Sunday, July 6, 2025

රහමෙරාලංකාරය

 




රහමෙර බොන්න ගියාම මම කොයි වගේ මනුස්සයෙක්ද කිව්වොත් මම බ්රෑන්ඩ් එකක් නැති මනුස්සයෙක්.. ස්පෙශලිටි එකක් විදිහට ගත්තොත් ඒක මම හිතන්නෙ මට සුවිශේශී එකක් කියල.. කොයි බ්රෑන්ඩ් එකක්ම කන්නෙ බොන්නෙ නැති උනාට මට එවෙලෙට ලස්සනට පේන එක තමයි එවෙලේ ආසම බ්රෑන්ඩ් එක..

රහමෙර සබ්ජෙක්ට් එක ගත්තාම එව්ව කන බොන මිනිස්සුන්ට ආසම බ්රෑන්ඩ් එකක් දෙකක් තියෙනව.. මොන හේතුවකටද මන්දා මට එහෙම එකක් නෑ.. බොන්න හිතුනාම ගෙනැල්ලා බොන එක උනත් අද එක ජාතියක් බිව්වොත් ආයෙ බොද්දි බොන්න හිතෙන්නෙ වෙන ජාතියක්.. ලංකාවෙ බොහොමයක් ආසාකරන ජොනී වෝකර් රහට මම ඒ තරම් මනාපයක් නෑ.. වෙනස් විදිහකට කියනවනම් බර්බන් පැත්තට ලොකු කැමැත්තක් නෑ.. අපේ යාලු මිත්රයෝ බහුතරයක් ස්ප්රයිට් කොකාකෝලා දාලා බොන නිසා එයාලට එව්වයෙ නියම රහ කවදාවත් දැනෙන්නෙ නෑ.. බොන්නම අකමැති දේකට ඇරුනාම මම ඔය පැණිබීම කලවම් කරලා බොන්න කැමැත්තක් නෑ.. තියෙනවනම් අයිස් කැටයක් එහෙම නැත්තම් නීට් හෙවත් අමුවෙන් තමයි බොන්න කැමැත්ත..

එකාකාර රස වර්ග එක්ක එකතු කරලා හැදෙන කොක්ටේල් කියන්නෙ වෙනම එකක්.. මොහීතෝ, මාගරීටා, මාර්ටිනී, වගේ කොක්ටේල් ඇරුනාම මාව අමන්දානන්දයට පත්කරපු කොක්ටේල් එක තමයි මිචෙලාඩා කියන කොක්ටේල් එක.. මිචෙලාඩා බොනවනම් ඒක හදන බාර් එකකටම ගිහිං බොන්න ඕන.. අනික් කොක්ටේල් බොහෝමයක් බෝතල් විදිහට් ගන්න බාර් එකේ තිබ්බට මිචෙලාඩා මම ඉන්න පළාතේ බාර්වල විකුනන්නෙ නෑ.. මැංගො චෙලාඩා කියන බියර්වලින් හදන කොක්ටේල් එකත් ඉතිං වරදක්මත් නෑ.. හදන්නෙ බියර්වලින් නිසා එක දිගට
බොන්න බෑ.. බියර් කියන්නෙ ලෙඩ ලෝකයක්..

ලංකාවට සතියකට ගිහිල්ලත් ලංකාවෙ බැහැපු ගමන්ම කොහේදෝ යන උනක් හෙම්බිරිස්සවක් හැදුන නිසා යාලුවෙක් එක්කවත් අඩියක් ගහන්න සෙට්වෙන්න බැරි වෙච්චි.. ඒත් ඉතිං අපේ බූලයි, කොටයි, ගමයයි මාව බලෙන්ම වාහනේක දාගෙන හික්කඩු අරං ගිහිං සූටියට පාර්ටියක් දැම්ම.. උන විකාරෙං හිටපු නිසා මට කන්න බොන්න සිහියක් පතක් තිබ්බෙ නෑ.. එහෙව් අසනීපකාරයා ලව්වා ඒ අවලං යාලුවෝ ටික සිංදුත් හතාටක් කියෙව්වා කියලා හීනෙං වගේ මතකයි.. කෑවෙ මොනවද කියලවත් මතකයක් නෑ.. බීවෙනම් නෑ අසනීප තත්ව නිසා.

