Monday, January 1, 2018

අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 02







අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 01 කොටස මෙතනින් 

ප්‍රින්සිපල් සර් ගොඩයාට තුන්වෙනි වතාවේ හමුවෙන්නේ උසස්පෙළ අවසන් වෙලා අගෝස්තු විභාගෙට මාසයක් වගේ තියෙද්දී. ඒ වෙද්දී ගොඩයා උන්නේ ගෙදර. පාඩම් කරන්න කියලා ගෙදර හිටියත් ඉතින් කෙරෙන පාඩමක් නම් නැති. ඔහොම ගෙදරට වෙලා හිටපු දවසක තමයි අපේ ගමයා කොටා එක්ක ගොඩයාව හොයන් ගෙදරට එන්නේ ඉස්කෝලේ ඇඳුමෙන්. 

ගමයා සහ කොටා කියන කතාවට අනුව අපිට වසරක් බාල එවුන් ටිකක් වටවෙලා ගමයාට සහ කොටාට නෙලලා කියහන්කෝ ඉස්කෝලෙදි. දැන් මේ ඩබල ගොඩයාව හොයාගෙන ඇවිත් තියෙන්නේ රිටර්න් එක දෙන්න. දැන් මේක කියවන උදවිය හිතන්න පුළුවන් අම්බලන්ගොඩයා කියන්නේ ඉස්කෝලේ හෙන පාතාල පොරක් කියලා. හෆොයි නෑ හත් ඉලව්වේ. ගොඩයා ඒ කාලේ පිම්බත් විසික් වෙන සයිස්. ඉතින් එහෙව් සයිස් එකෙක් එක්ක කොල්ලො විස්සකට විසිපහකට එරෙහිව ගේමක් ඉල්ලනවා කියන්නේ වැඩි වෙනසක් නැතුව දෙකට බෙදිච්ච ගුටි තුනට බෙදීලා වළඳන්න වෙන එක අහන්න දෙයක් නැති කතාවක්නේ. ඕනෙනම් කලින් දෙකට බෙදිච්ච ගුටි පූජාව ගොඩයා එකතුවුනාම තුනට බෙදෙයි එච්චරයි. ඊළඟට වෙන්නේ මාසයක් හමාරක් තෙල් බෙහෙත් ගාන්න. ගමයා සහ කොටා ඔය වෙලාවේ ගොඩයාව හොයාගෙන එන්නේ හේතු දෙකක් නිසා. පලවෙනි හේතුව තමා "සූර පප්පා" කාර්ටූන් එකෙක් රෝමන් කාරයින්ට ජිම් පප්පා ඇඩ්රස් නැතිවෙන්න නෙලුවාම උන් ගිහින් සීසර්ට කියනවනේ කට්ටියක් ඇවිල්ලා අපිට අම්බානෙකට නෙළුවා කියල. අන්න ඒ වගේ ගුටි කාපු හිතේ අමාරුව වෙන කියන්න එකෙක් නැති නිසා තමා කොටයි ගමයයි ගොඩයා හොයාගෙන එන්නේ.. දෙවැනි හේතුව තමයි රිටර්න් එකක් දෙනවානම් ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය කැඳවන්න සම්භන්ධීකරන කටයුතු කරන්න ජ්‍යාත්‍යන්තර සම්භන්ධකම් තියෙන්නේ ගොඩයාට පමණක් වීම. 


පිරිස් බලය වැඩි පිරිසකට ගේමක් ඉල්ලනවා කියන්නේ නැවකට කාලා සති දෙක තුනක් තුවාල වාට්ටුවේ ලගින්න වෙන වැඩක් නිසා කරන දෙයක් හරියට සැලසුම් කලයුතුයිනේ. මොකද ඥාති කෙනෙකුට වෙච්ච් අසාධාරනෙකදී  එහෙම ගේමක් ඉල්ලන්න ගිහින් දවස් දෙක තුනක් ඉස්පිරිතාලේ ලගින්නම කාපු අත්දැකීමක් ගොඩයාට ඒ වෙද්දීත් තිබ්බ. ඒත් අසාධාරණයට විරුද්දව නැගී හිටපු ගොඩයා විස්සක් තිහක් එක්ක ගේම ඉල්ලලා  අවසානයේ ගොඩයා එතනට ගිය අරමුණ ඉෂ්ඨ කරගෙන තමා ඉස්පිරිතාලේ ගියේ. ඔය කියන සිද්දියේදී ගොඩයා ආයේ ගෙදර එන්නේ මිනි පෙට්ටියේ කියල දැන දැනත් ආත්මාභිමානය වෙනුවෙන් ගොඩයා කඩු පොලු එක්ක නිරායුදව ගේම ඉල්ලලා වෙච්ච අසාධාරනේට දඬුවම එයාලට දුන්න. බෝනස් එක විදිහට දවස් තුන හතරක් බැන්ඩේජ් දාගෙන ඉස්පිරිතාලේ ඉන්නවුනාට කමක් නෑ ලෙඩා මලත් බඩ සුද්දයි නිසා.

ගමයාට සහ කොටාට ද්වේශ සහගතව පහර දීම සම්භන්ධයෙන් විසිපහක් විතර පිරිසකට ගේම ඉල්ලන්න විශේෂ කාර්ය බලකාය යුද්ධයට කැඳවන්නේ ගොඩයා විසින්. ගමයා කියනා ආකාරයෙන් කිසිම වරදක් නොකරපු අහිංසකයන් දෙදෙනෙකුට එහෙම පහරදෙන එක අසාධාරණයක් උනාට ගමයා සහ කොටා යනු හරහට අරං නාවන්න තරම් අහිංසක පොරවල් දෙකක් හෙම නෙවෙයි. ඒ වගේම ගමයා යනු බැලුවත් ගැහුවා කියනා වර්ගයේ එකෙක්. ඔය කියන විදිහට සිද්දිය වෙච්ච ස්ථානයේ හිටියයි කියන කොටාගේ සාක්ෂිය අනුව මොකක් හෝ සිදුවීමක් සිදුවී ඇති නිසා ගොඩයාගේ කැඳවීම මත විශේෂ කාර්ය බලකාය එකඟ වෙනවා පාසල ඇතුළු වී අදාළ පුද්ගලයින්ට නැවකට නෙලන්න. ඒ සම්මුතිය අනුව තමා අපේ තඩියා, බතලයා, ගයියා , ගමයා, කොටා, ගොඩයා ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන තාප්පෙන් පැනලා ඉස්කෝලෙට යන්නේ. මොකද කියනවනම් එදා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ගමයයි කොටයි විතරයි. දහතුන වසර වෙද්දී ඉස්කෝලෙන් භාගයක් එක්ක අපේ එවුන් වලි දාගෙන තිබ්බ එකේ එහෙම කාත් කව්රුවත් නැතුව ඉස්කෝලේ ගිය එක වැරදි නැද්ද හා.. කොහෙද ඉතින් මගුල් විසේනේ..


 උසස්පෙළ විභාගයට ඒ වෙද්දී තිබ්බේ මාසයක් වගේ කාලයක් නිසා අවසන් මහා සටනට සුපර් හීරෝස්ලා  හයදෙනෙක් ගේමට එන්ටර් වෙන්නේ ඔන්න ඔහොමයි. සුපර් හීරෝ කියල කිව්වට කොටා සහ ගොඩයා යනු තනියම අහුවුනොත් පුම්බලා උඩ යවන්න තරම් සයිස් එවුන් දෙන්නෙක් නිසා වැඩිපුර කෑමේ සම්භාවිතාවය තියෙන්නේ ගොඩයාට සහ කොටාට තමා. එහෙම කියල අපි යයි පස්සට..

තඩියා සහ බතලයා කැඳවන්න ගොඩයා මොටෝව පැදගෙන ඒ පැත්තට යද්දී මෙන්න බොලේ තඩියයි බතලයයි බසිකලයක් පැදගෙන ටවුන් එක දිහාවට එනවා කොහේදෝ රස්තියාදුවක යන්න. සිද්දිය දෙන්නටම සැලකරපු වහාම තඩියා බතලයාව දාගෙන ෆුටාර් එකෙන් ඉගිලෙන්නේ යුනිෆෝර්ම් එක ඇඳන් එන්න. ඊළඟට ගොඩයා යන්නේ ගයාන් හෙවත් අපේ ගයියා හොයාගෙන. ඒ වෙද්දී ගයියා මාස දෙක තුනකින් ඉස්කෝලේ පස් පාගලා නෑ කියමුකෝ. අයියලා දෙන්නෙක් සහ අක්කලා දෙනෙක්කුගේ සුවච කීකරු අහිංසක හුරතල් මලයා වෙන ගයියා සහ මිතුරු කැල විශ්වාසයට ගත හැකි ගනයේ එවුන් නොවෙනා නිසා ගයියගේ අයියා දාහක් ප්‍රශ්න වලට පිළිතුරු දීගෙන තමා අපේ ගයියාව ගෙදරින් එලියට ගන්නේ. බොරු හත්සිය පනහකුත් ටිකක් කියල එලියට පැනගත්තට ගයියාගේ අයියා දන්නවා කට්ටිය මහ දවාලේ හදිසියේ ඉස්කෝලේ යන්නේ අමතක වෙච්ච විෂය කරුණක් ඉගෙනගන්න නෙවෙයි විත්තිය.

ඔන්න ගයියාගේ සුදු ඇඳුමක් හොයාගෙන ඒක අයන් එහෙමත් කරගෙන ගයියාවත් දාගෙන ගොඩයා පැණි ගහ ගාවට එද්දී තඩියා සහ බතලයා යුනිෆෝර්ම් එකෙන් පැණි ගහ ගාවට වාර්තා කරලා ඉවරයි. ඊළඟට කට්ටිය එක්කම කරන්නේ කොලේජ් ලෙන් එකෙන් ගිහින් ඉස්කෝලේ ඇතුලට පනින එක. 




ඔන්න ඔය දුඹුරු පාට ලී ජනේලය අයිනේ තියන නිල්පාට කණුව ගාවින් තමයි ඉස්කෝලේ ඇතුලට පනින්න ලේසිම ස්ථානය. ඔය අලුතෙන් හදන ගොඩනැගිල්ල ඒ කාලේ ඔතන තිබ්බේ නෑ. ඔතන තිබේ කෙසෙල් පඳුරක්. තාප්පේ උඩින් ගහල තිබ්බ කම්බි පොටවල් යටින් රිංගලා කෙසෙල් පඳුර අතරින් පහල පනින්න විශේෂ ප්‍රාගුන්‍යය අත්‍යාවශ්‍යයි. ඔතනින් පහලට පනින්න ගිහින් තමයි අපේ රවියා වැරසැල් වෙලා පහලට වැටෙන්නේ " රවීගේ පැරිෂුට් පිම්ම" පොස්ට් එකේ .

