Monday, March 28, 2016

බස් මුදලෑලි




අප්පේ අද මොකෝ  මේ මගුල් ගෙදර වගේ කෑම ජාති ගොඩාක් හදල..

මගේ මහත්තයට හොඳට කන්න දෙන්න ඕන හින්දනේ අනේ..

මොකක්.. වෙනද නැති සැලකිල්ලක්  අද මොකෝ මේ විශේෂයෙන්..

මගේ මහත්තය අද ඉඳන් ලොකු වාහනේක  අයිතිකාරයෙක්නේ.. දැන් වෙනද වගේ සලකල  බැහැනේ..

ඇයි ඉතින් මට වෙනදත් වාහන තිබ්බනේ..

ඔන්න ඔන්න ඉතින් මගේ යකා අවුස්සන්න හදනවා.. මතක් කරන්න එපා ඒ කාර් මගුල .. ඒකත් වාහනයක්ද ඔයි.. බැලුවොත් කැඩිලා.. ගමනක් යන්න බයයි ගෙදර එනකම් සුවර් නෑ.. වහිනකොට ඇතුලෙත් කුඩේ ඉහලගෙන යන්න ඕන..රෑට ලයිට් පත්තු වෙන්නේ නැහැ කොයි වේලේ ලයිට් කණුවක අනෙයිද කියල බයයි.. හැමතැනම දිරල පිටගැස්ම හැදෙයි කියල බයයි..  ඒකත් වාහනයක්ද හැබෑටම.. ඒක හොඳයි මාළු බෝවෙන්න කළපුවක බස්සන්න.. තව කියන්න ඕනෙද ඔහේගේ මහා ලොකු වාහනේ ගැන ..

න්..න්..නෑ නෑ  ඕන්නෑ ....

එහෙනම් යනවා ගිහින් වොෂ් එකක් දාගෙන එනවා කෑම කන්න..

හා එහෙනං...

හෝව් හෝව්.. කොහෙද ඔය යන්නේ..

මම මේ වැලේ තියන මගේ තුවා කබල අරන් එන්න යන්නේ..

නෑ නෑ  ඕන නෑ.. අද ඉඳන් මගේ තුවායෙන්ම පිහදානව..

ඒකත් එහෙමද.. හාමිනේගේ කැමැත්තක්..

මේ ඒක නෙවෙයි.. මම ඔයාට කියන්නමයි හිටියේ..

මොකක්ද..

අද ඔයත් එන්න මගේ ඇඳේ නිදාගන්න.. අද ඉඳන් බිම නිදාගන්න ඕන නැහැ..

හෑ...ඔය ඇත්තමද..

මොකද අනේ ටොකු ඇනගන්නේ..

මේක හීනයක්ද හැබෑවක්ද කියල තෝරාගන්න හාමිනේ..

හීනෙන් නෙවෙයි අනේ.. මේ හැබැහින්..

ඒක තමයි මමත් මේ බැලුවේ.. හීනෙන් නම් දැන් ඇහැරෙන්න වෙලා ටොකු පාරට..

මේ එක නෙවෙයි..

මොකක්ද..

මම ඔයාට දෙයක් කියන්න කියල හිටියේ..

මොකක්ද..

දැන් ඉතින් බස්සෙකත් අපේ එකේ අපිට ඕන ගමනක් බිමනක් යන්න පුලුවනිනේ නේද .. 

නැතුව නැතුව ...

මම අපේ අම්මට කෝල් කරලා කිව්වා සිංහල අවුරුද්දට කලින් සතියක විතර වන්දනාවක යන්න ලෑස්තිවෙන්න කියල..වැඩිය කව්රුත් නැහැ .. ලොකු අප්පච්චිලාගේ ගෙදර අට දෙනයි, බාප්පලාගේ ගෙදර එකොලොස්දෙනයි , මදු පුන්චි අම්මලාගේ ගෙදර දාහතර දෙනයි , අපේ නංගියි , මල්ලියි , මින්නේරියේ බාප්පලාගේ ගෙදර හය දෙනයි , අම්මයි , තාත්තයි, මමයි විතරයි ඔන්න යන්නේ..

මලා .. දැන් ඉතින් ඔතනම හතලිස් දෙකක් වෙද්දී මට වාඩිවෙලා යන්න සීට් එකක් නැති වෙනවනේ හාමිනේ..

