Saturday, March 10, 2018

වවන්නෝ දිනන්නෝ - 1




අම්බලංගොඩයා මේ ලියන්න තනන්නේ ගොඩයාගේ ව්‍යාපාරික දැනුම සහ පරාසය ගැන අම්බලන්ගොඩ කතා කියවන උදවියට සුළු අවබෝධයක් ලබාදෙන්න. මේ  ලියවෙන පොස්ට් එකෙන් පාඨක සැමට ඉගෙනගන්න ගොඩාරියක් දේවල් තියේවි. මොකද ගොඩයා මේ ලියන්නේ  ව්‍යාපාර කෙරුවාවේ මුල් කාලයේ උගත් පාඩම් , ඉල්ලගෙන කාපුවා, ඇදගෙන නාපුවා සේරෝගෙන්ම රන් පදක්කම දිනාගන්නට සමත්වූ ව්‍යාපාර කෙරුවාවක් ගැන. 


ගොඩයා මේ කියන කාලේ රැකියාව කරේ රජයේ සේවයේ. බොහෝ දුරට වර්ෂය කිව්වොත් දෙදහස් දෙක වෙන්න ඕන මතක විදිහට. ඔය රස්සාව කරපු අවුරුදු දොළහ ඇතුලත ගොඩයා උපරිමේටම ට්‍රයි කරේ මොනයම් දහන්ගැටයක් හරි ගහලා රජයේ සේවයෙන් එලියට පැනගෙන කනක් ඇහිලා ගෙදර වෙලා ඉන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වෙද්දීත් ගොඩයා වෙළඳ ව්‍යාපාරයක් පටන්ගෙන තිබ්බත් ඒ වෙද්දී ගොඩයාගේ ඩඩා විශ්‍රාම ලබාගත් නිසා එම ව්‍යාපාරය ඩඩාට කරගන්න ඇරලා නැවතත් රජයේ සේවයෙන් එලියට පැනගනීමේ මෙහෙයුම වෙනුවෙන් දෙවැනි සැලසුමකට යාමට සිදුවුනා කියමුකෝ. රජයේ සේවය කිසිම විදිහකට අවතක්සේරු කිරීමක් නැතත් උදේ හතරේ හිටන් රාත්‍රී හතයි තිහ දක්වා ගතවෙන කාලයටත්, පැය අටක රැකියාවක් සඳහා යෑමට සහ ඒමට පැය හතයි විනාඩි පහළොවක්  කැප කිරීමට සිදුවීමත්, දිනකින්  පැය පහලොවකුත් විනාඩි තිහක් කපකිරීමෙදී ලැබෙනා වේතනය පැය අටකට වීමත් හෙන පාඩුවක් විදිහට තමා ගොඩයාගේ මොලය ගණනය කලේ. වෙනයම් විදිහකින් ඔය ගණන හදලා කියනවනම් ගොඩයා උදේ අවදි වෙන වෙලාව උදේ හතර සහ නැවත නිවසට පැමිණෙන වෙලාව හතයි කාල වෙද්දී ගතවෙලා තියන කාලය පැය පහළොවයි විනාඩි පහළොවක්. ඒ කියන්නේ සතියේ දවස් පහ බැගින් සති හතරට පැය  තුන්සිය පහක් රැකියාව වෙනුවෙන් ගොඩයා කැප කරනවා. එත් ඒ පැය තුන්සිය පහෙන් පැය එකසිය හැටකට පමණයි ගොඩයා වෙත වැටුප් ලැබුනේ. ඒ කියන්නේ මාසයකට පැය  එකසිය හතලිස් පහක් එලොවටත් මෙලොවටත් නැතුව නිස්කාරනේ නාස්ති වෙනවා කියන එකනේ. ඉතින් හත්වලාමේ එක අපරාදයක් නෙවෙයිද හා. මනුස්සයෙක් පැය අටක රැකියාවකට යෑමට සහ ඒමට තවත් එවැනිම කාලයක් ගතකිරීමට සිද්දවීම සෑහෙන අලාභයක් විදිහට තමයි ගොඩයා ගණනය කරේ. ඒ වූ ප්‍රධාන හේතුවත්, රැකියාව කරගෙන යෑම වෙනුවෙන්ම රැකියාව කරනවාට අමතරව ඉහල පුටුවල සිටිනාවූ කැකිල්ලේ පරපුරෙන් පැවත එන්නාවූ ලොකු මහත්තරුන්ගේ  (කියාගන්නා සහ සිතාගෙන සිටිනා ) ගොන් මෝල් මොට්ට මරි තීන්දු තීරණ සඳහා අකමැත්තෙන් උනත් හිසනැමීමට සිදුවන හේතුවත් සලකා බැලූ කල රැකියාවෙන් එලියට පැනගැනීමේ අවශ්‍යතාවය හිස ගිනිගත්තා හා සමානවුනා කියමුකෝ. 

ගොඩයා මේ තනන්නේම රජයේ රැකියාවට ආයුබෝවන් කියන්නට උපක්‍රමයක් සොයාගන්නටය යන සිතුවිල්ල ගොඩයාගේ දෙමාපියන් ඉතා හොඳින් දැන සිටි නිසා ගොඩයාගේ ව්‍යාපාර අදහස් කණ අහලකටවත් නොගෙන ඉන්න ගොඩයාගේ ඩඩා සහ මමා විශේෂයෙන් සැලකිලිමත්වුනා. ඒත් ඉතින්  ගොඩයා වනාහි එව්වයින් සැලෙන පුතයෙක් නොවෙන නිසා ඉව වැටෙන සෑම සියලු ව්‍යාපාර අවස්තාවක් සඳහාම හොට දමන්නට තිබෙන උත්සාහය අතෑරියේ නෑ. ඔන්න ඔය වගේ දහසක් ව්‍යාපාර අවස්ථා වලට ඉව අල්ලමින් ඉන්නා අල්ලපනල්ලේ තමයි ගොඩයාට මසුරන් වටිනා ව්‍යාපාරයක් ගැන පොඩි පහේ ඉවක් වැටෙන්නේ. ඒ තමා කෘෂිකර්මාන්තය සඳහා පොඩි පහේ ආයෝජනයක් කරන්න. වැඩේ ටිකක් බරපතල තත්වයේ එකක් උනාට ආරම්භය සාර්ථක උනොත් ගොඩයාගේ ගණන් මිනුම් වලට අනුව මාසෙකට රුපියල් පනස්දාහකට එහා ශුද්ධ ලාභයක් ලබන එක සිම්පල් වැඩක්. ආයෝජනය කලයුතු මුදල මුල් මාස කිහිපයෙන්ම ආවරණය වෙන වැඩක් වැඩේ ගොඩ ගියොත්. ඒ අකාරයෙන් ගණන් හිලවු එහෙමත් හොඳින් හදලා බලලා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් එහෙමත් ඔලුවේ හදාගෙන ගොඩයා අදාළ ආයෝජන සැලසුම රාත්‍රී කෑම මේසයට දානව මහ ආණ්ඩුවේ හෙවත් ඩඩාගේ අවසරය සහ ආශිර්වාදය ලබාගැනීම උදෙසා. 

ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ක්‍රියාත්මක කිරීමට මුල්‍යමය ආධාර මහ ආණ්ඩුවෙන් අනවශ්‍ය නමුත් අදාළ ව්‍යාපෘතිය කරගෙන යාමට යෝජිත ඉඩමේ අයිතිය තිබෙන්නේ මහ ආණ්ඩුවට හෙවත් ගොඩයාගේ ඩඩාට නිසා අවසර අවශ්‍ය නැතත් නිකමට හරි දැනුම්දෙන එක දරුවෝ විදිහට යුතුකමක්නේ නේහ්. එව්වට ආශිර්වාද කරන එක වැඩිහිටි පාර්ශවයේ යුතුකම සහ වගකීම උනාට ගොඩයාගේ සැලසුම රැකියාවෙන් දොට්ට පැනගැනීම බව මහ ආණ්ඩුව දන්නා නිසා ව්‍යාපෘති සැලසුම අධීක්ෂණයකින් තොරවම කෙලින්ම කුණු කූඩයට වැටෙනවා කියහන්කෝ. ගොඩයා ඉතින් හිතුනොත් දෙයක් කරනා වර්ගයේ එකා නිසා මහ ආණ්ඩුවේ අනවසරයෙන් සහ දෝෂාරෝපණ මැදින් තමුන්ගේ ව්‍යාපෘතිය කරගෙන යෑමට අත්තනෝමතික තීරණයකට එළඹෙනවා රටක චන්දබලය හිමි වැඩිහිටි පුරවැසියෙකු වශයෙන්. 

ඔය ඉතින් චන්ද බලය කියන එක අවුරුදු දහඅටෙන් හිමිවෙලා රටේ පුරවැසියෝ වශයෙන් ගණන් ගත්තට ලංකාවේ ඔය දහඅටේ විස්සේ එවුන්ට ගෙවල්වල තියන පුරවැසි අයිතිය ඉතින් කුජීතයි කියලා ශ්‍රීලාංකීය තාරුණ්‍යය දන්නවා නිසා ඒ ගැන වැඩි යමක් කියන්ට යන්නේ නෑ. මොකද චන්දයක් වෙලාවට චන්දෙ දාන්න විතරක් එලියට එන ඔය කියන පුරවැසිකම ගොඩයාටත් වයස විසි පහක් තිහක් වෙනකනුත් වත්ත හතරමායිමේදි අර්ධ පුරවැසි බවට පත්වෙලා තමා තිබ්බේ. සමහර වෙලාවල් වලට අර්ධ පුරවැසිභාවයවත් තිබ්බේ නැද්ද මන්ද. වයස හතළිහක් උනත් දැනටත් ගොඩයා ලංකාවට ගිහින් සති තුනක් හිටියොත් තුන්වෙනි සතියේ අග වගේ වෙද්දී ගොඩයාගේ ඩඩා ගොඩයාගේ පුරවැසිකම නැවතත් අර්ධ මට්ටමට ඩවුන් ග්‍රේඩ් කරනවා වගේම අමතන භාෂාව ටිකක් විතර රූඩ් කරනවා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම. මොකද කියනවනම් ගොඩයා ගෙදරින් එලියට බහින්නේ ඉර බැසීමෙන් පසුව වීමත් නැවත ගෙදර පැමිණෙන්නේ මධ්‍යම රාත්‍රියේ ගස් නැගපු යක්කු ගස්වලින් බහින වෙලාවටත් පසුව වීමත් ඉවසා වැදෑරීමේ උපරිම කාලය සති තුනකින් වගේ අවසන්වෙන නිසා. 

දැන් ගොඩයා මේ කියන කෘෂි ව්‍යාපෘතිය කරන්න තීරණය කළා කිව්වට කෘෂි ව්‍යාපෘතිය මොකක්ද කියන එක ගැන මුකුත්ම කිව්වේ නැහැනේ. ඒ ගැන වැඩි යමක් කියනවනම් ගොඩයා මහා පරිමාණයෙන් මේ අතගහන්නට සූදානම් වෙන්නේ වාණිජ මට්ටමෙන් පලා වවන්න. ඔව් ඔව් හත් ඉලව්වේ පලා කිව්වේ පලා.. ඒ කිව්වේ මුගුනුවන්න, ගොටුකොල, වගේ කෑමට ගන්න පලා වර්ග. ගොඩයා කෙලින්ම ඉලක්ක කරන්නේ මුගුණුවැන්න වගාව වෙත නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඉඩමත් ගොඩයාගේ ඩඩා ඊට අවුරුදු දහයකට පහළොවකට වගේ කලින් මිලදීගන තිබේ ගොඩයා අනාගතයේ පලා බිස්නස් එකෙන් කෝටිපතියෙක් වෙන විත්තිය ඉවෙන් වගේ දැනිලද කියල ඒ දවස්වල ගොඩයාට හිතුනත් එක්ක. 

ඔය කියන ඉඩම තිබ්බේ ගොඩයාගේ ඩඩාට අයිති කුරුඳු ඉඩමක් යාබදව. මේ ඉඩම ගඟට මායිම්වෙලා තිබ්බ, ඊට අවුරුදු විසි තිස් ගණනකට කලින් හොඳින් වී වගාකළ කුඹුරු ඉඩමක් උනාට දන්නා කියන කාලෙකින් ඔය කුඹුරේ වී වගාකරලා තිබ්බේ නෑ. ඒකට හේතුව ගඟ දිගේ මුහුදු ජලය ඉහලට පැමිණීමත් කරදිය මිශ්‍ර ජලයේ වී වගාකළ නොහැකි වීමත්ලු. එහෙම තමා ගොඩයා අහලා තියෙන්නේ. අවුරුදු විස්සක් තිහක් පුරන් වෙලා තියන කුඹුරේ තවදුරටත් වී වගාකරන්න බැරි නිසාත්, පලා වැවීමෙන් ඊට වඩා සුවිශාල ආදායමක් ඉපයීමට හැකිවීමත් සලකා බලා ගොඩයා කුඹුරේ පාත්ති සකස් කරන්නට ඔන්න කොන්ත්‍රාත් දුන්නා කියමුකෝ. මොන පාත්තිද හත් ඉලව්වේ ඔන්න ඒ කාලේ කොහෙන්දෝ මී උණක් තියෙන නිසා කුඹුරු වලට බහින්න එපා කියල ගමේ ගොඩේ ආරංචියක් යනවා කියහන්කෝ. ඒ වගේම අවුරුදු විස්සක් තිහක් පුරන්වෙච්චි කුඹුරේ අහස උසට මාන, ඉලුක්, පන් වර්ග වැවිලා තියෙන නිසා කොන්ත්‍රාත් ගත්තු එවුනුත් එක දවසින්ම මී උණ පිටින් දාගෙන බැක් කියාගෙන කුඹුරෙන් ගොඩ ආවා යකඩෝ. ඒ කියන්නේ මිනිස් ශ්‍රමයෙන් පාත්ති දැමීම සුම්ම. ඕන ගොඩයාගේ ඩඩාගේ ෆස්ට් කමෙන්ට් එක වෙච්චි " ඔව්ව හරියන වැඩද" කියන කමෙන්ට් එකට පොඩි ගෝ එකක් ආව. පලවෙනි උත්සාහය වතුරේ. ගමේ ගොඩේ වටේම ආරංචි කරලා බැලුවත් කුඹුරේ පාත්ති දාන්න ඉදිරිපත්වෙන මනුස්සයෙක් බේතකට හොයාගන්න බැරිවෙලා වැඩේ ලත් තැනම ලොප්. එව්වයින් සැලෙයිද ගොඩයා..


