Monday, March 19, 2018

වවන්නෝ දිනන්නෝ 2






වවන්නෝ දිනන්නෝ පලවෙනි කොටස 
http://ambalangodakatha.blogspot.com/2018/03/1.html


දහසක් කරදර බාදක මැද්දෙන් පාත්ති දැමිල්ල ඉවරවුනා කියමුකෝ. ඊළඟට ගොඩයා කල්පනා කරන්නේ දැන් ගොඩයා රස්සාව කරන අල්ලපනල්ලේ කව්ද යකඩෝ මේ සා වගාවකට සාත්තු කරන්නේ සහ කව්ද යකඩෝ එව්වයේ අස්වනු නෙලන්නේ කියන එක. අපේ කොන්ඩයා ඉතිං කොයි අසනීපෙකටත් වෙදකම් කරන්න දක්ෂයා නිසා ගොඩයා අවශ්‍යතාවය කොන්ඩයාට ඉදිරිපත් කාරයින් පස්සේ කොන්ඩයා විසින් ඔන්න එවනවා වයස පනහක් විතර වයස ගිය ගොවිතැනට දක්ෂ මනුස්සයෙක්. ඔය කියන මනුස්සයා වැඩේට දක්ෂ උනාට වත්තේ වැඩ කරන්නේ එක දවසයිලු. වැඩේ ටිකක් බරසාර වැඩි නිසාද කොහේ හවස පඩි ඉල්ලගෙන හෙට එන්නම් කියලා ගෙදර ගිය මනුස්සයා ආයේ රස්සාවට එන්නේ නෑ. නැවතත් ප්‍රශ්නයක් කියහන්කෝ..


දැන් මේ උද්ගතවෙලා තියන බැරෑරුම් ප්‍රශ්නයට උත්තර විදිහට තමයි ඔය කුඹුරු ඉඩමට එහායින් තිබ්බ ඩඩාගේ කුරුඳු ඉඩමේ පොඩි ඉඩක ගේ කෑල්ලක් අටවන්න ගොඩයා කල්පනා කරන්නේ. වැඩකරන්න එන මනුස්සයෙකුට බස් රථයකින් ඇවිත් බැහැලා හැතැක්ම දෙකක් විතර පයින් එන දුරක ඉඩම පිහිටීමත්, අවට ගෙයක් දොරක් තබා මිනිස් පුළුටක්වත් නොමැති වීමත් සේවකයකු සොයාගැනීමෙහි ලා පවතින විශාලම ගැටලුව බවට තේරුම්ගන්නට ගොඩයාට වැඩි අමාරුවක් වෙන්නේ නෑ. කොන්ඩයා කොණ්ඩය කෙලින් කරගෙන ගොඩයාට සේවකයින් හෙව්වත් ඉඩම පිහිටා තිබෙන ඉසව්ව මුකලානක් වීම සහ ප්‍රවාහන පහසුව අවම වීම වැඩේට සෑහෙන්න අවාසියි.


