Saturday, August 13, 2016

රොබින් හුඩ්





ඒයි  ෂෙරිෆ් ඔහොම නැවතියන් .. ඔහොම නැවතියන් ..කිව්වම අහල ඔහොම නැවතියන් ..

රෝ...රෝ...ර්ර්ර්ර්ර් රෝ..බින් මල්ලියේ මොකෝ බන්..

මොකෝ බන්.. මම මේ උඹව හම්බවෙන්න බොලෑ  ගෙවල්  පැත්තේ යනගමo.. උඹව මගදී මුලිච්චි වෙච්චි එක හොඳා..

මෝ...මෝ.. මොකෝ ර්ර්ර්ර්ර්ර් රෝ..රෝ...බිo මල්ලියේ කාරනාව..

කාරනාව තමා බොගේ  දිව ඇදෙන්න බෙල්ල මිරිකන්න හිතිච්චි එක..

මෝ ..මෝ...මොකෑ ම...ම..මල්ලියේ...මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද..මම අහවල් එකක් කොලාටද උඹ මගේ බෙල්ල මිරිකන්න එලොවන්නේ.. ඉස්සර වගේ මගෙන් දැන් බොලාට කරදරයක් නෑනේ..

තෝ මොකද බොල  මගේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවන්නේ කියහන්..

අ ..ආ....අනේ බන් මා...මා..මල්ලියේ ෆේස් බුක් මැසේජ් එකක් එව්වේ ඉතින් දන්නාඳුනන කමටනේ..

දන්නාඳුනන කමට.. උඹෙයි මැරියන්ගෙයි තියන දන්නාඳුනනකම මොකක්ද කියහන් බලන්න..

ඉතින් බන් ඒ කාලේ හිටංම මැරියන් මම දන්නා කියන එකීනෙ.. ඉතින් ඕක බොට අමුතුවෙන් කියන්න ඕනෙයි මල්ලියේ..

මම දන්න  තරමින් මැරියන් නගාට බෝව දෑහැට පේන්න බෑ .. එහෙව් එකේ උඹ මොකද කියහන් මගේ මැරියන් නගාට කරදර කරන්නේ ෆේස් බුක් මැසේජ් එව  ඒවා..

ඉතිං  බන් බොලා මට තාමත් ෂෙරිෆ් කියල කිව්වට මම දැන් ෂෙරිෆ් නෙවෙයිනේ.. දැන් මැරියන් නගා මා එක්ක තරහ නැතුවෑති බන් රොබිo  මල්ලියේ..

අනේ පල නාකියා යන්න.. බෝ ඒ කාලේ මැරියන් නගාට කරපු කියපු දේවල් අපි නොදන්නවයි.. බොගේ හෙන්චයියො මරියන්ව කී වතාවක්නම් බොගේ වල්  බලකොටුවට උස්සන් යන්න තැනුවද .. බොට එක කරගන්න බැරිවුනේ මම නිසානේ ..

ඒ ....කාලේ එව්වා දැන් ඊරයි මල්ලියේ.. දැන් මම මේ යන්තම් සන්තම් පෙන්සොo පඩියෙන් ජීවත් වෙන මනුසය වෙච්චි ඔව්ව හිත්වල තියාගෙන පැහැව පැහැව ඉන්න එකේ තේරුම මොකෙයි බං ..

මට එව්වයින් වැඩක් නෑ .. තෝ ආයේ මගේ මැරියන් නගාට ෆේස්බුක් මැසේජ් එවල තිබුනොත් කොටනව ඇල්බියන් අසිපතෙන් බොගේ  බෙල්ල දෙකට වෙං වෙන්න දැනගනින්..

හැබෑටම ඒ කඩු  කොටේ තාම උඹ ගාව තියෙනවද මල්ලියේ.. ඇන්ටික්  කාරයෙක් අල්ලුවනම් ගානකට වික්කහැකි ඕනෙනං ..

නෑ  නෑ  ඕන නෑ  එක මා ගාව තියෙද්දෙන්..

මම මේ වීලුවට නෙවෙයි බං  රොබිo  මල්ලියේ කියන්නේ.. අපේ ගිස්බන්  දැන් ඇමති කෙනෙක් ගාව බොඩිගාර්ඩ් කෙනෙක් නෙව.. ඌට දැන් සරුයි.. ඔය නිදo එහෙමත් ගන්නවා කියල කසු කුසුවක් තියේ..බොට ඕනෙනම් මං  ගිස්බ එක්ක කතාකරලා බලන්නං ..

නෑ  නෑ  ඕන නෑ .. උඹ මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව මගේ ගෑනිට ෆේස් බුක් මැසේජ් එවන්නේ නැතුව හිටියාම හොඳටෝම ඇති..

හිටහන් හිටහන්.. ඔය එන්නේ ගිස්බගෙ  ත්‍රී වීල් එක නේද.... ගිස්බෝ....න් .. ගිස්බෝ....න් ඔහොම පොඩ්ඩක් නවත්තහන් ...

රී......................න් ........කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට් ..කට්

මොකෝ බං  ෂෙරිෆ් මේ මැරෙන්න හදන්නේ..

බලහං  බං ගිස්බෝ මෙන්න මූ මට කඩුවෙන් කොටනවා කියල තර්ජනය කරනවා බන්...පුලුවනිනම් පොඩි සත්තමක් දාල මූව  ටිකක් බයකරලා දියන් ..

