අහම්බෙන් වගේ මුණගැහුණු බ්ලොග් අඩවියක් වෙච්ච් කාර් පිස්සුව කියෙව්වෙයින් පස්සේ කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ අම්බලන්ගොඩයගේ කාර් පිස්සුවත් නැවත උත්සන්න වෙච්ච් නිසා කාර් ගැන පෝස්ට් එකක් ලියන්න හිතුන ඔන්න. කාර් පිස්සුව කියන්නේ හම්බුකරන තුට්ටු දෙක නැතිකාබාසිනියා කරන පිස්සුවක් නිසා කාර් පිස්සගේ බ්ලොග් එක කියවල අතේ තියන තුට්ටු දෙකට තට්ටු කරගෙන මට එහෙම චෝදනා කරනවා නෙවෙයි ඔන්න. කොච්චර තදින් කාර් පිස්සුව තිබ්බත් අම්බලන්ගොඩයා ගත්තු ගත්තු හැම කාර් එකම වික්කේ ගත්තට වඩා වැඩියෙන් නිසා පාඩුවුනේ නැතුවට විෂය නොදැන කාර් ගන්න විකුනන්න ගිහන් අතේ තියන තුට්ටු දෙක නැතිභන්ගස්ඨාන කරගෙන නාහෙන් අඬනවා නෙවෙයි ඕන් කාර් ගැන කියවල. මේ පොස්ට් එකනම් අම්බලන්ගොඩයා කාර් නිසා කාපු පරිප්පු වලින් බොහොම අතලොස්සක් ගැන විතරයි.
අම්බලන්ගොඩය ඉස්ඉස්සෙල්ලම තමුන්ගේ කියල කාර් කටුවක් ගන්නෙ පලවෙනි රස්සාවට ගිය අලුතමයි. කාර් එකේ ජාතිය "නිසාන්" වගේම මාදිලිය "ඒඩී" කියන එකයි. මේ කියන මාදිලිය කාර් කිව්වට මේකට නියම වචනය වෙන්නේ "වැගන්" කියන එකයි. ඒ ඉස්සරහ පෙනුම කාර් එකක් වගේ වුනාට පිටිපස්ස ඩිකිය නැති වර්ගයේ මේව්වා එකක්. ඒ වෙනකම් කාර් ගැනිල්ලට රිවස් ගියර් එක දාගෙන හිටපු අම්බලන්ගොඩයාගේ පීතෘ ඒ කියන කාර් එක ගේනවට කැමතිවුනේ ඒක අම්බලන්ගොඩයාගේ හිතවත් දොස්තර මහතැන් කෙනෙක් පාවිච්චි කරපු එකක් නිසා කියමුකෝ. කොයිතරම්නම් නාහෙට නාහන වැඩ කරත් අම්බලන්ගොඩයාම උපයපු මුදලින් වුනත් කාර් එකක් ගන්න පිතෘ තුමාගේ කැමැත්ත ලැබෙනකල්ම අමාරුවෙන් ඉවසා වදැරීම අම්බලන්ගොඩයාගේ තියන හැදිච්චකම නිසා කියල ටිකක් හරි ඇගයීමට ලක්වියයුතු කාරනාවක් නෙවෙයිද හා...
ඕන් කාර් එක ගෙනාව කියමුකෝ.. දොස්තර මහත්තය සුපිරියට නඩත්තු කරලා හිටං පාවිච්චි කරපු කාර් එකේ පාට දිලිසෙන ලා නිල් පාට. එකදාස් තුන්සීයේ එන්ජිම නිසා තෙල් කෙරුවාවත් හොඳයි කියමුකෝ. හැබැයි කාර් කටුව ගෙනාපු දා හිටන් අම්බලන්ගොඩයා සැහෙන්න බිසී.. රස්සාව ඉවරවෙලා රුහුනුකුමාරියෙන් බැහැල ඇවිත් හල්වතුරේ ක්‍රිකට් ගහල ගෙදර ආපු අම්බලන්ගොඩයා කාර් එක ගෙනාපු දවසේ හිටන්ම පුක දාච්ච බල්ලා වගේ කියලයි ගොඩයාගේ පිය රජතුමාගේ අදහස. ඒ වගේම නයිට් පාර්ක් වෙනුවෙන් ගෙදර එන වෙලාවත් එන්න එන්නම මද්‍යම රාත්‍රිය ලංවෙන නිසා සමහරක් දවස්වලට ගොඩයා රාජ උදහසට ලක්වුණු අවස්ථා අපමණයි. මහරජතුමාගේ අණ පරිදි ප්‍රධාන දොරටුව විවරනොවෙන අවස්ථා තිබුනත් මවු බිසව මහරජතුමාට හොරෙන් පුත් කුමාරයාව ගෙට ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ දවස්වලට පියරජතුමාගේ සිරියහන් ගබඩාවෙන් ඇහෙන පුත් කුමාර වර්ණනාව අහං ඉන්නවට වඩා රුහුණු කුමාරියට බෙල්ල තියනවා සිම්පල්. ඒ වගේ දවස්වලට නාකියාගෙන පිරිසිදුවීමේ සිට බත් පිඟාන බඩට දාගෙන නින්දට යාම දක්වා වැඩ සියල්ල සිද්දවෙන්නෙ ලෝ වොලියුම් මෝඩ් එකේ හෙවත් අවම ශබ්දයන් යටතේ පමණයි. ඒ අතරවාරයේ මහරජතුමා ආලින්දයේ වැඩ වාසය කරනවානම් කාමරයෙන් නාන කාමරයටත් එතැනින් නැවතත් කාමරයටත් ඇවිදගෙන යාම කියන්නේ නොමැන්ස් ලෑන්ඩින් සෝන් එක හරහා ටී පනස් හයක් කරේ තියාගෙන ඇවිදිනවාට වඩා භයානක තත්වයක් වෙන්නේ කොයිවෙලාවේ බරඅවි ප්‍රහාරයක් එල්ලවේවිද කියන භය නිසා. ඒ වගේ අවස්තාවන් වලදී ආලින්දය හරහා වැඩිය ගමන් නොයන ගොඩයා වැඩිම කාර්යක්‍ෂමතාවයක් ලබනු පිණිස තුවාය පිටින් නාන කාමරයටත් එතැනින් කුස්සියටත් කුස්සියේ සිටම බත් පත වළඳා කාමරයටත් රින්ගගන්නේ වැඩිය එලිපෙහෙලියේ ගැවසීමෙන් රාජ උදහස දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් නිසා.
