Sunday, February 14, 2016

මොරටුවේ දෙකයි පානදුරේ එකයි




මේ ලියන්න යන ඕපාදූප ගණයට වැටෙන  සිදුවීම් තුන  ලියන්නේ හුදීජන පහන් සංවේගය පිණිස පමණමයි. මේ සිදුවීම් තුනටම අම්බලන්ගොඩ කථා ලියන මම සජීවීව සහභාගී වෙච්චි සිදුවීම් නෙවෙයි. මේ කථා සියල්ලම කනබොන තැන්වල හෙවත් තම තමුන්ගේ කියුම් කෙරුම් උජාරුවෙන් කියනාවූ තැන්වල කතාබහ වෙච්චි දේවල්. සිදුවීම් කිහිපය හැකිතාක් සජීවීකරණය කරන්න මං එතන හිටිය වගේ සහ ඇහින් දැක්ක වගේම ලියන්න තමා මේ උත්සාහය. 

අග නගරයට වැඩියෙන්ම ආසන්නයෙන් තියෙන නිසා ලියන්න යන ඕපාදූප ටික මොරටුවෙන්ම පටන් අරන් පානදුර පැත්තට යන්නයි මගේ අදහස..

මහේෂ් කියන්නේ මා එක්ක අවුරුදු ගණනාවක් රාජකාරියේ යෙදුන මට සීනියර් කාර්මික නිලධාරී තැන. අපි දෙන්නම එකම තනතුරේ උනාට මම තුන්වෙනි ශේණියේ කා. නිලධාරී වෙද්දී මශේෂ් උන්නේ දෙවැනි ශේණියට උසස්වීම ලබාගෙන. මනුස්සකමයි අවංකකමයි කියනදේ ඇඟපුරාම තිබ්බ හැබෑම මහත්මයෙක් වෙච්චි මහේෂ් කවදාවත් දහසින් බැඳී පියලි වෙනුවෙන් ලොක්කන්ට කඩේ නොගිය කොන්ද කෙලින් මනුස්සයෙක්. කරනා වූ ඕනෑම වැඩකට සුපිරි උනන්දුවක් තියන පුද්ගලයෙක් වෙන මහේෂ්  භාරගන්නා ඕනෑම වැඩක් වෙනුවෙන් තමුන්ට ලැබෙන දේට වඩා යමක් පිටත පාර්ශවයට ලබාදෙන්න උත්සහ කරන මනුස්සයෙක්. ඒ වගේම හීන්දෑරි උස ශරීරයකට හිමිකම් කියන අපේ මහේෂ් ඇවිදීමේ සූරයෙක්. රැකියාව අවසන් වෙලා බම්බලපිටියට යන්න තුම්මුල්ලෙ බස් හෝල්ට් එකේ බස් එකක් එනකම් බලාගෙන ඉන්න කම්මැලි ජනතාවට බලල හැදෙන්න වටිනා චරිතයක් වෙන මහේෂ් තුම්මුල්ලෙ ඉන්න එවුන් බස් එකට නගින්න කලින් අඩියට දෙකට බම්බලපිටිය දුම්රියපොළට විනාඩියෙන් ඇවිදින්න සූරයෙක්. අපිනම් ඒ කාලේ කිව්වේ මහේෂ් ඇවිදිනවා නෙවෙයි විදිනවා කියලයි. ඒ තරම් ඇවිදීමේ සූරයෙක් වෙච්චි අපේ මහේෂ් බම්බලපිටියේ ඉඳන් අඟුලානට යන්න කෝච්චියක් එනකම් දුම්රියපොළේ ඉන්නේ නැතුව ඒ සුට්ට දුරත් පයින්ම විදින්නේ නැත්තෙ ඇයි කියන එක ගැන මට අදත් ප්‍රශ්නයක්. 

හැත්තෑව දශකයේ මුල්භාගයේ ඉපදිච්චි අපේ මහේෂ්,  රටේ අඳුරු භීෂණ සමය හෙවත් 88/89 වෙද්දී හොඳ ගජ ඉලන්දාරියෙක්. ඒ වෙද්දී අපේ මහේෂ්ගේ විනෝදාංශය වෙලා තියෙන්නේ මැරතන් දිවිල්ල. යමක් පටන්ගත්තොත් සුපිරි උනන්දුවකින් ඒ දේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ජාතියේ උනන්දුවෙක් කිව්වොත් තමා නිවැරදි.   සිංහල අවුරුදු ලංවෙද්දි පොළොවට ඉර එලිය වැටිච්ච වේලේ ඉඳන් අපේ මහේෂයා කරන්නේ තවත් යාලුවෙක් එක්ක මැරතන් දුවන්න ප්‍රැක්ටිස් කරන එකලු. කොයිතරම් කෑවත් බිව්වත් ඇඟ මහත්වෙන්නේ නැති අපේ මිත්‍රයා රනින් ශෝටකුත් බනියමකුත් ඇඳගෙන උදේ ඉර එළියත් එක්කම ගෙදරින් පිටවෙලා ආයේ ගෙදර එන්නේ මොරටුව, අඟුලාන, රත්මලාන වටේ කිලෝමීටර විස්සක් තිහක් දුවල අහරවෙලා තමයිලු.

