ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..1
http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html
මාගේ අහිංසක රුපියල් පහළොව සාක්කුවේ දමාගත් කෝට් බෑයා එතනින් නික්මගිය වහා නැවතත් මාගේ උත්සාහය ඌ කැඩූ තැන හිටන්ම නැවතත් නින්ද වෙත සැපත් වන්නටය. කෝච්චියේ ඩක ඩකස් ශබ්දය ගෙදර කාමරයේ විදුලි පංකාව තරමටම කනට හුරුපුරුදු බවක් දැනෙන්නේ පැය ගණනාවක් පුරා නොනවත්වා ඇසෙන්නාවූ එකම ශබ්දය එය නිසාය. ඔලුව උඩින් කෝච්චියක් ගියත් නින්ද ඕනා වෙලාවට නින්ද යන මොඩලයේ එකෙකු වන මට දැන් කෝච්චිය වම් කනෙන් ඇතුළුවී දකුණු කනෙන් එලියට ගියත් කිසිදු ගානක් නැතිවා වාගේය. රැයක් පුරා නිදිවරාගෙන පැමිණ, බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් පිටත්වූ මාගේ සිහින සියල්ල සැබෑවක්ව මාගේ ඇස් ඉදිරිපිටය. දින තුනක් පුරා කෙරෙන්නාවූ දුම්රිය ගමන ඇතුලත මා හට කරන්නට විශේෂ රාජකාරියක් නොමැතිය. හරහට යකඩපොලු ගැසූ දුම්රිය කව්ලුවෙන් එළිය පෙනුනා වුනාට, ඉදිරිය පෙනෙන්නේ වංගුවක් ගන්නා විට පමණය. ඒ නිසාවෙන් දුම්රිය රියදුරා අපවත් ඇදගෙන කොයි ලොව යනවාදැයි මා දන්නේ නැතිය. රාත්‍රී කාලය වන බැවින් දුම්රිය ගමන් කරන්නේ උතුරටද දකුණටද යන්නවත් මා දන්නේ නැතිය. මා දන්නා එකම දෙයනම් ඇඟේ රෝම කූප කෙලින් වන්නාවූ වේගයකින් දුම්රිය ගමන් කරනා බව පමණය.
කෝට් බෑයා විසින් නිරපරාදේ කඩා දමන ලද්දාවූ මාගේ නින්ද නැවත මා වෙත ලංවුයේ බොහෝ වෙලාවක් ඩක ඩකස් ශබ්දය සමග දෝලනය වූවායින් අනතුරුවය. ඉස්සරින්දා රාත්‍රියේ ගෙදරින් කෑ අම්මාගේ බත් කටට පසු කිසිදු රසක් ගුණක් තිබෙන්නාවූ ආහාරයක් බඩට වැටී නොමැති අධික කුසගින්නත්, එතෙක් මෙතෙක් විඳි සියලු දුක් ගැහැටත් නිසාවෙන් තෝන්තුවට පත්වූ හිතත් අතර දෝලනයවූ සිතුවිලි වලට නින්ද ලඟාවූයේ පැය ගණනාවක් පුරා නොකඩවා ඇසෙනා ඩක ඩකස් ශබ්දයට මද විරාමයක් ලබාදෙමිනි.
********************************
#%#$@#^%#^^#&$%$#^
එවර ඇසෙන්නේ වෙනත් භාෂාවක් කතා කරනා ශබ්දයකි. කතා කරන්නේ කව්දෝ කියා මතකයට නැගෙන්නේම නැත. වටපිටාවෙන් ඇසෙනා ඩක ඩකස් ශබ්දය මා වෙත මතක්කර දෙන්නේ මා ඉන්නේ උතුරු ඉන්දියාව බලා ඉගිලෙන්නාවූ ගන්දිදම් එක්ස්ප්‍රස් දුම්රියේ යන්නයි. පෙරදා රාත්‍රියේ සාර්ථක ලෙස නිමකරනා ලද පගා ගනුදෙනුවට පසු රුපියලකුදු මා ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවට ණය නොමැති වග සක්සුදක් සේ දන්නවා වුනාට කව්දෝ එකෙකු මාගේ කණ ගාවින් නොදන්නා දමිල භාෂාවෙන් මොනවදෝ කියා කෑ ගසනවාය. මා වෙත එක්වරම මතකයට ආ සිතුවිල්ල නම් ඊයේ රාත්‍රියේ රාජකාරි කරන ලද කෝට් බෑයා වෙනුවට උදෑසන වෙනත් එකෙකු අවිදින්දෝ යන්නය. එහෙම අලකලංචියක් වීලා නම් මට වෙන්නේ තවත් වතාවක් පගා ඩීල් එකක් ගසන්නටය. එවන් ණය කරුවකු හැරුණකොට මේ යකඩ ගොඩ ඇතුලේ මා අවදි කරවන්නට උවමනාවක් ඇති අයෙකු ඉන්නට නොහැකිය. ලෝකයේ කොතැනක ගියත් අම්බලංගොඩ එකෙකුද, මුස්ලිම් ජාතිකයකුද සෙවීම අසීරු කාර්යයක් නොවේ යන කතාව ඇත්ත කරමින් කව්රුන් හෝ මා දන්නා එකෙකු කෝච්චියේ ඉඳලා වත්දෝ යන්න ඊළඟට පැමිණි සිතුවිල්ලය. එහෙත් අම්බලංගොඩ එකෙකු කෝච්චියේ ඉන්නවානම් ඌ දෙමළෙන් කතාකරන්නට විදියක් නොමැතිය. ඔලුවේ එහාටත් මෙහාටත් පාවෙන ප්‍රශ්ණාර්ථ වලට පිළිතුර නම් බොරු නින්දෙන් ඇහැරී බැලීමය..
අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ... හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ...
සාර විට විකුනනන ඇඳුමට සමාන ඇඳුමක් ඇඳි පුද්ගලයෙක් මා ඉදිරිපිටය. සුදු පැහැති ඇඳුමේ උරහිසේ රත්තරං පාට බොත්තම් ගෙත්තම්ය..ඊට උඩින් රතු පාට වෙස් කෝට් එකක් ඇඳලාය.. රැවුල උඩට කරකැවූ වයස පනහ ඉක්මවූ පෙනුමක්ය.. එහෙත් සාරවිට තට්ටුවක් බෙල්ලේ එල්ලගෙන නොමැතිය.. අතේ තිබෙන්නේ කුඩා පොත් පිංචක් සහ පෑනක් මණය.. ඔහු මා දිහා බලා කියවනා කිසිදු මලදානයක් මට තේරෙන්නේ නැත්තේ ඔහු මා සමග කතා කරන්නේ දමිල භාෂාවෙන් නිසාය..මා කෝකටත් කියා කිහිපවරක් ඇස් පිසදමා නැවතත් ඔහු දිහා බලන්නේ මේ පෙනෙන්නේ හීනයක්දෝ කියා තහවුරු කරගැනීමටය.. එහෙත් සාරවිට බුවා තවමත් මා ඉදිරිපිටය.. කෝච්චියේ ඉන්නා අනෙකුත් සියලුම දෙනාද මා දිහාව කන්න වාගේ බලා සිටිනවාය..
#$%#^@&^^$&$%@@
අයි ඩෝන්ට් ඇන්ඩස්ටෑන්ඩ් යුව ලැන්ග්වේජ්.. ප්ලීස් ස්පීක් ඉංග්ලිෂ්..
සොරි සර්ර්ර්ර්ර්ර්ර් .. වී ආර්ර්ර්ර්ර් කලෙක්ටින් බ්‍රෙක්ෆස්ට් ඔර්ඩර්ස්.. වට් යූ නීඩ් ෆොර්ර්ර්ර්ර්ර් බ්‍රෙක්ෆස්ට් ..
නින්දෙන් ඇහැරවා මාගේ සැප නින්ද කැඩුවද මේ ඇහෙන්නේ රස නහර පිනායන ආරන්චියක්ය.. දුම්රිය එන්ජිම පෙට්ටි පිටින්ම ගිල දැමීමට තරම් බඩගින්නකින් දැවෙන්නාවූ මා වෙත සිල්පර කොටයක් තම්බා දුන්නද මා එය කා දමන්නට දෙවරක් සිතන්නේ නැතිය..
වට් කයින්ඩ් ඔෆ් ෆූඩ්ස් යූ හැව්..
වී හැව් රොටී.. දෝසා.. චපාති...පරාටා.. විත් මික්ස් වෙජිටබල් කරී ඔර්ර්ර්ර්ර්ර් චිකන් කරී.... ඔල්සෝ වී හැව් බ්‍රෙඩ් බටර්ර්ර්ර්ර්ර් ...
මේ දැවෙනා බඩගින්නේ ස්භාවයට බ්‍රෙඩ් බටර් කනවානම් බටර් නොමැතිව බ්‍රෙඩ් ගෙඩියක් සමග හොදි බාල්දියක් ඕනෑය.. එහෙම ඉල්ලන්නට මා වෙත දිව නැවෙන්නේ නැත්තේ මාගේ හොදි කෑමේ වේගයට හොදි ඉල්ලන්නට ගියහොත් මට අහමදාබාද් යන්නට වෙන්නේ නැති වග සක්සුදක් සේ මා දන්නවාය..
ඔකේ.. ගිව් මී ත්‍රී පරාටා ඇන්ඩ් චිකන් කරී..
ඕකේ සර්ර්ර්ර්ර්ර්ර් ... ෆෝ ෆිෆ්ටි...
මා දුන් රුපියල් පහේ ඉතුරු සත පනහ සාරවිටයා බලෙන් සාක්කුවේ දමාගත්තේ දිස් ඉස් මයි ටිප් කියා දැනුම් දීලාය.. සතපනහක් රුපියලක් ටිප් එක වශයෙන් දෙන එක මගේ යුතුකමක් වග දන්නවා වුනත් ටිප් එක බලෙන් ගන්නා රටක් මා ඉන් පෙර අසා නොමැතිය.. සාරවිටයා එතනින් නික්මගිය වහා මා ආසනය යටට එබී බැලුවේ මාගේ සාගත මල්ල යහතින් තිබෙනවාදැයි කියා සැක හැර දැනගැනීමටය..ආසනයේ යකඩ කකුලට සමග යකඩ දම්වැලෙන් කසාද බන්දා තිබෙන්නාවූ මාගේ සාගත මල්ල සුරක්ෂිතව තිබෙනවාය..දුම්රියද ඇඟේ රෝම කෙලින් වෙන වේගයෙන් උතුරු ඉන්දියාව බලා ඉගිලෙනවාය.. මැදිරියේ ගමන් පහසුව සලසාගන්නා නිදන මැදිරි වල උන් මගීන්, ගැහැණු පිරිමි බේදයක් නොමැතිව එකා පසුපස එකා සුදු යකඩ ජෝගුවක් රැගෙන මැදිරියේ වැසිකිලියට රිංගනවාය. දත් බුරුසුවකුත් තවත් මොකක්දෝ සුදු යකඩ පටියකුත් ඒ ජෝගුව ඇතුලේ තිබෙනවාය. සමහරුන්ගේ අතේ සබන් පෙට්ටියක්ද තිබෙනවාය.. කරේ තුවායක්ය.. ඊට අමතරව ජෝගුවේ තිබෙන්නේ මොනවාදැයි කියා එබී බලන්නට මට බලවත් කුතුහලයක් ඇතත් එවන් විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ගුටි පෝලිමක් කන්නට සිදුවුවහොත් මා බේරාගන්නට මාගේ ඥාති හිතමිතුරු කිසිවෙකු මේ දුම්රියේ නොමැති නිසා මම ඒ කුතුහලය අසීරුවෙන් ඉවසා සිටිනවාය.
