Tuesday, March 27, 2018

වවන්නෝ දිනන්නෝ 3




වවන්නෝ දිනන්නෝ 1 
http://ambalangodakatha.blogspot.com/2018/03/1.html

අලුතෙන් වත්තේ පදිංචියට ආපු ගෝල තැනට වගාවට සාත්තුකරන පිළිවෙල එහෙමත් උපදෙස් දීල එදා පටන් ගොඩයා ඔන්න ආයෙත් රස්සාවට යනවා. රස්සාවට ගිහිල්ලත් ඉතින් ගොඩයාට කල්පනා වෙන්නෙම වගාවේ ව්‍යාපාර කටයුතු. වෙනදට අම්බලන්ගොඩ ස්ටේෂන් එකෙන් උදේ හතරයි හතලිහට නයිට් මේල් එකේ නැගලා  කොළඹ කොටුවටම කන පැලෙන්න දොයිය බබෙක් වෙන ගොඩයා නිදි වගේ ඉඳගෙන ඇස් පියාගෙන කල්පනා කරන්නෙත් ව්‍යාපාර කටයුතු ගැන.  හැන්දෑවට ගෙදර එන්න කෝච්චියේ නැගලත් අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකල්ම කන පැලෙන්න දොයියන ගොඩයා හවසටත් නින්දක් නැතුව කල්පනා කරන්නේ ව්‍යාපාර කටයුතු ගැන. ඊළඟට හවස ගෙදර ආපු ගමන්ම ගෙට ගොඩ වෙන්නෙම නැතුව ගොඩයා කෙලින්ම ගොඩවෙන්නේ වාහනේට. එතන හිටං කෙලින්ම ඉගිලෙන්නේ වගාව බලන්න කියහන්කෝ. එතැන් පටන් ඉතින් වැඩේ සෑහෙන්න සෝචනීයයි. කළුවර වැටිච්චි වෙලාවට පාත්ති දිහාවට යන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ගෝල තැනගේ උදව්වෙන් කලුවරේම නියර දිගේ පාත්ති දිහාවට යන ගොඩයා හිටවපු මුගුනුවැන්න දඬු දිහා ටෝච් එළියෙන් ආදරණීයව ටික වෙලාවක් බලාන ඉඳලා ආපහු ගෙදර එනකොට ඉතින් මඩ කරියෙක් ගානට මඩ නාලා . ඔය කියන මඩ නාන ගමන යන්න ගොඩයා විශේෂයෙන්ම පිටකොටු ගිහින් බිත්ති ඔරලෝසු මූණක් විතර මුණක් තියන දඩාර සයිස් ටෝච් එකකුත් ගෙනාවා කියමුකෝ. මඩ සොදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කව්දෝ කිව්වට ගොඩයාගේ ගෙදර උදවිය කවදාවත් ගොඩයට රජකම තියා යුවරජකමවත් දුන්නේ නෑ හිටං.

මුගුනුවැන්න අස්වැන්න කොළඹ පටවන්න ක්‍රම සහ විධි ගැනත් ඒ වෙද්දී ගොඩයා කතාබහ කරලා අවසානයි . ගෙදරක පිලිකන්නක මුගුණුවැන්න දණ්ඩක් බිම ඇන්නාම සති දෙක තුනකින් වේලක් කන්න පලා මිටක් නෙලාගන්න පුළුවන්ය කියන තියරියේ හැටියට ඒ තරම් පෝර පස් තියන, හොඳින් දිය සීරාව තියන මඩ ඉඩමක මුගුණුවැන්න පැලවීම  සාමාන්‍ය ඉඩමක වැවෙන වේගය වැඩිකිරීම දෙකවත් වෙන්න ඕන නමුත් වැඩේ ටිකක් අවුල් කියහන්කෝ. ගොඩයා වැඩට ගිහින් එනවා.. නියර දිගේ මඩ නාගෙන කළුවරේ බඩගානවා... මඩ නාගෙන ගෙදර එනවා... පැල හිටවලා දවස් පහක් හයක් ගියා මුගුනුවැන්න දැල්ලක් නෑ කියහකෝ ආසාවට බලන්න. 

ඊළඟ සතියත් ගතවුනා කියමුකෝ.. සති හතරෙන් මුගුණුවැන්න කොළඹ යවන්නත් ඕන නමුත් හිටවපු මුගුණුවැන්න දඬු ටික රතු වෙනවා මිසක් දළුලන පාටක් නෑ. ගෝල තැන උදේටත් හවසටත් ගඟ හිදෙනකම් පාත්ති  වතුරෙන් නෑව්වත් මුගුණුවැන්න පැලවෙන පාටක් නෑ දෙයියෝ..කොහොමින් කොහොම හරි පලවෙනි මුගුණුවැන්න ඕඩර් එක දෙන්න හිතාන හිටපු දවස වෙද්දී මුගුණුවැන්න දල්ලක්වත් තියා හිටවපු දණ්ඩක්වත් හොයාගන්න බැරිවෙන්න මුගුණුවැන්න ගෝනි තුනේම මුගුණුවැන්න දඬු සියල්ලම හිටවපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්න මැරිලා ගියා. ඕනෑම නිසරු පොළොවක දළු දාල හැදෙන මුගුණුවැන්න දඬු මේ සා මුදල් කන්දරාවක් වියදම් කරලා හදපු කළු පාට පෝර පස් තියෙන පොළොවේ පැල නොවී මැරිලා ගියා කිව්වාම කව්ද යකඩෝ විස්වාසෙට ගන්නේ. ඒත් ඇත්තම සත්ත කතාව ඒක තමා. ඉතින් කියහන්කෝ කොහොමද කලින් ගොවි රජා වගේ ගෙදර හිටපු ගොඩයා රෙද්දක් ඇඳගෙන ගෙදර යන්නේ. ගෙදර ඉන්න පණ තියන මිනිස්සු, බල්ලො පූසෝ විතරක් නෙවෙයි පුටු මෙසත් ගොඩයා දිහාවට කැත හිනාව දාන සීන් කොන් එකක් නෙවෙයිද හා. මෙච්චර දවසක් මිලියන් ගණන් වලින් දීපු මිලියන්ස් ටෝක් වල හැටියට ව්‍යාපාරය ලත් තැනම ලොප් වෙච්ච සීන් කෝන් එක කොහොම කටක් ඇරලා කියන්නද. හා ගෙදර ඒ වගේද කියමුකෝ.. කෘෂිකර්මේ නිලධාරී වරුන්ට දීපු පඬි ටෝක් වල හැටියට රෙද්දක් ඇඳන් පාරේ බහින්න විදිහකුත් තියෙන්න විදිහක් නෑනේ. ඒ විතරක් නම් මදැයි.. මුගුනුවන්න කොළඹ පටවන්න ලොරියක් ගන්න කියලා හිටන් බැංකුවේ මැනේජර් එක්කත් කතා බහ කරලා තිබ්බ නිසා බැංකුව පැත්ත පළාතේ යන්නත් බෑ මැනේජර් ලොක්කා වගාවේ ප්‍රෝග්‍රෙස් එක අහනවා දෙන්න උත්තර නෑ. මොකද කියනවනම් බැංකු මැනේජර් තුමාත් මේ වගේ කොමර්ශලි කරන වගාවක් ගැන දැනකියාගන්න මාර උනන්දුයි. ඉතිං කියහන්කෝ රෙදි ඇඳගෙන පාරේ බහින්න පුලුවනිද හැබෑටම. 

