ලොකු තාත්තා යනුවෙන් අම්බලන්ගොඩ පැත්තේ එවුන් ආමන්ත්‍රණය කරනා චරිතය විවිද පළාත් වල ඇමතෙන්නේ ලොකු අප්පච්චි හෝ මහප්පා යන ආමන්ත්‍රණයෙන් වන අතර එය පළමුකොටම ලියා තැබෙන්නේ ලියනා ලියවිල්ලක් ශ්‍රී ලංකා වාසී හැමදෙනාටම වැටහෙනා භාෂාවකින් ලියන්නට ඕනෑ නිසාය. එසේ නොකළහොත් පලාතෙන් පලාතට වෙනස් වන භාෂා ව්‍යවහාරය අනුව ලිපිය රසවිඳීමේ භාධා ඇතිවනු වලක්වනු නොහැකිය. උදාහරණයක් වශයෙන් කියනවානම් පරණ කතා කිහිපයක්ම උදාහරණයට ගන්නට පුලුවනිය.
මෑත ඉතිහාසයේ එක්තරා වකවානුවක තිරගතවූ "මේ දෑස කුමටද " චිත්‍ර පටය දුෂ්කර පලාතක තිරගත කල අවස්ථාවේ චිත්‍රපටිය බැලීමට කිසිවෙකුත් නොපැමිණෙන අරුමයෙන් විමතියට පත් සිනමාහල් කළමනාකරු " මේ දෑස කුමටද " යන්න " මේ දෑස මක්කටද " යනුවෙන් වෙනස්කොට පෝස්ටරය ඇලෙවූ වහා සිනමා ශාලාව නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගිය කතාවක් ඒ කාලයේ මළගෙදරක කතා වුවා මතකය. ඊයේ පෙරේදාවක ටීචර් කෙනෙක් ළමයිනට " ඇහැක් විදිහට කනක් අඳින්න " කියා කියූ කතාවකුත් කොහේදෝ විහිළු කතා පිටුවක තිබුනා වාගේ මතකය. එවන් ආකාරයේ භාෂා විවිධත්වයක් තිබෙනා පුංචි දූපතේ හැම එකාටම තේරෙන භාෂාවෙන් ලියන්නට ක්‍රමවේදයක් අම්බලන්ගොඩයා නොදන්නා නිසා "ලොකු තාත්තා " කියනා වචනයට අදාළ අනෙකුත් ආමන්ත්‍රණ කිහිපය ඉහලින් ලියා තැබුවේ කාගේ කාගේත් හිතසුව පිණිසය.
අම්බලන්ගොඩයා විසිපහේ තරුණයා කාලයේ හිතවතෙකුගේ නිවසකට ගොස් පාරේ සිටම හිතවතා විමසු අල්ලපනල්ලේ හිතවතාගේ බිරින්දෑ අම්බලන්ගොඩයාටත් ආදරණීය මිතුරැ සනාටත් නිවසට ආරාධනා කලේ මෙසේය.
අක්කේ ##### අයිය ඉන්නවද ගෙදර..
ආ ඉන්නවා ඉන්නවා.. මේ බත් කනවා.. හිටෝලා එන්නලු ගෙට..
මෙතන කමක් නැද්ද..
කමක් නැහැ කමක් නැහැ.. අයිනට වෙන්න හිටෝලා එන්නකෝ..
ආ එහෙනම් අලවන්ගුවයි උදැල්ලයි ගෙන්නකෝ..
මොකක්??? අලවංගුව...
හැක්.. ඔයාලගේ පැත්තේ ඒකට කියන්නේ ගල් ඉන්න කියල..
ඉතිං මොකටෑ උදලු ගල් ඉනි..
වලක් හාරන්න හලෝ වලක් හාරන්න..
ඒ මොකටද අප්පා..
හත් ඉලව්වේ දැන් කිව්වා නේද මේක හිටවල එන්න කියල.. ඉතිං කොහොමෙයි මේ තාර පාරේ වලක් හාරන්නේ උදැල්ලක් අලවන්ගුවක් වත් නැතුව.
