කාලෙකින් බෝඩිමේ විස්තරයක් ලියන්න බැරි වෙච්ච එක හිතට හරි නෑ වගේ. ඒ නිසා මේ ගොඩයා උත්සහ කරන්නෙ බොඩිමේ වෙච්චි රසවත් සිදුවීමක් ඉතිහාසයට එකතු කරන්න.
බොඩිම ගැන මූලික හැදින්වීම මෙතැනින් කියවන්න පුලුවනි ..
https://ambalangodakatha.blogspot.com/2015/11/blog-post.html

ඉතින් ඕං බොඩිම කිව්වාම සැප සාගරයක් වගේම බෝඩිමේ නිදහස 1948 ලැබිච්ව නිදහස වගේ ලක්ස ගුනයක්. බෝඩිමේ කාලය මරපු කාලයේ ගොඩයා ඇතුලු සබ්බ සකල සනුහරේම උසස්පෙල කරන ලාචොරොස් ගැටව්. ඔය උසස්පෙල කරන කාලෙ හිතාන හිටියට අපි හෙන සද්දන්ත පොරවල් කියලා දැන් එව්වා ගැන පසු විපරමක යෙදෙනකොට තමා තේරෙන්නෙ මුන් මහා ලොකු පොරවල් නෙවෙයි හෙන් ලා චොරොස් ගැටව් කියලා. ඒ උනාට ඉතින් ඒ කාලේ කටේ සවුදම නං එහා චක්‍රාවාටයටත් ගේම ඉල්ලන තරං. එව්වා ඉතිං උපෙක්ශාවෙන් බලාගෙන තුන්වේල කන්න දීලා ඇදුම් පැලදුනුත් දීලා අතටත් කීයක් හරි දීපු දෙමාපියන් කොයිනම් ඉවසිල්ලක් ඉවසන්න ඇතිද කියලා ගොඩයාට හිතාගන්න බෑ. මොකද කියනවානම් දැන් පාරේ තොටේ දකින ඒ වයසේ කොලු ගැටව් කරන දේවල් , කියවන පණ්ඩිත කතා ඇහෙද්දි ගොඩයාට කල්පනා වෙන්නෙම මීට අවුරුදු විසි තුන හතරකට කලින් මේ වගේම පණ්ඩිත කතා, ගොන් මරි වීරකම් ඉවසාගෙන දෙමාපිය සනුහරේ කොහොම පාරමිතාවක් පුරන්න ඇතිද කියලාමයි.
බොඩිම ඉතින් ඉස්කෝලෙ ආච්චිගේ උනාට, ඥානා ඒකෙ භාරකාරයා උනාට බෝඩිම රාජ්‍ය පාලනයක් තිබුනේම නැති තරම්. නීතිය වල් වැදිච්ව ආයතනක් වෙච්චි බෝඩිම, නිහාල් නෙල්සන්ගේ ගුනේ අයියාගෙ බජව් දාන කාමරෙන් වෙනස් උනේ මස්කට් පැනි බූන්දි තිබ්බෙ නැති ටිකෙන් විතරයි. මොකද කියනවානම් මස්කට් පැනි බූන්දි ගේන්න අපේ එවුන්ට සල්ලි තිබ්බෙ නෑ. සල්ලි තිබ්බත් මස්කට් පැනි බූන්දි ගේන්න යන එකා අනිවා ඔව්ව ටික මගදි කාලා හිස් අතින් බෝඩිමට එන වග ටක්කෙටම දන්න නිසා කවුරුවත් පැණි බූන්දි ගේන්න මුදල් ආයෝජනය කලේ නෑ.
ගෘහ මූලික ඥානාට සහ උප ගෘහමූලික සම්පත්ට ටැන්සි නැන්දලාගේ ගෙදරින් තුන් වේලට බත් පත ලැබුන නිසා උන්ට කෑම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ගොඩයාට ඇතුලු අනෙකුත් බෝඩිමේ සාමාජිකයන්ට තම තමුන්ගේ ගෙවල්වල කෑම පහසුකම් ඇති පදමට තිබුනත් ඩිනර් එකට ගෙදර ගිහින් කාලා නැවත බෝඩිමට එන රිස්ක් එක කවුරුවත් ගත්තේ නෑ. ඒකට හේතුව තමයි රෑ වෙලා ගෙදර ගිහින් ආයෙමත් බොඩිමට එන්න ගෙදරින් පනිද්දි නැවතත් අලුතෙන් ගෙවල්වලින් ගේට් පාස් ගන්න ඕන නිසා. එව්වා ඉතින් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් වර්ගයේ එව්වා නිසා බොඩිමේ ඩිනර් එක වෙනුවෙන් ආදේශ උනේ කාගේ හෝ වත්තකට හොරෙන් පැනලා බා ගන්නා කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් හෝ කාගේ හරි පිලිකන්නකින් හොරෙන් උදුරගන්නා මයියොක්කා අලයක් වගේ දෙයක් තමයි. කොස් දෙල් මුට්ටියක දාලා තැම්බුවාට නිකම්ම කන්න බෑ නෙව. පොල් ටිකක් ලූනු ගෙඩියක් වගේ දෙයක් ඉතිං අවශ්‍යම වෙනවනේ. ඒකට විකල්පය උනේ බොඩිමට අල්ලපු වැටේ තිබ්බ, අපේ බතලයාගෙ මවුතුමිය හෙවත් කාගෙත් අම්මා වෙච්චි අපේ ආදරණීය සුජාතා ඇන්ටිගේ කුස්සිය තමා ඉතින්. සුජාතා ඇන්ටි එක්ක ශේප් එකේ කයියක් දාගෙන ඉන්න අතරේ එකෙක් එතැනින් මිසින් වෙලා ඇන්ටිගෙ පොල් බෑය ඇස්කොට් ගැසීම අපේ එවුන්ට සිම්පල්. ඉතිං කියහන්කෝ පහුවදා