වත්තේ පදිංචි ගෝල තැන සහ උන්දෑගේ නෑ සනුහරේ කියන්නේ මේක දේව කෝපයක් හෝ ඇස්වහ කටවහ දෝසයක් කියලා උනාට ගොඩයා ඊළඟට තීරණය කරනවා වෙනත් දෙයක්. ඒ තමා හිටවන්න මුගුණුවැන්න දීපු කොටුවේ එවුන් ඒ දඬු පැළනොවෙන්න මොකක් හරි ජිල්මාර්ට් එකක් කලාදෝ කියන කාරනාව දිහාට තමා ගොඩයාගේ හිත යොමුවෙන්නෙම. ආසන්නයෙන්ම තවත් පලා අක්කරයක් දළු දැමීම එයාලාගේ ව්‍යාපාරයට අභියෝගයක් වේදෝ කියලා හිතිලා මොකක් නමුත් ව්‍යාපාරික දහන්ගැටයක් ගැසුවා වත්දෝ කියන සැකය නිසා ගොඩයා තීරණය කරනවා නැවත වෙනත් තැනකින් මුගුණුවැන්න ලබාගෙන හිටවන්න. ඒ වෙද්දී ගොඩයා හද්ද හිඟන්නා කියහන්කෝ. ඒ වෙද්දී ගොඩයා රස්සාවක් කරන්න අරං අවුරුදු තුනක් හතරක් නිසා ගොඩයා ළඟ මිල මුදල් මහා ගොඩක් තිබ්බෙත් නෑ. ආයෙත් පැල හිටවන්න කුලී, අමුද්‍රව්‍ය , ඇඹුල ( ඇඹුල බන් ඇඹුල... ඒ කිව්වේ ටිකිරි මැණිකේ නියර දිගේ ගොවියන්ට ඇවිත් කන්න ගේන ඇඹුල ) කියන දේවල් වෙනුවෙන් වියදම් කරන්න මොනර කොළ ගොඩයාගාව නෑ. ගිය වාරෙට වඩා අමුද්‍රව්‍ය මිල මේ වතාවේ වැඩි වෙනවා මුගුණුවැන්න මිලදීගන්න අදහස් කරන්නේ කඩයක් කඩයක් ගානේ ගිහින් නිසා. ඔන්න ඒ වගේ හතේ හත වැදිලා නන්නන් වෙලා ඉද්දි තමා ගොඩයාගේ ඩඩාගේ බාල නංගි හෙවත් පොඩි නැන්දා රුපියල් පනස්දාහක් ගෙනල්ල ගොඩයාගේ අතේ ගුලිකරන්නේ .අන්න ලබනවානම් නැන්දලා.. මට මේක ආයේ ඕන නෑ පුතේ කියලාම තමයි පොඩි නැන්දා දාහේ කොළ මිටිය ගොඩයාගේ සාක්කුවේ ඔබන්නේ. එතෙක් දවස් නයා මැරිච්ච අහිකුන්ථකයා වගේ වත්තෙ කොනේ තියන ගල උඩට වෙලා නියපොතු කකා හිටපු ගොඩයා ඔන්න නැවතත් අළු ගසාදාල වැඩේට බහිනවා. හරියට අල්ලපු ඔට්ටු ඔක්කොම පරාද වෙලා හටගෙ හත වැදිලා හිටපු බූරු කාරයෙකුට කුට්ටම අතට ආව වගේ. 

ඔන්න ගොඩයා ඊළඟට එන පුර දවසක් බලලා ආයෙත් නැකතක් එහෙමත් සුද්ද කරගෙන පැල හිටවන්නයි දැන් සූදානම. ඒ දවසට කලින් දා ගොඩයා සහ කොන්ඩයා කඩවල්, පොළවල්, මාර්කට් ගානේ ගිහින් එක තැනින් මිටි දහය පහළොව වගේ සැක නොහිතෙන ආකාරයෙන් මුගුනුවැන්න මිලදී ගන්නවා. අම්බලන්ගොඩ, වතුගෙදර, බටපොල, අලුත්වල, මීටියාගොඩ, හික්කඩුව වගේ තැන් වලින් ඔය කිව්වා ආකාරයෙන් මුගුනුවැන්න එකතු කරගෙන එව්වා හිටවන ප්‍රමාණයේ කෑලි වලට කපලා සකස් කරගන්න ගොඩයා, කොන්ඩයා, ගෝලයා තුන් කට්ටුවට දවසක්ම ගතවෙච්චි. 

ඔන්න පහුවදා නැවතත් වප් මගුල් උත්සවේ වගේ වැඩේ ජයටම පටා....න් ගන්නවා වටෙපිටේ අත්තමට වැඩ කරන කාන්තා පාර්ශවයේ සේවයද නැවතත් ලබාගනිමින්. මුගුනුවන්න දණ්ඩ මඩේ අනින එක විතරක් උනාට ඕක හෙන කොඳු ඇඹරෙන  රස්සාවක්. පැයක් හමාරක් එක දිගට බිමට නැමිලා ඉඳලා කෙලින් වෙද්දී තමයි තේරෙන්නේ කොන්ද හොඳට ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු .... කියල. කොහොමින් කොහොම හරි දෙවැනි වප් මගුල් උත්සවේ ඉවර වෙද්දී ගොඩයාට නැන්දා විසින් දීපු පනස් දාහෙනුත් හතළිහක් විතර සාක්කුවෙන් අතුරුදහන්. පැල හිටවන්න යන වියදම වගේ වියදමක් යනවා හවසට අපේ කට්ටියට රහමෙර සාත්තුවට. කුලියට වැඩ කරපු අයට කුලී බේරලා ගෙදර යැව්වට යාලු මිත්‍රකමට වැඩට එන එවුන් එහෙම ගෙවල්වල යවන්න විදියක් නෑ. වැඩ ඉවර උනාම උන් අහන්නේ එක දෙයයි. ඒ තමයි අපි දැන් නාකියාගෙන කොයි රෙස්ටුරන්ට් එකටද එන්න ඕන මචං කියන ප්‍රශ්නය. ඉතින් දීහන්කෝ එව්වට උත්තර.

