Friday, October 27, 2017

බැක්ටු ස්කූල් ( සංසාරේ...සංසාරේ...)





බොක්ක දීගෙන දත විකාගෙන 
ට්‍රයි කරපු කෑල්ලක් මගේ 
බැක්ටු ස්කූල් ඇවිල්ලා අද 
පපුව නම්  ගැහෙනව අනේ.. 

සිහින් ඉඟ සුඟ පුළුල් උකුලත් 
අල බතල ගෝනිය වගේ
වල ගැහුණු කම්මුලට ඇතුලෙන් 
කටේ දත් බොරුනේ පනේ.. 

රැලිත් වැටිලා ඇසුත් ගිලිලා 
රෝස තොල් පෙති කෝ ඇගේ 
ඩයි කරපු කොණ්ඩයට ඇතුලෙන් 
සුදුයි තැන තැන කෙස් අනේ 

පෙම පතා ආ කොල්ලො හැමටම 
දැමු සැර අද  නෑ ඇගේ 
එදා මොනරිය වගේ උන් ඇය
අද නිකම් කපුටෙක් පනේ .. 

නාටු පුරයට කෝටු දෙකකුල්  
කෙහෙටු දර ඉපලක් වගේ 
දෙදනෙ ගෑවෙන කිරි බුරුල්ලට  
සුදු ගවුමෙ ඉඩ මදි අනේ  

බැලූ බැලූ අත එවන් නාටක 
බඩත් දඟලන වා වගේ 
හත් ඉලව්වේ මොකට ආවද 
සසර කල කිරුණා පනේ..




43 comments:

  1. හ හහ් හා ... සදාතනික සත්‍යය...

    ReplyDelete
    Replies
    1. බැක්ටු ස්කූල් ගියපු පිංතූර බුකියේ දැක්කම එවෙලේම අනිත්‍ය මෙනෙහි කරලා රහත් වෙන්න පුළුවන් ට්‍රයි කරොත්.. නැද්ද මං අහන්නේ..

      Delete
  2. ha ha මරු. ඕකනම් විකාරයක්ම තමා. මමත් ලිපියක් ලිව්වා ඔය ගැන.

    ReplyDelete
    Replies
    1. විකාර නේන්නම් අජිත් අය්යේ.. ඔය වියදම් කරන සල්ලි ඉගෙනගන්න බැරි අමාරුකම් තියන දරුවෙකුට යුනිෆෝම් එකක් මහල දෙන්න වියදම් කරන්නේ නැහැ ඔය මිනිස්සු.. නරි නාටක ඉවරයි මේ නාකි හත්ඉලව් මොන මගුලට ඔව්ව කරනවද කියල මටනම් හිතාගන්නවත් බෑ.. එකෙක් මී හරක් වැඩක් කරාම ඉතිං මුළු රටම ඒක කරන රටකනේ අපි ඉපදිලා තියෙන්නේ නේද.. කෝ ලින්ක් ඒක දාන්නකෝ පොස්ට් එකේ..

      Delete
  3. ඒ එදා කෙල්ල ගේ වචනයෙන්
    අද ඇය දකින එදා කොල්ලා ගැන කවියක් ලිව්වා නම් කොහොමට තියෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ලියල තියෙනවා පහලින්..

      Delete
    2. ;-)
      එදා කෙල්ල එදා කොල්ලාගේ අද පෙනුම දැක අද කියන කවිය:
      හෝපොතු ගැහුණු බඩ ඇත හොඳටම නෙරලා
      ඔළුවේ ඉතුරු කෙස් ගස් දහය ද ඉදිලා
      අද රණ තිසරු ගැන කිව්වට පද හදලා
      වියපත් බඹරගේ තටු සේරම හැලිලා

      Delete
  4. හහා.....ජීවිතේ කලකිරවන්න එපා යකූ උදේ පාන්දර.ගල් මූසලය.🔫

    ReplyDelete
  5. එ් අක්කා මෙය නොදකිවයි,අපි එක සිතින් පතන්නේමී.

