Sunday, August 8, 2021

හිත රිද්දන මතක 1

 

අද ඉරිද හවස මියුසික් ප්රැක්ටිස් දවස. බෑන්ඩ් එකේ දෙන්නෙක් ගමනක් ගිහිල්ලා එන්න පරක්කු වෙනවා කිව්ව නිසා ප්රැක්ටිස් කැන්සල්. කීබෝර්ඩ් එකත් වාහනේට දාගෙන උදේ දහයට විතර එලියට ගියේ තවත් වැඩ රාජකාරි කීපයක් කරගෙන හවසට ප්රැක්ටිසුත් ගිහිං රෑ වෙලා ගෙදර එන්න හිතාගෙන. ප්රැක්ටිස් කැන්සල් නිසා කලින්ම ගෙදර ඇවිත් වාඩි උනේ සිංදු වගේකට කෝර්ඩ්ස් දාන්න. ඕන කරන සිංදු වගයක් යූ ටියුබ් එකේ හොයගෙන මගේ වැඩේට ඔලුව දාගෙන ඉද්දි තමා youtube auto play යටතේ මේ සිංදුව play වෙන්නෙ.


ඒ වෙද්දි මං හිටියෙ තුන වසරේ හෝ හතර වසරේ කියලා තමයි මතක. ඉස්කෝලෙ ඇරෙන්නෙ දවල් දොලහයි හතලිස් පහට. ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙ ලොකු සුදූ අක්කා එක්ක. දවල් දවසේ අම්මයි තාත්තයි දෙන්නම රස්සාවට යන නිසා මං හවස් වෙනකල් ඉන්නෙ පුංචිලාගෙ ගෙදර. ඒ කාලෙ පුංචිලාට තිබ්බෙ ගම් උළු හෙවිලි කරපු වරිච්චි බිත්ති වලට සිමෙන්ති කපරාරු ගහපු ලොකු ගෙයක්. ඒ ගෙදර බිමටම සමතලා කරලා තමා බාප්පා එතන අලුතෙන් ගේ හැදුවෙ. ඉස්කොලෙ ඇරීලා එනකොට පුංචිලාගෙ ගෙවල් ලඟ වංගුවෙන් කන්ද උඩට හැරෙනකොටම ඉස්සෙල්ලම දැනෙන්නෙ පුංචි පරිප්පු උයන සුවඳ. පුංචි දවාලට උයන්න ගන්නෙ මං ඉස්කෝලෙ ඇරීලා එන වෙලාව අල්ලල. පුංචිගෙ දුව මට වඩා අවුරුදු පහක් වැඩිමල් නිසා ඒ වෙද්දි අක්කා අට වසරේ වගේ වෙන්න ඇති. එයාට ඉස්කෝලෙ ඇරෙන්නෙ එකහමාරට. එයත් ගෙදර එනකොට දෙක විතර වෙන නිසා පුංචිගෙ කෑම උයන වෙලාව අපි දෙන්නටම උණු බත් කන්න දෙන්නම සැලසුම් කරපු වෙලාවක්දෝ කියලා මේ දැං මට හිතෙනව. ලොකු නංගි ඒ වෙද්දි මොන්ටිසෝරි වයසෙ. පොඩි නංගි ඉපදිලා නෑ තියා ඉපදෙන්න හිතලාවත් නෑ ඒ කාලෙ. සමහරවිට එයා කලින් ආත්මේ හෙන නාකි උන්දෙක් වෙන්න ඇති ඒ වෙද්දි.

දවල් එකොලහමාරට හෝ දොලහට වගේ නංගිව පන්සලේ මොන්ටිසෝරියෙන් අරං ඇවිල්ලා තමා පුංචි උයන්න පටන් ගන්නෙ. උයලා ඉවර වෙද්දි මං ගෙදර ඇවිත්. පුංචිගෙ පරිප්පු හොද්දේ සුවඳ මේ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ මට. හැමදාම පුංචි මට පරිප්පු වැරැද්දුවේ නෑ. ඒ මං පට්ට පරිප්පු පෙරේතයෙක් හිංදා වෙන්න ඇති. තුන් වේලටම අවුරුද්දේ දවස් තුන්සිය හැටපහේම උනත් මට පරිප්පු කන්න පුලුවනි. හෑබැයි පරිප්පු රසට උයන්න හැමෝටම බැහැ. ලේසියෙන් උයන්න පුලුවන් උනාට පරිප්පු උයන එක වෙනම කලාවක්. පරිප්පු කියන්නෙ ජීවිතේ හා සමාන නිසා මටත් රහට පරිප්පු උයන්න පුලුවනි. කිරටද, මිරිසටද, තෙම්පරාදුවටද, වතුරෙන්ද, මෙකී නොකී ඕනෑම විදිහකට මටත් රසට පරිප්පු උයන්න පුලුවනි. මම වැඩියෙන්ම ආස තෙල් දාලා වතුරෙන් විතරක් පරිප්පු උයලා කන්න. එහෙම උයද්දි පොල් කිරි දාන්නෙ නෑ. මට හිතෙනව එහෙම ඉව්වාම පුංචිගෙ රසම රස පරිප්පු හොද්ද ලඟින් යන රසක් ගන්න මට පුලුවන් කියල. හැබැයි ඒ රසට සමාන කරගන්න තාම මට බැරිවුනා. අවුරුදු එකොලහක් පරිප්පු උයලත්.

