Sunday, October 4, 2015

ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා


සදහටම නොවුනත් සිකුරාදා සවසට මා රාජ්‍ය සේවයෙන් සමුගන්නේ නැවතත් සඳුදා උදෑසන තෙක් මලාට රැකියාව හීන්වත් නොදකීවා යන්න එක සිතින්ම ප්‍රාර්ථනා කරමින්ය. මාගේ රාජ්‍ය සේවය කොතරම් කාර්යක්ෂමද යත් , සඳුදා උදෑසන සිට චිත්තක්ෂණ, තත්පර, විනාඩි, පැය , දින ගණන් බලන්නේ සිකුරාදා සවස වන්නේ කොයි වෙලාවේදෝ යයි ඉවසුම් නොමැතිවය. උදෑසන හතරයි හතලිහට අම්බලන්ගොඩින් පිටත්වන තැපැල් දුම්රියේ නිත්‍ය සාමාජිකයකු වන මා කොළඹට සැපත් වන්නේ අම්බලන්ගොඩ සිට අලුත්ගම වනතෙක් ආසනයේ දික් අතටද , අලුතම සිට කළුතරට ඉදිරි ආසනයේ කකුල් දෙක තබාගෙනද, කළුතර සිට බම්බලපිටියට මහත්මයකු සේ ආසනයේ නියමිත ලෙස වාඩිගෙනද උපරිම විනාඩි ගණනක් නින්ද වෙනුවෙන් යෝදාගනිමින්ය. උදෑසන හත පසුවී විනාඩි පහළොවක් වැනි වෙලාවකට මා බම්බලපිටියෙන් දුම්රියෙන් බසින්නේ පුරුවේ කරුමෙකට රාජ්‍ය සේවයට මා බඳවාගත් එවුන්ට සහ රාජ්‍ය සේවයට මාව බලෙන් තල්ලුකල දෙමාපිය නෑදෑ හිතවතුන්ට ඉත සිතින් පින් දෙමින්ය.

මාගේ රාජ්‍ය සේවා ස්ථානයේ ලොක්කන්ද, මා වැනි පොඩි ලොක්කන්ද, මට පහල  පොඩි ලොක්කන්ද සියල්ලන්ම ලොක්කන් වූ අතර සෑම ලොක්කෙකුම කලේ මාසික වේතනය වෙනුවෙන් හා ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් තමුන්ට පහල එවුන්ට තලා පෙලා කුමක් හෝ බොරුවක් කරමින් දවස ගෙවා ගැනීමයි. මාද එයින් එකෙකු වූ අතර මාගේ සුවච කීකරු ගෝලයින් මා හා එකමුතුව කරනා වූ බොරුවක් කරගෙන ගියාවූ බැවින් අට හෝරාවේ සේවය ඉතා සුමුදුව ගලාගෙන ගියේය.

රාජ්‍ය සේවා බොරුව අහවර වී හතරයි තිහට නැවතත් තිබෙන්නේ කෙටි දුර හා භාදක ධාවන තරඟයකි  . හතරයි තිහට පොතේ අත්සන තබා පළමුව දුවන්නේ කෙටි දුර ධාවන තරඟයයි. කොළඹ දිසාවේ රස්තියාදුවේ යන බස්රථ සේවා වලින් පළමු පෙලේ එකක් වන එකසිය පනස් පහ බස් රථයක් අල්ලාගැනීම පළමු  ඉලක්කයයි. මරදාන දුම්රිය ස්ථානයට යන්නා වූ සියල්ලන්ම ගාල කඩාගත් හරක් රෑනක් සේ එක පිම්මේ දුවන්නේ එකසිය පනස් පහක් අල්ලාගැනීමටය . බසයේ මගීන්ට කොයිතරම් හදිසි උවත් රස්තියාදු බස්රථ සේවාව ඉබ්බන්වල හන්දියේද පොඩි රස්ති පාරක් ගසා නැකතට ගියරය මාරු කර ගාමිණි හෝල් නැවතුමේ නවත්වන විට සාගරිකා සීග්‍රගාමී දුම්රිය ගාල්ල බලා  පිටත්වන්නට ඉතිරිව තිබෙන්නේ විනාඩි දෙක තුනක කාල සීමාවකි. ඊළඟට තිබෙන්නේ කඩුලු පැන දිවීමේ සහ භාදක දිවීමේ තරඟයයි. එකසිය පනස් පහෙන් දනිපනිගා බිමට පැනගන්නා මා ඇතුළු කෝච්චි සෙට් එක  ඩාර්ලි පාර හරහා කඩුලු පැන දිවීමේ තරඟ ඉසව්ව ආරම්භ කරන්නෙමු. ඩාර්ලි පාරේ ධාවනය වන්නා වූ මෝටර් රථ වල බොනට් උඩින් පනිමින්, ත්‍රිරෝද රථ ඇතුලෙන් රිංගමින් ගාමිණි හෝල් පසුකර දුවන කොච්චි පිරිසට ඊළඟට ඇති අභියෝගය නම් මරදාන දුරියපොළ අසලින් බොරැල්ල පාර හරහා මාරුවීමයි. පොලිස් නිලදරුවෙක්  රාජකාරියේ නොමැතිනම්  ඩාර්ලි රෝඩ් හරහා මාරුවූ ආකාරයෙන්ම කාර් උඩින්ද  ත්‍රීවීල් අතුලෙන්ද පාර පනින උදවිය, පොලිස් නිලදරුවෙක් සිටිනා අවස්තාවේදී ගිරි දුර්ගයක් බඳු ගුවන් පාලම තරණය කරමින් මරදාන දුම්රියපොළ වෙත දිවයයි. අන්තිම තත්පර කිහිපයේ සාගරිකා හි දෙවැනි පන්තියේ ආසනයක හරිබරිගැහෙන මා සාගරිකාව කොටුව දුම්රිය ස්ථානයට සැපත්වීමට ප්‍රථමව සැප නින්දකට වැටෙන්නේ භාදක දිවීමේ වෙහෙස උපරිම බැවිනි .