    ReplyDelete
    Replies
    1. ඒ අක්කට මම මේක පෙන්නනවා මල්ලියේ..එතකොට ගොඩයියට හම්බවේවි දුවන්න..

      Delete
    2. නෙතු අක්කා හොදයි නෙ එහෙම කරන්න එපා..හාද....?

      Delete
    3. ගොඩයාට එහෙම කෙනෙක් නැති නිසා නෙතුට නිකම්ම පරාජය භාරගන්න වෙන්ව තරිඳු.. හෙට අනිද්දා අපේ ඉස්කෝලෙත් ඔය විගඩම තියෙනවා කියල කට්ටියක් කතා උනා.. ඒ කතාවට ප්‍රතිපලයක් විදිහට තමා මේක ලියවුනේ..

      Delete
  6. අහක බලමින් බෑ කියද්දිත්
    පස්සෙන්ම පැමිණිය මගේ
    බැක්ටු ස්කූල් ඇවිල්ලා අද
    කොලු නාම්බෙක් පෙර දිනේ....

    උසට සරිලන මහත ඇති ඒ
    කඩවසම් කොලු කම උගේ
    අනේ කොයි ගියෙදැයි සිතුනි මට
    දුටුව විට පරඩැල් රගේ...

    සිහින් දෙකකුල් කොට කලිසමට
    කෝටු වැල් ගැසුවා වගේ
    වල ගැසුනු කම්මුල් එදා , අද
    හකු තුලට ඇලිලා වගේ...

    සිත් වසග කල ක්‍රේල් කොන්ඩය
    අද නොමැත,තට්ටය පෙනේ
    පාසලේ නිල ඇදුම අතරින්
    රැලි වැටුනු ඒ රුව පෙනේ...

    දකින දකිනා හතර පැත්තෙන්
    මහ විකාරෙකි පාසලේ
    හත් ඉලව්වේ මොකට ආවද
    සසර කලකිරුණා මගේ..

    මදූකා..

    ReplyDelete
    Replies
    1. කොහොමද මේක රිටන් කවිය නැගල යනව

      Delete
    2. ස්තූතියි තඩියෝ.රිටන් එක මාගෙ ප්‍රිය බිරිදගෙන් අම්බලන්ගොඩයියාට 😃

      Delete
    3. මේක තනිකරම පක්ෂපාතීව ලියවෙච්චි එකක්.... චමිල දිහා බැලුවාම ඔයිට වඩා උපමා උපමේය එන්න ඕන.. සූර පප්පා කාර්ටූන් එකේ ජිම් පප්පාව වන් ටු වන් සමපාත කරලා උඹේ තඩි බඩ ගෙඩිය ගැන කවිය සීයක් ලියන්න පුළුවනි හරියට ලිව්වොත්..

      Delete
    4. මදුකා කියන්නේ "කන්ඩ " පරණ සෙනෙහෙයක් වත්ද

      Delete
    5. මදූ ඕක ලියුවෙ උබ ගැන හිතල නෙවෙයිලූ.දෙවෙනි ඉනිම ටෙලියෙ ඉන්න මයික් ගැන හිතලලූ.උබටත් ඕක අදාල නැතුවමත් නෙවෙයි 😝

      Delete
  7. Replies
    1. බැක් ටු ස්කූල් ඒකට කව් ගී ලියවුනා මදී..

      Delete
  8. උදැහැනැක්කෙම දුටුවෙ කයියකි අම්බලංගොඩ අයියගේ..
    ඒක දැක්කම තිබුණ නිදිමත කොහෙන් හැලුනද නොම දැනේ...
    ගුටිකකා දස බැණුම් අහ අහ හිරේ වැටිලා සිටි යුගේ...
    ආයි පාරක් සිහි කරන්නට මොකට යනවද පාසලේ....