ඊළඟට කට්ටිය ඉස්කෝලේ ඇතුලට පැනලා අහවර වෙලා කැඩෙට් රූම් එක පිටිපස්සට වෙලා බලාන ඉන්නේ විවේක කාලය සටහන් කරනකම්. කට්ටියගේ ප්ලෑන් එක ඉන්ටවල් බෙල් එක ගහල ගුරුවරුන් පහලට ආපු ගමන් පන්තියට  පැනලා පන්තියටම  නෙලන්න. 




මේ තියෙන්නේ කැඩෙට් රූම් එක. ඔතන තමා නිල වශයෙන් වලගහන්න කීකරු ශිෂ්‍යයින්ට ස්භාවධර්මයෙන් දීපු දායාදය. වටෙන්ම ආවරණය වෙලා තිබෙන නිසා ගුරුවරුන්ගේ ඇස ගැටීම අවමයි. අනාගතය වෙත තාප්පෙන් පියමනින්නන් ඔතන එහා පැත්ත තියන තාප්ප රාජයාගෙන් තමා නිදහස් ලෝකය වෙත ඉගිලෙන්නේ ඉස්කෝලේ වෙලාවට. ඒත් ඒ එලියට පනින තැන ඔය පින්තූරේ පෙන්නේ නෑ.  චායාරූපය බැක් ටු ස්කූල් ඉවෙන්ට් එකේ පිංතූර වලින් ගත්තේ අපේ තඩියා. ඒ නිසා අයිතිකරු කව්ද කියලා ගොඩයා නොදනී. පින්තූරය අයිතිකරුට ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ ස්ථානය නැවත පෙන්වා දුන්නාට.

ඉන්ටවල් බෙල් එක ගැහුවා කියමුකෝ. ඒ වෙද්දීත් කුලරත්න සෙවනට ලංවෙලා හිටපු සෙට් එක උඩ තට්ටුවට ගිහින් එක පාරටම 97 ආර්ට් පන්තියට ඇතුල්වුණා. 


අපේ ගමයා කොයි වෙලාවෙත් වැඩක් කරොත් නාගන්න පොර නිසා පන්තියට ඇතුල්වුණ ගමන් ලඟම හිටපු ගෑනු ළමයෙකුගේ ඩෙස්ක් එක උඩ තිබ්බ කුඩයක් අරං අහක යන රැඩ්ලිට දමල ඇරිය කියහන්කෝ. මුන්ට කලින් ගැහුවා කිව්ව නම් ලිස්ට් එකේ රැඩ්ලි හිටියේ නෑ. ඒත් ගමයා දමලා ඇරියේ ඒ අහිංසකයට. ඒ එක්කම කුලප්පුවුණු 97 ආර්ට් ක්ලාස් එකේ එවුන් ගමයා දිහාවට කඩාගෙන පැන්න. තත්පරයක් හරි ප්‍රමාද වීමෙන් ගමයා කුඩේ කුඩු වෙන්න ගුටි කන්න ඉඩ තියෙන නිසා ඒ එක්කම අපේ යෝද තඩියයි, බතලයයි, ගයියයි පිරිස මැද්දට කඩාගෙන පැනලා වටේටම නෙලන්න ගත්ත කියහන්කෝ. ගොඩයාට කොටාට ඇඩ්රස් නෑ.. තෝරු මෝරු මරාගන්න අස්සේ ගොඩයායි කොටයි වගේ හාල්මැස්සන්ට ඉඩක් තියෙන්න විදිහක් නෑනේ. තප්පරෙන් යුද පිටියක් වෙච්ච 97 ආර්ට් ක්ලාස් එකේ ගෑල්ලමයි ඒ එක්කම කුලරත්න සෙවනේ උළු සිවිලිමත් එක්කම තවුතිසාවටම විසික්වෙන්න කෑ ගහන්න පටන්ගත්ත කියමුකෝ. ඒ කෑගැහිල්ල කොයිතරම්ද කියනවනම් ඒ අවට පන්තිවල ඉන්න කෙලිච්චියෝ ටිකත් භයෙන් භිරාන්ත වෙලා බ්‍රහ්ම ලෝකෙටම ඇහෙන්න මොර හඬ දෙන්න තියාගත්තා. එක ගෑල්ලමයෙක් යටි ගිරියෙන් කෑ ගැසීම කොයිතරම් කන් කරච්චලයක්ද කියල දන්නා උදවිය නිකමට එක ගෑල්ලමයෙක් යටිගිරියෙන් X (වැඩිකිරීම ) පනහක් සීයක් වෙනකොට සද්දේ නිකමට උපකල්පනය කරලා බලන්නකෝ. අනිවාර්යෙන් මහා බ්‍රහ්මයත් ඒ උන්නාන්සේගේ  විමානෙන් පහලට එබීල බලන්න ඇති කව්ද හත් ඉලව්වේ මේ කෑ මොරදෙන ගෑනු සෙට් එක කියල. එහෙම කෑගැහිල්ලක් ගොඩයා නම් උපන්තේකට අහල නෑ.

 97 ආර්ට් ක්ලා ස් එකේ අතට අහුවෙන හැම එකාටම නැව් ගුටි නෙලපු ගමයා,තඩියා, බතලයා, ගයියා ඇතුළු අපි හයදෙනා ආර්ට් ක්ලාස් එකෙන් එලියට බහිද්දී පහල ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවර ගුරුවරියන් උඩට දුවගෙන එන්න පටන් අරං ඉවරයි. ඒ ගොඩනැගිල්ලේම පහල තියෙන ස්ටාෆ් රූම් එකේ ගුරුවරුන්ට අමතරව බාස්කට් බෝල් කෝට් එකෙන් එහාපැත්තෙ විදුහල්පති තුමා  ඉන්න ගොඩනැගිල්ලේ තියෙන ස්ටාෆ් රූම් එකේ ඉන්න ගුරුවරුත් ඒ වෙද්දී කුලරත්න සෙවන ඉහලට දුවගෙන එනව කෙලිච්චියොන්ගේ කෑගැහිල්ල කොයිතරම් භයානකද කියනවනම්. දොළහ වසර දහතුන වසර කුලරත්න සෙවනේ පහල තට්ටුවේ ඉන්න ළමයින්ගෙන් බහුතරයක්  ඒ වෙද්දීත් 97 ආර්ට් ක්ලාස් එක පැත්තට දුවනවා පණ කඩාගෙන. අපි හය දෙනා මොකුත් උනේ නෑ වගේ  කුලරත්න සෙවනේ පඩිපෙලෙන් පහලට බහිනවා සාන්ත දාන්ත තීන්ත කූඩු ගානට. මිෂන් එක ගහලා ඉවර උනාම විත්ද්‍රෝ වෙන එක සාමාන්‍ය සිරිතක්නේ. ගොඩයයි කොටයි වලිය මැද්දට පැන්නේ නැති නිසා අපේ ටීම් එකේ කැශුවලිටීස් නෑ. හැබැයි වැරදිලා හරි වලිය මැද්දට පැන්නනම් කොටාගෙයි ගොඩයාගෙයි කෑලි එකතු කරන්න රතු කුරුසෙන් ගෙන්නන්න වෙන එකනම් බුදු ෂුවර්.


මුළු ඉස්කෝලෙම 97 ආර්ට් ක්ලාස් එක දිහාවට දුවන අල්ලපනල්ලේ කාටවත් ඇලර්ට් වෙන්නේ නැතුව කුලරත්න සෙවනෙන් එලියට බහින අපි සෙට් එකට ඉස්සරහට හමුවෙන්නේ හීනෙන්වත් නොහිතපු  සුවිශේෂී අමුත්තෙක්. ඒ තමයි අපේ විදුහල්පති තැන්පත් ගොඩ්වින් සර්. කියන්ටකො ඉතින් කෙලිච්චියන්ගේ කෑ ගැහිල්ලේ තරම කොච්චර භයානක වෙන්ට ඇතිද කියල. නැත්තම් අහස උසට වැඩ කන්දරාවක් තියෙන අපේ විදුහල්පති තුමා ඔතනට එයිද අඩියට දෙකට.


මේ තියෙන්නේ කුලරත්න සෙවන. ඔය රතු ඊ තලෙන් පෙන්නපු තැන තමයි 97 ආර්ට් පන්තිය.(මතක විදිහට ). ඔය කොළ ඊ තලෙන් පෙන්නන තැන තමා උඩට නගින පඩිපෙළ තියෙන්නේ. එතැනදී තමා විදුහල්පතිතුමා අපේ සෙට් එකට මූණටම හමුවෙන්නේ. ඔය කොළ ඊ තලේ තියන පැත්තෙන්ම තමයි අපි කැඩෙට් රූම් එක පැත්තට මාරු වෙන්නේ. 


අපිට ඉතින් ඔය ලොකු ලොකු සම්මාන කොට නැතිවුනාට ලොකු ලොකු චිත්‍රපටිවල රඟපාලා නැතිවුනාට පොඩි ගේමක් ගොඩදාගන්න රඟපාන්න අමුතුවෙන් උගන්වන්න ඕන නැති නිසා අපිත් හෙන කයියක් ගහගෙන ප්‍රින්සිපල් සර්ව දැක්කා නොදැක්කා ගානට මග ඇරලා කැන්ටිම පත්තට හැරුනා කියමුකෝ. ඒ කියන්නේ අපි හැරෙන්නේ ඔය කොළ ඊ තලෙන් පෙන්නපු දිශාවට. 

පාසල් පැමිණි මුඛ්‍ය පරමාර්ථය ඉෂ්ඨවුන නිසා ඊළඟට තිබෙන්නේ දනිපනිගා පාසලෙන් ඉවතට පැනගැනීම උනාට කකුල ඉක්මන් කරොත් අනවශ්‍ය අවධානයක් හිමිවෙන්න පුළුවන්. ඒ ගැනත් හිතන ගමන්  අපි හයදෙනා බොහොම කූල් වෝක් එකකින් කුලරත්න සෙවනෙන් කැඩෙට් කාමරේ දිහාවට ඇවිදන් යන්නේ මේ හෙන කාලෙකින් හම්බෙච්ච යාළුවො සෙට් එකක්  හෙන පරණ කතාවක් මතක් වෙච්ච ගානට කයියක් දාගෙන.. ඒ වෙද්දී කන්ටිමේ හිටපු ගුරුවරුත් කුලරත්න සෙවනේ කෙලිච්චියොන්ගේ කෑගැහිල්ලට ඉහලට දුවගෙන එන්න පටන් අරං ඉවරයි. මිෂන් එක සක්සස් වෙන්න නම් කැෂුවලිටීස් නැතුව ගෙනාපු අතපය හතර පරෙස්සම් කරගෙන ගෙවල් වලට පැනගැනීම අනිවාර්යයි. ඒත් ඊළඟ උද්ගත වෙච්ච ප්‍රශ්නේ ඒ එකක්වත් නෙවෙයි පින්වතුනි. මිෂන් එක ප්ලෑන් කරද්දී හිතුවේ නැති ප්‍රශනයක් හදිසියේ උද්ගත වෙලා.  