මොකද බොලා දෙන්න රහසින් කුටු කුටු ගාන්නේ..මාව එල්ලන්නද බොලා දැන් මේ රහස් දොඩන්නේ..

අනේ නෑ බං රොබිo අයියේ.. මෙන්න මුගේ පිස්සු..

ගිස්බෝන්.. බොගේ ඉනේ තියන පිස්තොලෙ පෙන්නල මූව ටිකක් බය කරලා දියන්කෝ..

අනේ මේ ෂෙරිෆ්.. උඹ කියන කියන එවුන්ට කඩුවෙන් කොටලා මට මාසෙට දවස් පහළොවක් විතර ඉන්නෙ උසාවියේ .. තවනo උඹේ පවු වලට කර තියන්න බෑ..

අනේ මේ ගිස්බෝ.. උඹට මම කියල නැහැනේ එක එකාගේ ගෙවල් වලට පැනල උන්ගේ සල්ලි බාගේ අතගාගෙන යන්න කියල.. බොලා කරපු පවු වලට බොලා වගකියාගනිල්ල.. නැද්ද බං රොබිo මල්ලියේ..

උඹ මගෙන් කුණුහබ්බ නාහ හිටහන් ෂෙරිෆ්.. උඹ නිසා තමා මම උසාවි ගානේ ලගින්නේ.. නිකමට හිතහන් උඹ දැන් දෙයියනේ කියල පෙන්සොo පඩියක් අරගෙන ගෑනියි දරුවයි එක්ක තුන් වේල කාල ඉන්නව.. මට එහෙමද.. මාසෙට දවස් අටක් ඉහල උසාවියේ නඩු.. දවස් පහක් කම්කරු උසාවියේ නඩු.. ඉතුරු දවස්මේ ටිකේ මානව හිමිකo එකේ නඩු .. ඔක්කොම බොගේ පවු තමයි ඉතින්..

මේ මේ .. බෝලාගේ පරණ ගනුදෙනු පස්සෙ බෙරගනිල්ලකෝ.. ෂෙරිෆ් උඹ දැනගන් .. උඹ මීට පස්සේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවල තිබ්බොත් ඇල්බියන් අසිපත බොගේ බලල හරහා යාවි හොඳේ.. ගිස්බෝ මම මේ බොටත් එක්කයි කියන්නේ.. උඹ මුගේ උගුල් වල අහුවෙලා මාව නරක මිනිහ කියල නම් කියන්න එපා..උඹ දන්නවනේ මම කව්ද කියල..

අනේ නෑ බං  රොබිo  අයියේ.. උඹ දන්නවනේ මම දැන් ඕවට නෑ  බං .. මම මේ ඥානපාල ඇමතිතුමා ගාව රස්සාව කරලා ගන්න පඩිය මදි හින්දනේ  බන් හවසට හවසට හංදියට වෙලා මේ ත්‍රීවීල් කටුවේ හයර් එකක් දුවාගන්නේ..

ගිස්බෝ .. මුගේ කට වැඩියි බන්..ඇනපන්කෝ දෙකක් මූට ..

මොනාද බොලා දෙන්න ආයේ කුටු කුටු ගාන්නෙ කියහල්ල බලන්න..

අනේ මුකුත් බෑ බං රොබිo අයියේ.. 

ෂෙරිෆ්.. පිස්සු කියවන්න එපා බන්.. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන්.. වටේම මිඩියා කාරයෝ.. උඹ කිව්ව පලියට මුගේ ඔලුවට තුවක්කුව තිබ්බොත් වටේ පිටේ ඉන්න එවුන් යසට මට විරුද්දව සාක්කි දෙයි.. උඹට ඕනෙනම නං මම ඥාන පාල ඇමතිතුමාට කියල සුදු වෑන් එකක් එවල මූව උස්සල දාන්නං .. හැබැයි ගානක් දෙන්න වෙයි..

අනේ මේ දුප්පත් මට කොහෙද බන් ඔව්වට දෙන්න සල්ලි.. ගෑනි මාව කන්න හදොනව වැහි දවසට වහල තෙමෙනවා කියල.. මට මේ ඒක හදාගන්නවත් තුට්ටු දෙකක් නැතුව බං ඉන්නේ..

මම බොට කියල තියනවනේ ෂෙරිෆ් තනිපංගලමේ හැන්දෑකොරේ එහෙ මෙහෙ යන්න එපා කියල.. උඹ කරපු කියපුවෑ හැටියට කොයි වෙලේ බොට කන්න වෙයිද දන්නේ නෑ.. බලහන් මේ දැනුත්  මේ උඹ තනියම ගිය නිසානේ මූ බොට පාර්ට් එක දාන්නේ..

බොලා දෙන්න මොනවද බොල කුටු කුටු ගාන්නේ..කියන දෙයක් මටත් ඇහෙන්න කියහන් බලන්න..

අනේ නෑ බං  රොබිo අයියේ.. මම මේ ෂෙරිෆ් උන්නැහේට කිව්වා වැඩකට නැති ලෙඩ දාගන්නේ නැතුව තියන දෙයක් කාල බීල ගෙදරට වෙලා ඉන්න කියල..