    ReplyDelete
    Replies
    1. බැක්ටු ස්කූල් නෙවෙයි සුරංග අනිත්‍ය භාවනාව කරන්න පුළුවන් හැට පැනපු නාකින්ට ස්කූල් යුනිෆෝම් අන්දලා ගත්තම..

      Delete
  9. සසරෙ සැමදේ අනියතය බව
    බොට නොතේරෙද ගොඩයනේ

    ReplyDelete
    Replies
    1. දැන් උයා හිතන්නේ මම ඔය ගොන් ඉවෙන්ට් එකකට ගිහින් කියල නෙහ්.. පීස්සුද ප්‍රසන්න.. ඔව්ව මහා ගොන් ආතල් බං.. ලෝකෙට විහිළුවක් වෙන එකේ සීමාවක් තියෙන්න ඕන නේද මං අහන්නේ..

      Delete
  10. කමිස කලිසම් මසාගෙන අද
    ළමයගේ වතුර බෝතලය ද ගෙන
    මෙවන් නරිනාටක බලන්නට
    ඇයිද අනෙ ගියෙ සොයුරනේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. නරි නාටක නේන්නම්.. හෙට අනිද්දා අපේ ඉස්කෝලේ මෙයින් එකක් තියෙනව කියන ආරංචියට තමා මේක ලියවුනේ..

      Delete
  11. මරු මරු....... පට්ට කවිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තඩියෝ..

      Delete
  12. ඉස්කෝලෙ කාලේ ගොඩයිය ට්‍රයි කරපු කෑල්ල දැකලා ලියන්න හිතිල...මොනා උනත් කතාව නන් ඇත්තයි..මරු

    ReplyDelete
    Replies
    1. මේක තනිකර ද්වේශ සහගතව සිදුකරනා ලද මඩ ප්‍රහාරයක්.. ගොඩයා හෙන අහිංසක චරිතෙ ඉස්කෝලේ යන කාලේ..

      Delete
    2. හැබෑට ....හහ් හහ් හා...

      Delete
  13. +++++++++
    එදා මොනරිය වගේ උන් ඇය
    අද නිකම් කපුටෙක් පනේ ..

    ReplyDelete
    Replies
    1. මේ කෑල්ල උපුටාගැනීම ඇතුලේ ඉයන්ට මොකක් හෝ ඉතිහාස කතාවක් මතවෙලා කියල හිතෙන්නේ මට විතරද..

      Delete
    2. මටත් හිතෙනව X 2

      Delete
  14. හිරවී සිටින රණ තිසරුන්ගේ ......................හැඬුම
    පරයා පට පට හඬින් පිපිරෙන.................... මැහුම
    බැහැ නොව නගෝ තිරිහන් වන්නට............... ඔහොම
    වන්ගෙඩියකට ඇන්දුවා වාගේ නිල ................. .ඇඳුම

    ReplyDelete
  15. බැක්ටු ස්කූල් නාඩගමට හොඳම කවියක්... ඒ වියදම් කරන සල්ලිවලින් ඒ ඉස්කෝලෙම ළමයිට උපකාරයක් කළානම් මොකද...

    ReplyDelete
    Replies
    1. ඕක තමා නිර්මාණි මමත් කියන්නේ.. පොතක් පතක් ගන්න සල්ලි නැති දරුවෝ කොයිතරම්නම් ඉන්නවද අපේ රටේ.. ඒත් මිනිස්සු ඒවා ගැන හිතන්නේ නැහැ..තමුන්ගේ විනෝදෙ විතරයි..

      Delete
  16. ඉස්කෝලේ නාඩගම් අවුරුදු 50 කට පස්සේ කරද්දී ඔය දේ තමයි වෙන්නේ . }
    ගොඩයාටනම් අදාල නෑ මෙව්වා මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම අදාළ නෑ..

      Delete