දත් බුරුසුව ගෙනයන්නේ දත් මදින්නටය.. තුවාය මුහුණ පිසදැමීමටය.. සබන් ගැන විවාදයක් නොමැතිය.. ජෝගුව ගෙනයන්නේ වැසිකිලියේ වතුර බොන්නට නොවුනත් වැසිකිලියක් ඇතුලේදී ජෝගුවකින්ත් ඇති ප්‍රයෝජන බොහොමයක් ඇති නිසා ජෝගුවද කුමක් හෝ කාර්යක් වෙනුවෙන් යයි කියා අත්හැර දැමිය හැකිය. එහෙත් කලින් සඳහන් කරන්නට යෙදුනු සුදු යකඩ පටියෙන් කරන්නේ කුමක්දැයි යන්න හිතාගන්නට කිසිසේත්ම විදිහක් නොමැතිය. මා එවැනි ආම්පන්නයක් දුටු පළමු අවස්තාව එය බැවින් වැසිකිලියක් ඇතුලේ කරන්නා වූ සියලුම ක්‍රියාකාරකම් අරබයා මා එම සුදු යකඩ පටිය ආදේශකොට විවිධාකාර සිතුවිලි එහාටත් මෙහාටත් පෙරලනවාය..එහෙත් මාගේ කාර්මික ඥානයට එම සුදු යකඩ පටියෙන් කෙරෙන්නාවූ ශරීරකෘත්‍යයක් ගැන කිසිදු වැටහීමක් දැනෙන්නේම නැතිය. වයසක ලොක්කෙකුට ලං වී "මාමේ මේ පටියෙන් මොකක්ද බං කරන්නේ" කියා අසන්නට තිබ්බ වුනත් ගමේ රටේ නොවන බැවින් අපහසුවෙන් වුවත් මාගේ කුතුහලයට නැවතීමේ තිත තබන්නට මට සිදුවෙනවාය.. එවන් සිතුවිලි සමුදායක් ඔලුවේ එහාට මෙහාට කරකැවෙන අල්ලපනල්ලේ ගන්දිදම් එක්ස්ප්‍රස් සුවුස්හාල දුම්රිය ස්ථානයකට සැපත්වී නවත්වන්නේ උදෑසන නඩත්තු හෙවත් දුම්රියට ජලය පිරවීමට වැනි අත්‍යවශ්‍ය දෑ සිදුකිරීමට වග මා දැනගන්නේ දුම්රිය එම නැවතුමේ පැයක් වැනි කාලයක් නවත්වා තිබෙනා නිසාය..
එම දුම්රියපොළේ වේදිකා බර ගානක්ය. මා උපන්තේකට දැක ඇති විශාලතම දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය වුවාට මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුව මෙන් දෙතුන් ගුණයක් විශාලය. ගණන් කරන්නට බැරි තරම් වේදිකා වල දුම්රියන් නවත්වලාය.. මා සිටිනා ආසනයට දෙපැත්තෙන්ම පෙනෙන්නේ අඩි පහක් වැනි පරතරයකින් එහා පැත්තේ වේදිකාවේ නවතා තිබෙන අනෙක් දුම්රියේ මගීන්ද උදෑසන රාජකාරි වෙනුවෙන් ලක ලැහැස්තිවෙන දර්ශනයය. සමහරුන් වැසිකිලි පෝලිමේය.. සමහරුන් නින්දේය.. ගැහැණු උදවිය කොණ්ඩා පීරනවාය.. පුංචි දරුවන් ජනේලයෙන් එලියට මුත්‍රා දමනවාය.. සමහරුන් උදෑසන ආහාරය බුක්ති වින්දිනවාය.. එහෙත් මා වෙත දැනෙනා දැවෙන ප්‍රශ්නය නම් නාසය වෙත දැනෙන්නාවූ අප්‍රසන්න සුගන්ධය කුමක්දැයි යන්නය. කෝච්චිය පුරා එහාටත් මෙහාටත් යන්නාවූ තේ විකුණන පිරිසගේ ඝෝෂාවෙන් කන් දෙක ගොඩවෙලාය.. මගීන්ගේ දෛනික රාජකාරි කෙරෙනා අල්ලපනල්ලේ මා සිටිනා ආසනයටද උදෑසන ආහාරය ගෙනවිත් බෙදා දෙන්නේ දුම්රිය භෝජනාගාර සේවකයින් හෙවත් මා නින්දෙන් ඇහැරවූ සාරවිට කණ්ඩායමේ හාදයෙක්ය.
සුදු යකඩ පිඟානක තිබෙනා මාගේ උදෑසන ආහාරය මා ඉදිරිපිටය.. පරාටා තුනත්, කුකුළු මස් ව්‍යංජනයත් මාව කාපන් කියා මා වෙත ආරාධනා කරනවාය. පරාටා ගෝනියක් සමග කුකුළු කොටුවක්ම කන්නට තරම් කුසගින්න බලවත්ය..
එහෙත් ප්‍රශ්නය නම්, පෙරදා රාත්‍රියේ ගෙදරින් පිටත්වූ පසු මා දත් මැද මුහුණ සෝදා නොමැති වීමය. දුම්රිය එන්ජිමක් ගිලදැමීමට තරම් කුසගින්නකින් පෙලෙනා මට අවස්ථාවේ හැටියට දත් මැදීම සහ මුහුණ සේදීම න්‍යාය පත්‍රයෙන් කපා හැරීමට හැකි වුවත්, දෙඅත් නොසෝදා ආහාර වළඳන්නට හිත හදාගන්නට නොහැකිය. ඒ මන්ද යත් අම්බලංගොඩ සිට ගන්දිදම් එක්ස්ප්‍රස් දක්වා තිබෙනා ජ්‍යාත්‍යන්තර කුණු තට්ටුවක් මාගේ දෙඅත් පුරා තිබෙනා වග මා සක්සුදක් සේ දන්නා නිසාය.
එහෙත් ප්‍රශ්නය නම්, පෙරදා රාත්‍රියේ ගෙදරින් පිටත්වූ පසු මා දත් මැද මුහුණ සෝදා නොමැති වීමය. දුම්රිය එන්ජිමක් ගිලදැමීමට තරම් කුසගින්නකින් පෙලෙනා මට අවස්ථාවේ හැටියට දත් මැදීම සහ මුහුණ සේදීම න්‍යාය පත්‍රයෙන් කපා හැරීමට හැකි වුවත්, දෙඅත් නොසෝදා ආහාර වළඳන්නට හිත හදාගන්නට නොහැකිය. ඒ මන්ද යත් අම්බලංගොඩ සිට ගන්දිදම් එක්ස්ප්‍රස් දක්වා තිබෙනා ජ්‍යාත්‍යන්තර කුණු තට්ටුවක් මාගේ දෙඅත් පුරා තිබෙනා වග මා සක්සුදක් සේ දන්නා නිසාය.
දෙඅත් සෝදන්නට නම් වැසිකිලි පෝලිමේ ස්ථානගත විය යුතුය. පවතින වැසිකිලි කාලගුණය අනුව දැන් පෝලිමට එකතු වුවහොත් පැය භාගයක් වැනි කාලයක් පෝලිමේ රැදී සිටියයින් අනතුරුව දෙඅත් සෝදාගත හැකිවනු නොවනුමානය.
*****************************
මෙතනින් එහා මේ පෝස්ටුව කියවනා පාඨකයින් ආහාර ගැනීමට අදහස් කරන වෙලාවක්නම් මෙතනින් එහා කියවන්නට පෙර ආහාර ගැනීම අවසන් කර සිටිනා ලෙස මා පුද්ගලිකව ඉල්ලා සිටින්නේ මෙතනින් එහා ලියවෙනා දෑ පාඨක ඔබගේ ආහාර රුචිය සුනුවිසුනුකොට දැමිය හැකි නිසාය.. පාඨක ඔබගේ යහපත වෙනුවෙන් මා එසේ සඳහන් කරන්නේ මින් මතු ලියවෙනා කොටසේ සඳහන් දෑ කියවා අවසන " නොදෝකින් මූ බත් ටික කන එකත් නැති කරා " කියා මා වෙත චෝදනා කරන්නට ඉඩ තිබෙනා නිසාය. අපේ සහෝදර බ්ලොග් කරුවෙකු වන "යාන් හෑල්ලේ " සුරන්ගයා වැනි ආහාර පුරුදු ඇති පාඨක උදවිය වෙත්නම් මෙතනින් එහා පෝස්ටුව කියෙව්වේ නැති වුවාට මාගේ අමනාපයක් නැතිය..
මෙම ලිපි මාලාවේ කලින් ලිපියට කමෙන්ට් කරනා ලද Tilan AthurJuly 15, 2016 at 10:10 PM මිත්‍රයා හැකිනම් එම කොමෙන්ටුවට අදාළ පිළිතුර කියවා මා වෙත ඊ මේලයක් එවන්නේනම් ඔබට මගහැරී තිබෙන ඔබගේ මිතුරාගේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඔබට ලබාදෙන මෙන් ඔබගේ මිතුරා මා වෙත ඉල්ලීමක් කර ඇත..
******************************
මාගේ පාතරාසය මාගේ උකුල උඩය.. දැන් තිබෙන්නේ අත් සෝදන්නට වැසිකිලි පෝලිමේ ඉන්නවාද එසේත් නොමැතිනම් ඌරන්ට මොන සෞඛ්‍යද කියා හිතාගෙන පරාටා තුන සහ කුකුළු ව්‍යංජනය එක කටට ගිල දැමීමය.. එහෙත් මාගේ සංසාර කරුමයට එහා පීල්ලේ නවතා තිබෙනා දුම්රිය නලාව හඬවා පිටත්ව යන්නේ ඒ අල්ලපනල්ලේය..
එහා පීල්ලේ දුම්රිය පිටත්ව ගිය වහා කලින් දැනුනා වූ දුර්ගන්දය වඩ වඩාත් දැනෙනවාය.. මා දැන් මා සිටිනා මැදිරියේ අවට බිම විපරම් කරන්නේ කව්රුන් හෝ අසූචි ගොඩක් පාගාගෙන ඇවිල්ලාවත්දෝ යන්න සැක හැර දැනගැනීමටය.. නවතා තිබෙනා දුම්රියේ මැදිරි පුරා නීල මැස්සන්ද ඉගිල යනවාය.. නීල මැස්සන් කඳවුරු බඳින්නේ කුමක් අරබයාද යන්න පැහැදිලිව දන්නා නිසාත් නාසයට දැනෙනා දුර්ගන්ධය අවසාගත නොහැකි මට්ටමක නිසාත් පරාටා තුන සහ කුකුළු ව්‍යාංජනය ඔලුවෙන් ඉවත්කොට මා දැන් ඉව අල්ලන්නේ අසූචි ගොඩ පාගාගෙන ඇවිත් තිබෙන්නේ මොකාද කියා සොයා ගැනීමටය.. එහෙත් වටපිටාවේ දර්ශනය අනුව මට තිබෙනා අනෙකුත් ප්‍රශ්නය නම් මේ දුර්ගන්ධය දැනෙන්නේ මට පමණක්දෝ යන්නය. එයට හේතුවනම් වැසිකිලි පෝලිමේ සිටිනා මගීන්ට අමතරව ආසනගත මගීන් කිසිදු අමුත්තක් නොපෙන්වා තම තමුන්ගේ පාතරාසය ගිල දමනා බැවින්ය. ලේසියට යමක් මග නොහැරෙන, ස්කෑන් යන්ත්‍රයක් බඳු මාගේ දෙනෙතට දුම්රිය මැදිරිය පුරා ස්කෑන් කලද අසූචි බිඳක් සොයාගත නොහැකි වීම පුදුම සහගතය. ආසනය යටට එබී බැලුවද එවන් සලකුණක්වත් සොයාගැනීමට නොමැත. නාසයට දැනෙනා දරුණු අසූචි දුර්ගන්දයේ මුලාශ්‍රය සොයා ඉව අල්ලන මාගේ දර්ශන පථයට, කලින් පිටත්ව ගිය දුම්රිය තිබුනා වූ රේල් පාර ඇහැ ගැටෙන්නේ අහම්බෙන්ය.
මෙතෙක් වෙලා අසූචි මුලාශ්‍ර සොයා මා කොච්චි පෙට්ටිය පුරා ඉව ඇල්ලුවද මාගේ ෂර්ලොක් හෝම්ස් නාසය ඉව අල්ලා තිබෙන්නේ වැරදි තොරතුරු මත ගොඩනැගුනු උපකල්පන මත බව මට වැටහෙන්නේ ජනේලයෙන් එහා පැත්තේ තිබෙනා රේල් පාර දිහා බැලුවයින් පසුවය..