උදේ හතරට විතර උයන්න අවදිවෙන සුජාතා ඇන්ටිට ෆ්‍රිජ් එකේ සනීපෙට තිබ්බ පොල් බෑය අස්ථානගත වීම මාට්ටු උනාම වෙන දේ.. බතලයා ඉතින් නිදි පැදුරෙන් සුනේ සුං.. ඇයි හත් ඉලව්වෙ ඒ මනුස්සයා බතලයාටයි උගේ ඇටිකිරිත්තන් මල්ලිටයි උයලා පිහලා තියලා රස්සාවටත් යන්න එපැයි. ඉතින් කියහංකෝ උදේට උයන්න සැට් කොරලා තියන පොල් බෑය අස්ථානගත උනාම මේ ආලපාලුවෝ දෙන්නට දවල්ට කන්න උයන්නේ කොහොමද. උදේ හතරට පහට තනි ඇහෙන් එලෝලුවක් මාලුවක් රත් කරලා අන්තිම තත්පරේ කොච්චියට නගින සුජාතා ඇන්ටිට කොහොම මලක් පනිනවා ඇතිද.. මොකෝ ඇන්ටි සහසුද්දෙන්ම දන්නවා පොල් බෑය ඉස්සුවේ පිටසක්වල ජීවීන් නෙවෙයි කියන එක. ඉතින් එකෙන්ම චූදිතයා වෙන්නෙ බතලයා. උගේ ඇරිකිරිත්තන් මලයාටත් තමුන්ගේ අයියා වෙච්චි බතලයාට සහ මිත්‍ර සනුහරේට පෝර දාන්න චාන්ස් එකක් අහු උනාම ඌට වැඩක් නෑ වෙලාව උදේ තුනද හතරද කියන එක. මොකද කියනවනම් බතලයාගේ මලයා වෙච්චි ඇටිකිරිත්තන් ලසන්තයා බොරදියේ මාළු බාන්න සෑහෙන්න දක්ස සුපිරි ඩයල් එකක්.
හැබයි ඉතින් සුජාතා ඇන්ටි කේන්ති ගිය වෙලාවට කන්වල ඇඟිලි ගහගන්න බැන වැදුනට කවදාවත් හිතේ කහටක් නැති මනුස්සයා. ගොඩයා, තඩියා, රවියා ගිහින් සාලෙ තියෙන සැටියෙන් වාඩි වෙනවා කියමුකො.. ඊලගට කතා කරන්නෙ රවියා හෝ තඩියා.. ගොඩයාට එහෙම කතා කරන්න දිව නැමෙන්නෙම නෑ.. ඒ නිසා ගොඩයා කවදාවත් සුජාතා ඇන්ටිට හෙවත් බතලයාගෙ මවු තුමියට නමින් අමතලා නෑ..
සුජාතා ප්ලේන්ටි තුනයි...
මං ඉන්නේ උඹලාට ප්ලේන්ටි හදන නෙවෙයි බොලව්.. මගේ යකා අවුස්සන්නෙ නැතුව ආපු අතක් බලාගෙන යනවලා..
එකක් වැඩි සීනි දෙකක් සාමාන්‍ය ගානට..
සුජාතා ඇන්ටි හැමදාමත් හොස්ස ලගින් මැස්සා ගිය ගමන් කොල්ලන්ට දෝස්මුරේ දැම්මට හිතේ කහටක් නැති මනුස්සයා නිසා අපේ එවුන් සුජාතා ඇන්ටිට බය නෑ. හැබැයි ඉතිංකේන්ති ගියාම අතට අහුවෙන දුරක හිටියොත් අනිවා ගුටියක් දෙකක් සුවර්ම තමා. ප්ලේන්ටි ඔඩර් එකට මල පැනලා කුස්සිය දිහාවට යන සුජාතා ඇන්ටි ආයේ සාලෙට එන්නෙ ඉල්ලපු තේ කෝප්ප තුනත් ට්‍රේ එකක තියාගෙනම තමා. තේ කෝප්ප තුන විතරක්මත් නෙවෙයි ඉතිං.. ඒ එක්ක කේක් කෑල්ලක්, රසකැවිල්ලක් අනිවා එනවා බැන බැන උනත්. හැබයි ඉතින් අපේ ගොන් බතලයා තඩි පහේ අලුගුත්තේරු වැඩක් කරලා මාට්ටු කියලා ආරංචි උනොත් තඩියා සහ රවියා ඇරෙන්න අනික් එවුන් සුජාතා ඇන්ටිට මූනට මුලිච්ව් වෙන්න යන්නෙ නෑ. තඩියාටයි රවියාටයි ඉතින් කොස්සෙන් තඩි බෑවත් උන් දෙන්නා සුජාතා ඇන්ටිගේ කේන්ති ගනන් ගන්නෙ නෑ. මොකද හැමෝටම අම්මා කෙනෙක් වගේ කන්න බොන්න දීලා සලකන සුජාතා ඇන්ටි කොච්චර බැන්නත් එකෙක්වත් එව්වා වැඩිය සීරියස් ගනන් ගන්නෙ නෑ. බතලයා බේරාගැනීම වෙනුවෙන් ගල් පැලෙන බේගල් ඇදබාන්න බැරි නිසා තත්වය ක්ලියර් වෙනකල් ගොඩයා කිසීම හේතුවකට ඒ පැත්තෙ යන්නෙ නෑ. මොකද කියනවානම් තඩියාටත් රවියාටත් වඩා සුජාතා ඇන්ටි ගොඩයාගේ වචන විශ්වාස කරන නිසා. අපේ බතලයා කරන අලුගුත්තේරු ක්‍රිමිනල් වැඩ ක්ලියර් කරන්න අර සා අම්මා කෙනෙක් වගේ සලකන මනුස්සයෙක්ව බේගල් වලින් රවටන්න ගොඩයාට හිතෙන්නෙම නෑ. අනික් පැත්තෙන් ගත්තාම සුජාතා ඇන්ටිගේ තියෙන ගුණ සහ කොලිටීස් වලින් ලක්සෙන් පන්ගුවක්වත් අපේ බතලයාට පිහිටලා නෑ. ඉතින් එහෙව් මජර බතලයා බේරන්න සුජාත ඇන්ටිට බේගල් ඇදබාන එක පවු නැද්ද හා..