වාසභාවනේ තත්වය ඔයාකාර වුනාට අම්බලන්ගොඩයාගේ මිත්‍ර සමාගමේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙන්න වෙන්න මේ කියන කාර් කටුවට මහ කාලයක් ගියේ නැහැ කියමුකෝ. මල ගෙදරක්, මගුල් ගෙදරක්, දානේ ගෙදරක්, වගේම කක්කුස්සියට යන්නත් අම්බලන්ගොඩයගේ මිත්‍ර සමාගමට ප්‍රවාහන අනුග්‍රහය සැපයුවේ ඔය කියන කාර් කටුව වෙච්චි. ඒ අතරේ රහස් පරීක්ෂක සේවාවන්ගෙන් මිදිල තම පෙම්වතිය මුනහැහෙන්න යන්න අපේ හිතමිත්‍ර තඩියා මහතාට ටික කාලයක් ලෙසටම හැකිවුණේ තඩියාගේ දෙමාපියන්ගේ රහස්පරීක්ෂක සේවාවන් ෆුට් බයිසිකල්, ත්‍රීවීල්, මෝටර් සයිකල් ගැන විතරක් ඇහැ ගහගෙන හිටපු නිසා. ඒත් වැඩි කලක් නොගිහින්ම තඩියාගේ පියාණන් රහස් පරීක්ෂක වරුන්ගේ සිස්ටම් අප්ඩේට් කරල මේ කියන කාර් කටුවත් සිස්ටම් එකට දැම්මයින් පස්සේ ගොඩයගගේ නිසාන් ඒඩී එක වතුගෙදර හන්දියෙන් වමට හැරෙව්වා කියන්නේ තඩියාගේ ගෙදර දේශපාලනික වාතාවරණය සෑහෙන්න අර්බුදකාරී තත්වයකට ඇදදමන්නක් වෙච්චි. ඒ වගේ දේශපාලනික වාතාවරණයක් යටතේ වුනත් රෑක මළගෙදරක මගුල් ගෙදරක ගියොත් ඇත්නං අපේ තඩියා මහතාට වතුගෙදර පැත්තට යන්නම ඕනවුනේ ඔය කියන රොයිටර් සේවාවන්ගේ ගෙවල්වල උළු බිඳින්න ඕන නිසාමයි. ඒ වගේ රාත්‍රීන් වල තඩියාගේ පියාණන්ගේ මාධ්‍ය හිතවතුන්ගේ ගෙවල්වල වහලවල් වලට ගල් වැටුනේ හරියට ගාසා තීරයට රොකට් වෙඩි ගහන්නැහේ .
