Wednesday, September 29, 2021

මෙගා නයි...

 





අයිසෙ ඒ.ඩී.. අද ශූට් එකේ ඔක්කොම සීන්ස් ටික බලලා නේද තියෙන්නෙ...


ඔක්කොම බැලුවා ඩිරෙක්ටර් සර්... ඒත් මේන් කැරැක්ටර් එක ඉන්න සීන් ටික කරගන්න බැරි උනා...

එහෙම කියලා හරියනවද බූරුවෝ... ෆයිනල්
ටේක් එකට කලින් තමුසෙ ඔක්කොම සීන් ටික අකුරට බලන්න ඕන නේද...

ඔක්කොම කරා සර්... ඒත් මේන්
කැරැක්ටර් එකේ ෆීමේල් ආර්ටිස් ශූටින් එන්න බෑ කියනව...

මොකක්...

ඔව් සර්... 

එහෙම කියලා හරියනවද බූරුවෝ... උන් ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නෙ... වන්දි ගෙවනවද ශූටින් එනවද කියලා අහපන් කෝල් කරලා…

ඇහුවා සර්... ඇග්‍රිමන්ට් ගහපු කොටස් සීය ඉවරයි කියලා ඊලඟ කොටස්වලට වැඩිපුර ගෙවනවනම් එන්නම්ලු..

හරි ඉතිං මං ඒක උන්ට චැනල් එක එක්ක කතා කරගන්න මීටින් එකක් ඇරේන්ජ් කරලා දුන්නනේ බං...

චැනල් එකෙන් පේමන්ට් වැඩි කරන්න බෑ කියලා සර්...  ආර්ටිස් එන්න බෑ කියනව... ඊලඟ කොටස් සීයට තව සීයට පණහක් වැඩියෙන් සල්ලි ඉල්ලනව...

දැං ඉතිං බලහංකෝ මං කොහොමද ඊලඟ කොටස් ශූට් කරන්නෙ... මීට හොඳා මාව කෑවානම්...

දැං මොකද සර් අපි කරන්නේ....

ම්ම්ම්ම්ම්ම්ම්.... පොඩ්ඩක් හිටහංකෝ කල්පනා කරන්න...

අද ශූටින් කැන්සල් කරන්නද සර්...

පී....ස්සුද බූරුවෝ... හෙට  බෙල්ට් එකට එපිය යවන්න අද ශූටින් කරන්නම ඕන...

පරන කට්ඕෆ් ටිකක් දාලා එඩිටර්ට වැඳලා එපියක් බස්සගන්න බැරිද සර්...

කට් ඕෆ් වෙන නෑ බං... අරුන් දෙන්නට කොරෝනා හැදුන දවස්වල තිබ්බ කට් ඕෆ් ඔක්කොම මැදින් රිංගෙව්වනේ බං..

දැං මොකද සර් කරන්නෙ...

ම්ම්ම්ම්ම්ම්ම්.... හරි... අද එපියෙ නේද ඔය ගෑනි නැන්දම්ම හොදි හට්ටියෙන් ගහලා ඔලුව පැලිලා වැඩට යන්නෙ නැතුව නිවාඩු ගන්නේ...

ඔව් සර්.... 

එල.... මල් ශාලාවකට කෝල් කරලා මිනි පෙට්ටියකුයි හර්ස් එකකුයි ගෙන්නගනින්...

මොකක්..

දැං මං කිව්වදේ උඹට ඇහුනනේ... මල් ශාලාවකට කෝල් කරලා මිනි පෙට්ටියකුයි ටිකක් හොඳ හර්ස් එකකුයි ගෙන්නගනිං... තව සුදු කොඩියකුයි ටෙන්ට් එකකුයි පුටු ටිකකුයි ගෙන්නගනින්... බාර්ලි බෝතල් ටිකකුයි වීදුරු ටිකකුයි ට්‍රේ එකකුයිත් සෙට් කරපං. ..ශූටින් බලන්න එන එවුන්ගෙන් සුදු ඇඳලා ඉන්න එවුන් ටික වෙනම පොඩ්ඩක් මේකප් දාලා තියපං...

මොකක්ද සර් කරන්න හදන්නෙ... 

ඇයි යකෝ තේරෙන්නෙ නැද්ද... දැං මේ ගෑනි ශූටින් එන්න බෑ කියනවනං, චැනල් එකෙන් ගානත් වැඩි කරන්න බෑ කියනවනං මං චරිත ෆොටෝ කොපි ගහන්නද බං... මගේ ඔලුව බේරගන්න කරන්න තියෙන එකම දේ මේ චරිතෙ මරලා දාන එක විතරනේ බං...

ඒත් සර් මේ ගෑනිගෙ කැරැක්ටර් එක නැතුව මේක දුවයිද ...

