Monday, March 20, 2017

වාදී ස්වර සංද්වනි 6






පළමු කොටස 


පස්වන කොටස 


විසල් පාන්දර ඇහැරුනේ දුරකථනය නාදවෙන හඬින්. වින්දනය විකුණමින් නිදිවරන රාත්‍රිය රුපියල් සත බවට හරවනා ව්‍යාපාරයක නිෂ්පාදන ශ්‍රමිකයකු වශයෙන් නින්ද ඉල්ලා හඬා වැටෙනා ඇස් දෙකට මනසට යම්තාක් විවේකයක් ලැබෙන උදෑසනට පැමිණෙන දුරකථන ඇමතුම් බොහොමයක් අකමැත්තෙන් වුනත් නොසලකා හරින්නට විසල්ට සිදුවුනා.  සංගීත කණ්ඩායමට පෙරදා රාත්‍රියද ඊට පෙර රාත්‍රීන් හා කිසිදු වෙනසක් නොමැතිව ගෙවීගිය රාත්‍රියක් වුවත් විසල්ට එය සුවිශේෂී රාත්‍රියක් වුයේ අනන්‍යාගේ ආගමනය නිසාවෙන්. විසල්ට එය සිහිනයක් වැනිවූ සිදුවීමක් වුවත් එම හමුවීම ආනන්දනීය ආකාරයෙන් විඳගන්නට කිසිසේත්ම හැකියාවක් තිබුනේ නැහැ. ඒ මන්ද යත් අනන්‍යා යනු විසල්ට කිසිසේත්ම ලංවිය නොහැකි මට්ටමේ ආර්ථික හා සමාජයීය රාමුවක හැදී වැඩෙනා පළමු පන්තියේ පුරවැසි දියණියක් වීම. එම නොගැලපීම විසින් පසුබෑමට ලක් කරනා විසල්ගේ චත්ත සන්තානය පරයා හදවතේ මෝදුවන හැඟීම් නිරන්තරයෙන්ම විසල්ගේ මතකයට ගෙන ආවේ අනන්‍යාම පමණයි. දුරකථන ඇමතුමේ ශබ්දයෙන් නින්දත් නොනින්දත් අතර දෝලනය වන විසල්ගේ සිතුවිලි දැහැන යලිත් බිඳිමින් දුරකථනය නැවතත් නාදවන වග විසල්ට ඇසුනා. නිදි ස්වරයෙන්ම දුරකථනය දිහා බැලු විසල් නැවතත් දුරකථනය පසෙකින් තබා නිදන්නට හැරුනෙ එම අංකය නොදන්නා දුරකථන අංකයකින් පැමිනෙන්නක් වූ නිසා. ඇහෙත් අනෙක් පසට හැරී නිදන්නට දුරකථනය විසල්ට අවස්තාවක් නොදීම නැවතත් නාද දෙන්නට වුනා. විසල් දුරකතනයේ අමතන බොත්තම ඔබමින් දුරකථනය කනට තබා ගත්තේ බොහොම අකමැත්තෙන්..

හෙලෝ..

................

හෙලෝ..

එතෙක් වෙලාවක් දුරකථනය නාදකරවූ කෙනා කිසිදු කතාවක් නොමැතිව සිටීම ගැන විසල්ට ඇතිවුනේ තරහවක්..

හෙලෝ.. ගොලුවෙක්ද හලෝ කෝල් එක ගත්තේ.. 

හී...හී...හී.. ගුඩ් මෝර්නින්...

අනන්‍යා ඔයා ...

හ්ම්... අප්පේ මෙයාගේ සැර.. මොකෝ ඒ ගමන සුදු නංගි කෑල්ල හැලිලද..

අනේ සොරි සුදු නංගි.. මම ඔයාගේ නම්බර් එක දැනගෙන හිටියේ නැහැනේ.. ඇත්තම කියනවනම් සුදු නංගි කියල කිව්වට මම කැමතිනම් ඔයාට අනන්‍යා කියල කතා කරන..

මේ හලෝ.. එතික්ස් ඉගෙනගන්නවා ගුඩ් මෝර්නින් කිව්වම ගුඩ් මෝර්නින් කියන්න..ඔන්න එහෙනම් මමත් ඔයාට නිකම්ම නිකම් අයිය කියල කතා කරනවා හරිද..

අනේ සෝ සොරි ඉතිං.. ඔන්න එහෙනම් ඔයාට ගුඩ්ම ගුඩ් මෝර්නින්.. මොක කියල කතා කරත් මම මම කව්ද කියල දන්න නිසා ප්‍රශ්නයක් නැහැ අනන්‍යා..

ඉතිං අනන්‍යා නංගි මම  හිතුවෙම කව්රුහරි නොදන්නා කෙනෙක් කෝල් කරනවා කියල මේ පාන්දර..

පාන්දර.. දැන් කොහෙද  අයියේ පාන්දර.. දැන් එකොළහටත් ලගයිනෙ..

ඇත්තද...අනේ සොරි වෙන්න ඕන..බෝඩිමට එද්දී උදේ හයයි.. ඉතිං ඔයාගේ කෝල් එකට තමා ඇහැරුනේ..