මේ සෑම දිනකම එකම ආකාරයට ගෙවීගෙන ගියත් එක්තරා සිකුරාදා දිනයක මාගේ කරුමක්කාර දුරකථනය බෙරිහන්දෙන්නට වීය. මෝටරෝලා C 200 දුරබනුව උඩ සාක්කුවෙන් නින්දෙන්ම කන වෙත ගෙනගියේ අමතන්නා වෙන හිත ඇතුලෙන් සිංහලෙන් අමතමින්ය..

හලෝ..

උඹ කොහෙද..

අමතන්නේ අතිජාත මිතුරු සමන්තයායි..

කෝච්චියේ  බන්..

හරි බන් කෝච්චිය කොහෙද දැන්..

පීල්ල උඩ බන්..

හරි යකෝ .. දැන් පීල්ල උඩ කොයි හරියේද..

දන්නේ නැහැ යකෝ.. මට නිදාගන්න දියන් .. තාම අම්බලන්ගොඩට ආවේ නැහැ..

මා එසේ කීවේ වසර ගණනාවක් පුරා පුරුද්දට යන නින්ද අලුත්ගම පසුවී මද දුරකින් අවදිවන බව ඉඳුරාම දන්නා බැවින් .. රාත්‍රියට නිවසේත් , උදෑසනට තැපැල් දුම්රියේත්, විශේෂයෙන් විවේක වෙලාවට නිදාගැනීමට සකස්කොට තිබෙන්නාවූ කාර්යාලයේ නිදන ස්ථානවලත් හත් අට වරකට නිදාගන්නා මාගේ නින්ද  සත්‍ය වශයෙන්ම උදෑසන අවදිවන ස්භාවයෙන් සහ  හැඟීමෙන් අවදිවන්නේ හවස දුම්රියේ නින්දයි .

කට්ටිය හවස ගාලු යන්න සෙට් වෙනවා. මම වාහනේ ගෙදරින් ඉල්ලන් එන්නම් , කෝච්චියෙන් බැහැල ඔහොමම  යමුද..

මට බෑ  තොපි යන අහක පල මට නිදාගන්න දීල.

එහෙනම් අපිට වාහනේ දියන් .

බෑ .. මට හවසට එලියට යන්න ඕන..

එහෙනම් අපි බස් එකේ යන්නම්.. උඹ එනවද අපිව එක්ක එන්න..

හා මම රෑ වෙලා එන්නම්..

හරි එහෙනම් අපි යනවා ..බායි..

නින්ද කැඩූ එකා උගේ කර්තව්‍ය ඉටු කරගනිමින් දුරභනුව විසන්දි කලින් පසු නැවතත් නින්දට වැටීමට උත්සහ කලත් නින්ද මා වෙත නැවතත් පැමිණියේ නැත.

පෙරහැරේ සිද්දියෙන් පසු අපේ එවුන් රහමෙර බොන්නට සෙට් වෙන්නට සොයාගත් නවතම සොයාගැනීම නම් පින්නදූවේ චමින්දයා එවකට සේවය කල උණවටුනට මදක් එහායින් වූ මිහිරිපැන්නේ හෝටලයකි. ප්‍රධාන අරක්කැමියා සහ හෝටලයේ භාරකරු වූ චමින්දයා අප වෙත අවශ්‍ය සියලු බයිට් සහ අඩුමකුඩුම  සාධාරණ මිලට සැපයු බැවින් සහ කටගොන්නක් බී ගමේ චාටර් වෙනවාට වඩා මිහිරිපැන්නේ ගොස් අනුමත වී පූස් පැටවුන් සේ ගෙදර ඒමට හැකිවීම සියල්ලන්ටම පහසු වූ බැවින් මසකට වරක් දෙවරක් මිහිරිපැන්නට  සැපත්වීම සැමගේ හිතසුව පිණිසම වුයේය. ලැබෙන්නාවූ සියලු පහසුකම් නිසා ගමන් අපහසුව යටපත්වූ බැවින් අවශ්‍ය රහමෙර වර්ග පමණක් එළියෙන් මිලදීගෙන මිහිරිපැන්නේ හෝටලය වෙත යාම අපේ එවුන්ගේ පුරුද්දක් වුයේ එවකට එකෙකුවත් පවුල් පන්සල් වී නොමැති  වූ  නිසාවෙනි.

සාගරිකාවෙන් බැස නිවසට සැපත්වූ මා නාකියාගෙන වාහනයට ගොඩවී අරමුණක් නොමැතිවම ටවුම දෙසට ගෑටුවේ ගෙදර සිටීමට අකමැති රෝගය සිකුරාදා , සෙනසුරාදා ඉතාමත් උත්සන්නම  අවස්ථාවට පත්වන බැවිනි. රාත්‍රී හතයි තිහ පමණ වනතුරු මිතුරෙකුගේ වෙළඳ ස්ථානයක රැඳුනේ කරන්නට විශේෂිත වූ යමක් නොමැති බැවින් හා රෑ බෝවූ පසු බේබද්දන් රංචුව රැගෙන ඒමට මිහිරිපැන්නේ යා යුතු හෙයිනි..

