Saturday, June 15, 2024

යූ කම් ටු මයි රූම් ටුනයිට් ?

                                 ඒ මීට අවුරුදු දහයකට දොලහකට කලින් කාලෙ.. මම වැඩ කරේ තඩි හෝල්සේල් ෆ්‍රෝසන් ෆූඩ් ෆැක්ටරි එකක.. ඒක ඉතාලි කෑම හදපු ෆූඩ් ෆැක්ටරි එකක්..  24/7 ප්‍රඩක්ශන් එක ඔරේ රන්..  මගේ ශිෆ්ට් එක හවස දෙකේ ඉඳන් රෑ දහය.. හවස දෙකේ ඉඳං රෑ දහය වෙනකල් මගේ රස්සාව ෆැක්ටරියෙ තියන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන එක.. දවසට කොන්ටේනර් කීපයක ප්‍රඩක්ශන් එකක් එලියට යන ෆැක්ටරියක තියෙන අටෝරාසියක් යන්ත්‍ර සූත්‍ර අතරෙ නොකැඩුන යන්ත්‍රයක් තිබ්බනම් ඉතිං ඒ බොහෝම කලාතුරකින්.. අලියෙක් උනත් නාවන්න තරම් සයිස් පිටි අනන මැශින්, මීටර් පනහක් හැටක් දිග පැස්ටරයිසර්, එව්වට නන්ස්ටොප් වාශ්ප සපයන බොයිලර්ස්, වාශ්ප ෆැක්ටරිය පුරා ගෙනියන තඩි සයිස් බ්ලෝවර්ස්, අහාර ද්‍රව්‍ය වේලන ඩ්‍රයර්,  පැය 24 ම රන්වුන කිචන් එකේ තිබ්බ යන්ත්‍ර සූත්‍ර, ප්‍රඩක්ශන් එක පැය 24 තිස්සෙම පැක් වෙන ෆුලී ඔටෝමේටඩ් පැකින් මැශින් කීපය ඇතුලු මෙකී නොකී සියලූම යන්ත්‍ර සූත්‍ර අතරින් භාගෙට භාගයක් හැමදාමත් තිබ්බෙ කැඩිල.. ෆැක්ටරිය නන්ස්ටොප් රන් වෙන්න ඕන නිසා අපේ බොසා එක මැශිමකින් අවම දෙකකට වඩා ස්ටෑන්ඩ්බයි තියෙන විදිහට ෆැක්ටරිය මේන්ටේන් කරා.. ඒ අතරේ ඔක්ශන් වලින් අඩුවට සෙට්වෙන ලෝක යුද්ද කාලෙ යන්ත්‍ර සූත්‍රත් අපේ ලොක්කා ෆක්ටරියෙ වෙයාර් හවුස් එකේ ගෙනැත් බාගත්ත.. සමහර එව්ව අපි ලව්වා හදලා ෆැක්ටරියෙ පාවිච්චියට ගත්ත.. සමහර එව්ව ආයෙම ඩබල් ප්‍රයිස් කරලා වික්ක.. ඒ නිසා මගේ ශිෆ්ට් එක තනි ටෙක් කෙනෙක් විදිහට මට හම්බානෙකට වැඩ.. වැඩ කිව්වට ඉතිං මේන් ටාස්ක් එක ප්‍රඩක්ශන් එක නන්ස්ටොප් රන් කිරීම.. මගේ වගකීම වෙන්නෙ ස්පෙයාර් පාර්ට්ස් තිබ්බා නැතා හරකෙක් බැඳලා හරි ප්‍රඩක්ශන් එක නවතින්න නොදී දුවවන එක.. ඒකට පිං සිද්දවෙන්න රෑ දහයට ගෙදර යන්න වැඩට එන මම සමහර දවස්වලට ගෙදර එන්න උදේ ශිෆ්ට් එකේ ටෙක් උදේ පහට වැඩට ආවාම..  