 ඒ වෙද්දී පාත්ති දමිල්ලටයි අනෙකුත් වියදම් වලටයි ගොඩයාගේ ලක්ස දෙකකට පොඩ්ඩක් වැඩි ගානක් වියදම්. වැඩක් කරද්දී ඒක හරියටම කරන්න ඕන නිසා ඔන්න ඊළඟට ගොඩයා පටා...න් ගන්නවා සේවක නිවාසයක්  හදන්න. මොකද ගොඩයගේ ඊළඟ ප්ලෑන් එක නොමිලයේ ඉඳුම් හිටුම් ලබාදීලා පහසුකම් ටිකක් වැඩි කරලා එහෙම සේවකයෙක් හොයාගන්න. පැල හිටවන්න කලියෙන් සේවකයකු සොයාගැනීම වෙනුවෙන් කෙරෙන කටයුත්තක් නිසා ගෙවල් හැදිල්ල සෑහෙන්න හදිසියි. වැඩේ කොච්චර හදිසියිද කියනවනම් ඔය ගේ පොඩ්ඩ හදන්න ගෙපැල කැපිල්ල, වැසිකිලි වල හැරීම, ලිඳක් කැපීම වගේ සියල්ලම කෙරෙන්නේ එක්ස්කැවේටර් වලින්. වැඩේ ඉටිකිරිස් වගේ කෙරීගෙන ගියාට මොනර කොලත් ඒ හා සමානවම වියදම්. වැඩේ කියන්නේ මේ සා විසාල ව්‍යාපෘතියකට තමුන්ගේ එකම පුත්‍රයා අතගහල තියෙද්දී දෙමාපියන් නිකමට ඇවිත් බලන්න වටිනවා නේද මූ ඉඩමේ අඩුම තරමේ කසිප්පු පෙරනවාවත්දෝ  කියල... මොන.. එයයිලාට ඉඩමක් තිබ්බේ නෑ වගේ.. දිගටම බ්‍රහ්මදණ්ඩනය පමණයි.. ගොඩයා උදේ පාන්දරින් අවදිවෙලා ගෙදර තියෙන  කැති, උදලු, පොරෝ, මන්න පිහි, තාච්චි, වීල් බැරෝ ඔක්කොම කාර් කටුවට පටෝගෙන ඉඩමට ආවට ගෙදරින් මෙලෝ ස්පොන්සර්ෂිප් එකක් නෑ කියහන්කෝ. ඒ හා සමානවම ගොඩයාගේ නිවාඩුත් එක සීරුවට ඉවර වෙනවා දිගටම ප්‍රොජෙක්ට් එකට ඉන්වෝල් වෙන නිසා.

නිවාඩු ඉවරවෙනවට සාපේක්ෂව තව දෙජාතියක් ඉවර වෙනවා කියමුකෝ. එක තමයි පොල්වත්ත හංදියේ තැපැල් කන්තෝරුවේ ටෙලිග්‍රෑම් ෆෝම් ටික. ඒ ගැන වැඩි දුර යමක් කියනවනම් ඔය නිවාඩු ගැනිල්ල හරි ආකාරව සිද්දවෙන්න නම් අංශ ප්‍රධානීන්ට දැනුම් දෙන්න වෙනවනේ අද දින නිවාඩු අවශ්‍යයි රාජකාරියට පැමිණෙන්නේ නැත කියන කාරනාව. කොයි රජයේ ආයතනයටම පොදු නීති පද්ධතියට අනුව නිවාඩුවක් ගන්න නම් වැඩ බලන නිලධාරියෙක් නිවාඩු අයදුම් පත්‍රයේ අත්සන් කරන්න ඕන. ඊට පස්සේ ඔය නිවාඩු අයදුම්පත ආයතන ප්‍රාධානියා ලව්වා අනුමත කරවාගන්නත් ඕන. . ඔය නිවාඩු කොලේ අනුමත කරවගන්න ගියාම ලොක්කා නිකම් හරියට මූණ දිහා බලන්නේ උන්දෑ කසාද බඳිද්දී මාමණ්ඩිගෙන් ලබන දෑවැද්දෙන් කොටහක් අපි ඉල්ලන ගානට. ඒ වගේම නිවාඩු ඉල්ලීමට හේතුව විදුහට "පුද්ගලික අවශ්‍යතාවක්" කියලා දැම්මාම ඒ අවශ්‍යතාවය මොකක්ද කියලත්   උන්දැට දැනගන්න ඕන. ඉතින් යකඩෝ නිවාඩුවක් ගන්න ඔය සා වදයක් විඳින්න ඕනෙද මං අහන්නේ. ගොඩයා ඔය වද තිස් දෙකෙන් බේරෙන්න හොයාගත්තු හොඳම විකල්පය තමයි ටෙලිග්‍රෑම්  සෙල්ලම. ඔය සෙල්ලම කොයිතරං නැගල ගියාද කියනවනම් තැපැල් කන්තෝරුවට ගොඩනගිනකොටම ටෙලිග්‍රෑම් ෆෝම් එකක් අතට දෙන්න තරම් තැපැල් කන්තෝරුවේ රාජකාරි කරන මහත්මියටත් වැඩේ පුරුද්දකට ගියා.

