Wednesday, October 28, 2015

නමක් නැති කථාවක් 5


දවස ගෙවිලා ගියේ බොහොම හෙමින්. කවදා  කොතැනක හමු උනාද නිච්චි නැති උනත් ඖෂදීගේ ඇස් දෙකේ තියන හුරු පුරුදු භාවය ගැන හිත හිත ඇඳේ පෙරලිලා හිටපු සුභාෂ්ට නොදැනීම නින්ද ගිහින් ඇහැරෙද්දී හවස හතරහමාර වගේ ඇති. කන්න බොන්න බඩගින්නක් නැති උනත්  කුස්සිය පැත්තේ රවුමක් දාපු සුභාෂ් පුරුද්දට වගේ බත් ටිකක් කාලා ඇඟ එහෙම හෝදගෙන පිට්ටනිය පැත්තට යන්න ලැහැස්ති උනා.

සුභාෂ් නගර සභාවේ වැට ගාවට වෙලා හොරෙන් බලන් හිටියේ ප්‍රැක්ටිස් ඉවර වෙනකම්. ප්‍රැක්ටිස් එන්නේ නැතුව පිට්ටනියට ඇවිත් අහු උනොත් පුහුනුකරුගෙන් ලැබෙන දැඩි දඬුවම් හොඳින් දන්නා නිසා ප්‍රැක්ටිස් එන්න බැරිවුනු අය පිට්ටනිය පැත්ත පළාතේ ආවේ නැහැ පුහුණුකරුට අහුවෙන්න. හවස පහ පහු පහුවෙද්දී පුහුණුවීම් ඉවරකරපු කණ්ඩායම එකා දෙන්නා විසිරෙද්දී පැනිගහ පැත්තට යන ඉන්ද්‍රජිත් අල්ලගන්න හිතාගෙන සුභාෂ් ඒ පැත්තට බයිසිකලය පෑගුවා .

ආ උඹට දැන් ප්‍රැක්ටිස්  අමතක උනා එහෙනම්.

එහෙම එකක් නැහැ බන්.. අද ටිකක් කම්මැලි හිතුනා.

දැන් උඹ මොකක්ද කරන්නේ කියහන් .

උඹ කිව්වා වගේ ලියුමක් ලියන්න තමයි හිතුවේ. එත් බන් මට තේරෙන්නේ නැහැනේ.

සිංහල මිස්ගෙන් අහගෙන ලියහන්.
ඉන්ද්‍රජිත් එහෙම කිව්වේ ඔලොක්කුවට වගේ 

මේ ඒක නෙවෙයි.. ඖෂදී වෙන මොනාද බන් කිව්වේ.

උඹව දන්නවා කිව්වේ..

ඒ කොහොමද මාව එයා දන්නේ නැහැනේ බන්.

මම විස්තරේ කිව්වාම කිව්වා උඹත් එයා දිහා කන්න වගේ බලනවා කියල.

මම නෙවෙයි බන් ඉස්සෙල්ල බැලුවේ එයා.

හරි බන් දැන් දෙන්නම බලලානේ. ඖෂදී අකමැත්තක් නැහැ වගේ. උඹ මම කිව්ව විදිහට ලියුමක් ලියල දියන්කෝ. බොලෑ පන්තියේ එවුන් නම් වැඩේ විනාස කරන විදිහක් තමයි තියෙන්නේ. මම ඉන්ටවල් එකේ ඖෂදී හොයන යද්දිත් උන් උඹේ නම කිය කියා ඖෂදීට විහිළු කරනවා බන්. 

ඖෂදී මුල්ම දවසේ මා දිහා බලාගෙන යනවා කාවින්ද දැක්කා බන්. ඌ වටේම ගිනි තිබ්බා. 

මම කොහොමද බන් ඉතින් ඖෂදී හම්බෙලා කතා කරන්නේ.

හදිසි වෙන්නේ නැතුව හිටහන්. මම කිව්ව වැඩේ කරහන්කෝ.

මම ජීවිතේට ලියුම් ලියල නැහැ බන්. කොහොම ලියන්නද මන්ද..