අනේ විසල් අයියේ මට සමාවෙන්න.. මම ඒ ගැන හිතුවේ නෑ..

කමක් නෑ  නංගි.. 

අනේ  අයියේ මට අමතකවුනා ඔයාල රෑට නිදි නෑ කියල..

ඒ අපේ රස්සාවේ හැටි අනන්‍යා නංගි.. අපි ඉතින් නිදිමරුවොත් තමා අපේ බඩ පිරෙන්නේ..

අනේ මට සමාවෙන්න  අයියේ.. මම ඔයාගේ නින්ද කැඩුව නේද..

නෑ නෑ කොහොමත් තව ටිකකින් ඇහැරෙනවානේ.. ඉතින් කියන්නකෝ.. ඊයේ රෑ ඔයාල පරෙස්සමට ගියා නේද..

අනේ අනේ.. අපි ගියාද නැද්ද කියලවත් හොයන්නේ නැතුව ඉඳල දැන් බොරුවට අහනව නේද..

අනේ නෑ නංගි.. මා ගාව ඔයාගෙවත් මාධවී මඩම්ගේවත් නම්බර් නැහැනේ.. හිතුනේ නැතුව නෙවෙයි..

මොනවද හිතුනේ එතකොට ..

හිතුන ඉතින්.. 

මොනාද..

හිතුන ඉතින් මේ මහ රෑ  නංගිලා පරෙස්සමට ගෙදර ගියාද කියල..

ඔය ඇත්තමද..

බොරු කිව්වම පවු සිද්දවෙනවා දන්නවනේ ..

හරි එහෙමනං කියන්නකෝ බලන්න අද හවස මොනවද වැඩ කියලා..

විශේෂ වැඩක් නැහැ අනන්‍යා .. අද අපිට වැඩ නැහැ.. ඒ හින්ද අද බෝඩිමට වෙලා ඉන්නවා ඉතින්..

හ්ම්.....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 

ඔයා මොකක්හරි කියන්න ගිහින් කිව්වේ නෑ

න්....නෑ...

වෙන්න බෑ.. කියන්නකෝ ඉතින්..

ම්ම්ම්ම්ම්ම්ම්ම්... එක්කෝ ඕන නෑ..

අනේ මන්ද.. ඔයාගේ කැමැත්තක්.. මට ඉතින් බලෙන් අහන්න බැහැනේ..

එහෙනම් මං කියන්නද .

හා කියන්නකෝ බලන්න..

ම්ම්ම්ම්ම්ම්ම්..  අයියට පුලුවනිද අද හවසට මාව මීට් වෙන්න එන්න..

බෑ කියන්නේ කොහොමද ඉතිං.. කීයටද කොහෙටද මම එන්න ඕන කියන්නකෝ.. අපිට ඉතින් සීතල කරපු වාහන නෑ හරිද .. ඒ  හින්ද බස් පාරක් ආසන්නයේ තියන තැනකට හරි ත්‍රී වීල් කටුවක් යන්න පුළුවන් තැනකට හරි  නම් මම එන්නං..

ඔය ඇත්තම නේද..

හ්ම්..

එහෙනම් මම තැනක් හිතල ඔයාට ටෙක්ස්ට් එකක් දැම්මට කමක් නැද්ද.. ඕ... මට අමතක වුනා.. සංගීත කාරයින්ට කෙල්ලන්ගෙන් ටෙක්ස්ට් එනවා ඇතිනේ ඕන තරම් නේද..

අපොයි ඔව් නේන්නම්.. දවසට දෙතුන්දාහක් එනවා.. හෙහ්..

හරි එහෙනම්.. මම ටෙක්ස්ට් එකක් එවනම්කො.. ඒකත් බලන්න අනික්වා බලන අතරේ එහෙමනම් හොඳේ..

මම බලන්නම්කෝ..

එහෙනං මම තියන්නම්කො..

හා  නංගි..

ආ මේ ඒක නෙවෙයි.. අර හිතේ ඉන්නවයි කියපු කෙනත් ටෙක්ස්ට් එවනවද ඔයාට..

තාමනම් එවල නෑ.. ඒත් අද හෙට එවයි මගේ හිතේ..

හැබෑට.. හිතේ ඇති.. ඔන්න එහෙනම් මම තිබ්බ.. මට සමාවෙලා තව ටිකක් නිදාගන්න එහෙමනම් විසල් අයිය..

හා එහෙනම්.. තෙරුවන් සරණයි අනන්‍යා..

තෙරුවන් සරණයි  අයියේ.. බායි...

හ්ම්..

මොකද බස්සා වගේ හ්ම් කියන්නේ.. බායි කිව්වම බායි කියන්නකෝ..

බායි කියන්නේ සමුගන්න මිනිස්සුන්ට  නංගි..

ඒ කියන්නේ ...

හෙහ්...... තෙරුවන් සරණයි  නංගි..

අනේ මන්ද.. තෙරුවන් සරණයි සුදු අයියේ..