ඔයිට සාපේක්ෂව ඉවරවෙන අනික් දේ තමා ගොඩයා අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරපු මොනර කොළ ටික. එව්වත් ඉතින් බලාන ඉද්දි ගොඩයාගේ සාක්කුවෙන් පියාඹලා යන්නේ ආයේ එන්නේ නෑ සත්තලනේ කියාගෙනමයි. ඇස්තමේන්තුගත ව්‍යාපෘතිය අතරමගදී වෙනස් කරලා යන්ත්‍ර සූත්‍ර කුලියට ගැනීම වෙනුවෙන් අමතර පිරිවැයක් දරන්න වෙච්චි නිසා එන්න එන්නම ගොඩයා හාන්චිපයිස් වෙන තත්වයක් තමා පෙන්නුම් කරේ. කොහොමහරි පලා හිටවෙනකම් වැඩේ ඇදගෙන යන්න ඕන නිසා ඊළඟට ගොඩයාට සිද්දවෙනවා අත්‍යවශ්‍ය නොවෙන වියදම් කිහිපයක් කපාහරින්න. ඒ ගැන වැඩි දුර කල්පනා කලාම පළමුවෙන්ම ලේසියෙන්ම කපාහරින්න පුළුවන් වෙන්නේ වැඩකරන සේවකයින් වෙනුවෙන් ගොඩයා විසින් සැපයෙන ආහාරවේල් දෙක. වැඩේ පටා.....න් ගනිද්දී උදෑසන නවය වගේ වෙද්දී පොල්ලේ විසින් ත්‍රීරෝධ රථයෙන් ගොවිපොළටම ගෙනල්ල දෙන උදෑසන ආහාරය කපාහරින ගොඩයා ඒ වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් යොදවන්න තීරණය කරනවා. ඒ තමා ගොඩයාගේ ශ්‍රමය සහ ඩඩා මාසෙකට සැරයක් ගෙදරට ගේන කෑම බඩු උපයෝගී කරගෙන උදෑසන ආහාරවේලක් තමා විසින්ම පිළියෙළ කරනලදුව තමා විසින්ම ගොවිපොළ වෙත ප්‍රවාහනය කිරීම. අන්න ඒ කිව්ව කටයුත්ත වෙනුවෙන් උදේ පහට විතර අවදිවෙන ගොඩයා දන්නා කියන ශිල්ප ක්‍රමද, අත්දැකීම් තුලින්ලත් ඥානයද, එහෙන් මෙහෙන් බලාගෙන ඉඳලා ඉගෙනගත්තු දැනුමද උපයෝගී කරගෙන හෙන පරිප්පු හොද්දක් උයාගන්න තීරණය කරනවා.,  ගොඩයා උදේ පාන්දර කුකුලා මල්ලේ දාගෙන අවදිවෙලා කුස්සියේ වලන් පිඟන් පෙරලනකොට ගොඩයාගේ මෑණියන් කලබලෙන් කුස්සියට ඇවිල්ලා සප්‍රයිස් උනාට ඉතින් එව්වා ගොඩයාට ගානක්වත් නෑ. මට උඹලාගේ උදව් ඕන නෑ  නෑ  නෑමයි කියලා හෙන ලොකු තාලෙන් හිටියට පරිප්පු හොද්දට දාන්න ඕන මොනවද? එතකොට  හොදි බාල්දිය ගොවිපොළට ප්‍රවාහනය කිරීමට භාජනයක් හොයලා දීම වගේ පුංචි උදව් ඉතිං මමාගෙන් ඉල්ලගන්නවා උනාට එහෙම වැඩිය සෙකන්ඩ් වෙන උදව් ඉල්ලන්නේ නෑ. හෙට අනිද්දා මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න යන ගොඩයා ඔය පරිප්පුවක් පොල්සම්බෝලයක් තලාගන්න ක්‍රමවේදය ඇහැව්වට ලොකු ලොකු උදව් ඉල්ලලා පීචං වෙන්න ඕන නැහැනේ. උදේ පාන්දරම අවදිවෙලා කුස්සිය දිහාවට එන ගොඩයාගේ ඩඩා, අලුතෙන් කුස්සිය දෙපාර්තමේන්තුවට අනුයුක්තවෙලා ඉන්න එක්සෙකෙටිව් චෙෆ් දැකලා  උදෙපාන්දරම ලේ කෝප කරගෙන කුස්සියෙන් සාලේ දිහාවට ආවාට වැඩිය වේගයෙන් යන්නේ  එව්වා බලාන හිටියාම ගොඩයාගේ හොම්බට දෙකක් අනින්න හිතෙන හින්ද වෙන්න ඇති. සිටුවේෂන් එක උදේ පාන්දරම අර්බුදකාරී තත්වයක් වෙන නිසා ගොඩයා ඩඩා වාඩිවෙලා ඉන්න හාන්සි පුටුව තියෙන ඉස්තෝප්පුව හරහා නොයා කුස්සියේ දොරෙන්ම මාරුවෙලා යන්නේ ගොවිපොළට යන්න හිතාගෙන.  එහෙම කරන්නේ ඉතිං භයට නෙවෙයි ආයුබෝවන්ඩ තාත්ත කෙනෙකුට පුතෙකුගේ තියන ගෞරවෙට.  යන ගමන් හන්දියේ කඩෙන් පාන් ගෙඩි හතර පහකුත් ගන්න ගොඩයා අමතක කරන්නේ නෑ. 