එකවරම එතනට පැමිණි බුද්ධික නිසාවෙන් සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි වුනා. පවතිනාවූ සුභවාදී තත්වය බුද්ධිකගේ දැනගැනීමට ලක් වුවහොත් ඇති වන්නාවූ වාතාවරණය ගැන සුභාෂ්ට අමුතුවෙන් හිතන්න ඕන උනේ නැහැ. 

ආ .. බොල දෙන්න මේ පෙන්නන්න හදන්නේ අමුතු නාට්ටියක් රජෝ.. 

පල පල යන්න.. 

ඉන්ද්‍රජිත්ගේ පිළිතුරෙන් බුද්ධික නිහඬ වුනා.

සුභාෂ් උඹ ගාව සල්ලි තියෙනවද බන්.. මාර බඩගිනියි බන්..

තියෙනවා ..යමන් මොනාහරි කන්න.

බුද්ධික වරෙන් යන්න කැන්ටිමට.

ඕන් නෑ .. උඹල ගිහින් කාල වරෙන්කො.. 

එම අවසරයෙන් සුභාෂ් ඉන්ද්‍රජිත් සමග නගරසභා කැන්ටිම පැත්තට ඇවිදන් ගියේ බයිසිකල් තල්ලු කරගෙන. සුභාෂ් ඉන්ද්‍රජිත් එක්ක කතා කරපු හැම වචනයක්ම කතා කලේ ඖෂදී ගැනමයි. සුභාෂ් අතේ තිබ්බ සියලුම මුදලින් ඉන්ද්‍රජිත්ට කැමති කැමති දේවල් කන්න අරන් දුන්නේ කිසිම ලෝභකමක් නැතුව. දවස් කීපයකට කලින් යාළුවො හුඟක් හිටියත් ඒ සියලුම යාළුකම් වලට වඩා වටිනාම යාලුවා ඉන්ද්‍රජිත් බවට සුභාෂ්ට නිකමට වගේ හිතුනත් එක්ක. කැන්ටිමේ බිල ගෙවලා බයිසිකල් දෙකේ නැගපු  සුභාෂ් සහ ඉන්ද්‍රජිත් ගෙවල් වලට යන්න පිටත්වුනේ පැනි ගහ ගාව කවුත්ම දකින්න නොහිටපු නිසා . ඇල්පිටි පාරෙන් ලේසියෙන්ම ගෙදර යන්න පුළුවන් ඉන්ද්‍රජිතුත් සුභාෂ් එක්කම ඖෂදීගේ ගෙවල් පාරෙන් ගෙදර යන්න ආවේ සුභාෂ්ට සහයට වගේ. ඖෂදීගේ ගෙවල් ලඟදි බයිසිකලේ වේගය අඩු කරපු සුභාෂ් ඖෂදීගේ ගෙදර දිහා බැලුවත් ගෙදර කව්රුත්ම පේන්න  හිටියේ  නැහැ.

එදා රාත්‍රියත් ගත වුනේ බොහොම හෙමින්. වෙනදට එලිවෙනවට සාප කරන සුභාෂ් ඒ වෙද්දී පසුවුනේ එළිවෙන්නේ නැතිවට සාප කරමින්. සුභාෂ්ට ඕන උනේ ඉක්මනින් ඉස්කෝලේ ගිහින් ඖෂදීව දැකගන්න. එත් ඔරලෝසුව ගමන් කරේ වෙනදට වඩා හෙමින්ද කියලත් සුභාෂ්ට නොහිතුනා නෙවෙයි.

ඖෂදී දැකපු දවසේ හිටන්ම උදේ පාන්දර ඉස්කෝලෙට යන්න උත්සහ කරන සුභාෂ් දිහා සුභාෂ්ගේ අම්ම බැලුවේ බොහොම විපරමින්. රෑට තාත්තා මැදලා දෙන  කමීස කලිසම් වෙනදට කිසිම කතාවක් නැතුව ඇඳන් යන සුභාෂ් උදේට ආයෙත් මදින්න ගත්තේ තාත්ත හරියට මැදලා නැතිව වගෙයි. ගෙදර හැමෝටම සුභාෂ්ගේ වෙනස ප්‍රහේලිකාවක් උනත් කව්රුත් සුභාශ්ගෙන් හරස් ප්‍රශ්න අහන්න උත්සහ කරේ නැත්තේ වෙනදට හයයි හතලිස් පහ වෙනකම් නිදාගන්නා සුභාෂ් හයයි තිහ වෙද්දී ගෙදරින් පිටවෙන එක වෙස්වලාගත්තු ආශිර්වාදයක් වුන නිසා.

