Thursday, August 27, 2015

සත්තු වත්ත ළඟදී අල්ලපු හාවා...







ඔන්න මගේ ලොකු අම්මගේ මද්දුම පුතණ්ඩියට  හෙවත් අපේ සුදු අයියාට  පොඩි එවුන්ට සත්තු වත්ත පෙන්නන්න යන්න ඕන උනා එක්තරා සති අන්තෙක.. බැහැ කියන්නත් බැරි නිසා... ඩීසල් ටික ඇරෙන්න රියදුරාගේ පඩියවත් ලැබෙන්නේ නැති නිසාත් මගේ අතිජාත වැනට් එකෙන්ම මමම මේ ගමන යන්න ඉදිරිපත් උනා..



ඔන්න ඉතින් ගාලු පුරවරයේ ඉඳන් සූටි එවුන් සහ මහා එවුන් පුරෝගෙන වනට් රාජයා කොළොඹ බලා පිටත් උනා.. කෙලින්ම ගියේ කැළණි රජ මහා විහාරයට.. දෙයියනේ කියල කැළණි වෙහෙර වැඳගෙන , බෙල්ලන්විල රජ මහා විහාරයට.. ඔන්න එතනත් වැඳගෙන ආව කියමුකෝ සත්තු වත්තට...වාහනයක් නවත්තන්න තියා බයිසිකල් කටුවක් නවත්තන්නවත් ඉඩක් නැහැ.. කට්ටිය බස්සලා  ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි වාහනේ සත්තු වත්තේ තාප්පේ ගාවින් ගාල් කරලා මමත් සතෙක් වගේ බලන් ඉන්නවා මුන් දැන් එයි දැන් එයි කියල.. ම්හ් එන පාටක් නැහැ.. ඔන්න ඒ වෙලාවේ තමයි මට මුත්තරා බරක් දනීගෙන එන්න ගත්තේ.. වාහනෙත් ලොක් කරලා දාල දැන් මමත් ඇවිදිනවා සත්තු වත්ත පාරේ එහා කොනට සහ මෙහා කොනට.. බර හෑල්ලු කරගන්න කඩ පිලක්, අහු මුල්ලක්, තාප්ප කෑල්ලක්, ලයිට් කණුවක්, පඳුරක්, සහ එකී මෙකී හාවෝ අල්ලන කිසිම මුලාශ්‍රයක් පෙන තෙක් මානෙක නැහැ... දැන් මම සත්තු වත්තේ ගේට්ටුව පහු කරන් වයිපරේ දැම්ම වගේ එහා කොනටත්, මෙහා කොනටත් ඇවිදිනවා, ම්හ්.. සත්තු වත්ත ඇතුලට යන්නත් බැහැ එතනත් සීයක් දෙසීයක් විතර පෝලිම ටිකට් ගන්න.. 





ඔහොම පිස්සෙක් වගේ බර හෑල්ලු කරන මුලාශ්‍රයක් හොයාගෙන එහාටත් මෙහාටත් ඇවිදින මට මසුරන් අදහසක් පහල උනා.. මසුරන් කිව්වේ ඒ වෙලාවේ හැටියට බර කලිසමේ හෑල්ලු වෙන්න කලින් මට තිබ්බේ එකම එක වන් ඇන්ඩ් ඔන්ලි ඔප්ෂන් එක එපමණයි... ඔන්න මම ගිහින් නැග්ග වැනට් රාජයාගේ පසුපස ආසනයට.. නැගල වැහුව දොර.. දැන් ඇතුල පෙන්නේ නැහැ කාටවත්..මොකද වැනට් එක ෆුල් ටින්ටට් චොකලට් හයර් එකට හොඳට AC ඕන නිසා. සැලසුම තමයි ප්ලාස්ටික් බෝතලයක් හෝ එවන් කාණුවට විසි කළහැකි භාජනයක් සොයාගෙන බර එම භාජනයට හෑල්ලු කරලා අසල තියෙන කාණුවට විසික්කා කොරල මුකුත් උනේ නැති ගානට සුදු අයියා ඇතුළු නඩය වාහනයට වාර්තා කරන වෙලාවට බබා වගේ සිටීම .. කොහමද ටිකිරි මොලේ...


