදවත් මෝල අධික වේගයෙන් ගැහෙනවා දෙයියෝ. ලූෂන් සර් පන්තිය දිහා දාන ස්කෑන් පාර නවතින තැන එකාට පළමු දිනුම ඇදෙනවා කොයිතරම් අකමැත්තෙන් වුනත්. ඉන් අනතුරුව සිද්දවෙන්නේ ලූෂන් සර් විසින් නම්කෙරෙන වාසනාවන්තයා කළු ලෑල්ල වෙත ඇවිදගෙන යාමත් ලූෂන් සර් පන්තිය පසුපසට වී ජයමල්ල හිමි එකා හෝ එකී කළු ලෑල්ලේ ගණිත ගැටලුව විසඳන ආකාරය බලා සිටීමත්. ගණිතය වසනා ලොතරැයිය එතනින් අවසන් නැත පින්වතුනි. ගණන් සෑදු එකා හෝ එකිය ගණන සාදා කළු ලෑල්ල අසල ප්‍රදර්ශන භාණ්ඩයක් සේ හිටගෙන ඉද්දි ඊළඟට ලූෂන් සර් පටා......න් ගන්නවා ආයෙත් සැනසිලි තෑගී දිනුම් සඳහා කුසපත් අදින්න. පළමු ජයමල්ල හිමිවීම ගණන සෑදු එකාට හෝ එකියට වුනත් සැනසිලි තෑගී ජය වාසනාව අඩුම තරමේ දහ දෙනෙකුටවත් හිමිවෙනවාමයි. ඒ දිනුම් හිමිවීම සිදුවෙන්නේ මෙන්න මේ ආකාරයෙන්.
ලූෂන් සර් පටාන් ගන්නවා හිතෙන හිතෙන එකාගෙන් ගණන් සාදා ඇති ආකාරය සහ පිළිතුර නිවැරදිද යන ප්‍රශ්නය අහන්න. ඉන් අනතුරුව වැරදි පිළිතුරු දුන් සියලුම දෙනාටම ලූෂන් සර්ගෙන අති අගනා හයිබ්‍රිඩ් වර්ගයේ ටොකු කිහිපයක මිහිර විඳ ගැනීමේ වාසනාව හිමිවෙනවා. මේ ටොකු වලට හයිබ්‍රිඩ් කියන වචනය විශේෂයෙන් කියන්න හේතුවුනේ මෙව්වා දවල් තරු එලොව පොල් යන පහසුකම් දෙකම එකට මුසුකිරීමෙන් සකසාගත් සුවිශේෂී දෙමුහුං ටොකු විශේෂයක් නිසා. විනාඩි හතලිහක ගණන් කාලපරිච්චේදය ඇතුලේ හතලිස් පහක් වෙච්චි ගැහැණු පිරිමි මල් පලතුරු සියල්ලන්ටම පිළිතුර වැරදීම යනු සැනසිලි තෑගී අනිවාර්යයි. ගණන සෑදු පින්වතාට හෝ පින්වතියට, තමා සෑදු ගණිත ගැටලුව වැරදිනම් සුපිරි ජයමල්ල වශයෙන් හයිබ්‍රිඩ් ටොකු තුනක මිහිර තනිව වින්දගනීමේ අවස්තාව නොමිලේම හිමිවෙනවා. ලොතරැයි ඇදිල්ල එතනින් ඉවරයි කියල හිතුවට ඉවර නැහැ පින්වතුනි.. කළු ලෑල්ලේ ගණන හදපු එකා හෝ එකිය හදපු ගණන වැරදිනම් සැනසිලි තෑගී වශයෙන් ඇසූ ප්‍රශ්නයට "ගණන වැරදියි" කියා කියූ එකෙකුට හෝ එකියකට එම ගණනම නිවැරදිව සෑදීම වාසනාව හිමි වෙනවා කියමුකෝ.. නැවතත් පෙර පරිදිම එම ගණන හරිද යන ප්‍රශ්නයට සැනසිලි තෑගී සඳහා කුසපත් ඇදීම ලූෂන් සර් විසින්ම සිදු කරනවා අයියෝ. ඉතින් ඔය අවදානම් සහගත ගණන් පීරියඩ් එක ඇතුලේ ගණන් පාඩමට අවධානය යොමු නොකර වෙනත් ලෝක වල සැරිසරනවා යනු ඔලුව උඩට වැහපන් දෙයියෝ ටොකු වැස්සක් කියලා ප්‍රාර්ථනා කරනවා සමානයි.
