ප්ලේන්ස් ට්‍රේන්ස් ඔටෝමොබයිල්ස් පෝස්ටුවෙන් හා ඔන්ලි ඉන් ඉන්ඩියා පෝස්ටුවෙන් අනතුරුව ඉන්දියා ගමන ගැන යමක් ලියන්නට අවස්තාවක් නොලැබුණු නිසාවෙන් මෙම පොස්ටුව ලියවෙන්නේ ඉන්දියා ගමනේ තවත් රසබර විස්තර ටිකක්ය. ලංකාවෙන් පිටත්වී ප්‍රෙස්ටීජ් හෝටලයට සැපත්වන තුරු තොරණේ විස්තරය ඉහත පොස්ටුව කියවූ පාඨක සැම දන්නා නිසා එම විස්තරය මෙහි ලියා තැබීම අනවශ්‍යය. ප්ලේන්ස් ට්‍රේන්ස් ඔටෝමොබයිල්ස් ගැන ලියවුනාවූ කොටස් පහකින් සමන්විත පෝස්ටුව නොකියවූ කෙනෙකු ඇත්නම් එය කියවා අනතුරුව ඔන්ලි ඉන් ඉන්ඩියා 1 පෝස්ටුවද කියවා මෙය කියවනුමනාය.
ප්‍රෙස්ටීජ් හෝටලය කියූ පමණින් පාඨක පෝතකයින් කොළඹ හිල්ටන් හෝටලය තරම් හෝටලයක් හිතේ මවාගෙන මෙය කියවාගෙන යන්නේනම් එය මෙය ලියනා මාගේ වරදක් නොවේය. ඒ මන්දයත් ප්‍රෙස්ටීජ් හෝටලය හිල්ටන් හෝටලයෙන් අරික්කාලෙන් අරික්කාලක්වත් ලොකු එකක් නොවෙනා නිසාය. අම්බලන්ගොඩයා පුහුණුවට යැවෙන්නේ මවු කොම්පැනියේ කර්මාන්තශාලාව වෙත බැවින් ඒ ආසන්නයේ තිබෙනා සුපිරිම හෝටලය ප්‍රෙස්ටීජ් හෝටලය වන්නේය. ඉන්දියාවේ කර්මාන්ත ශාලා පිහිටුවීම සිරි ලංකාවේ තරම් ලේසි පහසු කටයුත්තක් නොවන්නේ මුදල් තිබු පමණින් හිතුනු තැනකින් ඉඩන් කෑල්ලක් මිලයට ගෙන කරුමාන්තශාලා දමන්නට ඉන්දියානු රජය අවසර නොදෙනා නිසාය. ඒ නිසාවෙන් ඕනෑම කෙනෙකුට කරුමාන්ත ශාලාවක් පටන්ගන්නවානම් ඒවාට අදාලව වෙන්කර තිබෙනා කලාපයක එය ආරම්භකළ යුතුය. එම නීතියට හිසනමා ආරම්භකර තිබෙනා අම්බලන්ගොඩයා පුහුණුවට යැවෙන කරුමාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ එවන් මුකලානක් මැද්දේය.
අහමදාබාද් නගරයේ සිට කිලෝමීටර පනහක් පමණ ඈතින් ම්හෙස්නා නම් නගරය වෙත දිවෙනා ප්‍රධාන මාර්ගයක් අසබඩ පිහිටි කර්මාන්තශාලාව ලංකාවේදී පින්තූර වලින් දුටු තරම් සුන්දර තැනක් නොවන්නේ එය පිහිටා තිබෙන්නේ නගරයෙන් කිලෝමීටර පනහක් පමණ ඈතින් වන නිසාය. කර්මාන්ත ශාලාව අවට බැලූ බැලූ අත ඇසෙන්නේ යකඩ තලනා ශබ්දය පමණක්ය. ඊට අමතරව යමක් අසේනම් ඒ ලොරි තඩි වලින් සහ බස් තඩි වලින් නැගෙනා අලි එලවන නලා හඬය. බඩට යමක් දාගන්නට අහලක පහලක තිබෙනා එකම හෝටලය ප්‍රෙස්ටීජ් හෝටලය පමණය. එතැනින් එහා බඩට කන්නට බනිසක් හෝ සොයාගනුමටද කිලෝමීටර පහක් හයක් ඈතින් තිබෙනා කලූල් ග්‍රාමය දක්වා ගාටන්නට වෙනවාය. එසේත් නොමැතිනම් ඒ හා සමාන දුරක් තිබෙනා නන්දාසන් දක්වා ගාටන්නට වෙනවාය
ඔන්න යනවනම් ප්‍රෙස්ටීජ් හෝටලේ තියන ඉසව්ව
https://www.google.com/maps/place/Hotel+Prestige/@23.3059805,72.4336338,17z/data=!4m5!3m4!1s0x0:0x746e8ba341f4162!8m2!3d23.3060889!4d72.4357903
අද වෙද්දී ගූගල් දේවතාවා ලෝකයේ බොහොමයක් ප්‍රදේශ ගූගල් මැප් ඔස්සේ දැක බලාගන්නට සලස්වා ඇති නිසා ප්‍රේස්ටීජ් හෝටලයේ අද පෙනුම දැකගන්නට පුළුවන් වීම මහත් භාග්‍යක් වෙනවාය. අද මෙවන් ආකාරයෙන් තිබුනාට මීට වසර දහ නවයකට කලියෙන් එහි පෙනුම මීට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අද වෙද්දී මිදුලේ සිමෙන්ති ගල් අල්ලා පිළිවෙලකට තිබෙනා හෝටල් මිදුල එදානම් තනි දුහුවිලි ගොඩක් පමණක්ය. එකල හෝටලය වෙත ලොරි රථයක් පැමිනුනහොත් හෝටලය හොයාගන්නට ලොරිය නවත්වා විනාඩියක් දෙකක් ඉන්නට සිදුවන්නේ දුහුවිලි වලාවන්ගෙන් හෝටලය නොපෙනී යන නිසාය. එකල ප්‍රේස්ටීජ් හෝටලයත් මාතර බස් නවත්වනා රන්දොඹ හෝටලයත් අතර වෙනසක් තිබුනානම් ඒ ප්‍රේස්ටීජ් හෝටලයේ උඩ තට්ටුවේ තිබෙනා කාමර කිහිපය පමණය. එහෙත් අද වෙද්දී ප්‍රේස්ටීජ් හෝටලය සැලකියයුතු තරමේ දියුණුවක් ලබා ඇති අතර රන්දොඹ හෝටලය අදත් එදා වාගේම එදා තිබුනාවූ ගොඩනැගිල්ලේම මගීන්ට කළුකඩ මිලට මෙලෝ රහක් ගුණක් නොමැති ආහාර කැවීම සිරිලංකාව එතෙක් මෙතෙක් කරවූ මී නාම්බන්ගේ දක්ෂකම වශයෙන් ගොඩයා හිතනවාය. දිනෙන් දින දියුණුවන ලෝකයට සාපේක්ෂව රටක සංස්කෘතිය මදකුදු වෙනස්වන්නට නොදී පවත්වාගෙන යාම එසේ මෙසේ දේශපාලුවන්ට කරන්නට පුළුවන් දෙයක් නොවන බව අම්බලන්ගොඩයා හිතනවාය. එවන් ආකාරයෙන් කල්පනා කරගෙන යන සඳ සිරි ලංකාව කරවූ දේසපාලන උත්තමයලාට මල් තබා වැන්දත් මදි යයි කියා ගොඩයාට හිතෙනවාය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ දියුණුව ගැන ලියන්නට ගියහොත් බ්ලොග් පිටු දහස් ගණනින් ලිවීමට තරම් සංවර්ධන කටයුතු තිබෙනා නිසා එය මදකට කල් තබා නැවතත් උක්ත පෝස්ටුව වෙතම අවතීරණ වෙනවාය.
