දාබරේට ඩබල් ගේම් දීපු හැටි ලියවෙච්ච පොස්ට් එක කියෙව්වයින් පස්සේ මගේ රැකියාවේ වටපිටාව සියලු දෙනාටම තේරුම්ගන්න පුළුවන් වෙන්න ඇති. දාබරේ මාව පුහුණු කරන්න කියල ඉල්ලගත්තු මාස හයෙන් පස්සේ නැවතත් දාබරේ වෙනුවෙන් සේවා දිගුවක් ලබාගන්න ලොක්කට කොහෙත්ම හැකියාවක් නැතිවුනු නිසා අකමැත්තෙන් උනත් පුංචි කාලේ ඉඳන් ඇති දැඩි කරපු දාබරේට විශ්‍රාම යන්න දෙන්න ලොක්කට සිද්ද උනා. එතෙක් කල් ලොක්කා වෙනුවෙන් අළුගෝසු පොස්ට් එක ජයට හොබවපු දාබරේ සියලු ගුරු මුෂ්ටි තියාගෙන අළුගෝසු තනතුර කරගෙන ගිය නිසා දාබරේගෙන් පස්සේ, ආයතනය කොටවන්න සහ රතු ඉර ගහන්න ගෝලයෙක් ආයතනය ඇතුලේ බිහිවුනේ නැහැ.
ලොක්කගේ සැලුන් දොරෙන් දෙකට නැවිලා ගිහින් කේලම් කියන වැඩේ දයානන්ද ජයටම කරගෙන ගියත් දාබරේ කරපු පනික්කි රාජකාරිය එළිපිට කරන්න පුළුවන් ලජ්ජා නැති එකෙක් ආයතනයේ තවත් හිටියේ නැහැ. තත්වය එහෙම වෙච්චි නිසා ලොක්කට සිද්ද උනා දයානන්ද විසින් සපයන තොරතුරු වලින් දත්ත අරගෙන ආයතනය පාලනය කරගෙන යන්න සහ උදෑසන සිද්දවෙන රතු ඉර ගැසීමේ කටයුත්ත තමුන් විසින්ම සිද්ද කරගෙන යන්න.
දාබරේගේ අනුප්‍රාප්තිකයා වෙච්චි මම එතනට යන්න කලින් දාබරේගේ අනුප්‍රාප්තිකයා ලෙස රස්සාවට ආපු පුද්ගලයා කිසිසේත්ම ලොක්කා බලාපොරොත්තුවන විදිහේ චරපුරුෂ රාජකාරිය කරන්නාවූ එකෙක් නොවෙච්ච නිසා එම නිලධාරියා ගෙදර යැවීමට ලොක්ක දෙපාරක් හිතල තිබුනේ නැහැ. ඒ සියලු බලු වැඩ වලින් අනතුරුව මම එම ආයතනයට යද්දිත් එම නිලධාරියා සේවයෙන් නෙරපා හැරල ඉවරයි. වෙච්චි අසාධාරණයට එම නිලධාරියා උසාවියේ නඩුවක් පවරපු නිසා නඩුවේ චූදිතයෙක් විදිහට ලොක්කට සිද්ද උනා උසාවි කුඩුවට නගින්නත්. දෙවැනි වතාවටත් පුරප්පාඩු වෙන්න ගිය දාබරේගේ තනතුරට අනුප්‍රාප්තික වෙච්චි මමත් ලොක්ක බලාපොරොත්තු වෙන චරපුරුෂ සේවය එකහෙලාම ප්‍රතික්ෂේප කරපු නිසා ලොක්කට මාව වහකදුරු වගේ වෙන්න මහා කාලයක් ගියේ නැහැ. ඒත් කලින් එකාට කරපු බලු වැඩේ මටත් ලොක්ක කරන්න උත්සහ කරේ වෙනස්ම ආකාරයකින්.
ලොක්ක කොයි වෙලාවෙත් උත්සහ කරේ මාව වෙනත් නිලධාරියෙක් එක්ක පටලවල මා ලව්වා විනය විරෝදී ක්‍රියාවක් කරවගන්න. ඒ අරමුණෙන් ආයතනයේ හිටපු සුහදශීලී නොවෙන පුද්ගලයින් නිතරම මා එක්ක හවුලේ රාජකාරියේ යොදවන්න ලොක්ක නිතරම උත්සහ කරේ. ලොක්ක මට වඩා අවුරුදු විස්සකින් විසි පහකින් වැඩිමල් උනත් කරිජ්ජ පින්න වදින ගමක ඉපදිච්ච නිසා ලොක්කගේ බොරු වලවල් වල වැටෙන්නේ නැතුව පරෙස්සමට වටෙන් අඩිය තියල එන්න මට අමුතුවෙන් උගනන්න ඕන උනේ නැහැ.
මම දුරකතනයෙන් දන්වල නිවාඩු ගත්තු දවසක පහුවදා දයානන්ද මගේ කාමරයට ආපු වෙලාවක තමයි මේ කතාව ඇති උනේ.
මහත්තය ඊයේ වැඩට ආවේ නෑ නේද..
ආ ඔව් දයානන්ද.. ගෙදර පොඩි හදිසි වැඩක් යෙදුන.. ඒ හින්ද එන්න බැරි උනා..
මහත්තය ලීව් ෆෝරම් එකක් දැම්ම නේද..
ඔව් දයානන්ද.. උදේම ඉන්ජිනියර්ට දාල ඇත්තෙ ..
ඒ උනාට පොඩි ප්‍රශනයක් මහත්තය..
ඒ මොකක්ද දයානන්ද ..
මහත්තය කෝල් එකක් දීල නැහැ කියල ලොක්ක ලීව් ෆෝරම් එක ඇප්රු කරලා නැහැ..
ඇයි යෝදයෝ ඉන්ජිනියර්ගේ ලයින් එක බිසී නිසා ඒ යකාගේ ෆෝන් ලයින් එකටමනේ කෝල් එක දුන්නේ..
අනේ මන්ද මහත්තය.. ලොක්ක එක්ක හැප්පෙන්න යන්න එපා.. ඕක අතෑරලා දැම්මනම් ඉවරයි.. ටෙලිෆෝන් පොතේ ලියල නැති නිසා කෝල් එකක් දීල නැහැ කියලයි ලොක්ක කියල තියෙන්නේ..
ලොක්කට කියහන් තව දවස් දෙකක් ඉන්න කියල ආතල් එකේ..
ඒ මොකෝ මහත්තය..
ලොක්කට කියහන් මම දකුණේ එකෙක් කියල.. මේකේ ඉන්න අනික් උන්ට දෙන පරිප්පු මට දෙන්න ටිකක් අමාරුයි කියහන්කෝ..
ඕවට හැප්පෙන්න එපා මහත්තයා.. දන්නවනේ ලොක්කගේ හැටි..
මොනාද බන් හැප්පෙන්න එපා කියන්නේ.. මම ගහපු ටෙලිග්‍රෑම් එක තැපැල් අංශෙට ගිහින් ලොක්කගේ මේස උඩට එන්න දවස් දෙකක් විතර යාවි.. එතකම් මගේ ලීව් ෆෝරම් එක තියාගෙන ආතල් එකක් ගන්න කියහන්කෝ..
ආ එක මිසක්ක..ඒ කියන්නේ මහත්තයා කෝල් එකක් දුන්නේ නැද්ද..
මොකද බන් කෝල් එකක් නොදුන්නේ.. කෝල් එක ආන්සර් කරේ කකුල් හතරෙ එකෙක් නිසා තමයි ටෙලිග්‍රෑම් එකකුත් ගැහුවේ.. මේකේ ඉන්න එවුන්ට අවුරුදු ගානක් ගිහිනුත් සතා අඳුරන්න බැරි උනාට මට හොඳට සත්තු අඳුරන්න පුළුවන් බන්..
අනේ මහත්තය මම මේ වගක් කියපු විත්තිය කාටවත් කියන්න එපා..
අනේ නෑ දයානන්ද.. මම ඔව්ව කාට කියන්නද.. ඕනෙනම් මම කියපු ටික දයානන්ද ලොක්කට කියන්න..
අනේ මම ඕව කියන්න යනවද මහත්තය.. මහත්තය දන්නවනේ මගේ ගැන.. මම ගිහින් එන්නම් එහනම්..
ඔන්න ඔය විදිහට ලොක්ක මට ගුලිය අඹරන්න දහසක් දහන්ගැට ගහන අතරේ තමයි මේ කතාවට අනියම්ව සම්භන්ධ වෙන නකල්ස් චාරිකාව යන්න අපේ කොල්ලෝ සෙට් එක සැලසුම් අඳින්නේ. චාරිකාව සැලසුම් වෙන්නේ මාතලේ පැත්තෙන් ගිහින් ලග්ගල පැත්තෙන් නකල්ස් කඳුවැටිය තරණය කරන්න. චාරිකාව යන්න ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ මගේ වෑන් රථයෙන් වගේම අනෙකුත් සැපයුම් අනිකුත් සාමාජිකයින්ගෙන්. අපෙත් හිටිය කොන්ඩයෙක් පොස්ට් එකේ ස්ටාර් වෙච්චි කොන්ඩයාගේ මද්දුම සහෝදරයා වෙච්චි දැනට ජපානයේ පදිංචි ලාල් තමයි ගමනේ සංවිදායක සහ මගපෙන්වන්නා තනතුර දැරුවේ. අපේ ලාල් කොයිතරම් ඇවිදින්න ආසකරන එකෙක්ද කියනවනම් ගිය අවුරුද්දේ ලංකාවට ඇවිත් ඔකඳ දේවාලයේ සිට යාල මැදින් කතරගම දේවාලය දක්වා කිලෝමීටර අනූවක් ඇඩ්වෙන්චරස් ගමනක් පයින් ගිහින් තිබ්බ.