ඔයා මුන්ට බයිට් නොවී ඉන්න අනේ.. බැහැල වරෙල්ල බාන් මේ මනුස්සය මඩවන්නේ නැතුව..

අයියා බත් පත වළඳා අහවර එලියට වැඩිනිසා එයින් නිමාවූ සංවාදය එසේ වුයේ අයියාත් අක්කාත් ලංකාවේ පළාත් දෙකක් යාකල කසාදයක ප්‍රතිපලයක් නිසාය. භාෂාව වෙනස් වුවාට එම නිවසට පය තැබුවාවූ කෙදිනකවත් ටීචර් කෙනෙකු වූ ඇයගෙන් අපට කන්නට බොන්නට යමක්නම් වැරදුනේ නැතිය.
පොස්ටුවේ හැඳින්වීම දුර ගියා වැඩිය. නොදැනීම පඳුරක් තලාගෙනම ආ නිසා එයට ගෞරවයක් වශයෙන් පඳුරු තැලීමේ ආරය බ්ලොග් ලෝකයට හඳුන්වා දුන් හැලප කඩේ හලපයා මෙහිදී සිහිපත් කලයුතුමය.
අම්බලන්ගොඩයාට ලොකු තාත්තලා දෙදෙනෙකු උන්නාවූ අතර ඔවුන් දෙදෙනාම මේ වෙද්දී ජීවතුන් අතර නොමැතිය. කුඩා කල ලොකු තාත්තලා දෙදෙනාම අම්බලන්ගොඩයාගේ වීරයින් වූ අතර ඔවුන් දෙදෙනාම විරල ගති ඇති පුද්ගල ස්භාවයන් ඉසිලු සහ එළිවෙනතුරු කට අරගෙන අහන් ඉන්නට තරම් ආගිය කතා බොහොමයක් තිබු පුද්ගලයින්ය.
පෝස්ටුවට උක්තවන ලොකු තාත්තා ගොඩයාගේ අම්මාගේ අක්කාගේ ස්වාමි පුරුෂයා වන අතර එතුමා වරාය අධිකාරියේ වසර හතලිහක සේවයක් සපුරා විශ්‍රාම ගියා වූ සේවක මහතෙකුය. එක්දහස් නවසිය අනූ එක හෝ ඊට පෙර ආසන්නම වසරක එතුමා සේවයෙන් විශ්‍රාම ගියාවූ අතර ඉන්පසු තමුන්ගේ දවසේ කාලය ගතකලේ දරු මුණුපුරන් සමග හා සවස් කාලයේ විනෝදාංශ කටයුතු වෙනුවෙන්ය.
සේවය කල කාලයේ සහ විශ්‍රාමික කාලයේ යන දෙකෙහිම ලොකු තාත්තාට හිමිවූ වැටුප තරමක් තඩි ප්‍රමාණයේ එකක් වූ බැවින් ලොකු තාත්තා යනු ඕනෑම වෙලාවක ඇතෙක් බරට රසකැවිලි හා කිරි පැණි අතින් කටින් එල්ලාගෙන අම්බලන්ගොඩයලා බලන්නට එන්නාවූ චරිතයක්ය. තෙල් ගා උඩට පීරූ කොණ්ඩය සහ ලොකු තාත්තාටම අනන්‍ය වූ උඩු රැවුලත් ලොකු තාත්තාව පිටතට මැවුවේ තද සැර පරුෂ පෙනුමක් වුවත් විනෝදාංශ කටයුතු වලින් අනතුරුව රෑ බෝවනවිට ලොකු තාත්තා සුළඟටත් වැනෙන තරම් අහිංසක චරිතයක්ය. ලොකු තාත්තා කොයිතරම් නාහෙට නාහන පුද්ගලයකුද යත් ගැටයා සන්දියේ තම පියා සමග ඇතිවූ බහින්බස්වීමක් අනතුරුව ලොකු තාත්තා නැවතී තිබුනේ බෝට්ටුවක නැගී ඉන්දියාවට ගොසින්ලුය. ඉන්දියාවේ රැකියාවල් කිහිපයක් කොට ලොකු තාත්තා නැවත ලංකාගමනය කොට තිබෙන්නේ තරුණ වියට පා තැබුවායින් අනතුරුවලුය. තද සැර පරුෂ පුද්ගලයකු වශයෙන් ලොකු තාත්තාට උපන් ගමේ තිබු පිළිගැනීම ඉතා ඉහලය. ඒ හෙයින් ලොකු තාත්තා සමග ලොකු තාත්තාගේ ගමේ පාරේ තොටේ ඇවිදිනවා කියන්නේ ඇච්චා බැච්චා උනත් අම්බලන්ගොඩයාටත් හෙන ගරු සැලකිලි ලැබෙනා මෙව්වා එකක්ය.