ප්‍රේස්ටීජ් හෝටලය යනු එම අධිවේගී මාර්ගයට තිබෙනා රසවත්ම ආහාර තිබෙනා හෝටලය වග අම්බලන්ගොඩයා දැනගන්නේ ඊට බොහෝ කාලයකට පසුව වුවත් ගොඩයා එහි පය තැබූ මුල් අවධියේ ඉන්දියානු ආහාර අගුරෙන් පහලට ගියේ හාමතේ මැරෙන්නටම යන අවස්ථාවල පමණය. දිවා රාත්‍රී දෙකෙහිම නොහොත් පැය විසිහතර පුරාම විවුර්තව පවතිනා ප්‍රේස්ටීජ් හෝටලය කොයි වේලාවේ බැලුවද සෙනග ගැවසෙනා ස්ථානයක්ය . එහි පැමිණි දෙවැනි දිනයේ උදෑසන කොට කලිසමකින් සැරසී උදෑසන ආහාරය ගැනීමට අවන්හල වෙත පැමිණෙන අම්බලන්ගොඩයා දුටු කළමනාකාර රෝශාන්ත් වහා පඩිපෙළ අසලට දුව ඇවිදින් පැවසුවේ ගැහැණු උදවිය නිරන්තරයෙන් අවන්හලේ ගැවසෙනා බැවින් කොට කලිසම පිටිං පහලට නොඑනා ලෙසය. කොට කලිසම යනු දණහිස ගාවටම දිග මෙව්වා එකක් වුනත් ගුජරාටයේ කොට කලිසම යනු ගෑල්ලමයින්ගේ හිරිඔතප් බිඳින්නට සමත් මෙව්වා එකක් වග ගොඩයා දැනගන්නේ එදාය. එදා හිටන් අම්බලන්ගොඩයාට බඩගින්නක් ඇතිවුයේනම් ඊට අවශ්‍ය ආහාර සියල්ලම වේටර්වරයකු අත කාමරයටම ගෙනවිත් දෙන්නට රෝශාන්ත් පොරොන්දු වන්නේ ගොඩයා නිකමට හෝ කොට කලිසමකින් සැරසී පහලට ඒදෝ යන භයටම වෙන්නට ඕනෑය.
ඔන්න යනවනම් ප්‍රෙස්ටීජ් හෝටලේ තියන ඉසව්ව
https://www.google.com/maps/place/Hotel+Prestige/@23.3059805,72.4336338,17z/data=!4m5!3m4!1s0x0:0x746e8ba341f4162!8m2!3d23.3060889!4d72.4357903
ප්‍රෙස්ටීජ් හෝටලයේ අද පෙනුම

හෝටලය අසල මාර්ගය අධිවේගී මාර්ගයක් වශයෙන් නම්කර තිබෙනා නිසා එහි ගමන් කරනා බස්රථ හංදියක් හංදියක් ගානේ නවත්වන්නේ නැතිය. අධිවේගී කියා නමට කියුවද එය දෙපස වැට ගසා වෙනම වෙන්කර නොමැති මාර්ගයක් වන අතර ත්‍රිරෝද රථයේ සිට ෆුට් බයිසිකලය දක්වා කුඩා වාහනද එහි ගමන් කරනවාය. එහෙත් ප්‍රාන්ත ආණ්ඩුවට අයත් තඩි ලේලන්ඩ් බස්රථ ධාවනය වනා අවස්ථා වලදී කුඩා වාහන පාරෙන් ඉවතට ගෙන ඔවුනට ඉඩ හසර සලසා දෙන්නේ එම ලේලන්ඩ් බස්රථ පදවනා අයවලුන් මලාට අනෙකුත් වාහන තුට්ටුවකටවත් මායින් කරන්නේ නැති හින්දාය . එම අධිවේගී මාර්ගයේ සිල්ලර ගමන් අවශ්‍යතා වෙනුවෙන් තිබෙන්නේ රුපියලක් අයකර ගමන් පහසුව සලසනා මහේන්ද්‍රා ජීප් රථය. නිරන්තරයෙන් මගීන් පටවාගෙන කලූල් සිට ම්හෙස්නා හෝ නන්දාසන් දක්වා ධාවනය වන මහේන්ද්‍රා ජීප් රථ, ඉන්දියානු රුපියලක් අත තිබෙනා ඕනෑම සත්වයෙකුට ඕනෑම තැනක නවත්වනවාය. ඉන්පසු තිබෙන්නේ ජීප් රථයේ ඉඩ තිබේනම් වාඩිවීද එසේත් නොමැතිනම් පසුපස බෆරය උඩට ගොඩවීද එසේත් නැතිනම් වහලයේ එල්ලීද එසේත් නැතිනම් වහලය උඩද ගමන් පහසුව සලසාගනීමය. ඊටත් අමතරව ඉඩ තිබේනම් රියදුරුගේ පා පුවරුවේද හිටගෙන වහලයේ එල්ලී ගමන් පහසුව සලසා ගන්නට පුලුවනිය. කොතැනක ගමන් කලද ගාස්තුව එකමය. ඊට අමතරව එල්ලී යාමට හැකි ඕනෑම පොල්ලක, කොක්කක , පයිප්පයක, ලෑල්ලක, ලනුවක, සාරි පොටක, එල්ලී ගියාට රියදුරාගෙන් කිසිදු තහනමක් නැත්තේය. එන්ජිමේ බර නිසා ඉදිරිපස රෝද දෙක මාර්ගයේ ධාවනය වනවා විනා උදෑසනට සහ සවස් ජාමයට මහේන්ද්‍රාව පශ්චාත් භාගය ම ඇනෙන්නටම මගීන්න එල්ලාගෙන එනවාය. එවන් අවස්තාවන්හීදී ආරක්ෂාව පරෙස්සම වැනි වැඩකට නැති දෑ කිසිදු තැකීමකට ලක්නොවෙනා අතර ඉන්දියානුවන් අතට හසුවන ඕනෑම පොල්ලක එල්ලී බොහොම සන්තෝසයෙන් ගමන් පහසුව සලසා ගන්නවාය. අදිවේගී මාර්ගයේ ධාවනය වන ලේලන්ඩ් බස්රථ එන වේගයට සාපේක්ෂව මහේනද්‍රාව තාර පාරෙන් ඉවතට ගන්නා රියදුරා දූවිලි වලාවක් නංවමින් තාර පාරෙන් ඉවත කොටසේද එම වේගයෙන්ම මහේන්ද්‍රාව ධාවනය කරනවාය. එයින් නැගෙනා දුහුවිල්ල නිසා මද වෙලාවක් හුස්ම නොගෙන සිටිනා ගොඩයා අවසානයේ දුහුවිලි මිශ්‍ර වාතය ආශ්වාසය කරන්නට පටන් ගන්නේ ඉන්දියාවේ දුහුවිලි මිශ්‍ර නොවුනා වූ හුස්ම පොදක් සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා අපහසු කර්තව්‍යක් නිසාය.
කොන්දොස්තර රහිත ප්‍රවාහන සේවාවක් වන මහේන්ද්‍රා සේවාවේ මුදල් අය කෙරෙන්නේ රියදුරා ආසනයෙන් බැස අවිත්ය. සමහරක් නැවතුම් වල රථයෙන් බසිනා මගීන් ප්‍රමාණය වැඩි නිසාවෙන් රියදුරා මහේන්ද්‍රාව නවතින්නත් කලියෙන් රියදුරු ආසනයෙන් බිමට පැන පසුපසට දුවන්නේ පොල්ලේ එල්ලී ඉන්නා එවුන් රථය නැවැත්වූ වහා මුදල් නොදී දිරාමාරුවන නිසාය. රියදුරු ආසනය අසල තිබෙනා අනෙක් ආසනයේ මගීන් හත අටක් පටවන්නට විශේෂ ප්‍රාගුන්‍ය ලබා තිබෙනා මහේන්ද්‍රා රියදුරන්ගෙන් අපගේ ප්‍රයිවට් බස් කොන්දොස්තර උදවියට ඉගෙනගැනීමට තිබෙනා පාඩම් බොහෝය.