අපේ ප්‍රින්සිපල් සර්ට වැඩේ ටිකක් අවුල්. මොකද කියනවනම් ඉහල මාලයේ කෙල්ලන් සීයක් දෙසීයක් ඒ වෙද්දීත් බ්‍රහ්ම ලෝකෙටම ඇහෙන්න යටිගිරියෙන් කෑ ගැසීමත් ගුරුවරුන් ඇතුළු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ දෙසට දුවගෙන යාමත් ඒ හැමටම සමගාමීව නැව ගිලුනත් බෑන් චූන් ගානට හයදෙනෙක් විතරක් එතනින් විරුද්ධ දිශාවට මාරුවී යාමත් අවුල් නැද්ද හත් ඉලව්වේ. ඒ සා අත්දැකීම් සමුදායක් තියෙන විදුහල්පති කෙනෙකුට මුන් හයදෙනා මේ මාරුවෙන්නේ මොකක් නමුත් මගෝඩි අලුගුත්තේරු වැඩක් කරලා කියලා හිතෙන එක අහම්බයක් වෙන්න බැහැනේ. 

අවුරුදු වලින් බර ගානක් පාසලේ විදුහල්පති වෙච්ච ගොඩ්වින් සර්ගේ ගට් ඉන්ස්ටින්ග්ස් කොයිතරම් ඇකියුරේට්ද කියනවනම් මුළු ඉස්කෝලෙම කුලරත්න සෙවනේ උඩ තට්ටුවේ 97 ආර්ට් ක්ලාස් එක දිහාවට දුවද්දී ප්‍රින්සිපල් සර් විතරක් එයාගේ ගමනේ දිශා ආනතිය වෙනස් කරලා අපි හයදෙනා පස්සෙන් එනව කියහන්කෝ . ඒක හරියට වයිල්ඩ් කාර්ඩ් එකෙන් ෆයිනල් රවුන්ඩ් තේරිලා චැම්පියන් වෙන්න ලැබෙන චාන්ස් එක තරම් විරල චාන්ස් එකක් උනාට අපේ විදුහල්පති තුමා තීරණය කරලා වයිල්ඩ් කාර්ඩ් එකෙන් ෆයිනල් රවුන්ඩ් යන අවදානම ගන්න.


(මේ ඉන්නේ අපේ කාලේ හිටපු විදුහල්පති ගරු ගොඩ්වින් ද සිල්වා මැතිතුමා. මෙතුමා දැන් විශ්‍රාමිකයි. මේ බැල්ම දැක්කාම අදත් නිකං කකුල් දෙක පන නැතිවෙන ගතියක් තියෙනව වගේ. මේ පින්තූරේ එව්වේ අපේ තඩියා බැක්ටු ස්කූල් පින්තුර වලින් අරගෙන. පීරියඩ් එකක් එහෙම කට් කරලා කොහේ හරි දිරාමාරුවෙන්න යන එකෙක් මේ දර්ශනය දකිනවා කියන්නේ ඇඟ කිලිපොලා යන සීන් කෝන් එකක්. බැක්ටු ස්කූල් ඉවෙන්ට් එක වෙලාවේ මේ පින්තූරේ ගතපු කෙනාට අම්බලන්ගොඩගේ බලවත් ස්තූතිය ප්‍රකාශ කරනවා.)

ඔහොම නවතිනවා.. එහෙම තමා විදිහල්පති තුමා එතුමාගේ හඬ අවදි කලේ.

ම්හ්.. අපි හයදෙනා අපිට නෙවෙයි ගානට කැඩෙට් කාමරේ පැත්තට යනවා.. ඒ අස්සේ ඇහෙන නෑහෙන ගානට තඩියා ..කියනවා . ඔහොම යමු.... ඔහොම යමු... පස්ස බලන්න එපා... පස්ස බලන්න එපා...

වෙලාව විවේක කාලය නිසා කාලයේ වාසිය අපිට වෙච්චි අපේ උත්සාහය ඉස්කෝලේ පුරා දුව පනින කොල්ලෝ කුරුට්ටෝ අතරින් කවලම් වෙලා ප්‍රින්සිපල් සර්ගේ ඇහැට වැලි ගහල මාරු වෙලා තාප්පෙ උඩට නැගල ස්ටාර් ගේට් එකෙන්  අනාගතය වෙත ඉගිලෙන්න. එත් ලොකු මිෂන් එකක් ගහලා ආපහු එන සුපර් හීරෝස්ලා හයදෙනෙක් බහිනකොට කොල්ලෝ කුරුට්ටෝ ඒ අවටින් ඉවත්වීම ස්භාවිකයිනේ. සාමාන්යෙන් චිත්‍රපටිවල සිද්දවෙන්නේ එහෙමනේ. සුපර්  හීරෝස්ලා ගේම ගහලා එන දර්ශනය ස්ලෝව් මෝෂන් පෙන්නනකොට අවට ඉන්න ජනතාව භයෙන් බිරාන්ත වෙලා පස්සෙන් පස්සට ගිහින් කාණුවල වැටිලා තාප්ප වලට හේත්තු වෙලා ඉඩ දෙනවනේ. මේ සිද්දියත් කැමරා කරානම් එහෙම වෙන්න තිබ්බට අහල පහල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ පස්ස නොබලා දුවන්නේ සුපර් හීරෝස්ලාට භයේ නෙවෙයි හත් ඉලව්වේ සුපර් හීරෝස්ලා පස්සෙන් එන විදුහල්පතිතුමාට බයේ. මොකද උන් දන්නවා විවේක කාලය වෙලාවේ විදුහල්පති තුමා කැඩෙට් කාමරේ පැත්තට යන්නේ ඒ තරම් හොඳ දෙයකට නෙවෙයි කියන  එක.  පොඩි එවුන් උනත් උනුත් අම්බලන්ගොඩ කොල්ලෝ නිසා උන් දන්නවා ඒ වගේ කාලගුණ තත්වයන් යටතේ අනුන්ගේ පරිප්පු නැවක් බාන්නට ස්වීප් එකක් ඇදෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම ඉහල අගයක්  කියන කාරණය. ඒ සියල්ලම අතරේ අපි හයදෙනා බොහොම කූල් වෝක් එකකින් කැඩෙට් කාමරේ පැත්තට මංගච්චනව. 

ඔය ළමයි හයදෙනා ඔහොම නවතිනවා...

ම්හ්.. අපි අපිට නෙවෙයි වගේ තවදුරටත් ගමනේ...

ඔය ලකීගේ පුතා ඔහොම නවතිනවා..

ඒ කියන්නේ ප්‍රින්සිපල් සර් අපේ තඩියාව අඳුරගෙන.. තඩියගේ මූණ ඇඹුල් උනා වැඩේ නෑව කියල දැනුනාම.. ඉස්කොලෙටම හිටියේ තඩියගේ සයිස් දෙතුන්දෙනයි නිසා කකුලේ පුංචි ඇඟිල්ල විතරක් දැක්කත් තඩියාව අඳුනාගනීම  දන්නා කියන කෙනෙකුට සිම්පල්. ඊට අමතරව කියනවනම් තඩියාගේ පියාණන් ආදීශිෂ්‍ය සංගමයේ නිලයක් හොබවන නිසා ගොඩ්වින් සර්ට තඩියාව පවුලේ කෙනෙක් ගානට මතකයි. ඒ වෙද්දී තඩියා ඉස්කෝලේ පිහිනුම් කණ්ඩායමේ කැප්ටන් නිසාත් ගොඩ්වින් සර්ට තඩියාව හොඳින්ම දන්නවා. ඊටත් අමතරව අපේ තඩියාගේ මෑණියන් අපේ ඉස්කෝලෙම ගුරුවරියක්. ඉතින් මදිද කියහන්කෝ.. ඒ වගේ අයිඩෙන්ටි එකක් තියන එකෙක්ව මේ වගේ මිෂන් එකකට ගෙනාපු එක ගැන පසුතැවිලි වෙමින් අපි නෑහුනා ගානට ගමනේ. ආයෙත් ප්‍රින්සිපල් සර් හඬ අවදි කරා..

ගයාන්.. කිව්වම අහලා නවතිනවා..

ඒ කියන්නේ ප්‍රින්සිපල් සර් තවත් සැකකරුවෙක් හඳුනාගෙන හමාරයි පිටිපස්සෙන්ම.. ගයාන් ඒ වෙද්දී ඉස්කෝලේ ෆස්ට් ඉලවන් ක්‍රිකට් ටීම් එක කීප වතාවක් නියෝජනය කරපු දක්ෂ බැට්ස්මන් කෙනෙක්. ඉතින් ප්‍රින්සිපල් සර්ට අපේ ගයියාව අමුත්තෙක් නෙවෙයි. ගයාන්ගේ අයියලා දෙන්නම ඉස්කෝලේ දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් නිසා ගයියගේ පවුලේ බොහොමයක් දෙනා ප්‍රින්සිපල් සර් දන්නවා. 

හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්නේ නැතුවම ප්‍රින්සිපල් සර් සැකකරුවන් දෙදෙනෙකු සාර්ථකව හඳුනාගෙන අවසන්. ගොඩයාත් ඒ කාලේ සමිති සමාගම් කිහියක් රන් කරපු එකෙක් නිසා මූණ දැක්කොත් ගොඩයාවත් ප්‍රින්සිපල් සර් හඳුනා ගැනීමට නියමිතයි. බතලයාත් ඒ වෙද්දී ෆස්ට් ඉලවන් ක්‍රිකට් ටීම් එකේ සාමාජිකයෙක් නිසා මූණ දැක්කොත් බතලයාවත් හඳුනාගැනීමට නියමිතයිලු. 

ප්‍රින්සිපල් සරුත් අපේ පස්සෙන් එන අල්ලපනල්ලේ අපිත් කැඩෙට් කාමරේ දිහාවට ටිකක් විතර පය ඉක්මන් කරා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඉස්කෝලෙන් එලියට පනින උසින් අඩුම තාප්ප කෑල්ල තියෙන්නේ කැඩෙට් කාමරේ එහාපැත්තෙ හින්ද. ඒත් ඒ වෙද්දීත් එතන කටු කම්බි පොටවල් හතරකුත් තාප්පෙට උඩින් ගහලා තිබ්බ නිසා ඔය කියන තරම් ලේසියෙන් ඉක්මනින් පහසුවෙන් තාප්පෙන් පනින්න බෑ . පනිනවානම් පනින්න ඕන සීරුවට තාප්පෙට ගොඩවෙලා කම්බි පොට යටින් රිංගලා ඉවරවෙලයි. 