ලාල් සෙට් එකේ ඇසුරට එකතුවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි හුඟක් කැලෑවල ඇවිදින්න , කඳු නගින්න අපේ එවුන්ට අවස්තාව සැලසුනේ. ලාල් කියන්නේ ඇමේසන් වනාන්තරේ මැදට ගිහින් දැම්මත් කොහොමහරි පාර හොයාගෙන ජීවිතේ බේරාගෙන ගමට එන්න පුළුවන් සුපිරි චරිතයක්. කොටින්ම කියනවනම් ලාල් කියන්නේ ජී පී එස් එකක් වගේ පොරක්. පාරක් තොටක් නොදැන කැලෑ වැදුන හැම අවස්ථාවකම එකෙකුටවත් අනතුරක් වෙන්නේ නැතුව, ගිය විදිහටම ආපහු එන්න බුද්ධිමය දායකත්වය සැපයුවේ ලාල්. ගොන්ගල කන්ද නගින්න ගිහින් අපේ එවුන් කැලෑව මැද්දේ අතරමං උන වෙලාවෙ ලාල් තමයි කොහොමින් කොහොමින් හරි කොල්ලෝ ටික දෙනියාය ටවුමට අරන් ආවේ. මේ කියන්න යන නකල්ස් චාරිකාවේදීත් ආතක්පාතක් නැතුව මහා රූස්ස ගන කැලෑවක් ඇතුලේ අපිව අතරමන් උන වෙලාවේ අඩි සීයකට වඩා උස තුන් හතරදෙනෙකුටවත් බදන්න බැරි රූස්ස ගහකට නැගල අවට නිරීක්ෂණය කරලා අපිව නැවත හරි පාරට අරං ආවේ ලාල්. මොකද ඒ කාලේ සිතියමක් ඇරෙන්න ජී පී එස් තාක්ෂණ තිබෙනේ නැහැ නෙව.
ඉහත සඳහන් වෙච්ච විදිහට අපි කට්ටිය ලග්ගලට ගිහින් එදා රෑ පල්ලෙගම රණමුරේ නැවතිලා පහුවදා උදේම නකල්ස් නගින්න පිටත් උනා. මම කඳු නගින්න ඇවිදින්න ඒ තරම් දක්ෂයෙක් නොවෙන නිසා මේ වගේ චාරිකා වලදී මාව හලල යන්න අපේ සෙට් එක එක පයින් කැමති උනත් මගෙන් නොමිලේ සැපයෙන ප්‍රවාහන පහසුකම වෙනුවෙන් මාව ගමනට එකතුකරගන්නම අපේ උන්ට සිද්ද උනා. එහෙම නැතුව ලග්ගලට නිරන්තරයෙන් යන බස් කෝච්චි තිබ්බනම් ලක්ෂයක් දෙනවා කීවත් අපේ එවුන් මාව කඳු නගින්න නම් එක්ක යන්නේ නෑ නෑ නෑමයි. ඒ තියරියෙන් තමයි උන් ගොන්ගල නගින්න යද්දී මාව හලල ගියේ.
එහෙම මාව හලල ගියා කියල මගෙත් අමනාපයක් නැත්තේ මම උන් එක්ක යාම උන්ට කරදරයක් වෙන බව මම දන්නා හින්දමයි. එහෙම මට අනන්‍යතාවයක් ගොඩ නැගුනේ ලෝකාන්තය බලන්න ගිහින් ලෝකාන්තයේ ඉඳන් වාහන පාර්ක් එකට උන්ගේ කරපිටින් එන විදිහට මම වැඩ සලස්සපු නිසා. එතනින් එහා ඇවිදින්න යන ගමන් වලදී මගේ නම යෝජනා වෙද්දීම කපා හරින්න සාමාජික පිරිස දෙපාරක් හිතන්නේ නැහැ.
උදේම නැගිටලා කෑම උයාගෙන බත් පාර්සල් එහෙම හදාගෙන නකල්ස් නගින්න යන්න අපි ලැහැස්ති උනා. අපේ කොන්ඩයා නිරන්තරයෙන් අවට පරිසරය ගැන අවදානයෙන් ඉන්න නිසා කොන්ඩයාගේ අවදානයට ඉස්සෙල්ලම ලක් උනේ මාව..
මොනාද උඹේ ඔය පිටේ එල්ලන් ඉන්න මල්ලෙ තියෙන්නේ කියහන්..
ඇයි මොකටද උඹ අහන්නේ..
නෑ නිකම් දැනගන්න අහන්නේ.. කියහන් බලන්න..
කලිසම් දෙකයි.. ටී ෂර්ට් දෙකයි.. අමතර මේස කුට්ටමක්.. ඊළඟට....... පොරවාගෙන නිදාගන්න එකක්....යන ගමන් සින්දු අහන්න රේඩියෝ එකක්.. මහන්සියට බොන්න බියර් බෝතලයක්.. ඊළඟට.... වතුර ලීටරයක්.. අමතර සපත්තු දෙකක්..
හොඳ හිතින් කියන්නේ උඹේ රේඩියෝ මගුලයි, බියර් බෝතලෙයි, වතුර බෝතලෙයි, සපත්තු දෙකයි වාහනේට දාහන්..
ඒ මොකෝ..
මොකොටෝ අනවශ්‍ය බර උස්සගෙන යන්නේ..
ආයේ නොකිව්වා කියන්න එපා මම කියපු ටික වාහනේට දාල වරෙන්..
උඹ නෙවෙයිනේ උස්සන් යන්නේ මමනේ උස්සන් යන්නේ .. ඒ හින්ද උඹ පැහෙන්නේ නැතුව හිටහන්..
අපිට රේඩියෝ අහන්න ඕන නෑ .. ඒ හින්ද රේඩියෝ එපා..අපිට බියර් ඕන නෑ .. ඒ හින්ද ඒකත් එපා.. අපි ගාව ඕන තරම් වතුර තියෙනව ඒ හින්ද උඹ වතුර ගෙනියන්න ඕනෙත් නෑ .. කන්ද උඩ මාසයක් ඉන්න නෙවෙයිනේ යන්නේ.. ඒ හින්ද කකුල් දෙකේ තියන සපත්තු දෙක ඇති..අමතර එව්ව ඕන නෑ
නෑ මට රේඩියෝ අහන්න ඕන.. එතකොට මහන්සියක් නැතුව කන්ද නගින්න පුළුවනි.. බියර් බෝතලේ ඊයේ රෑ ඉතුරුවෙච්චි ටිකක්.. එක උඹ බීවේ නැති උනාට අනික් උන් බොයි .. වතුර මට ඕන උනොත් බොන්න මම ගෙනියනවාමයි..සපත්තු දෙක ගැන උඹ ප්‍රශනයක් කරගන්න එපා ..
මොකද බන් බොල දෙන්නගේ කෑ ගැහිල්ල... ලාල් අපි දෙන්නගේ ආරවුල මැද්දට පනින්නේ ඔය අතරේ එහෙම කියාගෙන ..
මෙන්න මූ නකල්ස් උඩ පවුලක් පන්සලක් වෙන්න යන්න තරම් බඩු පුරෝගෙන බෑග් එකේ.. එහෙම උත්තර දුන්නේ කොන්ඩයා ..
ඉතින් උඹට මොකෝ ඌට උස්සන් යන්න පුලුවන්නම් .. ලාල් කතා කරේ මගේ පැත්තට..
උඹනම් කියාවි.. අපි කූඩාරම උස්සගෙන යන්නත් ඕන.. ඒ මදිවට මූ ටොන් එකක් බඩු පුරෝගෙන යන්න පිටත් උනාට උඹ බලහන්කො හැතැක්මක් දෙකක් යද්දී මූ ඕව ඔක්කොම අපේ ඇඟේ එල්ලනව.
අනේ මේ උඹ නිකා හිටපන්.. යකෝ මට ඇඟේ හයිය තියනවා නකල්ස් දෙපාරක් නගින්න.. උඹ පැහෙන්නේ නැතුව හිටපන්කෝ..
ඌ කියනවනම් ඌට ඕක කර තියාගෙන නගින්න පුළුවන් කියල උඹ කටවහගෙන හිටහන්කෝ..
බොල බලන් හිටහන්කෝ වෙන්නේ මොකක්ද කියල.. කොන්ඩයා නිහඬ උනේ ලාල් මගේ පැත්තට කතා කිරීමත් ලාල් කොන්ඩයාගේ වැඩිමහලු සහෝදරයා වීමත් නිසා..
එත් වැස්සට කලින් වැස්ස එනවා කියල දැනෙන වැහි ලිහිනියට වගේම කොන්ඩයාගේ ඉව කවදාවත් වැරදුනේ නැත. නකල්ස් නගින්න අරන් පැයක් යන්න කලින් ඉහින් කනින් දාඩිය මුගුරු දාගෙන ඔත්පල වෙච්චි මගේ සියලුම ආම්පන්න කරතියාගෙන යන්න උනේ අනික් උන්ට. මගේ ගමන් මල්ල ගත්තු ගමන්ම ඒකෙ තිබ්බ වතුර බෝතලෙයි බියර් බෝතලෙයි කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කන්දකින් පහලට විසික් කරලා දාපු කොන්ඩයා මගේ පන වගේ තිබ්බ රේඩියෝ කටුව කන්දෙන් පහලට විසික් කරන්න හදද්දී ඒක බේරගන්න මට කොණ්ඩයට නොවන්දිනා වැඳුම් වඳින්න උනා..
ඔයින් මෙයින් බොහොම අමාරුවෙන් නකල්ස් නගින අතරේ අපිට හමුවෙන්නේ තනිකරම මහා රූස්ස වනාන්තරය යටින් වවිච්ච එනසාල් වගාව. බොහොම නිසල පරිසරයක් එක්ක බැලු බැලූ අතේ තියෙන්නේ රූස්ස ගස් සහ එනසාල් වගාව විතරයි. රණමුරේ පැත්තෙන් නකල්ස් නගිද්දී හමුවෙන අංශක අනූවක තරම් ගිරි දුර්ගයක් එක දිගට නගින්න වෙනවා පැයක් විතර. වචනෙන් කියාගන්න බැරි තරම් අමාරුවකින් ඒ ගිරිදුර්ග තරණය අතර මැදදී නවත්තල මට බත් පාර්සලයක් ලියල දෙන්න අපේ එවුන්ට සිද්ද උනේ එතනින් එහාට අඟලක්වත් නගින්න මට හයියක් තිබ්බේ නැති නිසා.
