මේක 1995 අවුරුද්දෙ කතාවක්.. ඒ අපි උසපෙලට ගිය මුල කාලෙ.. උසස්පෙලට හෙවත් අපි 12 වසරට ගිහිං මාසයක් වගේ යද්දි පිට ඉස්කෝලවලින් උසස්පෙලට ධර්මාශෝකෙට එන ලමයි ටිකත් ඕං පංතිවලට එකතුවුනා.. ඒ අල්ලපනල්ලෙ තමයි එවකට දහ තුන වසරේ හිටපු අයියලා ( එහෙම කියමු ඉතිම් 😛)ටිකක් ඉන්ටවල් එක අල්ලලා අපේ පංතිවලට ඇවිල්ලා ඉස්කෝලෙට අලුතෙන් ආපු අයට රැග් කරන්න එන්නෙ.. අපි ඉතිං කාටවත් කරදරයක් නැතුව අයිංසකව බෝපැල වගේ ඉන්න දරුවෝ උනාට ඒ වගේ අසමජ්ජාති වැඩවලට අපේ අනුග්‍රහයක් නෑ.. ඕං ඔය රැග් කෙරුවාවට විරෝධය විදිහට තමයි අපේ පංතිය ඇතුලේදි දහතුන වසරේ අයියලා සැට් එකක් එක්ක වලියක් පැටලෙන්නෙ.. දොලහ G එකට දහතුන වසරෙන් පැනලා නෙලන්න යද්දි දොලහ ආර්ට් එකේ සැට් එකත් වලිය මැද්දට පැනලා දෙපිරිසම සම සමව ගහගෙන සම සමව ගුටිකාලා ඉන්ටවල් එක ඉවර වෙද්දි විසිර යනව.. රැග් සීන් එතනින් අහවරයි..
කතාවට උක්තව ලියන සිද්දිය් එන්නෙ අන්තිමට.. ඕං ඔය රැග් වලියට පහුවදා ඉන්ටවල් එකේ මේ ලියන මම, අපේ කොටා සහ ගයාන් පහලට යද්දි නැවතත් දහතුන වසරේ අයියලා ( එහෙම කියමු ඉතිං) ටික අපි තුන්දෙනාව ඇම්බුශ් කරනව.. සීන් එක් වෙන්නෙ උඩ තට්ටුවේ නිසා පහලට පැනලා බේරෙන්නත් බෑ.. දහයක පහලොවක විතර පිරිසකට එදිරිව අපි තුන්දෙනෙක් ඉතිං මක් කරන්නද කියලා මමනම් ඉතිං වරසැල් වෙන්න ගුටි කන්න හිත හදාගන්නව.. හැබැයි එයාලගෙ ටාර්ගට් එක වෙලා තිබ්බෙ අපේ ගයියව.. පුලුහං හැම විදිහකටම මැදට පැන්නත් උන් වටකරන් නෙලුවෙ අපේ ගයාන්ට පමණයි.. කොටාට එකක් දෙකක් වැදුනා උනාට මටනම් නියපිටින් පාරක් වැදුනෙ නෑ.. ඒකට එක හේතුව වෙන්න ඇත්තෙ එවකට ඇටිකිරිත්තෙක් විතර මට ගහන එක ගැරඬි මරලා පවු ගන්නවා කියලා උන්ට හිතෙන්න ඇති.. අනික් හේතුව අපිව ඇම්බුශ් කරපු කට්ටියගෙන් වැඩිමනක් අයියලා ( එහෙම කියමු ඉතිම්) මම පුද්ගලික්ව දන්න කියන එවුන්..
