Sunday, June 19, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..2





ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස් 1
http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html


තත්වය ඉතාමත් භයන්කාරය.. එක් පැත්තකින් සෝචනීයය.. තව පැත්තකින් බලාපොරොත්තු සහගත බවක් නොමැතිය.. පැයකට හමාරකට උඩදී ඉපදුනු රටේ මවු දෙමවුපියන් සමග සන්තෝසයෙන් උන් මා පැය එකහමාරක් දෙකක් අවෑමෙන් නන්නාදුනනා රටක නොදන්නා භාෂාවක් කතාකරනා ජනතාවක් අතරේ යන එන මං නොමැතිව අනාථ වෙලාය. ලොක්කාට පින් සිදුවන්නට රිටන් ටිකට්ටුවක් ද අතේ නොමැති බැවින් ආපසු ගම රට බලා යන්නටද කරේමයක් නොමැතිය. ගොඩ යාමටනම් එගොඩ පීනනවා විනා මෙගොඩ පිහිනිල්ලක් නොමැතිය. පළමු වතාවට උපන් රටෙන් පිටතට තනියම යන්නාවූ අයෙක් වෙත්නම් දැනෙන්නාවූ හැගීම් දැනීම් මේ ආකාරයෙන් වෙන්නට ඇතැයි දැයි කියා සිතා කිරා මැනීමට වෙලාවක් කාලයක් නොවේය. 

අහමදාබාද් දක්වා දින තුනක දුම්රිය ගමනක් යාමට තිබෙනා බැවින් ගුවන්තොටුපොළේ කිරා මනිමින් සිටින්නට කාලයක්ද නොවේය. හැකි ආකාරයකින් ඉලංගෝ කාරයා සොයාගෙන ගොස් දුම්රිය ප්‍රවේශ පත්‍රය එකලස්කොටගෙන දුම්රිය ස්ථානයටද යා යුතුය. ඒ සියල්ලටම කලින් කුලී රථයක් සොයාගත යුතුය. පෙනෙනෙ මානයක කුලී රථ නොමැති බැවින් කුලී රථ කැඳවන කව්ලුවක් සොයා යාමට නැකත පැමිණ ඇති අක්මාව මොලය වෙත දැනුම්දෙන්නාවූ බැවින් ගමන් මල්ලද රැගෙන නැවතත් ගුවන් තොටුපොල ඇතුලට යාමට හැරුනේ වෙනයම් විකල්පයක් නොමැති බැවින්ය.

එක්ස්කියුස් මී සර්ර්ර්...

යෙස්... 

යූ ආර්ර්ර්ර් නොට් අලව්ඩ් ටු ගෝ ඉන්සයිඩ් ෆ්‍රොම් දිස් ඩෝර්ර්ර්..

අයි ඩෝන්ට් වෝන්ට් ටු  ගෝ ඉන්සයිඩ්.. අයි ජස්ට් වෝන්ට් ගේට් අ ටැක්සි..

අරෙ වට් නොන්සන්ස් මිස්ටර්ර්ර්... දෙයාර්ර්ර්ර් ආර්ර්ර් තවුසන්ස් ටැක්සි අවුට්සයිඩ්... ගෝ අවුට් ඇන්ඩ් ගෙට් අ ටැක්සි සර්ර්ර්

නෝ අයි ඩෝන්ට් වෝන්ට් ටු කැච් අ ටැක්සි ෆ්‍රොම් අවුට් සයිඩ්.. අයි වෝන්ට් ටු කෝල් අ ටැක්සි ෆ්‍රොම් ද එයාපෝර්ට්..

සර්ර්ර් ප්ලීස් ලිස්න් ටු මී... වී ආර්ර්ර් නොට් කෝලින් ටැක්සි ෆ්‍රොම් හියර්ර්ර්... ගෝ අවුට් ඇන්ඩ් ගෙට් අ ටැක්සි..

අයි ඩෝන්ට් සී එනි ටැක්සි දෙයා ඔෆිසර්.. 

අරෙ අරෙ වට්ස් ව්රෝන්ග් විත් යූ සර්ර්ර්.. ඩෝන්ට් යූ සී හන්ඩ්‍රඩ්ස් ඔෆ් ටැක්සි ඩ්‍රයිවර්ස් අරවුන්ඩ් දෙයාර්ර්ර්..

වෙයා..

ලුක් සර්ර්ර්... ද පීපල් වෙයාරින් කාකී යුනිෆෝර්ම්... දේ ඕල් ආර්ර්ර් ටැක්සි ඩ්‍රයිවර්ස්... ගෝ ඇන්ඩ් ගෙට් අ ටැක්සි..

ඉස් ඉට් සේෆ්..

යස් සර්ර්ර්ර්.. ඕල් ආර්ර්ර් රෙජිස්ටර්ඩ් ඩ්‍රයිවර්ස්..

ඔකේ දෙන්.. තෑන්ක් යූ..