එදත් සුභාෂ් උදෙන්ම ඇවිත් පොත් බෑග් එක පන්තියෙන් තියලා ඖෂදීගේ පන්තිය පැත්තට ගෑටුවේ පන්තියේ පෝරිසාද රංචුවට ඇහැ ගැහෙන්නේ නැතුව. පන්තියේ ඉන්න වසවර්ති රැළගේ ක්‍රියාකාරකම් හොඳින් දන්නා නිසා කවකටු පෙට්ටියෙන් බෙදුම් කටුව අරන් සාක්කුවේ දාගත්තේ ඉස්කෝලේ ඇතුලේ හැමෝටම තියන ලොකුම ආයුදය බෙදුම් කටුව නිසා. බෙදුම් කටුව සාක්කුවේ දාගත්තට ඒකෙන් මනුස්සයෙකුට තියා සතෙකුටවත් අනින්න තරම් දරුනු හිතක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

කලින් දවසේ වගේම පාසල ටිකෙන් ටික ළමයින්ගෙන් පිරෙද්දී ඖෂදීත් පන්තිය පැත්තට එනවා සුභාෂ් ඈත තියාම දැක්කා. පන්තියට ලංවෙද්දි සුභාශ්ව දැකපු ඖෂදී කලින් දවසේ වගේම සුභාෂ්ගේ ඇස්දෙක දිහාම බලාගෙන ගිහින් පන්තිය ඇතුලට ගියා. ඖෂදී පන්තිය ඇතුලට යනකම්ම ඒ ඇස්දෙකෙන් තමුන්ගේ ඇස්දෙක ඉවතට ගන්න සුභාෂ්ට පුළුවන් කමක්වත් ඕනෑකමක්වත් තිබුනේ නැහැ. ඒ තත්පර කිහිපයේදීත් සුභාෂ් උත්සහ කලේ ඒ සුපුරුදු ඇස් දෙක ඇතුලේ තිබෙන හුරු පුරුදු බව ගැන විමසන්න. එත් ඖෂදී පන්තිය ඇතුලට යනවත් එක්කම එතනට කඩන් පහත්වුන සුභාෂ්ගේ පන්තියේ පෝරිසාද රැල ඒ වින්දනීය වූ මොහොත සංයමයෙන් විඳගන්න සුභාෂ්ට ඉඩ තිබ්බේ නැහැ .

අද මූව අල්ලලා වාඩි  කරමු ඖෂදී ගාවින්.. එහෙම කියාගෙන ඉස්සෙල්ලම ඉදිරිපත් වුනේ බුද්ධික..

ඒ එක්කම සාක්කුවෙන් බෙදුම් කටුව එලියට අදාල ගත්තු සුභාෂ් ටිකෙන් ටික තමුන්ට ලංවෙන මිත්‍ර සමාගමට පෙන්නුවේ පිහියක් පෙන්නන්න වගේ. 

ආ උඹ අනින්නද ඕකෙන්.

ඇයි ඇන්නොත් අනෙන්නේ නැද්ද. වර බලන්න ලඟට. තොපි මහා පාප මිත්‍රයෝ ටිකක් බන්  .

පාසල් ජීවිතයේ පළමු වතාවට උන් හිටිතැන් අමතක වන මට්ටමේ කේන්තියකින් පසුවෙනා සුභාෂ් වෙත කව්රුත් ලං වුනේ නැහැ. ඒ එක්කම මිතුරු පිරිස පෙරලාගෙන ඉදිරියට මතු වුනේ තුසිත.

බලු වැඩ කරන්න එපා යකෝ.. ඌට උගේ වැඩේ කරගන්න දීපන්. බොලා කරන ඕන මජර වැඩකට  ඌ සපෝර්ට් එක දෙනවනේ..