බාප්ප ඒ වෙද්දි හිටියෙ සවුදියේ. ඒ නිසා පුංචිලාගෙ ගෙදරත් තිබුනා ඉස්පීකර් දෙකේ නැශන්ල් කැසට් රේඩියෝ එකක්. ඒ රේඩියෝ එක අන්තිමේ නතර උනේ මගේ කාමරේ. ඒ පස්සෙ වතාවක බාප්පා රට ඉඳලා එද්දි ත්රී ඉන් වන් එකක් ගෙනාපු නිසා. බාප්පා ත්රී ඉන් වන් එක ගෙනෙද්දි රෙකෝර්ඩ් ප්ලේ කරන්න පූලුවන් පැතලි ත්රී ඉන් වන් එකක් අපිටත් ගෙනැල්ලා දුන්න. ඒකෙත් අඩියක් විතර උස බෆල් පෙට්ටි දෙකක් තිබුන නැශනල් එකක් උනාට සද්දෙ ඒ තරම් සුපිරි නෑ. අඩි තුනක් විතර උස බෆල් පෙට්ටි දෙකක් එක්ක බාප්ප ගෙනාපු ත්රී ඉන් වන් එක නිසා පුංචිලහ තිබ්බ නැශනල් කැසට් රේඩියෝ එක ගෙදර ඉස්සරහ කාමරේ මුල්ලකට තල්ලු කෙරුනා. ටික කාලයක් ඒක එහෙම තිබිලා කැසට් පටිය කරකවන මෝටරේ බෙල්ට් එක ලූස් වෙලා කවුරුත් පාවිච්චි නොකරන තැනට වැටුනාම මං ඕක ගෙදර ගෙනැල්ලා මගේ කාමරේ තියාගත්ත. වටේ තිබ්බ ප්ලාස්ටික් කවරය ගලවලා පැත්තකට දාලා මෝටරේට රබර් පටියක් දාලා තමා මං ඒකෙන් කැසට් පීස් ඇහුවෙ. නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ කියන කැසට් පටිය ඉස්සෙල්ලම ඇහුවෙ ඒ කැසට් රේඩියෝ එකේ තමා. ඉස්පීකර් දෙකෙන් එකක් ගලවලා වයර් එකක් අමුනලා අරං ඇලුමීනියම් කලගෙඩිය උඩින් තිබ්බාම දැං තියෙන සබ්වූෆර් කැලේ. පාරෙ වතුර ලයින් එකෙන් ගෙදරට වතුර ගත්තු නිසා ගෙදර තිබ්බ ඇලුමීනියම් කලගෙඩිය ස්තිරවම පදිංචි උනේ මගේ පොත් මේසෙ යට සබ් වූෆර් එකක් විදිහට්. ඒ කාලෙ සබ්වූෆර් කියලා එකක් ගැන කව්රුත් අහලාවත් නැතුව ඇති.

ඉස්කෝලෙ ඇරිලා එද්දි ඉස්සෙල්ලම දැනෙන්නෙ පුංචිගෙ පරිප්පු හොද්දෙ සුවඳ. ඒ එක්කම ඇහෙනවා පුංචිලාගෙ ගෙදර කැසට් රේඩියෝ එකේ වෙලඳ සේවයේ දිවා දැහැන යන සද්දෙ. පුංචිලාගෙ ගෙදර කැසට් අහනවාට වඩා නිතරම ඇහුනෙ රේඩියෝ එක. ඒ පුරුද්දට නිසා වෙන්න ඇති දැනටත් මම ටීවී එකට වඩා රේඩියෝ එකට කැමති. ඒ කාලෙ රේඩියෝ එකේ ප්රවෘත්ති ගියේ දවල් දොලහයි හතලිස් පහට. ඉස්කෝලෙ එකොලහමාරට ඇරෙන කාලෙ සහ ඊට කලින් කාලෙ දිවා පුවත් මට සතියේ දවස් පහම ඇහිලා තියෙනව. දිවා දැහැනයි, දිවා ප්රවෘත්තියි, අම්බිගා ගීතයෙන් ගීතයයි, මරණ දැනිවීමුයි, චිත්රපටි දැන්වීමුයි රේඩියෝ එකේ ඇහුන හැටි අද වගේම මතකයි. රේඩියෝ එකේ ඇහීලා ඇහීලාම එක එක නගරවල තියෙන චිත්රපටි ශාලා ටික තාමත් මතකයි මතකයි වගේ.

සෙනසුරාදා ඉරිදා ඉන්නෙ ගෙදර නිසා සති අන්තයේ රේඩියෝ ඇහෙන්නෙ නෑ. ඒකට හේතුව අපේ ගෙදර රේඩියෝවෙ ලයින් අහු වෙන්නෙ නෑ. බාප්ප අපිට ගෙනැත් දීපු ත්රී ඉන් වන් එකේ ඒරියල් එකක් නෑ. ඒකට වෙනම ඇන්ටනාවක් වගේ කෑල්ලක් එනවා වයර් එකක් එක්ක. ඒක තාත්තා කවදාවත්ම හයිකරලා දුන්නෙ නෑ. රස්සාවලුයි ලමයි තුන් දෙනෙකුගේ වැඩයි එක්ක අපේ අම්මටයි තාත්තටයි සති අන්තයේ රේඩියෝ අහන්න ඉස්පසුවක් තිබ්බෙ නෑ.මං පුංචි නිසා මට රේඩියෝ එකට ඇන්ටනාවක් හයිකරගන්න දැනුමකුත් නෑ. පස්සෙ කාලෙක පුංචිලාගෙ ගෙදර තිබ්බ නැශනල් එක මගේ කාමරේට ආපු නිසා ගෙදර ත්රී ඉන් වන් එකට ඇන්ටනාව අමුනන්න ඕනකමක් උනේ නෑ. 1992-93 කාලෙ වගේ සිරස එෆ් එම් පටන් ගනිද්දි තමයි මං ඉස් ඉස්සෙල්ලම ඒකට ඇන්ටනාව අමුනලා එෆ් එම් අහන්න පටන් ගන්නෙ. එදා ඉඳන් මමයි රේඩියෝ එකයි කියන්නේ ගෙදර ඇතුලේ වෙනම පවුලක්. ඒ විස්තරේ මං වෙනමම බ්ලොග් එකේ ලියලා ඇති කාලෙකට කලිං.