ඔන්න ඔයවගේ වාතාවරණයක් යටතේ සියලුම ඕනෑ එපාකම් පිරිමහපු අම්බලන්ගොඩයගේ නිසාන් ඒඩී එක විකුනන්න කටයුතු සිද්දවුණු නිසා ඉන් පස්සේ අම්බලංගොඩයට හැදුනේ වෑන් උණක්. ඒ වෑන් උණ හොඳ උනේ අට අනූවක් ලෙඩ නව අනූවක් ව්‍යාදි සියල්ලක්ම හැංගිලා තිබ්බ නිසාන් වැනට් එකක් අම්බලන්ගොඩයා විසින් ගෙදර මිදුලට ගෙනත් දාගත්තයින් පස්සෙයි කියමුකෝ. පිටින් තෙල් කෑල්ලට තිබ්බ නිසාන් වැනට් එක ගනමක් ගියොත් කැඩෙන හුචක්කුවක් වෙච්චි. නොදන්නා කෙනෙක් දැක්කොත් සුපිරි තත්වයේ තියෙන වාහනයක් කියල හිතන්න පුළුවන් මට්ටමේ පෙනුම තිබ්බට මේ කියන වැනට් එක කෙටියෙන් කියනාවම එරාෂ්ටක අපලයක් වගේ. ඔන්න ඔහොම වාතාවරණයක් තියෙද්දී තමා ගොඩයාගේ මාමගේ පුතණ්ඩියා අනුරාධපුරය දිහාවෙන් ගෑල්ලමයෙක් කසාද බඳින වෙඩිම තියෙන දවස් ලන්වුනේ. මේ මංගල්ලේ පැවැත්වෙන්නේ අනුරාධපුරයේ නිසා සනුහරේ හැත්ත බුරුත්ත සියලු දෙනාම අනුරාධපුරේ යන දවස උදාවුනා කියමුකෝ. එදා අම්බලන්ගොඩයට නිවාඩුවක් ගන්නම බැරි දවසක් නිසා ගොඩයාගේ ගෙදර සාමාජිකයින් වෑන් රථයේ පටෝගෙන කොළඹට රථය පදවාගෙන ආවේ අපි කව්රුත් දන්නා රවියා මහතා.
ඒ වෙද්දී මේ කියන වෑන් රථයේ නිල නොවන හිමිකරු තනතුර දැරුවේ රවියා නිසාත්, එවකට රවියා අම්බලන්ගොඩගේ නිවසේ සාමාජිකත්වය දැරූ නිසාත්, ඔය කියන වෑන් රථයේ වැඩිහරියක් ගමන් ගියේ රවියා නිසාත් අනුරාධපුර මගුල්ගෙදර යන්න රවියා එකෙන්ම සුදුස්සෙක්. ඒත් වෑන් රථය ගමනක් ගිහින් ගෙදර එනකම් සුවර් තත්වයේ නැති නිසාත් රවියා මජං අතගාන්න ඒ තරම් කැමැත්තක් දැක්කුවේ නැති නිසාත් රවියා ස්ව කැමැත්තෙන්ම කිරිබත්ගොඩින් බැහැල දිරාමාරුවෙච්චි.
ඔන්න එතැන්සිට අනුරාධපුරය දක්වා රථය ධාවනය කරන්නේ ගොඩයා. එතන තියන වැදගත්කම තමා ඉරිදිපස අසුනේ අම්බලන්ගොඩගේ පියාණන් විරාජමාන වීම. ඒ කියන්නේ බොහොම විනයගරුකව රථය පැදවිය යුතුයි. මගුල් ගෙදරට සහහාගිවෙන්න යන අනෙකුත් නෑ සනුහරේ යන වාහන එක්කම පැයට කොලොමීටර හතලිහට පනහට අනුරාධපුරේ දක්වා වේග සීමා උල්ලංගනය නොකර විනයානුකූලව රථයක් පැදවීම කොයිතරම් අමාරුද කියල දැනගත්තේ එදා තමා ඔන්න. ඔය කියන සැම්පලේට අම්බලංගොඩයා ප්‍රමුක නෑ සනුහරේ රැගත් වාහන පෝලිම අනුරාධපුරේට ලං වෙද්දී රෑ දොළහ ලඟයි කියමුකෝ.
ඥාති පුත්‍රයා අනුරාධපුරෙන් නෑ සනුහරේට නවතින්න සූජානම් කරලා තිබ්බ හෝටලේට සැපත් පිරිස කොයිවෙලේ නිදාගත්තද කියල අම්බලංගොඩයා දන්නේ නැත්තේ පැය ගානක් හතලිහට පනහට වාහනේ එලෝලා අමාරුවට අම්බලන්ගොඩයා නාකියාගෙන නින්දට ගිය හින්දයි. ඔන්න පහුවදා උදේ තමා අම්බලන්ගොඩයගේ සුදු අයියා වේදිකාවට එන්නේ.
සුදු අයිය අම්බලන්ගොඩගේ ළඟ ඥාති පුතෙක් කියමුකෝ. වාහන කීපයක හිමිකාරයෙක් වුනාට සුදු අයියට රෝද හතරක් එහා මෙහා කරගන්න අද වෙනකල්ම බැරිවෙච්චි. මේ මොහොතේත් සුදු අයියගේ මිදුලේ උන්දෑගේම නමට ලියාපදිංචි වෙච්චි වෑන් රථයක් තිබ්බත් සුදු අයියට රියදුරු අසුන අකැප වන්නේ උන්දැ රියදුරු කරුමාන්තය හරිහැටි නොදන්නා නිසා. මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රථයක් ලෙසටම එහාමෙහා කරගන්න අපූරුවට පුළුවන් උනාට සුදු අයියට රෝද හතරේ එව්වා ම්හ්.. ඒ කියන්නේ බෑ.. බෑ කියන්නේ ක්ලච්, බ්‍රේක්, ඇක්සිලේටර් තෝරා බේරාගෙන හරි වෙලාවට පාගගැනීම දුර්වල නිසා.
