එදා නුවරඑලියෙන් පිටත් වෙද්දිම හවස තුන පහුවෙලා.. නුවරඑලියෙ අලුතෙන් හදන ගේ වැඩ බලන්න කියලා ගෙදරින් පැනගත්තෙ පස්ට අමාරුවෙන්.. මාසෙකට සැරයක් නුවරඑලි යන්න තරං ලොකු වැඩක් දැං අලුත් ගෙදර ඉතුරු වෙලා නෑ.. නිස්කාන්සුවේ ඇදවෙන්න අඩියක් ගහලා බඩ පැලෙන්න කාලා හිතුන වෙලාවක නිදාගෙන හිතුන වෙලාවක ඇහැරෙන්න චාන්ස් එකක් නෑ ගෙදර ඉන්නකොට.. ගල් භාගයක් ඉනේ ගහගෙන බයිට් එකකුයි රෑට කන්න කෑම එකකුයි අරගෙන හවස් වෙද්දි නුවරඑලියෙ ගෙදරට යනවා කියන්නෙ වෙනම ෆීලින් එකක්.. ඈතිං පේන කඳු පංතිය පිසගෙන එන සීතල මීදුමත් එක්ක එන ආතල් සීතල පොඩ්ඩ විඳගෙන ගල් භාගෙ අවසන් ගමන් යද්දි කඳු පංතියට උඩින් පේන ලයිංවල ලයිට් පේන්නෙ ලාවට බොඳ වෙලා.. මදියි මදියි වගේ දැනුනට ආයෙ ගේන්න යන්න මං එච්චර උනන්දුවක් කරන්නෙ නැත්තෙ වැහි පින්නෙ රෑපානෙ බාර් ගානෙ රිංගලා එද්දි පොලිස් කාරයෙකුටවත් මාට්ටු උනොත් උසාවි නොගිහිං බේරෙන එක ලේසි පාසු නැති නිසා..
නුවරඑලි යද්දි මෝටර් බයික් එකට වඩා කාර් කටුව පහසු උනාට මම ඒකෙ නොයන්නෙ ඒකෙ ජීපීඑස් ට්රැකර් එකක් හයිකරල තියන නිසා.. යන එන ගමනේ ඒක නවත්තන තැන් අපේ මායියටත් පේන නිසාත් එව්වට පසුව උත්තර දෙන්න වෙන නිසාත් මට කාර් එකට වඩා මෝටර් සයිකලේ දාහකින් සැපයි.. උදේ පාන්දර ගෙදරින් පිටත්වුනාම මායියගෙ ප්රශ්නවලට ඉතිං මම දෙන උත්තරයක් භාරගන්න මායියට සිද්දවෙනව මෝටර් සයිකලේට ජීපීඑස් ට්රැකර් එකක් නැති නිසා.. එතකොට ඉතිං ගහක් මුල සූ දාන්න නැවැත්තුවත් , කාලක් භාගයක් ගන්න බාර් එකේ නැවැත්තුවත් , ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න සුදු චූටිගෙ කඩේ නැවැත්තුවත් මායියට උත්තර දෙන්න වෙන්නෙ නෑ.. නුවරඑලියෙ ආතල් රාත්රියක් ගතකරලා ආපහු ගෙදර බලා පල්ලං බහිද්දි ඉතිං හිත හුලං ගිය බැලුම වගේ.. ඒක ඉතිං ආයෙම පොඩ්ඩක් හුලං පිරීලා හිතේ තියන අවුල් ටික මදකට අමතක වෙන්නෙ කිතුල්ගල සුදු චූටිගෙ ආප්ප කඩේ ලං වෙද්දි..
සුදු චූටිගෙ කඩේ තියෙන්නෙ ප්රධාන පාර අයිනෙ උනාට ඒක තියෙන්නෙ ප්රධාන පාරට චුට්ටක් විතර පහලින්.. පඩි විදිහට ගත්තොත් පාරෙන් පහලට පඩි හත අටක් බහින්න ඕන සුදු චූටිගෙ ආප්ප කඩේට.. බඩගින්නක් තිබ්බා නැතා ඉතිම් සුදු චූටිගෙ මල් මල් හිනාව බලාගෙන ආප්ප දෙක තුනක් කෑවත් ආප්ප සීයක් කාපු ගානට හිත පිරෙනව..
