Tuesday, February 28, 2017

බස් කතා බස්.




කාලීන  මාර්තෘකාවක් වශයෙන් ගත්කල බස් කතාවක් ලිවීම අගනේයි අම්බලන්ගොඩයාට සිතුනාවූ නිසා මෙතනින් පටාන්  ගැනෙනා පෝස්ටුව බස් කතාබහක්ය. ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ගත්කල සිරිබර සිරිලංකාවේ බස් යනු එදිනෙදා ජන ජීවිතයේ පාන් තරමටම වැදගත් මාතෘකාවක්ය. ඊයේ පෙරේදාවක ලියවුනු කමියා සිමා කරන්නට ගියාවූ පෝස්ටුව කියවා අවසානයේ ගොඩයාටත් බස් කතාවන් අටෝරාසියක් මතකයට නැගුනාවූ බැවින් ඒවායින් කිහිපයක් මෙහිලා ලියවෙනවාය.

අම්බලන්ගොඩයා  ඉස් ඉස්සෙල්ලාම බස්රථයක  ගමන් ගිය   මතකය දිවයන්නේ එක්දහස් නවසිය අසූව දශකයේ මුල් භාගයට වන අතර එවකට ගොඩයා හූනු බිජුවක් තටම්වත් නැති සුට්ටන් එකාය.  එකල සීටීබී සහ පුද්ගලික බස්රථ ධාවනය ඒකාබද්ධ  සේවයක් වශයෙන්  කරගෙන ගියාවූ කරුමාන්තයක් නොවේය. ලංගම බස්රථ ප්‍රධාන බස් නැවතුමෙන් ධාවනය ආරම්භ කල අතර පුද්ගලික බස්රථ ධාවනය ආරම්භ  කලේ ප්‍රධාන බස්නැවතුමෙන් එළියේ පිහිටි ස්ථානයක හිටන්ය. එකල ගාල්ල දිහාවට ධාවනය වන බස්රථ අම්බලන්ගොඩ ධාවනය ආරම්භ කලේ සමන්න හෝටලය අසලින්ය. නයාට මුගටියා වාගේම සහසම්භන්ධයක් තිබුනාවූ පුද්ගලික සහ ලංගම සම්භන්ධතාවය පාරේ තොටේ එක දිහාවට ගමන් කරද්දී ළඟ ළඟ ධාවනය වුවා කියන්නේ බ්රූස් ලී ගේ සටන්  පිරි චිත්තරපටියක් නරඹනවාට වඩා ත්‍රාසය භීතිය කුතුහලය පිරි ඇඟේ  රෝම කෙලින්වෙනා මෙව්වා එකක්ය. මිටි වහලය සහිත බස් කොටයේ අස්සක් මුල්ලක් නැතිවෙන්නම මගීන් ඔබා තදකර පා පුවරුවේත් විස්සක් තිහක් එල්ලාගෙන උන්නද ලංගමයේ පස්සා කොන  දකීනා පුද්ගලික රියදුරා බස් කොටය එලවන්නට තනන්නේ බස් කොටයේ දෙකොන පූට්ටු වන්නටය. ලංගම රියදුරාද පරාජය භාරගන්නට ලේසියෙන් සූදානම් නොවෙනාවූ නිසා ලංගමයාද කලාතුරකින් භාවිතයට ගන්නා හතරවන ගියරය දමා  යකඩගොඩ ලෙසටම  ගුවන්ගත කරනවාය. අලුමීනියම් පීල්ලේ නිදහසේ දෙපසට වැනෙනා ලංගමයේ දෙපස වීදුරු  දෙදරමින් නගනා ඝෝෂාවට සහයෝගයක් වශයෙන් ඇන්ජිමේ  දෙදරීමද  එහා ලෝකයටම ඇහෙනවාය . ඔන්න ඔහේ  ඔනෑ එකක් කියන්නා වගේ ගියර් පොල්ල දෙපසට ඔලුව වනමින් කිසිවක් නොදන්නා ආකාරයෙන්   ඔහේ ඉන්නවාය. ලංගමයේ  ගියර් පොල්ල ගැන වෙනමම කතා කරනවානම් ගියර් පොල්ලට පනතිබුනානම් ලංගම රියදුරන්ලාගේ හත්මුතු පරම්පරාවටම සීනිගමින් බැහැලා ගම්මිරිස් අඹරනවා සිකුරුය. ඒ මන්දයත් ලංගම රියදුරාලා ගියර් දමද්දී මලාට ක්ලචය පාගන්නේ නැති නිසාය.

වර්තමානයේ පාරේ තොටේ කලාතුරකින් දකින්නට ලැබෙනා මිට්සුබිශී රෝසාව, ඉසුසු ජර්නිය ඒ කාලයේ පුද්ගලික බස් සංස්කෘතියේ මුල් පුරවැසියන් වුවා වුනත් අද වෙද්දී එකල සෑහෙන තරුණකමට උන් මිට්සුබිශී රෝසාව හඳුන්වන්නේ "ගොනා රෝසා"   යන නමින් වීම අම්බලන්ගොඩයාට නම් සෑහෙන්න අවුල්ය. රෝසාවක් ජර්නියක් යනු අතමිට සරු බස් මුදලාලිලා විසින් පාරට දැමු වාහන  වූ  අතර අතමිට සරු නැති බස් මුදලාලිලා බඩ වියත රැකගත්තේ කැරවන් කොටයක්, එල්ෆ් රූට් කොටයක් පාරට දමාගෙනය. කැරවන් කොටයේත් එල්ෆ් රූට් කොටයේත් ඒ තරම් සෙනග පටවන්නට පුළුවන් වග ජපනා හීනෙකින්වත් හිතන්නට නැතුවා  වන්නට ඇතිය. එකල සුප්‍රසිද්ද බස් මුදලාලි කෙනෙක් වූ අම්බලංගොඩ ශ්‍රී විජය මුදලාලිට රෝසා බස් බර ගණනක් තිබුනා අම්බලන්ගොඩයාට මතකයේ තිබෙනවාය. කඩවසම් රෝසාවට සහ හැඩිදැඩි ජර්නියට භියෝගයක් වෙමින් වෙළඳපොළට පැමිණියාවූ ඒසියා කොම්බිය බැලූ බැල්මට පට්ට කෑල්ලය. කොම්බිය ගැන දිවයින පත්තරයේ දැන්වීම පලවී සතියක් හමාරක් යද්දී ශ්‍රී විජය මුදලාලිගේ බස් පෝලිමේ ඉස්සරහටම වන්නට ඒසියා කොම්බියක්ද දිලිසෙමින් වැඩ උන්නා වුවත් පට්ට කෑල්ල වූ ඒසියා කොම්බිය වර්තමානයේ පට්ට කෑලි වාගේම උඩින් පමණක් ඔපය තිබෙනා මෙලෝ රහකට නැති මෙව්වුවා එකක්  වගට ඉතිහාසයේ සනිටුහන් කරමින් අඩු වයසින්ම තාර  පාරෙන් සමුගත්තාය. ඩයිනා ක්ලිපරයද  මිට්සුබිශී අයිචරයද රොසාව ජර්නිය තරම් සුලභව දකින්නට නොමැතිව බස් මුදලාලිලාට බත්පත සරිකලාවූ වාහන වූ අතර එව්වා  කොළඹ දුවන්නට යොදාගත්තා වගක් අම්බලන්ගොඩයාට මතකයේ නොමැතිය. 

අම්බලන්ගොඩයා  හය වසරේ අකුරු අකුරු කරනා සංදියේ  පාසල් පැමිණියේ බස්රථයෙන්ය. දහවල් එකයි තිහට ආරම්භ වන පාසලට පයින් ගාටන්නට කලුවඩුමුල්ල පාරෙන් ගතවන්නේ විනාඩි පහළොවක් විස්සක් පමණ සුළු කාලයක් වුවත් බස්රථයේ ගමන් කරන්නේ ගමන සොමි නිසාය. එකල පොල්වත්තේ හන්දියේ හිටං අම්බලන්ගොඩට  ටිකට් භාගයක් සත පනහක් වූ අතර සම්පූර්ණ ටිකට්ටුව රුපියලක් පමණය. දහවල් දොළහයි හතලිස් පහ පමණ වනවිට පොල්වත්ත හන්දියට එක්රැස්වෙනා සම වයස් සෙට් එක ඊළඟට හන්දියට ලඟාවන්නාවූ ලංගමයේ පාසල් යන්නට ගොඩ වෙනවාය. පුද්ගලික බස් රථ කෙරෙහි වැඩි ඇල්මක් නොදැක්වුවා වූ හය වසරේ ඇම්බැට්ටයින් දිනපතා ගමන් කරන්නේ ලංගම බසයේ පමණය. ඒ මන්දයත් සතපනහ කොන්දාට නොදී මාරුවෙන ජිල්මාර්ට් එක දැමිය හැක්කේ ලංගම බසයේ පමණක් වන නිසාය. පුරුද්දට වාගේ කොන්දොස්තර තුමා විසින් අසනා "ඔයාල ඔක්කොම සීසන් නේද" යන පැනයට "ඔව් " යන පිළිතුර දෙන්නට එකෙකුවත් ඉදිරිපත් නොවෙනා නමුත් හැමදෙනාම කරන්නේ බොහොම අහිංසක විලාසයෙන් කොන්දාට විරිත්තීම පමණය. 

එවන් ආකාරයෙන් වසරක් පුරාවට කරගෙන ගියාවූ සතපනහ වංචා කිරීමේ ක්‍රීඩාව දින කිහිපයකට නතරකරන්නට සිදුවුයේ එක්තරා දිනෙක පෝරඹ හන්දියෙන් බසයට ටික්කන් ගොඩවූ නිසාය. ටික්කන් හෙවත් ටිකට් පරීක්ෂක මහත්තුරු බසයේ ඉදිරියේ සිට පසුපසට ටිකට්ටු පරීක්ෂා කරගෙන එන අල්ලපනල්ලේ හය වසරේ පුංචි හොර නඩය බසයේ පසුපස මුල්ලට වෙන්නට පොදි ගැසී සිටින්නේ භයෙන් භිරාන්ත වීලාය. කිහිප දෙනෙකුගේ ඇස් බිමට වැටෙන්නට ඔන්න මෙන්න තිබුනාවූ අතර කී දෙනෙකුට මූත්‍රා පහවන්නට ඔන්න මෙන්න තිබුණාදැයි ගොඩයා දන්නේ නැතිය. එහෙත් පෙර කල කුසල් මහිමයකට ටිකට් පරීක්ෂා කල ටික්කාද "ඔයාල ඔක්කොම සීසන් නේද" යන සුපුරුදු ප්‍රශ්නයම ඇසු බැවින් සියල්ලෝම හොඳම හොඳ පුතාලා ආකාරයෙන් ඔලුව ඉහල පහල වැනුවෝය. එදා බසය කුලරත්න හංදියේ නැවතුවූ කල බසයෙන් බිමට පැන්නාවූ හය වසරේ හොර නඩය පාසල වෙත දිවුවා නොවේ විද්දාය. එදා හිටං දින කිහිපයක්  යනතුරු නීත්‍යානුකුලව බස් ගමනේ යෙදුනු හොර මුල නැවතත් සුපුරුදු ආකාරයෙන්ම බොරු සීසන් එකෙන්ම ගමනේ යෙදුනෝය.