ඕං විනාඩියක් දෙකක් වගේ කාලය ඇතුලත උන් වටකරන් අපේ ගයියට ගහනවා සහ ක්ශණිකව සෙට්වෙන 12 G කොමර්ස් පංතියේ එවුන් ටිකයි 12 ආර්ට් පංතියේ එවුන් ටිකයි එකතු වෙලා එවෙලෙ අතට අහුවුන දහතුන වසරේ එවුන්ට ඇඬෙන්න රිටර්න් එක දෙනව.. එක අයියා කෙනෙක්නම් අඬාගෙන එයාගෙ අම්ම උගන්න ඉස්කෝලෙට දුවලා අම්මවත් එක්කගෙන ආවා කියහංකෝ ඉස්කෝලෙ ඇරෙන්නත් කලින්.. ටීචර් කෙනෙක් වෙච්චි ඒ අයියගෙ අම්ම ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකටත් ගිහිං ලොකු නාට්ටියකුත් පෙන්නුවා එතුමියගේ දහතුන වසරේ පුතාට දොලහ වසරෙ එවුන් වටකරන් ගහලා කියල... 🙈🙈🙈😂😂😂
එදා දවසෙන් වලිය ඉවරයි.. ඊට පස්සෙ තිබුනෙ අපේ ගයියට ගහපු එවුන් ටික එකා එකා හොයලා බීපු මවුකිරි මතක් වෙන්න රිටර්න් එක දෙන එක.. ඒ කිව්වා වගේම එකා එකාට වෙන වෙනම ඒ සබ්බුවත් දුන්නා ආයෙ වලියකට නොයන්නම.. සමහරක් අයට පාරෙදි සහ සමහරුන්ට ඉස්කෝලෙදිම.. සමහරු සර්ලා මිස්ලා ලව්ව ඇප අයදුම් කරපු නිසා එයාලා ගුටි පෝරියල් ලිස්ට් එකෙන් අතෑරිය.. ඕං ඔය සෙට් එකේ හිටපු එක්තරා ඇල්පිටියෙ හාදයෙන් සතියක් දෙකක් විතර ඉස්කෝලෙ එන එක මගෑරියා.. මොකද කියනවානම් එයා ඉස්කෝලෙ එනකල් දොලහ වසරේ මල්ලිලා ටිකක් ගේට්ටු දෙක ලඟම ඔත්තු බලමින් ඉන්න වග දැනගත්තු නිසා...
ඕං ඔය විදිහට සති දෙකකට වඩා කාලයක් ඉස්කෝලෙ එන එක මගෑරපු ඒ අයියා ( එහෙම කියමු ඉතිම්😜) ඕං අන්තිමේ ඉස්කෝලෙ ආවා කියමුකෝ.. ඉන්ටවල් එක හැමෝගෙම අවධානය ලැබෙන වෙලාවක් නිසා අපේ කට්ටිය වැඩ කරන පීරියඩ් එකක මෑන්ස්ව කැඳවනවා කැඩෙට් රූම් එක ලඟ තිබ්බ පිරිම වැසිකිය දිහාවට.. ඒ වැසිකිලියේ තිබ්බ ගන්දස්සාරෙට ගුරුවරයෙක් මලාට ඒ පැත්ත පලාතේ එන්නෙ නෑ... ඕං චූදිතයා යාලුවෙක් සමග පැමිණෙනව.. 12 ආර්ට් එකේ සෙට් එකයි 12 G හෙවත් අපේ පංතියේ සෙට් එකයි, 12 මැත්ස් එවුන් ටිකකුයි 12 බයෝ එකේ එකෙකුයි එවරෙඩී 13 වසරෙ අයියව පිලිගන්න.. මේං බොලේ අර යෝදයා එතනට ආවා විතරයි අපේ එවුන් ඔක්කොම පැනලා මේ යකාව බිම පෙරලාගෙන නෙලන්න පටන් ගත්තා කියහංකො.. රංචුවක් එකතුවෙලා එකෙක් පෙරලගෙන ගහනවා බලන් ඉන්න බැරිම තැන
මම මැදට පැනලා දැං ඇති දෙයියෝ මූට යන්න ඇරපං කිව්වා විතරයි..
පලයං Xx තො පැත්තකට කියලා අපේ ඈපා මට ගැහුවා කියාංකො රොම්බ කම්මුල් පාරක්... මං හිතන්නෙ අපිට සිංහල කරපු සුමිත්‍රා මිස් මට ගහලා තියන කම්මුල් පාරවල් සේරෝටම වඩා ඒ එක කම්මුල්පාර සැරයි..
මං ඉතිං ඈපට කිව්වා ඕකට ගහන්න එපා බං පවුනේ දැං ඇති කියලත්.. ඒ වගේම මම කිව්වා රංචුවක් එකතුවෙලා එකෙකුට ගහන එක හරි නෑ නේද කියලාත්.. ඕං එතකොට ඈපා මට ආයෙම පිට මැද්දටත් හතරක් විතර නෙලුවා කියහංකො..