අරෙ අරෙ... අයි ඩෝන්ට් නීඩ් යුවර්ර්ර්ර් තෑන්ක් යූ සර්ර්ර්... ඉෆ් යූ  වෝන්ට් අයි විල් ඇක්සෙප්ට් ටූ රුපීස් ඈස් යුවර්ර්ර්ර් තෑන්ක්ස් ...

ටැක්සියක් සොයා ගැනීමට ගුවන් තොටුපොල පර්යන්තය දිහාවට ආපසු හැරුණ අසරණ මාගේ ඉන්දියානු රුපියල් දෙකකට පිටතට පැමිණීමේ දොරටුවේ සිටි නිලධාරියා විද්දේ ඒ ලෙසය. නිල ඇඳුමක් ඇඳන් සිටිනා නිලධාරියෙකුට එළිපිට පගාව දීමට ඇතිවූ මැලිකම නිසාවෙන් ඉන්දියානු රුපියල් දෙක අතට ගෙන මහා සොරකමක් කරන්නට සැරසෙන්නාවූ සොරදෙටුවෙකු මෙන් අහල පහල බැලුයේ අප දෙදෙනා දිහා කව්රුන් හෝ බලන් සිටිනවාදෝ යන්න සැක හැර දැනගැනීම පිණිසය..

අරෙ අරෙ ඩෝන්ට් බී ෂයි සර්ර්ර්ර්...

මා රුපියල් දෙක ඔහුගේ අතට වැඩම්මවීමට පළමුව අතෙහි තිබු රුපියල් දෙකේ නෝට්ටුව බලෙන් උදුරාගෙන සාක්කුවෙහි රුවාගත් නිලදරුවා ගුවන් තොටුපොලෙන් පිටත සිටිනා කාකි යුනිෆෝර්ම් කාරයින්ට දමිල භාෂාවෙන් මොකක්දෝ කීවේය.. ඒ ය ඇසුණු ඇසිල්ලේ කාකි යුනිෆෝම් කරුවන් තිහක් හතළිහක් මා සිටි දිහාවට දිව එන්නට පටන් ගත්තේ උසේන් බෝල්ට් මීටර් සීය දුවන්නට පටාන ගන්නවාටත් වඩා වෙගයෙන්ය.

කෝකටත් කියාලා මුන් ටික දුවගෙන එන වේගය වැඩි බැවින්දෝ වැඩි පරෙස්සමට පිට වීමේ දොරෙන් මදක් ඈතට වුයේ දිවගෙන එන පිරිසට පහසුවෙන් ගුවන් තොටුපොල ඇතුලට දිවයාම පහසු කරවීමේ අරමුනෙන්ය..

ඒත් වැඩේ පුදුම තරම් අන්ජබජල්ය.. දිව ආවාවූ කාකි කෝට් කරුවන් එක සීරුවට මාගේ කිලෝ විස්සේ ගමන් මල්ලට පොරකන්නට පටාන් ගත්තේ මා නොසිතු විරූ ආකාරයෙනි.. දෙමල භාෂාවෙන් කෑකෝ ගසමින් මා අසල කෙලින් හිටවා තිබෙන ගමන් බෑගය අයිති කරගැනීමට කාකි කොට කරුවන් එක සීරුවට පොරකනවාය..මා වටා සිදුවන අලකලංචිය කුමක්දැයි සිහි එලවාගන්නට තත්පර විස්සක් තිහක් ගතවූ අතර කාකි පොරයෙන් වදෙන් පොරෙන් එලියට පැනගන්නට මා සමත් වන්නේ ඉතා අසීරු උත්සාහයකින් අනතුරුවය.. ඒත් ඒ වෙද්දීද මාගේ කොණ්ඩය අවුල් වෙලාය.. කමිසය කලිසමෙන් එලියට ඇදිලාය.. වෙනත් විදිහකින් කියනවානම් බණ්ඩාරනායක ගුවන් තොටෙන් නළුවෙකු වාගේ පිටත්වූ මා ඒ වෙද්දී පොලිසියෙන් ගහලා වාගේය.

විනාඩියක දෙකක පොර කෑමකින් අනතුරුව වීරප්පන්ගේ පෙනුම ඇති කාකි කෝට් කාරයෙකු මාගේ ගමන් මල්ල කරතබාගෙන දුවන්නට තියාගත්තේ ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයකදී පොරකා පන්දුව රැගෙන දුවනා ක්‍රීඩකයකු සිහිපත් කරමිනි. හනික සිහි එලවාගත් අසරණ මා ද වීරප්පන් පසුපස එලවා දුවන්නට තියාගත්තේ මූ කරතබාගෙන දුවන්නේ මා ලංකාවෙන් ගෙන ආ සබ්බ සකලමනාවම තිබෙනා කොළඹින් රුපියල් එක්දහස් පන්සියයකට මිලදී ගත් අලුත්ම අලුත් ගමන් බෑගය නිසාය ... 