ඔහොම වනාන්තරය තරණය කරගෙන අපි සේන්දු උනේ එනසාල් වගාව මුර කරන මුරකරුවෙක් ඉන්න පැලක් ලඟට. පැල් කොටේ දොර ජනෙල් වහල තිබ්බ නිසා අපි කට්ටිය තීරණය කරා තේ ටිකක් හදාගෙන බීල ආයෙත් ගමන පටන් ගන්න. ගෙනාපු වතුර පරෙස්සම් කරගන්න ඕන නිසා අපේ නායක තුමා හෙවත් ලාල්ගේ අදහස උනේ වතුර ටිකක් අහල පහලින් සොයා ගැනීම. මාවත් කොන්ඩයාත් පැල්කොටය අසල තනි කරලා කට්ටියම වතුර හොයන්න පිටත් වෙන්නේ මේ අතරේ. ගමන් විඩාව නිවාගන්න කියල බෑග් දෙකට ඔලුව තියාගෙන පැල්කොටය ළඟ මිදුලේ දිගාවෙලා ඉන්න අපි දෙන්න දිහාවට අමුත්තෙක් කඩන් පනින්නේ මේ අතරෙයි..
තොපි දෙන්න කව්ද..
නාදුනන පුද්ගලයෙක් කානු දෙකේ තුවක්කුවක් අපි දෙන්න දිහාවට එල්ල කරගෙන ඉලක්කය අල්ලන ගමන් තමයි එහෙම ඇහුවේ..
හෑ ... අනේ බූ ...බූ ...බුදු මාමේ වෙඩි තියන්න නම් එපා.. අප් ..අප් ..අප්පි නකල් නගින්න යන කට්ටියක්..
හෙලවෙන්න එපා... අත් උස්සපල්ලා දෙන්නම..
මමත් කොණ්ඩයත් අත්දෙක ඉහලටම උස්සගත්තේ ඉස්කෝලේ හෝඩියේ පන්තියේදී ටීචර් ළමායි ...අත් ඔසවාන් කිව්වාම වගෙ..
තොපි දෙන්න නකල්ස් නගින්න යනවනම් මෙතන මොකද කරන්නේ කියපන්...
අනේ මාමේ අපේ අනික් කට්ටිය ගියා වතුර ටිකක් හොයාගෙන එන්න.. අපි මේ එයාල එනකම් ඉන්නේ..
බොරු කියන්න එපා.. තොපි දෙන්නව ගස් බැඳලා වෙඩි තියනවා දැනගනින්.. කියපන්.. තොපි ආවේ එනසාල් හොරකමේ නේද..
අනේ නෑ බුදු මාමේ.. අපි අම්බලන්ගොඩ කට්ටියක්.. අපි මේ ඇත්තමයි කියන්නේ..
හූ..හූ.......හැක් ...හැක් ...හැක් ...
කැලේ පැත්තෙන් සමච්චල් හූවක් එක්ක අපේ එවුන් හිනාවෙන සද්දෙට තමයි මටයි කොණ්ඩයාටයි මූත්‍රා පහවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇඟට ලේ ටිකක් උනලා සිද්දිය එලි උනේ.. ඒ ඇවිත් තිබ්බේ පැල්කොටේ ඉන්න මුරකාරය. අපේ උන් තමයි ඒ මනුස්සයව එවල තියෙන්නේ අපි දෙන්නව භය කරන්න. ඒ මනුස්සයත් වැඩේ අකුරටම කරපු නිසා තව ජුන්ඩෙන් මටත් කොන්ඩයාටත් කලිසං මාරු කරන්න වෙනවා සහතිකයි.
එදා තමයි මට ජීවිතේට පළමු සහ අවසන් වතාවට ගිනි අවියක් අතගාන්න අවස්තාව ලැබෙන්නේ. අපි මුරකරයාගේ පැලේ තේ වක්කරගෙන බොන වෙලාවේ අපේ කට්ටියටම මුරකාරයාගේ කානු දෙකේ තුවක්කුව ඇතිවෙන්න අතපත ගාන්න අවස්තාව ලැබුන. ඉතින් වඳුරට දැලි පිහිය ලැබුන වගේ අපි හැමෝම තුවක්කුව එක්ක එක එක විලාසිතාවට පින්තුර ටිකක් ගන්න අමතක කරේ නැහැ.
ලියාගෙන ආපු කතාවට ආපහු හැරෙන්න ඕන නිසා නකල්ස් ගමනේ ඉතුරු ටික සහ නකල්ස් ගිහින් කොන්ඩයා කට්ටියටම නුඩ්ල්ස් හදපු විදිහ ගැන වෙනම පොස්ට් එකකින් අද හෙටම ලියන්නම්කො..
ඔන්න නකල්ස් ගිහින් ඇවිත් සතියක් දෙකක් යද්දී පින්තුරු ටික ප්‍රින්ට් කරපු ලාල් අයිතිකරුවන්ට පින්තූරු බෙදල දීපු නිසා මටත් මේ කානු දෙකේ තුවක්කුව එක්ක ගහපු ඉතිහාසගත පින්තුරේ ලැබුන. එයින් පස්සේ අපේ ලාල් අද්‍යාපනය සඳහා ජපානය බලා ගිය නිසා ඒ තමයි අපි ගිය අවසන් කඳු නැගීම. එතනින් එහා අපිව කැලෑවදින්න අරන් යන්න ගමනක් සංවිධානය කරන්න එකෙක් අපි අතරේ හිටියේ නැහැ. ගියත් ඉහතින් නකල්ස් ගමන මතක තියනකම් උන් මාව කඳු නගින්න අරන් යන එකනම් බොහොම අවිනිශ්චිතයි.
එන්න එන්නම ලොක්කාගෙන් මට ලැබෙන අඩම්තේට්ටම් වැඩි වෙන ස්භාවයක් තිබ්බ නිසාත්, උදේ තුනහමාරේ ඉඳන් රැකියාවට එන දුෂ්කර ගමනාගමනය නිසාත් මම ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවත් ලොක්ක මාව අනුප්‍රාප්තිකයෙක් නොමැතිව නිදහස් කල නොහැක යටතේ අත්අඩංගුවට ගත්ත. ලොක්කාට කොන්ද නවන්න්නේ නැති නාහෙට නාහන මට ලේසියෙන් ගැලවිලා යන්න ලොක්ක ඉඩ දුන්නේ නැත්තේ මාව කොනිත්තල රිද්දන පරමාර්ථයෙන්.
මම දුරකතනයෙන් දන්වල නිවාඩු ගත්තු දවසක පහුවදා දයානන්ද මගේ කාමරයට ආපු වෙලාවක තමයි මේ කතාව ඇති උනේ.
මහත්තය ඊයේ වැඩට ආවේ නෑ නේද..
ආ ඔව් දයානන්ද.. ගෙදර පොඩි හදිසි වැඩක් යෙදුන.. ඒ හින්ද එන්න බැරි උනා..
මහත්තය ලීව් ෆෝරම් එකක් දැම්ම නේද..
ඔව් දයානන්ද.. උදේම ඉන්ජිනියර්ට දාල ඇත්තෙ ..
ඒ උනාට පොඩි ප්‍රශනයක් මහත්තය..
ඒ මොකක්ද දයානන්ද ..
මහත්තය කෝල් එකක් දීල නැහැ කියල ලොක්ක ලීව් ෆෝරම් එක ඇප්රු කරලා නැහැ..
ඇයි යෝදයෝ ඉන්ජිනියර්ගේ ලයින් එක බිසී නිසා ඒ යකාගේ ෆෝන් ලයින් එකටමනේ කෝල් එක දුන්නේ..
අනේ මන්ද මහත්තය.. ලොක්ක එක්ක හැප්පෙන්න යන්න එපා.. ඕක අතෑරලා දැම්මනම් ඉවරයි.. ටෙලිෆෝන් පොතේ ලියල නැති නිසා කෝල් එකක් දීල නැහැ කියලයි ලොක්ක කියල තියෙන්නේ..
ලොක්කට කියහන් තව දවස් දෙකක් ඉන්න කියල ආතල් එකේ..
ඒ මොකෝ මහත්තය..
ලොක්කට කියහන් මම දකුණේ එකෙක් කියල.. මේකේ ඉන්න අනික් උන්ට දෙන පරිප්පු මට දෙන්න ටිකක් අමාරුයි කියහන්කෝ..
ඕවට හැප්පෙන්න එපා මහත්තයා.. දන්නවනේ ලොක්කගේ හැටි..
මොනාද බන් හැප්පෙන්න එපා කියන්නේ.. මම ගහපු ටෙලිග්‍රෑම් එක තැපැල් අංශෙට ගිහින් ලොක්කගේ මේස උඩට එන්න දවස් දෙකක් විතර යාවි.. එතකම් මගේ ලීව් ෆෝරම් එක තියාගෙන ආතල් එකක් ගන්න කියහන්කෝ..
ආ එක මිසක්ක..ඒ කියන්නේ මහත්තයා කෝල් එකක් දුන්නේ නැද්ද..
මොකද බන් කෝල් එකක් නොදුන්නේ.. කෝල් එක ආන්සර් කරේ කකුල් හතරෙ එකෙක් නිසා තමයි ටෙලිග්‍රෑම් එකකුත් ගැහුවේ.. මේකේ ඉන්න එවුන්ට අවුරුදු ගානක් ගිහිනුත් සතා අඳුරන්න බැරි උනාට මට හොඳට සත්තු අඳුරන්න පුළුවන් බන්..
අනේ මහත්තය මම මේ වගක් කියපු විත්තිය කාටවත් කියන්න එපා..
අනේ නෑ දයානන්ද.. මම ඔව්ව කාට කියන්නද.. ඕනෙනම් මම කියපු ටික දයානන්ද ලොක්කට කියන්න..
අනේ මම ඕව කියන්න යනවද මහත්තය.. මහත්තය දන්නවනේ මගේ ගැන.. මම ගිහින් එන්නම් එහනම්..
ඔන්න ඔය විදිහට ලොක්ක මට ගුලිය අඹරන්න දහසක් දහන්ගැට ගහන අතරේ තමයි මේ කතාවට අනියම්ව සම්භන්ධ වෙන නකල්ස් චාරිකාව යන්න අපේ කොල්ලෝ සෙට් එක සැලසුම් අඳින්නේ. චාරිකාව සැලසුම් වෙන්නේ මාතලේ පැත්තෙන් ගිහින් ලග්ගල පැත්තෙන් නකල්ස් කඳුවැටිය තරණය කරන්න. චාරිකාව යන්න ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ මගේ වෑන් රථයෙන් වගේම අනෙකුත් සැපයුම් අනිකුත් සාමාජිකයින්ගෙන්. අපෙත් හිටිය කොන්ඩයෙක් පොස්ට් එකේ ස්ටාර් වෙච්චි කොන්ඩයාගේ මද්දුම සහෝදරයා වෙච්චි දැනට ජපානයේ පදිංචි ලාල් තමයි ගමනේ සංවිදායක සහ මගපෙන්වන්නා තනතුර දැරුවේ. අපේ ලාල් කොයිතරම් ඇවිදින්න ආසකරන එකෙක්ද කියනවනම් ගිය අවුරුද්දේ ලංකාවට ඇවිත් ඔකඳ දේවාලයේ සිට යාල මැදින් කතරගම දේවාලය දක්වා කිලෝමීටර අනූවක් ඇඩ්වෙන්චරස් ගමනක් පයින් ගිහින් තිබ්බ.