ඔන්න ඔය විදිහට දෙවැනි වප්මගුල් උත්සවයෙන් පහුවදා හිටන් ආයෙත් ගොඩයා රස්සාවට ගිහින් එනවා, ගොවිපොළට යනවා.. කළුවරේ මඩ නාගෙන යනවා. ටෝච් එළියෙන් වගාව බලනවා ආයෙත් මඩ නාගෙන එනවා. ඒ වෙද්දී ගොඩයාට   ගෙදර නාන කාමරේ නාන්න තිබ්බ අයිතියත් ටිකෙන් ටික අහිමි වෙලා. ඇයි හත් ඉලව්වේ එහෙම මඩ කරියෙක් ගෙදරකට ගනියිද හැබෑටම. ගොඩයා ඉතින් ඒ වෙද්දී පර්මනටලීම ගෙදර ඉස්සරහ තියෙන ගාර්ඩන් ටැප් එකෙන් නාන තැනට වැටිලා අහවරයි. අනික ඉතින් ගොවියෝ කවද්ද නාන කාමරවල නෑවේ. කුඹුකේ ලිඳෙන් නාගෙන එද්දී ඇඹුල හදලා තියන්න කව්රුත් නැති උනාට වාහනේ හෝදන හෝර්ස් බටෙන් නාගෙන ගොඩයා ගෙට එන්නේ ඒ සැම්පලේටම හෙන ගැම්මෙන් තමා.

ඔය ආකාරයෙන් දවස් ගතවුනා. සුපුරුදු විදිහට ගොඩයා දවස ඉවරකරේ ගෙදර ගාර්ඩන් ටැප් එකෙන් නාලා ඩඩාගෙන් පොඩි එරවුමක් එහෙමත් බලලා තමා. එහෙම ඩඩා පොඩ්ඩක් එරෙව්වේ නැත්තම් ඒ වෙද්දී ගොඩයාට නිකම් කෑවේ නෑ ගානට ඇවිත්. ඒ සියලුම දේවල් සුපුරුදු රූටින් එකටම කෙරීගෙන යද්දී තව එක දේකුත් සුපුරුදු රූටින් එකේම යනවා කියහන්කෝ. ඒ තමයි දෙවැනි වප් මගුල් උත්සවයෙන් හිටවන ලද මුගුනුවන්න දඬු ටික. ඒ වෙද්දී ගොඩයා කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුට තවුසන්ස් ටෝක් දීල ලොකුකම පෙන්වලා තිබ්බ නිසා මුගුණුවැන්න දඬු ආයෙත් අවසන් ගමන් යාම ගැන සහය පතන්න ඉතිරිවෙලා හිටියේ පශුවෛද්‍යතුමා විතරයි. වැවිල්ල ගැන කෙල පැමිණි, ක්ලාස් මේට් සහ බැච් මේට්  වතු සුපිරින්ටෙන්ඩන් දේපොලක් ගොඩයා දන්නවා උනාට එයාල ඉතින් වවනේ තේ රබර් නිසා ගොඩයා උපදෙස් පතන්න ගියෙත් නෑ. උපදෙස් පැතුවා කියලා වැඩක් වෙන ආකාරයකුත් මුගුණුවැන්න දඬු විසින් පෙන්නුම් කලේත් නෑ. ආයෙත් සති දෙකක් වගේ ගොඩයා මඩ නාගෙන ටෝච් එළියෙන් බලා ඉද්දිම ඒ මුගුණුවැන්න දඬු ලෝර්ඩ් එකක් කොළ පාටින් රතු පාටට හැරිලා රතු පාටින් කළු පාටට හැරිලා අවසන් ගමන් ගියා දුකේ බෑ. ඒ කියන්නේ ආයෙත් ගොඩයාගේ රෙදි නෑ.

වත්තේ පදිංචි ගෝලයා අනුමාන කරන ආකාරයෙන් ඉඩමට කව්දෝ හූනියමක් කරලාලු. ඒ නිසාලු මෙහෙම පැල මැරෙන්නේ. හූනියම කපන්න සුපර් වැඩකාරයෙක් ඉන්නවා ඕනෙනම් කොන්සල්ට් කරලා දෙන්නම්ලු. ඒ වෙද්දී  කුජීත + හිඟන්නා + සාටර් ජීවියෙක් වෙලා ඉන්න ගොඩයා වත්තේ හූනියම් කපන්න තියාගත්තොත් තවත් සමාජයෙන් කොන්වීම සහ උසුළු විසුළු වලට ලක්වීම බොහොම ස්භාවික තත්වයක්. ඒ වගේම බෙර ගහගෙන, දුම්මල පුච්චගෙන, කවි කියාගෙන වත්තෙ තොවිල් නටන්න තියාගත්තොත් එක ගොඩයාගේ ඩඩාට ආරංචි වෙන්න ගතවෙන්නේ විනාඩි කිහිපයයි නිසා එදා හිටන් ගොඩයාට, එතෙක් කල් ෂපාන් එකේ නිදාගත්තු කාමරය සහ තුන් වේලට නොමිලේ සැපයුණු කෑම පිඟානත් අහිමි වෙනවා කියන එක බුදු ෂුවර්.ඒ නිසාම ගොඩයා හූනියම් කැපිල්ල අවසාන ඔප්ෂන් එක විදිහට පැත්තකින් තියලා ආයෙත් ගෙදර වත්තේ තියන ගල උඩින් වාඩි වෙලා අහස පොලොව ගැටලන්න කල්පනා කරන අතරේ ඇඟිලි දහයේම නියපොතු ටිකට වැඩේ දෙනව. බලි තොවිල් හූනියම් ගැන ගොඩයා වැඩි විශ්වාසයක් නැතත් වැටිච්ච වලෙන් ගොඩ එන්න සහ ලැජ්ජාවෙන් ගැලවෙන්න කව්රුන් හෝ දෙන ඕනෑම විසඳුමක් එක්වරම බැහැර නොකරන හිඟන තැනට ගොඩයා  වැටිලා අහවරයි. 


