Tuesday, December 1, 2015

අපෙත් හිටියා කොන්ඩයෙක් ...



පහුගිය දවස්වල කොන්ඩයා කියන නම රටපුරා බොහොම ප්‍රසිද්ද වෙච්චි නිසා  අපේ කොන්ඩයා ගැනත් ලියන්න ඕන කියල හිතුනත් දවසින් දවස වැඩේ කල් ගියා.  මිත්‍ර සමාගම ගැන ලියන ලියන ලිපියෙන් මට එන්න එන්නම තර්ජන එල්ලවීම නිසා මේ වෙලාවේ තියන තර්ජන ගර්ජන යටපත් වෙනකම් තර්ජන ගර්ජන එල්ල නොවෙන මිත්‍රයෙක් ගැන කල්පනා කරාම තමයි කොන්ඩයා මතකයට ආවේ.

කොන්ඩයා අපේ මිත්‍ර සමාගමට වැටෙන්නේ බොහොම අපුරු විදිහට. අම්බලන්ගොඩ සුප්‍රසිද්ධ චිත්‍රශිපියෙක් වුන රසංග සම්පත් අපේ සෙට් එකේ එකෙකු වීමත් සම්පතයා සමග එක පන්තියේ උගෙනගත් කොන්ඩයාගේ අයියාගේ හැඳුනුම්කම මත තමයි කොන්ඩයා කට්ටිය එක්ක ටිකෙන් ටික ඇසුරට වැටෙන්නේ. ඒ ඇසුරත් එක්කම අයියාට වඩා මල්ලී හෙවත් කොන්ඩයා කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් වෙන්නේ කොන්ඩයාගේ අයියා වැඩිදුර අද්‍යාපනය පිණිස ජපානය බලා පිටත්ව යාමත් එක්කයි. ජාඩියට මූඩිය වගේ සෙට් උන කොන්ඩයා අපිට වඩා අවුරුද්දකින් බාල එකෙකු වීම හැරුනාම වෙනත් කිසිම නොගැලපීමක් කොන්ඩයාත් අපිත් අතර තිබුනේ නැහැ.

කොන්ඩයා උප්පැන්නයේ තිබ්බ නමින් මිදී කොන්ඩයා බවට පත්වෙන්නේ හෙමින් හෙමින් වැවුන කෙස් වැටියත් එක්ක. ලස්සනට වැවුන කොන්ඩෙත් එක්ක කොන්ඩයාගේ ඒ කාලේ සමාන උනේ නලින් පෙරේරාගේ රූපයට. රූපය හදාගෙන සංගීතය ඉගෙනගන්න කියල ගිටාර් එකක් ගත්තු කොන්ඩයා ගිටාරය සති දෙකෙන්ම ඇඳ යට ස්ථානගත කරේ ගිටාර් වාදනය කොණ්ඩය වවන තරම් ලේසි පහසු කටයුත්තක් නොවෙන බව සති දෙකක් වගේ සුළු කාලෙකින්ම තේරුණ හින්ද වෙන්න ඇති.

කොන්ඩයා කොයිතරම් ව්‍යාපාරයෙහි දක්ෂයෙක්ද කියනවනම් ඕනෑම මී කුණක් ලාභයක් තියාගෙන විකුණන එක අපේ කොන්ඩයාට සුළු දෙයක්. නාස්ති කිරීම, අපතේ දැමීම වගේ න්‍යායන් උපතින්ම තිබ්බේ නැති කොන්ඩයා ඉතිරි කිරීමට වගේම උපයන්නත් එකවගේම දක්ෂකම් තිබුන පුද්ගලයෙක්. ඉඩම් හිමි වැවිලිකාර සහ ව්‍යාපාරික පවුලක බාලම දරුවා වූ කොන්ඩයා ඕනෑම දේකදී මිතුරුකම වෙනුවෙන් අතපය හතර උනත් ගලවල දෙන්න සූදානම් එල කොල්ලෙක් .

කොන්ඩයා කොයිතරම් සුපිරි ව්‍යාපාරිකයෙක්ද  කියනවනම් මිහිපිට පවතින ඕනෑම භාණ්ඩයකට මිලක් නියම කරන්න පුළුවන් ඥානයක් කොන්ඩයා සතුව තිබ්බ. අඩි තිස්තුන්දාහක් උඩින් යන ගුවන් යානයක් පෙන්නලා මචන් අරක කීයක් වටියිද කියල ඇහුවොත් කොන්ඩයා ටක්කෙටම මිලක් කියන්න සමත් සුපිරි පොරක්. ආර්ථික විද්‍යාව උසස්පෙළට හදාරලා නැතත් කොන්ඩයා සුපිරි ආර්ථික විසෙසඥ්ඥයෙක් කිව්වොත් තමයි නිවැරදි. සීනි තේකොල මිලේ සිට නැව් , ගුවන්යානා මිල දක්වාම පවතින මිල ගැන නිරන්තර යාවත්කාලීන වන දැනුමක් තිබ්බ කොන්ඩයා ඉඩම් කඩම් මිල සහ වැවිලි කටයුතු ගැනත් විසෙසඥ්ඥයෙක්.   

මෝල් ගහක් හිටෙව්වත් පැලවෙන අත්දෙකක් තිබ්බ කොන්ඩයා වැවිල්ලට තියන දක්ෂකම පෙන්නුවේ තනියම එළවලු කොරටුවක් කරලයි. මහා පරිමාන කුරුඳු වගාව කරගෙන යන ගමන්ම හවස්වරුවේ එළවලු කොටුවක්ද අඩුපාඩුවක් නැතුව සාත්තු සප්පායම් කරන කොන්ඩයා අඳුර වැටීගෙන එද්දී අපි එක්ක සෙට් වෙන්න තරමට කාලය කළමනාකරණය කරගන්නත් සුපිරි දක්ෂයෙක්. ෆුට් බයිසිකලයක්, මොටෝ සයිකලයක්, වාහනයක්, ලාභයක් තියාගෙන විකුණන කොන්ඩයා කවදාවත් විකුණුම්කරුට හෝ ගැනුම්කරුට අසාධාරනයක් නම් කරේ නැහැ. මේක විකුණලා දියන් කියල දුන්නොත් මළමිනියක් උනත් කොන්ඩයා සතියක් දෙකක් ඇතුලත විකුනලා දෙනවාමයි. 

අපේ කට්ටිය මේ කියන්නට යන, දවස් පහක විනෝද චාරිකාවක් යන්න සෙට් උනේ එක්දහස් නවසිය අනූනමය කාලේ වගේ තමයි මගේ මතකය. දවස් තුනක් කන්ද උඩරට සිරි නරඹල අපේ සෙට් එක සෙන්කඩගල පුරවරයට සැපත් උනේ දළදා වැඳගෙන අනුරාධපුරය බලා යන්න හිතාගෙන. අපේ සිරා ඒ වෙද්දීත් ටවුමෙ කඩේ පටන් අරගෙන තිබ්බ නිසා සිරා කොතන ගියත් බලන්නේ විකුණගන්න පුළුවන් සුකුරුත්තම් බඩු ටිකක් අඩු මිලට වාහනේට දාගන්නයි.

දළදා වැඳලා නුවර ටවුමේ ඉබාගාතේ ඇවිදිමින් ඉන්න අපි කට්ටියට සෙට් උනේ පේමන්ට් එකේ ලස්සන කාර්ඩ් වගයක් විකුණමින් ඉන්න පේමන්ට් වෙළෙන්දෙක්..

අඩෝ මරු කාර්ඩ් ටික නේද බන්..

මරු නේන්නම්..

කඩේට මේ වගේ කාර්ඩ් ටිකක් දැම්මනම් විකුනන්න පුළුවන් බන්.. එහෙම කිව්වේ අපේ සිරා..

බොට අඩුවට අරන් ඕනෙද මේ ඔක්කොම ටික..

මුන්ගෙන් කොහෙද බන් අඩුවට ගන්නේ..