සත්‍ය වශයෙන්ම අසූචි මුලාශ්‍රය තිබෙන්නේ කලින් පිටත්ව ගිය දුම්රිය ගාල්කර තිබු රේල් පාරේය. මා එසේ කියූ පමණින් මෙය කියවනා පාඨක සැම සිතන්නේ මා මේ කියවන්නේ වැරදීමකින් රේල් පාරේ වැටී තිබෙනා සතෙකු විසින් මලපහ කරන ලද්දක් ගැන යයි කියා වන්නට ඇත. එහෙත් අවාසනාවට එය එසේ නොවේය. ඒ මදිවාට එය කකුල් හතරේ සතුන් විසින් දැමු අසූචි සුට්ටක්ද නොවේය.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවානම් අසූචි කන්දක්ය.. කන්දක් කීවාට එක කන්දක් නොවේය.. දුම්රිය මැදිරිවල වැසිකිලි ගාල් වී තිබු පිළිවෙලට මැදිරි තුල වැසිකිලි පෝලිමේ සිටි කකුල්එ දෙකේ සතුන් විසින් රේල් පාර වෙත අතහරින ලද්දා වූ අසූචි කඳු එකම පරතරයක් සහිත අනුපාත වලින් රේල් පාර පුරා ගොඩ ගැහිලාය. නීල මැස්සන්ට රජ මගුල්ය. අසූචි කඳු පුරා රොද බැඳි නිල මැස්සන්ට අවුරුදු ඇවිල්ලා වාගෙය. එම නිල මැසි ජනතාව සන්තොසය වැඩිකමටදෝ දුම්රිය මැදිරිවලද පියාසරනවාය. එවන් දහදුරා දර්ශනයක් මා මීට පෙර දැකලා නොමැතිය. ඉඳහිටක මුහුදු වෙරළේ ඇවිදිනා වෙලාවක දක්නට ලැබෙන්නාවූ එවන් දර්ශනයක් හැරුණකොට මෙවන් මහා පරිමාන අසූචි කඳු මා මේ දකින්නේ ජීවිතයේ පළමු වතාවටය. දුම්රියපොළේ කම්කරුවන් දෙදෙනෙකු පත සයිස් වතුර බට දෙකකින් වේගවත් ජාල පහරක් එල්ල කරමින් අසූචි කඳු අසල තිබෙනා කාණුවට දියකර හරිනවාය. නිල මැස්සන්ද ගේම අතාරින්නට සූදානම් නැතිය. අසූචි කඳු කාණුවට දියකර හැරෙන අල්ලපනල්ලේ අවසන් තත්පරය දක්වාම නිල මැස්සන් තම රසවත් ආහාර වේල වළඳන්නට ෆුල් ෆයිට් එකක් දෙනවාය. ජීවිතයේ පළමු වතාවට දකිනා මහා පරිමාණ අසූචි දර්ශනය, මාගේ ඔලු කට්ට ඇතුලේ මවනා දර්ශනය නම්, මා මේ වාඩිවී සිටිනා දුම්රිය මැදිරිය යට තිබෙනා දර්ශනයත් මේ හා සමාන දර්ශනයක් වන වගය. ඊටත් අමතරව කාර්මිකව සහ තාර්කිකව හිත මෙහෙයවනවානම් මාගේ උකුල උඩ තිබෙනා ආහාරයන් කොයිතරම් සුපිරිසිදුද යන්නය. දුම්රිය මැදිරි පුරා ජය ගෝෂා කරනා නීල මැස්සන් මෙම ආහාරයක් මත ලෑන්ඩ් කිරීමේ සම්භාවිතාවය කොපමණ අගයක්ද කියා මා දන්නේ නැති වුනත් මෙසේ අනාරක්ෂිතව රේල්පාර මත අසූචි කඳු ගොඩ ගසනා දුම්රිය දෙපාර්තමේන්තුවක දුම්රියක් තුල ඊට වැඩි පිරිසිදුතාවයක් බලාපොරොත්තු වීම විහිළුවක්ය. වෙනත් ආකාරයෙන් තාර්කිකව හිතනවානම් ගෙදරින් පිටත්වූ පසු දෙඅත් සෝදා නොමැති මාගේ සිනිඳු සුසිනිදු මල් වාගේ දෑත, උකුල උඩ තිබෙනා සුදු යකඩ පිඟානේ ඇති පරාටා තුනට වඩා ලක්ස කෝටි ගුණයක් සුපිරිසිදු වග සියයට දාහක් විශ්වාසය.
අඩි කිහිපයක් එහායින් කම්කරුවන්ගේ ජල ප්‍රහාරයෙන් සේදී යන අසූචි ගංගාවත් දුම්රිය පුරා ජය කෙහෙළි නංවන නීල මැසි ජනපදයත් අතර දෝලනය වූ මාගේ පරාටා තුන සහ කුකුළු ව්‍යංජනය දුම්රිය ජනේලයෙන් එලියට විසික් වන්නේ එය කා දමනවාට වඩා බඩගින්නේ සිටිනා එක යහපති වග මාගේ මොලය මා වෙත දන්වා සිටිනා නිසාය. දවස් තුනක් එම ආහාර නොකා මේ ගමන යන්නට මා ඉටාගන්නේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථානයක ඇති වෙළඳසැලකින් පැකට් කරන ලද ආහාරයක් ගැනීම අභිලාශය පෙරදැරිවය. දුම්රිය භෝජනාගාරයේ සාරවිට ටීම් එකෙන් ආහාර මිලදී නොගන්නට මා ගත දැඩි තීරණය නොවෙනස්ව පවත්වාගෙන යන්නට මා වෙත සහය දුන් එකම හිතවතා වුයේ බම්බලපිටිය හන්දියේ රාත්‍රී කඩයෙන් මිලදී ගන්නා ලද මන්චී විස්කෝතු පැකට්ටුවය. කෝකටත් කියා උවමනා වුවහොත් කන්නට හිතාගෙන සාගත මල්ලේ ඔබාගත් මන්චී විස්කෝතු පැකට්ටුවට පින්සිදුවන්නට සාරවිට කණ්ඩායමට මාගෙන් ආහාර ඇනවුමක් දින තුන පුරාම ලැබුනේ නැති.
*************************************
උදෑසන අරුණැල්ල කපාගෙන උතුරු ඉන්දියාව බලා ඉගිලෙන ගන්දිදම් එක්ස්ප්‍රස් කිසිදු වෙනසක් නොමැතිව යන වේගයෙන්ම වංගු ගන්නා විට ඇඟේ ලේ වතුර වෙනවාය. රියදුරු උන්දෑ සාමාන්‍ය පෙළ බලය පාඩම ඉගෙනගෙන නැති ගානය. වස්තුවක් කොයි වෙලාවෙත් ගමන් කරන්නට උත්සහ කරන්නේ සරල රේඛීය මාර්ගයක වග මා උගෙනගෙන ඇති න්‍යාය වුවාට රියදුරා එම න්‍යායන් තුට්ටුවකටවත් මායිම් නොකරම වංගුවේද යන වේගයෙන්ම ධාවනය කරනවාය. දුම්රිය වස්තුවක් යන්නට උපකල්පනය කළහොත් මෙම යකඩ වස්තුව කොයි මොහොතේ කෙලින් ගමන් කරන්නට තීරණය කරනවාද කියා රියදුරාට, මට තියා, උඩ ඉන්නා දෙයියන්ටවත් සිතාගැනීමට නොහැකිය. එවන් හදිසි තීරණයක් දුම්රිය නමැති වස්තුව විසින් ගතහොත් සිදුවන්නාවූ විනාසය හිතේ මැවෙනා විට දුම්රියෙන් බැස අහමදාබාද් දක්වා පයින් යන එක සරීර සෞඛ්‍යට යහපත් වනවා ඇත. එවන් වේගයකින් යන්නාවූ දුම්රිය පසුකර යන පාලම බහුතරයක ඇඳි නොමැතිය. අඩි පනහක් හැටක් යටින් තිබෙනා ගංගාවක් තිබුනා යන සලකුණු වලට අමතරව දිය පහරක් දක්නට ලැබෙන්නේ කලාතුරකින් ගංගාවකය. අනෙක් ගංගාවන සිදී ගිය ඒවා බැවින් පාලමට අඩි පනහක් හැටක් යටින් පෙනෙන්නේ ශුෂ්ක වී ගිය මහා පොළොවය. එවන් ගංගා උඩින් වැටී ඇති පාලම් වල ඇඳි තිබුනානම් ඒ බොහොමත් කලාතුරකින් වන අතර රියදුරා එව්වා තකන්නේ නැතිය. යන වේගයෙන්ම පාලම පසුකර යන දුම්රිය පාලමක් උඩින් යනවා කියා දැනෙන්නේ ශබ්දය වෙනස්වන නිසාය. එහෙත් රියදුරාට එහි වෙනසක් නොමැතිය. මට තිබෙනා එකම ගැටලුව නම් මේ දුම්රියේ රියදුරා අපගේ හිත මිත්‍ර මෝටර් සයිකල් ශූර ඉන්දිකයාගේ හෝ රන්ජියාගේ ඥාතියකුද යන්නය. ඉන්දිකයාද රන්ජියාද මෝටර් සයිකලයේ වාඩිවූ කල සාමාන්‍ය පෙළ විද්‍යා න්‍යායන් සහ නිවුටන්ගේ නියමයන් බොරු කරමින් වංගුවේද, කෙලින් පාරේද, අඩි පාරේද, වැලි පාරේද, මැටි පාරේද, තාර පාරේද, දෙවැටක් දිගේද, ඒ දණ්ඩක් උඩද ධාවනය කරන්නේ එකම වේගයකින්ය. එසේම මා සිටිනා ගන්දිදම් එක්ස්ප්‍රස් හි රියදුරාද එම කුසලතාවයම විද්‍යාමාන කරමින් දුම්රිය ධාවනය කරන්නේ ඉන්දිකයාගේ තියරියටමය. මට තිබෙනා ගැටලුව නම් බලය සහ චලිතය යන විෂයන්හි නියතයන් ඉන්දිකයාට සහ රන්ජියාට වාගේම ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවටද අදාළ නොවන්නේද යන්නය.
වේගය ගැන හිත යොමු කරනා විට ඇඟේ රුධිර ගමනාගමනය අයහපත් අතට හැරෙනා බැවින් මා අවට පරිසරයේ සිරි නරඹන්නේ හිත වෙනතකට යොමුකළ යුතු නිසාය. බැලු බැලු අතේ අරුණැල්ල සමග ජනජීවිතය කාර්යබහුල වග දැනෙනවාය. රටක් වශයෙන් ඉන්දියාව ඉහලින් සිටින්නේ ඇයිද යන්න මට වැටහෙන්නේ දැන්ය. පෙනෙනා තෙක් මානයේ සිටිනා සිය දහස් ගණන් මිනිසුන් බිම වාඩිවී කුමක්දෝ වගාවක නිරතවෙනවාය. දුම්රියේ වේගයත් සමග හරිහැටි නොපෙනුනත් අතින් පෙනෙනා කඳු වැටි, ඕවිටි, බඩවැටි සිල්ලේම ගණන් කරන්නට නොහැකි ප්‍රමාණයේ පිරිසක් එකම ආකාරයෙන් බිම ඇන තියාගෙන වාඩිවී කුමක්දෝ කරනවාය. එකා මෙන් වාඩිවී මෙවන් ආකාරයෙන් වැඩ කරනා ජනතාවක් සිටිනා රටක් කලාපයේ බලවතා වීම අරුමයක් නොවේ යන්න මාගේ කුඩා මොළයට වැටහෙනා සිතුවිල්ලය..
