Tuesday, June 27, 2017

බැච් මේට්ගේ මොණර නැටුම 18+




අම්බලන්ගොඩයාගේ කම්මැලිකම සහ ටීවී සීරීස් බැලිල්ලට තියෙන රුචිකත්වය නිසා පහුගිය ටිකේ බ්ලොග් ලිවිල්ල සෑහෙන්න අලවෙලා තිබුනා කිව්වොත් තමා හරි. ඒත් අහම්බෙන් මුහුණු පොතේ සිදුවෙච්ච සිදුවීමක් මේ ලියවෙන පෝස්ටුවට ඔක්සිජන් සැපයුවා කිව්වොත් තමා නිවැරදි. පෝස්ටු කීපයක්ම භාග භාග ලියවෙලා බ්ලොග් අඩවියේ අල වෙවී තිබුනත් එව්වා සම්පූර්ණ කරලා පබ්ලිෂ් බොත්තම ඔබන්න ගොඩයාගේ කම්මැලිකම තදින්ම හරස්වුනා. ඔය ටීවී සීරීස් කියන එව්වත් ලෝක ස්භාවයට යටවෙලා අනිත්‍ය දහමට හිස නමාගෙන කවදාක හරි අවසාන වෙන නිසා පහුගිය සති අන්තය තදින්ම අලවෙන්න තමා නියම වෙලා තිබුනේ. කොටින්ම කියනවානම් ඒක නිකම්ම නිකම් අලවීමක් නොවෙන අල ගෝනියක් වෙන කාලගුණ තත්ත්වයක්. ඔන්න ඉතින් වෙන කරන්නම වැඩක් නැති නිසා ගොඩයා මුහුණු පොත පැත්තේ රවුමක් දැම්මා කියමුකෝ. ඒ බුකිගතවීමේ ප්‍රතිපලයක් විදිහට තමා ආතල් කෝටියක් සපයන පෝස්ටුවක් දැකල ගොඩයා එතැන මදකට නැවතෙන්නේ . 

ඔය කියන පෝස්ටුව දාල තිබුනේ ගොඩයාගේ පාසල් සගයෙක් වෙච්චි හාදයෙක්. මේ කියන හාදයා කව්ද කියලවත් අම්බලන්ගොඩයට මතක තිබුනේ නැතිවුනත්, මීට අවුරුදු ගණනාවකට කලින් ගොඩයාගේ මුහුණු පොත් ගිණුමට ආපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් නිසා තමා ගොඩයා දැනගත්තේ මේ කව්ද කියන එක. ගොඩයා සාමාන්‍යයෙන් නොදන්නා අයවලුන් මුහුණු පොත වෙත එකතු කරගන්නේ නැති නිසා, නොදන්නා කෙනෙකුගෙන් ලැබෙන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්  දැකපු ගමන් ගොඩයා කරන්නේ අතරමැද ඉන්නා දන්නා කියන මියුචුවල් ෆ්‍රෙන්ඩ් හාදයෙකුගෙන් "මූ  මොකාද බං" කියලා විමසන එක. අන්න ඒ ක්‍රියාවට ප්‍රතිපලයක් විදිහට කරපු විමසුමට උත්තර ආවේ " ඔය මචං අපේ ක්ලාස් වල හිටපු අහවලා.. දැන් ඌ දොස්තර කෙනෙක්" කියන උත්තරේ.

ප්‍රතිපත්තියක් විදිහට ෆ්‍රෙන්ඩ්  රික්වෙස්ට් එක එවන කෙනා කොතන හරි සම්භන්ධයක් තියෙන කෙනෙක්නම්, සහ දන්නා කියන කෙනෙක්නම් ගොඩයා කරන්නේ බොහොම ආචාරශීලී විදිහට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක අනුමත කරන එකයි. මොකද කියනවනම් එහෙම නොකර ඉන්න හේතුවක් නැති නිසා. ගොඩයා හා සමවයස් කාණ්ඩයේ අධ්‍යාපනය හදාරපු, ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට සුදුසුකම් ලැබුවාවූ අයවලුන් ගොඩයා පුද්ගලිකව දන්නා නිසා ඔය කලින් කරපු විමසුමේදීම කියවුන කාරණයක් තමයි, මේ කියන මුහුණුපොත් මිත්‍රයා විදේශ රටකින් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇවිත් ලංකාවේ රෝහලක සේවය කරන කාරණයත්.

වෘත්තීය කියන කාරණය මිත්‍රකමකට කොහෙත්ම අදාළ නැති නිසා, මේ කියන පුද්ගලයා දොස්තරද කොන්දොස්තරද කියන කාරණාව, ගොඩයාට කොහෙත්ම අදාළ කාරණාවක් වෙන්න විදිහක් නෑ. ඒත් වසර කිහිපයකට කලියෙන් සිදුවූ එම පුද්ගලයාගේ බුකියාගමනයෙන් පසු  අද දක්වාම, එම පුද්ගලයා සමග කිසිදු ආකාරයක පුද්ගලික සම්බන්ධයක් පවත්වන්නට ගොඩයාට අවශ්‍යතාවයක් ඇතිවුනේ නැහැ. අඩුම තරමේ එම මිත්‍රයා පල කරන ෆේස්බුක් පෝස්ටුවක් ගැනවත් ගොඩයාගේ විශේෂ අවධානයක් තිබුනේ නැහැ. මොකද බුකිගතවෙලා ඉන්න මිත්‍රයින් සියල්ලටම ගොඩයා විසින් පිරිනැමුවේ සමතැන. 

අම්බලන්ගොඩයා වෛද්‍ය වෘත්තිකයින් සමග රැකියාව කලේ එක්දහස් නවසිය අනූ හතේ කාලයේ හිටං නිසා ගොඩයාට වෛද්‍ය වෘත්තිකයින්ගේ ඇසුර  අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා වෛද්‍ය වෘත්තිකයින් ගැන ලියනවානම් ලියන්න තියන කතා ගොඩයාගේ මතකයේ බොහෝමයි. ත්‍රස්තවාදී කෝලාහල පැවති කාල වකවානුවේ ගොඩයා අනුරාධපුරෙන් උඩහට සහ දුෂ්කර පලාත්වල සේවයට යද්දී නවාතැන් සැපයුනේ බොහෝවිට රෝහලේ වෛද්‍යතුමෙකුගේ නිල නිවසේ. මොකද කියනවනම් ඒ පලාත්වල නිවාඩු නිකේතන කියන සුන්දර නමින් හැඳින්වෙන කාමර කුලියට දෙන අසුන්දර ස්ථාන බොහොම විරල නිසා. එවන් රාත්‍රීන් වලදී වෛද්‍යතුමන්ලා මධුවිතක් තොලගාන්නට ගොඩයාට අරාධනා කිරීමත්, සමහරක් දිනවලදී සිදුවන සිදුවීමක්.  

එක්තරා රාත්‍රියක ඔය වගේ මධුවිතක් තොලගාමින් ඉන්න වෙලාවක තමා මේ කියන සිදුවීම සිද්දවුනේ. මේ කියන රෝහල තිබුනේ කොටි කටක කිව්වොත් තමයි හරියටම හරි. ඒ පලාතට යාම කොයිතරම් අවදානමද කියල කියනවානම් ගොඩයාගේ කොම්පැනි වාහනය අතරමැද රෝහලක ගාල් කරලා, රෝහලෙන් එවන ගිලන් රථයෙන් තමයි අදාළ රෝහල වෙත ගොඩයා ප්‍රවාහනය කෙරුනේ. ඒකට හේතුව උනේ ගිලන් රථයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ අවදානම ඉතාමත්ම අඩු අගයක් ගැනීම. 

මේ කියන නිල නිවාසය දොස්තරවරු සහ එම රෝහලේම සේවය කරන අනෙකුත් පිරිමි වෘත්තිකයන් ලැගුම්ගන්නා ස්ථානයක් කිව්වොත් තමයි නිවැරදි. රාත්‍රී කාලයේදී රාත්‍රී සේවා නොකෙරෙන උදවිය එකතුපහදුවෙලා පුංචි පහේ මාධු සාදයක් පවත්වන්න ලොකු දොස්තර මහත්මයා සුදානම. සාදය පැවත්වෙන අතරේ එතනම ලැගුම් ගන්නා වෙනත් වෛද්‍යතුමෙක් රාත්‍රී සේවා මුරය වෙනුවෙන් පිටත්ව යන්නේ ඔන්න ඔය අතරේ. එතුමා පිටත්වගිය වහාම, මධු සාදය පැවැත්වෙන වට මේසයෙන් නැගිටගන්නා ලොකු දොස්තර මහත්මයා එතැන ඉන්න අයෙක් අමතලා කියනවා මෙන්න මෙහෙම්..

මුරුගේසු... කතාකරනවා ඔය පාරේ යන මනුස්සයෙකුට...

ඕන්දයි ෂර්... කියාගෙන එලියට යන මුරුගේසු පැමිණෙන්නේ පාරේ ගමන් කරමින් ඉන්න තවත් ද්‍රවිඩ ජාතිකයෙක් කැඳවාගෙන..

නම මොකක්ද... ලොකු දොස්තර මහත්තයා අහනව...

වේලු ෂර්...

ළමයි ඉන්නවද වේලුට ..

අතරක් තමා ඉන්නවා ෂර්..

හොඳයි... එහෙනම් වේලු මෙන්න මේ පාර්සලේ සොසේජස් වගයක් තියෙනවා.. ගෙදර ගිහිං හාමිනේට කියල ළමයින්ට හදල දෙන්න..

පෙරිය ෂන්තෝශම් ෂර්...

හොඳයි එහෙනං වේලු යන්න..

ඔන්දයි ෂර්...

උනේ මොකක්ද කියලා ගොඩයට පැහැදිලි නැති නිසා ලොකු දොස්තර මහත්තය සිද්දිය ගොඩයා වෙත පැහැදිලි කෙරෙන්නේ ඉන් අනතුරුව.

අර මෙහෙ ඉඳල ඉස්පිරිතලේට ඩියුටි ගිය දොස්තර ඉන්නවනේද.. අන්න එයාගේ තමයි ඔය පිටිපස්සේ බැඳලා ඉන්න බලු නාම්බා.. මේ පිස්සු මනුස්සයා අර බල්ලට කන්න දෙන්න දවසගානේ මස් මාළු උස්සන් ඇවිත් ෆ්‍රිජ් එකේ දානවා.. ඒ උනාට අසරණ මනුස්සයෙකුට පාන් කෑල්ලක් කන්න රුපියලක් දෙන්න ලෝභයි.. මේ ඉස්පිරිතාලෙ අවට ඉන්නේ එදාවේල කන්න නැති මිනිස්සු බං. බල්ලට කන්න දෙනවට වඩා නරකද බං අසරණ මනුස්සයෙකුට කන්න දුන්නාම. උගේ බලු නකුට්ටා තුන් වේලම හොඳට කනවා දෙන ඕනෑම දෙයක්.. ඒත් මේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න එන මිනිස්සු සමහර වෙලාවට දවසට කන්නේ එක වේලයි බං.. ඒ මනුස්සයෙකුට තේ වතුර එකක් බොන්න කියල රුපියල් දහයක් සාක්කුවට දාන්න හිතෙන්නේ නැති මූ මේ බලු නකුට්ටේකුට තුන්වේලට හැම් බේකන් කවන එක සාදාරන නැහැ බං.. 

දැන් උදේට ඇවිත් හොයයිනේ ඩොක්ටර්...

හොයද්දෙන් බං .. හෙව්ව කියල  ඌ මගෙන් අහන්නේ නැහැනේ .. ඒ හින්ද හොයල ඉවරවෙලා නිකං ඉඳියි වෙනද වගේම..

අල්ලාප සල්ලාපයෙන් මධු බඳුන අඩිය වෙත ළංවෙද්දී උනත් එතන හිටපු එක් අයෙක්වත් දොස්තරට මචන් ඩොක්ටර් කියල ඇමතුවේ නැහැ. ඒත් ඩොක්ටර් මධු සාදය ඇමතුවේ බං මචං භාෂාවෙන්.. එතන තිබ්බේ වෘත්තීය ගෞරවයට වඩා එහා ගිය මනුස්සකමේ ගෞරවය කියලයි ගොඩයාගේ අදහස. 