විසන්දි වූ දුරකථනය දිහා විසල් බලා උන්නේ කිසිම හැඟීමක් නැතුව. වෙන්න යන්නේ කුමනාකාර සිදුවීමක් වුවත් එය සුභදායක සිදුවීමක් නොවන වග විසල්ගේ මනසට වැටහුනා. ඒත් ඒ සුභදායක නොවන සිදුවීම් සමුදාය වෙනුවෙන් තමාගේ හිතතුල තිබෙනා කැමැත්ත ඒ සියලුම හැගීම් පරයා නැගී සිටිමින් ඉන්නා වග විසල් නොදැන උන්නා නොවේ..

වෙනදට මේ බෝඩිම ඇතුලේ තිබ්බේ නිදාගැනීමේ සැනසීම විතරයි.. අද ඉඳන් ඒකත් නැතිවෙන හැඩයි..

චී චී ලජ්ජා නැද්ද බන් සහනෝ අනුන්ගේ කෝල් වලට ඇහුම්කන් දෙන්න..

දැන් එතකොට උඹ මට කියන්න උඹට කෝල් එකක් ආවාම මට ගිහින් බාත්රූම් එකේ බිම දිගෑදිලා නිදාගන්න කියලද.. එතකොට උඹ හිතන්නේ මගේ ඇඳට එහා පැත්තේ ඇඳේ ඉන්න එකා කුණු කෙල පිටින් මල් ගහේ දල්ලටම නැගල දල්ලේ ඉඳන්ම මල් කඩාගෙන කඩාගෙන බහිනකොට ඒ සද්දෙට ඇහැරෙන්නේ ඇතුව ඉන්න මම කන්දෙක ගලෝල තියල නිදි කියලද.. යකෝ මේක ප්‍රජාතත්‍රවාදී රටක්.. 

හරි දැන් මම මොකක්ද කරන්න කරන්න  උඹේ නින්ද කැඩුවට. සමාවෙලා ඉතින් මුල ඉඳන් බුදියහන් සහනෝ බොරු නැතුව..

මුල ඉඳන් නිදියනවාද නැද්ද කියල මම තීරණයක කරන්නං...දැන් ඉතිංඇහැරුණු එකේ ගිහින් කන්න මොනවහරි අරන් වරෙන්  හොඳ එකා වගේ..

අනේ  පල යන්න මගෙන් මුකුත් නාහ.. මම තව ටිකක් නිදියන්න මේ හදන්නේ..අනෙක මට බඩගිනිත් නෑ..

විසල් මචං .. උඹට මම ඕන ඔට්ටුවක් අල්ලන්නම්..  උඹට දැන් තියා අද රෑටත් නින්ද යන්නේ නෑ බලපන් බොරුද කියල..

 ඒ මොකෝ බං ..

බලහන්කො ට්‍රයි එකක් දීල නිදාගන්න පුළුවන් වෙයිද කියල.. උඹ දන්නවනේ දිවුල්ගනේගේ සිංදුවක තියෙනවා "ඔබ හමුවූ දා පටන්.. මා හදවත අවදියෙන් " කියල.. ආන්න ඒ අසනීපෙ තමා දැන් උඹටත් මේ හැදීල තියෙන්නේ..එව්වයේ රෝග ලක්ෂණ තමා රාත්‍රියට නින්ද නොයෑම, තනියම සිනහ යෑම, බඩගිනි නොවීම.. එයින් දෙකක්ම මේ දැන් උඹට තියෙනවා.. අද රෑ වෙද්දී තනියම සිනහ යාමේ රෝග ලක්ෂණයත් පෙන්නුම් කරයි බොහෝ දුරට..

දැන් උඹ කියන්නේ මට මක් වෙලා කියලද..

විසලෝ.. උඹ උගුරට හොරෙන් බෙහෙත් ගිලින්න හදන්න එපා බං.. මට දුකයි උඹ ගැන.. උඹට අද තියා හෙට අනිද්දාවත් බඩගිනි නොවෙන එකේ මම මූණ හෝදගෙන ගිහින් මොනාහරි කාල එන්නං.. දැන් ඉතින් ආයේ මටත් නින්ද යනේ නෑ.. උඹට හරි ගියා කියන්නේ ඒ සන්තෝසෙට මටත් නින්ද යන්නේ නැති වෙන හැඩයි..

ඉපදිලා නැති දරුවන්ට කේන්දර හදන්නේ නැතුව යන අහක ගිහිං මටත් මොනාහරි අරන් වරෙන්..

හ්ම්.. හිටහන් මම ලෑස්තිවෙලා එන්නං..