ඌ අපිට හොරා ගිහින් ගේම ගහන්න හදන්නේ ඇයි අපි කටු ගහයි කියල බයේ වෙන්න ඇති මු .

ඔව් ඉතින් තොපිට කියල පුලුවනිද යකෝ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න . තොපි  මෙතන වන සත්තු වගේ නටන්න ගත්තාම කෙල්ලෝ යාලුවෙයිද යකුනේ. 

සුභාෂ්ගේ මිතුරන්ගේ අමන ක්‍රියාකලාපයන් තඹේකට මායිම් නොකළ ඖෂදී පසුවුනේ කිසිවක් සිදු නොවූ අයුරින්. එහෙත් නාහෙට නාහන සුභාෂ්ගේ මිතුරන් තුසිතයාවද මායිම් නොකොට ඖෂදී වෙත සුභාෂ්ගේ නම කියමින් පාසල පටන් ගන්නා  තුරුම ඖෂදීගේ පන්තිය අසල නොයෙක් රංගනයන් සිදු කළා.  රංචුව එතනින් විසිරුනේ පාසල පටන්ගන්නා සීනුව නාදවුන නිසා . සිදුවෙමින් පවතින වාතාවරණය පාලනය කරගතහැකි කිසිදු විසඳුමක් සුභාෂ් වෙත තිබුනේ නැහැ.

වෙනදා වගේම විද්‍යාව පාඩමෙන් ආරම්භ වෙන පන්තිය ආරම්භ කරන්නේ නැතුව පන්තිභාර ගුරුතුමිය කෙලින්ම හැරුනේ සුභාෂ් දිහාවට..

සුභාෂ් නැගිටිනවා..

සුභාෂ් පුටුවෙන් නැගිට්ටේ වෙන්න යන්නේ මොකක්ද කියන දෙගිඩියාවෙන් .

ඊයේ මොකද උනේ..

ඒ කිව්වේ මිස්.

ඊයේ තමුන් ඉස්කෝලේ පටන් ගන්න කලින් පොත් ටිකත් අරන් කොහෙද ගියේ.

කොරිඩෝ එකේ ලිස්සල වැටුනා මිස්. නළල වැදුන කණුවේ. ඉන්න බැරි නිසා ගෙදර ගියා මිස්. 

ලිස්සල වැටුනද නැත්තම් කව්රුහරි වැට්ටුවද .

නෑ මිස්. ලිස්සුවා.

තමුන් ගැන එන ආරංචි ඒ තරම් හොඳ නැහැ හොඳද .. පාඩම් වැඩක් බලාගෙන උනන්දුවෙන් ඉස්කෝලේ වැඩ ටික විතරක් කරගෙන හිටියොත් හොඳයි. නැත්තම් දෙමාපියන් ගෙන්නලා පැමිණිලි කරන්න වෙයි.

ගුරුතුමිය ඒ ටික කිව්වේ බොහොම අවදාරණයෙන් නිසා අනතුරක් බොහොම ළඟ බව සුභාෂ්ට ඉවෙන් වගේ තේරුනා. 

හ්ම්.. වාඩිවෙනවා ..

සුභාෂ් වාඩි වුනේ වෙන්න යන්නේ මොකක්ද කියල බොහොම අවිනිශ්චිත භාවයෙන්. පන්තිභාර ගුරුතුමියගේ රහස් පරීක්ෂක උන්දලා ටික අකුරටම රාජකාරිය කරන බවනම් සුභාෂ්ට හොඳින්ම පැහැදිලි වුනා.

පාසල් කටයුතු වෙනදා ආකාරයෙන්ම සුපුරුදු විදිහට කෙරීගෙන ගිහින් විවේක කාලය උදා උනත් සුභාෂ් ඖෂදීගේ පන්තිය පැත්තේ වත් ගියේ නැත්තේ පන්තිභාර ටීචර්ගේ අවවාදය නිසාමයි. එත් ඈත ඉඳන් ඖෂදී දිහා බලන් ඉන්න සුභාෂ්ට හොඳින්ම දැක්කේ පන්ති සගයින් සුභාෂ්ගේ නම කියමින් ඖෂදීට සීමා රහිතව විහිළු තහළු කරමින් යකා නටන ආකාරයයි. ඒත් ඊට විරුද්දව කළහැකි කිසිදු දෙයක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. 