මෙවන් දර්ශනයක සුව විඳිමින් මා ගමන් කරනා උතුරු ඉන්දියානු දුම්රිය සංඥා දෝෂයක් මත මදකට නවත්වන්නේ ඉන්දියාවට බත සපයන ජනතාව බිම ඇන තියාගෙන කරනා වූ කරුමාන්තය කුමක්දැයි යන්න පැහැදිලි කරගැනීමට මා වෙත අවස්තාවක් ලබා දෙමිනි. වැඩේ මා හිතුවාට වඩා බරපතලය. එතෙක් උදෑසන පටන් මා දුරු දර්ශනය පුරා මා සිතා උන්නේ මිනිසුන් බිම වාඩිවී කුමක් හෝ වගාවක නිරතවෙනවා කියාය. එහෙත් මාගේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදි සහගත සිතුවිල්ලක්ය. හොඳින්ද දෙඇස් හැර බැලුකල දර්ශනය පැහැදිලිය. දහස් සංඛ්‍යාත ජනයා බිම වාඩිවී මේ ප්‍රසිද්දියේ කරන්නේ මලපහ කිරීම වග පැහැදිලිවම දර්ශනය වන්නේ දුම්රිය සංඥා ලැබෙනතුරු නවත්වාගෙන සිටින නිසාය. මා සිතා උන්නේ මලපහ සහ අසූචි ප්‍රශ්නය තිබෙන්නේ උදෑසනට නවත්වන දුම්රිය ස්ථානයේ පමණක් කියාය. එහෙත් එය එසේ නොවේය. මගදිගටම ප්‍රශ්නය එසේමය. දුම්රිය සහ අසූචි යනු ඉදිකටුවට නූල් බෝලය වැනි යාවජීව සගයන් දෙදෙනෙකුය යන්න මාගේ අවසන් තීරණයයි..
***********************************
දවස පුරා ගමනේ යෙදෙන දුම්රියේ සාරවිට කණ්ඩායමේ ආහාර තරයේ ප්‍රතික්ෂේප කල මා දැන් යැපෙන්නේ මංචි විස්කෝතු වලින් පමණය. ජංගම වෙළෙන්දෙකුගෙන් මිලට ගත් සීතල වතුර බෝතලය හැරුණකොට තේ කෝප්පයක්, කොපි කෝප්පයක් බොන්නටද පිරියක් නැත්තේ උදෑසන අසූචි දර්ශනය සහ නීල මැසි කැල මතකයට එන්නාවූ නිසාය.
කෙමෙන් කෙමෙන් රාතියද උදාවුනේය.. මා සිටින්නේ පෙරදා ඇඳන් ආ ඇඳුම පිටින්ය. අඳින්නට ඕනෑතරම් ඇඳුම් මාගේ සාගත මල්ලේ තිබුනද නීල මැස්සන් විසින් ලෑන්ඩ් කරන ලද්දාවූ දුම්රියේ තවත් ඇඳුමක් ඇඳගෙන සුවසේ වසන්නට මාගේ හිතට නිස්කාන්සුවක් නැත්තේය. මා වෙත ඇති එකම ප්‍රාර්ථනය නම් හැකි ඉක්මනින් මේ සාටර් ගමන නිමවන්නේනම් යන්නය. එතෙක් මා තනිවම බුක්ති විඳි ආසනයට වයස හැත්තෑවක් පමණ වයසක අත්තම්මා කෙනෙකු බෝර්ඩ් වුයේ අත්තම්මාගේ ටිකට්ටුවේ තිබෙනා ආසන අංකය මාගේ අල්ලපු ආසනය නිසාය. දුම්රියේ ආසන දෙපසට වෙන්වී තිබෙන්නේ තුනට එක අනුපාතයට. මුහුණට මුහුණ බලා ආසන යුගලයේ වාඩිවූ කල ආසන තුනේ යුගලයේ හයදෙනෙකුට වාඩිවී සහ නිදාගෙන ගමන්ගත හැකිය. තනි ආසනයේ දෙදෙනෙකුට මුහුණට මුහුණ බලා වාඩි වී ගමන් කල හැකිය. ආසන තුනේ යුගලයේ උඩම ඇඳ අයිති පුද්ගලයින් දෙදෙනාට ඕනෑම වෙලාවක උඩට නැග නිදාගැනීමට හැකි අතර අනෙක් හතර දෙනාට නිදාගැනීමට අවශ්‍යනම් හතරදෙනාම එකට නිදාගැනීමට එකඟ විය යුතුය. ඒ මන්ද යත් වාඩිවී සිටිනා විට හේත්තු වී සිටිනා කුෂණය හරහට දිගහැර ඇඳක් කල පසු සම්පුර්ණ ආසනයම ඇඳන් හයක් වන නිසාය. මා සිටිනා තනි ආසනයේද නිදාගැනීම එසේමය. එකෙකුට නිදාගැනීමට ඕනෑ වුවහොත් අනෙකාටද එක්කෝ හිටගෙන ඉන්නට සිදුවෙනවාය.. එහෙමත් නොමැතිනම් අකමැත්තෙන් වුවත් නිදාගැනීමට සිදුවෙනවාය.
මාගේ ආසනයට සැපත් මාසේ සීට් මේට් ආච්චි අම්මාගේ අංකයට අනුව ඇයට හිමිවන්නේ මට ඉහලින් පිහිටි ඇඳය. මට හිමිවන්නේ පහල තිබෙනා ඇඳය. ඇඳ කොහේ තිබුනාම මොකෝ බන් නිදාගන්නනේ ඕන කියා කියන්නට පාඨක සැම එකපයින් ලැහැස්ති වග මා දන්නවාය. එහෙත් මා වෙත ඇති දැවෙන ප්‍රශ්නය නම් මාගේ සීට් මේට් ආච්චි අම්මා කිලෝ එකසිය පනහක දෙසීයක පත සයිස් උන්දෑ කෙනෙකු නිසාය. කාර්මිකයකු වශයෙන් මා ඇන මුරිච්චි ඒ තරම් විශ්වාස කරන්නේ නැතිය. කොයිතරම් හොඳ ලෝහයකින් සෑදුවද ඇණයක් මුරිච්චියක් කැඩී යන්නට හේතු දහසක් උවමනා නොමැතිය. එසේ කාර්මිකව තාර්කිකව සිතනා කල දුම්රියේ වේගයට සමානුපාතිකව සහ ආච්චි අම්මාගේ බරට අනුලෝමව දුම්රිය පැද්දෙන ගැස්සෙන වේගයට අනුව ආච්චි අම්මා අහිංසක මාගේ සුට්ටන් සරීර කූඩුව ලෑල්ලට චප්ප කරමින් බිමට පතබෑවීමට ඇති ඉඩකඩ බොහෝය. එවන් සුවිශාල පංචස්කන්දයක් දුම්රිය ඇඳ එක්කම මාගේ ඇඟ උඩට වැටුනහොත් මාව ලංකාවට යවන්නට එකතු කරන්නට වන්නේ සවලෙන් ගලවලා අරන්ය. එහෙව් අවදානමක් දරමින් මා කොහොම නිදන්නද..
මාගේ ජීවිතාශාව නින්දටද, නින්ද ජීවිතාශාවටද පරදිමින් එලිවූ රාත්‍රීන් තුනකින් අනතුරුව ගන්දිදම් එක්ස්ප්‍රස් අහමදාබාද් වෙත ලඟා වන්නේ දින තුනකට පෙර මා ගෙදරින් ඇඳන් ආ ඇඳුම පිටින්මය. මෙය කියවන පාඨක සැම විශ්වාස කලද, නොකලද මා මේ පවසනා දේ සත්තම සත්තය. දින තුන පුරාවටම මා ආහාරයට ගත් එකම ආහාරය නම් මංචී බිස්කට් පමණය. මා සන්තකයේ තිබු එකම එක ආහාරය වන මංචි විස්කෝතු පෙට්ටිය, ආහාර වෙල් ගන්නට බෙදා මා ආහාරයට ගත්තේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. උදෑසනටත්, සවසටත් අසූචි සංහාරය සිදුවෙන්නාවූ දුම්රිය ස්ථානයක ගන්දිදම් එක්ස්ප්‍රස් පැය භාගයක පමණ නැවතුමක් නවතා සිටියද මා ආහාරයක් මිලදී ගැනීමට කියා දුම්රියෙන් බසින්නේ නැත. එයට හේතුව නම් දුම්රිය ස්ථානයේ ලවුස්පීකරයෙන් කියනා මෙලෝ මලදානයක් මට නොතේරෙන නිසාය. හිංදියෙන් කියවෙන විස්තරයද මා හට තේරෙන්නේ නැතිය. බඩජහරිකමට ආහාර සොයනට ගොස්, මා දමා ගන්දිදම් එක්ස්ප්‍රස් ඉගිල ගියහොත් මට වන්නේ ගහෙන් වැටුනා වූ එකාට ගොනා ඇන්නා වැනි අබග්ගයක් නිසා දින තුන පුරාම මා දුම්රියෙන් එලියට අඩියක් තබන්නේ නැතිය.
ආච්චි අම්මා සමග වූ නිදි අවදානමෙන් නිදි වර්ජිතව රැය පහන් කරනා මා උදෑසන පටන් කරන්නේ ආච්චි අම්මාගේ මුහුණට මුහුණ බලා වාඩිවී, නිදි කිරා වැටීමය. ඉඳහිටෙක දුම්රියට ගොඩවෙනා, මේකප් උලා තොල් රතු කරගත් සාරි වලින් සැරසුණු භාග පිරිමි කණ්ඩායම් වලින් නම් ගැලවුමක් නැති.. සාක්කුවෙන් කීයක් හෝ ඇද දෙනතුරු නොදන්නා හිංදියෙන් ආලවට්ටම් දමනා භාග පිරිමි අතින් පයින් අල්ලන්නට ප්‍රථම කීයක් හෝ දී ගැලවීමට සිදුවීම හැරුනුකොට දින තුන පුරාම මාගේ පසුම්බියෙන් මුදල් වියදම් වූවානම් ඒ වතුර බෝතල් සඳහා පමණකි.
හතරවෙනි දින උදෑසන පටන් ජනේලයෙන් බෙල්ල හැකි පමණ එලියට දමමින්, අහමදාබාද් සොයමින් පැමිණි මාගේ දර්ශන පථයට අහමදාබාද් දුම්රියපොළ හසුවන්නේ හතරවෙනි දින සවස් යාමයේය. ඉන් අනතුරුව මාගේ සාගත මල්ලද ඇදගෙන දුම්රිය වේදිකාවේ එහාටත් මෙහාටත් මා ඇවිදින්නේ, මා රැගෙන යන්නට පැමිණි එකා කෙසේ මා හඳුනා ගනීදෝ කියා නිච්චියක් නොමතිවමය. කෝකටත් කියා මා රැගෙන ආ පොතකින් කොලයක් කඩාගෙන එහි ඉන්දියානු කොම්පැනියේ නම හැකි තරම් ලොකුවට ලියාගෙන ඉදිරියට හමුවන හැම කෙනාටම පෙන්වන්නට පටන්ගෙන විනාඩි දහයක් යන්නට මත්තෙන් කව්දෝ එකෙකු මාගේ පිටට දට්ටුවක් දමනවාය..
ආර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් යූ......_ _ _ _ _ _?
යේස්.. ආ යූ ෆ්‍රොම් ...._ _ _ _ _ _ _ ?
යේස්.. අයි ඇම් මයිත්‍රී... හවූ ඉස යුවර් ජර්නි..
ඉට්ස් අමෙසින්.. (එහෙම නොකිය වෙන මොනවා කියන්නද ඉතින් )
ඔකේ දෙන් ලේට්ස් ගෝ..
ඕල්රයිට්...
යන්තම් සන්තම් දවස් හතරකට පසු හුස්මක් ගන්නට අවස්තාවක් ලැබී ඇත.. මයිත්‍රී මා ඉදිරියෙන් යනවාය.. මමද සාගත මල්ලද ඇදගෙන මයිත්‍රී පසුපස යනවාය.. සාගත මල්ල වාහනය පැටවූ පසු යන්තම් සන්තම් පිට කොන්ද දිගහැර නිදහසේ හුස්මක් ගැනීමට මට හැකිවනු නොඅනුමානය.. එහෙත් මාගේ අනුමානය ටක්කෙටම වැරදිය.. පරිප්පු නැව බාලා ඉවර නැතිය..
මයිත්‍රී යන්නේ කාර් නවතා තිබෙන දිහාවට නොවේය.. කාර් නවතා තිබෙන්නේ වෙනත් පැත්තකය.. මයිත්‍රී යන පැත්තේ තිබෙන්නේ මෝටර් සයිකල්ය.. මා සිතනා සිතුවිල්ලනම් මයිත්‍රී පැමිණි රථය තිබෙන්නේ මෝටර් සයිකල් ගාලෙන් එහා වන්නට ඇති කියාය.. එහෙත් මාගේ සිතුවිල්ල ආයෙත් වැරදිලාය.. මයිත්‍රී පණගන්වන්නට සැරසෙන්නේ පසුසප අමතර රෝදය සහිත බජාජ් ස්කූටරයක්ය..