සුදු චූටිගෙ ආප්ප කඩේ මට සෙට් වෙන්නෙ පින්නදූවෙ ජෝන් සීනා මුදලාලිගෙ ඩිමෝ බට්ටා අරගෙන නුවර එලි ආපු දවසක. ජෝනගෙ ඩිමෝ බට්ටාගෙ එන්ජිම හීට්වෙලා කන්ද මැද හිට්ටා කියහංකෝ.. අලුතෙන් හදන ගෙදරට උලුවහු ජනෙල් අරගෙන යනගමන් තමා සිද්දිය සිද්දවුනේ.. ජෝන් සීනගෙ බට්ටා එතන තියලා තව ලොරියක් හයර් එකට ගෙන්නගෙන ලීබඩු ටික පටවනකල් සුදු චූටිගෙ ආප්ප කඩේ තමා වෙහෙස නිවාගන්න ප්ලේන්ටියක් ගහන්නවත් ඒ අහල පහල තිබ්බෙ.. ඉතිං ඒ සා පිහිටක් වෙච්ච තැනකට ගෞරවයක් විදිහට නුවරඑලි ගියත්, ආවත් සුදු චූටිගෙන් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා යන්න මම අමතක කරන්නෙ නෑ.. සුදු චූටිත් ඉතිං මාත් එක්ක හරිම ලෙංගතු නිසා ආප්ප කෑවා නොකෑවා බඩගිනි උනා නොවුනා එතැන නවත්තලා සුදු චූටි එක්ක විනාඩි දහයක් පහලොවක් චැට් එකක් දාගෙන ඉඳලා යන එක වෙනමම ආතල් එකක්.. ආප්පයි ලුනු මිරිසුයි ප්ලේන්ටියි වගේම සුදු චූටිගෙ ආශ්රවයත් ඉතිං හරිම රහයි..
එදා හීනියට වැස්සත් තිබ්බ නිසා කිතුල්ගලට එද්දි මම හිටියෙ ටිකක් විතර තෙතබරිත වෙලා.. වැස්ස ටිකක් තුරුල් කරනකල් සුදු චූටි එක්ක චැටක් දාගෙන ඉඳලා යනවා කියලා හිතාගෙන මම මෝටර් බයික් එක පාර අයිනෙ නවත්තලා සුදු චූටිගෙ කඩේ දිහාවට පල්ලම් බැස්ස..
ආ මේ අයියනේ.. ගෙදර යන ගමන්ද අයියෙ..
ඔව් නංගි.. අදනම් ටිකක් රෑවුනා.. වැස්ස නිසා ඉතිං ගමන ටිකක් ප්රමාදයි..
ඉතිං අයියෙ.. ගිය වැඩ ටික කරගත්තද.. දැං ගෙයි වැඩ ඉවර වෙන්න ලඟ ඇති නේද..
ඔව් නංගි.. ගිය වැඩ ටික හොඳින් කෙරුනා.. දැං සීයට අනූ නමයක් වැඩ ඉවරයි..
මොනවද අයියෙ කන්නෙ.. වෙනදා වගේම ආප්පයි ප්ලේන්ටියි නේද..
නැතුව නැතුව.. ඔයාගෙ ආප්ප ප්ලේන්ටි කොහොම අමතක කරන්නද නංගි..
අනේ බොරු චාටු කතා නොකිය ඉන්න අයියෙ...
චාටු කතා නෙවෙයි නංගි.. ඔයාගෙ ආප්ප තරං රස ආප්පයක් ප්ලේන්ටියක් මම උපන්තේකට කාලා බීලා නෑ...
අනේ යන්න පිස්සො යන්න..
එහෙම කියාගෙන සුදු චූටි ආප්ප කීපයකුයි ලුනු මිරිස් පීරිසියකුයි මම වාඩිවෙලා හිටපු ලී බංකුව උඩින් ගෙනැත් තිබ්බ.. ඕං ඔය අතරේ තමයි සුදු චූටිගෙ ආප්ප කඩේ පියස්සෙ පොල් අතු රීප්ප කඩාගෙන මොකක්දෝ මහා තඩි වස්තුවක් මහා සද්දෙකින් කඩේ ඇතුලට පතබෑවෙන්නෙ.. වන්දෙත් ලඟ නිසා චිචීය යවපු රොකට් එකවත් සුදු චූටිගෙ ආප්ප කඩේ උඩට ලෑන්ඩ් කරාදෝ කියලා හිතුනත් වැඩිමනක් හිත හිතා ඉන්නෙ නැතුව මමත් ඉතිං කකුල් දෙකට වාරු අරගෙන කඩේ මැද්දෙන් අගුව දිහාවට ඉගිලුනා.. සුදු චූටිත් කලබල වෙච්චිපාර ආප්ප තට්ටුවත් පෙරලගෙන මං ඉන්න දිහාවටම දුවගෙන ආව.. වැහිබීරුමයි හැන්දෑවෙ අඳුරයි එක්ක උනේ මොකක්ද කියලා පැහැදිලි අදහසක් නැති උනාට මොකක් නමුත් වහල කඩාගෙන කඩේ ඇතුලට පත්බෑවුනා කියලා පැහැදිලියි..
අනේ සුදු අයියෙ.. මොකක්ද ඒ උනේ.. අනේ මගේ දුප්පත් කඩේ...