සිරිබර සිරි ලංකාවේ බොහොමයක් ප්‍රධාන මාර්ගවල බස් ගමනේ යෙදී තිබෙනා අම්බලන්ගොඩයා වැඩිමනක් උත්සහ කරන්නේ ඉන්දියානු බසයකට ගොඩවීමට වඩා ජපන් රටේ නිෂ්පාදිත බස් රථයකට ගොඩවීමටය. ඒ ඇයිදැයි කියනවානම් ඉන්දියානු බසයක ගමන් කිරීමේදී ඇඟට දැනෙනා අපහසුතාවයන්ගෙන් අරික්කාලක්වත් ජපනා නිෂ්පාදිත බස් රථ වලදී නොදැනෙනා බැවින්ය. එහෙත් සිරි ලංකාවේ මගීන්ගේ කරුමයට සියලුම සාමාන්‍ය ගාස්තු බස් රථ ඉන්දියානු ඒවා බවට පරිවර්තනය කරන්නට ලේලන්ඩ් සමාගම සමත්වූ නිසා සාමාන්‍ය ගාස්තුවට ජපන් බසයක ගමන් කිරීම වර්තමානයේ හීනයක් පමණය. ගොඩයා එකල රට පුරා රැකියාව කල සංදියේ ගමනාගමනය සඳහා වැඩිමනක් යොදාගත්තේ ඒසී බස්රථ වූ  අතර එය හුදෙක්ම ආසනයේ සැප පහසුවත් කන් දෙක අගුල් වැටෙනා ශබ්දයෙන් මිදී යාමත් අරමුණුකොට සිදුවුවක්ය. 

ඒසී බස්, බස්  වශයෙන් චිශ්ලේෂණය කළහොත්, ඉසුසු ජර්නියට වඩා ටොයෝටා කොස්ටරයේත් බේබි රෝසාවෙත් සැප පහසුව වැඩිය. ඒ මන්දයත් ජර්නියේ ද්විත්ව ආසනය යනු ආසන එකහමාරක්  නිසා සහ ඒසී පද්ධතිය උපතින්ම මන්දබුද්ධික තත්වයේ එකක් වන නිසාය.. ද්විත්ව ආසනයේ ජනේලය කොනේ වාඩිවීමට නොහැකිවුවහොත් ගමන අවසාන වනතුරුම මගියාට සිදුවන්නේ ආසනයේ වාඩිවී සිටින්නට වෙරදරීමට පමණය. ජර්නිය දකුණට වංගුවක් ගන්නා සෑම අවස්ථාවකම මැද ආසනයේ මගියා ආසනයෙන් එලියට තල්ලුවීම වැලැක්විය නොහැකි කාරණයක් වන අතර පනින ආසනය හෙවත් ජම්පින් සීට් එකේ සිටින්නේ ගැහැණු දැරිවියක්නම් කාරණය සෑහෙන්න බරපතල වෙනවාය. ඊටත් එහා ඉසුසු ජර්නියේ ඒසී ගමන ගැන පහදනවානම් පොරවන්නට බ්ලැන්කට්ටුවක් සහ පවන් ගසන්නට වටා පතක් අතැතිව ජර්නියට ගොඩවීම වඩා ඥානාන්විතය. එය එසේ වන්නේ ජර්නිය යනු  ඒසී පෙට්ටිය ආසන්නයේ ඉන්නා එවුන්ට අයිස්ලන්තයේ සීතල දැනෙනා  සහ දොර ආසන්නයේ සිටිනා එවුන්ට සහරාවේ උණුසුම දැනෙනා අරුම පුදුම නිෂ්පාදනයක් වීමය. එක්තරා දිනයක ඉසුසු ජර්නියක අනුරාධපුර දක්වා ගමන් ගන්නා අල්ලපනල්ලේ ජර්නි රියදුරා දඹුල්ල පාරේ දැමු වෙට්ටුවක් හේතුකොටගෙන අම්බලන්ගොඩයාගේ කිලෝ විස්සක් පමණ බර ටූල්ස් ඇසිරු බ්‍රීෆ් කේසය බසයේ උන් සුද්දෙකුගේ ඔලුව උඩට පතබෑවුනේ ආසන වලට ඉහලින් තිබෙනා ගමන් මලු අසුරණයේ තිබිලාය. සුද්දා " ඔහ් මයි ගෝඩ් " කියමින් ඔලුව බදාගෙන කෑගසන්නට වූ අතර අම්බලන්ගොඩයා හනික ලක ලැහැස්ති වුයේ සුද්දාගෙන් නැව් ගුටි විස්සක් තිහක් වැළඳීම සඳහාය. එහෙත් සුද්දා ඔලුව අතගාමින් රියදුරාට දොස් දෙවොල් තැබුවා විනා අම්බලන්ගොඩයාට  මෙලෝ දොසක් නැගුවේ නැතිය. එම ආසනයේ සුද්දා නොහිට ලංකාවේ ගොඩ සුද්දෙකු වාඩිවී සිටියානම් අම්බලන්ගොඩයා  තරුණ මහතා (හැන්ඩ්සම්) අභාවප්‍රාප්තවී මේ වෙද්දී වසර විස්සකට ආසන්න වෙනවාය.

ගොඩයා කොළඹ සේවය කල සංදියේ කලක් උදෑසන ගමන් පහසුව සලසාගත්තේ අම්බලන්ගොඩ කොළඹ ඒසී බසයකින්ය. ඒ වෙද්දී අම්බලන්ගොඩ කොළඹ ඒසී ගාස්තුව රුපියල් හතළිහක් පමණය. එකල උදෑසන පහයි විස්සේ ඒසී බසය මිස්වීම යනු ගොඩයාගේ නිවාඩු භාගයක් අවසන් ගමන් යන්නාවූ දුක්ඛිත කාරණයක්ය. ඒ මන්දයත් පහයි හතළිහේ බසයේ රියදුරා වයසක නඩයක් වන්දනාවේ යවන්නට ඉහලින්ම සුදුසුකම් සපිරූ රියදුරෙකු වීමය. නින්දෙන් අවදිවන්නට තරම් බ්‍රේක් පාරක් මලාට නොගසනා පහයි හතළිහේ රියදුරා කොළඹට ලගාවන්නේ නාකි බල්ලන් කොළඹ යන්නාවූ වේගයෙන්ය. පහයි හතලිහට අම්බලන්ගොඩින් පිටත්වෙනා ඒසී බස් රථය දෙහිවල හංදිය පසුකරනවිට ලොක්කා අටහමාරට රතු ඉර ගසනවාය. එතැනින් එහා කොළඹට කීයට ගියත් එක නිසා පහයි හතළිහේ නැග්ගාවූ තීරණයටත් රියදුරාගේ මවු දෙමවුපියන්ටත් පින්පෙත් දෙමින් ගොඩයා ඇතුළු බහුතරයක් මගීන් දත්මිටි කනවාය. දෙනියායේ සිට පැමිණෙනා "සමන් එලිය " හා ගාල්ලේ සිට පැමිණෙනා "මල්ෂා" බස් රථ දෙකෙන් එකක එල්ලුනහොත් අටට කලින් බම්බලපිටියෙන් බසිනවා ශුවර්ම ෂුවර් වුවත් අනෙකුත් ඒසී බස් රථ කෙරෙහි විශ්වාසයක් තැබීම සෑහෙන අවිනිශ්චිත කාරනාවක්ය.  අඩුමිලට ලැබෙනා රජයේ දුම්රිය වාර ප්‍රවේශපත්‍රය තිබියදී ඒසී බසයට මුදල් ගෙවා නිවාඩු භාගයකටත් කණකොකා හඬවීම අවරගණයේ ගොං ක්‍රියාවක් වශයෙන් ඒසී ගමනට ආයුබෝවන් කියනා ගොඩයා උදෑසන හතරයි හතළිහේ තැපැල් දුම්රියට ස්තානගතවන්නේ වෙනත් විකල්පයක් නමැති නිසාය. 

ගොඩයා කතරගම සේවය කල  මුල් සංදියේ  ගමන් පහසුව සලසාගත්තේ රාත්‍රී දහයට කොළඹින් කතරගම  බලා පිටත්වනා එයාරෝස් බසයේය. එකල එයාරෝසය පැදවූ සරත් අයියා නම් පුද්ගලයා රියදුරෙකු වශයෙන් විශ්වාසය තබා නින්දට වැටියහැකි චරිතක්ය. බසයේ එන්ජිමේ නාදය පරයා සිලි සිලි නාදය පමණක් ඇසෙනා කැසට් යන්ත්‍රයද සරත් අයියා ක්‍රියාත්මක කරන්නේ මගීන්ට කරදරයක් නොමැති වන්නටය. දුම්වැටි එකක් නිවෙන්නට එකක් දල්වනා සරත් අයියා එයාරෝසය කතරගම නැවතුමේ නැවැත්වූ සැනින් ත්‍රිරෝධ රථයකට ගොඩවී ගෙදර යනවාය. ත්‍රිරෝධ රථයක් සොයාගන්නට නැති සමහරක්දාට ගොඩයා නිල නිවාසයට යන ත්‍රිරෝධ රථයේම සරත් අයියාද ගමන් ගන්නවාය. සරත් අයියාගේ දුම්බීම කොතරම්ද යත් ගොඩයාව නිල නිවාසයෙන් බස්සන අල්ලපනල්ලේ ගොඩයාගෙන් ගිනිපෙට්ටිය ඉල්ලාගෙන තවත් සිගරට්ටුවක් දල්වනවාය.  

රථය බස් රථයක් වුවාට රාත්‍රී කතරගම ධාවනය වන බස්රථයක අසුන්ගන්නවා යනු බෝයිං 777 යානයක ගමන්ගන්නවා වැනිම වූ අත්දැකීමක් වන අතර එය ගුවන් යානයකින් වෙනස් වන්නේ අතට පයට කෑම සපයන්නට හැඩට ඇඳගත් අක්කලා නංගිලා නැතිකම සහ කැසට් යන්ත්‍රයෙන් ඇසෙනා සිලි සිලි ශබ්දය පමණක්ය. කිසිදාක ගුවන්යානයක ගමන් කර නොමැති උදවිය  වෙතොත් ඒ අත්දැකීම විඳගන්නට තිබෙනා ලාභම ක්‍රමවේදය නම් රාත්‍රී කාලයේ කතරගම බලා ධාවනය වන පුද්ගලික බසයක අසුන් ගැනීමය. ඇඟේ රෝම කෙලින් වන්නට දැනෙනා වේගයත් සයිලන්සරයෙන් ඇසෙනා බර බර ශබ්දයත්, කැසට් ධාවන යන්ත්‍රයෙන් ඇසෙනා සිලි සිලි ශබ්දයත් මවනා ඇඟ කිලිපොලායන අත්දැකීම විඳින්නට පින් කරලා තිබෙන්නට  ඕනෑය. එවන් රථයක ඉදිරිපස අසුනේ අසුන්ගන්නවා යනු පන නම් තණ අග පිනි බඳු වන්නේ යන්න සැබෑ ලෙසම දැකගන්නට පුළුවන්ය. මධ්‍යම රාත්‍රිය පසුවී එවන් බසයක ඉදිපස අසුනේ ගමන් ගනිද්දී දැනෙන්නේ මාර්ග නීති නම් මොනවාද කියාය. පැයට කිලෝමීටර එකසිය විස්ස  පන්නා ධාවනය වන ලේලන්ඩ් යන්තරයට පාරේ ඇඳ තිබෙනා තනි ඉරි, කඩ ඉරි, ඩබල් ඉරි, කහ ඉරි සියල්ලම කොස් ඉරි කොස් ඉරි තරමටවත් වැදගැම්මකට නැතුවා සේ දැනෙනවා වන්නට ඇතිය. ලේලන්ඩ් යන්තරය  දකුණට තිබෙනා වංගු යන්නේ පාරේ දකුණු අයිනෙන් හෙවත් ඇමෙරිකානු මාර්ග නීතියට අනුකූලවය. වමට තිබෙනා වංගු යන්නේ බ්‍රිතාන්‍ය නීතියට අනුකුලව වම් අයිනෙන්ය. රියදුරා පදවන්නේ බස්රථයක් වුවත් පසුපස  මගීන්ට දැනෙන්නේ මයිකල් ශූ මාර්කර් පදවනා ෆොර්මියුලා රථයක පසුපසින් වාඩිවී ඉන්නා වැනිවූ දැනීමක්ය. ඉදිරිපස අසුන්වල වාඩිවී සිටිනා මගීනට දැනෙන්නේ කවුරුන් හෝ විසින් ප්ලේ කරනා නීඩ් ෆෝ ස්පීඩ් පරිඝනක තිරය දෙස බලා සිටිනවා වැනිවූ හැඟීමක්ය . ලේලන්ඩ් යන්තරය පාරේ තිබෙනා කඳු වැටි පල්ලම් සියල්ල ගමන්ගන්නේ එකම වේගයකින් වන අතර නිරන්තරයෙන් භාවිතයට ගන්නා නලාවේ ශබ්දයට ඉඳහිටෙක පාරේ හමුවෙනා සියලුම වාහන කොහේ හෝ කානුවකට දමා ඔවුන් ජීවිතය බේරාගන්නවා විනා ලේලන්ඩ් යන්තරයේ බ්‍රේක් පෑගෙන්නේ එහෙමමත් කලාතුරකින් අවස්ථාවක පමණය.