ඔකේ.. ගෙට් ඉන්..
මයිත්‍රියා මට ආරාධනා කරන්නේ හරියට ලිමොසින් රථයකට ගොඩවන්නට කියනවා වාගේය.. මාගේ පත සයිස් කිලෝ විස්සේ බෑගයත් රැගෙන මට ස්කුටරයට ගොඩ වන්නට නොහැකිය.. එය ඉවෙන් මෙන් වැටහුණු මයිත්‍රියා ස්කුටරය මේන් ස්ටෑන්ඩ් එකෙන් නවත්වා මාව වාඩි කොට මාගේ සාගත මල්ල හරස් අතට මාගේ උකුල උඩින් තැබූ පසු ගමන ආරම්භ වීය.. එහෙත් මූ යන්නේ කොයි දිසාවටද කියාවත් මට පෙනෙන්නේ නැතිය. මාගේ දර්ශනපථය අහුරා සිටින මාගේ සගත මල්ල නිසා මට පෙනෙන්නේ අපට පසුවන දෑ පමණය.
එවන් හිංසාකාරී වොර්ම් වෙල්කම් එකකින් අනතුරුව විනාඩි හතලින් පහක පමණ සුන්දර ස්කුටර් ගමන නවතින්නේ අපගේ ප්‍රධාන කාර්යාලයේය. කාර්යාලයට පැමිණෙනා විට සියල්ලෝම මා දිහා බලන්නේ අමුතු සතෙකු දිහා බලනවා වාගේය. දින හතරක් පුරා මා විඳි දුක් ගැහැට දන්නේ මා පමණය.
කළමනාකාර තුමාගේ පිළිගැනීමෙන් අනතුරුව, පළමු දුරකථන ඇමතුම ලංකාවේ අපේ ලොක්කාටය. ලොක්කා මා වෙත දුන් පරිප්පු නැව තනියම බා අවසන් කල සතුට ලොක්කා වෙත දැනුම් දුන් වහා මාගේ ඊළඟ ඇමතුම ගෙදරටය. ත්‍රිවේන්ද්‍රම් වෙතින් ලොකු අම්මා වෙත දුන් ඇමතුමෙන් මා දැනුම් දුන්නේ දුම්රිය ටිකට්පතේ ගැටලුව බැවින් සහ ඉන් පසු දින තුනක් මාගෙන් ඇමතුමකුදු නොමැති නිසා මාගේ මෑණියන් හරි හැටි ආහාරයකුදු නොමැතිව සිට ඇති වග දැනගත් වහා මා වෙත දැනුනු ශෝකය නම් කියන්නට ලියන්නට වචන අදටත් නොමැත..
ඔකේ .. දෙන් අවර්ර්ර්ර් ෆැක්ටරි ලෝකෙටඩ් ඉන් ඉන්දස්ට්‍රියල් ඒර්ර්රියා.. යු හැව් ටු ගෝ දෙයාර්ර්ර්ර්ර් විත් අශ්වින්.. හී විල් ඩ්‍රොප් යූ ටු යුවර්ර්ර්ර්ර්ර් හොටෙල්.. ඉට්ස් වෙරි වෙරි ක්ලෝස් ටු අවර්ර්ර්ර්ර්ර් ෆැක්ටරි..
ඒ ඇසෙනා ආරංචියේ හැටියට ගමන එතකින් අවසන් නොමැතිය..
හවූ ෆාර් ඉට් ඉස්..
ෆිෆ්ටි කිලෝමීටර්ස්ර්ර්ර්ස්.. ඉට්ස් නොට් අ ලෝන්ග් ජර්නි..වෙරි සිම්පල්..
ඇඟේ රෝම කෙලින් වන්නේ තවත් කිලෝමීටර පනහක් යන්නට ඇති වග ඇසෙනා විටය.. කෝකටත් කියා තහවුරු කරගන්නට ඉතුරු ප්‍රශ්නයද ඇසිය යුතුය..
හවූ වී ගෝ දෙයා.. බයි ද ස්කුටර්...
නෝ නෝ... අශ්වින් විල් ඩ්‍රොප් යූ බයි හිස් කාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.
ඇඟට ලේ උනන්නේ දැන්ය.. මා ආ ගමනේ හැටියට කාර් එකක ඩිකියේ ගියද මේ ආ ගමනට වඩා සැප පහසුය..
ඕකේ.. ලෙට්ස් ගෝ මයි ෆ්‍රෙන්ඩ්..
ඕකේ..
අශ්වින්ගේ මරුටිය මට දැනෙන්නේ බෙන්ස් එකක යනවා වාගේය.. කනට හුරු ඩක ඩකස් ශබ්දය නොමැතිව නිකම් පාලුයි පාලුයි වාගේය..
හවූ ඉස් යුවර් ජර්නි..
ඩෝන්ට්ඉ ගෙට් අප්සෙට්.. ඉට්ස් හොරිබල් අශ්වින්..
අයි නෝ බ්‍රදර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
දේ ඩිඩ්න්ට් කන්ෆර්ම් මයි ට්‍රේන් ටිකට්..
ඔහ් රියලි...
යේස්..
දෙන් වට් හැපන්ඩ්..
අයි ගේව් අ රැන්සම්.. දෙන් දේ ගේව් මී අ සීට්..
සොරි බ්‍රදර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ...
නව් වට් කැන් අයි ඩු ෆෝ යූ...
අයැම් සෝ හන්ග්රි.. ප්ලීස් ස්ටොප් ඒනි වෙයාර්.. අයි නීඩ් ටු ඊට් සම්තින්ග්..
ඕකේ..
අශ්වින් විසින් පදවනා මරුටිය අවන්හලක් ළඟ නවත්වන්නේ කළුවර වැටී මදකට පසුවය. අහමදාබාද් අයිති ගුජරාට් ප්රාන්තයම එළවලු පමණක් අනුභව කරනා ප්‍රාන්තයක් බැවින් මාහට කන්නට වන්නේද එළවලු පමණක් ඇති ආහාරය. මේස කකුලක් උයා දුන්නද කන්නට තරම් කුසගින්නක් ඇති මට දැන් කුමන වර්ගයේ ආහාරයක් වුවද කම් නැත..
අවන්හලෙන් අතපය මහුණ සෝදාගත් මා දැන් සැරසෙන්නේ ආහාර ඇනවුම් කරන්නටය..අශ්වින්ගේ විධානය බිරියානියක් ආහාරයට ගන්නා මෙන්ය. එවන්හළේ ඇති ඉස්තරම්ම ආහාරය බිරියානි වන අතර අශ්වින්ට අවශ්‍ය වන්නේ කොම්පැනියේ මුදලින් මා හට උපරිමයෙන්ම සලකන්නටය.. එය එසේ බැවින් මාද බිරියානියක් ගිල දමන්නට අරමුණෙන් රැදී සිටින්නේ දින හතරක් මන්චි බිස්කට් වලින් යැපුනා වූ මට බිරියානියක් යනු දිව්‍ය භෝජනයක් නිසාය..
වෙටරයා ගෙන ආ බිරියානිය මා ඉදිරිපිටය. අශ්වින් වෙනත් මොනවාදෝ දෙයක් ගෙන්වාගෙනය. දැන් මා සැරසෙන්නේ බිරියානිය ගිල දැමීමටය. ඉන්දියාවට පය තැබූ දා පටන් පළමු වතාවට ඉන්දියානු ආහාරයක් ගිලදමන්නට සැරසෙන්නේ ධාරානිපාත කුසගින්නක් සමගින්ය..
වයි..
අයි කාන්ට් ඊට් දිස් අශ්වින්.. සොරි..
ඉට්ස් ඔකේ මයි ෆ්‍රෙන්ඩ්.. ට්‍රයි අනදර්ර්ර්ර්ර්ර් අයිටම්..
බිරියානිය කාවේ එක හැන්දක් පමණය.. දිවට දැනෙනා නුහුරු රස නිසා කිසිසේත්ම එම ආහාරය ගිල දැමීම අපහසුය.. ගිල දැමු බිරියානි ස්වල්පය මා වෙත දන්වන්නේ ඉන්දියානු හඳුන්කුරු පැකට්ටුවක් තනියම කෑවා වැනි දැනීමක්ය. උගුරෙන් පහලට ගියා වූ බිරියානි ස්වල්පයේ සුවඳ ගල නාලය දිගේ විත් නාසයට දැනෙන්නේ හඳුන්කුරු පැකට්ටුවක කෑවා වැනි හැගීමක්ය..
දැට්ස් ඔකේ බ්‍රදර්.. ට්‍රයි අනදර් වන්..
මෙනු පතේ තිබෙනා මා දන්නා එකම ආහාරය නම් තෝසේ වර්ගයක්ය.. ඉස්කෝලේ තාප්පෙන් පැනලා ගොස් ලක්ෂ්මන් හෝටලයෙන් තෝසේ හතරක් පහක් ගිල දමනා අපිට තෝසේ තුනක් කෑම සිම්පල් වැඩක්ය.. මාගේ උත්සාහය තෝසේ කිහිපයක් කා දමා කුසගින්නෙන් ගැලවීමය..
ඔකේ.. බ්‍රින්ග් මි ත්‍රී දෝසා..
ත්‍රී...
වෙටරයා ටිකක් අන්දමන්ද වී මා දිහා බලා සිටිනවාය.. අශ්වින්ද ප්‍රශ්නාර්ථ සහිත බැල්මකින් මා දිහා බලන් සිටිනවාය..
එනිවේ ට්‍රයි වන් දෝසා ෆස්ට්.. ඉෆ් යූ ලයික් ඉට් දෙන් ඕඩර්ර්ර්ර්ර් අදර්ර්ර්ර්ර්ර් ටූ
අයි කැන් සිම්පලි ඊට් ත්‍රී ටු ෆයිව් දෝසා අශ්වින්....දැට්ස් ඔකේ.. බ්‍රින්ග් ත්‍රී...
ට්‍රස්ට් මී මයි ෆ්‍රෙන්ඩ් .. ජස්ට් ට්‍රයි අ වන් දෝසා ෆස්ට්..
ඕකේ..
විනාඩි දහයකින් අනතුරුව වෙටරයා ගෙනා තොසේ හෙවත් දෝසාව දුටු මට දවල් තරු පෙනුනේ එහි ප්‍රමාණය නිසාය.. දෝසාව අඩි තුනේ තුනේ කොටුවකටත් වඩා විශාලය.. එය ඉවර වෙන්නට කන්නට නම් පැදුරක් බිම එලා එය මත දෝසාව දිගාකර එහිම මැදින් වාඩිවී කන්නට පටන්ගත යුතුය. අශ්වින්ට පින්සිදුවන්නට දෝසාවෙන් කාලක් පමණ කා දමා කුසගින්නට අස්වැසුමක් දැමුවත් දෝසා රසද, බිරියානි රසට දෙවැනි නැති.. බිරියානි ස්වල්පයත් දෝසාවත් කෑ අනතුරුව මාගේ නාසයේ සහ කටේ ඉතුරු වූ දැනීම නම් ඉන්දියානු හඳුන්කුරු පැකට්ටුවක් සමග කපුරු බෝල දෙක තුනක් ගිල දැමුවාක් වැනි රසාලිප්ත දැනීමකි..
අශ්වින් සමග ආගිය තොරතුරු සමගින් පැයක හමාරක ගමනකින් අනතුරුව ප්රෙස්ටීජ් හෝටලයට සැපත් මා, නා කියාගෙන ඇඳට වැටුනද පසුදා සවස දෙක වනතුරු ඇහැරුනේනම් නැති.. ඒ ඇහැරෙද්දිත් මම ඉන්නේ කොහෙද කියල මතක්කරගන්න පොඩ්ඩක්වත් අමාරු වුනේ නැහැ හඳුන්කුරු, කපුරුබෝල රස එහෙමම කටේ නහයේ තිබ්බ නිසා..