ලාල් සෙට් එකේ ඇසුරට එකතුවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි හුඟක් කැලෑවල ඇවිදින්න , කඳු නගින්න අපේ එවුන්ට අවස්තාව සැලසුනේ. ලාල් කියන්නේ ඇමේසන් වනාන්තරේ මැදට ගිහින් දැම්මත් කොහොමහරි පාර හොයාගෙන ජීවිතේ බේරාගෙන ගමට එන්න පුළුවන් සුපිරි චරිතයක්. කොටින්ම කියනවනම් ලාල් කියන්නේ ජී පී එස් එකක් වගේ පොරක්. පාරක් තොටක් නොදැන කැලෑ වැදුන හැම අවස්ථාවකම එකෙකුටවත් අනතුරක් වෙන්නේ නැතුව, ගිය විදිහටම ආපහු එන්න බුද්ධිමය දායකත්වය සැපයුවේ ලාල්. ගොන්ගල කන්ද නගින්න ගිහින් අපේ එවුන් කැලෑව මැද්දේ අතරමං උන වෙලාවෙ ලාල් තමයි කොහොමින් කොහොමින් හරි කොල්ලෝ ටික දෙනියාය ටවුමට අරන් ආවේ. මේ කියන්න යන නකල්ස් චාරිකාවේදීත් ආතක්පාතක් නැතුව මහා රූස්ස ගන කැලෑවක් ඇතුලේ අපිව අතරමන් උන වෙලාවේ අඩි සීයකට වඩා උස තුන් හතරදෙනෙකුටවත් බදන්න බැරි රූස්ස ගහකට නැගල අවට නිරීක්ෂණය කරලා අපිව නැවත හරි පාරට අරං ආවේ ලාල්. මොකද ඒ කාලේ සිතියමක් ඇරෙන්න ජී පී එස් තාක්ෂණ තිබෙනේ නැහැ නෙව.
ඉහත සඳහන් වෙච්ච විදිහට අපි කට්ටිය ලග්ගලට ගිහින් එදා රෑ පල්ලෙගම රණමුරේ නැවතිලා පහුවදා උදේම නකල්ස් නගින්න පිටත් උනා. මම කඳු නගින්න ඇවිදින්න ඒ තරම් දක්ෂයෙක් නොවෙන නිසා මේ වගේ චාරිකා වලදී මාව හලල යන්න අපේ සෙට් එක එක පයින් කැමති උනත් මගෙන් නොමිලේ සැපයෙන ප්‍රවාහන පහසුකම වෙනුවෙන් මාව ගමනට එකතුකරගන්නම අපේ උන්ට සිද්ද උනා. එහෙම නැතුව ලග්ගලට නිරන්තරයෙන් යන බස් කෝච්චි තිබ්බනම් ලක්ෂයක් දෙනවා කීවත් අපේ එවුන් මාව කඳු නගින්න නම් එක්ක යන්නේ නෑ නෑ නෑමයි. ඒ තියරියෙන් තමයි උන් ගොන්ගල නගින්න යද්දී මාව හලල ගියේ.
එහෙම මාව හලල ගියා කියල මගෙත් අමනාපයක් නැත්තේ මම උන් එක්ක යාම උන්ට කරදරයක් වෙන බව මම දන්නා හින්දමයි. එහෙම මට අනන්‍යතාවයක් ගොඩ නැගුනේ ලෝකාන්තය බලන්න ගිහින් ලෝකාන්තයේ ඉඳන් වාහන පාර්ක් එකට උන්ගේ කරපිටින් එන විදිහට මම වැඩ සලස්සපු නිසා. එතනින් එහා ඇවිදින්න යන ගමන් වලදී මගේ නම යෝජනා වෙද්දීම කපා හරින්න සාමාජික පිරිස දෙපාරක් හිතන්නේ නැහැ.
උදේම නැගිටලා කෑම උයාගෙන බත් පාර්සල් එහෙම හදාගෙන නකල්ස් නගින්න යන්න අපි ලැහැස්ති උනා. අපේ කොන්ඩයා නිරන්තරයෙන් අවට පරිසරය ගැන අවදානයෙන් ඉන්න නිසා කොන්ඩයාගේ අවදානයට ඉස්සෙල්ලම ලක් උනේ මාව..
මොනාද උඹේ ඔය පිටේ එල්ලන් ඉන්න මල්ලෙ තියෙන්නේ කියහන්..
ඇයි මොකටද උඹ අහන්නේ..
නෑ නිකම් දැනගන්න අහන්නේ.. කියහන් බලන්න..
කලිසම් දෙකයි.. ටී ෂර්ට් දෙකයි.. අමතර මේස කුට්ටමක්.. ඊළඟට....... පොරවාගෙන නිදාගන්න එකක්....යන ගමන් සින්දු අහන්න රේඩියෝ එකක්.. මහන්සියට බොන්න බියර් බෝතලයක්.. ඊළඟට.... වතුර ලීටරයක්.. අමතර සපත්තු දෙකක්..
හොඳ හිතින් කියන්නේ උඹේ රේඩියෝ මගුලයි, බියර් බෝතලෙයි, වතුර බෝතලෙයි, සපත්තු දෙකයි වාහනේට දාහන්..
ඒ මොකෝ..
මොකොටෝ අනවශ්‍ය බර උස්සගෙන යන්නේ..
ආයේ නොකිව්වා කියන්න එපා මම කියපු ටික වාහනේට දාල වරෙන්..
උඹ නෙවෙයිනේ උස්සන් යන්නේ මමනේ උස්සන් යන්නේ .. ඒ හින්ද උඹ පැහෙන්නේ නැතුව හිටහන්..
අපිට රේඩියෝ අහන්න ඕන නෑ .. ඒ හින්ද රේඩියෝ එපා..අපිට බියර් ඕන නෑ .. ඒ හින්ද ඒකත් එපා.. අපි ගාව ඕන තරම් වතුර තියෙනව ඒ හින්ද උඹ වතුර ගෙනියන්න ඕනෙත් නෑ .. කන්ද උඩ මාසයක් ඉන්න නෙවෙයිනේ යන්නේ.. ඒ හින්ද කකුල් දෙකේ තියන සපත්තු දෙක ඇති..අමතර එව්ව ඕන නෑ
නෑ මට රේඩියෝ අහන්න ඕන.. එතකොට මහන්සියක් නැතුව කන්ද නගින්න පුළුවනි.. බියර් බෝතලේ ඊයේ රෑ ඉතුරුවෙච්චි ටිකක්.. එක උඹ බීවේ නැති උනාට අනික් උන් බොයි .. වතුර මට ඕන උනොත් බොන්න මම ගෙනියනවාමයි..සපත්තු දෙක ගැන උඹ ප්‍රශනයක් කරගන්න එපා ..
මොකද බන් බොල දෙන්නගේ කෑ ගැහිල්ල... ලාල් අපි දෙන්නගේ ආරවුල මැද්දට පනින්නේ ඔය අතරේ එහෙම කියාගෙන ..
මෙන්න මූ නකල්ස් උඩ පවුලක් පන්සලක් වෙන්න යන්න තරම් බඩු පුරෝගෙන බෑග් එකේ.. එහෙම උත්තර දුන්නේ කොන්ඩයා ..
ඉතින් උඹට මොකෝ ඌට උස්සන් යන්න පුලුවන්නම් .. ලාල් කතා කරේ මගේ පැත්තට..
උඹනම් කියාවි.. අපි කූඩාරම උස්සගෙන යන්නත් ඕන.. ඒ මදිවට මූ ටොන් එකක් බඩු පුරෝගෙන යන්න පිටත් උනාට උඹ බලහන්කො හැතැක්මක් දෙකක් යද්දී මූ ඕව ඔක්කොම අපේ ඇඟේ එල්ලනව.
අනේ මේ උඹ නිකා හිටපන්.. යකෝ මට ඇඟේ හයිය තියනවා නකල්ස් දෙපාරක් නගින්න.. උඹ පැහෙන්නේ නැතුව හිටපන්කෝ..
ඌ කියනවනම් ඌට ඕක කර තියාගෙන නගින්න පුළුවන් කියල උඹ කටවහගෙන හිටහන්කෝ..
බොල බලන් හිටහන්කෝ වෙන්නේ මොකක්ද කියල.. කොන්ඩයා නිහඬ උනේ ලාල් මගේ පැත්තට කතා කිරීමත් ලාල් කොන්ඩයාගේ වැඩිමහලු සහෝදරයා වීමත් නිසා..
(නකල්ස් නගින්න යන්න ලැහැස්ති වෙච්ච අපි කට්ටිය. අපේ ගමනට උදව් කරපු ලග්ගල පල්ලෙගම රණමුරේ ග්‍රාමසේවක මහත්තයා සහ එතුමාගේ අම්ම තමයි අපි එක්ක ඉන්නේ. ලාල් තමයි වාඩිවෙලා ඉන්නේ. කොන්ඩයා ඉන්නේ මාව කන්න තරම් කේන්තියෙන්.. වම් පැත්තේ සම්පත්, දකුණු කොනේ ජයන්ත සහ නිශාන්ත . පින්තුරේ ගන්න ඇත්තේ අපේ අනික් ගමන් සගයා වෙච්චි සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී රසංග. පින්තූරු ඉස්සුවේ ලාල්ගේ බුකියෙන් )
ඔයින් මෙයින් බොහොම අමාරුවෙන් නකල්ස් නගින අතරේ අපිට හමුවෙන්නේ තනිකරම මහා රූස්ස වනාන්තරය යටින් වවිච්ච එනසාල් වගාව. බොහොම නිසල පරිසරයක් එක්ක බැලු බැලූ අතේ තියෙන්නේ රූස්ස ගස් සහ එනසාල් වගාව විතරයි. රණමුරේ පැත්තෙන් නකල්ස් නගිද්දී හමුවෙන අංශක අනූවක තරම් ගිරි දුර්ගයක් එක දිගට නගින්න වෙනවා පැයක් විතර. වචනෙන් කියාගන්න බැරි තරම් අමාරුවකින් ඒ ගිරිදුර්ග තරණය අතර මැදදී නවත්තල මට බත් පාර්සලයක් ලියල දෙන්න අපේ එවුන්ට සිද්ද උනේ එතනින් එහාට අඟලක්වත් නගින්න මට හයියක් තිබ්බේ නැති නිසා.