ලියන්න ගිය බෝඩිමේ සීන් කෝන් එක ලියන්නේ නැතුව සුජාතා ඇන්ටි ගැන වැඩි යමක් ලියවීම ගොඩයා වටේ යාමක් විදිහට දකින්නෙ නෑ. මොකද කියනවානම් සරීර හොරා වෙච්ච අපේ හිතාදර මිත්‍ර බතලයාට වඩා ලොකු අනුග්‍රහයක් සුජාතා ඇන්ටි බෝඩිමට සැපයුවා දැන හෝ නොදැන.. බෝඩිමේ කුස්සියේ අල බතල තැම්බෙන්නෙ පාන් කන්න පොල් සම්බෝලයක් හැදෙන්නෙ සුජාතා ඇන්ටිගෙ සාදර සමාදර අනුග්‍රහයෙන් කියලා සුජාතා ඇන්ටි දැනගෙන හිටියෙම නෑ බොහෝ වෙලාවට. එකෙක් ගිහින් සුජාතා ඇන්ටිගෙන් අමු මිරිස් කරලක් , මිරිස් කුඩු ටිකක් එහෙම ඔෆිශියලි ඉල්ලගෙන එන අතරේ තව එකෙක් ගිහින් පොල් බෑයයි, ලූනු ගෙඩි දෙක තුනකුයි, දෙහි පලුවකුයි සුජාතා ඇන්ටිගේ ෆ්‍රිජ් එකෙන් හොරෙන් උස්සන් ආවාම මුලු පොල් සම්බෝලෙටම සාදර අනුග්‍රහය සුජාතා ඇන්ටිගෙන් නෙවෙයිද හා.. පාන් නම් ඉතින් ටිඩියාගෙ කඩෙන් ඉස්සිල්ල බොරු.. එව්වා ඉතින් සල්ලි වලට තමා.. ටිඩියාගෙ කඩෙන් පාන් ගෙඩියක් දෙකක් උස්සන්න පුලුවන් තත්වෙක තිබ්බනම් ඉතිං අපේ එවුන් පානුත් ආයෙ සල්ලි වලට කෑමක් සිද්ද වෙන්නෙ නෑ මලාට.
මොනම විදිහකටවත් ඩිනර් වේල සරි කරගන්න බැරි තත්වයකට ආර්තිකය සෝදා පාලු වෙලානම්, එහෙමත් නැතිනම් හාල් පොල් කොස් දෙල් මයියොක්කා ඇස්කොට් ගහන ටීම් එක මාන්සිකව වැටිලා නම් එදාට වීරයා වෙන්නේ අපේ තඩියා තමා. එවන් රාත්‍රීන් වලදි අපේ තඩියා උගේ අම්මාගේ කුස්සියේ හට්ටි මුට්ටි පෙරලලා හරි, එහෙමත් නැත්තං ගම පුරා හිගමනේ ගිහිල්ලා හරි, බෝඩිමේ කොල්ලන්ට කන්න යමක් හොයාගෙන ආපු අවස්ථා එමටයි. එහෙම බැලුවාම බතලයා තඩියාගේ අහලකින් තියන්න බෑ. බෝඩිමේ එවුන් හාමතේ කියලා දැනගත්තු ගමන් බතලයා ඉස්සෙල්ලම කරන්නේ ගෙදර මාරු වෙලා හනි හනිකට උගේ බත් පංගුව කොටාබාන එක තමා. ඌ එහෙම කරන්නේ ඌ දන්නවා හාමත්වෙලා ඉන්න බෝඩිමේ එවුන් ඊළගට ඉව අල්ලන්නේ බෝඩිමේ තාප්පෙන් බතලයාගේ වත්තට පැනලා ගෙට රිංගලා බතලයාගේ බත්පතට විදින්න කියන එක. ගොඩයා ඉතින් කොස් දෙල් අල බතල ඇස්කොට් ගැහිලට ඒ තරම් දක්ශ නැති නිසා කුස්සි පාර්ටියේ අල බතලයක් තම්බන්න වගේ වැඩකට ඇරුනාම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ කර්තව්‍යය වෙනුවෙන් සහභාගී කරගන්නේම නැති තරං. කට්ටිය එහෙම නොකළේ මොකද කියනවානම්, ගොඩයා වගේ නුපුහුනු හෙන භය හොරෙක් හොරකමේ යැවීම බොඩිමේ රෙපියුටේශන් එක අවදානමේ දැමීමක් නිසා. හැබයි මයියොක්කා පදුරකට, කොස් ගෙඩියකට දෙල් ගෙඩියකට ගේම දෙද්දි ගේම් ප්ලෑන් එක ගොඩක් වෙලාවට ඇඳුනේ ගොඩයාගෙ ඔලුවෙන්ම තමා. තඩියා ප්ලෑනක් අදලා මහ රෑක කපපු උක් ගස් පදුරක අයිතිකාර අක්කා ඕං ගොඩයාගේ ඉස්සරහම තඩියාගෙන් අහපි..