ඔය කියන කාලේ රටේ තත්වය බොහොම භයන්කාර වුනත් අපේ මහේශයත් මැරතන් ප්‍රැක්ටිස් කරන එක නවත්තන්නෙම නැතිලු. අම්මයි තාත්තයි දෙන්නම කොයිතරම් එපා කිව්වත් උදේට දුවන එක නවත්තන්නෙම නැතිලු.  ඔන්න ඔහොම භයානක වාතාවරණයක් යටතේ දවසක අපේ මහේෂුත් මහේෂ්ගේ යාලුවත් උදේ මැරතන් දුවන්න එලියට බැහැල දැන් දෙන්න එක්ක දුවනවලු එක හැල්මට. රටේ තිබ්බ වාතාවරණය එක්ක වයස දහ අටේ විස්සේ එවුන් දිහා ආරක්ෂක අංශයේ විශේෂ අවධානය එල්ලවෙලා තිබ්බත් අපේ මහේශයට එව්වා මෙලෝ වගක් නැතිලු. ඔය විදිහට දුවගෙන යන අතරවාරයේ පොලිස් ජීප් එකක් ඇවිත් නවත්තුවලු දෙන්න ඉස්සරහින්.

නැවතියල්ල ඔහොම ..

ඔන්න අපේ මැරතන් ශූරයෝ දෙන්නත් නැවතුනාලු..

තොපි දෙන්න කොහෙද මේ දුවන්නේ උදේ පාන්දර.. එහෙම ඇහුවේ පොලිස් ජීප් එකේ ඉස්සරහ සීට් එකේ දොර කිහිල්ලේ ගහගෙන හිටපු ලොකු මහතැන් කෙනෙක්ලු..

ස්..ස්.. සර්.. අපි මේ මැ..මැ..මැරතන් ප්‍රැක්ටිස් කරනවා..

පීසී.. චෙක් කරනවා මුන් දෙන්නම..

හරි සර්..

ඔන්න පොලිස් කොස්තාපල් කෙනෙක් ජීප් එකේ පස්සා දොරෙන් වෙඩි වගේ බැහැල ඇවිත් අපේ මහේෂයගේ යාළුවව ළඟ තිබ්බ තාප්පෙට හේත්තු කොරල සියලු ඇඟ පසඟ අතගාල බලල චෙක් කොරාලු.. ඒ කියන්නේ අපේ මහේෂයගේ යාළුවා සිකුරිටි ක්ලියරන්ස් එකෙන් පාස්ලු.. දැන් තියෙන්නේ අපේ මහේෂ්ගේ වාරෙලු..

උස්සනවා අත් දෙක..

කටු බොඩියට බැනියමයි රනින් ශෝටයි ඇඳල ඉන්න  අපේ එකාගේ මොනා චෙක් කරන්නද ඉතින්.. චෙක් කරනවානම් එක්ස්රේ මැසිමකට දාල තමයි චෙක් කරන්න ඕන සරීර කූඩුව ඇතුලේ මොනාහරි හංගන් ඉන්නවද කියල..
ඔන්න අපේ මහේෂයගේ ඉනෙන් ඉහල කොටස හෙවත් අපර් බොඩි එක  සිකුරිටි ක්ලියර් උනාලු.. ඊළඟට ඉනෙන් පහළ කොටස හෙවත් ලෝවර් බොඩි කොටස චෙක් කරන්නලු දැන් පීසී මහත්තය ලෑස්තිය.

හැරෙනවා අනික් පැත්ත..

තාප්පේ පැත්තට මූණ හිටින්න අපේ මහේෂයව හරවපු පීසී මහත්තය දැන් අපේ එකාගේ රනින් ෂෝර්ට් එක උඩින් අතගාල චෙක් කොරාලු..

හ්ම්..හැරෙනවා ඉස්සරහට..

දැන් පීසී මහත්තය අපේ එකාගේ රනින් ෂෝර්ට් එක ඉස්සරහිනුත් අතගාල බැලුවාලු.. ත්‍රස්තවාදීන් එහෙම අතගාල අඳුනගන්න බැරි නිසාද, ජාතික ආරක්ෂාව දිවි දෙවැනිකොට රකින  නිලධාරියෙක් වෙච්චි නිසාද මන්ද පීසී මහත්තය ඒ ගැම්මටම අපේ මහේෂයගේ රනින් ෂොට ඉනගාවින් ඉලාස්ටික් එකෙන් ඉස්සරහට ඇදල ඇතුලට එබිලත් බැලුවාලු අන්තිමේ..

හෑ..

මොකෝ පීසී.. 

න්..න්.. නෑ සර්.. මුන් දෙන්න ගාව මුකුත් සැක සහිත දේවල් නැහැ..

හ්ම්.. එහෙනම් නගිනවා යන්න.. හ්ම්.. තමුන්ලා දැන් මැරතන් දිවිල්ල පැත්තක තියල දුවනවා ගෙදර.. මේ දවස් තමුන්ලාට මැරතන් දුවන්න හොඳ දවස් නෙවෙයි..

ඔන්න අපේ මහේෂයලව පරීක්ෂා කරපු පීසී උන්නැහෙත් ජීප් එකට ගොඩ වෙලා පොලිස් ජීප් එක සැර දාල යන්න පිටත් උනාලු.. ඒ යන්න පිටත් වෙච්චි ජීප් එක මීටර් විස්සක් තිහක් ඉස්සරහට ගිහින් හිටි අඩියේ බරාස් ගහල බ්රේක් පාරක් ගහල නැවතුනාලු. 

අයිසේ.. තමුසේ මෙහෙ එනවා.. 