මාස කිහිපයක් අඳින්නට තිබෙනා සියලුම ඇඳුම්ද අම්මා විසින් සාදා දුන් බිලින් අච්චාරු බෝතලයද, පුංචී විසින් සාදා දුන් මාළු ඇඹුල්තියල් බෝතලයද, නැන්දා විසින් සාදා දුන් උම්බලකඩ සම්බෝලයද එම බෑගයේය. යන්නේ අහමදාබාද් වලට බැවින් එම කෑම වර්ග තුනම රන් හා සමානය. මුළු මහත් අහමදාබාද් ප්රාන්තයම වෙජිටේරියන් ප්‍රාන්තයක් බැවින් මාළු බෝතලය සහ උම්බලකඩ සම්බෝලය යනු රන් වලටත් වඩා වටිනා ආහාර වර්ගයන්ය. ඇඳුමක් නම් කාගෙන් හෝ ඉලාගෙන අඳින්නට පුලුවනිය.. නැතිනම් කඩයකින් මිලට ගන්නට පුලුවනිය.. ඒත් හුරු පුරුදු කෑම වර්ග එසේ නොවේය..

වීරප්පන් පෙනුමැති කාකි කෝට් කාරයා මාගේ කිලෝ විස්සකුත් තවත් ටිකක් බර තිබෙනා බෑගය කර තබාගෙන දුවනවා නොවේ විදිනවාය.. ඊට අනුරූපීව අනෙකුත් කාකි කෝට් කාරයින්ද වීරප්පන් පසුපසින් හැල්මේ එලවනවාය.. අන්ත අසරණ මා මාගේ පිටේ එල්ලාගෙන යන ගමන් මල්ලද දමාගෙන කාකි කොට කරුවන් පසුපසින් එලෝගෙන යනවාය..

 ඒ දුවන අල්ලපනල්ලේද මට සිහිවන්නේ ලංකාවේ වාගේම ඉන්දියාවේද සුදුස්සාට සුදුසු තැන නොමැති බවක්ය. කිලෝ විස්සකුත් තවත් ටිකක් බර තිබෙනා මාගේ ගමන් බෑගය කර තබාගෙන වීරප්පන් විදිනා විදිල්ලට ඒකාව ධාවන තරඟ කරුවෙකු ලෙස ඔලිම්පික් යැව්වානම ඉන්දියාවට රන් පදක්කමක් ටක්කෙටම සුවර්ය. ඒ මන්ද යත්, වීරප්පන් කිලෝ විස්සක් කර තබාගෙ එහෙම දිවිල්ලක් දුවනවානම් කිලෝ විස්සක් කරේ නොමැතිව කොහොම දුවනවා ඇතිද යන්නය. වීරප්පන් ඔලිම්පික් කෙසේවෙතත් අස්ස රේස් එකකට උනත් ඔට්ටු අල්ලා දුවන්නට දැමිය හැකි සුපිරි දිවිලි කාරයෙක්ය. 

වීරප්පන් මේ දුවන්නේ මාගේ ගමන් බෑගය හොරකම් කරගෙන නොවේ යන්න මට යාන්තමට වැටහුනේ ඈතින් නවතා තිබෙන කහපාට වහලය සහිත ඉන්දියානු ඇම්බැසිඩර් රථ පෙළ දුටුවායින් පසුවය. වීරප්පන් තරඟ ඉසව්ව අවසාන කරේ ඔහුගේ ඇම්බැසිඩර් රථයේ ඩිකිය අසලින්ය. ඒත් අතට ගත්තු දේ කටට දාගන්නට වාසනාව නැතිදෝ වීරප්පන්ගේ පසුපසින් එලොගෙන ආ වෙනත් කාකි කෝට් හාදයෙක් මාගේ ගමන් බෑගය එක අතින් කරට ගෙන නැවතත් දුවන්නට තියාගත්තේ ඔහුගේ ඇම්බැසිඩර් රථය වෙතය. 