මල්ලි උක් ගස් රහද?
මොන උක්ගස්ද අක්කේ?
උක් ගස් උක් ගස්.. ඊයේ රෑ දෙකට විතර අපේ ලිද ගාව ඉදන් බෝඩිම දිහාවට ඇවිදන් ගිය උක් ගස් පඳුර රහද?
පිස්සුද අක්කේ.. මොන උක්ගස් ගැනද මේ කියවන්නේ..
එහෙම කියාගෙන තඩියා මොටෝව ස්ටාර්ට් කරගෙන එතැනින් මාරු උනා. ගොඩයා හිටියේ ඒ මොටෝවේ පස්සෙ සීට් එකේ. ඒ නිස්කාරනේ ඉල්ලන් කෑවෙ පාරෙ යන එන ගමන් ඒ අක්කා දරුවා වඩාගෙන ගේට්ටුව ලග ඉන්නවා දැකලා යන ගමන නවත්තලා කතා කරපු නිසා. අපි හෙන හොදයි අපි රෑට හොරකමේ යන්නේ නෑ කියලා අඟවන්න අපේ තඩියා ඒ කාලේ එහෙව් ගොන්කම් කළා. රෑට ගහේ තියෙන කොස් ගෙඩියයි දෙල් ගෙඩියයි හොරෙන් බාලා, එහෙමත් නැත්තම් පිළිකන්නේ හිටෝලා තියෙන මයියොක්කා පඳුරක් හොරෙන් ගලෝලා පහුවදාට ඒ ගෙදරටම ගොඩවෙලා මාමේ නැන්දේ කියල ඔලුව අතගාලා කතාබහ කරලා ඒ ගෙදරින්ම තේ කෝප්පයක් බීලා එන්න අපේ තඩියා හෙන දක්ෂයා. හැබැයි ඉතින් ඒ රිකවරි ප්ලෑන් හැමතිස්සෙම වැඩ කරන්නේ නෑ. රෙපියුටෙෂන් එකක් තියාගෙන, වැදගත් රස්සාවල් කරගෙන ජීවත් වෙච්ච පවුලක වැඩිමහල් පිරිමි දරුවා නිසා ගමේ මිනිස්සු තඩියාට සැලකුවෙත් උගේ දෙමාපියන්ට තියෙන ගෞරවේ මුල් කරගෙන. එහෙම නොවුනානං බෝඩිමේ එවුන් පාලු කරපු වතු වල අයිති කාරයෝ තඩියාට ගහන්නේ ගස් බැඳලා.. වැදගත් පවුලක වැඩිමහල් පිරිමි දරුවා වෙච්චි බතලයාටත් ඒ අනිසන්සේම තමයි පවුල් පරිසරයේ ආරක්ෂාව නොතිබුනානම්. ඇයි හත් ඉලව්වේ දහයක විස්සක විතර සැට් එකක් පාලු ගෙදරක දාගෙන ගමේ ගස් ගෙඩි ටික පාලු කරන එක කොයි සා අපරාදයක්ද..
ගස් ගෙඩියක් හොරෙන් කඩාගෙන කන අතරේ රෑට රෑට පාඩම් කිරිල්ලත් හෙමිහිට ඇදිලා ගියා. පාඩම් කිරිල්ල පට්ට බෝරින් වෙච්ච ඉඳහිටෙක දවසක බෝඩින් කාරයෝ හීනියට දෙකක් අනුමත වෙන්නත් අමතක කලේ නෑ. ඒ වගේ වෙලාවට ඉතින් විස්කිද, බ්‍රැන්ඩිද, අරක්කුද, කසිප්පුද කියන එක දාල නෑ. උගුරෙන් පහලට යන දෙයක්නම් ඕනෑ මරාලයක් නෝ ප්‍රොබ්ලම්. කයියට කිව්වට ඉතින් විස්කි බ්‍රැන්ඩි නම් ඔය හිඟන බෝඩිමේ සවුදිය පිරුවේ නෑ. රුපියල දෙක එකතු කරලා එකතු කරලා ටවුමේ බාර් එකේ තියෙන මිලෙන් අඩුම අඩු රහමෙර වර්ගය තමා ඉතින් පිහිටට එන්නේ . තව තව විකල්ප පානයන් තිබුනත් එව්වා මෙහිලා ලියලා බෝඩිමේ සැට් එකේ සායම අරින්න ගොඩයා සුදානම් නෑ.
ඔය කියන වකවානුව වෙද්දී අපේ රවියත්, ඥානත් අවුරුදු අටක ඒක පාර්ශවික ප්‍රේමයන්ගෙන් පරාජය වෙලා, විරහ වේදනාවෙන් ඔද්දල් වෙලා, තටු කඩාගෙන, මල් වගේ හිත් කුඩේ කුඩු කරගෙන හිටපු කාලයක් කියමුකෝ. එව්වා ඉතින් මෙහිලා වැඩිපුර ලියලා ගොඩයාට ඉල්ලගෙන කන්න බැරි නිසා වැඩි විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ. මොකද කියනවනම් එව්වා මෙහිලා වැඩිපුර ලිව්වොත් ගොඩයාට අම්බලන්ගොඩ කතා බ්ලොග් කොටයත් උස්සගෙන උසාවි නගින්න වෙනවා මුන්ගේ ඩිවෝස් නඩු වලට සාක්කි දෙන්න. ඇයි හත් ඉලව්වේ ඒ කාලේ මුන් ලව් කරපු ලව් කිරිලි මේකේ ලිව්වොත් මුන්ගේ දැන් ගෑනු මුන්ට ඩිවෝස් නඩු දානවා අනිවා.