හරි හිටහන්කෝ පැත්තකට වෙලා.. එහෙම කියාගෙන කොන්ඩයා පේමන්ට්  වෙළෙන්දාට ලංවෙලා එතැනින්ම ඇණතියාගෙන බිම වාඩිවුනා...

හා මාමේ.. කොහොමෙයි වෙළඳාම...

වැඩක් නෑ මහත්තයා.. හරිම සවුත්තුයි..

කීයද මාමේ මේ කාර්ඩ් එකක්..

පහළොවයි එකක්..

රුපියලට දෙකට ගෙනල්ල පහොලොවට විකුනනවා නේ..

අපොයි එච්චර අඩුවට ලැබෙනවානම් බැරිය..

එහෙම නෙවෙයි මාමේ .. මෙතන තියන කාර්ඩ් ඔක්කොම මම ගන්න කීය ගානේ දෙනවද..

හැක් ..හැක් .. විහිළු කරන්න එපා මහත්තයා..

නෑ ..නෑ  මාමේ විහිළු නෙවෙයි... ඇත්තටම කියන්නේ... දැන් සල්ලි දීල ඔක්කොම ගන්නවා...

දහය ගානේ දෙන්න..

වැඩි වැඩි වැඩි...... පහ ගානේ කරමු ...මාමටත් ලාභයක් තියෙන්නේ එපයි....

අපොයි බෑ ... අත්තටමනම් නමය ගානේ ගන්න..

වැඩියි වැඩියි වැඩියි .. හය ගානේ දෙන්නම් මේ දැන්..

බෑ මහත්තයා... පාඩුයි නෙව..

මේකයි මාමේ කථාව .. දැන් මාම මේ ඔක්කොම ටික මට වික්කාම එක්කෝ මාමට තව බිස්නස් එකක් කරගන්න දවසෙන් භාගයක් තියනව.. නැත්තම් කලින් වැඩ ඉවර වෙච්ච නිසා අඩියක් පුඩියක්  එහෙම ගහල කලින් ගෙදර ගිහින් වතුර ටිකක් නාල පාඩුවේ ඉන්න පුළුවනි. කලින් ගෙදර ගියාම නෝනාගෙනුත් සැලකිල්ලක් ලැබෙන්න පුළුවනි .. දන්නවනේ..

හැක් ..හැක් .. මහත්තය කියන කථා ...අටයි පනහ ගානේ ගන්න ඔක්කොම..

එහෙම නෙවෙයි මාමේ.. හතයි පනහ ගානේ සේරෝටම ගාන හදල කියන්න... ඔන්න මම නැගිට්ට.. ඒ ගානට ආවේ නැත්තම් අපි ගියා..

අනේ මන්ද... කාර්ඩ් දෙසීයක් තියනව මහත්තයා.. දැන් දැම්ම විතරයි.. එහෙනම් එක්දාස් හයසීයක්වත් දෙන්නකෝ..

එක්දාස් පන්සීයයි..හරිනේ.. ඔක්කොම ටික එකතුකරලා පාර්සල් කරන්නකෝ හොඳ මාම වගේ.. මචං සිරා.. මට එක්දාස් පන්සීයක් දියන් ..

ඔන්න ඔහොමයි කොන්ඩයා කාර්ඩ් විකුනපු මාමාගෙන් ඔක්කොම කාර්ඩ් ටික ගත්තේ.. දළදා වැඳගෙන ඊළඟට අපි පිටත් වුනේ දඹුලු යන්න..

ඒ මේ කාර්ඩ් ලාභද බා...න් .. එහෙම ඇහුවේ අපේ කාවින්දයා ..

ඇයි පාඩු නම් උඹ අලාභේ ගෙවන්නද.. එහෙම කිව්වේ අපේ සමා..

නෑ බා....න් .. කා ...ව්ද  බන් දන්නේ මේව විකුනන්න පුළුවන් වෙයිද කියල..

බොලාට මම මේ කාර්ඩ් ඔක්කොම ගෙදර යන්න කලින් විකුණලා දෙන්නද... ඒ උත්තරය කොන්ඩයාගෙන් ..

අනේ මේ.. උඹ කයිවාරු නොගහ හිටහන්..

හරි මම විකුණලා පෙන්නුවොත්..

අනේ මේ උඹ බැරි වැඩ නොකර හිටහන්.. සිරා ඕක කඩේට දාල විකුනගනීවී පාඩුවට හරි ..

දඹුල්ලෙන් කාර්ඩ් ටික ඉවරයි කියල හිතාගනින්කෝ..

කතාවට සම්භන්ධවීමට මට ඉඩකඩක් නොමැති වුයේ මා රථය පදවමින් සිටි හේතුවෙනි.. 

මචං.. වාහනේ දඹුල්ලේ පාර්ක් එකට දාන්නේ නැතුව මෙහායින් නවත්තපන්... මුන් කියනවනේ දැන් මේක විකුනන්න බෑ කියල..

හරි දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ... 

උඹ වාහනේ මෙහායින් නවත්තුවාම කියන්නම් කරන්න ඕන දේ ..

හරි..

සියල්ලන්ගේම අභියෝග හමුවේ නොසැලුන කොන්ඩයාගේ  ඊළඟ පියවර ගැන කුතුහලයෙන් සියල්ලන්ම පසුවුනේ දඹුල්ල වෙත යනතෙක් නොඉවසිල්ලෙන්..

දඹුල්ලේ විහාරය අසල රථ ගාලට මෙහායින් රථය නැවැත්වූ වහා රථයෙන් බැසි කොන්ඩයා රථයේ තිබු පැදුරක්ද රැගෙන රථ ගාල ඇතුලට පියමනින්නට වුනේ  ගත්තේ කල යුත්ත අප වෙත මෙසේ දැනුම් දීමෙන් අනතුරුවයි..

මම මේ කාර්ඩ් ටික පැදුරේ එලල ඉවර උනාම කට්ටියත් එක්කම ඇවිත් වටවෙලා කාර් තෝරපල්ලා උඹල ඔක්කොම..

හැක් ..හැක් .. බලමු උඹ කාර්ඩ් ටික විකුනන හැටි.. එහෙම කිව්වේ කාවින්ද..

කොන්ඩයා බැසගියායින් පසුව මා රථය රථගාලේ ගාල් කරනවිටත් කොන්ඩයා කාර්ඩ් සියල්ල පිළිවෙලට පැදුරේ එලා අවසන්.. රථය නවත්වා විනාඩියක් යන්නට මත්තෙන් රථයේ සිටි සියල්ලන්ම සිටියේ කොන්ඩයා වටේ කාර්ඩ් තෝරමින්.. විනාඩි පහළොවක් යන්නට මත්තෙන් දඹුලු විහාරය වඳින්නට ආ පින්වතුන් කොන්ඩයාගේ කාර්ඩ් පැදුර වටේ එක්රොක් වීමෙන් අනතුරුව අපේ එවුන්ගේ අවශ්‍යතාවයක් කොන්ඩයාට තිබුනේ නැහැ.

මලාට පන්සලකට ගොඩ නොවෙන අපේ සෙට් එක දඹුල්ල විහාරය වැඳගෙන එන්න බොහෝ වෙලාවකට කලින් පැදුරත් අකුලාගෙන කොන්ඩයා වෑන් රථයට වාර්තා කරේ කාර්ඩ් සියල්ලම එකක් රුපියල් තිහ බැගින් විකිණීමෙන් අනතුරුවයි. එදා දඹුල්ල විහාරයේදී අපේ කොන්ඩයාගෙන් කාර්ඩ් පත් මිලදී ගත් උදවිය දැනගෙන හිටියේ නැහැ එයාල මේ කාර්ඩ් ගන්නේ ඉඩම් හිමි වවිලිකාර ව්‍යාපාරික කෝටිපති පුතන්ඩියෙකුගෙන් කියන වග. කාර්ඩ් පත් සියල්ල එකක් තිහ බැගින් විකුණා අවසන් කල වග දැනගත් කාවින්දයා  නම් ටික වෙලාවක් කතාකරගත නොහැකි අන්දමන්ද ස්භාවයෙන් පසු වුනා.. සිරා වෙත සියලු මුදල් භාරදෙද්දී හතරැස් බෝතල් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් පන්සියයක් බලහත්කාරයෙන් බෝතල් අරමුදල සඳහා පූජා කිරීමට කොන්ඩයා දායක වුනා. ඒ පන්සීය තමයි කොන්ඩයාගේ ගාස්තුව.