ජීප් එකේ ඉස්සර සීට් එකේ දොර කිහිල්ලේ ගහගෙන ඉන්න ලොකු මහතැන් දැන් ආයෙත් කතාකරනවලු දෙන්නගෙන් එක්කෙනෙකුට..

මමද සර්.. කවදත් ඕනෑම බෙල්ලගහල යන වැඩක් පැනල භාරගන්න අපේ මහේශය ඇහුවලු..

නෑ නෑ.. තමුසේ නෙවෙයි.. තමුසෙගෙ යාළුවා ..

ඔන්න අපේ මහේෂයගේ යාලුවත් බයෙන් බිරාන්ත වෙලා පොලිස් ජීප් එකේ ඉන්න ලොකු මහතැන් ගාවට කිට්ටු උනාලු.. අපේ මහේශයත් දැන් බයෙන් බිරාන්ත වෙලා බලන් ඉන්නවලු මේ වෙන්න මොකක්ද කියල..

ඇයි සර්..

අයිසේ..තමුසෙගෙ යාලුවට කියනවා මීට පස්සේ මැරතන් දුවන්න යනකොට යටට මොනවහරි ඇඳන් දුවන්න කියල..

හුටා.. හ..හ..හරි සර්..

...................................................................................................................................................................

මේ කතාවත් අපේ මොරටුවේ දේවින්ද කියපු රසබර කතාවක්. මේ කතාව කොයිතරම් රසබරද කියනවනම් පාඨක ඔබ කව්රු හරි මේක කියවන්නේ බත් කන ගමන් නම් මේ කතාව කියවන්න කලින් බත් පත වළඳලා අහවරයක් කරලා ඉන්න කියන එකයි මගේ අවවාදය.

දේවින්ද කියන්නේ ලංකාවෙන් පිටදී හමුවෙච්ච්  බොක්ක හොඳ මිත්‍රයෙක්. කරන්න භාරගන්න ඕනෑම වැඩක් බොහොම උනන්දුවෙන් අවසන් කරන තවත් උනන්දුවෙක් වෙච්චි අපේ දේවින්ද තමා ඊයේ පෙරේදාවක තිබ්බ වැලන්ටයින් සැන්දෑව සංවිධානය කරන්න සියලු බර කරට අරගෙන වැඩකරපු මූලික පිරිසෙන් පුරෝගාමියා උනේ. ලංකාවෙන් පිට මම ඉන්න රටේ ඉන්න සිංහල උදවියට එකතුවෙලා කාල බීල නටල විනෝද වෙන්න වැලන්ටයින් උත්සවය සංවිධානය කරපු දේවින්ද ප්‍රමුක පිරිස ඒ වැඩේ කරේ ලාභ ගන්න අරමුණෙන් නොවුන නිසා බහුතරයක් ශ්රීලාංකිකයින්ට ඇතිතරම් විනෝද වෙන්න අවස්තාවක් ලැබුන කාලෙකින්. ලාභ ලබන අරමුණෙන් ප්‍රසංග සංවිධානය කරන උදවිය පිරිච්ච කාල වකවානුවක අතින් තෙල් පුච්චගෙන ප්‍රසංග සංවිධානය කරපු දේවින්ද ප්‍රමුක ඒ අවංක මිනිස්සු ගැන ශ්‍රීලාංකිකයෙක් විදිහට ආඩම්බර වියයුතුයි. ගෙදරින් එලියට පැනගන්නා වෙලාවට බිරින්දෑට හොරෙන් රහමෙර සුට්ටක් තොල ගෑවට අපේ දේවින්ද කියන්නේ තමුන් ගැන නොහිතා අනුන් වෙනුවෙන් කාලය වැය කරන දුර්ලභ මනුස්සයෙක්.

ඔන්න අපේ දෙවින්දයා ලංකාවේ ඉද්දි හෙවත් 2006 වගේ කාලේ මොරටුව පරණ පාරෙ තියන පාලම ළඟ සෙට් වෙනවලු යාලු මිත්‍රයෝ එක්ක විනෝදෙට මාළු බාන්න. එච්චර විසාල බුදුපිළිම වහන්සේ නමක් වැඩ ඉන්න පාලම ගාවම මුන් මාළු බාන්න සෙට් වෙන එකට නම් මුන්ව හම ගහන්නයි වටින්නේ. මෙහේ තියන ආරණ්‍ය සේනාසනයේ ගිය වතාවේ කථින පිංකම වෙනුවෙන් වස් ආරාධනා කරන්න මුලික වුනු එකා වෙච්චි අපේ දේවින්දයා අර රියන් ගානක් උස බුදුපිළිම වහන්සේ පාමුල මාළු බාන්න ගියේ කොහොමද කියන එක ගැනනම් දෙපාරක් හිතන්න ඕන වුනත් 2006 ඉඳන් 2015 වෙනකොට අවුරුදු නවයක්ම තියන නිසා අපේ දෙවිදයට මේ වෙද්දී සසර දුක අවබෝධ වෙලා වෙන්ටෑ කියල හිතාගන්නව ඇරෙන්න වෙන දෙයක් හිතන්න ඉඩක් නැත්තෙ කථින පින්කමේ බරම හරිය කරට අරගෙන කරපු නිසයි.  