ඔහොම වනාන්තරය තරණය කරගෙන අපි සේන්දු උනේ එනසාල් වගාව මුර කරන මුරකරුවෙක් ඉන්න පැලක් ලඟට. පැල් කොටේ දොර ජනෙල් වහල තිබ්බ නිසා අපි කට්ටිය තීරණය කරා තේ ටිකක් හදාගෙන බීල ආයෙත් ගමන පටන් ගන්න. ගෙනාපු වතුර පරෙස්සම් කරගන්න ඕන නිසා අපේ නායක තුමා හෙවත් ලාල්ගේ අදහස උනේ වතුර ටිකක් අහල පහලින් සොයා ගැනීම. මාවත් කොන්ඩයාත් පැල්කොටය අසල තනි කරලා කට්ටියම වතුර හොයන්න පිටත් වෙන්නේ මේ අතරේ. ගමන් විඩාව නිවාගන්න කියල බෑග් දෙකට ඔලුව තියාගෙන පැල්කොටය ළඟ මිදුලේ දිගාවෙලා ඉන්න අපි දෙන්න දිහාවට අමුත්තෙක් කඩන් පනින්නේ මේ අතරෙයි..
තොපි දෙන්න කව්ද..
නාදුනන පුද්ගලයෙක් කානු දෙකේ තුවක්කුවක් අපි දෙන්න දිහාවට එල්ල කරගෙන ඉලක්කය අල්ලන ගමන් තමයි එහෙම ඇහුවේ..
හෑ ... අනේ බූ ...බූ ...බුදු මාමේ වෙඩි තියන්න නම් එපා.. අප් ..අප් ..අප්පි නකල් නගින්න යන කට්ටියක්..
හෙලවෙන්න එපා... අත් උස්සපල්ලා දෙන්නම..
මමත් කොණ්ඩයත් අත්දෙක ඉහලටම උස්සගත්තේ ඉස්කෝලේ හෝඩියේ පන්තියේදී ටීචර් ළමායි ...අත් ඔසවාන් කිව්වාම වගෙ..
තොපි දෙන්න නකල්ස් නගින්න යනවනම් මෙතන මොකද කරන්නේ කියපන්...
අනේ මාමේ අපේ අනික් කට්ටිය ගියා වතුර ටිකක් හොයාගෙන එන්න.. අපි මේ එයාල එනකම් ඉන්නේ..
බොරු කියන්න එපා.. තොපි දෙන්නව ගස් බැඳලා වෙඩි තියනවා දැනගනින්.. කියපන්.. තොපි ආවේ එනසාල් හොරකමේ නේද..
අනේ නෑ බුදු මාමේ.. අපි අම්බලන්ගොඩ කට්ටියක්.. අපි මේ ඇත්තමයි කියන්නේ..
හූ..හූ.......හැක් ...හැක් ...හැක් ...
කැලේ පැත්තෙන් සමච්චල් හූවක් එක්ක අපේ එවුන් හිනාවෙන සද්දෙට තමයි මටයි කොණ්ඩයාටයි මූත්‍රා පහවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇඟට ලේ ටිකක් උනලා සිද්දිය එලි උනේ.. ඒ ඇවිත් තිබ්බේ පැල්කොටේ ඉන්න මුරකාරය. අපේ උන් තමයි ඒ මනුස්සයව එවල තියෙන්නේ අපි දෙන්නව භය කරන්න. ඒ මනුස්සයත් වැඩේ අකුරටම කරපු නිසා තව ජුන්ඩෙන් මටත් කොන්ඩයාටත් කලිසං මාරු කරන්න වෙනවා සහතිකයි.
එදා තමයි මට ජීවිතේට පළමු සහ අවසන් වතාවට ගිනි අවියක් අතගාන්න අවස්තාව ලැබෙන්නේ. අපි මුරකරයාගේ පැලේ තේ වක්කරගෙන බොන වෙලාවේ අපේ කට්ටියටම මුරකාරයාගේ කානු දෙකේ තුවක්කුව ඇතිවෙන්න අතපත ගාන්න අවස්තාව ලැබුන. ඉතින් වඳුරට දැලි පිහිය ලැබුන වගේ අපි හැමෝම තුවක්කුව එක්ක එක එක විලාසිතාවට පින්තුර ටිකක් ගන්න අමතක කරේ නැහැ.
(මාව ලොක්කාගෙන් බේරාගත්තු තුවක්කුව දරාගත් අපේ මගපෙන්වන්නා ලාල්... මේ වගේම පින්තුරයක් තමයි මමත් ගත්තේ... ඒක මේ වලාවේ මා ගාව නැහැනේ දාන්න..)
ඔන්න නකල්ස් ගිහින් ඇවිත් සතියක් දෙකක් යද්දී පින්තුරු ටික ප්‍රින්ට් කරපු ලාල් අයිතිකරුවන්ට පින්තූරු බෙදල දීපු නිසා මටත් මේ කානු දෙකේ තුවක්කුව එක්ක ගහපු ඉතිහාසගත පින්තුරේ ලැබුන. එයින් පස්සේ අපේ ලාල් අද්‍යාපනය සඳහා ජපානය බලා ගිය නිසා ඒ තමයි අපි ගිය අවසන් කඳු නැගීම. එතනින් එහා අපිව කැලෑවදින්න අරන් යන්න ගමනක් සංවිධානය කරන්න එකෙක් අපි අතරේ හිටියේ නැහැ. ගියත් ඉහතින් නකල්ස් ගමන මතක තියනකම් උන් මාව කඳු නගින්න අරන් යන එකනම් බොහොම අවිනිශ්චිතයි.
එන්න එන්නම ලොක්කාගෙන් මට ලැබෙන අඩම්තේට්ටම් වැඩි වෙන ස්භාවයක් තිබ්බ නිසාත්, උදේ තුනහමාරේ ඉඳන් රැකියාවට එන දුෂ්කර ගමනාගමනය නිසාත් මම ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවත් ලොක්ක මාව අනුප්‍රාප්තිකයෙක් නොමැතිව නිදහස් කල නොහැක යටතේ අත්අඩංගුවට ගත්ත. ලොක්කාට කොන්ද නවන්න්නේ නැති නාහෙට නාහන මට ලේසියෙන් ගැලවිලා යන්න ලොක්ක ඉඩ දුන්නේ නැත්තේ මාව කොනිත්තල රිද්දන පරමාර්ථයෙන්.
සුහද මාරුවක් සඳහා ඕනෑතරම් ඉඩපහසුකම් තිබුනත් මම සේවය කරපු අංශයේ කීර්තිනාමය කොයිතරම්ද කියනවනම් කසිම පන ඇති ජීවියෙක් සුහද මාරුවක් වෙනුවෙන් මම සේවය කරපු තැනට එන්න කැමති උනේ නැහැ. ඒ හින්ද අකමැත්තෙන් උනත් පරිප්පුව වළඳන්න මට සිද්ද උනා. සංසාරේ කරපු මොකක්දෝ පිනකට ලොක්ක මට අටවපු හැම උගුලකම මම අහුනොවී බේරුනා. සමහර දවස්වලට ලොක්කයි මමයි ටොම් ඇන්ඩ් ජෙරී වගේ. මට ස්ථාන මාරුව නොදෙන නිසා මම කිසිම වැඩක් නොකිරීමත්, හිටපු ගමන් ආයතනයෙන් අතුරුදහන් වීමත් අරභයා ලොක්ක හදිසි වැටලීම් සඳහා මගේ රාජධානියට කඩන් පාන්නේ කසිප්පු අල්ලන්න පොලිසියෙන් පනිනවා වගේ. එත් මුහුදු වතුරෙන් මල කන්න සලස්වල තිබ්බ දොරේ සරනේරු දෙකට හොරෙන් කිසිම ප්‍රාණියෙකුට මගේ රාජධානියට ඇතුල්වෙන්න ඉඩ දුන්නේ නැති නිසා කොතන නිදාගෙන හිටියත් එන කෙනා මාව පෙනෙන තැනට එද්දී මම සීට් එකේ බරටම වැඩ.
ලොක්ක පුරුද්දට වගේ දවසට කීප වතාවක් මොකක් හෝ බොරුවක් ගොතාගෙන මම ඉන්න පැත්තට ඒමත් , තවත් බොරු දෙක තුනක් ගොතවල දයානන්දව දවසට දෙතුන් වතාවක් මම ඉන්න පැත්තට එවන එකත් මට ඔලුවේ කැක්කුමක් වෙලා තිබ්බ කාලෙක තමයි අහම්බෙන් වගේ නකල්ස් ගිහින් ගහපු තුවක්කු පින්තුරය මගේ ගෙදර මේස උඩ තිබිල මගේ ඇහැ ගැසෙන්නේ. යමක් දුටු පමණින් එයින් ගන්න පුළුවන් වැඩ දහයක් ඔලුවේ මැවෙන කොන්ඩයාගේම වර්ගයේ මීටරයක් හිමි එකෙක් වෙච්චි මට මේ පිංතුරය දැක්ක ගමන් ඔලුවට ආවේ මේ පින්තුරෙන් යස වැඩක් ගන්න පුළුවන් වටිනා වස්තුවක් නේද හත් දෙයියනේ කියලයි.
පහුවදා තුවක්කු පින්තුරය මා එක්ක රැකියාවට යන්න පිටත් උනේ ඒ සැලසුම සඳහායි. උදේම මගේ කාර්යාල මේසය උඩ තියන ලිපිගොනු කිහපයක් අස්සෙන් පින්තුරෙන් භාගයක් පේන්න වගේ හංගල ඉන්ටර්කොම් එකෙන් දයානන්ද ඇමතුවේ වැඩේ ක්‍රියාත්මක කරන්නයි..
ආ මහත්තය එන්න කියල කිව්වේ..
නිකම් දයානන්ද.. හරිම කම්මැලියි .. ටිකක් කයියක් දාන්න එන්න කියල කිව්වේ..
ඉතින් ඉතින් දයානන්ද.. වාඩිවෙනවකො..
