Wednesday, April 4, 2018

එහා ගෙදර ඩයින කොටේ 2







එහා ගෙදර ඩයින කොටේ 1


ඔන්න සාමාන්‍ය විදිහට අපේ මිත්‍රයා ඩයිනාව පාරට දාල දුවවනව. හැබැයි වැඩේ කෙරෙන්නේ අමුතුම තාලෙකට. මොකද ඒ වෙද්දී අපේ මිත්‍රයා රැකියාව කරේ වෙනත් බස් රථයක කොන්දොස්තර විදිහට. මෑන්ස්ගෙයි ගොඩයාගෙයි ගතිලක්ෂණ වලින් එකක්, ලඟින් ලඟින් සමපාත වෙන්නේ ඔන්න ඉතැනදී. මොකද කියනවනම් අපේ මිත්‍රයා බස් එකක් ගත්තා කියල සන්තෝසයෙන් ඔද වැඩිලා තමුන්ගේ රැකියාව අතැරලා තමුන්ගේ බස් රථයේ කොන්දොස්තරකම තමන්ගේ රැකියාව විදිහට තෝරාගත්තේ නෑ. එතැනදී මෑන්ස් හෙන බිස්නස් මයින්ඩඩ්. මෑන්ස් තමුන්ගේ බස් රථය පිටස්තර රියදුරෙකුට භාර දීල තමුන්ගේ මස්සිනා හෙවත් අක්කාගේ සැමියා එම බස්රථයේ කොන්දොස්තර බවට පත්කරනව. අන්න ඒ විදිහට තමුන්ගේ ව්‍යාපාරය වෙච්චි බස් ව්‍යාපාරය සුරක්ෂිත කිරීමත්, තමුන් එතෙක් කල කොන්දොස්තර රැකියාව සුරක්ෂිත කරගැනීමත්, අක්කාගේ සැමියාගේ රැකියා ප්‍රශ්නය විසඳීමත් එකම ගනුදෙනුවෙන් විසඳලා දමන්න සමත් වෙනවා අපේ මිත්‍රයා. ව්‍යාපාරයක් පටන්ගත්ත පමණින් එතෙක් කල රැකියාව අමතක කිරීම ගොඩයා අනුමත කරන්නේ නෑ. ගඟේ ගැඹුර මනින්නට කකුල් දෙකම දාන එක සෑහෙන්න අවදානම් කටයුත්තක්නේ.

ඔන්න ඔය විදිහට ඔය කිව්ව ඩයිනා කොටේ එංජිම ස්ටාර්ට් කරන සද්දේ අහලපහල හැමදෙනාගේම උදෑසන එලාර්ම් එක බවට පත්වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියමුකෝ. මොකද ඩයිනාව ස්ටාර්ට් කරාම එන සද්දෙට මළමිනියක් උනත් ඇහැරෙන්න තරම්. උදෑසනට අඬලන්න කුකුල්ලු නොහිටපු ගොඩයාගේ ගමේ උදෑසනට මිනිස්සු අවධි කරවන කුකුළු නාදය උනේ අපේ මිත්‍රයාගේ ඩයිනාවේ එන්ජිම පනගන්වන සද්දෙ. සද්ද-බද්ද අකුරු කරන්න අපේ යාන්හෑල්ලේ සුරංගයා තරම් ගොඩයා දක්ෂ නැති නිසා ඔය එන්ජිමේ ශබ්දය අකුරට නගන්න ගොඩයා වැඩි උත්සාහයක් ගන්නේ නෑ. සතියේ දවස්වලට ඩයිනාව උදේට ඇහැරගන්න පුංචි සහනයක් උනාට සති අන්තයේ දවස් වලදී ඉතින් ඩයිනාව මල ඇණයක්. ඒත් ඉතින් මක් කරන්නද ඌ අහල පහල එකානේ.

ඔන්න දවසක් කව්දෝ එකෙක් උදේ පාන්දරක ගොඩයාගේ නිදියහන් ගබඩාවේ ජනේලෙට තදින් තඩිබානවා. ඇයි යකඩෝ ගෙදරකට ආවනම් අර සා විසාලෙට පැහැදිලිව ප්‍රධාන දොරක් තියෙද්දීත්, ඒ ලඟින්ම විදුලි සීනුවකුත් පැහැදිලිව පේන්න තියෙද්දිත්, ඒ දෙකම පහුකරන් ඇවිත් ජනේලෙට තඩිබාන්නේ අහවල් එකටද. උදේ එලිය වැටෙන්නත් කලින් කව්ද යකෝ මේ නින්ද කන්න හදන්නේ කියලා අසූ හාරදාහට පැනපු මලත් එක්ක ඔන්න ගොඩයා ජනේලය ඇරලා බලනවා මොකාද බොල මේ කියල. බැලින්නම් අපේ අලුත් බස් ඕනර් ඉන්නවා ජනේලේ අයිනේ විරිත්තගෙන. 

මොකෝ බන් මේ පාන්දර..

බස් එක ස්ටාර්ට් නෑ බන්.. බැටරිය බැහැල..

ඉතින්.. දැන් ඕක මේ පාන්දර මට කියන්නද උඹ මගේ ආතල් නින්ද කැඩුවේ..

නෑ නෑ බං.. ෆස්ට් ටර්න් නොගැහුවොත් දවසම දුවන්න හම්බෙන්නේ නෑ.. වෑන් එකේ බැටරිය හයිකරලා ස්ටාර්ට් කරලා දියන්කෝ බස් එක ..

ඉතින් උඹේ බස් එක ඩබල් බැටරි නේද.. වෑන් එකේ එකේ බැටරිය බොට දීල මම වෑන් එක දුවවන්නේ අහවල් එකෙන්ද එතකොට..

ස්ටාර්ට් කරලා දුන්නනම් ඇති බන්.. ඊටපස්සේ දවසම ස්ටාර්ට් එකේ තියන් දුවන්න පුළුවන්..

ඉතින් ඕක ඩබල් බැටරිනේ.. තනි බැටරියෙන් පුළුවන් වෙයිද ..

පුළුවන් වෙයි බං.. මගේ එක බටරියයි අවුල්..

ඔන්න ඉතින් ගොඩයාගේ ආතල් නින්දත් අහවරයි. දැන් ගලවහන්කෝ බැටරි.. ගොඩයා නිදි මරගාතේ මිලිමීටර් දහයේ රින්ච් එකකුයි ටෝච් එකකුයි හොයාගෙන ඔන්න ගලවනවා වෑන් එකේ බැටරිය.. ඉන් පස්සේ මිත්‍රයාගේ බස් එකට බැටරියත් ගලවල වෑන් එකේ බැටරිය හයිකරලා මොටරේ ගැහුවාම ඔන්න යන්තම් බස් කොටේ ස්ටාර්ට්.. බස් කොටේ රස්සාව කරන ඩ්‍රයිවර් උන්නැහෙයි අරූගේ මස්සිනා කොන්දොස්තර උන්නැහෙයි හරියට නිකං පැත්තකට වෙලා බලන් ඉන්නේ  පැසෙන්ජර් එයාර්ලයින් එකක පයිලට්ලා ෆ්ලයිට් එක රෙඩි කරලා දෙනකම් ගැම්මට වාඩිවෙලා ඉන්නවා වගේ. උන් දෙන්න ඉන්න හැටි දැක්කාම තොපි හාමුලද කියල අහන්න හිතුනත්, මක් කරන්නද ඉතින් අහලපහල එකානේ කියලා ගොඩයා ඔන්නොහේ කටවහගෙන ආයෙත් බැටරිය කර තියාන ඇවිත් වෑන් එකේ හයිකරනව.

ඔය විදිහට දවස් ගතවෙන අල්ලපනල්ලේ ඩයිනා කොටේ එලාර්ම් එක වදින්නේ නැති දවස්වලට එලාර්ම් එක අයිති එකා ජනේලෙට තට්ටු කරලා ගොඩයාට එලාර්ම් එක ගහන එක පුරුද්දකට ගියා කියහන්කෝ. කොහොම වෙතත් ඩයිනාව තල්ලු කරලා ස්ටාර්ට් කරන්න උත්සහ කරලා අනතුරුව තමයි අපේ මිත්‍රයා දෙවැනි බැටරියක පිහිට පතන්න පුරුදු උනේ. ඔය බැටරි ගැලවිල්ලයි හයි කිරිල්ලයි හැමදාම උදේට කරන එක මල කරදරයක් නිසා ගොඩයා ජනේලේ බාගෙට ඇරලා වෑන් එකේ යතුර විතරක් දෙන තැනට අපේ මිත්‍රයාව පුරුදු පුහුණු කළා. එහෙම කරාම වැඩේ ටිකක් විතර ශේප්. මිත්‍රයා ඇවිත් ජනේලෙට තට්ටු කරන්නේ උගේ බැටරිය ගොඩයාගේ වෑන් එකේ හයිකරලා තියන ගානට උනාට එව්වා ගැන වැඩිය හිතන්නේ නැතුව ගොඩයා තනි ඇහෙන් ඇහැරිලා වෑන් එකේ යතුර භාගෙට ඇරපු ජනේලෙන් මිත්‍රයාට දෙනවා. ඒ දුන්නාම මිත්‍රයා බැටරිය ගලෝගෙන ගිහින් ඩයිනා කොටේ ස්ටාර්ට් කරලා ආයෙමත් බැටරිය ගෙනත් වෑන් එකට හයි කරලා යතුර වෑන් එකේ දොරේම තියල මාරුවෙනවා. හැබැයි ඉතින් එහෙම කරා කියල ගොඩයාට වැඩි වෙලාවක් නිදාගන්න ලැබෙන්නේ නෑ. මොකද කියනවනම් මිත්‍රයාගේ ඩයිනා කොටේ පණගන්වන සද්දෙට ගොයාගේ භාග නින්ද සම්පූර්නෙන්ම ඇහැරෙනවා. ආයේ ඉතින් මොන නින්දක්ද. ඩයිනාව ඩොග ඩොග ඩොග ගාගෙන පාරදිගේ ටවුම දිහාවට යද්දී පහුවෙන ගෙවල්වල සැපට නිදාගෙන ඉන්න එවුන් පිළිවෙලට අපේ මිත්‍රයාගේ මෑණියන්ගේ මෑණියන් අමතගෙන අවධිවෙන එක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. මොකද ඔය ඩයිනා කොටේ ස්ටාර්ට් කරපු වෙලාවේ ඉඳන් ආයේ නවත්තනකම් ඉන්ජිමේ සද්දෙට වඩා ඇහුනේ කොහෙන්දෝ එන ඩොග ඩොග ගාන සද්දයක්. එක නිකං ට්‍රෝලර් යාත්‍රාවක් මුහුදු යන සද්දේ වගේමයි. ඩයින කොටේ අපේ මිත්‍රයාට වික්ක එකා බෝට්ටු එන්ජිමක් හයිකරලා වික්කාවත්ද කියලත් ගොඩයාට හිතෙනවා ඒ සද්දේ ඇහෙනකොට.