ඒක  තමයි බං  මාත් මේ කිව්වේ.. කොහෙද මුගේ වයසට නෙවෙයි වැඩ.. මූ අපේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් වගයක් එවල මට මාට්ටුයි.. ඒකයි මම මේ හොයාන ආවේ මුගේ බෙල්ල ගලෝල අතට දෙන්න කියල..

චී චී චී බොහොම කැතයි බොහොම කැතයි.. බලහං  ෂෙරිෆ් උඹේ වයසටද මේ කරලා තියන වැඩේ කියල..

අනේ බං ගිස්බෝන්.. උඹත් ඉතින් වලිගෙ පාගගන්නවනේ.. මම කියන දේ පොඩ්ඩක් හිතල බලහං .. මැරියනුත් දැන් දරු දෙන්නෙක්ගේ අම්මෙක් වෙච්චි.. මමත් දරුවෙක්ගේ තාත්තෙක් වෙච්චි.. දන්නා අඳුනන උදවිය වෙච්චි.. අපි ඔක්කොම හද්ද නාකි වෙච්චි ...මොකෝ බන් ෆේස් බුක් මැසේජ් එකක් එව්වම වෙන්නේ.. මොකෝ මම මැරියන් එක්ක පැනල යන්නද මේ නහින දෙහින කාලේ..

ඒ කතාවෙත් ඉතින් ඇත්තක් නැත්තෙම නැහැ තමා.. එව්වයින් කමක් නෑ .. මේ හැන්දකොරේ උඹ කොහේද ගියේ ගියහන් බලන්න..

අනේ බං  හවස් වෙද්දී ඇඟ  වෙවුලන්න ගන්නව මුකුත් බිව්වේ නැතිවුනාම.. අතේ සල්ලිත් නෑ.. ඔන්න ඔහේ ආතර්ගේ පොට් එකෙන් කසියා සුට්ටක් දාගෙන එන්න කියල ගියා බන්.. ඌ හොඳ එකා.. සල්ලි තුවුන නැතා මට බඩු දෙනවා පස්සේ ණය බේරනකල්..

අන්න බලහං බොලාට වෙච්චි දේ.. බොලා ඉස්සර වයින් වලින් නෑවේ නැති ටික ඉතරයි.. දැන් බොලාට කසියා ගහන්නත් වෙලා.. දැන් ඔව්වයින් මට වැඩක් නෑ.. මට වැඩ තියෙනව.. උඹ ආයේ මැරියන් නගාට ෆේස් බුක් මැසේජ් එවල තිවුනොත් මම බොගේ බෙල්ල ගලෝල අතට දෙනවා දැනගනින්..

මට විතරද බලහන් දැන් චා වෙලා ඉන්නේ.. දැන් උඹත් ඉස්පිරිතාලේ සිකුරිටි ජොබක් කරලනේ පවුල නඩත්තු කරන්නේ..මම  එක පාරක් කිව්වනේ.. මම මැරියන්ට ෆේස් බුක් මැසේජ්  එව්වේ කැත අදහසකින් නෙවෙයි ..
රොබිo  මල්ලියේ.. මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා දැනගනින්..

ඇයි  බොගේ ඉවසීම ඉවරවුනා කියල මාව එල්ලනද උඹ..

ඇයි උඹ බැහැයි කියලද හිතන්නේ..උඹ දැනගනින් නාකිය උනාට මම තමයි මේකේ හිටපු ෂෙරිෆ්..

අනේ දෙයියන්ගේ නාමෙට ඕක නවත්ත ගනිල්ලකෝ දෙන්නම..

මේ ගිස්බො .. බොගේ ඉනේ තියන පිස්තෝල කොටෙන් මුගේ ඔලුව කුඩු වෙන්න තියල දාන්න බැයිනo  උඹ මෙතනින් තොලොංචි වෙලා පලයන් කරුණාකරලා.. 

නවත්ත ගන්නවා තුන්දෙනාම.. මට මේ ආරංචි වෙලයි දුවගෙන ආවේ දරු දෙන්නව මාර්තක්කට බලාගන්න කියල..

මැරියන්.. ඔයා මෙහෙ...ඔයා මොකටද අනේ මෙතනට දුවන් ආවේ..

අනේ මේ රොබිo අයිය.... මගේ කට අවුස්සගන්නේ නැතුව ඉන්නවා හොඳයි..එලෝලු විකුණන රොසක්ක මට පයින්ඩේ දුන්නේ තුන්දෙනා එක්ක හන්දියේ මරාගන්ඩ හදනොව කියල.. මම මේ උය උයා හිටපු කුකුල්මස් වෑන්ජනෙත් ලිපෙo බාන්නේ නැතුව දුවන් ආවේ ආයේ කාටහරි කඩුවෙo  කෙටුවොත් ඇප දෙන්න උසාවි ගානේ බඩ ගාන්න වෙන්නේ මට හිංද .. ඔහේටත් කරන රස්සාවක් කරගෙන නිකං ඉන්න බැරි හැටි.. අද නයිට් එක නේද.. වැඩට යන්න තියෙද්දී නේද මේ එක එකා පස්සේ වැටිලා මරාගන්න යන්නේ..

අනේ මේ මැරියන්.. ඔයත් මගේ කට අවුස්සගන්නේ නැතුව හිටියනං හොඳා.. මම මේ නිකං  ආපු ගමනක් නෙවේ.. මේ වල් නාකියා ඔයාට ෆේස් බුක් මැසේජ් එව්ව  නිසයි මූව අල්ලගන්න කියල ආවේ...