ඕන් ඉතින් කොස් දෙල්ද, කොත්තු රොටිද, ටේස් කඩලද, හපලා ගිලින්න පුළුවන් සන්නම් මන්නම් ඔක්කොම ජාතිද, බෝඩිමේ කාමරේ බිම තියාගෙන කස්ටිය ගජරාමෙට අන්තිම සිල්පදේ කඩනවා කියමුකෝ. වැඩේ සිද්ද වෙන්නේ ඥානාගේ තදබල ඕනෑකම වෙනුවෙන්මයි. බීර බෝතල් කීපයක්ද, ප්ලාස්ටික් බෝතල්වල අසුරා එන ලාභ වර්ගයේ අරක්කු බෝතලයක්ද හෙමි හෙමීට කරටියේ සිට අඩිය දක්වා පහලට යනවා අතින් අත යන එක අඬු කෝප්ප දෙකින්. බෝඩිමේ වීදුරු නෑ බොලව්.. කෝප්ප විදුරු කියල බෝඩිම හරියේ සන්තකටම තිබ්බේ ඥානයි සම්පතයි උදේට තේ බොන අඬු කෝප්ප දෙක විතරයි. මාලිනි බුලත් සිංහල මහත්මිය ගායනා කරන ආකාරයෙන් , ප්‍රේමයේ.. විල්තෙරේ.. යෞවනේ.. මල් වනේ... ගැට්ටෙන් බිමට වැටිලා විරහ වේදනාවෙන් හදවත හතරට පැලිලා දෙන්නෙක් මියයමින් ඉඳිද්දී අපේ එවුන් බී මතේ කියන්නෙම විරහ ගී.. ( අහල පහලට නෑහෙන්න). ඉතින් හත් ඉලව්වේ අර සා විරහ වේදනාවක් උහුලන එවුන් දෙන්නගේ දෑස පලාගෙන කඳුලැලි එන එක අහන්නත් දෙයක්ද. ඉතින් එවුන් හිතේ අමාරුවටත් එක්ක ළඟ නවලා ෂොට් හතර පහක් ගැහුවාම ආයේ දෙකක් නෑ ඩෙඩ් බොඩිම තමා. එහෙව් ආකාරයෙන් විරහ ගී සංගීතයෙන් රස ගැන්වෙන සාදයේ බෝතල් කීපය අහවර වෙන්වෙන ලං වෙද්දී ඥානා ස්විච් ඕෆ් කියහන්කෝ. කොයිතරං ස්විච් ඕෆ්ද කියනවනම් එම්බාම් කරන එකෙකුට පෙන්නුවොත් ඌ අනිවා මළමිනියක් කියලා හිතලා එම්බාම් කරනවා දෙපාරක් හිතන්නේ නැතුවම.
ඥානාත් ස්විච් ඕෆ් වෙලා තියෙද්දී තවත් ඌට කරදර කරන්න හොඳ නැති නිසා කස්ටිය බෝතල් කොටේ අරගෙන සාලෙට මන්ගච්චනවා ඥානාට සනීපෙට නිදාගන්න ඇරලා. ඒ අතින් අපේ එවුන් බීලා දෙකට කැඩිච්ච එකාට වද තිස්දෙක දෙන එවුන් නෙවෙයි පට්ට හොද එවුන්. අල්ලාප සල්ලාපයෙන් වැඩේ හෙමිහිට කෙරීගෙන යනවා කියමුකෝ. වෙලාව ඒ වෙද්දී රෑ දෙක පහු වෙලා තියෙන්න ඇති.. මෙන්න බොලේ එකපාරටම..
නංකී ......... මං ඔයාට ආදරෙයි..
හුටා කව්ද බන් ඒ...
නංකී.... මගේ පණ.... මට ඔයා නැතුව ඉන්න බෑ නංකී.... ඉහි ඉහි ඉහි.... නංකී ....... ඔයා මගේ පණ රත්තරං...
සාලේ බෝතලේ වටේ වටවෙලා හිටපු උදවිය බෝතල් පෙරලගෙන දුවන්නේ ඥානා බුදි කරවලා ආපු කාමරේට.. හුටා කියහකෝ.. ඩෙඩ් බොඩි වෙච්චි ඥානාගේ ඇස්ට්‍රල් බොඩි එක අවදි වෙලා... ඥානා උගේ ප්‍රේම වෘතාන්තය දෙනවා වහලේ උළු හැලෙන්න .. හරියට මෙගා නාට්ටියක් වගේ.. හැබැයි ඥානා සැපට බුදි.. ඇස් වහගෙන සැපට බුදියගේන ඉන්න ඥානා අවුරුදු ගානක විරහ වේදනාව වචන වලට පෙරලලා දිගහරිනවා බෝඩිමේ ඉස්සරහ පැත්තෙ තියන පොල් ගහේ ලවුඩ්ස්පීකර් එකක් බැන්දා හා සමානයි. ඉස්සෙල්ලම කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි ඥානාගේ නාට්ටිය අහල පහලට ඇහුනොත් ඥානාත් සුං, බෝඩිමත් සුං, බෝඩිමේ ඉන්න කොල්ලොත් සුං. කට්ටියම ඥාන කෝලම නරඹන අතරේ ගොඩයා හනික දුවන්නේ බෝඩිමේ ඉස්තෝප්පු කාමරේ සනීපෙට නවත්තලා තියෙන ගොඩයාගේ එම්.බී. 5 මොටෝව ස්ටාර්ට් කරන්න. මොකද කියනවනම් ඒ මොටෝවේ එන්ජින් මෝලෙ සද්දෙට ඥාන කෝලමේ සද්දෙ අහල පහලට පැහැදිලිව ඇහෙන එක අඩු වෙනවා. ඒ සද්දෙ නිසා ඥානගේ නාට්ටියේ සද්දේ ඇහුනත් මේක කටගොන්නක් බීගෙන නටන නාට්ටියක් කියලා අහල පහලට තේරුම් යන්නේ නෑ. ඕන් ඔය විදිහට ඥානගේ ඇස්ට්‍රල් බොඩිය එක්ක පොඩි ශේප්මන්ට් එකක් ගහගෙන හෙමින් කතා කරන තැනට ඥානා පත්කරගන්න පුළුවන් වෙන්නේ පැයක විතර ට්‍රයි එකකින් අනතුරුවයි කියමුකෝ..