ඒ චාරිකාව ඇතුලත වෙච්චි විශේෂිත සිද්දි හුඟක් තිබුනත් මේ පොස්ට් එක කොන්ඩයා උක්ත කරගෙන ලිව්ව නිසා අනෙකුත් විශේෂිත දේවල් වෙන වෙනම ලිවිය යුතුයි. සමාගේ විශේෂිත දත් මැදීමේ කතාවත් ඇතුලත් වෙන්නේ මේ චාරිකාවටම වුනත්  සමාගේ වික්‍රම පොස්ට් එකෙන් පස්සේ සමාගේ දුරකථනය මා වෙනුවෙන් නිහඬ වීම ඇතුලේ ආයෙත් බ්ලොග් පොස්ට් වෙනුවෙන් සමා ගැන නොලිය ඉන්න මම තීරණය කළා .

කොන්ඩයා ගැන තව දුරටත් ලියද්දි ජපන් ජාතිකයෙකු සම්භන්ධ අනර්ග සිද්දියක් මතකයට ආවත් ඒ ගැන ලියන්න විදිහක් නැත්තේ එම සිද්දියට සීයට පනහක දායකත්වයක් දක්වපු සමා ගැනත් ලියන්න වෙන හින්දයි. 

කොන්ඩයා කරපු කියපු වැඩ සිය දහස් ගණනක් තිබුනත් කොන්ඩයා කරපු සුවිශේෂී ගනයේ ක්‍රියාවක් මේ පොස්ට් එකටම ලියල ඉවරයක් කරන්නයි අන්තිමේ තීරණය කරේ..

එදා අපි ගියේ කතරගම යන්න. ගමනට සහභාගී වුනේ බඩ තඩියා, බතලයා, කොන්ඩයා, මනෝජ් සහ මම. කතරගම ගියේ බඩ තඩියාගේ වෑන් රථයේ. කතරගම වැඳ පුදාගෙන ගෙදර එන ගමනේදී තමයි මේ විශේෂිත සිද්දිය සිද්දවුනේ. උදෑසන කතරගමින් පිටත්වූනු  අපි හැමදෙනා කෙලින්ම එන්න පිටත් වුනේ ගෙදර එන්න.

මචන් මගේ යාලුවෙක් බැඳලා ඉන්නේ ලුනුගම්වෙහෙරින්.. යනගමන් ඒ පැත්තෙන් ඔලුව දාගෙන යමුද..

උඹ දන්නවද ඉන්න තැන ..

ඉන්න තැන නම් දන්නේ නෑ .. එත් ඒ පැත්තට ගිහින් හොයාගන්න බැරිවෙන එකක් නැහැ..

මොන මගුලටද බන් ඕවයේ යන්නේ.. මෙන්න මෙහෙ ගෙදර යමන් ..එහෙ ගිහින් සෙට් වෙමු..

ගියොත් ඉතින් දඩ මස් එහෙමත් කාල බීල එන්න පුළුවනි..

හඃ දඩමස් .. බොට  ශුවර්මද..

අනිවා.. ගේ හොයාගත්තොත් අනිවා බඩු ශුවර්ම තමයි..

හරි එහෙනම් යමුකෝ හොයාගෙන.. හරෝපන්... හරෝපන් ඕක ලුණුගම්වෙහෙරේ  යන්න..

හිටහන් යකෝ මේක එකපාරට හරවන්න මහා මුහුදේ දුවන බෝට්ටුවක් නෙවෙයි බං .. 

බඩ තඩියාගේ දඩමස් පෙරේතකම කට දෙකොනින් කෙල බේරෙන තරමට නිසා මනොජ්ගෙන් ලැබුන යෝජනාව ස්ථිරවුනේ ඒ විදිහට. එත් අපි දැනගෙන හිටියේ ලුණුගම්වෙහෙරට යන්න විතරයි. රථය පදෙව්වේ මම . ඉස්සරහ ආසනයේ යෝදයෙක් තිබ්බ වගේ විරාජමාන වුනේ බඩ තඩියා. පිටිපස්සේ ආසන වල හිටියේ බතලයා, කොන්ඩයා සහ මනෝජ්..

අපි ලුගම්වෙහෙරට ගිහින් ගෙයක් ගෙයක් ගානේ විස්තර අහ අහ රස්තියාදු වෙද්දී තමා අපිට තේරුනේ වැඩේ තියන බරපතලකම. 

මාමේ මේ හරියේ ඉන්නවද අම්බලන්ගොඩින් බැඳලා ඉන්න ........ කියල නම තියන කෙනෙක්..

ම් ..... මොනවා කරන කෙනෙක්ද බැඳලා ඉන්නේ..

බිස්නස් කරන කෙනෙක් මාමේ.. එයාට බස් එකකුයි වෑන් දෙකකුයි කාර් එකකුයි තියන කෙනෙක්..

ඔහොම ආරන්චියක්නම් තිබ්බ..... පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වමට තියන ආරෙන් හැරිලා ගිහින් අහන්නකො..

හා හොඳයි මාමේ..

වාහනය ඉදිරියට ධාවනය වුනත් අපිට ඊළඟට ප්‍රශනය වුනේ "ආර" කියන්නේ මොකක්ද කියල දන්නේ නැතිකම..

නැන්දේ මේ හරියේ ඉන්නවද ....... කියල කෙනෙක් අම්බලන්ගොඩින් බැඳලා ඉන්න..

ම් ... මතක විදිහට ආරියවතීලෑ බාල එකී පැනල ගියේ ඒ පැත්තේ හාදයෙක් එක්ක තමා... ඔය ඉස්සරහ තියන ජඳුරෙන් හැරිලා ටික දුරක් ගියාම හේනක් හම්බවෙයි..එතනින් අහන්නකො..

මනෝජයා වාහනයට නගින්නේ තවත් බරක් හිසේ තබාගෙනයි..

ඒ මොකක්ද බන් ජඳුර කියන්නේ..

දැන් අපි දන්නවද බන් ආරවල්, ජඳුරවල් . උඹනේ කිව්වේ අපිට දඩමස් දෙන්නම් කියල.. දැන් කොහෙන් හරි හොයල දීපන්..

දැන් උඹේ යාළුවා මේ කෙල්ල එක්ක පැනල ගියා කියන එකාද කියහන් ඉස්සෙල්ලම.. ඒක එහෙමනම් අපි දඩමස් කෑම පැත්තක් දාල ගෙදර යමන් නිකම් උන්ගෙන් මරුම්කන්නේ නැතුව..

පිස්සුද බන්.. මේ කියන්නේ වෙන එකෙක් ගැන..

කොහොමින්  කොහොමින් හරි ලුණුගම්වෙහෙර ටවුම පහුකරලත් විසි තිස්දෙනෙකුගෙන් අහලත් ආරංචියක් අපිට හොයාගන්න බැරිවෙච්චි. කොන්ඩයා සහ මනෝජයා ප්‍රාදේශීය සභා චන්දෙට ගෙවල් ගානේ චන්දෙ ඉල්ලගෙන යන අපේක්ෂකයෝ දෙන්නෙක් වගේ ගෙයක් ගෙයක් ගානේ ඇවිදිමින් හිතවතා ගැන ආරංචියක් හොයන්න දාපු මහන්සිය අපමණයි. එත් අන්තිමේ එක එකා කිව්ව ආරංචි වලින් එහාටත් මෙහාටත් පැදවුණු රථය අන්තිමේ නතරවුණේ ලුණුගම්වෙහෙරේ මහා මුකලානක් මැද්දේ . ගිනි අවුවේ කරවෙමින්, හිතවතා හොයාගෙන අන්තිමේ අපි ගියේ අක්කර කීපයක ඉඩමක්  මැද්දේ  තිබ්බ අතු පැලකට . මොකක්දෝ අහේතුවකට එතෙක් වෙලා වාහනෙන් බැස්සේ නැති  බඩ තඩියත් බතලයත් දෙන්නම වාහනේ බැස්සේ වතුර වීදුරුවක් ඉල්ලගෙන බොන අදහසින් . කොන්ඩයා හිතවතා හොයන්න ඉස්සර වෙද්දී බතලයා, තඩියා සහ මනෝජ් පසුබැස්සේ ගමන් විඩාව නිසාමයි..

