😠
මේක අසූව දශකයේ මැදභාගයේ කතාවක්..
එවකට මම දේවානන්ද විද්යාලයේ එක වසරේ හෝ දෙක වසරේ කියලයි මතක.. එකේ දෙකේ ඇච්චො බැච්චො උනාම ඉතිං ඒ ඉස්කෝලෙම අයියලා අක්කලා ඉන්නවනම් එයාලගෙන් සූටි පහේ ආරක්ශාවක් රැකවරණයක් ලැබෙන එක ස්භාවිකයි නෙව.. මටනම් ඉතිං ඒ ඉස්කෝලෙ අයියලා අක්කලා ඉල්ලෙ.. මොකෙක්වත් නැති නිසා ඉතිං බල්ලො පූසොත් ටොකු ඇනලා යන ලෙවල් එකෙන් මම අඥාතයි කුජීතයි.. එහෙම උනා කියලා අනාතම කියලමත් නෑ ඉතිං.. කාගෙන්වත් ගුටි නොකා ඉන්න ඕන නිසා අපේ සීය පොලිසියේ කියලා හරි ශේප් කාර්ඩ් එක ගහගන්නව.. සීයලා දෙන්නම මට වයස අවුරුද්දක් වෙද්දිම මියපරලොව ගිහිපු නිසා ඒ දෙන්නා සුදුද කලුද කියලත් මම දන්නෙ ෆොටෝ කෑල්ලකින් විතරක් වෙච්චි.. ඒත් ඉතිං එව්ව ඉස්කෝලෙ කොල්ලො දන්නෙ නෑ.. තාත්ත පොලිසියේ කියන්න බෑ තාත්ත හැමදාම උදේට වැඩට යන ගමන් මාව ඉස්කෝලෙ ලඟට ඇරලවන නිසා..
ඕං ඔය විදිහේ වාතාවරණයක් යටතේ අමාරුම කාරයන් හතලිහක් හතලිස් පහක් ඉන්න පංතියක ඉන්ටවල් එක කියන්නෙම පංතියේ ඉන්න එවුන්ගෙ අයියලා අක්කලා තමුන්ගෙ මල්ලිලා බලන්න එන වෙලාව.. එවකට මම හිටපු එෆ් පංතියේ හිටියෙ කොල්ලොම විතරයි.. අපරාදෙ කියන්න බෑ හෝඩියේ ඉඳන් පහ වසරට ගිය දේවානන්දෙ යාලුවොත් අද වෙද්දි රට හැමතැනමත් ලෝකෙ හැමතැනමත් ඉන්නව අඩු නැතුව..
මෑන්ස්ගෙ නම හසන්ත.. හසන්ත කිව්වට හසන්තමත් නෙවෙයි.. ඊට ආසන්න නමක්.. ඇත්ත නම ලියන එක හරි නැති නිසා එව්ව මෙහිලා ලියලා බෑ.. හසන්තගෙ අක්කත් ඒ ඉස්කෝලෙමයි.. මතකෙ හැටියට අපිට වඩා අවුරුදු හතක් අටක්වත් වැඩිමල් ඇති.. ඒ අක්කා මල්ලිට කොච්වර ආදරේද කියනවනම් ඉන්ටවල් එකට පංතියට ඇවිත් මල්ලිට කවලා පොවලා නාවලා කොන්ඩා පීරලා පවුඩර් දලා සූ දාන්නත් එක්කං ගිහිං තමයි ආයෙ එයාගෙ පංතියට යන්නෙ.. අපිව බලන්නනම් ඉතිං එන්න බල්ලෙක් පූසෙක්වත් නැති නිසා අපි ඉතිම් ඒ ලොකු එවුන්ගෙ ලොකු සීන් බලාගෙන පාඩුවේ ඉන්නව.. ඉන්නවා කිව්වට ඉන්න වෙනව..
ඕං දවසක් සුපුරුදු විදිහට ඉන්ටවල් එක උදාවුනා.. ඒක මහා භයානක දවසක්.. සිද්දිය අද මතක් වෙද්දිත් කකුල් දෙක හිරි වැටීලා ගිහිං මහා භයානක හැඟීමක් ඔලුවට එනව.. හසන්තගෙ අක්කයි යාලුවෝ දෙන්නෙකුයි ඇවිත් ඕං හසන්තයාට කවනවා පොවනවා අතගානවා කොන්ඩෙ පීරනවා එක හුරතලයයි.. අක්ක අපිට වඩා හතකින් අටකින් වැඩිමහල් නිසාද වෙන්න ඇති ඉතිං හුරතලේ.. ඕං ඉතිං කවලා පොවලා නාවලා පුයර දාලා කොන්ඩෙ පීරලා අක්කලා සැට් එක හසන්තයාව සූ දන්නත් එක්කම් ගියා කියමුකෝ.. ඉන්ටවල් එක ඉතිං ලොකු වෙලාවක් නැති නිසා අපිට ඉතිං හසන්තයා ගැනත් ලොකුවට නිනව්වක් නෑ.. හැමදාම සිද්දවෙන බේබි සිටිං නිසා අක්කලා ඇවිත් හසන්තයාට කවන පොවන එක අපිට ලොකු මැජිකුත් නෙවෙයි.. ඕං එක පාරටම ඉන්ටවල් ඉවරවෙන බෙල් එක වදිනව.. ඒ එක්කම ඇච්චි බැච්චො යන ටොයිලට් එක පැත්තෙන් ඉස්කෝලෙම උලු බිමට වැටෙන සද්දෙට පොඩි එකෙක් කෑ ගහනව.. ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවරුයි ලොකු අයියලා වගේකුයි ඒ සද්දෙට ඒ පැත්තට දුහනව.. අපිට ඉතිං දුවන්න කියලා අතක් නෑ.. බිල්ලෙක් ඇවිත් ඉස්කෝලෙ ලමයි අල්ලන් යන්න හදනවාවත්ද කියලා හිතුනට ඉතිං බිල්ලෙකුට උනත් ගෝනියක ඉස්කෝලෙකම ඉන්න ලමයි දාගෙන යන්න බැරි නිසා කුතුහලය ඇරුනාම මටත් ඉතිං ලොකුවට භයක් දැනුනෙ නෑ.. කරෝල වාඩියක වැඩට උනත් අරං යන්නෙ අත පය හතර ටිකක් ලොකුවට මහතට තියෙන එවුන් නිසා මං වගේ කෙංචි නාට්ටෙකුට බිල්ලෙකුගෙන් උනත් ලොකුවට අවධානමක් නෑ..