ඊළඟට ඉතින් වරමක් අරං ආරුඩ වෙච්ච සාස්තර කාරයෙක් වටේ වටවෙලා වගේ බෝඩිමේ උන්. දේව වරමින් සාස්තර කියන ඥානා ස්වාමිගෙන් එක එකාගේ ගුණ අගුණ අහනවා ඉවරයක් නෑ... ඒ අස්සේ ඉස්කෝලේ ඉන්න ගෑනු දැරිවියෝ ගැනයි, ටීචර්ලා ගැනයි, යාලු මිත්‍රයෝ ගැනයි අටෝරාසියක් ප්‍රශ්න. ඇස් දෙක පියාගෙන පැදුරේ ඇලවෙලා ඉන්න ඥානා ඉතින් ඒ ඒ පුද්ගලයන් ගැන ඌ දරන ආකල්පය දිගහරිනවා ජාතකේත් එක්කම. ඕන් ඔය විදිහට රාත්‍රිය එලි වෙද්දී ඥානාගෙ ඇස්ට්‍රල් බෝඩියත්, බෝඩිමේ සැට් එකත් වැටිච්ච වැටිච්ච තැන්වල දොයිය බබාලා වෙනවා හෙමි හෙමිහිට. ඒ හැබැයි ඥානාගෙන් අහගන්න ඕන ප්‍රශ්න ටිකයි, මොන්ටිසෝරියේ හිටං ලවු කරපු ගෑල්ලමයින්ගේ විස්තරයි, අනෙකුත් සන්නම් මන්නම් සියල්ලමයි සහසුද්දෙන්ම A to Z අහගත්තයින් පස්සෙ.
නාට්ටිය එතනින් ඉවරයිද.. නෑ මිත්‍රවරුනි.. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ.. තව තියෙනව..
ඒ එලිවෙච්ච දවස එකෙක්වත් ඉස්කෝලේ පැත්ත පළාතේ ගියේ නෑ කියමුකෝ.. ගොඩයා බීමට වඩා බයිට් කෑමට එලවන හාදයා නිසා පොඩ්ඩක් කටේ තොලේ ගෑවුනාට ගොඩයාට කිසිත් අවුලක් නෑ. ගෙදර ගිහින් හවස තුන හතර වෙද්දී ගොඩයා නැවත බෝඩිමට වාර්තා කරද්දීත් බෝඩිමේ සැට් එක ඉස්තෝප්පුවේ සැට් වෙලා ඉස්සරින්දා රෑ හපන්කම් ගැන කියවන අතරේ ඥානාව ලෝභ නැතුව ලිඳේ ඔබනවා ඉවරයක් නෑ.. ඕන් එකපාරටම ඈත වංගුවෙන් කරෝලිස් වෙද මාවත දිගේ පහලට පල්ලම් බහින කාර් එකක් දැකපු ඥානගේ කන් දෙක ස්කුබිඩුගේ කන් දෙක වගේ කෙලින් වෙනවා කියහන්කෝ.
මොකක් හරි අවුලක්..
මොකක්ද..
අපේ කාර් එක එන්නේ...
බුදාම්මෝ.. මං මාරු... එහෙම කියාගෙන බතලයා බෝඩිමේ පිළිකන්න පැත්තෙන් දූලා ගිහින් තාප්පෙන් පැනලා නොපෙනී යනවා වගේම අත පය හතර හයිය එවන් කීප දෙනෙකුත් ඌ පස්සෙම දිරා මාරු. ඥානාගේ බෝඩිමේ ඥානා එක්ක ඉතුරු අහිංසක අසරණ ගොඩයා සහ මලාට තාප්පෙකින් පැනගන්න බැරි සුවිසාල සරීර කුඩුවක් හිමි සත් ගුණවත් තඩියා පමණයි පින්වතුණි.. බෝඩිමේ ලිඳ තිබ්බේ ගේ පිටිපස්සේ නොවී ඉස්සරහ පැත්තේ උනානම්.... ආයේ දෙකක් නෑ තඩියයි ගොඩයයි එකට බදාගෙන ලිඳේ පනිනවා පනිනවා පනිනවාමයි. ඒ වෙන මොකවත් හිංදා නෙවෙයි, ඊළඟට වෙන්න යන්නේ කිසිසේත්ම ඇඟට සනීපයක් දැනෙන සිදුවීමක් නොවෙනා බව ඉවෙන් වගේ අක්මාවට දැනෙන නිසා.
ගේට්ටුව ගාව කාර් එක නවත්තන්න කලින් කාර් එකෙන් පැනගත්තු ඥානාගේ මවු තුමිය බෝඩිම දිහාවට දුහගෙන එන්නේ සෙරෙප්පු දෙක අතේ අරං.