ප්‍රින්සිපල් සර් අපේ පස්සෙන් එන එකේ ගැලවීමක් නැතිබව දැනගත්තු ගමයා තමා තාප්පේ දිහාවට ඉස්සෙල්ලම දුවන්න ගත්තේ. මොන වැඩක් කරත් කොතන ගියත් ගමයා කියන්නේ ඌත් හොඳහැටි නාගෙන අපිවත් ඇතිවෙන්න නාවන්න දක්ෂතාවයක් තියෙන එකේ.  ඒ එක්කම කොටත් දුවන්න ගත්තා කියහන්කෝ. ආයේ ඉතින් ඇඩ්රස් නැතිවෙන්නම යන නිසා ඊළඟට අනික් හතර දෙනාත් දුවන්න ගත්ත තාප්පේ දිහාවට. 

ඔහොම නවතිනවා... කිව්වම අහල ඔහොම නවතිනවා... ප්‍රිසිපල් සර් කෑ ගහනව සැක කටයුතු පුද්ගලයින් හයදෙනා ඉස්කෝලේ ඇතුලේ නවත්වාගන්න අරමුණෙන්. එලියට පැනගත්තොත් මුන් හයදෙනාගේ වලිගෙවත් අල්ලන්න බැරිබව ප්‍රින්සිපල් සර් එකෙන්ම දන්නවා.

කොහේ නැවතිල්ලක්ද දෙයියෝ.. නැවතුනොත් ගෙදර යන්න වෙන්නේ සියලු නඩු විභාග අවසන් වෙලා වේවැල් පාර කාපු පස්ස පැත්ත අතේ අරං කියන එක අමුතුවෙන් පහදන්න දෙයක් නෑ . ඒ වගේම අවසන් මහා සටනට කැඳවු එස් එෆ් භටයින් තුන්දෙනා ඉස්කෝලෙන් එලියට පනිද්දී අපි ඉස්කෝලේ ඇතුලේ ඉන්නවා කියන්නේ පහුවදාම අවසාන කටයුතු කරන්න වෙන කනගාටුදායක කතාවක්.  ඊට අමතරව හතරදෙනෙකුගේ නම් ඉදිරියෙන්  නාමලේඛනවල එදා දිනේට වැටිලා තියෙන්නේ බිංදුව වෙච්චි. ඒ වගේ තත්වයක් යටතේ මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටියක ලඟපාලා ප්‍රින්සිපල් සර්ගේ අතටම අහුවෙනවා කියන්නේ කසිප්පු බූලියයි, ගොඩා බැරල් එකයි, කසිප්පු කාරයයි තුනම එක පාරටම පොලිසියට අහුවුනා වගේ වැඩක්. 


මොහොතකට කලින් කුඩු වෙන්න නෙලලා ආපු පන්තියේ එවුන්ට තනියම අහුවුනොත් ඉතින් ආයේ ගෙදර යන්න වෙන්නේ අත පය හතරේම සුදු මේස් දාගෙන පොලිෂ් කරපු පෙට්ටියක කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. ඊට හොඳයි පාරේ යන  පොලිස් ජීප් එකකට ගලකින් ගහල මමයි සර් ගැහුවේ කියල අත උස්සලා පිළිගන්න එක.. ඒ කතාව කෙසේ වෙතත් ගමයා දුවන්නේ කැඩෙට් කාමරේ ඉස්සරහම තාප්පේ දිහාවට. සාමාන්‍ය ඉස්කෝලේ දවසට ෂෝර්ට් ලීව් හෝ හාෆ් ඩේ දාල ගෙදර යද්දී තාප්පෙන් පනින්නේ එතනින් නෙවෙයි. එත් ඒ පනින තැනින් එකා පස්සේ එකා පනිද්දී මුල් එකා ඇරුනාම අනික් පස්දෙනාම ප්‍රින්සිපල් සර් කනෙන් ඇදගෙන ඔෆිස් එකට අරන් එනවා කියන එක සක්සුදක් සේ පැහැදිලියි. ඒ නිසා ගමයා දුවන්නේ එකපාරට ඔක්කොටම තාප්පෙන් පනින්න පුළුවන් තැනක් ඉලක්ක කරගෙන. ඒත් ප්‍රශ්නය තියෙන්නේ එතන තියන තාප්පේ අඩි දහයක් විතර  උසයි කියහන්කෝ. 

ලෝක බාස්කට් බෝල් ශුරයා ආවත් උඩ පැනලා එල්ලෙන්න බැරි තරම් උස තාප්පේ ගමයා දුවගෙන ගිය වේගෙන්ම එල්ලුනා. ගයියා, තඩියා, බතලයා තුන්දෙනාත් බොහොම සාර්ථ ආකාරයෙන් තාප්පේ උඩ එල්ලිලා තාප්පේ මුදුනට බඩ ගෑව. තාප්පේ දිහාවට අනික් එවුන් එක්ක දුවගෙන ගියාට අඩි පහයි අඟල් හතරක් උස ගොඩයාටයි, ඒ උසම තියන කොටාටයි තාප්පේ එල්ලෙන එක හීනයක් විතරයි. පස්සෙන් එලවාගෙන එන ප්‍රින්සිපල් සර්ගේ අතට හසුවීම නැවකට දඬුවම් විඳින්න සිද්ද වෙනවා අනිවාර්යයි. ඊට අමතරව මොහොතකට කලින් වටකරගෙන නෙලපු පංතියේ  කොල්ලන්ට හසුවීමෙන් ඇට කුඩු වෙන්න ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙන්න ඇදෙන ස්වීප් එකක්. ඒත් ගොඩයාට සහ කොටාට තාප්පෙන් පනින්න බැරිබව දැනුන අපේ ගයියා ආපහු ඉස්කෝලේ පැත්තට පැනලා ගොඩයාවයි කොටාවයි බාස්කට් බෝල රින්ග් එකට විසික් කරන්න වගේ තාප්පේ උඩට විසික් කරා කියහන්කෝ. තඩියා තාප්පේ උඩ ඉඳගෙන කොට ඩබලව උඩට ඇදලා අරගෙන ගයියාවත් උඩට ඇදලා ගත්ත. ඉන් පස්සේ ඉතින් විද්‍යාල මාවතේ පොලොව සිපගන්න හයදෙනාටම තත්පරයක් ගියේ නෑ.



ඔන්න ඔතනින් තමයි අපේ ටීම් එක ඉස්කෝලෙන් එලියට පනින්නේ. පේනවනේ උස. වෑන් එකේ වහලේ ඉඳගෙනත් අඩි හයකට වඩා උසයි. ඔය වගේ තැනකින් ඉහලට නැගලා පහලට පනින්න තරම් අපි, ප්‍රින්සිපල් සර්ට කොහොම භයක් තියෙන්න ඇත්ද. ඔය එහා පැත්තෙන් තියන ගේට්ටුව ඒ කාලේ ඔතන තිබ්බේ නෑ.. මේ පින්තූරය  සහ පහලින්  තියෙන පිංතූර ගත්තේ ගූගල් පුන්චාව ඔය පාරේ තකහනියේ ඇවිද්දවල.

 ප්‍රින්සිපල් සර් ඊටපස්සේ තොපිට මම දෙන්නම්කො කියල හිතාගෙන ආපහු හැරිලා යන්න ඇති. දැන් මේක කියවන උදවිය හිතයි ප්‍රින්සිපල් සර්ගේ රෝල් එක මේ පොස්ට් එකන් ඉවරයි වෙන්න ඇති කියල.. නෑ පින්වතුන් නෑ .. ආයෙත් ප්‍රින්සිපල් සර් ගේමට එන්ටර් වෙනවා පොස්ට් එකේ අගදී.



අවසන් මහා සටනේ ඇඟ කිලිපොලා යන කතාන්දරේ එතැනින්  ඉවරයි. ඊළඟට තිබ්බේ ඉස්කෝලේ අරිනකම් ඉඳලා අවසන් මහා සටනේ සොල්දාදුවන් පාසල් තාප්ප රාජයා තරණය කෙරුවයින් පස්සේ මොකද උනේ කියල දැනගැනීම වෙනුවෙන් ආරක්ෂාකාරී ස්ථානයක රැඳී සිටීම විතරයි. හිතුවේ නැති ආකාරයේ පරිසර තත්වයක් උද්ගත වෙච්ච නිසා රිසාල්ට් එක දැනගැනීම අත්‍යාවශ්‍යයි. හතරදෙනා නිදහස් ආරයෙන් නෙලපු නෙලිල්ලට කුමනාකාර රිටර්න් එකක් ලැබෙයිදෝ කියන සිතුවිල්ලත් තිබ්බේ නැත්තේම නෑ. ඒත් අපේ ගයියටයි තඩියාටයි නම් මෙලෝ කල්ලිතාවක්  තිබ්බේ නෑ ඒ ගැන. උන් දෙන්නට නම් තිබ්බේ කාලෙකින් අතේ පයේ හිරි ඇරෙන්න කාටහෝ හිතේ කැත යන්න නෙලාගතපු සන්තෝසේ විතරයි.


අපි සෙට් එක දැන් නැවතිලා ඉන්නේ කරත්ත කන්ද පන්සලට ටිකක් එහායින්. හරියටම කියනවනම් සැනසුම ග්‍රොසරියේ ගෙදර ගේට්ටුව ඉස්සරහ. කට්ටියම ගහපු ගැහිල්ල ගැන නැවකට කයිය කියමුකෝ. ගමයාගේ ඉහේ මලක් පිපුනා හා සමානයි. 



ඔන්න ඔතන තමා අපි ඉන්නේ. ඔය ඈතින් පෙන්නේ රේල් පාර. රේල් පාර පැනලා දකුණට ගියාම තමයි ඉස්කෝලේ තියෙන්නේ. 

දැන් කට්ටිය ගහපු මිෂන් එක ගැන ලොරි ටෝක් දීගෙන ඉන්න අතරේ ඉස්කෝලේ ඇරෙන වෙලාවත් ලංවුනා කියමුකෝ. ඒත් ඉස්කෝලේ අරින්න විනාඩි දහයක් වගේ තියෙද්දී රේල් පාර හරහා දාන වාහනයක් දිහාවට අපේ අවධානය යොමුවුනා. හත් ඉලව්වේ ඒ වෙන මොකක්වත් නෙවෙයි ඉස්කෝලේ හයිඒස් වෑන් එක. ඉස්සරහ සීට් එකේ ඉන්නේ විදුහල්පති තැන්පත් ගොඩ්වින් සර්. ඇතුලේ ඉන්නේ අපි ඉස්කෝලෙට පැනලා නෙලපු පන්තියේ ළමයි කීප දෙනෙක්.