ආයෙම පුංචිලාගෙ රේඩියෝ කතාව.. ඒ කාලෙ මට මතක විදිහට හොඳම සිංදු ගියේ දිවා දැහැනට වෙන්න ඕන. පුංචි බෙදන බත් පිඟානයි දිවා දැහැනයි කියන්නෙ එකම රස සාගරයක්. බත් පතේ තියෙන අනික් ව්යාංජන මොනවා උනත් පරිප්පුයි බතුයි දිවා දැහැනයි කොච්චර තදින් ගැලපුනාද කියනවනම්, අද මේ අහම්බෙන් ඇහුන සිංදුව නිසා ඒ සියල්ලම එකපාරට මතකයට ආව. අපේ පංච ඉංද්රියන්ට දැනෙන සමහර දැනීම් අපිව හිටපු ගමන් අතීතෙට අරං යනව. සමහර රසවල්, සමහර සුවඳවල් අපේ ජීවිතවල සමහර සමහර තැන්වල රෙජිස්ටර් වෙනව අපි නොදැනුවත්වම. මං සීටී ප්රනාන්ඳුගෙ සිංදු අනන්ත අහලා තියෙනව. බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරලත් තියෙනව ඕනෑතරම්. ඒත් පුංචි කාලෙ දිවා දැහැනේ ඇහුන සද්දෙ ඇහුනාම මාව එකපාරටම අතීතෙට ගියා. පුංචි, පුංචිගෙ පරිප්පු හොද්ද, බාප්පා, මාව ඉස්කෝලෙ එක්ක ගිය ලොකු සුදූ අක්කා කියන ඔක්කොම මට එක පාරටම මතක් උනා. කෝර්ඩ් දැමිල්ල පැත්තකින් තියලා මම මේක ලියන්න පටන් ගත්ත.

දැං කාලෙ පරිප්පු ඒ කාලෙ පරිප්පු වගේ සුවඳ නෑ කියලත් මට හිතෙනව. අද කාලෙ පරිප්පු ඒ කාලෙ පරිප්පු වගේ රස නෑ කියලත් මට හිතෙනව. ඒ දෙකම එහෙම නොවුනත් පුංචිට තරම් රසට සුවඳට පරිප්පු උයන්න පුලුවන් කෙනෙක් අදටත් මට හමුවෙලා නෑ. අද වෙද්දි පුංචියි බාප්පයි දෙන්නම ජීවතුන් අතර් නෑ. මාව ඉස්කෝලෙ අරං ගිය ලොකු සුදු අක්කත් ජීවතුන් අතර නෑ. බාප්පා හදපු ගේ විකුනලා අක්කා වෙන තැනක ගෙයක් අරගෙන පදිංචියට ගිහිං. පවුලට සහ දරුවාට කැපකරන්න තියෙන වෙලාව තමුන්ගේ නංගිගේ දරුවන් වෙනුවෙන් උපරිමයටත් වඩා කැප කරන්න ඉදිරිපත් වෙන පුංචි වගේ උත්තම චරිත මේ සමාජයේ විරලයි. තමුන්ගෙ ගෙදර තමුන්ගෙ බිරිඳගේ නංගිගේ ලමයි තුන්දෙනෙක් දවල් දවසේ යකා නටනවා බලාගෙන බැල්මකින්වත් අකමැත්තක් නොපෙන්වපු, තමුන්ගෙ වයිෆ්ගෙ නංගිගෙ දරුවන් තුන්දෙනාට තමුන්ගේ දරුවාට තරම්ම ආදරේ සෙනෙහස දක්වන්න පුලුවන්, බාප්පා වගේ උත්තම චරිතත් අද සමාජයේ විරලයි කියලාත් මට හිතෙනව. ලංකාවෙන් පිටවෙලා අවුරුදු එකොලක් ගිහිං.. මට පුංචිගෙන් බාප්පගෙන් ඉතුරු මතකය විතරයි. ඒ මතකය මට කෝටියක් වටිනව.
---------
හයිවේ නැති කාලෙ රෑක කොලඹ ඉඳන් එද්දි බඩගින්නක් ඇවිල්ලා පානදුරේ ඉස්පිරිතාලෙ ඉස්සරහා තියෙන රෑ කඩේ කන්න නැවැත්තුව.. උනු උනු පරාටා තුනක් කෑවා පරිප්පු එක්ක. කාලා අහවර වෙලා ප්ලේන්ටියකුත් බීලා වේටර්ට කීවා බිල ගේන්න කියලා... වේටර් කෑගහලා බිල් ලියන මනුස්සයාට කිව්වා බිලට වැටෙන්න ඕන අයිටම් ටික..
පරාටා තුනයි... ප්ලේන්ටියයි... පරිප්පු දීසි හතයි.. ...

කඩේ හිටපු කීපදෙනෙක් මා දිහා බැලුවා... මයෙ මොකෝ ඉතිං.. හොරා කාලා නෙවෙයිනේ...

මේ තමා මාව අතීතයේ රවුමක් අරං ගිහිල්ලා ඉමෝශනල් කරපු ගීතය... මේ සිංදුව මම සිය වාරෙකට වඩා අහලා ඇති.. ප්ලේ කරලත් ඇති. ඒත් මේ තමා පුංචිලාගෙ ගෙදර නැශනල් රේඩියෝ එකේ දිවා දැහැනේ ඇහුන සිංදුව... ඒ සද්දය...ඒකයි මට් මේක සිංදුවක් විතරක් නොවී මතකයේ කොන්ක්රීට් වෙච් ඉමෝශනල් ෆීලින් එකක් වෙන්නෙ.

ඒ සිංදුව පහත ලින්ක් එකේ

98 comments:

  1. මතක මංතීරුව දිගේ පරිප්පු සොයා. නියමයි, හොඳට රස වින්දා. සී.ටී මගෙත් අමරණීය ගායකයෙක්.

    හ්ම්..පානදුරේ ඉස්පිරිතාලෙ ඉස්සරහ රෑ කඩේ නේද?...

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේටත් හොඳ පරිප්පුවක් හම්බඋනාද ඒකෙං

      Delete
    2. බස්සා පෙන්නපු පාර දිගේ මාත් ආවා.. පරිප්පු නැති ලොවක් ගැන නම් හිතා ගන්නත් බැහැ එහෙව් ලොවක කුමන සැපතක් ද ..

      Delete
    3. මතක මංතීරුව දිගේ ගියාම, ඒ හරියෙ බස්සෙක් පියාඹනව දැක්කා.

      Delete
    4. මතක මංතීරුව දිගේ னයෙකුත් බඩගානවා ටෝච් එකක් සමග

      Delete
    5. ආවෙමි මමත් ඔහෙලා ආ පාර දිගේ
      ගිලුනෙමි අතීතයෙ මතකෙක සිහින ගඟේ
      අතීතකාමේ තියෙනා අපට ඇඟේ
      මේ ලියවිලිය රස, පදමට තියෙන රඟේ

      Delete
    6. පරෙයියන් ඇල්ලෙ ගිලුන වගේ අතපය කඩාගත්තෙ නෑ නේද නිදි.

      Delete
    7. ඔව් බස්සෝ … ඉස්පිරිතාලේ ඉස්සරහ රෑ කඩේ තමයි…

      Delete
  2. අම්බලංගොඩයව කාලෙකින් දැකීම සතුටක්. ඔය වගේම රේඩියෝව නිසා රෙජිස්ටර් වෙච්ච තව නමක් තමය් මහයියාව සුසානභූමිය. ඒ කාලෙ කල්පනා කලේ යකෝ ලංකාවෙ මිනිස්සු මැරෙන්නෙ මහයියාවෙ අවට විතරද කියල

    ReplyDelete
    Replies
    1. මහයියාව පොදු සුසානභූමිය කියලා තමයි ඒකෙ කියවුනේ... මතකයි තාම එදා වගේම...

      Delete
  3. පරිප්පු දීසි හතේ කතාව කියෙව්වාම, පරිප්පු හින්දා කාපු පරිප්පුවක් මතක් උනා. 1980 විතර අපි බැචාලා 12 කතරගම ගියා. පිටකොටුවෙන් රෑ 9 බස් එකට, හොඳටම පරක්කු වෙලා ආපු නිසා රෑට කන්න කෑම ගන්න බැරි උනා. අම්බලංගොඩ තේ බොන්න නවත්තනකම් කලන්තේ හැදෙන්නේ නැතුව හිටියෙත් බොහොම අමාරුවෙන්.

    අවාසනාවට, කඩේ බත් ඉවර වෙලා. පාන් තිබුනෙත් ගෙඩියක් දෙකක් විතරයි. ෂෝට් ඊට්ස් අරවා මේවා මුකුත් නැහැ. පාන් ගෙඩි දෙක කන්න තිබුනෙත් පරිප්පු විතරයි. පාං කන්න පරිප්පු ගෙනාපු වේටර්, පරිප්පු නම් ඕනෑ තරම් තියනවා කිව්වා. පාන් ගෙඩි දෙකක් අපේ දත් අස්සේ යන්නත් මදි නිසා අපි කෑවේ පරිප්පුයි පානුයි මිසක් පානුයි පරිප්පුයි නොවෙයි.

    ඉතින්, විනාඩියක් යන්නත් ඉස්සෙල්ලා පාන් ගෙඩි දෙක ඉවර කරලා, වට පිට කන්න දෙයක් හොයන කොට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් තියනවා දැක්කා. ඉතින්, අර බාගෙට පිළුණු උන පරිප්පු එක්ක, කඩේ තිබුන ක්‍රීම් ක්‍රැකර් පෙට්ටි ඔක්කොම ටික කෑවා.

    පළමුවෙනි බඩේ අමාරුව තංගල්ලේ දී. දෙවනි තුන්වෙනි ඒවා හම්බන්තොට, තිස්ස වගේ වෙනකොට. කතරගමට යනකොට අපි දොළොස් දෙනාටම බඩු හරි.

    පාන්දර තුනට විතර කතරගම ස්ටෑන්ඩ් එකෙන් බැහැලා, බඩු මලුත් කර තියාගෙන, මැණික් ගං ඉවුරට අපි දුවාපු වේග වාර්තාව අදටත් කවුරුවත් කඩලා නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. එදා වෙන්න ඇති මුළු කතරගම නගරයම පරිප්පු සුවඳින් පිරේ කියල පත්තරෙත් ගියේ. හැක්..

      Delete
    2. ඒ පරිප්පු ගොඩේ னයා ලිස්සලා වැටුනා කියලත් පත්තරේ තිබුනා.

      Delete
    3. පරිප්පු පරිප්පු
      සෑමා කාපු පරිප්පු
      ඇට නැති හොදි පරිප්පු
      හොදි නැති ඇට පරිප්පු
      පිලුණු වෙලා පරිප්පු
      මාර ගදයි රීපු පරිප්පු


      Delete
    4. පරිප්පු උයන මගේ ක්‍රම දෙකක් කියන්න හිතුණා.

      එක: ඔයාලට කැමති විදිහකට උයලා, තෙම්පරාදු කරනකොට අබ ඇට එක්කම අසමෝදගම් ඇට ටිකකුත් එකට එකතු කරගෙන බලන්න.

      දෙක: පරිප්පු කරියට පොල් කිරි මිරිකා ගන්නවා වෙනුවට බ්ලෙන්ඩර් කරගන්න ගමන්, පොඩි කාබරංකා ගෙඩියකුත් එකතු කරලා- හීනියට ඇඹරුනාට පස්සේ පරිප්පුවට දාන්න, කුඩුත් එක්කම.

      කාබරන්කා ගෙඩිය කෑලිවලට කපලා පරිප්පුත් එක්ක උයාගත්තම තවත් වෙනස්.

      Delete
    5. බොහොම ස්තූතියි නිදි. මමත් හොඳ පරිප්පු බස්සෙක්. පලවෙනි ක්‍රමය අත්හදා බලන්නම් අසමෝදගම් හොයාගන්න ඇහැකි වුනොත්. දෙවනි එක බෑ, කාමරංගා නෑ.

      බකුසු පරිප්පුව: තෙම්පරාදු කරගෙන, ඔයිස්ටර් සෝස් ටිකක් දමා හැඳිගා පසුව දෙහි බෑ කාලක් මිරිකීම.

      Delete
    6. උයනකොට කාමරංග දානව. ඊයා...

      Delete
    7. කාමරයක් දාන එකනං පොඩ්ඩක් අවුල් වගේ තමයි.

      Delete
    8. සෑම් පෙරේරා.. අපේ සමාත් වතාවක් කරෝල හොදියි කෑවා මතකයි දින වකවානු මතක නෑ ..
      බස් නවත්තන කඩෙන් මොනා කෑවත් ඉතින් බොහෝ දුරට ආනිසංසෙම තමයි. අපේ ගමේ දෙපැත්තේම බස් නවත්තන කඩ කීපයක් තියෙනවා උනාට එව්වයින් යමක් කන්න ගන්නවානම් ගන්නේ සිංහල අවුරුද්දේ නොනගතේ වෙලාවට විතරයි.

      Delete
    9. නදී කියන විදිහට පරිප්පු උයන්න කාමරංක හොයාගන්න වෙනවා. හිටපු ගමන් කොරියන් කඩේ ඉදුණ කමරංක තියෙනවා. ගෙනල්ලා දාල බලන්න ඕන. අසමෝදගම්නම් හොයන්න බෑ ලංකාවෙන් පිට ලේසියට. පරිප්පුව ඉදුනම කොත්තමල්ලි කොළ ටිකක් චොප් කරලා දැ ම්මාමනම් තව වෙනම රසක් . අසමෝදගම් සම්බෝලේ මගේ ෆේවරිට් කෑම වලින් එකක්. වව කන්න ඉතින් ලංකාවට එන්න වෙනවමයි. කතරගම ඉද්දි අසමෝදගම් සම්බෝලය සතියට දවස් දෙක තුනක් වරදින්නේ නෑ .

      Delete
    10. බස්සාගේ රෙසිපිය වරක් අත්හදා බලන්න ඕන.

      Delete
  4. උඹ විතරක් නෙමෙයි බං මාත් පරිප්පු පිස්සෙක් තමයි. අනිවාර්යෙන් එක වේලකට හරි පරිප්පු වරදින්නෑ අපේ ගෙදර.

    ඇයි ඔය රේඩිවෙකෙ පොලීසියෙන් පුවත් කියල එකකුත් තියා ඒ කාලෙ. දැං මොන එෆ් එම් ස්ටීරියෝ තිබ්බත් ඒ කාලෙ රේඩියෝඑකේ තිබ්බ කොලිටිය දැන් නෑ.

    පරිප්පු දීසි හතට බොට ඩිස්කවුන්ට් එකකුත් හම්බවෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ටෝච් එකකිනුත් කෑවෙ පරිප්පු!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගුවන් විදුලි රංග පීඨයෙ ගියා කතා සෙට් එකක්, මතක් වෙන කොටත් ඇඟේ හීගඩු පිපෙනවා. මතක විදිහට එකක්"හාරත ආසියා" ( පෝයට නිදහස් කරපු හරකා ඇන්න එකා නෙමෙයි). තව තිබ්බා "ලන්දේසි දූපත" ඕකෙ හිටියා බානක් ජිල්ජෝනා සහ වැන්දබෝනා කියල. "දැන් සතුටුයිද ජෝනා - සංතෝසයි වැන්දබෝනා"

      පස්සෙ කාලෙකදි ගුවන්විදුලිය ඉස්සරහ ආයතනේදි මුණගැහුනු ගුවන්විදුලි ජේෂ්ඨයන් මුණගැහුනාම , මම විපරම් කලා ආසාව නිසාම, ඔවුන් කිව්වා, ඒකාලෙ ගුවන්විදුලි නාට්‍ය අංශයට හොඳ BBC පුහුණුවක් ලැබුන බවත්, ඔවුන් ඒ සවුන්ඩ් එෆෙක්ට්ස් හඞපට නියමෙට භාවිතා කල බවත්.

      Delete
    4. පරිප්පු එක්ක னයා බිත්තරේකුත් ගිලිනවාලු

      Delete
    5. මං නම් ටෝච් වලින් ගාන්නේ නෑ ගාන්නේ னයාට තම්බපු බිත්තරේකිං.

      Delete
    6. වැඩිය තම්බන්නැතුව ගානට තම්බහං බිත්තරේ.

      Delete
    7. තම්බන්න ඕනෙ නෑ, ගහපං, එයා තම්බ ගනීවි.

      Delete
    8. නයා කියන්නෙ මහසෝනගෙ එක අවතාරයක්. බිත්තරේ බිඳ ගන්නෙ නැතුව දෙන්න ඕනෙ.

      Delete
    9. එහෙම කතාවක් තිබුණෘ පරණ බ්ලොග් එකක... මේ තියෙන්නෙ.

      Delete
    10. පොලිසියෙන් පුවත් මතකයි ප්‍රසන්න.. මිනිස්සුන්ගේ හැඩහුරුකම් කිව්වම මිසින් වෙච්ච අය ඒ විස්තර වලින් හොයාගත්තද කියලානම් සැකයි බන්. ඒ කාලේ ඉතිං ටවුමක උනත් හිටියේ මිනිස්සු දෙතුන්සියක් වගේනේ. හැමෝම ඇහුවේ රේඩියෝව නිසා නන්නාදුනන කෙනෙක් ආවොත් හෝ නන්නාදුනන ඩෙඩ් බොඩියක් දැක්කොත් මිනිස්සුන්ට පොලිසියෙන් පුවත් මතක් වෙනවා ඇති.

      Delete
  5. අර ලිංක් එක වැඩකරන්නෑනෙ බොල.

    ReplyDelete
    Replies
    1. සිහින ලොවේ මිහිර මැවූ මාලි- එක්කලා මටත් අතීත මතකයක් තියෙනවා. මං ඒ විත්තිය 2019 ලිව්වත් එක්ක, මෙතැන:
      https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_3.html

      Delete
    2. නදීගේ පොස්ට් එක කියවන්න ඕන. ලින්ක් එක ඔය දීලා තියෙන්නේ බන්.

      Delete
  6. පරිප්පු නේ
    ගමේ නේ
    කොල්ලො නේ

    ReplyDelete
    Replies
    1. ගමේ පරිප්පු ගමේ උන්ට හරිය.

      Delete
    2. එහෙම කොහොමද? ගමේ පරිප්පු දෙන්න ඕනෙ පිටින් එන අයට. ගමේ අයට පිටින් පරිප්පු දෙන්න ඕනෙ. එතකොටයි විවිධත්වයක් තියෙන්නෙ.

      Delete
    3. මගේ යාලුවෙක් ගමේ පරිප්පු කාල මළා.

      Delete
    4. අනේ මන්දා .. ඩ්‍රැකීලා මේකේ වැහි වැහලා.. මට දැන් ඩ්‍රැකීලා පැටලිලා... මගේ ලේ බීලා දාහන් මෙහෙම අපහසුතාවයට පත්කරන්නේ නැතුව.

      Delete
  7. මම ඉස්සර ඔහොම ඉස්කෝලේ ඇරිලා යනවා අපේ ලොකු අම්මලාගේ ගෙදර ... ඒවා මතක් වෙද්දී ආයේ ඒ කාලෙට දුවල එන්න හිතෙනවා ...

    ReplyDelete
    Replies
    1. ලොකු උනාම බලමු.

      Delete
    2. අතීත මතක බොහොමයක් මතකයේ සංවේදී තැන්වල තමා ගබඩාවෙලා තියෙන්නේ පැතුම්.. එව්වා ගැන හිතුවම වර්තමානය ගැන අපි සැහීමකට පත්වෙලා නෑ කියලත් හිතෙනවා. කොයිතරම් ආර්ථික සමාජයීය වශයෙන් සාර්ථක උනත් අපි වැඩියෙන් කැමති ඒ ඉතිහාසයේ ගතකරපු ජිවිතෙටදෝ කියල මට හිතෙනවා වෙලාවකට.

      Delete
  8. පරිප්පු පරිප්පු
    හොදි එක්කද පරිප්පු
    ඇට එක්කද පරිප්පු
    තෙල්දාලද පරිප්පු
    කිරි දාලද පරිප්පු
    අපිලා නොකන පරිප්පු
    තොපි කන්නෙම පරිප්පු

    ReplyDelete
    Replies
    1. 80 ගණං වල ලංකාවට ආව නේ පරිප්පු ගුවනින්?

      Delete
    2. පරිප්පු කියන නම හැදිලා තියෙන්නේ කොහොමද, පරිප්පු සමාජයට අනුබද්ධ උනේ කොහොමද කියල වෙනම සොයා බැලීයයුතුයි .

      Delete
  9. මතකය පමණක් ඉතිරි කරලා ගිය ඒ උදවිය ගැන ඇතිවුනු හැගිම් වචනයට පෙරලන්න බෑ. ඒ කොටස කියවද්දීම ඇතිවන්නේ මාවත් අතීතයට අරන්යන හැගීමක්

    ReplyDelete
    Replies
    1. මතකයන් බොහොමයක් හිත රිද්දනවා බන්.. විශේෂයෙන්ම පිටරටවල ඉන්න අයට. ජීවිතේ ළඟ හිටපු අය මිස් වෙච්ච උදවියට.

      Delete
  10. තාරා නංගියේ ඇඩම් මල්ලීයේ මෙහෙට වරෝ
    රිටිගලයෝ වම්හ ඩ්‍රැකෝ දුවල වරෝ
    අමබලන්ගොඩයා ආයේ ඇවිත්
    වතුර මුට්ටිය ලිපේ තියලා
    තේ චුට්ටක් බීලා පලෝ

    ReplyDelete
    Replies
    1. ආවා ඔන්න. හැබැයි බොන්න බෑ. කොරෝනා නිසා පරිස්සම් වෙන්න ඕනෙ.

      Delete
    2. ඔයා බොන්නෙ තේ නෙ. අපි නම් ඕනෙ වෙලාවක බොන්න ලෑස්ති. සින්දුවක් කාරිය කියලා...

      Delete
    3. ආාාන්න තවත් බොනයෙක්. මොකද කියන්නෙ? ගසමුද කරටි කැඩෙන්න?

      Delete
    4. අඩෝ මාත්තෙනව. අර ගිය පාර අජිත් මාම දුන්න නයි වයින් ගසල තාම කැරකෙනව යකො

      Delete
    5. “ගසමු ගසමු කොතරම් හොඳද?“ කියල කෑල්ලක් තිබුණ ජිප්සීස්ලගෙ කුරුමිට්ටෝ සිංදුවෙ.

      Delete
    6. ඒ පාර ඩ්‍රේක් පටන් ගත්තද බේබදුකමට යන්න? දුවනව කිව්වෙ ගෙදර. තාම දවල්ට කෑවෙත් නෑ.

      Delete
    7. “පොඩ්ඩක් බීලා, නටලා එන්නද පුරුදු යහළුවන් හා සැණීනේ“ කියලත් සිංදු කෑල්ලක් මතකයි.

      Delete
    8. “දැන් මචං එහෙම බෑනෙ පවුල් වෙලා මූ“

      Delete
    9. ඉස්කුරු ලොක්කො, බිත්තියෙ මකුලුදැල් ටිකකුත් කඩමු නේද?

      Delete
    10. උඹ හොඳට මිරිකලා දෙහිටික ගනිංකො තාරා
      අනේ උඹෙ පෙම්බර ඇන්ඩ කට් වෙලා...

      Delete
    11. ඇන්ඩ... කට් වෙල්ල්ලාාා ආආආ... හික්!

      Delete
    12. මේ කොමෙන්ට් එකට කොතැනින් උත්තර ලියන්නද කියලා හිතාගන්න බෑ . මගේ ලැපේ සිංහල පිස්සු කෙලින නිසයි කොමෙට් වලට රිප්ලයි කරන්න පරක්කු උනේ.. උඹලම රිප්ලයි කරගෙන තියෙන නිසා මාත් ඔන්න ඔහේ හදිසියක් නැතුව හිටිය.

      Delete
  11. තිස්හය අන්තිමේ දැකලයි මේ ආවේ
    දුර කාලෙකයි මෙච්චෙල්ලා මං හිටියේ
    ඔරිජිනල්ද රජ වෙන්නේ මෙහෙ කුසියේ
    ඉඟුරු තේද හදන්නෙ ඔය ලහි-ලහියේ

    ReplyDelete
    Replies
    1. ඉගුරු තේ... ඉඟුරු තේ.. ඉඟුරු තේ...

      Delete
  12. සීටී ගෙ සිංදු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ හඬින් අහපු පරපුරේ තමයි අපි. ප්‍රියන්ත ප්‍රනාන්දු නම් ඒ සිංදු ගොඩක් කැරොල් කළා කියල තමයි මට හිතෙන්නෙ. 80 ගණන්වල එයා ස්ටේජ්වලටත් නැග්ගා.

    ReplyDelete
    Replies
    1. සින්දු කැරොල් උනේ ප්‍රියන්තගේ ප්‍රන්දුගේ වරදකින් නෙවෙයි තාරා.. එළිමහන් වේදිකාවේ ප්ලේ කරපු බොහොමයක් සංගීත කණ්ඩායම් මේ සිංදු ටිකක් මොඩිෆයි කරා. සමහර බෑන්ඩ් එක බොහොම ක්‍රමවත්ව කරා රසයට හානියක් නොවෙන්න.සමහර බෑන්ඩ් එකේ සීමාව නොදැන සිංදු විකුර්ති කරා. එළිමහන් වේදිකාවේ ගයන්න ගියාම ප්‍රියන්ත ප්‍රනාන්දුට සිද්ද උඋනා ඔය දෙගොල්ලන්ගේම සංගීතයට ගයනා කරන්න.

      Delete
  13. මාත් ආව ඔන්න අම්බලන්ගොඩ පැත්තෙළ බස්සගෙ ලිංක් එකක් ඔස්සේ. රූකඩවත් නටමු ද?

    ReplyDelete
    Replies
    1. රූකඩ නටවන්නේ කලාතුරකින් වෙසක් කාලෙට විතරයි.

      Delete
  14. මාත් ආව. දැන් ඉතින් පටන් ගනිමු.

    ReplyDelete
    Replies
    1. මොනවද පටන් ගන්නෙ? පරිප්පු කන්නද?

      Delete
    2. පරිප්පු කඩල බැදල හොඳයි බයිට් එකට

      Delete
    3. අතට අහුවෙන්නැති පරිප්පු ඇටයක් කොහොමද බං කඩන්නෙ.

      Delete
    4. උඹලා පටන් අරන් නිසා මට දැන් පටන් ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ ...

      Delete
  15. මාර නොස්ටැල්ජියා සාගරයක් බං.නොදැනිම අතීතයට ගියා නේද? ඔහොම වෙනවා. සිංදුවකින් රසකින් සුවඳකින් යැවෙන අතීතය මැවෙන අතීත කතා හරිම සුන්දරයි. සමහර වෙලාවට කෑ ගහල අඬන්න හිතෙන්නෙ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. ඉස්සර හැලප කඩේ කියලා අපුරු බ්ලෝග් එකක් තිවුනා. ඒක මතක් වෙනකොටත් කෑගහලා අඩන්න හිතෙනවා.

      Delete
    2. අන්තිම පාර ඒකෙ වික්කෙ ඉඳිආප්ප. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි, සංසාරේ හැටි ඔහොම තමයි.

      Delete
    3. අඩෝ මඩ ගහන්න එපල්ලා බං. එකක් ලියාගෙන යනවා.

      Delete
    4. අපි හැලපයගෙ ඉඳියාප්ප කන එක නැවැත්තුව.

      Delete
    5. හල්පේ... ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත... සමහර රස.. සමහර සුවඳ... සමහර සද්ද.. සමහර සිංදු ... අපිව අරන් ගිහිල්ලා නවත්තන තැන් හුඟක් වෙලාවට සංවේදී තැන්. වෙලාවට කෑ ගහලා අඬන්න හිතෙන වාර අනන්තයි... සමහර සංවේදනා තේරුම්ගන්න පුළුවන් ඒ සංවේදනා විඳපු උදවිය පමණයි.

      Delete
  16. සීටී ගෙ විශේෂත්වය කියන්නේ... පදමාලාව පට්ට ම පට්ට විදිහට දේශීය යි. සංගීතය ඉතාම ඉහළ මට්ටමේ බටහිර සම්භාව්‍ය. මාාාර රසවත් සංකලනයක්.

    ReplyDelete
    Replies
    1. තරුණ ලියක් කවුළුවකින් එබී බලන්නා
      ඒ අසලින් නා- තරුණෙකු යන්නා

      සියයට සීයක් එකඟයි.

      Delete
    2. නාලා යන තරුණයෙක්ද නාග ගෝත්‍රික තරුණයෙක්ද කවුලුව අසළින් ගියේ ?

      Delete
    3. ටෝච් එකක් අරං ගියා නං, නයාම තමා.

      Delete
    4. එතකොට ඒ කෙල්ල හැපින්නක් ද?

      Delete
    5. අප්පට සිරි! හැපින්නක් කියල හිතිල, ප්‍රසන්නෙයට ආව ගට!

      Delete
    6. ඩ්‍රැකී.. ඔයා හරි... සී .ටී . ගේ සින්දු සරලයි.. එත් තනු සහ සංගීතය සියල්ලම බටහිර ආරයට හැදුන එව්වා... ඕනෑම ඉවෙන්ට් එකක ගයනා කරන්න සුදුසුයි... තාමත් එදා වගේම ජනප්‍රියයි... අතීත.. වර්තමාන.. අනාගත කියන තුනටම ගැලපෙන සින්දු...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අසුව දශකයේ මැද උපන්න මටත් රේඩියෝ එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමක්. ඒක අදටත් එහෙමමයි. Medium Wave වලින් ස්වදේශීය සේවය, වෙළඳ සේවය අහලා, පස්සේ FM අහන්න ගත්තේ සිරස FM වලින්. තවමත් ඒ අතීතයට ආදරෙයි !

    රේඩියෝ මතක ගැන මම ලිව්ව පොස්ට් එකක් පහතින් එල්ලන්නම්.

    https://nuwanjayasuriya.blogspot.com/2018/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. අපි මුලටම ඇහුවේ සිටි එෆ් එම් ... ඊට පස්සේ සිරස..