අනේ හැබෑටම ඔයාටත් පිස්සුද අනේ.. මේ නාකිය මට ෆේස්බුක් මැසේජ් එව්ව කියල මම මු එක්ක පැනල යන්නද.. මේ එක ඇහැක් ලොකු එක ඇහැක් පොඩි නාකි උන්ද එක්ක මොකෝ මම ලවු කරන්නද අනේ..

ඒකනේ මැරියන් නගා මමත් කියන්නේ.. මේ රොබිo  මලයට පිස්සු..මැරියන් කැපෙන්නේ රොබිo මලයටම විතරයි කියල මටත් තේරුනේ පස්සෙන් පහු නේන්නං..

රොබිo  අයියා..අපි යං යන්න.. එහෙනං  ෂෙරිෆ් උන්නැහෙත් යන්න දැන් ආපු අතක් බලාගෙන.. ගිස්බොන් .. ඔයත් හංදියට ගිහින් හයර් එකක් දුවගත්තනම් හොඳයි එක එකාගේ සීනි කිරන්නේ නැතුව..

ෂෙරිෆ් උඹ අදට බේරුනා කියල හිතාගනිo .. උඹ ආයේ ෆේස්බුක් මැසේජ් එවල තිබ්බොත් මගේ මැරියන් නගාට මම තෝව තියන්නේ නෑ  දැනගනිo..

ඇයි  උඹ මට මොනවා කරන්නද.....
ගිස්බොන් .. බොට බැරිනම් දියන් මෙන්න මෙහෙට ඔය තුවක්කු කොටේ..මුගේ කට වැඩයි.. මූට දැන් මම දහ දොළොස් වතාවක් කිව්ව මට මැරියන් ගැන අදහසක් නෑ කියල.. අම්මපල්ල මූට තේරෙන්නේ නැති හැටි..

අනේ මේ ... ඇමතිතුමා මට මේක දීල තියෙන්නේ මගේ ජීවිතේ බේරගෙන ඇමති තුමාගේ විරුද්ද එවුන්ට පාර්ට් එක දාන්න මිසක් එක එකාගේ කුණු ෆේස් බුක් කේස් වලට පැටලෙන්න නෙවේ..

රෝබිනෝ බෝගේ කට වැඩියි.. මේ මැරියන් ඉන්න හින්ද මම බොට මුකුත් කරන්නේ නැහැ මෙතන..

ආ එහෙමද.. උඹ එහෙනo  ආයෙත් ෆේස්බුක් මැසේජ් එවල බලහංකො  මගේ ඇල්බියන් අසිපතෙන් බොගේ බෙල්ල දෙකට වෙන් වෙන හැටි..

ආ.. ආ.. ඇති ඇති.. යමු .. හ්ම්.. යමු...

ෂෙරිෆ් උඹ දැනගනින් අදට උඹ බේරුනේ මැරියන් නිසා කියල.. යමු මැරියන් නගා යන්න..


ඇයි අනේ ඔයා මේ කොහෙවත් ලෙඩ පටලගන්නේ.. ඔයා මේ නාකිය එක්ක මොන එහෙකට පැටලෙනවද මන්දා ..

කොහෙවත් යන ලෙඩ වෙන්නේ කොහොමද අනේ.. ඌ ඔයාට ෆේස්බුක් මැසේජ් එවන නිසානේ මේ සේරෝම ප්‍රශ්න..

ඒ නාකියා මට ෆේස්බුක් මැසේජ් එව්වා කියල මම ඌ එක්ක පැනල යන්නද අනේ.. ඔයාටත් විකාර ..

උගේ වෙලාවට අද ඇල්බියන් අසිපත මම ඉනේ ගහගෙන ආවේ නැත්තේ... මේ ඒක  නෙවෙයි මැරියන්.. ඔයා කුකුළු මස් කතාවක් කිව්වා වගේ මතකයි.. ගෙයි හරියේ සත පහක් තිබ්බේ නැතුව ඔය කොහෙන්ද අනේ කුකුළු මස් ගෙනාවේ..ඔයානo මාරයි..

මම ඔයාට කිව්වනේ ඔය සිකුරිටි රස්සාව කරලා අපිට ජීවත් වෙන්න බෑ කියල ඇහුවද ඇහුවද..

ඉතින්..මම වෙන මොනා කරන්නද අනේ.. මම දන්නේ දුන්නෙන් විදින්නයි කඩුවෙන් කොටන්නයි ඉතරයිනෙ.. ඉතිං අද කාලේ එව්වත් තහනං වෙච්චි මම සිකුරිටි රස්සාවක් කරනවා ඇරෙන්න වෙන මක් කරන්නද මැරියන්..

මම ඔයාට කිව්වා හර්න් කාරයගෙන් තියන දේපලක් ලියා ගන්න කියල පරක්කු නොවී.. කෝ ඇහුවද..ඇහුවද.... අන්තිමේ මොකද උනේ.. හර්න් කාරයත් මාගරට් අක්කගේ කසිප්පු පොට් එකට රිංගල රිංගල මාගරට්ගේ ලොකු එකී අරගෙන පැනල ගිහින් අන්තිමේ අං සෙට් එකත් කපල ඇන්ටික් කාරයෙකුට විකුණලයි නතර උනේ.. අද ඌත් සමුපකාරේ බඩු කිරනවා මාගරට්ගේ ලොකු එකීටයි දරු හතර දෙනාටයි කන්න දෙන්න..