ඔන්න එක දවසක් සෙනසුරාදාවක උදේක පරණ පුරුදු විදිහට අපේ මිත්‍රයා ගොඩයාගේ නිදියහන් ගබඩාවේ ජනේලයට තඩි බානව. ගොඩයා පරණ පුරුදු විදිහටම මිත්‍රයාගේ දෙමාපියන් ප්‍රමුඛ ඥාති වරිගයා සිහිකරන ගමන්ම ඇඳේ ඉඳන්ම ජනේලය භාගෙට ඇරලා යතුර එලියට දානව. ඔය වැඩේ කොයිතරම් පුරුද්දට ගියාද කියනවනම් වෙන කව්රුහරි වාහන හොරෙක් ඇවිත් ජනේලෙට තට්ටු කරත් ගොඩයා මූණවත් බලන්නේ නැතුව වෑන් එකේ යතුර එලියට දාන්න පුරුදු වෙලා ඉවරයි.  මට මගේ නොවෙන මගේම බැටරියක් තිබුනා ගානට වෑන් එකේ බැටරියේ හිමිකාරිත්වය ගැනත් පොඩි කුකුසක් ගොඩයාගේ හිතේ ඇඳිලාත් ඉවරයි ඒ වෙද්දී. ඔන්න ගොඩයා යතුර එලියට දැම්මා කියමුකෝ. ඒත් මිත්‍රයා වෙනද වගේ යතුර ගන්නේ නෑ..

බැටරිය නෙවේ බන්.. පොඩි උදව්වක් කරහන්කෝ..

මොකක්.. ගොඩයා ඇඳේ ඉඳන් නින්දෙන්ම අහනව..

අනේ බන් බෑ නොකිය පොඩි උදව්වක් කරහන්..

කියහන් බන් උදේ පාන්දර වටේ යන්නේ නැතුව..

ඩ්‍රයිවර් ඇවිත් නෑ බන්.. බස් එක ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දියන්කෝ.. ෆස්ට් ටර්න් ගැහුවේ නැතිවුනොත් දවසම දුවන්න වෙන්නේ නෑ බන්.. ෆිනෑන්ස් හිරවෙනවා බන්.. අනේ බන් බෑ කියන්න එපා බන්.. අද පොළ දවස බන්..

ඉතින් යෝදයෝ මට බස් එලවන්න ලයිසන් නෑ..

මේක ස්ටෑන්ඩ් එකට ගෙනියන්න ලයිසන්ද ඕන නෑ බං.. මේ පාන්දර එලිය වැටෙන්නත් කලින් පොලීසියෙන් පාරේ නෑ බන්.. ඇල්ලුවොත් මං බලාගන්නම්.. අනේ බන් වඳින්නම් මේක ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දියකෝ.. 

එතකොට දැන් ස්ටෑන්ඩ් එකේ ඉඳන් මේක සෙනග පටෝගෙන යන්නේ නයිට් රයිඩර්ද ගොනෝ..

නෑ නෑ බන් ස්ටෑන්ඩ් එකෙන් ටෙම්පරි කව්රුහරි ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න පුළුවන් බන්.. අනේ බන් තව විනාඩි පහළොවයි තියෙන්නේ..

දැන් කියහන්කෝ ඉතින් මොකේද දන් වළඳන්නේ  කියල.. උදේ පාන්දරම මේ යෝදයා ඉල්ලන උදව්ව කරලත් බෑ නොකරත් බෑ..ඒ වගේම හදිසියකට, කරදරේකදී ෆුල්ටයිම් උදව්වට එන එකා නිසා ඉල්ලීම් අහක දාන්නත් බෑ. ඉර එලිය වැටීගෙන එන පාන්දර යාමේ උනත් ඉල්ලන්නේ බස් කොටේ ස්ටෑන්ඩ් එකට ගෙනිහින් දෙන්න කියලා නිසා බෑ  කියන්නත් බෑ. ඔන්න ඔය කියන කරුණු කාරනා සියල්ලක්ම කල්පනා කරලා අහවර වෙලා ඔන්න ගොඩයා තීරණය කරනවා බස් කොටේ ස්ටෑන්ඩ් එකට දක්කලා එන්න. ගොඩයා ඉන්නේ ලෝකයේ තියන එකම ඩුවෙල් ඒසී ඇඳුම නමින් හඳුන්වන සරොමක් ඇඳගෙන උනත් විනාඩි දහයක වැඩක් නිසා ගොඩයා කමීසයක් විතරක් දාගෙන අමුවෙන්ම එලියට බහිනවා උදේ පාන්දර නිදි ඇඳටම කඩාන පහත්වෙච්චි මරාලේ ටවුමට ඇරලලා එන්න. වැඩේ කියන්නේ ගොඩයා ජංගමය සහ පසුම්බිය ගන්න අමතක කරන්නේ නෑ  කෝකටත් කියලා ප්ලෑන් බී එකක් තියෙන්න ඕන නිසා. ඇයි හත් ඉලව්වේ හදිසියෙවත් පොලෝසියෙන් අල්ලගත්තොත් පෙන්නන්න සැහැල්ලු වාහන ලයිසමවත් තියෙන්න ඕනනේ. ඒ වගේම සැහැල්ලු වාහන ලැයිසමෙන් බස් කොටයක් එළවලා පොලෝසියට කුදලාගෙන ගියොත් දන්නා කියන එකෙකුටවත් කෝල් එකක් දීල ඇපයක් තියාගන්න පිහිටට තියෙන්නේ  ජංගම දුරකථනය විතරයි. ඒ වගේම කට්ට පාන්දර නිසා ගොඩයා ගෙදරින් පිටවෙන්නේ ගෙදර ඉස්සරහ දොරත් එළියෙන් වහගෙන. දොර ඇතුලෙන් වහගන්න නිවසේ සාමාජිකයෙක් අවදි කිරීම යනු තවත් ප්‍රශ්න දහදාහකට විතර උත්තර දෙන්න වෙන භාරදූර කටයුත්තක්නේ..

ඔන්න ගොඩයා බස් කොටේ ටවුමට එළවන් යනවා කියමුකෝ. කිව්වට දුකේ බෑ බස් එකක් කිව්වට ඒක පතෝලා මැස්සකින් වෙනස් වෙන්නේ එන්ජිමක් හයිකරපු එකයි, රෝද හතරක් හයිකරපු එකයි විතරයි. කලින් කොටසේ විස්තර කල ආකාරයෙන් ඉදිරිපස ඩෑෂ් බෝර්ඩ් එකේ කෑලි ටික බල්ලො කාලා හා සමානයි. කළුවරේ යනකොට පාර බලාගන්න තියන හෙඩ් ලැයිට් දෙක වදින්නේ හඳට. බස් කොටේ පාරේ සෙනග අදිනවට වඩා ගානක් හොයන්න තිබ්බ ඉලෙක්රිසිටි බෝර්ඩ් එකට රෙන්ට් එකට දුන්නනම්. මොකද කියනවනම් ඒ බස් එකෙන් ගිහින් රෑට ලැයිට් හදන්න හෙන ලේසියි. හේතුව හෙඩ් ලයිට් ඔක්කොම වදින්නේ ලැයිට් කණුවල මුදුනට නිසා. සිග්නල් ලැයිට් දාන්න තියෙන්නේ ගෙවල්වල බිත්තියේ හයිකරන ස්විච් දෙකක්. ඒ කියන්නේ ඩබල් සිග්නල් හෙවත් හසාර්ඩ් එක දානවනම් ඔය බිත්ති ස්විච් දෙකම පහතට දැම්මාම සිග්නල් ලැයිට් හතර පත්තු වෙලාම හිටිනවා. බස්කොටේ එළවන් ටවුම දිහාවට යද්දී ගොඩයාට හිතෙන්නේ ජර්මන් කාරයයි ජපනයි අවුරුදු ගණන් පරීක්ෂණ පවත්වලා හොයාගන්න දේවල් එක විනාඩියෙන් ලංකාවේ මකබාස්ලා හොයාගන්නවා නේදෝ කියන එක. වාහනේ යන වේගය බලාගන්න සහ අනෙකුත් උපකරණ ගැන දත්ත ලබාගන්න තියෙන මීටර් ටිකේ ලයිට් තියා කටු ටිකවත් නෑ. 

