Thursday, December 31, 2015

ගැලරියේ 31st Night




මේ ලියන්න යෙදෙන සිදුවීම ලියන්න හොඳම දවස අද හෙවත් දෙසැම්බර් තිස් එක වෙනිදා කියල හිතුන නිසා තමයි තකහනියෙම මේ සිදුවීම ලියන්න හදන්නේ ඔන්. දැන් ඉතින් කියන්න එපා මූ බීලද කොහේ කෙහෙල්මල් තිස් එකක් ගැන කියන්වනවා ජනවාරි පළවෙනිදා වෙලා තියෙද්දිත් කියල. සිරිලංකා මාතාවට මේ වෙනකොට ජනවාරි පළවෙනිදා අලුයම උනාට මම ඉන්න රටට තවම දෙසැම්බර් තිස් එක්වෙනිද හවස ඕන්. 

ඉස්කෝලෙන් අයින් වෙලා රැකියාවල් කරන්න පටන්ගත්තයින් පස්සේ විදේශගතවෙනකම්ම උදාවුණු හැම දෙසැම්බර් තිස් එක්වෙනිදාවක්ම ජනවාරියට එලිවුනේ  මද සිහියෙන්. දෙසැම්බර් තිස් එක්වෙනිද රෑ කියන්නේ කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් මද්‍යසාර ටිකක් වැඩිපුර ශරීරගතවෙන රාත්‍රියක්. 

අපේ එවුන් ඒ රාත්‍රියට ලකලැහැස්ති වෙන්නෙ සති දෙකතුනක විතර ඉඳගෙන. තමුන්ගේ නිවෙස්වල එහෙම කනබොන සාදයක් පවත්වන්නට කොන්ද පන තිබුන එවුන් දෙසැම්බරයේ මුල ඉඳන්ම දන්නා කියන හිතවතුන්ට ඒ ගැන කලින්ම මතක් කරන එක තමයි වඩාත්ම වැදගත් රාජකාරිය වුනේ. ලස්සනට සින්දු කියන්න පුළුවන් එවුන්ට, ඩොල්කි ගහන්න පුළුවන් එවුන්ට, ගිටාර් ගහන්න පුළුවන් එවුන්ට මාසේ මුලදීම ආරාධනා පත්‍ර ලබාදීම සිදුකරන්නේ ඒ හැකියාවල් තියන උදවියට දෙසැම්බර් තිස් එක රැය කියන්නේ අධික ඉල්ලුමක් තිබ්බ රාත්‍රියක් නිසා. 

ඊට අමතරව සාමාන්‍ය ආරාධිත පුද්ගලයින් ලැබෙන පළමු ආරාධනයට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමද තිස් එක්වෙනිදා පාර්ටියේ විශේෂත්වයක්. දෙසැම්බර් තිස් එක පාර්ටියේ තියන අව පක්ෂයේ ලක්ෂණ තමයි බීල කුදාර් වෙලා වලි  දාගෙන ඔලු පලාගෙන වාතෙ වෙන එවුන් කොතරම් යාලුවා උනත් මොනම ක්‍රමයකින් හරි පාර්ටියෙන් හලා දැමීමට උත්සහ දැරීම. එත් එහෙම හැලෙන වාත වෙන උදවිය වෙන පාර්ටියකින් නාහේ ගාවට බීල තමුන්ව නොසලකාහැරි මිතුරන් පිරිස සිටින පාර්ටියට ඇවිත් ගෝරියක් ඇදගැනීම  සමහරක් තැන්වල වෙන සාමාන්‍ය දෙයක්. 

එවන් ප්‍රියසම්භාශනයක් මාගේ නිවසේ සංවිධානය කිරීමට මට කොන්ද පන තිබුනේ නැත්තේ එවන් සාදයක් පැවැත්වීම තුලින් එතෙක් ආරක්ෂාකරගෙන ආපු මාගේ උපගෘහමුලිකකම එක රැයින්ම අවලන්ගුවෙන නිසා. ඊට අමතරව එවන් සාදයක් නිවසේ පැවැත්වීමට උත්සහ නොකලානම් එහෙම නොකළේ එහෙම සාදයක් පැවැත්වුවහොත් එතෙක් ආරක්ෂාකරගෙන තිබුන මාගේ අමද්‍යප වෙස්මුහුණ ගැලවෙන නිසාත් එම වෙස්මුහුණ ගැලවීමත් සමගම තුන් වේලටම නොමිලයේ ලැබෙන ආහාරපාන සලාකය සහ සනීපෙට සිනිඳුවට නිදාගන්න ලැබිල තියන ආදරණීය යහන් ගබඩාව අහිමිවීමේ අවදානමද වුනා. 

බෑන්ඩ් පිස්සුව හැදිලා බෑන්ඩ් ගහපු කාලෙනම් දෙසැම්බර් තිස් එක්වෙනිදා රාත්‍රිය කියන්නේ බෑන්ඩ් එකට පාර්ටියක් වරදින්නේ නැති රැයක්. බෑන්ඩ් ගහද්දි නම් දෙසැම්බර් තිස් එක කියන්නේ සනීපෙට සිනිඳුවට බියර් ටිකක් බීල බැදපු කුකුලෙක් දෙන්නෙක් බඩට දාගන්න බැරි දවසක් වෙන්නේ එහෙම කාපු බීපු එවුන් වෙරි හිඳෙනකල්ම නටවන්න වෙන්නේ සංගීතය සපයන අපිට වෙන නිසා. 

වෙන දවස්වලට වගේ සංගීතය කලින් නවත්වන්න බැරි වෙන එකම දවස දෙසැම්බර් තිස් එක්වෙනිදා උනාට එහෙම නැති දවසකත් අපේ සංගීත කණ්ඩායමට එහෙම අකරතැබ්බයක් උනා. අමුගොඩ පැත්තේ වෙඩිමකට සංගීතය සපයන්න ගිය අපිට උදෑසන හය විතර වෙනකම් මුළු ගමටම සංගීත ප්‍රසංගයක් කරන්න සිද්ද උනේ අපි රෑ දොළහට විතර සංගීතය නවත්වන්න උත්සහ කරපු වෙලාවේ ගමේ හිටපු චන්ඩි බන්ඩි කුරුඳු කැති, මන්නා පිහි, කඩු එහෙම අරගෙන ඇවිත් මැරුම්නොකා ආයේ පටන් ගනිල්ලා කියල බොහොම ආදරෙන් අපෙන් ඉල්ලා සිටිය නිසා.

පසුකාලීනව සංගීත  කණ්ඩායමෙන් ඉවත්වීමත් එක්කම දෙසැම්බර් තිස් එක කියන්නේ මට කිසිම කලබලයක් නැතුව හිතේ සන්තෝසෙන් කන්න බොන්න පුළුවන් වුන දවසක්. අපේ තඩියාලා, රවියලා, බතලයලා සෙට් වෙන පාර්ටියක උනත් තිස් එක්වෙනිදා කියන්නේ මට ටිකක් වැඩිපුර බයිට් සලාකයක් ලැබෙන දවසක්.