සහන් ඇඳෙන් නැගිට නාන කාමරයට යාමත් සමග බෝඩින් කාමරයේ පැවතියේ දැඩි නිහඬ බවක්. කල්පනා සාගරයක අතරමංව උන් විසල් අග සිට මුලටත් මුල සිට අගටත් අනන්‍යා හමුවූ මුල්දිනයේ පටන් සිදුවූ සියලු සිදුවීම් මෙනෙහි කරන්නට වුනා. අනන්‍යා වෙත හිතේ පවතින හැඟීම සහ හිත විසින් අපේක්ෂා කරනා සම්භන්ධය හුදෙක් මිත්‍රකමකට එහා දිවයන්නාවූ යමක් බැවින් එයින් ලැබුවාවූ සිතුවිලිවල සුන්දරත්වය එතුවක් කාලයකට විසල් විසින් විඳ තිබු අත්දැකීමක් නොවන වග විසල් දැන උන්නා. එහෙත් ඒ සියලූම සුන්දර සිතුවිලි අභිභවා ඉහලට නැගෙන්නාවු අනන්‍යාගේ පවුල් පසුබිම විසල් නැවතත් බිමටම ඇදදමන්නට සමත්වුනා. අදට යොදාගත් හමුවීම අවසානයේ කුමනාකාර දෙයක් සිදුවේදෝ යයි වටහාගත නොහැකිවුනත් සිදුවන ඕනෑම දෙයකට මුහුණදීමට අවසාන තීරණයක පිහිටා විසල් දුරකථනය අතට ගත්තේ අනන්‍යාගේ දුරකථන අංකය ජංගම දුරකතනයේ මතක ගබඩාවේ සදහටම සටහන් කිරීමට. ඒ සමගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩය පැමිණියේ එසේ දුරකතනයේ මතක ගබඩාවේ සනිටුහන් වූ "අනන්‍යා " ගේ අංකයෙන්..

" අයියේ .. හවස හතරට විතර ගල්කිස්සේ බීච් එකට එන්න පුලුවනිද "

"හා  නංගි. මම එන්නම්."

"ප්‍රොමිස් නේද "

"ප්‍රොමිස්  නංගි."

"එහෙනං විසල් අයිය නිදාගන්න දැන් "

"දැන් ආයේ නිදාගන්න ඕන නැහැ අනන්‍යා 

"මම හින්ද නින්ද නැතිවුනා නේද . ටෙක්ස්ට් කරන්න ඔයාගේ සල්ලි යනවා අයියේ. අපි හවස කතා කරමු."

"හා එහෙනම් .. ඔයාට තෙරුවන් සරණයි.."

"ඔයාටත් තෙරුවන් සරණයි "

හිතේ සන්තෝසේ සල්ලි වලට ගන්න බෑ අනන්‍යා... කියල කියන්න ඕනෑ වුනත් විසල් එහෙම නොලියාම දුරකථනය පසෙකින් තබා අරමුණක් නැති සිතුවිලි දැහැනකට සම වැදුනා..

****************

සුදු දුව කෝ ඔයා..

අනන්‍යා... දුව ඔයා කොහෙද..

මේ ඉන්නවා අම්මා.. මම බැල්කනියේ..

ඇයි ළමයෝ කතා කරාම ඉන්න තැනකින් කතා කරන්න බැරි..

තම මවුතුමිය විසින් තමුන්ව විමසමින් ඉහල මාලයට පැමිණෙන හඬ අනන්‍යාට දැනුනත් අනන්‍යා පසුවූයේ සොඳුරු කල්පනාවක .. ඒ නිසාවෙන් තම මවගේ නෝක්කාඩු ස්වරයට පිළිතුරු බැඳීමට උවමනාවක් අනන්‍යාට තිබුනේ නැහැ.  එතෙක් සැහැල්ලුවෙන් වගකීම් රහිතව දුවපැන ඇ
විද්දාවූ තමුන්ගේ තාරුණ්‍යය එතෙක් කිසි දිනෙක නොවිඳි වූ සොඳුරු හැගීමක් ඉවකරනා සුන්දරත්වය විඳින්නට අනන්‍යාට අවශ්‍ය වුනේ තනිකම පමණයි. 

මොකද ළමයෝ මේ තනියම ඉඳගෙන කරන්නේ..

මම ඔහේ හිටියා අම්මා..

අනේ මන්ද.. වෙනද ඔහොම නැහැනේ ඔයා.. මොකක් හරි අසනීපයක්වත්ද..

පිස්සුද අම්මා.. මම ඔන්න ඔහේ හිටිය ..

ඒක නෙවෙයි.. අද හවස ඔයා කොහෙවත් යන්නේ නැහැ හොඳද..

ඒ මොකෝ අම්මා.. මම මාධවීට පොරොන්දු වුනා අද පොත් වගයක් ගන්න යන්න එනවාමයි කියල..

නැහැ.. නැහැ.. මාධවීට කෝල් කරලා ඒ වැඩේ කැන්සල් කරන්න .. ඒ ගමන හෙට යන්න පුලුවනිනේ..

ඇයි අම්ම එහෙම කියන්නේ..

දැන් දවස් ගානක් ජෙනිෆර් ආන්ටි කෝල් කරා ඔයා බලන්න එන්න ඕන කියල.. කොහෙද ඉතින් ඔයා එක මොහොතක් ගෙදර නැහැනේ හවස් වරුවේ..

ඉතින් අම්මා මම වැරදි ගමන් බිමන් යන්නේ නැහැ කියල අම්ම දන්නවනේ..