රියදුරු ආසනේ වර්ණනාව ඊට එහා කියමුකෝ. බස් කොටේ හයිකරලා තියෙන්නේ කාර් සීට් එකක්. ෂපාන් එකට නින්දක් දාන්න නම් කියාපු භාන්ඩෙ උනාට ඒකෙ වාඩිවෙලා කරන්න අමාරුම කටයුත්ත තමයි බස් කොටේ එලවන එක. ඔය කියන සීට් එකේ වාඩිවෙලා හොඳට හේත්තු උනාම හඳ බලන්න වෙනම විසේසයෙන් උඩ බලන්න ඕනේ නෑ. එකත් එකටම අර කලින් කිව්ව හෙඩ් ලයිට් දෙකත් ඉලක්ක කරලා තියෙන්නෙත් උඩට වෙච්චි එකේ, රියදුරු ආසනෙත් හයිකරලා තියෙන්නේ උඩබලාගෙන වාඩිවෙලා ඉන්න වෙච්චි එකේ බස් කොටේ කලින් අයිතිකාරයා දිව්වේ බ්‍රහස්පතී සෙනසුරු හරහා නෙප්චූන් ප්ලූටෝ වගේ රූට් එකක්දැයි කියලත් ගොඩයට සැක නොහිතුනාම නෙවෙයි. ඒ සීට් එකේ වාඩිවෙලා ක්ලච් එක පාගනවා කියන්නේ ඇල දිවත් ඇම්මැට්ටි වෙන සීන් කෝන් එකක්. 

ඔය ක්ලච් එක තියන උපකරෙනෙට අපේ බබා කිව්වේ හච් එක කියල. බබා වාහනේ යටට ගිහිල්ල හච් එක පාගපන් කිව්වම අපි දැනගන්න ඕන ක්ලච් එක පාගන්න. බබා කිව්වට වරදවා වටහාගන්න කාරී නෑ. බබා කිව්වේ හොඳ දැනුමක් තියෙන ඔටෝමොබයිල් ටෙක්නිශියන් කෙනෙක්. සිංහලෙන් කියනවනම් ඕනම රෑක බෑ නොකියා වාහනේ හදල දෙන හිත හොඳ ගරාජ් බාස් කෙනෙක්. බබා ගැනත් ලියන්න විශේෂ බ්ලොග් පොස්ට් එකක් තියෙන නිසා   බබා ගැන විස්තර වෙනමම බ්ලොග් පොස්ටුවකින් කියන්න තමයි ගොඩයා හිතුවේ. 

ඔන්න ඉතින් බස් කොටේ ක්ලච් එක දිව විකාගෙන පාගගත්තා කියමුකෝ. දැන් දාපන්කෝ ගියර්.. කෝ ඉතින් දාන්න ගියර් ??? ගියර් තියෙනව උනාට එව්වා එහෙම හොයන්න ලේසි නෑ.. කාස්ටක පොළොවක ඉන්නක් හිටවන්න යකඩ ඉන්නෙන් හිලක් හාරනවා වගේ ගියර් පොල්ල වටේ කරකවලා කරකවලා තමයි අදාළ ගියර් එක හොයාගන්න ඕන. මොකද කියනවනම් අදාළ ගියර් එක හොයාලා දාගන්න එක ශනිදා වාසනාව ජයමල්ල ඇදෙන චෑන්ස් එකටත් වඩා  සිය දහස් ගුනේක විරල චෑන්ස් එකක්.  දෙවැනි ගියර් එකේ පිකප් කරලා තුන්වෙනි ගියර් එක හොයල තුනට දාගන්නකොට ආයේ බස් කොටේ පලවෙනි ගියර් එකට දාන්න වෙන තරම් ස්ලෝ වෙලා. ආයේ ඉතින් මුල හිටං ගියර් හොයාගෙන තමයි ගමන පටන් ගැනීම. වැඩේ කියන්නේ ඔය ගියර් හෙවිල්ලයි දත විකාගෙන ක්ලච් පෑගිල්ලයි ඇරුනාම ඊළගට තියන ලොකුම අභියෝගය තමයි බස් කොටේ කෙලින් අතට පාරේ ධාවනය කිරීම. මොකද කියනවනම් ස්ටියරින් සිස්ටම් එක ෆුල් අවුල් සහගතයි. අවුල් සගතයි කිව්වට පොඩ්ඩක් හෙම නෙවෙයි වටයක් විතර ප්ලේ.. ඉතින් දැන් මේක කියවන සමහරක් උදවිය බලයි මොකක්ද යකඩෝ ස්ටියරින් ප්ලේ කියන්නේ කියල. එව්වා දන්නෙ ඉතින් පරණ පවර් ස්ටියරින් නැති වාහන එලවපු අය විතරයි. ඒ කියන්නේ ස්ටියරින් වීල් එක සම්පූර්ණ වටයක් කැරකුවාම තමයි වාහනේ ඉස්සරහ රෝද අදාළ දිශාවට හැරෙන්න පටා......න් ගන්නේ. ඒ ස්ටියරින් වටයම කැරකෙන්නෙ නිකං. අන්න ඒ ස්ටියරින් වටය තමා දරුණුම කෑල්ල. මොකද කියනවනම් බස් කොටේ ඉස්සරහට යද්දී බ්‍රේක් පෑගුවාම බස් කොටේ යන්න තනන්නේ ඌට ඕන දිහාවට. අන්න එතකොට තමයි හැරෙන දිහාවට විරුද්ද දිහාවට ප්ලේ වටේ කරකෝලා බස් කොටේ කැලේ පනින එක නවත්තගන්න ඕන. ගොඩයා පරණ චින් චින් ඩෙලිකා එලෝලා තියෙන නිසා ස්ටියරින් ප්ලේ එකනම් ගොඩයට වැඩි ගානක් නෑ. ඒත් ඉතින් රොකට් එකක හඳට යන්න වාඩිවෙලා ඉන්නැහේ උඩ බලාගෙන ඉඳගෙන ඔය සෙල්ලම් ඔක්කොම කරගෙන ඩයිනා කොටේ ලයිට් කණුවල හප්පන්නේ නැතුව  පාරේ අරං යනවා කියන්නේ ඒ රියදුරා  සුපිරි සර්කස් කාරයෙක් වෙන්න ඕනෙමයි. වෙනත් විදිහකින් කියනවනම් ඩයිනා කොටේ පර්මනන්ට් එලවන ඩ්‍රයිවර් සර්කස් පැසිෆියා එකෙන් ජොබ් එකක් ඉල්ලුවොත් ඉන්ටව් නැතුවම ජොබ් එක සුවර්.

බස් කොටේ විස්තරේ දිග වැඩිවුනාද මන්ද.. ඒත් ඉතින් ඒ වගේ අති අනර්ඝ ලෝකෙටම එකයි වර්ගයේ බස් කොටයක් ගැන විස්තරේ නොලියා ඉන්න එක ඒ බස් කොටේට කරන අසාධාරණයක් කියලයි ගොඩයාගේ මතය. ඔන්න ගොඩයා නැගිට්ට පැදුරෙන් ඇඳන් හිටපු සරොම පිටින්ම ඩයින කොටේ ගෙනල්ල ස්ටෑන්ඩ් එකේ කිව් එකේ ගැහුවා කියහන්කෝ. ගැහුවා විතරයි මෙන්න බොලේ දහ පාලොස් දෙනෙක් බස් එකට ගොඩ වෙලත් ඉවරයි හට්ටි මුට්ටි පලා මිටි ප්ලාස්ටි බඩු වගේ අඩුම කුඩුම ගෝනි ගණනකුත් එක්ක. බැලුවාම බස් කොටේ දුවන පාරේ එදා පොලක්ලු. පොලේ බඩු විකුණන උදවිය එදාට උදෙන්ම පොලට යන්නේ මේ බස් එකේලු. වැඩේ තියන සෝචනීයම තත්වය කියන්නේ පොලේ බඩු විකුණන උන්දෑලා ඔක්කොම බඩු ගොඩ ගහල තියෙන්නේ ඩ්‍රයිවින් සීට් එකට පිටිපස්සේ තියෙන සීට් දෙක අතරේ. ඒ කියන්නේ ගොඩයාට මගීන් නගින බහින දොරෙන් එලියට පැනගන්න ඇක්සස්  නෑ. ඉතින් දැන් මේ බස්කොටේ වර්ගය දන්න කියන උදවිය අහයි ඇයි යකෝ ඩ්‍රයිවර්ගේ දොර ඇරගෙන බහින්න පුළුවන්නේ කියල. වැඩේ කියන්නේ ඒ බස් කොටේ එහෙම දොරක් තිබුනට ඒක මගේ නොවෙන මගේම දොරක් තිබුනා කියන ගානට පරණ සරොමකින් හොඳට වෙලලා එළියෙන් ගැටගහලා කියහන්කෝ. දැන් ගොඩයා දනිපනියේ දඟලන්නේ බස් කොටෙන් එලියට පැනගෙන ත්‍රී වීල් කට්ටක නැගල ගෙදර දුවන්න. ඉතින් කියහන්කෝ කොහොමද දැන් එහෙම දුවන්නේ කියල. මෙන්න යකඩෝ අපේ මිත්‍රයා ඩ්‍රයිවර් දොරේ ජනේලය ගාවට ඇවිත් නාහෙන් අඬනව..

ඔය සරොන් ගැටේ එළියෙන් ලිහල දොර ඇරපන් බූරුවෝ මට ගෙදර යන්න ඕන....