එක්තරා දවසක අම්බලන්ගොඩයාට තෙල වැඩි වී ගෙයි ඇතුලේ නවතා තිබු ෆුට් බයිසිකලයේ පොල්ල උඩ හිටගෙන බිත්තියට හේත්තු වී ඉන්නා අල්ලපනල්ලේ ගොඩයාට බයිසිකලයේ පොල්ල උඩ නින්ද ගියාලුය. එතනින් එහා ගොඩයාට නින්දෙන් ඇහැ ඇරෙන්නේ පාවෙනවා යන දැනීමක් දැනුනා වූ නිසාලුය. එතකොට පරක්කු වැඩිලුය. බිත්තියට හේත්තු කොට තිබු බයිසිකලයේ පොල්ල උඩ හිටගෙන ඉද්දී නින්ද ගියා වූ ගොඩයා නින්දෙන් අවදිවනවිට ගොඩයා නිවසේ සිමෙන්ති පොළොවට ඔන්න මෙන්නලුය. එතනින් එහා ඉතින් ප්‍රථමාධාර තමාලුය. පළමුවෙන්ම පියානෝගෙන් ගුටි දෙකක් ප්‍රථමාධාර වශයෙන් නොමිලේය . ලේ ගලන තුවාල නැතත් ගොඩයාගේ වම් ඇත මැණික් කටුව ලඟින් චකර්බ්ලාස්ලුය. ආයේ ගන්න දෙයක් නැතිලුය. දන්නා කියන වර්ගවල වෙදකම් සියල්ල කරලාත් සුව නොවූ ගොඩයාගේ අත සුව කරන්නට ඉදිරිපත්වූ ගැලවුම් කරුවා ලොකු තාත්තාය. ලොකු තාත්තා විසින් බලෙන්ම නිවසින් රැගෙන යන ගොඩයා ලොකු තාත්තාගේ පරපුරෙන් පැවත එනා වේද මහතෙකු වෙත ඉදිරිපත් කර දින දෙකක් අවසානයේ ගොඩයාගේ වම් අත කලින් තිබුනා වාගේම වෙඩි වාගේ වැඩලුය.
