Monday, February 11, 2019

දත සුද්දා සහ වෙඩින් පාර්ටි..






බ්ලොග් ලිවිල්ල කාලෙකට අල වීමට හේතු දක්වන්න ගියොත් ඒ හේතු දැක්වීම් දිග වැඩි වෙනවා. එහෙම උනාම නිදහසට කරුණු ලියවිල්ල අවසාන වෙන්නත් කලින් බ්ලොග් ලිපිය ලියන එක කම්මැලි කමෙන් අවසාන වෙනවා. ආන් එහෙම ලියන්න කියල ගතපු බ්ලොග් පොස්ට් කීපයක්ම තියෙනවා නිදහසට කරුණු දැක්වීම අතරමග නැවතිලා. ඒ නිසා මේ වතාවේ උත්සාහය කෙලින්ම බ්ලොග් පොස්ට් එක ලියන්න පුලුවනිද බලන්න.

මේ ලියන්න යන දත සුද්දා ගොඩයාට පළමු වරට හමුවෙන්නේ ගොඩයා පහ වසරේ ඉද්දි කියලයි ගොඩයාගේ මතකය. දතසුද්දාගේ සම්පූරන් නම කිව්වොත් දත සුද්දා ලස්සන ලංකාව. නම කිව්වට නමම නොවුනට දත සුද්දගේ නමේ තේරුම ඕන් ඔය ආකාරයෙන් තමා. මේ බ්ලොග් පෝස්ටුව දත සුද්දා  කියෙව්වොත් කුමනාකාරයෙන් ප්‍රතිචාර දක්වයිද කියලා ගොඩයා නොදන්නාව උනත් දත සුද්දා එහෙම වැඩිය කේන්ති යන පුද්ගලයෙක් නොවෙනා කූල් ගනයේ පුද්ගලයෙක් නිසා වැඩිය අවුලක් වෙන එකක් නෑ කියලයි ගොඩයාගේ කල්පනාව. 

දත සුද්දා ගොඩයාට හමුවෙන්නේ අහම්බෙන් නෙවෙයි. ඒක ඇවිල්ල රාජකාරී හමුවීමක් කියලා හැඳින්වුවොත් තමා නිවැරදි. මොකද කියනවනම් දත සුද්දාගේ මෑණියන් සහ ගොඩයාගේ මෑණියන් රැකියා කලේ එකම කන්තෝරුවේ. ඒ නිසාවෙන් දත සුද්දා සහ ගොඩයාගේ සහ සම්භන්ධය ගොඩ නැගෙන්නේ ඕන් ඔයාකාරයෙන් රාජකාරී ස්භාවයෙන්. ගොඩයා වගේම දත සුද්දත් පහ වසරට වෙනකල් පාසල් ගියේ දේවානන්ද විද්‍යාලයට උනත්, එකම පාසලේ එකම කැලෑසියේ උනත්, ඔය කියන මුල් අවුරුදු පහ ඇතුලේ ගොඩයාට දත සුද්දා නම් කවදාවත් හමුවෙලා නෑ. ඒත් පාසල් අවසන් වෙලා මෑණියන්ගේ රැකියාව අවසන් වනතුරු ගොඩයා රැඳී සිටින්නේ ( අමාරුවෙන් රඳවා සිටින්නේ ) මෑණියන්ගේ කන්තෝරුවේ නිසාවෙන් දත සුද්දාටත් සතියේ බොහොමයක් දවස් වලට එම දඬුවමම ලැබී තිබුනා. ආන් එහෙම තමා දත සුද්දා සහ ගොඩයා අතර මිත්‍රකම හට ගැනුනේ.  