අනේ බුදු මහත්තයෝ ඩයිවර් කෙනෙක් හොයාගන්න නෑ.. මං මොකෙක්හරි හොයල තියනකන් ෆස්ට් ටර්න් එක ගිහින් වරෙන්කො..

මොකක් ??? බොට අමු කැවිලද මනුස්සයෝ.. මට ලයිසන් ඇත්තෙත් නෑ මේක එලවන්න.. මට වැඩ දාහක් තියෙනවා  අද කරන්න.. උඹ මේ භූත කියෝනවද උදේ පාන්දර.. මං මූණ හෝදලත් නෑ..

අනේ බං එහෙම කරන්න එපා බන්..

පිස්සු නැතුව ඔන්න ඔය ගැටේ ලිහල දොර ඇරපන් බූරුවෝ..

අනේ බං එක ටර්න් එකයි ... පැය දෙකයි යන්නේ ගිහින් එන්න.. මේක නොගියොත් ෆිනෑන්ස් එක ගෙවන්න විදියක් නැතිවෙනවා බං.. අද පොළ දවසේ තමයි කීයක් හරි වැඩියෙන් හම්බෙන දවස.. අනේ බං බෑ කියන්න එපා බං.. එක ටර්න් එකක් ගිහින් වරෙන්.. මම ඩයිවර් කෙනෙක් හොයල තියන්නම්..පීස් බං..

ඉතින් කියහන්කෝ දැන් මේ අවනඩුව කියන්නේ කාටද කියල.. ගොඩයා ආවේ විනාඩි දහයක වැඩකට. ඒ වගේම උදේ නැගිට්ට පැදුරෙන්.  ඒ වගේම ගෙදර මොකෙක්වත් දන්නේ නෑ ගොඩයා කොහේ ගියාද කියනේක.. දරුණුම කාරණේ ගෙදර ඉස්සරහ දොරේ යතුර ගොඩයාගේ  සාක්කුවේ. සාක්කුවේ කිව්වට කමීස සාක්කුවේ .. ඇඳන් ඉන්නේ සරම නිසා සරමේ සාක්කු නෑනේ.. නිදි පැදුරෙන් සරමෙන් එලියට බැස්සා කියන්නේ ඉතින් වැඩි විශේෂණ කියන්න ඕනේ නෑනේ.. ඒත් ඉතින් අමාරුවෙන් ජීවිතේ ගොඩදාගන්න දඟලන අහලපහල එකාට බෑ කියන්න බැරි වීම සහ මිනිස්සු ගැන හිත උණුවෙන දුර්වලකම අවාසියට හිටියේ ගොඩයාටම තමා..

ඕයි ඩයිවර් උන්නැහේ.. අපිට පොලට යන්න පරක්කු වෙන්ව.. අද්දනවා ඕයි ඕක.. දැන් විනාඩි පහළොවකට වඩා පරක්කුයි... කාලකන්නි..

ඉතින් කියහන්කෝ මෙව්වා හදපු වඩපු දෙමාපියොන්ට ඇහුනොත් අමුඩයක් ගස්සලා ඉස්සරහ තියන කොහොඹ ගහේ ගැටගහල  දිමිගොට්ටක් ඇඟට දාලා කසේකින් තලනවා සුවර්. බස් රථයක කෝච්චියක එක මගියෙක් යුද්ධය ප්‍රකාශ කිරීම යනු අනෙකුත් මගීන් ෆෝම් වෙනහැටි මේක කියවන උදවියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැබැයි ඉතින් වාසියට තියෙන්නේ ඔක්කොමලා දෙස් දෙවොල් තියන්නේ සහ බනින්නේ එකපාරට නිසා එකෙක්වත් කියන දේවල් හරියට පැහැදිලිව ඇහෙන්නේ නැතිවීම. එතෙක් දවස් ගොඩයාට තිබ්බ එක ප්‍රශ්නයක් අන්න ඒ වෙලාවේ විසඳුනා කියමුකෝ. ඒ මොකද්ද කියනවනම් බස් ඩ්‍රයිවර්ලාට මිනිස්සු කොයිතරම් බැන්නත් බීරි අලියට වීනා ගහන්නැහේ ඉන්නේ ඔන්න ඔය කාරනාව නිසා. කට්ටියක් එක්කලා කෑගහනවා උනාට එකෙක්වත් කියන දේවල් වගේම වැහි නැති හෙන ඉල්ලන කතා එකක්වත් ඔය තත්වය උඩ පැහැදිලිව ඇහෙන්නේ නෑ. මොකද මගීන් ඔක්කොමලා කච කචේ දාන්නේ සාමුහුකව නිසා. මෙව්වා කියන්නේ අත්දැකීමෙන්..

ඔන්න ගොඩයා ඔලුව දානවා ඩ්‍රයිවර් දොරෙන් එලියට..

මං උඹට උදව්වක් විදිහට ෆස්ට් ටර්න් එකද මොකක්ද එක ගිහින් එන්නං.. හැබැයි පුතෝ මං එනකොට තෝ ඩ්‍රයිවර් කෙනෙක් හොයලා නොතිබ්බොත් මං තෝව හමගහනවා දැනගනින්..

ටැංකිව් ටැංකිව් මචං.. සුවර් එකටම මං ඩයිවර් කෙනෙක් හොයල තියනවා උඹ එද්දී..

ඔන්න ගොඩයා සෙනගත් පටෝගෙන තමුන්ගේ මංගල බස් ගමන පිටත් වෙනව දෙයියනේ කියල අරූගේ මවු දෙමවුපියන් ප්‍රමුඛ ඥාති වරිගයාටම හිතෙන් පින්දෙන ගමන්. වෙච්ච අලකලංචිය හිතෙන අමතක කරලා ඔන්න දැන් ගොඩයා උත්සහ කරන්නේ හැකි ඉක්මනින් ගමනාන්තයට ගිහින් ආපහු ඇවිත් මේ මරාලෙන් එලියට පනින්න. ඒ නිසා රොකට් සීට්, අප්සෙට් ගියර්, ප්ලේ ස්ටියරින්, බිත්ති ස්විච් සිග්නල් ලයිට් ඔක්කොම අමතක කරලා බස් රාජයා හැටට හැටේ පාගනවා. මෙන්න බොලේ අසල්වැසි මිත්‍රයාගේ මස්සිනා වෙච්චි කොන්දොස්තර උන්නැහේ අර ගෝනි කන්දරාව අස්සෙන් ඇදිල ඇවිත් කනට කරලා රහසක් කියනව..

කන්දෙගොඩ  රේල් ගේට්ටුව ගාවට යන්න විනාඩි දහයක්  ගන්න ඕන..

මොකක්..

හයියෙන් ගියාම ටයිම් කැපෙනව.. ඉස්සරහ යන බස් හෝල්ට් පහුකරලා විනාඩි දහයක් වගේ ගියාම තමයි ආයෙත් හෝල්ට් වල මිනිස්සු පිරෙන්නේ.. 

කොහොමද හත් ඉලව්වේ උදේ පාන්දර හෝදලා දාල වගේ පාලුවෙලා තියෙන පාරේ එහෙම බඩ ගාන්නේ.. දැන් මූ කියන්නේ සීයට විතර යන්න පුළුවන් පාරේ විස්සට යන්න කියල වගේ කතාවක්. ඔන්න එතකොට ගොඩයාගෙ මොලේට වැටහෙනවා අර සා සෙනග කන්දරාවක් රියදුරාගේ වැදූ මෑණියන්ට සහ මෑණියන්ගේ මෑණියන්ටත් දෙස් දෙවොල් තියද්දි එකසිය පනස්පහ ඉබන්වල හන්දියේ විනාඩි දහයක් පහළොවක් ලගා ගහන්නේ මේ හේතුව නිසා වෙන්ටෑ කියල. ගොඩයටත් ඉතින් බස් කොටේ එලවන්න පුළුවන් උනාට කවදා ප්‍රයිවෙට් බස් එලෝලද කියහන්කෝ. ඊළඟ ප්‍රශ්නය නම් අරූ හෝල්ට් බහිනවා කීවාම කොතනද නවත්තන්නේ කියන එක. ඇයි යකඩෝ මේ වට වන්දනාවක් යනවා වගේ අතුරු පාරවල් පනහකින් විතර දාගෙන යන රූට් එකේ හෝල්ට් තියෙන්නේ කොතනද කියල ගොඩයා කොහොමෙයි දන්නේ. කොන්දා නොහොත් මිත්‍රයාගේ මස්සිනා හෝල්ට් බහිනවා කිව්වාම ගොඩයත් ඉතින් හෙන පළපුරුදු බස් ඩ්‍රයිවර් කෙනෙක් වගේ ටික දුරක් ගිහින් බස් කොටේ නවත්තනවා. උදේ පාන්දර නිසා බහින එවුන් ඉන්නේ එකයි දෙකයි. ඔක්කොම පොලේ යන මිනිස්සු තමා නගින්නේ. ගොඩයා ඉතින් උදේ පාන්දරම සුපිරියටම ඉල්ලගෙන කාපු පරිප්පුවේ සන්තෝසෙන්, බස් කොටේ එලවාගෙන යනවා වෙච්චි දේට එන්න සෙයියදු කියල හිතාගෙන. 