ඔයා ඉතින් මුදලාලිනේ..ජැන්ඩියට ඇඳගෙන අපේ නෑයෝ හැමෝටම පේන තැනකින් ඔයා හිටගෙන යන්න ඕන..කාටවත් රුපියලක්වත් වියදම් කරන්න නොදී ඔයා දාහේ කොළ පන්දාහේ කොළ ලෝස් නැතුව වියදම් කරන්න ඕන .. එතකොට තමයි මට ආඩම්බර..

කාපන්කෝ ඉතින්..ඒකත් එහෙමද.. හා හා එහෙනම්.. එහෙමවත් කරමුකෝ..

එහෙම නොකර බැහැනේ අනේ.. අපි බඳින්න කලින් ඔයාලට බස් තියෙනව කියල අපි ගම පුරා පුරාජේරු ගැහුවට පස්සෙන් පහු අපේ නෑයෝ හිතුවේ ඔයාලට බස් තියෙනව කිව්වේ බොරු කියල.. එකාතකින් ඉතින් උන් එහෙම හිතපු එකේ වරදකුත් නැහැ.. ඔයාගේ කාර් කටුව දැක්කාම මිනිස්සු කීයටවත් හිතන්නේ නැහැ ඔයාලෑ ගෙදර බස් තියෙනව කියල.. දැන් මම පෙන්නනම්කො උන්දලාට බස්.. හුහ්..

හ්ම්...

කෝ කොහෙද ඉතින් ඔය යන්නේ..

ව..වතුර ටිකක් බොන්න  කියල යන්න හැදුවේ.. පොඩි කලන්තයක් වගේ දැනුන ඒකයි..

මොන කලන්තද අනේ.. සන්තෝසෙට වෙන්න ඇති.. 

මම හේනං වොෂ් එකක් දාගෙන එන්නම්කෝ..

කෝ ඉන්නකෝ පොඩ්ඩක් මගේ සුදු බස් මුදලාලිට උම්මා එකක් දෙන්න.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම..... අයි ලව් යූ ඩාර්ලින්.. ඔයා ඉක්මනට වොෂ් දාගෙන එන්නකෝ.. අද ඔයා අතින් කන්න ඕන නැහැ.. මම අනල කවන්නම් හොඳේ..

බස්සෙක රූට් එකේ දුවන්න වෙන්නේ නැති හැඩයි.. අපේ අම්ම මට ඕක හින්ද වෙන්න ඕන කියන්න ඇත්තේ බස්සෙක මහගෙදරම තියෙන්න ඇරපන් කියල... කෝ කොහෙද ඇහුවයැ.. 

මොකක්ද අනේ කිව්වේ..

න්..නෑ... මම මේ කිව්වේ දවස් හතක් මදි උනොත් අපි තව දවසක් දෙකක් තුනක් වැඩි කරමු කියල..

ඔයානම් මාව සප්‍රයිස් කරනවා අනේ.. මම අම්මට මේ දැන්ම කෝල් එකක් දීල කියන්නම් කෝකටත් සති දෙකකට විතර ඇඳුම් ලැස්ති කරගන්න හැමෝටම කියන්න කියල.. 

හුටා....

55 comments:

  1. හුටා... ඉල්ලං කෑව නේද මුදලාලි

    ReplyDelete
    Replies
    1. කෑවා නේන්නම් දිනේෂ්..

      Delete
  2. මාසයක් විතරම ඉදල ආවනන් බස් එකත් දීල දාන්ඩ තිබ්බ...😁😂

    ReplyDelete
    Replies
    1. දෙන්න දෙයක් නැහැ.. මාසයක් හිටියාම එන්න වෙන්නේ පාරෙ බස් එකේ තමා..

      Delete
  3. මේව තමා ඇදගෙනම නානව කියන්නෙ...
    අපරාදෙ බස් එක ගත්තෙ අර පුරුදු විදියටම බිම නිදාගත්ත නං මොකද
    ඔය මුදලැලි මුදලෑලි කීවට බොලාට නේද ඕක වුණේ..
    හොද වැඩේ අම්බලංගොඩයට හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. මේක උනේ මටනම් නෙවෙයි.. හැබැයි මේක වෙන්න යන්නේ මගේ යාලුවෙකුට. . හිතහොඳ එකා.. ඌ ගැන හිතලමයි මේක ලිව්වේ..

      Delete
  4. Replies
    1. උඹ දන්නා දේවල්.. උඹේ ජොබ් එකේ හැටියට ඉතින් උඹ අපිට වඩා කාරනා කාරනා ගැන දන්නවා ඇතිනේ.. තැන්කු මචං මේ පැත්තේ ආවට..