කකුලේ ඇන කටු ඇනගන්නා පවුලේ සාමාජිකයිනට ලොකු තාත්තාගේ වෙදකමින් බේරෙන්නට සක්වල ගලෙන් එහාට ගිහිල්ලාවත් බැරිය. එනම් හවස් යාමයේ ලොකු තාත්තාගේ අත්අඩංගුවට පත්වෙනා කටුව හෝ ඇනය ඇනුන එකාට පන පිටින් දෙව්ලොව වඩිනා බෙහෙතක් ලොකු තාත්තා ළඟ තිබෙනවාය. අහල පහල සිටිනා හත් අට දෙනෙකුත කියා හොඳින් අල්ලාගන්නා ලෙඩාගේ කකුලේ ඇනය අනුන තැනින් ලුණු කැටයක් තබනා ලොකු තාත්තා පොල්තෙල් පහනේ පහන් දැල්ලෙන් එම ලුණු කැටය පුච්චනවාය. ලෙඩා වහලයේ උළු බඹ ලොවටම විසික් වන්නට කෑගැසුවද වෙදකම අවසානයක් වනතුරු ලෙඩාව අලාගෙන ඉන්නට ලොකු තාත්තාගේ පුතුන් තිදෙනා වන ලොකු අයියාත්, සුදු අයියාත්, පොඩි අයියාත් එකෙන්ම ඉදිරියෙන්ය. ඔවුන් තිදෙනාත් ලොකු තාත්තාත් වටවූ කල ඇනය ඇනුන එකාට ඉතින් ඉතිරි වන්නේ දෙවි පිහිට පමණය. වේදනාව අධික වෙදකමක් වුවත් එම වෙදකම කළා වූ එකෙකුටවත් උණක්, පිටගැස්මක්, කෙදිනකවත් සෑදී නොමැතිය.
ලොකු තාත්තා රාජකාරී කරන නැව ගාලු වරායට ආ කල අම්බලන්ගොඩයලාට සෑහෙන වාසිය. එනම් නැවේ රවුමක් යන්නට පුළුවන් වන නිසාය. නැව ජැටියේ තිබෙනා දිනයක් ඇතිනම් පවුලේ සැමටම යන්නට පුලුවනිය. එහෙත් වරායෙන් පිටත නොහොත් අවුට් හාබර් තිබෙනවානම් නිසා නැවේ රවුමක් යාම ටිකාක් විතර අසීරු කර්ත්ව්‍යක්ය. ඒ මන්ද යත් කුඩා බෝට්ටුවකින් නැව අසලට ගොස් නැවට ගොඩවිය යුතු නිසාය. ඒ අකාරයෙන් කුඩා බෝට්ටුවෙන් ගොස් නැවට නැගිල්ල ඇඟේ රෝම කූප කෙලින්වන ස්භාවයේ සීන් කෝන් එකක්ය. එනම් බෝට්ටුවේ සිට නැවෙන් පහතට එල්ලෙනා ලනු ඉනිමගට ගොඩවීම සෑහෙන බොන්නට වන ගේමක් නිසාය. මුහුදේ රල ඉහල පහල යෑමට සාපේක්ෂව ඉහල පහල දෝලනය වන බෝට්ටුව මට්ටමට නැවෙන් එල්ලෙනා ලනු ඉනිමග ආසන්න වන්නේ රල පහර සමග බෝට්ටුව ඉහල යන වෙලාවේදී පමණය. එම අවස්තාවේදී තත්පරයෙන් ලනු ඉනිමගේ එල්ලීම ඉතා අනතුරු දායක කටයුත්තක් වන්නේ ඉනිමගේ එල්ලීම හරි ආකාරව නොකළහොත් කෙලින්ම බෝට්ටුවත් නැවත් අතරින් මුහුදට ජබුක් නිසාය. එවන් අවස්ථා වලදී ලොකු තාත්තා අම්බලන්ගොඩයා තනි අතින් උස්සගෙන තනි අතින් ඉනිමගට ගොඩවී විනාඩියෙන් ඉහලට නැගගෙන යනවාය. ගොඩයාට තිබෙන්නේ තදින් ඇස්දෙක වසාගෙන ලොකු තාත්තාගේ බෙල්ලේ එල්ලී ඉන්නටය. නැව අවුට් හාබර් තිබෙනා දිනවලදී ලොකු තාත්තා ගොඩයාව එම අවදානම් ගමන රැගෙන යන්නේ ගොඩයාගේ කන් කෙන්දිරියේ ඉවරයක් නැති නිසාම වන අතර ලොකු අම්මාට හොරෙන්ය. ඉන් මත්තට ගොඩයා නැවේ තිබෙනා අරුම පුදුම යන්තර සූත්තර නරඹනවා විනා ලොකු තාත්තා උන්නාද මලාද කියා සොයන්නේ නැතිය.