වීරප්පන් ගේම අතාරින්නට සූදානම්ද නැතිය.. ඒ ගමන වීරප්පන් අනෙක් කාකි බූටෑවා පසුපස එලෝගෙන යනවාය.. ඌද අම්ම මෝ නැතුව බෑගය කරේ තබාගෙන හිටු කියා දුවනවාය. අන්ත අසරණ මමද දැන් උන් දෙන්නා පසුපස දුවනවාය.. එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේ අද කාලයේ වාගේ රිමෝටයෙන් ඩිකිය අරින්නට කරේමයක් නැතිවූ වාසිය නැවතත් වීරප්පන්ටය.. දෙවැනි කාකි බූටෑවා බෑගය බිම තබා ඩිකිය අරිනා අල්ලපනල්ලේ වීරප්පන් නැවතත් මාගේ බෑගය කරට ගන්නට සමත්වන්නේ හොඳින් පුරුදු පුහුණු වූ තරඟ කරුවෙකුගේ හැකියාව විද්‍යාමාන කරමින්ය.. අන්ත අසරණ මා ආයෙත් වීරප්පන් පසුපස දුවනවාය. එම වතාවේ පෙර වතාවට වඩා සාර්ථක උත්සහයක් දරා ජය ගන්නට වීරප්පන්ට හැකියාව ලැබෙන්නේ පළමු වතාවේ ඩිකිය ඇර තබා කාකි බූටෑවා පසුපස එලොගෙන ගියා වූ බැවින්ය. මාගේ ගමන් බෑගය උගේ එකක් මෙන් ඩිකියේ දමා ලොක් කර යතුර අතට ගන්නේ තරඟයේ අවසන් ජයග්‍රහයන බින්දුවට එකක් වනසේ අනෙකුත් සියලුම කාකි කෝට් තරඟ කරුවන් පරාජයට පත්කරමිය.

ඊළඟ අවස්තාව මාගේය.. වීරප්පන් රියදුරු අසුනට පැනගන්නා අල්ලපනලේ  මාද ටින් ටින්ගේ වීර ක්‍රියා කාර්ටුනයේ ටින් ටින් සේ දන්නා ශිල්ප‍ සියල්ලම භාවිතා කරමින් ටැක්සියේ පසුපස ආසනයට ස්ථානගත වන්නේ වීරප්පන් මාගේ වටිනා ගමන් බෑගය ඩිකියේ දමාගෙන එතනින් වාෂ්ප වන්නට මත්තෙන්ය.

ලංකාවේනම් ටැක්සි කරුවන් ටැක්සිය ඉස්ටාර්ට් කරන්නට මත්තෙන් යන්නේ කොහේටදැයි අසනා පුරුද්දක් තිබෙනවාය.. ඊටත් අමතරව එම ගමන සඳහා අයකරනා මුදලද ටැක්සි කරුවන් පුරුද්දට වාගේ කියනවාය.. ඒත් එහෙ එහෙම නැති වාගේය.. මෙන්න බොලේ වීරප්පන් ටැක්සිය පදවාගෙන යනවාය.. යන්නේ කොහේටදැයි ඇසුවේද නැතිය..

 සමහරවිට ලොක්කා විසින් කියූ පරිදි සියල්ල සැලසුම් වී ඇති බැවින් මේ මාව රැගෙන යන්නට ඒවා ඇති ටැක්සිය වන්නට ඇතැයි කියා සිතුනද ලොක්කා එහෙම දෙයක් කියූ නැති බැවින් එසේ සිතන්නටද නොහැකිය. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම වීරප්පන් දැන් කොලොමීටර භාගයක් වාගේ පරවාගෙන ගිහින්ද අවසානය.. මාද නොයෙක් විකාර හිතමින් බූරුවෙකු වාගේ පසුපස ආසනයේ වාඩිවී ඉන්නවාය.. එකාතකින් මේ යන්නේ කොහේදැයි කියා හිතන්නටද කාලයක් වෙලාවක් නොවේය.. කාකි කොට සෙට් එක එක්ක දුවපු රේස් දිවිල්ලට මෙහෙම ඉතුරු වුනා ඇතිය.. 

@%#$^$^&#&##%$^$&#&^$!@$#^$&&$)#&^

වට්..

@%#$^$^&#&##%$^$&#&^$!@$#^$&&$)#&^

ප්ලීස් ස්පීක් ඉංග්ලිෂ්.. අයි ඇම් නොට් අ ඉන්ඩියන්.. 

දෙන් වෙයාර්ර්ර්ර්..

වට්..

වට් ඉස් යුවර්ර්ර්ර්ර් ඩෙස්ටිනේෂන් සර්ර්ර්ර්..

හියර්..

ලංකාවේ හිටන්ම සාක්කුවේ දමාගෙන පැමිණි ඉලංගෝ මහතාගේ ලිපිනය සහිත කොළ කැබැල්ල වීරප්පන් අතට දුන්නේ නොදන්නා නම් ගම්  කියවන්නට ගොස් අනාගන්නවාට වඩා හැකි ආකාරයෙන් කියවාගෙන මාව පරෙස්සමට ගෙනිහින් බස්සපන් කියන්නාක් මෙන්ය..

තර්ර්ර්ටි ෆයිව් ර්ර්ර්රුපීස්...

ඔකේ.. 