වාහනය සිසාරා ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කරත් මට එවන් විසික්කා කොරන්නට හැකි භාජනයක් සොයාගැනීමට නොහැකි වීම කොයි තරම් අසාධාරණද දෙයියනේ.. දැන් තියෙන්නේ විකල්ප අංක දෙක.. මට කවදත් එදත් අදත් plan A සහ plan B කියල දෙකක් තිබ්බ. 
දැන් මම හොයන්නේ ඉටි කවරක් හෝ සිලි සිලි බෑගයක් .. යුරේකා ... සොයන්නාට සම්භවේ කිව්වලු.. ඔන්න මම දැන් ලැහැස්ති වෙන්නේ ඒ අසික්කිත වැඩේ කොරන්නයි.. බඩු භාණ්ඩ සියල්ලම නූලට ලැහැස්ති නිසා ඔන්න මම දැන් හොඳ ළමය වගේ වාහනෙන් බැහැල නිකම් ටයර් වල හුලන් බලන ගානට වාහනේ වටේ ඇවිදල හොර ඇහෙන් බලනවා සුදු අයියා ප්‍රමුක නඩය ඈතින් එනවද කියල.. මොකද මේ අසික්කිත වැඩේ කොරද්දී අතටම මාට්ටු උනොත් පොඩි උන්  බාප්පිව ගම රට පුරා සුප්‍රසිද්ද කරලා තමයි වැඩේ නවත්තන්නේ.. සුදු අයිය සහ නඩය පේනතෙක් මානයේ නැති නිසා හනික වාහනේට පැනගත් මම ඔන්න ඒ අසික්කිත වැඩේ කොරා සිලි සිලි බෑගයට .. හිතහල්ලකෝ දැනෙන සනීපෙ...මේක කියවන අයත් ඉතින් නොකීවට නොලීවට  මේ වගේ ලිඳට වැටෙන්න ගිහින්  බේරිලා ආපු අවස්ථා හෙම ඇතිනේ ඕන තරම්.. ඔන්න ඔහොමයි මගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා ඒ බරෙන් නිදහන් උනේ... දැන් හිතනවද ප්‍රශ්නෙ එතනින් ඉවරයි කියල... අනේ ඉවරයි කියාලා හිතුවට ඉවර නෑ ... තව තියනවා..

ඔන්න මම දැන් ලැහැස්ති වෙන්නේ කප්පරක් දුක් විඳලා කන්දක් විලි රුදා විඳලා උපන් පලය කාණුවට විසික්කා කොරන්නයි.. අහෝ දෙවියනේ ඇයි මට එදා එහෙම කලේ... වාහනේ දොර ඇරලා ඒ වටිනා කියන සිලි සිලි මල්ල කාණුවට විසික්ක කොරන්න උස්සද්දී තමයි ඒ සුන්දර දර්ශනය දැක්කේ මිත්‍රවරුනි..




ජාමේ බේරගන්න පිහිට උණු සිලි සිලි මල්ල ෂවර් එකක් වගේ හිල් 750 ක් විතර තිබිච්චි එකක් වග ඒ සුන්දර දර්ශනය දුටු මම තේරුම් ගන්නා විට අස්සයා පැනගිහින් ඉවරයි මිත්‍ර වරුනි.. හනි හනික සිලි සිලි මල්ලේ ඉතිරි වූ මුත්තරා සුට්ට එක්ක සිලි සිලි මලු ෂවර් එක කාණුවට විසික්ක කොරපු මම කල්පනා කරේ සිලි සිලි මල්ල නැතුව මේක කොරානම් එක තැනකට කොරන්න තිබ්බ උනාට දැන් ඉතින් හැම තැනම නේද කියලයි.. 



දැන් ඔලුව පිස්සු වගේ.. සුද්දා ප්‍රමුක පොඩි එවුන් ආවොත් පටි රෝල් වීම අනිවාර්ය බැවින් හනික ඩ්‍රයිවින් සීට් එකට පැනගත් මම වාහනය හරවාගෙන පාමංකඩ පැත්තට ඉගිල්ලුනේ සර්විස් එකක් හොයාගෙන.. ඔන්න පිළියන්දල පාරට දාල වැඩි දුරක් යන්න කලින් සර්විස් එකක් හමු උනා.. එත් දවස සති අන්තය නිසා උන් පට්ට බිසී කිව්වලු.. ගරාජ් වලට , බාස්ලාට, අමතර කොටස් විකුණන කඩ වලට කන් කෙඳිරි ගාන එක සතියකට දවසක් කැඩෙන වැනට්ටුව විසින්ම පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා සර්විස් එකේ ගෝලයෙකුට සන්තෝසමක් දෙන්නම් කියල පොරොන්දු වෙලා වැඳලා වගේ වාහනේ ෆලෝ බෝර්ඩ් එක සෝදාගන්න යන්තම් සන්තම් එකඟ කර ගත්තා .