මිහිරිපැන්නේ සිටිනා එකෙකුගෙන් මා වෙත ඇමතුමක් ලැබෙන්නේ මේ අවස්තාවෙදීයි.

හලෝ.

උඹ දැම්ම එනවද..

මේ මා අමතන්නේ බබා යන සුරතල් නාමයෙන් අමතන ප්‍රසන්නයි.

එන්නම් බන් රෑ වෙලා.

රෑ වෙන්න එපා බන්.. දැන් වරෙන්.. මාර කේස් එකෙක් මෙතන..

ඇයි  මොකද වෙලා  තියෙන්නේ.

ටින්ටියා සිරාට ජොයින්ට් එකක් ගස්සලා.. දැන් සිරා ජොයින්ට් ඉල්ලලා අඬනවා බන්..

ටින්ටියා යනු කුරුඳුගහ පදිංචි අපගේ මිතුරෙකු වන අතර වේදිකා නාට්‍ය කලාවේ සහ සිනමාවේ ප්‍රසිද්ද පොරකි.. උඩින් පහත්වන්නා සේ එක්වරම කිසිදු දැනුම්දීමකින් තොරව අප සොයා පැමිණෙනා ටින්ටියා උගේ අතේ මුදල් තිබුනා නැතා  කුමක් හෝ රහමෙරක් කට තැබීමට අපේ එවුන්ට ආරාධනා කිරීම සාමාන්‍ය සිද්දියකි. 

දැන් උඹ මට මොකක්ද කරන්න කියන්නේ.

උඹ ඉක්මනට කොහෙන් හරි ජොයින්ට් එකක් හොයන් වරෙන් මෙහේට .

මම දන්නවද යකෝ ජොයින්ට් ගන්න තැන් . අනික ඔව්ව ගන්න ගිහින් පොලිසියට අහු උනොත්.

කොහේ ඉන්න පොලිසියෙන්ද බන්. ගිහින් ඉල්ලපන් . සල්ලි දුන්නම දෙයි.

පිස්සුද යකෝ. මම ජීවිතේට ඔව්ව ගන්න ගිහින් නැහැ. අනික ඕකුන් අඳුනන්නේ නැතුව ඔව්ව දෙන්නෙත් නැහැ.

කොහෙන් හරි අරන් වරෙන්. ජොයින්ට් නැතුවනම්  එන්න එපා .

සිරාට මොන ජෝයින්ට්ද බන්. ඌ ගහන ජොයින්ට්.

මෙතන ආතල් කෝටියයි යකෝ. සිරා එෆ් එම් එක දැම්ම වගේ කියෝනව ඉවරයක් නැහැ. කොහෙන් හරි ජොයින්ට් එකක් අරන් වරෙන්.. ඉක්මනට වරෙන්. බායි..

සිරා නම් අනවර්තනාමයෙන් හඳුන්වන  පෙරහරේ ගිය ඩෙඩ් බොඩියේ අපේ එකා  මා දන්නා තරමින් කිසිදු දිනෙක ජොයින්ට් නොහොත් ත්‍රයිලෝක විජයපත්‍රම් පාවිච්චි කර නොමැත. වඳුරාට කන්නාඩියක් ලැබුනා සේ අපේ සිරාද කොතන හෝ නුපුරුදු සොමියක් ඇත්නම් එම සොමියට වහ වහා ගිජුවන ගනයේ එකෙකි. ජොයින්ට් සිද්දියද එම නුපුරුදු ලෙස ඉමක් කොනක් නොදැන සිරා විසින් ඇඟ පුරා හලාගන්න ලද අසූචි බාල්දියකි. අහම්බෙන් ජෝයින්ටුවක් උරණ ස්ථානයක ඉන්නට සිදු වුවද මා ජෝයින්ටුවේ සොමියක් නොදැන උන් නිසා සිරාගේ මේ වෙනස මා වෙත විශ්මයජනක ආරංච්යක් වුයේය. 

බේබද්දන්ව රැගෙන ඒමට මිහිරිපැන්නේ යා යුතුමය.. ජොයින්ට් එකක්ද සොයාගත යුතුමය.. හිස් අතින් ගියහොත් බේබද්දන්ගේ උදහසට ලක්වෙනු අනිවාර්ය බැවින් ජෝයින්ටුවක් සොයාගන්නා ආකාරය ගැන මම දහ අතේ කල්පනා කරන්නට වීමි. දන්නා වූ ඉතිහාසයට ත්‍රයිලෝක විජයපත්‍රම් රස බලා නොමැති අපේ සිරාට මොන ජෝයින්ට්ද  යන්නා වූ අදහසින් රථයට නැගුනු මා රන්දොඹ දෙසට රථය පදවන්නට වුයේ " දෙන්නම් අද බොට මම සුපිරි ජොයින්ට් එකක් " යන අදහසිනි..

රන්දොඹ යනු අම්බලන්ගොඩ නගර මායිමේ පිහිටි ග්‍රාමයක් වූ අතර එම ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරයක් වුයේ තේ කොල ව්‍යාපාරයයි. උඩරටින් ගෙන එන තේ කොල රන්දොඹ ග්‍රාමයේදී විවිද වෙනස්කම් වලට භාජනය වී අවශ්‍ය රසයට අනුව කවලම් වී රට පුරා බෙදා හැරුනේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් ලෙසයි.