ඉතින් හත් දෙයියනේ මේ කුකුළු මස් වෑන්ජනෙයි මේ විස්තරෙයි අතර තියෙන සම්බන්දෙ මොකෙයි..

හදිසියකට පිහිට වෙන්න හර්නුත් නැති එකේ.. ෂෙරිෆ්ලත් දැන් පිං පඩියෙන් ජීවත්වෙන තැනට වැටිච්චි එකේ ඔයාට ඔය කෙහෙල්මල් ඇල්බියන් අසිපතෙන් ඇති වැඩක් නැහැනේ..

අනේ එහෙම කිව්වට..

ඔය ඉතින් පනිනවනේ.. ඉන්නවකෝ වදේ කියල ඉවර වෙනකං .. මේ ඇල්බියන් අසිපත ගෙයි තියනකං ඔයා එක එකාගේ කුණු කේස් වලට ඕකෙන් කොටලා මම කී වතාවක්නං ඔයාට ඇප තියල එලියට ගත්ත කියල ඔයා දන්නවනේ..

ඉතිං ..

ඉතිං  කියන්නේ මනුස්සයෝ ඔය කෙහෙල්මල් ඇල්බියo අසිපතක් මෙට්ටෙ අස්සේ ගහo ඉඳල දැන් මේ වැටිච්චි ලෙඩත් ඕනෑවටත් වඩා වැඩි එකේ ..

ඉතිං ..

මම අල්බියo  අසිපත චන්දරයගේ යකඩ කඩේට විකුණලා දරු දෙන්නට කුකුළු මස් කෑල්ලක්  අරං ඇවිත් දුන්න.. 

ඔයානම් පුදුම ගෑනියෙක් මැරියන්.. මගේ පන වගේ රැකපු ඇල්බියන් අසිපත ඔයා යකඩ වලට වික්ක කිව්වාම මට පපුව වාවන්නේ නෑ මැරියන්.. කෝ එහෙනං දෙනවා මෙහෙට ඉතුරු සල්ලි ටික හිතේ අමාරුවට වැඩට යනගමන් බාර් එකෙන් ගල් කාලක්වත්  ක්‍රියා කරන්න..

කොහේ ඉතුරුද අනේ..ඉතුරු සල්ලි වලින් මම ඩේටා කාර්ඩ් එකක් දාගත්ත ෆේස්බුක් යන්න..

හුටා..

56 comments:


  1. කොහේ ඉතුරුද අනේ..ඉතුරු සල්ලි වලින් මම ඩේටා කාර්ඩ් එකක් දාගත්ත ෆේස්බුක් යන්න..

    හුටා..😂😂😂

    ඒක තමයි මරුම කෑල්ල.කතාවෙ නිධාන කතවකුත් තියෙනව වගේ.නෑ මo නිකමට කිව්වෙ😊

    ReplyDelete
    Replies
    1. අන්න අද උඹ ප්‍රසන්නයට කලින් ආව නෙහ්.. මාර්ටින්වි ක්‍රමසිංහ ශූරීන් ජින්නා එක්ක මඩොල් දුවේ හේන් ගොවිතැන් කරේ නැහැ බන්.. උපාලි ගිනිවැල්ලේ සහ ජින්නා කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ හිත ඇතුලේ මැවිච්ච චරිත දෙකක්.. මේකත් ඒ වගේම තමා..මගේ පිස්සු ඔලුවේ නිර්මාණය වෙච්චි දෙයක්..

      Delete
  2. ඕන් මම praසන්නයට කලින් කොමන්ටුවක් දැම්ම.විචාරක තුමා බිසීද කොහෙද

    ReplyDelete
    Replies
    1. චමිලයෝ උඹ කරපු වැඩේ වැරදි.. උඹට තිබ්බ අපේ ප්‍රසන්නයට පලවෙනි තැන දෙන්න..

      Delete
  3. දැන් තියෙන තත්තෙ හැටියටනං කුකුළ් මස් කෑල්ලක් ගන්න ඇල්බියන් හතම විකුණන්න වෙන සීන් එකක් තමයි තියෙන්නෙ.

    හොම්බ බිමෑනිලත් තාම ෂෙරිපගෙ මනමාල කම ගිහිල්ල නෑ එහෙනං.

    මේකට වගකියන්න ඕන අර සකර්බර්ගරය තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නයෝ උඹ අහල තියෙනවද මීමා නාකි උනාට අඟ නාකි වෙන්නේ නැහැ කියල..ඒ වගේ තමා.. හෙහ්..

      Delete
  4. Replies
    1. පවු කියල හිතෙනවා නේ..

      Delete
  5. රොබින් මැරියන් උඹනම් මැරියන්.....
    රොබින්ට අන්තිමට එහෙමත් කියන්න තිබුනේ....

    රොබිනට වෙච්ච දෙයක්:d...