ගෙදර කව්ද.. 

කතාව කොන්ඩයා පමණයි.. අනික් උන් කරෝල ගානට වේලිලා දිව ගිලිලා ඉන්න නිසා කතා කරගන්න පණක් තිබ්බේ නැහැ එකෙකුටවත්..

කව්ද......

කව්ද කියල බලන්න එලියට එන්නෙපැයි ..

ගෙදරට ආපු අමුත්තන් පිළිගන්න පැල ඇතුලෙන් එලියට ආවේ වයස පනහක විතර කාන්තාවක්..

ඇයි මහත්තයා..

කරුණාකරලා බඩු  තියනවනම් ගන්න..

කොන්ඩයා කාන්තාවගෙන් ඇසූ පැණයෙන් කොණ්ඩය කෙලින්වුන අනික් උන් තුන්දෙනා මුහුණට මුණ බලාගත්තා මිසක් කිසිම කතාවක් කලේ නැහැ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යෝදයෙක් තරම් බඩ තඩියා වාහනේ ඉදිරිපස අසුනේ ඉන්නකොට පොලිස් මහත්තයෙක් උනත් වාහනේ නවත්තන්නේ දෙපාරක් හිතල බලලයි. කොන්ඩයා ඇතුළු බතලයා සහ මනෝජ් කියන දෙදෙනාත් හයේ හතරේ එවුන් දෙන්නෙක් වීමත් වාසියට හිටියේ කොන්ඩයාට .

අනේ මහත්තයෝ දැන් අපි ඒවා කරන්නේ නැහැ සත්තයි..

අපිව අන්දන්න ලැස්ති වෙන්න එපා.. කරුණාකරලා බඩු  තියන ඒවා එලියට ගන්නවා හොඳයි ලොකු මහත්තයට කේන්ති යන්න කලින්..පේනවනේ..ලොකු මහත්තයා ඇවිත් ඉන්නේ අද.. වෙනද වගේ නෙවෙයි..
කොන්ඩයා එහෙම කිව්වේ දිව ගිලෙන්න ඔන්න මෙන්න නිසා වතුර ටිකක් ඉල්ලගෙන බොන්න වාහනෙන් බැහැපු බඩතඩියා පෙන්වමින්..

කොන්ඩයා දන්නා කියන සාස්තරෙන් විහිලුවට කාන්තාව භීතියට පත්කරද්දී, විහිළුව වැරදිලා දුරදිග ගියොත් හතර හන්දි කැඩෙන්න ගුටිකන්න වෙන එකක් නිසා කෝකටත් සූදානම් පිට ඉන්න කියල මම වාහනේ ආපහු යන පැත්තට හරවගත්තේ මුන් හතරදෙනා දාල ගිහින් හරි මගේ පන කෙන්ද බේරගන්න ඕන හින්දයි. හතරදෙනාටම ගහක ගැටගහල දිමි ගොටු දාල ගහල මී හරක් දැම්මල පෑගෙව්වත් එකෙක් හරි බේරිලා යාම වැදගත් පසුව පොලිසියෙන් එක්ක ඇවිත් හරි මිත්‍ර සමාගම බේරගන්න. හදිසියෙවත් ගහන්න එලවාගෙන ආවොත් කට්ටිය නගින්න කලින් මම වාහනේ අරන් ඉගිලෙන නිසා  ඉදිරියට යන වාහනේ එල්ලෙන්න බඩ තඩියාටනම් කීයටවත් බැරි නිසා එකේ හරි ගුටිකෑම අනිවාර්ය වෙන සිද්දියක්. 

අනේ මහත්තයෝ මේ කියන්නේ බොරු නෙවෙයි.. පුතා දැන් බිස්නස් එක නවත්තල ටික කාලයක්..

වෙන්න බෑ .. අපි මේ ආවේ අපිට ඒ ගැන තොරතුරක් ආපු නිසයි..අපිට එන තොරතුරු බොරු වෙන්නේ නෑ .. අපි ගේ සර්ච් කරන්න කලින් කරුණාකරලා බඩු  තියනවනම් ගන්න.. දන්නවනේ සර්ච් කරද්දී අහුවුනොත් ..

අනේ මහත්තයෝ.. පුතා බොන්න ගෙනාපු ඩිංගිත්තක් තිබ්බ පැලේ .. ඒ ටික ඇරෙන්න වෙන මුකුත්ම නෑ .. දෙයියම්මප්පා..

හ්ම් ..ගන්නවා ගන්නවා බලන්න තියන ඩිංගිත්ත..

බොහෝ අසරණ විලාසයෙන් පැල ඇතුලට ගිය කාන්තාව නැවතත් එලියට මතුවුනේ රුපියල් දෙකේ සිලිසිලි බෑගයක් පිරවූ ත්‍රයිලෝක විජයපත්‍ර බෑගයක්ද සමගිනුයි.. මේ කියනා වූ කාලයට සාපේක්ෂව රුපියල් දෙකේ සිලි සිලි මල්ලක් යනු එකල තිබු විශාලතම සිලි සිලි බෑගය බවට පාඨකයෝ වටහාගනිත්වා..

මෙන්න මහත්තයෝ... අනේ බුදු මහත්තයෝ නඩු නම් දාන්න එපා.. ඔය ඩිංගිත්ත ගෙනත් තියෙන්නෙත් බොන්න මිසක්ක විකුනන්න නෙවෙයි..

හොඳ ඩිංගිත්ත... බලමු ලොකු මහත්තය එක්ක කථා කරලා.. 

සර් .. මොකද කරන්නේ .. නඩු නොදා බැරිවෙයි නේද.. මෙතන කිලෝ දෙකක් විතර..

බඩ තඩියා මුකුත්ම නොකියා රථයට ගොඩවුනේ පන බේරාගෙන හැකි උපරිම වේගයෙන් පලායාමේ අරමුණෙන්..

ඕන වුනොත් පුතාව ගෙනියන්න එනවා .. බොන්නවත් ආයේ ගෙනත් තියාගෙන අහුවෙන්න එපා හොඳද.. මේ තමුන්ට දෙන අන්තිම අවවාදය..

හා සර්..

අපි ගිහින් එන්නම්.. ඕන වුනොත් අපි ආයෙත් එනව..

අනේ බුදු සර් නඩුනම් දාන්න එපා..

හිතවතාගේ නිවාස සෙවීමේ සංග්‍රාමය එතනින් අවසන් වීය. කොන්ඩයා ඇතුළු නඩය රථයට ගොඩවූ වහා ලුනුගම්වෙහෙරින් වීරවිල දිශාවට අධික වේගයෙන්  ධාවනය වූ රථයේ වු එකෙකු හැර අනෙක් සියලුම දෙනා පසුවුනේ භීතිය ප්‍රමුක සන්තෝසයෙන්.. ඒ නම් නොමිලේම ලැබුණු ත්‍රයිලෝක බෑගය ගැන උද්දාමයෙන්. බඩතඩියා ත්‍රයිලෝක ගැන මෙලෝ හසරක් නොදත් බියර් ලෝලී එකකු වීමත් සහ ඔන්න මෙන්න බොඳවී ගිය දඩමස් සිහිනය නිසාත් පසුවුනේ මහත් කනගාටුවෙන්. නොමිලේ ලැබුණු ත්‍රයිලෝක සුවය අවසන් වනතෙක් සැමගේම වීරයා වුනේ කොන්ඩයා තමයි. එත් කොන්ඩයා කරපු විහිළුව යන්තම් එහෙමෙහෙ වුනානම් අපි කට්ටියම සලාක ක්‍රමයට ගුටිකනව වෙන්න තිබ්බ.