අම්බලන්ගොඩ පොලිසිය පසුකර කැපූඇල පාරෙන් හැරවුණු මාගේ රථය නතර වුයේ අසල තිබු සිල්ලර කඩයක් අසලයි..

මුදලාලි.. තේකොල තියෙනවද.

තියෙනවා මහත්තය.

ලූස් තේකොල තියෙනවද.

තියෙනවා මහත්තය.

මට දෙනවද ටිකක් ඝනකම තේකොල එකකින් ග්‍රෑම් සීයක් විතර.

හරි මහත්තයා.. 

මුදල් ගෙවා තේකොල මිලදීගත් මා නැවතත් රථය ගාල්ල දෙසට පදවන්නට වීමි.. ඒ මිහිරිපැන්න හෝටලය වෙතයි..


පැයකට මදක් අඩු කාලයකින් මිහිරිපැන්න හෝටලය වෙත මා සැපත්වනවිට බේබද්දන් සියලු දෙනා ඉතා යහමින් අනුමතවී නානාප්‍රකාර  දේ කියවමින්  මේසයක් වටේ වටවී කමින් බොමින් සිටියද මයික්‍රෆෝනය වැඩි හරියක් රැඳුනේ සිරාගේ අතේය. මද්‍යසාර සහ ත්‍රයිලෝක සුවයෙන් ඔදවැඩී සිටි සිරා මා දුටු වනම..

මෙන්න මගේ දෙයිය ඇවිල්ලා.. යයි කියමින් මා වෙත එන්නට වීය..

උඹ ගෙනාව නේද මගේ දෙයියෝ..

මොනාද බන්..

ගේන්න කියපුව යකෝ ගේන්න  කියපුවා ..

හරි හරි ගෙනාව ගෙනාව.. හිටහන් ඉවසල දෙන්නම්..

හුරේ .... බඩු ගෙනල්ලා.....උඹනම් දෙයියෙක් බන්..

හරි ඉඳපන් මම ඔතලම ගේන්නම් .. කියමින් මා හෝටලයේ කුස්සිය දෙසට ඇදුනේ චමින්දයා සමග එකතුවී මේ ඔතන්නට  යෙදෙන්නාවූ අලුගුත්තේරු  ජෝයින්ටුව කොලයක ඔතාගනීමටයි. චමින්දයා හෝ මම උපන්තේකට ජෝයින්ටුවක් ඔතා නොමැත. ඔතන්නට දන්නේද නැත. එහෙත් මෙය එතිය යුතුය. 

හා උඹ ආවද.. මා දුටු චමින්දයා මා ඇමතුවේය..

ඔව් බන් මුන්ගේ මල කරදරේ ඉවරයක් නැහැනේ..

ටින්ටියා සිරාට ජොයින්ට් එකක් ගස්සලා සිරා ජොයින්ට් එකක් හොයල දෙන්න කියල එක කරදරයි බන්. එත් මම කොහේ මෙහෙන් ජොයින්ට් හොයන්නද  බන්.

අනේ ඌ දන්න ජොයින්ට්. මටත් කෝල් කරලා මල වදේ බන්.

ඉතින් උඹ ගෙනාවද.

හ්ම්.. ගනින්කෝ මේක ඔතන්න කොළ කෑල්ලක්.

චමින්දයාද සියලු වැඩ නවත්වා උගෙත් මගෙත් මංගල ජෝයින්ටුව ඔතන්නට ලැහැස්තිය. සාක්කුවෙන් එලියට ඇදගත් කඩදාසි ගොටුව දුටු චමින්දයා උන් තැනම ගල්විනි .

ඔච්චර ජොයින්ට් ගෙනාවේ මූව මරන්නද යකෝ. කොහෙන්ද උඹට ඔයතරම් හොයාගත්තේ .

කටවහන් වර මේක ඔතන්න.

තේ කොළ ගොටුව ලිහා තේ කොළ ටිකක් මේසය මතට හැලූ සැනින් අලුත් තාලයේ ත්‍රයිලෝක සුවය අතට ගෙන පරීක්ෂාකළ චමින්දයා බඩ අල්ලාගෙන සිනහවීමට පටන්ගති. 

මේ තේ කොලනේ යකෝ..

හිනාව නවත්තල මේක ඔතන්න උදව් කරපන් යකෝ. සිරා දන්නා ජෝයින්ටක් නැහැ. ඔව්ව ගන්න ගිහින් උසාවි ගානේ යන්නත් බැහැ . සද්ද නොකර මේක ඔතන්න වර.

චමින්දයාගේත් මගේත් අපරිමිත දහිරියෙන් යන්තම් සන්තම් ඔතාගත් තේකොල සුරුට්ටුව දල්වා දෙතුන් වරක් දුම් උඩට උරා පිටකර හොඳින් අවුලුවාගත්  මා බේබදු සභාව වෙත එකතු වී තේ කොළ ජෝයින්ටුව සිරා වෙත පෑවෙමි ..

මගේ දෙයියෝ. මෙන්න යකෝ යාළුවො. බලපන්. එක කෝල් එකයි දුන්නේ.. අන්න යාළුවො. තොපි වගේද. බලපල්ලා තොපි ගෙනාපු ජොයින්ට් කූර වගේද මේක. බලපල්ලා මේක කාල පන්දමක් වගේ. උඹනම් දෙයියෙක් බන්.. 

හරි හරි දැන් වැඩේ කෙරුනනේ. දැන් කියවන්නේ නැතුව ඉතින් බීපන් ඕක.