බුදු පුතේ තෝ බිව්වා නේද බුදු පුතේ... තෝ බිව්වා නේද ඊයේ රෑ.. ඇත්ත කියහන්.. තෝ බිව්වා නේද...
තඩියටයි ගොඩයටයි තනි ඇහැට කඳුළු එන්න ඔන්න මෙන්න.. ගල් භීත කර්තාහේ...
ඥානාගේ මවු තුමිය පොළොවේ හැපෙනවා කඳුළු වක්කරගෙන.. ඥානාගේ තාත්තා කිසිම කතාවක් නෑ ටිකක් එහායින් ඉඳගෙන චුදිතයින් තුන්දෙනාව තදින් නිරීක්ෂණය කරනවා.. අපිලට ඉතින් ඇක්ටින් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් කියලද.. තඩියා, ගොඩයා, ඥානා මුහුණෙන් පෙන්වනවා පට්ට විස්මයාර්ථ පෙනුමක්.. නිකං හරියට විස්මයාර්ථ ලකුණ ගල් වඩුවෙක් ලව්වා නළල මැද කෙටුවා වගේ කියහන්කෝ.. විස්මය දනවන ලක්ෂණය ඇතිද මදිද කියලා නොදන්නා නිසා විශ්මය ලක්ෂණය ෆයින් ටියුනින් කරගන්නදෝ ඥානා, තඩියා, ගොඩයා එකිනෙකා දිහා හොරෙනුත් බලනවා. තරඟයක් නෑ මිත්‍රවරුනි එහෙම රඟපාන්න හොලිවුඩ් නළුවන්ටත් බෑ. ඇමෙරිකන් ගොට් ටැලන්ට් ගියත් එකෙන්ම ත්‍රිබල ෆයිනල් රවුන්ඩ්..
ඥානාගෙ ඩඩාගෙ උසාවියේ පළමුව සාක්ෂියට කැඳවන්නේ පළමු චුදිතයා වෙන ඥානා.. ක්ලෝස් ඩෝ ඉන්වෙස්ටිගේෂන් එකක් නිසා ඇහෙන ප්‍රශ්න මොනාද ? දෙන උත්තර මොනාද කියලා ගොඩයාට සහ තඩියාට දැන ගන්නට ක්‍රමයක් ඇත්තේම නෑ. ඉන්වෙස්ටිගේෂන් එක ඇතුලේ යන අතරේ ගොඩයා සහ තඩියා ද්වි පාර්ශවිකව පට්ට ට්‍රයි එකක් දෙනවා ඥානාගේ මවු තුමියගේ මොලේට විසභීජය ඉන්ජෙක්ට් කරපු එකාගේ විශ්වාසනීය භාවය අමු අමුවේ දියකරලා හරින්න. ටිකාක් විතර අමාරු උනාට මහන්සියේ ප්‍රතිපලයක් නැත්තේම නෑ කියමුකෝ.. ඊළඟට සාක්ෂි විමසීම උදෙසා ඇතුලට කැඳවෙන්නේ සත්ගුණවත් තඩියා මහතා.. ඉන්වෙස්ටිගේෂන් එක පෙරසේමයි..
ඊළඟට අහිංසක අසරණ ගොඩයා.. ඥානාගෙ පියතුමා ඔන්න ප්‍රශ්න අහන්න පටන් ගන්නවා..
ඊයේ රෑ ඔයත් මෙහේ හිටියද?
ඔව් අංකල්..
මොකද ඊයේ රෑ කරේ..
පාඩම් කරා..
කීයටද නිදාගත්තේ..
දෙක විතර වෙන්න ඇති..
එතකොට අනිත් කට්ටිය..
කීයට නිදාගත්තද කියලා දන්නේ නෑ අංකල්..
ඒ මොකෝ..
පෙර්දත් රෑ වෙනකල් පාඩම් කරපු නිසා නිදිමත ආව.. මං නිදාගත්තා...
එතකොට ඊයේ රෑ මෙහේ පාර්ටියක් දැම්මේ කව්ද..
කව්රුවත් මෙහේ පාර්ටි දැම්මේ නෑ අංකල්..
හොඳටම විශ්වාසද ?
ඔව් අංකල්..
එතකොට කව්රුවත් ඊයේ රෑ මේ ගෙදර අරක්කු බිව්වේ නැද්ද ?
නෑ අංකල්..
ඔප්පු කරන්න පුලුවනිද කව්රුවත් බිව්වේ නෑ කියල.. අපිට විශ්වාසවන්ත ආරංචියක් ආව ඊයේ මෙහේ කට්ටියක් බිව්වා කියල..
මෙහෙම කරමු අංකල්.. ඔය බිව්වා කියන කෙනාට එන්න කියන්න මෙහෙට.. ඇවිල්ල එයාට තියෙන සාක්ෂි පෙන්නන්න හෝ කියන්න කියන්න අපි ඉස්සරහ.. අපි බිව්වේ නැතුව බිව්වා කියල පිළිගන්න බැහැනේ අංකල්..
හ්ම්..
ඔන්න බොලේ ඒ අතරේ ඥානාගේ පියාණන් බෝඩිම පුරා ඇස් යවනවා.. අවාසනාවකට ඇත්ත කතාවක් වගේ ඉස්සරින්දා රෑ බීපු හිස් බෝතලේ මේසයක් උඩ තිබිලා අංකල්ගේ ඇහැට මාට්ටු..
මේ මොකක්ද ?
බෝතලයක්..
ඇයි මේක මෙහේ..
මෙහේ වතුර බොන්න වීදුරු කෝප්ප නෑනේ අංකල්. ඉතින් බෝතලේක පුරවල තමයි බොන්න ලේසි..