වැඩේ ලත් තැනම ලොප් කියලා අපේ රවියට කීවාම ඔන්න රවියා දෙනවා මසුරන් අදහසක්. ඊළඟට ගොඩයා රවියා සමග යනවා ඇල්පිටියෙ විස්කම් මුදලාලි හම්බෙන්න. ඔය කියන විස්කම් මුදලාලි ගාව තිබ්බ යන්ත්‍ර සූත්‍ර අතරේ නැත්තේ හඳට යවන රොකට් එකයි මුහුද යටින් යන සබ්මැරීන් එකයි විතරයි කියලයි ගොඩයාගේ අනුමානය. අනික් ඕනෑම යන්ත්‍රයක් සූත්‍රයක් හෙව්වොත් විස්කම් මුදලාලි ගාව නෑ කියල දෙයක් තිබ්බේ නෑ. ලංකාව මැදින් හාරාගෙන ගිහින් පේරු, ඉක්වදෝර් වලට බටහිරින් දකුණු පැසිෆික් සාගරයෙන් මතුවෙන්න උනත් යන්ත්‍ර සූත්‍ර විස්කම් මුදලාලි ගාව තිබ්බ. ඒ වගේම එව්වා සෙල්ලම්බඩු වගේ හසුරුවන්න පුළුවන් වැඩකාරයොත් විස්කම් මුදලාලි ගාව හිටිය. ඔන්න ගොඩයා සහ රවියා විස්කම් මුදලාලි හම්බෙලා අවශ්‍යතාවය කියා හිටියම මුදලාලි කියපි 

ඕක සිම්පල් වැඩක්නේ ළමයි.. මම දෙන්නං මැෂින් එකකුයි කොල්ලෙකුයි.. අරං ගිහින් වැඩේ කරගන්න..

ප්‍රශ්නේ කියන්නේ මුදලාලි මේක හෙන තඩි මඩ වගුරක්.. මැෂින් එක එරෙයිද..

අයියෝ බයවෙන්න එපා.. පොල් කොට දෙකක් හොයල තියන්නකෝ... කොල්ලා වැඩේ කරයි..

ඔන්න ඔය විදිහට තමයි විස්කම් මුදලාලිගේ එක්ස්කැවේටර් එකයි "රන්සර" කියන ගෝලයයි ගොඩයාගේ ප්‍රොජෙක්ට් එකට යෝජිත කුඹුරට වඩින්නේ..

එක්ස්කැවේටර් එක ගෙනල්ල ඊට ටිකාක් විතර එහායින් තමා ලොරියෙන් බාන්නේ. ඇයිද කියනවනම් ඒ ලොරි රාජයාට කුඹුර ගාවටම යන්න පාරක් නෑ. ඊළඟ භාධකය තමා කුඹුරට මෙහායින් තියෙන ඉඩමේ අයිතිකරු.. එතුමාත් ඉතින් එක්ස්කැවේටර් එක බාපු ගමන්ම තකහනියේ ඇවිත් කියා හිටියා ඒඋන්දැගේ කුරුඳු එහෙම පොඩි උනොත් අලාභය ගෙවන්න වෙනවා කියන එක.

රන්සර සෑහෙන දක්ෂයි යන්තරේ හසුරුවන්න. ගමේ ගොඩේ ඕපා දූප චැනල්ස් ඔක්කොම වටවෙලා කුරුඳු ගස් පොඩිවෙනවා බලන් හිටියට රන්සර සමත් වෙනවා නියර දිගේ ලෑලි දෙකක් දාගෙන එක චෙන් එකක් විතරක් නියරෙන් තියාගෙන අනික් චේන් එක උස්සගෙන පොලොව හාරන අතින් වාරු අරං ගොඩයාගේ කුඹුරට එක්ස්කැවේටර් එක ලෑන්ඩ් කරගන්න. ඔන්න එතැන් පටන් වැඩේ ෆුල් මාවලස්. රන්සරයා පොල්කොට දෙක හරහට දාගෙන කුඹුරේ පාත්ති දානවා හැටට හැටේ. ගමේ ඕපාදූප චැනල්ස් එයාලගේ වගකීම අකුරට ඉෂ්ඨසිද්ධ කරන්න ඕන නිසා කෘෂි නියාමක උන්නැහේටත් පැමිණිල්ලක් යවලා කියහන්කෝ කුඹුරක් ගොඩකරනවා කියල. එතැන් සිට නැවතත් වැඩේට උදැල්ල. 

ගොඩයාට ඊළඟ ප්‍රශ්න වැල නම්, පහත් බිම් එකෙන් අවසර ගත්තද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවසර ගත්තද ? පරිස්ස අධිකාරියට දැන්නුවද ? එතකොට කෘෂිකර්මෙන් උපදෙස්  අරන්ද වැඩේ කරන්නේ වගේ ප්‍රශ්න කෝටියයි. පස්සේ බැලින්නම් ඉඩම් ගොඩකිරීමේ නීතියේ  තියෙන්නේ කුඹුරට පිටින් පස් ගෙනත් දාන්න බෑ කියන කතාවක් නිසා ගොඩයා අදාළ පාර්ශවයන්ට එකෙන්ම කියලා දානව මෙතන ගොඩ කිරීමක් නෑ ලොකු උන්නැහේලා.. එහෙම දෙයක් තියෙනවනම් උසාවි යන්න එන්නම්ය කියන කාරණේ. ඔව්ව ඉතින් ඔහොම සිද්ද වෙනකොට ඔව්ව ගොඩයාගේ ගෙදරටත් ආරංචි වෙනවනේ දෙයියෝ.. ඉතින් නිවසේ පුරවැසිභාවය අහිමිවෙන්න ඔන්න මෙන්න තත්වයක් වගේම මහ ආණ්ඩුවෙන් බ්‍රහ්ම දණ්ඩනය පැනවීමත් සාමාන්‍ය දෙයක්. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් උනාට කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ කියන්නැහේ ඔය බ්‍රහ්ම දණ්ඩනය කෑල්ල තමා ගොඩයාට එපාම කරපු කෑල්ල. ඇයි යකෝ ගෙදර ගියාම වැඩිහිටි පාර්ශවේ දවස ගත කරන්නේ මුණු පුම්බගෙන. එහෙමයි කියල ඉතින් පටන්ගත්තු වැඩේ අහවර නොකර නතර කරන්නත් බෑනේ දෙය්යෝ.. ලක්ස ගානක් මාසෙන් දෙකෙන් හොයන්න පුළුවන් ව්‍යාපෘතියට වැඩිහිටියන් වශයෙන් ඔහොමත් අකුල් හෙලන්න හොඳද කියන ස්ථාවරයේ තමා ගොඩයා උන්නේ.