ජීවිතේම ඕපා දූප කියන්න කැප කරපු දයානන්ද එහෙම වෙලාවට පුටුවේ හරිබරි ගැහෙන්නේ වුර්තීය මට්ටමේ වාර්තාකරණයට ලැහැස්ති වෙලාමයි ..
ඉතින් දයානන්ද.. මොනවද අලුත් විස්තර.. මොනාද ලොක්ක මා ගැන කියන්නේ..
හී ..හී... ලොක්ක මොනා කියන්නද මහත්තය.. ලොක්ක නිතරම ඉන්නේ මහත්තය එක්ක තරහෙන්.. අනේ ඔන්න මම කිව්වා කියල එහෙම කියන්න එපා ..
පීස්සුද දයානන්ද.. මම කොතන හරි දයානන්දව පාවල දීල තියනවද..
ලොක්ක හිතන් ඉන්නේ මහත්තයව ගෙදර යවන්නම වගේ..
එව්වා හඳේ බන්..
අනේ මන්ද මහත්තය.. මහත්තයලත් ඉතින් එල්ලෙන්නමනේ යන්නේ.. ටිකක් ශේප් එකේ හිටියනම් ඉවරයිනේ දාබරේ වගේ.. ශා ... ෆොටෝ එකක් නේද මහත්තය..
ආ ඔව් දයානන්ද.. ඔය ටික කලකට කලින් ගහපු එකක් අපේ වත්තෙදී ..
හෑ ... තු....තු...තුවක්කුත් ති...ති..තියනවද මහත්තයලෑ ගෙදර..
අපොයි ඔව් දයානන්ද.. ඕක තමයි අපේ ලයිසන් තුවක්කුව.. ලයිසන් නැති දෙක තුනකිත් තියෙනව ඉතින්..
ඇ ..ඇ ...ඇත්තද... මේ...මේ.. කොහෙද මහත්තය..
ඔය අපි කට්ටිය දවසක් දඩයමේ ගිහින් ගතපු එකක්නේ දයානන්ද.. යාලුවෙකුගේ කැමරාවකින් ගතපු එකක්.. ඌ ඔෆිස් එකට ආපු වෙලාවක දුන්න මට ගෙදර ගෙනියන්න අමතක උනානේ..
ම..ම.. මහත්තයල නි ..නි ..නිතරම දඩයමේ ය ..යනවද ඉතින්..
අපොයි ඔව් දයානන්ද.. ගෙදර මුව මස්.. ගෝන මස් , වල්ඌරු මස් නැති දවසක් නෑ .. එව්වා ඉතින් තහනම් දේවල් නිසා වැඩට අරන් එන බත් එකට එව්වා දාන්නේ නැහැ ..
මහත්තයල ගාව තු.. තු.. තුවක්කු තියන බව මෙහෙ කව්රුත් දන්නේ නෑ නේද..
ඔව්ව මොකටද දයානන්ද මම හැමතැනම කියන්නේ.. ඔව්ව ඉතින් පුංචි කාලේ ඉඳන් අපේ ගෙවල්වල තියන එව්වනේ.. සාක්කුවේ දාගෙන එන්න පුළුවන් එව්වත් දෙකක් තියනවා දයානන්ද..
හෑ .. ඇත් ..ත්ත්ද...
ඔව්ව තියන නිසා තමයි දයානන්ද මම මොකාටවත් බය නැත්තේ.. කාට උනත් මගේ නීතිය එකයි.. ලොක්ක උනත් මගේ ජොබ් එක නැති කරොත් වෙන්නේ මේකේ ගේට්ටුව ගාවදි බල්ලෙක් වගේ වෙඩි කන්න.. ආයේ දෙකක් නෑ දයානන්ද.. රස්සාව නැති උනා කියල මාව නැති වෙන්නේ නැහැනේ.. එදාට ලොක්කට වෙන්නේ මේක ඇතුලටම වෙලා ඉන්න තමයි..
හෑ ..... අනේ මහත්තය මාවනම් ගාවගන්න එප් ..එප්පා ඔව්වට නං ...
අනේ නෑ දයානන්ද.. මම දන්නවනේ ලොක්කට මං ගැන කොටවන්න එවුන්.. කවදාහරි ලොක්ක මගෙන් වෙඩි කනවනම් උන්ටත් ඉතින් ඒ අනිසංසේම තමයි..
හෑ ... ම...ම...මහත්තය මම ගී ගිහිං එනම් එහෙනං ...ඕන් මමනං ඔව්වට නෑ මහත්තය..
මොකෝ දයානන්ද යන්න හදිස්සි.. ඉන්නවකෝ තව ටිකක් කතා කරන්න ..
යන්න ඕන මහත්තයා... ලොකු සර්ට ලියුම් ගෙන්න යන්න තියෙනවනේ..ගිහිං එන්නං ..
ආ දයානන්ද...තව දෙයක් කියන්න තියෙනව.. මා ගාව තුවක්කු තියනව කියල කාටවත් කියන්න ඕන නෑ හොඳේ.. මොකටද අපි ඔව්ව කාටවත් කියන්නේ.. මම මේ ටික දයානන්දට කිව්වෙත් මේ පින්තූරේ දයානන්ද දැකපු නිසා..
අපොයි නෑ මහත්තයා.. මම ඔව්ව කාටවත් කියන්නෑ ... ගිහින් එන්නම් ..
හොඳයි එහෙනම්..
කෙන්ද කන්ද කරන දයානන්ද කාටවත් නොකියන පොරොන්දුව පිට කනින් කනට කියල තිබුනේ මා ගාව තියන තුවක්කුව හැබැහින්ම ඇහින් දැකපු ගානට.
එදා ඉඳන් ලොක්ක මම ඉන්න පැත්තට පොලිසියෙන් පනිනවා වගේ කඩන් පනින එක සහ දයානන්ද ලව්වා ඔත්තු බලන එක සිද්ද උනේ නැහැ. ලොක්ක ඉතුරු කාලය පුරාම මගෙන් පළිගත්තේ මගේ ප්‍රමෝෂන් එකයි ස්ථාන මාරුවීමයි අත්අඩංගුවට අරගෙන තියාගෙන ඉන්න එකෙන්. එදා ඉඳන් රාජකාරී අවශ්‍යතාවයකට උනත් දයානන්ද මගේ කාමරයට ආවේ බොහොම පරෙස්සමෙන්. මට සපයල තිබුන සහයකයින් දෙදෙනාව වෙනත් අංශයකට මාරු කරපු ලොක්ක, ආයතනය පුරා කළු නමක් දරාගෙන හිටපු පෙරේරාව මට අනුයුක්ත කරේ විසෙන් විස නසන පරමාර්ථයෙන් . කාලයක් පොලිසියේ සේවය කරලා කොළඹ කාපු පපුව හොඳ සුපිරි මනුස්සයෙක් වෙච්චි පෙරේරාත් මමත් කිසිම ප්‍රශ්නයක් නැතුව ජාඩියයි මුඩියයි වගේ අවුරුදු දෙකක් රස්සාව කරගෙන සාමෙන් සන්තෝසෙන් හිටපු එක තමයි ලොක්කව පරාද කරවන ඊළඟ කාරණය උනේ. නකල්ස් ඉතුරු කොටස සහ ලොක්කගේ තවත් කථා ඉදිරියේදී ලියන්නම්කො..
පස්ට ලොක්කෙක්නෙ.. හෙක්.. මං එක කාලයක් වැඩ කරපු ස්ටෝස් එක්ක හිටිය එක ලොක්කෙක් ඌ කේලං නං අහනව ඒත් ඩබොල් ගේම් කෙටවිලි නැ.. මොකක් හරි එක්කට ඌත් එක්ක මළ පැනල ජොබල් දමල ගහල ගෙදර ආව ආවමයි ආයෙ නං තාම ප්‍ර්‍යිෙව්ට් කොම්පැණියක පස් පෑගුවෙ නෑ
ReplyDeleteදයානන්ද ල නං වැහි වැහැල බං..
බොලා වගේ කදු නෙවී මොන බිජ්ජකරගන්නවත් බැරි උං ටිකක් ඉන්නව අඩු ගානෙ සිරිපාරෙ නැගගන්න බැරිව බැහැල එන්න උනා උං හිංද..
මතක් වෙද්දිත් මල වගේ හිහි
කොණ්ඩයට කෝම සණිපයක් තිබ්බද කියල හිතාගන් පුලුවං හිහි
ලංකාවේ හැම ආයතනයකම වගේ ඔය වගේ ලොක්කෝ ඉන්නවා බන්. උම්න්ට අනුකම්පා කරනවා ඇරෙන්න වයිර කරන එක පවු. මොකද උන්ගේ තියන මානසික ව්‍යවුල් නිසා තමයි එහෙම හැසිරෙන්නේ.
Deleteසිරිපාදෙ නම් මම දෙවතාවක් නැගල තියනව බන්. ආයේ වතාවක් යන්න හිතන් ඉන්නවා රත්නපුර පැත්තෙන්. කොණ්ඩය සුපිරි මීටරේ නිසා වෙන්න යන කරදරේ කලින්ම ඌට දැනෙනවා බන්..
සමහර තැන් වලදී ඔහොම නොකරත් බෑ නැත්තන් උන් අපේ ඔලුවට අත හෝදනවා.. අපිනම් ලොක්කගේ පාස්වර්ඩ් එක උස්සලා නැති ප්‍රශ්ණ හදලා දෙනවා
ReplyDeleteකල්පනාවෙන් හිටියේ නැති උනොත් උන් අපේ කරේ යනවා බන්.. මානසික ලෙඩ්ඩු තමා ඉතිං .. ඉඳල හිටලා පරිප්පුවක් දීල පොඩි ෆන් එකක් ගත්තට අනුකම්පා කලයුතු පිරිසක් බන්..
Deleteඋබනම් පට්ට පොරක් බන්..උබගේ පෝස්ට් වලින් ආසම බන් මේකට බන් දිගටම ලියමු.
ReplyDeleteවමෙන් ගියත් අපි දකුණේ පොරවල්නේ..
කොලපාට කමිසේ ඇදන් ඉන්නේ උබද?
හ්ම්.. ඒ මං තමා. මීට අවුරුදු දාහතරකට කලින්.. ඒ කියන්නේ 2001 අවුරුද්දේ.
Deleteඅරක බෙහෙත් කොටන තුවක්කුවක් ද බං........ අනේ උඹලා මුරකාරයන්ටත් බය වෙනවානේ බං.....