දර්ශනයෙන් කලබල වෙච්ච අපි හය දෙනා ඔලුව හැරුන අතේ දුවන්න හදලත් හැමෝටම එකපාරටම තීරණය කළා වගේ එතන තියන කැලේ පොඩි පට්ටම් කරගෙන රේල් පාර දිහාවට දුවන්න තියාගත්තා. හයදෙනාගෙන් පස්දෙනෙක් සාර්ථක වනාන්තර තරණයකින් අනතුරුව නිරූපද්‍රිතව රේල් පාරට ගොඩවුනා කියමුකෝ. ඉන් පස්සේ පස්දෙනාම රේල් පාර දිගේ කොළඹ දිහාවට දුවන්න ගත්තේ රුහුණු කුමාරිය කොළඹ යනවට වඩා වේගෙන්. ඒ අතරේ අපේ කොටා ක්‍ෂණිකව අදහස වෙනස් කරලා රේල් පාරෙන් දකුණට විතැන් වෙලා සැනසුම ග්‍රොසරියෙ ගේ දිහාවට පල්ලම් බැස්ස. ගොඩයත් කොටා පස්සෙම එළවන්  සැනසුම ග්‍රොසරියෙ ගේ දිහාවට දිව්වා. මෙන්න බොලේ කොටා එකපාරටම සැනසුම ග්‍රොසරියෙ ගෙදර පිටිපස්සේ තියන කක්කුස්සියට ඇතුල්වුණා කියහන්කෝ. ගොඩයා කෑ ගැහුවා බුදු කොටෝ මා එනකං හිටහන් කියල. මොන.. ඌ අහයි එව්වා.. ඌ  කරේ කක්කුසියට වෙලා දොර ඇතුලෙන් ලොක්කරගත්තු එක. ඊළඟට ආයෙත් ගොඩයා අනාතයි. හත වසරේ හිටං දහතුන වසර වෙනකම් තිබ්බ කොටාගෙයි ගොඩයාගෙයි අකලංක මිතුරු ප්‍රේමයට කොටා ද්වේශ සහගතව කක්කුස්සියේ දොර වහගෙන බූට් එක තිබ්බ නිසා ඒ හිත් අමාරුව පැත්තකින් තියලා ගොඩයා ආයෙත් රේල් පාරට ගොඩ වෙනවා දුවගන්න අතක් හොයාගන්න බැරුව. ඒ අතරේ තමයි මිෂන් එකේ කූටප්‍රාප්තිය ගොඩයා ඇහින් සජීවීව  දකින්නේ. 

ඒ වෙද්දීත් විදුහල්පතිතුමා වාහනේ නවත්තලා කෑ ගහනව ඔහොම නවතිනවා.. ඔහොම නවතිනවා කියාගෙන.. මොන. අපි අහයි එව්වා.. ගොඩයා ආයෙත් රේල් පාරට ගොඩ වෙලා කෑගැහුවා බුදු ගයියෝ මාවත් අරං පලෝ කියල.. රුහුණු කුමාරියටත් වඩා වේගෙන් කොළඹ පැත්තට දුවපු ගයියයි තඩියයි ගොඩයා කෑ ගහනව ඇහිලා ආපහු දුවන් ඇවිත් ගොඩයාගේ අත් දෙකෙන් ඇදගෙන දුවන්න තියාගත්තා කියහන්කෝ. අන්න දිවිලි.. උන්ට වැඩක් නෑ ගොඩයා දුවගෙන එනවද නැද්ද කියනේක. උන්ට වැදගත් වෙන්නේ ගොඩයා උන් එක්ක එනවද නැද්ද කියන එක විතරයි. උන් දුවන දිවිල්ලට ගොඩයාට සිල්පර උඩ දුවන්න බෑ. ඒ හින්ද ඉතින් උන් දෙන්න දුවන්නේ ගොඩයාව සිල්පර උඩ බිම දිගේ ඇදගෙන. මොන කරන්නද දෙයියෝ ඉතින් ගොඩයත් පුළුවන් ට්‍රයි එකක් දුන්නට වැඩි හරියක් යන්නේ හොම්බෙන්. වංගුවෙන් නොපෙනී ගිහින් කොලේජ් ලේන් එකට මතුවෙනකම් ගයියයි තඩියයි ගොඩයාව ඇදගෙන දුවල නවතිනකොට ගොඩයාගේ කකුල් දෙකේ තිබ්බේ මේස් දෙක විතරයි. ඒකත් කකුල් දෙකෙන් පනින්න ඔන්න මෙන්න.



ඔන්න ඔතනින් තමා රේල් පාර දිගේ දුවන්න පටන් ගත්තේ. ඔය දකුණු පැත්තේ තියෙන පොල්ගහට එහායින් තියන කැලෑව පොඩි කරගෙන තමයි කට්ටියම රේල් පාරට අවතීරණය වෙන්නෙ. 

දැන් ඔය රේල් පාර දිගේ දුවපු කට්ටිය ගණන් උනේ පස් දෙනයිනේ.  එතකොට කෝ ඉතුරු එකා..??? ඒ  තමා අවසන් මහා සටනේ කූටප්‍රාප්තිය සටහන් කරපු සටන් කැඳවුම් කරු හෙවත් අපේ වීරෝධාර ගමයා. 

උන්දෑ ඉතින් කවදාවත් වැඩිය ඩීටෙල් ඔරියන්ටඩ් පොරක් නෙවෙයිනේ. ඒ නිසා අපේ ගමයා වාහනයක් උනත් අඳුරන්නේ වෑන් , කාර් , බස් වගේ පොදු නම් වලින් විතරයි. අහවල් වර්ගයේ අහවල් ජාතියේ වාහයක් කිව්වට අපේ ගමයා ඔව්ව වැඩිය දන්නේ නෑ. ඊටත් අමතරව ඔය දුවපා.....න් වගේ වචනයක් ඇහුනාම අපේ ගමයා කොයි දිසාවටද දුවන්නේ ? අපි කුමක් සඳහාද දුවන්නේ? ඇයි අපි දුවන්නේ ? වගේ ප්‍රශ්න අහලා අපිව වෙහෙසට පත්කරන එකෙක් නෙවෙයි. දුවපා......න් කිව්වා ගමන් අපේ ගමයාගේ සිරිත තමා ඔලුව හැරුන අතකට විදින එක..අපි හයදෙනා කැලේ පොඩි කරගෙන රේල් පාර දිහාවට දුවලා රේල් පාරට ගොඩ වෙලා බැලින්නම් මෙන්න බොලේ අපේ ගමයා දුවනවා එලෝ මෙලෝ නැතුව ඉස්කෝලේ වෑන් එක එන දිහාවට පාර දිගේ. මූ වගේ අන්ද මන්ද ගොන් මැට්ටෙක් එක්ක මේ වගේ අනතුරුදායක ගමනක් ගිහිපු අපි පස්දෙනාට මඩු වලිගෙන් තලන්න ඕන නැද්ද හා..

ඉස්කෝලේ වාහනේ ගමයා ඉස්සරහා නවත්තලා අපේ විදුහල්පති තුමා වාහනෙන් බැස්සාම තමයි අපේ ගමයා දැක්කේ හත් ඉලව්වේ  මං දුවලා තියෙන්නේ වෑන් එක එන දිහාවට නේද යකඩෝ කියල. වටේපිටේ ගැන කල්ලිතාවයක් නැතුව වෑන් එක දිහාට දුවගෙන යන ගමන් හදිසියේම වාහනෙන් බහින ප්‍රින්සිපල් සර් දැකපු ගමයා කකුල් දෙකේ තියන ඒ.බී.එස්, එස්. ආර්.එස්, එමර්ජන්සි බ්‍රේක්, හෑන්ඩ් බ්‍රේක් එනම් මනම් ඔක්කොම තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා විදුහල්පති තුමාගේ කන ගාවින් නාවනවා නැවිලක් දකුණට කනේ වැලි ගෑවෙන්න කියහන්කෝ. ආයේ ඉතින් එහෙම නැවිල්ලක් නවන්න බැලේ ඩාන්සර් කෙනෙකුටවත් බැරුව ඇති මයේ හිතේ . නවපු වේගෙන්ම රේල් පාර හරහා පිකප් කරන අපේ ගමරාල රේල් පාරෙන් එහා ඉස්කෝලේ පැත්තේ තියෙන හබරල ගාලෙන් නොපෙනී යනවා තමුන්ගේ දිවිල්ලේ උපරීම වේගය සාක්ෂාත් කරමින්. ගමයා කියන්නේ ඕනෑම නයි පොළොංගු ඉන්න මූකලානක පය තියන්න රැයක් දවාලක් නැති එකා නිසා මෑන්ස් හබරල ගාලේ නොපෙනී ගිය එක ගැන නම් ගොඩයාට එවෙලේ කිසිම ගැටළුවක් තිබ්බේ නෑ. මොකද අපේ ගමයා කියන්නේ අවදානම කියන එක ගැන මෙලෝ ගානක් තියෙන එකෙක් නෙවෙයි කුඩා එකා සන්දියේ හිටන්ම.



ඔය රේල් පාරෙන් වම් පැත්තේ දැන් තියෙන ඉස්කෝලේ පැසිපන්දු පිටිය තියන තැන ඉඳන් ඉන් එහායින් තියන ස්විමින් පූල් එකටත් එහාට ඒ කාලේ තිබ්බේ තනිකර මඩ වගුරක්. ඔය කියන වගුරේ ඉතින් හිටියේ නැත්තම් නොහිටියේ අලි කෝටි වලස්සු ඩයිනෝසර් වගේ සත්තු විතරයි. නයි පොළොංගු නම් ඕනෑතරම් ඉන්න ඇති.  හරි දැන් ඔක්කොම ගැන විශේෂණ ලියවුනාට කෝ එතකොට බතලයා ?

අප්පට සිරි ඔය ඔක්කොම දේ සිද්දවෙන අල්ලපනල්ලේ රේල්පාර දිගේ කොළඹ දිහාවට විදපු බතලයා ඒ වෙද්දී  අලුත්ගමත් පහුකරලා තියෙන්න ඇති මයේ හිතේ. මොකද බතලයත් හෙන දිවිලි සූරයා බතලේට හිටියට.

හබරල ගාල හරහා ඕෆ් රෝඩ් ටුවර් එකක් ගිය ගමයා කවදා කොතනින් මතුවුනාද කියලනම් ගොඩයා දන්නේ නෑ. ඒත් ඉතින් මේ හදිසියේ හබරල ගස්, කටු කොහිල වැල් පෙරලාගෙන මඩ වගුර හරහා උසේන් බෝල්ට්ටත් වඩා හයියෙන් එකෙක් දුවගෙන එනවා දැක්කාම නයි පොළොංගුත් ඉතින් ජීවිතේ  බේරගන්න පණ කඩාගෙන කොහෙහරි දුවන්න ඇති මයේ හිතේ. කොටා ඉතින් සැනසුම ග්‍රොසරියේ ගෙදර පිටිපස්සේ තියන කක්කුස්සියෙන් කවදා එලියට ආවාද කියලා ගොඩයා අද වෙනකොටත් දන්නේ නෑ. ඌ කක්කුස්සියේ දොර වහගත්තු තාලෙට මං හිතන්නේ නෑ සැනසුම ග්‍රොසරියෙ ගෙදර අයිතිකාරයා ආවත් ඌ දොරනම් අරියි කියල. 