ගොඩයාට වඩා ලකුණු කිහිපයක් හරි ගැනීමේ උවමනාව දත සුද්දාගේ මෑණියන්ටද දත සුද්දාට වඩා ලකුණු කිහිපයක් ගැනීමේ උවමනාව ගොඩයාගේ මෑණියන්ටද හීනියට තිබුනා උනත් ගොඩයා සහ දත සුද්දා අතර එවන් තරඟයක් තිබුනේ නෑ. ලකුණු යනු ලැබෙන පමණට භාරගැනීමේ නිහතමානි ගුණය දෙමාපියන් අභිභවා තිබුනා වූ නිසා එකිනෙකා අතර තරඟ කිරීමේ උවමනාවක් ගොඩයා ටත් දත සුද්දාටත් කොහෙත්ම තිබුනේ නෑ. ඒත් තරඟයක් දෙන විදිහට රඟපාන්න සිද්දවුනා. ඒකට හේතුව උනේ දත සුද්දාටත් ගොඩයාටත් මහාපොදු සාධකය වෙච්චි ගෑනු දැරිවියෙක් ඒ  කැලෑසියේම අකුරු කිරීම වෙච්චි.

දැන් ඉතින් මේක කියවන එවුන් කයි කතාන්දර හදයි ගොඩයා සහ දත සුද්දා එකම කෑල්ලකට ලයින් දාල කියල. නැහැ බොලව් නැහැ.. ඒ කිව්වා වූ දැරිවිගේ මෑණියනුත් දත සුද්දාගේත්, ගොඩයාගේත් මෑණියන් රාජකාරි කල කන්තෝරුවේ රාජකාරි කරපු තවත් සමකාලීන රාජ්‍ය සේවිකාවක්. ඉතින් කියහන්කෝ ගැලවීමක් තියේවිද කියල. අර කිව්ව තුන්වෙනි ඇන්ටිය තනිකරම උන්නේ අජ්ජහපන ගේම අතට අරගෙන කිව්වොත් තමා නිවැරදි. කිව්වට ලජ්ජා නෑ ඒ ඇන්ටිගේ දෝනි හැම වතාවෙම ගොඩයාටත් දත සුද්දාටත් වඩා සෑහෙන ඉදිරියෙන් ලකුණු ගත්තු බ්‍රයිට් කේස් පොජ්ජක්. ඉතින් කියහල්ලකෝ කොහොමද කොම්පීට් කොරන්නේ කියල. එහෙම කියල අපි පරදියිද.. නෑනේ.. නෑනේ .. දත සුද්දා සහ ගොඩයා ලෙසටම අජ්ජහපන ගේම ඔලිම්පික් සයිස් එකෙන් කියමුකෝ. රඟපාන්න ඉතින් අපිට අමුතුවෙන් කියාදෙන්න ඕන කියලද.. දත සුද්දත් ලෙසටම රඟපානකොට ගොඩයත් ලෙසටම රඟපෑම දෙවැනි නෑ . අර කිව්වා තුවෙනි ආන්ටිය විෂයන්ෂ  අටටම ටියුෂන් හොයාගන්න තිබ්බ සහජ දක්ෂතාවය නිසාදෝ දත සුද්දාටත් ගොඩයාටත් සාපෙළ අවසන් වනතුරුම ටියුෂන් මාරයාගෙන් බේරෙන්න කරේමයක් හොයාගන්න බැරිවුනා. බ්‍රයිට් කේස් දැරිවිගේ මෑණියන් ටියුෂන් පන්තියක් හොයාගත්තාද ගොඩයා සහ දත සුද්දා මානව අයිතිවාසකම් රහිත ආකාරයෙන්ම ඒ ටියුෂන් පන්ති වලට ගාල් කෙරුනා. ගොඩයා සහ දත සුද්දා අතර කිසිදු තරඟයක් නැති වුනත් ලැබෙනා ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු විස්සක් තිහක් එකතු කර ගෙදර පොර වීමේ අභාග්‍යය අහිමිවුණේ අර කිව්ව බ්‍රයිට් කේස් දැරිවි රාජතාන්ත්‍රික මට්ටමෙන් අප ලබනා ලකුණු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුකල නිසා. ඒ වගේම කම්මැලි හිතුනු දවසක පන්තියක් කට් කිරීමේ වාසනාව අහිමිවුනෙත් ඔය කිව්ව දැරිවි සහ එයැයිගේ මෑණියන් නිසා. ගොඩයා සහ දත සුද්දා ක්ලාස් කට් කරන්න කතා බහක් දැම්මද එව්වා ලත් තැනම ලොප් වෙන්නේ අර කිව්ව දැරිවිගේ පියාණන්ගේ මෝටර් සයිකලේ ටියුෂන් පන්තිය ළඟ නවත්වන දුක්බර දර්ශනය දුටු සැනින්. 