ඔන්න ඔය විදිහට උදෑසන ආහාර වේල වෙනුවෙන් බජට් බ්‍රෙක්ෆස්ට් මෙනු එකක් වෙත යොමුවෙන ගොඩයා ලන්ච් මෙනු එකත් අහලපහල ගෙදරකට භාරදෙන්නේ පොල්ලේ ලන්ච් එක ගේන්නේ චයිනීස් හෝටලේකින් නිසා, එහෙම සෙන්ටිමෙන්ටල් කරලා වියදම් කපාහරියයින් පස්සේ ප්‍රොජෙක්ට් එක යාන්තමට පැල හිටවන තැනට පිළිවෙලක් වෙනවා,

ඊළඟට නැවතත් මතුවෙච්චි ගැටලුව නම් දැන් මේ සා වගාවක් බලාකියාගෙන සාත්තු කරන්නේ කව්ද යකඩෝ කියන එක. ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් නිවාඩු ගත්තට දීර්ඝකාලීනව රැකියාවට නොගිහින් ඉන්න ගොඩයාගේ අදහසක් නෑ. ගොඩයාගේ ප්ලැන් එක මාස හයක් විතර රැකියාවත් ගොවිතැනත් දෙකම කරගෙන යාමත් පලා බිස්නස් එක අන්තර්ජාතික මට්ටමට ආවාම රැකියාවෙන් ඉවත් වීමත් තමා. එතෙක් කාලයක් ඔය කියන කුරුඳු ඉඩමේ කුරුඳු වැඩ කරපු මනුස්සයාගේ වැඩිමහල් පුත්‍ර රත්නය වගාව බලාකියාගෙන ගොඩයා හදපු ගෙදර නේවාසික වෙන්න කැමති වෙන්නේ ඔන්න ඔය අතරෙයි. ඒ තනියම එහෙම නෙවෙයි. එයයි හා හාපුරා කියලා කැන්දාගෙන ආපු බිරින්දෑත් එක්ක. 