කව්ද දරුවෝ කිව්වේ ඔයා වැරදි ගමන් බිමන් ගියා කියල.. ඒත් ඉතින් ජෙනිෆර් ආන්ටි මෙහෙ එන්න අහනවා රාජීව් ලංකාවට ඇවිත් ඉන්න නිසා.. ඉතින් මම අද හවස එන්න කිව්වා..

මොකක්..

ඔව්.. ඇයි..

අනන්‍යා තම මවගේ පුදුම සහගත බැල්මෙන් තම දෙනෙත මුදවාගත්තේ ටිකක් විතර අසීරුවෙන්.


ඇයි අම්මා මගෙන් නාහ එයාලට මෙහෙට ඉන්වයිට් කලේ.. මම අද හවස මාධවී එක්ක යන්නම ඕන..

නෑ..නෑ..නෑ.. ඔයා අද කොහෙවත් යන්නේ නැහැ.. ඔයාගේ අනාගත මදරින් ලෝ ඔයාව බලන්න එද්දී ඔයා එයාලව මගෑරලා යන එක වැරදියි සුදු දුව..

මගෑරලා යනවා නෙවෙයිනේ අම්මා.. මම මාධවීට පොරොන්දු වුනා.. මට බෑ පොරොන්දුව කඩන්න..

ඕක මහා ලොකු දෙයක්ද දුව.. ඉන්න මම මාධවී දුවට කෝල් කරලා කියන්නම් එයාටත් මෙහෙ එන්න කියල..

එප්..එපා...එපා... මම ඒක කරගන්නම්.. අම්මත් දාන ලෙඩ..

ඔන්න ආයේ කියන්න තියන්න එපා සුදු දුව.. අද හවස එයාල මෙහෙ එනවා හොඳේ..

හා..

තම මව කාමරයෙන් නික්ම යාමත් සමගන අනන්‍යා තම ඇඳ වෙත වැටුනේ හිස ගිනිගත් විලාසයෙන්. පැයකට හමාරකට කලින් යොදාගත් හමුවීමත්, එම හමුවීමට තම සිත තුල පවතිනා ඕනෑකමත් , විසල් නැවත දැකගැනීමට හා ඔහු හා දොඩමලු වීමට තිබෙනා අධික වූ කැමැත්තත් ඇසුරු සැනෙකින් අමතක කර දමන්නට හැකි පමණට වඩා වැඩි දුරක තම සිත ගමන් කර තිබෙනා වග අනන්‍යාට දැනෙන්නට වුනා. එහෙත් විසල්ගේ හමුවීමත් එයින් තමුන් ලබනා නිරාමිස සුවයත් , තම ආදරණීය මවගේ විධානයත් තම නිදහස් මනසේ අවුල් ජාලයක් නිර්මාණය කරමින් සිටිනා වග අනන්‍යාට නොදැනුනා නොවේ. තම එකම ගැලවුම් කරුවාද , තම කල්‍යාන මිතුරුයද වන මාධවීගේ දුරකථන අංකය අනන්‍යාගේ සිහින් ඇඟිලි තුඩු වලින් එබී ගියේ උද්ගත ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අභිලාෂයෙන්..

රත්තරනේ... මාව බෙරගනින් මාධවී..

ඇයි මොකෝ රාජීව් උඹව මේ අද මේ දැන් කසාද බඳින්න යනවද..

අනේ විහිල්ලු නෙවෙයි මාධවී.. මේක ලොකු ප්‍රශනයක්..

හරි කියහනෝ බලන්න මා ගාව විසඳුමක් තියෙනවද කියල බලන්න..

මම අද කෙනෙක් හමුවෙන්න යන්න දාගත්ත.. ඒ අස්සේ ජෙනිෆර් ආන්ටි රජීව් එක්ක මෙහෙ එනවලු අද හවස..

ආව් ආප්පා.. උඹ කාව හමුවෙන්නද අද මේ තකහනියේ ඇපොයින්මන්ට් එකක් දුන්නේ.. මට හිතාගන්න බෑ කෙල්ල ගිහින් තියන දුර..

ඔව් ඔව් එයා තමා.. මම උදේ කෝල් එකක් දුන්න..

අනේ අම්මේ දැන් මට කියන්නේ උඹ වෙනුවෙන් එයාව හම්බෙන්න යන්න කියලනේ.. සිම්පල් වැඩක්නේ බං අනන්‍යා.. මම ගිහින් කොල්ල එක්ක රවුමක් දාල එන්නම්.. කව්ද ඉතින් විසල් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක අතින් අල්ලන් රවුමක් යන්න ආස නැත්තේ නෙහ්..

මාධවී..... මගේ ඔලුව ගිනි අරන් තියන වෙලාවේ උඹ මේ ළඟක හිටියනම් දැනගනින් උඹට මම කරන දේ..

හරි දැන් මම මොකද කරන්න ඕන අනන්‍යා..

මමයි අද ඒ අහිංසකයාගේ නින්දත් නැති කරලා කෝල් කරලා මාව හම්බෙන්න එන්න කිව්වේ.. ජෙනිෆර් ආන්ටි නෙවෙයි කව්රු එනවා කිව්වත් මම අද එතනට යන්න ඕන.. මට මේ වෙලාවේ උදව්වට ඉන්නේ උඹ විතරයි.. මම මොකද මාධවී කරන්නේ..