ඒ කාලේ සමහරක් අත්‍යවශ්‍ය යන්ත්‍ර අලුත්වැඩියා වෙනුවෙන් ගොඩයාට දුරබැහැර ප්‍රදේශ වලට යන්න කොම්පැනි වාහනේ නැතුව ගමන දවසින් දවස කල් යද්දී උතුරු මැද පළාතේ ඉඳන් සහ උතුරු පළාතේ ඉඳන් තමුන්ගේ පුද්ගලික වාහනේ කොළඹට තනියම එලවාගෙන ඇවිත් ගොඩයා සහ අවශ්‍ය අමතර කොටස් තමුන්ගේ රෝහල වෙත රැගෙන ගිය දොස්තර මහත්තරුත් ඒ කාලේ උන්න. ඒ වගේම ගොඩයා කොටි කටවල්වල යන්න වෙන රාජකාරීන් වලදී ගොඩයාව තනියම ඇම්බියුලන්ස් රථයේ යවන්නේ නැතුව, අදාළ රෝහල වෙත පිටත්ව යන ගොඩයා සහ රියදුරාගේ තනියට ඇම්බියුලන්ස් එකේ ගොඩවෙලා ගියපු දොස්තරලත් ඒ කාලේ ඒ පැතිවල උන්නා. දැනුත් ඒ වෛද්‍යතුමන්ලා තමුන්ගේ ඇඟේ තියන අන්තිම ශක්තිය බිංදුව දක්වා කොහේ හරි රෝහලක ලෙඩ්ඩු වෙනුවෙන් වැයකරනවා ඇති කියලයි අම්බලන්ගොඩගේ අනුමානය. ඒ වගේ වෛද්‍යවරු රටකට වාසනාවක් නෙවෙයිද මං අහන්නේ..

රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා රෝහලක දන්ත වෛද්‍ය සායනයේ අත්‍යවශ්‍ය උපකරණ සතියකට වතාවක් ක්‍රියාවිරහිත වෙන තත්වයක් යටතේ ගොඩයා සේවය කරපු කොම්පැනියට බාල බඩු විකුනලා යන චෝදනාවක් ආවා කියමුකෝ. මේ අමන දොස්තරයා කරන්නේ ඉස්පිරිතාලේ තියන යන්ත්‍ර ක්‍රියාවිරහිත කරලා ඒ උන්දෑගේ පුද්ගලික සායනයට ලෙඩ්ඩු පොම්ප කරන එක.

අදාළ යන්ත්‍ර අලුත්වැඩියා කරලා කරලා කරලා බැරිම තැන ගොඩයාට සිද්දවුනා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ඉහලම ඉහ.............ලම නිලධාරියෙකුට දුරකතනයෙන් අමතලා කියන්න " ඉස්පිරිතාලෙට පාරෙන් එහා පැත්තේ තියන, ඉස්පිරිතාලේ දත් දොස්තර මහත්තයාගේම පුද්ගලික සායනය වහපු දවසට ඉස්පිරිතාලේ යන්ත්‍ර කැඩෙන එක නවතියි" කියල කියන්න. අන්න ඒ දුරකථන ඇමතුමෙන් පස්සේ ඒ රෝහලේ උපකරණ කැඩුනානම් කැඩුනේ බොහොම කලාතුරකින්.. හැබැයි ඒ දොස්තර මහත්තයට පුදුම හැකියාවක් තිබ්බ යන්ත්‍ර ස්භාවිකව කැඩෙනආකාරයෙන් ක්‍රියාවිරහිත කරන්න. Hydraulic පීඩනය නවතාගෙන ඉන්න වෝල්ට් විසි හතරේ සොලොනොයිඩ් ස්විච වල තියෙන කොයිල් පිච්චිලා යන්නේ හරියට වෝල්ට් තිස්තුන්දාහෙන් වැඩ කරන එව්වා ගානට. කර්මාන්ත ශාලාවේදී එකින් එක කිලෝ තුන්සීයක් බර එක්ක එක දිගට පැය දෙකක් ක්‍රියාත්මක කරවලා තත්වය මැනලා එවන දන්ත ශල්‍ය පුටුවල Hydraulic බට පැපොල් බට වගේ පැලීල යන්නේ මාසෙකට දෙතුන් වාරයක්.. ගොඩයට එව්වා හදන්න ගියාම හිතුනේ දොස්තර මහත්තයා අහල පහල කිරි දෙන්නුන්ගේ දත්වත් ගලවනවද කියල. මොකද කියනවනම් කිලෝ තුන්සීයට වඩා බර මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල ගොඩයට හිතාගන්නවත් බෑ. අන්න ඒ දක්ෂතාවයට ඒ දොස්තර මහත්තයට වෙනම සම්මානයක් දෙන්න ඕනි කියලයි ගොඩයාගේ අදහස. 


ඊළඟට තව දොස්තර සිද්දියක්.. දවසක් බොහොම හදිසියේ ගොඩයට සිද්දවුනා එක්තරා ශික්ෂණ රෝහලක නේවාසිකව ඉන්න ඥාති කෙනෙකුට රාත්‍රී කෑම එකක් ගෙනිහින් දෙන්න. ඒ සිද්දියට හේතුවුනේ ගොඩයාගේ ඥාතියා රැකියා ස්ථානයේදී අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කිරීමත්, අදාළ ඥාති නිවසට පණිවුඩය ලැබෙනාවිට සවස රෝගීන් බැලීමේ කාලය ඉකුත්ව ගිහින් තිබීමත් නිසාත්. ඒ දුෂ්කරතාවයට සහනයක් විදිහට ගොඩයා යනවා ඥාතියාට බත් පත ගෙනිහින් දෙන්න. ගොඩයා එවකට දැරූ තනතුර අනුව ගොඩයා සතු හැඳුනුම්පතෙන් ඕනෑම වෙලාවක රෝහලකට ඇතුල් වීම කිසිම අසීරුවක් නැතුව කරන්න පුළුවන් දෙයක් වීම නිසාම තමයි, ඥාති නිවසෙන් ගොඩයාගේ සහය පතන්නෙත්.

රාජකාරී හැදුනුම්පතක් තිබු පමණින් රාජකාරී නොවන කටයුත්තකට රෝහලක වාට්ටුවකට අවේලාවේ ඇතුළුවීම බොහොම ආචාරශීලීව කල යුත්තක්. ඒ ආචාරශීලීභාවයට හිස නමලා ගොඩයා අදාළ වාටුවේ වෛද්‍යතුමා පළමුව හමුවෙලා හැදුනුම්පත පෙන්නලා තමුන් ආ කාරණය පැහැදිලිකලාම වෛද්‍යතුමා කිසිම ප්‍රශ්නයක් නැතුව බත් පත ඥාතියා වෙත ලබාදීමේ අවසරය ගොඩයා වෙත හිමිවෙනවා. ඔන්න දැන් ගොඩයා බත් පත ඥාතියාට දීල ආපහු වාට්ටුවෙන් පිටතට එන්න එනවා කියමුකෝ.. ඊළඟට වෙන සිද්දියේ දෙබස මෙන්න මෙහෙමයි..

මේ හලෝ.. ඔහොම නවතිනවා...

පස්ස හැරිලා බැලින්නම් වෙද නලාවක් කරේ පැළඳගෙන ඉන්න තරුණ දොස්තරවරියක්.. 

ඇයි ඩොක්ටර්..

තමුන්ට පෙන්නේ නැද්ද මේ වෝර්ඩ් එකට සෙරෙප්පු දාගෙන එන්න එපා කියල බෝර්ඩ් එකක් ගහල තියෙනව..

කෝ ඩොක්ටර් මම දැක්කේ නැහැනේ..

අර තියෙන්නේ.. ඇස් පේන්නේ නැද්ද ..

ගොඩයා බෝර්ඩ් එක දිහා බැලුවාම ඒක බිත්තියේ ගහල තියෙන්නේ වාට්ටුවේ ඇතුල් පැත්තේ.. ඒ කියන්නේ ඒ බෝර්ඩ් එක පෙන්නේ වාට්ටුවට ඇවිල්ල යනකොට..

ඉතින් ඩොක්ටර් බෝර්ඩ් එක ගහල තියෙන්නේ වාට්ටුවේ ඇතුලේ පැත්තෙනේ.. ඉතින් ඕක පේන්නනම් වාට්ටුව ඇතුලට එන කෙනෙකුගේ ඔලුවේ පිටිපස්සේ ඇස් තියෙන්නෙපැයි..

කට වැඩියි තමුන්ගේ.. අවේලාවේ වාට්ටුවට ආව මදිවට එනවා මෙතන කටගහන්න..

දැන් ගොඩයාගේ ඉවසීම අහවර වෙන්න ඔන්න මෙන්න.. ඒ නිසා ගොඩයා දොස්තර නෝනාගෙන් අහනවා ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට..

ඉතින් ඩොක්ටර් ඔයාත් සෙරෙප්පු දාගෙනනේ ඉන්නේ.. ඉතින් මම දාගෙන හිටියට මක් වෙනවද..

මේ හලෝ..අපි අපේ ගෙදරින් කාර් එකේ නැගල එන නිසා අපේ සෙරෙප්පු සපත්තුවල විෂබීජ නැහැ කියල අපි දන්නවා..

ඉතින් ඩොක්ටර් මමත් එහෙම තමයි.. මමත් මගේ ගෙදරින් කාර් එකේ නැගලා ඇවිත් තමා මෙතනට ආවේ..

මේ හලෝ තමුන්ලා පාරවල් වල අයින්වල වාහන නවත්තලා එද්දී මොන මොන විෂබීජ මේක ඇතුලට ගේනවද කියල තමුන් දන්නවද..

අයියෝ නැහැ ඩොක්ටර්.. මමත් ඔයා කාර් එක නවත්තපු තැනම තමා කාර් එක නවත්තල ආවේ.. 

මේ අයිසේ බොරු බේගල් ඇදබාන්න නැතුව ඉන්නවා.. අල්ලලා දෙනවා මම තමුන්ව රෝහල් පොලිසියට දන්නවද..

මේ හලෝ ඩොක්ටර්.. මමත් අර ඉස්සරහ ගේට්ටුවේ ඉන්න සිකුරිටිට මගේ ඔෆීෂියල් අයි ඩී එක පෙන්නලා මගේ වාහනේ, තමුන් වාහනේ නවත්තන තැනම නවත්තලා තමා මෙතනට ආවේ.. ඒ නිසා තමුන්ට මේක ඇතුලේ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න අයිතිය තියෙනවනම් මටත් ඒ අයිතිය තියෙනවනේ.. මීට පස්සේ වාටුවට එන මිනිස්සුන්ට පේන්න දැන්වීමක් දානකොට ඒක වාට්ටුවේ එළියේ බිත්තියේ අලවන්න ඩොක්ටර්.. මොකද වාටුව්ට ඇවිල්ල යද්දී පිටවෙනකොට මේ දැන්වීම දැක්කම ඉතිං අපිට සිද්දවෙන්නේ ගෙදර යද්දී සෙරෙප්පු දෙක වාට්ටුවේ තියල ගෙදර යන්නනේ..

ඔන්න එතකොට තමා දොස්තර නෝනා, දොස්තරකම අමතක කරලා ගැහැනුකමට උපතින්ම හිමිවෙන ගැස්සිල්ලක් දාල, හුහ් ගාල නාහෙන් පිඹලා එතනින් මාරුවුණේ..දොස්තර නෝනා පිම්බ පිඹිල්ලට අම්බලන්ගොඩයට හිතුනෙම දොස්තර නෝනගේ නාස්පුඩු දෙක ගැලවිලා ගාලුපාරට විසික්වුනා කියලමයි.

ඊළඟ කතාවත් සෙරෙප්පු කතාවක් උනාට ඒකෙ ප්‍රතිචාරය වෙනස්.


එක්තරා දිනයක ගොඩයා සමග රාජකාරියේ යෙදුන සහෝදර සේවිකාවකගේ දරුවා හදිසි අසනීප තත්වයක් උඩ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුනා. දරුවා දැඩි සත්කාර ඒකකයේ ටික දිනක් ඉඳල යම්තාක් සුව අතට හැරුනායින් අනතුරුව ගොඩයා ඇතුළු කීපදෙකෙන් දිවා විවේකයේදී යනවා මේ දරුවා බලන්න. මේ යන්නේ රැකියා ස්ථානයේ වාහනයක නිසා ලෝකප්‍රසිද්ධ මහාචාර්යවරියකුත් ඒ වාහනේම යනවා මේ දරුවා බලන්න. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නීතියට අනුව පාවහන් ගලවා ඇතුළුවියයුතු නිසා ගොඩයා ඇතුළු පිරිස එකවර දෙදෙනා බැගින් ඇතුලට යනවා සහෝදර සේවිකාවගේ දරුවාගේ සුවදුක් විමසන්න. ගොඩයා ඇතුලට යන වාරයේදී ගොඩයා සමග ඇතුලට යැවෙන්නේ මේ කිව්ව මහාචාර්යවරිය වුනත් මහාචාර්ය කම නිසා එතුමිය පාවහන් නොගලවා ඇතුලට පියමනින අල්ලපනල්ලේ ගොඩයා රෝහලේ නීතියට හිසනමා සපත්තු කුට්ටම් එළියේ තබා මේස් දෙක පිටින් ඇතුලට පියනගනවා. ඔන්න එතකොට තමයි දොස්තර වරියක් අප දෙදෙනා ඉදිරියට පැමිණෙන්නේ..