දත සුද්දා ගැන සුවිශේෂ කරුණු කාරනා බොහොමයක් තිබුනත් බ්ලොග් ලිපිය දිග වෙන්න ඉඩ තියෙන නිසා එයින් කීපයක් මෙහිලා ලියන්නයි කල්පනාව. පළමු කාරණේ  අපේ පින්නදූවේ රවීගේ වෙඩිම. වෙඩිම කිව්වට ඇට්ටෝම්එක.. රවීගේ වෙඩිමට අපිට ආරාධනා ලැබිල තිබ්බේ රාත්‍රී සාදය සඳහා. ඕන් මේසයක් වටේ වටවෙලා එකිනෙකා ලිඳේ ඔබමින් ඉන්නා අල්ලපනල්ලේ දත සුද්ද ක්ෂණිකයෙන් නැගී හිටිනවා.

වරෙන් පොඩ්ඩක් පාරට යන්න..

ඒ ආරාධනාව ගොඩයට.. හැබැයි ස්වරූපයෙන් දත සුද්දාට මොකක් නමුත් හදිසියක්.. ඕන් ගොඩයත් දත සුද්දා සමග පාරට මන්ගච්චන්ව. මෙන්න බොලේ දත සුද්දා ගොඩයාව ඇදගෙන පාර දිගේ කන්ද පහලට දුහන්න පටාන් ගන්නවා විදුලි වේගෙන්. ගොඩයාට ඔය දිවිලි පනිලි වැඩිය බෑ. තිබ්බ තැන ඔහේ මාසයක් හමාරක් ඉන්න පුළුවන් කම තිබ්බත් දිවිලි පැනිලි කියන්නේ ගොඩයා එතරම් කැමති මෙව්වා ජාතියක් නෙවෙයි. දත සුද්ද දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයා නිසා උන්නැහේට දිවිලි සිම්පල්.. දත සුද්දාට මොකක්ම නමුත් ශාරීරික අවශ්‍යතාවයක් වෙන්ටෑ කියල හිතාගෙන ගොඩයත් දිව බිම ගෑවෙන තරම් හති දාගෙන දත සුද්දා පස්සෙන් දුවනවා. ඇයි හත් ඉලව්වේ ශාරීරික අවශ්‍යතාවයක් උනත් වෙඩිම තිබ්බ රවීලගේ ගෙදර ඒ ඒ දේවල් වලට පහසුකම් ඕනෑ පදම්. ඉතින් මක්කටෙයි මේ කළුවරේ සුසන්තිකාටත් වඩා වේගෙන් පාරදිගේ දුවන්නේ. දුවන ගමන් ගොඩයා පුළුවන් ආකාරයෙන් දත සුද්දාට කියනව ඔය ඇති හත් ඉලව්වේ ඔය පඳුරකට අල්ලහන් කියල. මොන.. ඌ අහයි එව්වා.. ඕන් කොහොම හරි රවීගේ වෙඩිමේ සද්දේ නෑහෙන දුරකටම කිව්වොත් මීටර් දෙතුන් සීයක් දුවල අහවර වෙලා ඔන්න දත සුද්දා නැවතිපි. 

දැන්වත් ඔය පඳුරකට අල්ලලා යමන් බූරුවෝ... උඹ එක්ක රේස් දුවල දිව ගිලෙන්න එනවා.. ඔච්චර දුර දුවන්න ඕනෙද ඕකට..

ශූ....ශූ....ශූ...

යකෝ ගොඩය හිතුවෙම සර්පයෙක්වත් පිඹිනවද කියල කළුවරේ.. බැලින්නම් දත සුද්දා කට හරහට ඇඟිල්ල තියල සද්ද නොකර ඉන්න කියල කියන්නේ ගොඩයට.. ගොඩයා ටිකක් භයවුනත් එක්ක.. ඇයි යකඩෝ පොඩි කාලේ ඉඳන් දන්නා එකා උනත් මේ කළුවර පාලු තැනකට ගොඩයාව අරං ඇවිත් ශූ ශූ කිව්වාම මොනාද අප්පා නොහිතෙන්නේ.. ගොඩයා කෝකටත් කියල ලෑස්තිවුනේ නම්බුව බේරාගෙන ආපහු දුවන්න.. කව්ද අප්පේ දන්නේ මූ කොහෙන් හරි නරක පුරුද්දක්වත් පුරුදු වෙලාද කියල.. බැලින්නම් එහෙම එකක් නෑ.. දත සුද්දා ෆෝන් එක කනේ තියාගෙන කෝල් එකක් ගන්න තනනවා.. 