සමහරක් දෙසැම්බර් තිස් එක්වෙනිදා දවස් වලට තුඩුවමුල්ල තඩියා ප්‍රමුක බෝඩිමේ සෙට් එක පාර්ටිය සෙට් කරේ අඟුල කුලියට අරගෙන ගිහින් කොහේ හරි නිස්කලංක තැනක. එව්වට ඉතින් මුලිකව කටයුතු කරේ අපේ තඩියා නොහොත් පහල කමෙන්ට් කරන චමිලයා. අඟුලේ පාර්ටියට සහභාගී වෙන්නේ සීමිත පිරිසක් වෙන්නේ අඟුලේ ගමන් කරන්න පුළුවන් බොහොම සීමිත සංක්‍යාවක්  විතරක් නිසා. 

අඟුල පැදගෙන ගඟ දිගේ යන සෙට් එක ගඟ අයිනේ හම්බවෙන හොඳ තැනක් බලල අඟුල පාර්ක් කරලා වටපිටේ පන්දම් පත්තු කරල එහෙම සුද්දබුද්ද කරලා ලස්සන පරිසරයක් ගොඩනගන්න හරිම දක්ෂයි. එහෙම පටන්ගැනෙන සාදය අලංකාර වෙන්නේ ලස්සනට ගැයෙන ගීත සමූහයක් එක්ක.  අඟුලේ පාර්ටියේ තියන වාසියනම් වලි දාගෙන ඔලුපලාගන්න උදවියට ළඟාවෙන්න බැරි තැනක මෙම සාදය පැවැත්වීමයි. භූමියේ ඉන්න මත්පැන් ලෝලීන් රිසිසේ මත් වතුර බොමින් බයිට් කමින් විනෝදවෙන අතරතුරේ උඩුගුවනේ සැරිසරන්න කැමති උදවිය වෙනදාට වඩා ලොකු ප්‍රමාන වලින් රොකට් සාදාගෙන ගුවන්ගතවීම සාමාන්‍ය දෙයක්. 

අඟුලේ පාර්ටියේ තියන අවාසි සහගත කොටසනම් නොබී සිටීම නොහොත් මත් නොවී ඉන්න එකයි. අවාසනාවට ඇත්ත කතාවක් කියන එක සැබෑ වෙන්නේ අඟුල ආපහු ගමට පැදගෙන එන්න හබල් ගාන්න වෙන්නේ නොබී හිටපු එවුන්ට වෙන නිසා. කන පැලෙන්න බීපු එවුන් අඟුලේ හරහට දපා නිදාගැනීම සාමාන්‍ය දෙයක් වගේම ත්‍රයිලෝක සුවයේ ආධාරයෙන් ගුවන්ගතවුණු උදවිය හබලත් එක්ක තනියම හිනාවෙමින් ඉන්න අතරතුරේ සිහි කල්පනාවෙන් ඉන්න එවුන්ට  අනික් උන්ගේ මවුගුණ ගයමින් හබල් ගාගෙන ගමට එනකොට ජනවාරි පලවෙනිදටත් එලිය වැටිල ඕo. 

ඒ කොයියම් තරම් මද්‍යසාර සරීරගත වෙලා තිබුනත්, වෙන කාගෙහරි රොකට් එකක එල්ලිලා ගිහින් හඳට කිට්ටු කරලා හිටියත්  අපේ තඩියට අඟුලේ කැප්ටන්කම කරන්නම සිද්දවෙන්නේ ඉස්සරහ හබල් ගාන එවුන් මොනතරම් වීරියෙන් හබල් ගෑවත් අඟුලේ ධාවනයවන දිශාව තීරණය කරන්න පුළුවන් පසුපසින් හබල් ගාන කැප්ටන් උන්නැහේට නොහොත් පල්ල අල්ලන පුද්ගලයාට නිසා . ඒ  වැඩේ හැමෝටම කරන්න පුළුවන් රාජකාරියක් නොවෙන නිසා ඔලුව සාක්කුවේ දාගෙන හරි අපේ තඩියා අඟුලේ පල්ල අල්ලන වැඩේ නොකරන්න අඟුලේ ගිහින් පාර්ටි දාපු එවුන්ට ගඟ මැද රවුං ගහනවා ඇරෙන්න ජනවාරි මුල් සතිය ඉවරවෙන්න කලින්වත් ගමේ එනවනම් බොරු පුතේ.  

තණකොළ මිටියයි එළුවයි කොටියයි  එගොඩවෙච්චි කතාවේ වගේ, එක දවසක් මාදු ගඟ මැදදී අකරතැබ්බයක් වෙච්චි අපිට අන්තිමේ ගොඩ එන්න වුනේ එක ඔරුවක් පස්සෙන් පස්සට පැදගෙන. යන්තම් සන්තම් එදා එකෙක් දෙන්නෙක් කිඹුලා කන්න හරි ගිලිලා මැරෙන්න හරි තිබ්බ චෑන්ස් එක ගිලිහුනේ අපේ පාස්පෝර්ට් කතාවේ බතලයා ස්ව කැමැත්තෙන්ම ඔරුවෙන් වතුරට පැනල ජුලියන් බෝලින්ටත් වඩා වේගයෙන් ගොඩ පීනපු  නිසා. ඒ කතාව වෙනමම ලියන්න ඕන ත්‍රාසජනක සිද්දියක්. 

ලියන්න ආපු කතාව  ගිහින්  අන්තිමට නතරවුණේ මාදු ගඟේ නිසා දැන්වත්  පොස්ට් එකට උක්ත වෙච්ච දෙසැම්බර් තිස් එක සිද්දිය ලියන්නයි දැන් මේ හදන්නේ. ඔන්න මේ සිද්දිය උනේ දෙදහස් තුන අවුරුද්දේ කියලයි අක්මාව කියන්නේ. මද්‍යසාර සම්භන්ධ කතා වැඩිහරියක් මතක තියෙන්නේ මොලේට නෙවෙයි අක්මාවට කියලයි මම හිතන්නේ. ඔන්න දෙසැම්බර් දෙවැනි සතිය අවසන් වෙද්දී පාර්ටි දාන උදවියගෙන් ආරාධනා ලැබෙන්න පටන්ගන්න නිසා අපේ බඩ තඩියා නොහොත් සුනාමි කතාවේ මගේ මිත්‍රයාගෙන් දුරකථන ඇමතුමක්..

මචන් මොකද හදිසියේ ..

පොඩි වැඩකට කථා කරේ..

කියහන්කෝ බලන්න වැඩේ මොකක්ද කියල 

මචන් තිස් එක රෑ උඹල කොහේ හරි පාර්ටියක්ද 

නැහැ බන් තාම මුකුත් කතාවක් දැම්මේ නැහැ ඒ ගැන 

අපි කට්ටිය අපේ ගෙදර සෙට් වෙන්න කියල හැදුවේ.. උඹත් එහෙනම් වරෙන් හරිද..