ඔන්න දැන් පැල හිටවන දවසත් ලංවුනා කියමුකෝ. ගොඩයා නැකතක් එහෙමත් සුද්දකරගෙන වැඩේට ලෑස්තිවුනා. හිටවන්න ඕන කරන මුගුනුවැන්න ගෝනි හතරක් හංදියේ එළවලු කඩේ මුදලාලිට කියලා ගෙන්නගත්තා කියමුකෝ. 2002 අවුරුද්දේ හිටවන්න ගතපු මුගුනුවන්න ගෝනි දෙකට තොග මිල රුපියල් තුන්දාහක් වගේ උනා කියල තමයි ගොඩයාට මතක.ගතපු මුගුනුවන්න ගෝනි හතර  අඟල් දෙකේ තුනේ කෑලි වලට කපන්නම ගොඩයාටයි ගෝල තැනටයි වරුවකට වඩා කාලයකුත් ගියා. ඔන්න පහුවදා ගොඩයාගේ යාලු මිත්‍ර සෙට් එකයි ගොවිපොළ අහලපහල ඉන්න අත්තමට වැඩ කරන ගෑනු උදවියයි ජයටම මුගුනුවන්න සම්පූර්ණ අක්කර භාගේ පුරාම හිටවනවා වැඩේ සාර්ථක වෙන්න කියලා හිතාගෙන. දැන් වැඩේ සම්පූර්ණයි ඊළඟට තියෙන්නේ වෙලාවට කලාවට වතුර ටිකයි පොර ටිකයි දාලා අස්වැන්න ගෙට ගන්න තමා. ගොඩයා ඒ වෙද්දී හිතන්නේ ගොවි රජෙක් ගානට කිව්වොත් තමා නිවැරදි. ගොවිපොළේ පදිංචි වෙන්න ආපු ගෝල තැනට යන්න එන්න පහසු වෙන්න තැපැල් නයින්ටියක්වත් අරන්දෙන්න ඕන කියන අදහසකුත් ගොඩයාගේ හිතේ තිබ්බ. හොඳ ව්‍යවසායකයෙක් වෙන්නනම් සේවකයින්ට හොඳට සලකන්න ඕන කියන සිතුවිල්ල ඒ කාලේ ඉඳන්ම ගොඩයා ළඟ තිබ්බ උනාට ලංකාවේ බහුතරයක් ආයතන දිහා බැලුවාම දැන්නම්  ගොඩයාට  හිතෙන්නේ සැර පරුෂ දරදඬු ගති නැති  බොස්ලා ළඟ සේවකයින් රැඳීම අඩු අගයක් කියලයි.

පැල හිටවන්න ආපු ගෑනු උදවියට පඩි එහෙමත් බේරලා හැන්දෑකොරේ පිරිමි උදවිය ඇතුළු යාලු හිතමිත්‍රාදීන්ට පොඩි පහේ සුරාමේරය සාත්තුවක් එහෙම දෙන්න ගොඩයා අමතක කරේ නෑ. 


ඔන්න මේ තමා ගොඩයාගේ මුගුණුවැන්න පාත්ති ටික වර්තමානයේ ගූගල් චන්ද්‍රිකාවෙන් පෙන්නන විදිහ. ඔන්න බලහල්ලා මනුස්සයෙක් උනාම කරා කියලා කියන්න දෙයක් කරන්න ඕන කියන්නේ ඕකට තමා. දැන් බලහල්ලකෝ හඳට ගිහින් උනත් හඳේ හාවට ආඩම්බරෙන්  පෙන්නන්න පුළුවන් 


"අන්න බලහන් හාවෝ අර පේන පාත්ති ටික තියෙනවා නේද.. ඒක කෙරෙව්වේ මේ මං උන්නැහේ තමා"


කියල ..


ඔය සුදු පාටින් කොටුකරලා තියෙන්නේ ඉඩම. රතු පාටින් වෙන් කරලා තියෙන්නේ පාත්ති ටික.  බොලා ඔව්ව බලලා ඔන්න නොදන්නා ගොවිතැන් කරන්න ගිහින් නාගෙන ගොඩයාට දොස් දෙවොල් තියන්න ඔට්ටු නෑ..