උදෑසන අට පමණ වනවිට කර්මාන්ත ශාලවේ රියදුරා වන චෝඩාජි විසින් සේවකයින් රැගෙන එන අයිචර් බස් රථයට ගොඩවෙනා අම්බලන්ගොඩ හාදයා නැවත හෝටලයට පැමිණෙන්නේ දිවා ආහාරය වෙනුවෙන්ය. ෂින් බුජියා පැකට්ටුවක් වළඳන අල්ලපනල්ලේ කුඩා ප්‍රමාණයේ ඇලර්ට් එකක් දමනා අම්බලන්ගොඩයා නැවත කර්මාන්ත ශාලාව වෙත යැවෙන්නේ පාද යාත්‍රාවෙන්ය. ඉන් අනතුරුව සේවයේ යෙදෙනා අම්බලංගොඩයා නැවත හෝටලයට සැපත් වන්නේ රාත්‍රී එකොළහට කර්මාන්ත ශාලාව වැසුවායින් අනතරුවය. ඒ අතරවාරයේ කර්මාන්ත ශාලාවේ විවිධ දෙපාර්තමේන්තු වල සේවය කිරීමට අම්බලන්ගොඩයාට ඉහලින් නියෝග ලැබෙනවාය. කිසිදු පැකිලීමක් නොමැතිවම අම්බලන්ගොඩයා කර්මාන්තශාලාවෙහි තිබෙනා සියලුම දෙපාර්තමේන්තු වල කෙරෙනා සියලූම වැඩ රාජකාරි හෙවත් නිෂ්පාදන කාර්යභාරය වෙනුවෙන් වෙහෙසී දෑතේ හුරුව ලබාගන්නවාය.
කර්මාන්ත ශාලාවේ සේවය කරනා සියලූම සේවකයින් අම්බලන්ගොඩයා තම දෙපාර්තමේන්තුවේ පුහුණුවට පැමිණෙනවාට එකෙන්ම කැමති වන්නේ ඔවුනට එයින් ලැබෙනා විශාල ලාභ ප්‍රයෝජනයක් නිසාය. එනම් කරුමාන්ත ශාලාවේ අයිතිකරු හෙවත් පටෙල් මහතා අම්බලන්ගොඩයා ඉන්නා පැත්ත පලාතක පස්පාගන්නේ නැති නිසාය. එයට හේතුව එතුමා ඉංග්‍රීසි භාෂාව යාන්තමටවත් හසුරුවාගන්නට මෙලෝ හසරක් නොදන්නා නිසාය. තමුන් උපන් දේශයේ භාෂාව හැරුණකොට වෙනත් භාෂාවක් හරි හැටි භාවිතයට නොහැකිවීම ලැජ්ජාවට කාරනාවක් ලෙස අම්බලන්ගොඩයා කල්පනා කරන්නේ නොමැතිය. භාෂාව යනු අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් පමණක් මිස තත්වය තරාතිරම පෙන්වීමට ආභරණයක් නොවනා නමුත් පටෙල් මහතා තම සේවකයින් ඉදිරියේ අපහුතාවයට පත්වේදෝ යන සිතුවිල්ල නිසා අම්බලන්ගොඩයා සේවය කරනා දෙපාර්තමේන්තුවට මලාට ගොඩවන්නේ නැතිය. එම දුර්වලතාවය වාසියක් ලෙස භාවිතා කළාවූ සේවකයින් පටෙල් මහතාගේ අධීක්ෂණයෙන් මිදීම සඳහා භාවිතා කළා වූ නවතම මෙවලම වන්නේ අම්බලන්ගොඩයාය. එහෙත් පටෙල් මහතාගේ පුතණ්ඩියා ඉංග්‍රීසි භාෂාවෙන් අද්‍යාපනය හදාරන ලද එකකු වූ නිසා අම්බලන්ගොඩගේ වැඩ අධීක්ෂණය කලේ පොඩි පටෙල් මහතාය.
සියල්ල එසේ සිදුවන අතරේ අම්බලන්ගොඩයා වැඩිමනක් සේවය කරන්නේ ඉලෙක්ට්‍රොනික දෙපාර්තුමේන්තුවේ වූ හේතුව වන්නේ එහි බහුතරයක් සේවක පිරිස සම වයස්වල එවුන් වීමය. එයින් මුලික තැන ගන්නා හර්දික් අම්බලන්ගොඩගේ ගජයා වන්නේ ආයාසයකින් නොවන අතර එයට සුවිශේෂී හේතුවක් වූයේ හර්දික් එතෙක් ලංකාවේ සිදුවූ අලවි කටයුතු වෙනුවෙන් කාර්මික සහය දැක්වූ කාර්මිකයා වූ නිසාය. කිහිප වතාවක් ලංකාවට පැමිණ තිබෙනා හර්දික් ඕනෑම මරාටි වැඩකට එකෙන්ම කැමති ගනයේ එකෙකු වන අතර "නැත " යන වචනය ශබ්දකෝෂයේ භාවිතාකල අයකු නොවේය.
ලංකාවේදී තුන් වේලට මස් මාළු බිත්තර ඇතිවෙන්නටම වලඳා පුරුදු අම්බලන්ගොඩයා අහමදාබාද් වෙත සැපත් වී සති දෙක යද්දී හේ බාන්නට වුයේ මසක් මාළුවක් බිත්තරයක් නොමැති හඳුන්කූරු රස කෑම උගුරෙන් පහලට යැවීම ඉතා අසීරු වූ නිසාය. රටකජු පිටි ආවරණයක දවටා තෙලේ බැද සාදා ඇති ෂින් බුජියා පැකට්ටුවකින් ජීවිතය ගැටගසාගන්නා අම්බලන්ගොඩයා හෝටලයේ කෑම කෑවානම් ඒ බොහොමත්ම කලාතුරකින්ය. මුල් කාලයේදී එය එසේ වුවත් පසුකාලීනව ගොඩයා එම ආහාර බඩ පුරා කා දැමුවද මුල් සති කිහිපය වැඩි කාලයක් ගතවුයේ බඩගින්නේමය.
එවන් එක අඟහරුවාදා දවසක හර්දික් යස යෝජනාවක් ගෙන එන්නේ ගොඩයා හාමතේ බව දන්නා නිසාය.. සිංහල භාෂාවට පරිවර්තනය කරනාලද එම සංවාදය මෙසේය..
උඹට මේ කෑම කන්න අමාරුයි නේද..
ඔව් බං හර්දික්.. මසක් මාළුවක් නැතුව මේව කන්න බැහැ බං..උඹ දන්නවනේ ලංකාවේ අපි තුන් වේලටම මසක් මාළුවක් කන විත්තිය..
ඔව් ඔව් මම දන්නව.. උඹට ඕනෙනම් මම උඹව නොන් වේජ් හෝටලේකට එක්කයන්නම්..
හෑ.. උඹ මට විහිළු කරනවා නේද.. අහමදාබාද්වල කොහෙද බන් නොන් වේජ් හෝටල්..
ඇයි බං මෝතිමාල් හෝටලේ තියෙන්නේ.. ඒක තමා මේ පළාතටම තියෙන ලොකුම නොන්වේජ් හොටෙල් එක..
ඔය ඇත්තමද
බොරුනම් මේ ඉන්න ඕන කෙනෙකුගෙන් අහල බලපන්..
උඹ මේ කියන්නේ ඇත්තම නේද..
ඔව් බන් ඔව්.. උඹට ඕනෙනම් එක්කයන්නම්..
හරි දැන් කොහෙද ඕක තියෙන්නේ..
අහමදාබාද්වල..
ඉතින් හෙට යමු..
හෙට..
ඔව්..
බෑ.. මාසේ අන්තිමට යමු.. මට පඩි ලැබෙන්නේ තිස් වෙනිදා..