ඔන්න මේ කියන දවසේ කළුවර වටුනායින් පස්සේ යාලුවෙකුගේ ත්‍රීවීල් කටුවක නැගල මිත්‍ර සමාගම මාළු බාන්න යන්න පිටත්වුනේ ඇමට ගහන්න කුකුල් බොකු වගේකුත් අරගෙනමලු. හැකි ඉක්මනින් පාලම ගාවට වාර්තා කරපු පිරිස දැන් ලෑස්තිය මාළු බාන්නලු. කට්ටියක් පාලම උඩ ඉඳන් මාළු බාද්දී තව කට්ටියක් පහල වතුර මට්ටමේ තියන පාලමේ පාදමේ ඉඳන් මාළු බානවලු. එතන හිටපු එකෙක් වෙච්චි අපේ දේවින්දත් යාලු සංජීවත් පාලමේ පාදමේ වාඩිවෙලා කකුල් දෙක වතුරට දාගෙන කළුවරේ මාළු බානවලු.. 

ඈ බන්.. මට මාළු අහුවෙන්නෙම නැහැනේ බන්.. එහෙම කිව්වේ සංජීවලු..

අද උඹේ වෙලාව හොඳ නැතුව ඇති බන්.. අර අරුන් අල්ලන්නේ එක දෙකා..

නෑ බන් මේ කුකුල් බොකු දියවෙනවා වගේ වෙනවා බන්.. ඇමට ගහල ගඟට දැම්මාම මාළු කොටන්න කලින්ම ඇම අතුරුදහන් වෙලා යනවනේ.. 

නෑ එහෙම වෙන්නේ නැහැනේ.. මේ මමත් දැන් මාළු දෙන්නෙක් අල්ලුවනේ බන්..

නැත්තෙ මොකද බන්.. මම දැන් මේ පැයක් විතර මාලුවෙක් අල්ලගන්න දඟලනවා.. කොහෙද.. ඇම ගහනවා විතරයි..වතුරට දාල විනාඩියෙන් උඩට අරන් බලනකොට ඇම අතුරුදහන්..

කෝ දියන් බලන්න පිත්ත.. එහෙම කියාගෙන අපේ දේවින්දයත් මාළු බෑම පැත්තක තියල සංජීව ලඟට කිට්ටු කරාලු..

සංජීව  මොකක්ද බන් මේ ගඳක් එන්නේ..

නෑ ..

නැත්තෙ මොකද යකෝ.. උඹ ගාව මාර ගන්දයිනේ බන්..

පිස්සුද බන් දේවින්ද..

මට පෙන්නේ උඹ මේ කරුවලේ මෙතන තිබ්බ ජරා ගොඩක් පාගල වගේ.. වර යන්න උඩට නැගල ලයිට් කනුව ගාවට ගිහින් බලමු..

ඔන්න අපේ දේවින්දයත් සංජීවයව වදෙන් පොරෙන් ඇදගෙන ආවලු පාලම උඩ ලයිට් කනුව යටට..

පෙන්නහන් කකුල් දෙක..

ඕන් බලහන්..

කෝ නෑනේ බන්..

ඉන්දිකගේ කකුල් දෙකම පරීක්සා කරලා බැලුවත් අසූචි පාගපු විදිහක් හොයන්නම නැහැලු.. එත් ඉන්දික ගාවින් දරන්න බැරි අසූචි ගඳක් එනවලු ඉවසන්නම බැරි..

කෝකටත් පෙන්නහන් බලන්න උඹේ අත් දෙක..

පිස්සුවටද බන්.. මොකෝ මම අත්දෙකෙන් ඇවිද්දේ නැහැනේ..

හරි පෙන්නහන්කෝ බලන්න..

ඕන් බලහන්..

අත් දෙකේම ජරාවනේ යකෝ.. 

පිස්සු.. මම එතන තිබ්බ ජරාව ඇල්ලුවේ නැහැනේ බන්..

හිටහන් බලන්න උඹ පිත්ත දාපු තැනට ටෝච් එක ගහල..

හුටා..

දේවින්දයගේ යාලු ඉන්දික කළුවරේ ඉඳන් කුකුල් බොකු ටික පැත්තකින් තියල ඇමට කඩ කඩ ගහල තියෙන්නේ එතන තිබ්බ කක්ක බෙට්ටක්ලු..

...................................................................................................................................................................


ඊළඟ කතාවත් ඒ වගේම අසූචි කතාවක් ඔන්න..කන බොන එව්වා කාල බීල තමා මේකත් කියවන්න ඕන කියවනවානම්..