ඕං ඔය වගේ අහේනි තත්වයක් යටතේ ලංකාවෙ සතියක් ඉඳලා ඇවිත් මෙහෙත් සතියක් වැඩ කරලා ඕං ගිය සති අන්තෙ අඩියක් ගහන්න ඕන කියලා හිතිච්චි.. තිබ්බ කොට එකක් දිහාවත් නොබලා සිකුරාදා හවස රස්සාවෙන් ඕෆ් වෙලා කෙලිංම ගියේ බාර් එකට.. බ්රෑන්ඩ් එකකුත් නැති එකේ කොක්ටේල් එකක් ගෙනිහිං බොනවා කියලා හිතාගෙන කොක්ටේල් අයිල් එකේ එහා මෙහා ඇවිදලා හිත නැවතුන බෝතලේ තමා ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ..

ලංකාවෙ කඩේට ගිහිං ඉඳිආප්ප ටිකකුත් අරගෙන ඇවිත් අඩුපාඩුවට චිකන් කරියකුයි අල හොද්දකුයිත් රහට හදාගෙන ඕං සෙට්වුනේ සිකුරාදා රෑ සමරන්න.. ප්ලෑන් එක වුනේ හීනියට එකක් දාන ගමන් ෆිල්ම් එකක් බලලා රෑට ඉඳිආප්පත් කාලා ආයෙම නිදිමත ඕවර්ඩෝස් ගානට එනකල් ටීවී එක ඉස්සරහ ඉඳලා රෑ තුනට හතරට නිදාගන්න.. බයිට් එකක් එහෙමත් පොඩ්ඩක් සෙට් කරගෙන ඔය පේන බෝතලේ ඕං ඔය අඩුවෙලා තියන කරටියේ ටික උස වීදුරුවකට දාගෙන ඒකට අයිස් කැට ටිකක් එහෙමත් දාගෙන ටීවී එක ඉස්සරහින් දිගෑදුනෙ පස්ට සිකුරාදා හැන්දෑවක් ගතකරන්න..
පුරුද්දට දවසගානේ බිව්වෙ නැතත් ඉතිං ඇල්කොහොල් 35% ක් කියන්නෙ නීට් බොන මට ලොකු ගානක් නෙවෙයි. ජැක් ඩැනියෙල් ලීටරේ බෝතලේ තනියම බීලා නොබීපු ගානට ඉන්න පුලුහන්කමක් තියෙනවා බෑන්ඩ් එකේ කට්ටිය එක්ක බොන්න සෙට්වුනාම. කිව්වට විස්සාස කරන්න මිත්රවරුනි ඔය පින්තූරෙ තියන බෝතලේ කරටියේ අඩුවෙලා තියන සුට්ට විතරයි බීවෙ.. උනේ මොකක්ද.. මා ඉන්නෙ කොයි ග්‍රහලෝකෙකද කියලාවත් නිනව්වක් නැතිවෙන තැනට මංතුමා කුඩේ කුඩු.. බිත්ති දිගේ ඇවිල්ලා ඇඳට වාරුවුනේ පට්ට ගේමක් දීල.... ගේ ඇතුලෙ පොලොවෙ පස් නැති නිසා මිසක් එලියක වුනානම් එන්න වෙන්නෙ පොලොවෙ පස් කාගෙන.. ඉරිදා හවස් වෙද්දි තමයි යාන්තමට ඔලුව කෙලින් කරගෙන දෛනික වැඩකටයුතු කරගන්න තැනට පෘතුවියට ලෑන්ඩ් කරගත්තෙ.

අද ආයෙම සිකුරාදා වෙච්චි රෑට කන්න මොනවහරි හොයන්න ෆ්රිජ් එක අවුස්සද්දි මේං මේ බෝතලේ ඉන්නව දිලිසි දිලිසී යට තට්ටුවේ ඉස්සරහින්ම.. ආයෙ මාස හයකට ඇල්කොහොල් ඕන නෑ.. මේක දැක්කත් මට ආයෙම අනිද්දා වෙනකල් වෙරි.. 😢😢😢

12 comments:

  1. සන්ක්වික් වීදුරුවක් බීල වෙරි වෙච්ච එකෙක් ගැන අහුවමද කොහෙද. හැක්..

    ReplyDelete
    Replies
    1. සංක්වික් කියලා හිතලා බිව්වොත් අනිද්දා නැගිටින්නෙත් නෑ පුතා .

      Delete
  2. වෙනස් බ්‍රෑන්ඩ් ට්‍රයි කරන්න ආසයි. මං බොන්නෙ පොඩි කික් එකටයි ඩ්‍රින්ක් එකේ රසටයි. ඒ නිසා තනියම නීට් ඩ්‍රින්ක් එකක් වැඩි වෙලාවක් සිප්කරන්න තමයි වඩා කැමති.