රන්සර එක්ස්කැවේටර් එක පොල්කොට දෙක උඩ තියාගෙන පස් හාරන අත කුඹුර මැදින් යම ලෝකෙටම බස්සලා ගොඩට ගන්න පස් පිළිවෙලට උඩින් ඇතිරෙනකොට ටිකෙන් ටික පාත්ති පොලොව වහගෙන අලුත් ව්‍යාපෘතිය වෙනුවෙන් නැගී හිටිනවා. ගොඩයාත් බලාපොරොත්තු දල්වාගෙන එක්ස්කැවේටර් එකේ පැත්තෙන් වාඩි වෙලා ලක්ස ගානක ඉන්කම් එකක් දාන්න බැංකුවල ඉඩ ඇතිවෙයිද කියල කල්පනා කරනවා. ඒ අතරේ දුකට සැපට දෙකටම ඉන්න ගොඩයාගේ හිතමිත්‍ර පිරිස දවසපුරා ඉඩක් ලද පමණින් ඉඩම වෙත වාර්තා කෙරෙනවා. අවශ්‍ය කරනා කෑම බීම වර්ග ඇනවුම් කල විගසින් පොල්ලේ විසින් ත්‍රිරෝධ රථයෙන් ඉඩමටම ගෙනවිත් දෙන නිසා කාලය අපතේ යාමක් නැති තරම්. හැන්දෑකොරේ ඇඟේ පතේ අමාරුවට බලන් හිටපු එවුන්ට සාත්තුවක් සප්පායමක් සැපයුනත් අර සා විසාල එක්ස්කැවේටර්  රාජයා දවසක් පුරා එහා මෙහා කරපු රන්සර සුරා පාන, දුම් පාන කිසිම දෙයක් නැතුවම තමුන්ගේ වැටුප අරගෙන පාඩුවේ ගෙදර යනවා. රෑ හත අට වෙනකම් කුඹුරේ තපින පිරිස ගෙවල්වලට යද්දී එක්ස්කැවේටර් යන්තරේ විතරක් කුඹුර මැද්දේ කට්ට කළුවරේ තනිවෙනවා.

සතියක් හමාරක් ගතවෙද්දී විස්කම් මුදලාලිගේ ගෝල තැන හෙවත් රන්සර ඉඩමෙන් භාගෙක පාත්ති දැමීම අවසන් කරා කියමුකෝ. වැඩේ පටන්ගත්තේ අක්කරේම පතති දාන බජට් එකක උනත් අතරමැදින්  එක්ස්කැවේටර් එකක් සීන් එකට එන්ටර් කරන්න වෙච්ච නිසා ගොඩයාගේ බජට් අවුල් ගියා දුකේ බෑ.. ඒ නිසා ගොඩයා තීරණය කරනවා පියවර දෙකකින් ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න. පලවෙනි පියවර වශයෙන් අක්කර භාගෙක වැඩ සම්පූර්ණයෙන්ම නිමවී පැල සිටුවීමත් අපේක්ෂිත ආදායමෙන් ඉතිරි භාගයේ වැඩ මාස හතරකින් පසුව පටන් ගැනීමටත් අපේක්ෂාවෙන් එක්ස්කැවේටර් යන්ත්‍රය නැවත ලොරියක පටවා ආපසු යැවෙනවා නැවත කැඳවන පොරොන්දුව පිට.

සාමාන්‍ය උදැල්ලකින් පාත්ති දැමීමේදී පාත්තියක උස පොලෝ මට්ටමේ හිටං අඩි එකහමාරක් පමණ උනත් එක්ස්කැවේටර් යන්ත්‍රයක ආධාරයෙන් පාත්ති දැමීමේදී ඊට වඩා සෑහෙන්න උසකට පාත්ති දමාගන්නට ගොඩයා සමත් වෙනවා කියමුකෝ. අවුරුද්දකට සැරයක් එන ගංවතුර තත්වයටත් සාර්ථක විසඳුමක් විදිහට එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් උපරිම ගැඹුරට කාණු හාරාගෙන පාත්තිය සකස් කිරීම සිද්දවෙන නිසා පොළොවේ මට්ටමේ හිටං අඩි දහයක් පමණ උසකට පාත්ති සකස් කිරීමට විස්කම් මුදලාලිගේ ගෝල තැන හෙවත් රන්සර සමත් වෙනවා ගොඩයාගේ ඉල්ලීම පිට. ගොඩයාට කොයිතරම් වැඩේට හැපීද කියනවනම් ඇස් පියාගත්තාම පේන්නෙත් ගංවතුරෙන් යායම යටවෙලා තියෙද්දී ගොඩයාගේ මුගුණුවැන්න පාත්ති නිලට නිලේ බබලනවා. ඒ වගේම ගංවතුර කාලෙට ඔරු පාරු වලින් ඇවිත් මුගුණුවැන්න මිටි ගෝනි පිටින් කොළඹ පැටවෙන හැටිත් ගොඩයා ඇස් දෙක වහගෙන උපකල්පනය කරනවා. කොහොමද හීන මැවිල්ල.. නරක නෑ නේහ්.. ගෙදර හැමෝම බ්‍රහ්ම දණ්ඩනය පනවලා තියෙද්දී ගොඩයා රෑට ගෙදර යන්නේ හෙන ගැම්මෙන්. තව නොබෝදිනකින් පාත්ති වලට හිටවෙන මුගුණුවැන්න සති හතරෙන් කොළඹ පැටවෙන නිසා එතැන් පටන් ගොඩයාට අපේක්ෂිත ශුද්ධ ලාභය හැත්තෑ පන්දහස සහ ලක්ෂය අතර මුදලක් නිසා ගෙදර තත්වය පසුව සමනය කරගැනීම උදෙසා තාවකාලිකව නොසලකා හැරෙනවා. මොකද කියනවනම් වගාව සාර්ථක උනාම උදේ හතරට ඇහැරිලා කොළඹ අදින පාපය ගෙවා අවසන් වීමට නියමිතවීම ඔය ඔක්කොටම වඩා වැදගත් නැද්ද හා.. ඒ වගේම ඉර පෙන්නලා හඳ කියලා කිව්වොත් ඔව් සර් ඒ පූර්ණ චන්ද්‍රයා කියන්න වෙන ගොන් මෝල් මරි ඔලමොට්ටල ලොක්කන් යටතේ රැකියාව කිරීමේ පාපය ගෙවා අවසන් කෙරෙනවා.