ගිංගඟ ආසන්නයේ තිබෙනා ලොකු තාත්තාගේ පරපුරෙන් උරුමවූ පුරන්වූ කුඹුරු ඉඩමක පලා නෙලීමට යාම ලොකු තාත්තා සමහරක් දිනවලදී උදෑසනට කරනා රාජකාරියක් වන අතර ගොඩයා ලොකු තාත්තාගේ පසුපසින් වැටී දුවන්නේ ලොකු තාත්තා මගින් මගට එපා කියද්දීය. එහි තිබෙනා ත්‍රාසජනක කොටසනම් ගිංගඟ හරහා වැටී තිබෙනා දුම්රිය පාලමේ ඇවිදගෙන යාමට ලැබෙනා අවස්තාව වන අතර එයද පන යන්නාවූ කර්තව්‍යක් වන්නේ සිල්පරකොට වලට යටින් පෙනෙනා ගිංගඟ කොමලිය සෑහෙන්න ගැඹුරු වන නිසාය. යාන්තමට කකුල එහා මෙහා වුවහොත් හූනු බිජුවක් තරම් වන අම්බලන්ගොඩයා සිල්පර දෙක අතරින් සුරුස් ගා ගිංගඟට ජබොස් වන නිසා ගොඩයා සිල්පරයෙන් සිල්පරයට අඩිය තියන්නේ පයිතගරස් ප්‍රමේයද , නිව්ටන්ගේ නියමයන්ද ආදේශ කොටගෙන හොඳින් කිරා මැන බලාලා අවසනය. ණයට ගෙනා පරාන කූඩුව ගඟට නොවැටී බේරාගෙන ගඟ මැද තිබෙනා දුපත කොටසට ගොඩයා සැපත්වෙනවිට ලොකු තාත්තා ද අයියලාද පලා නෙලාගෙන ආපිට ගෙදර යන්නටද ලැහැස්තිය. ඒ මන්දයත් සිල්පර දෙක අතරින් ගින්ගඟට නොවැටී විද්‍යානුකුලව පාලම තරණය කරන්නට ගොඩයාට සෑහෙන්න කාලයක් ගතවන නිසාය. ඒ අතරවාරයේ පාලම තරණය කරන්නට පැමිණෙනා දුම්රියන්ටද කාරුණිකව සලකා බලා ඉඩ පහසුව සලසාදීම යුතුකමක් නිසා රේල් පාරෙන් ඉවත්වී දුම්රිය පාලමේ යකඩ කණුවක් බදාගෙන එලෝ මෙලෝ නැතිවන්නටම පන ගැහෙමින් ගඟට නොවැටී ඉන්නටද ගොඩයාට සිදුවෙනවාය. එවන් ආකාරයෙන් දුම්රියක් පාලම පසුකරනාවිට යකඩ කණු දෙක අතරේ හෝ පාලමේ පාදමේ ගතවන විනාඩි කිහිපයට ගොඩයාගේ හදවත ගැහෙනා ගැහිල්ල කොතරම් වේගවත්ද යත් පොලිස් රාලහාමි කෙනෙක් දුටුවහොත් හයි ස්පීඩ් දඩ කොලයක් නොදීම උසාවි දමනවා නියතය. එවන් ආකාරයෙන් ගොඩයාට කලිසමේ මූත්‍රා පහවන්නට ඕන්න මේන්න තිබෙනා අවස්තාවන් වල වුවද භයවූ ස්භාවය නොපෙන්වා ඉන්නට ගොඩයා දක්ෂ නිසාවෙන් පලා නෙලන්නට රැගෙන යනවා විනා ගොඩයාගේ හදවත ගැහෙනා රාවය ලොකු තාත්තාට හෝ අයියලාට ඇසුනානම් රේල් පාර අයිනටවත් ගොඩයා එක්කයන්නේ නොමතිවන්නට තිබුණාය.