ටික කාලයක් වැඩ කරද්දි මගේ ශිෆ්ට් එකත් හවස දෙක රෑ දෙක තැනට ඇජස් උනා ඉබේම.. හවස දෙකේ ඉඳන් රෑ දහය වෙනක්ල් ඕවරෝල් යුනිෆෝම් එකෙන් ඉන්න මම බහුතරයක් දවස්වලට රෑ දහයෙ වගේ ඉඳන් ඕෆ් වෙනකල් හිටියෙ චෙෆ් යුනිෆෝම් එකෙන්.. එකට හේතුව රෑ ශිෆ්ට් එක දුවන්න කිචන් ස්ටාෆ් මදි වෙන එක.. රෑ ශිෆ්ට් එක දිවවීමේ වගකීම පැවරුනේ මටයි ඔස්කා කියන තවත් එක හාදයෙකුටයි.. උදේ වෙද්දී එලියට යවන්න තියන ප්‍රොඩක්ෂන් එක යවන්නනම් කිචන් එක සහ පැකින් එක  රන් වීම අනිවාර්යයි..  බොහොමයක් දවස්වලට සිද්දවුනේ කිචන් එක රන් කරන්න මම ස්වේච්චාවෙන් කිචන් එකට අනුයුක්තවීම සහ පැකින් එක රන් කරන්න ඔස්කා ස්වේච්චාවෙන් පැකින් එකට අනුයුක්ත වීම.. 

 ෆූඩ් ෆ්‍රොසෙසින් ප්ලාන්ට් එකක කුකින් කියන්නෙ ලාර්ජ් ස්කේල් වැඩක්.. අවම පෝශන් එක උයන්න තියෙන්නෙ කිලෝ 50 වගේ කොන්ටිටීස්.. කුකින් කියන්නෙත් මම ආස කරන සබ්ජෙක්ට් එකක් නිසා කිචන් එකේ වැඩ කරන එක  ඉතින් මටත් ලොකු මහන්සියක් නෑ.. දවසෙම යන්ත්‍ර සූත්‍ර එක්ක කරන ඒකාකාරී ජීවිතේ මදකට වෙනස් වෙනවා කුකින් වැඩේ නිසා.. කිලෝ 50 ක් වගේ පෝෂන් එකක් එක පාරට උයනවා කියන එක ඉතින් වෙනම එක්ස්පිරියන්ස් එකක්.. සියලුම එළවලු වර්ග ෆැක්ටරියට එන්නේ කපපුවා නිසා කපන්න කොටන්න දෙයක් නෑ... කිචන් එකේ තියන පරිඝනකයට අපිට අවශ්‍ය නිමි ද්‍රව්‍ය ප්‍රමාණය ඇතුල් කරාම රෙසිපියට අවශ්‍ය සියලූම ද්‍රව්‍යවල බර ප්‍රමාණය පරිඝනකය විසින් ලබා දෙනවා.. කුක්ට තියෙන්නේ ඒ ඒ අවශ්‍ය ද්‍රවය කිරලා මැනල අරගෙන අවශ්‍ය ප්‍රමාණයට පිසගැනීම පමණයි.. කිලෝ 50 කොන්ටිටීස් ඊළඟට යන්නේ මික්සර් එකට.. මික්සර් එකේ වැඩ කරන කෙනා කරන්නේ කුක් උයලා දෙන ආහාරයට රෙසිපියේ ප්‍රමාණයට සාමන්යෙන් කිලෝ දහයක් පහළොවක් වගේ චීස් එකතු කීරීම.. ඒකත් පිටි අනන තඩි මැෂිමක්.. එකෙ වැඩ කරන කෙනා අවශ්‍ය කරන චීස් ප්‍රමාණය මිශ්‍ර කරලා අඹරලා ගත්තම ඒක ඊළඟට යන්නේ රැවිඔලි හදන ඩිපාර්ට්මන්ට් එකට.. රැවිඔලි (Ravioli) කියන්නේ පැටිස් එකක් වගේ ජාතියක් .. කිචන් එකෙන් හදලා දෙන ෆිලින් එක රැවිඔලි මැෂින් එක ඇතුලට දැම්මම ඒකෙන් එලියට එන්නේ මැෂින් එකෙන් රෝලර් එකෙන් කැපිලා සීල් වෙලා එන රැවිඔලි.. ඒක ඊළඟට යන්නේ වාෂ්ප යන්ත්‍රයට.. වාෂ්ප යන්ත්‍රය ඇතුලෙන් මීටර්  පනහක් ගිහින් අනික් පැත්තෙන් එලියට එන්නේ හොඳින් තැම්බූන රැවිඔලි.. ඊළඟට ඒ රැවිඔලි බෙල්ට් එක දිගේ යන්නේ වේලන යන්ත්‍රයට.. ඒක ඇතුලෙන් ගිහිං කරෝල කුරියා ගානට වේලිලා එලියට එන රැවිඔලි ඊළඟට තමයි පැකින් එකට යන්නේ.. ඔය ක්‍රියාන්විතය ඇතුලේ කොතන හරි එක වරදක් හෝ දෝෂයක් සිද්දවුනොත් ඒක නිවැරදි කරනකල් ප්‍රොඩක්ෂන් එක හබක්.. ඒ ඒ අවශ්‍ය තැන්වලට  මිනිස් ශ්‍රමය තියෙනකල් ඔස්කට ඔලුවේ කැක්කුමක් නෑ...  ඔය ප්‍රොඩක්ෂන් ලයින් එකේ තියන යන්ත්‍රවලින් එකක්වත්  හබක් නොවෙනකල් මටත් විශේෂ ඔලුවේ කැක්කුමක්  නෑ.. ඔස්කට පඩිය කීයක් ලැබුනද කියලා මම දන්නේ නෑ.. මට පැය අටේ ඉඳන් ඕෆ් වෙනකල් අතිකාල ලැබෙන නිසා මගෙත් ඉතින් ලොකු අවුලක් නෑ..