සිරාගේ අතේ පත්තුවෙන කාල පන්දමක් තරම් ජෝයින්ටුවේ නුපුරුදු සුවඳින් කුතුහලයට පත් ටින්ටියා ඇතුළු ත්‍රයිලෝක සුවය සහ ත්‍රයිලෝක සුවඳ දන්නා කියන උදවිය මා දෙස කුතුහලය මුසු බැල්මක් හෙලමින් සිරා වටේ වටවී සිටියි. එක ඇසක් වසා සියලු දෙනාටම ව්‍යංගයෙන් සන් කල මා ඔවුනට දැන්වූයේ "ඕක ගහන්න දියන් ඌට  පාඩුවේ" කියනා විලසටයි.

සිරා තේකොල පන්දම උරා දුම් යවන්නේ රටක් රාජ්‍යක් ලැබුනා වූ විලසටයි. උගුරෙන් පහලට යැවූ මද්‍යසාර සහ ජීවිතයේ පලවෙනි වතාවට තොල ගෑ ත්‍රයිලෝක සුවයෙන් මන්දමෝල වී සිටින සිරා සිටින්නේ කොස් කොලයක් ඔතා දුන්නට ජොයින්ට් කියා ගසන්නට පිළිවන් තත්වයකයි.

මේ දැල්වෙන්නේ ත්‍රයිලෝක පත්‍ර නොවෙන වග දැනගත් ප්‍රසා මා වත ලං කරන්නට වුයේය..

මොනාද යකෝ මේ ගෙනාවේ.

කොහේ තියන ජෝයින්ට්ද බන්. මම රන්දොඹේන් තේකොල සීයක් ගෙනාව බන්.

හුකෑස් ......... ප්‍රසන්නයා බඩ අල්ලාගෙන දෙකට නැමී සිනාසෙන්නට පටන්ගති .

පිස්සු කෙලින්නේ නැතුව හිටහන් යකෝ. ඌට උගේ ආතල් එක ගන්න දියන් . උඹල උඹලගේ ආතල් එක ගනින් මාව කන්නේ නැතුව දැන්.

එකා දෙන්නා සිරාට හොර රහසේ චමින්දයාත් ප්‍රසන්නයාත් වටා ගැවසෙන්නේ මේ අලුත් ජාතියේ ජෝයින්ටුව කුමක්ද යන්න සොයා ගැනීමටයි. දෙන්නම් තොපිටත් කියනා වූ අදහසින් මම සිරා වෙත ලං කලෙමි.

ලැජ්ජා  නැද්ද යකෝ ඕක තනියම ගහන්න. අනික් උන්ටත් දියන් .

පිස්සුද යකෝ.. මේක උඹ ගෙනාවේ මට.. පැය ගානක් ඉල්ලලත් මුන් එකෙක්වත් මට ජොයින්ට් එකක් ගෙනල්ල දුන්නේ නැහැ..

හරි හරි බන් දැන් මම ගෙනාවනේ.. තව තියෙනවා ඕන තරම්.. අනික් උන්ටත් දියන් .

ඒ බොරු නේද උඹ කියන්නේ..

බොරු නෙවෙයි බොල . දෙතුන් වතාවක් යන්න උනොත් කියල හිතල ටිකක් වැඩියෙන් අරන් ආව. අනික් උන්ටත් දීපන් පෙරේතය නොවී. එළිවෙනකම් ගහන්න බඩු තියේ..

මම සාක්කුවට තට්ටු කර තේකොල ගොටුව පෑවෙමි .

උඹනම් දෙයියෙක් බන්..

සිරා පළමුවම තේකොල පන්දම ලං කරේ ටින්ටියාගේ මුව වෙතයි.. මේ උරන්නේ රන්දොඹ තේ කොළ බව දැන  දැනත්  ටින්ටියා තේ කොල පන්දම උරන්නට වීය.. තේ කොල පන්දම උරනා ගමන් ටින්ටියා මා දිහා බලන්නේ " මං තෝව මරනවා යකෝ " කියන්න සේය .

සිරා ඊළඟට යන්නේ ප්‍රන්නයා වෙතයි. ඇස් ලොකු කරමින් මා වෙත මාරාන්තික බැල්මක් හෙලන ප්‍රසන්නයාද තේකොල පන්දම උරා දුම් පිටකරයි. ඊළඟට සමන්තයා වෙතයි. ඊළඟට විමල් නොහොත් කොන්ඩයා වෙතයි. අනුපිලිවලින් මේසය වටේ වටවී සිටිනා සියලුදෙනා වෙත තේකොල පන්දම උරවන සිරා උසස් ආකාරයෙන් මගේ ගුණ වර්ණනා කරයි..

බලහන් යකෝ යාළුවො  කියන්නේ මුන්ට.. බලහන් .. එක කෝල් එකයි.. බොල වගේද.

කව්රුන් හෝ එකෙකු වීදුවකට පුරවන ලද මධුවිතක්ද සිරා වෙත පිරිනැමෙයි. එයිනුත් උගුරක් බොන සිරා නැවත තේකොල පන්දම උරවයි.

දැන් සැමගේ වෑයම අනිකාට තේකොල පන්දම ඉරවීමටයි..

ටින්ටියා සිරා අමතයි.. 

උඹ ඕක තනියම ගහන්නේ බලහන් අර අරූට දුන්නෙම නැහැ.. ටින්ටියා කව්රුන් හෝ එකෙකු පෙන්වයි..

අඩෝ මට උඹව අමතක උනාද බන්.. අනේ සොරි බන්.. මේන් බීපන්..