      Delete
    2. අපේ ගැනිට පුදුම පුකේ අමාරුවක් තිබුනේ මාව බ්‍රටෙක්ස් එකෙන් අයින් කරන්න.. ඇයි මචෝ කෙල්ලෝ 1612 කගේ ආදරය විදිනවා කියන්නේ හක්ක පන්නිනවනේ

      Delete
  5. ලීසිං කොම්පැණියෙ සීසර්ල ටිකත් දාගෙනම වන්දනාවෙ ගියානම් ඒගොල්ලන්ටත් ලේසියිනෙ. :)

    ReplyDelete
    Replies
    1. නෑ එයාල මගින් නගිනවා කිව්වා..හැක්..

      Delete
  6. ලිද මගේ නං මං ලිදේනං කාටවත් ඇයි වේදනා කියලා කියහං.......

    ReplyDelete
    Replies
    1. ඩබොල් , උඹ මගෙ ඇගේ හැප්පුනා නේද ? බෝවෙලා ලෙඩේ

      Delete
    2. අර නෙලුං පොකුනට ගිහිල්ල මොකක් හරි කොරගෙන වගේ. හැක්..

      Delete
    3. කුරුට්ටා මේක මගේ මිත්‍රයා ගැන දැනගෙන ලිව්වද මන්ද..

      Delete
    4. කම්මලේ කියනවා වගේ ඩබොල් නෙවෙයි ත්‍රිබල් වගේ..

      ප්‍රසන්න කියන්නේ දැන් නෙලුම් නෙලන්න ගිහින් කුරුට්ටට ජල සන්නිය හැදිලා කියලද..

      Delete
  7. Replies
    1. උඹත් බස් රසවින්දනය තියන එකෙක් වගේ...

      Delete
  8. බස් එකක් ගන්ඩ ඕනෙ , බිම නිදියල පිට රිදෙනව

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලහන් කම්මලේ.. ඇඳේ කොනක් හම්බෙන්න හුඟක් දුරට ඉඩ තියෙනව..

      Delete
  9. ටික දවසකින් නැන්දම්මටයි දුවටයි ගේ දීලා අරූට බස් එකේ පදිංචියට යන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. එහෙම නොවේවා කියල තමා මගේනම් ප්රාතනාව විචාරක තුමා..

      Delete
  10. ටාසන් බාප්පගෙ සිංදුවක් තිබ්බ:

    "මගෙ දුප්පත් බස්සෙක තල්ලු කරන්නට කවුරුත් නෑ ගෙදර
    ....................

    මගෙ මාමණ්ඩී...
    මගෙ මාමණ්ඩී ඇයි - මට දෑවැද්දට - දුන්නේ මේ කබල..."

    ReplyDelete
    Replies
    1. ඔය ටාසන් බාප්පා තමා හවසට හවසට අමාරුවෙන් හරි අහගෙන හිටපු රේඩියෝව අහන්න බැරි තරමටම කාල දැම්මේ බන්..මට ඕකව අහු උනොත් #$%&%^#%@^!*$&^

      Delete
    2. ටාසා තව හොඳා. අර ශ්‍රී එෆ්එම් එකේ උන්න දාසන් මාම නං අජූතයි.

      Delete
  11. අම්බලන්ගොඩ කුම්බලාවෝ
    උඹට රුකඩ නටවන්න පුලුවන්ද?? කවුරු හරි නටවන රුකඩ ආකාරයට උඹ නටනවද ?

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩට රූකඩ නටවන්නට නොහැකියි ඇනෝ.. ඒක ඉගෙනගන්න ඕන කලාවක්.. අම්බලන්ගොඩව රූකඩ වගේ නටවන්න ට්‍රයි කරපු ලොකු ලොකු එවුන් ගොඩාරියක් රූකඩ වගේ නටවල තමයි දැන් මේ බ්ලොග් ලියන්නේ..හැක්..

      Delete
  12. හපෝයි.... ලොකු වාහනේක අයිතිකාරයා ලොකුවට ඉන්න එපැයි.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. වාහනේ තරමට ලොකුකමෙන් ජීවත් වෙන්න ඕන නෙව.. ජයවේවා උඹටත්..

      Delete
  13. ඉතිං ඉතිං.. ඒ බස්සෙක අම්බලන්ගොඩ නමින් දිව්ව ප්‍රථම සහ අවසාන ගමන ඒකය කියන්නෙ ඇත්ත වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ බස්සෙක දුවන්නේ කොළඹ බන්..එහෙම වෙන්නේ නැහැ.. මගේ මිත්‍රයා දක්ෂයා..ඒ වගේම මොළකාරයා..