පඳුරෙන් පඳුරට පැනගියාවූ බ්ලොග් පෝස්ටුව අදාළ මාර්තෘකාව හැරෙන්නේ දැන්ය. ලොකු තාත්තා ගැන ලියන්නට තිබෙනා ආගිය කතා බොහොමයක් නමුත් තවත් පඳුරු තලන්නට ගොස් ගොඩයා බ්ලොග් රසිකයින්ගේ උදහසට ලක්වේදෝ යන සිතුවිල්ල නිසා අදාළ කතාව මෙතැකින් ආරම්භ වෙනවාය.
එදාද අම්බලන්ගොඩයා ලොකු තාත්තාගේ නිවසේ සාමාජිකයකු වන නිවාඩු කාලයක එක්තරා දිනයක්ය. අම්බලන්ගොඩයාට සිතුසේ ගමන් බිමන් යාමට ලැබෙන්නාවූ කාලය නිවාඩු කාලය පමණක් වන බැවින් ගොඩයා එහි රැඳෙනා සති කිහිපයේ අයියලා තුන්දෙනාටම ගොඩයා හලා දමා ගමනක් යනු සුම්මාය. අයියලා තුන්දෙනාගෙන් එකෙකු වාහනයක, මොටෝවක නැගිනිනම් අම්බලන්ගොඩයා එහි පසුපස ආසනයක අසුන් ගන්නේ ආරාධනාවකින් තොරවමය. අයියලා තුන්දෙනා ගොඩයාට වඩා අවුරුදු බර ගණන් වලින් වැඩිමහලු නිසා අයියලාට අම්බලන්ගොඩ මල්ලී යනු දරුවකු හා සමානය. එය එදත් අදත් එසේම වීම අම්බලන්ගොඩයා ලැබූ වාසනාවක් ලෙස ගොඩයා හිතනවාය. අයියලා ගොඩයාට වඩා කොතරම් වැඩිමහල්ද යත් ලොකු අයියාගේ වැඩිමහල් පුත්‍ර රත්නය ගොඩයාට වඩා බාල වන්නේ වසර හතරකින්ය. සුදු අයියාගේ වැඩිමහල් පුත්‍ර රත්නය ගොඩයාට වඩා බාල වන්නේ වසර අටකින් පමණය. ඒ නිසාවෙන් අබ ඇට තරම් අයියලාගේ දරුවන් හූනු බිජුවක් තරම් අම්බලන්ගොඩයාට එකල "බාප්පා" යනුවෙන් ඇමතීම ගොඩයාට අසූ හාරදාහට ලජ්ජා හිතෙනා මෙව්වා එකක්ය. ආයෙත් පඳුරු වටේ..
ඕන්න එදා පොඩි අයියාද සුදු අයියාද තවත් මිත්‍රයින් කිහිපදෙනෙකුද පිටත්ව යන්නට සූජානම් වන්නේ කුමක්දෝ ආතල් වැඩක් සඳහාය. උපන්තේකට මේ අයියලා තුන්දෙනා බියර්, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි හෝ බීඩි, සුරුට්ටු, සිගරට් කටේ තබා නැති සිල්වත් පුද්ගයින් නිසා ආතල් වැඩක් යන වචනය වරදවා වටහාගැනීම නොහොබිනාය. අම්බලන්ගොඩයාද මාරපන ගිය කළුවා වැනි පොරක් නිසා ජැන්ඩි පහට ලක ලැහැස්තිවී සූජානම් වන්නේ අයියලා සමග ගමන යාම සඳහාය. ලොකු තාත්තා හවස්කාලයේ සොමියට බර විශ්‍රාමිකයකු නිසා එදා කලින්ම දෙකක් අනුමතවී දහවල් ආහාරය වළඳා නිදිසුව විඳිනවාය. ඒ අතරේ හවසට බොන්නට ගෙනා දුම්වැටි කිහිපයක් සාලයේ මේසයක් උඩ ගිනි පෙට්ටියක්ද සමගින් රස්තියාදු වෙනවාය. අම්බලන්ගොඩයා යනු අත්හදා බැලීම් වලට නිරන්තරයෙන් කැමැත්තක් දක්වනා පොරක් වන බැවින් ලොකු තාත්තාගේ දුම් වැටියක් සමග ගිනිපෙට්ටිය අතට ගන්නේ නවතම අත්හදා බැලීමක් සඳහාය. එහි ප්‍රතිපලයක් වශයෙන් ගිනිකුරු හතරක වෙඩි බෙහෙත් කොටස සිගරට්ටුවේ දුම්කොළ මැදින් ස්ථානගතවන්නේ නිරීක්ෂණ තුලින් නිගමනයට එළඹෙනු උදෙසාය. එහෙත් ගොඩයා සිගරට්ටුවේ දුම්කොළ හලා ගිනිකූරු ඇතුලට දමනු දුටු පොඩි අයියා එකෙන්ම ක්‍රියාවට එරෙහිව ආයුද අතට ගන්නවාය.