ඔන්න කොහොමින් කොහොමහරි ගොඩයා අදාළ ගමනාන්තයට ගිහින් මගීන් බස්සලා ආපහු එනවා කියමුකෝ පළමු ගමනාන්තයට. දැන් ගොඩයා එන්නේ බලාපොරොත්තු දල්වාගෙන. යාන්තම් මේ යකඩ මරාලෙන් බේරෙන්න ලැබෙනවා කියන සන්තෝසය රටක් රාජ්ජයක් ලැබුනා හා සමානයි. ඒත් කියන්නේ ගොඩයාගේ ඩ්‍රයිවින්වල ටයිමින් අවුල් නිසා බස් කොටේ ආපහු පළමු ගමනාන්තය වෙත පැමිණෙද්දී ආයෙමත් බස්කොටේ පරක්කුයි. හේතුව කියනවනම් අහවල් තැන හිටං අහවල් තැනට විනාඩි පහළොවක් යන්න ඕන.. එතන හිටං අතනට විනාඩි හතෙන් යන්න ඕන.. හෝල්ට් එකක නවත්තගෙන බුලත් විටක් ඒදන්න වගේ ඉඳගෙන කාලය අනුභව කරන්න ඕන .. ඉස්සරහ බස් එකක් යනවනම් සමහරක් හෝල්ට්වල නවත්තල ආයෙම අදිද්දී පලවෙනි ගියර් එකට දාන්න ක්ලච් එක පාගලා විනාඩියක් විතර හිතන්න ඕන ගියර් එක දානවද නැද්ද?.. ඔන්න ඔහේ දානවා එක්කෝ ඕනනෑ  වගේ .. ඒ ඉඳලා කම්මැලි කමෙන් වගේ ගියර් පොල්ල හොයාගෙන ගියර් එකත් හොයාගෙන වැඩි ආයාසයක් නොගෙන අතේ බරට ගියර් එක දාන්න ඕන. ඒ දාලා බස් කොටේ ඉස්සරහට යනකොට ඊළඟ ගියර් එක දාද්දි කල්පනා කරන්න ඕන නීල් ආම්ස්ට්‍රොංග් හඳට බහිද්දී වස්කෝදගාමයි, කොලොම්බසුයි දෙන්නා හඳේ කිතුල් ගහක් මුල හූල්ල හූල්ල උඩ බලන් ඉද්දි ආම්ස්ට්‍රොංග් වොයේජර්  එකෙන් බැහැල ඇවිත් අරුන් දෙන්නට ගල් බෝතලයක් තෑගී කරනවා වගේ එලෝ මෙලෝ පැටලෙන කතාවක්. එතකොට තමයි ඊළඟ ගියර් එක ඕනවට එපාවට ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් දොහ්... ගාගෙන වැටෙන්නේ.. ඒ විදිහට කාලය කාගෙන යන බස් ගමනක් ඔය කියන ටයිමින් වලට හරි විනාඩියට යන එක පී එච් ඩී එකක් කරනවට වඩා හෙන අමාරු ගේමක් නිසා ගොඩයා ආයෙමත් අම්බලංගොඩ ස්ටෑන්ඩ් එකට එද්දී ඊළඟ ටර්න් එක යන වෙලාව පහුවෙලා විනාඩි විස්සක් වගේලු. 

ගොඩයා බස් කොටේ කිව් එකේ ගැහුවා කියමුකෝ.. දැන් ගොඩයා හොයන්නේ මේ මරාලේ පටලපු එකා සහ ඌ විසින් හොයාගෙන එනවා කියපු ඩ්‍රයිවර් උන්නැහේ.. වැඩේ කියන්නේ ඌ පැත්ත පලාතක පේන්න නෑ කියහන්කෝ.. ඔන්න ගොඩයා ජංගමය අරං අමතනවා මිත්‍රයාගේ ෆෝන් එකට..ම්හ්.. ආන්සර් නෑ... ඉතින් කියහන්කෝ බස් ඔනර්ගේ මෑණියන්ට අමතලා විතරක් හිත සැනසෙයිද කියල..

ඕයි ඩ්‍රයිවර් මහත්තයා.. අපිට පරක්කුයි.. යනවා ඕයි.. මගුලක් හොයනවද ඕයි ඔලුව එළිය දාගෙන.. 

දැන් ඉතින් මේක කියවන එවුන් අහයි ඇයි යකෝ බස් එකෙන් බිමට පැනගත්තේ නැත්තේ කියල.. කොහේ පනින්නද දෙයියෝ ආයෙම එද්දී විනාඩි විස්සක් පරක්කු නිසා බස් ස්ටෑන්ඩ් එකේ සෙනග පිරීල පොලේ යන්න. බස් කොටේ ස්ටෑන්ඩ් එකේ ගැහුවා විතරයි හැමදාමත් අසාධාරණයට ලක්වෙනවායයි කියන බස් මගීන් බස් එකට නගින්නේ සෝමාලියාවට පාන් නැවක් ආව වගේ. එළියෙන් ගැටගහල තියෙන දොර අරින්න විදිහකුත් නෑ. ජනේලෙන් පැනගන්න විදිහක් තිබ්බනම් නොපැන ඉන්නෙත් නෑ ඒත් පනිද්දී සරොන් රාජයා කොහෙහරි පටලුනොත් ඔලුව පල්ලෙහාට උපන් ඇඳුමෙන් දෙනෝදාහක් ඉස්සරහ බස් ස්ටෑන්ඩ් එක මැද දබෝක්.. ඉතින් ඒ චෑන්ස් එක ගන්නවා කියන්නේ බොහොම අවදානම් කටයුත්තක් නෙව..

දැන් කියමුකෝ ගොඩයා බස් කොටෙන් බැස්සද කියල.. නෑ පිංවතුනි.. සිරි ලංකා ඉතිහාසයටම මගීන්ගෙන් අසාධාරණයට ලක්වෙච්ච එකම ප්‍රයිවෙට් බස් රියදුරා අම්බලන්ගොඩයා තමා.. ගොඩයා ගමනාන්ත දෙකටම පරක්කුයි.. ඉතින් සෝමාලියාවට පාන් නැව ආවා හා සමානයි.. බස් කොටේ ඇතුලේ ඉන්න එවුන් බහින්නත් කලින් එළියේ ඉන්න එවුන් ඇතුලේ.. ඒ වගේද හට්ටි, මුට්ටි  වලන්, ඇතිලි, එළවලු, පලතුරු, ප්ලාස්ටි බේසම් ඇතුළු පොලවල්වල විකුණන නානාප්‍රකාර බඩු භාණ්ඩ ගොඩයාගේ බෙල්ල ගාවට පැක්. ඒ වගේද දෙයියෝ උදේ පාන්දර ගොඩයා ඉස්සරහ දොරේ යතුරත් අරං අතුරුදහන් වෙච්චි පුරස්නෙට ගෙදරින් එන කෝල්.. එව්වට ඉතින් උත්තර දීලත් බෑ.. නොදීත් බෑ.. මොකෝ මං මේ අහවලාගේ බස් එකේ වැඩ කියන්නද .. ඇත්ත කියලා බත් කාර්ඩ් එක කැන්සල් කරගන්නත් බෑ.. බොරු කියලා සැකයට භාජනය වෙන්නත් බෑ. ඇයි යකෝ ගෙදර කාමරේ නිදාගෙන හිටපු එකා පාන්දර කාටවත් නොකියා දොරේ යතුරත් අරගෙන පැදුරටත් හොරා මාරුවීම සෑහෙන්න සැකයට තුඩුදෙන කාරනාවක් නෙව. ඉතින් ගොඩයා කට එන බොරු දාහක්  අමාරුවෙන් ගොතලා කියනව.. යාලුවෙකුගේ වාහනයක් කැඩිලා හදිසියේ පාන්දර ගරාජ් එකකට එන්නවුනා කිව්වට ගෙදර උදවිය සියයට පනහක් වගේ විශ්වාසයට ගත්තත් වාහනේ නැතුව මූ පයින් ගියා කියන එක ගෙදර එවුන් විස්වාසේට ගන්නේ නෑ. මොකද කියනවනම් ගොඩයා පයින් යන්න හෙන හොර ගෙඩියා වග ගෙදර එවුන් තරම් මේ ලෝකේ වෙන කව්රුවත් දන්නේ නෑ. 

බස් කොටෙන් බහින්න ඕන උනාම උන් කියන්නේ ඩ්‍රයිවර් මහත්තයෝ අපිව ඔය මාලනියලාගේ ගෙවල් ගාවින් දාල යන්නෝ.. වගේ කතා.. ඉතිං හත් ඉලව්වේ ගොඩයා දන්නේ කොහොමද ඔය මාලනියලා ගාමිනියලා කොහේ ඉන්නවද කියල.. ඉතින් ගොඩයා ඔහේ ටික දුරක් ගිහින් හිතිච්ච තැන නවත්තනවා.. ආයේ දෙකක් නෑ එක්කෝ මාලනියලාගේ ගෙවල් පහුවෙලා.. නැත්තම් තව ඉස්සරහ.. ඉතින් බහින බහින උදවිය ගොඩයාට කට පුරා ස්තුති කරනවා ඇහෙනවා,  ඒ උනත් එව්වා පැහැදිලිව ඇහෙන්නේ නැති වෙන්න ගොඩයා ඩයින කොටේ එන්ජිම රේස් කරනව.. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලාටයි කොන්දොස්තරලාටයි ජනී ජනයා ස්තුති කරන වදන් මාලා ඉතින් මෙලෝ වසනා පැන තියෙන සත්වයෙකුට අහං ඉන්න පුළුවන් එව්වා නෙවෙයිනේ..

කොහොම හරි මේ මරාලෙන් ගැලවෙන්න විදිහක් කල්පනා කරද්දී ඔන්න ගොඩයාගේ ඔලුවට එනවා මසුරන් අදහසක්. ඒ ඉතින් වෙන කව්රුවත් නෙවෙයි කෝකටත් තෛලය  වගේ ඉන්න අපේ සමා.. මේ කියන වකවානුවේ සමා හිටියේ විදේශගතවෙලා උනාට බස් මරාලේ ගොඩයාගේ ඔලුව උඩට පහත් වෙච්චි මාසයේ ගොඩයාගේ වාසනාවට සමා ලංකාවට වැකේෂන් ඇවිත්. ඉතින් දෙයියෝ යාලුවෙක් උනාම යාලුවෙක් අමාරුවේ වැටුනාම උදව්වක් කරාම මක් වෙනවද කියල ගොඩයා ගහනවා ස්මාට කෝල් එකක්..