මුගුණුවැන්න අස්වැන්න නෙලපු හැටි ඊළඟ කොටසින්.. ඒකෙන් තමා වවන්නෝ දිනන්නෝ ඉවර වෙන්නේ සහ ගොඩයා වසරේ ගොවි රජා සම්මානය දිනාගත්තු හැටි කියවෙන්නේ. 





45 comments:

  1. Replies
    1. කවුද බොලේ මේ තඩියා..... ගොඩයගෙ තඩ්යද??

      Delete
    2. උඹලා දෙන්නගෙන් වැඩියෙන් තඩි කොයි එකාද කියන එකයි ප්‍රශ්නේ මටනම්..

      Delete
    3. පෙසන්නයා තඩියෝ දෙන්නෙකුට මැදිවෙලා චප්ප වෙයිද මන්ද..

      Delete
    4. දැන් උඹලා මේකට ගොඩවෙන්නේ පොස්ට් එක කියවන්නද නැත්තම් පෙසන්නයගේ හිත කඩන්නද???

      Delete
    5. පෝස්ට් එක කියෝල උගෙ හිත කඩල තලල දාන්න

      Delete
  2. Niyamai niyami 2 mama hahahahaha

    ReplyDelete
  3. ඔකනේ කියන්නේ පිස්සෙක්නේ ඔයා තව කොටසකට ඉතුරු කරල..දැන් ඉතින් තව කාලයක් ඉන්න එපැයි වවන්නෝ දිනන හැටි බලන්න...

    ReplyDelete
    Replies
    1. හිටිල්ලා.. තාම හිටෙව්වා විතරයි. පැළවෙන්ට කාලයක් යනවා.

      Delete
    2. එහෙමයි එහෙමයි..ඔබතුමාගේ යාංහැල්ලත් අපි බොහෝ ම ආසාවෙන් කියවනවා කොමෙන්ටු නොකෙටුවට....

      Delete
    3. අල්ලේකනේ කියල්ලේ ඔලාට ඉවසිල්ලක් ලෑ කියලා.. අපේ ශ්‍රංග කියල්ල වගේ පැල ටික පැලවෙලකල් හිටිල්ලකෝ.. මේච මාගල වජේ ලිව්වලම් ඔලාම තමා ලාහෙන් අඬල්ලේ ජිග වැජියි චියල..

      ("යාන්හෑල්ල" සුන්රංගම්ලර් තරුණ මහතාට අනුග්‍රහ පිණිස යාන්හෑල්ලTM භාෂාවෙන්ම ලියන ලදී..)

      Delete
  4. තව ටිකක් තියනවද

    ReplyDelete
  5. බොලාගෙ පරිප්පුව කාල අරුං ටික යහතිං හිටිය මදෑ.
    තැපැල් නයින්ටි මොනවද ඔය වගේ මල්ටි මිලියන් බිස්නස්මන් කෙනෙක් උනාම සේවකයින්ට බීයෙන්ඩබල්වී එකක්වත් අරං දෙන්න ඕන.

    ඊගාව එක ඉක්මනට දාහං.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. එහෙන් මෙහෙන් අහුලගෙන ඉව්වට එව්වා ටොප් රහ පරිප්පු බොලන්.. පරිප්පු උයන්න හැමෝටම බෑ පෙසන්නයෝ..
      බීඑම් එකක් නෙවෙයි මර්සිඩීස් එකක් අරං දෙන්න කියල කියයි ඔයාම ඊළඟ කොටස කියෙව්වාම.

      Delete
  6. කතාව කියවල අහවර වෙලා වත්ත පැත්තෙ යන්න හිතං හිටියෙ. උඹ මොකද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් හිටින් හැලප අයියේ ඊළඟ කොටස කියවලාම ගියානම් තමා හොඳ.. පලා බිස්නස් එක ලේසියි සහ ලාභ ප්‍රතිශතය වැඩියි.. හැබැයි කෘමිනාශක භාවිතය අධිකයි.. අක්කරයක් දෙකක් දාගත්තොත් සැලකියයුතු ආදායමක් හොයන්න පුළුවනි..