එක්තරා සිකුරාදා දිනෙයක ගොඩයා කතරගම සිට අම්බලන්ගොඩ බලා ගමන් ගන්නට කතරගමින් ඇල්පිටිය බසයේ අසුන්ගන්නවාය. අද කෙසේදෝ කියා දන්නේ නැතත් එකල ඇල්පිටිය කතරගම බසය ටාටා වර්ගයේ බසයක් වූ අතර ගොඩයා ලේලන්ඩ් යන්තරයට වඩා ටාටා යන්තරයට එකෙන්ම ලැයික් වන්නේ ටාටාවේ ශබ්දය ලේලන්ඩ් යන්තරයට සාපේක්ෂව සියයට සියයක්ම අඩු අගයක් ගැනීමය. තවත් හෙතුවක්නම් ටාටාවේ ආසන මගීන්ගේ සැප පහසුව වෙනුවෙන් සෑදු ආසන වීමය. සවස එකයි තිහට පමණ කතරගමින් පිටත්වනා ඇල්පිටිය බසය සවස පහයි කාල පමණ වෙද්දී අම්බලංගොඩ ලෑන්ඩ් කරනවා අනිවාය.

ගොඩයා ගමන් ගන්නා ඇල්පිටිය බසය දෙබරවැවදී ගල් අදිනා ලොරි තඩියකට ඉස්සර කරන්නට සෑහෙන්න දත කනවා අම්බලන්ගොඩයා බලාගෙනය. බසය තුට්ටුවකට මායිම් නොකලා වූ ලොරි රියදුරා පැයට කිලෝමීටර තිහක පමණ වේගයකින් මාර්ගය අහුරා ධාවනය කරනවා විනා ටාටාවේ අලි එලවන නලාව මලාට ගණන් ගන්නේ නැතිය. දහ දොළොස් වාරයක උත්සාහයකින් අනතුරුව ලොරි තඩියට ඉස්සරකරගන්නට ඇල්පිටිය රියදුරා සමත්වනා අතර ඇල්පිටියේ පසුපස දොරේ එල්ලී සිටිනා සහයට කොන්දොස්තර උන්දෑ ලොරියේ රියදුරාට අතපය දික්කරමින් අව්‍යාජ්‍ය සිංහලෙන්ම අමතනවාද අම්බලන්ගොඩයා බලාගෙනය. එහෙත් ඇල්පිටිය රියදුරා කිසිදු ප්‍රතික්‍රියාවක් නොමැතිව ටාටාව ගුවන්ගත කරන්නට දත කනවා විනා මග ඇහිරු ලොරි තඩිය ගැන කිසිදු අවදානයක් යොමුකළේ නොමැතිය. 

එසේ අඛණ්ඩව සිදුකල ධාවනයකින් අනතුරුව දික්වැල්ල නැවතුමේදී කතරගම සිට පැමිණි රියදුරා මගීන්ට සමුදෙන අතර එතැන් පටන් පයිලට් ආසනයේ අසුන්ගන්නේ ඇල්පිටියේ සුපුරුදු රියදුරාය. රියදුරා මාරු වුවද දුරගමන් සේවා යන්තරවල ගමන වෙනස්වන්නේ බොහොමත් කලාතුරකින් වන අතර දෙවන රියදුරාද තම සුපුරුදු යානය බර්නොලි තියරිය පරදන්නටම ගුවන් ගත කරනවාය. එහෙත් ශ්‍රී එෆ් එම් හි අවාසනාවට ඇත්තකතාවක් වැනිවූ සිදුවීම සිදුවන්නේ කොග්ගල හෝටලය ආසන්නයේදීය. කඩු පොලු රැගත් මිනිසුන් පිරවූ ටිපර් රථ දෙකකින් මග හරස් කර ඇල්පිටිය බසය කොග්ගල හෝටලය අසල ගාලුපාරේ නවතාගන්නේ රියදුරා කිසිදු ආකාරයකින් නොදන්නා වරදකට දඬුවම් දීමට වග වටහාගන්නවිට ඇල්පිටිය රියදුරා ටාටාව නවත්වා හමාරය. එතැන් හිටං බස් රථය ඇතුලේ ගිනි අවි සහ ගිනි කෙලිය. සෙනග පිරවූ ටාටා රථයේ ඉදිරිපසින් ඇසෙන්නේ චට පට නාදයෙන් රියදුරාට නෙලනා ශබ්දය පමණය. ටිකට් පොත කොහේදෝ අස්සක හැංගු කොන්දොස්තර තැන්පත් බසයේ පොල්ලේ එල්ලී හිටගෙන ඉන්නේ මගියෙකු ගානටය. කොග්ගල චන්ඩි පිරිසක් රියදුරාට සබ්බුව දෙන අල්ලපනල්ලේ තවත් පිරිසක් කොන්දොස්තර සොයා බස් රථයේ සෝදිසි මෙහෙයුමක් දියත් කරලා වුවත් හැමදා යන එන මගීන් කොන්දා පාවා නොදී සිටින්නට වගබලාගත්තෝය. ගොඩයා ජනීලයෙන් ඔලුව එලියට දමා "ඔය මනුස්සයට ගන්න එපා හලෝ කතරගම ඉඳන් ආපු ඩ්‍රයිවර් දික්වැල්ලෙන් බැස්සා" නොකියන්නට එදා කොග්ගල සෙට් එක ඇල්පිටියේ රියදුරාට ආයේ රැකියාවක් නොකරන තැනටම අත පය කඩා දමනවාය. ඒ සියල්ලට අනතුරුව ගොඩයා වෙත මතුවූ ප්‍රශ්නය නම් චන්ඩි රැල බැසගිය වහා ඇල්පිටියේ රියදුරා කිසිවක් නොවුනාවූ ලෙසට නැවතත් ටාටාව පෙර පරිදිම ගුවගතකලේ කෙසේදෝ කියාය. එවන් ආකාරයේ ගුටි පූජාවක් සාමාන්‍ය පුද්ගලයකුට වැදුනානම් ආයේ මාස හයක් පාරේ වාඩිවී අඬනවාය. අනෙක් කරුණ නම් දිනපතා එක බස් රථයේ ජීවිකාව කරගන්නා රියදුරාට අලි ගහන්නැහේ ගුටි අනිනා අල්ලපනල්ලේ කොන්දා කිසිවක් නොදන්නා මගියෙකු සේ පොල්ලේ එල්ලී සිටින්නේ කෙසේදෝ කියාය.

බස් කතා ලියන්නට ගොස් පඳුරු තැලුවා වැඩි වුවත් තවත් බස් කතාවක් මතකයට නැගුනාවූ බැවින් එයද ලියා තබනවාය. එක්දහස් නවසිය අනූ අටේ එක්තරා සිකුරාදාවක ගොඩයා සහ අතිජාත මිත්‍ර සමා ගමන් ගන්නේ අනුරාධපුර හිටං කොළඹ බලාය. එකල අනුරාධපුර හිටං කොළඹට ඒසී බසයේ ගතවන කාලය පැය හතරහාමාරක් වන අතර අනුරාධපුරයෙන් සවස පහට බසයේ නැගුනොත් රාත්‍රී නවය සහ දහය අතර කාලයේ පිටකොටුවට ලෑන්ඩ් කරනවා අනිවාය. එදා සිකුරාදාවක් වූ නිසා අනුරාධපුරයෙන් කොළඹ බලා ධාවනය වූ ඒසී බස් රථය නිසාන් යුඩී වර්ගයේ සුවිසාල රථයක් වූ බැවින් ගොඩයාට සහ මිතුරු සමාට හිමිවූ ආසනය වන්නේ දකුණු පැත්තේ පසුපස රෝදය උඩ වූ ආසනයය. සමා ජනේලය අයිනේ වූ අතර ගොඩයා ඊට යාබද ආසනයේය. ගොඩයා බසයේ නිදන්නට රුසියා නිසා අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජනය ලබාගන්නවාය. 

බොහෝම නිවිහැනහිලේ කොළඹ බලා ධාවනය වූ රථය එකවරම කාලගෝට්ටියක් වන්නේ වරකාපොලින් කටගොන්නක් බීගත් හාදයන් හතරදෙනෙකු පසුපස ආසනයට අසුන්ගත්තායින් අනතුරුවය. එතැන් පටන් බස් රථයේ ඇසෙන්නේ ඔවුන් හතරදෙනාගේ චන්ඩි කථාය. කතාවෙන් බහෙන් චන්ඩි හතරදෙනා කිරිබත්ගොඩ ප්‍රදේශයේ චන්ඩින් වග දැනෙනවාය. ඔවුන්ගේ සංවාද වලට අනුකූලව පාතාලය යනු ඔවුනට අතැම්බුලක්ය. ඔවුනට ත්‍රිවිද හමුදාව සහ පොලිසිය සමග වුවද මුහුණට මුහුණ සටන හෙන සිම්පල් වැඩක්ලුය. රටේ නීතිය යනු කැලෑ පත්තරයක් ගානටවත් ගණනක් නැතිලුය. ඔයවැනි චන්ඩි කතා බස්රථය පුරා ඇසෙද්දී කොන්දොස්තර තැන රියදුරා අසලින් වාඩිවී හිඳින්නේ පසුපස සිදුවනා කාලගොට්ටිය ඇසෙනා නෑසේනා ගානටය. චණ්ඩින්ගේ ගෝසාව මගීනට කොයිතරම් හිසරදයක්ද යත් නින්දේ උන් මගීන් සියල්ල නින්දෙන් අවදිවී සිටින්නේ කිසිවක් කරගත නොහැකිවය. චන්ඩින් හතරදෙනා අසුන්ගතව සිටින්නේ ගොඩයා සහ සමා සිටිනා ආසනයට ආසන පේලියක් පසුපසින්ය. ගොඩයා සිටින්නේ රෝදය උඩ ආසනයේ වන අතර ඊට පසුපස ආසනයේ සිටින්නේ රැකියාවක් කර නිවසට යන මොඩලයේ බොහෝම නිවුන පෙනුමැති තරුණ අයෙක් සහ ගලිවර්ගේ සුවිසැරියේ ගලිවර් තරම් හයේ හතරේ යෝදයෙක් වන් හාදයෙක්ය. ඒ හාදයාගේ උකුලේ ගමන් මල්ලක්ය. ඊට පසුපසින් ආසනය බසයේ අවසන් ආසනය වන අතර එහි තම රාජධානිය කරගෙන වහසිබස් දොඩන්නේ බේබද්දන් හතරදෙනාය. ඔවුන්ගේ කන්දොස්කිරියාව ඉවසා අවසන් ඉවසීමේ කටුව පැන්නාවූ ගොඩයා උන් ආසනයට පසුපස හෙවත් සමා පසුපස ආසනයේ තරුණ පෙනුමැති පුද්ගලයා ආසන දෙකහි හිස රඳවනය මැදින් ඔලුව දමා චන්ඩින් අමතනවාය..