සතියකට දවසක් හෝ දෙකක් ලැබෙන බෝනස් එකක් වගේ ගණිතය ඩබල් පීරියඩ් තියෙනවා යනු ශ්‍රී එෆ් එම් එකේ රෑට යන මූසලම මුසල අවාසනාවට ඇත්ත කතාවක් හා සමාන අවාසනාවන්තම අවාසනාවන්තම අවාසනාවන්තම සිදුවීමක්.. ගණිතය ඩබල් පීරියඩ් එක අවසන ජී පන්තියේ සියල්ලෝම ගණිතයෙන් පයිතගරස්ටත් එහා කෙල පැමිණි උදවිය වෙන්නේ ඒ පැය එකහමාර ඇතුලත එකෙක්වත් හුස්මක් ගන්නවත් තමුන්ගේ අවදානය ගණිතයෙන් එලියට ගෙනියන්නේ නැති නිසා. මොකද කියනවනම් ඒ හයිබ්‍රිඩ් ටොක්ක ඔලුව උඩට මෝටාර් වෙඩිල්ලක් පහත් වෙන තරමේ එකක් නිසා.
ඒ වගේ වාතාවරණයක් යටතේ "ලූෂන් සර් අද නිවාඩු " කියන ආරංචිය භාවනාවක් වගේ හිත නිවන ආරංචියක් ආයුබෝවන්ඩ. ඒත් ඉතින් ඒ වගේ හිත නිවන ආරංචි අහන්න අපි කරපු පිං මදිවුණා. මොකද කියනවනම් ලූෂන් සර් අවුරුද්දට දවස් දහයක්වත් නිවාඩු ගත්තේ නැහැ. ලූෂන් සර් මොකක්දෝ පුද්ගලික හේතුවකට ටික කාලයකට විදේශගත වීම හේතුවෙන් ගොඩයලාගේ පන්තියට දහය වසරේදී වෙනත් ගුරුවරයෙක් ආදේශ කෙරුණා කියමුකෝ. අවුරුද්දක් දෙකක් වගේ යද්දී ලූෂන් සර් ආයෙත් ඉස්කෝලේ ගණන් උගන්වන්න පටන් ගත්තත් ගොඩයලාට ආයෙත් හයිබ්‍රිඩ් ටොකු කන්න වාසනාව් නැතිවුණා. කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ගණන් පීරියඩ් එකේ පිස්සු නටන්න ලූෂන් සර්ගේ ක්‍රමය ඇතුලේ එකෙකුටවත් පුංචිම පුංචි ඉඩක්වත් තිබුනේ නෑ. එහෙම කරානම් ඌ එදා ගෙදර ගියේ ටොකු කාපු ඔලුව අතේ අරගෙන. ඔය හයිබ්‍රිඩ් ටොකු වාසනාවේ ජයමල්ල හෙවත් පළමුව කළු ලෑල්ලේ ගණන සෑදීමේ භාග්‍යය වැඩිපුරම දිනාගත් සාමාජිකයින් බොහොම සුළුතරයක් අතරින් අම්බලන්ගොඩයත් එකෙක් යකඩෝ. ලූෂන් සර් පන්තියට ඇවිත් කළු ලෑල්ලේ ගාන ලියල අහක් වෙලා ගොඩයා දිහාවට ඇඟිල්ල දික් කරලා "හ්ම්" කියල කියල ඔලුවෙන් කළු ලෑල්ල දිහාව පෙන්වනකොට ගොඩයාට හිතෙන්නෙම ඇයි දෙයියෝ මම මේ තරම් වාසනාවන්ත කියන සිතුවිල්ලමයි. ගොඩයාට වගේම, හික්කඩුවේ ඉඳන් ඉස්කෝලේ ආපු දැන් සම්පත් බැංකුවේ රාජකාරි කරන අපේ මිත්‍රයෙකුටත් පීරියඩ් එකේ පළමු දිනුමේ ජයග්‍රාහකයා වෙන්න සම සම අවස්තාව ලැබුනා ගොඩයාට මතකයි. මොකද කියනවනම් ලූෂන් සර් හැමදාම පලවෙනි ගාන හදන්න අල්ලාගත්තේ එක්කෝ ඌ නැත්තම් අම්බලන්ගොඩයාව. ඒ වගේ ස්වීප් ඇදෙන්න නම් ඉතින් සංසාරේ පිං කරලා තිබිය යුතුමයි.