***************
ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්... කතාව මෙතෙකින් නිමයි.. කෝච්චියේ විස්තර බොහොමයක් තිබ්බත් ඒ සියල්ලම විස්තර කරන්නට යාමෙන් අදත් මේක ඉවරයක් කරන්න නොවෙන නිසා බොහොම කෙටි විස්තරේකින් ගමන නිමා කරා ඔන්න. නැත්තම් අදත් බැනුම් කෝටියයි තාම කෝච්චියෙන් බැස්සේ නැහැ කියල.. ඉන්දියාවේ රසවත් කතන්දර බොහොමයි.. අතරින් පතර හෙමින්සීරුවේ ලියන්නට අදහසක් තිබේ.. මේ ලිපියේ වැරදි තැන් තිබේනම් සමාව භජනය කරන සේක්වා.. රාත්‍රී 8 ට ලියන්නට පටන් අරන් දැන් මේක ඉවර වෙද්දී එළිවෙන්න 3.00 යි.. වැරදි තියෙන තැන් පසුව හදනෝය.. දැනට වැරදි නොසලකාහරිමින් කියවාගෙන ගිහින් හොඳ නරක ගැන කොමෙන්ටුවකුත් දමන සේක්වා..
මේ ඔහේනම් මගෙන් කුනුහබ්බ අහනව. කිසිම දවසක ඇවිත් පලවෙනි කොමෙන්ට් එක දාගන්න නෑ. මෙතන නයෙක් ගහනව.
Deleteප්‍රසා ..අම්මප උඹ ගාව බ්ලොග් වලට එන්න හදපු රොබෝ කෙනෙක් ඉන්නවද ?
Deleteඉට්ස් ඔකේ මයි ෆ්‍රෙන්ඩ්.. ට්‍රයි අනදර්ර්ර්ර්ර්ර් අයිටම්.. හැක්..
Delete- னයා -
කම්මල,
Deleteමම බ්ලොගර් කාරයට ගානක් ගෙවල තියෙන්නෙ අනික් උංට පෙන්නන්න ඉස්සෙල්ල අලුත් පෝස්ට් මට පෙන්නන්න කියල.
කමෙන්ට් කෙරුවාවට සම්මානෙකුත් ලැබුන එකේ උඹ පලවෙනි කොමෙන්ට් එක නොවී බැහැනේ ප්‍රසන්න.. සැලෙන්න එපා.. දිගටම කරගෙන යමු..
Deleteඅපේ කසුන් මල්ලිට බොහොම තරහ ගිහිල්ල වගේ.. දෙවනියට හරි ආපු එක ඉතින් මටනම් ලොකු සන්තෝසයක්..
Deleteකම්මලේ ප්‍රසන්නය මොලේ ඔපරේටින් සිස්ටම් එක බ්ලොගර්ට කියල අලුතෙන් ප්‍රෝග්‍රෑම් කරලා සිම් එකක් දාල 4G කනෙක්ට් කරලා තියෙන්නේ.. ඒ නිසා අලුතෙන් පොස්ට් එකක් වැටුන ගමන් ඌ දන්නවා අනික් උන්ට කලින්..
Deleteහොඳ වෙලාවට ඉන්දියන් උං ඔහොමයි කියල අහල තිබුන. තවමත් ඔහොමද දන්නෑ. ඕකට අර ගාන්දි උන්නැහැ තමා වගකියන්න ඕනෙ.
ReplyDeleteඅඩේ අර කසුන්ව දැක්කොත් කියහංකො ඌට බ්ලොග් එකක් තියනවයි කියල.
Deleteමම හිතන්නේ දැන් කියලත් වැඩි වෙනසක් වෙන්න විදිහක් නැහැ කසුන්.. කොයිතරම් බලවත් රටක් වුනත් ඇති නැති පරතරය අපේ රටට වඩා හුඟක් වැඩියි ඉන්දියාවේ..
Deleteපත්තර මල්ලි.. කසුන්ගේ බ්ලොග් එක නිර්මානි බලෙන් අයිති කරගෙන.. දැන් කසුන්ට ඇඩ්‍රස් නෑ..
Deleteබලපං ,උඹව අසූචි කන්දකට වැටිල , බෑග් එක කෝච්චියේ ගිහින්, අහිල ස්ටේශන් එකක අතරමං උනානම් අද අපි මෙයිටත් වඩා රසවත් කතාවක් වෙනවනෙ. ෂෙක්
ReplyDeleteඑහෙනං මූවත් අසුචි ටිකත් එක්කම කාණුවට ෆ්ලෂ් කරල අරිනව. දැටීස් ඉන්ඩියා.
Deleteඈ බන් කම්මලේ.. බොලානම් මිනිස්සු අමාරුවේ වටෙනකල්ම බලන් ඉන්නේ නේද.. ඉන්දියාවේ තව කතා බොහොමයි බන්.. හීන් සීරුවේ ලියන්නම්කො..
Deleteකාපු පරිප්පුව වගේම කථාවත් රසවත්. ජීවිතේ මතක තියෙන්නේ මුහුණ දුන් චැලෙන්ජර්ස් තමයි. බොහොම ස්තූතියි කථාවට.
ReplyDeleteමට හිතෙන්නෙ මෙයාට ඉන්දියාවෙ ගිහිල්ලවත් වෙන පරිප්පු මිසක් මයිසූර් පරිප්පු කන්න හම්බවෙලා නෑ වගෙයි.
Deleteස්තුතියි ඉයන්..ඇත්තටම ඒ ගමන තමයි මට ජීවිතේ ඕනෑම දුකක් විඳගෙන අරමුණට යන්න ඉගැන්නුවේ..
Deleteවවුලගෙ මගුලට ගියානං එල්ලිලා ඉන්න වෙනව කියන්නෙ ඕකට තමයි. මොනව උනත් හරිම රසවත්, සුගන්දවත්, ආහ්ලාදජනක කතාවක් මේක.
ReplyDeleteඔය අත නොසෝද කන වැඩේනං හදිස්සයකදි මාත් කරනව. මොකද ඒ වගේ අවස්ථාවක අත සෝද සෝද ඉන්න ගියොත් බඩට යන විසබීජ ප්‍රමාණෙට වඩා වැඩි හානියක් වෙන්න පුලුවන් නිසා.
බොට පිස්සුද බං. මොන ලබ්බටද දෙපාරක් අත හෝදන්නෙ. ඔන්න ඔහෙ එකපාරම කාල ඉවරවෙලා ඇත හෝද ගන්නව හිටං......
Deleteඅත් සේදීම හොඳ පුරුද්දක් වුනත් ඇත සෝදලා කන්නෙත් අසූචි නම් මොන මගුලටද බන් ඇත සොදන්නේ.. X පෝටර් කියන කතාව ඇත්ත.. කාලම ඇත සේදුවාම ඉවරයිනේ..
Deleteඔය තෝසෙ කේස් එකනං මම මීට කලිනුත් කොහේදි හරි කියෝල තියෙනව.
ReplyDeleteබොලාට නැවතිලා හිටිය හෝටලෙනුත් කන්න හම්බඋනේ හඳුංකූරුයි කපුරු බෝලයි ද?
එක පාරටම දවස් ගානක් බඩගින්නේ ඉඳල නුපුරුදු රහක කෑමක් කාපු නිසා එහෙම උනේ බන්. පස්සේ මට ඉන්දියන් කාම අල්ලලා ගියා.. අන්තිමේ මා එක්ක වැඩ කරපු එවුන්ට වඩා මම කෑවා ඉන්දියන් කෑම.. තුන් වේලටම මාළු මස් කාල ඇවිත් එක පාරටම එළවලු විතරක් තියන ඉන්දියන් කෑම වලට හුරු වෙන්නේ කූහොමද බන්.. ටික දවසක් ගියා වැඩේට හුරු වෙන්න.. පසුව ලියන්නම්කො ඒ විස්තර..
Delete//හවූ ඉස යුවර් ජර්නි..
ReplyDeleteඉට්ස් අමෙසින්.. //
හොඳම එකෙන් :D
ඔච්චර ඇඩ්වෙන්චර් රයිඩ් එකක් රෝල කෝස්ටර් එකකවත් ගිහිල්ල ගන්න බෑ මහත්තයො.
Deleteනැතුව.. නිල මැස්සෙක් නැති කෝච්චිය කෝච්චියක්ද මං අහන්නෙ.
Deleteඇත්තටම ඒ ජර්නි එක අමෙසින් තමයි බන් දැන් කල්පනා කරලා බැලුවාම.. මම ඒ පරිප්පුවම ඒ විදිහටම කාව බන් ආයෙමත් ලංකාවට එද්දිත්.. ඒත් ඉතින් කලින් වතාවේ උගත් පාඩම් නිසා කෑම නම් අහමදාබාද් වලින්ම අරගෙන තමයි කෝච්චියේ නැග්ගේ..
Delete//එකා මෙන් වාඩිවී මෙවන් ආකාරයෙන් වැඩ කරනා ජනතාවක් සිටිනා රටක් කලාපයේ බලවතා වීම අරුමයක් නොවේ යන්න මාගේ කුඩා මොලයට වැටහෙනා සිතුවිල්ලය..// නැතුව නැතුව. හැම එකාම එකම වෙලාවට ඔය වැඩේ කරනවයි කියන එක සෙල්ලං වැඩක් ද? දැං බලහං ලංකාවෙ උනානං කී දෙනෙක් එක එක වෙලාවටනෙ ඕක කරන්නෙ. හැක්..
ReplyDeleteරුහුණත් කෝච්චයක්ද බන් නේ?
ReplyDeleteපාස් පොර්ට් හදා ගන්න ගියොත් බලපන් සඳවතිය පුංචි බොරැල්ලේ ආගමන විගමනේ වැඩ
Deleteප්‍රසන්න -- අපේ එවුන් සාපෙලට පාඩම් කරද්දී නම් රෑට වැල්ලට ගිහින් ඔය වැඩේ කරනවා හඳපානේ
Deleteඋදාර.. රුහුණු කුමාරියත් කෝච්චියක්ද බන්.. ඉන්දියාවේ කොච්චියේ පිටිපස්සේ කොනේ ඉඳන් ඉස්සරහ කොනට එන්නනම් ත්‍රී වීල් එකක යන්න ඕන බන්..
Deleteඅඩේ උදාරයෝ මේක කියෙව්වොත් උඹට නඩු දානවා හඳේ අයිතිකාරයා..
Deleteඅයිතිකාරයාට හුළං දැන්. සඳවතිය බැඳලා. මේ ගසේ බොහෝ බෙන සැඳි තිබේ.
Deleteඅඩේ ඇත්තද බන්ස්.. මට ඊ මේල් එකක් එවහන්කෝ polwattacom@gmail.com
Deleteවවුනියා ඉඳල එන රජරට රැජින අනුරාධපුරේට පාන්දර 5.05 එද්දි ඒක ඇතුලත් අමුතුම ලෝකයක්.. ගිය උන් දන්නවා සැප :D
ReplyDeleteඅපොයි .. .තමිල්නාඩුවට ගියා වගේ. ඊක්.. පත්තරේ ඉස්සර යාපනේ ඉදන් එන කෝච්චි තනිකර වැසිකිලි.
Deleteයාපනෙන් එන එකේ යන්න අපිට චෑන්ස් තිබ්බෙ නෑ කම්මලේ.කොටි කෙළලා..පහයි පහේ පුරෙන් නැගල යුද්ධයක් කරනව අපියි ෆෝසස් කොල්ලොයි එකතුවෙලා...බිම පත්තර එලාගෙන, බුලත් කෙල ගහලා හයියෝ සංසාරේ බං..
Deleteමම නම් අනුරාධපුරෙන් එහාට කෝච්චියේ ගිහින් නැහැ බන් පත්තරේ .. කොළඹ එනකොටනම් බස් එකේ මිසක් කවදාවත් කෝච්චියේ ඇවිත් නැහැ.. යඹ කිව්වයින් පස්සේ තමයි දන්නේ ඒකත් දකුණු ඉන්දියාව වගේ කියල..
Delete////හඳුන්කුරු කපුරුබොල රස එහෙමම කටේ නහයේ තිබ්බ නිසා..////
ReplyDeleteඒ වගේ රසක් දැනෙන්න මොනවද දාල තියෙන්නේ ඒවට...