ඒ වෙද්දී මුගුණුවැන්න විකුනලා ඉන්ටර්නැෂනල් තත්වයේ  ව්‍යාපාරිකයෙක් වෙන්න මවපු හීන ටික දවසකට පැත්තකින් තියලා ගොඩයා කල්පනා කරන්නේ මුගුණුවන්න පැලකරගන්න ක්‍රමයක්. ඇයි යකඩෝ මේක ජ්‍යාත්‍යන්තර තත්වෙට ගෙනියන්න නම් ඉස්සෙල්ල මේ බඩකඩිත්තුව පැල කරගන්න එපැයි හත්ඉලව්වේ. මේ තරම් සුවිශාල අභියෝගයකට මුහුනදීගන ඉන්න ගොඩයා ඒ වෙද්දී පාරේ තොටේ දන්නා අඳුනන  මනුස්සයෙක් දැක්කත් අහක බලාගෙන යන තැනට පත්වෙලා ඉවරයි. මොකද කියනවනම් ගොඩයා හෙන සයිස් වගාවකට අතගහලා කියන එක ඒ වෙද්දී ඇමෙරිකාවේ වයිට් හවුස් එකටත් ආරංචි වෙන තත්වයේ වාණිජ මෙහෙයුමක් නිසා ගමේ ගොඩේ කොල්ලයි බල්ලයි සේරෝම ගොඩයා දැක්ක ගමන් අහන්නේ වගාවේ සැප දුක තමා. ඉතින් කියහන්කෝ කොහොමද පාරෙ බහින්නේ කියල. 

කට්ටියක් හූනියම් කපන්න යෝජනා කරන අතරේ තවත් කට්ටියක් ආයෙත් පැල හිටවන්න යෝජනා කරනව. ඒ දෙකටම නැතුව හූමිටි තියන එවුන් සෙට් එක හූනියම් කපන්න හරි පැල හිටවන්න හරි කියන දෙකෙන් ඕනෑම එකකට එකෙන්ම ලෑස්තියි. ඒත් වෙච්ච අබග්ගයේ හැටියට ගොඩයාගේ අක්මාව කියන්නෙම ඔය දෙකම කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ නෑ නෑ කියලමයි. ඒ නිසාම ගොඩයා අතේ ඇඟිලි දහයේම නියපොතු ටිකට වැඩේ දෙන ගමන් පැය විසි හතරේම කල්පනා කරන්නේ ඉහත විසඳුම් දෙකෙන්ම එහාට ගිය විකල්ප විසඳුමක් ගැන. ඔන්න ඔය විදිහට කල්පනා ලොව මල්වනේ සිහින රජදහනේ කියාගෙන ඉන්න අතරතුරේ එක්තරා ඉරිදා උදෑසනක ගොඩයා ඉන්නවා ගෙදර සාලේ පුටුවක් උඩ වාඩියක් දාගෙන ටීවී එක දිහා ඇහැ දාගෙන. ඔන්න ටී වී එකේ යනවා වගා කරන්න ඕන පිළිවෙල , වගාවට තෝරාගන්න භෝග වර්ග , පස හඳුනාගන්නේ කොහොමද වගේ වැදගත් දේවල් ගොඩාක් කියල දෙන කෘෂිකාර්මික වැඩසටහනක්. ගොඩයාට ඔතනින් වැඩියෙන්ම මීටර් වෙන්නේ පස ගැන කියවෙන දේවල් ටික තමා. 

වගාව දෙවතාවක්ම උපන් තැනම ෆේල් වෙච්චි ඊළඟට කරන දේ තීරණය කරගන්න බැරුව නියපොතු කන ගොඩයාට එනවා මසුරන් අදහසක්. ඔන්න ගොඩයා හීන්සීරුවේ සාලෙන් නිදියහන් ගබඩාවට විතැන් වෙන්නේ හෙන ප්ලෑන් එකක් ඔලුවේ ඇඳගෙන. අන්න ඒ කිව්ව සැලසුමට අනුව තමා ගොඩයා ඒ වැඩසටහන ගිය ටීවී චැනල් එකට කෝල් එකක් ගන්නේ ටලිෆෝන් එකට ලේන්සුවක් හෙම තියාගෙන. මොකද ඒ වැඩසටහනට සජීවී දුරකතනයෙන් සම්භන්ධ වෙන්න පුළුවන් එකක් වීම වාසියට හිටියේ ගොඩයාට උනාට සාලේ ගමටම ඇහෙන්න දාලා තියෙන ටීවී එකට ගොඩයා දුරකතනයෙන් කතා කරනවා ගෙදර එකෙකුට ඇහුනොත් ඉතිරිවෙලා තියෙන රෙදි ටිකත් ගැලවෙන සීන් කෝන් එකක් නෙව.  දෙතුන්සිය වතාවක් ඩයල් කරලා කරලා කරලා ගොඩයා යාන්තමට  සමත් වෙන්ව ටීවී එකේ ඉන්න කෘෂි විසේසඥ්ඥ මහතාට තමුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්න. ටෙලිෆෝන් එකට ලේන්සු දෙක තුනක් තියලා නිසා සාලේ ඉඳන් ටීවී බලන උදවියට අඳුරගන්න බෑ මේ කතා කරන්නේ ඉස්සරහ කාමරේ දොර වහගෙන ඉන්න වසරේ ගොවි රජා කියන එක. කාමරේ දොර තදින් වහලා නිසා කාමරේ ඇතුලෙන් යන සංවාදය එලියට ඇහෙන්ත් නෑ. ඔන්න ඒ මහත්මයාට පින්සිද්දවෙන්න තමයි පහුවදා උදේ එලියවටෙන්න කලින් ආයෙත් මඩ නාගෙන පාත්තියට යන ගොඩයා පාත්තියෙන් පස් සාමලයක් අරගෙන කොල්මබ බලා පිටත් වෙන්නේ. 

පස් සාම්පලේ පරීක්ශාකරගත්තා කියමුකෝ.. රිසාල්ට් එක දුකේ බෑ. පැලයක් පැළවෙන්න පසේ තියෙන්න ඕන අවම  පී එච් අගය පහයි දශම පහක් වගේ නම් ගොඩයාගේ පාත්තියේ පී එච් අගය එකයි දශම පහක්. ඒ කියන්නේ අර එක්ස්කැවේටර් එක ගෙනල්ල ලක්ස ගානක් වියදම් කරපු මලපෙපෙරේතකමට පින්සිද්දවෙන්න යමලෝකෙටම  කුඹුර හාරලා ගොඩ දාගෙන තියෙන්නේ අවුරුදු ගානක් පොලොවට යටවෙලා තිබිච්ච ආම්ලික පසක්ලු. ඒ පසේ මෙලෝ මලදානයක් වවන්න බැරිලු. වවන්න නම් ඩොලමයිට් ගහලා පසේ ආම්ලිකතාවය අඩුකරගන්න ඕනෙලු. ඉතින් කියහන්කෝ මේ දුක් ගැනවිල්ල කියන්නේ කාටද කියල. 