හෙලෝ.. අනේ බබා මට කෝල් එක මිස් උනානේ.. මම බාත්රූම් එකේ හිටියේ..

@$##&*$%$%#&$%&&$%%#&*(#%%@&*#&^^# ( එහා පැත්තෙන් කතා කරන කෙනා කියන දේ ගොඩයාට ඇහුනේ නැති උනාට වනන්නේ දත සුද්දාගේ ගුණ ගායනාවක්  කියන එක ගැන සැකයක් නෑ.. මොකද එව්වා අහං ඉද්දි දත සුද්දගේ මූණ කජු ලෙල්ල වගේ )

නෑ බබා නෑ... අද බස් එක කෙටුවනේ කෙටිල්ලක්.. කොළඹ ඉඳන් අම්බලන්ගොඩටම හිටගෙන අනේ.. හරිම අමාරුයි..

#$%@^&*(*&^%$#$%^&*(*&^$$@@@#$$!@#$%^ 

නෑ බබා නෑ.. ඉතින් ඕකනේ කියන්නේ.. ඔයාට තේරෙන්නේ නෑ.. වෙනදට පැය දෙකහමාරෙන් එනවා උනාට අද පැය තුනහමාරක් ගියා.. ඒ අතරේ මගේ ෆෝන් එක ඔෆ්වෙලා දන්නෙම නෑ බැටරි බැහැල...

)(*&^%$#@!@$%^&^*^*%&^$^%#%$@#@#%^%&*)(^&^(*)^*%&$^%#%@#@%

නෑ බබා නෑ... මම ආපු ගමන් ෆෝන් එක චාර්ජ් එකට ගහල බාත්රූම් එකට ගියා.. ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි.. මෙහෙමම නිදාගන්න කියල හැදුවේ...

(*&^%$##$%^&&^%&^$%^%$@#$#@$%$&^^(*&*^&^&^%^$

ආ..... ඔයා ගෙදර ෆෝන් එකට ගත්තද... මේ එහාගෙදර මිනිහා කොස් ගහක් කපන්න ගිහින් ටෙලිෆෝන් වයර් එක්කම ගහ බිමදාලානේ... ටෙලිෆෝන් හදන්නේ හෙටලු...

#%^&*(&%$#%^&^(*&(^$^$#%$

නෑ බබා කරන්ට් ලයින් එක යන්නේ පාරේ එහා පැත්තේ නිසා වාසනාවට ලයිට් තියෙනව..

*&^%%##@#$%^&)*&(%*&^$#%$%$^&&^*%&#%$#@$%^

බෑ බබා දැන් කන්න බෑ... මගේ ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි... මම නිදාගන්නවා.. 

#$%$^%&^$%#^

ඔව් බබා.. මම පෙනඩෝල් දෙකක් බිව්වා..

$%^&*(*&&^$%$%^$^&^*&#

හා බබා එහෙනම් ගුඩ් නයිට්.. තෙරුවන් සරණයි..

$%&^%&^$%^

ඔන්න ඔහොමයි දත සුද්දගේ වෙන්ඩ වයිෆ්බබා නැළවිල්ල.. ගොඩයා දත සුද්දාගෙන් හරස් ප්‍රශ්න ඇහුවේ නැති උනාට ගොඩයා උපකල්පනය කළා දත සුද්ද වෙඩිමට එන්න කලින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකටත් වැඩේ දීලයි ඇවිත් තියෙන්නේ කියන එක.. එහෙම නැතුව ලෑන්ඩ් ෆෝන් එක වැඩ කරනාම් දත සුද්දගේ බේගල් අතේ මාටු වීම අනිවා.