ReplyDeleteඅපොයි නෑ .. ඒක පතුරම් දාන තුවක්කුවක් බන්.. රතුපාට පතුරමක් තමා ඒකට දාන්නේ.. මුරකාරය පතුරම අයින් කරගෙන තමයි තුවක්කුව අපිට සෙල්ලම් කරන්න දුන්නේ.. අක්කර දහස් ගානක කැලෑව ක් මැද්දේ මුණ පුරා රැවුලක් වවාගත්තු තඩි මිනිහෙක් තුවක්කුවක් එල්ල කරාම භය නොවී ඉන්නේ කවද බන්.. තව පොඩ්ඩෙන් කලිසම ඉවරයි...
Deleteවීරයෝ ගොඩක් ගාව තියෙන්නෙ නිර්භීතකම නෙමෙයි නිල බලය
ReplyDeleteඒකනම් ඇත්ත ඉයන්.. නිලය නැත්තම් ඕකුන් මොක්කුද..
Deleteඇත්ත කියහං අපිට නොකිව්වට මුර කාරය උඹලට තුවක්කුව දික් කරනකොට වෙන්න ඕන දේ උනා නේද?
ReplyDeleteමොනව උනත් මුරකාරයගේ තුවක්කුව හින්ට බොට සෑහෙන්න ප්‍රයෝජනයක් ලැබිල තියෙනව වගේ.
අපොයි නෑ බන්.. එත් දසමෙන් තමයි බේරුනේ.. අරුන් කැලෑව ඇතුලේ ඉඳන් හූ තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් එහෙම වෙනවමයි. මම ඉතින් ඕනෑම සම්පතකින් උපරිම ප්‍රයෝජන ගන්න බලන එකෙක් තමයි..
Deleteමරු කතාව මචං...
ReplyDeleteමමත් අපේ උන් එක්ක නකල්ස් නැග්ගා, මම ගියපු හොඳම ගමන, ආපහු යන්න බැරි මට්ටමට අපි අල වෙලා ඉවරයි...
මේ වගේ ලොක්කන්ට වෙඩි තිබ්බත් පාඩුවක් නැහැනේ බං බලාගෙන යද්දී...
ඒ අතින් අපේ එව්වෝ දාහෙන් සම්පතයිනේ...
අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ උන් අපෙන් එක එක දේවල් අහන එක. උන් දෙන්නට හරියට ප්‍රශ්න...
මේ මොකක්ද, අර මොකක්ද කියල අහනවා...
අද මගෙන් එකෙක් අහනවා ඒකාගේ ලැප් එකේ මෙච්චර කාලෙකට දැකපු නැති බටන් එකක් තියෙනවලු, ඒක අදලු දැක්කේ. ඒ මොකක්ද කියල අහනවා...
උන්ගේ හොඳේ කියන්නේ බොරුවක් කිව්වත් පිලි අරගෙන ඉන්නවා...
තව උන්ගේ තියෙන තව අවුලක් තමා එකම කතාව අපිට මාසෙකට වතාවක් හරි කියන එක, ඔක්කොම ඒවා ඉස්සර උන්ට වෙච්ච හරි අත්දැකපු හරි සිද්ධි...
ලැපේ බටං එක නොදැක්ක බුවා උගේ ඇඟේ තියෙන සමහර දේවලුත් තාම දැකල නැද්ද දන්නෑ. :D
Delete/අද මගෙන් එකෙක් අහනවා ඒකාගේ ලැප් එකේ මෙච්චර කාලෙකට දැකපු නැති බටන් එකක් තියෙනවලු, ඒක අදලු දැක්කේ. ඒ මොකක්ද කියල අහනවා.../
Deleteඈ...?
/තව උන්ගේ තියෙන තව අවුලක් තමා එකම කතාව අපිට මාසෙකට වතාවක් හරි කියන එක, ඔක්කොම ඒවා ඉස්සර උන්ට වෙච්ච හරි අත්දැකපු හරි සිද්ධි.../
ඉතිං කියාගෙන එනකොට, උඹ ඒ කතාවෙ ඉතුරු ටික ඌට කියහං. ඒකත් හරි ගියෙ නැත්තං, කුමාරොදය පොතක් තියාගනිං ළඟ. අරූ කතාව කියාගෙන එනකොට, ඒ පොත පෙරළගෙන අර කතාව කයවහං ඌට...
යහපත් ස්වාමියෙක් ලැබෙනවා කියන්නේ ලොකු පිනක් ලොකු පුතා.. මානසික වද වේදනා දෙන්නේ නැති මිනිස්සුන්ගේ දුක තේරෙන ස්වාමියෙක් ඉන්නවා කියන්නේ මොන තරම් වාසනාවක්ද. ඒ වගේ මිනිස්සුන්ගේ ලැප් ටොප් එක දවස ගානේ හදල දුන්නත් පවු නෑ බන්.
Deleteමම මුලින්ම කරපු ජොබ් එකේ මැනේජර් එකම කතාව දෙතුන්වර කියන කෙනෙක්.. හවසට රුහුණු කුමාරියේ ගෙදර යන්න ඕන නිසා අපි පුළුවන් තරම් එහෙයි එහෙයි කියාගෙන අහන් ඉන්නවා ඉතින්.
ඔය සමහරක් බඩ තඩි එවුන් උන්ගෙ ඇඟේ තියන සමහර බටන් දකින්නේ කන්නාඩිය ඉස්සරහට ගියාම තමයි බන් ප්‍රසන්න..
හිටාන් මන් ලොක්කට කියන්න.. දයානන්ද වගේ.. හැක හැක හැක..
Deleteමං හිතුව බං අර තුවක්කුව උරුක් කරං ආවෙ, උඹල විසික් කරපු බියර් බෝතලේ ඔළුවෙ වැදිච්ච පොරක් කියල...
ReplyDeleteඒ ගන වනන්තරේ එහෙම අහම්බෙන් බෝතලයක් ඔළුවට වැටෙන්න සෙල්ලම් කරුමයක් තියෙන්න ඕනෙද ඩ්‍රැකී.. මතකද ද ගෝර්ඩ් මස්ට් බී ක්‍රේසි පලවෙනි කොටසේ කොකාකෝල බෝතලේ.. නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාව බලන්න යන්න වටිනවා ඩ්‍රැකී.. සමහර එනසාල් ඉඩම් අයිතිකාරයෝ එයාලගේ වාඩියට එන්නේ හෙලිකොප්ටර් එකෙන් කියලයි ඒ මුරකාරය අපිට කිව්වේ..
Deleteඑනසාල් වතු බලන්න වටිනවා නෙමෙයි ඒ වේසිගෙ පුතාලට වෙඩි තියල මරන්නයි බං වටින්නේ...
Delete/මතකද ද ගෝර්ඩ් මස්ට් බී ක්‍රේසි පලවෙනි කොටසේ කොකාකෝල බෝතලේ./
Deleteඒක මතක් වෙලා තමා අරක ලිව්වෙ... හෙහ් හෙහ්...
සිංහරාජෙ එනසාල් වගා එහෙම ඇතුළත් වාර්තා වැඩසටහනක් කළා ආචාර්ය සෙනෙවි එපිටවත්ත කාලෙකට කලිං...
මචං අරක ඩබල් බැරල් එකක් නෙමෙයි නේද , පේන්නේ ෂොට් ගන් එකක් වගේ
ReplyDeleteඋඹ මොකටද ඒකෙ ජාතකේ හොයන්න යන්නෙ.
Deleteදැන් හරියටම මතක නැහැ බන් අටමෝ .. මම කානු දෙකේ තුවක්කුව කියල ලිව්වට ඒකට දැම්මේ එක පතුරමයි වගේ තමා මතක.. එහෙනං ඒක ෂොට් ගන් එකක් වෙන්න ඇති.. මම ඔව්ව ගැන ඒ තරම් දන්නේ නැහැ බන්.. දැන් කානු දෙකේ තුවක්කුවේ වෙඩි තිබ්බාම පතුරම් දෙකම එක පාරට යන්නේ නැද්ද බන්..
Deleteදෙකම එකපාරත් වෙන වෙනමත් තියන්න පුලුවං
Deleteබැලුවාම උඹ specialist කෙනෙක්නේ බන්.. රතිඥ්ඥා තුවක්කුවකට වැඩි යමක් මම දන්නේ නැහැ බන්..
Deleteඒ ඩබල් බැරල් නෙවී අම්බලන්ගොඩගේ ... තු....තු...තුවක්කු
ReplyDeleteආ... මේ ඒක නෙවෙයි වර්නේ... මේක පතුරම් දාන එකක්..
Deleteමරු කතා ටික බං.කැලේම අවසන් ගමන් යන්න වේවි කියල බයවුනා නේද?
ReplyDeleteඅරූ කොකා ගස්සුවනම් ඉතින් අම්බලන්ගොඩ කථා ලියන්න එකෙක් නැතිවෙයි කියල බය හිතුන බන් අයියේ.. පත්තුවෙන ආයුද එක්ක සෙල්ලම් කරන්න බැහැ නෙව ..
Deleteඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.. ඕකට තමයි තැලිලා පොඩි වෙලා ඉන්න ඕනි කියන්නේ..
ReplyDeleteඅනිවාර්යෙන්ම ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ලබාදිය යුතුයි.. ඔයිට කලින් හිටපු ලොක්කෙකුටත් ඔයිට සැර බේතක් දුන්න අතිනුත් ගානක් පාඩු වෙන්න..
Deleteහිහ් හිහ් හිහ්, මටනම් පේන්නේ, තමුන්නැහේ, මහෞෂධ පණ්ඩිතයන්ගේ ආච්චිගෙ, බාප්පගෙ, ලොකු මස්සිනාගෙ පුතා වගේ. බොහොම හොඳින්, තැනට සුදුසු ණුවන පාවිච්චි කොරලා තියනවා. ඔය හුඟක් කෑගහන පුම්බන ලොක්කෝ, ඇත්තටම වැඩබැරි බයගුල්ලෝ. අවබෝධ කරගන්න බැරි චරිත තියන උන්නැහේලා තමයි භයානක.
ReplyDeleteහයියෝ...........බෝර් 12 තුවක්කුවවත්, දැකලා නැද්ද? ඒ කාලේ දන්නවානම්, සම්පූර්ණ ආයුධාගාරයක සැරිසරන්න තිබුණා.
හරි හරි ලියමුකො බලන්න ඊළඟ කොටස.