 ඉඩම් අක්කරයක් වගා කරලා ලැබෙන මුදල් කන්දරාවට අමතරව ලැබෙන බෝනස් වාසිත් එක්ක බැලුවාම ගෙදර වැඩිහිටි පාර්ශවය සතියක් දෙකක් බුම්මගෙන හිටියාම මොකෝ අයියෝ.. ඔය කිව්වට බුම්මගෙන ඉන්න එව්වත් ඒ වෙද්දී ගොඩයාට වැඩිය දැනෙන්නේ පෙනෙන්නේ නෑ. මොකද කියනවනම් ඒ වෙද්දී ඉඩම් අක්කර භාගෙක පාත්ති දැමිලා අහවරයි.. ඒ නිසා ගොඩයා නින්දට වැටුන වෙලේ හිටං ගොඩයා හීනෙන් දැක්කේ ගොඩයාගේ පලා අස්වැන්න ලොරිවල පැටවිලා කොළඹ යන හීන. ඒ වගේම ගොඩයාගේ ව්‍යාපෘතියේ ශ්‍රමය සැපයීම වෙනුවෙනුත් කීපදෙනෙක් අවශ්‍යවෙන නිසා කී දෙනෙකුට රැකියා ලබාදෙනවාද කියනා කාරණය ගනත ගොඩයා නිරන්තරයෙන්ම හිතමින් උන්නා. මේක කියවන බෝලාලාට මේක සෙල්ලමක් වගේ උනාට ඒ වෙද්දී ගොඩයාගේ ඔලුව නවලෝක මුදලාලිටත් වඩා ඇඩ්වාන්ස් තත්වෙක තමයි තිබ්බේ. ඒ කියන්නේ හෙන බිස්නස් මයින්ඩඩ්. කොයිවෙලෙත් ඉන්නේ බිස්නස් ගැනම හිත හිතාමයි. නින්ද යද්දිත් බිස්නස්, ඇහැරෙද්දීත් බිස්නස්, කද්දීත් බිස්නස්, බෝද්දීත් බිස්නස්, කොටින්ම කියනවනම් වැසිකිලියේ ඉන්න ගමනුත් කල්පනා කරන්නේ සේවකයෝ  කීයක් ඕන වෙයිද? පාරේ ප්‍රශ්නේ නිසා පලා ටික ගඟ දිගේ ලොකු බෝට්ටුවකින් පාලම ගාවට ගේන එල ලාභ වෙයිද? එහෙම උනොත් බෝට්ටුවක් රෙන්ට් එකට ගනන්වද සල්ලිවලටම ගන්නවද? පෝර ලොරියක් එකපාරට ගන්න එක ලාභ වෙයිද ?  වෙනම සුපර්මාර්කට් වලට පලා  දාන්න ලස්සන පොඩි වෑන් එකක් අරගෙන ඇඩ් එකක් එහෙම ලස්සනට ගහලා රටපුරා ප්‍රසිද්දියක් ලබාගන්න පුළුවන් වෙයිද? කොළඹ යවන්න පිට ලොරි වලට කුලී ගෙවනවාට වඩා ගොඩයාගේම කියලා ලොරියක් ගත්තොත් හොඳයි නේද, මේ පලා බිස්නස් එක නිසා කොටස් වෙළඳපොල උච්චාවචනය වෙයිද, අන්තර්ජාතිකව ගොඩයාගේ පලා වලට ඉනටර්නැෂනල් මාර්කට් එකක් හදාගන්නේ කොහොමද? වගේ හෙන ඇඩ්වාන්ස් දේවල්. එව්වා ඉතින් ගෙවල් වලින් දන්නවනම් බ්‍රහ්මදණ්ඩනය තාවකාලිකව අක්‍රීය කරලා අත පය හතර කඹේකින් ගැටගහල අරං ගිහින් අංගොඩ ඇඩ්මිට් කරනවා ෂුවර්.

පැල සිටුවීමේ සිට වවන්නෝ දිනපු හැටි ඊළඟ කොටසින්.. දිගටම ලිව්වොත් දිග වැඩියි නෙව.. 



67 comments:

  1. Replies
    1. එක විතරක් නෙමේ දෙකත් මමම තමයි බොල. හැක්..
      අද කට්ටියම නිදි ව‍ගේ.

      Delete
    2. ඈ බන් පෙසන්න.. ලංකාවේ ෆේස්බුකිය වහල නිසා දැන් ෆුල්ටයිම් බ්ලොග් වලද වැඩ..

      Delete
    3. තව ටික දවසක් මෙහෙම තිබ්බොත් අපි බ්ල‍ොග් වල පාත්ති දාල පලා හිටවන්න ඉන්නෙ.

      Delete
  2. යකෝ අඩි දහයක් උසට පාත්ති??? පැළ හිටවන්න යන එකා පාත්තියකින් කාණුවට වැටුනොත් ඌට සොරි තමයි. මොනව උනත් රන්සරය දක්ෂය වගේ වැඩේට.

    හා.. ඊගාව කොටහින් බලමුකො බොලාගෙ පලා ෂිප්මන්ට් එක ජපානය කරා පලා යනව.

    ReplyDelete
    Replies
    1. ඔව් උඹල කිව්වට විස්වාස කරන්නේ නැහැනේ ඉතින්. එක්ස්කැවේටර් එකේ අඩි පහළොවක් විතර වෙන අත යම ලෝකෙටම මඩේ බස්සලා අඩි තුනක් හතරක් විතර පළල කානුවක් හාරලා ගොඩ දැම්මාම නිකමට හිතල බලන්නකෝ කොයිතරම් පස්ගොඩක් ගොඩට එනවද කියල. ඉවසලා හිටින්කෝ ඊළඟ කොටසේදී ගූගල් සැටලයිට් පින්තූරේ දැම්මාම උයාලා ඔක්කොටම තේරෙයි.. පොළොවේ තියන පාත්තියක් අහසේ තියන චන්ද්‍රිකා පින්තූරෙට වදින්න තරම් ලොකු පාත්ති බන් එව්වා.. ඊළඟ කොටස දැම්මාම ඔය සැක සංකා සියල්ලම දුරු වෙයි.. රන්සර ඒ වෙද්දී වයස දහඅටක්වත් නෑ මං හිතන්නේ.. මැෂින් එක සෙල්ලම් බඩුව වගේ හසුරුවන්නේ..

      Delete
  3. පාත්තියට ගඟේ ඉඳල ඇලක් කැපුවනං බෝට් එකෙන් පලා නෙළල ඇල හරහා ගඟ දිගේ ගිහිල්ල අම්බලන්තොට පෝට් එකෙන් කෙලින්ම උඹ ගන්න නැවට පටවන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. නයෝ අම්බලන්තොට නෙවෙයි අම්බලන්ගොඩ​

      Delete
    2. අවුලක් නෑ තයන්න විතරයිනෙ වෙනස්. හැක්..

      Delete
    3. පෙසන්නයෝ.. මං කිව්වට ඉවසගෙන හිටහන්කෝ.. ඊළඟ කොටසෙන් ගූගල් පින්තූරේ දානව.. ඒ ගඟ මුහුදට වැටෙන තැනින් ඇනිකට් එකකින් හරස් කරලා තියෙන්නේ අම්බලංගොඩ ආසන්නයෙන්. එහෙම නොවුනානම් නැවකුත් ඔය ප්‍රොජෙක්ට් ප්ලෑන් එකට එන්න තිබ්බ තමා..

      Delete
    4. පද්මාල්.. අපේ පෙසන්නට "න" අකුරේ ප්‍රශ්නයක් තියෙනව අපි දන්නා කාලේ ඉඳන්ම..