සිරා තේකොල පන්දම අනෙකාගේ මුවේ තබයි. මේ බොන්නේ තේකොල යන්න දන්නා ඌත් අමාරුවෙන් තේකොල පන්දම උරවයි.

කටට ඉරූ දුම් උගුර පපුව වෙත ඇදනොගන්නා අපේ එවුන් දුම් කටේම තබාගෙන නැවත පිටකරයි.

එවිට අපේ වෙනත් එකෙක් කෑ ගසයි..

ඇද්දේ නෑ ... ඇද්දේ නෑ .. හොරට ගැහුවේ .. හොරට  ගැහුවේ..

නැවත සිරා තේකොල පන්දම ඌගේ මුව වෙත ලං කරයි.. මිතුරා දුම් උරවයි..

ඇදපන්.. ඇදපන්.. සිරා කෑගසයි.. 

යකෝ මුන්ට මෙව්වා ගෙන්නලා දුන්න මදිවට ගහන හැටිත් කියල දෙන්න වෙලානේ..

තේකොල දුම් පපුව වෙත ඇද්දා වූ එකා දෙතුන් වරක් කෙල ගසා රකුසු විලාසයකින් අනෙක් එවුන් වෙත යක්ස බැල්මක් හෙලයි..

නැවතත් පෙර සේම වෙනකෙකුගේ ආරාධනයෙන් සිරා තේකොල පන්දම වෙනකෙකුගේ මුවේ තබයි.. ඒ අතර සිරාද තේකොල දුමෙන් පපුව පුම්බා ගනියි..

ඒ මාරු බඩු බන්.. කොහෙන්ද උඹ මේවා ගෙනාවේ.. අන්න යාළුවො..

අනේ තෝ දන්නා ජොයින්ට් .. හැම එකාම සිරා දෙස බලා සිනාසෙයි.. එහෙත් එකෙකුවත් තේකොල පන්දමේ රහස හෙළි නොකරයි.. මධු සාධය තේකොල දුමින් වර්ණවත් වෙයි..කිසිදිනෙක නොවූ අයුරින් සියලුම දෙනා ඉතාමත් විනෝදයෙනි . ඒ අනෙකාට තේකොල පන්දම පෙවීමට ඇති අරමුණ වෙනුවෙනි. එහෙත් ඒ විනෝදය තාවකාලික වන්නේ තේකොල පන්දම සිරා අතේ තම තමුන් වෙතද  බලහත්කාරයෙන් කටේ එබෙන බැවිනි.

අලුයම දෙක තුන වනතුරු ඇදීගිය තේකොල පන්දම් සමගාමී මත්පැන් සාදය අහවර වනවිට මා ගෙනා තේකොල ග්‍රෑම් සියයට අමතරව චමින්දයාට උදෑසන තේ බීමට තිබු ලිෆ්ටන් සිලෝන්ටා පැකට්ටුවද  සිරාටම ඔතා දීමට චමින්දයාටත් මටත් සිදුවීය.. ගෙනා පාපයට තේකොල පන්දම මටත් කිහිප විටක් උරන්නට සිදු වුයේ තේකොල ඉරවූ අනෙකුන්ගේ තදබල ද්වේශයට මා පාත්‍රවූ බැවිනි. හිත යට කැකෑරෙන තරහට  එකිනෙකාට පොවන්නට බීමත් සිරා වෙත ආරාධනා වෙන තේකොල පන්දම් නම් ලිස්ට් එකට මාගේ නමත් යහමින් යෝජනා වීය. 

සාදය අවසන් වී චමින්දයාගේ හෝටලයේ බිල ගෙවා අම්බලන්ගොඩ දක්වා එන අවස්ථාවේද  එකිනෙකා තනි තනිවම සිනහ වීමට වුයේ තේකොල සිද්දිය හේතුවෙනි. සැමදෙනාම නිවෙස් වෙත බස්සවා ගෙදර ගොස් මාද නින්දට වැටුනේ  අරුනලු වැටෙනා උදෑසන පියාණන් වහන්සේගේ ගුණ ගායනා සුමිහිරි  නාදයෙන් ගැයෙද්දීයි .

 පසුදා සවස මාගේ දුරභනුවට ඇමතුමක් ලැබෙන්නට වීය..

මම දුරභනුව කනේ තබා  හලෝ.. කීමි 

තොගෙ  අම්&#^@&^$&%^$*%&$($#)#

ඒ අමු ශුද්ද සංස්කෘත සිංහලෙන් මාව ඇමතූයේ  අපේ එකා නොහොත් තේකොල පන්දමෙන් හඳට ගිය අපේ සිරායි.. එවකට අමතන්නා හඳුනන පහසුකම නොතිබූ හෙයින් එම ඇමතුමට හලෝ කීවා මිස ඒ අමතන්නේ සිරා බව දන්නේනම් කීයටවත් හලෝ නම් කියන්නේනම් නැත.

ගුණාගුණ කියල කමෙන්ට් එකක් දැම්මොත් අගෙයි..

47 comments:

  1. කොහොමද සිරා දැනගෙන තියෙන්නෙ? මරු කථාව

    ReplyDelete
    Replies
    1. අපේ උන් උදේම තේ කොල කතාව සිරාට කියල නේන්නම්. උන්ටත් තේ කොල සුරුට්ටුව බොන්න උන එකේ පලිය මගෙන් ගන්නත් වෙන්ට ඇති.