      Delete
  7. අන්කල් එහෙම මෙව්වා දකිනවද ද්නිනේ නෑ නේහ්

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ මොකද අපේ ඩඩා අන්තර්ජාල භාවිතයක් නෑ.. දවසක මේ ඔක්කොම එකතු කරලා පොතක් ගහලාම දෙනවා කියවන්න..

      Delete
  8. අඩෝ ඒ පාත්තිද බං පේන්නෙ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්.. අඩි දහයක් විතර පළලයි ඔය පාත්තියක්.. මීට අවුරුදු දාසයකට කලින් තමා ඔව්ව හැදුවේ..

      Delete
  9. ටහිකෙන පාත්ති දැමිල්ලක් නේ

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් පොඩියට වැඩ නෑ තඩියෝ.. මහාපරිමානෙන් තමයි ඉතින් හොද්දක් හැදුවත්..

      Delete
  10. වැවෙන්න කලින්ම පොල්ලේ නං අස්වැන්න නෙලල වගේ. මේක කිව්වට අමනාප වෙන්ට එපා අයියෙ. බොලයි අම්මයි තාත්තයි දෙන්නම නං අම්මපා බුම්මන්නම උපන් දෙපළක්ද කොහෙද. හැබැයි ඉතිං එයිං එහාට ඒ දෙපළගෙන් අයහපතක් වෙලා නැති හංදා අවුලක් නෑ. අර පොටෝ එකේ පේන හැටියට නං ඒ පාත්තිවල දැං තණකොලත් හිඟද කොහෙද.

    ReplyDelete
    Replies
    1. පොල්ලේ ඉතින් හයර් එකට ගියොත් අපෙන් ඩබල් චාර්ජ්.. අතේ සල්ලි නැත්තම් හයර් එක සම්පූර්නෙන්ම ෆ්‍රී ඕෆ් චාර්ජ්..
      අපේ මමයි ඩඩයි ඔහොම හිටපු නිසා තමා බන් අද යන්තම් රටට ණය නැතුව මෙහෙම කාලා ඇඳලා ඉන්නේ.. එහෙම නැතුව අපිලා කරන්න ගිය වැඩ වලට ආශිර්වාද කරානම් අද වෙද්දී මං බැංකු විස්සකට තිහකට කෝටි දහයක් පහළොවක් ණය වෙන්න තිබ්බ බන්.
      පාත්ති ගැන අවසන් විස්තරේ ඊළඟ කොටසෙන් බලමු නේ..

      Delete
  11. Replies
    1. මේ භාෂාව ඉතින් දොස්තර හොඳ හිතගෙන් තමයි ඉගෙනගන්න වෙන්නේ..

      Delete
  12. ඔය ඇල පාර ගිහිල්ල අම්බලන්ගොඩිං මූදට වැටෙන තැන බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියා යන්න එපා කියල තඩි බෝඩ් එකක් ගහල තියෙන්නෙ මොකද බං.

    ReplyDelete
    Replies
    1. ඒ මං ඔය මුගුණුවැන්න පාත්ති වලින් කෝටි පන්සීයක් විතර හම්බුකරගෙන ලංකාවේ ආණ්ඩුවට බදු නොගෙවා ඔසී පනියි කියන බයට බන්..හැක්..

      Delete
  13. මචෝ අන්තිම වෙලාවේ කියවන්නෙ. ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරන්න ඔන්න මෙන්න. උබ එල බිස්නස් පොරක්. මම ටික දවසකට නිවාඩු යනව. සති 3ක් වගේ.. මාසයක් දෙකක් වෙන්නත් පුළුවන්. 👊🏽. ජය වේවා උබල ඔක්කොමල්ලටම... 👊🏽👊🏽

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස කියවලාම ඔය කතාව ලිව්වනම් තමා හොඳ.. පරෙස්සමෙන් ගිහින් වරෙන්කො..

      Delete
  14. ඒ කාලේ තිබ්බේ කැලිෆෝනියා රථය වෙන්ට ඕනේ ....