තෝ දැං මූට ගහන්න එපා කියනව.. සති දෙකකට කලින් තොපි තුන්දෙනාට මුං වටකරන් ගහද්දි මුන් ලඟ ඒ මනුස්සකම තිබ්බෙ නෑනෙ.. ඒ නිසා මුන්ට ආයෙම රිටර්න් එක දෙනකොට අපිත් අපේ මනුස්සක්ම් මුන්ට පෙන්නලා වැඩක් නෑ... මුන් තිරිසන්නු.. රංචුවක් වටවෙලා තුන්දෙනෙකුට ගහද්දි මුං සාධාරණේ අසාධාරනේ ගැන හිතුවෙ නෑනෙ p කෝ..
ගැහුවනම් ගහපං ඒ විදිහටම.. නැත්තං ආයෙම චාන්ස් එකක් ආවොත් ඊලඟ පාර මුං උඹලව මරනව.. තොට මේක බලන් ඉන්න බැරිනම් තෝත් මෙතන මැරුම් නොකා පංතියට පල..
උක්ත දහතුන වසරේ රැග් අයියාට ඇති වෙනකල්ම ගුටි ඇනලා එදා අපේ එවුන් ටික රැග් වලිය අවසන් කරා.. එතැනින් එහා දහතුනේ අයියලා (එහෙම කියමු ඉතිම්😋) ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් යනකල්ම 12 වසරෙ අපි එක්ක පැටලෙන්න ආවෙ නෑ..
උන් කරපු වැඩේ වැරදිවුනත්, උන් අපිට වටකරන් ගහුවා වුනත්, උන්ගෙ හැම එකාටම එකා එකා තනියම අල්ලලා වටකරන් ගුටි ඇනපු එක ගැන මටනම් අදත් ආඩම්බරයක් නෑ... It is a disgusting feeling.. ඒ උනාට ඈපා මට මෙගා සයිස් කම්මුල් පාරක් ගහලා පිට මැද්දෑවටත් තුන හතරක් ඇනලා දීපු අවවාදය සහ කියලා දීපු සර්වලෝක තියරිය ලෞකික ජීවිතය ඇතුලේ ලෝක විනාශය දක්වාම වැලීඩ් කියලයි මට හිතෙන්නෙ..
ප්‍රහාරය අශිශ්ඨනම් ප්‍රති ප්‍රහාරයත් අශිශ්ඨයි කියලා වර්ථමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කොහේදෝ කියනවා මම අහලා තියෙනව.. හොරු අල්ලන්න ගිහිං ආන්ඩුව තැවෙන තැවිල්ල දැං අවුරුද්දක් විතර බලන් හිටියා නේදෝ කියලා හිතද්දි අපේ ඈපා මට කියලා දීපු සර්වලොක තියරිය මතක්වුනා..
ඈපා මේ වෙද්දි ඉන්නෙ කැලිෆෝර්නියාවෙ.. ඈපා ලංකාවේ හිටියනම් මම ඈපව යවනවා ජනාධිපතිතුමාටයි ආන්ඩුවටයි මීටින් එකක් තියලා ඒ අවවාදෙම දීලා වරෙන් කියල.. රටක් කරද්දි සිද්දවෙන සමහර අසාධාරනකම් ජයගන්න ආන්ඩුවක් ඇතුලේ ඈපා වගේ එවුනුත් ඉන්න ඕන කියලයි මගේ කියැවීම..
( දැං ඉතිං මගේ බුකියෙ ඉන්න 95 AL කරපු අයියලා සැට් එක ලොකුවට රිදෝගන්නවා එහෙම නෙවෙයි ඕං.. ඔය රැග් වලිය මැද්දට පිහි කොටයක් අරගෙ පැනලා උන්දැගෙම අත කපාගත්තු අයියා කෙනෙකුත් මේකෙ ඉන්නව🤩🤩🤩.. ආදරෙයි පැලෙන්න උබලා හැමෝටම ❤️❤️❤️)
No comments:
Post a Comment