වාහනේ සෝදන ගමන් ගෝලය අහපි 
මහත්තය පොඩි දරුවෙක් නේද මුත්‍රා කොරා කිව්වේ නේද කියල... 
මම ඉතින් හ්ම් කිව්වා.. 
ඌ හිතන්න ඇති ඉතින් මුනම් යක්ස පොඩි එකෙක් කියල..මේ තරම් මුත්‍රා කරන පොඩි දරුවෙක් ගැන ඇහුවමයි කියලත් හිතන්න ඇති මයේ හිතේ ..
සර්විස් එකටයි ගෝලයටයි 400ක් පුදල මම අයෙත් සත්තු වත්ත ගාවට එනකනුත් අරුන් නෙවෙයි සත්තු බලල එලියට ආවෙ .. උන් සත්තු බැලුවද සත්තු උන් බැලුවද කියල මම දන්නේ නැහැ.. එත් සත්තු වත්ත ඇතුලට වඩා බලන්න වටිනා දේවල් තිබ්බේ ඉතින් වැනට් එක අතුලනේ... සනීපෙට ගෙදර ඉඳල රියදුරා යව්වනම් තව වියදම් වෙන්නේ මට රුපියල් සීයයි... මේකෙන් හැමදෙනාම  ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්‍යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ .. 

පින්තූර ගත්තේ මෙතනින්
http://www.cliparthut.com/

22 comments:

  1. හිකිස්! මරු කතාව වගේම උපදේශ ටිකත්..මට මතක් වෙනවා බොක කතාවකුත්..ලියන්නද,එපාද කියල හිතන්නෙ තාම.

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු.. එව්වා රට්ටු දැනගන්න එපයි.. හික්ස් ....

      Delete
  2. Replies
    1. උඹට විතරයි මා ගැන අනුකම්පාවක් ඇති උනේ.. මේක මහා කුරිරු ලෝකයක් බන්....

      Delete
  3. හැක්, හැක්, හැක්, හැක්, හැක්.
    පට්ට සීන් එක. මට මේක කියනකොට ඉස්කෝලේ කාලේ කතා කීපයක් ම මතක් වෙනවා. එහෙම උනොත් මේක පෝස්ට් එකක්ම වේවි. තව ටික දවසකින් ඒ ටිකම එක පෝස්ට් එකක් විදිහට එවන්නම්කෝ. හැබැයි අම්බලන්ගොඩයෝ මගේ බ්ලොගේ නෙවෙයි උඹට ම එවන්නම්. මොකද මගෙ බ්ලොග බලන උන් මේවා මං කරා කියලා දැනගත්තොත් විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි වෙනවනෙ බං.

    ReplyDelete
    Replies
    1. එවන්නකො එවන්නකො.. මම ලියන්නම්කො අහවල් බ්ලොග් එකේ අයිතිකාරයට වෙච්චි සිද්දි කියල..

      Delete
  4. මගෙ වාහෙනේ ඕන වෙලාවක හිස් බෝතලය්ක් තීනව ඔය සීන් එක නිසා. මොකද සමහර වෙලාවට මට, සමහරවිට පොඩි උන්ට ඕව ඕන වෙනව. ඒ නිසා එකක් විසිකරහම තව එකක් තියාගන්නම ඕන.

    අපරාදෙ තව ටිකක් එහා ජයසින්හ පිට්ටනිය පැත්තට හරි නැත්තන් මුස්ලිම් පල්ලියකට හරි වැදුනනම් වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. වැඩිය අහලපහල ගැන තොරතුරු ඒ වෙද්දී දන්නේ නැහැ වැඩිය ඒ පාරේ නොයන නිසා.. අද කාලේ වගේ ගූගල් තිබ්බනම් මැප් එක බලල හරි පිට්ටනියක් හොයාගන්න තිබ්බ..