මං දන්න විදිහට ඉංදියානු අසූචි කතාව තාමත් ඔය වගේ වෙන්න ඕනේ... දඹදිව ගියපු අපේ කට්ටියක් අම්බලමා වගේ දැකපු දර්ශන නිසා එදා ඉදලා පරිප්පු කන්නෑ... මොකද එක පැත්තකින් පරිප්පු වේලෙන්න දාලලු... අනිත් පැත්තෙන් අර කියුව වගේ අසූචි කදුලු.... ඉතින් තාම එයාලට ඒවා මතක් වෙනවා...
මේ කතාව දිගටම කියෙව්වා.. හරිඅම රසවත්... මෙහෙම කටු නම් ආයෙ කන්න වෙන්න එපා....
එහම කියල පරිප්පු නොකා ඉන්න එකේ තිරෙමක් නැහැ නිර්මානි.. එහෙමනම් ඉතින් ඉන්දියාවෙන් එන අනික් කෑම වර්ගත් කන එක නවත්වන්න ඕන..
Deleteඅතක් පයක් නොකැඩී බේරුනා මදැයි
ReplyDeleteකොහේ ගියත් අතපය හතර බේරාගෙන එන කලාව ප්‍රගුණ කරපු නිසා එයින් බෙරිනා අටමෝ..
Deleteඅඩේ මචන් සොරි හොඳේ. උබේ මේ පොස්ට් එක කියවන් යනගමන් තමයි දැක්කෙ. ඕකේ මචෝ. මම දැන්ම මේල් කරන්නම්. තැන්ක්ස් - ටික්කා 👊🏽
ReplyDeleteබ්ලොග් ලියල ඔන්න එකෙකුට හරි යහපතක් උනා කියල හිත හදාගන්න පුළුවනි බන්.. උඹල ගජ යාළුවො කියල මට කිව්ව්ව නිසා තමයි මම උඹව කොහොම හරි සම්භන්ධ කරලා දෙන්න පොරොන්දු උනේ..
Deleteඅර වැසිකිළියට අරන් යන උපකරණ කට්ටලේ ගැන විස්තර හොයාගට්තෙ නැද්ද ගොඩයෝ?
ReplyDeleteඉන්දියාවෙ වන්දනාවෙ ඉය මගෙ යළුවෙකුගේ දෙමව්පියොත් කියලා තිබ්බා. අඩියක් තියන්න බැරි තරමට ගූ ගොඩවල් කියලා. තරුණ කෙල්ලොත් ලජ්ජාවක් නැතුව වතුර ජෝගුවක් අරන් පාරෙලු උදේට.
මෙයා වෙඩිමක් කතා කොරනව.. කාබනික පොහොර බං කාබනික පොහොර. සිය රට දේ සිරි සැපදේ කියල උන් කිවුවෙ ඒකයි මයි හිතේ
Deleteතහඩු කෑල්ල අරං යන්නෙ බෝර කඩල තවුව පාද ගන්න
Delete:D
Delete"සුදු යකඩ පටියකුත් ඒ ජෝගුව ඇතුලේ තිබෙනවාය" මේ කියන්නෙ tongue cleaner එක වෙන්න ඕන.
Deleteඋන් ඒක පාවිච්චි කරන්නේ දිව සුද්ද කරන්න හරී..
Deleteනිකං අන්ඳකයිප්පු කෑව වගේ. මේ පෝස්ට් එක ලිව්වෙ දෙමල නයාද අම්බලංගොඩයද.. ?
ReplyDeleteමගේ එකේ ලිවුවොත් උඹල පිලිගන්නෙ නැති හින්ද මම ලියල අම්බලංට දුන්න පබිලිස් කරන්න. හැක්..
Deleteමට විවේකයක් ලැබෙනකම් කොමෙන්ට් ටික ඇදගෙන යන්න ප්‍රසන්නයට සබ් කොන්ට්‍රක්ට් එකක් දුන්න.. හිතුවට වඩා වැඩේ සාර්ථකයි..
Deleteඋඹ හොඳ වෙලාවට බිස්කට් එකක් අරන් ගියේ. නැත්තන් කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් අර ගූ කඳු වලට උඹේ ශෙයාර් එක දෙන්න වෙනවනෙ.ගස්ලබ්බ රෝහල් ගත උනාම ගොඩක් වෙලාවට චොකලට් වලින් දිවි ගැට ගහගෙන ඉක්මනට ගෙදර දුවන් එන්නෙ ඔය වැඩේ නිදහසේ කොර ගන්න.. හෙහ් හෙහ්
ReplyDeleteඅපි ඉංදියාව වෙනුවෙන් යුතුකම් ඉටුකරලා ඔය ගූ සැට් එක අද හෙටම ලංකාවට ගෙන්න ගන්නවා මචං.උඹ ආයෙ එනකොට කටුනායකින් බැහැල එතන ඉඳන් කෝච්චියේ ගෙදර යන්න දාගනින් වෙනස බලන්න.. හෙහ් හේ..
ජයවේවා..!!
බිස්කට් එක නැත්තම් මම සුං ගස් ලබ්බෝ.. අවුරුදු විස්සෙදි ලැබුණු මේ අත්දැකීම ජීවිතේට හුගක් දේවල් එකතු කරා.. ඕනෑම මරු කටකට තනියම ගිහින් ජීවිතේ බේරාගෙන වැඩෙත් කරගෙන එන්න හැකියාව ලැබුනේ මේ කාපු කටු වලින් තමයි.. හපොයි බදු සහන කෝටියක් දෙනවා කිව්වත් උන් ලංකාවට ගෙනත් දාගත්තොත් ලංකාව විනාසයි පුතේ..
Deleteමල්ලියා, මමත් අනූ ගණන්වල බ්‍රින්දාවන් එක්ස්ප්‍රස් එකේ මැඩ්රාස් ඉඳල බැංගලෝර් ගියා. උදේ හතට විතර පිටත් උනේ මැඩ්රාස් වලින්, සෙකන්ඩ් ක්ලාස් පෙට්ටියක. ත්‍රී වීල් එකක් ඕනේ පෙට්ටිය හොයාගන්න යන්න, එච්චර දිගයි කෝච්චිය.
ReplyDeleteඔය කක්කා කේස් එක නං ආයේ ඇරපු අතක් නෑ, එම විදියමයි.
මම ඔන්න කෝච්චියේ වාඩිවෙල ඉන්නවා. එහා පැත්තෙ තව කෝච්චියක් නවත්තල තියෙනවා. ඒක ගියා විතරයි, අම්මට සිරි එහෙම ගඳක් ජීවිතේට දැනිල නෑ. තව කෝච්චියක් එතනට එනවා. ගඳ අඩුවෙලා යනවා.දෙකක් තුනක් ඔහොම උනා. ඊට පස්සේ මම බැලුවා මොකක්ද මේ සින්දුව කියල. එතකොටනේ දැක්කේ හෝස්මන් ල තඩි වතුර බට අරගෙන බැස්ටිය දෙනවා. ඊට පස්සේ කෝච්චියෙ යනකොටත් හිටිගමන් ඔය ගඳ එනවා. ටික ටික වැඩි වෙනවා, ඉස්ටෙෂන් එකක් එනවා ඊටපස්සේ අඩුවෙලා යනවා. මන් හිතන්නේ පොඩි ඉස්ටෙෂන් වල හෝස්මන් කෂ්ටිය නැතුව ඇති. උදේට කෝච්චි පාර අයිනෙත් අර සින්දුවම තමයි, රේල් පාරට පිටුපා බරටම වැඩ.
පවසලා පලක් නෑ.
නමස්තේ හින්දුස්ථාන්!
මේ ඉන්නේ ඇසින් දුටු සාක්ෂි කාරයෝ.. අපි මෙව්වා ලියල දඹදිව වන්දනාවේ එක්කයන කොම්පැනි කාරයොන්ගේ බිස්නස් එකට කෙල වේවිද දන්නේ නැහැ බන්..
Deleteපස්ට විස්තරේ..කෝච්චියේ සිදුවීම් සියල්ලම ලියුවානම් හොදයි කියල හිතෙනවා, ඔබ ලියන ආකාරයට කිසිම කම්මැලි කමක් නැතුව කියවන්ඩ පුළුවන්...
ReplyDeleteඉල ඇදුනා මචෝ. හැබැයි තව ටිකක් ඇද්දා නම් තමයි නියම!
ReplyDeleteකෝච්චියේ විස්තරේ අකුරෙන් අකුර විස්තර කරන්න දේවල් බොහොමයි බන්.. එහෙම ලියන්න මමත් කැමතියි.. කොහෙද මුන්ට හදිසියනේ මේක ඉවර කරනකං..
Deleteඅපිටත් ඔය හදන්න යනවා කියන පාලම දිගේ ඔය සුන්දර කක්කා අත්දැකීම විඳගන්න පුළුවන් වේවි තව අවුරුදු කීපයකින් මගෙ හිතේ..
ReplyDeleteපාලමෙන් මෙගොඩට එද්දී ඇග්රිමන්ට් එකක් සයින් කරවන්න ඕන එලි පහලියේ වැසිකිලි යාම තහනම් කියල..
Deleteමේකනම් සුපිරියටම තියෙනවා... එහෙනං ඔය ඒ ගැන කියන කතා ඔක්කොම ඇත්ත තමා නේහ්....... වෙලාවට මන්චිය තිබ්බෙ.......
ReplyDeleteමේක ලෝක ප්‍රසිද්ද රහසක්නේ බන්.. මන්චි බිස්කට් තිබ්බ නිසා පන කෙන්ද බේරාගෙන ජීවත් උනා දවස් හතරක් දෙයියනේ කියල..
Deleteඅහමඩාබාඩ්වල උං එළු මස් කනවා නේද?
ReplyDeleteමං නං සතියක් විතර හිටියා කෑම හොඳයි. කෑවෙම එළුමස් සහ බත්.
ඒ කාලේ අහමදාබාද් වලටම තිබ්බේ එකම එක නොන්වේජ් හෝටලයයි.. එකේ නම "මෝතිමාල් හොටෙල් " . එක තට්ටු දෙකක ලොකු හෝටලයක්.. පෝලිමේ ඉන්න ඕන මේසයක් ගන්න.. මම බදාදට හැමදාම එනවා ඕකට කුකුලෙක් ගිලල යන්න.. සතියක්ම පරිප්පුයි රොටියි කාල බදාදා වෙනකොට මාව කලන්තේ දාන්න ඔන්න මෙන්න..ඔය කුකුළු මස් කෑල්ල කන්න එන්නයි කාල යන්නයි මට කිලෝමීටර සීයක් දෙපැත්තට.මම හිටපු අහලක පහලක වත් නොන්වේජ් හොටෙල් එක තිබ්බේ නැහැ රසික.
Deleteමම දන්න විදිහටනම් අහමදාබාද් ස්ටේට් එකේම හින්දු මිනිස්සු මස් මාළු කරෝල බිත්තර මුකුත්ම කන්නේ නැහැ.. එත් මුස්ලිම් මිනිස්සු කනව.. මුස්ලිම් හෝටලයක් හොයාගෙන යන්න ඕන ඒ කාලෙනම් ඔම්ලට් එකක් කන්නත්..
ලංකාවෙ කෝච්චි වලත් ඔහොම තමයි. බෙට්ට කෙලින්ම වැටෙන්නෙ රේල් පාරට. ඒකනෙ නවත්තලා තියෙද්දි පාවිච්චි කරන්න එපා කියන්නෙ. ලංකාවෙත් ඔය වගේ දුර ගමන් යන කෝච්චි තියෙනවා නම් හා විශාල පිරිසක් යනවානම් ඔය විදිහේ දෙයක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.
ReplyDeleteBBC Inside Out has discovered that one in 10 of Britain's train carriages dispose toilet waste straight onto the railway tracks. 12 January 2015. http://www.bbc.co.uk/news/uk-england-30541015
ReplyDeleteTrain companies are to be ordered to adapt their trains to stop dumping sewage on the tracks. Ministers want to rewrite future franchise deals to end the ‘disgusting’ practice of toilets flushing straight on to the rails. But they admit it could take years before the problem is eradicated because it is impossible to fit tanks underneath older carriages which are still in service. http://www.dailymail.co.uk/news/article-2526535/Train-firms-banned-allowing-utterly-disgusting-toilets-flush-sewage-tracks.html
Why can't you flush a train toilet while in a station? http://www.lbc.co.uk/why-cant-you-flush-a-train-toilet-while-in-a-station-58663
ඔව් ඉතින් ලංකාවත් ලොකු රටක් උනානම් ඔය ටික ඔහොමම වෙන්න තිබ්බ හරී.. අපේ කොච්චි වලනම් වැසිකිලියේත් ඕමි ගහනව උදේ හවස කෝච්චි වලනම්..