ඊළඟට ඉතින් මහා ඩොලමයිට් සංග්‍රාමය කිව්වොත් නිවැරදියි. අතට හම්බෙන හැම සතේම ටවුමේ පෝර කඩේ මුදලාලිට දෙනවා.. කාර් එකට ඩොලමයිට් පටවනවා... ගොවිපොළේ ගෙනුහුන් බානවා.. වත්තේ ගෝලයා ඒ ඩොලමයිට් පාත්ති වලට ඉහිනවා.. එක තොවිලයයි.. මාස තුනක් විතර තිස්සෙ ඩොලමයිට් ලොරියක් විතර ගහලත් ආයේ පස් සාම්පල් එකක් චෙක් කරාම කියහන්කෝ පී එච් අගය වෙනස් වෙලා තියෙන්නේ දශම බිංදුවයි එකකින් කියල. ඒ ගහපු ඩොලමයිට් කන්දරාවයි කාලයයි එක්ක ගණනය කරලා බැලුවාම මුගුණුවැන්න පැළවෙන්න ඩොලමයිට් නැව් දෙක තුනක් අවුරුදු පහක් විතර ගහන්න වෙන දුක්ඛිත කතාවක්. ඒ දුක් සහිත කතාව සැබෑ කරන්න බැරි නිසාම ගොඩයා මුගුණුවැන්න වැවීම හිතෙන අයින් කරලා දාලා එහෙම දෙයක් උනේ නෑ ගානට ජීවිතේ ඉස්සරහට අරං යනවා. 

යමක් ආයෝජනය කරාම එම ආයෝජනයේ ප්‍රතිපල පසුකාලීනව හෝ ලැබෙනවා කියන කාරනාව සත්‍යයක් කරමින් ඔන්න එක්තරා දවසක ගොඩයාට දුරකථන ඇමතුමක් එනව. ඒ වෙද්දී ගොඩයා ලංකාවේ නෑ. ඒ කියන්නේ මුගුණුවැන්න හිටවන්න ට්‍රයි කරලා අවුරුදු දොළහකට විතර පස්සේ.  මේ කතා කරන්නේ ගොඩයාගේ ඩඩා..

දුරකථන ඇමතුමේ හැටියට ඩඩා කියන්නේ කුරුඳු ඉඩම විකුනන්න යන කතාවක්. කුරුඳු ඉඩම සහ ගොඩයාගේ මුගුණුවැන්න ප්‍රොජෙක්ට් එකේ පාත්ති තියන ඉඩම තියෙන්නේ එක ඔප්පුවට නිසා ගොඩයා දන්නවා කුරුඳු ඉඩම සමගම මුගුණුවැන්න ඉඩමත් ආයේ නොඑන්නම යනවා කියන කාරනාව. ඒත් ඉතින් ගොඩයා බලාපොරොත්තු දල්වගන්නවා නැවතත් ඉඩම සංවර්ධනය කරපු නිසාවත් ඩඩා ගොඩයාගේ පාඩුව පියවාවී නේදෝ කියන කාරනාව. ඇයි යකඩෝ නිකම්ම නිකං ඉඩමක් ගෙවල් හදලා, ලින් කපලා, වැසිකිලි හදලා කොයි සා සංවර්ධනයක් කරා කියලද. 

ඔන්න ගොඩයා ආයෙත් බලාපොරොත්තු දල්වාගෙන ඉන්න අල්ලපනල්ලේ පහුවදා ආයෙත් ඩඩාගෙන් ඇමතුමක්.

හෙලෝ පුතාද..

ඔව් තාත්තේ..

අර ඉඩම විකුණන වැඩේ හරි ප්‍රශ්නයක්නේ වෙලා තියෙන්නේ..

මොකක්ද..

අර මිනිස්සු ගෙයින් යන්න බෑ කියනවනේ..

මොන මිනිස්සුද..

මොන මිනිස්සුද කියන්නේ අර ඔයා ගෙනත් පදිංචි කරපු එවුන්..

නෑ..

නෑ නෙවෙයි ඔව් මනුස්සයෝ.. එයාලට ගෙයින් යන්න නම් ලක්ස පහක් ඉල්ලනවා..

මොකක්.. ලක්ස පහක්..

ඔව් ලක්ස පහක් තමා...

ඔන්න ඔහොමයි ගොඩයාට ආයෙත් කරපු ආයෝජනය පල දුන්නේ. ගහෙන් වැටුන එකාට ගොනා අනිනවා කියලා කිව්වට ගොඩයා ඔව්ව විශ්වාස කරේ නෑ. ඒ උනාට එව්වා ඇත්තටම සිද්දවෙනවා කියල ගොඩයා දැනගත්තේ ඔන්න ඔය කෝල් එකෙන් පස්සේ තමයි. අපේ ඩඩා ඉතින් ගොඩයාගේ ගුණ වර්ණනා ඉවරයක් නෑ. ගොඩයා ලංකාවේ නැති නිසා ඩඩා පොලිසියේ පැමිණිල්ලක් හෙම දාල වැඩේ ඔෆීෂියල් විදිහට විසඳාගත්ත. පොලිසියෙන් මැදිහත් වෙලා  යාන්තම් සන්තං ලක්සෙකට ඩීල් එක ගහල දුන්න. අන්න ඒ ලක්සෙ දුන්නාම තමයි ගොවි රජාගේ ගොවිපොළ බලාකියාගන්න ආපු ගෝල තැන වත්තෙන් පිටමන් වුනේ. ඩඩා ඇතුළු පවුලේ සැම ඉතින් ගොඩයාට කටපුරා ස්තුති කරන්න අමතක කරේ නෑ හොඳේ. එව්වා ඉතින් ප්‍රසිද්දියේ ලියලා රෙදි ගලෝගන්න බෑ.


අන්තිමේ ගොඩයාට ගහපු පදේකුත් නෑ බෙරේ පලු දෙකමත් නෑ. මිනිස්සු ගොන්කම් ඕන තරම් කරලා ඇති, ඒත් ඉතින් අහසේ තියන චන්ද්‍රිකා වලින් බලලා හිත සුවපත් කරගන්න පුළුවන් මරි මෝඩ වැඩ ලෝකේ මහ ගොඩක් තියෙන්න විදිහක් නෑ. ඒ ටිකෙනුත් එකක් මගේ කියල දැනෙද්දී දැනෙන ආඩම්බරේ ලියන්න වචන නෑ ආයුබෝවන්ඩ. සම්පූර්ණ පාඩුව අන්තිම රුපියලටම ගණන් හැදුවොත් ගොඩයාට අද රෑ නින්ද යන්නේ නැති නිසා වවන්නෝ දිනපු හැටි මෙතනින් අවසන්. 