අංකල් බෝතලේ ඇරලා ඉඹලා එහෙමත් බලනවා.. හැබැයි මා පුතාලා ගොඩයා ඊට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්.. හැමදාම උදේට බෝඩිමේ සැට් එකට තේ හදන්නේ ගොඩයා. උදේ තේ හදලා ඉතුරු වෙච්ච උණු වතුර ටික හිස් බෝතලේට දාලා දෙතුන් වතාවක් හොලවන්න ගොඩයා අමතක කරන්නේ නෑ. ඒ ගිනියම් උනුවතුරට පින් සිද්ද වෙන්න ප්ලාස්ටික් බෝතලේ අඩිය පිම්බිලා කියහන්කෝ..
මොකෝ මේ බෝතලේ හැඩේ වෙනස් වෙලා..
ලිඳේ වතුර පිරිසිදු නෑ අංකල්.. උණුවතුර තමයි බෝතලේට දාල තියාගන්නේ..
හ්ම්..
එතැනින් ඉන්වෙස්ටිගේෂන් එක අහවරයි.. සස්පෙක්ට්ලා නිදහස්ද නැතිද කියලා තීන්දුවක් නොදුන්නට අංකල් සහ ඇන්ටිගේ මුහුණේ පෙනුමෙන් සියයට අනුවක් විතර වැඩේ ගොඩ වගේ කියහන්කෝ. ප්‍රකාශයට පත් නොකලත් අවසාන තීන්දු ප්‍රකාරව ඉරිසියා කාරයෙකුගේ වැඩක් පාඩම් කරන කොල්ලන්ගේ මොරාල් එක බස්සන්න.. අනේ හැබෑට මෙහෙමත් ඉරිසියාකාර මිනිස්සු නේහ් ;) ඒත් ඉතින් කියන්න දුකයි ඥානාගේ බෝඩින් ජීවිතේට නැවතීමේ තිත.. ආතල් කෝටියක් සැපයු බෝඩින් ජීවිතය යලි යලිත් මතු උපදින ආත්මයන් වලදීත් හමුවේවා ! කියලා කියනවා ඇරෙන්න චා වෙන්න නොන්ඩි නොවී එයින් බේරුනා මදිද හා.... ඇදබාපු බේගල් කන්දරාවට නම් අනිවා සසර පුරා පවු ගෙවීම අනිවා..
අඹ යාළුවො නාට්ටියේ සුදු අප්පෝ ගමෙන් අරං යන්නහේ ඥානා සහ උගේ සබ්බසකලමනාවම පටවගත්තු අංකල්ගේ කාර් එක බෝඩිමෙන් පිටත්වෙලා යද්දී ඥානා පස්සේ වීදුරුවෙන් අහිංසක ලීලාවෙන් කොල්ලන්ට අත වනාපු හැටි මතක් වෙද්දී හයියෝ අදත් පපුව වාවන්නේ නෑ සට සට ගාලා දෑස පලාගෙන කඳුලැලි එන්න එන්න වගේ....
සතියක් වගේ කාලයක් ගතවෙද්දී ඥානා කොහොම හරි ඩෝප් සීන් ෆයිල් එක සාක්ෂි නොමැති ඉරිසියාකාරයෙකුගේ වැඩක් වගටම ඔප්පු කරලා වහලා දැමෙනවා ඉතාමත් සාර්ථක ලෙසටම... ඒ අතරේ ෂර්ලොක් හොම්ස්ලා, ජේමිස් බොන්ඩලා සේරෝම එකතු වෙලා කේලම කියපු එකා සොයාගැනීමේ මෙහෙයුම දියත් කරන්නේ බොහොම සැලසුම් සහගතව. හැබැයි මා පුතාලා කේලම කියලා තිබුනේ බෝඩිම ඇහැකටවත් දැකපු නැති පොරක්. නෑ නෑ වැඩිහිටියෙක් නෙවෙයි අවුරුදු විස්සක විතර වැරදිලා පිරිමි වෙලා උපන් චීත්ත කෑල්ලක්..
සිද්දිය වෙච්චි දාට පහුවදා දවල් ඥානාගේ ඇස්ට්‍රල් බොඩි කතාව අතිශෝක්තියෙන් කතාවෙච්චි වෙනත් තැනක හොලා වගේ අහගෙන හිටපු මේ යෝදයා කේලම හැරෙන තැපෑලෙන් උගේ අම්මට කියලා අම්මා ලව්වා ඥානාගෙ ගෙදරට කෝල් එකකුත් දම්මලා කියහන්කෝ එවෙලේම.. එතැන් පටන් බෝඩිමේ සැට් එක රෑට මළගෙදරක එහෙම සැට් වෙච්ච හැම දවසකම ඔය කියන පොරගේ ගෙදර විසිට් කරන්න අමතක කරානම් ඉතින් ඒ බොහොම කලාතුරකින් ආයුබෝවන්ඩ.. උන්ගේ ගෙදර ඉස්සරහ පාරේ තියෙන ගල්... උන්ගේ ගෙදර වහලේ හොයලා තියෙන රට උළු.. බුදාම්මෝ.. එක්කෝ එව්වා ලියන්න ඕන නෑ.. මේ සිදුවීම මේ මතක් කලේ අවුරුදු විසි හතරක පස්සේ උනත්, මේක කියවන අපේ තඩියා ඇතුළු බෝඩිමේ සැට් එකේ සේරෝම වගේ ඉන්නේ ගමෙන් පිට නිසා අරූගේ වහලේ රට උළු ටික සේෆ්.. නැත්තම් අදත් අපේ බෝඩිමේ සැට් එකට කේලමාගෙන් රෙවේන්ජ් එක ගත්තා තාමත් හිතට මදි වගේ ..