      Delete
  14. ඉල්ලගෙන කන එකේ හොඳම එක...
    අපරාදේ ඌට තිබ්බේ කලින් වගේම බිම නිදාගෙන පරණ තුවායෙන්ම පිහිදාගෙන බස් එක දුවල ගානක් හොයාගෙන ගෑණිගේ වරිගේ වෙනුවෙන් කඩේ යන්නේ නැතුව කුලී පදනම යටතේ කොහේ හරි ඇඳක් කුළියට ගන්න එක...
    එතකොට ඉතින් හැමදාම එකම ඇඳේ ලගින්න කියල ඕනෙත් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. බස් මුදලාලිගේ වයිපරේ දැනටමත් මාව උයල කනවද අමුවෙන් කනවද කියල කල්පනා කරනවලු.. උඹත් මේ හදන්නේ මාත් එක්කම දිවංගත වෙන්නද ලොකු පුතේ..

      Delete
  15. කියන්න වදන් නෑ, පට්ටයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්..

      Delete
  16. පට්ට...
    අම්බලංගොඩයට වෙන්න තියන එකක්

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ මනෝ... මගේ මිත්තරයෙකුට වෙන්න යන දෙයක්..හැක්..

      Delete
  17. ඕකට තමා කියන්නේ ඇදගෙන නානවා කියල හිකිස්....
    ගෑනු උදවිය එක්ක කතා බහ පරිස්සමින් හොදේ :D :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. ගැහැණු උදවියත් හරිම පරෙස්සමෙන් කතා කරන උදවියනේ නේද.. හැක්..

      Delete
  18. දැන් ඉතිං ඇදගෙනම නාපං.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... අවේලාවේ නාන්න ගියොත් තමයි අමාරුවේ වැටෙන්නේ...

      Delete
  19. පුන්‍යසිරිගෙයි කමලාවතීගෙයි බස් එකද ?

    ReplyDelete
    Replies
    1. ඔය කියනේ අර හෝදන්න ගඟට අරන් ගිය බස්සෙක නේද.. මේක වෙන එකක් දුමී.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  20. හම්මේ.. අද හෙටම බස් එකක්වත් ගන්න ඕනේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය හදන්නේ නැන්දම්මගෙන් කන්න තමා.. අර අලුත උපන් දරුවට මාස තුනක්වත් වෙනකම් හිටහන් බස් එක ගන්න..

      Delete
  21. බස් ගැන කතා ඇහුණ නෙළුම් යායෙදී..
    ඩිපෝ එකකින් බස් එකක් උස්සන්න ගිහින් ඩිපෝ එකේ තිබුණ බස් තමන්ට යන්න තියෙන රූට් එකේ නෙවෙයි නිසා හැරිලා ආපු සීන් එකක්
    මෙතැන්ට අදාල නැද්ද මංද

    ReplyDelete
    Replies
    1. තාම නෙලුම් යායේ වීඩියෝ දැක්කේ නැති නිසා ඒ බස් කතාව නම් මම දන්නේ නැහැ උඩුවෝ... ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  22. කෑමෙන් හොද කෑම ඉල්ලාගෙන කෑම...😂😂😂

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් හැමදාමත් කෑවෙ එහෙමනේ බන්..

      Delete
  23. පවි අසරණ මුදලාලිය.සෙරි අයියෙ කලින් පෝස්ටුවට කොමෙන්ටුවක් දාන්න බැරිවුණා. ඒකෙ හිටපු ජාතියේ එකෙක් හැම යාලුවො සෙට් එකකම ඉන්නව.තව එකක් දාමු ඉක්මනටම.හැම පෝස්ටි එකම පටිට .

    ReplyDelete
    Replies
    1. මොකටද බන් සොරි කියන්නේ.. ගල් පැලෙන බොරු කියන එකෙක් හැම සෙට් එකේම ඉන්නවා තමා බන්..

      Delete
  24. ඔය පින්තූරෙට දාලා තියෙන බස් එකේ නම් අපිවත් එක්කරගෙන යන්න පුලුවන් වෙයිනේ අම්බලංගොඩයා. මම මේ කියන්නමයි හිට්යේ. උඹට පුලුවන්නේ බස් එකේම නිදාගන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි ඕක මටවුන දෙයක් නෙවෙයි බන්.. මගේ යාලුවෙකුට වෙන්න යන දෙයක්.. හැක්..

      Delete
  25. රතගාය ඇති නැන්දම්මල දුවලා හම්බ වුනහම ඔහොම තමා... ඔහොම යන් .. ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ඇතුවත් බැරි නැතුවත් බැරි නැන්දම්මා..

      Delete