ෆැක්ටරියෙ තිබ්බ ලොකුම අවුල තමා ෆුල් ස්ටාෆ් ස්පාඥ්ඥ භාශාව කතාකරන ස්ටාෆ් එකක් වීම.. ෆැක්ටරියෙ ප්‍රොඩක්ශන් ලයින් එක ඉතාලි කෑම ජාති නිසා ඒ කෑම ගැන අවභෝධයක් තියෙන රටවල මිනිස්සුන්ට ඒ ෆැක්ටරියෙ ප්‍රමුඛතාවය ලැබුන නිසා මුලු ස්ටාෆ් එකම කතා කරේ ස්පැනිශ්.. ෆැක්ටරියෙ ඕනර් ඇරුනාම ඉංග්‍රීසි කතාකරපු උදවිය හිටියනම් ඒ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක්.. ඒ විදිහ භාශා අවුලක් එක්ක පැය 12 හෝ ඊට වැඩි ශිෆ්ට් එකක් වැඩ කරලා ගෙදර ආවාම වැඩිම මහන්සිය තියෙන්නෙ වැඩ කරපුවට නෙවෙයි අදහස් හුවමාරු කරගන්න වෙච්ච මහන්සියට.. උන්ට සිංහල බෑ... මට ස්පාඤ්ඤ බෑ.. ඒ මදිවට උන් එකෙකුටවත් ඉංග්‍රීසි බෑ.. ඉතිං කියහංකො කොහොමද කියලා අදහස් හුවමාරු කරගන්නේ කියල.. ඕනෑම භාෂාවකට මහා පොදු සාධකය විදිහට ස්පැනිශ් භාෂාවේ තියන  සියලුම අසභ්‍ය වචන ටිකනම් දෙයියනේ කියල සතියෙන් ඉගෙනගත්ත.. එතන අවුරුදු දෙකක් වැඩ කරපු නිසා ලාවට ලාවට වචන අර්ථ තේරෙනව උනාට වාක්‍යක් තේරුම්ගන්න තරම් මට ස්පැනිශ් දැනුමක් නෑ... ඒ වෙනුවට උනේ ඉංග්‍රීසි මෙලෝ මලදානයක් බැරි එවුන් එක්ක ඉංග්‍රීසි කතා කරන්න ගිහින් තිබ්බ ඉංග්‍රීසි ටිකත් සෙත්තපෝච්චි වෙච්චි එක.. උන්ට ඉංග්‍රීසි තේරුම් කරන්නනම් ව්‍යාකරණ අමතක කරන්නම වෙනවා අකමැත්තෙන් උනත් ..

රෑ ශිෆ්ට් එකේ තිබ්බ විශේෂිත තාවය තමයි ශිෆ්ට් එක ඕෆ් වෙලා යද්දී වාහන නැති කවුරුවත්ම මහමග දමා නොයෑම.. රෑ දහයාමාරෙන් පස්සේ ඒ පැත්තට පබ්ලික් ට්‍රාන්ස්පොටේෂන් සහ ශටල් සේවා නෑ.. ඒක ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක් නිසා එතනින් කිලෝමීටර් තුනක් එහායින් තියන ප්‍රධාන පාරට යනකල් යන්න වෙන්නේ පයින්.. නීතියට අනුවනම් ආයතනය විසින් ප්‍රවාහනය සැපයිය යුතු උනත් සේවකයන් සහයෝගයෙන් වැඩේ ගොඩ දාගන්න නිසා ආයතන පරිපාලනය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ.. ආයතනය විසින් අපිට පැවරුවේ නැතත් අපි කවුරුත් කාවවත් රෑට මහමග දාල ගියේ නෑ.. එක එක වාහනේ යන වෙනම සෙට් එකක් හිටිය.. කාන්තා පිරිමි කියලා භේදයක් තිබ්බේ නෑ.. මම හිටියේ වැඩි දුරක නෙවෙයි නිසා මගේ වාහනේට සෙට් උනේ බොහෝවිට එක්කෙනයි.. උගේ නම මිගෙල්.. අපි ඌට  නැති තැන කිව්වේ මිකී කියල.. මිගේල්ට මිකී කියන්න විශේෂත්වය උනේ මිකී මවුස්ට වගේ පැත්තකට ඇද වෙච්ච ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඔලුවක් පිහිටීම.. මිකී කියන වචනේ ඇහුනානම් මිගෙල් ස්පැනිශ්  භාෂාවේ තියන සියලූම වචන වලින් බැන වදින එක සාමාන්‍ය දෙයක්..