      Delete
  19. කාලෙකින් පෝස්ට් දෙක තුනක් දාල තියෙන්නේ....

    බලාගෙන ගියාම පරිප්පු කියන්නේ මාත් ඇතුළුව ගොඩ දෙනෙක්ගෙ ප්‍රියතම කෑමක් නේ... මං දන්න ගොඩක් අය පරිප්පු කන්න ආසයි (උයල කන ජාතිය). විශේෂ ආසාවක් නැතත් අනිත් අයත් කනවා. ජීවිතේටම පරිප්පු කන්නේ නැති එක්කෙනයි මට හම්බවෙලා තියෙන්නේ. එයාටත් කැම්පස් කැන්ටිමේ කාල එපා වෙච්ච එකක් තියෙන්නේ.

    මට පොඩි ප්‍රශ්නයක් ආව.
    "තමන්ගේ නංගිගේ/වයිෆ් ගේ නංගිගේ ළමයි"

    මෙහෙම කිව්වම ඒ අයියගේ අම්මගේ අක්ක වෙන්න ඕන නේ. එතකොට ලොකුඅම්මා/ලොකුතාත්තා (මහප්පා) නේද? පුංචි/බාප්පා නෙවෙයි නේ.

    ඉඩ තියන වෙලාවට මොනව මොනවා හරි ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුව ඔය ප්‍රශ්නේ අහන්න මේ තරම් පරක්කු ඇයි කියල. අම්මයි පුංචියි ලොකු අම්මයි අතර වයස් පරතරය එකිනෙකා අතර අවුරුදු දහයක්. අම්ම තමා ඒ පවුලේ බාලයා. අම්මට වඩා පුංචි අවුරුදු දහයක් වැඩිමල්. ලොකු අම්මා අම්මට වඩා අවුරුදු විස්සක් වැඩිමල්. ලොකු අම්මගේ ලොකු පුතාට ඒ කියන්නේ ලොකු අයියාට දැන් වයස හැට පහක්. ලොකු අයියට වඩා වැඩිමහල් අයියා කෙනෙකුත් ඉඳලා තියෙනවා එයා අවුරුදු හතරේදී නැතිවෙලා. එයා හිටියානම් දැන් එයාට බොහෝදුරට වයස හැත්තෑවකට ලඟයි. මම උපදිනකොටත් ලොකු අයියට වයස හා අටක් විස්සක් වෙන්න ඇති. සුදු අයියටත් පහළොවක් පොඩි අයියටත් දහයක් දොළහක් වෙන්න ඇති. අම්මලාගේ පවුලේ මැද ගෑනු කෙනා හෙවත් මේ ලිපියට උක්ත පුංචිව ලොකු අයියලා හැඳින්වූවේ පුංචි අම්මා කියන ආමන්ත්‍රණයෙන්. ඒ ආමන්ත්‍රණය තමයි අපිත් පුංචි කියලා භාවිතා කලේ. පුංචි මගේ අම්මට වඩා අවුරුදු දහයක් වැඩිමහල් උනත් එයා නැතිවෙනකල්ම අපි එයාව හැඳින්වූවේ පුංචි කියලයි. පුංචිගේ නෑකම ගැන කතාවෙන හැම ආගන්තුක තැනකම ඔයා ඔය අහපු ප්‍රශ්නය මතු වෙනවා.

      කොමෙන්ට් වලට රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ ෆෝන් එකෙන් බ්ලොගර් එකට ලොග් වෙන්න බැරි නිසායි. මොනයම් හෝ හේතුවක් උඩ ගුගල් එකට ලොග් උනාට බ්ලොගර් එකෙන් ලොග් වෙන්නේ නෑ

      Delete
    2. අවුලක් නෑ. බෝ පෝස්ට් ලියහං. අපි කමෙන්ට් කරලා ඒවට උත්තරත් ලියා ගඤ්ඤං.😊

      Delete
    3. ඉඩ තියන වෙලාවට මොනව මොනවා හරි ලියන්න

      මේකටද මෙහෙම කිව්වේ...

      කොමෙන්ට් වලට රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ ෆෝන් එකෙන් බ්ලොගර් එකට ලොග් වෙන්න බැරි නිසායි. මොනයම් හෝ හේතුවක් උඩ ගුගල් එකට ලොග් උනාට බ්ලොගර් එකෙන් ලොග් වෙන්නේ නෑ

      හැබැයි මං ඒ පේළියෙන් අදහස් කලේ කමෙන්ට් එකට උත්තරයක් නෙවෙයි... බ්ලොග් එකට පෝස්ට් ටිකක් දාන්න කියල...

      Delete
  20. පරිප්පු කිව්වාම ඉතිං ආයෙ ඒකට ගහන්න වෙන හොද්දක් මේ ලෝකෙ නෑ නෑමයි.බතලය තිස්සෙ ඉන්න කාලෙ හොටේල් වලට ගොඩ වෙනකොටම පරිප්පු නැත්නම් මුදලාලිය කලින්ම කියනවලු.නැත්නම් ඌ නෙවෙයිලු බත් කන්නෙ.එහේ ඕකට කියන්නෙ පරිප්පුවා කියලලු 🤣 මේ ඒක නෙවෙයි තරිදුවයි,නෙතුවයි ගැන නෑ ආරන්චියක්

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා තඩි අය්යෙ..අපිට කොමෙන්ට් කොටන්න ඉඩ තියල නැති නිසා ආ පයින්ම ගියා..

      Delete
  21. මෙි දැන් අවුරැදු 2ක් විතර කන පරිප්පුවම මැදැයි...

    ඉන්නවා චමිල අයියේ..අමිබලන්ගෙඩ ඉතින් ලිවිවෙි නැනේ.අපිත් මෙිවායේ එන්න කමිමැලි වෙලා.අහම්බෙන් ගොඩ උනාම දැක්කේ මොනවාදෝ කුටු ගලා තියෙනවා...

    සතියට එකක්වත් ලියමු අමිබලන්ගෙඩ අයියේ...

    ReplyDelete