කලබල වෙන්න එපා සුදු චූටි නංගි.. මං ඉන්නවනේ.. ඔයාට මුකුත් තුවාලයක් නෑ නේද..
නෑ අයියෙ... අනේ තුවාල ගැන හොයන්න කලින් පොඩ්ඩක් බලන්නකෝ මොකක්ද උනේ කියලා..
එතැන හිටපු එකම සහ අවසන් පිරිමියා විදිහට මට ඉතිං අහක බලන්න බෑනෙ.. මොන මරාලයක්ද කියලා ශුවර් නැති උනත් සුදු චූටි ඉස්සරහ මගේ පිරිමිකම හෑල්ලු කරන්න බැරි නිසා මම බිම වැටුන පියස්සෙ පොල් අතු ටික ඈත් මෑත් කරගෙන කඩෙන් එලියට ආව... මොකක් නමුත් මේ විදිහට මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ මොකාද කියලා බලාගන්නත් පොඩි කුතුහලයක් වගේ එකක් හිතේ තිබ්බ... මොකා නමුත් කනට දෙකක් ගහලා අමතන්න බලාගෙන පියස්ස ඈත් මෑත් කරගෙන එලියට ඇවිත් බලුවාම තමා මට නිකම් කලන්ත වෙන්න වෙන්න වගේ ෆීලින් එකක් දැනෙන්න ගත්තෙ..
මෙගා නාට්ටියකනම් මෙතැනින් මේ කොටස ඉවරයි..උනේ මොකක්ද කියලා දැනගන්න වෙන්නෙ තව කොටස් සීයක් විතර අවසානයේ.. ඒත් මේක මෙගා නාට්ටියක් නෙවෙයිනේ..
ඇත්තම කියනවනං පිංවතුනි, මගේ මොටර් සයිකල් රාජයා ස්ටෑන්ඩ් එකෙන් පැනලා පෙරලිලා සුදු චූටිගෙ කඩේ පියස්ස උඩට පතබෑවිලා කියහංකෝ.. දැක්කම හරිම ආශ්වාදජනකයි, කඩේ පියස්ස වගේම මෝටර් සයිකලෙත් භාගෙට බාගයක් කුඩේ කුඩු කියහංකො.. හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, සයිඩ් කන්නාඩි, හැන්ඩල් එක ඇතුලු එකී මෙකී නොකී කෑලි බෑලි සමහරක් එල්ලා වැටෙනව, සමහරක් කෑලිවලට කැඩිලා හතර අතේ විසික් වෙලා.. සුදු චූටිගෙ කඩේ පියස්සත් පොල් අතු රීප්ප පරාල සීසීකඩ කියහංකො..බයිසිකලෙන් බැහැලා එද්දි වැස්ස තිබ්බ හේතුවෙන් හෙල්මට් එක දාගෙන කඩේ ඇතුලට ආපු නිසා යාන්තම් හෙල්මට් එක එකට අනතුරක් නෑ.. සුදු චූටිත් පොල් අතු ඈත් මෑත් කරගෙන එලියට ඇවිත් ඉනට අත් දෙක තියාගෙන කන්න වගේ මං දිහා බලන් ඉන්න අල්ලපනල්ලෙ මං ඉතිං කල්පනා කරේ පාඩු දෙක පියවගන්නෙ කොහොමද කියලා විතරමයි..
සුදු චූටිගෙ පියස්ස හදලා දෙන පොරොන්දුව පිට යාන්තමට සුදු චූටිව ශේප් කරගන්න පුලුහං උනේ සෑහෙන්න පිංසෙන්ඩුවෙලා.. අහල පහල සහ පාරෙ ගිය කීපදෙනෙක් අල්ලගෙන මගේ මෝටර් සයිකල් කෑල්ල ආයෙම පාර උඩට උස්සලා ගන්න සෑහෙන කට්ටක් කන්න උනා.. ගැලවෙච්ච කෑලි බෑලි ටික සිලි කවරෙක දාගෙන, එල්ලෙන කෑලි බෑලි කම්බි පොටවල් කීපයකින් ලාවට ලයින් කරගෙ අවසන් වෙද්දි හොඳටෝම කලුවර වැටීල.. සුංබුන් අතරින් හොයලා ඇහිඳ ගතපු හෙඩ් ලයිට් එක යාන්තමට ඉස්සරහින් තියලා කම්බි කෑලකින් අමුනගන්න ටිකක් කට්ටක් කන්නවුනා ලයිට් නැතුව එච්වර දුරක් එන්න බැරි නිසා..