ස්තානෝචිට අහවල් එක කියන්නේ ඕකට වෙන්ටැ.. ඇතුලෙදි පුම්බන එවුන් එළියේදී හම්බුනාම ඇඩ්‍රස් නැති වෙන්න වාෂ්ප වෙන හැටි මම ඇහින් දැකල තියෙනවා නේන්නං ..
Deleteතුවක්කුනම් එක එක ජාතියේ එව්වා දැකල තියනවා.. හැබැයි ටීවී එකේ විතරයි.. ඒ තමයි පලවෙනි සහ අන්තිම වතාවට ගිනි බිඳින්න පුළුවන් ආයුදයක් අතගාපු අවස්තාව. නිකම් දුන්නත් මටනම් ආයුද නම් ඕන නැතෝ. ඔව්ව තියෙනකොට ඔව්ව පාවිච්චි කරන්න හිතෙනවා විචාරක තුමා. අපිත් පෘතග්ජන මිනිස්සු නෙව.. කේන්තියක් ගිය වෙලාවක ඔයින් එකක් ළඟ තිබ්බ කියන්නේ ලොකු විනාසයක්..
පිස්සුද බං එහෙම වෙන්නේ නැ , එතකොට තව ටිකක් කල්පනා කරල වැඩ කරනවා
Deleteඔව්ව තියනකොට පත්තු කරන්න හිතෙනවා මිසක් කල්පනා කරන්නම හිතෙන්නේ නැහැ බන් ..
Deleteමැවිලා පේනවා මුරකාරයා තුවක්කුවක් දික් කරගෙන ඉන්නකොට උඹලා වේව්ලන විදිය.
ReplyDeleteකොණ්ඩය මාව දාල කැලේ කඩාගෙන දුවන්න හදද්දී මම තමා අතින් අල්ලලා නවත්තගත්තේ.. එදා කොණ්ඩය දිව්වනම් ඌව හොයාගන්න වෙනමම මිෂන් එකක් කරන්න වෙනවා අනිවාර්යයි.. ඇත්තටම එදා කකුල් වෙව්ලුව නේන්නං..
Deleteහෙහ් හෙහ්, උඹලා අවසන් ගමන් යන්නේ නැතුව මෙහෙම හරි ආව එක මදැයි බං බලාගෙන යද්දී.
ReplyDeleteමේ අත්දැකීම් තමයි බං දවසක සතුටක් ගේන්නේ.
අපිනම් කරදරයක් නැතුව ආව බන්.. එත් මගේ වාහනේ එංජිම අවසන් ගමන් ගියා නකල්ස් ගිහිං ආපු ගමන්..
Deleteසැක්.. මම හිතං හිටියෙ උඹ මම වගේම පට්ට ෆිට් කොල්ලෙක් කියල. මම ඉස්සර හිටිය කම්පනියෙ හිටිය ලොක්ක ඕනෙ එකට නැති එකටයි පිස්සෙක් වගේ බනිනව, පොරට හැමතිස්සෙම අසීමිතව තරහ යනව දවසක් මගෙ ගාව ට්‍රේනින් වෙවී හිටපු එකෙකුටත් බැන්න , ඌත් ලොක්කගෙම ජාතියේ තරහ යන එකෙක් මට විතරයි පොර කොන්ට්‍රෝල් මුගෙ තාත්ත ආණ්ඩුවේ ටිකක් ප්ලේස් එකක් තියන කෙනෙක්, ලොක්කට ඒ කිසිම දෙයක් අදාල නෑ .මූ දවසක් දෙකක් බැනුම් අහල දවසක් ලොක්කට ඇත්තම පිස්තෝලයක් දික්කලා , යන්තං ෂේප් කරන් මම අහකට අරන් ගියා. මම හිතන්නෙ එදා උඹට වගේම අපේ ලොක්කටත් මල මුත්‍ර පහ වෙන්න ඇති.
ReplyDeleteඒ කාලේ අඩි දහයක් පයින් නොගියපු කාලකන්නි කාලයක් කම්මලේ.. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් නගින්නම්කො නකල්ස් දහ පාරක්.. උඹලගේ ලොක්කට උනේ කෙසෙල් ගහට කොටපු කොට්ටෝරුවට වෙච්චි දේ.. කොහෙද අපිට එහෙම දෙයක් කොරන්න විදිහක් තිබ්බේ නැත්තේ අපේ ගෙවල්වල එවුනුත් ලොක්කගේ පැත්තෙනේ .. ගෙදරින් අනුග්‍රහයක් තිබ්බනම් අද වෙද්දී ලොක්ක වලේ මම හිරේ..හැක් ..
Deleteමංජු... උබෙත් හොද කතා තියෙනවා.. ඒවත් ලියපන්කෝ ..අර සතියක් ගෙදර හිටිය කතාව ...
ReplyDeleteමංජු???? මොකක් ගැනද මේ කියන්නේ??? ඔයා මාව දන්නවද? මගේ නම මංජු නෙවෙයිනේ..
Deleteබොහෝම අතලොස්සක් දන්න නමක් මූ දන්නව කියන්නෙ ටිකක් බොන්න ඕන කාරනාවක්
Delete:o
Deleteමචෝ ගෙවල් කලුවඩුමුල්ලේ නේ... නෙරන්ජන්ගේ පන්ති වල නේද උබ...රාජු කියල උබලගේ පවුලේ කෙනෙක් හිටිය මතකද
ReplyDeleteවිස්තර ටිකක් ලඟින් ලඟින් යනවා වගේ.. වැඩි විස්තර කතාකරන්න මට ඊ මේල් එකක් එවන්නකො පහත තියන ඊ මේල් එකට
Deletepolwattacom@gmail.com
ඒ වගේ ලොක්කෝ.. දයානන්දලා, හැමතැනම ඉන්නවා ..
ReplyDeleteඑලකිරි කතන්දර ටික..
ලොක්කගේ ඊලග සීන් එක ඉක්මනට දානවනං අගෙයි..
ජ ය වේ වා!!!
රස්සාව කරන්න ජීවත්වෙන මිනිස්සු ඉන්න රටක් වෙච්චි ලංකාවේ ලොක්කො සොක්කො වැඩි හරියක් ඔහොම තමයි විදානේ...ඉතුරුව වෙලාව තියන විදිහට ලියන්නම්කො..
Deleteමාත් මේ දවස්වල අපේ ඔපිස්සෙකේ දෙවෙනි අම්මණ්ඩිට ගේමක් අදිනවා. මුංදැ මහ ඉරිසියාකාර බඩ්ඩක්. ඔපිස්සෙකේ සේරටෝම කචල්. හරිගියාම ලියන්නංකො ඒ විස්තර
ReplyDeleteරුසියාවට වඩා ලොකුයි කියනවනේ ඉරිසියාව.. ඔය වගේ එකක් හිටියාම ඇති බන් එක තැනකට... කරන දෙයක් මොලෙන් කරහන්..
Deleteනියම කතාවක් අර තුවක්කුවක් ගැන කියල බය කරවල තියෙන්නෙ පොඩි කාලේ ළමයින්ව බයකරනවා වගේනෙ :D නකල්ස් ගමන ගැන විස්තර කරද්දිනම් එහෙ යන්න හරි ආස හිතුන.අපේ අය්යව තමා ඇදගෙන යනවනම් ..ඒත් එයා මාව හලලා යාළුවො එක්ක යයිද දන්නේ නැහැ :/
ReplyDeleteබවලත් උදවිය ඔව්වයේ යනවනම් පිරිමි විස්සක් තිහක් එක්කවත් යන්න වෙනව හංසි .. ඒ මහ මුකලාන මැද්දේ ලංකාව වගේ රටක ගැහැණු කෙනෙකුට ආරක්ෂාවක් නැහැ කියලයි මට හිතෙන්නේ.. අපිට රාම රාවනා පුරාවුර්ත්වල එන එයාලගේ ඥාති පරම්පරාවල් එහෙමත් හමු උනා ඒ ගමනේදී. බොහොම ආගන්තුක සත්කාර දන්නා මිනිස්සු. ඊළඟ කොටසේදී පින්තූර දාන්නම්කො..ස්තුතියි මේ පැත්තේ ආවට..
Deleteමේ දයානන්දට නෙද පිස්සු හැදුනා කිවුවේ (ප්රශ්නාර්තයක්) නැත්තන් දාඹරේ මාමටද (ප්රශ්නාර්තයක්) පෙර දවසක කියවපු කතාන්දරයක් මතක්වෙලා අමතක වුන දෙයක් ඇහුවේ (තිත් දෙකක්)
ReplyDeleteදයානන්දට තමයි සිහිකල්පනාව නතුවගියේ.. දාබරේ මාම මැරුණා කියල විතරක් ආරංචි උනා වැඩි විස්තරයක් දන්නේ නැහැ රංගන. දයානන්ද මුළු ජීවිතේම කැපකරේ ලොක්කන් වෙනුවෙන්. ඒ අතරේ දයානන්දගේ ගෙදර සෑහෙන්න ප්‍රශ්න අතිඋනා. දයානන්ද පෙන්ෂන් යද්දී දයානන්දගේ ෆැමිලි එක සී සීකඩ විසිරිලා ඉවරයි.
Deleteමචෝ මම, ලාල්, රසංග එක්ක අවුරුදු ගානක් ඉස්කෝලෙ පස්සෙ පේලියෙ හිටිය එකෙක්, මම උබ අදුරනව ඇති. මම උබට කලිනුත් කිව්ව වගේ ඒ ගැන. මුන් ඒ කාලෙ කදු නැග්ග ගමකට, ඉස්සර අපි ඉස්කෝලෙ යන්න කලින් රසංගලගෙ ගෙදර ගිහින් ගගේ නාල තමයි ඉස්කෝලෙ යන්න, (හවස ඉස්කෝලෙ තිබුන කාලෙ - 1986-1987)
ReplyDeleteබොහොම සන්තෝසයි සංජීව අඳුරගන්න ලැබුනට. මට ඔයාව හොඳට දැකල පුරුදුයි. රසංග දැන් කොහේ ඉන්නවද කියලවත් ආරංචියක් නැහැ. කළා හැකියාව අතින් රසන්ගයාගේ හැකියාව උපරිමයි. බෙල්ල ගහල ගියත් යාළුකම වෙනුවෙන් ඕනෑම අවදානම් වැඩකට ඉදිරිපත්වෙන හිතහොඳ එකෙක් බන් රසංග සම්පත් කියන්නේ.
Delete