උඹ පැහිච්චකම් නැතුව මං කියපු වැඩේ කරපංකෝ...

ඕකේ සර්...

ආ තව එකක්... රයිටර්ට කෝල් කරලා කියපං ඊලඟ එපියේ මේ ගෑනි මරණවා... හොස්පිටල් ඇඩ්මිට් වෙන එව්වා , හොස්පිටල් එකේ ඉන්න එව්වා පෙන්නන්නෙ නැති වෙන්න අද එපිය ලියන්න කියලා.. ආ තව කියපං මිනිය ගෙදරට ගේන තැනින් එපිය ඉවර කරන්න කියලා.. 

ආ තව එකක්.... සුදු ඇඳලා ඉන්න සෙට් එකේ ඉන්න කට්ටියට ටෝක් කරලා බීම අල්ලන සීන් එකට දාන්න කට්ටියගෙන් එකාගෙන් දෙදාහ ගානෙවත් කපන්න බලහං... බීම අල්ලන සීන් එකට පස්දෙනෙක් දාපං. එකාගෙන් දෙදාහ ගානෙ දහදාහයි... පන්දාහක් මට ඉතුරු පන්දාහ උඹට..

තැන්කූ සර්... ඒත් සර් අපි කොහොමද මේ ගෑනි නැතුව මේක දුවන්නෙ.. රේටින්ග්ස් අඩු උනොත් අටයි තිහේ බෙල්ට් එක නැති වෙනවා සර්... සරුයි මායි අනාතයිනේ සර්..

ඔව්ව සිම්පල් වැඩ බං... ඒකට මා ගාව ප්ලෑන් එකක් තියෙනවා ...

ඒ මොකක්ද සර්.. 

උඹ දන්න කියන හැමෝටම කෝල් කරලා නයි නටවන එකෙක් හොයාගනින්කෝ..

මොකක්... නයි නටවන එකෙක්?

ඔව් ඔව් යකෝ නයි නටවන එකෙක් තමා...

ඒ මොකටද සර්...

අද මේ ගෑනිගෙ චරිතෙ මැරෙනවනේ...

ඔව් සර්..

තව දවස් දෙකකින් මේ ගෑනි නයෙක් වෙලා එනව නැන්දම්මගෙන් පලිගන්න...

මොකක්...

ඔව්  යකෝ ඔව්... ඊලඟ එපි සීය නයා දාලා අදින එන සිම්පල් බං... ඕං බලහං නයා දාපු ගමං රේටින් ඩබල් වෙන හැටි... නයා දාපු ගමන් ගෙවල්වල ගෑනු මිනිස්සු ටීවී එක වටේ වටවෙනවා බඩු සුවර්... රයිටර්ට කියපං ඊලඟ එපිසෝඩ් සීය ලියන්න කියලා නයා ප්‍රධාන චරිතෙ කරලා... 

සර්ගෙ මොලේ තමා සර් මොලේ... සර්ටයි මටයි වාසියක් නැද්ද සර්... 

මෙව්ව ටෙලිකාස්ට් වෙනකොට අපිට පාරෙ බහින්නත් බැරි එකේ අපිට අනිවාර්යයෙන්ම වාසියක් තියෙන්න ඕනනේ බං...

දැං කොහොමද සර් මේකෙන් අපි ගේමක් ගහන්නේ...

නයි පනික්කියා එක්ක ඩීල් එක ගහලා නයාව මාසෙකට දවසක් රෙන්ට් එකට ගනිං. නයාව දවසකට ගත්තාම මාසෙටම ඕන ශොට්ස් ටික එක දවසකින් ගන්න පුලුවනිනේ බං. නයාවයි පනික්කියාවයි වාහනේකට දාගෙන ඕන ඕන තැන්වලට ගිහිං ටේක්ස් ටික ගන්න එක මහ ලොකු කජ්ජක් නෙවෙයිනේ ... නයාට මේකප් දාන්න කියලයෑ..  නයා තිබ්බා ශූට් කරා... කෲ එකට යන ගානයි, මේකප් ආර්ටිස්ට යන ගානයි, ට්‍රාන්ස්පෝර්ට් වලට යන ගානයි, ලොජින් වලට යන ගානයි, කෑම වලට තේ වලට යන ගානයි, නයා වෙලා ඉපදිලා ඉන්න ගෑනිට ගෙවපු ගානයි  ඔක්කොම ඉතුරුයිනේ බං.  නයාට බිත්තර දෙකයි පනික්කියාට අරක්කු භාගයයි නයාගෙ රෙන්ට් එකයි ඔක්කොම ගත්තත් තිබ්බ බජට් එකෙන් සීයය අනූවක් ඉතුරුයිනේ බං...  ඒකෙන් සීයට විසි පහක් උඹට විසි පහක් රයිටර්ට ඉතුරු ටික මට...