ගෙදර ඇවිල්ලා දැං දවස් දෙක තුනක් උනත් තාම කෙලින් බලන්න තරම් බෙල්ල කෙලින් කරන්න බෑ.. කිතුල්ගල ඉඳන් ගෙදරට එනකල්ම බයිසිකලේ හෙඩ් ලයිට් එක වැදුනෙ පාරට නෙවෙයි වම් පැත්තෙ තිබ්බ වැටවල් තාප්ප වලට උඩින් තිබ්බ පොල් ගස්වලට.. හැන්ඩල් එකත් තිබ්බෙ වමට හැරිලා නිසා වමපැත්ත කාගෙන ඇවිල්ල තාම සරීර කූඩුවයි බෙල්ලයි එලයින්මන්ට් අවුල්.. හැන්ඩල් එකයි ලයිට් එකයි දෙකම වමට හැරිලා තියෙද්දි කිලෝමීටර් සීයක් හමාරක් ඉස්සරහට පැදන් යනවා කියන්නෙ සරීර කූඩුවේම පොට යන සීන් එකක්.. ඇඟේ අමාරුවනම් ටික දවසකින් ඇරිලා යයි.. ඒත් ප්රශ්න දෙකක් ඉතුරුයි.. එකක් බයිසිකලේ ඒ තටමට ඩැමේජ් වෙලත් අතක පයක හීරීමක්වත් නැතුව බේරුනේ කොහොමද කියලා මායිය නිතර අහන ප්රශ්නෙට දෙන්න සාධාරන උත්තරයක් නැතිවීම.. දෙවැනි ප්රශ්ණෙ තමා සුදු චූටිගෙ වහල හදලා දෙන්න කියලා සුදු චූටිගෙන් වැල නොකැඩී එන කෝල් ටික.. ආයෙ නුවර එලි යන්න කලින් ඔය ප්රශ්ණ දෙකම විසඳගන්න වෙනව..
ජනෙල් උලුවහු ටික අරං යද්දි ජෝන් සීනගෙ ඩිමෝ බට්ටා ඉල්ලගෙන යන්නෙ නැතුව හයර් එකට ලොරියක් අරගෙන ගියානම් අද මේ මරාල එකක්වත් නෑ නේද දෙයියෝ කියලා මතක් වෙද්දි ජෝනාව උයලා කෑවත් හිතට මදියි..
(ඊයේ පෙරේදාක යාලුවෙකුට වෙච්චි සිද්දියක් ඉතිං උත්තම පුරුශෙන්ම ලියලා දැම්ම.. ටැග් කරලා unfriend වෙන්න අවධානමක් ගන්න බෑ..
)
තඩියාගේ නුවරඑලිය සංචාරය 1
ආප්ප කියන්නෙ මහා භයානක ආහාරයක් බව ඔබේ හය හතර නොදත් තඩියාට කියා දෙන්න.
ReplyDeleteඅම්මප කියහං 😁
Deleteජනාධිපතිතුමන්ලාටත් කෙලවපු ආහාරයක් නෙව
Deleteමේකෙ එක කොටස කොයි කාලෙ ද දැම්මෙ?
ReplyDeletehttp://ambalangodakatha.blogspot.com/2014/11/1.html?m=0
Deleteකිතුල්ගල සුදු චූටිගෙ කඩේ මාත් ගිහිං බලන්ඩ ඔ්නෙ. ඔය විදිහෙ නුවරඑළිය - නුවර පාරෙ තැනක් තිබුණා ගංගාගේ ආප්ප කඩේ කියලා. ඒකෙත් ආප්ප මරු, හැබැයි දැන් දැන් සවුත්තුයි.
ReplyDeleteබොලාලම තමයි ඒ ආප්ප සවුත්තු කරන්න ඇත්තෙ. හැක්..
Delete2019 ආණ්ඩු පෙරලිය එක්ක ආහාරවල ගුණාත්මක භාවය ගොඩක් අඩුවුනා.. අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහල යාම ඒකට ලොකු හේතුවක්..
Deleteතෝත් ඉතිං කතා මවන්න දස්සය.යොබෙ ශැප මගෙ සතුටයි කියල හිත හදාගන්නව 🤪
ReplyDeleteඅපොයි අහිංසක සුදු චූටි
ReplyDeleteකඩවල ඉඳන් සිරික්කිය දාන චුටිලා අහිංසක නෑ අජිත් අයියේ..
Deleteආප්ප කඩේකට පිරිමි නමක් දැම්මොත් කොච්චර අවුල්ද කියල කල්පනා කරේ... හෙහ්...
ReplyDeleteඔය ඉතිං හිතේ කැත.... :}
Delete+++++++++++++++💐👌🙏
ReplyDeleteThanks Bassa
Deleteදැන් ෂැපද ? ආප්ප කෑවද ? හී..
ReplyDeleteතඩියා ඔන් පෙරේදත් නුවර එලි ගියා..
Delete1, 2 ලිව්වේ මුලදීම නේද
ReplyDelete