    ReplyDelete
    Replies
    1. Flavored එව්වට ඇබ්බැහි වුනාම අනික්වා ටිකක් පස්සට යනවා . . මම ආසම ජැක් ඇපල් එකට . . අයිස් කැට දෙකක් උඩට දාගත්තාම මසුරං පහයි .

      Delete
  3. ඔය VODKA drink එකක් නේද? මේක අම්බලන්ගොඩයා වගේ පළපුරුදු අයටත් කලාතුරකින් වෙන්න පුළුවන් එකක් වගෙයි. සුරාව ඉතින් හරිම පරිස්සමින් තමයි පාවිච්චි කරන්න ඕන. මම Social Drinker කියන ලේබලය ගහගත්ත කෙනෙක් . ( Social Drinker කියල හැමදාම බියර් කෑන් ගහනවුනුත් මට හම්බවෙලා තියනවා.) අපි අතර රහ බලන්නවත් බීපු නැති අය බෝතල් ඉස්සරහ වාඩිවෙලා පැය ගණන් කය්ය ගහනවා.කිසිම වෙලාවක ඒ අයට බීපං කියලා බලකරල නැහැ.මොකද addiction එකකට යන මිනිහට බරපතල ශාරීරික මානසික සහ සමාජීය ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. අනිත් අතට ලංකාවේ කට්ටිය එකතුවෙන තැනක drink එකත් එක්ක එන තෙල් පිරුන bite එක තමා නරක.. ලඟකදී මගේ මිත්‍රයෙක් ගෙනාව විස්කි බෝතලය alcohol ප්‍රතිශතය 50%. ඒක අර Pra Jay මහත්මයා කිව්වා වගේ හෙමින් හෙමින් තොලගාන්න තමයි .

    ReplyDelete
    Replies
    1. 50% එක අනික්වා බොන ගානට බිව්වොත් බඩගාන්න වෙනවාමයි . . ලංකාවේ උදවිය බොහෝ වෙලාවට බොන්නේ කොකාකෝලා හෝ ස්ප්‍රයිට් එක්ක . .එතකොට නියම රස දැනෙන්නේ නෑ .. මමනම් ඉතින් කෝක බිව්වත් නීට් සහ අයිස් තමයි . . එහෙම බොනකොට වැඩි වෙන්නේ නෑ .. මේක අලුත්ම අත්හදා බැලීමක් නිසා තමයි සීමාව පැන්නෙ

      Delete
  4. දැන් සමර් එක, හීට් වේව් වගේ ඒව නිසා ඉඳ හිට කූල් වයින් ටිකක් නං බොනවා. ඒත් බොන එකෙන් මට ආතල් එකක් ගන්න බැරි එක ගැන නං හිතේ කිසිම දුකක් නෑ.😋

    ReplyDelete
    Replies
    1. මටනම් ඩේලි බොන්නේ නෑ .. සිකුරාදාට සෙනසුරාදට තමයි පොඩ්ඩක් තොල ගෑවෙන්නේ .

      Delete
  5. VAT 69 එකක් කොම්පිටරේ ඇතුලේ අවුරැද්ද්ක් විතර හන්ගගෙන ඉදලා මෙවිවා කරන්න අරන් බඩ පපුව දාගෙන යන්න ගත්තු නිසා පරිත්‍යාග කරලා පඩුවේ හිටපු මම...😁

    ReplyDelete
    Replies
    1. නොදෝකින් උඹ . . පොඩි නයා කෑවත් මහා නයා කෑවත් එකම විස නිසා කිසිම මනුස්සයෙකුට මම බොන්න පුරුදු වෙන්න කියලා අවවාද කරන්නේ නෑ .. සුදුසුම දේ නොබී සිටීම තමයි .

      Delete
  6. පුහ් 35% බීල මෙහෙම උනා කියන්නෙ ඔය මගුල බ්ලොටින් පේපර් එකක් වගේ ඇඟේ තියෙන වතුර ටික අදිනව ඇති. මොකෝ තැඹිලි තියෙනව කියලය උඹල ඉන්නෙ අහුවැක්කෙ.. හැබැයි කාලෙකට පස්සෙ හරි උඹලගෙන් ලියමනක් එන්න හේතු වුනැයි කියන පිනම ඇති මේකට නිවන් යන්න

    ReplyDelete
    Replies
    1. 35% නෙවෙයි බන් ඕක 50% එකක් . . දිගටම පෝස්ට් වෙන්න පොස්ට් ටිකක් සෙට් කරලා තියෙන්නේ . . ඔටෝ පෝස්ට් වෙන නිසා කොමෙන්ට්වලට රිප්ලයි දාන්න ප්‍රමාද වෙනවා . .

      Delete