      Delete
  4. මොනවද ප්‍රසන්න අයියේ මෙි කරන වැඩ තනියම කොමෙින්ටි දාගන්නේ...

    ReplyDelete
    Replies
    1. දැං බුකියත් නැති එකේ මේකෙවත් කොමෙන්ට් දාන්න එපැයි හිටං.

      Delete
    2. එක මිසක්...කාරිනැ..කාරිනැ...කරගෙන යන්න හිටං....

      Delete
    3. මං මේක ලියල පෝස්ට් කරලා රෑ නිදාගෙන උදේ ඇහැරෙද්දි මුන් මේකේ යකා නටලා..

      Delete
  5. යකෝ නලුවෙක් නෙවෙයි මොලයක් කියන්නේ නිකන්ද ?....නෑනේ....නෑනේ....

    ReplyDelete
    Replies
    1. //ගොඩයාත් බලාපොරොත්තු දල්වාගෙන එක්ස්කැවේටර් එකේ පැත්තෙන් වාඩි වෙලා// ඉඳල මොළේ තැලිල වැඩේ අඤ්ඤකොරොස් උනාය කියල තමයි ආරංචි උනේ.

      Delete
    2. //තව නොබෝදිනකින් පාත්ති වලට හිටවෙන මුගුණුවැන්න සති හතරෙන් කොළඹ පැටවෙන නිසා එතැන් පටන් ගොඩයාට අපේක්ෂිත ශුද්ධ ලාභය හැත්තෑ පන්දහස සහ ලක්ෂය අතර මුදලක් නිසා ගෙදර තත්වය පසුව සමනය කරගැනීම උදෙසා තාවකාලිකව නොසලකා හැරෙනවා. මොකද කියනවනම් වගාව සාර්ථක උනාම උදේ හතරට ඇහැරිලා කොළඹ අදින පාපය ගෙවා අවසන් වීමට නියමිතවීම ඔය ඔක්කොටම වඩා වැදගත් නැද්ද හා..//

      මොලයකට මිසක් නලු⁣වෙක්ට ඔහෙම හිතන්න පුලුවන් ද අයියේ..

      Delete
    3. නළුවෙක් නෙවෙයි මොළයක් කියන වචන සෙට් එකට වරහන් ඇතුලේ (පිස්සු තද වෙච්ච ) කියලා දැම්මනම් මොකෝ..හැක්..

      Delete
  6. අම්මප මේ මං ඒක

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා මල්ලි... කියන්න ඕන දේ කියල දාන්න නිකං පිහියෙං ඇන්නැහේ.

      Delete
    2. මොකද කියන්නේ ප්‍රසන්න අයියේ සුරා මහත්තයාටත් දෙමු ද අපි පිහි පාරක්...

      Delete
    3. ඈ බන් සුරන්ගයෝ... කියන්න ගිය දේ කීවානම් තමා හොඳ..

      Delete
    4. ඔය පිහියෙන් අනිනවා වගේ වචන ගොඩයට වැනෙන්නේ නෑ බන් ප්‍රසන්න.. මොකද ඔය ප්‍රොජෙක්ට් එක කරන්න ගිහින් ඒ වගේ වචන ලොරි ගණන් තමා ගෙදරින් ලැබුනේ.. අපි සැලෙයි එව්වට..

      Delete
  7. ගොඩයෝ..!! මම බිස්නස් කරන්න අකමැතිම චරිතයක්. උදව්වක් ගත්ත සල්ලිකාර මගේම මාම මට ලක්ෂ 50කට ඇරිය හැටි උබේ කලින් පොස්ට් එකක මම ලියල තියෙනව. ඒ වගේම මම මේ රටේ මගෙ අම්ම වගේ ආශ්‍රය කරන සුදු අම්ම එක්ක මම මගේ අදහස් හුවමාරු කරද්දි මට කියන එකම දෙය තමයි සොරි බ්‍රෝ "ඒක අදාළ නැහැ මෙතන කියන්න". එයා තවමත් මගේ ආදරණිය සුදු අම්ම. මගේ අම්ම වගේම ගොං වැඩ කරන්න යද්දි මාව බේරගන්නව. අක්ක, මම ලංකාවෙන් ගියාට පස්සෙ අපෙ ගාල්ලේ ගෙදර විකුනල කොළඹින් අලුත්ම ගෙයක් ගත්ත. අදටත් මම වැඩිය හොයල බලන්නෙ නැහැ දෙමව්පියන්ගෙන් මට ලැබෙන දේපල උනත් ඒ මගේ නෙමෙයි නිසා. පස්සෙ අපේ අම්ම තාත්ත ඇමෙරිකා ගිහිං ආවට පස්සෙත් තාත්තට රස්සාවෙන් අයින් වෙන්න බැරි නිසා කොළඹ ගෙදර කුලියට දීල නුවරට ගියා. අම්මල නුවරට ගිහිං කුලියට ඉන්න දෙන්න බැරි නිසා මම සියළු සැප පහසුකම් එක්ක අලුත්ම ගෙයක් එයාලට සල්ලි වලට අරං දුන්න. (මම අදටත් ඔය කිසිම ගෙයක් තියෙන තැනක් වත් දන්නේ නැහැ බං ඇත්තම කියනවනං. මට අදාලත් නැහැ) පස්සෙ මට ආරංචි උනා අපේ කොළඹ ගෙදර රෙන්ට් එකට අරං ඉන්නෙ මහින්ද පාර්ශවයේ ලොකුම හොරාගෙ එකවුන්ටන්ට් කියල. මම අම්මලට කිව්ව ගෙදර තියෙන්නෙ වැරදි කෙනෙක් ළඟ. කරුණාකරල ගෙදර ටෙනන්සි ඇග්රිමන්ට් එක රිනිව් කරන්න එපා. ආයෙමත් ගන්න අපිටම කියල. කියපු දේ ඇහුවේ නැහැ. අම්ම කිව්වෙ මට පිස්සු, ගෙදර ඉන්නෙ බොහොම අහිංසක තාත්ත නැති අම්ම කෙනෙකුයි එයාලගේ එකම එකම එකවුන්ටන්ට් පුතයි විතරයි කියල. එයාල මාස තුනකට දික් කලත් උන් ගෙදර ආයේ දෙන්න කැමති උනේ නැහැ. උං තග දාල තිබ්බ අම්මලට. මොකද උං හිතුවෙ දරුවො දෙන්නම රට නිසා අපෙ අම්මට තාත්තට මොකුත් කරන්න බැහැ කියල. මම මගේ දෙමව්පියන්ට කිව්වෙ පැත්තකට වෙලා ඉන්න. මම මේ ප්‍රශ්නෙ විසඳනව මගේ විදිහට. අදින් පස්සෙ ළමයෙකුටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න ඉගෙන ගන්න කියල. අන්තිමට උනේ මගේ ඔප්ෂන් දෙකෙන් එකක් උන්ට ගන්න උන එක. ලස්සනට ඩිපොසිට් එකෙන් බාගයක් විතර අරං උං ගියා. අද ඒ ගෙදර ඉන්නෙ ඇමෙරිකන් එම්බසි එකේ ඔෆිසර් කපල් එකක්. . මම කවදත් ඉන්වෙස්ට් කරන්න කැමති නැහැ බන්. වැඩ කරන සල්ලි එකවුන්ට් එකට යනව. කාල බිල සන්තෝසෙන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි කියල අහලා තියෙනවනේ මචෝ.ඒ නිසා ව්‍යාපාර කෙරුවාව ගැන ඔලුව නිරන්තරයෙන් පැය විසි හතරේම වැඩ. අපේ ඩඩාත් මේ දවස්වල ඔය වගේම රෙන්ට් කේස් එකකට අර අදිනවා මේ දවස්වල. මම මේ අමාරුවෙන් නවත්තගෙන ඉන්නේ. ඔව්ව දුන්නා වගේ නෙවෙයි බන් ආපහු ගන්න ගියාම.. මං ගමේ රටේ නැති නිසා ඉඳලා හිටලා ලංකාවට ගියාමත් ගමට අලුතෙන් ආපු එවුන් මං දිහා බලන්නේ ගමට අලුතෙන් ආපු එකෙන් දිහා බලනවා වගේ බන්. දැන් අපේ අම්මලා තාත්තලා කැමතියි මං බිස්නස් කරන්නේ නැතුව රටින් පිට ඉන්න එකට. මොකද කියනවනම් හැමතැනම චන්ඩි..