කව්ද දැන් උඹෙන් සල්ලි ඉල්ලුවේ.. හෙට යමු.. මාගාව සල්ලි තියෙනවා.. මට දැන් බඩගින්නේ ඉඳල ඇති වෙලා තියෙන්නේ.. හෙට යමු.. හෙට නිවාඩු දවසනේ..
හරි එහෙනං.. උඹ ජීප් එකක එල්ලිලා කලූල් වලට වරෙන් උදේ අට වෙද්දී.. අපේ එහෙං බස් එකේ නැගල යමු අහමදාබාද්.. හැබැයි මා අතේ රුපියලක්වත් නෑ හරිද..
හරි හරි බන්.. උඹේ සෑම වියදමක්ම මගේ ගානේ..
හරි මම උදේ අට වෙද්දී කලූල් බස් ස්ටෑන්ඩ් එකට එන්නං..
එවන් ආකාරයෙන් අහවරවූ සංවාදය නිමාවුයේ කර්මාන්ත ශාලාවේ නිවාඩු දිනය වන බදාදා දිනයේ අහමදාබාද් යෑමට එකඟ වීමෙන් අනතරුවය. එසේ ඇතිවූ එකඟතාවය මත ගොඩයා පසුදා උදෑසනින් කුකුලාද මල්ලේ දමාගෙන පිටත්වන්නේ කටට රහට බඩට යමක් දාගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ය..
අහමදාබාද් ගමනේ විස්තර ඊළඟ කොටස..
http://ambalangodakatha.blogspot.com/2017/01/3.html

හපෝයි ගමනේ විස්තරේ දැනගන්න ගොඩක් කල් යයිදෝ ??? අම්බලංගොඩ අයියේ //භාෂාව යනු අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් පමණක් මිස තත්වය තරාතිරම පෙන්වීමට ආභරණයක් නොවනා// බව සිරි ලංකා තලයේ බොහෝමයක් දෙනා නොදන්නා බව බොහෝමයක් තැන්වල දී හැගී ගොස් ඇත ...
ReplyDeleteඒ හින්ද නොවේද අපි එය ආසියාවේ ඈස් චර්ය කියා නම් තැබුවේ ඇනෝ ...හෙහ්..
Deleteහොඳින් බලන්න.. සිරිලංකාවේ වෙසෙන ඕනෑම දමිල හෝ මුස්ලිම් ජාතිකයින් ලෝකේ කොතනකදී හමුවුනත් තත්වයක් තරාතිරමක් නොමැතිව ඔවුනොවුන් අදහස් හුවමාරු කරගන්නේ ඔවුන්ගේ මවු භාෂාවෙන්.. ඒත් සිංහල මිනිස්සු බහුතරයක් පිටරටවලදී හමුවුනාම වගේම ලංකාවේදීත් අදහස් ප්‍රකාශ කරන්න වැඩි නැඹුරුවක් දක්වන්නේ ඉංග්‍රීසියෙන්... ඒකට හේතුව තමා අභ්‍යන්තරයේ තිබෙන හීනමානය...
දැන් ඔය ඇනෝ වෙස්මුහුණ ගලෝල නමක් ගමක් ඇතුව ආවනම් නරකද..
ගම නම් අයියේ ඔයාගේ ගමම තමා ..නම තමා ප්‍රශ්නේ ??????
Deleteහරි.. ඒ කියන විදිහට ඔයා අම්බලන්ගොඩනම් ඔයා එන්නෙත් ඇනෝ විදිහටනම් මම ඔයාට නමක් යෝජනා කරනවා "අම්බලන්ගොඩ ඇනී" කියල.. මොකද කියන්නේ.. ලස්සනයි නේද..ඕනනම් "අම්බලන්ගොඩ ඇනා " කියල දාන්නත් පුළුවන්.. කැමති එකක් හිතල කියන්නකෝ..
Delete“අම්බලන්ගොඩ ඇනී“ ද “අම්බලන්ගොඩ ඇණේ“ ද???? ඇණේ හොඳයි නේ..
Deleteහපොයි හෝටලේ ගැන හිතාගතෑකි රන්දෝබේ හෝටලෙන්ම :-D
ReplyDeleteඒත ඒ එදා බන්.. අද වෙද්දී ප්‍රේස්ටීජ් වෙනස්වෙලා.. දැන් තායි කෑම පවා තියෙනවා කියල ගූගල් රිවීව්ස් වල ලියවිලා තියෙනවා.. ප්‍රේස්ටීජ් එකට වැටිලා තියන රිවීව්ස් ඔක්කම වගේ ෆයිව් ස්ටාර්. ඒත් ලංකාවේ රන්දොඹ හෝටලය වගේම අනෙකුත් බස් නවත්වන හෝටල් වලට රිවීව්ස් ලියන්න අපේ මිනිස්සුන්ට පුළුවන් උනානම්, එහෙම වටපිටාවක් අපේ රටෙත් හැදුනනම් තනි තරුවේ රිවීව්ස් ගනින්න පයිතගරස් වලෙන් නැගිට්ටවල ගෙන්න වෙනවා බන්..
Deleteරන්දොඹේ කැම ගැන අහන්න ගිහිල්ලා වෙන කැමක් කාලා කඳ රන්දොඹේ තියලාම තමයි එන්න වෙන්නේ. උඹ දන්නවාද බලපිටියේ එක සේක්‍ය වෛද්‍ය නිලධාරි තුමෙක් මාරුනවලා ගයාලු තැපෑලෙන් 56 උණඩයක් ආවහම එයාගේ නමට. තව මොන කථාද නේ?
Deleteහෆොයි බොලා මෙව්වා ලියල මටත් තැපෑලෙන් ඔව්ව එයිද දන්නේ නෑ බං
Deleteහැක්.. ඉන්දියාවෙ එවුවො වාහනවල යන හැටිනං ඔය ඕනතරං පින්තූර වලින් දැකල තියෙන්නෙ.
ReplyDeleteමොක උනත් බලමුකො දැං ගොඩය නොන් වෙජි කන හැටි.
අඩේ බොලාට අමතක උනාද ගොඩයා දකුණේ පොරක් කියල... දකුණේ එවුන් දහයක ටීම් එකක් බැස්සනම් මෝති මහල් එකේ මේස පුටුත් උයන් කාල තමා එන්නේ... බලහන්කො ගොඩය කන්න ගිය කෑම ඊළඟ කොටසින්..
Deleteලියපන් ඊලග කොටස උබගේ ලියවිල්ල එල ද බ්‍රා
ReplyDeleteඑලට බ්‍රා මහන මෙන්ඩා ....තැන්කූ මචෝ...
Deleteමොන මගුලක්ද බං, හෙණ ගැහුවා වගේ නතර කරලා දාල තියෙන්නේ...
ReplyDeleteඉක්මණට ඉතුරු කොටහ දාපන් මාස ගණන් බලන් ඉන්නේ නැතුව...
පොස්ට් එක දිග වැඩිවුනා බන් එකට පබ්ලිෂ් කරන්න.. ඒ හින්ද දෙකට කැඩුව .. සාමාන්යෙන් කියවන ප්‍රමානන්ය කියවපු ගමන් අනෙක් කොටහ දාන්නම්.. අදම දැම්මොත් සමහරක් අයට පෝස්ට් එක මිස් වෙනවා බන්.. රැඳී සිටින්න ලොකු පුතේ..
Deleteahambada eheth ehama thamayi
ReplyDeleteකමෙන්ට් එකේ මොකක් හෝ වචනයක් අකුරක් දෙකක් මිස්වෙලා.. ස්තුතියි රන්සකු...