හෙලෝ..

සමෝ උඹ කොහෙද..

ගෙදර..

එහෙනම් ඉක්මනට ත්‍රීවීල් එකක් අරං බස් ස්ටෑන්ඩ් එකට වරෙන්කො..

කොහේ යන්නද .. 

උඹට යන අහ වැඩක් නෑනේ.. ඉක්මනට වරෙන්.. 

ගොඩයා එහෙම කියන්නේ අම්බලන්ගොඩ දිහාවට බස් කොටේ ධාවනය කරන ගමන්..

කොහේ යන්නද කියපන්කො.. හවස වැදගත් වැඩකුත් තියෙනව බන්..

සමාගේ දැන් වයිෆ් ඒ කාලේ වෙන්ඩ වයිෆ් නිසා ඉතින් හවස් අතේ මූට ඒ කාලේ හෙන වැදගත් වැඩ .. 

හරි බන් උඹ වරෙන්කො.. ආවම කියන්නම්... ස්ටෑන්ඩ් එකේ අහවල් හෝල්ට් එක ගාවට වරෙන්..

මොකක්.. එතෙන්ට උඹට වාහනෙන් එන්න බැහැනේ..

උඹට ඒක වැඩක් නෑනේ.. තව විනාඩි විස්සක් යන්න කලින් මං කිව්ව තැනට වරෙන්කො.. ඇවිත් හෝල්ට් එකේ හිටහන්.. තව විනාඩි විස්සකින් අහවලාගේ බස් එක එනවා ඒ හෝල්ට් එකට.. ඒ බස් එකේ නැගල ඩ්‍රයිවර්ගේ සීට් එක ලඟට වරෙන්කො..

මොකක්..

උඹ මං කිව්වම අහලා කියන දේ කරහන්කෝ.. ආතල් සීන් එකක්.. උඹට ආවාම තේරෙයි..

ඔන්න ගොඩයා කිව්ව ආකාරයෙන් අපේ සමා බොහොම ජැන්ඩි පහට ඇඳගෙන කඹේක විතර රත්තරං චෙන් එකකුත් බෙල්ලේ එල්ලගෙන තවත් ඒ හා සමාන සයිස් බ්‍රේස්ලට් එකකුත් අතේ දාගෙන දිලිසි දිලිසි ඉන්නවා හෝල්ට් එකේ ගොඩයා ස්ටෑන්ඩ් එකට එද්දී..  ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ගොඩයා ආයෙත් ප්‍රමාදයි.. පෙර ආකාරයෙන්ම. හැබැයි මේ වතාවේ ටිකක් වෙනස්.. ඒ තමා ස්ටෑන්ඩ් එකේ කිව් එකට ගහද්දි ගොඩයා ප්‍රවේසම් වෙනවා සමාට මූණ පෙන්නන්නේ නැතුව ඉන්න. සමා කීයටවත් ගොඩයාව මේ යකඩ ගොඩේ ඩ්‍රයිවින් සීට් එකේ දකින්න බලාපොරොත්තු වෙන්නේ නැති නිසා තරඟයේ වාසිය ගොඩයට..

සුපිරුදු විදිහටම බස් කොටේ පයිලට් නුපුරුදු නිසා ගමනාන්තයට පැය භාගයක් ප්‍රමාදයි. ඔය ප්‍රමාදයට  ලොකුම හේතුව වෙන්නේ මේ කියන බස් කොටේ ඇල්පිටි පාර දිගේ ටික දුරක් ගිහින්  ගිහින් හැරිලා ආයෙමත් අතුරු පාරවල් අටෝරාසියක යන රූට් එකක දුවන එකක් නිසා. ඔය කියන අතුරු පාරවල් අස්සේ දුවන එකම අටමගලේ මේක නිසා මගීන්ට වෙන ඔප්ෂන් එකක් නෑ. ඇල්පිටි පාරෙ  දුවන ඇල්පිටිය බස් එක්කලා තමයි ටයිමින් කතන්දරේ තියෙන්නේ. ඒ ඇරුනාම බස් කොටේ රේල්පාර දෙපාරක් ක්‍රොස් කරන නිසා ජීවිතේ සෑහෙන්න අන්සුවර්. මොකද කියනවනම් ඔය කියන රේල් පාර හරහා යන දෙතැනම උණබම්බු ගේට්ටුකරුවන් සිටියත් ගොඩයාට එව්වා ගැන වැඩි විශ්වාසයක් නෑ. ඒ නිසාම ඔය රේල්ගේට්ටුව පැනිල්ලට කලින් ගොඩයා බස් කොටේ රේල් පාරට මෙහායින් සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඊළඟට කොන්දා වෙත විදානය දෙනවා ගිහින් රේල් පාර බලහං කියල. ඊට පස්සේ තමයි ගොඩයා බස් කොටේ ගියර් පෙට්ටිය හාරලා පලවෙනි ගියර් එක හොයාගන්නේ. ප්‍රයිවෙට් බස් එලවන එවුන් මලාට පලවෙනි ගියර් එක දාන්නේ නැති නිසා අනික් ගියර් හොයනවට වඩා සෑහෙන්න අමාරුයි බස් මගුලේ පලවෙනි ගියරය සොයාගැනීම. ඩීසල් වාහනේක නැග්ගම පලවෙනි ගියර් එකට නොදා දෙවැනි එකටම දාන එක ගොඩයාටත් ටිකක් විතර පුරුද්දකට ගිය වැඩක්. මොකද ගමන ඉක්මන් නිසා සහ වම් කකුල ඉක්මනට නිදහස් කරගන්න පුළුවන් නිසා. ගොඩයා හිච්චි එකා කාලේ ගොඩයාගේ බාප්පොච්චිගේ වෑන් එකක ගමනක් යද්දී කෙලින්ම දෙවැනි ගියර් එකට දානවා දැකපු බාප්පොච්චි ගොඩයාගෙන් ඇහුව "මොකද බන් උඹ ප්‍රයිවෙට් බස් කාරයා වගේ සෙකන්ඩ් එකට දාන්නේ ... දාපිය ෆස්ට් එකට කියල.. එදා හිටං ගොඩයා ඔය සෙකන්ඩ් එකෙන් ගමන පටන්ගන්න වැඩේ කරේ ගොඩයාගේ වෑන් එකේ විතරයි. අනුන්ගේ එව්ව එලවද්දී ගොඩයාගේ ඩ්‍රයිවින් හෙන න්‍යායාත්මකයි..

 ඔන්න බස් කොටේ දෙයියනේ කියල මයියොක්ක පඳුරක් ගලවන වගේ සද්දයක් දාගෙන පලවෙනි ගියර් එක වැටුනාම ගොඩයා ක්ලච් එක එහෙම පොඩ්ඩක් බුරුල් කරලා හරියටම තහවුරු කරගන්නවා බස් කොටේ තියෙන්නේ පලවෙනි ගියර් එකේ කියන එක. ඔන්න ඊට පස්සේ ආයෙමත් ඔලුව හොඳට එලියට දාල කොන්දොස්තර මස්සිනාගෙන් අහනව කෝච්චිය එනවද කියල හොඳට බලපන් කියල. ඔලුව එලියට දාල කන්දීගෙන අහං හිටියත් කෝච්චියේ සද්දෙයි බස් කොටේ සද්දෙයි වැඩි වෙනසක් නැති නිසා කෝච්චිය ඇහෙන් දකින්නේ නැතුව රේල්පාර හරහා දැමීම යනු අර මල මිනී පෙන්නන ටීවී චැනල් එක හරහා ඩෙඩ් බොඩිය ලංකාවටම පෙන්නගන්න නොමිලේ ලැබෙන චෑන්ස් එකක්. ඒ නිසා කොන්දොස්තර මස්සිනා දෙපැත්ත බලල කෝච්චිය එන්නේ  නෑ කිව්වම ගොඩයා මර හඬ දීගෙන රේල්පාර හරහා බස් කොටේ පන්නනවා නයිට් රයිඩර් කාර් එක පන්නනවා වගේ. ඒ සද්දෙට ඇතුලේ ඉන්න ආච්චම්මල හිතන්නේ බස් කොටේ කෝච්චිය එක්ක දරි ගැහුනාදෝ කියලා උනාට ගොඩයාගේ ජම්ප් එක සාර්ථකයි කියන්නැහේ පිටිපස්සේ තියෙන සුදු දුම් වලාව අතරින් කොන්දොස්තර මස්සිනා දෙමල පිචර් එකක රජිනිකාන්ත් දුවගෙන එන්න වගේ දුවන් ඇවිත් එල්ලෙනවා "හරි යා.....න් " කියාගෙන. ඉතින් ඔය වගේ මරු කපොලු දෙකකින් පනින්න තියෙන ඔය කියන රූට් එකේ ඔය වැඩේටම ගොඩයාට වෙනම විනාඩි දහයේ එව්වා  දෙකක් යනවා. ඉතිං පැයභාගයක් ගමනාන්තයට පරක්කුයි කියන එක සාමාන්‍ය දෙයක්නේ. වෙලාවට ගියා වගේද ලැයිසන් එකකුත් නැතුව සෙනග කන්දරාවක් එක්ක යකඩ යකාට යටවුනොත් හත්ඉලව්වේ. හැබැයි පුතේ බස් කොටේ කෝච්චියට හැප්පුනොත් කෝච්චි එන්ජිමට පිටගැස්මට බෙහෙත් විදින්න වෙනවා වෙනවා වෙනවාමයි.