එළියේ බෝර්ඩ් එකක් දාල තියනව අයි සී යූ එක ඇතුලට සෙරෙප්පු දාගෙන එන්න එපා කියල.. ඇයි සෙරෙප්පු දාගෙන අවේ..

මම ප්‍රොෆෙසර් අහවලා...

සොරි මැඩම්..අයි කාන්ට් අලව් යූ ටු ගෝ ඉන්සයිඩ්... යු හැවුටු ගෝ අවුට් ඇන්ඩ් කම් බැක් විතවුට් යුවර් ෂූස්...

අන්න ඒ දොස්තර නෝනා කලින් දොස්තර නෝනා වගේ නෙවෙයි.. එයා උන්නේ බොහොම ආදර්ශමත් විදිහට උන්නේ සපත්තු ආවරණ දෙකක් දාගෙන.. ඒ දොස්තර නෝනට කොන්ද පන තිබුනා ලෝකප්‍රසිද්ධ මහාචාර්ය වරිය දැඩි සත්කාර ඒකකයෙන් එලියට එලවල දාන්න.. එහෙව් කොන්ද පන තියන උදවිය බොහොම විරලයි..

කුරුනෑගල පැත්තෙ රෝහලක දන්ත සායනය වෙත සැපයුණු උපකරණ කට්ටලය එක්ක සැපයෙන දන්ත වෛද්‍යවරයා වාඩිගන්නා ස්ටූලය නියමාකාරයෙන් ක්‍රියාකරන්නේ නැතිය යන පැමිණිල්ල විභාග කරන්න ඔය කියන රෝහලට අම්බලන්ගොඩයාට යන්නවුනා කියමුකෝ.. ගොඩයා අදාල ස්ටූලය පරීක්ෂා කරලා බලද්දී ගොඩයාගේ ඥානයට අහුවෙන රෝගාභාධයක් ඒකෙ නැහැ . ඒත් චෝදනාව ආයතනයට සහ ගොඩයා වෙතම එල්ලවෙන්න තියන ඉඩ තමයි වැඩි. අකමැත්තෙන් උනත් ස්ටූලය වැඩ නොකරන සත්තම සත්ත හේතුව දොස්තර නෝනාට කියන්නම අන්තිමේ සිද්දවුනා කියමුකෝ . ඇත්තම කියනවනම් මේක කොහොම කියනවද කියල දහස් වාරයක් කල්පනා කරලා කරලා කරලා තමා ගොඩයා දොස්තර නෝනට හේතුව කිව්වේ..

ඩොක්ටර්.. මේ ස්ටූල් එක වැඩකරන්න කිලෝ හතළිහක් බර තියෙන්න ඕන..

චූටිම චූටි දොස්තර නෝනා මුණ රතුකරන් හිනාවුනා... ගොඩයට ඉතින් දුකේ බෑ..

තව ලියන්න දොස්තර කතා බොහොමයක් තිබුනත් පඳුරු තලලා තලලා තලලා පෝස්ටුව සෑහෙන්න දිග වෙලා තියෙන නිසා පෝස්ටුවේ මාතෘකාවට උක්තවෙච්චි අපේ බැච් මේට්ගේ මොණර නැටුම සිද්දිය ලියන්න හදන්නේ..

ඔන්න මුලින්ම කියල තිබ්බ පහුගිය සති අන්තයේ සෙනසුරාද උදේ වරුවේ තමයි අපේ බැච් මේට් දොස්තර මහත්තයා මුහුණු පොතේ මොණරා නැටුමක් නටලා කියල ගොඩයාගේ ඇහැ ගැටෙන්නේ. මෙලොව උපන් ඕනෑම මනුසතෙකුට තමුන්ගේ අදහස් හෝ තමුන් යමක් ගැන දරන මතය ඉදිරිපත් කිරීමට ඇති අයිතිය මානව හිමිකමක් විදිහට ගොඩයා පිලිගන්නවා. ඒ වගේම මෙලොව උපන් ඕනෑම මනුසතෙකුට තමුන්ගේ මතය ඉදිරිපත් කිරීමේ අයිතිය තිබිය යුතුමයි. එය සර්ව සාධාරණ අයිතියක් වුනත් තමුන් ඉදිරිපත් කරනා අදහස හෝ කාරනාව සභ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ ස්වයං විනයක් දියුණු සමාජයක පැවතිය යුතුයි. එහෙම නෙවෙයිද හා..

උදාහරණයක් විදිහට කියනවනම් ඕනෑම පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක තමුන්ගේ මතය අසභ්‍ය නොවෙන ආකාරයෙන් ඉදිරිපත් කරනවානම්, එය ගොඩයාට අදාළ නොවෙනතාක්, එය නොසලකා හැරලා තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න එක අම්බලන්ගොඩයට සිම්පල්. ඒත් ඒ පුද්ගලයාම තමුන්ගේ අදහස ඉදිරිපත් කිරීමේදී සමාජ සම්මත සභ්‍යත්වයේ සීමාව ඉක්මවා යනවානම් ගොඩයා එකෙන්ම ඉදිරිපත් වෙනවා ඒ අදාළ පුද්ගලයාට තේරුම් කරලා දෙන්න තමුන් සිටිය යුත්තේ සාමාන්‍ය ජන සමාජයේ නොවෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් කියන කාරනාව. 


එතනින් එහා මේ සංවාදය ඇතුලත් ස්ක්‍රීන් ෂොට් ජාතකය සහිත  තොරන් රාජයා නරඹන්න බ්ලොග් වාසී සැමටම ඔන්න අම්බලන්ගොඩයාගෙන් ආරාධනාව.. ( මෙම තොරණේ පලවෙනි කොටුවෙන් පෙන්වන චිත්‍රයේ වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කරුණු කාරනා අඩංගු බැවින් කුඩා දරුවන් පරිඝනකය අවට ගැවසෙනවානම් දරුවන් එහා මෙහා වනතුරු සිට තොරණ නරඹන ලෙස තරයේ අවවාද කරමි.)

ඩුං ට්‍රපටප ඩුං ට්‍රප ට්‍රප
ඩුං ට්‍රපට්‍රප ට්‍රපටපටං
ඩුං ඩුඟරක් ඩුං ඩුඟරක්
ඩුං රක් රක් ඩුම්ම්ම්.......

පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ පිනවතුනී.....අපේ  බැච් මේට් දොස්තර හාදයා තමුන්ගේ හැදියාව පෙන්වන චිත්‍රය..
 මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ උන්නැහේ  තමුන්ගේ ෆේස්බුක් මිතුරන්ට තමුන්ගේ සභ්‍යත්වයේ සහ සාහසිකත්වයේ  පරිමාව පෙන්නලා තිබ්බේ .. 




ඔන්න අම්බලන්ගොඩයට අසූහාරදාහට මල පනිනවා.. මොකද කියනවනම් අපේ බැච් මේට් මිත්‍රයාට කව්රුහරි බුකි සගයෙක් එක්ක පුද්ගලික කෝන්තරයක් තියෙනවනම් මාර්ක් සකර්බර්ග් බොහොම ලෙහෙසියෙන් නොමිලේ පහසුකම සපයලා තියෙනවා පුද්ගලික පණිවුඩයක් මගින් බුකිය හරහා තමුන්ගේ අදහස් හුවමාරු කරගන්න. ඒත් අපේ බැච්මේට් හාදයා ඒ වෙනුවට කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඇයි හත් ඉලව්වේ අල්ලපු ගෙදර එකා එක්ක තියෙන කෝන්තරයකට තමුන්  මලපහ කරපු සිලි සිලි මල්ලක් උන්දැගේ මිදුලට
වීසිකරන එක තමුන්ගේ කැමැත්තක් වගේම ඒ අමන ක්‍රියාවට උගෙන් නැවකට ඉල්ලගෙන කන එක තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ..ඒ ගැන ගොඩයට විවේචනයක් නැහැ ඒක එයාලගේ පුද්ගලික ගනුදෙනුවක් නිසා... ඒත් අල්ලපු ගෙදර එකා එක්ක තියන තරහට මලපහ කරපු සිලිසිලි මල්ල අහල පහල ගෙවල් ඔක්කොටම විසික් වෙන්න ඔලුව වටේ කරකවනවානම් ඒක සාධාරණ නැහැනේ.. එහෙම උනාම අහල පහල උදවියට මල පනිනවනේ.. පිංවතුන්ට තේරෙනවනේ.. 

ඔන්න පිංවතුනි ස්ක්‍රීන් ෂොට් තෝරන් රාජයාගේ දෙවැනි කොටුව බලන්න.. ඒ කොටුවෙන් පෙනෙන්නේ මේ අමන මරි මෝඩ ක්‍රියාවට අනුකම්පා හිතුන අම්බලන්ගොඩයා විසින් දමනා ලද කොමෙන්ටුව.. ඔය වික්ටර් රත්නායකගේ ගීත කොටසේ මුල් පද පේලි හතර විතරක් ඔන්න ඔහේ ලියල දැම්ම අයියෝ තමුන්නැහේ වගේ ගොන් මරි මෝඩ රජෙක් කියන එක නොකියා ඉන්න එක ෆේස්බුක් යාලුකමකට ඔබින්නේ නැති නිසා.. (පහුගිය කාලේ වික්ටර් රත්නායක සැමගේ ද්වේශයට ලක්වුණු ගායකයෙක්වුන නිසා ඒ සිංදු කෑල්ල ලිවීම සම්භන්ධයෙන් අපේ බැච්මේට් හාදයාට කේන්ති ගියාද මන්ද.. ඒ උනාට ඔය අවුරුදු හැත්තෑව අසූව වයස්වල  ඉන්න උන්නැහේලාට තිහේ තිස් එකේ භාරියාවක් දෙන්නද ඇහුවොත් කී දෙනෙක් එපා කියයිද????? ඔන්න ඕකයි පින්වතුනි රටේ තත්වේ.. )





අනේ ඉතිං පිංවතුනි.. අම්බලන්ගොඩයාගේ කොමෙන්ටුව දාපු ගමන්ම අපේ බැච්මේට් හාදයා මෙන්න මෙහෙම රිප්ලයි කරනවා.. බලන්න පින්වතුනි ස්ක්‍රීන් ෂොට් තොරණේ තුන්වෙනි කොටුව.. 





මේ සා ගොන් මරි මෝඩ වහු පැටියෙක් බුකියේ තබාගැනීම කිසිම තේරුමක් නැති කටයුත්තක්බව ගොඩයට වැටහුනත් ගොඩයට එවෙලේම ඇතිවුන ප්‍රශ්නාර්ථය තමයි ඇයි යකඩෝ අන්ෆ්‍රෙන්ඩ්  බොත්තම තියෙන්නේ ගොඩයාගේ බුකියේ විතරද කියන එක.. මාර්ක් සකර්බර්ග් අන්ෆ්‍රෙන්ඩ්  බොත්තම ගොඩයට විතරක් දීල අපේ බැච්මේට් හාදයට දීල නැද්දවත්දෝ කියල හිතිලා ගොඩයට සකර්බර්ග් එක්කත් නප්පියටම තදවුනා.. ඇයි යකෝ එහෙම කරන එක අසාධාරණයිනේ .. මොකා උනත් ඌත් අපේ ඉස්කෝලෙට ගිය එකෙක්නේ.. 

ඔන්න ඒ අතරේ තවත් අපේ මිත්‍රයෙක් කොමෙන්ටුවක් දානව අපේ බැච්මේට් හාදයා ගැන උපන් පහන් සංවේගයෙන්.. බලන්න පින්වතුනි හතරවෙනි  කොටුව..