හරි මචං බලමු එහෙනම්..

මොනවා බලන්නද බන් .. අනිවාර්යෙන් උඹ එන්න ඕන..

ඕක ගෙදර නැතුව වෙන කොහෙවත් තිබ්බනම් ඉතින් අනිවාර්යෙන් එනවා බන්.. එත් බොලෑ ගෙදර කිව්වාම ටිකක් අවුලනේ බන්..

යකෝ.. දැන් මේකේ මට ඉහලින් කුරුල්ලෙක්වත් ඉගිල්ලෙන්නේ නැහැ.. ඔක්කොම මම බලාගන්නම් උඹ වරෙන්කො..

තව කව්ද එන්නේ කියහන්..

උඹයි, අපේ සනායි , අපේ මස්සිනයි , මමයි , තව අපේ වයිෆ්ගේ නැන්දගේ පුතයි... එච්චරයි බන්..

හරි මචන් මම එන්නම් අනිවාර්යෙන්..

උඹ සනාට කිව්වද කිව්වද..

නෑ මම උඹටයි ඉස්සෙල්ලම කෝල් කරේ.. දැන් සනාට කෝල් එකක් අරන් කියන්නම්..


දැන් දැන් සුවර් නැති උනත් ඒ වෙද්දීනම් එතුමාගේ ගෙදර ගෘහමුලික පොස්ට් එක තරු පටි සියල්ලම සමග තිබ්බේ එතුමා ගාව නිසා උනත් මම දැනුවත්ව උගේ සුනාමි අහුවෙච්චි ගෙදර දාපු පලවෙනි බොන පාර්ටිය තමයි දෙසැම්බර් තිස් එක පාර්ටිය.

වෙන තැනක සෙට් උනානම් මදි පාඩුවට කුමන හෝ වර්ගයක මත්පැන් බෝතලයක්, සිගරැට් පැකට්ටුවක් වගේ දෙයක් අරගෙන යාම සිරිතක් උනත් අපේ මිත්‍රයාගේ පාර්ටි වලට යද්දී අපිට අරන් යන්න වෙන්නේ සිගරැට් විතරමයි . බයිට් කෑමට සහ කෑමට මටත් එහා  කප් ගහපු එකෙක් වෙච්චි මගේ අතිජාත මිත්‍රයා පාර්ටියක් සංවිධානය කරනවානම් එතන මොනවා නැතත් බඩපුරා කන්න මාළු ජාති දෙක තුනක්, ඉස්සො දැල්ලෝ වගේම කුකුළු මස් බයිට් අනිවාර්යෙන්ම තියෙනවාමයි. 

එවකට මගේ මිත්‍රයා සතුව බහුදින යාත්‍රාවකුත් තිබුන නිසා මාළුවලින් හිඟ පාඩුවක් කොහෙත්ම තිබුනේ නැහැ. මුළු පාර්ටියටම අවශ්‍යවෙන සිගරැට් සපයන්න අපේ අනුග්‍රාහක භාවතාට වත්කමක් තිබුනත් උපන්තේකට දුම්වැටියක් කටේ නොතියපු එකෙක් වෙච්චි මගේ මිත්‍රයාට හැමදාම සිගරැට් අමතකවීම සාමාන්‍ය දෙයක්. ඒ ඌ සිගරැට් නොබොන නිසා මිසක් ඌ සිගරැට් බොන එකෙක් උනානම් පාර්ටියට සිගරට් කාර්ටුන් දෙක තුනක් ගේනවා සහසුද්දයි.

ඔන්න කොහොමින් කොහොමින් හරි තිස් එක්වෙනිදත් උදාවුනා කියමුකෝ. මමත් රැකියාවට ගිහින් ඇවිත් නාකියාගෙන ලැහැස්ති වෙලා ගත්ත අපේ සනාට කෝල් එකක්..

බීප්.. බීප්..........බීප් ..බීප්...........බීප් 

උඹ ලෑස්ති ද ..

විනාඩි පහෙන් ලෑස්තියි..

හරි එහෙනම් මම එනව ... මම තිබ්බ ..

අම්මේ මම යනවා ..

රෑ නොවී එන්න යන තැනකින්..

අද දෙසැම්බර් තිස් එකනේ අම්මේ.. ඒ හින්ද එන වෙලාව ෂුවර් නැහැ..


මාස දෙකක් විතර නිවාඩු නැතුව එක දිගටම අද්දනේ අම්මා.. ඒ හින්ද හෙට නිවාඩුවක් දානවා..

අවුරුද්දේ මුල නිවාඩු දානවද ළමයෝ..

කවද දැම්මත් තියෙන්නේ නිවාඩු හතලිස් පහයිනෙ අම්මේ.. ඔන්න ඔහේ මොනා වෙනවද නිවාඩුවක් දැම්මට..

අනේ මන්ද ..තාත්ත එක්ක බේරගන්න වෙයි ..

ඇයි තාත්තද මට නිවාඩු අනුමත කරන්නේ ...ඒක හෙටනෙ අම්මේ.. මම යනෝ..

ඔන්න මමත් සනා විසින්ම ජැක් ගහල විනාස කරපු මගේ මෝටර් රථයෙන් පිටත්වුනා බඩ තඩියා නොහොත් මගේ හිතාදර මිත්‍රයාගේ ගෙදර පාර්ටියට යන්න. යනගමන් සනාව ගෙදරින් අරගෙන යන්නයි හිතාගෙන ගියේ. සනාගේ ගෙදර ගාවට ගිහින් හොර්න් එක ගැහුවාම මෙන්න මු තාම ටවල් එක පිටින්.

එන්නේ නැද්ද බන්..

විනාඩියෙන් එනවා..

විනාඩියෙන් කිව්වට විනාඩි පහොලොවක් විතර මාව රස්තියාදු කරපු සනා ඇවිත් කාර් එකට නගිනකොට සනාගේ මවුතුමියත් එළයට බැහැපි. සනාගේ මවුතුමියගේ ඇස්දෙකට වැලිගහල මාරුවෙනවා කියන්නේ හීනයක්.

දැන් කොහෙද යාළුවො දෙන්න එක්ක යන්නේ..

යාලුවෙකුගේ ගෙදර පාර්ටියක් ඇන්ටි .. ඉතින් පොඩ්ඩක් ඔලුව දාල එන්න කියල..

රෑට එනවද උදේද එන්නේ.. උඹල එනවා කියල කියන වෙලාවට වඩා පැය හත අටක් පරක්කු වෙලානේ කොහොමත් එන්නේ ..

අම්මේ මම මුන්ගේ ගෙදර ඉඳල උදේම එන්නම්.. නැත්තම් අම්ම දොර අරින්න ඇහැරෙන්න එපයි..

අප්පේ උඹේ ආදරේ.. 

(ඇන්ටි එහෙම කිව්වට සනාගේ මුළු ලෝකෙම උගේ අම්ම කියල දන්නා ඌට ඉන්න එකම යාළුවා මම විතරයි..එහෙම බය නැතුව මේකේ ලියන්න පුළුවන් සනාගේ වයිපරේ මේක කියවන්නේ නැති විත්තිය ඉන්තේරුවෙන්ම දන්නා නිසාත් සනා කියන්නේ අනවර්ථ නාමයක් නිසාත් හින්දයි. සනාගේ වික්‍රමය පොස්ට් එක ලිව්ව දවසේ ඉඳන් සනා මා එක්ක කතා කරන්නෙම නැත. දන්නා කියන සන්නිවේදන මාද්‍ය සියල්ලෙන්ම අමතල අසාර්ථක වෙච්චි නිසා  මම මේ කල්පනා කර කර ඉන්නේ කෙල්ලෙක් ලියන විදිහට සනාට පෙම් හසුනක්වත් ලියල යවන්නයි. එහෙම යවන පෙම් හසුන සනාගේ වයිපරේට මාට්ටු උන ගමන් සනා හැරෙන තැපෑලෙන් මාව අමතන එක අනිවාර්යයි.)

ඔන්න සනාත් ඇඳපැළඳගෙන ඇවිත් කාර් එකේ ගොඩවුනා. 

මොනාද ගෙනියන්නේ..

දුමක් අරගෙන යමන්.. අනික්වා ඔක්කොම ඇති බන්..

කෝකටත් කෝල් එකක් ගහල බලහන්..

හිටහන් බලන්න..

බීප්..බීප්..........බීප්..බීප්.........බීප්..

අඩෝ මොනාද ගෙන්න ඕන...

හෙලෝ...පොඩ්ඩක් ඉන්න... මෙයා ෆෝන් එක කාමරේ දාල ගිහින්.. (හුටා... බඩා මහත්තයාගේ වයිපරේ ෆෝන් එක අරන් තියෙන්නේ )

ඒයි මෙන්න කෝල් එකක්..

ඔයා කතාකරලා බලන්නකෝ කව්ද කියල ඒයි ..මම පොඩි වැඩක්..

මට බෑ අනේ.. ඔයාම කතාකරලා බලන්නකෝ... 

අපේ එකාගේ අතට ෆෝන් එක දෙනකම් මම උන්නේ දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහි ගැහී.. මොකද කියනවනම් අපේ මුළු මිත්‍ර සමාගමම යකෙකුටවත් බයනැති උනාට අපේ බඩ තඩියගේ වයිපරේට ෆේස් කරන්නනම් ටිකක් නෙවෙයි සෑහෙන්න බයයි. 

හෙලෝ.... මම බන්.. මොනාද ගේන්න ඕන...

මුකුත් ඕන නෑ ...කට්ටිය ඇවිත් ඉන්නේ.. උඹල දෙන්න විතරයි අඩු...

හරි මචන්.. අපි එනගමන්.. බායි...

මිත්‍රයගෙ ගෙදර කාමරේක සංවිධානය වෙලා තිබ්බ පාර්ටිය අපි යද්දී ජයටම පටන් අරගෙන. දැන් දැන් ලොකු ලොකු සැර රටබීම ජාති බොන්න පුරුදු උනාට මගේ තඩි මිත්‍රයා ඒ කාලේ සුපිරි බියර් ලෝලියෙක්. ඒ හින්ද කාමරේ මුල්ලක සහ ශීතකරණයේ අසුරලා තිබ්බ බියර් බෝතල ප්‍රමාණය විස්සකට වැඩියි. පාර්ටියේ පිරිස පස්දෙනයි.

ගැලරි බෝතල් හතරකුත් (ගැලරි යනු මත්පැන් වර්ගයක් බව ගැලරි ගැන නොදන්නා බවලත් උදවිය වටහාගනු මනාය. එක බෝතලයක ලීටරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩංගු වේ) අනුපාන වශයෙන් කොකාකෝලා, සෝඩා ඇති තරම්ද , අයිස් කැටද, මාළු ජාති කිහිපයකින් සෑදුන බයිට් ඇති තරම්ද, ඩෙවිල් ක්‍රමයට සෑදු කුකුළු මස් ද නාන්න තරමට සාදා තිබු සාදයේ ගැලරි බීම සඳහා මා මිත්‍රයාගේ මස්සිනාත්, සනාත් එකෙන්ම ඉදිරිපත් වුයේ ඔවුන් දෙදෙනාම බියර් බීමට වැඩි කැමැත්තක් නැති පුද්ගලයින් වන නිසා. 

සාදයේ අනුග්‍රාහක තැන්පත් මා මිත්‍ර තඩියා (බඩ) ඔහුගේ විසල් උදර කුහරය පිරවීමට එකෙන්ම තෝරා තිබුනේ බියර් විතරයි. මා මිත්‍රයාගේ බිරින්දෑගේ ඥාති පුත්‍රයකු වන අයියාද යන්තමින් බියර් මදක් තොලගානා පුද්ගලයෙක් නිසා ඔහුගේ බීමට ඇති දායකත්වය මෙහිදී නොසලකා හරිය මනාය. 

මම තැන්පත් බීමට වඩා ෆෝකස් කරන්නේ බයිට් කෑමට නිසා බීරද ගැලරිද කියා විශේෂයක් නැති. එදත් අදත් මට තියන එකම ප්‍රශ්නය නම් බීර වලට එහා සැර බීමක් බොනවානම් ලොව තිබෙන මිල අධිකම වටිනාම බීමක් උනත් මට දැනෙන විශේෂත්වයක් නැතිකමයි. ලංකාවේ ජාතික බ්‍රෑන්ඩ් එකවෙච්චි ගල් අරක්කු විතරක් මට සුවඳින් අඳුරගන්න පුළුවන් එකම වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රෑන්ඩ් එකයි. නොබීවොත් මැරෙනවා කීවත් ගල්නම් කට හරියේ තියන්නට අකමැති උනත් අවස්ථාවේ සහ අවශ්‍යතාවයේ  හැටියට වෙනත් ඕනෑම මධ්‍යසාරයක් උගුරෙන් පහලට යන ඕනෑම අවස්තාවක මට දැනෙන්නේ මෙලෝ රහකට නැති ජරාව මොකට බොනවද කියන සිතුවිල්ල විතරයි. සාදයක් හෝ හමුවීමක් ඉදිරියට ගෙනයාමට යමක් කටේ හලා ගැනීමේදී ගල් නැත්තම් ඔනෑ දෙයක් මට එකයි. ඒ මට එව්වයේ රහක් ගුණක් දැනෙන්නේ නැති හින්දයි.  

රාත්‍රී හතයි තිහට වගේ පටන් ගැනුන සාදය වර්ණවත් කිරීමට ගීත ගායනය වගේ අංගත් විටින් විට කෙරුණත් සාදයේ අවසන් අරමුණ උනේ ගෙනාපු බෝතල් සියල්ලම බී අවසන් කිරීම. වැඩේ එන්න එන්නම දරුණු අතට හැරෙන නිසා මගේ මිත්‍රයාගේ වයිපරේගේ ඥාතිය කලින්ම ගෙදර මාරුවුණේ ජනවාරි පළවෙනිදා වැඩට යන්න තියනවා කියල කියාගෙන. මමත් සනාත් ජනවාරි පළවෙනිදා රැකියාවට නොයන තීරණයේ හිටපු නිසා අපිට ගෙදර ඒමට හදිසියක් තිබ්බේ නැති තරම්. 

එතන හිටපු අනෙක් පුද්ගලයා හෙවත් සාදය සංවිධායකගේ මස්සිනා වෙච්චි අයිය ඒ වෙද්දීත් සුප්‍රසිද්ද ගාර්මන්ට් එකක ලොක්කෙක්. හයේ හතරේ ශරීර කුඩුවක් දරාගෙන ඉන්න පුද්ගලයෙක් විදිහට ගැලරි බෝතල් හතරක් උනත් බඩේ පුරවන්න පුළුවන් පොරක්. බොහොම වැදගත් විදිහට රස්සාව කරගෙන වැදගත් විදිහට ජීවත්වෙන පුද්ගලයෙක් වෙච්චි මේ අයිය එහෙම තැන තැන බොන ජාතියේ පුද්ගලයෙක් නෙවෙයි. කෑවනම් බීවනම් ඒ බොහොම තෝරාගත්තු පිරිසක් සමග පමණයි. බෝතල් දහයක් බීවත් මනා සිහි කල්පනාවෙන් ඉන්න පුද්ගලයෙක් වෙච්චි මේ සහෝදරයා එක්ක බොන්න වාඩි උනා කියන්නේ නැගිටිනවා බොරු. 

මචං ... ප්..ප්..පාන්ඩර දෙකයි බං වෙලාව්...අප් ..අප්පි දැන්     න් ...න් ..නවත්තමු..

පිශ්ශුද බාන් ... අද් .....අද්ද ත්...තර්ටි ෆස්ට් නයිට් බන්..

ද්...ද....දැන් ඇති බාන්....

අරි..මල්ලිලා.....ම් ...ම් ...මාල්ලිලා ... තව එක්ක ෂ් ........ෂොට් එක්කාක් දාමු....

ස් ...සනා....ම් ...මොකද ..ක් ...ක්.කියනේ..

න් ....නෝ  ප්....ප්‍රොබ්ලම් ..අයියෙ ...අයි...අයිය ක්..කියනවනම් ...ග් ...ගාමු...

අ..අන්න ක්..කොල්ලො ...ම් ...ම්මෙන්න සූපර් කොල්ලො .

අරි..ම් ...මමත්..තව් එක බියර් එක්කාක්.... බොනව්...

මේ...මේ...උඹ මේ කතාවෙන්..අව් ...අවුට් ..උම්බ මග්ගේ මස්...මසිනා උනත්...උම්බ බිව්...බිව්වේ බී...බී...බියර් න් ..න් ..නිසා.. උම්බට මේකට ක්..කට ද් ...දාන්න බෑ ..

ඔන්න ඔය වගේ සංවාද වලින් අවසන් වෙච්චි සාදය ඇත්තටම අවසන් උනේ අර තිබ්බ ගැලරි බෝතල් හතරම මමත්, සනාත්, මස්සිනා අයියත් බීල අහවර උනායින් පස්සෙයි. කොහොමින් කොහොම හරි බඩ තඩියා බියර් බෝතල ටිකයි බයිට් කන්දයි ඉවර කරන අතරතුරේ තඩියාගේ මස්සිනාත් , මමත්, සනාත් ගැලරි බෝතල් හතරම  බීල අහවර කරලා කියල සහසුද්දෙන් දැනගන්නකොට ජනවාරි පළවෙනිදා අලුයම තුනයි.

ඊළඟට තිබ්බේ හැමදෙනාටම සුභ නව වසරක් කියල විසි තිස් වතාවක් ප්‍රාර්ථනා කරලා ගෙදර එන්න පිටත් වෙන්න. ලෝකෙම තියන අරක්කු එකතුකරලා පෙව්වත් මම වාහනේ කොහෙවත් හප්පගන්නේ නැතුව ගෙදර යන එක කවදත් හොඳටම විශ්වාස නිසා සනාත් මමත් ඔන්න දෙයියනේ කියල එන්න පිටත් උනා. ගැලරි බිව්වේ අපි තුන්දෙනා විතරක් නිසා කිසිම ගැටළුවක් නැතුව එකාගේ බඩේ බෝතලයකට වැඩි ප්‍රමානයක් තියෙන නිසාත් මම ගැලරි වලට අමතරව මගේ හිතමිතුරු බඩ තඩියා විසින් දීපු ෆ්‍රෙන්ඩ්ෂිප් බියර් ටිකකුත් බීපු නිසාත් කන්දක් විතර මාළු සහ මස් කාපු නිසාත් ජනවාරි පළවෙනිදා උදෑසන මොනවිදිහ තත්වයක් උදාවෙයිද කියන එක ගැන මට තිබ්බේ අවිනිශ්චිත තත්වයක්. උපන්දා හිටන් මේ වෙනකම් බීල ගෙදරට මාට්ටු වෙලා නැති නිසා මිත්‍රයාගේ ගෙදරින් පිටත්වෙලා ගෙදරට වාහනේ පදවාගෙන එන අතරේ මම කල්පනා කරේ ගෙදර යනවද නොයා ඉන්නවද කියන එක. එත් මිත්‍රයාගේ ගෙදරින් පිටත්වෙලා වාහනේ ගියර් දෙකක් මාරු කරද්දී සනා ඉස්සරහ සීට් එකේ දොයි කියහන්කෝ.

වෙනදට කට්ටිය සෙට්උණු දවස්වලට ටිකක් තොලේ කටේ ගාගෙන ගියත් තාත්ත නිදාගන්න කලින් කීයටවත් ගෙදර යන්නේ නැති තරම්. මම කීයට හරි ගෙදර එනකම් සාලේ පුටුවක් උඩ අඩ නින්දේ ඉන්න අම්ම වාහනේ වත්තට දාන සද්දෙට දොර ඇරියාම අම්ම ගෙට යනකම් මිදුලේ තියන  ටැප් එකෙන් කකුල් දෙක හෝද හෝද කාලය ගත කරන්නේ අම්ම අසලින් යනකොට අම්මට ගඳ සුවඳ දැනේවි කියන භයට. එත් මම රෑ දොළහට එකට ගෙදර එන දවස්වලට තාත්ත   කාමරේ ඉඳන් අම්මට දෙන විධානය නම් ... 

අරින්න එපා දොර ඕකට... මල රෑ වෙනකම් රස්තියාදු ගහල ආවනම් එළියේ නිදාගන්න කියන්න.. 

ඒ වගේ රැයක්  උදාවුනා කියන්නේ ඊට පස්සේ උදාවෙන දවස් කීපයක් යනකම් තාත්ත මගේ මුනවත් නොබලන තැනට වැටීමක් වගේම මම ගෙදර බල්ලටත් වඩා පහලට වැටෙන තත්වයක් සහ අහගෙන ඉන්න බැරි තරම් කුණු කතා දාහක් අහන ඉන්න වෙන දඬුවමක්. එහෙව් දවස් වලට තාත්ත පටන් ගන්නේ උපන්දා හිටන් මම කරපු වැරදි එකින් එක මතක් කරගෙනයි. 

එදත් වැඩේ දෙල් වෙන තත්වයේ තරම් බීපු නිසා අවසානයේ මම තීරණය කරා ගෙදර නොගිහින් වාහනේ මග දාගෙන එළිවෙනකල් ඉඳල ගෙදර යන්න. එත් මගේ බීමත් කමට සිහියට ආවේ මගේ වෙළඳ ස්ථානය ළඟ වාහනේ දාගෙන නිදියන්න. වාහෙනේ පදවාගෙන මගේ වෙළඳ ස්ථානය ලඟට ආපු මම වාහනේ එන්ජිම නවත්තල සනා ඇහැරෙව්ව.

සනා නැගිටපන්..

ම් ...

නැගිටපන් යකෝ...

ග් ..ගෙදර ආවද...

අද අපි බීල ව් වැඩියි බං .. ඒ හින්ද කාර් එක්කේ නිදියමු...

හ්ම්..ඒ කියන්නේ තෝ මාව මහ ප්..පාරේ නිදි කරවන්නේ...

න් ...නෑ මචං ... පාරේ උනාට කාර් එකෙන්...

කාර් එකේ උනාට මහ පාරෙනේ බාන් ...

ඔය විදිහට සනා නින්දට වැටුනට මට නින්දක් අහලකවත් නැති තරම්. මෝඩකමට උගුරෙන් පහලට යවපු ගැලරි ඔක්කොම ඔඩීසී , සෙකන්ඩ් ක්ලාස්, බැල්කනි සියල්ලමත් එක්ක එලියට එන්න දඟලන බව මට ටිකෙන් ටික තේරුනා. දන්නා කියන සෙල්ලම් ඔක්කොම දාල ගැලරිට එන්න එපා වස්තුවේ පාඩුවේ හිටහන් මගේ දෙයියෝ කියල කිව්වත් ගැලරි කියන දේ අහුවේම නෑ ..

දෙපා වාරු නැත ඔබ හැර යන්නට කියල මමත් කාර් එකෙන් බහින්නෙම නැතුව බොහොම අමාරුවෙන්  රියදුරු පැත්තේ වීදුරුව ඇරල ඔඩීසී , සෙකන්ඩ් ක්ලාස්, බැල්කනි, ගැලරි සියල්ලටම යන්න ඇරිය. යනවා කිව්වට එහෙමත් යාමක්. හත් අට වතාවක් විතර කබරගොයා නාහෙන් කටින් එලියට විදලා පෙරේද කාපුවත් එක්කම දාල ඉවර උනායින් පස්සේ ඔන්න යාන්තම් ඇඟට සනීපයක් දැනෙන්න ගත්ත මට. එත් නින්ද යාගෙන එනකොටම මට නිකම් කරන්ට් එකක්  වැදිලා වගේ මතක් උනේ ජනවාරි පළවෙනිදා උදේ පාන්දර අලුත් ඇඳුමක් හෙම ඇඳගෙන තාත්ත කඩේ අරින්න එනවා නේද හත් දෙයියනේ කියල. එත් කරන්න දෙයක් නැති කමට ඔන්න ඔහේ ඕන එකක් කියල නිදාගන්න හැදුවත් නින්ද යන්නේ නැහැ තාත්තව මැවිලා පේනවා. වෙන තැනක වාහනේ දාගෙන නිදාගන්න බැරි කව්රුහරි එකෙක් පොලිසියට කෝල් කරොත් ඒ පරිප්පුවත් එපා නොකිය කන්න වෙන නිසා. කරන්න කිසිත් නැති නිසා අන්තිම තුරුම්පුව ගහන්න මම සුදානම් උනා.

සනා.... නැගිටපන්..

ම් ....

සනා... නැගිටපන්කෝ ...

මොන මල වදයක්ද බන්... නිදාගන්න දියන්කෝ... උඹ ගෙදර එක්ක යනවා කියල මාව අරන් ඇවිත් මහ පාරේ බුදි කරනව මදිවට නින්දත් කඩනව බන්.. මට නිදාගන්න දියකො..

නැගිටපන්කෝ සනෝ...

මොන මල වදයක්ද බන්... ද් ..දැන් මොකටද උම්බ නැගිටින්න කියන්නේ.. මට්ට නම් බෑ තල්ලු දාන්න උඹේ කාර් එකට..

තල්ලු දාන්න නෙවෙයි බන්.. නගිටහන්කෝ..

මොකද බන්..මොකද..

මේ සීට් එකට වරෙන්කො...

නෑ මට මේ සීට් එක හොඳයි...

අනේ බන් ...මට මේක ඉඩ මදියි...උඹ කෙට්ටුයිනේ බන්.. වරෙන්කො..

මොන මල වදයක්ද බන්... වර එහෙනම්...

හෝව්...හෝව්.... උඹ බහින්න එපා..ඔහොමම මේ පැත්තට පැනහන්කෝ .. මම වටෙන් එන්නම්...

සනා ඉදිරිපස මගී අසුනෙන් පැන රියදුරු අසුනට ඒමත් මම රියදුරු අසුනෙන් බැස කබරයා නොපාගා සීරුවට වටෙන් ඇවිත් ඉදිරිපස අසුනට වැටීමත් සමගින් ප්‍රශ්නය විසඳුනා.. දෙන්නටම නින්ද ගියා...

ඩොග් ...ඩොග් ...ඩොග් ....ඩොග් .....

කන ගාවින් යන්තමින් ඇහෙන සද්දෙන් මට ඇහැරිලා කේන්තියෙන් ඔරවල බලද්දී දැක්කේ කාර් එකේ වහපු වීදුරුවෙන් තෝව උයල කනවද අමුවෙන් කනවද කියාන්නහේ රකුසු බැල්මකින් මා දිහා බලන් ඉන්න පියාණන් වහන්සේ..ඒ කියන්නේ මම ඇහෙරෙනකොට ජනවාරි පළවෙනිදා  උදෑසන අටයි. මම වෙලාව ටක්කෙටම දන්නේ තාත්ත කඩේ අරින්න එන්නේ උදේ අටට නිසා.. බොහොම අසරණ ලීලාවෙන් මම කාර් එකේ වීදුරුව පහත් කරා.

යනවා ගෙදර.....

තාත්තගේ විධාන එපමණයි. ඒ ටික කියල තාත්ත කඩේට ගියා උනාට අද රෑට මට සොහොන පත්වෙන බව තමයි ඒ හඬේ තිබුනේ..

සනා...නගිටහන්...

ඒයි යකෝ... නගිටහන්...

මොකද බාන් මේ කරදරේ.. නිදාගන්න දියන්කෝ..

නැගිටහන් බූරුවෝ.. එළිවෙලා ..නගිටහන්..

හා..... ඉතින්.. එළිවෙන එක මට නවත්තන්න පුලුවන්ද බාන්..

යකෝ..තාත්ත කඩේ අරින්න ඇවිත්.. නැගිටහන් ඉක්මනට...

හැහ් ....දැන් මොකද කරන්නේ..

ස්ටාර්ට් කරපන් ඕක ඉක්මනට...

මොකක්...

ස්ටාර්ට් කරපන් බූරුවෝ ඕක ඉක්මනට...

ඔන්න සනා මළවුන්ගෙන් නැගිට්ට වගේ අළු ගසාදාළ නැගිටලා කාර් එක ස්ටාර්ට් කරගත්ත.

කොහෙද යන්නේ අපි..

යමන් උඹව දාල එන්න..

හරි..

සනාව ගෙදරින්  බස්සල ගෙදර එන ගමන් මග නවත්තල කාර් එකේ තිබ්බ වතුර බෝතලේකින් රියදුරු දොරත් සෝදාගෙන ගෙදර ඇවිත් ආයෙත් නින්දට වැටුනේ ඔලුව කෙලින් තියාගෙන ඉන්න මොනම ක්‍රමයකට උත්සහ කලත් බැරි නිසා.. 

දවල් දවසම නිදාගත්තු මම ඇහැරෙද්දි හවස හතහමාරයි. නාගත්තොත් ඔලුවේ තියන මුස්පේන්තු ගතිය ඇරිලා යාවි කියල හිතාගෙන නාන කාමරයට වැදිලා පැයක් විතර නාපු මම නාන කාමරයෙන් එලියට එද්දී තාත්ත කඩේ වහල ඇවිත්. පැහැදිලි වැරදි සතිත ෆයිල් තුනයි. පළමු එක වැඩට නොයාම. දෙක, කබරයා දාගෙන මහපාරේ බුදියා දෙමාපියන්ගේ ගෞරවය කෙලෙසීම. තුන, දවසම ගෙදර ඉඳලත් කඩේ පැත්තටවත් නොයාම. මම එතනින් මාරුවෙන්න යනකොටම තාත්ත වෙඩි නූල පත්තු කරා.

මූ දැන් හදන්න බෑ .. රෑ තිස් පැයේ රස්තියාදුවේ යනවා මදිවට මුන් දැන් නිදාගන්නේ මහපාරේ.. රස්සාවක් හරියට කරන්නේ නැහැ.. මෙලෝ මොලේ තියන මනුස්සයෙක් කරන වැඩක්ද ජනවාරි පළවෙනිදා රස්සාවට නොයා ඉඳල නිවාඩු දානව කියන එක. 

තාත්තා මාගේ ගුණ ගයනාව ගයන්නට පටන්ගත්තාම ආයේ වෙන කෙනෙකුට කතා කරන්න දෙයක් නැති තරම්. ඒ තරම් අහගෙන ඉන්න ආස හිතෙනවා. ඒ වෙලාවට තමයි හිතෙන්නේ බඩේ ගලක් බැඳගෙන ලිඳේ පනින්න. එත් හැමදාමත් මාව බේරගන්න අම්ම මෙතැනදී මැදට පනිනවා.

මොකද ළමයෝ කඩේ ගාව වාහනේ දාගෙන නිදාගත්තේ.. මහා දුරක් නෙවෙයිනේ ගෙදරට..

එන්න තිබ්බ අම්මේ..එත් මම ගෙදර ආවේ නැත්තේ වැඩි හොඳට...

අනේ ඔයා අහන්න මුගේ බොරු බේගල්.. මුන් දැන් හදන්න බෑ ..

වෙච්ච දේ අහන්නේ නැතුව මටම බැන්නට තාත්ත සහසුද්දෙන් දැක්කනේ අරූ වමනේ දාල තිබ්බ තරම් .. ඉතින් තාත්ත කියන්නේ මට ඌ ගෙදර එක්ක ඇවිත් කාමරේ වමනෙ දම්මගන්න කියලද.. සනා ටිකක් බීල වැඩියි.. ඉතින් මට ඌව ගෙදර යවන්නත් බැහැ .. ගෙදර ගේන්නත් බැහැ .. කොයිදේටත් දුකට සැපට ඉන්න එකා මග දාළ ඇවිත් රස්සාවට යන්න කියලද තාත්ත මට කියන්නේ..

හරි කොහොමින් කොහොමින් හරි ජනවාරි පළවෙනිදා රස්සාවට ගියේ නැහැනේ. 

ඇයි නොගිය කියල උන් මාව අස්කරන්නද..

හා හා ඇති ඇති තාත්තගෙයි පුතාගෙයි  වාදෙ .. 

අම්මා ගෙදර සාමවිනිසුරු කම දරන නිසා හැමදාමත් වගේ දෙපසට වෙන පීඩිත පන්තිය සහ පාලක පන්තිය වාදය දින කිහිපයකට කල් දැමෙන්නේ තාත්තට ආයෙත් මගේ වරදක් අහුවෙනකම් විතරයි. සනා අමු අමුවේ පාවලා දෙන්න පුලුවන් උන නිසා බොරු සාක්ෂි වලින් මගේ නඩුව නිදහස්. මේ සිද්දිය ලිව්වට පස්සේ සනා විසින් මට කනේ පාරක් ඉල්ලලා දීපු අහස්කූරු චෝදනාවෙන් එකට එක අනුපාතයෙන් මට සනාව නිදහස් කරන්න වෙනවා.

ගැලරි බෝතලේ දාල එන ඒ කොලපාට පෙට්ටිය කුණුගොඩක  තිබිල දැක්කත් ඇති මට වෙරි..
අදත් කොතනහරි පාර්ටියක ගැලරි බෝතලයක් දැක්කොත් මට ඉතින් බිව්වා වගේ තමයි.. 
ඒ සියලුම ස්තුතිය හිමිවෙන්න ඕන ඒ සාදය සංවිධානය කරල තුන්දෙනෙකුට ගැලරි බෝතල් හතරක් පොවාපු මගේ හිතාදර මිත්‍ර බඩ තඩියාට සහ අන්තිම ෂොට් එක වෙනුවෙන් තවත් බෝතලයක්ම බෙදාහදාගෙන බොන්න පෙරැත්ත කරපු බඩ තඩියාගේ මස්සිනාට. තුන්දෙනෙක් එක්ක බෝතල් හතරක් බීල එයින් ගියා මදැයි.