    ReplyDelete
    Replies
    1. තරුණ වයසේදී වීරයෝ වෙන කාට කාටත් හරි හමන් අද්යාපනයක් වුර්තියක් ඉගෙනගෙන නැත්තම් වෙන්නේ රොබින්ට වෙච්චි දේම තමා නිර්මානි..ඒ වගේම නිලය බලය තියෙද්දී ඒ බලය අයුතු විදිහට පාවිච්චි කරන මිනිස්සුන්ටත් බලය කියන දේ නතුවුනාම වෙන්නෙත් ශ්රිෆ්ට වෙච්චි දේම තමයි.

      Delete
  6. හර්න් ප්‍රොටෙක්ට් අස්....

    ReplyDelete
    Replies
    1. හර් ර් ර් ර් ර්න් ප්‍රොටෙක්ට් අස්..!!!!!!

      Delete
    2. බලන් හිටහල්ල හර්න් බොලාව ප්‍රොටෙක්ට් කරනකං..

      Delete
  7. රොබි 0 ඇල්බි 0 කියන්නේ කවුද රොබින් ඇල්බින් කියන්නේ කවුද

    ReplyDelete
    Replies
    1. ෆොන්ට් එකේ අවුලක් වෙන්න ඕන ඔය විදිහට පෙන්නේ..

      Delete
  8. සුපිරි පෝස්ට් එක. ඔක්කොමත් හරි යටින්ම ලියපු "කොහේ ඉතුරුද අනේ..ඉතුරු සල්ලි වලින් මම ඩේටා කාර්ඩ් එකක් දාගත්ත ෆේස්බුක් යන්න." කෑල්ල තමා සුපිරි. ඇත්තෙන්ම අද අපේ සමාජයේ හරස්කඩක් මේ කොටසෙන් කියවෙනවා අම්මපා . .

    ReplyDelete
    Replies
    1. මේ ලියපු ටික ඇතුලේ තියන දේ කව්රුත්ම අල්ලාගත්තේ නැද්ද මන්ද දුකා.. තරුණ වයසේදී කොයිතරම් හැඩකාර සුරූපී සූරවීර උනත් හරිහමන් අධ්‍යාපනයක් හෝ වෘතියක් දන්නේ නැතුව වයසට යද්දී සිද්දවෙන දේ සහ නිලය බලය එක්ක වියරු වැටිච්ච මිනිස්සුන්ට ඒ නිලතල නැතිවුනාම වෙන දේ ගැන හිතලයි මේක ලිව්වේ.. ඊට අමතරව මුහුණු පොත අපේ ජන ජීවිතය ඇතුලේ කොයිතරම් නම් අහිතකර ප්‍රතිපල ඇතිකරමින් ඉන්නවද කියල නැවත හිතන්න වෙනවා නේද.. මිනිස්සු අත්‍යවශ්‍ය දේවල් වලට වියදම් කරන්න මුදල් හදල් නැහැ කිව්වට ඒ මිනිස්සුන්ට ෆේස් බුක් යන්න ඩේටා කාර්ඩ් එක ගන්න මුදල් වියදම් කනවා කිසිම ලෝභ කමක් නැතුව..

      Delete
    2. ඔව් තරුණ කාලේ සෙල්ලම් දැන බොහෝ තරුණකාලේ දිම තමන් වයසට යනවා කියලා හිතලා හරි හමන් රිටර්මන්ට් ප්ලෑන් එකක්ට වැඩ නොකරන එකෙන් තමනුත් දරුවනුත් පොදුවේ සමාජයමත් අපහසුවකට ලක් කරනවා කියලා මාත් පිලිගන්නවා.

      උදාහරණෙකට වැඩිහිටි නිවාසෙක කූඩු වෙලා ඉන්න වයසක අම්මලා තාත්තලා මාද්‍යවලින් හරි හැබෑවට හරි දකින වාරයක් වාරයක් පාසා දකින අය ඒ අයගේ දරුවන්ට සාප කරනවා.

      ඒත් ඒ අය තරුණ කාලේ දරුවන්ට යුතුකම් ඉටුනොකල දෙමාපියන්ද? ඒ අයව එහෙම තැනකට ගාල් කරන්න සිද්ද උනේ වයසට ගියත් එයාලා තරුනකාලේ කල විහිහටම කරපු එයාලගේම අකටයුතුකම් නිසාද කියලා කවුරුත් හොයලා බලන්නේ නෑ.

      ඔයාගේ කතවේ විහිලුමය ස්වරූපය අතෑරලා හිතන්න ඕන වයසට ගියත් මිනිස්සු ස්වාධීන වෙන්න නම් තරුණකාලේ මොනවගේ දෙවල් කරන්න ඕනද කියන එක.

      අහ් අර අන්තිම කෑල්ල ඔව් ඇත්තෙන්ම බඩට නොකෑවත් අනිත් අයට පෙන්න ශෝ එකට තමයි අපේ අද සමාජේ කැමති.

      කාලේ හැටි ! :D

      Delete
  9. මට අද වෙලාවට පඩි හම්බ උන එකෙන් ඇල්බියන් කඩුව අරන් මම මේ ඩේට කාඩ් එකක් දාගෙන ළමයි නැති මැරියන් කෙනෙක් හොයනගමන්. මේ රස්සාවේ හැටියට දරුවෝ එක්ක මැරියන් බැදගත්තොත් මටත් වෙන්නෙ හවසට ත්‍රී වීල් එකක් දුවන්ට තමයි.. 😂.. Hurn protects us..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. ළමයි නැති මැරියන් කෙනෙක් හොයනවට වඩා ලේසි නැද්ද ළමයි ඉන්න මැරියන් කෙනෙක් හොයාගත්තනම්.. ළමයි හදන්නත් වද වෙන්න ඕන නැහැනේ බන්. හිතල බලහන්..හෙහ්..