ඊළඟට තවත් කාලෙකට පසුව තිබ්බ අපේ මිත්‍ර මංජු මෙන්ඩිස්ගේ වෙඩිම.. රෑ දවල් සඳහනක් නැති උනත් වෙඩිම දත සුද්දාටත් ගොඩයාටත් දෙන්නටම ආරාධනා ලැබිල තිබ්බ.. ඊට සතියකට විතර කලින් දත සුද්දා ගොඩයා සමග එකට වෙඩිමට යෑමට ගිවිසගත්තේ පොරොන්දු සහිතවයි. කළුවරේ පාරවල් ගානේ දිවිලි මේ වතාවේ බෑ. 

දත සුද්දා කිව්ව විදිහට වෙඩිමට එන සෙට් එක හැමෝම එන්නේ රාත්‍රී කාලයේලු. ගොඩයා කාටවත් දුරකථන ඇමතුම් දීලා වෙලාවල් කලාවල් විමසුවේ නැත්තේ දත සුද්දා ඔය විස්තර ගොඩයාටත් වඩා හොඳින් දන්නා නිසා. ඕන් වෙඩිම දවසේ ගොඩයා යනවා දත සුද්දාව අරං එන්න. මොකද කියනවනම් දත සුද්ද්ද කලින්ම ගොඩයා අමතා කියා හිටියා එක කාර් එකේ යමු මචං කියන එක. දත සුද්දා සමග රාත්‍රී වෙඩින් එකකට ගිහින් කලිනුත් අත්දැකීමක් තිබ්බ නිසා ගොඩයා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා එහෙනම් රජෝ මගේ කාර් එකේ යමන් කියල. ඒකට එකම සහ අවසන් හේතුව උනේ වැරදිලාවත් දත සුද්දාගේ මෝටර් රථයෙන් වෙඩිමට ගිහින් හදිසියෙවත් දත සුද්දා අතුරුදහන් උනොත් ගොඩයාට සිද්දවෙන්නේ හැතැක්ම පහ හයක් පයින් කොටන්න. වෙඩිම තිබ්බ පළාතේ රෑ වෙද්දී හයරයට ත්‍රීවීල් කොටයක් හොයාගනීමත් ටිකක් විතර අපහසු පලාතක් කියමුකෝ. ඕන් ගොඩයා යනවා දත සුද්දාවත් දාගෙන වෙඩිමට. ඒත් වැඩේ කියන්නේ වෙඩිම තියෙන ගෙදර පැත්තේ කිසිම හාවක් හූවක් නෑ. දත සුද්දත් ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඇස් දෙක ලොකු කරන් ගොඩයා දිහා බලාන ඉන්නවා..ගොඩයා වෙඩිම තියෙන ගෙදර ලඟින් රථය නවත්තගෙන ගේ දිහා බලාන ඉන්නවා. සාමාන්‍ය ස්වරූපයක් ඇරෙන්න වැඩිය මුකුත් නෑ. වෙඩිමක් කිව්වට හෝම් කමින් එකක් නිසා ඉතින් එහෙව් ආකාරයෙන් තියෙන්නේ විදිහකුත් නැති නිසා ගොඩයා රථයෙන් බැහැල මදක් විපරම් කොරද්දී මේන් බොලේ මනමාල මත්තයා ඉන්නවා ගේ ඇතුලේ වාඩි වෙලා.. බැලින්නම් ඇට්ටෝම් පාටිය තිබිල තියෙන්නේ දවල්. ඕන් දත සුද්ද කිව්වා ආකාරයෙන් රෑට එනවා කිව්වා ඔක්කොම සෙට් එක දවල් ඇවිත් ඇතිවෙන්න කාල බීල විනෝද වෙලා හැන්දකොරේ ගෙවල් වලට විසික් වෙලා. ඒ උනාට අපේ හිතාදර මංජු මෙන්ඩිස් ගොඩයාටත් දත සුද්දාටත් දවල් ආපු එවුන්ට සලකපු ආකාරයෙන්ම සලකන්න අමතක කරේ නෑ. ඒ උනාට ඉතින් ගොඩයා උන්නේ අප්සැට් එකේ. මොකද කියනවනම් මංජු මෙන්ඩිස් ගොඩයලාගේ දුරින් ඥාති වෙන නිසා ඒ වැඩිහිටි පාර්ශවයන්ට පේන්න කටේ තොලේ ගාගන්න ගොඩයාට අප්සැට්. දවල් පාටියට ගියානම් ඔව්ව වැඩිය හයිලයිට් වෙලා කාටවත් පෙන්නේ නැති වෙන්න තිබ්බ. කොහෙද ඒකත් දත සුද්දා විසින් විනාස කර දැමුවා නොවැ. හැබැයි ඒ වැඩේ අහවර කරලා දත සුද්දා ගෙදරින් බස්සද්දී ගොඩයා වැඩි පරෙස්සම උදෙසා දත සුද්දගේ ගෙදර ඉස්සරහින්ම වාහනේ  නවත්තන්නේ නැතුව හරවගෙනම ඇවිත් පොඩ්ඩක් මෙහායින් බැස්සුවා. මොකද කියනවනම් දත සුද්ද ඊළඟට ගොඩයා මත පහත් කරනා බාල්දිය කුමනාකාර එකක්ද කියල ගොඩයට වැඩි ෂුවර් එකක් තිබ්බේ නෑ.