සුදු අයිය එක පාරක් උඩ පැටල් ඩෙලික එකක් එලවන්න ගිහින් පොල්වත්තේ පිට්ටනිය කොනේ හබරල ගාලේ නොවැටී යාන්තම් බේරාගත්තේ මැද සීට් එකේ හිටපු සරත්නන්දයිය හනික පැනල ක්ලච් එක පාගගත්තු නිසා. පිට්ටනියේ කොනේ හිටං පොළොවේ පස් කාගෙන පිකප් වෙච්චි චින් චින් ඩෙලික එක හබරල ගාලේ කොනේ නැවතුනායින් පස්සෙත් ස්ටියරින් එක බදාගෙන දත්මිටිකාගෙන ඇක්සිලේටර් එක පාගාගෙන හිටපු සුදු අයියගේ කකුලෙන් ඇක්සිලේටර් එක මුදවාගන්න කීප වතාවක් පිටට තට්ටු කරන්න උනා කියමුකෝ. ඔන්න ඔහොම තමා අපේ සුදු අයියගේ ඩ්‍රයිවින් ඇබිලිටි එක. එහෙම වුනාට ඒ කිව්ව ඩෙලික එකේ අයිතිකාරයා තමා සුදු අයිය. අම්බලංගොඩය ඉස් ඉස්සෙල්ලම වාහන්යක් කියල එලෙව්වේ ඔන්න ඔය කියන ඩෙලික එක තමා. ඒ වෙද්දී ගොඩයාගේ වයස අවුරුදු දහ හතරක් වගේ. සුදූ අයියට ඔය කියන වෑන් කොටේ එහා මෙහා කරගන්න බැරි නිසා ඒ අවාසනාව වාසනාවක් විදිහට පෑදුනේ ගොඩයට. වත්ත ඇතුලෙත් සුදු අයියලාගේ ගමෙත් පොඩ්ඩ පොඩ්ඩ එහා මෙහා යන වැඩ වලට ස්වේච්චාවෙන්ම ගොඩයා ඉදිරිපත්වුනේ ඔය කියන චින් චින් ඩෙලිකාව එලවන්න තියන ආසාව නිසාමයි. මිකැනිකල් බ්රේක් පැඩල් එක දත් විකාගෙන පෑගීම සහ සිටියරින් ගියර් පොල්ලෙන් ගියර් තිබෙන තැන සොයා දැමීම වගේම අවම වට එකහමාරක් ප්ලේ එක තියන ස්ටියරින් එකෙන් වාහනේ පාරෙ ගෙනියනවා කියන එක බෙල්ල ගහල යන වැඩක්. ඒ වගේ වාහනෙකින් එලවන්න පුරුදුවෙච්චි එවුන් ඕනෑම එකෙකුට ලෝකේ තියන ඕනෑම වාහනයක් එළවීම විශේෂ ප්‍රාගුන්‍ය ලැබෙන්නේ ඒ වගේ ලදරමක් පාරේ අරන් යන්න වගේම අවශ්‍ය තැන නවත්තගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕන නිසා. සුදු අයිය ඩ්‍රයිවින් පුරුදුවෙන්න දරපු පලවෙනි උත්සාහයේදීම වෑන් කොටේ හබරල ගාල කඩාගෙන යන්න හදපු නිසා එයින්ම සුදු අයියට ඩ්‍රයිවින් එපා වෙන්නම ඇති මයේ හිතේ.
ඔන්න ඔය වගේ ඉතිහාසයක් තියන අපේ සුදු අයිය නින්දෙන් ඇහැරිලා තමුන්ගේ බාල කොල්ල වඩාගෙන හෝටල් කාමරෙන් එලියට බැස්සේ අම්බලන්ගොඩයා වෑන් එකේ ඔයිල් වතුර පරීක්ෂා කරද්දී. (මේ කියන බාල කොලුවට එදා වයස අවුරුදු දෙකක් වගේ උනාට අද ඌ ආන් කසාද බඳින්නත් එකියක් සෙන්ටිමෙන්ටල් කරගෙන කියලයි ආරංචිය.) ඒ කියන්නේ අනුරාධපුරේ ගිය දවසේ නෙවෙයි පහුවදා. සුදු අයියටත් රතගාය ලෙසටම තියන නිසාත් (එලවන්න බැරිවුනත් ) වාහනයක් දැක්කොත් ඒකෙ වගතුග නොසොයානම් ඉන්නේ නැත. සුදු අයිය ආණ්ඩුවේ රස්සාවක් කරගෙන වතුපිටි ටිකෙන් ආදායම් අරගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන අතරේ අඩුවට අරන් වැඩියෙන් විකුණන බිස්නස් එකත් හෙමින් සීරුවට කරගෙන ගියා. ඒ හින්ද තමා සුදු අයියගේ ගෙදර මිදුලේ කොයි වෙලෙත් වාහනයක් නැතිවුනේ නැත්තේ. ඒ වෙද්දී සුදු අයිය අම්බලන්ගොඩය ගත්තු වැනට් එක දැකපු පලවෙනි වතාව තමා එදා.