මේ කතාවේ කතා නායකයා වෙන යුරාජ් ගැන කියනවනම් යුරාජ් කියන්නේ පානදුර පුරවරයෙන් බිහිවෙච්චි සුපිරිම දක්ෂයෙක්. තාල භාණ්ඩ වාදනයේ අතිදක්ෂයෙක් වෙන අපේ යුරා ලංකාවේ ඉද්දි ප්‍රසිද්ද සංගීත කණ්ඩායම් කිහිපයක  percussionist   විදිහට සම්භන්ධ වෙලා හිටපු අති දක්ෂයෙක්. මීට අවුරුදු පහකට හයකට කලින් ලංකාවේ නිපදවෙච්චි අලුත් සංගීත නිර්මාණ වෙනුවෙන් පටිගතකිරීම් බහුතරයක් වෙනුවෙන් percussion වාදනය කරලා තියෙන්නේ අපේ යුරා. වේදිකාවට ගොඩවුනාම පහල ඉන්න ප්‍රේක්ෂක පිරිසව ඇතිවෙන්න නටවන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන යුරාජ්, ප්‍රේක්ෂකයාගේ රසංඥතාවය හඳුනාගන්න පුළුවන් වාදකයෙක් කිව්වොත් තමයි නිවැරදි. අපි දක්ෂයි කියාගන්න මමත්වය පිරිච්ච බහුතරයක් සංගීත කාරයන් අතර යුරාජ් කියන්නේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවය අඳුරගන්න පුළුවන් සංවේදී මනුස්සයෙක් වගේම ප්‍රේක්ෂකයා  පිනවීම වෙනුවෙන් ඇඟ ඇතුලේ තියන අන්තිම ලේ බින්දුව දක්වාම මැරිලා වැටෙනකල් සිංහල , ඉංග්‍රීසි,ස්පැනිෂ්, හින්දි, දමිල සිංදු කියන්නත් වාදනය කරන්නත් බැහැයි නොකියන චරිතයක්. අවන්කවම  කියනවනම් අපේ යුරාජ් කියන්නේ සිංහල ,ඉංග්‍රීසි, ස්පැනිෂ්, හින්දි, දමිල ඇතුළු විවිද භාෂාවෙන් ගීත ගායනයටත් සියලුම තාල භාණ්ඩ වාදනයටත් උපතින්ම දක්ෂ බොහොම දුර්ලභ වර්ගයේ කොම්බො පැකේජ් එකක් කිව්වොත් තමයි නිවැරදි.


මේ ලියන්න යන සිද්දිය අපේ යුරා කොලු කාලේ හෙවත් 1998 කාලේ වෙච්චි සිද්දියක්. 

ඔන්න දවසක් අපේ යුරා සහ මිත්‍ර සමාගම වෙසක් දවසක ෆුට් බයිසිකල් වලින් වෙසක් බලන්න කොළඹ ආවලු පානදුරේ ඉඳන්. වෙසක් කාලෙට කොල්ලෝ කුරුට්ටෝ ඒ කාලෙනම් බයිසිකල් පැදගෙන වෙසක් බලන්න ගියාට දැන් කාලෙ කොල්ලොනම් ඒ වගේ මහන්සිවෙන වැඩ කරන්නේ නැති තරම්. ඔන්න අපේ යුරා සහ පිරිස පිටකොටුවේ තොරණ එහෙමත් බලාගෙන කොම්පඥ්ඥවීදියේ තිබ්බ දන්සැලකින් රාත්‍රී ආහාරවේල බොකු බඩවැල් දිගෑරෙන්නම වළඳුවලු. බඩගින්නක් තිබ්බත් නැතත් දකින දකින දන්සල් වලින් කන එක වෙසක් බලන්න බයිසිකල් පදින එවුන්ගේ සිරිතක්නේ. ඔන්න අපේ යුරා ඇතුළු පිරිස දන්සැලෙන් එලියට ඇවිත් ඊළඟ තොරණ බලන්න යන්න සෙට් වෙනකොටම කට්ටියටම මොකක්දෝ බඩේ අමාරුවක් වගේ දැනෙනවලු. 

බඩජහරිකමට කාපු දෙයින් මොකක් හරි වරදක් වෙලා කියල කට්ටියටම දැනෙනකොට අමාරුව ආහාර මාර්ගයේ පහල කොනටම ලංවෙලා ඉවරලු. දැන් අපේ යුරා ඇතුළු මිත්‍ර සමාගම කොම්පඥ්ඥවීදිය පුරාම බයිසිකල් තල්ලුකරගෙන කක්කුස්සියක් හොයාගෙන දුවනවලු. වෙසක් පෝය දවස උනත් කිසිම තැනකින් කක්කුස්සියක් දන් දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් නොවෙච්චි නිසා වැඩිය සෙනගක් ගැවසෙන්නේ නැති තාප්පයක් අස්සෙ බඩේ අමාරුව නිදහස් කරගන්න අපේ යුරා ප්‍රමුක බයිසිකල් නඩය තීරණය කරාලු. එහෙම කරෙත් ඊට වඩා ඉවසගෙන ඉන්න ක්‍රමයක් නැතිමවුණු නිසාලු. 

ඔන්න යුරාජ් ප්‍රමුක සෙට් එක තාප්පෙකට මෙහායින් තිබ්බ කපාදු කරපු ක්‍රෝටන් වැටක් අස්සෙ තැනින් තැනින් වාඩිවෙලා බඩේ අමාරුව නිදහස් කරලා දැම්මලු. කට්ටියම බඩේ අමාරුව නිදහස් කරගෙන පස්සපැත්ත සෝදාගන්න මුහුදු වෙරල දිහාවට යන්නලු දැන් කල්පනාව. ඒත් එකෙක් මිසින්ලු..

කෝ බන් ඉන්දික..

මේ ඉන්නවා බන්.. හිටහන් මම තාම ඉවර නැහැ..

ඉක්මනට දාහන් බන්.. කව්රුහරි ආවොත් අපි සුං ..

හරි බන් හරි..

කරුහරි ආවොත් කියන භයට අපේ යුරාජ් ප්‍රමුක පිරිස කෝකටත් කියල ඉන්දිකය වාඩි වෙලා ඉන්න තැනට ලං උනාලු කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්න..

හරිද බන්..

හරි හරි බන් ඉවරයි..

එහෙම කියාගෙන  ඉන්දික වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටලු.. 