මේ ඔයාල ටිකක් සද්දේ අඩු කරනවද කරුණා කරලා.. මේ මිනිස්සු ඔක්කොම වැඩ කරලා මහන්සි වෙලා එන මිනිස්සු.. ඒ මිනිස්සුන්ට නිදාගන්න දෙනවද කරුණාකරලා..

උඹ කව්ද ඩො අපිට අණ දෙන්න.. අපි කිරිබත්ගොඩ සුපරි කකුල් අරිද.. උඹ වැඩිය දැඟලුවොත් බස්සගන්නවා -----පුතා කිරිබත්ගොඩින්..

අනේ කරුණාකරලා සද්දේ අඩුකරගන්නකෝ.. අපිට එච්චරයි ඕන..

තෝ කව්ද -----පුතෝ අපිට පාර්ට් දාන්න.. මේක අපේ වැයික්කිය දැනගනින්.. පාඩුවේ ගෙදර යන්න ඕනෙනම් සද්දේ වහල පල..

එහෙමද..

ඔව් එහෙම තමයි ඩො.. ඇයි උඹ මොනවා කරන්නද..

ගොඩයා සහ සමා සිද්දිය ගැලරියේ හිටං නරඹන ප්‍රේක්ෂකයින් වන අතර අනෙකුත් සියලුම ප්‍රේක්ෂකයින් සිටින්නේ ගොඩයලාට පසුපසින්ය. කිසිවක් නොදන්නා ගානට රියදුරා රථය කොළඹ බලා ධාවනය කරනවාය. කොන්දා කන් නෑසෙන ගානය..

සමාගේ ආසනයට පසුපසින් සිටිනා තරුණ මහතා ආසනයෙන් නැගී සිටින්නේ ඒ අවස්ථාවේදීය.. ඊළඟට ඉනෙන් එලියට ඇදෙන්නේ ස්වංක්‍රීය වර්ගයේ පිස්තොලයක්ය..

දැන් තොපි මගෙන් ඇහුව නේද මොනවා කරන්නද කියල නේද.. මට කියල තොපේ ඔලුව කුඩු කරගන්නේ නැතුව සද්දේ වහල පල මේ මිනිස්සුන්ට පාඩුවේ යන්න දීල..

බස් රථය මීයට පිම්බා හා සමානය.. චන්ඩින්ගේ කටවල් මීක් නැතිය.. ඊළඟ අවස්තාව  කව්රුත් නොසිතු පුද්ගලයාටය.. එනම් ගොඩයා පසුපස ආසනයේ උන් ගලිවර් මහතාය. හෙතෙම නැගී සිටින්නේ තම ගමන් මල්ල උස්සාගෙනය.

සර්.. බෑග් එක ටිකකට අල්ලගන්න පුලුවනිද..

ඔහු එසේ අසන්නේ පිස්තෝලය ඇත රැඳී පුද්ගලයාගෙන්ය..එයින් පිස්තෝලය නැවත ඉනේ ගසාගන්නා තරුණ මහතා ගමන් මල්ල උකුලට ගෙන වාඩි වනවාය.. ඊළඟට අම්බලන්ගොඩයාටත් හිතාදර සමාටත් ගැලරියේ සිටම නරඹන්නට ලැබෙන්නේ ලෝක රෙස්ලින් සූරයකු තම ප්‍රතිවාදීන්ට ලෙසටම නෙලනා දර්ශනයක් වාගේ ඒකකය. වෙනත් ආකාරයකින් කියනවානම් ජිම් පප්පා රෝමන් කාරයින්ට නෙලනවා වාගේ දර්ශනයක්ය. එතෙක් පාතාලය අතැම්බුලක්වන් චන්ඩි කතා කී චන්ඩින් හතරදෙනාට ලෙසටම වගකිවූ ගලිවරයා නෙලනා නෙලිල්ලට එකෙක් දෙන්නෙක් පසුපස වීදුරුව කඩාගෙන එලියට විසික්වෙයිදෝ යන භයටදෝ රියදුරා රථය පාරේ අයිනට වෙන්නට නවතාගන්නවාය. වචනයක් වත් කටින් පිට නොකලාවූ ගලිවරයා චන්ඩින් හතර දෙනාටම අම්මාගෙන් බිවු රන්කිරි මතක් වන්නටම නෙලූ අවසන එකින් එකා කමීස කොලරයෙන් ඇදගෙන ගොස් බසයෙන් එලියට තල්ලුකර දමන්නේ සියලු මගීන්ගේ ඔල්වරසන් මැද්දේය. එතෙක් වේලා රියදුරා ආසන්නයේ මීයා සේ උන් කොන්දා නිදා සිට ඇහැරුනාක් සේ චන්ඩින් එලියට ඇද දමන්නට සහයෝගය දුන්නද ගලිවරයාගෙන් කණ පුරා පහරක් ඔහුටද හිමිවන්නේ එතෙක් නිහඬව සිට බෝනස් ලකුණ හිමිකරගත් ජයග්‍රාහකයා වශයෙන්ය. ඒ සියල්ල අවසානයේ ගලිවරයා නැවත තම ආසනයට විත් තම ස්වාමියාගෙන් ගමන් මල්ල ඉල්ලාගෙන මුකුත් නොවුනා සේ අසුන්ගත් පසුව ගොඩයා සමා දිහා බලන්නේ එතෙක් නැරඹු සටන් ජවනිකාවේ විස්තර සමාලෝචනයක් සඳහාය. එහෙත් සමා තම ආසනය යටට පහත්වී එබීගෙන මොනවාදෝ හොයනවාය..

මොනාද බන් හොයන්නේ..

න්..න්...නෑ ....බන් සපත්තු දෙක හෙව්වා..

ඔය තියෙන්නේ බන් කකුල් දෙකේ... හැක්..හැක්..

පිස්තෝලය දැකලා කකුල් දෙකේ තිබ්බ සපත්තු දෙක සීට් එක යට හෙව්වේ මොකද කියන එකනම් ඉතින් අහන්න වෙන්නේ සමාගෙන්ම තමා.. 

101 comments:

  1. Replies
    1. අඩෝ ඒවා ඔට්ටු නෑ හරිය.. නෙලනවා ගලිවර් ගැහුවා වගේ.. හැක්.

      Delete
    2. ඒකනෙ බන් සූටික්ක තවම අකුරෙන් අකුර ගලප ගලප කියවනවද කොහෙද.හෆොයී

      Delete
    3. සූටික්කා උයා කෝ..
      පලවෙනි කොමෙන්ට් එක දැම්මට ස්තුති වේවා..

      Delete
    4. පෙසන්න, සූටික්ක කොමෙන්ට් සංගමයේ සභාපතිට කලින් ආපු එක ගැන නිදහසට කරුණු කියපන් බලන්න..

      Delete
    5. කමීල ඉතින් ආරක්සක අන්සේ හිටපු උදවිය හින්ද නෙලිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ..

      Delete
    6. සූටික්ක කියවලා එනකම් අපි බලා සිටිමු චමිලයෝ..

      Delete
    7. හුටා....

      කියෙව්වා..... ආපහු එන්ඩ අමතක උනා......

      Delete
    8. සූටික්කෝ උඹත් කරන වැඩ.. බලහං මුන් මාසයක් විතර බලන් ඉන්නවා උඹ එනකම්..කමක් නෑ .. පරක්කු වෙලා හරි ආවනේ.. ඒ මදැයි..

      Delete
  2. මට මතක සුපිරි බස් ගමන තමයි අනුරධපුරේ සිට අළුත්ගමට ආ ඒ ගමන.රාත්‍රී 11:30ට අනුරධපුරෙන් පිටවුන ප්‍රයිවෙන් ජෙට් එක එළිවෙන්න 4:45ට අළුත්ගම කියහන්කො.ඒකත් එකදිගට නෙවෙයි තේ බොන්න එක තැනයි කොටුවෙ විනාඩි 10කුයි නවත්තන් ඉදල.මන් මගින් මගට කිය කිය ආවෙ රියදුරු දෑතට දෙවිරැකවරණයි කිය කිය

    ReplyDelete
    Replies
    1. මධ්‍යම රාත්‍රියේ මනාගමනය අනුව සලකා බලනකල සාමාන්‍ය එන්ජිමෙන් ඇවිත් තියෙන්නේ ජෙට් එන්ජිම ඔන් කරානම් ඔයිට කලින් එන්න ඕන.. කොහොමද ඇඟට දැනෙන ගතිය..
      උඹට මතකද උඹේ යාලුවෙකුගේ ජීවිතේ බේරන්න අපි විනාඩි හතලිස්පහෙන් අම්බලන්ගොඩ ඉඳල ගල්කිස්සට ආපු ඒම..

      Delete
    2. මතකයට එන්නෙ නැහැනෙ බන්.ඒකෙනුත් පෝස්ටුවක් ලියන්න බැරිද?

      Delete
    3. ඇයි බන් උඹේ යාලුවෙක් රට යන්න ගිහින් ඩිපෝර්ට් වෙලා ගල්කිස්සේ කාගේදෝ ගෙදරක එල්ලිලා මැරෙන්න යනවා කියල කෝල් එකක්හ ආව..සිංහල අවුරුද්ද දවසක අපි ගිහිං ඌ අරන් ආව මතක නැද්ද.. නම මෙතන ලියන්න බැහැ හරි නැහැනේ..

      Delete
  3. මාර බස් කතා ටිකක්නෙ. මොනව උනත් අන්තිම කතාවෙ චන්ඩි ටිකටනං සිද්දියෙන් පස්සෙ පාතාලෙටම යන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ උන් කොහේ ගියාද කියල. නිට්ටඹුව කිට්ටුවෙන් තමා බස් එකෙන් එලියට තල්ලු කරේ.. හයියු තිබබ් සන්තෝසේ ඒ වෙලාවේ.. 96 වර්ල්ඩ් කප් දිනුව වගේ..

      Delete
  4. ඔය වගේ එයාබස් අත්දැකීමක් ගන්න කොළඹ - ඇඹිලිපිටිය බස් එකකට නැග්ගත් බොහො වෙලාවට පුලුවං

    ReplyDelete
    Replies
    1. යා..යා.. 122 ඇඹිලිපිටි උන් විදිනවා.. ඒත් 98 මොණරාගල උන් කොටනවා.. මොන ලබ්බක්ද මන්ද..උන් දෙවෙනි සැරේට තනමල්විලින් තේ බිව්වයිනුත් පස්සේ තමයි ෆෝම් වෙන්නේ..