වාහනේ හොඳයි වගේ නේ..
වරදක් නෑ සුදු අයියේ.. ( එහෙම නොකිය ඉතින් මේ ලදරම යන යන තැන කැඩෙනවා කියන්නයැ)
කීයක් උනාද..
හතරකට සෙට් වුනේ..
පාඩුවක් නැහැනේ.. හතරහමාරකට දෙන්න පුළුවනි..
හ්ම්..
කෝ දෙනවා බලන්න යතුර..
ඔන්න සුදු අයිය නැගපි රියදුරු අසුනට. අම්බලන්ගොඩය මගී ආසනයට ගොඩවෙච්චි.. ඒ කියන්නේ සුදු අයියගේ කොලු පැටිය දැන් ගොඩයාගේ උකුලේ..
මේ කියන හෝටලේ තිබ්බේ බොහොම ලස්සන පරිසරයක. රෑ කාලේ ආපු නිසා පරිසරය ගැන වැඩිය හිතන්නේ බලන්නේ නැතුව අම්බලන්ගොඩය වෑන් එක නැවැත්තුවේ පොල් ගහක් මුල. මේ කියන පොල් ගහ ඇදේට හැදිච්ච පොල් ගහක්. ඒ කියන්නේ පොල් ගහ උස ගිහින් තිබ්බේ ඇලේට.
ඔන්න සුදු අයිය වෑන් එකේ එංජිම හීට් එහෙම කරලා ස්ටාර් කරා කියමුකෝ.. වාහන ගණනාවක අයිතිය තිබ්බ නිසා ගියර් එක නියුටල් කරලා ස්ටාර්ට් කරන කලාව සුදු අයිය දන්නවා.
එංජිම හොඳයි නේද..
වරදක් නෑ.. ඩීසල් එහෙම වැඩ කරනවා හොඳට..
ඔයිල් එහෙම අඩුවෙන්නේ නැහැනේ..
නෑ.. එහෙම මුකුත් නෑ..
ඔන්න සුදු අයිය ක්ලච් එක පාගල ගියර් එක දාපි ෆස්ට් එකට.. කෝකටත් කියල කොලු පැටියත් අම්බලන්ගොඩයගේ උකුලේ නිසා ගොඩයා වාහනේ දොර වහගතපි.. මෙන්න බොලේ අපේ සුදු අයිය එංජිම පොඩ්ඩක් රේස් කරලා ක්ලච් එක බුරුල් කරපි.. ඉස්සරහ තියන ඇල පොල්ගහ දිහාවට පොඩ්ඩක් හෙලවෙච්චි වෑන් එක එක්කම කලබල වෙච්චි සුදු අයියගේ වම් කකුල ක්ලච් එකෙන් පැන්න කියහන්කෝ. ඒ එක්කම දකුණු කකුල ඇක්සිලේටර් එකට තද වෙච්චි..එතැන් සිට ඉතින් නාසා ආයතනයෙන් රොකට්ටුවක් ගුවන්ගත කරන දර්ශනය හිතේ මවාගත්තට වරදක් නැති තරම්..
පොළොවේ පස් කාගෙන කළු දුම් වලාවක් දාගෙන පොල්ගහ දිගේ ඉහල ගිය නිසාන් වැනට් එක ලෝකයේ පොල්ගස් ගිය පළමු වෑන් රථය බවට ලෝක වාර්තාවත් තියාගෙනම පොල්ගහෙන් බිමට පතබෑවුනේ මහා භයන්කාර සද්දබද්ද ගොඩාරියක් එක්ක. සුදු අයියගේ කොලුව ගොඩයාගේ උකුලෙන් උඩ විසික්වෙලා වහලේ වැදිල වෑන් ඇතුලෙම බිමට පතබෑවෙද්දී ගොඩයා ඩ්‍රයිවින් සීට් එක දිහාවට පැන්නේ සුදු අයියා මරු විකාරෙන් හඳට යන්න හදන වාහනේ නවත්තගන්න ක්‍රමයක් හොයාගන්න. පොල්ගහෙන් වැටිලා හුස්මක් ගන්නකලින් ආයෙත් පොළොවේ පස් කාගෙන කළු දුම් දාගෙන පිකප්වුන වැනට් රාජයා ගුවන්ගතවෙන්න ඉදිරියට ධාවනය වෙද්දී යන්තං සන්තං එංජිමේ ඕෆ් කරගන්න අම්බලන්ගොඩයා සමත්වෙන නිසා පොල්ගහෙන් එහාපැත්තෙ තිබ්බ අඩි අටක් විතර උස ගල් බැම්මෙන් පහලට නොපැන කන්ඩියට අඩි කීපයක් තියෙද්දී වැහෙන් නවතිනවා.