වල්දිනා එවකට වයස තිහක වගේ එක්දරු මවක්.. වැඩ කලේ පැකින් එකේ.. හැමදාම රෑට වල්දිනා අරගෙන යන්න එයාගේ හස්බන්ඩ් ෆැක්ටරියට ආව රෑ දෙක වෙද්දී.. ඒ නිසා අපි කාටවත් වල්දිනා රෑට ගෙදර ඇරලවන්න ඕනෑවුනේ නෑ.. ෆැක්ටරියේ බහුතරය වගේම වල්දිනටත් ඉංග්‍රීසි අකුරක් බෑ.. මොකක් නමුත් වැඩක් කරවගන්න ඉතින් භාෂා පරිවර්තකයෙකු අත්‍යවශ්‍යයි.. ඕන් දවසක් ෆැක්ටරිය වහන්න පැය භාගයක් විතර තියෙන්නේ වල්දිනා එනවා පැද්දි පැද්දී කිචන් එක දිහාවට.. කිචන් එක මං විතරයි..

හලෝ සර්.. කොමෝ එස් තස්.. ( හෙලෝ සර්, හවූ ආර් යූ ?)

එකට ස්පැනිශ් වලින් උත්තර දෙන්න මම යන්තමට දන්නවා..

බියෙන් (අයි  ඇම් ෆයින් ) වල්දිනා.. වට් ඩු යූ වෝන්ට් ? 

මාත් ඉතින් දන්නා ස්පැනිශ් ටිකත් පාවිච්චි කරලා වල්දිනා අමතලා එයාගේ අවශ්‍යතාවය අහනවා.. පැකින් එකේ එකෙක් මාව හොයාගෙන කිචන් එකට එන්නේ හේතු තුනකට.. පලවෙනි එක කෑමට යමක් උවමනා වීම.. දෙවැනි එක  ගෙදර ගෙනියන්න පැස්ට ටිකක් රවිඔලි ටිකක් උවමනා වීම.. ඒක විසඳන එක සුළු දෙයක්.. තුන්වෙනි හේතුව ඉතාමත් භායනක එකක්.. ඒ තමයි ප්‍රොඩක්ෂන් ලයින් එකේ යන්ත්‍රයක් අවසන් ගමන් යාම.. 

යූ  කම් ටු මයි රූම් ටුනයිට්  ?

මගේ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා කියමුකෝ.. හැමදාම රෑට හන්බන්ඩා එක්ක ගෙදර යන එක්දරු මවක් මගෙන් අහනව රෑට කාමරේට එනවද කියල..  ගෑනියෙක් මිනිහෙකුගෙන් අහන ප්‍රශ්නයක්ද කියහන්කෝ ඒක ..  

අයි ඩෝන්ට් ආණ්ඩස්ටෑන්ඩ් වල්දිනා...

ප්ලීස් සර්.. කාර් යූ  කම් ටු මයි රූම් ටුනයිට් ... 