      Delete
  10. ලිට්ල් ජෝන් නසියර් එහෙමත් සිකුරුටි ජොබ්ද බං කරන්නෙ?...:)

    ReplyDelete
    Replies
    1. ලිට්ල් ජෝන් නං නාට්ටාමි වැඩේ කරනවලු. නසියර් හංදියෙ තැඹිලි කපනවයි කියල තමයි ආරංචිය.

      Delete
    2. නසියර් නම් මට ඉදල හිටල කතා කරනව , පොර ග්‍රැෆික් ඩිසයිනර් වැඩ්ඩෙක් , ලගදි අළුත් තැනක ජොබකට ගියා. මේ බ්ලොග් එක පැත්තෙත් හිටි ගමං එනව.

      Delete
    3. ඔය කියන්නෙ අර පහුගිය දොහොක දන්සැලක් දීපු ඩෑල් එක ගැනද?

      Delete
    4. ලිට්ල් ජෝන්ගේ තිබ්බ හැකියාවන් එක්ක බැලුවාම පිටකොටුවේ නාටාමි වැඩක් කරනවා කියල හිතන්න පුළුවන් නෙහ්.. හොයල බලන්න ඕන මෑන්ස් මොකද කරන්නේ කියල..

      Delete
    5. අඩේ අපි දැනගෙන හිටියේ නැහැනේ බන් නසියර් කම්මලේගේ යාලුවෙක් කියල.. ඔය නොදන්නා ග්‍රැෆික් වැඩ කරනවට වඩා නසියර්ට ගැලපෙන්නේ බාබර් වැඩක් බන්.. මොකෝ ඒ කාලෙත් නසියර් පාවිච්චි කරේ රැවුල කපන්න තරම් මුවහතක් තියන කඩු දෙකක්නේ.. කොණ්ඩා රැවුල් බානු ලැබේ කියල බෝර්ඩ් ලැල්ලක් එල්ලගෙන වැඩේට බහින්න කියහන් හම්බුනොත්.. මම කිව්වා කියහන්..

      Delete
    6. ඈ බන් ප්‍රසන්නයෝ.. නසියර් දන්සලක් දුන්න කිව්වා..ඔය ඇත්තමද..

      Delete
  11. Replies
    1. දෙන්නගෙම වැඩි වෙනසක් නම් නැහැ රවී..

      Delete
  12. සුපිරියි .....
    ශේරිෆ්ලාව හදන්ඩ බෑ ....

    ReplyDelete
    Replies
    1. ෂෙරිෆ්ල හැදෙන්නේ තනතුරු නම්බු නාම වලින් පෙන්ෂන් ගිය දවසට තමා බන්..

      Delete
  13. උඹේ බිංදුවට මක් වෙලාද බං?

    ReplyDelete
    Replies
    1. සිංහල ගහනකොට සමහර වචන වලට බින්දුව වැටෙන්නේ නැහැ හැලප මාමේ..ඉතින් ඉංගිරිසි හෝඩියේ "ඕ" අකුර දාල හේත්තු කරලා ජාමේ බේරගත්ත..
      හැලප මාමේ කිව්වට සොරි හොඳේ..

      Delete
  14. බිඳුවක් ඉවසා අහන්න හිතවත.. අහන්න හිතවත.. ඈ මගෙ ප්‍රිය බිරියයි.. කිසිදා නොලැබෙන පෙමක් පතා ඔබ.. sms එවනු වැරදියි ..
    හිහ්.. ඇල්බියන් අසිපත වික්ක උඹ මැරියන් මැරියන්!!!

    ReplyDelete
    Replies
    1. ඉන්තේරුවෙන්ම වැරදියි නේන්නම්.. ඒත් බං අපේ රටේ අති උතුම් සංස්කෘතිය අනුවනේ මිනිහෙක් ගෑනියෙකුට මැසේජ් එකක් එව්වම මේ එවන්නේ නිදි වදින්න කියල හිතන සිතුවිල්ල පහල වෙන්නේ.. ඒක මහා මෝඩ සිතුවිල්ලක් බන්..

      Delete
  15. ///කොහේ ඉතුරුද අනේ..ඉතුරු සල්ලි වලින් මම ඩේටා කාර්ඩ් එකක් දාගත්ත ෆේස්බුක් යන්න..///

    කෙළලා තියෙන්නේ තාප්පෙටම...
    දැන්නම් හර්න් ටවත් අපිව ප්‍රොටෙක්ට් කරන්න බැහැ...
    සුපිරි පෝස්ට් එක මචෝ...

    ReplyDelete
    Replies
    1. හර්න් කොහේ ප්‍රොටෙක්ට් කරන්නද ලොකු පුතේ ..හර්න්ටත් දැන් බුකි එකවුන්ට් එකක් තියෙනවලු..හෙහ්..

      Delete
  16. කව්ද බං පොඩි කාළේ හිතුවේ ඩේටා කාඩ් කියන්නේ අත්තියාවස්ස භාන්ඩයක් වෙයි කියලා..