    පස්සේ වැඩේ ජය වෙද්දී "කොන්ඩයා" මාර්කටින් මැනේජර් කරැයි ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ කාලේ කැලිෆෝර්නියා එක තමා තිබ්බේ. ඔය කිව්වා ගේ කෑල්ල හදන්න බජට් කට් කරද්දී වැලි ලෝර්ඩ් කීපයකම බජට් එකත් කට් කරා. රෑට බුහුද අයිනට ගිහින් කැලිෆෝර්නියා එක වල්ලටම රිවස් කරලා සවලෙන් වැලි පුරවන් එනවා කීප වතාවක් හැමදාම රෑට. වෙරල අයිනෙන් වැලි සුට්ටක් ගත්තට හෙන ගහනවද බං.. හැබැයි ඔය කැලිෆෝර්නියා එකේ වැලි ලෝර්ඩ් විස්සක් විතර ඇද්ද මතක විදිහට. පිටිපස්සේ සීට් එක නාවලා පළල ඉටිකොලයක් ඉස්ස්සරහ සීට් දෙකේ හෙඩ් රෙස්ට් එකේ ගැටගහනවා. ඊට පස්සේ සවලෙන් වැලි පටවනවා. එක ලෝර්ඩ් එකකට වැලි ලෑන්ඩ් මාස්ටරයක් විතර වදිනවා මගේ හිතේ.

      Delete
    2. කැලිෆෝනියා රථයයේ මතකයන් ගැන වෙනම පොස්ටුවක් ලියන්න තරම් විස්තර තියෙනවා නේද . ?

      මේ මගේ ඉස්සර ටොයෝට කාරීනා AA60යේ මතකයන් වලින් කොටහක් .

      01.බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ගොස් නැවත පිළියන්දල පැමිණීම
      (යහතින් / නොමැරී )



      02. අපේ හගුරන්කෙත ගමන .
      (වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක් )

      Delete
    3. 01.බ්රේක් නැතුව ටොයෝට කාරීනා AA60යෙන් ගිය ගම්පොල ගොස් නැවත පිළියන්දල පැමිණීම
      (යහතින් / නොමැරී )
      http://magelokaya01.blogspot.com/2017/10/aa60.html

      02. අපේ හගුරන්කෙත ගමන .
      (වාහනයේ ස්පෙයා විල් එක ජැක් එක හා වීල් බ්‍රෂ් එක නැතුව ටොයෝට කැරීනා AA 60 වර්ගයේ ඩීසල් රථයකින් කිලෝ මීටර පන්සියයක් )
      http://magelokaya01.blogspot.com/2017/10/blog-post.html

      Delete
    4. වෙලාවක් ලැබුන ගමන්ම කියවන්නම්කො. කැලිෆෝර්නියා එක ගැන බ්ලොග් පොස්ට් දහයක් උනත් ලියන්න පුළුවනි කලණ. ඉදිරියට ලියන්නම්කො. වැඩේ කියන්නේ ඔව්ව ලියල දැන් ඔය කාර් එක තියන කෙනා කියෙව්වොත් ඒකා සියදිවි හානිකරගන්නවා බන්.

      Delete
    5. අම්මපා එක ඇත්ත. හේ හේ හේ ...... :D

      Delete
  15. ඔන්න බලහල්ලා ⁣අමිබලන්ගොඩ අයියා සිටවන ලද මුකුනුවැන්න වල දවසින් දවස දිග පලල මැන මැන ලියනවා....තියන බිස්නස්....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් බලහන්කො..

      Delete
  16. බලහන් ඉතින් ලොවක් දන්නේ අභ්‍යාවකාශයට පෙනෙන එකම මිනිස් නිර්මාණය චින්නුන්ගේ තාප්පෙ කියලා විතරනේ...නැ යකුනේ අමිබලන්ගෙඩ පලා පත්තිත් අභ්‍යාවකාශයට පෙනවා.....

    ReplyDelete