ඕං ටික වෙලාවකින් ගූරුවර ගුරුවරියන් ගොඩාක් වටවෙලා හිටපු ටොයිලට් එක ඇතුලෙන් හසන්තයාව උස්සන් එන්නෙ පිරිමි ගුරුවරයෙක්.. හසන්තයාගෙ අක්කත් යාලුවො ටිකත් අඬ අඬා ඒ පස්සෙන් දුහනව.. අපේ පංතියේ හිටපු, කට ඇරියොත් බොරු කියන සකලසිරී කියන්නෙ හසන්තයට ටොයිලට් එක ඇතුලෙ ඉඳලා නයෙක් ගහලා කියල.. හද හදා හොල්මන් කතා කියන ප්‍රසන්නයා කියන්නෙ දවල් බැදුම් කාලා ටොයිලට් ගිහිං එකේ හිටපු යකා හසන්තයට ගහල කියලා.. තව එකෙක් කිව්වෙ ටොයිලට් එකට උඩින් තියන දෙල් ගහේ ගෙඩියක් හසන්තයාගෙ ඔලුවට වැටීලා කියල.. තව එකෙක් කීවෙ හසන්තයාට පපුවෙ හිලක් නිසා ඒකට අමාරු වෙලා කියල.. ඔය වගේ දාහක් විය හැකි දෑ ඇහෙන් දැක්කා වගේ කියන විස්සක් තිහක් කොල්ලො විවිධාකාර මත පල කරද්දි අපේ පංතිභාර ටීචර් ඇවිත් වෙලා තියෙන දේ අපිට නොකියාම හසන්තයාගෙ පොත් බෑග් එක අරගෙන යනව.. ඕං එතැන් පටං අර කලින් කයි කතන්දර කීව එවුන්ගෙන්ම එකෙක් කියනවා හසන්තයා ඉස්පිරිතාලෙ ගෙනියද්දි මැරිලලු.. ඉස්කෝලෙන් ගෙනියද්දිත් මැරීලා කියලත් තව එකෙක් කියනව.. ඒ අස්සෙ අද ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ඊයෙ මැරිච්ව හසන්තයාගෙ හොල්මන කියලත් ප්‍රසන්නයා කියනව.. උගේ මාස ගනන් කියලත් ඉවර නොවෙන හොල්මන් කතා වටවෙලා අහන් ඉන්න අපිට ඉතිං ඒකත් ඇත්තවත්ද කියලත් හිතෙනව..
හසන්තයාගෙ ඇත්ත නම මේකෙ කොමෙන්ට්වල ලියලා මාව උසාවිනම් යවන්න එපා යාලුලා ඕං.. කරගන්න පුලුවන්කම තියාගෙන තමුන්ගෙ වැඩේ අනුන් ලව්වා කරගන්න ගියාම ඉතිම් හසන්තයාට වෙච්චි දේ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.. ආදරේ වැඩිකමට දරුවන්ගෙ සහෝදරයන්ගෙ යාලුවන්ගෙ සරීරකෘත්යයත් කරවලා දෙන්න ගියාම එව්වගෙ භයානක ප්‍රථිපලවලට මූන දෙන්න සිද්ද වෙනව ඉතිම් අකමැත්තෙන් උනත්..
එදාම ඉතිං විස්තරේ හොයාගන්න බැරිවුනාට ඉතිම් පහුවදා ඉස්කෝලෙ යද්දි සිද්දිය ගැන රොයිටර් වාර්ථා පංතිය පුරාම.. වෙච්ච සිද්දිය රඟපාලා පෙන්නපු එවුනුත් හිටියා ඉතිං.. වෙලා තිබ්බෙ ඇඟ හිරිවැටෙන සීන් එකක්.. හසන්තයා මාසෙකින් විතර ඉස්කෝලෙ ආවා ඉතිම් මුකුත් නොවුන ගානට.. වෙලා තිබ්බ සීන් කෝන් එක මේන් මේකයි..
ඉන්ටවල් ඉවරයි කියලා බෙල් එක ගහපු ගමන් හසන්තයාගෙ අක්කන්ඩි පංතියට යන්න තියන හදිසියට හසන්තයාගෙ කලිසමේ සිප් එක උඩට ඇදලා.. ඒත් ඉතිං සසර කරපු කරුමෙකට හසන්තයා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ සූ දාන ගමන්.. ගිගිරි නගින බෙලුකටු නේද පිංවත.. ඒ කෑල්ල ලියද්දිත් මේ දැනුත් මගේ කකුල් හිරි වැටෙනව.
No comments:
Post a Comment