අවසන් සටනේ පශ්චාත් නඩු විභාග ආදිය ගැන කමෙන්ට් වලින් විස්තර කරනම්කො.. එව්වත් ලියන්න ගියොත් මේ පොස්ට් එක හැතක්මක් විතර දික් වෙනවනේ. අපේ ආදරණීය විදුහල්පති තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායු වේවා  කියල ප්‍රාර්ථනා කරනවා මේ උදාවූ නව වසරේ.




කමෙන්ට් එකක් දාගෙන යමු..

61 comments:

  1. Replies
    1. වැඩේ කියන්නේ මේත් උඹ කලින් එක වෙච්ච එකම තමා.. පාඨකයින් පෝස්ටුව දිග වැඩියි කියල චෝදනා කරන්නගත්තු නිසා දෙකට කඩන්න උනා කියහන්කෝ..

      Delete
  2. අයියේ නිකන් මෙිතන මොකක් හරි අප්සැටි එකක් ගියා වගේ නේ...

    ReplyDelete
    Replies
    1. උබ ඉතිං එක එක ගගා හිටපං.ගොඩය උබටත් නොකිය කතාව දෙකට කඩල :-P 🔫

      Delete
    2. එකනේ චමිල අයියේ..හැබැයි ඉතින් අර 01 කියන කොටහත් මන් කියෙවිවා නේ කලින්...

      Delete
    3. අප්සැට් එකක් නෑ බන් තරිඳු.. කලින් පොස්ට් එක දෙකට කැඩුව..එච්චරයි..

      Delete
    4. ඔව් හත් ඉලව්වේ ඔව් උඹ කලින් එක කියෙව්වා තමා.. ඒක තමා එහෙමම තියෙන්නේ එතන..

      Delete
  3. ගුටිකෑ සෙට් එක දැං කොයි කොයි දීපංකරවලද?

    කොහොම වෙතත් ගොඩයියට 2018 වසර සුබ කරගන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා කෝ ඔබෙි කතාව.....?

      Delete
    2. එතනින් භාගයක් විතර ලංකාවේ නැහැ මං හිතන්නේ. භාගයක් ලංකාවේ ඉන්නවා. හැබැයි ඉතින් දැන් ඔය ඒ කාලේ තිබ්බ තරහවල් නෑ.. ඔක්කොම එක ටේබල් එකේ සෙට් වෙනවා අහම්බෙන් හරි හම්බුනාම.. ඔය ගහගනිලි ඒ කාලෙන් ඉවරයි බං..

      Delete
  4. මෙවත් අත්දැකීම් නැති පාසැල් කාලයක් කුමටද? (මක්කටෙයි? )

    ReplyDelete
    Replies
    1. ගම කොහෙද අඩා?

      Delete
    2. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

      Delete
    3. ඉයන් ඔහොම කිව්වට ඔහොම අත්දැකීම් හුඟක් එවුන්ට නෑ.. එහෙම කිව්වාම සමහරු කියයි හොඳින් ඉගෙනගන්න එවුන්ට ඔහොම අත්දැකීම් නෑ කියල. ඒත් ඒ කාලේ පන්තියෙන් එලියට බැහැපු නැති පොතේම අලීලා හිටපු එවුනුයි, මේ අත්දැකීම් විඳපු එවුනුයි අද ඉන්න තැන් බැලුවාම හැමෝම සමාන මට්ටමේ ජීවන තත්වයක ඉන්නව.

      Delete
    4. ඈ බං මෙන්ඩෝ...දැන් ඔය උඹහේ සිංහල කොටන්න අහන්නේ ෆෝන් එකෙන්ද කොම්පීතරෙන්ද? ෆෝන් එක ගැන කියනවනම් හෙලකුරු ඇප් එක දාගත්තාම ඕක සිම්පල් වැඩක්. ඒත් මටනම් හෙලකුරු වැඩේ අවුල්.. ගූගල් සිංහල වගේ නෙවේ.. හෙලකුරු අකුරු සෑස්තරේ වෙනස්..

      Delete
    5. කොම්පීතරෙන්.
      ඉස්සර කොම්පිඋටරෙ තිබුනා සින්ග්ලිශ් ගහ්පුවහම සින්හල වඩින එකක්..ඒක ඔනෙ

      Delete
    6. මෙන්න මේකට ගිහින් අදාළ එක තෝරලා Download / බාගත කරගන්න. ඊට පස්සේ Install කරහන්..

      https://www.google.com/intl/si/inputtools/try/

      Delete
  5. කැඩට් ආමරියෙ පිංතූරෙ ගත්තෙ බැක්ටු ස්කූල් එකෙන් නෙවෙයි ඉස්කෝලෙන් පවත්වාගෙන යන බුකියෙ තිබිල.පංතියේ ගැටිස්සියො ටික කෑමොර දෙන්න පටන් ගත්තෙ අපි ඇතුලට යනකොටමයි.මං හිතන්නෙ උන් දැනගෙන ඉදල තියනව අපෙන් රිටන් එක හම්බෙනවයි කියල.ඒ නෙලපු නෙලිල්ල තමයි මගෙ පාසැල් කාලයෙ උන හොදම ලොකුම වලිය.වලියෙ තරම කොහොමද කියනවනම් අපි දෙවෙනි ඉනිම ක්‍රියාත්මක කරයි කියල තමයි ගුටි කාපු උන්ව ඉස්කෝලෙ වාහනෙන් ගෙවල් වලට ඇරලවන්න ගිහින් තියෙන්නෙ.කරුමෙට අපිව මාට්ටු උනා.දුවපු දිවිල්ල අදටත් මතකයී.මටනම් ඉතිං එදා හවසම තාත්තගෙන් පෝරියල් එක හම්බුනා.මොකද මම මීක් කිව්වත් ලොකු ඉස්කෝලෙන් පොඩි ඉස්කෝලෙට එක කෝල් එකයි යන්නෙ.අම්ම ඉකෝලෙ උගන්නපු එක මට සෑහෙන්න අවාසි වෙලා තියෙනව අප්ප.මේ කට්ටියගෙ පිංතූර දාන්න අවසර අරන් දුන්නත් කෝ උබ කැමති නැහැනෙ ඒක කරන්න.එහෙම කරානම් බලන උන්ට වැඩේ සුපිරියට මවාගන්න තිබුන

    ReplyDelete
    Replies
    1. හරි බන් කොහෙන් හරි පින්තූරේ උඹ ගත්තනේ.. ඒ මදැයි.. උඹල ගහපු විදිහට උන් මලේ නැතුව ඇති. මොකද උඹල උන්ට ගැහුවේ සතෙක් සර්පයෙක්ටවත් ගහන තාලෙට නෙවෙයිනේ. යකෝ එහෙමත් ගහනවද මිනිස්සුන්ට. මට මතකයි උඹ දෝත බදලා එකෙකුගේ ඔලුවට පතබෑවා හපොයි දෙයියනේ මං හිතුවේ ඌ මලා කියල. මං ඉතින් තුන් වෙනි විනිසුරු වගේ සියල්ල හොඳින් බලාගෙන හිටපු නිසා මම වැඩියෙන්ම දැක්කේ පුටු මේස සපත්තු එලියට විසික් වෙනවා විතරයි. කොටා නම් කීඑප වතාවක් ට්‍රයි කරා වලිය මැද්දට රිංගන්න.. ඒත් ඒ හැම වතාවෙම කොටා එලියට විසික්වුනා.. ඔය වගේම අපි 12 වසරේ ඉද්දි ගයියටයි , මටයි, කොටාටයි 95 එවුන් නෙලුවනේ නෙලිල්ලක් වට කරලා. අන්න ඒකත් අනාගතයේ ලියන්න ඕන.

      Delete
  6. දැන් මේ පාර්ට් ටූ කියල හිතං පාර්ට් වන් එක ආයෙත් කියෙව්වෙ මම විතරෙයි? 🤔.අඩේ ගොඩයෝ උබලගේ සෙට් එකටම රණවිරු අභිමානි සම්මාන දෙන්න වටිනව බං.ඕක සෙට් එකක් නෙමෙයි සොමි නාෂක බැටෑලියන් එකක්. අපේ ඉස්කෝලෙත් එකම වලියකට සහභාගී උනා. පුකට කවකටු පාරක් ඇනගෙන ගෙදර ආව. 🙈. ඉස්කුල් කට් කරලනම් නැහැ බං. ඉස්කුල් කට් කලත් යාලුවොන්ට ඕන මගුලක යන්න කියල ගෙදරම ගිහිල්ල අම්මට කියනව අම්මේ අපි ඉස්කුල් කට් කළා. මම ගෙදර ආව. එක්කො අපි ස්කූල් කට් කරන්න සෙට් වෙනකොටම යාළුවො කියනව “ටික්කො අවුලක් නැහැ. උබ පන්තියට වෙලා හිටහන්” කියල. මොකද පියතුමා එයාගෙ යාළුවො දැම්මල තියෙන්නෙ මම ගැන හොයන්න. අනික යාලුවොත් දන්නව මගේ නස්කුනි වැඩ ගෙදරට අහුඋනොත් ඇරියස් ඔක්කොම එකතු කරල පියා ගෙදර එන දවසට මාව හතරවෙනි තට්ටුවට එක්කරගෙන යනව කියල. අනික ඔහොම මට ඇඳිරිනීතිය දාලත් ගෙදර ලෝ එකේ ලූප් හෝල් වලින් රිංගල කලෙත් ආයෙ එසේ මෙසේ වැඩ නෙමෙයි. උබේ මේ ස්ටෝරිය නම් පංකාදුයි. ෆුල් ඉන්ෆොමේෂන් ලොකේෂන් ඉවෙන්ට් මැනේජ්මන්ට් එහෙම අම්මෝ... ෆුල් හොල්මන්.