කාලය කෙමෙන් කෙමෙන් ගලාගිහින් පාසල අවසන් වෙද්දී සුභාෂ්ගේ අරමුණ වුනේ ඉන්ද්‍රජිත් කියූ ආකාරයෙන් හවස් වරුවේ කෙසේ හෝ ලිපියක් ලියා ඉන්ද්‍රජිත්ගේ අතට පත් කරන්නයි. ඉස්කෝලේ ඇරිලා ගෙදර ගිහින් දවල්ට කන්නෙත් නැතුව සුභාෂ් මේසෙට වාඩි වුනේ ලිපියක් ලියන්න හිතාගෙන. දවල් දවසේ ගෙදර ඉන්නේ සුභාෂ් සහ නැගණිය පමණක් නිසා සුභාෂ්ගේ පෙම් හසුනට භාදා කරන්න තරම් බලවත් කෙනෙක් ගෙදර උන්නේ නැහැ.

බොහොමත්ම  උත්සාහයෙන් ලියුම් විස්සක් තිහක් ලියපු සුභාෂ් ඖෂදීට දෙන්න කියල හිතන ලියුම ලියාගනිද්දී සුභාෂ්ගේ මේසය ළඟ කුණු කුඩේ ඒ වගේම තවත් ලියුම්  විස්සක් තිහක් කොළ ගුලි බවට  පත්වෙලා තිබුනේ ඒ ලියපු ඒවා ගැන සුභාෂ් සෑහීමකට පත්වෙච්ච නැති නිසා. ඒත් පැය දෙක තුනක අවෑමෙන් ලස්සන රෝස පාට කඩදාසියක  හුඟක්ම ආදරණීය  වචන පේලි කීපයක් ලියවෙලා තිබුනේ සුභාෂ්ට නොදැනුවත්වම. ඒ ආදරණීය රෝස පාට කඩදාසිය හතරට නැමිලා කාටවත් අරින්න බැරිවෙන්න සෙලෝ ටේප් පටියකිනුත් ආවරණය කරපු සුභාෂ් ලියුම පරෙස්සමට පර්ස් එකේ තැන්පත් කරගෙන බයිසිකලේ අරන්  ඉගිල්ලුනේ පිට්ටනිය පැත්තට ඉන්ද්‍රජිත් හොයාගෙන.



හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්


""""""""""

28 comments:

  1. ආව් මේක එළ ට යනවා .... උඹ මගදී කනවා එහෙම නෙවෙයි.....

    ReplyDelete
    Replies
    1. නොකා ඉන්න උපරිම උත්සහ කරනවා බන්..

      Delete
  2. යෙස් යෙස් හැක්..
    සුභාෂ්ගෙ වගේ යාලුවො නං කොහෙත් ඒත් ඔය තරං වදේ ගහන්නෑ මං හිතන්නෙ
    ටීචර්ල කෝමත් සීඅයි ඩී නෙ බං හැක්

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිව්වේ බන්.. අඩු මාසෙන් ඉපදිච්ච එවුන් ඔක්කොම තෝරලා සුභාෂ්ගේ පන්තියට තමයි දාල තිබ්බේ...

      Delete
  3. කතාව නං සුප්පා.......... අර අමුතු හැගීම් අැති වෙන ළමයින්ගේ රූප දාන්නේ අැයි බං...????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්.. උඹට එහෙම හිතුනනම් මම ටිකක් හරි සාර්ථකයි.. ගූගල් එක කාල් ගාල තමා ඖෂදීට ටිකක් හරි පෙනුමක් තියෙන මොඩලයක් හොයාගත්තේ..

      Delete
  4. එල ද බ්‍රා
    ලියපන් මස්සිනා අතපය දිගඇරලා රම්පේට පොරි හැලෙන්න..

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා ... තැන්කූ මචන්.. උඹල මට දෙන තල්ලුව ගැන ලියන්න වචන නැහැ..

