හතර පහ වසරෙ ඉද්දි මට තිබ්බ ලොකුම ආසාවක් තමයි පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගෙන ඒකෙ පර්ස් එකක් දාගෙන යන එක.. හැබැයි ප්රශ්නෙ තිබ්බේ කලිසමක් මහන්න ටේලර් ශොප් එකට යන්න වෙන්නෙ තාත්ත එක්ක නිසා ඔය පස්සට සාක්කුව දාන එක ටිකක් විතර හීනයක්.. කොන්ඩෙ කපන්න ගියාම බාබර්ටත්, කලිසම මහන්න ගියාම ටේලර්ටත් උගේ රස්සාව උගන්නන්න යන්න ඕන නෑ කියලා තාත්ත් තරයේ විශ්වාස කරපු නිසා මහන කලිසම මැහුනෙ ටේලර්ට ඕන විදිහට. කැපෙන කොන්ඩෙ කැපුනෙත් බාබර්ට ඕන විදිහට.. ඉතිං අලුත් කයිසමට පස්සට සාක්කුවක් දාලා මහල දියං ටේලර් මාමෙ කියල කියන්න මට ඉතිං බයයි තාත්ත ඉන්න නිසා..
ඕං ඔය වගේ වාතාවරණයක් යටතේ එක්තරා දවසක මහ ඩබලගෙ අල්මාරිය අවුස්සන වෙලාවක මට හම්බෙනව අලු පාට කලිසම් රෙද්දක්.. ඕක අත ගගා හැම අතටම කල්පනා කරා මට මේකෙන් පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගන්න පුලුවන් වෙයිද කියල.. ඕං දවස් ගානක් ඉල්ලීම ඉදිරිපත් කරලා අවසානයේ මට කලිසමක් මහගන්න අවසර හිමි වෙනව.. ඒ කාලෙ අපේ තාත්තලාගෙ ගමේ ටේලර් කෙනෙක් හිටියා සමන් කියල.. තාත්ත එක්ක ගියොත් යන්න වෙන්න්නෙ ස්ටේශන් එක ලඟ තාත්තගෙ ෆේවරිට් ටේලර් ලඟට නිසා මම තාත්තලාගෙ ගමේ ඉන්න සමන් අයියගෙ ටේලර් ශොප් එකට තකහනියේ යනවා කලිසම් රෙද්දත් අරගෙන.. තාත්ත නැතිව ගිහිං මැශමන්ට් දුන්නම සාක්කුව දාගන්න එක අවුලක් නෑ.. කලිසම ගේන්න යද්දි ඕක ගන්න යන්නෙ තාත්ත නිසා පස්සෙ සාක්කුව ඉතිං ආපහු මකවන්න බෑ මැහුවට පස්සෙ.. මගේ සැලසුම අති සාර්ථක වෙලා ඕං ඔහොම තමයි ඉස්ඉස්සෙල්ලම පස්සට සාක්කුවක් දාපු කලිසමක් මට අඳින්න ලැබෙන්නෙ.. ඒ තමා මගේ පල්වෙනි පස්සෙ සාක්කුව..
ඕං දැං පස්සට සාක්කුවක් තියෙනව.. ඊලඟ ප්රශ්නෙ ඕකෙ දාගෙන යන්න පර්ස් එකක්.. පස්සෙ සාක්කුවත් තහනම් වෙච්චි මට පර්ස් එකක් ඉතිං හීනයක්ම උනාට ඒකටත් විකල්පයක් තිබ්බ.. ගෙදර හැම අස්ස මුල්ලම අවුස්සලා පර්ස් එකට විකල්පයක් හොයද්දි ඕං මට හම්බෙනවා අපේ අම්ම කෝච්චියේ වැඩට යන්න සීසන් එක ගතපු සීසන් ෆෝල්ඩර් එක.. සූටි කොට කලිසමේ පස්සෙ සාක්කුවට අම්මගෙ සීසන් ෆෝල්ඩර් එක දැම්මාම ඉතිං මට දැනෙන්නෙ සල්ලි මිටියක් එක්ක තඩි පර්ස් එකක් පස්සෙ සාක්කුවට දාගෙන යන ගැම්මක්.. සල්ලි ගැන අවභෝධයක් නැතත් ඉතිං පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කියන්නෙම හෙන ගැම්මක්..