Deleteලංකාවෙ නම් කර්මාන්ත ආරම්භකිරීම විද්‍යාත්මක ක්‍රමේකට කෙරෙන්නකි. සියළු පහසුකම් සහිත කර්මාන්තපුර රට පුරා තිබියදිත් අක්කර ගණනක අළුත් ෆැක්ටරි ප්‍රධාන පාර අයිනේ ඉදිකිරීම සඳහා සාරවත් පොල් වතු තූ තූ කරමින් විනාස කරන්නේ නැත. මනාසේ ස්ථාපිත,භූමියේ ඇතිපදම් ඉඩකඩ ඇති විශ්වවිද්‍යාල අසලම තබාගෙන මහපාර අයිනේ කර්මාන්තශාලා වල වැට මාඉමේ වයිද්‍ය පීඨ තනන්නේත් නැත.
ReplyDeleteසියල්ල විනිවිදභාවයකින් යුතුව විද්‍යාත්මක ශිල්පයානුකූලව මනා දුර දැක්මක් සහිතව සිදුවන නිසා අම්බලන්ගොඩයා ඉන්දියාවේ කෑ කට්ට ලංකාවේදී කිසිමකෙනෙකුට කන්න වෙන්නේ නැත.
ඔන්න බොරුනම් දුරගමන් බස් මහ රාත්තිරියේ රන්දොඹා හෝටලයේ අඳුරු තාප්පය ලඟ හනි හනිකට ස්පෙයාර්වීල් මාරු කරන්නේද නැත.
ජයවේවා..!!
සිරි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ අරුම පුදුම ප්‍රතිපත්ති බං. එව්ව කාගේ යහපත වෙනුවෙන් නිර්මාණය කරනලද එව්වද කියල හිතාගන්නත් බෑ බං .. රන්දොඹ හෝටලේට බොලා දොස් කියනවා නෙවෙයි.. නොනගතේ වෙලාවටයි මහා රෑ යක්කු ගස් යන වෙලාවටයි සිගරට්ටුවක් ගන්න තියන එකම කඩේ ඕක නෙව..එව්ව ඉතිං අගයකලයුතු සේවාවන්..
DeleteNiyamayi
ReplyDeleteස්තුතියි ඉයන්
Deleteඅඩේ අහ්මදාබාද් වල විස්තර අහනකොට හරියට අනන්‍යාගෙයි ක්‍රිෂ්ගෙයි කතන්දරේ වගේ..මට මතකයි ඔය මෝති මහල් රෙස්ටුරන්ට් එක ගැනත් ඒ පොතේ තිබ්බද කොහෙද...:)
ReplyDeleteමෝති මහල් රෙස්ටුරන්ට් එක ගැන නොදන්නා කෙනෙක් ගුජරාට්වල නැහැ මම හිතන්නේ.. අහමදාබාද් අවට ජීවත්වෙන පියෝ වෙජිටේරියන් කියාගන්නා හැම එකාම ජීවිතේ එක වතාවක් හරි කාටත් හොරෙන් ඕකට රිංගල තියෙනවා. අනන්‍ය ක්‍රිෂ්ගේ නෙවෙයි විසල්ගේ... හෙහ්.. ක්‍රිෂ්ගේ ආදර කතාවේ අලුත්ම කොටස තාම කියවන්න බැරිවුනා නෙව..
Deleteෂුවර් එකට එලවලු හොදයා කියල හිතෙයි
ReplyDeleteබලහන්කො මොකක්ද හොඳ වෙන්නේ කියල
Deleteඔය වගෙ විස්තර කියනකොට ඉන්දියානුවන්ගෙ හැටි නොදන්නවුන් කියන්නෙ "උඹලගෙ බොරු! උඹ ඔය හදලා කියන්නෙ. (ඉන්දියානුවොත් එක්ක තරහ නිසා)" කියලා.
ReplyDeleteඔන්න අපේ ඉස්කෝලෙ ටී රූම් එකේ තියෙන ඉලෙක්ට්‍රික් කෙට්ල් ජග් එක කැඩිලා අලුතෙන් එකක් ඉසූ කලා. ඒක ෆිලිප්ස් එකක් නමුත් වතුර නටනකල් තුන්පාරක් වත් MCB එක ට්‍රිප් වෙනවා. මම බ්‍රේකර් බෝඩ් එක ලඟට වෙලා බලාගෙන ඉන්නවා. දීපා වතුර එක නටවනවා.
ඉන්දියානු සෙට් එකට මේක මහා ගැටලුවක්. සමහරු විද්‍යා ගුරුවරු බං. උන් කියන්නෙ කෙට්ල් එක නෙවෙයි MCB එක හොඳ නෑ කියලා. ඒක මාරු කරන්නලු.
උන්ට තියෙන්නෙ උන්ගෙම ලොජික්.
අතීතයේත්, අනාගතයේත් මෙලොව පහළවෙන සියලුම බුදුවරුන් ඉන්දියාවේ පමණක් උපදින්නේ දුක අවබෝධ කරගන්න ඉන්දියාව තරම් රටක් මේ මහපොළොව මතුපිට නොමැති නිසා ඩුඩ් .. ඒ මිනිස්සු කොයිතරම් දුක් විඳිනවද කියල දකින්න නම් ඉන්දියාවේ ප්‍රධාන නගර වලින් ඇතුලට ගිහින් බලන්න ඕන. වැසිකිලියක් තියන ගෙදරක් හොයාගන්න එක කළුනික සොයනවටත් වඩා අමාරුයි ගම්මානවල.. දැන් නම් තත්වය ටිකක් යහපත් ඇති කියලයි මම හිතන්නේ..
Deleteඔය විද්‍යා ගුරුවරුන්ට හපන් මහාචාර්යවරයෙක් ගැන මම දන්නවා ඩුඩ් .. ගෝලයා ඔෆිස් රූම් එක පොලිෂ් කරන්න පොලිෂර් එක ඕන් කරනකොට මිකැනිකල් ට්‍රිප් එක ඕෆ්ෆ් වෙනවලු.. මහාචාර්ය තුමා කිව්වලු මම ට්‍රිප් එක කොස්සෙන් අල්ලන් ඉන්නම් තමුසේ පොලිෂ් කරනවා කියල.. ඉතින් ගෝල තැනත් දැන දැනම පොලිෂ් කරාලු.. විනාඩි දෙකක් වගේ යද්දී පොලිෂර් එක දුම් දාල නතරවුනාලු..
සුපිරි ලොජික් එකක් තියන විද්‍යා ගුරුවරුනේ බන් ඔබ ඔය කියන සෙට් එක.. අයියෝ අසරණ ළමයි..
ට්‍රිප් ඔප් උනානං ඩූඩ්ගේ කේස් එකේදි ඩූඩ් කියන එක හරි , MCB එක OFF වෙනවා කියන්නේ 10AMP , 13AMP , 16AMP ජග් කෙට්ල් එකකට සප්ලයි දීලා තියෙන්නේ 6AMP MCB එකකින් වෙන්න පුලුවන් , එහෙම නැත්තං ඒ MCB එකට කනෙක්ට් වෙලා තව මොනවහරි තියනවා එතකොට 16AMP MCB එකක් උනත් වැඩක් නැ ...දෙකතුනකින් ඇම්පියර් ගන්නකොට ...බ්රේකර් එක නිස්පාදනය කරපු දරාගැනිමේ සීමාව ඉවර වෙලා ...බේකරය ඕප් වෙනවා , ...විද්‍යා ගුරුවරු හරි වගේ බං
Deleteකෙට්ල් එක 6, 10,12,16 ඇම්පියර් මොකකට ගැහුවත් ඕෆ් වෙනවා. ඒක කෙට්ල් එකේ අවුලක් බං. මම ඒ විස්තර කියන්න නොගියෙ මගෙ කමෙන්ට් එක දිග වැඩි වෙන නිසා.
Deleteකලින් තිබ්බ එක වෙනුවට අලුතෙන් ලැබුණු කෙට්ල් එක කිව්ව නිසා බ්‍රේකර් එකේ ප්‍රශ්නයක් තියෙන්න නැතුව ඇති කියල මටත් හිතුන.