      Delete
  8. මරු අය්යේ නියම කතාව...මැවිල පේනව ඔයාගේ පලා පාත්ති....ඔයා නන් නියම බිස්නස් මයින්ඩඩ් කොලුවෙක් තමා...

    ReplyDelete
    Replies
    1. මවන්න මහන්සි වෙන්න එපා නෙතු... ඊළඟ කොටසින් පාත්ති ටික ගූගල් හරහා පෙන්නනවා ෂුවර්ම ෂුවර්.. ලෝකේ රැකියා ප්‍රශ්නය කියලා එකක් තියෙන්නේ මිනිස්සු අවස්තාවන් හොයන්නේ නැති නිසා කියලයි මම හිතන්නේ. මිනිස්සු බලන්නෙම කාගෙන් හරි යැපෙන්න. ආණ්ඩුවෙන් හෝ කව්රුහරි ව්‍යවසායකයෙක් විසින් උත්පාදනය කරපු රැකියාවක් මත යපෙන්නමයි මිනිස්සු බලන් ඉන්නේ. ජොබ්ලස් කියන මිනිස්සුන්ට ඇත්තටම තියන ප්‍රශ්නේ ජොබ්ස් හෝ අවස්තාවන් නැතිකම නෙවෙයි කම්මැලිකම සහ සංස්කෘතික බැමි බිඳගෙන යෑමට තියෙන අසීමිත භය. ලංකාවේ ඉන්නකොට පිටකොටුවේ හෝටලේක වේටර් විදිහට පාර්ට් ටයිම් එකක් කරන්න බැරි අපේ රටේ එවුන් පිටරටවල ගිහින් යස අගේට වැසිකිලි සෝදනවා කිසිම අකමැත්තක් නැතුව. එකම පුද්ගලයා භූගෝලීය පිහිටීම් දෙකකදී හැසිරෙන්නේ වෙනස් විදිහට. ඕන ඔය හේතුව නිසා තමයි අතීතයේ හිටං වර්තමානය හරහා විශ්වය පවතින තාක් අනාගතය දක්වා ශ්‍රී ලංකාව "දියුණුවෙමින් පවතින රටක් " කියලා හඳුන්වන්නේ..

      Delete
    2. ඔයා ඉතිං කිව්වොත් කියන්නෙ මසුරං වටින කතා තමා..ඒත් ඉස්සර වගේ නෙවෙයි දැන් " කිසිදිනක දියුණු නොවන රටවල්" කියලත් තියෙනවනේ..ආන්න ඒ කැටගරි එකට තමා අපේ මේ සිරිබර සිරි ලංකාව වැටෙන්නෙ....

      Delete
    3. ඒත් එක්කම මම මේ කල්පනා කලේ ගොඩයියේ වෙනදට පෝස්ටුවක් වැටෙනකොටම කොමෙන්ටු කොටන ඔයාගේ හිතාදර හිතමිත්‍ර තඩි අය්යට මොකද උනේ කියලා.....

      Delete
    4. තඩියා මේ අලුතෙන් ගතපු කාර් එකේ සම හිමිකාරත්වය කතරගම දෙවියන්ට පවරලා එන්න කතරගම ගිහින් මේ දවස්වල..

      Delete
  9. ඔකනෙ කියන්නෙ බාගයයි නෙ දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. දිගටම ලිව්වාම කියවන එවුන්ට එපා වෙනවා තඩියෝ.. ඒ නිසා දෙකට කඩලා ලියන්න හිතුවේ..

      Delete
  10. වවන්නෝ දිනන්නෝ.

    Patta

    ReplyDelete
  11. ඔය වගේම කතාවක් තියෙනවා නේද බන් මුරුංග ගහක් ගැනද කොහෙද...
    ගහේ කරල් ටික දිහා බලාගෙන ඒවා විකුණලා, බිස්නස් එකේ ඊළඟ ස්ටෙප් එකට යන හැටි සහ ඉන්පස්සේ පෝසත් වෙලා බදු අදින්න ලොරියක් අරගන්න හැටි එහෙම කියවෙන...
    අන්තිමේදී ලොරිය දාන්න මිදුලේ ඉඩ මදි නිසා මුරුංග ගහ කපල දානවා...
    ගහ බිමට වැටෙද්දී තමයි බුවා පියවී සිහියට එන්නේ...

    මමනම් ආයේ බිස්නොස් නම් මක්කාවත් කරන්නේ නැහැ කියල දැඩි ලෙස හිතාගෙන ඉන්නේ...
    මම බිසිනොස් පටන් ගත්තම වෙන්නේ දාහට අරන් පන්සීයට දෙන්න වෙන වර්ගයේ වැඩ...

    ReplyDelete
    Replies
    1. මටනම් ලොකුපුතා මෙච්චර කාලෙකට පාඩු වෙලා තියෙන්නේ ව්‍යාපාර දෙකයි. අනික්වා අතිසාර්ථකයි.. මුරුංගා ගහේ කතාව මමත් අහලා තියෙනව. වැවිල්ල වාණිජ මට්ටමෙන් කරනකොට පාඩු නෑ ලොකු පුතා.. අහලා තියෙනවද "දැන වෙලදාම්.. නොදැන ගොවිතැන් " කියලා කතාවක්.. මං නම් ඔය දෙකම කරලා තියෙනව..