ඔන්න පින්වතුනි අපේ බැච් මේට් හාදයා අපේ කලින් කොමෙන්ට් කරපු හාදයට දානවා මෙන්න මේ වගේ පිළිතුරක්.. ඒ පිළිතුරේ සාරාංශය ගත්තොත් අපේ මිත්‍රයා පවසා සිටින්නේ දොස්තරවරුන්ගේ සමාජ තත්ත්වය ගැන ඉරිසියාවෙන් පැලෙන්න යන කිහිප දෙනෙකුගේ ෆේස්බුක් පොස්ට් හේතුවුනා කියල මේ වගේ අමන පෝස්ටුවක් ලියන්න.. එහෙම බැලුවාම ලංකාවේ රජයේ රෝහල් අවට ඉන්න මිනිස්සු සේරෝම ඉරිසියාවේ පැලී..........ලා මැරිලාදෝ කියලත් ගොඩයට හිතුනේ නැතුව නෙවෙයි. ඒ කෙසේ වෙතත් අපේ බැච්මේට් මිත්‍රයා කව්රුන් හෝ වෙනත් පාර්ශවයක් එක්ක තියෙන හිත අමාරුවක් අරභයා සියලුම ෆේස්බුක් මිතුරන්ට තමුන්ගේ නියම චරිත ස්භාවය පෙන්නා හිටලා.. ඒ කොමෙන්ටුවේ තේරුම තමුන්ට කුමන හෝ අරියාදුවක් කරන පුද්ගලයෙකුට කෙලින්ම අමතන්න තමුන්ගේ කශේරුකාවේ ශක්තිමත්කම මදි කියන එකද කියල ගොඩයාට නිකමට හිතුනා පින්වතුනි..  පින්වතුනි බලා..........න්ට පස්වෙනි කොටුව දිහා.....





ඔන්න පිංවතුනි මේක දැකපු අපේ බැච්මේට් හාදයාගේ මිතුරියක් හනික ඇවිත් දානවා මෙන්න මේ වගේ කොමෙන්ටුවක්... ඒ දැරිවි කියන ආකාරයෙන් එයාලට එරෙහි මත දරන්නන්  එයාව තව තවත් ප්‍රබෝධයට පත්කරනවාලු පිංවතුනි.. එයාගේ භාෂාවෙන් කියනවනම් පට්ට විදිහට බූස්ට් වෙනවලු එයාව.. ඒක දැක්කම ගොඩයාටත් හිතුන මටත් ටිකක් ඒ කියන විදිහට බූස්ට් වෙන්න තියෙනවනම් කියල... ඒත් ඉතින් එහෙම බූස්ට් වෙන්නේ කොහොමද කියල අහන්නත් මොකක්ද මොකක්ද වගේ නිසා ගොඩයා ඔන්න ඔහේ බූස්ට් වීම අමතක කරලා දැම්ම..

 ඒ ඇත්ති කියන විදිහට එයාලට එරෙහි කොමෙන්ට් කරුවන් ඔප්පු කරනවලු එයාල සමාජයේ ඉහලින් ඉන්නා උදවිය බව.. ඒ මදිවට ඒ ඇත්ති තව කියනව එයාලගේ මතයට එරෙහි උදවිය ඉරිසියාකරුවන් බවත් එයාලව අන්ෆ්‍රෙන්ඩ් නොකර ඒ උදවියගේ ඉරිසියාවෙන් විනෝද වෙන්න කියලත්.. ඒ වගේම තව කියනවා ඉරිසියා කරුවන්ට පුළුවන් සමාජජාල ඇතුලේ බුරන්නත් වමනය කරන්නත් පමණයි කියල... අහෝ පින්වතුනි එහෙම මෝඩකමක්.. සංසාරේ සංසාරේ... ඒ අත්ති ගැන මෛත්‍රී සිතින් බලන්න පින්වතුනි ඊළඟ කොටුව දිහා..





අම්බලන්ගොඩයා මුලින්ම දාපු කොමෙන්ටුව දැම්මේ මේ සංවාදය  වාදයක් කරගෙන එකිනෙකාට මඩ ගසාගැනීමේ අරමුණින් නොවෙයි . වෘත්තියයි පුද්ගලික ජීවිතයයි තෝරාබේරා ගන්නබැරුව  පඹ ගාලක පැටලිලා ඉන්න මේ සමනල් පැටවුන්ට තව සුට්ටක් මේක පැහැදිලි කරලා දීම යුතුකමක් වශයෙන් හිතල ගොඩයා දානවා මෙන්න මේ වගේ කොමෙන්ටුවක්... ඔන්න පින්වතුනි බලන්ට හත්වෙනි කොටුව ...




ඔන්න පින්වතුනි එතකොට තමා කොහේදෝ නොදන්නා දොස්තර කෙනෙක් මේ සංවාදය මැදට පැනලා ගොඩයගේ ඉහත කොමෙන්ටුවට මොකක්දෝ නොතේරෙන දෙමළයක් ලියාගෙන යන්නේ ඉංග්‍රීසියෙන්.. මුළු රටම සහ රජය තීරණය කරලාලු මේක ප්‍රශ්නයක් කියල.. මෝඩයින් විතරක් කිසිම දෙයක් දන්නේ නැතුව ඉරිසියාවට බුරනවලු බල්ලෝ වගේ... ඒක කියවාගෙන යද්දී අම්බලන්ගොඩයට හිතුනේ ඇයි යකඩෝ අපේ බැච්මේට් හාදයා බුකියේ ලියපු අසික්කිත කතාව ඒ ජුන්ඩට ආණ්ඩුවත් දැනගෙනද කියල. ඒ අතරේ ගොඩයා කලින් කොමෙන්ටුවේ ලියපු වචනෙකුත් අල්ලාගෙන මේ යෝදයා කියන කුනුහරුපේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න ගොඩයා මේ දොස්තර හාදයා ලියපු කොමෙන්ටුව කිහිප වතාවක් කියෙව්වා. අද කාලේ ෆේස් බුක් එක කියන්නේ යාළුවන්ගේ ෆෝරම් එකක් නෙවෙයිලු.. ඔන්න ඔය වගේ හතරබීරි කතාවක් කියාගෙන ගියත් මේ යෝදයා ලියන ඉංග්‍රීසි වචනත් සමහරක් එව්වා වැරදියි. මේ යෝදයා මොකක්ද කියන්නේ කියල ගොඩයා තේරුම් ගන්නේ සමහර වචන අහවල් වචනය විය යුතුයි කියන අනුමානය වශයෙන් අරගෙන. එක තැනක මේ යෝදයා කියනවා"වෘත්තීය අමනෝඥ්ඥ භාවය අනික් වාට්ටු වලට වඩා වෙනස්" වගේ හතරබීරි කතාවකුත්. මේ යෝදයා ලියල තියන සමහර ඉංග්‍රීසි කොටස් ඇතුලේ තියන සමහර වචන වල තේරුම හරියට පරිප්පුයි කෙසෙල්ගෙඩියි වගේ ගලපෙන්නෙම නැහැ. පින්වතුන් ඔන්න අටවෙනි කොටුව බලල පුළුවන් ආකාරයෙන් තේරුම් ගන්න මේ යෝදයා මේ කියන්නේ මොකක්ද කියන එක.. ඔය තියෙන්නේ කීප වතාවක් ඒ යෝදයා විසින් එඩිට් කරන ලද එක මිසක් ඔරිජිනල් එක නෙවෙයි..




ඒ අතරේම මේ සහයට දොස්තර හාදයා ගොඩයාට පිළිතුරු දාපු කොමෙන්ටුවට අමතරව යට ප්‍රධාන කොමෙන්ටු දමන තැනත් මෙන්න මේ වගේ කොමෙන්ටු දෙකකුත් දානව එයාගේ අනෙක් සගයින්ට පණිවුඩ විදිහට.. ඒ කොමෙන්ටු පහත කොටුවෙන් බලා............න්ට පින්වතුනි..






ලිව්වේ පරිප්පුයි කෙසෙල් ගෙඩියි වගේ නොගැලපෙන මල හත් ඉලව්වක් උනාට ගොඩයත් ඒ හාදයා ලියපු කොමෙන්ටුවට උත්තරයක් දානව වැරදිච්ච වචන ගැන සඳහන් නොකර. මොකද කියනවනම් ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපේ මවු භාෂාව නොවෙන නිසා ඉංග්‍රීසි වැරදීම සමච්චලයට කාරනාවක් වියයුතු නැති නෑ.. මේ යෝදයාගේ කොමෙන්ටුවට උත්තරයක් නොදා ඉන්න විදිහකුත් ගොඩයට නැහැ ඒ හාදයා කොමෙන්ටුව දැම්මේ ගොඩයාගේ කොමෙන්ටුවට උත්තරයක් විදිහට නිසා.. ඔන්න පින්වතුනි ගොඩයා විසින් දමනා කොමෙන්ටුව දහවෙනි කොටුවෙන් බලන්ට ඕන..




ඔන්න පින්වතුනි ඒ කොමෙන්ටුව දාල විනාඩි කිහිපයක් යන්න කලින් මෙන්න ආයෙත් මේ දොස්තර හාදයා දානවා තවත් කොමෙන්ටුවක්.. ඒ කොමෙන්ටුවේ සාරාංශයක් විදිහට කියවෙන්නේ "වෘත්තීය අමනෝඥ්ඥ භාවය " කියන වචනය අම්බලන්ගොඩයාට කන්න වෙන්වලුය.. එයාගේ මිත්‍රයා වෙච්චි අපේ බැච්මෙට් දොස්තර සගයා කරපු කියාව හරි කියල ඔප්පු වෙනවලු.. හත් ඉලව්වේ මේ යෝදයා මේ කියන්නේ  මහා ලොකු ස්ටේටස් තියනවා කියන සමාජයේ අනෙක් පුද්ගලයින්ට වැඩිය ඉහලින් ඉන්නවයි කියන අපේ බැච්මේට් හාදයා ප්‍රසිද්ධියේ අසික්කිත භාෂාවකින් ලොකු පොඩි සැමට එක සේ අමතපු එක එක හරි කියන කතාවක්. ඒ විතරක්නම් මදැයි..  අපේ බැච්මේට් හාදයා පුන පුනා කියද්දී "අපි ඔයාලට වඩා වෙනස් ... අපි උඹලට වඩා හෙන ඉහල තලයක ජීවත් වෙන උදවිය යාලෝස් " කියල මේ සහයට ආපු දොස්තරයා අන්තිමට කියනවා අපේ බැච්මේට් දොස්තර හාදයා දුර්වලකම් තියන සාමාන්‍ය මනුස්සයෙක් කියල.. ඒක දැක්කාම අම්බලන්ගොඩයට දුකේ බෑ අපේ එකා ගැන.. ඇයි යකෝ මෙහෙම යාලුවෝද මේ යෝදයා ආස්සරේ කරන්නේ කියල.. අපේ බැච්මේට් දොස්තර යාලුවට සහයට වගේ ඇවිත් හීන් නූලෙන් බෙල්ල කැපුවාවත්ද කියලත් අම්බලන්ගොඩයට හිතුන.. ඔන්න පින්වතුනි බලා.......න්ට ඊළඟ කොටුව ..




ඔන්න පින්වතුනි ඊළඟ කොටුවෙන් පෙනෙන්නේ ඒ යෝදයාම එක පාරටම පුංචි පහේ ශේප් කාර්ඩ් එකක් ගහගෙන සංවාදයෙන් මාරුවෙන්න යන ආකාරයක් ..




ඔන්න ඊළඟ කොටුවෙන් තමයි පින්වතුනි අමුතු ආකාරයේ සිදුවීමක් සම්භන්ධයෙන් අම්බලන්ගොඩයා තමුන්ගේ විමසිලිමත්භාවය ටිකක් සුසර කරලා මේ සංවාදය දිහා බලන්නේ.. ඔන්න එතකොට අම්බලන්ගොඩයාගේ ඥානයට වැටහෙනවා ඔය සහයට දොස්තර උන්නැහේ පළවෙනියට දාපු කොමෙන්ටුවේ තිබ්බ හතරබීරී ඉංග්‍රීසි වචන ටිකක් එඩිට් කරලා කියල.. තමුන්ට වැරදියට ලියවෙච්චි වචනයක් නැවත සෑදීම මහා ලොකු දෙයක් නොවුනට ඒබව ගොඩයා දැනුවත් උනා කියලා කියන්න ගොඩයා මෙන්න මේ කොමෙන්ටුව දානව ඊළඟ කොටුවෙන්..