"ස්රස් "

කාටවත් අඩුත් නැතුව වැඩිත් නැතුව ඉන්දිකගේ මලපහ  සමසමව බෙදීල ගිහින් හැමෝගෙම ඇඟ ස්ප්‍රේ වෙලා යන්න තත්පරයක්වත් ගියේ නැතිලු..

හුටා..

ඉන්දිකයා මලපහ කරන්න වාඩි වෙලා තියෙන්නේ ක්‍රෝටන් ගහක් බිමට නවලාලු . ඒ මදිවට ඉන්දිකය මලපහ කරලා තියෙන්නෙත් අර බිමට නමපු ක්‍රෝටන් ගහ උඩ.. ඉන්දිකයා නැගිට්ට ගමන් දෙයියන්ගේ පිහිටෙන් අර බිමට නැවිලා පෑගිලා තිබ්බ ක්‍රෝටන් ගහ කෙලින් වෙලා..

වෙසක් දවසේ රෑ ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු අතරින් මුහුදු වෙරළට යන්න වැඩි අමාරුවක් උනේ නැහැලු අපේ යුරා ප්‍රමුක සෙට් එකට. ගෝල්ෆේස් එකට පය තිබ්බ ගමන් ගෝල්ෆේස් එකේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල මුන්ට මුහුදේ නාන්න යන්න ඉඩ හසර සලසල දුන්නලු.

71 comments:

  1. Replies
    1. ස්තුතියි හරී මේ පැත්තේ ආවට..

      Delete
  2. මරු කතා ටික.. වෙලාවට කන්න ඉස්සර වෙලා කියෙව්වේ...
    පොලීස් කාරයා බය වෙලා තියෙන හැඩයි. කොල්ලා කෙට්ටු උනාට අනිත් ඒවා කෙට්ටු නැහැනේ...

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර පොලිස් කාරයා බයවෙන්න ඇති නේන්නම්..

      Delete
  3. පොලිස් කාරය අතපත ගානකොට අරූගෙ වෙපන් එක ලෝඩ් වෙලාද තිබුණෙ.
    සංජීවය මාළුන්ගෙන් ගුටි නොකා ආපු එක ලොකු දෙයක්.

    3 වෙනි කතාවෙ එකම ඡේදෙ දෙපාරක් තියෙනව.

    මට මැවිල පේනව අරුං ටික ගූ නාගෙන ගෝල්පේස් යනව. හැබැයි උංට ඔය විදියටම පෝලිං තියෙන දන්සැල් වලට එහෙම ගියානං කිසිම පරක්කුවක් නැතුව කන්න බොන්න තිබුණ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න චේදය හැදුව බන්.. මේ දවස්වල බ්ලොගර් ටිකක් පිස්සු නටනවා වගේ.. අවුල් ගොඩක් තිබිල අන්තිමේ ඔක්කොම ඩිලීට් කරලා ආයෙත් පේස්ට් කරන්න උනා..
      කක්කි නාගෙන දන්සැල් කන්න ගියානම් බඩ පිරෙන්න කන්න තිබුන නේන්නම්..

      Delete
  4. ඉස්තරම්, බොහොම කාලෙකට පස්සේ මේ වගේ 'රසවත්' කතා කීපයක් කියෙව්වේ.

    ReplyDelete
  5. අර ඇමට ගූ ගහපු එකා සිහියෙන් නෙමෙයිද බං ඉඳල තියෙන්නේ...
    කතා ටික නම් නියමයි මචං

    ReplyDelete
    Replies
    1. කටේ තොලේ ගාගෙන කළුවරේ මාළු බෑවම කුකුල් බෝක්කයි කක්ක බෙට්ටයි මාරුවෙන එක මහා දෙයක් නෙවෙයි බන්..හැක්..

      Delete
  6. //මේ ලියන්න යන ඕපාදූප ගණයට වැටෙන සිදුවීම් හතර// කෝ අනිත් එක? මෙතන තුන නේ තියෙන්නේ..

    මහේශයත් මන් වගේ එකෙක්.. ඇවිදින්නයි ජොකා නැතුව ඉන්නයි කමති එකෙක්.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. කතා හතරක් ලියන්න තමයි ලැස්ති උනේ.. එත් කතා තුනක් ලියල ඉවර වෙද්දී රෑ 1යි කාලයි.. ඉතින් මාතෘකාව වෙනස් කරලා පබ්ලිෂ් කරා නිදිමතේ.. මුලින් කතා හතරක කතාවක් ලිව්ව කියල අමතක උනානේ..

      ජොකා නැතුව උදේ පාන්දර හීතලේ මැරතන් දුවද්දී මාර වෙන්ටිලේෂන් එකක් තියෙන්න ඇති නේද බන්.. හැක්..එව්වා ඉතින් දන්නේ උඹලගේ ජාතියේ එවුන් තමා..

      Delete
  7. මරු කතා ටිකක්නෙ අම්බලංගොඩය දාල තියෙන්නෙ.

    ReplyDelete
  8. /ඒ තරම් ඇවිදීමේ සූරයෙක් වෙච්චි අපේ මහේෂ් බම්බලපිටියේ ඉඳන් අඟුලානට යන්න කෝච්චියක් එනකම් දුම්රියපොළේ ඉන්නේ නැතුව ඒ සුට්ට දුරත් පයින්ම විදින්නේ නැත්තෙ ඇයි කියන එක ගැන මට අදත් ප්‍රශ්නයක්. /

    මං දවසක් කොල්ලුපිටියෙ ඉඳං කොම්පඤ්ඤ වීදියට පයං ගියා, කෝච්චිය ඇතුලෙං...