ඕන් ඕයි ආකාරයෙන් දත සුද්දාගේ වෙඩිමත් ලං උනා. හැබැයි දත සුද්දාගේ වෙඩිම දවසෙම ගොඩයාගේ එවකට බොසෙකුගේ පියාණන්ගේ අවමංගල කටයුත්තකුත්  යෙදුනා කියහන්කෝ . කාර්යාල සගයින් සියල්ලෝම සහභාගිවෙන මලගේදරක් වෙච්චි බොසාගේ පියාණන්ගේ මළගෙදර තිබ්බේ දඹුල්ලෙ. දත සුද්දාගේ වෙඩිමේත් කලින් වෙඩින් දෙකේම වගේ කුමනාකාර සප්‍රයිස් වීමකට භාජනය වෙයිදෝ කියන සැකෙත් තිබ්බ. කාර්යාලයීය සගයන් බොහොමයක් සහභාගී වන නිසා ගොඩයාට මළගෙදර මගහරින්නට ක්‍රමයක් තිබ්බෙත් නෑ. ඒ නිසා ගොඩයා අකමැත්තෙන් උනත් දත සුද්දාගේ වෙඩිම අමතක කරලා දාල දඹුල්ලේ මළගෙදර යන්න පිටත් වෙනවා. කාර්යාල කස්ටියක් මළගෙදරක යාම ඉතින් මගුල් ගෙදරක යාමෙන් වෙනස් වෙන්නේ ඇඳුම් ආයිත්තම් වල වෙනස පමණයි කියල දන්නේ එව්වට සහභාගී වෙච්ච අය පමණයි. අවසානයේ මළගෙදර ගිහින් එද්දී මැරිලා හිටියේ මොකාද කියලවත් නොදන්නා තරමට කාල බීල සින්දු කියල විනෝද වෙලා තමා අවමංගල චාරිකාව අවසන් වෙන්නේ. ඒත් හැබැයි කොයිතරම් අකමැත්තෙන්  සහභාගී උනත් ගොඩයා දත සුද්දාගේ වෙඩිමට නොගොහින් මළගෙදර ගිය එක ගැන අදටත් සන්තෝසයි. මොකද කියනවනම් දත සුද්දගේ වෙඩිමේ කාටවත් රහමෙර බොන්න දීල තිබ්බේ නෑ. ඉතින් ඔතනට ගොඩයා ගියානම් කඩෙන් ගෙනත් බීල නටපු එවුන්ගේ නම් ලිස්ට් එකට ගොඩයාගේ නමත් එකතු වෙනවා දෙකක් නෑ.  ඒ වගේද එව්වා මෑණියන් වරුන්ගේ රාජතාන්ත්‍රික සම්භන්ධයන් හරහා ගෙවල් වලට ආරංචි උනාම..