මා විසින් දුවන්නට යෙදුන රේස් දිවිලේ හැටියට වීරප්පන් මාගෙන් තිස්පහක් ගන්නවා නොව මට තිස් පහක් දෙන්නට වටිනවාය. ඒත් එව්වා කතාකරන්නට තියා වීරප්පන්ගේ පෙනුමැති ටැක්සි රියදුරා දිහා කෙලින් බලන්නට බැරි තරම් භයන්කාර පෙනුමය. එවන් කෙටු දුර ධාවන තරඟයක් අවසාන මා සිටිනා තැන ගැන මා සතුටු විය යුතුය.. මන්ද යත් මාගේ ඇඳුම්ද , කෑම බීමද සහිත ඇඳුම් බෑගය සුරැකිව බහා තිබෙන ඩිකිය අයත් රථයේ පසුපස අසුනේ මා ෂපාන් එකට වාඩිවී ගමෙනේ යෙදෙමින් සිටිනා බැවින්ය.. කනගාටුවනම් යටට ඇඳ තිබෙන බැනියමට අමතරව කමීසයද පිටට ඇලෙන්නට දාඩිය දාලාය. ඉහින් කනින් දාඩිය වැගිරෙනවාය.. දැන් මා වෙතින් විද්‍යාමාන වන්නාවූ පෙනුමේ හැටියට මා දුටු පමණින්ම ඉලංගෝ මහතා සිතනවා ඇත්තේ මු එන්නට ඇත්තේ ගුවන් යානයක නොව ආදම්ගේ මාවතේ පයින් ඇවිදගෙන වෙන්න ඇති කියාය.

පැය භාගයක වැනි කාලයක අවෑමෙන් විරප්පන්ගේ රථය නැවතුනේ සාමාන්‍ය පෙනුමැති නිවසක් ඉදිරියේය. රථය නතර කල වීරප්පන් රියදුරු අසුනෙන් බැස ඩිකිය ඇර මාගේ ගමන් සගයා බිමින් තබා මා දිහාට හැරුනේ ගනුදෙනුව සාර්ථකව අහවරයක් කරන්නට හිතාගෙනය..

හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ..

වට්..

හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ..

යූ ටෝල්ඩ් මී ඉට්ස් තර්ටි ෆයිව් ..

යර්ර්ස්.. බට් නව් ඉට්ස් හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ..

නෝ ... නෝ... නෝ...

@#$&%$&%*&#&$^%&&@)*%&%& හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ...

නොතෙරෙනා දෙමලෙන් වීරප්පන් මොනාදෝ කියනවාය.. අහල පහල එවුන්ද දොර ජනෙල් වලින් එබී බලනවාය.. නොතෙරෙනා දෙමලෙන් ටක්සියේ මිලට තර්ක කරනවාට වඩා ඉල්ලන ගානක් දී කරන්නට ආ රාජකාරියට යොමුවීම වඩා වටිනවාය..

හිය ඉස් යුව මනී.. බට් ඩෝන්ට් චීට් පීපල් ලයික් දිස් මෑන්..

@#$&%^$%#^$*%&^%#^&%

මොනවාදෝ දෙමලෙන් කියවමින් ටැක්සියට ගොඩවූ වීරප්පන් මට බායි නොකියාම ඉගිලුනේ තවත් මා වැනිම ගොන් බූරුවෙකු මීමා කරගැනීමට අදහසින් විය යුතුයයි අනුමාන කිරීමට සාක්ෂි බොහෝය. ගුවන් තොටුපොල ආසන්නයේදී ඉන්දියන් රුපියල් තිස් පහක් යයි කියූ කුලී ගාස්තුව ඊට පැය භාගයකට පසු එකසිය පනහ වුයේ කුමන අනුපාතයටදැයි පයිතගරස් වලෙන් නැගිටුවා ගණන් සාදාවා විසඳා ගතයුතු ප්‍රශ්නයක්ය. ගාස්තුව සම්භන්ධ ගණිත ගැටලුව ඔලුවේ එහාටත් මෙහාටත් හොල්මන් කරද්දී මාගේ ගමන් බෑගයද ඇදගෙන ඉලන්ගෝගේ නිවාස දිහාවට මා පියවර මනින්නේ ගමනේ ඊළඟ කඩඉම වන දුම්රියේ වික්‍රමය සඳහා ටිකට් පත ලබා ගැනීම පිණිසය..

ටින් ටුං....

ම්හ්.. නිවස තුලින් කිසිදු හැල හොල්මනක් නැත...

ටින් ටුං.....

නැත.. එම උත්සාහයටද ප්‍රතිචාරයක් නොමැතිය..

ටින් ටුං.. ටින් ටුං.. ටින් ටුං..

@#^$%#&**&$^##%$&%*#&##%%@%

නිවස ඇතුලතින් ඇසෙනා පිරිමි කටහඬ පවසනා දෙය දමිල භාෂාවෙන් පවසනා බැවින් එහි තේරුම මා දන්නේ නැත.. එහෙත් මා එතෙක් නොදුටු ඉලංගෝ මහතාගේ භාෂා ස්වරූපයේ නම් මාව සාදරයෙන් පිළිගන්නා හඬක් ඇසෙන්නේ නැත.. සීනුව පස් වතාවක් නාද කලද එතෙක් ඉලංගෝ මහතා ඔහුගේ මූණත්තහඩුව පෙන්වන්නට එලියට නම් පැමිණියේද නැතිය..