ඒ කාලේ ගුගල් ට්‍රාන්ස්ලේට් තිබ්බෙත් නැති නිසා වල්දිනා අහන දේ තේරුම් කරගන්න විදිහක් තිබ්බෙත් නෑ.. ඔස්කා හොයාගෙන යන එක ඇරුනාම වෙන විකල්පයකුත් නැති උනාට වල්දිනා අහන ප්‍රශ්ණය දරුණු ගනයේ එකක් නිසා මනුස්සයෙකුට කටක් ඇරලා කියන්නත් බෑ... ඒත් ඉතින් හත් ඉලව්වේ මේකත් පැද්දි මම උත්තරයක් දෙනකල් බලන් ඉන්න නිසා මම හනික ෆෝන් කොටේ අතට අරගෙන ඔස්කට කෝල් එකක් ගැහුවා ඉන්න තැනකින් හැකි ඉක්මනින් කිචන් එකට වර කියල.. ෆැක්ටරිය වහන්න ඔන්න මෙන්න තියාගෙන මගෙන් හදිසි ඇමතුමක් එනවා කියන්නෙත් ඔස්කගේත් ඇඟේ මයිල් කෙලින් වෙන සිද්දියක්.. මොකද කියනවනම් මොකක් නමුත් යන්ත්‍රයක් සෙත්තපෝච්චි වෙලානම් මම යන්ත්‍රය ගොඩ දානකල්   මගේ තනියට ඉන්න ඔස්කට සිද්දවෙනවා.. ඒ නිසා ඔස්කත් ඩබල් එකේ කිචන් එකට වාර්තා කළා...

ඕන් ඊට පස්සේ තමයි වල්දීනට ඕනවෙලා තිබ්බේ රෑට ගෙදර යන්න රයිඩ් එකක් කියලා පැහැදිලිවම දැනගත්තේ... වල්දිනා එයා දන්නා ඉංග්‍රීසියෙන් මගෙන් අහලා තිබ්බේ ඕෆ් උනාම එයාවත් මගේ කාර් එකෙන් ගෙදරට දාගෙන යන්න පුලුවනිද කියල.. ගණදෙවි නුවණ පහලවෙලා ඔස්කව ගෙන්නලා ප්‍රශ්ණය පැහැදිලි කර නොගෙන වල්දිනගේ රූම් එකට එහෙම යන්න හිතක් පහලවුනානම් වල්දිනගේ හයේ හතරේ මනුස්සයගෙන් මම මැරුම් කාලා දැන් අවුරුදු දහයකට වැඩියි.. මම ඉතින් පිළිවෙලකට හැදුන කුලවත් ගුණවත් උදාර කොල්ලෙක් නිසා යන්තම් පන ටික බේරුනා...

11 comments:

  1. හි.. හි ... දවසක් මම වැඩ කර්න තැන එකෙක් ( අරාබි ඔටු පැටියෙක් ) මට ඇවිත් කියනවා you do my twomarrow , I do threemarrow කියලා , බැලුවම බුවා කියලා තියෙන්නේ මගෙන් Roster change එකක් ඉල්ලලා , ඌට හෙට වැඩකරන්න මට අනිද්දා වැඩ කරන්නලූ

    ReplyDelete
    Replies
    1. ටහුකන ඉංගිරිසියක් නේ බං 😂😁

      Delete
  2. වල් දිනා බලහං නමේම තියෙනව නේඒක. උඹ අර ඔස්කෙක්ට එන්න කියල හා ගත්තට.

    ඇත්තට ඒ වගේ වෙලාවට මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් වුණොත් ඉවරයි නේ
    මෙහෙ නං තියෙන්නෙ අර රා මදින පිහි. ලං වුණත්.ඇති බෙල්ල තමා යන්නෙ 😂😂😂

    ඒ වගේ අත්දැකීම් මරු ඉතිං නේ.

    ඔය උයනේව කන්න පුලුවන් එව්වය ඉතිං. නෑ මං ඇහුවෙ නිකං. ඔයැයි උයන්න ගියා කිව්වනේ 😏😏

    ReplyDelete
  3. ප්‍රශ්නෙ අහපු හැටියම ගොඩය වල් දිනාව උස්සං රූම් එකට යන්න සැදී පැහැදී හිටියයි කියල තමයි ඔස්කනං අනික් කට්ටියට කියල තිබුනෙ.

    ReplyDelete
  4. හ්ම්..... වල්දිනා.😯
    අර මහේෂ් කිව්වා වගේ, මේක දෙපිට කැපෙන කියමනක් වත්දැ?🤔
    කොහොම වුනත් නියම අත්දැකීම. Ravioli ගැන කතාවක දැකලා, ෂොපින් ගිය වෙලාවෙ බාගෙන ආවා. මේක නිසා විස්තර බලාගත්තා.🙏👌💐

    ReplyDelete
    Replies
    1. නම දැක්කම තේරුම් ගන්න එපයි ඉතින්

      Delete
    2. ඒත් හස්බන්ඩා හයේ හතරෙ හපුයියාලු.😋

      Delete
  5. Santhosayi.langa langa liyana ekatanam.maruwata liyalaa thiyenawaa,

    ReplyDelete
  6. ඕන හුන්නස්ගිරියක් කර ගනින් මාව බේරලා

    ReplyDelete