කතරගම ගිහින් ඇවිත් සතියකට දෙකකට පස්සේ කොන්ඩයාගේ ඉඩමට හවස් වරුවේ සෙට් වෙන්න හිතාගෙන ඒ පැත්තට ගියපු අපි කට්ටියට ටවුමට ගිහින් එන්නම් මචන් කියල සමුගත්තු කොන්ඩයා ටවුන් යනවා කියල ගියේ ජපන් කියල අපි දැනගත්තේ සතියකට විතර පස්සෙයි ඔන්න.

අවුරුදු ගානක්  ජපන් ඉඳල ඇවිත් පවුලක් පන්සලක් වෙලා දරු පැටියෙකුත් හදාගෙන සාර්ථක ජීවිතයක් ගතකරන කොන්ඩයා නකල්ස් ගිහින් කට්ටියටම නුඩ්ල්ස් කන්න දීපු හැටි පසුවට. 

90 comments:

  1. මේ කොණ්ඩයා මාකටිං තියරිය උපතින්ම අරං ආපු කෙනෙක් බව පේනවා. හැමෝටම ඔය වැඩේ කරන්න බැහැ. මගේ යාල්වෙක් උන්නා රාජකාරියට එන්නේ මිනී කාර් එකේ. හිතාගන්නකෝ BOC head office රථ ගාලේ ලස්සන මිනී කාර් එකක් නවත්තලා තියෙන කොට..

    ReplyDelete
    Replies
    1. බැලුවාම උඹේ යාළුවා කොණ්ඩයට හපන් එකෙක් වගේ . වර්තමාන ලෝකය එක්ක කරට කර ජීවත් වෙන්න පුළුවන් මාර්කටින් දන්නා එවුන්ට විතරයි බන්.

      Delete
    2. මුගේ මල්ශාලාවේ නම කියන්න බෑ රටේම දන්න තැනක්. නිකන් පියරත්න වගේ නමක්. ලියන්නම් වෙලාවක ඔකගේ කෙරුවාව. නොලිව්වේ ඕක දැක්කෝත් මට නිකන්ම එම්බාම් එක ලැබෙන්න පුලුවන් හින්දා

      Delete
    3. ඌ බොලාට රයිඩ් එහෙම දෙන්න කතා කරන්නේ නැද්ද බන්.. නිකමට වගේ යන එන ගමන් වරෙන් යන්න කොටුවේ ඉස්ටේෂම ගාවින් බස්සන්නම්, මරදානේ ඉස්ටේෂම ගාවින් බස්සන්නම් වගේ කතා කරොත් කට්ටිය උන්හිටිතැන් හොයාගන්න බැරුව වාෂ්ප වෙනවා ඇති නේද.. හැක් ... මටත් දවසක් හිතවත්කමට උදව් කරන්න ගිහින් මිනියක් අරන් යන්න උනා තනියම හර්ස් එක එලවාගෙන. ඒ කතාව පසුවට ලියන්නම්කො. ඇඳිරිනීතිය දාපු දවසක රෑ දෙකට විතර තමයි මිනිය අරන් ගියේ.

      Delete
  2. මෙන්න මරු චරිතයක්.

    ReplyDelete
    Replies
    1. උඔ දැන් වැඩිහිටි නිවාසේද?

      Delete
    2. කොන්ඩයා ගැන තව ලියන්න දේවල් ගොඩයි.. හෙමිහිට ලියන්නම්කො..

      Delete
    3. මෙන්ඩා .. මොකක්ද බන් වැඩිහිටි නිවාස කථාව

      Delete
  3. කොණ්ඩේ පුස් කන්නේ නැද්ද

    ReplyDelete
  4. ලියපන්..එක හුස්මට කියෙව්වා..එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එහෙනං මීට වැඩිය ටිකක් දිග එකක් ලියහං. මූ හුස්ම හිරකරගෙන මැරුනම අපිට මාරි කන්න පුලුවංනෙ.

      Delete
    2. දාහං ප්‍රසන්න පහක් ම...!

      Delete
    3. මතක් කරලා පෙට්ටිට සිගරට් පැකට් එකයි ගල් බෝතලයයි දාපන්

      Delete
    4. ඩ්‍රැකී, ඔන්න දැම්ම.

      සිම් අම්බරුවා, උඹේ පෙට්ටියට අඹ කොටයක් දාන්නං. ගල් බෝතල් ටික අපිට ලෑස්ති කරල තියල පලයං.

      Delete
    5. කියවද්දී හුස්ම හිරවෙලා මරුනාම ඒක ලෝක වාර්ථාවක් වෙයි නේද ... මීට කලින් ලෝකේ එහෙම කව්රුත් මැරිලා නැතුව ඇති.. එල ද බ්‍රා මචන්.. උඹලගේ දිරිය තමයි මට තියන එකම තල්ලුව..

      Delete
    6. ගල් බෝතලෙටයි, සිගරට් පැකට් එකටයි අමතරව ලයිටරයක් ගිනිපෙට්ටියක් දාහල්ලා..බෝතලේ කටේ තියාගෙන බිව්වත් සිගරට් පත්තු කරන්නේ අහවල් එකෙන්ද බොලව්.. මටනම් ඔව්වට අමතරව බයිට් ගෝනියක් විතර ඕන..

      Delete
    7. නොදෝකින් බොලා යාලුවෙක් මැරෙනකම් බලන් ඉන්නවනේ මාරි කන්න...

      Delete
  5. ටික කාලයක් රස්සාව නැතුව ඉන්නකොට මට ඩයලා්ග් එකේ විකුනුම් නිලධාරියෙක් විදිහට සම්බන්ද වෙන්න ලැබුනා..අපි හතර පස්දෙනෙක් වව්නියා ගියා සිම් විකුනන්න..කුඩ ගහගෙන පැය දෙකක් තුනක් වෙලි වෙලි හිටියා එක මිනිහෙක් ආවේ නැ සිම් ගන්න..සිම් එක දෙන්න තිබුනේ නිකන් රැපියල් 50ක රිලෝඩ් එකක් සිම් එකේ තිබුනා..ඒකටත් සල්ලි ගන්න එපා කියලා අපිට කියලා තිබුනේ.

    මම කඩේකට ගිහින් සිගරට් එකක් බොන ගමන් කඩේ පොරගෙන් අහගත්තා 50ට දෙමලෙන් කියන්නෙ කොහමද කියලා..ආවා කුඩේ ගාවට..පාරේ යන එවුන්ට කෑ ගහන්න ගත්තා..
    “ආ...වංග..වාංග...සිම් අම්බෝරැවා..සිම්..අම්බෝරැවා...“
    “වාංගේ..වාංග..ඩයලෝග් සිම් අම්බෝරැවා...ඩයලෝග් සිම් අම්බෝරැවා..“ කියලා..

    මිනිස්සු පෝලිමේ පොරකාකා සිම් ගත්තේ..දවස ඇතුලත සිම් 200 ගානක් විකුනුනා අතපය දිග ඇරලා කාලා රෑට අඩ්ඩක් ගහලා ඉතුරැ සල්ලි බෙදාගත්තා..
    පහුවෙනිදා උදේම ඩයලොග් අනුරාධපුර ආකේඩ් මැනෙඡර් මට කතා කරලා අරින්න ගත්තා..
    “මොනවද ඔය කරන්නෙ?..ඔහම කෑ ගහලා සිම් විකුනනවද? මාලු විකුනනවා වගේ කියලා“..
    මම ඇහැව්වා..“මහත්තයෝ..අනුරාධපුර දිස්තික්කේම මේ මාසයට තවම සිම් 200ක් විකුනලා නෑ නේද?..අපි එක පැය 5ට සිම් 200ක් වික්කා..හට්ටියෙන් හරි මුට්ටියෙන් හරි මම සේල් එක ගහනවා කියලා..
    අනුරාධපුරේ ඩයලොග් පෙරගෙවුම් සිම් විකුනුම් සේල්ස් රේකොඩ් එක තියෙන්නෙ තවමත් අපිට..

    පැකේඡ් සේල් එකකුත් කරා මේ වගේ ඒ කතාව ඊලගට ලියන්නම්..