      Delete
    2. ඉයන් ඔයාගේ ලිපියක් නෙලුම් යායට දාලා

      Delete
  2. ඇත්තට සිරාට කවුද කීවෙ කියල කීව නං නැත්තං ඒ සිද්දිමන්ට් එකත් කීව නං ලොල් කෝටියක් වෙන්න තිබ්බ
    හැක්... බොලා තමා දවසකටත් පොර

    ReplyDelete
    Replies
    1. හැක් ..හැක් ..සිරාගේ සිද්දීමන්ට් ලියන්න ගියොත් බ්ලොග් එකේ ඉඩ මදිවෙයි බන්.

      Delete
  3. හිනා වෙලා කඳුළුත් ආවා. ඔය වගේ ඕනෙ දේකට අහුවෙන එකෙන් ඉන්නවා කියන්නෙ ඌ කාගෙත් බයිට් එක වෙනවම තමයි. පුදුමෙ කියන්නෙ ඔහොම උන් මොනා උනත් හැදෙන්නෙ නැති එකනෙ. ටික දවසකින් ආයෙම පරිප්පුව කනවා.

    ReplyDelete
    Replies
    1. එන එන රැල්ලට අහුවෙන අපේ සිරා හැමදාමත් ඔහොමයි බන්.

      Delete
  4. පට්ට හතයි ය‍කෝ කතාව...!!!

    අපි දවසක් එකෙක්ට පෙව්වා වේලිච්ච තණකොළයි, ගස්ලබු කොළයි කළවම් කරලා ඔතලා. ඒකෙ නම් සුවඳත් හරි...

    ReplyDelete
    Replies
    1. අපරාදේ තේ කොළ ගන්න දීපු සල්ලි. දන්නවනම් ගස්ලබු කොලේකුයි තණකොළ ටිකකුයි අරන් යන්න තිබ්බ. සිරාගේ පලවෙනි වතාව නිසා සුවඳ එච්චර නෝට් නැහැ.

      Delete
    2. තේකොළ පැකැට්ටෙක දෙන්න තිබ්බා ළමේක්ට හෙහ් හෙහ්...

      Delete
  5. ඕකට කියන්නෙ හරි සෝක් *රි වැඩේ කියල. උඳුපියලිය කොලයි නිදිකුම්බ්බ දඬුයි කොලයි පොඩ්ඩක් කබලෙ රත් කරල දුන්නනං ආයිත් ජොයින්ට් කික් එක එහෙම්ම එනව කබරය දාන්නම. ඒත් උදේට ඔලුව උස්සන්න හම්බුවෙන්නෙ නෑ. හරියට ගල් වලට බයිසන් සැනඩි කරා වගේ අලුවෙ කැක්කුම. හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. බැලුවාම සෑහෙන්න ආදේශක තිබිලානේ බන්. දැන් තමා හිතෙන්නේ තේකොල වලට වඩා ආතල් එකක් දෙන්න තිබ්බ නේද කියල.

      Delete
  6. බොරු නොකියා හිටපන් . සාගරිකා එකේ 2nd class වාඩි වෙන්න උවමනානම් 4.20 ට කලින් මරදානට එන්න ඕන. උඹ ඔය කියන්නේ 2010 කලින් විතර වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බොරු කියල තෑගී ගන්නද බන්.. මේ කියන්නේ 2005 ට කලින් .මම කොළඹින් මාරුව හදාගත්තේ 2005දී. මට හරියට අවුරුද්ද මතක නැහැ. බොහෝදුරට මේ 2001 වගේ විය යුතුයි. හරියටම මතක නැහැ බන්.

      Delete
  7. කතාව කියවලා මටත් තේ කොල ජොයින්ට් එකක් ගහන්න හිතුනා.....හැක හැක.....උබ සිරා බාන්ඩයක් නේ....

    ReplyDelete
    Replies
    1. තූ විතරක්.. ගහල බලහන්කො.

      Delete
  8. කියවගේන යද්දි තමා වචනේ තේරුනේ....... ආයි නම් අමතක වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. හරිම වචනේ ලියන්න අත නැමෙන්නේ නැහැ බන්..

      Delete
  9. කලින් ගහපු එක නෙමේ කියල ඌට නොතේරෙන්න තරම් බීල ඉන්න ඇත්තෙ, නැත්තං එදාම //තොගෙ අම්&#^@&^$&%^$*%&$($#)#// කියල අහගන්න තිබුන.
    අපේ මිදුලෙ පොපි මල වගේම මලක් තියන පොඩි පැලවගයක් තිබුන හැබැයි කොල දිගටියි. ඕක වේලල ගහන එකෙක් හිටිය ඌ ට ඒක හින්දම කිවුව්‍ර් ' මල් පොපිය ' කියල.

    ReplyDelete
    Replies
    1. බීල නේන්නම්. තෙලුයි , මලුයි දෙකම කවලම් වෙලා තමයි උන්නෙ මම යද්දී.

      Delete
  10. හැක් හැක් උඹ තමයි යකෝ දවසකටවත් මිනිහා.

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ ස්ථානොචිත අහවල් එක කියල..

      Delete
  11. සුපිරි කතාව.තේකොළ වලට සිගරැට් එකක් ලෙහෙලා දුම්කොළ කලවං කලානං තවත් මරු.වැඩේ හොයන්නම හම්බ වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සිගරැට් සුවඳ සිරා අඳුනගත්තොත් වැඩේ අවුල් වෙන හින්ද කවලම් කරන්නත් හිතල නිකම් හිටිය.