ඔන්න ඔය කාලේ ගොඩයාලාගේ පන්තියට සමාජ අධ්‍යයනය ඉගැන්නුවේ හොඳම හොඳ ටීචර් කෙනෙක්. බොහොම හොඳ වගේම සැර පරුෂ නැති ගුරුතුමියක් විදිහට තමා මිස්ට තිබුන පිළිගැනීම. ගොඩයලා දහය වසරේ ඉද්දි හිටපු පන්තිය තිබ්බේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ. ඒ නිසා ඉගෙනගන්න ගමන් අවට පරිසරයේ සිරි නරඹන්න ඕනෙනම් ඉතින් ඒකට කාගෙන්වත් තහනමක් නැහැ. ඕන් දවසක් මිස් සමාජ අධ්‍යයනය උගන්නන අතරේ ඉස්කෝලේ කෙලවරේ තියන කොලේජ් ලේන් එකෙන් එහාපැත්තෙ කොස් ගහක වඳුරු රැලක් දහමෙන් සෙමෙන් කොස් ගැට ටිකට වැඩේ දෙනවා කියමුකෝ. ඒ කාලෙට සාපේක්ෂව ඔය කියන සතාට කියන නමින්ම හඳුන්වපු මිත්‍රයෙකුත් ගොඩයාගේ පන්තියේ හිටපු නිසා පාරෙන් එහා පැත්තේ ගහේ වඳුරෝ ඉන්නවා යනු පන්තියේ ඉන්න ඥාති පුත්‍රයාට කොල්ලන්ගෙ අඩම්තෙට්ටමේ ඉවරයක් නැහැ. ටීචර් උගන්නද්දී උනත් අරූගේ පුටුවට යටින් පයින් ඇනිලි වගේ දේවල් නිමක් නෑ. මිස් ඉන්නේ කොලේජ් ලේන් එකේ වඳුරෝ ඉන්න ගහට පිටුපාල නිසා වඳුරු සෙල්ලම මිස්ට පෙන්නේ නැහැ. කොල්ලෝ හැම එකාම පාඩම අහගෙන හිටියට වඳුරු නඩයට ඇහැ ගහගෙන ඉන්නේ උන්ගේ පරපුරෙන් පැවත එන ඥාති පුත්‍රයෙක් පන්තියෙත් ඉන්න නිසා. ගෑල්ලමයිත් හොරෙන් හොරෙන් වඳුරු නඩයට ඇහැ දාන්නේ වඳුරු නඩය හා සමගාමීව පන්තියේ ඉන්න කොලු නඩයත් ටිකක් විතර නොසංසුන් බව දන්නා නිසා. මිස් සමාජ අධ්‍යයනය උගන්නගෙන ගියාට අන්තිම වෙද්දී මුළු පන්තියේම වැඩි අවධානය වඳුරු රැල දිහාවට. මෙන්න බොලේ එක පාරටම එතන හිටපු එක වඳුරෙක් අත්තක් දිගේ ඇවිදගෙන ඇවිත් දීපියකෝ වැඳිරි පෝතිකාවකට උම්මා එකක්.. අප්පද බෝල එතැන හිටං වැඩේ ෆුල් ඇඩල්ස් ඔන්ලි කියහන්කෝ.. මුළු පන්තියම සිනා සාගරේ .. ඔන්න මිස්ට වැඩේ අවුල්.. ඇයි යකෝ මේ යසට පාඩම අහගෙන හිටපු මල් වගේ ළමයි හතලිස් පහක් කිසිම නිමිත්තක් නැතුව බක බක ගාල හිනාවෙන්න ගත්තාම වැඩේ අවුල් නැද්ද මං අහන්නේ..