    ReplyDelete
    Replies
    1. මමත් ගිහින් තියෙනව ඔය කියන ගමන බම්බලපිටියේ ඉඳන්.. දවසක කෝච්චි ඉස්ට්‍රයික් එකක් වෙලාවේ ඔක්කොම කෝච්චි පේලියට නවත්තල.. රුහුණු කුමාරිය තමා පිටිපස්සෙන්ම තිබ්බේ.. ඉස්සරහම කෙලවරේ තැපැල් දුම්රිය..එදා මම ආවේ රුහුණු කුමාරියේ. රේල් පාර අයිනේ ගල්ගොඩේ කනපින්දම් ගහනවට වඩා ලේසියිනෙ බන් කෝච්චිය ඇතුලෙන් යන එක..

      Delete
    2. මට උනේ මේකයි. මං දුවගෙන ඇවිත් පාරෙම්ම නැගගත්ත කෝච්චියෙ අන්තිම පෙට්ටියට. ඒකෙ ඉඳං ඉස්සරහම පෙට්ටියට එනකං පයිං ආව. ඉස්සරහ පෙට්ටියට එනකොට කෝච්චිය කොම්පඤ්ඤ වීදියට ඇවිත්. (මං බහින්නෙ ගණේමුල්ලෙං. ඉතිං ඉස්සරහම පෙට්ටියෙ උන්නහම පාරටම බැහැගත්තෑකි.)

      අර කියපු වැඩේ මාත් කරල තියෙනව. දවසක් කෝච්චි පහක් ඉස්සර කරල ගිහිං ඉස්සරහ කෝච්චියට නැගගත්ත.

      Delete
    3. අපි හවසට සමුද්‍රදෙවියේත් එහෙම තමයි බන්.. වැඩි ලේසියට කෝච්චිය දිගේ ඉස්සරහ පෙට්ටියටම යනවා.

      Delete
  9. බැලතනගහ උඩ රුන්න වගේ කියල පරණ කියමනක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. බැලතන ගහ උඩ එහෙම කරාම මොකද බන් වෙන්නේ..

      Delete
    2. බැලතන ගහත් දුන්න වගේ තමා. නැගිට්ට ගමං අර ජරා ගොඩ පිට පුරා...

      Delete
    3. ඒකත් එහෙමද.. ඔව්ව දැනකියාගෙන ඉන්න එක අනාගතේට හොඳයි..

      Delete
    4. රවි ලියල තිබ්බ. කාලෙකට කලිං වාංපතුල් කතාවක. ඒ නැත්තං මං දන්නෙත් නෑ.

      Delete
    5. එහෙමද .. රවීගේ පොස්ට් එක හොයාගෙන කියවන්න ඕන..

      Delete
  10. පට්ට අම්බලං......... උඹේ ලියැවිල්ලනං සුපිරියි............

    ReplyDelete
  11. මේක උඹෙ පරණ ශෛලියෙන් වෙනස්. පරණ ශෛලිය පට්ට ඈ. ඒකෙං ලිව්වනං මීට වඩා හිනා යනව.

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම් නෙවෙයි නිසා ඒ ශයිලියෙන් ලියන එක අනුන්ගේ ක්‍රෙඩිට් දාගනිල්ලක් වගේ බන්.. එහෙම හරි නැහැනේ..

      Delete
    2. මං ආසම, අර එක සැරයක් ලියල තිබ්බෙ, “අපි දැං යාල යන්නෙ සත්තු බලන්න නෙවේය. සත්තුන්ට, පට්ට වස්සො හතර දෙනෙක් පෙන්නන්නය...“ වගේ වගන්තියක්. අන්න ඒ වගේ කියමං එන්නෙ පපුවෙම්මයි. මං කිව්වෙ ඒ ශෛලිය ගැන.

      Delete
    3. එහෙනම් ඊළඟ පොස්ට් එක ඒ භාෂාවෙන් ලියන්නම්කෝ..

      Delete
  12. Replies
    1. ස්තුතියි දොස්තර මහත්තයා මේ පැත්තේ ආවට..

      Delete
  13. උබේ කතා නෙවේ කිව්වට මෙව්ව‍ෙ උබටද කොහෙද වෙලා තියෙන්නේ....හකු පනිනවා හිනා වෙලාම හැක්

    ReplyDelete
    Replies
    1. උඹල නම් ගම් වෙනස් කරගෙන අඳුරන්නත් අමාරුයි බන්..

      Delete
  14. ගූ කතා ගොඩයි.උඹ කතා 4යි කිවුවට තිබුනේ 3යි.අනිත් එක ඇමට ගහලා වතුරට දාලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. රෑ එක වෙනකම් ලියලත් ඉවර කරගන්න බැරිවුන නිසා තුනෙන් නවත්තල පබ්ලිෂ් කරා බන්.. ඔන්න දැන් හතර තුන කරා..

      Delete
  15. වෙලාවට කාලා නෑ තාම.. යකෝ අරකත් අන්දරේගෙ පරම්පරාවෙ එකෙක්ද..?

    ReplyDelete
    Replies
    1. අන්දරේගේ නෑයෝ හැමතැනම බන්.. ලංකාවට ආවම උඹලගේ ගමේනම් එන්නම හිතන් ඉන්නෙ ඔන්න..

      Delete
    2. අනිවා වරෙන් මචෝ.. ඕනෙ වෙලාවක..