      Delete
  5. යකෝ ඔය අවට හාවෝ අල්ලන්න කොයි තරමක්නම් තැන් තියෙනවද. පහළට බහින්න පාළු පාරවල්ම හැට හැත්තෑවක්ම තියෙනවා...
    ඒවායේ වාහන ඇති පදම් නතර කරලා තියෙනවා, ඉතින් තව මොනවද.
    මටනම් දෙයියනේ කියල හාවෝ අල්ලන්න පුළුවන් තැන් හොයා ගන්න හොඳ ඉවක් තියෙනවා. මොකද මමත් ගමනක් ගියොත් තැඹිලි දැකපු ගමන් ඒවා බොනවා. ඊට පස්සේ ඉතින් හාවෝ තමයි.
    ආයේ මුවා වෙන්න පොල් කෙන්දක් තිබ්බත් ඒකට මුවා වෙලා හරි හාවව මට්ටු කරනවා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මේ සිද්දිය වෙච්චි දවසේ ඒ හැම අස්සක මුල්ලකම වාහන වලට අමතරව සෙනග බන්..

      Delete
  6. වාහනේ බෝතලයක් තිබිලා මොකෙක් හරි ඕකේ වතුර දමන් බිව්වොත්? හතුරෙක් නම් කමක් නෑ.
    ඔය වගේ මගේ යාලුවෙක් එක්ක දවසක් උගේ වාහනේ lunch එකකට ගිහින් එද්දී පොඩි ලාච්චුවක් ඇරලා tooth පික් එකක් දුන්නා දත් හාර ගන්න..... චිකන් ඈ.............. පස්සේ හාරලා කරලා ඒක විසිකරන්න හදද්දී මු කියනවා හා හා විසිකරන්න එපා මේකටම දාන්න කියලා...... මට වමනෙට ආවා. කීදෙනෙක් හාරපු එකක්ද මන්දා ඌ මට දුන්නේ :)

    ReplyDelete
    Replies
    1. උඹ හාරද්දී තව කී දෙනෙක් හාරලා ඇතිද??? දැන් උඹ දත් හාරපු ටූත් පික් එකෙන් තව කී දෙනෙක් දත් හාරන්න ඇතිද... LOL

      Delete
  7. උබට වෙච්ච ඔය සීන් එක වගේම එකක් උනා දේවානන්දෙදි අපේ යාලුවෙකුට.වෙනසකට උනේ ඌ ඒ වැඩේ කරේ බීම ගෙනාපු බොතලේට.දැන් කවුද මචන් ඌ කියල අහනව එහෙම නෙවෙයි... :-)

    ReplyDelete
    Replies
    1. ඔය කියන බෝතලේට සූ කරපු හාදයා දැන් වැඩකරන්නේ සම්පත් බැංකුවේ වෙන්ටෑ ..

      Delete
  8. මේවට නේ යකෝ බොක වෙනවා කියන්නේ....
    වචනේ පරිසමාප්ත අර්තයෙන්ම එලකිරි ලෙස බොක වී ඇත...

    ReplyDelete
    Replies
    1. බොක උනා නේන්නම්...කුජීතයි..

      Delete
  9. මේක උදේ බැලුවේ දැන් තමයි කමෙන්ට් කරන්න මතක් වුණේ. බෑග් එක චෙක් කරන්න විදියකුත් නෑනේ. අඹ බෑග් එකක් කෑවා නම් හරි.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමයි... ඔව්ව මතක් වෙන්නේ නැහැනේ වෙලාවට..

      Delete
  10. උගත් පාඩම - වැඩේ කිරීමට කොතෙක් හදිසි උවත් ඊට පෙර ෂොපින් එකට හුළං පුරවා බෑගය එයාටයිඩ් දැයි බැලිය යුතුය.
    මොනව උනත් උඹේ වෙලාවට සූ එක බලන්න ගිය උං ටික ඇතුලට වෙලා හාවො අල්ල අල්ල හිටියෙ.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින්.. කොහේදෝ කරපු කුසලයකට මගේ වෙලාව 1% ක් විතර හොඳයි..

      Delete
  11. හාවෙක් නිසා වෙච්චි දෙයක්..හික්..හික්..

    ReplyDelete
  12. අමොඕ , මම දන්නවා හොදට ඔය බරේ අමාරුව .
    කරන කියන දේවල් , උන් හිටි තැන් අමතක වෙනවා අමාරුව උච්ච වෙද්දී .

    කොහොම උනත් හිනා වෙලා ඉවරයක් නැති උණා මේක කියවල අහවර වෙද්දී !

    ReplyDelete