    ReplyDelete
    Replies
    1. "මෙන්ඩ අම්බරුවා " , "මෙන්ඩ අම්බරුවා" "එලද බ්‍රා ලාබම් ,ලාබම්"
      ඔහොම නේද උඹ දැන් විකුනන්නෙ ?

      Delete
    2. ඒ කියන්නෙ උඹෙන් සිම් ගත්ත 200 යම අම්බරුවො. හැක්..

      Delete
    3. චමි
      එල ද බ්‍රා
      කම්මලයා/ ප්‍රසා
      මට මම ගැන ආඩම්බර වෙන්න පුලුවන් නේද?

      Delete
    4. මෙන්න මෙන්ඩා පෝස්ට් එකක් දාලා...
      එළද බ්‍රා...

      Delete
    5. ආඩම්බරයි මෙන්ඩො ඒ වගේම උඹ දැන් වැඩකරන තැන ගැන ඉරිසියයි මෙන්ඩො.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඒ වුනාට කම්මලයා මට මැෂින් සද්දේ ඇහෙන්නෙ නැත්නම් නින්ද යන්නෙ නෑ ඒක නිසා මාකටින් ෆිල්ඩ් එක අතඇරලා ආයමත් ආවා සුද්දියන්ට ඡංගි මහන්න..
      ලොකු..
      උඔලා අපි වෙනුවෙන් ලියන්න කරන කැප කිරිම එක්ක මේක පොඩි දෙයක් මචං..

      Delete
    8. සිම් අම්බරුවා - මෙන්ඩට අලුත්ම අලුත් කාඩ්ඩෙකක්...

      Delete
    9. මෙන්ඩා ලියපංකෝ බ්ලොග් එකක්.උඹ ලඟ තියනවා මරු කතා ටිකක්..

      Delete
    10. මෙන්ඩා අපේ කොණ්ඩයට සෙට් උනොත් අපිවත් විකුනනවා ෂුවර්.. මෙන්ඩෝ උඹල වගේ සෙල්ස්මන්ලා කම්පැනි වලට මසුරන් පහට වටිනා එවුන්...

      Delete
    11. ප්‍රාසා .. ලෝකේ කොයි රටක ගත්තත් පාරිභෝගිකයා කියන්නේ අම්බරුවන් රෑනක් තමයි බන්... ලෝකේ පුරාම buy one get one ප්‍රෝඩාවට මිනිස්සු කොයිතරම් අහුවෙනවද බන්.

      Delete
    12. මෙන්ඩා .. ඇත්තටම උඹ ගැන ආඩම්බරයි..

      Delete
    13. ලොකු පුතේ.. කම්මලේ.. මෙන්ඩා ළඟ තියන සුපිරි කථා ටික බ්ලොග් එකකට ගත්තොත් මරු නේද..

      Delete
    14. ඩ්‍රැකී.. අපේ මෙන්ඩට අලුතෙන් නමකුත් දාලද ඒ ගමන..

      Delete
    15. මනෝ කියන්න වගේ මෙන්ඩ බ්ලොග් එකක් ගැන හිතල බැලුවනම් හොඳයි..

      Delete
    16. මම ඇයි බං අලුතෙන් බ්ලොග් එකක් ලියන්නෙ මේ බ්ලොග් ඔක්කොම මගෙනේ..
      උඔලාට වඩා මම උඔලා ලියන ඒවාට ආදරේයි..

      Delete
    17. එලකිරි යකෝ... බ්‍රා අම්බෝරුවා... ලියපං ඕනැම බ්ලොග් එකක... ඔක්කොම උඹේ තමා...

      Delete
    18. අනිවා .. ඔක්කොම බ්ලොග් මෙන්ඩගෙ තමයි..

      Delete
    19. ප්‍රසන්නගෙ සන්ධි ක්‍රමයට අනුව "සිම්බරුවා" කියා යෙදිය හැකි බව යෝජනා කරමි.

      Delete
  6. උඹට මතකද අම්බලමො කොන්ඩයගෙ කොරටුවේ ඉදගෙන මගේ වෙන්න වයිෆ් ව කැමති කරගත්ත

    ReplyDelete
    Replies
    1. කොන්ඩයාගේ එළවලු කොරටුව තිබ්බ ඉඩමේදී තමා උඹේ වයිෆ්ට අපි ඇප තිබ්බේ... උඹ දෙයියනේ කියල ඒ ගෑනු දරුවම කසාද බැඳපු නිසා අපි ඇපෙන් නිදහස් උනා යන්තම්..උඹ එයාවම බැන්දේ නැත්තම් ඉතින් හිට්ලර් අපිට මොනා කරාවිද දන්නේ නෑ ... උඹේ මාමජ්ජ බ්ලොග් කියවන්නේ නැහැ නේද... නැත්තම් මේකේ හිට්ලර් කියන නම දැක්කොත් මාව හොයාගෙන මෙහෙට එයිද දන්නේ නෑ ..

      Delete
    2. එල එල මන්ඩියට මේව බලන්න වෙලාවක් නෑ

      Delete
  7. හැක්... අර ගෑනු මනුස්සය වෑන් එකේ නොම්මරේ බලාගෙන ගේමක් දුන්නනං එහෙම ආයෙ ඔය වෑන් එක ලුණුගම්වෙහෙර පැත්තෙ ගිහිල්ල ඉවරයි.

    කොණ්ඩයනං නියම මාකටිං පොරක් තමයි. පුදුමයි උඹල ගිය වෑන් එකත් විකුණුවෙ නැති එක පාරෙ තියල.

    ReplyDelete
    Replies
    1. කොණ්ඩයාට කියලා උඔවත් විකුනවා..

      Delete
    2. එහෙනං උගේ කොණ්ඩෙ නැතිකරගන්න වැඩක් තමයි.

      Delete
    3. එදානම් බේරුනේ අනූ නමයෙන්.. ඒ ගෑනු කෙනාගේ පුතා ආවනම් සමහරවිට තාම අපි දුවනවා... එත් අපේ බඩතඩියා දැක්කාම මිනිස්සු භය වෙනවා බන්.. ඌ කාල කාල ඌරෙකුට වඩා තඩියි ..පෙනුම ඇමති කෙනෙකුට වඩා පෙනුමයි.. අද උනත් කපටි සූට් එකක් අන්දගෙන ආවොත් පාර්ලිමේන්තුවේ සිකුරිටි එකත් ටිකක් අන්දමන්ද වෙනවා ඇත්තටම මු ඇමති කෙනෙක්ද කියල හිතාගන්න බැරුව.

      Delete
    4. කොන්ඩයා දැන් කොන්ඩෙ කපල නිසා ප්‍රසාට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ කොන්ඩයාගේ කොන්ඩෙ කපන්න. හැබැයි පුතෝ විකුනපන් කිව්වොත් කොන්ඩයා උඹව උනත් වහල් වෙළඳාමට හරි විකුනනවාමයි..

      Delete
  8. අම්බලන් අයියන්ඩි චරිත නම් මරු. කොන්ඩයා මතක් කොලා කියන්ට

    ReplyDelete
    Replies
    1. මේවා බොහොම විරල චරිත බන්.. එකයි ලිව්වේ..

      Delete
    2. විරලයි කිවුවට නෙවී....ඇත්තටම මට නම් හොයාගන්න වත් නෑ

      Delete
    3. කොන්ඩයා නම් ඉතින් වෙනකෙනෙකුගෙන් පුරවන්න බැරි චරිතයක් තමයි බන්. හැමදේම එකතැනක තියන පැකේජ් එකක්..

      Delete
  9. එක දවක් ත්‍රයිලෝක විජයපත්‍ර සුවය විදීමට ගිය අවස්තාවක ගිනි පෙට්ටියක් නිවසින් ගෙනආ කොන්ඩයා , එකේ තිබුනේ ගිනි කුරු 2ය්. මු ගිනිපෙට්ටියත් දෙන්නේ කුරු 2 ය් කියපු සිරාට කොන්ඩයා කිව්වේ යකො ඉගෙන ගනින් ගිනි කුරෙන් ඉදන් ඉතුරු කරන්න.