51 comments:

  1. නැවතත් ජයග්‍රාහී ලෙස තඩියා පෙරමුනේ...

    ReplyDelete
  2. පැල වෙන්නේ නැහැ කියන කොටම සින් එක් ඔක්යි කියලා දැන ගත්තා. ගග අයිනේ නම් කටු ඉකිළි කියන ගස් තියෙනවා නම් දළ වශයෙන් පස ගැන හිතා ගන්න පුළුවන්. පොර ටෝක දෙවා නම් නොමේ. ගහක් වැවෙන්න නම් දළ වශයෙන් පිඑච් අගය කියන එක 5.5-7.5 අතර වියයයුතයි. හේතුව ගසේ තියෙන පොහොර වර්ග හා දාන පොහොර ගහතට අරා ගන්න පුළුන් ඔය පරාසයේ තියෙන කොට විතරයි. උඹ පාත්තිය උස්සලා වැඩියි. ඒ. අයි කාරයාව ශේප් කරන් මුලදිම වැඩේ පටන් ගත්තා නම් අවුලක් වෙන්නේ නැහැ. කුකලු පොහොර වැඩියෙන්ම බිත්තර දාන උන්ගේ ඒවා දැම්ම නම් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. උඹට තිබේබ‍ේ මුලින් කෙළින්ම අළු හුනු ගහලා ඊට පස්සේ පස් ආයෙි බලලා ඩොලමයිට් ගහන්න. ඩොලමයිට් වලට වඩා අළු හුණු කාර්යක්සම තාව වැඩියි. ැදන් ඉතින් කාගිල්ස් එකෙන් අරනිවති මැලුම් කාපාන්. ලංකාවට ආපු වෙලාවක

    ReplyDelete
    Replies
    1. කව්දෝ බන් ඔව්ව දන්නේ. අර කෘෂි උපදේශක කිව්වේ ඩොලමයිට් ගහන්න කියල. ඉතින් තවත් ලක්සෙක විතර ඩොලමයිටුත් මහපොළොවට විසික් කරා වැඩක් උනේ නෑ. පාත්ති දාද්දි උදැල්ලෙන් දැම්මනම් ඕක වෙන්නේ නෑ. කොහෙද අරුන් ටික බෑම කිව්වනේ බන් වැඩ කරන්න. ඔය කුඹුර අවුරුදු පනහක් විතර පුරන් වෙලා නිසා උන් වැඩකරන්න භයවුනා. ඒ වගේම ගඟ අයින නිසා පොළොවත් හෙළ වගේ එරෙනවා යම ලෝකෙටම. ඔය ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් විදිහට තමයි එක්ස්කැවේටර් එක ගෙනල්ල වැඩේ කරේ. හදිසිය හින්දද කොහේ අගක්මුලක් හෙව්වේ නෑ ඒකයි උනේ.

      Delete
  3. තත්වය සෝචනීයයි තමයි . හැබැයි උත්සාහය විශිෂ්ටයී .

    මේ හැම දෙයකටම වඩා තරහ යන්නේ අර වැවිල්ලට ගෙනාපු අය යන්න කියද්දී කප්පං ඉල්ලපු එකට නේද ..

    ReplyDelete
    Replies
    1. ඔය වතුවල පදිංචියට ගේන අය යද්දී ඔය වැඩේ කරනවා කලණ. අපේ ගෝලයා ඒ වෙද්දී රට ගිහින්. ඌ හිටියනම් ඔහොම අපිව බ්ලැක්මේල් කරන්නේ නෑ. මොකද ඌ බොහොම අවංක මනුස්සය. ඒ වගේම ඩබල් ගේම් නෑ. වැඩේ කියන්නේ කොයිතරම් ඉල්ලුවත් අපේ ගෝලයාගේ බිරින්දෑ අපිට ගෝලයාගේ පිටරට දුරකත අංකය දුන්නෙම නෑ. මම කොහොමත් හිතන් හිටියේ ලක්ෂයක් වගේ ගානක් දෙන්න තමයි. ඒත් එයාල අපිව බ්ලැක්මේල් කරපු එකෙන් එයාලට ආයේ අපේ මුණ බලන්න බෑ.

      Delete
  4. උත්සාහය විශිෂ්ඨයි ප්‍රථිපලය මොකක් වුනත්. එත් ඒ වැරදීමෙන් ඉගෙන ගත්ත පාඩම් නම්, ගොඩය දැන් දන්නවා Plan B ගැන. කිව්වා හරිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඔතනින් තමා ප්ලෑන් බී කියන එක ඉගෙනගත්තේ නුවන්. ඔතනින් පස්සේ කරපු එක ව්‍යාපාරයක්වත් පාඩු උනේ නෑ.

      Delete
  5. හොක්.. හොක්.. ඊට පස්සෙ තමයි 'ගොඩයා මුගුණ වැව්වා වගෙයි' කියන ප්‍රස්ථාව පිරුළ ඇති උනේ එහෙනං.

    ReplyDelete
  6. මොකද බං අර මැද එකම හෑල්ල දෙපාරක් දාල තියෙන්නෙ. උඹ මේක වෙන කොහේ හරි ලියල කොපි පේස්ට් කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුව..ටැබ් එකේ කොටහයි ලැප් එකේ කොටහයි ටිකෙන් ටික බන් ලියන්නේ. ඔව්ව ඉතින් අමුනනකොට එහෙන් මෙහෙන් පොඩි පොඩි වැරදීම් වෙනවා පෙසන්නයෝ..

      Delete
  7. මදැයි වෙච්ච දේ.. අම්බලංගොඩට නැවක් ගේන පළවෙනිය ගොඩය වෙන්න තිබ්බ අවස්ථාව ජස් මිස් ද මුගුණ ගස් වෙලා නෙ.

    බොලා පැල හිටවන්න ඉස්සර සෙයිල් ටෙස්ට් එකක් කළානං ඔය හූනියම කපාගන්න එක කොහොම උණත් මුගුණ ගන්න ගිය වියදම හරි ඉතුරු කරගන්න තිබුණ.