එතැන්සිට සියල්ල ඉතින් පුදුකුඩිඉරිප්පු ගිහින් කොටින්ට ලෙසටම පහරදීල ආපු එම් අයි දාහත හෙලිකොට්ටරයක් ගමේගොඩේ පිට්ටනියකට බෑවා හා සමානයි. නෑසනුහරේද, හෝටලයේ නවාතැන්ගෙන සිටි අමුත්තන්ද, හෝටල් සේවකයින්ද, ඇතුළු එකී මෙකී කොල්ලන් කුරුට්ටන් සියල්ලද, දත් මදිමින් සිටි එවුන්ද, රැවුල බාමින් සිටි එවුන්ද, අහලපහල එවුන්ද වෑන් රථය වටා රොක්වෙන්න ගියේ තත්පර කීපයයි කියමුකෝ. සුදු අයියාට සහ ගොඩයාට හානි නැතත් උඩ ගිහිං වහලෙ වැදිලා බිමට වැටිච්චි සුදු අයියගේ කොලුවා හොටු පෙරාගෙන මරහඬ තලනව. දන්නා කියන ශිල්ප උපක්‍රම සියල්ලම දාල වෑන් රථයේ එංජිමේ බෙල්ල මිරිකන්න රියදුරු ආසනය දිහාට පැනපු අම්බලන්ගොඩගේ ඔලුව සුදු අයියගේ කකුල් දෙක අස්සෙන් පහලට ගිහින් කකුල් දෙක උඩට වෙච්චි. සුදු අයිය ලොවි ගෙඩි දෙකක් විතර ඇස් දෙක ලොකු කරගෙන ස්ටියරින් එක අල්ලාගෙන ගල්බීත වෙලා. ඒ අස්සේ සුදු අයියගේ අඹු සිගිත්ත හෙවත් අපේ නෑනන්ඩි අනුරාධපුර පුරවරයේ ඉන්න එවුන්ට ගම රට දාල දුවන්න හිතෙන සද්දෙට කෑ ගහනවා අනේ මගේ දරුවා කියාගෙන. වැඩිහිටි උදවිය කීප දෙනෙක් වටවෙලා දොර ඇරලා ගොඩයාගේ කකුල් දෙකෙන් අල්ලලා එලියට අදින්න කලින් කව්දෝ එකෙක් සුදු අයියගේ කොලුව උස්සගෙන අහකට දිව්ව.
සිද්දවෙච්ච සංතෑසියේ හැටියට පුද්ගල හානි අවම උනත් සුදු අයියගේ කොලුවනම් වරුවක් විතර හොටු පෙරාගෙන ඉකි ගැහුවා. වැඩිහිටි පාර්ශවය සියල්ලම සුදු අයියව වටකරගෙන දෙහි ගෝනියක් විතර කැපුවා උනත් ගොඩයට අනතුරෙන් සෑහෙන හානි කියමුකෝ. ඒ මොකද කියනවනම් පොල්ගහ දිගේ ඉහල ගිහින් ලෝක වාර්ථා තියාගෙන බිමට දරිගැහුන වෑන් කටුවේ එන්ජිම එංජින් මවුන්ට් දෙකම කඩාගෙන බිමට වැටෙන්න ඔන්න මෙන්න කියහන්කෝ. ඉන් පසුව ඉතින් කුමනාකාර මගුල් ගෙවල්ද. ඒ උනාට මුකුත් නුන ගානට මගුල් ගෙදර වැඩ අහවර වෙලා ගරාජ් ගානේ රස්තියාදු වෙලා බාස්ලගේ ආඩම්බර ඇතිවෙන්න බලල ගොඩයා මජං නාගෙන තමා වෑන් කටුව හදාගෙන ගමේ එන්න පිටත් වුනේ. හැබැයි ඉතින් සත්ගුණවත් සුදු අයියා එංජින් මවුන්ට් දෙක ගන්න එකේ හිටං අනික් සියල්ලටම මොනරු වියදම් කරා. අපේ රවිය ඔන්න ඔය හේතුව නිසා තමයි අනුරාධපුර යන ගමන මගෑරියේ. මොකද ඔය කියන වෑන් කටුව රත්තරන් ටිකට තිබ්බට ගමනක් ගියොත් රත්තරං ටිකට මජං නාන වෙඩක් සෙට් කරනවාමයි. හැබැයි පස්සෙන් පහු දෙයියනේ කියල යාලු මිත්‍ර සමාගම නම් ගමනක් යන්න සෙට් උනාම ගොඩයාගේ වෑන් එකේනම් යන්න එකෙන්ම බැහැ කියන්න පුරුදු වුනා. යාන්තම් බ්‍රෝකර කෙනෙක් අල්ලලා වෑන් කටුව විකුනගත්තේ නැත්තම් අද වෙද්දී ඒක හදලම අම්බලංගොඩයා හිඟන්න වෙනවා සිකුරුයි. ඒ වෑන් එක නිසා කාපු පරිප්පු ලියන්න ගියොත් බ්ලොග් පොස්ට් සීයක් උනත් ලියන්න තරම් මසුරං කතා එමටයි.
එයින් මෙයින් අර පලවෙනි කාර් එක විකුණුවේ ඇයි කියල කතාව ලියල ඉවර කරන්න බැරිවුනානේ.