    එහෙනම් ජය වේවා...!!
    👊🏽

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන රණවිරු අභිමානී සම්මානය අපිට ඉතින් අවුරුද්දට කීප වතාවක් ලැබුනා බන් හැම අවුරුද්දෙම. කොච්චර ඔය සම්මානේ අපිට ලැබුනද කියනවනම් මාසෙකට දෙකට වතාවක් අම්ම හරි තාත්ත හරි ඉස්කෝලෙට යනවා ටීචර්ගෙන් සම්මානේ අරං එන්න. 7 වසරේ ඉඳන් 13 වසර වෙනකම් අපිට හිටපු පන්තිභාර ටීචර්ලා වින්ද දුක් අපමණයි බන් අපේ එවුන් නිසා. එක වතාවක් අපේ ඉස්කෝලේ සර් කෙනෙකුට පොඩි වැරදීමක් වෙලා අපේ ගයියට නෙළුවා නෙලිල්ලක් පුටු ඩෙස්ක් කැඩෙන්න 7 වසරේදී. ඒ වගේ අපෙන් භාහිර ලෝකයටත් භාහිර ලෝකයෙන් අපිටත් ලැබුන නැව් ගුටි ගණන් කරන්න බැරි තරම් ඔය අවුරුදු හයට. ඔය හැම වලියකම අපිට ගුටි වදින වෙලාවාදී අනිවාර්යෙන් ගුටි කාපු අපේ එකෙක් හිටිය. ඌ ඉස්කෝලේ ආවේ හික්කඩුවේ ඉඳන් නිසා ඌ ගෙදර යන්න බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනනේ. ඒ නිසා අපි කාට හරි ඉස්කෝලෙදි නෙලුවාම උන් බස්ටෑන්ඩ් එකේදී අපේ එකාට හැමදාමත් වටවෙලා නෙළුවා. හැබැයි උගේ තිබ්බ විශේෂත්වය තමයි කොච්චර ගැහුවත් පිඹුරාට තලන්න වගේ කිසිම ගානක් නැති වීම. ගෙදර යනකොට කන්න වෙනවා කියල දැන දැනත් ඌ ඉස්කෝලේ ඇතුලෙදි ඕනෑම වලියක පෙරමුණේ හිටියා කියහන්කෝ. ඒ වගේම තව එකෙක් හිට්යා ඌත් පිඹුරා වගේ තමා. එක වතාවක් එකෙක් ඌගේ කම්මුලට ගැහුවා කකුලේ තිබ්බ සපත්තුව ගලවල අතට අරගෙන. ඒ පාර මට ගැහුවනම් මං අනිවා මාසයක් අඬනවා හිටි තැනම වාඩි වෙලා. සපත්තු පාර මූණ පුර කාලත් මේන් මූ යස අගේට හිනා වෙනවා කියහන්කෝ. දැන් ඌ ගාල්ලේ පළාත් සභාවේ ප්‍රයිවට් බස් අල්ලන ස්කොඩ් එකේ වැඩ කරන්නේ. මගේ ඥාතියෙකුත් ඌ එක්ක වැඩ. මං ඒත් මගේ ඥාතියාට කියල තියෙන්නේ උඹලට ප්‍රයිවට් බස් කාරයෝ වට කරන නෙලුවොත් අපේ එකාට ඉස්සරහට දාපන් කිසිම අවුලක් නෑ කියල.

      තවත් එකෙක් හිටියා රත්නපුරේ තියලා හදන්න බෑ කියල අම්බලන්ගොඩ ගෙනල්ල අපේ ඉස්කෝලෙට දාපු. ඌ නම් 9 වසරේදීත් මොහොමඩ් අලි විතර සයිස්. හැබැයි ඉතින් වලියකට අරං ගිහින් මෙලෝ වැඩක් නෑ.. මලාට එකෙක් දිහා රවලවත් බලන්නේ නෑ.. වැඩේ කියන්නේ ඌ රත්නපුරේ හිටියාම නරක් වෙනවා කියල අම්බලන්ගොඩ ගෙනල්ල දැම්මාම වැටුනේ අපේ පන්තියට. අන්න බලහන් කරුමේ කියන්නේ ඒකට තමා.. වලියකට එහෙම අරං ගියාම අපි උගන්නල එක්ක යන්නේ ටිකක් කේන්ති ගිය විදිහට ඔරොගෙන හිටහන් කියල විරුද්ද පාර්ශවේ උන්ට විරිත්තන්නේ යන්නේ නැතුව. මරාගන්න වලියක උනත් ඉස්සරහට තල්ලු කරලා දැම්මට ඔහේ ඉතින් අලි පැන්චෝ ඔයයි මමයි පිචර් එකේ අලි පැටියා වගේ උඩ පැන පැන ඉඳලා එනවා මිසක් මලාට එකෙකුට හත අටක් නෙලන්නේ නෑ. උගෙන් අපිට තිබ්බ වාසිය තමා අලියා ෆ්‍රන්ට් එකේ ඉද්දි එකෙක් ලං වෙන්නේ නෑ අත පය හතර පට්ට සයිස් නිසා. රාත්තල් පනහේ කුළුගෙඩි වගේ අතපය තිබ්බට මේ වෙනකල් එව්වයින් වැඩක් අරං නෑ මයේ හිතේ.. උන්දෑ හොඳයි බත් කන්නේ නැති පොඩි එවුන්ට පෙන්නලා භය කරලා බත් කවන්න. ඊට එහා වැඩකට නම් වැඩක් නෑ... දැන් ඉතින් මේ කමෙන්ට් එක දැක්කාම රිදෙයි.. මොකද අපේ තඩියා මේක දැක්ක ගමන් ලින්ක් එක යනවනවා ඕකාට.. හක් හක් හා...

      Delete
    2. ස්ක්‍රීන් ශොට් එකක් ගහල තුසිතයගෙ බුකියට ටැග් කොරල උබවත් ටැග් කොරා.කවදාවත් කාටවත් නොගහපු තුසිතය ගහයි තොට සිදෙන්න :-P

      Delete
    3. ඔන්න තඩිය නෝනගතේට වැඩ අල්ලල. අම්මෝ උබලගෙ රස කතා අහල මම ඊළඟ පොස්ට් එකට ලියන්න ගිය දේ නොලිය ඉන්න හිතුන. පුදුමාකාර පිස්සු සෙට් එකක් නෙ බං උබට ඉන්නෙ. අනෙ අම්මප ඇස් වහක් කට වහක් නැහැ. උබල පිස්සුම රියල් බුලට්. 👊🏽

      Delete
    4. තව දෙයක් කියන්න අමතක උනා ගොඩයෝ. උබේ සුනාමි පොස්ට් එකේ මගේ කමෙන්ට් එකට උත්තරයක් දීල නැතෝ...

      Delete
    5. තඩියා මේ දවස්වල සෑහෙන්න සන්තෝසෙන් ඉන්නේ සදහටම ලංකාවේ නවතින්න යන්න. පිස්සු ලෝකෙක තමා බන් අපි ඒ කාලේ උන්නෙ. එක එකාට එක එක ආකාරයේ පිස්සු.. හැබැයි එකෙක්වත් අනාත උනේ නෑ.. හැම එකාම තමුන්ගේ සබ්ජෙක්ට් එකේ උපරිමේටම ගියා. ඔය කක්කුස්සියට වැදිලා දොර ලොක් කරගත්තු කොටා දැන් ඔටෝමොබයිල් ට්‍රේනින් මැනේජර් ලොකු කම්පැනි එකක. උන්ගේ මේන්ටනන්ස් ඩිවිෂන් එකේ වාහන හාරපන්දාහක් අලුත්වැඩියා කරන්න ටෙක්නිශියන්ස්ලා ට්‍රෙන් කරන්නේ ඌ දැන්.. ගාල්ලේ ටෙක් එකෙන් තමා ගොඩ ගියේ.. අන්න මං කලින් එකට රිප්ලයි දැම්ම මචං.. ප්‍රමාදයට කනගාටුව !

      Delete
  7. මම ඉස්කෝලේ යද්දී පිනාගෙන් කෑවේ එක සැරයයි, teachers ලාට නම් හදලා මාට්ටුවෙලා. ඒ සිද්දියේදීත් පන්ති භාර මිස් ඔත්තුව දුන්නේ ගයානි කියලා අපේ පන්තියේම කෙල්ලෙක්.

    මට අදටත් කෙල්ලෝ කියන ජාතියම එපාවෙන්න ඕකත් හේතුවක් ද මන්දා. කෙල්ලෝ කටක් ඇරියොත්, එතන විනාසයි. ගිය තැන ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි ඉතින් ඒ කාලේ කේලම් කියන්නම උපන් ජාතියක් බන්. සාපෙළ කරපු කාලේ අපේ පන්තියේ හිටපු ගෑල්ලමයි විස්සෙන් බහුතරයක් කේලම් මලු කියහන්කෝ ..හැමදාම උදේට පන්තිභාර ටීචර් පන්තියට එන්නේ කේලම් ගෝනියක් කර තියාගෙන නඩු අහන්න. අපේ පන්තිභාර ටීචර්ට තිබ්බ තරම් නඩු ඒ කාලේ අලුත්කඩේ උසාවියෙවත් ඇහෙන්න අන්තුව ඇති මගේ හිතේ.. අපේ එවුන්ට වාතයක් ගියත් කෙල්ලෝ ස්ටාෆ් රූම් දුවනවා බන් සෙනිකව..අනේ මන්ද දැන් කසාද බැඳපු එවුන් කොහොම පවුල් කනවද කියල උන් එක්ක..

      Delete
  8. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්
    කො යකො මගෙ කෙමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ට් එක පරෙස්සමට කලින් පොස්ට් එකේ තියෙනව බන්. ෆෝන් එකට හෙලකුරු දාගනින්.. හැබැයි ගූගල් ඉන්පුට් ටූල්ස් වගේ ලේසි නෑ ටයිප් කරන්න..

      Delete
  9. e unata ithurutikath liyuwanam thama watinnne....
    happy new year
    ...

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ඉතින් නැවකට දඬුවම් තමා නිර්මාණි. ඒ වගේ වීර වික්‍රම වැඩක් කරාම ඉතින් දෙමාපියන් නැතුව ආයේ ඉස්කෝලෙට භාරගන්නේ නැහැනේ අපිව. ඔය ගුටි කාපු පන්තියේ ගෑල්ලමයි එක හෙලාම කියල තිබ්බ ගොඩයා පහරදීමට සම්භන්ධ උනේ නෑ කියල. ඒ හින්ද ගොඩයාව වරෙන්තු උනේ නෑ.. කොටාත් පහරදීමට සම්භන්ධ වුනේ නැති නිසා කොටාවත් වරෙන්තු උනේ නෑ.. අනික් සුපර් හීරෝස්ලාගේනම් සති දෙකක්ද කොහේ ඉස්කෝලේ තහනම් උනා. සියල්ල සංවිධානය කරපු එකා විදිහට ගොඩයා ඒ සති දෙකේ ඉස්කෝලේ නොගිහින් හිටියා රණ විරුවන්ට උපහාර වශයෙන්. වැඩේ කියන්නේ මේ මුළු සිද්දියම සිද්දවෙලා තිබුනේ අපේ ගමයාගේ ගල් පැලෙන බොරුවක් නිසා. ඇත්තටම උන් දෙන්නට එහෙම පහරදීමක් සිද්දවෙලා තිබ්බේ නෑ.. 97 ක්ලාස් එකේ එවුන් අපේ එවුන් දෙන්නව වටකරගෙන පොඩි තගක් දාල තිබ්බ විතරයි. ගමයාට නම් පොඩි රිටර්න් එකක් හම්බුනා එව්වා වෙනම ලියන්න ඕන දිග කතා ඉතින්.

      Delete
  10. මොන හුයන්නක්ද බොල මේ. දැං ඉස්සෙල්ල එකේ මේ ටික මම කියෙව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ උඹේ මතකය අවුල් වීගෙන යනවා ප්‍රස්සන්නයෝ.. නරකද දොස්තර කෙනෙකුට පෙන්නුවොත්..හැක්..