    අනික ගෙයක් තියා පැළක් උනත් කාට හරි දෙනවනං හරි හමං ලියමනක් නැතුව දෙන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ගේ ලඟටම සූවස් ඇල වගේ එකක් කපලා නැව මිදුලටම ගන්න හිතාන හිටියේ. කොහෙද ඉතින් පණ්ඩිතකම වැඩියිනේ අපේ.. ඔය ලක්ෂයක් දීල යවන්න උනේ නිකං දීල. තව කොහෙද බද්දට එහෙම දුන්නනම් කෝටියක් විතර ඉල්ලයි මගේ හිතේ. හැබැයි පොලිසියේ ලොකුමහැතන් අහල තිබ්බ බොලාට උඩම විකුනලා ඔක්කොම සල්ලි ටික ඕනෙද කියල.. හැක්..

      Delete
  8. දැන් එතකොට කුරුන්ද විකුනුවද බන්.අපලාදෙ බොල.ලන්කාවෙ හිටියනම් ගෙදරින් යන්න බෑ කියපු එකාව එලවන එක සිම්පල් නෙහ්.හැබෑට ඌ ඒකට වෙලා අහවල් එකක් කොරාද බන්.කුරුන්දෙ කන්කානම වැඩේවත් කරාද හිටන්.අනික කොන්ඩය කොහොමද අච්චර සරුවට මුකුනුවැන්න වගාව කරගෙන ගියේ?ඌ ඉදලත් ඇයි උබේ එකට කෙලවුනේ.....දැවෙන ප්‍රශ්න පින්වත 😃

    ReplyDelete
    Replies
    1. කොන්ඩයාගේ වෙදකම් එදා වැරදුනා බන්. කොන්ඩයාගේ වගාව තිබ්බේ වෙල අයිනේ උනාට එක ගොඩ ඉඩමක්. මේක මඩ ඉඩමක්. ඒකෙත් කරන්න තිබ්බ උදැල්ලෙන් පාත්ති දාගන්න කව්රුහරි සෙට් උනානම්. කොහෙද අහන අහන එකා බෑ කිව්වනේ බන්. අඩි දහයක පහළොවක වගේ ගැඹුරට කානු හාරාඅ ගොඩ දාගෙන තිබ්බේ අමු මඩ ගොඩක් බන්. එව්වයේ පැලවෙන්නේ පන් ඉලුක් විතරයි.

      Delete
  9. හම්මේ ඒ වුනාට කමක් නෑ උබ ජාත්යන්තරේට ගියා නේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ .. මුගුණුවැන්න වැව්වා වගේද ඒක..

      Delete
  10. නියම කථාව ගොඩයියේ..හොඳට ලුණු ඇඹුල් රහ කරල ලියලා තියෙනවා.. දන්න කියන කෙනෙක් ගෙන් අහල බලල ඔය වැඩේ පටන් ගත්තනං ඉවරයිනේ පණ්ඩිතය නොවී....හා නැද්ද මං කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් අපේ පණ්ඩිතකම දාගන්න අහක් නෑනේ ඒ කාලේ. ඒ කාලේ හිතන් හිටියේ කරන්න බැරි දෙයක් නෑ කියලනේ. දැන් නම් දන්නවා ලෙඩේට අදාළ දොස්තරව චැනල් නොකර අසනීප සුවකරගන්න බෑ කියල.

      Delete
  11. ඕක ගොන් කම නෙමේ මචං ලොකුකම නිසා ඇන ගැනීීම.
    යකෝ පි.ච් 1.5යි 5.5 යි අනිිිිත් පැත්තට ලියපන් 5-7 අතර වගේ තමයි හොදම පරාසය.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුව.. අවුරුදු පහළොවකට කලින් වෙච්චි දෙයක්නේ ඉතින්. ඒ නිසා හරියටම මතක පාඩුවෙච්ච ගාන විතරයි. ලොකුකම නේන්නම් බන්.. කොහෙද ඉතින් හෙන පණ්ඩිතයිනේ ඒ කාලේ.. දැන් නම් ඉතින් පනින්නට පෙර දහස් වාරයක් හිතවා උගත් පාඩම් නිසා..

      Delete
  12. ඉඩම ගත්ත එකාටත් වගාවක් වෙලා නෑ වගේ. ඒ වුනාට මේ වගේ ඇනගැනිලි අපි හැමෝ‍ෙගම ජීවිතවල තියෙනව. මේ විදිහටම බපල් හැදිල්ලෙනුත් මං විසි දාහක් විතර ඉවර කරගත්තා. ආයි බයිසිකලේ ටැංකිය හදෝගන්න දොලොස්දාහක් විතර නැති කර ගත්තා. දැං තව ඒ වගේ කෙලෝගැනීමකට අත තියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉඩම ගත්තු කෙනත් ආයෙත් වික්ක මගේ හිතේ.. ඔය ඉඩමේ තිබ්බ හෙන විසාල ගල් පර්වතයක්. පොලොව යටින් තිබ්බේ මුළු ඉඩමේම ගල. ඔය ඉඩමට තිබ්බේ අඩි හයේ පාර. ඒ නිසා කුරුඳු ටික බේරුනා. නැත්තම් ඉතින් ගල කඩන්නත් අදහසක් තිබ්බ. හැබැයි පුතේ ගල කඩන්න ගියානක් කුරුඳු ටික විනාස වෙනව. අන්න එහෙම උනානං ගොඩයට මේ වෙද්දිඅ ඇඩ්රස් නෑ..

      Delete
    2. //මේ විදිහටම බපල් හැදිල්ලෙනුත් මං විසි දාහක් විතර ඉවර කරගත්තා. ආයි බයිසිකලේ ටැංකිය හදෝගන්න දොලොස්දාහක් විතර නැති කර ගත්ත‍ා// බොල සුරංචියො. ‍උඹට බ්ලොග් එකක් කියල එකක් තියෙන්නෙ අපිට කියවන්න මේව ලියල අතාරීන්න තමයි.

      Delete
  13. තත්වය සෝචනීයයි තමයි. හැබැයි උත්සාහය විශිෂ්ටයී. x2

    මේ වගේ ඇනගැනිලි අපි හැමෝ‍ෙගම ජීවිතවල තියෙනව. x2

    මේ හැම දෙයකටම වඩා තරහ යන්නේ අර වැවිල්ලට ගෙනාපු අය යන්න කියද්දී කප්පං ඉල්ලපු එකට නේද. x2

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තමුන්ට ලැබෙන අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජනය ගන්නවා. ඒ තමයි බහුතරයක් මිනිස්සුන්ගේ පොදු ලක්ෂණය. හැබැයි ඒ කප්පම් ඉල්ලීමට සම්පූර්නෙන්ම මුල්වුණේ අපේ වත්තේ හිටපු ගෝලයාගේ බිරින්දෑ. වතුවල වැඩට ගෙනත් දාගන්න මිනිස්සු ආපහු යද්දී වත්තෙන් භාගයක් ඉල්ලන එක එයාලගේ සාමාන්‍ය ස්භාවය. යද්දී මම හිතන් හිටිය ඔය මුදල දෙන්න. සමහරවිට ඊට වඩා දෙන්නත් තිබ්බ. ඒත් එයාල ඉස්සරවුනා ඒත් එයාල ඉස්සරනොවී හිටියනම් ඔයිට වැඩිය මුදලක් හිමිවෙන්න තිබ්බ.