      Delete
    2. මං කරපු බිස්නස් එකක් අහපංකො... කාලයක් පොල්මිල ඉහළ ගියා හිටු කියලා. මං කරේ අපේ පැත්තෙ පොරකගෙන් උගෙ පොල්වත්තෙදිම ගත්තා පොල් ඒ මාසෙ මුළු පඩියම දීලා. පාළොස්දාහක්ද කොහෙද මට මතක හැටියට. මේ යකා කුරුම්බයි, කළටියි සේරම එක්ක තමයි පොල් දීලා තියෙන්නෙ. අන්තිමේ යාන්තං හොඳ පොල් ටික තාත්ත අතේ හික්කඩුව පොළට යවා ගෙන රුපියල් හත්අට දාහක් හොයා ගත්තා. ඉතුරු කළටි පොල් ටික සෑහෙන කාලයක් යනකං අපේ ස්ලැබ් එක උඩ තිබුණා. ඔච්චරම තමයි මං කරපු එකම බිස්නස් එක

      Delete
    3. දැන වෙළඳාම් නොදැන ගොවිතැන් කියලා අහලා නැද්ද උඹ.. ව්‍යාපාරයක් කරනකොට හොඳට අගමුල හොයලා කරන්න ඕන බන්.. අනික ව්‍යාපාරය අසාර්ථක උනොත් ප්ලෑන් බී එකක් තියෙන්න ඕන බන්. මගේ ඔය පලා වවන ප්‍රොජෙක්ට් එකේ ප්ලෑන් බී එකක් නැතිවීම තමයි මට වැරදුන තැන. අනික බන් පොඩියට හිතලා බිස්නස් කරන්න යන්න එපා.. ලොකුවට හිතපන්.. රස්සාව කරන ගමන් හවසට පොල් බිස්නස් එක කරපු මම දන්නා කෙනෙක් ඉන්නවා. මිනිහ කරේ පොල් තොගේට අරගෙන ගෙදර ගෙනත් දාගෙන සිල්ලරට කඩවල් වලට දාපු එක. මිනිහ වාහනයක් එහෙමත් අරගෙන ගෙයක් දොරක් එහෙමත් හදාගත්ත දෙයියනේ කියල ඒ බිස්නස් එකෙන්.

      Delete
    4. හික්කඩුවේ මාර ලොකු පොලක් තිබ්බ නේද ඉස්සර . ඉස්ටේෂම ඉස්සරහ පිට්ටනිය පිරෙන්නම වගේ . මාර සෙනගක් නේද හිරියේ . මම පොඩි කාලේ පුංචිලා එක්ක පොලේ යනවා . නැති දෙයක් නෑ මෙතන ඒ දවස් වල . දැන් කොහොමද නම් දන්නේ නෑ හැබැයි .

      සුනාමිය අපු වෙලේ පොලේ ගොඩක් අය හිටියා ලු නේද එදා

      Delete
  12. හා හා බලමුකෝ ඊලඟ කොටසින් මොකද වෙන්නේ කියලා... පලා නෙලයිද, පලා යයිදකියලා:D

    ReplyDelete
    Replies
    1. පැරදීලා පලා ගියේ නෑ.. කියලා මිල්ටන් මල්ලවආරච්චිත් කියලා තියෙනවනේ..

      Delete
  13. තෝ බොරු ෙන් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. බලහන්කො ඊළඟ කොටස ලිව්වාම බොරුද කියල..

      Delete
  14. Replies
    1. අන්න උඹට විතරක් තේරුනා..

      Delete
  15. හත් ඉලව්වේ තව පෝස්ට් හතක විතර බලං ඔන්නවෙයි වගේ මුකුණුවැන්න හැදෙනකන්

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට ඉක්මනට පලා ගන්න ඕනද?

      Delete
    2. ඕකගෙ පලන්න මාත් එනවා.... හැක්

      Delete
  16. මාත් මේ කවද්ද රාජ්‍ය සේවයෙන් පැන ගන්නේ කියල බලං ඉන්නෙ බං... මාත් ඔය අම්බලංගොඩ කිට්ටුවම ලෑන්ඩ් කරන්නයි අදහස

    ReplyDelete
    Replies
    1. හොඳ ස්ථාවර ව්‍යාපාරයක් කරගෙන ඒකත් අඩුම තරමේ අවුරුදු දෙක තුනක් පැරලල් දෙකම කරලා හොඳට හිතලා තීරණයක් ගන්න. ආවට ගියාට ඔය වගේ තීරණ ගන්න එපා..

      Delete
  17. ඔය කතන්දරය වෙනකොට මම පිට රට නෙව.නැත්නම් මමත් ඕකෙ කොටස්කාරයෙක්.ඒ කුඹුරු අක්කරේ තවම තියෙනවද බන්.මට ලැබුන අක්කරේ නම් මම විකුනල දැම්ම.දැන් තිබුනනම් මඩ පොකුනු ටිකක් හදාගන්න තිබුන අපරාදෙ.මොකද කියන්නෙ වැඩේට බහිමුද...

    ReplyDelete
    Replies
    1. උඹ හිටියනම් ඉතින් දවල්ට ගේන බත් පාර්සල් ගාන දෙගුණ වෙන්න තිබ්බ.. කුඹුරු අක්කරේ ගැන අහපු ප්‍රශ්නෙට උත්තරේ ඊළඟ කොටසේ ලියවෙන නිසා මෙතන ඒකට උත්තරේ ලියන්නේ නෑ..

      Delete
  18. වවන්නෝ දිනන්නෝ.ඊළඟ කොටස එනකන් බලා ඉන්නවා .ජය

    ReplyDelete
  19. ela ela aiya. ilaga kotaha ikkanata ona.jaya wewa

    ReplyDelete
  20. ගොඩයාගේ plan B ගැන මොකුත් නැත්තේ කියල බැලුව ඕන්. ලේසි පහසුවෙන් ඇනගන්න පුතයෙක් නෙමේ නේ..........

    ReplyDelete
    Replies
    1. හරියටම ප්ලෑන් B එක ගැන ඉගෙනගත්තේ මෙතනින් තමයි නුවන්..

      Delete
  21. අපේ ඩඩාත් දැන් පැන්සන් යන්ඩ ලග නිසා මෙව්වා Project ideas විදියට කියල තියන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඩඩාල පෙන්ෂන් ගියාම එයාලට විවේක සුවයෙන් ඉන්න දෙන එක තමයි පුතාලගේ යුතුකම. ඕනෙනම් බණක් භාවනාවක් කරගන්න ලේසි වෙන ප්‍රොජෙක්ට් එකක් හදල දෙන්න. මේ සංසාරේ ඉපදීම දුකයි. නිත්‍ය නැති දේවල් වලට හැප්පෙන එකේ තේරුමක් නෑ. විශේෂයෙන් වගකීම් වලින් බැහැරවුනාම සසර දුකෙන් මිදෙන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකකට තමයි අතගහන්න ඕන. එහම නැතිනම් බුද්ධෝත්පාද කාලෙක බෞද්ධ වෙලා උපන් වාසනාව අපතේ යැව්වා වෙනවා.

      Delete
  22. මටත් බිස්නස් එක්ක පටන් ගන්න අදහසක් තිබ්බත් එකට අත ගහන්න බය නිසාත් රටින් පිට ඉන නිසාත් පස්ස ගහමින් ඉන්නවා බං :(

    ප්ලෑන් A එකම කාල නියමයක් නැතිව ඔන් හෝල්ඩ් !!!

    ReplyDelete