මිස්ට කොයිතරම් කේන්ති ගියාද කියනවානම් එදා පන්තියේම එවුන්ට ඇමතුවා අමතිල්ලක් බඩ කට පිරෙන්න. ඒත් මිස් බනින්න බනින්න මුන් හිනාවෙනා ඉවරයක් නැහැ. මොකද කියනවනම් ගහ උඩ වඳුරු ඩබල අනග රැඟුම් ඒ වෙද්දීත් ඉවර නෑ. ගෑල්ලමයි හොරාට ඇහැ දාල දැක්කේ නෑ වගේ උන්නට හිනාව නවත්තගන්න එක සුම්ම කියමුකෝ. මිස් බනිනවා බැනිල්ලක් අසූ හාරදාහට මල පැනලා උනාට ළමා ලපටි එකෙකුටවත් මෙලෝ ගානක් නැහැ . අන්තිමේ එකෙකුගේන්වත්, එකියකගෙන්වත් හිනහවීමට නිමිත්ත අහගන්න මිස්ට බැරිවුණ තැන මිස් තීරණය කරා ළමයි හිනාවුනේ මිස්ට කියලා. ඉන් අනතුරුව, පාසල් ජීවිතේ අවුරුදු දහතුනටම මලාට හිනා නොවුන දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් සියල්ලන්ටම පන්තියෙන් එලියට යන්න වුනා නිමිත්තක් නොමැතිව ටීචර්ට සිනහවීමේ වරදට. සීන් කොන් එකට මිස්ට කොයිතරම් මල පැන්නද කියනවනම් කේස් එක අංශභාර උසාවිය වෙත ෆයිල් කරලා දවස් කීපයක් පන්තියට එන එකත් වර්ජනය කරා. අන්තිමේ පන්තිභාර ගුරුවරියගේ මැදිහත්වීමෙන් සමාජ අධ්‍යයනය ටීචර්ගෙන් සමාව ගැනීමෙන් අනතුරුව වැඩේ සෙන්ට්මෙන්ටල් උනා. නඩුව ඇසීමේදී ළමයි හිනාවුනේ ටීචර්ට නොවෙන වග තදින්ම කියාසිටියත් සිනහවීමට හේතුව කියන්නට එඩිතර එකෙක් පන්තියේම හිටියේ නැහැ. කියන්න පුලුවනිද හත්ඉලව්වේ ඇහින් දැකපු දේ වචන වලට පෙරලුවානම් ඉස්කෝලෙන් ගෙදර එලවනවා එවෙලේම.
ලූෂන් සර්ලා වගේ ගුරුවරු අද වෙද්දී විශ්‍රාම ගිහිං ඉන්න එක ගැන අම්බලංගොඩයා එක පැත්තකින් සන්තෝසයි, ඒ මොකද කියනවනම් අද වෙද්දී ඒ විදිය ගුරුවරුන්ගෙ දඬුවම් වලින් තමුන්ගේ ළමයින්ට අධ්‍යාපනයක්, ශික්ෂණයක් හදනවා බලන් ඉන්න තරම් අද කාලේ දෙමාපියන් ශිෂ්ඨ සම්පන්න නැති නිසා සහ ගුරුවරුන් පාසල ඇතුලෙම දනගස්වන තැනට අපේ සුන්දර රටේ පාලනය මන්දබුද්ධික තත්වයට පත්වෙච්චි නිසා.