ටින් ටුං...ටින් ටුං...ටින් ටුං.. ටින් ටුං.. ටින් ටුං..

@#%$^&%^$%*#^$%@%#&$^$^

එවරනම් ඇසෙන්නේ කව්දෝ නමුත් මාව මරන්නට කොටන්නට එන්නාවූ ශබ්දයකි.. වීරප්පන් මාගේ කිලෝ විස්සේ බෑගය කරට ගෙන දිවූ ආකාරයෙන් ඒ හපන්කම කිරීමට මට හැකියාවක් නොමැතිය.. නිවස ඇතුලෙන් ඇසෙනා වලියට බර ස්වර පරාසය අයිතිකරු දොරෙන් එලියට පැමිණෙන තෙක් රැඳී සිටිය යුතුය.. එහෙත් සුදානම් ශරීරයෙන්ය.. ඉලංගෝ මහතා ගේ ඇතුලෙන් ඉදිරි දොර දක්වා පිය මනිනා ශබ්දය දැන් දැන් ඇසේ.. එහෙත් මුවෙන් නික්මෙනා දමිල වදන් වැල නම් මාගේ සවනට පවසන්නේ ඉලංගෝ මහතා මාව සාදරයෙන් පිළිගන්න ආරංචියකි.. සීනුව  දහ පාලොස් වතාවක් නාද කර මා වස වැරැද්දක් කරගත්තා වගේය..

ඉතුරු කෑල්ල 
http://ambalangodakatha.blogspot.com/2016/07/3.html

57 comments:

  1. හී හී වීරප්පන් ආව නම් අම්බලන්ගොඩ මලා.....
    කාලෙකට පස්සේ මම 1

    ReplyDelete
    Replies
    1. මලා නේන්නම්.. එයින් බේරුනා මදැයි..

      Delete
  2. ලියාපං සුදෝ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ලියන්නම් සුදෝ ඉවසිල්ලෙ හිටහන්..

      Delete
  3. Replies
    1. ඇත්තම කියනවනම්බු බුදු අම්මෝ කියන්නත් අමතක වෙච්ච වෙලාවක් ඒක රසික ..

      Delete
  4. හෙහ් හෙහ් නියමයි

    ReplyDelete
  5. ලංකාවෙන් රස්සාවකුත් හම්බවෙලා , ඉන්දියාවෙ එයාපෝට් එක ගාවට එන්ඩත් උඹට ලියන්න උනේ එක පෝස්ට් එකයි. එතනින් ටැක්සියක් අරං කෝච්චියට නගින එකවත් එක පෝස්ට් එකකින් ලියන්න බෑ නේද ? ඒ අතින් අපි ආඩම්බර වෙන්න ඕනෙ අපේ රට ගැන ( විශේෂයෙන් එයාපෝට් එක ගම්පහ දිස්ත්‍රික්කෙ පිහිටල තියන එක ගැන )

    ReplyDelete
    Replies
    1. එසේමයි කම්මලේ. වැඩියෙන්ම බත් කන හරක් සිටින දිස්ත්‍රික්කයේ විම ගැන.

      Delete
    2. අනේ බන් කම්මලේ කොන්දේ අමාරුවක් හැදිලා ඉන්න හිටින්න බැරුව මේ ඉන්නේ.. මේ ටික ලියාගත්තෙත් දවස්බො දෙකකට බොහොම අමාරුවෙන් බන්.. ඊළඟ කොටහ කෝච්චියෙන් බහිනකල්ම ලියන්නම් ..

      Delete
    3. පව් බන් උදාර එහෙම කියන්න එපා.. මිනිස්සු දේශපාලුවන්ට නැවත නැවතත් හසුවීම රටපුරාම එකම විදිහට සිද්ද වෙනවා බන්..

      Delete
    4. උදාර, මොකක්ද ඒකෙන් අදහස් කලේ ?
      පබා , චතුර, මර්වින්,බැසිල්,ප්‍රසන්න, වගේ එවුන් පාර්ලිමේන්තවට යවපු හින්දද ?
      එහෙනම් හරක් ඉන්නෙ බදුල්ලෙ, සමන්ත වගේ කෙනෙක් ඉදලත් උන්ට ඌව පාර්ලිමේන්තුවට යවා ගන්න බැරි උනා. ඔහොම බැලුවහම අපේ හැම දිස්ත්‍රික්කකම වැඩිපුර ඉන්නෙ බත් කන හරක් තමයි.