      Delete
    2. තණමල්විලින් රොකට් ෆුවල් ගහනව ඇති එහෙනං.

      Delete
    3. ඔව් එත් 122 නගින්න ඕනේ දෙගොල්ලටම දීලා තියෙන්නේ පය 6 වගේ කාලයක් නේ..එකෙන් ට්‍රැෆික් එකට පය 2 විතර අලුත් පාරේ අයින් කරන්න ඕනේ නිසා මුල ඉදන්ම විදිනවා..මහරගමින් පස්සේ අවුල..පරණ පාරේ එච්චර ලොකුවට විදිල්ලක් නෑ

      Delete
    4. යකෝ කමියෝ තනමල්විලින් තේ බොන්න කලින් බැහැලැ ගෙදර පලයං..

      122 අවිස්සාවේල්ලට එන්න පැය තුන හමාරයි..
      එතැන ඉඳන් ඇඹිලිපිටියට පැය දෙක හමාරයි..(තේ බොන විනාඩි 15ත් එක්ක)

      Delete
    5. හ්ම් හ්ම් ඇඹිලිපිටිය එකක මම දවසක් ගියා රත්නපුරේට.. එව්වත් එහෙම තමා.. ඒත් ගාලුපාරට සාපේක්ෂව ඇඟ කිලිපොලායන අවස්ථා අඩුයි බන් ඒ පාරවල්වල..

      Delete
    6. කමියෝ..උන් ඔය ජෙට් වගේ ගියාට ඩ්‍රයිවර්ලා ඔක්කොම යන්නේ ඔරලෝසුව බල බල බන්. උන්ගේ ටයිමින් වලට තමා උන් ගමන..

      Delete
    7. හයිලෙවල් පාර රෑට ගාලු පාර තරම් පාලු වෙන්නේ නැහැ මම හිතන්නේ. ඒ නිසා අනතුරු ගාලු පාරට සාපේක්ෂව අඩුයි.. ලේලන්ඩ් එක හදපු එවුන් කොහොම ඔය යන්තරේ ඩිසයින් කලාද මන්ද සුමුදු.. එත් හැබැයි සාමමන්ය වේගය ගණනය කරලා බැලුවාම සාමාන්‍ය වේගය පැයට කොලිමීටර 60 පනින්නේ බොහොම කලාතුරකින් බන්..

      Delete
    8. ඈ බන් විදානේ.. තණමල්විල තේ බොන්න නැවත්තුවාම ත්‍රයිලෝක සුවය එහෙම හොඳම බඩු වලින් ලැබෙනවා ඇති නේද..

      Delete
  5. කටකපල පිරිච්ච ජර්නියක දොරේ තියෙන පොඩි යකඩ කූරෙ එල්ලිලා ඇවිල්ල ඒක අතෑරිල බස්එක පල්ලෙ වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි යංතං දොරේ කෑල්ලක් අල්ලගන්න පුලුවං වෙච්ච සීන් එකක් තමයි මට උනේ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට දොරේ කෑල්ලක් අහුවුනේ උඹට.. ඒක අහුනුනනම් ගමේ කට්ටියට මාරි කන්න තිබ්බ නෙහ්

      Delete
  6. පට්ට ෂෝ එකක්නෙ ගැලරියේ ඉදන් බලලා තියෙන්නෙ අඳ ගොලු බිහිරි පාට් එක ඇට් කරපු කොන්දාගෙ කණට දීපු එක එල!

    ReplyDelete
    Replies
    1. ගැලරියේ ඉඳන් ඒ වගේ ෂෝ එකක් බලන්න පින් කරලා තිබෙන්න ඕන බං..

      Delete
  7. ඔන්න..ඔන්න.. ඔය වෙලාවට තමයි ඉතින් බස් කතා සිරිස් එකක් ආයේ පටන් ගන්න හිතෙන්නේ.. මාත් මුළු ලංකාව පුරාම බස් වල ගිය එකෙක්.. උඹ හිතපන්කෝ උදේම ට්‍රින්කෝ ඉඳල කොළඹ ඇවිත් එතනින් ගාලු ඇවිත් කෙල්ලව (ඒ කාලේ) බලල ගාල්ලෙන් මාතරට ගිහින් මාතර මොනරාගල බස් එහෙක වැල්ලවායට ගිහින් එතනින් ලොරියක හරි නැගල ඇල්ල හරහා කුඹල්වෙලට ගිහිං ආයෙම කොළඹ බදුල්ල බස් එහෙක නැගලා රෑ මැද්දේ බදුල්ලට යනකොට තියෙන සැප.. :) නේවි කොන්වෝයි එකේ එනකොට ඔය ගමන ගාල්ලට එන්න හවස හය විතර වෙනවා.. එතකොට ප්‍රේමවන්තිය බලන්න තියෙන වෙලාව අඩුවෙන නිසා මම පුරුදු උනා උදේ හය හමාරට ට්‍රින්කෝ වලින් එන තංගල්ල බස් එකේ එන්න.. ටහිකේ.. කියුවලු ඌ කොළඹට දානවා දවල් එක වෙනකොට.. එතනින් ටයිමින් අරගෙන එකයි හතලිහට විතර දානවා ගාලු පාරට.. හරියට තුනයි දහයට අම්බලංගොඩ.. යනවා නෙවෙයි විදිනවා.. ඒ පැය එක හමාරෙන් විනාඩි හතළිහක් විතර යන්නේ මොරටුවට.. ඉතුරු ටික තමයි එතන ඉඳල අමබලන්ගොඩ ටම.. ඇත දෙකෙන්ම ඉස්සරහ සිට් එක අල්ලාගෙන ඉන්න ඕනි.. :)
    අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකෙන් බැහැල ගෑල්ලමයත් හම්බ වෙලා පයක් හමාරක් කතා කරලා අපි නගිනවා සෙක්ෂන් බස් එහෙක බූස්සට.. අපරාදේ කියන්න ඌත් අමබලන්ගොඩ ඉඳල බූස්සට පෑ එක හමාරක් විතර ගන්නවා. බස් දෙකම ලේලන්ඩ් වයිකින් තමයි හැබැයි. මගේ හිතේ තංගල්ල එකා ඇවුට වෙන්ඩ ඇති ගහන්නේ ඩිසල් වෙනුවට.. බූස්සේ බැහැල අරුන්දව ගෙදර යවල මං දෙවෙනි මෙහෙයුම පටන් ගන්නවා.. එතනින් මාතර තංගල්ල කතරගම මොකක් හරි එහෙක එල්ලිලා මාතර ගියාම මාතරින් මොණරාගල යන අන්තිම බස් එකේ වගේ නගින්න පුළුවන්. රෑ එකොළහට දොළහට වැල්ලවායේ බැස්සම පට්ට ආතල්. බදුල්ල පාරේ පොලිසිය ඉස්සරහට ගිහිං එතන ඉන්න එකත් එක්ක කතාවක් දාගෙන පයක් හමාරක් ඉන්නකොට එන මොකක් හරි වහනයක් ඌ නතර කරලා දෙනවා.. ගොඩක් වෙලාවට ලොරි තමයි.. සමහර උන් කරඳගොල්ල හරියේ රොටී කඩවල නතර කරලා රොටී කාල තේ බිල පැයක් හමාරක් නිදාගෙන ඉඳල තමයි යන්නේ.. කොහොමින් කොහොම හරි ඔය විදියට ඇල්ලට හරි කුඹල්වේලට හරි ගිහින් කොළඹ ඉඳල එන බදුල්ල බස් එහෙක නගිනවා.. පට්ට ආතල් ඕයි ඒ කාලේ..
    තා එකක්.. මට දවසක් චෑන්ස් එකක් හම්බුනා ඔය ලේලන්ඩ් වයිකින් එකක් ගින්තොට ඉඳල ගාල්ලට අරගෙන යන්න.. අම්මට.. කාර් කැලේ බං.. නැවෙනවා සක සක ගාල.. තුඩට තියල බ්‍රේක් කරතැකි ලෙසටම.. ඒ අතින් පට්ට ආ.. ඕකයි උන් යන්නේ. හැබැයි ලේලන්ඩ් කඳු අදින්නේ නෑ. කඳු වලටනම් ටාටා තමයි.. ජර්නි, රෝසා, කොම්බි, එල්ෆ්, කැරවාන් විතරක් නෙවෙයි ඩෙලිකා ත් දිව්වා ඒ කාලේ අපේ පැතිවල.. අසූ ගණන් වල මුල.. සැහැ.. උඹ මාව පිස්සු වට්ටනවා..

    ප.ලි. ටයිප් කරගෙන කරගෙන ගියා මොනවා ලියලද මන්ද.. ඔන්නොහෙ පබ්ලිස් කරලා දානවා..

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි.. උඹට රාහු අපලේ තදින්ම තිබිලා හැඩයි..තංගල්ල ත්‍රීකුණාමලය බස් එකත් යනවා කිව්වට යනවා නෙවේ විදිනවා බං.. ඔය කියන බස් එකේ ත්‍රීකුණාමලේ යන ඥාතියෙක් දාන්න මම ටවුන් එකට ආව.. බස් එක නුලෙන් මිස්වූනා කියහන්කෝ.. බස් එකේ පස්ස පෙනී පෙනී එලවලත් ඇහුන්ගල්ලේදී තමා යාන්තම ඉස්සර කරලා නවත්තගත්තේ බස් එක. යකෝ ජපන් වාහනේක යන්න බෑ එව්වා එක්ක..වයිකින් එකේ ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනාම බස් එක නිකම් ඇඟට ආරූඩ වෙන ගතියක් තියෙනවා නේද බං.. බ්‍රේක් තමා බ්‍රේක්.. කකුල නිකම් තිබ්බත් පස්ස උඩ යන්න ගහන්න පුළුවනි.. එය එයාර් බ්‍රේක් සිස්ටම් එකේ තියන වාසිය ඕක තමා..

      ලංකාව වටේම බස්වල ගිහින් තියෙනවා මචන්.. ඒත් බදුල්ල කොළඹ සුපර් ලයින් එක වගේ බස් එකක්නම් ලංකාවේදී ගිහින් නැහැ බං.. රෑ එකොලහටද කොහෙද නේද ඕක එහෙන් පිටත් වෙන්නේ.. ඔකේ නැගල නින්දට වැටුනා කියන්නේ පිටකොටුව ස්ටෑන්ඩ් එකේ තමා උදේ පහමාරට ඇහැරෙන්නේ..ඒ කාලේ බදුල්ල කොළඹ ඒසී රුපියල් අනූවයි..

      Delete
    2. බදුල්ල කොළඹ සුපර් ලයින් එක තමයි ලංකාවේ තියෙන සැප පහසුම බස් එක.. සුපර් ලයින් ලගේත් තියෙනවා පස්සරින් අදින එකක්.. ඒක බදුල්ල කොළඹ මුල ඉඳන් දුවන බස් දෙක වගේ සැප නෑ.. මට සාමාන්‍යයෙන් බස් වල නිදා ගන්න අමාරුයි.. මොකද මට ඔලුව කෙලින් අතට තියාගෙන නිදාගෙන හුරු නෑ.. (ඉස්සර.. දැන් නම් ඔලුවෙන් හිටවල තිබ්බත් නින්ද යනවා) නින්ද යන්නේ සුපර් ලයින් එකේ විතරයි.. හැබැයි ඕකේ පිටිපස්සෙම සිට එක ලොවෙත් බුක් කරන්න හොඳ නෑ. ඒක අජස්ටබල් නෑ. පට්ට වහක් එතකොට. අනික පස්සම සිට්එකෙත් මැද සිට් එක.. ඒකෙ මොනම විදියකටවත් එන්න බෑ. බිමට විසිවෙනවා. දවසක් හදිසියට ඔය සිට් එක අරන් ඇවිත් මට මළ වහක් උනා. අන්තිමට ඕනේ හුයන්නක් කියල රුපියල් නවසිය ගානක් දීල බුක් කරපු සිට් එක දාල මම ඉස්සරහ සිට දෙකක් අතරේ බිම වාඩිවෙලා ආව කොළඹ එනකම්... දැන් තියෙන චෝගම් බස් එහෙම ලඟින් වත් තියන්න බෑ සුපර් ලයින් එකට.. වටිනාම දේ දැන් සුපර් ලයින් ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. නැත්තන් ඉස්සර සිට් එකක් ගන්න හෙන අමාරුයි ඕකේ..