    ReplyDelete
    Replies
    1. කොන්ඩයාගේ ගෙදර වැඩියෙන්ම ඉවරවෙන දේ තමයි ගිනිකූරු.. ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තේ කොන්ඩයා සුපිරි පපුව හොඳ එකෙකු වීමත් කොන්ඩයාගේ නව නිවස මහා කුරුඳු කැලයක් මැද වෙල් යායක් මායිම් කරගෙන නිස්කලංකව පිහිටීමත්... එතනට ගියාම එන්න හිතෙන්නේ නැහැ තියන නිස්කලංක පරිසරය නිසා.. දන්න දන්න එකා සිගරට් එකක් උරන්නත් කොන්ඩයා හොයාගෙන යන්නේ ඔය හේතුව නිසා..

      Delete
  10. //සමාගෙ වික්‍රමපොස්ට් එකෙන් පස්සේ සමාගේ දුරකථනය මා වෙනුවෙන් නිහඬ වීම ඇතුලේ ආයෙත් බ්ලොග් පොස්ට් වෙනුවෙන් සමා ගැන නොලිය ඉන්න මම තීරණය කළා .//
    අඩේ බං ඌත් එක්ක සාම ගිවිසුමක් ගහපන්, අපරාදෙ බං ඕව නොලිය ඉන්න එක. ඔය කොන්ඩය වගේ චරිත හරි හිගයි.

    ReplyDelete
    Replies
    1. සාම ගිවිසුමක් ගහන්න කීප වතාවක් ඇමතුවා.. උත්තර නෑ .. එක වතාවක් උත්තර ලැබුන.. එත් සමාගෙන් නෙවෙයි සමාගේ අඹේනියගෙන්...ෆෝන් එක ගෙදර දාල කොහෙද ගිහිල්ලලු.... මේ පාරනම් හොඳටෝම තරහ වෙලා වගේ...

      Delete
  11. කොන්ඩයා එළ කොල්ලෙක්නේ...

    සමාට බම්බු ගහ ගන්න කියල ඒ කතාත් ලියහන්...
    ඌ පස්සේ ශේප් වෙයි, එහෙම නැත්නම් වෙන නමක් දාල ලියහන්...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ වෙන නමක් දාල ලිව්වාමත් මුන් තරහ වෙනවනේ බන්.. අන්තිමේ නම දැම්මත් තරහයි.. නොදැම්මත් තරහයි..

      Delete
    2. මුළු පොස්ට් එකේම සමාගේ නම වෙනස් කරා බන්.

      Delete
  12. ආමි ට්‍රෙනින් ස්කුල් එකක් තිබුනාඔත්තප්පුවේ දවසක් ඒකට ගියා ඒකේ CO හම්බවෙන්න රනවිරැ පැකේඡ් සේල් එකක් කරමුද අහන්න..කොට කලිසමක් ගහපු පොරක් තව දිග කලිසමක් ඇදලා හිටපු එකෙක්ව පෙන්නලා මට කිව්වා
    “මෙයා තමයි මේ කැම්ප් එකේ ලොක්කා මෙයත් එක්ක කතා කරගන්න කියලා..“
    මම සිම් ගැන මුකුත් කතාකරේ නැ..අරැ එක්ක කතා කරෙ ඩොනට් කෙයාර්..කොට කලිසම ගහපු එකා පැත්තෙන් බලාගෙන ඉන්නවා..එන්න ලැහැස්ති වෙලා කොට කලිසම ඇදපු එකා ලගට ගිහින් සිරැවෙන් ඉදලා ගරැසරැ ඇතුව මගේ විසිටින් කාඩ් එක ඌට දිලා කිව්වා..
    “සර්..සර් කවදා හරි මේ කැම්ප් එකේ CO වුන දවසක අපි සිම් සේල් එකක් කරමු..එදාට මම සර් අතට කෑෂ් වලින් ලක්ෂයක් දෙනවා“ කියලා..යන්න ගිහින් ආයමත් හැරිලා පොරට කිව්වා..
    “සර්.. දැන් ඉන්නෙ කොප්‍රල් නේද? අද දවස ඇතුලත සර් මේඡර් අදිනවා..එහම වුනොත් මට කෝල් එකක් දෙන්න කියලා“...“ආ..සර් තව එකක් මම 5CC RSM කෙනෙක්..(කැඩෙටින්).
    හවස මට කෝල් එකක් ආවා ..“හෙලෝ..මම මේඡර්.##### කතා කරන්නෙ ඔත්තප්පුව කැම්ප් එකෙන්..උඔ යකෙක්..මම දන්නෙ නෑ උඔ මාව කොහම අදුර ගත්තද කියලා..ඒත් මම උඔගේ ඒ හැකියාවට ගරැ කරනවා..හරි අපි සේල් එක කරමු..හැබැයි පුතෝ මට ලක්ෂයක් ඔනේ උඔගේ අතින් හරි නැත්නම් දන්නවනේ..?
    “රායිට් සර්..මේ මෙන්ඩා ගාව වචන රචන නෑ..කැම්ප් එකේ කි දෙනෙක් ඉන්නවද?“
    “ 125“
    “එක සිම් එකක් 1500/=..එක්කෙනෙකුට සිම් දෙක ගානේ සිම් 250 ක සල්ලි එකතු කරලා..සර් ඒකෙන් ලක්ෂයක් තියාගෙන මට ඉතුරැ 275000/= එවන්න..මම සර් අතට සිම් ටික ලැබෙන්න සලස්වන්නම්“

    වැඩේ සිද්ධ වුනා..
    මම ඔෆිස් එකට සිම් එකකට 1000/= ගානේ 250000/= බේරැවා...25000/= මාත් එක්ක ගිය එවුන්ට උදව්කරපු එවුන්ට කැමට බිමට වියදම්...
    මට එක සිම් එකකට 350/= ගානේ බැක් සේල්ස් කමිෂන් එකක් තිබුනා..අදටත් අනුරාධපුර ඩයලොග් එකේ ඒක සෙල්ස් රේකෝඩ් එකක්..
    මේඡර් මහත්තයා අදටත් මගේ යාලුවා..දිග කලිසම ඇදලා විනාඩි 10කට කොප්‍රල් රැන්ක් එකේදි ඔත්තප්පුව කැම්ප් එකේ CO වුන කෙනත් මගේ යාලුවා..
    ප්‍රශ්න තියනවානම් අහන්න ළමයි...

    ReplyDelete
    Replies
    1. උඹට 87500/= ක්... වැඩියි වැඩියි හොඳටම වැඩියි ඒ ගාන.
      ඊට පස්සේ ඒ කෑම්ප් එකේ හිටපු කී දෙනෙකුට රස්සාවල් නැතිඋනාද කියල උඹට ආරංචි ද?

      Delete
    2. විචාරක ම‍ාමේ... මේන්න බඩු අහුවුනා....

      Delete
    3. ප්‍රසා
      ඒ කමිෂන් එක විතරක් ඊට අමතරව 3500/= ගානේ මාස තුනක් ෆෝන් බිල් එක හම්බ වෙනවා..
      මම මගේ රාඡකාරියේදි බොරැ කරන්නෙ නෑ..පාරිභෝගිකයා දෙවැනි පාරටත් මම ලගට එන්න ඔනේ කියන එක මගේ තියරිය..හැබැයි ඒ කෑම්ප් එකේ සේල් එක කරපු පලවෙනි සහ අන්තිම එකා මම..මොකද ඒ විදිහේ කමිෂන් එකක් දෙන්න අනිත් වුන්ට බෑ..ඒකට තමයි කියන්නෙ අක්මාව පාවිච්චි කරනවා කියලා..
      ඩ්‍රැකී
      ඒ දවස් වල විචා සෙට් වුනා නම් අපි දෙන්නගෙම බල්ලා ගොඩ බලුපැටව් වහලේ උඩ අපි දනහිසක් වතුරේ..

      Delete
    4. උඹ එළ කොල්ලෙක්නේ මෙන්ඩෝ...