      Delete
  14. බලාපොරොත්තු වුන අවසානය නෙවෙයි. ඒත් උත්සාහය අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. හැමදේම අපි බලාපොරොත්තු වෙන විදිහටම සිද්දවෙන්නේ නැහැනේ ඉයන්.

      Delete
  15. අහො දුකකි ඉරකි තිතකි කොමාවකි...

    ReplyDelete
    Replies
    1. දුකයි නේන්නම් මෙන්ඩෝ...

      Delete
  16. අවංකවම කියන්නේ මට පුදුම දුකක් ඇති වුනේ මේ කතාව කියවලා!

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාර කෙරුවාවේ ස්භාවය මේක තමයි රසික. මට වැරදුනේ හදිසිය නිසා. මාසෙන් දෙකෙන් සල්ලි හොයන හීනයට ඔතනින් නැවතීමේ තිත තිබ්බ. එතන ඉඳන් ගමන හෙමින් වගේම නොදන්නා දේවල් වලට ආයෝජනය කරේ නෑ.

      Delete
  17. මගෙත් බුසිනොස් කෙරුවාව ඔහොමම තමයි. අපි උඹල වගේ උන් ඒ සල්ලි වලින් බලු කපුටු දාන දෙන එක ඊට වඩා හොඳයි...
    දැන්නම් ආයේ බුසිනොස් මක්කාවත් කරන්නේ නැහැ කියල දැඩි ලෙස හිත තද කරගෙන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. මටනම් පාඩු වෙච්ච පළමු සහ අවසන් ව්‍යාපාර කටයුත්ත ඕක විතරයි ලොකු පුතා.. එතනින් එහා යමකට අත තිබ්බනම් ඒ ලාභ ලැබෙන දේකට විතරයි. මුගුණුවැන්න වවන්න ගිහින් උගත් පාඩම් එම්. බී. ඒ. එකක් කරලවත් ගන්න බෑ බන්.

      Delete
  18. මේ පැත්තේ හෙල්වල පලාවගාකරන පොරවල් , කුකුල් පෝර කොම්පොස්ට් , කක්කුස්සි එහෙම ගෙනත් හදාපු පාත්තිවලට දානවා , ඒවත් හෙනට එරෙනවා බං

    ReplyDelete
    Replies
    1. මේ ඉඩමත් එහෙමයි බන්. උදලුපාරක් ගහලා කකුල තිබ්බාම කරවටක් එරෙනව. පලා වගාවට ඔය කිව්වා ජාති වලට අමතරව වැඩියෙන්ම ගහන්නේ රසායනික පොහොර බන්. තෙල් නාවලා තමයි ඔව්ව සත්තු කන එක වළක්වන්නේ. එතනයි වැඩේ භයානක තැන තියෙන්නේ. වාණිජ මට්ටමෙන් වවන පලා තනිකරම වස විස නාවපුවා..

      Delete
  19. ඔන්න උබ ගැන ලක්බිම පත්ත්‍රෙත් තිබුනා..මෙවා මෙහම අතාරින්න බැහැ..අඩියක් ගහලා කැලිබරෙට් කොරන්න ඔනෙ...

    ReplyDelete
    Replies
    1. ඔය මැසිං අතපත ගාන එකාව කැලිබ්‍රේට් කරන්න ගිහිල්ලනං උඹ හොඳ එකෙන් කනව මෙන්ඩො. හැක්..

      Delete
    2. දැන් මැනුවල් කැලිබ්‍රෙට් කරන එව්වා අඩුයි බන්. ඔක්කොම ඔටෝ කැලිබ්‍රෙට් තමා.. ලක්බිමේ මොකක්දෝ දල තිබ්බ කියල යාලුවෙකුත් ලිය එවල තිබ්බ මෙන්ඩෝ..ඒත් ඉතින් මනින්නේ ලංකාවේ නෙවෙයි නිසා හොයල බලන්න විදිහක් තිබ්බේ නෑ..ලංකාවට ආපු දවසක සැලිබ්‍රෙට් කරමුකෝ..

      Delete
    3. රට අරක්කු ටිකක් බිපු කාලයක් මතක නැහැ...එහනම් අවාහම VSO එකක් ගහමු...

      Delete
  20. ගොඩයෝ ඔය පස් චෙක්කරගත්ත තැනයි,යන වෙලාවයි කොහොමද?පස් ගන්න ඕනෙ කොච්චර යටින්ද?එහෙම නැත්නම් මතුපිට පස්ද කියල.හම්බන්තොට කෙසෙල් වගාවක් දාන්න හිතා ඉන්නව පොඩි විස්තරයක් දීපං ලොක්කා.

    ReplyDelete
    Replies
    1. මං ඒක කරගත්තේ පුද්ගලික ඇඳුනුම්කමක් උඩ. මට ඊමේල් එකක් එවන්නකො මම විස්තරේ කියන්නම්. polwattacom@gmail.com

      Delete
  21. බැරි වෙලාවත් මුකුනුවැන්න පැල වුනා නමි...එක මිටියක් ලක්ෂයයි...අයියා ගොඩ තමයි..අනිවා වසරේ ගොවි රඡා අනිවා...

    ReplyDelete
    Replies
    1. ලංකාව මේ යන විදිහට නම් මුගුණුවැන්න මිටිය ලක්ෂයක් වෙන දවස වැඩි ඈතක නෑ තරිඳු.. අක්කරේක මුගුණුවැන්න දැම්මොත් මාසෙකට ලක්ෂයක් හම්බුකරන එක සිම්පල් වැඩක්. හැබැයි පුතේ යුරියා සහ කෘමි නාශක ලොරි ගණන් තමයි ගහන්න වෙන්නේ.

      Delete
  22. තඩියෝ.. ගොඩයෝ.. ඔන්න මං මුලු බ්ලොග් එකම කියෙව්වා.. �� මේක මරු!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පර්පල්.දිගටම රැදී සිටින්න.දැක්කෙ නෑ කපුට එක පැත්තෙ.දැන් යන්නෙ නැද්ද?

      Delete