      Delete
    3. කල්‍යාණ අය්යාගේ වයස කීයද ? මම මේ ඇහුවේ වයසෙන් බාගයක්ම බස් වල ගතකරලද කියල . .නෑ මේ නිකන් ඇහුවේ.

      Delete
    4. දැන් පරක්කු වැඩියි නංකි.. :))))))))

      Delete
    5. හම්මට.. ඔය තංගල්ල ට්‍රින්කො බස් එකේ රෑ යන බස් එකේ සීට් බුක් වෙලා ඉවරයි දවල් එකොලහ දොලහ වෙනකොට.ගෑණු අයට පස්සෙ සීට් දෙන්නෙ නෑ.මොකද පස්ස තනිකරම බාර් එකක්.බයිට් ගන්න,සිගරට් ගන්න,චූ දාන්න මඟින් නවත්තනවා කියූ සැනින්.මහා කන්දොස්කිරියාව.හැබැයි ගාල්ලට ලං වෙනකොට කස්ටිය නින්දට වැටෙනවා... ආයෙ මොනවද ඉතිං.. සෙට් එකේ සද්දෙයි ජෙට් එකේ සද්දෙයි විතරයි ඊට පස්සෙ.දැං නං තනි ඩ්‍රැයිවර් අදින්නෙ ගේම දිගටම

      Delete
    6. ක.මි: දුකට ඇඩෙනවා.. පව් නේ? ( අනේද කියන්නේ... )

      Delete
  8. මේක කියෙවුවම මටත් බස් කතා මතක් උනා....
    ලංගම බස් රියදුරෙක් ඉන්නවා අනුර කියලා... එයා වැඩ කරන බස් එකේ යනවා කියන්නෙත් එයා බස් තමයි... වැඩේ කියන්නේ මේ පැත්තේ කදු පල්ලං, වංගු වැඩි නිසා බස් එකෙන් බැස්සම හොඳ ගනන්...

    ලංගම, පෞද්ගලික බස් තරගෙට මාත් හරි කැමති... මෙහෙ නම් ඒ තරගෙ කොතන හරි සුද්ධ සිංහලෙන්ජාතිය ඇමතීම නම් ශුවර්....


    ගොඩයගෙ බස් ගැන කතා බහ නම් මරු ඈ...

    ReplyDelete
    Replies
    1. ඔයාල ඔය බස් තරගෙන් විනෝදයක් ලැබුවට ඔව්ව එයාල ඒ සේරම සෙල්ලම් දාන්නේ ජීවිත කීයක් තමුන්ගේ වගකීම යට තියාගෙනද.. බස් දුවන එවුන්ට සුද්ද සිංහලෙන් අමතනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි නිර්මානි.. ඔය රස්සාව කරන්න බූරු පිටකුයි (ගුටි කන්න ) ඌරු කටකුයි (ඕනෑම අපිරිසිදු මෙලෝ රහක් නැති කෑම තියන හෝටලේකින් කන්න ) බීරි කනකුයි තියෙන්න ඕන.. ( මගීන් බනින එව්වා නෑසුනා වගේ ඉන්න )

      ස්තුතියි නිර්මානි කොමෙන්ටුවට..

      Delete
    2. ඒක ඇත ගොඩයෝ...
      උදේ පාන්දරට ඒ වගේ ජාතිය ඇමතීමකක් වෙනවා කියන්නේ හරි අවුල් සිද්දියක්...

      Delete
  9. matath epama karapu bus jathiyak thamai leyland . wadi unama kakul thiyaganna idak ne, bella mirikala wage mora dena engine eke sadde. anith eka mata hithenne leyland bus eda idanma eka wage. hede wenasak ne , sepa pahasuwe wenasak ne ,melo rahak ne.thamath ara elpitiya - kataragama bus eka yanawa hebei dn ekath leyland wela aiye.maru kathawak .jayawewa!

    ReplyDelete
    Replies
    1. ලේලන්ඩ් එකයි ත්‍රීවීල් එකයි අපේ රටේ බාහිර පෙනුම මුළුමනින්ම වෙනස් කරන්න මුල් වෙච්චි ප්‍රධාන සාධක දෙකක් කියලයි මගේ අදහස චරිත්.. කතරගම ඇල්පිටිය බස් එකත් ලේලන්ඩ් වීම ගැන හිතට අනෙන්නේ කනගාටුවක්. ස්තුතියි චරිත්..

      Delete
  10. බස් කතා කිව්වම මතක් වෙන්නේ.අපේ පාරේ ඉස්සෙල්ලම බස් එකකට ගියේ 29 ශ්‍රී තනි දොර ලේලන්ඩ් එකක්..මේ කියන්නේ වැඩි ඈතක නෙවෙයි 96 වගේ කාලේ.එතකන් දිව්වේ කැන්ටර් වලට වහල ගහපු වෑන්..ඔය අස්සේ n.w ත් තිබුන..බට්ට්රියෙන් ස්ටාර්ට් කරනපුවා..ඔය කාලේ අපේ ගමේ වයසක කට්ටිය බස් එකේ දොර හොයා ගන්න බැරිව මුළු බස් ඒක වටේම ඇවිදිනවා ,,ආයි වැඩිපුරම දිව්වේ ජර්නි තමයි..ctb එකේ කහ කුරුල්ලයි කොලම්බු රයිඩර් කියන බස් තිබුනනේ..

    ReplyDelete
    Replies
    1. අඩේ දැන් කොලම්බු රයිඩර් දකින්නවත් නැහැ නේද.. සාමාන්‍ය ලේලන්ඩ් එකට වඩා ඕක ටිකක් විතර සැප පහසුයි සුමුදු..

      Delete
  11. Praසන්னF බදාමයෝ

    උඹට බැරිද ඔය දැන් කොමන්ට් ටික එකතු කරලා එකපාරකට දාන්න මලකඩ ඇනයක් නේ උඹ! පිට කහන්න ඔනෙනෙම් අම්බිලිපිටිය් ගෙනෙ ගිහින් කහන්කෝ

    ReplyDelete
    Replies
    1. මලකඩ ඇනේකිං මුගේ පිට කහල පිටගැස්ම හදවන්නෙ මොකටද නිකං. අනික මූ ඇඹිලිපිටි ගෙන්නනවට වැඩිය මම අම්බලංගොඩ යන එක ලේසියි. හැක්..

      Delete
    2. ඇඹිලිපිටිය නෝනාගම පාරේ තියන ලියන්ගස්තොට අමුණේ නාන්න සෙට් වෙනවා ඒ කාලේ.. සිපිරි ප්ලේස් එකක් තමා නාන ගමන් සුලන්ගේ ලෙලදෙන මධු පානයක් තොල ගාන්න..

      Delete
  12. අඩේ ගැලරියේ ඉදන් ඔය වගේ ත්‍රීඩී ෆිලුම් බලලා ගන්න ලල් එක සල්ලි දීලා බලන ත්‍රීඩී වල නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.. හැබැයි ඉතිං අරුන් හතරදෙනත් යුද්දේ ප්‍රකාශ කරානම් අපි දෙන්නටත් ගැලරියේම දෙක තුනක් වළදන්න වෙනවාමයි..

      Delete
  13. Clutch eka ona wenne 1st ekata withray timing gear box thiyena bus wala...anith ewa acceleration eken danna puluwan.( ahala thiyena widiyata)


    Dan tata Leyland qyala na. Heno power awa Leyland wala....ewa kadu walata sure....super.




    Katharagama -
    colombo, 57 road eke, 01 ehema maru gamana... digana -colombo ekaka awa dawasaka. Break gahuwama engine ekath off wela thamay bus eka nawathinne...
    HikiZ...

    ReplyDelete
    Replies
    1. සින්කොමේෂ් ගියර් පද්ධතියේ ගියර් දාන්න ක්ලච් එක පාගන්නම ඕන නැහැ. ෆස්ට් එකට පාගන්නම වෙනවා.. ඒත් වැඩේ කියන්නේ ලංගම එවුන් ෆස්ට් එක පාගන්නෙත් භාගෙට වීම. ඒ නිසා තමා ෆස්ට් එකට දාද්දි බස් එක පොඩ්ඩක් ඉස්සරහට පනින්නේ. ඊටපස්සේ ටයිමින් එකට දාගෙන යන්න පුළුවනි.. නුපුරුදු කෙනෙකුට ඔය ටයිමින් ගියර් දැමිල්ල දාන්න බැහැ.

      දිගන කොළඹ දුවන්නේ දහ අට වංගුව පාරේ නේද..

      Delete
    2. Ow ow...


      Anith eka dura gaman sewa bas wala godak welwata usavi, forces wala wada karana set ekak yanawa . . Eyala thamay case ekak awama podi support ekak denneth!


      Delete
  14. දැනටත් බෙරගල-හපුතලේ අතර එල්ෆ් රූට් වෑන් සෙනග අදින්නේය. දොර පලල නිසා වෑන් එකේ ඇතුලේ තරමම දොරෙත් පටවන්නට පුළුවන.

    ReplyDelete
    Replies
    1. වහලේ ඹලුව වදින හිංදා ඔලුව පාත් කරං යන ඒවද?

      Delete
    2. එල්ෆ් රූට් එකත් අලියෙක් පටෙව්වත් යන වාහනයක් බන්.. ඔව්ව හදල තියෙන්නේ බර අදින්නම තමා.. හෆොයි සෙනග වැඩි වෙලාවට ඔයින් එකක යනවා කියන්නේ අපායේ ඉන්නවා හා සමානයි ඉතින්.. ඉස්සර අපේ ඥාතියෙකුට තිබ්බ කැරවන් කොටයක් බටපොල අම්බලන්ගොඩ දුවන. ෆූට් බෝර්ඩ් එකේ එල්ලිලා යන මිනිස්සු කන්දරාවේ හැටියට පුදුමයි එව්වයේ බොඩිය චසියෙන් ගැලවෙන්නේ නැති එක..

      Delete
    3. ඔව් ඔව් එව්වා තමා බන් විදානේ..

      Delete
    4. හැටන් තලවකැලේ පැත්තෙත් දැනට රූට් වෑන් දුවනව මම දැකල තියෙනව.

      Delete
  15. හපොයි ඔය රැුට යන දුර ගමන් බස්වල වේගය ගැන නම් කතා කරද්දිම ඇගේ මයිල් කෙලින් වෙනවා. එච්චරටම බයංකාරයි ත‍්‍රසජනකයි. හොදම දේ තමයි දෙයියන්ට පින්දීලා ඇස්දෙක වහාගෙන බුදියා ගන්න එක.