      Delete
    5. මෙන්ඩෝ උඹනම් යකෙක්.. ඊටත් වඩා මට උඹේ මේ ලියපු කථා දෙකෙන් හොයාගත්තු දේ තමයි අපේ බතලයත් උඹ වගේම හම්බුකරන්න ඇති කියන එක.. මොකද සුනාමිය වෙනකම්ම අපේ බතලයා වැඩකරේ ගාල්ලේ ඩයලොග් ආකේඩ් එකේ අබාන්ස් සේල්ස් ටීම් එකේ.. ඌ තමා ඒ කාලේ ගාල්ලේ ටොප් සේල්ස් හිටියේ මතක විදිහට..

      Delete
    6. ඈ බන් මෙන්ඩෝ .. මෙන්න මුන් ඔක්කොම ගණන් හිලව් හදල...
      මටනම් සේල්ස් කියන්නේ කදුරු වගේ සබ්ජෙක්ට් එකක් බන්... කිව්වට තරහ වෙන්න එපා බන්... සිම් එකක් විකුනනනවා කියන්නේ පාරිභෝගියාටත් යම් ලාභයක් දීලයි උඹට මේ ලාභ හොයල තියෙන්නේ.. එත් මිනිස්සුන්ට අත්‍යවශ්‍ය නොවෙන භාණ්ඩ මිනිස්සුන්ව අන්දලා ඇඟේ ගහන සේල්ස් වලටනම් මම හරිම විරුද්දයි..

      අපි අහවල් මැනේජ්මන්ට් ස්කූල් එකෙන් කියාගෙන ගෙවල් වලට එන එවුන් නම් මට පෙන්න බෑ ... එයින් එකෙක් අපේ ගෙදරට ආව කියන්නේ අපේ අම්ම පන්සීයක් දාහක් සමහර විට ඊටත් වැඩි ගානක් නිස්කාරනේ අහිමිකරගන්නවා වැඩකට නැති ප්ලාස්ටික්, අලුමීනියම් කෑලි අරගෙන..

      Delete
    7. කොණ්ඩයට සෙකන්ඩ් නැහැ මෙන්ඩයා

      Delete
    8. කොන්ඩයා, මෙන්ඩා වගේ එවුන් ඉන්න ඕන පාර්ලිමේන්තුවේ බන්..

      Delete
  13. ලස්සන කතාව අම්බලන්ගොඩ මහත්තයා......

    ReplyDelete
  14. කොණ්ඩයා මරු පොරක්නේ බං.සමා උඹත් එක්ක අප්සට් වෙලාද ඌ ගැන ලිව්වා කියලා....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ මනෝ...ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ...

      Delete
  15. බොට ඉදලා තියෙන්නෙම සුප්පා යාළුවොනේ.... කොන්ඩයාට ජය! ;)

    ReplyDelete
    Replies
    1. මිත්‍ර සම්පත්තිය උපරිමයෙන්ම ලබල තියන එකත් වාසනාවක් තමයි ශානු. කොන්ඩයා මගේ ජීවිතේ වැදගත්ම තැන්වල හිටපු එකෙක් සමා වගේම.

      Delete
  16. අම්බලංගොඩයියේ,
    මරු කතාව. අම්ප, ඔය සේල්ස් වැඩේ ලස්සනට කරන්න ඉතිං ඒ ජාතියෙම උං ඉන්න ඕන. වෙළඳං කියන්නෙ මටත් හරියන දෙයක් නෙමෙයි. මට හරියන්නෙ පිරිස් පරිපාලනය. ඕනැ වැඩකදි මල නොතලා රොං ගන්නව වගේ වැඩේ සිද්ද කරවගෙන වැඩේ කරපු එකාවත් මලක් වගේ තියන්න මට පුලුවං. තව දෙයක් කියන්න ඕනැ. මේ වාගෙ දිගට දිගේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාර කෙරුවාව නම් මට උපතින්ම තියනවා බන්.. එත් මිනිස්සුන්ට අනවශ්‍ය බඩුවක් මිනිස්සුන්ගේ ඇඟේ ගහල පොකට් එකට විදින තරම් අමනුස්ස හැකියාවක් මට නෑ . උඹේ ලිවිල්ලට ලං වෙන්නවත් බැහැ බන් මටනම්.. උඹේ ලිවිල්ල තියෙන්නේ එක්තරා සුවිශේෂී තැනක. එව්වා බොහොම විරලයි..

      Delete
  17. මේක මාර රහයි බං... මම තුන්පාරක් කියෙව්ව.... කොන්ඩයව අදහන්න ගන්න ඕන අද ඉඳන්... සිරාවට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා.. කොන්ඩයා ගැන තවත් සුපිරි කතා තිබේ.. පසුවට ලියන්නම්කෝ..

      Delete
  18. සුපිරි චරිතයක් නෙහ්..මගේ සෙට් එකේ තඩියා තමා මේ වගේ ඩයල් එකකට ඉන්නේ කළු ගල් කැල්ලක් උනත් ඇති මැන් ට රෝලක් ගහල ගතමනාවක් හොයාගන්න..ඌ ගැන මම ලියල තියෙනවා තඩියා කියල

    ReplyDelete
    Replies
    1. ආචාර්යතුමාට ස්තුතියි මේ පැත්තේ ආවට.. තඩියාගේ පොස්ට් එක කියවන්න ඕන හොයාගෙන අදම..

      Delete
  19. සුපුරුදු පරිදි උඹේ කතාව හරිම රසවත් වගේම සිත් ඇදගන්නා සුළුයි. ඊටත් වඩා මගේ හිත ගියේ මෙන්ඩා කියන කමෙන්ට් කරුවාට ඇති කතා කීමේ හැකියාවටයි.ඇත්තටම ඌ නොලියන එක අපරාධයක් කියල උඹට හිතෙන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ.. කෝ කිව්වට මෙන්ඩ අහන එකක්යැ ඉතින්. දැන් මේ හැමෝම කියන්නේ මෙන්ඩ බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳයි කියලනේ.. අපි දිගින් දිගටම බලකර සිටිමු..

      Delete
  20. එල කතාවක් මචන්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ..

      Delete
  21. නතර නොකර එක හුස්මට කොටස් හයක්ම කියවලා ඉවරකරා
    Umbage Love stori eka.
    අම්බලන්ගොඩ දර්මාශොක ගෑනු ලමයින් ලස්සනයි

    නමුත් උන්ගෙ අම්මලා අප්පලා මාලු කපන මහ පිහි අරගෙන එනවා. ......අපි පොඩ්ඩක් කතා පොජ්ජ මන්දො කරන්න ගියොත් .......

    ගමේ වරකා ගමේ කපුටන්ට කියාගෙන අම්බලන්ගොඩ කොල්ලො රන්ඩුවට අවිල්ල තියෙනවා

    අම්බලන්ගොඩ අය්යා

    ලන්කාවේ අපි ඔබගේ කතා කියවනවා ඈත රටක හිටියත්

    Please write the next Episode. .... ASAP

    Thank you very much for all these interesting stories

    Keep on writing bro

    ==Adrian Channa from Toronto = = =

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්න මේ පැත්තේ ආවට. ඔය කියන තරම් අම්බලන්ගොඩ මිනිස්සු නපුරු නැහැ බන්. කොල්ලෝ ඉතින් ඔය කාලේ එහෙම තමයි. මමත් මේව ලියන්නෙ ඈත රටක ඉඳන් . මම ඉන්නෙත් ඔයා ඉන්න රටට අල්ලපු රටේ.

      Delete
  22. මේකා එල බුවෙක්.. කොන්ඩේ කොටට කපල හිටපු මේ ජාතියේම බුලට් එකක් හිටියා මගේ යාලුවෙකුත්.. කොන කොන කියන්න ගියොත් රසේ අඩුවෙන නිසා ඌ ගැන පොස්ට් එකක්ම දාන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. දාමු දාමු අද හෙටම අපිට කියවන්න..

      Delete
  23. මේකනම් පට්ට කතාවක් . නියමයි අම්බලන්ගොඩයෝ

    ReplyDelete