      Delete
    5. කම්මලේගේ කතාවට මම එකඟයි.. පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් දිහා සහ පලයේ පහ කරපු එවුන් නැවත බලයට ගෙන්න වගේම බලයේ ඉන්න එවුන්ගේ කුජීත වැඩ සාදාරනීකරණය කරන්න බුකියේ එවුන් කඩේ යන හැටි දැක්කාම මුළු ලංකාවේම ඉන්නේ බහුතරයක් බත් කන හරක් කියල තමයි හිතන්න තියෙන්නේ.. එහෙව් රටක සමන්තලා පාර්ලිමේන්තු යයිද බන්..

      Delete
  6. ක්ම්මල කියනදේ හරි.මොනාද බන් තව ටිකක් දිගට ලියන්න තිබුනනෙ.උඹට වෙලාව නෑ කියන එක අපිට "අදාල නෑනේ"

    ReplyDelete
    Replies
    1. වෙලාවට අමතරව කොන්දේ අමාරුවක් බන්.. හිටහන් ඊළඟ එක කෝච්චියෙන් බහිනකල්ම ලියනවා..

      Delete
  7. රු 35 පැය බාගෙකින් 150 වෙන්න ඇත්තේ මට හිතෙන විදිහට මෙහෙමයි... ඒ පැය බාගෙ අතුලත ඉංදියාවේ බදු ශංෂෝදනයක් කරලා....

    චිත්තරූප මැවෙන විදිහට ලියල තියනවා... අර දුවපු එකනම් මරු...
    ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නම්කෝ... අම්බලමා ඉවසීම පරික්ෂා කරනවාද කොහෙද???

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවත් ලංකාවේ අල්ලපු රට නිසා එහෙම නොවෙන්නත් බැරි නැහැ නිර්මානි.. ඉක්මනට ලියන්නම්කො ඊළඟ කොටහ.. මාස ගානක් ඉන්දියාවේ හිටපු නිසා විස්තර ගොඩයි..

      Delete
  8. ඉක්මන්ට ඉක්මන්ට.....ඉන්දියාව එච්චරම කුජීතද?

    ReplyDelete
    Replies
    1. ගිහින් නැත්තම් ගිහින් බලහන්කො.. ලංකාවේ ජීවන තත්වය ඉන්දියාවට සාපේක්ෂව සෑහෙන්න ඉහලයි..

      Delete
  9. යකෝ මේක හරියට මුදා නොගත් පෙදෙසකට ගිහිල්ල ආව වගේ නෙ. අරූ ඉස්සෙල්ල ගාන කියන්න ඇත්තෙ එක්ස්ක්ලූඩින් ටැක්ස් වෙන්න ඇති.

    උඹ මේක නවත්තන හැටියට කියෝන අපිට (කොකා ලට) උඹේ අතින් රුපියල් දෙක ගානෙ දෙන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. වෙන්නත් බැරි නෑ.. ගාස්තුව 35යි.. බදු 115 යි.. සෑහෙන්න සාදාරනයි බන් ලංකාවට වඩා.. හෙහ්..මම මේ ඊයේ පෙරේද දැක්ක ටොයෝටා කාර් එකකට ජපානේ මිල වගේ දහ ගුණයක් බදු ගහනවා කියල ලංකාවේ..අයියෝ සල්ලි..

      Delete
  10. මෙලෝ රහක් නැති සතෙකුටනේ උඹ අහු වෙලා තියෙන්නේ...
    35 එක පාරටම 150 වෙන්න ඌ අපේ මුදල් ඇමතිගේ ඥාතියෙක්වත්ද...

    ReplyDelete
    Replies
    1. උන්ගේ රටනේ බන්.. මම බැහැපු ගමන්නේ.. අනික මම පොඩි එකාත් නිසා ඌ මගේ සාක්කුවට විද්ද..ඒ තමා පළමු සහ අවසන් අහුවීම ඉන්දියාවේ එවුන්ට.. ඊළඟ කොටහ කියවහන්කෝ..

      Delete
  11. ට *කේ.. යකෝ සත්තුවත්තට ගිහිල්ලා ගෝරිල්ලොත් එක්ක කැරම් ගහන එක ලේසියි නෙ බං ඔය කරපු හරිය කොරනවාට වඩා..
    දැං ඉතින් නෝ සමා... ලියපං මචෝ ඉතුරු හරිය..ඉක්මනටම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ ලියපු කිසිදේක බොරු බේගල් නෑ බන්.. මේ තමයි සත්‍යම සිද්දිය.. ඊළඟ කොටහ ඉක්මනට ලියන්නම් මචන්..

      Delete
  12. පණ පිහිටවල ලියල තියෙනවා. ඊළග කොටසත් ඉක්මනින් දාන්ඩ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්.. ඉක්මනින්ම දානම්..

      Delete
  13. උඹ ලකී... ඉස්සර සමහර විට ආයේ බෑග් එක හම්බ වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මම පස්සෙන් නොදිව්වනම් සමහරවිට එහෙමත් වෙන්න තිබ්බ මාතලන්..