අපි විසල්ට කෝල් කරලා වෙන දවසකට දාගමුද..

බෑ..බෑ..බෑ.. මමයි එයාට එන්න කිව්වේ.. මට එයාව බලන්න යන්නම ඕන..

හරි.. මට මේ ප්‍රශ්නෙට උත්තර දීපන් අනන්‍යා..

මොකක්ද..

උඹ දන්නවද උඹ මේ කරන්න හදන වැඩේ බරපතලකම..

ඔව්..

මම කියන්නේ ජෙනිෆර් ගෑනිව හම්බෙන්නේ ඉන්නේ නැතුව ගෙදරින් මාරුවෙන එක නෙවෙයි අනන්‍යා.. විසල් හම්බෙන්න යන එක ගැන ......උඹට පුලුවනිද ඉස්සරහට එන ප්‍රශ්න පත්තරේට උත්තර හොයන්න..

ඔව්.. මට පුළුවන්..

රෑ නිදි මරාගෙන උගුර වේලෙනකම් සිංදු කියල ජීවිතේ ගැටගහගන්න ඒ අහිංසක කොල්ලගේ හෙට දවසට උඹ වගකියනවා කියල උඹේ හිතට පොරොන්දු වෙන්න පුලුවනිද අනන්‍යා..


ඔව්..ඔව්..ඔව්.. මම පොරොන්දු වෙනවා මාධවී... මාව අඩවන්නේ නැතුව මට ගෙදරින් පැනගන්න විදිහක් හිතපන් මාධවී..

හොඳටම ෂුවර්ද..

ඔව් හොඳටෝම..

උඹට මේ තියන සැප සම්පත් ඔක්කොම නැතිවෙන්න පුළුවනි.. හොඳට හිතපන් අනන්‍යා.. උඹට බැරිනම් අද උඹේ අනාගත ඉන්ලෝ ජෙනිෆර්ව 
පිලිගනින්.. පුලුවනිනම් හොඳට හිතල තීරණයක් අරන් මට කියපන්.. උඹ මේ පනින්න හදන්නේ පීනන්න.. මැරෙන්න හරි එගොඩ පීනන්න පුලුවනිනම් විතරක් මට කියපන් අනන්‍යා.. උඹ මගක් ගිහින් ආයේ මෙගොඩ පීනනවානම් ප්ලීස් ඒ අහිංසක කොල්ලට පාඩුවේ ඉන්න දීපන්..

ප්‍රොමිස්..

මොකක්ද..

මම මැරුණත් විසල් දාල යන්නේ නැහැ.. 

හොඳට විශ්වාසද..

ඔව්.. සත්තයි.. මට කවදාවත් මෙහෙම දෙයක් දැනිල නැහැ මාධවී.. 

ඒ කියන්නේ උඹ විසල්ට ලව්..

ඔව්.. ලව් කියනවට වඩා ආදරෙයි කියන වචනේ එතනට ගැලපෙනවා මාධවී.. එතන තියෙන්නේ ලව් කියන වචනෙට වඩා එහා ගිය බැඳීමක්.. මම ඒ බැඳීමට ආසයි.. මම හිතනවා එක තමා කියල ආදරේ කියන්නේ..

මගේ අම්මෝ.. උඹ දැන් හෙන දාර්ශනිකයෙක් වෙලානේ..  හරි උඹ අද එතකොට විසල්ට  උඹේ හිතේ තියන දාර්ශනික හැගීම ගැන කියනවද..

ඔව්.. අද මම කියනවාමයි.. හිතේ තියන් හිටිය ඇති.. 

මගෙන් උණුසුම් සුභපැතුම් අනන්‍යා.. විසල් උඹට ආර්ථික අතින් නැතුව අනික් හැම පැත්තෙන්ම ගැලපෙනවා.. මට හරි සතුටුයි.. ඒත් බයයි මේකෙන් උඹට දුක් විඳින්න වෙයිද කියල ..... ආයේ හිතල හිතල හිතල තීරණයක් ගනින්.. මම උඹට ගෙදරින් පැනගන්න විදිහක් හිතන්නම්..

ෂුවර් නේද..

හ්ම්..

එහෙනම් මම තියනව..  හිතල මට කෝල් එකක් දියන්..

ඒ ගමන මොකෝ මේ හදිසිය..

නිකම් බන්..

හා හා.. දැන් ඉතින් කල්පනා ලොව මල්වනේ... සිහින රජදහනේ.. කිව්වලු.. ඔන්න මම තියනව එහෙනම්.. බායි..

බායි..

සංවාදය අවසන හිතේ තිබුනාවූ බර සැහැල්ලු වූ ස්භාවය අනන්‍යාට දැනුනා.. එසැනින්ම නැවතත් මනසට නැගුනා වූ ඒ සොඳුරු සිතුවිලි සමුදාය අනන්‍යා නැවත වරක් කල්පනා සාගරයක ගිල්වනු ලැබුවා. ඒ සාම සිතුවිල්ලක් තුලම සිටි සොඳුරු ආදරණීයයා විසල්ම පමණයි..