Deleteඑතකොට ට්‍රිප් නොවී බේකරයම යන්නේ මොකැ අම්බලන්ගොඩයෝ
Deleteබොහොම හොඳ ප්‍රශ්නයක්.. උත්තරේ මෙතන තියෙනවා..
Deletehttp://dcnelectrical.com.au/safety-switch-vs-circuit-breakers/
Safety Switch VS Circuit Breakers
Circuit Breaker and safety Switch
What is the Difference Between a Safety Switch and a Circuit Breaker?
In the world of electricity and electronics, one should be precise and exact in the use of terms as well as specify equipments that truly match a definition. Well, it may be surprising, but there are misconceptions that are posed in some electrical devices. These misconceptions must be corrected to avoid destruction in the electrical system as well as promote safety in the household. One common misconception in the electrical world is the confusion between a safety switch and a circuit breaker.
What is a Safety Switch?
Safety switches or residual current devices (RCD’s) are recently compulsory installed in houses. This is a device installed in your switchboard which is designed to provide protection against electrocution and fires caused by electrical faults. On other words, it constantly monitors the current flowing in the live and neutral wires supplying an electrical system or a group of equipment. Once an imbalance occurs wherein the current on the two wires are not equal, the RCD or safety switch immediately cuts off the power before further damage occurs. In summary, safety switches are designed to protect one’s life by turning the off the power to a circuit when an individual comes into contact with live wires or live appliance parts.
Circuit Breaker and safety Switch
Circuit Breaker and a safety Switch side by side so you can see the difference.
What is the Difference Between a Safety Switch and a Circuit Breaker?
These two devices different but both promotes safety and prevents damage in one’s home. A lot of houses are already equipped with circuit breakers. Circuit breakers or fuses in your main switchboard are there to protect the wiring from overloads. It is a device operated manually or automatically and it controls and protects the electrical power system. Circuit breakers provide short-circuit and over current protection such as when a power point is overloaded. In the modern power system, consumers have to deal with high currents and thus experts and electrical engineers gives much attention in designing the best circuit breaker to safely interrupt the arc produced during operation of the circuit breaker. So going back to the differences between a safety switch and a circuit breaker, circuit breakers is not a device that protects an individual from electrocution. This is not relied upon to protect someone if they poke something in a socket. Safety switches arises in the need of preventing someone from electric shocks or electrocution done by electrical faults. Safety switches monitor the flow of electricity through a circuit and detect a problem that may pose a risk to personal safety and turn the power off within 0.03 of a second. Just a reminder, a safety switch or RCD looks like a circuit breaker but has a test button. The photo shows the looks of these commonly misconceived devices- the safety switch and circuit breakers.
හප්පට සිරි. කේතලේ ගිය දුරක්! අපේ tarminolagy එක ඔයිට වඩා හප්පට සිරි. කේතලේ ගිය දුරක්! අපේ tarminolagy එක ඔයිට වඩා චූට්ට්ක් වෙනස් අම්බලංගොඩයා. අපි ට්‍රිප් ස්විච් එකට කියන්නෙ RCCB (Residual Current Circuit Breaker) කියලා. වෙන වෙනම තියෙන බ්‍රේකර් (ඉස්සර නම් ෆියුස්නෙ) වලට කියන්නෙ MCB (Miniature Mircuit Breaker) කියලා. ස්තුතියි පැහැදිලි කිරීමට.
Deleteමමනම් කියන්නේ ඕක වයිෆයි වල ප්‍රශ්නයක්
Deleteකෝ මගෙ කොමෙන්ටුව??? ඒක නෑනෙ....
ReplyDeleteහරි මේකයි... මහෙන්ද්‍ර ජීප් රියදුරන්ගෙන් අපේ බස් රියදුරන්ට පාඩම් උගන්වන එක පැත්තක දාමු... මොකද මේ යන විදිහටවත් යන්න බැරිවෙයි... වෙලාවකට දැන් බස්වල යන්නෙත් කොච්චර අමාරුවෙන්ද...
ඊලඟ කොටසතත් ඉක්මනින් දාමුකෝ එහෙනම්...
ඇයි නිර්මානි කොමෙන්ටුවක් දැම්මද මීට කලින්.. මමනම් එකකවත් මැකුවේ නැතෝ..
Deleteලංකාවේ ඉන්න ප්‍රයිවට් බස් කොන්දොස්තරලා ටික ඉන්දියාවේ ට්‍රේනින් එකකට යවමු අපි බස් ගැමුණුට කියල..හැක් ..
නෑ නෑ මකල නෙවෙයි... වෙන මොකක්හරි වෙලා වගේ...
Deleteඅනේ අහින්සක අපි වගේ මගියො පවු අනේ:D
මගියෝ කියල ජාතියක් ලංකාවේ නෑ නිර්මානි.. ඉන්නේ රුපියල් දහයේ කෑලි, විස්සේ කෑලි, පනහේ කෑලි වගේ එව්වා තමා..හෙහ්..
Delete+++++++++++++++
ReplyDeleteස්තුතියි රුවන් මහත්මයා
Deleteමගේ බිරින්දෑ ඉපදිලා තියෙන්නේ ඉංදියාවේ. කාලයක් එහේ ඉඳලා තියෙනවා. එයා කියන්නේ ලෝකේ කොහෙ ජීවත්වුනත් එක පාරක් හරි හරියට ඉන්දියාව බලන්න යන්න ඕන කියලා. ඒක වෙනම ලෝකයක් කියලා තමයි එයා කියන්නේ.
ReplyDelete1987 වගේ මම රැකියාවකට ඔමාන් ගියා. ඒ කාලේ නගරයේ පවා ට්‍රාන්ස්පෝට් තිබුනේ ඔය වගෙම ටොයොටා පික් අප් වර්ගයේ වාහන. සමහරක් ඒවගේ පිටිපස්ස කවර් කරලත් නැහැ. පට්ට රස්නෙත් එක්ක මරු ආතල්. දැන් දියුනුව හිතන්නවත් බැරුව ඇති. බස් සර්විස් එකක් තිබුනා අකලට. පස්සේ කාලයකදි මේ පිකප් වලින් මගී ප්‍රවාහනය නීතියෙන්ම නැවැත්වුවා. ඒ වෙනුවට සුවපහසු කාර් යොදන්න අවසර දුන්නා. ඒ රට දියුනු කරමින් සිටි කාලේ.
අරුණ මහත්මයාගේ බිරින්දෑ කියන කතාව හරි.. ඉන්දියාව දැක්කම අපේ රටේ මිනිස්සු කොයිතරම් හොඳ සමාජ තලයක ජීවත්වෙනවද කියල හිතෙනව.
Deleteදැන් මම හිතන්නේ ඕමාන් එහෙම ඉතිහාසයක් තිබ්බ රටක්ද කියලවත් හිතාගන්න බැරිතරම් දියුණුයි..
"තමුන් උපන් දේශයේ භාෂාව හැරුණකොට වෙනත් භාෂාවක් හරි හැටි භාවිතයට නොහැකිවීම ලැජ්ජාවට කාරනාවක් ලෙස අම්බලන්ගොඩයා කල්පනා කරන්නේ නොමැතිය. භාෂාව යනු අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් පමණක් මිස තත්වය තරාතිරම පෙන්වීමට ආභරණයක් නොවනා..."
ReplyDeleteමේ ගැන නම් කිව යුතුමය, දවසක් අපේ ආයතනයට ආපු ප්‍රංශ ජාතික කාන්තාවක් මගෙන් අහනවා ඇයි ලංකාවේ මිනිස්සු සිංහලෙන් කතා නොකර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියලා..? ඉංග්‍රීසි කතා කරන්නේ Posh අය ද කියලා ඇහුවා.මන් නිකමට ඇහුවා අයි ඔබ එහෙම අහන්නේ කියලා , එතකොට කියනවා නැ අවුරුදු දෙකක් එංගලන්තේ ඉදලා ආපු කට්ටියක් හම්බ උනාලු ඒ අයට සිංහල බැ කිව්වලු , ඉතිං ඇය මට කියනවා මෙච්චර ලස්සන රටක මිනිස්සු අවුරුද්දක් රටින් පිට ඉදලා ඇවිත් විදේශිකයෝ වගේ මෙහේ හැසිරෙනවා දකිනකොට දුක හිතෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි අපි නම් අපේ දරුවන්ට හොඳින් මව් බස කතා කරන්නට උගන්නවා කියලත් කිව්වා....