      Delete
  14. නියමයි බං....ඉලංගෝ එක්ක උඹේ යුද්දෙ ගැන විගහට ලියහං මලේ...:)

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ලියන්නම් රවී.. හෙට අනිද්දම දාන්නම්..

      Delete
  15. මම චෙන්නායි ගිය පාර ඔය වගේ දහයක් විතර දුවගෙන ආව බෑග් එක ටැක්සිය ගාවට ගෙනියන්න. 150 කියනන් තුන් ගුණයක් වැඩි කරලනේ. ජරා සතෙක්.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මගේ පොස්ට් එකට ජීවමාන සාක්ෂිකාරයෙක්.. ඉන්දියාව එක්ක ගත්තාම අපේ ලංකාව කොයිතරම් දියුණු සමාජ තත්වයක් තියන රටක්ද අජිත් අය්යේ නේද.. මේ කාලකන්නි දේසපාලුවෝ ටිකක් එකතු වෙලා අපේ රට විනාස කරන්නේ නැත්තම් අපේ මිනිස්සු කොයිතරම් සතුටින් ජීවත් වෙනවද..

      Delete
    2. https://kolambagamaya.blogspot.co.uk/2015/11/blog-post_17.html

      Delete
  16. හයියෝ......

    මට මේක කියවනකොටත් ඉන්දියන් උං ට අමු කුනුහබ්බ කියවුනේ. ඇයි යකෝ.

    ReplyDelete
    Replies
    1. දෙරටේ සහජීවනයට අකුල් හෙලනවා කියල උඹව අල්ලන් ගිහින් හිරේ දායිද දන්නේ නෑ කසුන්.. හෙහ්..

      Delete
  17. සුවර් එකටම වැරදි තැනකින් බස්සලා යන්න ඇත්තේ, ඩ්‍රැයිවර් තුමා. හිහ්.....

    ReplyDelete
    Replies
    1. අනාවැකිය හරිද වැරදිද කියල ඊළඟ කොටසින් බලමුකෝ..

      Delete
  18. මරු කතාව. ඔය උඩ රට සෙට් එක ලංකාවට ගෙනත් බාල ටැක්සි ටික දුවනකොට කොහොමට තියෙයිද ?

    ReplyDelete
    Replies
    1. බාල ටැක්සි කිව්වේ අර ත්‍රී වීල් එකට රෝද හතරකුයි ස්ටියරින් එකකුයි හයිකරලා හදපු කාර් එකද බන්..

      Delete
  19. මරු ඉංගිරිස් ටික බං.ඕකුන් කතා කරන්නෙ ඔය විදියටමයි.අපේ කොල්ලත් පොඩි කාලෙ ඔහොම කතාකළා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ යන්න ඕන නෑ හැලප අය්යේ,, ඉන්දියන් එවුන් වැඩකරන තැනක වැඩ කරත් ඔය ආර් අකුර බෝවෙන්න පුළුවනි..

      Delete
  20. Replies
    1. ඇති නේන්නම් අත පය හතර බේරගත්ත..

      Delete
  21. ලියහන් පුතේ ඉක්මනට. කාලෙකට පස්සෙ උඹේ කතාවක් අහන්නෙ. පලවෙනි එකයි දෙවැනි එකයි එක හුස්මට ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන් මේ පැත්තේ ආවට.. අද තමා ඔන්න විවේකයක් ලැබුනේ..අද ඊළඟ කොටහ ලියන්න පටාන් ගන්නවා..

      Delete
  22. අනේ මට දැනුනේ එක හුස්මට කියවපු පොතේ ඊලග පිටුව ගැලවිලා වගේ... ඉක්මනට ලියන්න ඉතුරුටිකත් :)

    ReplyDelete
    Replies
    1. ගැලවිච්ච පිටු ටික ඉක්මනින් අමුණන්න බලන්නම්කෝ බුද්ධිකා..

      Delete
  23. මම කල්පනා කලේ මුන් මේ ටැක්සි දුවන්නත් එයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ආවොත් ලංකාව සුං..

      Delete
  24. අප්පට හුඩු මාර කෙස් එකක්නෙ වෙලා තියෙන්නෙ, උඹ ගැටය කාලෙ නිසා හතර දිසාව බලාගෙන ඇඹරෙනකොටම උට‍ මීටර් වෙන්න ඇති හාවෙක් තමයි කියල. මරාගෙනම කාල නෙව :-D

    දැනට අවුරුද්දකට කලින් චෙන්නයි ගිය වෙලේ මාව එක්ක යන්න ලෑස්ති කරලා තිබ්බ හොටෙල් පික් අප් එකට පොලු වැදිච්ච නිසා. මටත් එළියට ගිහින් ටැක්සියක් ගන්න උනා.

    කාක්කො වගේ පොර කෑවට බෑග් උදුරන්න ආවෙ නැහැ, පොරොන්දු වෙච්ච ගානටම ගිහිනුත් බැස්සුවා.

    ReplyDelete