      Delete
  16. මට මතක් උනේ කතරගම මැනික් ගග ඉවුරෙ කහබතලය වැලක් උඩට බොග දාල යන්න හදනකොට වැල පැටලිලා ඉස්සරහ රුන්න රජා,චම්ලි ගෙ පිටේ බොග වපුරපු එක.හික්ස්ස්ස්

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්දියේ ලියන එව්වද හැබෑටම මේ.. බතලයා දැක්කොත් තෝ සුං..

      Delete
  17. හික්ස් ... මරු යාළුවො ටික.

    ReplyDelete
    Replies
    1. මිත්‍රසම්පත්තිය ලබන්නත් ඉතින් පින් කරලා තියෙන්න ඕන හංසි..

      Delete
  18. දැන් උඹ කියන්නෙ ඔය සීන්වලට උඹ සම්බන්ධ නෑයි කියලද?

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මේ සීන් තුනටම මම සම්භන්ධ නැහැ බන් හැලපේ අයියේ.. හැබැයි මීට වඩා කුජීත වැඩනම් මට වෙලා තිබේ.. එව්වා ලියන්නම්කො ඉදිරියට..

      Delete
  19. අන්න බලපල්ල මහේෂ්ල
    අපි හෙන කුයික් ඩෑල හරිය :-P
    හෙහ් අරූට ඕව ඇදල ඇරං ඇමට ගහද්දි වත් තේරුන්නැද්ද දන්නෑ මේ ගහන්කෙ කුකුල් බොකු නෙවී කියල හිහි
    පට්ට පට පට අඩේ

    ReplyDelete
    Replies
    1. හිටහන්කෝ ඔය කයිය ගහන මහේෂ්ලගෙන් තවත් මහේෂ් කෙනෙක් ගැන ලිපියක් ලියන්න.. හැබැයි ඔන්න ඊටපස්සේ කියන්න එපා උඹ නම වෙනස් කරා කියල..

      Delete
    2. මහේෂ්ලා යටට අදින්නෙම නෑ කියන්නේ

      Delete
    3. ඒකනම් අත්දැකීමෙන් ම දන්නා සත්‍යක්.. පිටසක්වල ජුන්ඩා පොස්ට් එකේ අපේ කැප්ටන් පයිලට්ගේ නමත් මහේෂ් තමයි.. හැක්.. ඌත් මේ ජාතියේ තමා..

      Delete
  20. කියලා වැඩක් නෑ, මරුම සෙට් එකක් ඉදලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මේ පැත්තේ ආවට..

      Delete
  21. හා හා පානදුරේට මොකුත් කියන්න එපා හොඳේ... :D :D :D

    අපි නම් ඉස්සර යන්නේ හිරණ මහා කූඩු රාජයා සහ මොරටුවේ පෙන්වන රත්මලානේ පහන් කුඩුව බලන්න!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පානදුරට මොකුත් කියන්න එපා.. උපන්ගම අම්බලන්ගොඩ උනාට මගෙත් ඉස්කෝලේ යන්න කලින් කුඩා සන්දිය ගෙවුනේ පානදුර දිග්ගල කියන ගමේ තමා..

      Delete
  22. පන පිහිටලා ලියල තියෙන්නේ, එකෙන්ම මේවා අත්දැකීම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්.. මෙව්වා ඉතින් මගේ අත්දැකීම් නෙවෙයි බන්..

      Delete
  23. හිහ්... හිනා වෙලා පන නෑ. මේවා ඇත්තම සිද්ධි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි භාග්‍යා මේ පැත්තේ ආවට.. මෙව්වා 100% ක් සත්‍ය සිදුවීම්..

      Delete
  24. මරු කතා සෙට් එක.
    ඔය දෙවනි කතාවේ වගේ ලාඕලු ගෙඩි කියලා කක්කා කාපු එකෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ.. ඌ සංජීවට වඩා අඳබාල එකෙක් වගේ..

      Delete
  25. කොමෙන්ටුවයි පාර පෙන්නුවේ මේ පැත්තේ එන්න. කතාව නම් නියමයි. එන්නම්කො දිගටම....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේතු මේ පැත්තේ ආවට..

      Delete
  26. මම කල්පනා කලේ අච්චර තදියමේ හිටි එකාට ක්‍රෝටන් ගහක් පෙරලා ගන්න හිතුණේ මොකද කියලා ? නියම කතා ටික තව පොඩ්ඩකින් කෑම කන්න හිතාගෙන උන්නේ. ඒත් දැන් කොහොමෙයි.

    ReplyDelete
    Replies
    1. ක්‍රෝටන් වැටක් පෙරලගෙන ගිහින් තමයි කට්ටිය එක්ක වැඩේ කරලා තියෙන්නේ සුදීක.. ඒ වෙලාවට ඉතින් කොස්ගහක් උනත් පෙරලගෙන යන්න හයිය තියනවනේ..

      Delete
  27. හිස්ටරි රිපීට්ස් කියන්නෙ මෙව්ව වෙන්න ඇති.උඹ නිකමට හරි අන්දරේ ගෙ කතාව අහල තිබ්බ නම් උඹේ යාලුවො ගූ නාන්නෙ නෑ නෙ.. හ්හ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම අන්දරේගේ කතාව අහල නැහැනේ බන්.. කියහන්කෝ දැනගන්නත් එක්ක..

      Delete
  28. අම්මෝ! ගොඩයෝ ! මේක පට්ට

    ReplyDelete