මොකක්ද මනුසයෝ ඒ කරේ.. දැන් ඕක පත්තු වෙලා මොකක්හරි උනොත් අපිට මෙතන ඉන්න නැති වෙනවා.. දන්නවනේ එයාගේ හැටි.. දෙනවා ඕක මෙහෙට..
මුකුත් වෙන්නේ නෑ ... ඕක තියෙන්න අරිනවා .ඔහොම.
මෙන්න මෙහාට දියන් ඕක..
පොඩි අයියා සිගරට්ටුව පොඩිකර වීසි කරනවාට අමතරව ගිනිපෙට්ටියද සාක්කුවේ දමාගෙන එතනින් ඉවතට යන්නේ අම්බලන්ගොඩයාට රවාගෙනය. ගොඩයා එවැනි රැවිලි ගෙරවිලි වලින් සැලෙනා ජාතියේ එකෙකු නොවේය. පොඩි අයියා ගිනිපෙට්ටිය ගත්තායින් කරන්නට ගිය වැඩය කරන්නට නොහැකි වූවද අම්බලන්ගොඩයා නිරන්තරයෙන්ම විකල්ප යෝජනා ගැන හෙවත් ප්ලෑන් බී ගැන සිතා බලනා පොරක් වග පොඩි අයියා දන්නේ නැත.
යනන්ට ගිය ගමන අහවර කොට අම්බලන්ගොඩයා ප්‍රමුඛ අයියලා සෙට් එක ලොකු අම්මලාගේ නිවසට ලඟා වනවවිට රාත්‍රී දහයද පසුවෙලාය. ලොකු අම්මලාගේ නිවස පිහිටි අක්කර දෙකතුනක් විසාල ඉඩම පිහිටා තිබෙන්නේ කන්දක් උඩය. එම කන්ද උඩ පිහිටා තිබෙන්නේ නිවාස තුනක් පමණක් වන අතර එකක් සුදු අයියාගේ නිවාසය. දෙවැන්න ලොකු තාත්තාගේ සහෝදරියගේ නිවසය. තුන්වැන්න ලොකු තාත්තාගේ නිවසය. මෝටර් සයිකල් පෝලිම කන්ද උඩට නැගගෙන එද්දී සුදු අයියාගේ ඉස්තෝප්පුවේ හිටං සුදු අයියාගේ බිරින්දෑ පාරට පැන මෝටර් සයිකල් පෝලිම මග නවතාලන්නේ භයානක ආරංචියක් දැනුම් දීම පිණිසය.
කෝ අම්බලන්ගොඩ මල්ලි..
මේ ඉන්නේ..
මල්ලි අද මහගෙදර යන්න එපා.. රෑට මෙහෙ ඉන්න..
ඒ මොකෝ අක්කෙ..