ඔන්න අපේ සමා බස් කොටේට නැගලා ඉස්සරහටම ඇදිලා එනකොට ගොඩයා ඩ්‍රයිවින් සීට් එකෙන් මැද සීට් එකට පැනලා අහවරයි..

කොහෙද බන් යන්නේ..

පොඩි හදිස්සියක්.. ඉක්මනට වාඩිවෙයන් ඔය ඩ්‍රයිවින් සීට් එකෙන්..

මොකක්.. 

ඔව් ඔව් වාඩිවෙයනකො..

බොට පිස්සුද බන්..

පිස්සු නෙවෙයි පොඩ්ඩක් වාඩි වෙලා ඕක එලවහන්කෝ..

උඹ මේ මරාලේ ගන්නද යන්නේ...

අන්න සමා ගොඩයාට පොඩි නූල් පොටක් අල්ලලා දෙනවා ගේම ගොඩ දාගන්න..

එහෙම තමයි හිතුවේ.. ගන්න කලින් ආදායම බලන්න එපැයි බන්.. මං උදේ ඉඳන්ම දිව්වා.. මේ ටර්න් එක ගිහින් වරෙන්.. මං ටක් ගාල ගෙදර දුවල එන්නං..

බොට පිස්සුද බන් මේ පතෝල මැස්සට කර තියන්න.. 

ඩයිවර් පුතේ... අපිට පරක්කු වෙලා.. යමුදෝ... 

වයසක අම්ම කෙනෙක් බොහොම කරුණාවෙන් අමතලා කියනව යන්න වෙලාව පරක්කුයි කියල.. ඔන්න සමා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙනව..  

එලෝපන් යකෝ එලෝපන් ඕක..

ඉතින් මං පාර දන්නේ නෑනේ..

හරි බන් පාර කියයි මිනිස්සු.. උඹ ගිහින් වරෙන්කො.. උඹ එද්දී මං මෙතන.. ගියා මිනිස්සු බැස්සුවා.. එතනින් නගින එවුන් ගත්ත.. අරූ හෝල්ට් බහිනවා කිව්වම මීටර් පනහක් සීයක් ගිහින් නැවැත්තුවා.. හරි කිව්වාම ඇද්ද.. එච්චරයි.. වැඩි දෙයක් නෑ.. 

ගොඩයාගේ උත්සාහය සාර්ථකයි.. සමා බස් එක අද්දනකොට ගොඩයා දෙයියනේ කියල බස් මරාලෙන් බැහැගන්නවා. හැබැයි ගොඩයා බස් කොටෙන් බහිද්දී ඉස්සරහ අයිනේ සීට් එකේ හිටපු වයසක උන්දැට මතක ඇතුව කියනව..

මාමේ... මේ මහත්තයට පාර කියන්න හොඳේ.. එයා දන්නේ නෑ යන පාර..

ඒ මොකෝ ඩ්‍රයිවර් මහත්තයෝ..

මේ මහත්තයා තමයි මේ බස් එකේ අයිතිකාරය.. ඊයේ රට ඉඳන් ආවේ  ..

හැබෑටම.. අපි ඉතින් මේකේ හැමදාම ගියාට අයිතිකාර මහත්තය දැකල නෑනේ.. හා මහත්තයෝ යමු යමු මං පාර කියන්නං..

කඹ වගේ මහත රත්තරන් චෙන් එකක් දාල ඒ සයිස්ම බ්‍රේස්ලට් එකකුත් දාගෙන ජැන්ඩි පහට ඇඳගෙන ඉන්න සමා දැක්කාම මිනිස්සු එහෙම නොහිතන්න හේතුවක් නෑ. ගොඩයා වැදිච්ච චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන බස් කොටෙන් බැහැලා ලඟම තියෙන ත්‍රීවීල් එකක නැගලා රියදුරාට කියනව බුදු මල්ලියේ හැකි ඉක්මනින් මාව ගෙදරට ගිහින් දාපන් කියල. ඒ එක්කම ජංගම දුරකථනය අක්‍රීය කරන්නත් ගොඩයා අමතක කරන්නේ නෑ. මොකද ගොඩයා දන්නවා දුරකථන ඇමතුම් දෙතුන්සීයක් සමාගෙන් ලැබීමට නියමිත වග.

ඩයිනා කොටේ රාත්‍රී අට අටහමාර වගේ වෙද්දී ඩොග ඩොග ගාගෙන ගොඩයාලාගේ ගෙවල් පාරේ කන්ද අදින සද්දෙ ඇහෙන්න ටික වෙලාවකට කලින් ගොඩයා නාකියාගෙන ගෙදරින් මාරුවෙන්නේ ගෙදර සිටීම ශරීර සෞක්‍යයට ඒ තරම් හිතකර නැතිවග හොඳින්ම දන්නා නිසා. අවුරුදු කුමාරයා වගේ ජැන්ඩියට ඇඳපැළඳගෙන ඩයිනකොටේ එළවන් ගිය සමා ග්‍රීස් ගහේ නැගපු එකා වගේ දැලි කුණු නාගෙන, ඇස් දෙකත් බිත්ති ඔරලෝසු දෙකක් විතර කරගෙන ගොඩයා සොයාගෙන පැමිණෙනවා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..

ඩයිනා කොටේ කතාවස්තුව එතැනින් නිමයි.. සමා ශේප් කරගැනීම සහ ඒ සා අත්දැකීම් සම්භාරයක් ලබාගැනීම සඳහා නොමසුරු සහයෝගය දුන් බස් ඕනර් මිත්‍රයාට ස්තුති කිරීමේ  විස්තරේ කමෙන්ට් වලින්..








45 comments:

  1. මොකක්ද බන් මේ? කෝ අර ගොන් තඩියා

    ReplyDelete
    Replies
    1. දැන් මොන තඩියවද හොයන්නෙ?

      Delete
    2. බ්ලොග් තඩියෝ දෙන්නෙක් ඇත.. ගොන් තඩියා මොකාද කියන එකනම් ඉතින් උන්ගේ දෙමාපියන්ගෙන් තමා අහන්න වෙන්නේ.. හක් හක් හා...

      Delete
  2. ටහුඩු......උබ යකාගෙ පොරක් නෙ.

    ReplyDelete
    Replies
    1. අත පැය හතර සමග තාම ජීවතු අතර ඉන්න එකම මදැයි නේහ් බන්..

      ආන් උඹල දෙන්නගෙන් ගොන් තඩියා මොකාද කියල හොයනවා උඩ කොමෙන්ට් එකේ.. පොඩ්ඩක් බලහන් උඹවද හොයන්නේ කියල..

      Delete
  3. හොටුත් පැන්න ඒකට..��..අන්තිමට අරූගේ ෆිනෑන්ස් වාරිකේ බේරුනා. Anyway mma 1..

    ReplyDelete
    Replies
    1. කියවා කොමෙන්ට් දැමීමට පෙර පේජ් එක රීෆ්‍රෙෂ් කිරීම ඔබේ නම්බුව බේරා ගැනීමට පිටුවහලක් වේ.
      - පුරාණ පුස්කොළපොතකින් උපුටා ගන්නා ලදී -

      Delete
    2. උගේ ෆිනෑන්ස් බේරුනා මගේ දවසම අලවුනා... අන්න උඹේ කොමෙන්ට් එකට කලින් කොමෙන්ට් දෙකක් දාලා..

      Delete
    3. කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපති පෙසන්න මහතාගෙන් අහපන් පලවෙනි කොමෙන්ට් එක දාන්නේ කොහොමද කියලා..

      Delete
    4. අවුරුදු එකහමාරක් පස්සෙන් ගිය කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උනා බන් අයියේ..මොකක්ද කරන්න ඕන.. feeling very sad..

      Delete
    5. සුභ අලුත් අවුරුද්දක් වේවා අම්බලන්ගොඩ වාසී නොවාසී මෙකී නොකී සෑම දෙනාටම...

      Delete
    6. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා මලයෝ.. කෙල්ලො පස්සෙන් අවුරුදු ගණන් ගිහින් ගිහින් යාලුවුනායින් පස්සේ තමයි තේරෙන්නේ පිටින් පේන දේ නෙවෙයි කියල අභ්‍යන්තරයේ තියෙන්නේ. අන්න එතකොට තමයි වැටහෙන්නේ අපරාදේ මේක පස්සේ අවුරුදු ගානක් ගෑටුවේ කියන එක. ඒ නිසා ඒරාෂ්ටක අපලයක් ගෙවීලා ඉවරවුනා කියල හිතලා හිත හදාගනින් බන්. අනිත් කාරණේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න පස්සෙන් යන්න කලින් තමුන්ව හදාරපන්. තමුන්ගේ ගතිලක්ෂණ, සමාජ වටපිටාව, අනාගත ඉලක්ක වගේ දේවල් හොඳින් හදාරලා ඉවරවෙලා අන්න ඒ දේවල් වලට ගැලපෙන කෙල්ලෙක් හොයාගනින් හොයාගන්නකොට. නැත්තම් ඉතින් ලාම්පුතෙලුයි වතුරයි වගේ මෙලෝරහක් නැති නොගැලපෙන ජීවිතයක් තමයි ගතකරන්න වෙන්නේ..