ඔන්න දවසක් කට්ටිය මළගෙදරක යන්න සෙට් වෙලා. අපේ යාලුවෙකුගේ මල්ලි කෙනෙක් ගඟේ ගිලිලා නැතිවෙලා. ඉතින් යන්න ඕන මලගෙදරක්. ඉතින් කට්ටිය දෙයියනේ කියල ඉර බැස්සයින් පස්සේ සෙට් වෙලා ඉස්සෙල්ලම ගියේ රෙස්ට්හවුස් එකට. එතන මේසයක් වටේ වටවෙලා පැයක් දෙකක් අල කරලා අහවර වෙලා කාපු බීපුවයේ බිලත් ගෙවල ඔන්න දැන් කට්ටිය මළගෙදර යන්න පිටත්වුනා. ඒ වෙද්දී අපේ යාළුවගේ මල්ලිගේ මිනිය නන්දන මල්ශාලාවේ එම්බාම් කරනවා කියමුකෝ. ඉතින් කට්ටියම මළගෙදර යන එක පැත්තකින් තියල මල්ශාලාවට ගිහින් මිනිය එම්බාම් කරන තැන වටවෙලා බලාගෙනත් ඉඳල ඒ වැඩෙත් අහවර වෙන්න ළඟ නිසා මළගෙදර පැත්තට යන්න පිටත්වුනා..
දුක සහ සතුට එකම තැනක හොඳටම බලාගන්න ඕනිනම් අම්බලංගොඩයා ඕනෑම කෙනෙකුට කියන්නේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළට යන්න කියලයි. පිටත්වීමේ පර්යන්තයේ ගේට්ටුව ගාව බොහොම දුක හිතෙන විදිහට වැලපෙන ගෑනු , මිනිස්සු ,දරුවන් ඕනෑතරම්. ඒ දර්ශන දැකීම සමහර වෙලාවට බොහොම දුක්ඛිතයි. බදාගෙන වැලපෙන පිටත්වීමේ පර්යන්තයට මීටර් සීයක් එහායින් බදාගෙන සන්තොසවෙන පැමිණීමේ පර්යන්තය. මේ ස්ථාන දෙක එකම භූමියක පිහිටපු දුක සහ සතුට වෙන් වෙන්ව විඳින මිනිස්සු දැකගන්න පුළුවන් ආසන්නම පිහිටීම කියලයි අම්බලංගොඩයා හිතන්නේ. ඒ සිතුවිල්ලට එහායින් දුක හා සතුට ළගම ස්ථානයක දැක්කනම් එදා ඒ මළගෙදර කියමුකෝ.
මළගෙදරට යන්න තියෙන්නේ බොහොම පටු පාරක. අඩුම තරමේ ත්‍රීවීල් කටු දෙකක්වත් මාරුවෙන්න බැරිතරම් පාර පටුයි. කට්ටිය ටිකක් අනුමත වෙලා හිටපු නිසාත් වාහනේ බැහැල තවත් බස් හෝල්ට් දෙක තුනක දුරක් ඒ පටුපාර දිගේ කළුවරේ යන්න වෙන නිසාත් අම්බලන්ගොඩයා මෝඩයා සේ හෙමි හෙමිහිට සෙනග අතරින් ඒඩී වැගන් එක මළගෙදර දිහාවට ධාවනය කරා.
බුදු මල්ලියේ... ඇයි අපි දාල ගියේ... ඇයි පුතේ අපි දාල ගියේ රත්තරනේ...
මළගෙදරක එහෙම දේවල් පොදුයි. මරණය කාටත් බොහොම වේදනා ගෙනදෙන දෙයක්. ඒ වගේම මේ නැතිවෙලා ඉන්නේ පුංචි දරුවෙක්. ඒ නිසා දෙමාපියන්ට, සහෝදරයින්ට දැනෙන වේදනාව වචනයෙන් විස්තරකරන්න බැරිතරම්. එහෙම මිනිස්සු විලාප දෙනහැටි අහගෙන ඉන්න එවුන්ටත් අඬන්න හිතුනත් ඒ විලාපයන් දැකල බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන් එවුන් ඉන්නවා කිව්වාම උන් මිනිස්සුද කියල හිතන්න බැරි වුනත් උන් තමා අම්බලංගොඩගේ කාර් එක ඇතුලේ උන්නු මිතුරු පිරිස.