සර් ....

හ්ම්....

ටික දවසකින් තව  එකෙක් මරලා තව නයෙක් දාමුද ?

තෝ මගෙන් කුනුහරුප නාහ කිව්ව වැඩ ටික කරහං...

24 comments:

  1. හෙහ්, හෙහ් නියමයි. ඇත්තටම මේ මෙගා ටෙලි දුවන්නෙ මේ මැතඩ් එකට තමා.

    ReplyDelete
    Replies
    1. ඊයා කියලා හිතෙනවා බන් එව්වා දැක්කාම ..

      Delete
  2. මචං කරමුකෝ අපිත් ටෙලියක්! මම නටන්නං නයාට!?

    ReplyDelete
    Replies
    1. තරහ වෙන්න එපා බන් ප්‍රසන්නයා ඉද්දි උඹට නයාගේ චරිතේ දෙන්න බෑ ...හහ් හහ් හා ...

      Delete
  3. 🐾 නාග ලෝකෙන්ම එකෙක් ගෙනාවනං මල්.

    ReplyDelete
    Replies
    1. නාග ලෝකේ එක්ක කොන්ටැක්ට් තියෙන්නේ ඉතිං අහවල් පක්ෂේ කට්ටියට තමා... හක් හක් හා...

      Delete
  4. නියමයි ගොඩයෝ..ඔයාටත් පුළුවන්නේ මෙගා ටෙලියක් ලියන්න..සල්ලි එපා ඔයාට ගෙවල මමත් එනවා රඟපාන්න..හාද????

    ReplyDelete
    Replies
    1. මට ලියන්න දෙයක් නෑ නෙතු...ඔයා ඇතුළු මුළු ලංකාවම රඟපාන්නේ 1948 ඉඳන් තක්කඩි සෙට් එකක් එකතු වෙලා ලියන මෙගා නාට්ටියක තමා....

      Delete
  5. හත්තික්කේ... 😂😂😂😂 ඒක පට්ට..
    කාලෙකිං අම්බලන්ගොඩ පැත්ත දැක්කෙ හිටං 😂😂

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමා මහේෂ් ලියැවෙන්නේ දැන්... කොරෝනා නිසාත්, ලංකාවේ දේශපාලන තත්වය නිසාත් මනස සැහැල්ලු නෑ ... මේ වගේ තත්වයක් යටතේ හිතට සරස්වතිය පහල වෙන්නේ නෑ බං ... ඒ නිසා ලිව්වත් එව්වා ඒ තරම් සාර්ථක නෑ ...

      Delete
  6. අඩෙහ්... තව තියෙනව විදිහක්. බලන එවුං මැරිලා ඉදිලා වගේ හිතාගෙන චරිතෙට වෙන එකෙක් ගන්නව. ඒක ඉස්සර නං, ඇක්සිඩන්ට් වෙලා, ප්ලාස්ටික් සර්ජරියක් කළා කියලවත් කියනව. දැං එහෙමවත් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹේ චරිතෙත් මරල னයෙක් දානව දැනගනිං.

      Delete
    2. ඔව්. එච්චරයි දැං අඩු. උඹත් අයිං කරල ගොඩකවෙල ටවුමෙ දානව ටෝච් කඩයක් තව ටික දවසකිං

      Delete
    3. රටේ පාලකයන්ගේ හිටං (එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න) කිසිම කෙනෙක් අනෙකාට කිසිවක් සඳහා වග කියන්නේ නෑ .. ලැජ්ජාවක් කියන දේ ගෑවිලාවත් නෑ ... සල්ලි ලැබෙනවානම් ඕනෑම කුණු වැඩක් විකුණන තැනට වැටිලා... මිනිස්සුත් මොනවා පෙන්නුවත් බලන තැනට පත්වෙලා.. රසවින්දනය බින්දුවටත් පහලට වැටිලා... තත්වය ඉතාම සෝචනීයයි...

      Delete
  7. එහෙම හැම ලබ්බටම னයි එන්නෙ නෑ බොල.

    ReplyDelete
    Replies
    1. නයාට නොන්ඩි දානකොට ඔයයිට කේන්ති ගියා නේද ලොකු අයියේ...සොරි ඈ ...;)

      Delete
  8. Replies
    1. නයි කිව්වම හැමතැනම නයි බන්..

      Delete
  9. නයෙක්ද ? හපින්නක්ද ? එලකිරිම තමා.

    ReplyDelete
    Replies
    1. නයාද හැපින්නද කියලා අදාළ නෑ සුදීක ... පෙනේ පුප්පනවානම් ඕනා එකෙක්..

      Delete
  10. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete