Sunday, October 25, 2015

ටෙම්පරි පියානෝ..






මේ සිද්දියත් උනේ එක්දහස් නවසිය අනූ හය කාලේ කියල ටක්කෙටම  මතක තියෙන්නේ අපි උසස්පෙළ කරේ ඒ කාලේ නිසා. දෙයියනේ කියල ඉගෙනගැනීම ඇරෙන්න අනෙකුත් සියලුම කුප්ප වැඩ, තක්කඩි වැඩ , හොර මගඩි වගේ සියලුම ගනයේ නරක වැඩ වලට ඉස්කෝලේ පුරා සුප්‍රසිද්ධියක් ඉසිලුවේ අපේ පන්තිය සහ අපේ සමගාමී කළා පන්තිය. සාමාන්‍ය පෙළ පන්තියේ එකට හිටපු එවුන් කලාවට තිබ්බ අධික හිතයිශී භාවය නිසා කළා විෂයන් තෝරා ගැනීමත්, ලොකු ලොකු වාණිජ අරමුණු තිබබ් එවුන් වානිජ්‍ය හා මුල්‍ය තොරාගනීමත් නිසා පන්ති දෙකකට වැටුනත් එක පතේ කාගෙන බීගෙන හිටපු අපේ එවුන් විෂය සමගාමී නොවෙන අනෙකුත් සියලුම දේ කරේ එකට. ඒ නිසා ඉස්කෝලේ ඇතුලේ විෂයානුබද්ධ නොවෙන වෙනත් ජඩ වැඩ, බලු වැඩ කරලා අහු උනාම කළා, වාණිජ, ගණිත කියල තේරෙන්නේ බේරෙන්නේ නැතුව ඉස්කෝල තහනම් උනේ රන්චුවේමයි. කළා සහ වාණිජ අංශය ගත්තාම පන්ති තහනම් වීමේ සහ විනය කඩවීම් සඳහා කප් එක උස්සන්න කරට කර තරඟ කරේ දහතුන වසර ජී පන්තිය සහ කළා පන්තිය. ඉස්සර කාලේ පොලිසි වල තිබ්බ කියන අයි. ආර්. සී. ෆයිල් එක වගේ ඉස්කෝලේ ඇතුලේ නිර්නාමිකව සිද්දවෙන  ඕනෑම ගනයේ ශිෂ්‍ය භාවයට නොගැලපෙන කටයුත්තකදී ඉස්සෙල්ලම නම කියවෙන නම් ලිස්ට් එක ඇතුලේ මගේ නමත් ඉහලින්ම තිබුන කියල කනගාටුවෙන් උනත් කියන්න වෙනවාමයි.

මගේ කලින් පොස්ට් වල ලියවෙච්ච බඩ තඩි එකාට උගේ කුළුඳුල් පෙම්වතිය උසස්පෙළ පන්තියට ආපු වෙලාවේම සෙන්ටිමෙන්ටල් වෙච්ච නිසා ඉස්කෝලේ ඇතුලේ සිද්දවෙච්චි ශිෂ්‍ය භාවයට අනුගත නොවෙන කටයුතු වලට සහභාගී වීම බඩ තඩි එකා ප්‍රතික්ෂේප කරේ දොළහ වසරට ආපු ගමන්ම. දොළහ වසරට අඩිය තියපු ගමන්ම බඩ තඩි එකා පවුලක් පන්සලක් උනාට යන්තම් සන්තම් නැන්දම්මාව සෙන්ටිමෙන්ටල් කරගත්තේ නම් හෙළුවෙන් යාම පොස්ට් එකට පාදක වෙච්ච විනෝද චාරිකාවේදී තමා. අපේ බඩ තඩි එකා කොයිතරම් රංගන කුසලතාවයෙන් පරිපූරණද කියනවනම් ට්‍රිප් එක අතරතුරේ නැන්දම්මට වැහි පින්නක් , දූවිල්ලක්වත් වදින්න දුන්නේ නැති තරම්. එහෙව් බෑනලා ලබන්න ඉතින් නැන්දම්මලා පින් කරලා තිබිය යුතුමයි.  බඩ තඩියාගේ ආදරණීය භාරියාවට පින් සිද්දවෙන්න ඒක එහෙම නොවෙන්න මේ ලියවෙන කථා මීට බොහොම වෙනස් විදිහකට ලියවෙන්න තිබුනා. සාමාන්‍ය පෙළ කරනකම්ම අයි. ආර්. සී ෆයිල් එකේ උඩින්ම නම ලියවිලා තිබුන අපේ බඩ තඩි එකා දොළහ වසරට ගොඩ උන ගමන්ම පවුල් පන්සල් වීම නිසා වසරේ හොඳම ශිෂ්‍යයා සම්මානය ලැබීමට සියලු සුදුසුකම් සපිරුවත් ඉස්කෝලෙන් ඒ කාලෙනම් හොඳම ශිෂ්‍යයා කියල සම්මානයක් දුන්නේ නැහැ. 

එක්දහස් නවසිය අනූ හතරේ මුල් කාර්තුවේ සමාදම් වෙච්ච සිල් පද අකුරටම රකින අපේ බඩා ගැන ලියන්න මසුරං කතා කොයිතරම් තිබුනත් " තෝ මම ගැන ලියලා ලංකාවට එන්න නෙවෙයි " කියල ඊයේ පෙරේදත් තර්ජනය කරපු නිසා බඩාව උක්ත කරලා මුකුත්ම ලියන්න විදිහක්ම නැහැ. බඩා කොයිතරම් සුපීරියර් පොරක්ද කියනවනම් සාමාන්‍ය පෙළ කාලේ අංශභාර සර් ඉස්සරහට අත් දෙකෙන් මුණ වහගෙන ඇවිත් කට විතරක් පෑදෙන්න  අත් දෙක මෑත් කරලා සර්ට දිව ඇදල පන එපා කියල ගෙදරම දුවන්න තරම් එඩිතර වෙච්ච පොරක් අපේ බඩා. සැර කරත් මුත්තරා පහවෙන තරම් සැර පරුෂ අංශභාර සර් ඉස්සරහට ඇවිත් දිව ඇදල දුවන්න කොයිතරම් එඩිතර භාවයක් බඩාට තියෙන්න ඇතිද. අපේ බඩා කසාද බැඳලා කාලයක් ජීවත් උනේ අංශභාර සර්ගේ ගෙදරට ඉස්සරහ ගෙදර හෙවත් නැන්දම්මාගේ ගෙදර වීම දිව ඇදීමට ලැබිච්ච දඬුවම වෙන්න ඇති. හැමදාම උදේට හවසට බඩා දකින සර්ටත් සර් දකින බඩාටත් මොනවා හිතෙන්න ඇතිද. එහෙව් ගුරුවරු නොහිටියානම් පොලිසියේ ශාඛාවක් ඉස්කෝලේ ඇතුලේ දාන්න වෙන්න තිබ්බ අපේ එවුන්ගේ විනය රකින්න. ගණිත, විද්‍යා, කළා, වාණිජ සියලුම අංශවල ඉන්න හොර සිල් ගතපු හිවල් රංචුවේ ජාතකය හොඳ හැටි දැනගෙන හිටපු පාසල් පරිපාලනය අනූ හය වසර සඳහා ශිෂ්‍ය නායක කම් නොදී ඉන්නත් අපුරුවට වගබලාගත්තා.මේක ලියන අතරේ බඩ තඩි එකාගේ සීන් කෝන් මතක්වෙන නිසා පොස්ට් එක ටිකක් වෙන පැත්තක ගියා වගේ. එත් මේ ලියවෙච්ච හැම දෙකම තියෙන්නේ අපේ සහෝදර ශිෂ්‍ය සමාගමේ හැදිච්චකම. 

මේ ලියන්න යන සිද්දියට අවසානයේ පූර්ණ අනුග්‍රහය දක්වපු ඉස්කෝලේ හිටපු ආරක්ෂක තනතුර දරපු පුද්ගලයාව මෙතැනදී හඳුන්වන්න ඕනෙමයි. අපේම එකෙකුගේ ආදරණීය පියාණන් කෙනෙක් වුන ආරක්ෂක නිලධාරියා ශ්‍රී ලංකා පොලිසියේ කාලයක් සේවය කරපු නිලධාරියෙක් නිසා මුළු ගුරු මණ්ඩලයේම කනෙන් රින්ගුවත් ආරක්ෂක නිලධාරී අන්කල්ගේ කනෙන් රිංගන එක අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක්ම උනා. 

අපේ එවුන්ගේ ජාතකය උප්පැන්නේ ඉඳන්ම දැනගෙන හිටපු සිකුරිටි අංකල් අන්දන්න උත්සහ දැරීම හිල් කූඩෙන් වතුර අදිනවා වගේ වැඩක්. ඇත්තටම ඉස්කෝලෙන් කලින් යන්න ගෙදරින් ලියුම් අරන් ඇවිත් ඉස්කෝලෙන් අවසර ගත්තත් සිකුරිටි අන්කල් කවදාවත් අපිට මහත්මා විදිහට ගේට්ටුවෙන් අවේලාවේ ඉස්කෝලෙන් එලියට යන්න දුන්නේම  නැහැ. ඒ හින්ද ඇත්තටම නීත්‍යානුකුලව කලින් ගෙදර ගියත් සිකුරිටි අන්කල් දන්නා අඳුනන එවුන් කලින් ගෙදර ගියානම් ඒ පරණ පුරුදු විදිහටම තාප්පෙන්ම තමයි. අංශ භාර සර් හෝ නියෝජ්‍ය විදුහල්පති තුමෙක් ගේට්ටුව ලඟට ඇවිත් මේ ළමයට එලියට යන්න දෙන්න කියලා කිව්වේ නැති උනොත් සිකුරිටි අංකල් මලාට අපිට ගේට්ටුව නම් ඇරියේ නැහැ . සාපෙළ කාලේ තාප්පෙන්ම ඉස්කෝලේ ආව ගිය අපේ බඩාට යන එන එක ගැන උසස්පෙළ කරනකම්ම ප්‍රශ්නයක් තිබ්බේ නැත්තේ උසස්පෙළ කරන්න ආපු ගමන්ම නාස් ලනුව වැටිච්ච නිසයි. ඔන්න ආයෙත් බඩා මතක් වෙලා පොස්ට් එක කැලේ පනින්නයි යන්නේ.


ඉස්කෝලේ වෙලාවේදී බඩගින්නක් ආවත් අපේ එවුන් කාගේ හරි බත් පැකට් එකකට වැඩේ දුන්නේ අමුතුම තාලෙකට. මලාට කන්න දෙයක් ගේන්නේ නැති අපේ එවුන් හැමදාමත් බඩගින්න නිවාගත්තේ කාගෙන් හරි හොරකම් කරපු බත් පාර්සල් එකකින්. හවස පන්ති තියෙන සහ හවස ප්‍රැක්ටිස් තියන ළමයින්ට එයාලගේ ගෙවල් වලින් දවල් වෙද්දී බත් මුලක් නම ගම ලියල සිකුරිටි අන්කල්ගේ සිකුරිටි කුටියෙන් තියන එක සාමාන්‍ය දෙයක්. දවල් වෙද්දී සිකුරිටි පොයින්ට් එක බත් කඩයක් ගානට බත් පාර්සල් වලින් පිරෙන්නේ දෙමාපියන්ගේ දරුවන්ට ඇති සෙනෙහස කියාපාන්න වගේ. මේ වැඩේට අපේ එවුන් යොදාගන්නේ සිකුරිටි අංකල් පුද්ගලිකව  අඳුනන්නේ නැති ඩයල් එකක්. සිකුරිටි අන්කලුත් පොලිස් කාරයෙක් නිසා ඇන්දිල්ල ලේසි නැති උනත් කාලාන්තරයක් තිස්සේ අපේ එවුන් බත් පාර්සල් මගඩිය නම් දෙයියනේ කියල ඉස්කෝලෙන් එලියට එනකම්ම කරන් ගියත් කීප වතාවක් වැඩේ මාට්ටු වෙන්න ගිහින් පන එපා කියල දුවල තමා බේරුනේ. වැඩේ කෙරෙන තියරිය නම් මෙහෙමයි. ඉස්සෙල්ලම බත් පාර්සල් සෙල්ලමට කැමති සිකුරිටි අන්කල් පුද්ගලිකව අඳුනන්නේ නැති බඩගිනි එකෙක් සොයාගන්න අපේ එවුන් ඌව සිකුරිටි පොයින්ට් එකට යවන්නේ ඌට ගෙදරින් එවපු බත් එක අරන් එන්න. මුල් මුල් කාලේ සිකුරිටි අන්කල් බත් ගන්න එන එවුන්ගේ ජාතකය ඇහුවේ නැහැ. අයිතිකාරයට ඇවිත් තමුන්ගේ බත් පාර්සලය තෝරාගෙන යන්න ඕනෑම කෙනෙකුට අවසර තිබ්බා.

අපේ එවුන් බත් එක ගේන්න  යවන හොර ගෙඩියා රංගන ශිල්පයේ දක්ෂතා උපරිමයටම පෙන්වමින් බත් පාර්සල් කීපයක් තෝරා බලා කොල්ලෙකුගේ නමක් සහිත එකක් තෝරාගෙන එන්නේ කිසිම චකිතයක් පෙන්වන්නේ නැතුව. එහෙම උස්සන් එන බත් පාර්සලේ කොතන හරි මුල්ලක තියල ලිහුව ගමන් තත්පරෙන් වාෂ්ප වෙන්නේ කාපු එකෙක් හොයාගන්න නැති වෙන්නයි. මස් මාළු, බිත්තර වලට තිබ්බේ පුදුම ඉල්ලුමක්. බිත්තරේ එක කටට ගිලින එවුනුත් හිටියේ නැතුවම නෙවෙයි. පසු කාලීනව බත් පාර්සල් අතුරුදහන් වීම ගැන ඉහලට පැමිණිලි ලැබීම නිසා බත් පාර්සල් ගැන ආරක්ෂාව තරකරන්න සිකුරිටි අන්කල් පියවර ගතපි. ඊට පස්සේ  අපේ එවුන්ට සිද්ද වුනා වෙනයම් වූ විශේෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරලා  බත් පාර්සල් ව්‍යාපාරය කරගෙන යන්න. අපේ එවුන් මර්දනයට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ගය වුනේ හවස පන්ති යන කව්රුහරි හොයාගෙන උගේ නම කියල බත් පාර්සලේ සිකුරිටි අන්කල්ගේ අතින්ම අරන් ඒමයි. අපි තව කාලයක් ඉස්කෝලේ හිටියනම් බත් පාර්සල් නිකුත් කරන්න හැඳුනුම්පත ඉල්ලන තැනට එන්නත් තිබ්බ බත් බිස්නස් එක. අපේ  එවුන් කවදාවත් එකම එකාගේ බත් පාර්සලේ හැමදාම  හොරකම් නොකර එක එක ළමයින්ගේ බත් පාර්සල් ඉස්සුවේ මනුස්සකමටවත්, බඩගින්න හඳුනන හින්දවත් නෙවෙයි, හැමදාම එකම රහට එකම අතින් උයන   කෑම  කන එක කිසිම ගතියක් නැති නිසයි. අපේ බඩ තඩි එකාට නම් සාමාන්‍ය පෙලින් පස්සේ කෑම ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැත්තේ උසස්පෙළට ආපු ගමන් සෙන්ටිමෙන්ටල් වෙච්ච ලව් එක එක්ක ෆුල් පැකේජ් එකම ලැබුන  නිසයි. උදේට ඉස්කෝලේ එන බඩාට ඉන්ටවල් එකට කන්න කෑම එක පවා ප්‍රියම්භිකාවිය ගෙදරින් අරගෙන ආපු නිසා ඉන්ටවල් එකටවත් බඩාට පන්තියෙන් නෝ  හෙල්ලුම්. වාසනාව තමා ඉතින්. 

මෙකී නොකී දක්ෂතාවලින් පරිපුර්ණ අපේ එවුන් සෙට් එකේ කළා පන්තියේ හිටි එකෙකුගේ ලව් එකක් ඉස්කෝලෙට සෙන්ටිමෙන්ටල් උනේ මේ අතරවාරයේ කාලේ තමයි. ගැහැණු දැරිවිය සාමාන්‍යපෙළ කරන වයසේ හිටි නිසා අපේ එකාට කොහෙත්ම සමාවක් නොලැබෙන තත්වයක් තමා ඒ වෙද්දී තිබ්බේ. ගෙවල් වලින් දෙමාපියන් ගෙන්වලා අපේ එකාගේ කෙරුවාව දෙමාපියන්ට කියා පාන්නයි පාසල් විනය කමිටුවේ තීරණය වෙලා තිබ්බේ. ගැහැණු දැරිවිය බාල වයස් නිසා කේස් එක හයිකෝර්ට් තත්වෙටම හෙවත් විදුහල්පති තුමා ගාවටම ගෙනිහින් තිබ්බ නිසා කිසිම සමාවක් නැතුව ගෙදරින් අම්ම හෝ තාත්තා එක්කන්  එන්න අපේ එකාට නියම වෙච්චි. හයිකෝර්ට් නඩුවක් නිසා හිතවත් දන්නා කියන ගුරුවරුත් වැඩේ ගොඩින් බේරන්නේ නැතුව කර අරින්න ගත්තු නිසා අපිට සිද්ද උනා විකල්පයක් හොයන්න. ගෙදර ගියොත් තෝ නසී මග හිටියත් තෝ නසී ගේමක් නිසා අපේ එවුන් සෙට් වෙලා වැඩේ ගොඩින් බේරන්න ප්ලෑනක් ඇන්දා කියමුකෝ. සැලසුම වුනේ තාත්තා කෙනෙක් සල්ලි වලට ගැනීම. 

පෙම් පලහිලව් සහ විනය  ගැන කියද්දී දැන් මේක කියවෙන උදවියගේ හිතේ මැවෙන ප්‍රශ්නයක් තමයි බඩ තඩි එකාගේ පෙම් පලහිලව්ව ගැන ඉස්කෝලෙට ප්‍රශ්නයක් උනේ නැත්තේ ඇයිද කියන එක. ඒ ප්‍රශ්නයට උත්තරය මෙන්න මේකයි, බඩ තඩි එකා එක්ක සෙන්ටිමෙන්ටල් වෙච්චි ප්‍රියම්භිකාවිය උසස්පෙළ කරන ගැහැණු ළමයෙකු වීම එක හේතුවක් සහ විශේෂිතම  හේතුව උනේ බඩ තඩි එකාගේ වසවර්ති වැඩ නවත්තන්න පොලිසියෙන් දාලවත් බැරි තත්වෙක එකෙක් නිසා  ප්‍රියම්භිකාව කිසිම ආයාසයකින් තොරවම බඩ තඩි එකා ඉන්ටවල් එකටවත් පන්තියෙන් එලියට නොයන තැනට ගාල් කරගෙන ඉන්න නිසාත් ගුරුවරු තඩියාගේ ප්‍රේමයට කිසිම බාධාවක්  එල්ල නොකිරීමයි.


ටවුම පුරා හොයලා හොයලා තාත්තල කීප දෙනෙක්ම කුලියට ගන්න ඩීල් වුනත් ඉස්කෝලෙට යන්න වෙන කේස් එකක් නිසා හුඟක් තාත්තල වැඩේ භාරගැනීම ප්‍රතික්ෂේප කරාම තමා අපිටත් වැඩේ බරපතලකම තේරුනේ. එත් අපේ එකාගේ වාසනාවටද අවාසනාවටද දන්නේ නැහැ අන්තිමේ තාත්තා කෙනෙක් සෙට් වුනේ ටිකක් වැඩි මිලකට. යන්තම් හෙට්ටු කරලා කරලා ගාන දෙපැත්තටම සාධාරණ වෙන්න එකඟ වෙලා හරියටම වෙලාවට ඉස්කෝලෙට එන පොරොන්දුව පිට ඇඩ්වාන්ස් එකකුත් දීල අපේ එවුන් එතනින් ආවේ විදුහල්පති තුමා එක්ක කතා කරන්න ඕන දේවල් පවා වෙනම පන්තියක් දාල කුලියට ගත්තු තාත්තට උගන්වලයි. ඊට අමතරව ඉස්කෝලෙට ඇඳන් එන්න අලුත් සරමක්, කමීසයකුත් ටෙම්පරි තාත්තට අරන් දෙන්න අපේ එවුන්ට සිද්ද උනා.

තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න වෙලාව නියම වෙලා තිබ්බේ දවල්  එකොළහයි තිහට වගේ. වැඩේ අකුරටම සැලසුම් කරලා තිබ්බ නිසා අපි කාටවත් වැඩිපුර හිතල සැක සංකා ඇතිකරගන්න දෙයක් තිබ්බෙම නැහැ. ඉන්ටවල් එකෙන් පස්සේ අපේ එකාගේ තාත්ත ඉස්කෝලෙට එන වෙලාව ලංවෙද්දි වැඩේට සහයෝගය පළකිරීමක් වශයෙන් දන්නා කියන එවුන් පීරියඩ් එකක් කට් කරලා එලියට පැනගෙන විදුහල්පති කාර්යාලය අවට ගැවසෙන්න ගත්තේ වැඩේ සිද්දවෙන  ආකාරය ගැන සජීවීව දැකගැනීමේ අරමුණෙන්. 

වෙලාව දවල් එකොළහයි කාල වෙද්දී ඔන්න ටෙම්පරි පියානෝත් ඉස්කෝලෙට වාර්ථා කරා. අප්පේ බලන්න එපයි මෑන්ස්ගේ ලස්සන. අලුත් සරමයි කමිසෙයි ඇඳලා, කොන්ඩෙ  පීරලා, රැවුල කපලා, ඒ මදිවට මූනෙ පවුඩර් හිටං උලාගෙන. කුලියට ගත්ත කියල නිකමටවත් හිතන්නවත් බැහැ.  අපේ හිතවත් සිකුරිටි අන්කලුත් ටෙම්පරි තාත්තගේ ඉසේ සිට පාදාන්තය දක්වා පොලිස් ස්කෑන් පාරක් දාල අමුත්තන්ගේ ලේඛනයේ ශිෂ්‍යයාගේ නම සහ පැමිණි කෙනාගේ නම එහෙමත් සටහන් කරගෙන  ටෙම්පරි පියානෝව විදුහල්පති කාර්‍යාලය ලඟට යැව්වේ එහෙම දේවල් නිතර ඉස්කෝලේ සිද්දවෙන නිසා. විදුහල්පති හෝ පන්ති භාර ගුරුවරුන් හමුවෙන්න නියම වෙන දෙමාපියන් දිනපතා ඉස්කෝලෙට පැමිණීම සාමාන්‍ය දෙයක්. 

අපේ එවුන් ගේට්ටුව ආසන්නයේ සහ විදුහල්පති කාර්යාලය අවට අනවශ්‍ය අයුරින් ගැවසීමත් සිකුරිටි අංකල්ගේ ඉවට ඒ තරම් ඇල්ලුවේ නැති වග අපිටත් තේරුනේ " තමුසෙලා මේ පැත්තේ කැරකෙන්නේ ඒ තරම් හොඳකට නම් වෙන්න බෑ පුතෝ " කියල කීප වතාවක් සිකුරිටි අංකල් අපේ එවුන්ට කියපු නිසා. කලින් කීප වතාවක් කිව්වා වගේම පොලිස් කාරයෙක් වෙච්චි අපේ සිකුරිටි අංකල් බොහොම බුද්ධිමත් ඉව තියන මනුස්සයෙක්. එහෙව් මනුස්සයෙකුගේ පුතණ්ඩියා වෙච්චි එකා නම් ඒ අහලකින් වත් තියන්න බැරි එකෙක්. ඒ පුතණ්ඩියා තමයි බූලාගේ වික්‍රමය සීන් එකේදී පාරේ යන එකෙකුට කෝච්චියේ ඉඳන් පොල්ලකින් ගහල අපි හැමෝටම ඇතෙක් බරට පරිප්පු නැවක්ම බාලා  දීපු සමාදර අනුග්‍රහයකයා.

හයි කෝර්ට් විනය පරීක්ෂණයට නියමිත හෝරාව ලං වෙච්චි නිසා පෙම් පලහිලව්වට චූදිතයා වෙච්චි අපේ එකාත්, උගේ ටෙම්පරි තාත්තත් විදුහල්පති තුමාගේ කාර්යාලය ඇතුලට කැඳවුනා. රහස් පරීක්ෂණ කලාවේ අගතැන්පත් අපේ එවුනුත් අහු මුළු වලට වෙලා සීන් කෝන් එක ගැන ඇහැ ගහගෙන හිටියත් විදුහල්පති තුමාගේ කාමරය ඇතුලත සිදුවෙන දේ ගැන අපිට අවබෝධයක් තිබුනෙම නැහැ. මේ සියල්ල අකුරට නූලට සිද්දවෙන අතරතුරේ තමයි  අපිට කොන්ඩෙ කෙලින් වෙලා ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා කමීස කලිසම් ඇඟට ඇලෙන්න දාඩිය දාලා මුත්තරා බර වෙන දෙයක් සිද්ද වුනේ.


නිකමට සිකුරිටි අංකල් ඉන්න දිහා  බැලුවාම තමයි දැක්කේ පෙම්පලහිලව්වට චූදිතයා වෙච්චි අපේ එකාගේ ඇත්ත අම්මා සිකුරිටි අංකල්ගේ පොතේ නම ගම සටහන් කරනවා. තැන් තැන් වලට වෙලා සීන් කෝන් එක ගැන ඇහැ ගහගෙන හිටපු අපේ එවුන් භයෙන් බිරාන්ත වෙලා එකිනෙකා එක්ක ඇස් වලින්, අතින් පයින් ,ඔලුවෙන් කතා කරේ දැන් මොකද කරන්නේ කියන එකට උත්තර සක්කරයා ගාව වත් නැති නිසා. අපේ එවුන් බිරාන්ත වෙලා බලන් හිටියේ තව තත්පර කීපයකින් වෙන්න යන මහා භයානක අනතුරෙන් මොකක් වේවිද කියල හිතාගන්නවත් බැරුව. එකම පීල්ලේ මුහුණට මුහුණ හැප්පෙන්න යන සෙනග පිරිච්ච සීග්‍රගාමී කොච්චි දෙකක් හැප්පෙන්න ඔන්න මෙන්න  වගේ දැනීමක් තමයි හැමෝටම තිබ්බේ. අපේ එකාගේ අම්මා ඇවිත් ඉස්සෙල්ලම හමු වුනේ ගුරු කාමරේ හිටපු අංශභාර ගුරුතුමාව. ඒ දෙබස මෙහෙමයි..

සර් මම ........... ගේ අම්මා.. අද එකොළහයි තිහට ඉස්කෝලෙට එන්න කියල තිබුන එකයි ආවේ..

ආ එහෙමද.. ඔන්න පුතණ්ඩියාගෙ හපන්කම් අහන්න තාත්තත් ආව නේද දැන්..

මොකක්.. නැහැ තාත්ත මේ ගැන දන්නේ නැහැනේ සර්..

වෙන්ඩ බෑ .. අර දැන් පුතණ්ඩියා එක්ක ප්‍රින්සිපල්ගේ කාමරේ ඉන්නේ එහෙමනම්..

අංශභාර සර් මේ අන්දබූත කතාවෙන් අන්දමන්ද වෙලා ඊළඟට කරන දේ කල්පනා කරද්දී අපේ එකාගේ මවු තුමිය කිසිම  අවසරයක් නැතුව විදුහල්පති කාමරයේ සැලුන් දොර පෙරලාගෙන ඇතුලට ගියේ අප්පොච්චියි පුතණ්ඩියාවයි දෙන්නවම එක කටට ගිලින කේන්තියෙන්. එතනින් එහාට වෙච්චි දේ ගැන අහන් ඉන්න අපේ එවුන්ටත් ලොකු එඩිතරකමක් තිබ්බේ නැති තරම්. අපේ එවුනුත් හිස් ලූ ලූ අත  ටික දුරක් දුවලයි ආපහු හැරිලා බැලුවේ.

ඒ එක්කම ප්‍රින්සිපල්ගේ කාමරයේ සැලුන් දොර දෙපලු කරගෙන සරමේ කොනක් අතින් අරන් උසේන් බෝල්ට් මීටර් සීය දුවන තරම් වේගයෙන් එලියට මතු උනේ ටෙම්පරි පියා.. ප්‍රින්සිපල්ගේ කාමරේ සැලුන් දොර දෙපලු කරගෙන එලියට මතුවුන ගමන් අති  දක්ෂ ආකාරයෙන් එම වේගයෙන්ම අංශක අනූවේ වංගුවක් දකුණට ගතපු ටෙම්පරි පියා ධාවන කුසලතාවය උපරිමයටම ප්‍රයෝජනයට අරගෙන නැවතත් ඉගිල්ලුනේ ප්‍රධාන ගේට්ටුව පැත්තට. සීන් කෝන් එක කොයිතරම් ත්‍රාසජනකද කියනවනම් පියාගේ නික්මයාමෙන් නැවතත් පාඩුවේ වැහෙන විදුහල්පති කාමරයේ සැලුන් දොරට පලු දෙක එකතු කරන්න ලැබුනේ නැති තරම්. නැවතත් උසේන් බෝල්ට්වම මතක් කරමින් සැලුන් දොර දෙබෑ කරගෙන ධාවනයට ප්‍රවිෂ්ඨ උනේ අපේ විදුහල්පති තුමා. 

ඕකා අල්ලන්න .. ඔය මිනිහව අල්ලන්න..

විදුහල්පති තුමා කෑගහල කිව්වේ අපේ සිකුරිටි අන්කල්ට. එත් උසේන් බෝල්ටවත් අල්ලන්න බැරිවෙන තරම් වේගෙන් සරම කරට අරන් දුවපු අපේ ටෙම්පරි  පියා ගේට්ටුවෙන් පැනගත්තේ අපේ වාසනාවට. පියා ගේට්ටුවෙන් එලියට පැනගත්තු  ගමන් අපිත් පන එපා කියල හිස් ලූ ලූ අත දුවල මිසින් උනේ පියා පස්සේ දුවපු ප්‍රින්සිපල් සර් අපිව දැක්කොත් ඊළඟට වෙන දේ අමුතුවෙන් කාටවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕන නැති නිසා. 

පෙම් පලහිලව්වටයි, ටෙම්පරි පියානෝගේ සීන් එකටයි දෙකටම වැරදිකාරයා වෙච්චි අපේ එකාට දැඩි දඬුවම් හිමි වුනත් සහයෝගය දක්වපු අනික් උන්ව පාවල නොදීපු නිසා අනික් එවුන්ට දඬුවම් හිමිවුණේ නැහැ. එත් කේස් එක හැන්ඩ්ල් කරපු ගුරුවරුන් ටක්කෙටම දැනගෙන හිටියා ටෙම්පරි පියාගේ කේස් එකට  සහය දීපු සෙට් එකට දඬුවමක් දීගන්න බැරි වුනා කියලා. අපේ ටෙම්පරි බුවා ප්‍රින්සිපල්ට අහු උනානම් දෙයියනේ කියලා ඒ අහින්සකයාව පොලිසියට භාරදෙන එක අනිවාර්යයි. එහෙම වුනානම් අපි රොත්තකගේ ඉස්කෝලේ කාලෙකට තහනම් වීමත් අනිවාර්යයි. ඊට අමතරව පොලිසි ගිහින් පොලිසියෙන් බඩ පිරෙන්න කාලා එන ටෙම්පරි පියාගෙන් සහ උගේ ගෝල බාලයින්ගෙන් අපිට පාරේ තොටේදී බඩ පිරෙන්න කන්න වෙන එකත් ඉර හඳ පායනවටත් වඩා බුදු ෂුවර් .

අපේ බඩා උසස්පෙළට ආපු ගමන්ම අනංගයාගේ ඊතල පහරට ලක්වෙච්ච නිසා මේ සිදුවීම් එකකටවත් බඩා නම් සම්භන්ධ නැහැ. බඩ තඩි එකාව එහෙව් තාලෙට හීලෑ කරලා බලාකියා ගත්තු පිනෙන් අපේ බඩාගේ අඹේනිය සහ හත් මුතු පරම්පරාවම නිවන් දකිනවා සත්තයි. හයි ස්කූල් ස්වීට් හාර්ට්ලා වෙච්චි අපේ බඩා සහ ප්‍රියම්භිකාවිය දරු දෙන්නෙක් හදාගෙන සන්තෝසෙන් ජීවත් වෙන එක අපි හැමෝටම හොඳ ආදර්ශයක්. එක්දහස් නවසිය අනූ හතරේදී උසස්පෙළ පන්තියේදී සමාදන් වෙච්චි සීලය අදටත් අපේ බඩා පන වගේ රකින්නේ පණ දෙවැනි කරගෙනයි.  

සිකුරිටි අන්කල්ට නිකමට හිතෙන්න ඇති මේ දුවන් එන මුස්සයා සහ අපි අතර සහසම්භන්ධයක් ඇති කියලා. මොකද අපිත් සැක හිතෙන ආකාරයෙන් ඒ අවට  කැරකීම කලින් ඉඳන්ම සිකුරිටි අන්කල්ගේ අවදානයට ලක්වෙලා තිබ්බ නිසා. දුවන් එන එකා අල්ලලා ඉස්කෝලේ ඇතුලේ දාගත්තොත් මුන් රොත්තටම කන්න වෙයි කියල හිතිලා අපි ගැන අනුකම්පා හිතිලා වෙන්න ඕන සිකුරිටි අන්කල් ටෙම්පරි පියාව ඇල්ලුවේ නැත්තේ. සිකුරිටි අංකල් තත්පරෙන් ගේට්ටුවේ ලොක් එක දැම්මනම් අපි ඔක්කොම ගස්. එහෙම බැලුවාම අපේ නිර්දෝශීභාවයට ප්‍රධාන අනුග්‍රහය සිකුරිටි අන්කල්ගෙන්. සිකුරිටි අංකල් දීර්ඝායු වේවා කිව්වා ඔන්න..

බැලුවාම සිකුරිටි අංකල් අපේ බඩාගේ ඥාතිලු. ඒ ප්‍රියම්භිකාවගේ පැත්තෙන්ලු . බලමුකෝ එකෙත් හැටි.. බඩා හොර සිල් අරන් හෙමිජ්ජ වගේ හිටියට මේ හැමතැනටම යටින් යටින් සම්බන්ධයි.

අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල පණිවිඩේ දීල තියෙන්නේ. ඒ මදිවට ඌ අපේ එකාගේ අම්මට කියල තියෙනවා පුතාට නොදන්වාම එනවනම් හොඳයි කියල. උපදේශය අකුරටම පිලිපැදපු චූදිතයාගේ මව හෙවනැල්ලටවත් නොදැනෙන්න වෙලාවටම ඉස්කෝලෙට වාර්ථා කරපු නිසා තමා සුපිරියට සැලසුම් කරපු ගේම් එක හත්පොලේ ගාගෙන නිමා වුනේ. කව්රු කොහොම කිව්වත් උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දුවල තමුන්ගේ මලල  ක්‍රීඩා හැකියාව පෙන්නපු ටෙම්පරි තාත්තට ඒ ගෞරවය හිමිවිය යුතුයි. අපේ රටේ පවතින පාලනයේ තියන දුර්වලකම තමයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම. ඒ කාලේ ඒ  මනුස්සය ඔලිම්පික් යැව්වනම් ඒ උන්නැහේ දුවනවා කාල් ලුවිස්ලාට, බෙන් ජෝන්සන්ලාට වලිගෙවත් අල්ලන්න බැරි වෙන්න. පස්සේ කාලෙක මට ඊට වඩා සුපිරි දිවිලි ශූරයෙක් හමු වුනා. අන්න දිවිලි. ට්‍රෙන් කරලා ගත්තනම් උසේන් බෝල්ට් කැලේ . 

42 comments:

  1. //අපි ටෙම්පරියට තාත්ත කෙනෙක් හොයා හොයා ටවුම පුරා ඇවිදිද්දී අපේම එකෙක් තමයි ගෙදරටම ගිහින් චූදිතයාගේ මවු තුමියට එකොළහයි තිහට ඉස්කෝලෙට එන්නයි කියල පණිවිඩේ දීල තියෙන්නේ.//
    නෙද්දකින් ,චීත්ත අදැපු එවුන්ට පොඩි කාලෙම නෙලල කලිසම් ඇන්දුවෙ නැද්ද උඹල. යකෝ ඔය වගේ ක්‍රිමිනල් කේස් එකකදි ඔය වගේ පජාති වැඩ කරන්නෙ කොහොමද ? ආතල් එකේ කියෝගෙන ආපු කතාවට මේ ටික දැකල මල පැන්න.
    මාවත් ඔය වගේ ලව් සීන් එක ප්‍රින්සිපල්ට මාට්ටු උනා , කෙල්ලව කබඩ් එකක් පිටිපස්සෙ හංගල මගෙන් ඇහුව ,
    " මම දන්නව ගෑණු ළමයගෙ කරදරේට නේද යාළු උනේ" කියල , මම කිවුව නෑ මමයි කරදර කරල යාළු කරගත්තෙ කියල, ඔය වගේ මාව හොද කරලම කතා කලා . මම හොද උනේම නෑ.
    පස්සෙ දෙමාපියො ගෙන්නුව ( ආදේශක ගෙනියන්ඩ බෑ , රෙජිස්ටර් තැපෑලෙන් ලියුම ගිහින් ). වෙලාව එනකම් ඉද්දි නැන්දම්මල දෙන්න සෙට් වෙලා , එතෙන්දිත් පින්සිපල් කියල ගෑණු ළමය තමයි පිරිමි ළමය පස්සෙන් ගිහින් තියෙන්නෙ කියල, අපේ අම්මට මම වැඩේ පාපොච්චාරනය කරල තිබ්බ හින්ද , " නෑ අපේ ළමය තමයි වැරදි " කියල තිබ්බ . කේස් එක ඉවරයි. ඒ නැන්දම්ම තාමත් ඒ සිද්දිය ගැන අපේ අම්මව අගය කරනව.
    ප.ලි උඹේ පෝස්ට් වලින් මම ආයෙත් ඉස්කෝලෙ යනව.

    ReplyDelete
    Replies
    1. බැලුවාම ප්‍රින්සිපල් කරලා තියෙන්නේ කියලවත් කරවගන්න බැරි උදව්වක්නේ බන්.. උඹ වගේ වාසනාවන්තයෙක්.. උඹ විතරක් නෙවෙයි බන් මමත් මෙව්වා ලියද්දි හිතෙන් ආයෙත් ඉස්කෝලේ යනවා . ඒ කාලේ ආයේ අපිට කවදාවත් එන්නේ නැහැ බන්.

      Delete
    2. උඹේ පෝස්ට් වලින් මම ආයෙත් ඉස්කෝලෙ යනව. //
      මමත්

      Delete
  2. එල ද බ්‍රා මචං..
    බඩත් කොර හිනාවෙලා..

    ReplyDelete
    Replies
    1. එල නම් එලම තමයි මචන්. උඹල යම් දෙයක් ලැබුවානම් ඒක තමයි මගේ සන්තෝසය ..

      Delete
  3. මට කිං කෝබ්‍රා මතක් වුණා. ණෙසේන එකේ පොතක්. ගෙරි නරියෙක් මගෙං ඒක ගෙනිහිං ගෙනත් දුන්නෑ... ඒකෙත් තියෙන්නෙ ඉස්කෝල කාලෙ කරපු මරි වැඩ. හැක්...
    අරූ චීත්තයෙක් කියල හිතන්නත් බෑ.. ඕ වගේ ගොං ආතල් ගන්න උං. නැත්තං අනුන්නෙ ෆන් තූතූ කරල ෆන් ගන්න වුං කොහෙත ඉන්නව. උන් වගේ උං හිටපුවාමත්පොඩි කික් එකක් තියෙයි. මොකද අපෙම එකෙට්කෙියල නෙලන්න චෑංස් එකක් එන්නෙ ඔය වගේ උං හිංදනෙ හැක්

    ReplyDelete
    Replies
    1. ඔය කේලමට සම්භන්ධ එකානම් අපි කවදාවත් හදන්න උත්සහ කරේ නැහැ බන්. ගොදුරු ගිලින සත්තුන්ට ගහල වැඩක් නැහැ බන්. උන් ජීවත් වෙන්නේ ගොදුරු ගිලලානේ. ගිලින්නේ නැතුව උන්ට පැවැත්මක් නැහැ. ඒ වගේ තමයි මේකත් . උගේ පුරුද්ද අතෑරියේ නැහැ ඉස්කෝලෙන් එලියට යනකල්ම.. ලංකාවට ආවාම කීං කෝබ්‍රා අරන් කියවන්න ඕන..

      Delete
  4. මේක 'එක්තරා ඉස්කෝලෙකත්' සිද්ධ වුනා. අහු වුණේ නැහැ. ඒ උනාට ටෙම්පරි පියාට කොල්ල කියලා තියෙනවා ටීචර් වැරදි කියනකොට හිමීට එකක් කම්මුලට ගහල බනින්න කියලා. සල්ලි එහෙම ඔක්කොම කලින් අරගෙන හිටපු ටෙම්පරි පියා ටීචර් ඉස්සරහදි කොල්ලට දුන්නලු කම්මුල් පාරවල් ගාණක් දුන් විසිවෙන්න. ඌ පස්සෙ කියනවා ඇත්ත පියාට එන්න කිව්වනම් එච්චර ගුටි කන්න වෙන්නෙ නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි බන් ප්ලෑන් කරලා තිබ්බේ. කොහෙද අරූගේ අම්මා කඩන් පහත්වෙච්චි නිසා ඔක්කොම අබිලික් උනා.

      Delete
  5. ඔය ටෙම්පරි දෙමාපිය තනතුර අපිත් කීප සැරයක්ම සාර්ථකව අත්හදා බැලුවා , එත් මෙහෙම අබග්ග නම් වුනේ නෑ

    ReplyDelete
    Replies
    1. පාසල් ඉතිහාසයටම කුජීත වෙච්චි ටෙම්පරි පේරන්ට් කේස් එක මේක වෙන්න ඇති බන්.

      Delete
  6. අපේ විනය පාලක තුමාව නම් මුලු ගම්පහම අදුරනවා කක්කුට්ටා කිව්වම. අපරාදේ කියන්න බෑ පූසාගේ ජංගමයා හැමදාම පන්තයට ගෙනිව්වේ මෙතුමගේ අනුබාවෙන් තමා. පාසල් කාලේ මතකය අවදි උනා ආයෙත්........

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ජීවත් වෙනවා කියල දැනෙන්නේ ඉස්කෝලේ කාලේ මතක් උනාම තමයි බන්.. අපිත් ඉතින් සර්ලාට , මිස්ලාට ඕනා තරම් නම් ගම් ආදේශ කරලා තිබුන බන්. එව්වා මෙහෙම ලියන එක ඒ ගුරුවරුන්ට කරන අපහාසයක් . ඒ සැර පරුෂ ගුරුවරු හිටියේ නැත්තම් අද අපි මේ තැන්වල නැහැ.

      Delete
  7. අඩෝ...
    ලියන එකත් ලෙසටම ලියනවා...
    කතා ටිකත් පට්ට...

    අපෙත් ඔය ටෙම්පරි සිද්ධිය තිබිලා තියෙනවා...

    අර අම්මා එන කොටස කියවන කොට එක පාරටම මොකක්දෝ වුණා...
    ඒ තරම් සුපිරියට ලියලා...

    නමක් නැති කතාවක් ඉතුරු ටික කොයි???

    ReplyDelete
    Replies
    1. ඒක ලියල තියෙන්නේ මචන්. කට්ටියට එක දිගටම ඒක දැම්මොත් මාවයි බ්ලොග් එකයි දෙකම එපා වෙන නිසයි මැදට මේක දැම්මේ. ඊළඟට 5 වෙනි කොටස දැනටම ලෑස්තියි .

      Delete
  8. ටෙම්පරි මව් පිය කෙස් අසාර්ථකවූ තවත් එක අවස්ථාවක්.... ජයවේවා........

    ReplyDelete
    Replies
    1. අසාර්ථක නෙවෙයි බන් කුජීත වෙච්ච තවත් එක අවස්තාවක්.

      Delete
  9. පට්ට බන්......... හිනාවෙලා මැරෙනවා........... මට මැවිල පෙනුනෙ අරූගෙ දිවිල්ල.................

    ReplyDelete
    Replies
    1. එව්වට කියන්නේ දුවනවා කියල නෙවෙයි බන්.. විදිනවා කියල.. හැක් .. හැක් ..

      Delete
  10. සුපිරියි.......... ඒ කාලේ මතක් වෙනවා අම්බලං....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු..

      Delete
  11. හැක්.. උඹල ලෙසටම ප්ලෑන් කලාට බුද්ධි අංශ උපදෙස් නොතකා හැරල වගෙයි.
    අපිනං උසස්පෙලට ලැබ් එකේ හිටපු නිසා අපේ කිසිම ගේමකට අත දාන්න ප්‍රින්සිපල් ල ආවෙ නෑ. ඒ අවුරුදු දෙක නිදහසේ අපේ වැඩක් කරගෙන හිටිය. ආර්ට් කොමස් දෙක කොච්චර වලි ඇදල ස්‍ට්‍රයික් කළත් අපේ මැදිහත්වීම වෙනකල් ඒ ගැන තඹේකට මායිම් කරන්නෙ නෑ අදාල අංශ වලින්.

    බලපුවම මෙතන ඉන්න වැඩි හරියක් ටෙම්පරි පියා සෙල්ලම කරල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ආර්ට් කොමස් වල තියන කුණු කේස් සාපේක්ෂව ගණිත, විද්‍යා අංශයට වඩා වැඩියි. ඒ හින්ද එව්වා ගැන තැවෙන්න ගියොත් ප්‍රින්සිපල්ට වෙන වැඩක් කරන්න වෙලාවක් නැති වෙනවා ඉතින්... මේ කේස් එකෙන් පස්සේ දීපු හැම ගේම් එකක්ම දුන්නේ බුද්ධි තොරතුරු විමසලා තමයි..

      Delete
  12. මේක නං පැහැදිළිවම උඹ බඩ තඩි එකා කෙරෙහි ද්වේෂයෙන් ලියපු සටහනක්.

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ.. ඌ මගේ ප්‍රාණ සමාන මිත්‍රයෙක්.. වැඩේ කියන්නේ ඌ ගැන ලියන්න තියෙන්නෙම ඌ සහ මම යන දෙදෙනාමටම බඩ පුරා කන්න වෙන සිද්දි. මම සහ බඩා කියන්නේ ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් ශ්‍රී ලංකා වර්ෂන් එක .

      Delete
  13. මේක හරියන්නෑ බොල. කොමෙන්ට් වල අකුරු කියවන්න බෑ.

    ReplyDelete
  14. අලුත් ඇඳුම අන්තිමයි.වහාම වෙනස් කළොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. යට ඇඳුම ඒකම තියෙද්දී උඩින් වෙන එකක් ඇන්දුවා ඔන්න.

      Delete
  15. මේවා කියවද්දි ආයෙත් ඉස්කොලේ යන්න හිතෙනවා බං....

    මේක මාරුකරපියෝ..හරි අමාරැවෙන් කියවගත්තේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න මාරු කරෝ.. ආයේ ඉස්කෝලේ යන්න තියෙනවනම් මරු නේන්නම්. මම හිතන්නේ නැහැ ආයේ යන්න පුළුවන් නීතියක් ගෙනාවත් අපේ එවුන් සෙට් එකනම් ඉස්කෝලෙට ගනීවි කියල.

      Delete
  16. අම්බලන් අයියාගේ වයස අහු වුණා ඔන්න බ්ලොග් කතාව කියවන වෙලාවෙ...ඒ වගේ කතාවක් ලියලා කට්ටිය හිනස්සන එකම මදැයි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට. වයස හංගල මොනවා ලබාගන්නද පියුමි.. දැන් හතලිහට කිට්ටුයි..

      Delete
  17. මෙහෙම කියල මගේ වයසත් අහු වෙනවා එකට කමක් නේ මමත් ඔය කීකරු ලමි අතර හිටපු එකෙක් තමා, දහසක් වැඩ මැද උනත් පොස්ට් එකක් දන්නා ඕන කියල හිතුන. thanks මචෝ මේවා මටක් කරලා රස කරලා ලියනවට. තඩි බඩා කොහොමත් උඹව එල්ලනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තකහනියක් ඇවිත් කමෙන්ට් එකක් දැම්මට. තඩි බඩා මා එක්ක ඊයෙත් ස්කයිප් එකේ කතා කරා.. ස්තුති කරා හරියට මට ඌ ගැන මෙහෙම හරි හැම පොස්ට් එකේම මතක් කරනවට .. උඹල ඕන කොහොමහරි තඩි බඩයි මායි අතර තියන අපරිමිත මිත්‍රත්වය නැතිකරන්න.. එව්වට අහුවෙයි අපි.. අල්ලපන් මානානේ කොක්කු..

      Delete
  18. බනා ගේ කතාවකුත් දිග ඇරපන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් ප්‍රසිද්දියේ ලියනවද බන් මෙව්වා.. මේක දැක්කොත් උඹ සුං ..

      Delete
  19. මරු කතාටික.අපිට කියන්න පුලුවන්ද අයිය්යා මෙච්චර දග වැඩ කරලත් රට ගියේ.කරන රැකියාවේ ස්වභාවය වගේ දෙවල් ටිකක්.ලොකු පන්නරයක් වේවි.තවත් මෙවගේ ඇට්ටරයන්ට ගොඩයන්න.මොකද දැන් කාලේ මෙවගේ දෙවල් කලොත් කොන් කරනවනේ ලමයිව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රුවන් මේ බ්ලොග් එකට ගොඩවුනාට.. මම ලංකාවේ රජයේ ආයතනයක කාර්මික නිලධාරියෙක් විදිහට අවුරුදු දොළහක් වැඩ කරලා දැන් එතනින් අයින් වෙලා බටහිර රටක රැකියාව කරගෙන ඉන්නවා. දැන් මම කොම්පැනි එකක සීනියර් ටෙක් කෙනෙක්.

      කොච්චර ඇට්ටර වැඩ කරත් තමුන්ගේ අරමුණ අමතක කරන්න එපා කියන එකයි මගේ අවවාදය. පළමු කාරණය නම් තමුන්ව හොඳින් හදාරන්න කියන එකයි. තමුන් උපතින්ම දක්ෂ සහ ආසා කුමන ආකාරයේ දේවල් වලටද කියන එක හොඳට හදාරලා ඒ තමුන්ගේ දක්ෂකම් ආසාවන් තියන පැත්තට සරිලන අද්‍යාපන ක්ෂේස්ත්‍රයක් තෝරාගෙන ඒ පැත්තෙන් ඉහලටම යන්න උත්සහ කරන්න. රැකියාවට තියන පිළිගැනීම නිසා තමුන් දක්ෂතාව නැති ආසත් නැති ක්ෂේස්ත්‍ර තෝරාගැනීමෙන් කවදාවත් ඒ ක්ෂේස්ත්රයේ ඉහලට යන්න බැහැ. පාසල් ජීවිතයේ අවසාන අරමුණ "උපාධියක්" කියන ඉලන්ක්කයෙන් මිදෙන්න. පාසල් කාලයේදීම තමුන් දක්ෂ සහ කැමති වුර්තියක් ඉලක්ක කරගෙන ඒ ඉලක්කය වෙනුවෙන් වෙහෙසෙන්න. ඒ ඉලක්කයට යාමේදී උපාධිය අරගෙන අද්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරගන්න එක ඒම ඉලක්කයේම කොටසක් බවට පත්කරගන්න.

      ඊට අමතරව යමක් කියනවනම් ජීවිතයේ තුන් කාලයේදීම හෙවත් බාල, තරුණ, මහලු කියන අවස්ථා තුනේදීම කියවීම කියන පුරුද්ද අතාරින්න එපා.. ඒ වගේම ලැබෙන හැම වෙලාවේදීම කුසල් රැස් කිරීමට අමතක කරන්නත් එපා..

      Delete
  20. අර ජපානේ ඉන්නව කීවේ අම්බලන්ගොඩ ස්ටැන්ඩ් එක ඉස්සරහා කිරි කඩ තියන පොට් එකෙට පිටිපස්සේ බිල්ඩින් එක අයිතී අංකලෙග් පොඩි කොලුවද?

    ReplyDelete
    Replies
    1. නැහැ එයා නෙවෙයි.. එයා අපිට වඩා අවුරුද්දක් බාලයි.. අපේ එවුන් දැන් ජපානේ ඉඳල අවිල්ල්ල ලංකාවේ පවුල් පන්සල වෙලා දරුමල්ලොත් හදාගෙන ඉන්නේ ඔය සංතෝසෙන්..

      Delete
  21. ඇති යන්තම් ඔයින් ගියා . නියම කතාවක් මචන්

    ReplyDelete