ඕං එදා හවස මට හවස ටියුශන්.. හාහාපුරා කියලා ඕං මමත් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අර අලුපාට පස්සෙ සාක්කු කලිසම ඇඳගෙන අම්මගෙ සීසන් ෆෝල්ඩර් එකත් පස්සෙ සාක්කුවේ දාගෙන ගැම්මට පංති යන්නයි සූදානම. ඒ කාලෙ දවල් දවසෙ අම්මලා ගෙදර නැති නිසා හවස් වරුවෙ ඉන්නෙ පුංචිලාගෙ ගෙදර.. ඕං ඉතිං ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පංති යන්න ලෑස්ති වෙලා ඉන්න.. ඒ දවස්වල පුංචිලාගෙ ගෙදර මොකක්දෝ අවශ්යතාවයකට ගස් වගයක් කපලා පට්ටලයක් ගහගෙන ලී ඉරනව දෙන්නෙක්. මටත් ඉතිං නිකා ඉන්න බැරිකමට පංති යන්න වෙලාව එනකල් ඔය පට්ටලේට නගිනවා ලී ඉරන දෙන්න කෑමට ගිහිං හිටපු නිසා.. පට්ටලේට කොටේ නග්ගන්න ඕකෙ තියෙනවා පැත්තකින් අංශක හතලිස් පහට වගේ ගහපු ලී කොට දෙකක්.. මටත් ඉතිං තදින්ම විසේ නිසා පට්ටලේට නැගලා අර අංශක හතලිස් පහේ කොටේ දිගේ පහලට රූටනව.. ඒක ඉතිං ටිකක් සොමි වැඩක්.. ඔහොම රූටාගෙන පහලට එද්දි තමයි එකපාරටම සරස් ගාලා සද්දයක් එක්ක කොටේ තිබ්බ ඇනේක කයිසම පැටලෙන්නෙ.. පහලට ඇවිත් අතගාලා බැලින්නම් දකුනු පැත්තෙ පස්සෙ සාක්කුවටනං මුකුත්ම අවුලක් නෑ.. ඒ කියන්නෙ දෙයියො බලලා පස්සෙ සාක්කුව බේරල.. ඒත් ඉතිං සාධාරණයි කිව්වට දෙයියෝ එච්චරම සාධාරණ නෑ.. කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ පලුවකුත් නෑ.. කොටේ දිගේ පහලට රූටගෙන එද්දි පැටලුන ඇනේ කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ කෑල්ලක් කඩලාම අරගෙන..
ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ පලුවක් නෑ කියලා පේන්නෙ නෑ.. ඒ නිසා කලිසම ඇඳගෙන පංති යන එකේ ගැටලුවක් නෑ.. ඒත් ඉතිං ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කාටවත් පේන්නෙ නෑ.. පලුවක් මිසින් පැත්ත වැහුවොත් පර්ස් එක පේන්නෙ නෑ.. පර්ස් එක පේන්න ශර්ට් එක යටකරොත් කලිසමේ පස්ස පැත්තෙ පලුවක් නෑ.. අද කාලෙනම් පස්සෙ පලුවක් නැති කලිසම් ෆැශන් එකක් කියලා ඇඳගෙන යන්න පුලුවන් උනාට ඒ කාලෙ එහෙම බෑ.. විසි තිස් වතාවක්ම පුංචිගෙ අල්මාරියේ කන්නාඩියෙන් පස්ස බලලා විකල්ප දාහක් හිතුවට රැවුලයි කැඳයි දෙකම බේරගන්න විදිහක් තිබුනෙ නෑ.. අවසානයේ පස්ස පැත්තට සාක්කුව දාපු කලිසම ගෙදර තියලා වෙන කලිසමක් ඇඳගෙන පංති යනව..