මේ ලිපිය එනකම් අපි බොහොම කල් බලාගෙන හිටියනේ අයියේ, ඉතිං ඉතුරු ටික වැඩි කල් නොයවා ලියන්න :)
////අවුරුදු දෙකක් එංගලන්තේ ඉදලා ආපු කට්ටියක් හම්බ උනාලු ඒ අයට සිංහල බැ ////
Deleteඒ වගේ අයට පොල්ලක් අරන් ඔළුවට පත බෑවා නම්, ඉස්සෙල්ලාම කියන්නේ "බුදු අම්මෝ" කියලා. බොරු විකාර අප්පා.
සිංහල මිනිස්සු හිතන්නේ සිංහලෙන් කතා කරනවාට වඩා ඉංග්‍රීසියෙන් කතාකරාම තත්වය ඉහල යනවා කියලනේ. ඒ එයාලගේ තියන හීන මානය මිසක් වෙන දෙයක් නෙවෙයි. අවුරුදු දෙකට සිංහල අමතක වෙච්චි එවුන්ට ලංකාවේ ගෙවල් දොරවල් තිබ්බ තැන් එහෙමත් අමතක වෙලා සෑහෙන්න රස්තියාදු වෙන්න ඇති උපන්දා හිටන් ජීවත්වුණු ගම රටවල් හොයාගන්න.. අපේ මිනිස්සුන්ට අපේ කියල අනන්‍යතාවයක් සහ අභිමානයක් නැහැ. ඒ හින්ද තමා මවු භාෂාව කතා කිරීම මදිකමක් විදිහට දකින්නේ.
Deleteඅරුණ මහත්මයා කියන්න වගේ ඔය කොයි එකාටත් කරදරයකදී හදිසි ප්‍රතිචාර දක්වන්න එලියට එන්නේ මවු භාෂාව නේන්නම්.. පොල්ලකින් තඩිබෑම කෙසේ වෙතත් බල්ලෙක් එළවන් ආවත් දුවන්නේ බුදුඅම්මෝ කියාගෙන.. මම ඉන්න රටෙත් ඉන්නවා ඕන තරම් මවු භාෂාව අමතක වෙච්ච ශ්‍රීලාංකික උදවිය..එයාලට මාර විදිහට ලංකාවේ සිංහල වචන අමතකයිලු... පවු අප්පා..
Deleteදවල්ට ෆ්ලයි රැට මොස්කිටෝ හව් ටු ස්ලිප් මෙයා ?
Deleteඅයියේ බසස්ස්........ නවත්තන්නේ කොහෙද කියලා ඇහ්ව්වලු පොස් නංගි කෙනෙක්. අපේ එකා කිව්වලු
"නංගි බසස්ස්....නවත්තන්නේ ගසසස් යට කියලා
මෙන්ඩෝ උඹත් ඉඳල ඉඳල ලියන්නේ සුපිරි එව්වා තමා..
Deleteමගේ දූලා දෙන්නට සිංහල උගන්වන්න ගිහින් මට වෙච්ච අකරතැබ්බේ වගේ තමා. උන් මගෙන් අහනවා ලංකාවේ අයත් ඉංග්‍රීසියෙන්ම ලංකාවේදී කතා කරනවානම් අපි මොකටද ඉගෙන ගන්නේ කියල. උත්තරයක් තිබ්බේ නැහැ දෙන්න. මම කිව්වා ඉතින් මම කතා කරන්නේ සිංහලෙන් නේ කියල.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න මෙව්ව තමයි ආතල් බං. මටනං ඔය සමෝස රොටි තොස නං වහ වගේ (ලංකාවේ ඒව ඇර).
ReplyDeleteමහම මහ වහතු රහක් තියෙන්නෙ ඔය බෙන්ගොලි ඉන්දියන් පකිස්තාන් කඩවල කෑම වල.
ඊට හපන් බං ඔය රටවල ඇවුන් ඉස්සරහ ඉඳන් කනකොට තියෙන ආතල් එක. මමනං දන්නා කාලයකින් ඒෂියන් එකෙක් ඉස්සරහ ඉඳන් එකට කෑම කාල නැහැ.
ඕකුන් කන්නෙ හරියට හෙට ඉඳල මේ ලෝකෙ ඔක්කොම කෑම ඉවරයි වගේ. චව් චව් සවුන්ඩ් සෙට් අප් එක ඕන් කරන් අතේ ඇඟිලි සෙට් එකම කටේ දාගෙන සූප්පු කරන් කණ හැටි දැක්කහම ප්ලේට් එකෙන් මුණට ගහන්න හිතෙනව.
අම්මප බං වැරදිලාවත් මුං එක්ක ඉඳගන්න ලැබුනත් මම නැගිටල ගෙදර යනව.
වැරදිලාවත් පාටි එකකට ගියත් යාළු සුද්දෙක් සුද්දියෙක් ඉස්සරහ ඉඳන් කනව බොනව ඇරෙන්ට.
"""" හැබැයි එක හොඳක් තියෙනව. ලංකාවේ අයගෙනම් ටේබල් මැනස් නම් හොඳයි. කන්න බොන්න ගියහම ගොඩක් අය පිළිවෙලයි සිරාවටම.. 👍🏽 """""
මීට අවුරුදු 6කට 7කට කලින් මට රූම් එකක් ඕන වෙලා ඉන්දියන් කල්කටා බොස් ට මම කිව්ව. ඌ කිව්ව ඔකේ මගේ 3 බෙඩ් රූම් ගෙයක් රෙන්ට් අවුට් කරල තියෙනව එතන ඉඩ රූම් එකක් තියෙනව හවස වැඩ ඇරිල අපි දෙන්නම යමු බලන්න කියල.
ඉතිං මම උගේ කාර් එකේ නැගල ඔහොම දැන් යනව. මූ පාරෙ තියෙන කුණු දැකල කියනව "ශික්, ටිලාන්, මෙහෙම ජරා ටවුන් එකක් මගේ ජීවිතේටම දැකල නැහැ. උබ වරෙන් කවදාහරි කල්කටා. හරිම ලස්සන පිරිසිදු නගරයක්" කියල. (ඔව් ඉතිං මම ස්ලම් ඩෝග් මිලියනෙයර් බලල නැහැනේ හිටං 😂)
කොහොම හරි බුවාගේ රෙන්ට් කල ගෙදර ඇතුලට ගිය ගමන් හෝ හපුටු ගඳ එක්ක තුනපහ කරි එළගි තෙල් මිශ්‍ර හරිම ප්‍රසන්න සුවඳ.
මු කියනව "ටිලාන්, උඩ රූම් දෙකේ 7 දෙනෙක් ඉන්නව. පල්ලෙහා රූම් එකේ 2ක් ඉන්නව. බොක්ස් රූම් එකේ දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් රෑට වැඩ අනික උදේට වැඩ. එලියෙ ෂෙඩ් එකේ එක්කෙනෙක් ඉන්නව. ඔයාට ඕනනම් ෂෙඩ් එක ශෙයා කරගෙන ඉන්න පුළුවන් එහෙම නැතිනම් සෝෆ එකේ නිදියන එක්කෙනා මම ෂෙඩ් එකට දාල ඔයාට සෝෆ එකේ ඉන්නත් පුළුවන්" කියල.
එතකොට මම ඇහුව මම එක්ක ඔක්කොම 14ක්..??? 😳😳😳😳 මේ එක ගෙදර? එක වොෂ් රූම් එකයි?? පොඩි කුස්සියයි..?? 😳😳😳..