Deleteචඃ.....අපරාදේ මෙතනින් නැවැත්තුවේ. ඉතාම ඉස්තරම්. නව නළු රසයෙන් යුක්තයි.
ReplyDeleteමොකක්දෝ පිනකට, මට ඉන්දියාවේ ගතකරන්න වුනේ හමුදා පුහුණුවකට නිසා, කිසිම කරදරයක් නම් වින්දේ නැහැ.
ඉන්දියාවේ ගතකරපු මාස ගානක කාලය ඇතුලත විස්තර බොහොමයි විචාරක තුමෝ.. නිවිහැනහිල්ලේ ලියන්නම්කො.. හමුදා පුහුණුවට ගියාම ඔක්කොම අතට පයට ලැබෙනවනේ ඔබතුමාලට.. අපේ පුහුණුව ඉතින් පරිප්පුම තමා..
Deleteචිත්‍රපටයක රූපරාමු වගේ හැමදේම දෑස් ඉදිරියේ මැවී පෙනුණා.අර සුදු යකඩ පටිය උන් ගෙනියන්නෙ දිව මදින්න.ඔය ආකාරයට කට්ටිය සාමුහිකව වාඩිවී කරන දර්ශනයක් මම පින්තුරෙට අරගෙන තියෙනවා නාගපට්නම් වල.
ReplyDeleteදිළිඳු පවුල්වල අය, පාර අයිනේ පෝලිමට ඉඳගෙන, සල්ලාපයේ යෙදෙමින්, මේ අභ්‍යාසය කරනවා. අපි උදේම නැගිටලා, වන සටන් පුහුණුව සඳහා යද්දී, කාන්තාවන් පේලියට පාර අයිනේ ඉන්නවා, සාරි පොටින් මූණ වහගෙන වාඩිවෙලා. මූණ දැක්ත්නේ ලැජ්ජා. අනික් ඒවා දැක්කත්, ඒ කවුද කියලා දන්නේ, ඒ ඒ කොටස් හඳුනන අය විතරයිනේ. අපි ඉන්දියන් හමුදා සගයන්ගෙන් අහනවා, ඒයි, අර මොකද කියලා. උන් කියනවා, ගනන්ගන්න එපා යමන් යන්න කියලා.
Deleteහැලප අයියත් ඉන්දියාවේ කාලයක් හිටිය නිසා තොරණේ විස්තරේ මට වඩා හොඳට දන්නවා ඇති නේද.. මමත් හිටපු මාස ගානටම ලියන්න විස්තරනම් බොහොමයි..
Deleteවිචාරක තුමා සමීප දසුන් දැකල වගේ.. හෙහ්..
Deleteමචන් මට හිතෙන්නෙ "ගන්දම් එක්ස්ප්‍රස්" කියන එක වඩා ගැලපෙනව කියලයි.මහලොකුවට පුරාජේරු ගහන මෙහේ ඉන්න ඉන්දියන් උන්ට මේක පෙන්නන්න බැහැනේ අම්මප.හැබැයි අර කියපු කදු කතාව නිසා මගේ කෑම රුචිය වැඩි උනා කියහන්කො හිටන්...������
ReplyDeleteඋඹට ඉතින් කන්ද බත් පිඟාන අයිනෙන් තිබ්බත් ගානක් නැති එකානේ බන්..
Deleteහමදාම වගේ මේකත් පරක්කුයි කමක් නහ මේකෙන් ගත යුතු ආදර්ශය තමා කොහේ ගියත් බිස්කට් අරන් යන්න කියලා එහෙම නේද
ReplyDeleteකොහේ ගියත් දෙවැනි සැලසුමක් සහිතව යායුතුයි ඩ්‍රැගන්.. plan B එකක් තියන ඕනෑම වැඩක් කඩා වැටෙන්නේ නැහැ..
Deleteමැද ටික මංචි බිස්කට් advertisement එකක්ද ?
ReplyDeleteදවස් හතරක් ජීවිතේ රකල දුන්නට මෙහෙම හරි කෘතගුණ සලකන්න ඕන සුටික්කෝ.. මගේ අදහසනම් කැඩිච්ච සෙරෙප්පු දෙක උනත් කුණු ගොඩට විසික් කරන්න කලින් ස්තුති කරන්න ඕන කියලයි එතෙක් කල් කකුල් දෙක ආරක්ෂා කරලා දුන්නට..
Deleteකෝ යකෝ මං අර උඩහිංම දාපු කොමෙන්ටෙක. මේ ඉංදියන් හැත්ත ඒක උඩත් වැසිකිළි ගිහිංදැ.
ReplyDeleteඋඹේ කොමෙන්ට් එකත් අර හෝස්මන්ල කාණුවට හෝදල දාල. හැක්..
Deleteසුරන්ගයෝ උඹ දවස් කීයක් කෑවේ නැද්ද මේක කියවල..
Deleteමට සතියක් විතර දකුණු ඉංදියානුවෙක් එක්ක රූම් එක සෙයාර් කරගන්න වුනා උගෙ ලඟත් ඔය සුදුයකඩ අටමඟුල තිබුන. මාත් එකඑක විදිහෙ අනුමාන කරා ඕක ගැන දැන් කමෙන්ට් වලින් තමයි වැඩේ අහුවුණේ :D
ReplyDeleteහෙහ්.. මටත් බොහොම පසු කාලීනව තමයි හොයාගත්තේ මේ පටියෙන් කරන්නේ මොකක්ද කියල.. උන් ඒක ආමාශේටම බස්සලයි දිව සුද්ද කරන්නේ..
Deleteදැන් ඔය දවස් තුනට වැසිකිලි අවශ්‍යතාවෙට මොකද කරේ...?
ReplyDelete:D
Deleteබලපිටියෙන් කිරළ මුලක් අරන් ගියාව. මගදී නිදා ගන්න ගම්න දුනු පිහියෙන් සුද් කරන් කිරල ඇබ හැදුවලු.ඉතිරි ටික.....
Deleteරසිකයෝ.. ඔය ප්‍රශ්නේ මෙච්චර පරක්කු වෙයි කියල මම හිතුවේ නැහැ.. ඇත්තටම කියනවනම් මම වැසිකිලි ගියේ දවස් හතරකට පස්සේ හෝටලේට ගිහිල්ලම තමයි.. ඒකත් වෙනනමම කතාවක් විදිහට ලියන්න ඕන විස්තරයක්....
Deleteඋදාරයා කරන දේ තමයි ඔය මට ආදේශ කරලා තියෙන්නේ.. හෙහ්..
Deleteඉස්සල්ලාම බැලුවේ පස්වෙනි කොටස. එතනින් ගිහින් ඔක්කොම කොටස් ටික බැලුවා. මට මේ බ්ලොග් එක මග ඇරුනේ කොහොමද කියලා මටම හිතාගන්න බෑ. එච්චරට ලස්සනයි.
ReplyDeleteඉන්දියාවේ මිනිස්සු හරියට වැඩ කරනවා වුනත්, කොච්චර දක්ෂ වුනත්, ඒ අයගේ ඔයා ඔය කියලා තියෙන කැත පුරුද්ද, කවදා නතරකරයිද මන්ද
මහ පාරේ කාරෙකක යනකොට එයාලා පස්ස හරවගෙන ඔය වැඩේ කරනවා. මට මතක් වෙන්නේ අලියා ඇස් වහගෙන උක් කාපු කතාව. එයාලට අපි පේන්නේ නැතිවුනාම අපිටත් එයාලා පේන්නේ නෑ කියලා හිතනවා ඇති.
ඊලඟ කොටස එනකල් බලා ඉන්නවා.
මෙඩුසා සාදරයෙන් පිලිගන්නවා අම්බලන්ගොඩ කතා බ්ලොග් අඩවියට.. උන්ට ඕක කරන්න වැසිකිලි නැති නිසයි බන් ඔහොම කරන්නේ..
DeleteNiyama kathawak bro. Jaya sri
ReplyDeleteස්තුතියි කුෂාන්..
Deleteමම මේ බ්ලොගයට ආපු පළමු වතාව මයේ හිතේ, ඔබේ අකුරු කිරීම සිත් වශීකරයි,
ReplyDeleteමටත් ඔය සමාන අත්දැකීමක් තියෙනවා, එයත් චෙන්නයි ඉඳලා නව දිල්ලිය දක්වා GT express කෝච්චියේ ගිය ගමනක්, ඔබ ලිපියේ කියූ අත්දැකීම් සියල්ල මාත් වින්දා. එය එක්තරා වූ අත්දැකීමක්, ආයේ නම් මට එපා...අම්මෝ! හිතෙනකොටත් පස්ස පැත්ත හිරි වැටෙනවා....
2008 දී මා ගිය ඒ ගමන මගේ මතකය හරි නම්, පැය 72 ක පමන කාලයක් ගෙවා ප්‍රාන්ත 5ක් පසු කරමින් කිලෝමීටර් 2175 ක දුරක් ඉන්දියන් රු 275 ක තුන්වෙනි පංතියේ ආසනයක ඉඳන් ගිය ඒ ගමන අතිශයින්ම මිහිරි මතකයක්. කොන් දෙක නොපෙනෙන පැයට කිලෝමීටර් 70 කින් ගිය කෝච්චිය ආඳ්‍රා ප්‍රාන්තය පසු කරන්න පමනක් දින එක හමාරක් ගතවුනා මට මතකයි, ආඳ්‍රා ප්‍රාන්තය ඒ තරම් විශාලයි, ආඳ්‍රාවේ පාලම් කිහිපයක් හරහාම අපට යන්න සිදු වූ අතර එක පාලමක් කිලෝමීටර් තුන හමාරක් දුරට තිබුන බවත් මට මතකයි.විවිද සංකෘතීන්ට අයත් විවිද බාෂා කතා කරන මගීන් සමඟ මුසුවී යන්න සිදුවූ ඒ ගමන ජීවිත අත්දැකීමක්.
ස්තුතියි අගය කිරීමට .. ලෝකේ කොයි රටක දුම්රියේ ගියත් ඉන්දියාවේ දුම්රියේ තරම් පුදුම සහගත දෑ නැතුව ඇති..
Deleteඅහම්බෙන් දැකල ගොඩ වැදුනා. ඉන්දියාව නම් එපාම වුනා කොල්ලෝ මේක කියවලා. මෙහෙම උන්දැලා නේද ලංකාවට ගෙන්න ගන්න හදන්නේ?
ReplyDeleteකොහොම වුනත් ලියන විදිය නම් එළ මචෝ....
ස්තුතියි නුවන්
Deleteමම මෙතෙක් කියවපු පට්ටම බ්ලොග්එක...ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්...මමත් අම්බලන්ගොඩයෙක් !
ReplyDeleteස්තුතියි ඔබතුමාට..
Deleteබුදු අම්මෝ. එහෙත් එහෙමයි ඈ? ඉන්දියානුවෝ රංචුවක් එක්ක වැඩ කරන මටත් ඉන්දියානුවෝ ගැන කතා බොහොමයි, නමුත් ඕවා කියන්න ගියාම වෙනම ආවේස වෙන අපේ යාලුවෝ ඉන්න හන්දා මම වැඩිය කියන්නෙ නෑ. ඉවසගෙන ඉන්නවා.
ReplyDeleteඒක නෙවෙයි. අර ටොයිලට් එකට අරගෙන යන ගැජට් එක මොකක්ද කියලා පස්සෙ කාලෙක වත් ඇහුවෙ නැද්ද කාගෙන්වත්?
ඒ ගැජට් එකෙන් තමයි උන් දිව පිරිසිදු කරන්නේ.. මටනම් හිතනකොටත් බයයි ඒ වගේ සිදී යකඩ පටියක් දෙකට නවල උගුරට බස්සන්න..
Deleteලියහන් බන් ඉන්දියන් එවුන්ගේ විස්තරේ අපිටත් කියවන්න..