ඔන්න ඊළඟට පින්වතුනි මේ කියන දෙවැනි සහයට දොස්තර මහත්තයා දාපු කොමෙන්ට් දෙකම එක පාරටම පෝස්ටුවෙන් නොපෙනී යනවා කියමුකෝ.. දැන් පෝස්ටුව බලන කෙනෙකුට පෙනෙන්නේ අම්බලංගොඩයා පිස්සුවෙන් කොමෙන්ට් දාපු විදිහට.. මේ කියන සහයට දොස්තර හාදයා හිතාන ඉන්න ඇත්තේ අම්බලන්ගොඩයා යනු  උන්නැහේගේ යාලු මිත්‍රයා වගේ ගොන් මැට්ටෙක් කියලා වෙන්ටෑ.. ඒ නිසා එතුමා ප්‍රබෝධයටපත්කරනුවස් අම්බලන්ගොඩයා ඊළඟ කොමෙන්ටුව මෙන්න මේ ආකාරයෙන් ලියල දානවා.. බලන්න පිංවතුනි 
ඊළඟ කොටුව.. 




ඔන්න පිනවතුනී ඊළඟට මේ සහයට දොස්තර මහත්තයා වැරදි ඉංග්‍රීසි ලියපු කොමෙන්ට් දෙක තුනම මකාගෙන බුකියෙන් මාරුවෙනවා කියමුකෝ..ගොඩයා සියලුම සංවාද කොමෙන්ට් වල ස්ක්‍රීන් ෂොට් අරගෙන කියල දැනගත්තාම සහයට දොස්තර මහත්තයා දැනගන්නවා හැමෝටම ගහන ඉන්ජෙක්ෂන් එක අම්බලන්ගොඩයට ගහන්න ගිහින් වැඩේ වැරදිලා කියල.. සහයට දොස්තර මහත්මයා අවසාන කොමෙන්ටුව දමල පැය පහ හයකට පස්සේ මතුවෙනවා එතුමා හදිසියේ ෆේස් බුක් එකවුන්ට එක Deactivate කරාය කොමෙන්ට් මැකුවේ නැහැය, ඒ හාදයා ලියපු වැරදි ඉංග්‍රීසි ලිව්වේ මේ කාරනාව සම්භන්ධයෙන් ඒ තරම් ඇල්මක් නැති නිසාය, බුකියේ ලියන ඉංග්‍රීසි වලින් සාමාන්‍ය ජීවිතයේ නිරවද්‍යභාවය මනින්න බැහැය, අම්බලන්ගොඩගේ බුද්ධිමත්භාවයේ පරිමාව ගැන කනගාටු වෙනවාය, හිංසා කිරීමෙන් තවතවත් සන්තෝසය ලබන්නය, ගොඩයා සමග සංවාදයේ යෙදීමෙන් ඒ උන්දෑගේ කාලය නාස්ති කරගත්තාය කියාගෙන.. අන්තිමට සහයට දොස්තර මහත්තයා කියනවා ඵල ඇති රුකටලුනේ  ගල් ගහන්නේය කියන කතාවකුත්.. කතාවේ මුල් එව්වට පස්සේ උත්තරයක් ලියන්න හිතන අතරේ අම්බලන්ගොඩයාට හිතුනෙම මේ වගේ මෝඩ මරි එවුන්ට කියන්නේ ගෙඩි තියන ගස්  කියලනම් තැන නොතැන නොබලා තමුන්ගේ අමනකම පෙන්වන මේ වගේ වල් පඳුරු වලට ගල් ගහලා මිනිස්සු කුමන ආකාරයේ ඵලයක් නෙලන්නද කියල. ඕන් පිංවතුනි ඊළඟ කොටුවෙන් ඒ විස්තරේ..




තමුන්ගේ මිත්‍රයා ප්‍රසිද්දියේ අසභ්‍ය වචනයෙන් තමුන්ගේ අමනකම ලෝකයාට පෙන්වීම සාධාරණීකරණය කරපු සහ තමුන්ගේ වරද වංචාවෙන් යට ගසාගෙන බාහිර  පාර්ශවයන් රැවටීමට ලක්කරන්න හදන මේ වගේ මෝඩයින් එක්ක සංවාද කරන එක තේරුමක් නැහැ කියල අම්බලන්ගොඩයා ඊළඟ කොමෙන්ටුව දාල සංවාදයට නැවතීමේ තිත තියනව.. ඔන්න පින්වතුනි ඒ දීර්ඝ කොමෙන්ටුව ඊළඟ කොටු කිහිපයෙන්.. 










මෙන්න පින්වතුනි ඊළඟ කොටුවෙන් තමයි පෙන්නේ සහයට දොස්තර මහත්තයා  ෆේස්බුක් එක Deactivate කරලා තියෙද්දී අද්බුත බලයකින්දෝ පළමු කොමෙන්ට් නොපෙනී යද්දී ඒ උන්නැහේට ඉවත් කරන්න අමතක වෙච්චි කොමෙන්ට් දෙක..




අන්තිමේ තවත් කොමෙන් කරුවෙක් කොමෙන්ට් කරනවා කෙලින්ම ගොඩයාව අමතලා " මුන්ට මේවා කියල දෙනවාට වඩා හොඳයි වහු පැටවූ දෙන්නෙක් අල්ලාගෙන අවකලනය උගන්වන්න උත්සහ කරන එක" කියලා.. ඒ කොමෙන්ටුවේ ස්ක්‍රීන් ෂොට් එක ගන්න අම්බලන්ගොඩයාට නොහැකිවුනා ඒ වෙලාවේ අම්බලන්ගොඩයා වෙනත් වැඩක හිටපු නිසා.. ලංකාවට සඳුදා වෙද්දී අම්බලන්ගොඩයාට බැච්මේට් දොස්තරගේ බුකිය නොපෙනෙනා ආකාරයෙන් තහංචි පැනවුනා.. මාර්ක් සකර්බර්ග් අපේ බැච්මේට් හාදයාට අන්ෆ්‍රෙන්ඩ් බොත්තම දීලද කොහෙද ගොඩයාගේ බුකි යාලු මිත්‍ර ලැයිස්තුවෙන් බැච්මේට් දොස්තර නොපෙනී ගියා. 

 අපේ බැච්මේට් දොස්තර හාදයා එයාලගේ අමනකම සහ මෝඩකම ලෝකයාට පෙන්වන කොමෙන්ට් සියල්ලම මකා දමලා එයාලාට ප්‍රබෝධය ගෙනදෙන කොමෙන්ටු පමණක් ඉතුරු කරගෙන මේ තොරණ වෙනස් ආකාරයෙන් ඒ උන්දැගේ බුකියේ ප්‍රදර්ශනයට තබලාය කියන පණිවුඩය අම්බලන්ගොඩයාට එවන්නේ මියුචුවල් ෆ්රෙඩ්ස් තනතුරේ ඉන්න හාදයෙක්. අන්න ඒ වෙලාවේ තමයි අම්බලන්ගොඩයා තීරණය කරන්නේ මේ අමන ක්‍රියාව ලෝකයාටම පෙන්වන්න බ්ලොග් පොස්ට් එකක් ලියන්න.. 

අපේ බැච්මේට් දොස්තරගේ අමන ක්‍රියාව පැත්තක තියලා සහයට ආපු දෙවැනි දෙස්තර මේ ලියපු කොමෙන්ටුවෙන් කියන්නේ එයාලට  එහෙයි නොකියන ගොඩයා වගේ උදවියට අසනීපයක් උනාම බෙහෙත් කරන්න එපා කියන එකද කියන එක ගොදයාට මාර ප්‍රශ්නයක් අප්පා.. 




 එහෙම බැලුවාම බස් ගැමුණු මීට වඩා සාධාරණයි කියල ගොඩයාට හිතෙනවා.. මොකද කියනවනම් බස් ගැමුණු අහිංසක මගීන් මහමග රස්තියාදු කරලා තමුන්ගේ සාක්කුවේ වාසිය හෙව්වට බස් කොන්දොස්තරලාට කියන්නේ නැහැ බස් වර්ජනයට විරුද්ධ මගීන් පහුවදාට බස් එකට ගන්න එපා කියල.. එහෙම තර්කයක් ගොඩනැගුවොත් බස් ගැමුණුගේ අධ්‍යාපන මට්ටම අපේ සහයට දොස්තරගේ අධ්‍යාපන මට්ටමට වඩා ඉහලින් තියෙනවාදෝ කියලත් ගොඩයාගේ ඔලුවේ ප්‍රශ්නාර්ථයක් තියෙනව..




දැන් කියමුකෝ මේ පොස්ට් එකට මොනර නැටුම කියන නම ගෑව්වේ මොකද කියල..


මොනරා කියන්නේ පිල්විදහාගෙන නටනකොට බොහොම ලස්සන සතානේ . ඒ උනාට ඔය මොනර නැටුම බහුතරයක් මිනිස්සු දකින්නේ ඉස්සරහින් විතරයි.. ඕක පිටිපස්සෙන් බැලුවොත් තමා දකින කෙනාට පේන්නේ යකඩෝ මූ ඉස්සරහ පැත්තෙන් මාර හැන්ඩ්සම් සතා උනාට පස්ස පැත්තෙන් ඔක්කොම හෙළුවෙන් නේද කියන එක.. අන්න ඒ සීන් කොන් එක දැක්කොත් ආයේ අපේ ගෑල්ලමයි එහෙම දුවන්නේ ඊ...............ක්  ගාගෙන.. ඒ වගේම තමා අපේ බැච්මේට් දොස්තර මිත්‍රයාගේ ක්‍රියාවත්..

ඒත් ඉතින් අපේ බැච්මේට් දොස්තර හාදයා සමාජවාදී රටකින් දොස්තරකම ඉගෙනගෙන ඇවිත් ලංකාවේ රජයේ රෝහලක දොස්තර උනේ උගේ තියන දක්ෂකමටනේ . කාක්කගේ කුඩුවේ කොහා බිත්තර දැම්ම වගේ ඔව්ව ඇතුලේ තියන පක්ෂ භේද , ජාති භේද, කුල භේද, විදේශීය දොස්තර භේද ගැන ගොඩයා දන්නේ අපේ බැච්මේට් මිත්‍රයා දොස්තර වෙන්න හුඟ කාලෙකට කලින්. ඒත් ඉතින් ඔව්ව ඇතුලේ තියන කැපිලි කෙටිලි වලින් බේරිලා මමත් උඹලාගේ එකෙක්ම තමයි කියන්ට වෙන්ටෑ මේ තරම් මොරගාන්නේ.. ඒත් ඉතින් හත්ඉලව්වේ ඔතන පොරක් වෙන්ට බුකියේ ඇවිත් යාලු මිත්‍රයින්ට අංගජාතය පේන තරමට සරොම කරට අරන් කුණුහරුපෙන් කෑගහන්න ඕනෙද මං අහන්නේ ..... සංසාරේ... සංසාරේ.... මතක්වෙනකොටත් අනුකම්පාවේ බෑ.. ඔහොම කරාම ලංකාවේ ඉන්න බහුතරයක් හොඳ දොස්තර මහත්තරුන්ටයි එතුමන්ලාගේ වෘත්තියටයි නේද අගෞරවේ... එහෙම නැද්ද හා...

අරෙහෙම ඉංග්‍රීසි වරද්දන සහයට දොස්තර මහත්තයගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට ඉතින් අබ සරණයි (ඥානසාරtm) නෙවෙයිද හා... අපේ බැච්මේට් දොස්තර හාදයා ලෙඩ්ඩුන්ට කුමනාකාර භාෂාවකින් අමතනවා ඇතිද ???
... ඒ ඔක්කොම පැත්තකින් තියල අම්බලන්ගොඩයා මේ දහ අතේ කල්පනා කරන්නේ අර පට්ට විදිහට බූස්ට් වෙනවයි කිව්ව දැරිවිගෙන් බූස්ට් කරන ක්‍රමේ අහන්නේ කොහොමද කියල.. එව්වා ඉතින් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් දේවල් නෙවෙයිද අපේ හාමුදුරුවනේ..

වෙනද වගේම කොමෙන්ට් එකක් දාගෙන යමු යාලෝස්...

(අනුමානේටවත් නම් ගම් සඳහන් කරලා කමෙන්ට් දාන්න එපා කියල මම ඉල්ලා හිටිනවා.. මොකද කියනවනම් මේ පෝස්ට් එකේ මතු කරේ ඔවුන්ගේ ක්‍රියාව විතරයි. ඒ නිසා නම් ගම් ලියල පුදගලිකව මේ මෝඩ මිනිස්සු අපහසුතාවයට පත්කරන්න උවමනා නැහැ)


69 comments:

  1. හම්මේ මේකේ දිග.. හිටාං කියෝල එන්න..

    ReplyDelete
    Replies
    1. මේවට තමයි වෘත්තීය අමනෝන්‍යභාවය කියන්නෙ හිටං.

      Delete
    2. තාම කියෝනව වෙන්ටැ.

      Delete
    3. කෝ මේ කල්‍යාන මිත්‍රයා තාම ඇවිත් නැහැනේ.. මගදී කරදරයක්වත් වෙලාද මන්ද..