      Delete
    2. අන්න එහම කරුනවෙන් අහන්න ඔනෙ

      Delete
    3. අන්න එහම කරුනවෙන් අහන්න ඔනෙ

      Delete
  11. කෙලිච්චියන් කෑගැහුව සද්දෙට මතකයි මමත් දුවගන ආ සැටි ඔතනට....අහන්න නං එපා මම හිටපු පංතිය ඔන්න....

    ReplyDelete
    Replies
    1. ගොඩයියා තඩි අයියා ඇතුළු බ්ලොග් වාසී සැමට සුභම සුභ නව වසරක් වේවා...!!!

      Delete
    2. නෙතූ ලමයටත් එසේම වේවා 👍

      Delete
    3. ඒ කියන්නේ නෙතු ඒ අවට ඉඳල තියෙනව.. ලෝකේ දියුණු රටවල මිනිස්සු කලබලයක් ඇහුනාම ඒ අවටින් ඈතට දුවගෙන යනවා නෙතූ.. ඒත් නෙතූලාගේ තියන ඕපාදූප සෙවීමේ ආසාව නිසා ඕනෑම මරාලයක් දිහාවට දිවවෙනව නේද ඉබේම.. ඔයත් හදවතින්ම ශ්‍රීලාංකිකයි කියල ඔප්පු කරලා තියෙනව ඒ පැත්තට දිව යාමෙන්.. අගයනවා ඔබේ ශ්‍රී ලාංකික කම..

      Delete
    4. අපි ඉතින් නොදියුණු රටක ඉන්න මිනිස්සුනේ ගොඩයියේ..ඔයාල වගේ දියුණු රටක හිටියනන් අපිටත් ඔය ටික තෙරුන් ගන්න තිබුණා අපරාදේ.... ඔය කියන වෙලාවෙනන් අපි හිටියෙ ඉස්කොලෙ පුස්තකාලේ..මගේ මතකය හරිනන් ඒක තිබුනේ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ලගම.. ඉතින් පුස්තකාලෙන් එලියට ආවාම ඔය කියන පන්තිය හොදට පෙනුනා......එ කාලේ ඉතින් ඔයාල හිටි තැනක් ඇතොත් කලබලයක් නොවැ...ඒ අතින් නන් ඉතින් අපරාදේ කියන්න බෑ ඔයාලත් හදවතින්ම ශ්‍රී ලාංකිකයි..

      Delete
  12. මට ආපු පස්න.. තඩියා කොහොමද බං ස්විමිං කලේ.. බතලය කොහොමද බං ෆස්ට් ඉලෙවන් ක්‍රිකට් ගැහුවේ.. හැක්.

    බ්ලඩි සෝකියන්ස්.. ඊළඟ නේවි කමාන්ඩර් බිහිවෙන්නෙත් උඹලගේ ඉස්කෝලෙන්.. පියල් ඩි සිල්වා.. දන්නවද? :))

    අලුත් අවුරුද්දේ පරණ මතක අවස්සපු පෝස්ට් දෙකක්.. 2018 වැඩි වැඩියෙන් ලියවෙන ජයග්‍රාහී වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උයා නාවුක හමුදාවේ රස්සාව කරාද කියල හිතෙනවා මට මේ පලවෙනි ප්‍රශ්නේ දැක්කාම.. ඇයි හත් ඉලව්වේ ඕකට සරලම උත්තරේ තමයි නැව පාවෙන්නයි ඉදිකටුව යට යන්නයි තියෙන හේතුව. අක්කරයක් විතර සයිස් එවුන්ට පීනන්න ලේසියි බන්.. උඩුකුරු විස්තාපනය වැඩියි ගැටෙන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි නිසා. ඒ හින්ද කෝටු එවුන්ට වඩා තඩි එවුන්ට පීනන්න ලේසියි..උන්ට තියෙන්නේ අත පැය ගහගෙන ඉස්සරහට යන්න විතරයි. වතුර උඩ උන් කොහොමත් පාවෙන සම්භාවිතාවය වැඩියි. කෝටු එවුන් ඉතිං අතපැය ගහන එක නවත්තපු ගමන් යට යනවා.

      දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ බතලයා බතලේට හිටියට ක්‍රිකටර් පොඩි කාලේ ඉඳලම. පොඩි කාලේ බතලෙ වගේ හිටිය නිසා අපි තාමත් බතලයා කිව්වට ඌ ඇත්තටම බතල නෑ.. උසට සරිලන මහත තමා..

      ඉතින් ඔය පරණ මතක ලියහන්කෝ බුකියේ බූට් කවි ලිය ලියා ඉන්නේ නැතුව අපිටත් කියවන්න..

      Delete
    2. //තඩියා ඉස්කෝලේ පිහිනුම් කණ්ඩායමේ කැප්ටන්// අන්න ඔය නිසයි ඩාලිං මට අර ප්‍රශ්නේ ආවේ.. ඇඟේ තෙල් වැඩි උනාම (මේ මට වගේ) වතුරේ පාවෙන්න නම් ලේසියි තමයි.. කොටිම්ම බලෙන් වත් ගිල්ලලා තියන්න අමාරුයි.. ඩයිවින් කරන්න ගියාමත් ඉණ වටේට 'weight' කෑලි බැඳගෙන තමයි යට යන්නේ.. ඒ වුනාට පුතී වේගෙන් පීනන එකනං හීනයක් විතරයි. අපි ස්ට්‍රෝක් දහයක් ගහල ඉස්සරහට යන දුර හාල්මැස්සා වගේ එකෙක් තනි ස්ට්‍රෝක් එකෙන් අදිනවා බං.. අවුරුද්දක් හරි වතුරේ ඉන්න පුළුවන්.. ඒත් මීටර් සියක් (තරඟෙට) පීනූවොත් බඩුම තමයි.. :) බතලයාගේ කේස් එකනම් ඇක්සෙප්ටඩ්.. අර්ජුණ ත් ක්‍රිකට් ගැහුවේ නෙහ්..

      ආ.. අනික තමයි මගේ ඔලුවට එන ඔය වගේ විකාර පස්න ඒ හැටි ගණන් ගන්න එපා බං.. ඒවා සිරාවට අහන ඒවා නෙවෙයි හිටං. :)

      Delete
    3. මං මංගැනම කියන එක හරිද මන්ද...

      Delete
    4. අපේ තඩියා හැතැක්ම දෙකේ මුහුදු පීනුම් තරඟය එහෙම ඒ කාලේ දිගටම නියෝජනය කරපු කෙනෙක්..මීටර් සීයක් පීනුවාම තියන අමාරුව X හැතැක්ම දෙකක් වෙද්දී කොහොම ඇද්ද බන්.. මටනම් මීටර් පනහක් පීනුවාම මැරෙන්න වගේ අමාරුයි කමියෝ.. ඔය ඉන්නේ උඩ අපේ තඩියා.... මූ වතුරට පැන්නාම දිය කාවා වගේ තමා...

      Delete
  13. පෝස්ට් දෙකම කියෙව්වා, පස්ටයි මචං...
    ලොකු කමෙන්ට් වලට වෙලා මදි, නැත්තන් කියන්න කතා ගොඩයි...

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබුනාම ඒ කතා දාහන් අපිටත් කියවන්න.. උඹටත් අපිට වගේම සැර සෙට් එකක් හිටියා කියල කලින් ලියවුනා කමෙන්ට්වල..

      Delete
  14. Gayanta Dan thadi bada gediyaknam tiyenawa dakka

    ReplyDelete
    Replies
    1. බබෙක් හම්බෙන්න වෙන්ටෑ... හක් හක් හා...

      Delete
    2. ගයියට වඩා තඩියගෙ බඩ ලොකුයි..

      Delete
  15. නරකම නෑනෙසෙට් එක අපේ පාසලෙත් ශෝට්ලිවූ පනින තැන දෙක තුනක්ම තිබුණා. තාප්පෙකුත් තිබුණා. ඔහොම කට්ටියත් හිටියා . ඒ නිසා මේවා කියවද්දී ආයේ ඒ සිද්ධි මතක් වෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පාසලෙන් පනින එක කලාවක්නම් අපි එහි පිකාසෝලා වීමු...හක් හක් හා..

      Delete
  16. පට්ට කතාව.

    Happy new year මචෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ..ඔබටත් එසේම වේවා..

      Delete
  17. ඔය පැණිගහ යට ගෙදර තමා අපි වසර ගණනාවක්ම හිටියෙ, ඔය සිද්ධිය වෙනකොටත් අපි හිටියෙ එහේ තමයි මට හිතෙන විදියට, ඒ පාසල් කාලය තමයි නියම පාසල් කාලය

    ReplyDelete
  18. හැමදාම වගේ තවත් සුපිරි කතාවක් !

    සුබ 2018 නව වසරක් වේවා . ජය වේවා .

    ReplyDelete
  19. හ හා... ඔය රේල් ගේට්ටුව අපේ ගෙදර පිලිකන්න පැත්ත නොවැ...
    මම ඉස්කෝලෙට ඇතුල් වෙන කොටත් ගොඩ්වින් සර් තමයි මුල් ගුරුතුමා..(1993)
    පාසලට ඇතුලත් වීමේදී රෙජිස්ටරේ අංක එකට ඉන්න එකාට මුල් ගුරුතුමා එක්ක පොල් තෙල් පහණ දල් වන්න තියෙනෙවා නොවැ.. ඉතිං අල්ලපු ගෙදර ඉන්න මේ අහිංසක කොල්ලා මාට්ටු උනා කියපංකෝ ඕකට...මට තමයි ඉටිපංදම වේදිකාවට ගෙනියන්න බාර වෙලා තිබ්බේ.. ආයේ ඉතිං කොල්ලා ලෙසටම ස්ටේජ් එකට කූටප්ප්‍රාප්ත වෙලා ඉටිපංදම දීලා නෑ කියහංකෝ ගොඩ්වින් සර්ට... අන්තිමට එතුමා මාව වඩා ගෙන තමයි පොල් තෙල් පහණ දල්වල තියෙන්නේ ...උත්සවය ඉවර වෙනකම්ම එතුමා මාව ලගිං තියං ඉදල තියෙනවා..ඔය අල්ල පනල්ලේ ගිනිගේ සර් ගේ කැමරාවට ඔය සියල්ල යස අගේට අහුවෙලා කියපංකෝ...

    2015 ඉදං ගොඩයාගේ සොදුරු පිටු පෙරලුවත් ඕං අද තමා, මංගල කොමෙන්ටුව දැම්මේ...
    ඔබට ජය !

    ReplyDelete
  20. ඈ බං ගොඩයෝ මේක තනිකරම සිඟිති පාතාලයක්නේ බං, ඇඟ හිරිවැටෙනවා :-D

    ReplyDelete