      Delete
  5. //සුභාෂ් උදේට ආයෙත් මදින්න ගත්තේ තාත්ත හරියට මැදලා නැතිව වගෙයි.// ඕව තමයි කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ගේ ලක්ෂණ කියල කවුද පඬියෙක් කියල තිබුණ.
    නියමයි ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ඔය අසනීපයේ මූලික රෝග ලක්ෂණ ඔව්ව තමා.. ඔව්ව ඉතින් බොලාටත් වැළඳිලා ඇතිනේ..

      Delete
  6. ඕං ඔක්කොම කියෙව්ව

    ReplyDelete
  7. කෑමක් අත ළඟ , දැන් පර්ස් එක නැති වුනා නම් ආතල් ,

    ReplyDelete
  8. දැන් නං හරිම ඉන්ටෙරෙස්ටින්, ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ... කියවලා මාරු වෙන හුඟක් එවුන් අතරේ ඔයාල කමෙන්ට් එකක් දාල මට දෙන සහයෝගය ප්‍රසංසනීයයි..

      Delete
  9. මේ දවස් වල වැඩ ගොඩයි බොල....බ්ලොග් කිහිපයක්ම බලන්නත් බැරිවුනා...ඒත් ඉතින් කොහොම හරි වෙලාවේ හැටියට මග අරින්නේ නැතිව කොමන්ටුවකුත් දානව......

    මේ කතාවේ උඹට පෝරියල් එක හම්බෙන්න තැනක් එහෙම නැද්ද බං....එතකොට තමයි බං ආදරයක් නියමට දැනෙන්නේ......

    ReplyDelete
    Replies
    1. මට ????? මට පෝරියල් එකක් ලැබෙන්න ඉඩ තියනව මේක ලියන නිසා.. වැඩ දහසක් අතරේ මේ පැත්තේ ඇවිත් යනවට ස්තුතියි මචන්..

      Delete
    2. ඔන්න මලේ උඹ මුට්ටියට නොගහා හොරාටම ගැහුවා.

      Delete
  10. මේක ලස්සනට ගලාගෙන යනවා. අනේ රත්තරනේ මෙකෙ අගනම් කාලා මගෙ අහිංසක බලාපොරොත්තු විනාස කරන්න එපා. මේක සුඛාන්තයක් කරපන් හොදේ...(ඇත්ත මොකක් උනත්)

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම ඉල්ලීම නම් එහෙම තමයි .. බලමු බන්.. අවංක උඹේ බලාපොරොත්තු කඩන්නත් ලෝබයි බන්..

      Delete
  11. මට නම් පෙනෙන්නේ අම්බලන් අයියා ඕන නැති පින්තූර දාලා කුරුටු ගෑ ගී පවුරේ අහිංසක කොල්ලෙකුට අමුතු හැගීම් ඇති කරලා වගේ...වැරදි වැඩක් නෙ කරලා තියෙන්නේ ....හී ...

    ReplyDelete
    Replies
    1. අහිංසක කොල්ලන්ගේ හිත්වල අමුතු හැඟීම් ඇතිකරන්න ඉතින් ඔය කාන්තා රූප තමා නංගි ..

      Delete
  12. මම සුභාෂ්‍ෙගෙ කතාවේ ඉතිරි කොටස බලන්න කියලා ගොඩ වැදිලා යන්න ආවෙ.. කෝ තවම ලියලා නැහැනෙ...කතෘ තුමා කොහෙදෝ....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන පියුමි.. ඔන්න දැන් කොටස් අටක් ලියලයි තියෙන්නේ..

      Delete
  13. මේකනම් පුදුම ගතියක් තියෙන කතාවක් මලේ. මම මේක මගේ හිතවතියටත් පෙන්වන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක... මේ කතාව ලියන්න ලොකු ශක්තියක් ලැබුනා ඔයාගේ දිරියෙන්..

      Delete
  14. කතාව ලස්සනයි මචo...දැන් ඔය ලියපු ඉතිරි කොටස් ටික කවද්ද පලකරන්න හිතාගෙන ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ප්‍රසාද්.. කතාව අවසාන කොටසත් දාලයි තියෙන්නේ.. මෙතන ලින්ක් එක දාන්න අමතක වෙලා.. ඔන්න ලින්ක් එක දැම්ම හයවෙනි කොටසේ..

      Delete