      Delete
  2. මුන්ගේ නම් එක්කම දාන්නනේ තිබුනේ.

    ReplyDelete
    Replies
    1. හුටා මට ඉස්සරායින් කමියා පැනලා

      Delete
    2. ඇයි බං උඹල එක වෙන්න පොරකන්නෙ

      Delete
    3. @ඇනෝ, ඔබත් එක වී අම්බලංගොඩයාගෙන් හිමිවන වටිනා ත්‍යාගයක හිමිකරුවෙක් වන්න.

      Delete
    4. නම් ගම් ලිව්වාම පුද්ගලිකව තියන කෝන්තරයක් පිරිනහන්න දැම්ම වගේ වෙනවනේ අසංග.. එහෙම අරමුණක් නැති නිසා අදාළ සිද්දිය විතරක් උක්තය වෙන විදිහට තොරණේ විස්තරේ දැම්මේ..

      Delete
    5. උඹ ඔව්ව විහිලුවට කියල ඊළඟ පෝස්ට් එකේ පලවෙනි කොමෙන්ට් එක දාන කෙනා මගෙන් තෑග්ග ඉල්ලයිද දන්නේ නැහැ ප්‍රසන්නයෝ..

      Delete
  3. //ඩොක්ටර්.. මේ ස්ටූල් එක වැඩකරන්න කිලෝ හතළිහක් බර තියෙන්න ඕන// ඔකනෙ, උඹලැයි කොම්පැනියෙ විකුණන්නෙ බාල බඩු කියන්නෙ නිකංයැ. යකෝ ඉස්පිරිතාලවල ඉන්න චූටි හුරතල් දොස්තර නෝනල ඕකෙ වාඩිවෙනකොට කිලෝ හතළිහ එන්න කළු ගලකුත් ඔඩොක්කුවෙ තියාගන්න ඕනද. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඉතින් හදන්නේ සාමාන්‍ය බර අවම බර උපකල්පනය කරලානේ ප්‍රසන්න.. දැන්නම් ඒ දොස්තර නෝනා කිලෝ හතලිහ පන්නල ඇති.. ඔය සිද්දියට දැන් අවුරුදු දහ නවයක් වයසයි..

      Delete
  4. ඔය සමහර කොන් දොස්තරල ඔහොම තමයි බං. උං හිතාගෙන ඉන්නෙ උංට වැඩිය දන්න එකෙක් මේ සක්වලේම නෑ කියලයි. උං එක්ක තර්ක කරනවට වැඩිය හොඳයි අර තවත් කොමෙන්ට් කරුවෙක් කියන බුවා කියපු දේ කරන එක. හැබැයි ඉතිං ඔය කොච්චර ලොකු දොස්තර උනත් පීනන්න බැරුව වතුරට වැටුනොත් ගොඩ ගන්න ඉන්නෙ අහල පහල ඉන්න වැලි ගොඩ දාන එකෙක් හරි මොකක් හරි කියල උං තේරුංගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව්ව තේරුම් යන්න තරම් මොලයක් තියෙනවනම් මෙහෙම හැසිරෙයිද ප්‍රසන්න...

      Delete
  5. දිග යකූ....

    කියෝලා එන්නං ....

    ReplyDelete
    Replies
    1. හදිස්සියක් නෑ. හැක්..

      Delete
    2. සූටික්කෝ උඹ යන ගමන් කල්‍යාන මිත්‍ර හමුවුනොත් කියහන් අපි මෙහෙ බලන් ඉන්නවා කියල උන්නැහේ එනකම්..

      Delete
  6. මොන Xත්තක්ද බං මේකෙ දිග.
    නවකතාවක් ද

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. මේකේ කොතනහරි ලියවිලා තියෙනවද අනිවාර්යෙන් කියවියයුතුයි කියල.. දිග වැඩිනම් ඉතින් කියවන්නේ නැතුව ගියා කියල අපේ මොකෑ.. ඔහෙත් අර සහයට දොස්තර වගේ..

      Delete
  7. මගේ බුකිය එතරම් ඇක්ටිව් නැත. එහි ඉන්නා දොස්තරවරියන් දානා ස්ටේටස් දැක්කහම හිනා යයි. බයකුත් දැනෙයි. නමුත් කටක් ඇර කිසිවක් නොකියන්නේ ඌරන් සමඟ මඩ නාන්නට තියෙන අකමැත්තටයි.

    මිනිස්සු ඇග්‍රසිව්. අඩුම තරමේ අදහන ආගම දිහාවත් නිවිච්ච හිතකින් බලන්නේ නැහැ. අනික්වා ගැන කවර කතාද

    ReplyDelete
    Replies
    1. ලිඛිතා... රටක පුරවැසියන් විදිහට මිත්‍යාව පතුරුවන උදවිය දුටු තැන එලවා දැමිය යුතුයි.. එහෙම නොකරොත් ඉදිරි පරම්පරාවට ඉතුරුවෙන්නේ මිත්‍යාව පමණයි.. අපි රටක් විදිහට වැඩවසම් යුගය අවසන් කරලා දැන් දශක ගණනාවක්.. ඒත් තවමත් අපේ සමහර මිනිස්සු මම උසස් අනෙකා පහත් කියලා කුලක වලට බෙදීලා අසරණ මිනිස්සු තලාපෙලා තමුන්ගේ පහත් අරමුණු ඉටුකරගන්නව.. අපි ඒ වගේ උදවියට තේරුම් කරලා දෙන්න ඕන මිනිහෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙන්නේ උපතින් කුලයෙන් රැකියාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් කියල.

      Delete
    2. ඇත්ත, එකඟයි.

      මට හොඳට මතකයි අර වාහන පර්මිට් කතාවකට මගේ ඉස්කෝලේ දොස්තරවරියක් හරි අපූරු ස්ටේටස් එකක් දාගෙන හිටියා. මට දැන් මේවා ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තේ නැත්තේ කියලා හිතෙනවා. මතු පොරෝජනේට මීට පස්සේ එවන් ආතල් ස්ටේටස් තබාගන්න හිතාගත්ත ඔන්න.

      පොදුවේ දකින කාරනාවක් තමයි, ලංකාවේ දොස්තරවරු හිතාගෙන ඉන්නේ ඔවුන් මවු කුසකින් සාමාන්‍ය උපතක් නොලබා රෝස කැලෙන් ගෙනාවා කියලනේ.... අනේ ඒ කාලේ ඉස්කෝලේ යනකොට මටම ෂුවර් නැහැ මෙයාලා කොහෙද හිටියේ කියලා.

      එක පාරක් තව කෙනෙක් දාල තිබ්බා දොස්තරවරුන් තමයි නිදි මරාගෙන, මහන්සි වෙලා, කැපවෙලා මාරම සේවයක් කරන්නේ කියල. අනේ ඉතින් ඒක බලාගෙන අහක බලාගන්නම බැරි උනානේ.. මමත් උත්තරයක් දැම්මා.. හැබැයි මීක් සද්දයක් නැහැ ඊට පස්සේ...

      අනිත් කාරනාව, මේ ඊයේ පෙරේද දවසක ( මම දන්නේ නැහැ ඒ ළමයාගේ වෘතිය මොකද්ද කියල , අදටත්) වැඩවර්ජනේ නොකර තමන්ගේ සේවය කරන එකම කට්ටිය ගුරුවරු කියලා ෂෙයාර් කරලා.. මම දැම්මේ 'හෑ ??' කියලා විතරයි. මගේ ඔලුව කොහෙවත් වැදිලද, නැත්තම් උන්දැගේ එහෙම වෙලාද මන්ද...

      පොදුවේ ගත්තහම, ලංකාව ඇතුලේ ඔය රෝගේ උත්සන්නයි. දොස්තරවරු අතරේ අතිශය බහුලයි. රෝගයෙන් පිඩා නොවිඳින කෙනෙක් මම තාම නම් දැකලා නැහැ. මගේ අවාසනාව වෙන්න ඇති.

      Delete
    3. "ලංකාවේ දොස්තරවරු හිතාගෙන ඉන්නේ ඔවුන් මවු කුසකින් සාමාන්‍ය උපතක් නොලබා රෝස කැලෙන් ගෙනාවා කියලනේ...."

      සමහරවිට රෝස කැලෙන් ගෙනාවාම වෙන්න බැරිද.. හික්ස්..

      Delete
    4. ඔබගේ ඇක්ටිව් නැති fb එකේ නම කියා රහසින් එවන මෙන් ඉල්ලමි ලිඛිතා...

      Delete
  8. මට නම් අපේ වෘත්තීය අමනෝඥම්පචම් එක වෙනුවෙන් පෙනී ඉන්න කම්මැලියි බං...
    ඒ නිසා කවුරුහරි එකෙක් අරකට වැඩිය මේක හොඳයි, මේකට වැඩිය අරක ලොකුයි කියල පෝස්ට් දැම්මත් මීක් නැතුව ඉන්නවා...

    හැබැයි ඉතින් උඹත් මේකෙන් හිත රිද්ද ගත්ත නේද, මෙච්චර අකුරු ගොඩක් ලිව්වේ... ;)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම නැහැ ලොකු පුතා.. මම මොකටද මේ කොහෙවත් යන ගොන් මරි මෝඩයෙක් නිසා මගේ හිත රිද්දගන්නේ.. මගේ අලවෙන්න ගිය සෙනසුරාද දවසම සුපිරි ෆන් එකක් දීපු එවුන් එක්ක මම හිත රිදවන්නේ ඇයි ලොකුපුතා.. මෙයාල වගේ එවුන්ගේ ක්‍රියාකලාපය මම දන්නා නිසා තමා මුල හිටන්ම ස්ක්‍රීන් ෂොට් ටික අරගත්තෙ.. මේක හිතේ අමාරුවකට දිගට ලිව්වා නෙවෙයි බන් ඉබේම දිග වැඩිවුනා.. මම මේක බ්ලොග් එකේ දාපු හේතුව තමා මේ වගේ අමන වැඩ ලෝකෙට පෙන්නන්න ෆේස්බුක් එකට වඩා ක්‍රමවේද තවත් තියෙනවා කියල මතක් කරලා දෙන්න..

      Delete
  9. මම ඔහුව හොයාගත්තා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි මිත්‍රයා..

      Delete
  10. දොස්තර උන ලෙසටම

    ReplyDelete
    Replies
    1. උන නෙවෙයි මද්දෝ උණ සන්නිපාතය...

      Delete
  11. ප්‍රශ්නයක් වෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ ඇත්ත හැටි එලියට එන්න.. ඔන්න එච්චරයි කතාව
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමා ලබ්බෝ.. මිනිස්සු බහුතරයක් මිනිස්සු ඉස්සරහ කරන්නේ රඟපෑමක්..

      Delete
  12. මොන රෙද්දකට ඕකලා එක්ක පෑහෙන්න ගියාද? අන්න ආස්සරේට දොස්තරල ඕන්නැං අර බෝ පැලෙයක් වගේ ඉන්න බොදිනී නෝනව බුකියෙං ඇඩ්කරගල්ල. දොස්තර්ල විතරක් නෙමෙයි හැම රස්සාවෙම වැඩ නැතුව වුර්තීය සංගං කරන ඌරු එවුං ඉන්නව ඕසෙට. හැබැයි ඉතිං ඕකලාට ඔහොම හරි පාඩමක් කියා දුන්නම උං පීචං වෙනව බලන එකත් හෙනම ආතල් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා සුරංග... ඔය උන්දැ ඔය කියන ෆේස්බුක් පොස්ට් එක දැක්කයින් පස්සේ තමා වැටහුනේ පෑහෙන්න තියා බුකියේ තියාගන්නත් සුදුසු නැහැ කියල..

      Delete
  13. බුකියත් බ්ලොග් ලෝකේ වගේමයි තමන්ට වදින කොමෙන්ට් එනකොට එකොකෝ මකනවා නැතිනම් කාටත් පෙනිලා මන්පොරත්වයට හානිවෙයිකියලා කොමන්ට් මොඩරේට් කරනවා
    තමාට පිට කහන් එවුන් මොන ලබ්බ ලිව්වත් උන් පොරවල් කරනවා උදා අන්තිමට දෙමල නයන්න

    ReplyDelete
    Replies
    1. මේක පුදුම ලෝකයක් ඇනෝ...

      Delete
  14. ඔහොම ඩොකෙක් මගේත් ඉන්නවා. පොඩි කාලේ ඉඳල මිත්‍රයෙක් උනාට ඊයේ පෙරේද සයිටම් වාදයකදී මෙයා කොමෙන්ට් කරලා තිබ්බ...