හය්යෝ ඉම්රාන්, මට ඕනි සෙපරේට් රූම් එකක්. ගාන ප්‍රශ්නයක් නැහැ. හපෝ මටනම් මෙහෙම ඉන්න බැහැ. සොරි ඉම්රාන් කියල මම යන්න යනකොට මූ කියනව , ටිලාන් බොරුවට සල්ලි වියදං කරන්ට එපා. බලන්න පවුමක් කියන්නෙ ඉන්දියන් රුපියල්ම 100ක්. ලංකාවේ නම් 200ක්. මම ගාන අඩුකරල දෙන්නම් මෙන්න මෙහේ ඉන්න කියල.
මම නො තෑන්ක්ස් කියල ගෙදර ආව හැටි මටම මතක නැහැ. ආයෙ දෙකක් නැහැ ෂුවර් එකට ටොයිලට් එකෙත් එකෙක් බුදියනව ඇති.
ඉතින් මට ඉබේම හිතුන මු කිව්ව සුන්දර කල්කටාට කොහොම ඇතිද කියල.. 😂😂😂
ඉතුරු ටිකත් ඉක්මනට ලියහන්.
ජය වේවා..👊🏽
උබගේ කෙමෙන්ට් මුගේ පොස්ට් වගේ එල ද බ්‍රා ...
Deleteඋබ පොස්ට් වලට කෙමෙන්ට් වලින් ලොකු හයියක් දෙනවා මචෝ
ටිලාන්, උඹ කිව්ව අත්දැකීම මටත් තියෙනවා. ඉන්ඩියන් සමහර උන් කන්නෙ චව් චව් ගාලා. එකෙක් කිව්වා එහෙම චව් චව් ගාලා කන්නෙ කෑම රසයි කියන්නලු. තමන් හදපු කෑම කෙනෙක් චව් චව් ගාලා කනවනම් ඒක කෑම හදපු කෙනාට ගෞරවයක්ලු. කොහොම හරි මම ඒ ගෞරවාන්විත අවස්තා මග අරිනවා මොකද මගෙ බඩ දඟලන නිසා ඒ වෙලාවට.
Deleteඉන්දියන් එවුන් චමරිවල ජීවත් වෙන්නේ එහෙම තමා බන්.. උන් ඉන්න තැන්වල අපිට ජීවත්වෙන්න අමාරුයි බන්..
Deleteඅයි යකෝ ඔච්චර වද වුනේ මසක් මාලුවක් කන්න.. අර මල්ලෙ දාගත්ත එකාව මරන් කෑවනම් ඉවරයිනේ... :D
ReplyDeleteමල්ලේ දාගත්පු එකා කන්නත් තිබ්බ තමා ..හෙහ්..
Deleteඅලුත් එකක් ලියමු..
ReplyDeleteමට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු
මෙන්ඩ උයා....
Deleteප්‍රෙස්ටිජ් හෝටලේ නිකන් හරියට අර පරණ ෆිල්ම් හෝල් එකක් වගේනේ. ටිකක් රියෝ එක පරණ කාලේ වගේ.
ReplyDeleteප්‍රේස්ටිජ් හෝටලේ තමා ඒ හරියටම තිබ්බ සුපිරිම කෑම තිබ්බ හෝටලේ අජිත් අය්යේ.. මට දවසක් සෙට් උනා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් හෝටලේට කන්න ආපු.. මම ලංකාවේ කියල දැනගෙන මා එක්ක කතා කරා.. ඒ මනුස්සය මධුරාසියේ ඉඳන් උතුරු ඉන්දියාවටම ලොරිය එලවනවලු මාසෙකට කීප වතාවක්.. එයාගේ නෑයෝ ඉන්නවා කිව්වා යාපනේ.. ඒ නිසා තමා මා එක්ක කතා කරේ.. ඒ මුස්සය තමයි කිව්වේ දකුණේ ඉඳල උතුරට යද්දී තියන හොඳම හෝටල් කිහිපයෙන් පලවෙනි පහ අතර තියන හෝටලයක් කියල තමා කිව්වේ..
Deleteමට එදා හිතුන ඉන්දියාවේ ට්‍රක් ඩ්‍රයිවර්ගේ ඉංග්‍රීසි දැනුම කොයිතරම් ඉහලින් තියෙනවද කියල.. මට එදා තමා පළමු වතාවට තේරුනේ බණ්ඩාරනායක රාජ්‍ය භාෂාව සිංහල කරලා කරපු අපරාදය කොයිතරම්ද ලොකු එකක්ද කියන එක..
ඉංග්‍රීසි කතාව ගැන ඔයා මෙහෙම මෙතන කියනවා. අර උඩ ලංකාවේ දෙන්නෙක් හමුවුණාම කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියනවා. දැන් මොකක්ද අපි තෝරා ගන්නේ. හේ හේ . හැබැයි ඔය කතාව නම් ඇත්ත. ඉන්දියාවේ මම කතා කරපු හැමොටෝම වගේ ඉංග්‍රීසි වලින් යමක් තේරුම් කරලා කතා කර ගන්න හැකියාව තිබුන. ඒක ලොකු පහසුවක්. බණ්ඩාරනායක ගේ කතව ගැන කියනවා නම් ඒ සිංහල කරපු එකේ එක හොඳක් වුනේ සිවිල් සර්විස් එකට උපාධි ගත් අයට එන්නට ලැබීම. සිංහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන්න පුළුවන් වීම . (ඊට පස්සේ ඒ අය කැරලි ගැසීම තවත් අතුරු ඵලයක්). ඉතින් හොඳයි නරකයි දෙකම තියනවා.
Deleteගොඩයෝ... ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි... භාෂා 64ක් තියෙන රටේ එකම රාජ්‍ය භාෂාව හින්දි .... ඒ උනත් පාසල් වල english medium උගන්නන නිසා ගොඩාක් අයට ඉංග්‍රීසි පුලුවන්.... වැරැද්ද බණ්ඩාරනායක ගෙ නෙවෙයි බං අපේ අධ්‍යාපන ක්‍රමයෙ තියෙන්නෙ...
Deleteමං අහමඩාබාඩ්වල සතියක් විතර හිටියා. මසකට තිබුණේ එළු මස ්විතරයි. අන්තමෛ්දී මට නම් එළුමස් කාලා එපා වුණා.
ReplyDeleteමත්පැන් නම් දැක්කේම නෑ වගේ!
එහෙනම් රසික ඉන්න ඇත්තේ නොන්වේජ් ඔෆර් කරන හෝටලේක වෙන්න ඇති. දැන් නම් තත්වය කොහොමද දන්නේ නැහැ.. ඉස්සරනම් නොන්වේජ් හෝටල් බොහොම විරලයි..
Deleteහර්දීක්ව ටියුබ් එකට පටවල උගේ අතට මානෙල් මල් පොකුරක් දීල අගුලෙන් කරන්දෙනි ඇලේ ඇදගෙන ගිහිපු හැටි මතක් උන බන්.මතකද තල්ගස්ගොඩ පාලම යටදි රසන්ගය බෝතලේ කරකව කරකව ඕකට දුන්න බයිට් එක.ඒ කාලෙ අපේ අතේ කැමර පෝන් තිබුනෙ නැහැනෙ බන්.චැක්.. තිබුනනම් කතාව තවත් රසවත් කරන්න තිබුන
ReplyDeleteඒ කාලේ කැමරා ෆෝන් තියා නිකං ෆෝන් තිබ්බෙත් නැහැනේ බන්.. මම හිතන්නේ සෙල් ටෙල ලංකාවට හඳුන්වා දුන්නේ ඔය කාලේ.. අපේ ගෙදර් ඇ කාලේ තිබ්බ මෝටොරෝලා 888 එකක්.. ඒක ගඩොල් භාගයක් විතර සයිස්..
Delete