      Delete
    7. රොම්බ තෑන්ක්ස් අයියේ...ඒක වැදුනා බොක්කටම.. කියන්න වචන නෑ..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪

      Delete
  4. නියමයි අම්බලංගොඩ අය්යේ .... හැබැයි හිනා වෙන්නද අඩන්නද කියල හිතා ගන්න බෑ .
    හේ හේ හේ .

    ගොඩයා සමා ට දුන්න පරිප්පුව නම් සුපිරී , පව් සමා .
    ඔව් ඔව් , ගොඩයත් පව් තමයි ඉතින් .

    ඔය බස් එක තවම දුවනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය බස් එක මේ මෑතක් වෙනකම් දිව්වා.. ඊට පස්සේ අපේ යාලුවා අලුත්ම අලුත් ලේලන්ඩ් කොටයක් ගෙනාව.. දැන් අපේ යාලුවා ලංකාවේ වටේම යනවා බස් එක එලවගෙන.. ඒ කාලේ මෝටර් සයිකල් එකකවත් පදින්න දන්නේ නෑ.. දැන් ලේලන්ඩ් එක එලවනව හෙන පුරුදුකාරයෙක් වගේ.. සමාට ඒ කාලේ ඔය ඉඳලා හිටලා පොඩි පරිප්පුවක් දෙනවා.. එව්වා වැඩි ගානක් නෑ බන්.. පොඩ්ඩක් බැනලා රවලා ආයේ ශේප් වෙනව..

      Delete
  5. හැක්.. හැක්.. මදෑ ඔය තරමිං බේරුනා.
    මොනව උනත් අරූට ෆිනෑන්ස් එක කවර් කරගන්න චාන්ස් එකක් අරං දුන්න පිනම මදෑ උඹට ඩයින නැට්ටක එල්ලිලා දිවිය ලෝකෙ යන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපේ මිත්‍රයා බොහොම අමාරුවෙන් බස් කරුමාන්තේ කරගත්තේ.. දැන් නම් පොරට සරුයි වගේ.. දැන් තියෙන්නේ ලේලන්ඩ් එකක්.. හපොයි දිව්‍යලෝකේ යන්න උනත් ඩයිනා නම් එපා පෙසන්නයෝ..

      Delete
  6. එහෙනම් ගොඩයාත් 155 බස් එකකට නැගලා ඉබ්බන්වෙල හන්දි⁣යේ පුල්ම චාටරයක් කලාතියේනවා...

    ReplyDelete
    Replies
    1. අපේ අප්පෝ අවුරුදුම පහක් කෑවා ඒ පරිප්පුව.. ඒ විතරක් නම් මදැයි..ඉබ්බන්වල හන්දියේ විනාඩි දහයක් විතර ලැගල ඉන්න නිසා අපි ගාමිණී හෝල් එකෙන් බැහැලා මරදාන ස්ටේෂන් එකට ඉතින් කඩුලු පැන දිවීම තමයි. අපේ කට්ටිය ත්‍රීවීල් ඇතුලෙනුත් හරහට දුවනවා ඒ වෙලාවට. සාගරිකා දුම්රිය මිස්වූනොත් ඉතින් සමුද්‍රදේවීයෙ තමයි යන්න වෙන්නේ. ඒ නිසා 155 න් බැහැපු ගමන් ඇඟේ තියන උපරිම හයිය අරගෙන පස්වෙනි වේදිකාව දක්වා දුවද්දී ඉතින් සුසන්තිකා පස්සෙන් එලෙව්වත් අපිව අල්ලිලි බොරු..

      Delete
  7. යකෝ අම්ම තාත්ත කිව්වත් මටනම් ඔය තරම් කට්ටක් කන්න හිත හදාගන්න බැහැ බන්...

    සමා උඹව මරාගෙන කන්න හදපු හැටි ගැනත් ලියහන් බන්...

    ReplyDelete
    Replies
    1. හතුරෙක් උනත් අමාරුවේ වැටුනාම අහක බලන් ඉන්න බැරි ගොන් ගතියක් තියෙනව බන් මගේ.. ඉතින් පරිප්පු නැව් පිටින් තමයි බාන්න වෙන්නේ. සමා ගැන පොස්ට් එකක් ළඟදීම ලියනවා. කාලෙකින් සමා ගැන ලියන්න බැරිවුනා..

      Delete
  8. හෆොයී....ඔයවගෙ අසල්වාසීන් වාසනාවන් බං.අමතක කරන්න එපා උන්ව 😃 දැන් එතකොට සමා උබේ ජාතිය අමතන්නෙ ගෙවල් පත්තෙ ආවෙ නැද්ද?උබ්ලගෙ ඉස්සරහ දොර ඇරුනාම පැත්තෙන් තවත් දොරක් තිබුන් නිසා කේස් එකක් නෑ.
    ඩයිනකොටේ එලවනව පියානන් දැක්කනම් අර රවිය සිමින්ති කොට්ටෙ උස්සගෙන යද්දී රවියගෙ අක්ක ගහපු වගේ පරක් උබටත් කන්න තිබුන

    ReplyDelete
    Replies
    1. දැනගත්තනම් කන්න වෙනවා තමා ඉතින්.. පැත්තේ දොර තිබ්බට ඕක අරින්නේ නැහැනේ බන්. ඒ නිසා උදේ පාන්දරම ඉතින් ඉස්සරහ දොරේ යතුර නෑ කියන එක මාට්ටු.. හැබැයි එදා ඉඳන් මං එහෙම ගමනක් ගියානම් ගියේ ඔය උඹ කිව්ව පැත්තේ දොරෙන් තමයි. එතකොට කාටවත් හානියක් නෑ..

      Delete
  9. යකො මෙක කියවලා ඉවර කරන්න ගියොත් සදු ගහනවා කොස්සට චු කරලා...පස්සෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. අපේ අප්පෝ... එහෙනම් පස්සෙ වරෙන් මෙන්ඩෝ..

      Delete
  10. මේක හරිම අසාධාරණ ලෝකයක්. :)

    ReplyDelete
  11. නියම කතාව ගොඩයියේ..ඉතින් සාමා ශේප් කරගත්තේ කොහොමෙයි කියල අපිටත් දැනගන්න කියන්නෝ.....

    ReplyDelete
    Replies
    1. සමා දවසක් දෙකක් රවලා ගොරොවලා බැනලා වැඩේ ශේප් උනා..සමාගෙයි මගෙයි වලි ඉතින් හවස් අතේ කොහෙහරි සෙට් වෙනකල් විතරයි..

      Delete
  12. යලුවන් සිටුනුයේ අපිට පරිප්පු දිමටත් අපේ පරිප්පු සමගියෙන් සමා දානයෙන් කැමටත් ය....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. අපිට ලැබෙන පරිප්පු නැව් අපිත් සමාදානයෙන් බානවා නම් ඉතින් ඔය පොඩි කන්ටේනර් එකක් දෙකක් බෑවට මක් වෙනවද නේහ්..

      Delete
  13. කියහංකො ඉතිං ඊට පස්සෙ අර ඩයින කොටේ අයිතිකාරෙයට උඹ දීපු පරිපපුව මොකද්ද කියල...

    ReplyDelete
    Replies
    1. පරිප්පු කෙසේ වෙතත් පහුවදා දුවන්නත් රියදුරෙක් හොයල දෙන්නවුනා බං... ඒ හොයල දීපු එකා පටු පාරක බස් කොටේ අයින් කරන්න කලින් බස් කොටේ වෙලේ දැම්ම.. ඒ මදිවට රේල්පාර පන්නන්න ගිහින් කොහේදෝ හිරකරල බස් එක ඉස්සරහට යන්නේ නැති තැන ෆස්ට් එකේ දාල රේස් කරලා පිටිපස්සේ රෝදෙක රීබිල්ට් එක ටයර් එකෙන් ගැලවිලා තිබ්බ. දෙයියෝ එහෙමයි දඬුවම් දුන්නේ මට දීපු පරිප්පුවට.. අන්තිමේ කරන්ට් එකවුන්ට් එකක් ඕපන් කරලා දුන්න ඩේට් චෙක් දීල බැටරි ටයර් දාගනින් කියල.. වැඩේ කියන්නේ ඔය ඩයිනා එකේ වැඩකරන්න ටෙම්පරි ඩ්‍රයිවර්ලා එන්නේ නෑලු.. ස්ටෑන්ඩ් එකේ ඉන්න ටෙම්පරි ඩ්‍රයිවර්ලා පස්ස නොබලා දුවන්වලු අපේ මිත්‍රයා ස්ටෑන්ඩ් එකේ ටෙම්පරි ඩ්‍රයිවර්ලා හොයනකොට..

      Delete
  14. ඩයින කොටේ එලෝල ඉවරනං මේක ලියහං.

    ReplyDelete
  15. මහත්තයෝ දැන්වත් බස් එකෙන් බැහැලා මෙික කුටු ගැවනමි........

    ReplyDelete
  16. Ambalangoda aiye parakkuine halo twawa ekkak liyanoko ikmanata.hemadama awilla balanawa. tama ne. ikmanata

    ReplyDelete
  17. මොකද ලියන්නේ නැත්තේ හොදින් ඉන්නවා නේද

    ReplyDelete
  18. Mokadha bola wela thiyennee meeka liyannee neddha?

    ReplyDelete
  19. අම්බලන්ගොඩයෝ මේවට කියන්නෙ පරිප්පු කෑමක් නෙමෙයි පරිප්පු දන්සැල් කෑමක් වගේ සීන් එකක් මට පේන විදිහට.
    අනික එදානං බොලාගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම සහලෝල ලෙස පීනසේ හැදෙන්න ඇති අරුන් පිං දෙන පාරක් ගානෙ හච්චිං ගිහිල්ල :-D

    ReplyDelete