    I want to reshape my friendship according to the attitude on this matter..

    Kiyala

    ReplyDelete
    Replies
    1. පොඩිකාලේ ඉඳන් එකට හිටපු මිත්‍රයෙක් නම් එහෙම අතාරින්න එපා විකුම්.. මොකද කියනවනම් ඔය මිනිස්සු ඔහ්හොම හැසිරෙන්නේ දැනුම් තේරුම් මදි නිසා.. වයස මෝරන්න මෝරන්න ඔව්ව හරියනවා.. අනික් කාරනාව ලංකාවේ දොස්තර කෙනෙක් වෙනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.. ඒකට මුළු ලෝකෙම මතක කරලා පොත්පත්වල තියෙන විෂය කරුණු එක්ක මුළු තරුණ කාලයම ගතකරන්න ඕන. ඉතින් ඒක ඉවරවෙලා දොස්තර වෙද්දී මොලයේ බාහිර ලෝකය ගැන තොරතුරු ගබඩා වෙච්චි කොටස අක්‍රීය වෙලා.. ඊටපස්සේ මුළු ලෝකය දිහාම බලන්නේ අර ලිඳ ඇතුලේ ඉඳගෙන තමා.. ඔය ලිඳට වැටෙන්නේ නැති කොටසකුත් ඔතන ඉන්නව.. අන්න ඒ කට්ටිය සුපිරියට ජීවිතේ විඳගෙන රස්සාව කරගන්නවා.

      Delete
  15. දොස්තරයා හව්වුනේ එල බඩුවකට...ආයෙ දීලා තියෙනවා ලෙසටම....උඹ ඉන්න තිබ්බෙ පර්ලිමේන්තුවෙ..

    අම්බලන්ගොඩයො මන් මේක කියන්න තැන් ගොඩක් ගැන තිබ්බත් එකක් දෙකක් කියන්නම්

    //අල්ලාප සල්ලාපයෙන් මධු බඳුන අඩිය වෙත ළංවෙද්දී උනත් එතන හිටපු එක් අයෙක්වත් දොස්තරට මචන් ඩොක්ටර් කියල ඇමතුවේ නැහැ// මොකෙක් උනත් ඒකා මන් ඉන්න ආයතනයක හෝ වෙන මන් ආදාළ තැනක මගේ ඉහල නිළධාරියෙක් නොවුණනම් මට මොකත් සාමාන්‍ය මිනිස්සු නැන්දෙ මාමේ, අන්කල්, ආන්ටිට එහා දෙයක් මන් සාමාන්‍ය කතා බහේදි යොදන්නෙ නෑ. මොකද බන් අපි එතනදි ගෞරවයට සර් නොකියා ඩොක්ටර් කිව්වත් කොන්දොස්තරයෙක් ඔතන සෙට් උනානන් 'කොන්ඩක්ටර්' කියන්නෙ නෑනෙ.

    //ඒත් ඉතින් අපේ බැච්මේට් දොස්තර හාදයා සමාජවාදී රටකින් දොස්තරකම ඉගෙනගෙන ඇවිත් ලංකාවේ රජයේ රෝහලක දොස්තර උනේ උගේ තියන දක්ෂකමටනේ// //ඒත් ඉතින් ඔව්ව ඇතුලේ තියන කැපිලි කෙටිලි වලින් බේරිලා මමත් උඹලාගේ එකෙක්ම තමයි කියන්ට වෙන්ටෑ මේ තරම් මොරගාන්නේ.. // අම්බලන්ගොඩයො උඹ ඇත්ත කියනවා හෙන ගහන්න වගේ....ඇයි බන් ඕක කමෙන්ට් එකක් විදියට කෙටුවෙ නැත්තේ.මුළු කතාවම ඕකෙ තියෙනවා වගේ බන්

    මගේ අන්තිම පස්සනය
    //ඩොක්ටර්.. මේ ස්ටූල් එක වැඩකරන්න කිලෝ හතළිහක් බර තියෙන්න ඕන..//
    මේ වගේ අමන කතාවක් අර සූටි දොස්තර නෝනගෙ මූනට කිව්වෙ කොහොමද අම්බලන්ගොඩයො

    ReplyDelete
    Replies
    1. ඇයි බං රස්තියාදුකාරයෝ මට එහෙම අපහාසයක් කරේ.. පාර්ලිමේන්තු යවන්න තරම් චාටර් පොරක්ද මම... මීට හොදයි බඩ කපාගෙන මැරෙනවා බං...

      Delete
  16. මෙවැනි උද්දච්ච මෝඩ මිනිස්සු එක්ක තර්ක කරන වෙලාවෙ අර කවුද කිව්වා වගේ වහු පැටව් දෙන්නෙකුට අවකලනය ඉගැන්නුවනන් හොදයි කියලා හිතෙන් නැද්ද ගොඩයියට....මට නන් මෙහෙම අය ගැන පව් කියල හිතෙනව... තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලුනේ..මානසිකව එයාල ඉන්න තැන තමා ඔය ලියල උජාරුවට හැමොටම පේන්න දාල තියෙන්නේ....ඔව්වට කලබල වෙන්න නරකයි ..

    ReplyDelete
    Replies
    1. කිසිම කලබලයක් නැහැ නෙතූ.. කොන්ද පන තියන මිනිස්සු සත්‍යය සහ සාධාරණය වෙනුවෙන් පෙනී හිටින්නේ නැති නිසා තමයි හොර රැලක් 1948 ඉඳන් රටේ පාලන බලය අල්ලාගෙන මිනිස්සුන්ව ගොනාට අන්දගෙන රට හූරගෙන කන්නේ.. කොන්ද පන තියන එවුන් සත්‍ය සහ සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැති නිසා තමා ලංකාවේ විශ්වවිද්‍යාල වල රැග් කියන හිංසනය තාමත් නිල නොවෙන මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ.. කොන්ද පන තියන එවුන් සත්‍ය සහ සාධාරණය වෙනුවෙන් ඉදිරිපත්වෙන්නේ නැති නිසා තමයි ලිෆ්ටන් වටරවුම ඉස්සරහ අසරණ දෙමාපියන්ගේ දරුවෝ පොලිසියෙන් ගුටිකන්නේ.. අපිට හැකි පමණින් යුක්තිය අසාධාරණය දුටුතැන ඒ වෙනුවෙන් අපිට හැකි ක්‍රියාමාර්ගයක් ගැනීම අපේ සමාජයීය වගකීමක් නෙවෙයිද..

      Delete
    2. ඔය කතා ඔක්කොම ඇත්ත අය්යේ..ඒ උනාට මෙහෙමනේ දැන් මේ ඔය කියන දොස්තර ඔය දාපු හිරිකිත පෝස්ට් එක දැකලා “අනේ මේ වගේ මරි මොඩයෙක්“ කියලා හිතල සමච්චල් හිනාවකුත් දාල ඕක නොදැක්ක වගේ ගියානං ඔයා තාමත් එයාගෙ යාලු මිත්‍ර ලැයිස්තුවේ ඉන්නවනේ...හා හා හා අන්න යාලුවෝ ...කොහොමද එයාගේ ටිකිරි මොලේ...

      Delete
    3. මගේ යාළුමිත්‍රකම් තියෙන්නේ ස්ටේටස් වල නෙවෙයි නෙතු.. ඒ වගේ ගොන් මී හරකෙක් යන මගවත් යන්න නරකයි..

      අසෙවනා ච බාලානං
      පණ්ඩිතානඤ්ච සෙවනා
      පූජා ච පූජනීයානං
      එතං මංගල මුත්තමං

      අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරේ නිකම් නෙවෙයි..ඒ උනාට උන්නැහේල හිතාන ඉන්නේ උන්නැහේලා හෙන පණ්ඩිතයෝ අනික් උන් බාලයෝ කියලනේ හිටං.. නුවණ නැතුව උපදින එක කොයිතරංනම් පවක්ද කියල තේරෙනවද..

      Delete
    4. ම් ම් ම් තේරෙනවා තේරෙනව ......ඇත්තටම මම දැන් මගේ ස්ටේටස් හෙලිකලොත් ඔයාට මොකද වෙන්නේ දන්නවද??? තව පොස්ට් එකක් ලියන්න වෙනවා ....හා හා හා...

      Delete
    5. ස්ටේටස් එක මොකක් උනත් ඔයා මහපොළොවේ පයගහලා ඉන්න විත්තිය තේරෙනවා.. ඒ නිසා පොස්ට් ලියන්න වෙන්නේ නැහැ..

      Delete
  17. මචංලා පහුගිය අවුරුදු 10 පුරා මම ජීවත් වෙන්නේ පිටරටක , එම රටෙත් ප්‍රදාන නොවන නගරයක
    හැබැයි ඉතා විශාල ප්‍රමාණයේ රෝහලක් පවතින මේ නගරයේ , ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන්
    බහුතරයක් දොස්තරවරු . අනෙක් අයත් ලංකාවේ ඉහල පෙලේ වුර්තින් කරපු සහ
    දැනටත් එම රැකියා වල ඉන්න අය .
    උබලා විශ්වාස කරනවද මුන් කවුරුවත් අනික් ලාංකිකයන් සමග , කිසිම ඇහි හොදයියක්
    තියා ගන්නේ නැහැ කියල .
    හැබැයි උන් එක්ක කතා කලාම තමන්ගේ වුර්තිය ඇර , මෙලෝ දැනුමක් නැති බව මන් දන්නවා .
    මට ත්රුම් ගන්න බැරි , මේ මිනිස්සු මේ තරම්ම ඔලුව උදුම්ම ගන්න හේතුව මොකද කියල .
    මොකද මේ කවුරුවත් තමන් කරන වුර්තියෙන් මිනිස්සු මනින්නේ නැහැ .
    අනිත් එක උන්ට වඩා ගෙවල් පේන්ට් මිනිහගේ පැයක ගෙවීම වැඩියි

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමා ඇනෝ එයාල එයාල විසින්ම කපාගත්තු ලිඳකට වෙලා ජීවත් වීම..එයාල හිතන්නේ මුළු ලෝකෙන්ම වැදගත්ම වෘත්තීය එයාලගේ වෘත්තීය විතරයි කියල. ඒ උදවියට තාර්කිකව හිතන්න ශක්තියක් නැහැ ලෝකෙයේ අනෙකුත් සියලුම වෘත්තියන් සමාජ සංස්ථාව පවත්වාගෙන යන්න එකලෙසින්ම වැදගත්බව. පොල් කඩන මනුස්සයාගේ හිටන්ම, කුණු එකතුකරන මනුස්සයාගේ හිටන්ම, වැසිකිලි සුද්ද පවිත්‍ර කරන මනුසයාගේ හිටන්ම සිළුම වෘත්තීන් සමාන ආකාරයෙන් දාමයක් ආකාරයෙන් එකිනෙකට බැඳී පවතිනවා කියන එක හිතන්න එයාලගේ ඔළුවල ලොජික් නැහැ.

      Delete
  18. අම්මෝ...
    පෝස්ටු දෙකක් දාන්ට තරම් කරුණුනේ...
    නෑ මම හිතන්නේ ඇත්තටම නම් හතරක් දාන්ට තරම් කරුණු...

    ReplyDelete
    Replies
    1. ඔව්.. බ්ලොග් පොස්ට් හතරක් ලියන්න තිබ්බ තමා.. ඒත් ඉතින් දිගටම ලියවුනා..

      Delete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. මචං .. මේ පොස්ට් එක පට්ට විදියට දිගයි වගේම පට්ටම විදියට ඩොකාලා ගේ මොණර නැටුමේ තතු පෙන්නලා තියෙනවා.
    දෙවිවරු වගේ දොස්තරලා පොඩ්ඩක් අතරේ මේවගේ රට හරක් තමා වැඩි.

    මම දන්න ඩොකියක් ඉන්නවා. එයා අහන්නේ වෙන ඩොකාලා කියන දේ විතරයි. අනිත් ඔක්කොම අය ඒගොල්ලන්ට යටින් තමා ඉන්නේ. උඹට කියන්නේ දවසක් මම එයත් එක්ක ඇඳුම් කඩේකට ගිහිං ඇඳුමක් අරන් දෙන්න හැදුව. ඒ ඇඳුම ලස්සනයි කියල එයාම කියල කන්නාඩියෙන් හැඩ බල බල ඉද්දි එතන වැඩ කරන මැදි වියේ ගෑනු කෙනෙක් " ඒක නං මිස්ට ලස්සනයි" කියල කිව්වා. එකී ඇඳුම ගන්නේ නැතුව ආව කියහන්කෝ..