දත සුද්ද දැන් ඔසී රටේ පුර වැසියෙක්. හැබැයි මේ සක්වලේ කොහේ ජීවත් උනත් දත සුද්දා එදා වගේම අදත් මැසේජ් එකක් දාපු ගමන් කෝල් කරනවා. හැබැයි ඉතින් ඒ සමහරක් වෙලාවට දත සුද්දාට මහ දවල් උනාට ගොඩයා ඉන්න රටේ මිනිස්සු හීන බල බල නිදි. 

ඔයිට අමතරව තවත් එක අවස්ථාවක දත සුද්දා ගොඩයාව අමාරුවේ දැම්ම. ඒ තමා කෝච්චියට ගල් තියල අම්බලංගොඩ බස් ස්ටෑන්ඩ් එකට අල්ලපු ගෙදර ඉන්න කමල් සර්ගේ මෑණියන්ට මාට්ටු උණ වෙලාවේ දත සුද්දා ගොඩයා දාල පැදුරටත් නොකියා පැනල දිව්වා කියහන්කෝ. කෝච්චියට ගල් තියමු කියල යෝජනා කරලා අහවර වෙලා මාට්ටු වෙලා පිටිපස්ස බැලින්නම් එතකම් රේල් පීල්ල දිගේ ගල් තිය තියා ගොඩයා පස්සෙන් ආපු දත සුද්දා ඉර්ධි වෙලා..

ඔසී රටේ ඉන්න ගොඩයලාගේ යාලු මිත්‍රයෝනම් කියන්නේ ඒ කාලේ වෙන්ඩ වයිෆ් වෙච්ච දැන් වර්තමාන වයිපරේට දත සුද්දා පොඩ්ඩක්වත් භය නෑ කියලයි.. හැක්... 

27 comments:

  1. අදත් මං එක.ඔයාල සතුටින් ඉන්නකෝ 😂😂😂

    ReplyDelete
    Replies
    1. අපිට බොරැ බලාපොරොත්තු දිලා ඔයා සතුටින් ඉන්න හොදේ...

      Delete
    2. ඒ කියන්නේ දැන් බලාපොරොත්තු දෙන තරමට බෝලාගේ සම්භන්ධය දුර දිග ගිහින් කියන එකද ?

      Delete
  2. හැක්.. හැක්.. බොට සෙට් වෙන්නෙම ඔය වගේ යාළුවොමද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ කලිනුත්.. සංසාරෙ දිගේ පලිගන්න පස්සෙන් එන එවුන් තමා..

      Delete
  3. ගොඩය මහත්තය මාස ගනනක් කොහෙද ගොහිං හිටියෙ.ගොඩයගෙ කතා අහන්න නැතුව හරිම විස්සෝපෙං හිටියෙ . ඔන්න ඔහොම දිගටම ලියමු බලන්න

    ReplyDelete
    Replies
    1. කොහෙවත් ගියේ නෑ ආයුබෝවන්ඩ..එක එක වැඩ නිසා බ්ලොග් ලිවිල්ල අතරමග ඇන හිටිය නෙව..

      Delete
  4. ඔහේට මෙික මතක් උනයි.....?

    අවසානයේ දත සුද්දට පිං සිද්ද වෙන්න හරි ලිපියක් ලැබුන එක ගැන සතුටුයි...
    ලිවිමෙි මෙිකක් නමුත් වෙනසක් තියනවා.

    සතියට එකක්වත් ලියන්න බලමු නේ..

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා තිබුනේ නෑ තරිඳු.. වෙනද වගේ ලියවෙන්නේ නෑ ලියන්න ගත්තට.. ලියවෙන වෙලාවට එක්කො ඉන්ටර්නෙට් නෑ මං ඉන්න තැනට.. නැත්තම් ටැබ් එක චාර්ජ් කරලා නෑ.. ඔය හේතු තුනෙන් එකක් තමා ඇත්තම හේතුව..

      Delete
  5. Ooo kalekin ekak dala.. digatama liyamu.....

    ReplyDelete
    Replies
    1. උත්සහ කරල බලමු නේහ්..