මළගෙදරට එන පාර දිගේ හෙමින් හෙමින් ඇදිල එන අම්බලංගොඩගේ ඒඩී වැගන් එක දිහාවට දුවගෙන ආපු මළගෙදර පිරිස කාර් එක වටේ වටවෙලා විලාප දෙන්න තියාගතපි කියමුකෝ. සීන් එක සිද්දවෙන්නේ කළුවරේ නිසා කාර් එකේ වීදුරුත් අඳුරු එව්වා නිසාත් මිනිය ගේන්නේ මේ වාගේම ඩිකිය නැති මෙව්ව එකක නිසාත් මළගෙදර උදවිය හිතුවෙම මිනිය ගෙනාව කියලයි. කාර් එකෙන් එළියේ ඉන්න එවුන් කාර් එක බදාගෙන විලාප තියද්දි අපේ එවුන් කාර් එක ඇතුලේ හිටං කාර් එක දෙවනත් කරනව. ඔන්න එදා තමා අම්බලංගොඩය දුක සතුට දෙකම ඉතාම ආසන්න තැනකදී දැක්කේ. වීදුරුවෙන් එළියේ උදවිය ගම දෙවනත් වෙන්න විලාප දෙන අතරේ ප්‍රාණ සමාන මිතුරුකැල ලෙසටම වීදුරුවෙන් ඇතුලේ හිටං අම්බලන්ගොඩයව ලිඳේ දැම්ම. කව්දෝ සිහි කල්පනාවක් තිබ්බ කෙනෙක් මේ හර්ස් එක නෙවෙයි යකුනේ කියල මළගෙදර උදවිය කාර් එකෙන් අයින් කරල ගෙදර ඇතුලට අරං ගියායින් යාන්තම් එතනින් මූණ පෙන්නන්නේ නැතුව මාරුවෙන්න පුළුවන් වුනත් එදා හිටන් අම්බලංගොඩගේ නිසාන් ඒඩී එකට "කාර් එක" කියන නම අයින් වෙලා හර්ස් එක කියන නම ආදේශවුනා.
එදා හිටං ඒක හර්ස් එකම වුන නිසා ඒක විකුණලා දාල තමා ඔය කලින් කිව්ව වෑන් එක ගෙනාවේ. ඊට පහු වෑන් එකත් ලෙසටම අම්බලන්ගොඩයාට වද තිස්දෙකම දෙන්නවුනනිසා එක විකුණලා ආයෙත් ගෙනාවේ අර වගේම ඩිකිය නැති වැගන් එකක් කියමුකෝ. ඔන්න ආයෙත් අපේ සනා එහෙම ගම වටේම ආයෙමත් ප්‍රචාරය ඇරියා අම්බලංගොඩයා ආයෙත් හර්ස් එකක් ගෙනල්ල කියල. ඌ එහෙම ප්‍රචාරය කරාට ඒක වැඩි හරියක් එලෙව්වේ මට වඩා ඌ. මල මිනී ඇරෙන්න මුහුදු වැලි. ගල්, යකඩ සිමෙන්ති පවා ඔය දෙවැනි කාර් එකේ ඇද්ද ඇති වෙන්න. හැබැයි ඉන් පස්සේ හර්ස් මොඩල් කාර් එකෙන් රෑක මළගෙදරක ගියානම් ඒ ගියේ මිනිය ගෙනල්ලද කියල හරියටම තහවුරු කරගෙනම තමයි. මිනිය ගෙනැල්ල නැත්තම් අම්බලන්ගොඩයා මළගෙදරට යන්නේ කාර් එක හැතක්මක් විතර මෙහායින් නවත්තලයි. බයකට ලැජ්ජාවකට නෙවෙයි, මළගෙදර දුකෙන් ඉන්න උදවිය අපහසුතාවයට පත්කරන්න හොඳනැති හින්ද.
එතෙක් මෙතෙක් ඉතිහාසයටම අම්බලංගොඩයා පාවිච්චි කරපු හැම වාහනයක්ම වත්තෙන් එලියට විකිනුනේ ගෙනාපු මිලට වඩා වැඩි මිලකට. දෙවැනි වැගන් එකෙන් පස්සේ වැගන් මොඩල් නම් ගෙනාවේ නැහැ මේ වෙනකං. ලංකාවෙන් පිට හිටියත් මාසෙකට සැරයක් දෙකක් ලංකාවේ වාහන මිල ගැන අවධානය යොමුකරද්දී තාමත් වැගන් වලට ඇහැ යාම වැඩියි. ඒ හැම වෙලාවකම එදා රෑ වෙච්චි කැත සිද්දිය මතකයට එන නිසා අදහස අතැරලා දානව. ඔන්න ඔය වාහන කෙරුවාව නිසා තමයි අම්බලංගොඩයා පොතින් පතින් ඉගෙනගත්තු දැනුම ප්‍රායෝගිකව ලෙසටම අත්හදා බලන්න අවස්තාව ලැබුනේ. වාහනේ නතරවුනා කිව්වම ලෝකගෝලෙ එහා පැත්තේ හිටං දුරකතනයෙන් රෝග ලක්ෂණ අහල ලෙඩේ කියන්න අම්බලංගොඩගේ දැනුම ප්‍රායෝගික කරන්න ඔය කලින් කිව්ව වෑන් කටුව දීපු අතහිත ලියන්න වචන නැති තරම්. ඒ උදව් කොයිතරම්ද කියනවන්නම් එක වතාවක් දෙහිවල සත්තුවත්ත ආසන්නයේ මහ රෑක කළුවරේ නතරවෙලා තිබ්බ ඔය කලින් කිව්ව රත්තරන් වෑන් එක හදන්න අම්බලංගොඩයා වාහනේ යටට ගිහින් දිගෑදිලා තිබුනේ තඩිම තඩි ගොම ගොඩක් උඩ.