    කව්දෝ එකෙක් අවුරුදු දාස් ගානකට කලින් කියලා තිබුනලු.. අනාගතේ මිනිස්සු ගල් පතුරක් වගේ එකක් අතේ තියාගෙන මුළු ළෝකෙත් එක්කම කතා බහ කරනවා කියලා..

    ඊයේ පෙරේදා අම්මලා බලන්න ගියා.. අම්මට මල හොඳම එක.. මොනවද අනේ ඔක්කොම ටික ෆෝන් එකට එබීගෙන කොරන්නේ කියලා.. ඒ පාර ෆෝන් ටික පැත්තකින් තියලා.. එයාගේ ගොසිප් අහගෙන උන්නා..

    ReplyDelete
    Replies
    1. තවත් අත්තියාවස්ස භාන්ඩයක් තමයි මදුරු කොයිල්.. කිසිම ආන්ඩුවක් මේවා අත්‍යාවශ්‍ය භාන්ඩ වලට නම් නොකරන එක හරිම කනගාටුයි..

      Delete
    2. එහෙමනං ඉතිං ඔය ප්‍රීති එහෙමත් ඒ ලිස්ට් එකට දාන්න වෙයි. හැක්..

      Delete
    3. මදුරු කොයිල් එක අතයවශය භාන්ඩෙට දාගන්න බැරිව ගියානෙ සිද්දාලේප , වෙන්ඩෝල් වලිය හින්ද . ඊට පස්සෙ ආව පැගිරි ඉෂ්න හින්ද මේ ආණ්ඩුවේ ලිස්ට් එකෙනුත් කොයිල් එක හැලුන

      Delete
    4. අපි පොඩිකාලේ තිබ්බ ලෝකේ නෙවෙයි බන් මාතලන් දැන් තියෙන්නේ.. ඉස්සර අත්‍යවශ්‍ය දේවල්අ වෙච්චි හාරපාන, ඇඳුම්, නිවාස වගේ අතවශ්‍ය දේවල් වලට වඩා දැඩිව අවශ්‍යවෙන දෙයක් වෙලා අන්තර්ජාලය..මිනිස්සුන්ට අහාරපාන, ඇඳුම්, නිවාස කියන තුනම නැතුව ඉන්න පුළුවනි අන්තර්ජාලය තියෙනවනම්.. කාලය මැවූ වෙනසක අරුමේ කිව්වලු..

      Delete
    5. මදුරු කොයිල් දුම විසයි මම හිතන්නේ මිනිස්සුන්ට.. ආණ්ඩුවට බදු එනවනම් මදුරු කරදරෙන් බේරෙන්න සයිනයිට් කරලක් ගිලල නිදාගත්තත් ආණ්ඩු වලින් මුකුත් කියන්නේ නැහැ බන්..

      Delete
  17. ඒ කාලෙ මැරියන් නංගිට ෆෝන් එකක් තිබ්බනම් රොබින්ගෙන් ඉස්සල්ලාම මැරුං කන්නෙ මම, එගෙනම් මම FB එකවුන්ට් එකකුත් හදල සෙල්ෆි ගන්න හැටිත් එයාට කියල දෙනව . අම්මේ ...මැරියන් මගෙ රන් කද ..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කට අරගෙන බලන් හිටියට දැන් බැලුවාම ඒ හැටි ගතියක් නෑ බන් කම්මලේ.. කොකා වෙතත් උඹට ඇල්බියන් අසිපතෙන් කන්න තිබ්බ චෑන්ස් එක මිස් වෙලා නෙව..චඃ ..

      Delete
  18. යන ගමන් ක්‍රොම් ක්‍රොවැක්ගෙ දේවාලෙට පඬුරකුත් දාල බාරෙකුත් වෙලාම ගියා නම් හරි නයිට් වරු ඇවිත් වටමේසෙට ඇදන් යන එකෙන් බේරෙන්න.
    හඳ ගමන ප්‍රතිඵලදායකයි වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හඳේ ඉඳන් තමයි ලිව්වේ බන්.. හෙහ්.. යන්නයි එන්නයි කිලෝමීටර 1500ක් ..ඇත්තටම හඳට යන එක ඊට ලේසියි බන්..

      Delete
  19. Replies
    1. ස්තුතියි ප්‍රාජේ..

      Delete
  20. කාලේකින් මේ පැත්තට ආවේත්.. ඒ එක්කම කතාවකුත් සෙට් වුනා නෙහ්..

    ReplyDelete
  21. කතා ඔක්කොම ටික කියෙවුවා... මාර අත්දැකීම් සමුදායක්. ඒ වගේම අපූරුවට ගලපලා ලියපු ලිපි පෙලක්... අමාරුතැන් වගයක් තියෙනවා පස්සේ අහන්නම්.

    ReplyDelete
  22. අය්යේ ලෙසටම ලියනවා බං.ඔක්කොම කියෙව්වා දවස් දෙක තුනකින්. ඉංඩියාවේ වෙච්ච දේවල් වෙන නැද්ද..තව එකක් බර්ත් ඩේ පාටිය ඉවර නැද්ද තාම.මිල්ටන්ගේ සිංදුව කියපු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන්.. ළඟදීම ඉතුරු කොටස් ලියනවා. ඉන්දියාවේ විස්තර බොහොමයි.. පසුව එකින් එක ලියවෙයි..

      Delete