      Delete
  6. ඩී. සුද්දා මහතා බ්ලොග් කියවන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. පුරුද්දක් විදිහට බ්ලොග් කියවන්නෙක් නෙවෙයි.. ඒත් මේක කියවල පහුවදාම දුරකතනයෙන් ඇමතුවා.. දත සුද්දටයි මටයි විතරක් පොදු වෙච්ච ආතල් කාරනා කෝටියයි.. ඒත් මූනට මුලිච්චි වෙලා කතා කරන්න ලැබිල නැහැ දැන් අවුරුදු දහයකින් දොළහකින් විතර.. ඔය කිව්ව දෙවැනි වෙඩිමෙන් පස්සේ දත සුද්දා මේ වෙනකල් හමුවෙලා නෑ.. අඩුම තරමේ අවුරුදු දොළහකට වැඩියි මගේ හිතේ..

      Delete
  7. දත සුද්දා ලස්සන ලංකාව කව්ද කියලා අපි දන්නවො......

    ReplyDelete
    Replies
    1. නෙතූ කියන්නේ ග්‍රාමසේවක රැකියාවක්වත් කරන කෙනෙක්ද මන්ද..

      Delete
  8. චූටිමැණිකෙලගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර කොටහලුවක් තිබුණා. ඒකෙ බොන්න දුන්නෙත් නෑ. එන අයට කන්න දුන්නෙ ශාඛ භක්ෂක වැංජං. ඒ කිව්වෙ ගැටපොලොස් හොදි, මුකුණුවං මැල්ලුං, පපඩං, අච්චාරු, පරිප්පු (උම්බලකඩ නොයෙදූ, වම්බටු, සාරණ, නිවිති, තම්පලා ආදිය.

    ReplyDelete
    Replies
    1. බජට් කොටහළුවක් වෙන්ටෑ ... සාරන, නිවිති, තම්පලා තමා අවුල.. ඔක්කොම එක වගේනේ බන්.. මාත් අවුරුදු දොළහක් එක දිගට වෙජිටේරියන් වෙලා හිටිය.. ඒත් සාරන නිවිති තම්පලා නම් වැඩි පිරියක් නෑ බන්..

      Delete
  9. ඇති යන්තම් කාලෙකින් පස්සේ හරි ලිව්වා .

    හැමදාම වගේ දත සුද්දාගේ කථාවත් රසවත් .

    දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. උත්සහ කරලා බලමු නේහ්..

      Delete
  10. බ්ලොග් ලියවිල්ල අලවූ හේතුව මොකඋනත් ආයෙමත් පටන් ගැන්මට මාගේ මෙව්වා එක 👌👌👌අටමා ලියන්නෙත් හිටං කඩුව වනනවා වගේ.සුරංගයාගෙ යාං හෑල්ලට පශ්චිම අංගමාරය හැදිලා වගේ.සිනා මනාවෙන් ලේ පිරිසිඳු කරගන්න බලා ඉන්න අපි පව් බං.මොනා උනත් රටින පිට ඉන්න උඹලා මේ විදියට හරි කාලය හොයාගෙන අපිට කියවන්න ලියන්න.ජයවේවා මලේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. භාග භාග ලියවෙච්ච පෝස්ට් එමටයි මේකේ.. එව්වා ටිකවත් සම්පූර්ණ කරලා දාන්න හිතාන ඉන්නවා..

      Delete
  11. කට්ටිය සෙට් වෙලා ඉද්දි කෑල්ලට කෝල් එකක් ගන්න සද්ද බද්ද නැති තැන් හොයාගෙන දුවන එකෙක් හැම සෙට් එක්කම ඉන්නවා...😂😂😂

    වෙඩිමට ගියාට වඩා හොඳින් අවමංගල චාරිකාව සමරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බැලුවාම ලංකාවෙන් භාගයක් පිරිමි ගෑනුන්ට යක්ස භයයි කියන එක තමා තිතත් ඇත්ත.. අවමංගල කිව්වට ඒකෙ "අව" කියන කෑල්ල තිබ්බේ මළගෙදර ලඟදි විතරයි..

      Delete
  12. මාර යාවවො සැට් එකක් නෙව ඉදලා තියෙන්නේ .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. සැට් එකක් කිව්වට දුසිම් ගානක්.. එකාගෙන් එක පරිප්පුව ගානේ කෑවත් දුසිම් ගානක් නෙව..

      Delete