    ReplyDelete
    Replies
    1. එව්වයේ බුදියාගනීම ඇති භයානකයි මොකද කියනවනම් හැප්පුනොත් බෙල්ල කැඩිලා තමා මැරෙන්නේ..ඒත් ඉතින් නිදිමත ජීවිතාශාව එක්ක දෙපැත්තට දෝලනය වෙලා අන්තිමේ නිදිමත ජයග්‍රහණය කරනවා බං..

      Delete
  16. ගොඩයියා බස් වලින් කෝච්චියෙන් කාර් වලින් වෑන් වලින් ගුවන් යානා වලින් එකී මෙකී නොකී සියලුම වර්ගවල වාහන වලින් ගමනෙම තමා නෙහ්...හැබෑටම ඉපදිලා තියෙන්නේ රාහුගේ මහ දශාවෙන්ද???????? අපිට කොහෙද ඉතිං එහෙම වාසනාවක්!!!! අපි බස් තියන් පයින්ම තමා ගමන හ්ම්හ්..

    ReplyDelete
    Replies
    1. අන්න නෙතූ ඇහුව වැදගත්ම ප්‍රශ්නයක්.. ඇත්තම කියනවනම් රාහු මගේ ක්ලාස් මේට් වගේ.. ගමන කියන්නේ අම්බලන්ගොඩයාට උපරීම වින්දනය සපයන ක්‍රීඩාවක් කිව්වොත් තමා නිවැරදි.. අම්බලන්ගොඩයා දැන් කරන රැකියාව කරන්නෙත් ඒ වින්දනීය ආශ්වාදය විඳගන්න තියෙන ලේසිම ක්‍රමය ඒක නිසයි..

      Delete
  17. ලේලන්ඩ්, ටාටා,ජපන් බස්.. චෑ ... චෑ
    ඕව මොනවද අපේ නෙටොල්පිටියේ MW නොම්මර වාහන සෙට් එකත් එක්ක.
    චවලට්, ෆෝඩ් , නියම ඇමරිකන් බඩු
    ඔරිජිනල් එයා හෝන්. එලියට අත දාල මිරිකුවම 'හපෝ.. හපෝ..' ගාල හෝන් එකේ සද්දේ.

    (MW කියන්නේ Military Wagon, දෙවැනි ලෝක යුද්දේ දුවපු එව්වා, ඕනෙම නං Ford F15 (F150 නෙවේ) ගූගල් කරලා බලන්ඩකෝ.
    හපෝ.. හපෝ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉස්ඉස්සෙල්ලම බස් කියල හිතං හිටියේ MW වලට තමයි හිටං...

      Delete
    2. එව්වා ස්ටාර්ට් කරන්නේ ඉස්සරහින් කරකෝල නේද හැට්ටරේ.. එව්වා දිව්වනම් මෙලහකට පෘතුවි ගෝලයේ පොසිල ඉන්ධන ඉවරවෙලා මේ වෙද්දී..

      Delete
  18. ඉස්සර මාලබේ- මහරගම, මාලබේ- කොට්ටාව බස් කියලා දිවුවෙත් ඔය වෑන් තමයි. ඒ ඔක්කොමල්ලා තාත්තගේ යාලුව.ඔය වෑන් වල මොනවා හරි ටිංකරින් වැඩ, පේන්ට් වැඩ ආවහම කරන්නේ අපේ මිදුලට දාලා, පාර අයිනේ නිසා.ඉතින් ඔය ඔක්කොමල්ලා පවුලේ හිතවත්තු.මම බෑ බෑ කියද්දී අපේ අම්මා මාවත් සිස්සත්ත පංති දැම්මා. ගේ ගාවින් බස් එක නතරකරගන්න අපේ අම්මා,
    "මේ ඒකනායක මල්ලී, මෙයාව විද්‍යාල හංදියේ මුතුබංඩා සර්ගේ පංතිය ගාවින් බස්සන්න... පොඩ්ඩක් බලන්න හොඳේ. තනියම ගිහින් පුරුදු නෑ"
    බස් එක විද්‍යාල හංදියට ගියහම ඩැයිවර් අංකල් අර අම්මගේ කතාව නිසා මූන හංගන් ඉන්න මාව හොයාගන,
    "චූටි පුතා... බහින්න.... මල්ලි... ඔය චූටි පුතාව පාර පන්නන්න...."

    රෙදි නෑ යකෝ ඉතින්

    ReplyDelete
    Replies
    1. මගේ අම්මේ බොට චූටි පුතා කියල කිව්වා කිව්වහම අපිට චූටි පුතා වැඩි කිරීම සීය කියල කියන්න පුළුවනි බන් කටුස්සෝ..ඒ කාලේ පාරක් පාරක් ගානේ තිබ්බ ඒ වෑන් කොට මේ වෙද්දී දිරල ගිහින් ඉවර ඇති නේද බං.. මගේ යාලුවෙක් ගාව තිබ්බ පරණ හයි රූෆ් කරවන් එකක්.. වෑන් එකේ බරට වඩා වැඩියි බොඩියේ තියන කැට්ලොයි තට්ටුව.. වලවල් තියන පාරක කන්දක් නගිනවා කියන්නේ හරියට ඇතෙක් පාරේ දක්කන් යනවා වගේ බං.. දෙපැත්තට වැනෙන්නේ ඇතා වැනෙන්න වගේ..

      Delete
  19. මගෙත් ආසම බස් එක කතරගම කොළඹ. ඒකත් මහ රෑ බස් ගමන්. එක දවසක් මහ රෑ මාතරින් කොළඹ එන්න කතරගම කොළඹ බස් එකකට නැගලනම් පට්ට සැපක් ගත්ත. ඩ්‍රයිවරය අරිනව අරිල්ලක් පාර මැද්දෙන්ම. මු හරියට ඩ්‍රයිව් කලේ ඉස්සරහින් එන වාහන තමන්ගෙන් බේරිලා යන්න වගේ හදපු කොම්පියුටර් ගේම් එකක් වගේ. මම ඩ්‍රයිවර් සීට් එක පිටි පස්සෙ හිටියෙ. බස් එකම කට කපල බුදි. මෙන්න ටිකකින් කුණු ගොඩක් ගිනිගන්නකොට එන ගඳක් එනව. යකෝ මෙන්න ඩ්‍රයිවරයයි කොන්දොස්තරයයි ජොයින්ට් එකක් ගහනව කියහන්කෝ..

    මම අහල තියෙනව ඔය බස් වල ඩීසල් එක්ක පැට්‍රොල් හරි භූමි තෙල් හරි කලවම් කරනව කියල.

    ඒක ඇත්තෙයි අම්බලන්ගොඩයෝ..??

    👍🏽

    ReplyDelete
    Replies
    1. ඔය බස් රස්සාවත් සියලු සැප ලැබෙන රස්සාවක් බන්.. බස් නවත්තන කඩෙන් උන්ට නොදෙන්නේ මුදලාලිගේ ගෑනි විතරයි.. අනික් ඉල්ලන සේරෝම ජාති සැපයෙනවා.

      මම ඔය ඩීසල් වලට පෙට්රෝල් කවලම් කරන කතාව අහලා තියෙනවා මිසක් කරනවා ඇහින් දැකල නැහැ.. ඒත් ඩීසල් වාහනේකට පෙට්‍රෝල් කවලම් උනා කියන්නේ ඉන්ජෙක්ටර් ටිකටයි ඩීසල් පොම්පෙටයි කණකොකා හඬන්න මහා දවසක් යන්නේ නැහැ බන්.. ඒ නිසා මම හිතන්නේ නැහැ ඔව්වයේ අයිතිකාරයෝ පෙට්රෝල් ගහන්න දේවි කියල.

      අනික් කාරණේ සෙල්ෆ් ඉග්නයිට් සිස්ටම් එකකට හදපු කොම්ප්‍රේෂන් වැඩි එන්ජිමක් ඇතුලේ පෙට්‍රෝල් දහනය කිරීමට උත්සහ කිරීමේදී එන්ජිමට හානි වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒකට හේතුව ඩීසල් සම්මත පීඩනයක් යටතේ දහනය ආරම්භ වීමත් පෙට්‍රෝල් ස්පාර්ක් ප්ලග් එකකින් දහනය ආරම්භ කිරීමත්. මේ දෙක ජ්වලන උෂ්ණත්ව දෙකක් නිසා පෙට්රෝල් තියෙන්නේ ජ්වලන අංකයෙන් ඩීසල් වලට වඩා පහතින්.. ඒත් ඩීසල් එන්ජිමේ අධික උෂ්ණත්වය නිසා පෙට්රෝල් ඩීසල් වලට කලින් දහනය ආරම්භ වෙන නිසා ඩීසල් දහනය කරන්න පවර් ස්ට්‍රෝක් එක ගන්න ඉහලට එන පිස්ටන් එකට පෙට්රෝල් දහනයෙන් ඇතිවන පීඩනය එන්ජිමේ බලය අඩු කරන කාරනාවක් කියලයි මගේ අදහස..

      ඔය ලේලන්ඩ් එකේ තියෙන්නේ හිනෝ එන්ජිමක් බන්. එක නුවර එලියේත් හීට් කරන්නේ නැතුව ස්ටාර්ට් වෙන එන්ජිමක්.. ඒ හින්ද මම හිතන්නේ නැහැ ඔය යන යාම යන්න වෙනත් ඉන්ධන පෝෂක අවශ්‍ය වෙයි කියල ඔය එන්ජිමට. පසුකාලීන ආපු ලේලන්ඩ් ඉදිරියට ගියර් හය තියන බස් එක නම් මී මැස්ස වගේ රෑට.. වේගය දන්නේ නැහැ හයවෙනි ගියර් එකේ දුවද්දී. කරපු පිනක් දහමක් සිහි කරගෙන බලන් ඉන්නයි තියෙන්නේ..

      Delete
    2. හපොයි මචෝ. කවදාහරි ලංකාවෙදි වහනයක් ගන්නවානම් උබවම තමයි කන්ටැක්ට් කරන්නෙ සිරාවටම.. 👊🏽

      Delete
    3. යේස්.. යේස්.. මේ අපි දැනටත් එහමනේ කරන්නේ.. :))))

      Delete
  20. අනේ මචෝ මට මේක මග අරුනා මේ දවස් ටිකේ ඇමරිකාවේ බාත් රුම් වලට වෙලා එලියට එන්න බැරිව ඉන්න සුද්දියන්ට ජංගි මහලා යවනවා ඒ නිසා හුස්මක් කටක් ගන්න විදිහක් නැහැ
    අනුරපුර කුරුණෑගල කොලබ පාරේ බස් දුවන ක්‍රමය තන්කර්ම වෙනස් කරේ ඩි එස් ගුණසේකරලා ඒ පාරේ හිටපු නාහෙට අහෙන්නේ නැති ඩයිවර්ල් ටික ඔක්කම උන්ගේ බස් වලට ගත්තා ...උන්ගේ බස් එකටම උන්ගේම පිටිපස්සෙන් එන තව බස් එකක් ඉස්සර කරනවා

    ReplyDelete
    Replies
    1. බොලා මහලා මහලා මහලා මහලා රටට අරන් දෙන සල්ලි වැඩි හරියක් යන්නේ පිල්ලි බන්.. ඒ ගැන දුකයි..

      ඩී. එස් ගුණසේකර බස් වගේම ඉස්සර තිබ්බ ග්‍රේලයින් කියල එකක් මතකද..සුපර් ග්‍රීන් කියලත් එකක් තිබ්බද කියල ලාවට වගේ මතකයි.. හැබැයි ඒ කාලෙනම් මේ වගේ මාෆියාවක් තිබ්බේ නැහැ මම හිතන්නේ..