**************


කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි



කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටම වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගෙයි අගෙයි ඔබ මටම අගෙයි..

******************

ඊළඟ කොටසින් හමුවෙමු ..

56 comments:

  1. සූටික්ක වගේ මමත් කියවල එන්නම්...😂😂

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් සීතල කරපු වාහන නෑ හරිද .. ඒ හින්ද බස් පාරක් ආසන්නයේ තියන තැනකට හරි ත්‍රී වීල් කටුවක් යන්න පුළුවන් තැනකට හරි නම් මම එන්නං...😬😬😬උබ සුජීව ප්‍රසන්න වගේ මේ විදියට කොල්ලව බාල්දු කරන්නෙපා බන්.එහෙම කොල්ලො ඉන්නෙ සුජීවගෙ කතා වල විතරයි.උබේ පොස්ට් දෙකෙන් එකකට place එකක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 👏👏😃

      Delete
    2. සූටික්කගෙ තියරි එක මරු බන් ප්‍රසා.හැබැයි මම ඉක්මනින් කිමොන්ටුවක් දැම්ම.සූටික්ක තවමත් කියවනවද කොහෙද 😬

      Delete
    3. සූටික්ක කොහොමත් ඔහොමයි , උදේම කතාකරල් හවසට සෙට් වෙමු කියල, හවසට හොයාගන්නත් නෑ.

      Delete
    4. මොකද්ද අවුල..... ?
      තාම කියවන්ඩ පටං ගත්තේ නෑ .....
      කොහෙද ඉතිං .... අරක්කුයි මුරුක්කුයි පරක්කුයි නේ.....

      Delete
    5. අර්ක්කුයි මුරුක්කුයි...නරකම නෑ

      Delete
    6. මෙන්න බොලේ සූටික්ක අවිල්ලෝ.. සූටික්ක එනකම් බලාගෙන සිටි සැමටම හද පිරි මෙව්වා එක..

      Delete
  2. ම් හරිම ලස්සනට ගලා ගෙන යන කතාවක් .....අම්බලන්ගොඩ අයියේ මම නම් “ good morning" කිව්වම "good evening" කියනවා එහෙම හොදයි නේද ? නෑ මම මේ නිකමටයි ඇහුවේ ..

    ReplyDelete
    Replies
    1. හොදා හොදා කවුද නාකයි කිව්වෙ 😎

      Delete
    2. හා මේ තඩි අය්යනේ.. හොඳා හොඳා..

      Delete
    3. කිරි හොදාද???හික්ස්...

      Delete
    4. ස්තුතියි නෙතු..

      ඔය ගුඩ් මෝර්නින් කිව්වාම ගුඩ් ඉව්නින් කියවෙන ප්‍රශ්නෙට ඔයාගේ සිස්ටම් රීසෙට් කරන්න වෙනවා..

      සෙට්න්ග්ස් වලට ගිනින් ෆැක්ටරි රී සෙට් කරලා බලන්නකෝ.. බොහෝ දුරට නුහුගුන ගතිය ඇරිලා යාවි.. හරි නොගියොත් කියන්නකෝ.. වෙන විදිහක් බලමු..

      Delete
    5. ම්හ් බැලුවා රී සෙට් කරල හරියන්නේ නෑ ...ඉර පායන විදියෙ අවුලක් තියෙන්නේ රට මාරු කරන්න වෙනවා....හහ් හහ් හා..

      Delete
  3. ගිනි අවි සහ ගිනි කෙළි පටන් ගන්නයි යන්නේ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ලොකු පුතේ.. බලමු ඉදිරියට

      Delete
  4. අයියයි නංගියි? දැන් සහෝදරයොත් ලව් කරනවද බං. මොකක්ද මේ උඹ කරන පට්ට ගෝත්‍රික නාමකරණය.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද අංකල්. දැං අංකල්ලයි කාලෙ ඉවරයිනෙ.

      Delete
    2. ඒ ආමන්ත්‍රණය වැරදියි වගේ තමා ඒත් අපි ගොඩක් උන් සීන් එකට එන්ටර් උනේ අයිය පාට් එකෙන්නෙ. මටත් ඔය වෙනත් නමකින් කතාකලොත් මම නොවන මම වගේ තමයි.

      Delete
    3. ඔය ඔයා කියන්නේ වෙන සීන්ස් එකක්...... හරිය....

      Delete
    4. සදු මට අයියා කියලා කතා කරන්නේ මම ඒකට කැමති

      Delete
    5. හරි හරි බන් හැලප අයියේ.. සමහරු අයිය නංගි කියනවා යාලු වෙන්න කලින්.. ඊට පස්සේ තමා අම්මි තාත්ති කියන්නේ.. ඊළඟට ඔයා ...පස්සෙන් පහු ඔහේ, ඕයි, මේ ඇහුනද..වගේ එව්වා වේදිකාවට එනවා..