කව්ද මන්ද තාත්තගේ සිගරට් එකකට මොකක්දෝ පුපුරන දෙයක් දාල දීල.. ඒක පුපුරල ආන්න තාත්තගේ රැවුල පිච්චිලා.. ඒ ගමන තාත්ත ගිහින් සිගරට් ගත්තු කඩේ මුදලාලි එක්ක පැටලිලා..
ඉතින්..
මල්ලි තාමා මොනාහරි සිගරට් එකට දාන්න ඇත්තේ කියල යාන්තම් ගෙදර ඇදන් ආව.. තව පොඩ්ඩෙන් කඩේ මුදලාලි උස්සල පොළොවේ ගහනව..
මම මේ බූරුවට කිව්වා දාන්න එපා කියල.. මූ තමා ගිනිකූරු දැම්මේ.. ඒත් මම ඒ සිගරට් එක කඩලා විසික් කරලා දැම්මනේ..
පොඩි අයියා එසේ කියද්දී අම්බලන්ගොඩයා බිල්ලෙකු සේ ඇස් ලොකු කරන් අක්කා දිහාව බලා සිටිනවාය. අයියලා හැමෝම ගොඩයා දිහා කන්න වාගේ බලන් ඉන්නවාය. ෂෝ රූම් එකේ දැම්මා වාගේය.
මම දන්නා තරමින් ආයේ මූට ගිනිකූරු දාන්න උනේ නෑ.. මම ගිනිපෙට්ටිය උදුරලා අරගෙන තමා සිගරට් එක විසික් කරලා දැම්මේ.. අපි ගිහින් මොකද වෙලා තියෙන්නේ බලන්නං.. අද සුදු අයියළහ නිදාගන්නව..
හ්ම්..
අහිංසක ගොඩයා සුදු අයියලහා තනිකර දමා පොඩි අයියා මහ ගෙදර දිහාවට මොටෝව පැදගෙන ගියායින් ගොඩයා ගොළුවා සේ සුදු අයියලාගේ නිවසට මන්ගච්චනවාය. ඇඳන් උන් ඇඳුම පිටින්ම සැතපෙන්නට සිදුවූ එදින රාත්‍රිය ගතවන්නේ පහුවදා ලොකු තාත්තාගෙන් බඩ පුරා කන්නට වන බලාපොරොත්තුව සමගය. එවන් ආකාරයෙන් පහන් වූ පසුවදා උදෑසන අක්කා විසින් සාදා දුන් කිරි කෝප්පය ගොඩයා තොලගාන අල්ලපනල්ලේ සුදු අයියාගේ ලොකු කොලුවා නාහෙන් අඬනවාය..
මොකෝ දරුවෝ මේ උදේ පාන්දර අඬන්නේ...
ඊඊඊඊඊඊඊහී............
මගේ සෙල්ලම් තුවක්කුව ඊයේ ආච්චිළහ දාල ආව.. ඒකෙ තිබ්බ කැප් රෝල් එකේ ඉතුරු වෙලා තිබ්බ ටික කව්ද කඩල අරගෙන.. හී............
කව්ද දරුවෝ ඔය තුවක්කුවේ කැප් රෝල් හොරකම් කරන්න ආච්චිලාගේ ගෙදර ඉන්නේ..
ඊඊඊඊඊඊඊහී............
කොලුවා හොටු පෙරාගෙන ඉල්ලා අඬනා සෙල්ලම් තුවක්කුවේ කැප් රෝල් උණ්ඩ කිහිපය අවසන් ගමන් ගියේ සීයාගේ රැවුලද පුච්චාගෙන වග මෙලොව දන්නා එකම පුද්ගලයා අම්බලන්ගොඩයා පමණය. කොලුවාගේ බාප්පා නොහොත් ගොඩයාගේ පොඩි අයියා ගිනිපෙට්ටිය උදුරා නොගත්තානම් කොලුවාගේ තුවක්කුවේ කැප්රෝල්ද සීයාගේ රවුලද ඉතුරුවන්නට තිබුණාය.