      Delete
  12. පිස්සු හැදෙයිි..... මේකනං සුපිරි. මැරෙනවා හිනාවෙලා. මං මේ නිකමට වගේ අහන්නෙ. තේ කොළ වලට ලාවටවත් වැදෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පට්ට ගඳ දුමක් එන්නේ බන්. කට කක්කුස්සිය වගේ වෙනවා ඕක ඇද්දාම . නොදන්නා සිරාටම දුන්නට දන්නා එකෙකුට දුන්නොත් කන්න තමා වෙන්නේ.

      Delete
  13. උඹ සිරාට සිරා වැඩක් නොවැ කරලා තියෙන්නේ.
    ඔය සිරා වගේ උන් අපේ සෙට් එකෙත් හිටියා බං.තේ කොල ගැහිල්ලනම් කොල්ලෝ ජොලියට වගේ කරලත් තියනවා.
    අපේ ගෙදර වත්තේ පාවට්ටා ගස් කිහිපයක්ම තිබුනා.ගමේ කොල්ලො මම තරහ කරගත්තේ නැ පාවට්ටා කොල දෙන්නේ නැති වෙයි කියලා.මමත් අලි රෙස්පට් උන් පාවට්ටා ඉල්ලගනෙ එනකොට.

    ReplyDelete
    Replies
    1. තේ කොළ වගේද බන් පාවට්ටා කොළ. පාවට්ට කියනේ හොඳ බෙහෙත් ඖෂදයක් . ආඩතෝඩ , පාවට්ටා දුම උරන්න කියනවා සිංහල වෙදකමේ සමහර ලෙඩ වලට.

      Delete
  14. පලවෙනි වතාවට ගොඩ වුණේ. අසල්වැසි ගමක එකෙක් බ්ලොග් එකක් ලියන එකත් සතුටක්. මේක මරු මගෝඩි වැඩක්. මේක නිසා මට ලියන්න මාතෘකා දෙකක් මතක් වුණා. හෙමිහිට ලියලා දාන්නම්.

    ReplyDelete
  15. අසල්වැසික් හමුවීම සතුටක් .. දිගටම මේ පැත්තේ එන්නකෝ.

    ReplyDelete
  16. හපෝ උඹලා නම් පරිස්සමට ආස්සරේට ගන්න ඕනේ..... ඇයි යකෝ ඌට තේකොල සුවඳ අඳුනන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ජීවිතේට පළමු වතාවට ජෝයින්ටක් ගහපු සිරා කොහොමද බන් ඔව්වයේ සුවඳ අඳුනන්නේ.. අනික ඒ වෙද්දී තුන හතරක් අනුමත වෙලත් එක්ක.

      Delete
  17. හී හී..සිරා කතාව...ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  18. ඔන්න මමත් ආවා..
    එල ද බ්‍රා
    බුරිය උල් වෙන්න හිනා වුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් මේ පැත්තේ ආවට.. බුරිය ගැලවෙන්න හිනාවෙන්න පුළුවන් එව්වා තියේ බන්. එව්වා ලිව්වොත් ගමේ යන්න වෙන්නේ නැති නිසා ලියන්න පුළුවන් එව්වා විතරක් මේ ලියන්නේ..

      Delete
    2. ඩුඩ් අයියන්ඩි වගේ සමාන්තර ලෝකයක හරි සුදික අයියන්ඩි වගේ වෙන නම් දාලා ලියමු

      Delete
  19. හැක් හැක්! ආතල් කෝටියයි. පට්ට සිරා කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ට් කරලා දිරිමත් කරනවට.

      Delete
  20. තේ කොළ ජොයින්ට් කිව්වා ම මතක් වුණේ....... මගේ යාලුවෙක් හිටියා උන්ගේ ගෙදර කැඩිලා අයින් කරලා තිබුණ වේවැලි පුටු සෙට් ඒකක් ම බීලා ඉවර කරාලු පොඩි කාලේ................. අන්න කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. මොකක්??? වේවැල් ??? වේවැල් කොහොමද බන් බොන්නේ ? ඌට සම්මානයක් දෙන්න වටිනවා බන්..

      Delete
  21. සුපිරියට ලියල තියේනවා !!

    අසල්වාසියේක් දැකිමත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට.. අසල්වැසියෙක් කියල කිව්වා එකේ හරියටම ඔයා කව්ද කියල කියල එවන්නකො මගේ ඊ මේල් එකට..polwattacom@gmail.com

      Delete
  22. යකෝ ඌට තේ කොළවල සුවඳවත් දැනගන්න බැරි උනාද.
    මොනව උනත් දුන්න ‍ේ කොළ කියල දැනං ඉන්න උංටම බොන්න උනාම නියම ආතල් එකක් තියෙන්න ඇති.

    හප්පේ... යංතං පරන ඇරියස් ටික කවර් කරල ඉවර කළා. හැක්...

    ReplyDelete
    Replies
    1. ඇනේ ඌ දන්න තේකොල සුවඳ.. තෙල් මල් දෙකෙන්ම අනුමෝදන් වෙලා හිටපු ඌ ඒ වෙලාවේ ගොම්බෙට්ටක් වේලලා ඔතල දුන්නත් එල කියල ගහල දානව බන්..

      Delete
  23. කන්තෝරැව කන්තෝරැව මම වැඩ කරන
    එතන තමයි මා හට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මා සත=ටින් සිටින
    කන්තෝරැව තමයි මාගෙ විනෝද උයන

    ReplyDelete
    Replies
    1. ඇන්ටන් ජෝන්ස් කියන විදිහට රස්සාව කරන එවුනුත් නව...

      Delete