      Delete
    6. මේ තේරිලා තියෙන්නේ අපේ ප්‍රසන්නට.. නෙහ්.. ප්‍රසන්නලා ඉතින් තාම දහ අටේ විස්සේ කොල්ලොනේ.. (හිතේ ඇති )

      Delete
    7. කම්මලේ ඇත්තම කියල තියෙන්නේ ..

      Delete
    8. මොකක්ද බන් සූටික්කෝ ඒ කියන සීන් එක..

      Delete
    9. ඈ බන් මෙන්ඩෝ.. එහෙම අයිය කියල ඇහෙනකොට තාම නිකම් කොල්ල කාලේ හාමිනේට ට්‍රයි කරන ෆීලින් එකක් එනවා ඇති නේහ්.. ඒකත් නරකම නැහැ බැලුවාම.. ඔව්ව ඉතින් යම් යම් උත්තේජනයන් සපයන වචන වෙන්නත් ඇතිනේ..

      Delete
  5. හේහ්... එහෙනං වැඩේ බරපතල විදියට දුරදිග යන්න වගේ හදන්නෙ.
    සහනට ළඟදිම අලුත් බෝඩිමක් හොයාගන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මූ හිටපු බෝඩිමකිනුත් මූව පැන්නුව ප්‍රසා.ඒකට මේ කතාව සම්බන්දද දන්නෑ

      Delete
    2. හම්මට... ඒ කියන්නෙ මූ එකට ඉඳලත් විසල්ට කෙලෝල ද? හැක්..

      Delete
    3. මමනං හෙන අහිංසකයි බං 😉

      Delete
    4. වැඩිය බරපතලේට ගන්න එපා බන් ප්‍රසන්න.. බෝඩින් ඔය ඕන තරම් තියෙන්නේ..

      Delete
    5. ඈ බන් චමිලයෝ.. උඹ මට මඩ ගහනවා නේද.. මම කවද්ද බොල බෝඩින් වෙලා හිටියේ.. මම බෝඩින් වෙලා හිටියනම් බෝඩිමේ අන්කල් හිඟන්න වෙනවා මට තුන්වේල කන්න දීල..හෙහ්..

      Delete
    6. ප්‍රසන්නයෝ.. උඹ චමිලයාගේ ලනු කන්නේ නැතුව කොමෙන්ට් එකක් දාගෙන පාඩුවේ හිටහන් බං..

      Delete
    7. අප්පේ උඹේ අහිංසකකම.. උඹ වැඩියෙන්ම අහිංසක නිදාගන්නකොට..

      Delete
  6. Replies
    1. ස්තුතියි අමරින්..

      Delete
  7. මේ අනන්‍යාලා හෙන වාත කේස් අප්පා මේකෙ එකියක් වද දෙනව තව එකියක් නිදහස් සිතුවිලි වල වද දෙනව එක දිගට කියවගෙන යන්න නෑනෙ දෙකෙන් එකක්වත් :)
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. අනන්‍යා.. කියන්නේ මේ දවස්වල සෑහෙන්න ෆේමස් චරිතයක්..

      Delete
  8. කතාව අගෙයි..........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු.. කාලෙකින් මේ පැත්තේ..

      Delete
  9. Replies
    1. ස්තුතියි මෙන්ඩෝ..

      Delete
  10. සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා වලට ටිකක් ලගින් යනවා ..
    මොනවා උනත් මරු
    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමුදු

      Delete
  11. ලැබුනාවු සම්මානයට උණුසුම් සුභ පැතුම් ...!!!

    ReplyDelete
    Replies
    1. කනගාටුයි ඇනෝ.. ලියලා අවසන් නොකරපු කතාවට සම්මානයක් ලැබීම සතුටට කාරණයක් නෙවෙයි.. බොහොම ලොකු අවමානයක්..

      Delete
  12. මේකේ ඉතුරු ටික ලියපන් ..

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕන බන් මෙන්ඩෝ..

      Delete
  13. ඊට පසුව දෙන්නා සෙට් වෙනව...කොල්ලාට තාත්තාගේ company එකේ රස්සාවවක් දෙනව...අන්තිමට තාත්තාට මාට්ටු වෙලා කොල්ලාව posh කරන්න රට යවනව..ලියුම් හංහලා දෙන්නා breakup වෙනො...පසුව කොල්ලා මෙහේ ඇවිත් හොයද්දි වැඩේ චොර කෙල්ල බැදලා 😂😂😂😂😂 මේම වෙයිද කතාව ... ඉතාම කෙටියෙන්... 😆

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් ලංකාවේ සුප්‍රසිද්ධ කතාවක්නේ.. මේකේ එහෙම වෙන්නේ නෑ..

      Delete
  14. ඊලග කොටසත් ඉක්මනට ලියපන්.ලස්සන කතාව කියවන්න පුල පුලා බලන් ඉන්නවා මචං

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියන්නම්කො.. ස්තුතියි කමෙන්ට් එකට..

      Delete
  15. Dan welawa 2.28am. Meka eka husmata kiyeuwa. Patta kathawa. Ikmanata ithuru tikath liuwa nam thama hithata sathutu coz iwasima hari adui appa me dawas wala.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්කො..

      Delete