    තව වෙන්න දොස්තර පැටියෙක් ඉන්නවා. ඌ ඒ ලෙවෙල් තුං වෙනි පාර පේරා ගියපු හාදයෙක්. ඌට මොලේ තිබ්බට උගේ තාත්තට සල්ලි තිබ්බේ නෑ. ඉතින් ඌට උගන්න ඔක්කොම වියදන් කලේ නෑදෑ වෙන ජෝඩුවක්. ඒ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ඒ දෙන්නටත් පුතෙක් ඉන්නවා. ඒ දෙන්නටම හෙනම ආසාවක් තිබ්බා තමුන්ගේ එකම පුතාව ඩොකෙක් කරන්න. අනේ ඌත් එලේවල් කළා තුං පාරක්. තුං පාරම යන්න බැරි උනා කොළඹ දිස්ත්‍රික්කේ නිසා. ඒ දෙන්න හිතන් හිටියේ පුතාව SAITM යවන්න. දැන් ඔන්න පිටරට යවන්න හදනවා
    අර මුලින් කියපු වෙන්න දොස්තර පැටියා මේ ලඟදි වීඩියෝ එකක රඟපානවා "SAITM" යන්නේ හරක් කියාගෙන.

    අනේ මන්ද බං. පිට රට ඉන්න මගේ නෑ වෙන කෙනෙක් කිව්වා එහෙ නං SUPER SMART උන පලියට දොස්තරලා වෙන්න බෑ , විබාග වලට අමතරව සම්මුඛ පරීක්ෂණ ගණනාවක් තියල තමා තෝරාගන්නේ කියල. අනේම මන්ද බං

    ReplyDelete
    Replies
    1. උඹේ ඩොකියට නම් තදින්ම මානසික රෝගයක් රොටිය බබා.. අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මක් කරන්නද ඉතින්..

      අර කොලුවට වියදම් කරපු මිනිසුන්ට මොනවා හිතෙනවා ඇතිද නේ බන්..

      වුර්තීය සමිති නායකයින්එ විසින් තමුන්ගේ අනුගාමිකයින්ගේ මොලය සොදන්නේ උන්ටත් නොදැන්නෙන්න රොටිය බබා..එල් ටී ටී සංවිදානය උතුරේ මිනිස්සුන්ට කරෙත් ඔය වගේම වැඩක් තමා බන්.. උපදිනකොට තියන මොලය ඉවත් කරලා ප්‍රෝග්‍රෑම් කරපු මොලයක් බස්සනවා.. ඊට පස්සේ ඒ අලුත් මොලේ හිතන්නේ පතන්නේ ප්‍රෝග්‍රෑම් කරපු විදිහට තමා..

      Delete
  21. "අම්බලන්ගොඩයෝ.. මමත් දොස්තර කෙනෙක්.. මේ වගේ මිනිස්සු තමයි අපේ වෘත්තීය ලෝකෙ අවමානයට ලක්කරන්නේ. මට මේ දොස්තරලා දෙන්නගේ නම ගම එවන්න පුලුවනිද. මට හිතෙනවා මෙයාලට විරුද්දව විනය පරීක්ෂණයක් ඉල්ලන්න. ඇත්තම කියනවනම්මේ  වගේ මිනිස්සු අපේ වෛද්‍ය වෘත්තියේ සිටිය යුතු නැහැ. "

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්මයා, ස්තුතියි ඔබේ කොමෙන්ටුවට.. ඒත් මේ අයගේ නම් ගම් හෙළිකරන්න විදිහක් නැහැ. ඇත්තම කියනවනම් ඕනෑම වෘත්තියක ගෞරවය කෙලෙසන්නේ මේ වගේ එකෙක් දෙන්නෙක් තමයි..

      Delete
  22. අම්බලන්ගොඩය ජීවත් වෙන රටේ දැනට ඉන්න කෙනෙක් විදිහට මට දැනෙන ලොකු දෙයක් තමයි මෙහෙදී කාගේවත් ලොකු කම් බලන්න ඕනේ නැති එක. මෙහෙ දොස්තරලා අපිට සලකන්නේ එයාලට වඩා ඉහල කෙනෙක් විදිහට රෝහලකට ගියාම. බැංකුවක , කඩේක ඕනේ තැනකදී එහෙමයි. මේවා ගොඩය ඇත දැකීමෙන් දන්නා දේවල් නිසා අමුතුවෙන් කියනන් අවශ්‍ය නෑ නේ.

    මගේ බැච් එකෙත් ඉන්නවා ඩොකා ල බර ගානක්. හැබැයි මනුස්ස කමට කතා කරන්නේ කීප දෙනයි . උන් හිතාගෙන ඉන්නවා අනිත් උන්ට් පුදුම ඉරිසියාවක් උන් ගැන තියෙනවා කියල . එක තවත් එක රස්සාවක් කියල අපේ මිනිස්සුම උන්ට සලකන්න පටන් ගත්හ දවසට ඉබේම ලොකු ඔලුව අඩු වෙයි කියල හිතනවා . ඔය බුකියේත් ඉන්නවා දොස්තරලා බර ගානක් , මිනිස්ස්සුන්ට සත්හු වගේ කතා කරන . අප්‍රසන්නයි දැක්කම

    නිදහස

    ReplyDelete
    Replies
    1. මේ රටේ ලොකු පොඩි සැම එකම මේසෙක කනවා කිසිම පන්ති බේදයක් නැතුව. ලොක්කට අමතන්නේ නම කියල මිසක් සර් කියල නෙවෙයි.. ඒ වෙනස දකින්න නම් ලෝකයේ දියුණුයි කියන රටකට ඇවිත් බලන්නම ඕන නේද..එහෙම වෙන්න හේතුව තමා හැමදෙනාම දන්නවා මේ ලෝකයේ පවතින එක වුර්තියක් අක්‍රීය වුනොත් ජන ජීවිතය ඉස්සරහට යන එක අඩාල වෙනවා කියල. ඒ නිසා කුණු අදින ට්‍රක් එක එලවන මනුස්සයාගේ වෘත්තියේ තියන වැදගත්කමත් දොස්තරගේ වෘත්තියේ තියන වැදගත්කමත් සමාජයීය වශයෙන් එක හා සමානයි කියල දියුණු රටවල මිනිස්සු දන්නවා.

      මේ රටේ පබ්ලික් සර්වන්ට් කෙනෙක් ඔහොම පොස්ට් එකක් ෆේස්බුක් එකේ දැම්මොත් පහුවදාට රස්සාවෙන් දොට්ට කියල ඔයා දන්නවනේ.. නිකම් නෙවෙයි උන්දැට හිරෙත් යනන් වෙනවා ඔය වගේ පොස්ට් එකක් දැම්මොත්..

      ස්තුතියි කමෙන්ට්න එකට..නරකද බ්ලොග් ලිවිල්ල ආයේ පටන් ගත්තොත්..???

      Delete
    2. හපොයි මට කම්මැලි , මේ ඉන්න විදිහ හොදයි :)

      Delete
    3. "හැමදෙනාම දන්නවා මේ ලෝකයේ පවතින එක වුර්තියක් අක්‍රීය වුනොත් ජන ජීවිතය ඉස්සරහට යන එක අඩාල වෙනවා කියල. ඒ නිසා කුණු අදින ට්‍රක් එක එලවන මනුස්සයාගේ වෘත්තියේ තියන වැදගත්කමත් දොස්තරගේ වෘත්තියේ තියන වැදගත්කමත් සමාජයීය වශයෙන් එක හා සමානයි කියල දියුණු රටවල මිනිස්සු දන්නවා."

      ගොඩයා හරියටම හරි..... එත් මේ දේ ලංකාවේ අයට නොතේරෙන 1 ගැන නම් දුකයි.

      Delete
    4. එකනේ අපේ රටේ මිනිස්සු ලෝකෙන් හුඟක් වෙනස් වෙන්නේ නුවන්.. ගමේ ඉන්න මොට්ටම එකා පාර්ලිමේන්තු යවල ඌ රට දියුණු කරනකම් කට ඇරන් බලන් ඉන්න රටක්නේ අපේ රට..

      Delete
  23. මටත් දොස්තරලගේ ලොකුකම් නම් අල්ලන්නෙම නැ... කාලයක් මම පේරාදෙණියේ කම්මල් කඩේ ඉගෙන ගන්නකොට මට තිබුන හතියට බෙහෙත් ගන්න පේරාදෙණිය hospital chest clinic ගියා.. එතැනදී දැක්කේ, සුදු ලෝගු දාගත්ත දොස්තර පිලව් ට වඩා ලොකු දොස්තර මහත්තුරු (consultants) ලෙඩ්ඩුන්ට කරුණාවන්ත බවකුයි. අනේ මන්දා අබුද්දස්ස කාලේ ලු නේ .......

    ප. ලි: proposals හොයද්දි ඩොකී ලා දෙන්නේකුගෙන් ආපු proposals දෙකක්ම අහක දාල තවමත් තනිකඩව ඉන්නවා.... ඒක සැපයි ගොඩයෝ මුන් එක්ක ඉන්නවට වඩා. :-D

    ReplyDelete
    Replies
    1. පිරුණු කලේ දිය නොසැලේ කියල අපේ පැරැන්නෝ කියල තියෙන්නේ නිකම් නෙවෙයි ඇනෝ.. හිස් මිනිස්සු කොතන උන්නත් හිස්..

      Delete
  24. 1st doc - jelosy
    2nd doc - jealouse
    3rd doc - jellosy

    I feel jealous about the freedom of spelling they enjoy.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. වැරදි ඉංග්‍රීසි ලෙඩ්ඩුන්ගෙ බෙහෙත් තුන්ඩු වල ලියන්නේ නැහැ කියල අපිට තහවුරුවක් තියේවිද.. මේ දොස්තර කොළඹ ප්‍රසිද්ධ රෝහලක වගකිවයුතු තනතුරක් දරන කෙනෙක් කියල තමයි බුකියේ සඳහන්ව තිබ්බේ..

      Delete
  25. මේකේ දිග... දොස්තර වරු මිහිපිට දෙවිවරුය... :-p

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් එහෙම දොස්තරවරු තාම ඉන්නවා.. ඒත් බොහොම විරලයි..

      Delete
  26. Delete Comment From: අම්බලංගොඩ කතා
    Blogger Chamila Yasampath තඩියා said...
    සමාවෙන්න ඕන මචෝ කොමොන්ටුවක් දාන්න පරක්කු උනාට.මේ දවස්වල ඕසෙට වැඩ කියල උබ දන්නවනේ.බැජ් මේඩ ගැන නම් කතා කරල වැඩක් නෑ.ඒ දවස් වලත් ඔයවගේ ගති පොඩියට නැතිවුනාම නෙවෙයි.මන් ඉතින් ටිකක් ඇසුරු කරපු හාදයා නෙව.පහු කාලෙකදි නම් ඇසුරක් තිබුනෙම නෑ.දවසක් හෝ දෙකක් බුකියෙ චැට් කොරල තියෙනව.එහෙව් අදහස් තියෙන යාලුවෝ බුකියෙ තියාගෙන වැඩක් නෑ බන්.මන් ඌව ගලවල දැම්ම.ඔයිට වඩා ලොකු කෙරුමො මගේ බුකියෙ බොහෝම ගරු ගාම්බීරව වැජබෙනව.මන් උන්ට හිසනමා ආචාර කරනව.ආදරෙයි උන්ට හැමදාම.හොදම වැඩේ කියන්නෙ අපේම බැජෙක් උන ඩොකාට වඩා දෙතුන් ගුනයකින් පඩි ගන්න වැදගත් රස්සාවක් කරන එකෙක් මෙහෙම කියනව "Macho , i have unfriend ____ becouse of his behavior. I dont needs friends like him. ont argue with him , he is blind with his profession.Dont argue.උට ඩොකා විම ලොකු උනාට, අපිට ලොකු නැ මචෝ..."
    මට මේකෙ ස්ක්‍රීන් ශොට් දාන්න බැහැනෙහ්. ඕන් ඔහොමයි පින්වත උනේ.පව් අපේ බැජ් මේටා ඇන්ඩ් හෙල්ෆින් ඩොකා 😂🔫😂

    ReplyDelete


  27. හදිස්සියට අරූගෙ කොමොන්ටුවත් එක්ක ඩොකාගෙ නම වැටුනයි කියහන්කො.ඒක අයින් කරල copy edit කරල දැම්ම.උඩින් තව කෑල්ලක් ඇවිල්ල.උබට පුලුවන්නම් ඒක කරල දාපන් මචෝ.

    ReplyDelete