      Delete
  21. උබගේ ලියවිල්ල නම් එල ද බ්‍රා ...

    ReplyDelete
  22. //ඔන්න ඔහේ ඔනෑ එකක් කියන්නා වගේ ගියර් පොල්ල දෙපසට ඔලුව වනමින් කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔහේ ඉන්නවාය.//
    මේක මරු බං.

    ලංකාවෙ දුර ගමන් යන්න නම් රෑට තමයි යන්න ඕනෙ.නැත්තම් වහක්.15 පාරෙත් ඉන්නවා නාහෙට නාහන ඩයල්.හැබැයි ඊටත් වඩා මෙලෝ හැඟීමක් නැති උදවිය ඉන්නෙ නම් කොළඹ කතරගම පාරෙ තමයි.දවසක් මාතින් නැගලා කොළඹ එන්න බස් එක ගාල්ලට දානකොට බාගයක් බැස්සා බස් එකෙන්.හිතපන්කො ඩැය්බරගෙ හැකියාව.එදා තමා ගස්ලබ්බා බය වෙච්ච දවස.අනික ලේලන්ඩ් වල පිටිපස්සෙ සීට් වල නිදන්නෙ කොහොම්ද බන්..? දෙපැත්ත ගහනවයි උඩ දානවයිනෙ.ඉස්සරහ ඉඳන් හතර පහ සීට් පේලි තමයි අයිඩියල්ම ප්ලේස් එක.
    කුරුණෑගල බෙලිඅත්ත ගමන අවුරුදු ගානක් කොලා නෙව.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලේලන්ඩ් ගමන අනතුරු වීමේ සම්භාවිතාවය වැඩි වුනත් ඇතුලේ ඉන්න මගීන්ට අනතුරට සාපේක්ෂව හානිය අඩුයි.. කාලෙකට කලින් ගාලු පාරේ අනතුරක් වුනා.. කොළඹ මාතර ලේලන්ඩ් එකක් පිටිපස්සෙන් ලොරියක් ගෙනල්ල ඇන්න.. ලොරියේ ගෝලයා අතපය හතරම කැඩිලා ඇතුලේ හිරවුනා.. මේ මනුස්සය එලියට ගන්න විදිහක් නැති නිසා මගේ වෑන එකෙන් ලොරියේ රෝද කණුවට කඹයක් දාල ගස්සල ඇදල තමා කනුව යාන්තම් කෙලින් කරගත්තේ..එහෙම දගලලා අර මනුස්සය ඩබල් කැබ් එකක දාල ඉසිපිරිතීලේ යවල බැලින්නම් හැප්පුන බස් එකේ මිනිස්සු ඔහේ වාඩිවෙලා ඉන්නවා බස් එක ආයේ කොළඹ යාවි කියල. කැන්ටර් එකේ මුණ තට්ටුව ගාවටම තැලෙන්න හැප්පිලත් බස් එකේ එවුන්ට මෙලෝ දැනීමක් නැහැ

      Delete
  23. හිනො ටර්බො එන්ජින් (සෙකන්ඩ්‍රි එයා ෆිල්ටරේ ගැලෙව්වම ජෙට්ම තමා) ආවයින් ලේලන්ඩ් එකේ සද්දෙ අඩුවෙච්ච එක ලොකු දෙයක්. නැත්තම් දැන් තියන ලේලන්ඩ් ප්‍රමාණෙ (ලංකාවේ මගී ප්‍රවාහණ බස්රථවලින් 86%ක් ලේලන්ඩ්ලු) එක්ක කනක් ඇහිල ඉන්නද? ටාටා කොච්චර සැපපහසු වුනත් ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගත්තම බිම ඉඳගත්ත වගේ වෙන එකයි කේස් එක. ලේලන්ඩ් එකේදි ඒ මුකුත් නෑ. ලේලන්ඩ් එක පස්ස උඩගහන්න හේතුව ලංකාවෙ තියන ගොඩක් ලේලන්ඩ්වල පිටිපස්සෙ ෂොක්ඇබ්සෝබර් කැඩිල තියෙන්නෙ නමන නැමිලිවලට. කොහොමත් ලොරි චැසියනෙ, හෙල්පර් දුණු නැති එක විතරයි වෙනස. ජපන් බස් ලංකාවෙන් අතගෑවිලා යාමනම් අවංකවම ලොකු දුකක් !

    ReplyDelete
    Replies
    1. ලංකාවට එන ලේලන්ඩ් වලට වඩා සැප තියන බස් දුවනවා ඉන්දියාවේත් හසිත. ලංකාවේ ප්‍රමිතියක් නැති නිසා ඕනෑම ලොරි චසියකට බස් බොඩියක් ගහල එව්වනම් පාරේ දුවන්න පුළුවනි. ජපන් බස් පාරවල් වලින් අතුගෑවිලා යන්න ප්‍රධානම හේතුව ලංකාවේ පාරවල්වල ප්‍රමිතියක් නොමැතිවීම , සහ අමතර කොටස් වලට රජයෙන් ගහන බදු වල අධික කම. ඒ නිසා ජපන් වාහනයක් නඩත්තු කරන්න ඉන්දියානු එකකට වඩා සාපේක්ෂව සියයට සියයකට වඩා වියදම වැඩියි. ඉතින් අකමැත්තෙන් හරි මිනිස්සු ඉන්දියානු ලොරි බස් එකට පුරුදුවුනා. සැප පහසුව අතින් මගියාට ලේලන්ඩ් එකට වඩා ටාට බස් එක ඉදිරියෙන් ඉන්නේ.

      Delete
  24. එයා රෝස් කලින් දිව්වෙ ඉසුසු qb එකක්. 60 ශ්‍රී සුපිරි සැප ලේලන්ඩ් කැලේ. එක පාරක් කතරගම ගියා ඕකෙ යනකන් එනකන් බින්දුවක් වත් නිදි නෑ. ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් කැලේ..

    ReplyDelete
    Replies
    1. මම අද තමයි දන්නේ එයා රෝස් ඉසුසු QD එකක් දිව්වා කියල. ඉස්සර කතරගම ඒසී දිව්ව පර්මිට් වලට තමා මම හිතන්නේ දැන් ඔය සෙමි ලක්සරි කියන ප්‍රෝඩාව කරගෙන යන්නේ..

      Delete
  25. මමත් කොළඹ -කතරගම රාත්‍රී ගමන කිහිපවිටක් ගිහින් තියෙනවා. ඒ දවස්වල තිබුනා පත්තර බස් එක. ලේක් හවුස් එකෙන් පත්තර පටෝගෙන මහ රෑ පිටත්වෙනවා. ටිකට් වේලසනින් බුක් කරගන්න ඕන. මග දිගට පත්තර ඒජන්සිවලට පත්තර මිටි බානවා. අතරමග බහින්න, නගින්න නැවත්තුවේ නැහැ. මරු බස් එක. අඩියක් ගහගෙන යන්න පුලුවන්.ලේක් හවුස් බස් එක කියලා කිව්වේ.

    ReplyDelete
    Replies
    1. දිනමිණ බස් එක නේද ඔය කියන්නේ.. ඔකේ යන්න ඉතින් කොළඹින් ටිකට් බුක් කරන්න ඕන නේද..

      Delete

  26. අම්බලන්ගොඩයා ඉස් ඉස්සෙල්ලාම බස්රථයක ගමන් ගිය මතකය දිවයන්නේ එක්දහස් නවසිය අසූව දශකයේ///////////////// mama 1969 vithara

    ReplyDelete
    Replies
    1. මට මතකයි මොරටුවේ ඉඳන් රත්මලානේ අම්මගේ ඔෆිස් එකට යනවා ඩබල් ඩෙකර් එකේ.. උඩ තට්ටුවේ යන්න තමා අම්මට ඒ කාලේ වද දෙන්නේ.. ඒ කාලේ පානදුර අලුත් පාර තිබ්බේ නැති නිසා ඩබල් ඩෙකර් වලට පානදුරට එන්න බැහැ පරණ පාලමේ ආරුක්කු නිසා.

      Delete
  27. ගොඩයගෙ බ්ලොග් පොඩ්ඩට අපිත් ගොඩ උන.ඔන්න ලියමු..ජය වෙවා..

    ReplyDelete
  28. Godaya bus akka tiyana kata kiyala iwara karanna ba wage.

    Oya bus karayanta yanna mathak wenne thawath bus akak dakkama thami..

    Okata hodama uda harane thami bn danata tika dawasakata kaien udawalawe dame aka uda una anatura mn aka dakapu kenek wediyata kiyanne.oya karmante karana aunta hoda wenayak iwasimai kiyana de tiuenna onimi...eda niwaduwata gadara yanna giya minissu nindema awssan yema gihin tibuna.sasara kala kirenawa bn dakkama.me lsgadith mata e nati una ayage dane gsdaraka yana kattiyak hamba una bus karayage amma appa iwari...

    Ithin 01 thami wenaya...

    ReplyDelete
    Replies
    1. උඩවලවේ අනතුර ගැන මම මුකුත්ම දන්නේ නැහැ ඔය කියනකම්..

      Delete
  29. Replies
    1. මේ දාගෙන දාගෙන එනවා බන්.. සෑහෙන්න පරක්කුයි.. සමාවෙන්න ඕන හැමදෙනාම..

      Delete
  30. උඹ ඇත්තටම උනන්දු නම් මේ ලින්ක් එකේ තියෙන දේවල් අහපන්...

    http://www.nirapekshathwayemaga.com

    ReplyDelete
  31. ඔව්ව මොනවද මල්ලි ඉස්සර මම අන්ඩාපුරේ ගල්කුලම හරියේ ට්‍රේනින් ඉන්න කාලේ ගුණසිංහපුරෙන් හවස 06.35 ට අදින SD ගුණසේකර බස් එක. ඒකෙ නම ජෙට් එක, කොන්දා වෙලාවකට කෑ ගහනවා සුනාමි, සුනාමි කිය කියා...
    බස් එකේ පිටිපස්සේ සුනාමි වෙලාවේ ගත්තු ෆොටෝ එකක් පිටිපස්ස පුරාම ප්‍රින්ට් කරලා තිබ්බා...
    ඒ එක්කම ජෙට් එකකුත් ප්‍රින්ට් කරලා තිබ්බා...
    මේකා 06:35 ට කොටුවෙන් ඇදලා මග තේ බොන්නත් නතර කරලා 09:20, 09:30 වගේ වෙද්දී ගල්කුලමට ගියපු දවස් තියෙනවා...
    අත් දෙකෙන්ම ඉස්සරහ සීට් එකේ එල්ලිලා ඉන්නේ...
    ඒ ගුවන්ගත වීම ලේසි පහසු වැඩක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලොකු පුතේ අපේ ලංකාවේ බස් ඩ්‍රයිවලාට මගීන් ප්‍රවාහනය කරන්න වෙනම සහතිකපත්‍ර පාඨමාලාවක් අනිවාර්ය කරානම් හොඳයි කියලයි මගේ අදහස.. ජීවිත ගැන මෙලෝ වගකීමක් නැහැ බන් උන්ට..

      Delete
  32. තාම බස්එකේද ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ දැන් බැස්සේ බන්.. නින්ද ගිහින් බහින තැන අමතක වුනා..

      Delete
  33. Replies
    1. ඒ කාලේ යටවෙන්න ගිහින් අනූ නමෙන් බේරුනා.. තාමත් බස් සිහිනයක් හිතේ තියෙනවා.. ලංකාවෙන් පිට ඉන්න නිසා කවදාවත් හැබෑ වෙන එකක් නැහැ බන්..

      Delete