තිඹිරිගෙයිම මියැදුන මගේ පස්සෙ සාක්කුව කාලයක් යනකල් මගේ ලඟ තියාගෙන හිටියා පලුව රිප්ලේස් කරගන්න චාන්ස් එකක් එයිද කියලා හිත හිතා.. ඒ උනාට ඒ කලිසම කවදාවත් ගොඩදාගන්න බැරිවුනා.. ඒ ජාතියෙම රෙදි කෑල්ලක් හම්බුනානම් ටේලරින් ඉගෙනගෙන හරි පලුව රිප්ලේස් කරනවා කරනවාමයි.. ඒ උනාට ඒ කලිසම අඳින්න බැරි තරමට ලොකු වෙලත් ඒ ජාතියේ රෙදි කෑල්ලක් හොයාගන්න බැරිවුනා..
හෙහ් හෙහ් .. අඩෝ සිරාවට ඔය පස්සේ සාක්කුවයි , පර්ස් එකයි කියන්නේ හෙන ලොකු සීන් එකක් වෙලා තිබ්බා නේද ඒ කාලේ ? මටත් මතකයි මම හෙන ආසාවෙන් බලාගෙන හිටියා .. හෙන ගැම්මක් එන්නේ පර්ස් එක දාගෙන යනකොට .. දිග කලිසන් අඳින්න තිබ්බ ආසාවත් ඒ වගේ .. හෙහ් හෙහ්
ReplyDeleteඑව්වා ලාමක ටින් ටින් කියලා හිතෙන්නේ දැන් තමයි බං.. අවුරුදු පහළොවකින් මම පර්ස් එකක් පස්සේ සාක්කුවට දාලා නෑ .. දැන් ඒක ඉස්සරහ දකුණු සාක්කුවට හුරුවෙලා . . ඉස්සර වාහනයක් එලවන්න තිබ්බ ආසාවත් එහෙමම තමයි . . දැන් හිතෙන් සාදුකාර දෙනවා කවුරුහරි ඩ්රයිව් කරන යන වාහනේක නැගලා යන්න චාන්ස් එකක් ආවම . .
Deleteඇනෙං පුක බේරුන එක ගැන සතුටු වෙයං. හැක්..
ReplyDeleteනේන්නං ... අමිනුනානම් ඉතිං වරසැල් තමා .
DeleteHeh heh
ReplyDelete:)
Delete+++++++++++++++👌
ReplyDeleteඅපිටත් ඉස්කෝලෙ යන කලේ දික් කයිසමට ඩබල් පොකට් ගන්න පස්ට ගේමක් දෙන්න උනා.ලොකු සෑර් බෑ ම කිව්වනේ ඩබල් පොකට් දෙන්න.අවසානේ සකච්චා රාසියක් කරලා ඉල්ලිම් දිනා ගත්තා අපි නම්..
ReplyDeleteඅඩෝ උඹලට ඩබල් පොකටුත් අඳින්න දුන්නද .... මම ප්රින්සිබල්නම් අහනවා උඹලාට එක සාක්කුවෙත් දාගෙන යන්න දෙයක් නැති එකේ තව සාක්කුවක් අහවල් එක දාගන්නද කියල .
Deleteකූඤ්ඤෙ ගලවපු වඳුරට වෙච්ච දේ හැටියට ඔය හොඳටම හොඳයි!
ReplyDeleteඒකනම් කියනකොටත් ඇඟ හිරිවටෙනවා . .
Deleteමටත් හිතුනේ පට්ටලේට ගොඩ වුනහම ඔයිට වඩා දෙයක් වෙයි කියලා.😂 ඔයින් ගියා මදැයි.
ReplyDeleteපස්සපැත්ත වැරසල් නොවී එයින් ගියා මැදයි
Delete