අම්බලන්ගොඩ කථා පාඨක සැමට සහ සියලු බ්ලොග් මිතුරන්ට ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා..

65 comments:

  1. අපිටනම් අලුත් අවුරුද්ද ලැබුවා ඕං..
    අම්බලන්ගොඩ,
    ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත්,අම්බලන්ගොඩ පාඨකයන් සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මහේෂ්..මෙහෙත් ඔන්න අවුරුදු ලැබුවා ..

      Delete
  2. අනේ මන්දා ඔයාගෙ ටිකිරි මොලේ....

    ReplyDelete
    Replies
    1. ටිකිරි නෙමෙයි 'ගැලරි' මොලේ.

      Delete
    2. ආයෙත් අහල.. නාගෙ ගාවට බිව්වත් මොලේනම් සෑම සයිලයක්ම දශමෙටම වැඩ.. ප්‍රසන්න කියනවා වගේ ගැලරි මොලේ..

      Delete
  3. //නොබීවොත් මැරෙනවා කීවත් ගල්නම් කට හරියේ තියන්නට අකමැති උනත්// කෝ මේ ගල් බලකායෙ උං.

    ReplyDelete
    Replies
    1. තරයේ හෙලා දකිමි..!! චැඃ

      Delete
    2. අපේ ගස්ලබ්බත් ගල් බලකායෙ සාමාජිකයෙක් වගෙයි.. ගල් බීවාම අනිද්දටත් ගඳයි බන්.. හොරාට බොන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ ගල්.. අන්න හොරාට බොනවානම් IDL white Rum තමයි බීම.

      Delete
    3. මේව ගල් බෝතලයක් හොයා ගන්න නැති නිසා හිතේ දුකට කියන කතා.
      වරෙන්කො ලංකාවට, සීදුවටම අරං ගිහින් බලෙන් ගල් බෝතලයක් පොවනව.

      Delete
    4. අනේ ඇත්තමයි බන් ගල් අරක්කුයි අර ඉස්සර තිබ්බ බ්ලූ ලේබලුයි ඇරෙන්න අනික් ඔක්කොම ජාති මට එකම රසයි. ගල් සහ බ්ලූ ලේබල් නම් පට්ට ගඳයි බන්. කියන්න අමතක උනා හැනපියර් නම් ඇස් බැඳලා පෙව්වත් අඳුරන්න පුළුවනි.. හැක් ..හැක් ..

      Delete
  4. සුබ නව වසරක්වේවා අම්බලන්ගොඩ කතාවෝ!
    ජයහ වේවා!

    ReplyDelete
    Replies
    1. වර්නෙටත් සුභ නව වසරක් කිව්වා ඔන්න... ජයෙන් ජයවේවා..

      Delete
  5. මොනා උනත් සනා ඒ වෙලාවෙ වෙලා තියෙන දේ දැනගත්තනං බොට යන්න වෙන්නෙ ගෙදර නෙමෙයි. හැක්..

    අම්බලන්ගොඩ සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනව නැවත පාරක්.

    ReplyDelete
    Replies
    1. සනා දැනගන්න නිසා තමයි බොලේ වාහනෙන් බස්සන්නේ නැතුව ඇතුළෙන්ම ඩ්‍රයිවින් සීට් එකට පැන්නුවේ..

      Delete
  6. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ.. අවුරුදු ජයයි වගේ..

      Delete
  7. සුභ නව වසරක් වේවා අම්බලං.............

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කුරුටු..

      Delete
  8. සුබ නව වසරක් වේවා මචෝ.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා දිනේෂ්...

      Delete
  9. ඇයි යකෝ අපි බොන දවස් වල තුන්දෙනෙක්ම බොන්නෙත් මිලි ලීටර් 750යි. තොපි තුන්දෙනෙක් ලීටර් හතරක් බීලා කතාව කියන්ඩ ඉතුරු වුන එකත් ලොකු දෙයක්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒ බොන දවස්වල නෙ. නාන දවස්වලට ඊට වැඩිය පාවිච්චි වෙනව ඇති.

      Delete
    2. මගේ ජීවිත කාලෙටම වැඩියෙන්ම බිව්වා දවස එදා තමයි.. එව්වා ඉතින් ප්‍රසන්න කියනවා වගේ බොනව නෙවෙයි බන් නානව. බීල වෙච්චි සීන් තව තියනවා ලියන්න. එව්වත් ලියන්නම්කො ඉදිරියට. එදා බීපු බීම රිකවරි වෙන්න නම් ජනවාරි මුල සතියම ගියා ඩ්‍රැකී.. dextrose ම බොන්න ඇති විස්සක් තිහක් සතිය පුරාම.

      Delete
    3. dextrose තමා බේත. අපේ යාළුවො කෂ්ටියක් දහය වසරෙදි බීලා, උන්ට අපි කැව්ව කෙහෙල් පිති... :-)

      Delete
    4. මොකක් කිව්වා... කෙහෙල් පිති.. එව්වටත් වෙරි බහිනවද බන්... හෆොයි... උන්ගෙ කටවල් ඉතුරු උනාද බන්..

      Delete
    5. වෙරි බහින් නෑ... බයිට් එකට මරු.

      Delete
    6. බයිට් එකට කෙසෙල් පිති.. උඹ අපිව බයිට් කරනවා නේද ... මමනම් ඇහුවමයි ඔහොම බයිට් එකක් ගැන..

      Delete
  10. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ලලිත්..ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  12. ගැලරි බිව්වොත් නම් පහුවදාට ඔලුව බරයි තමයි.. ගල්,අයිස්,සෝඩා. ඔන්න බීම.සංස්ථා ඕල්ඩ් එකත් ශේප්.මේවා තමා විශේෂයක් නැති දවස් වලට අපේ සයිට් පානයන් වෙන්නෙ..හෙහ් හෙහ්.... වෙරි වෙන්නම ලියල නෙව..
    සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගැලරිනම් මතක් වෙද්දීත් කලන්තේ වගේ මට ..පසුකාලීනව මගේ ප්‍රියතම එක උනේ IDL White Rum . දැන් නම් කටේ තියන්නෙත් නොබීම බැරි තැනක විතරයි..

      Delete
  13. මේකා තනිකර ස්කාගාරයක්නෙ යකෝ. එකෙක්ට ලීටර් එකයි කාලටත් වැඩිය ගැලරි.. හම්මියෝ.. යකෝ ලෝකෙ තියන අන්තිම බීම කියලද බීවෙ බං.. හිහි

    2016 සුභ නව වසරක් වේවා අම්බලමෝ... හැක්

    ReplyDelete
    Replies
    1. ජීවිතේටම බීපු වැඩිම බීම දවස තමයි බන් ඒක. බීල වෙච්ච සිද්දි එමටයි බන්..පසුව ලියන්නම්කො එකින් එක.. දැන්නම් කටෙතියන්නෙත් බොහොම කලාතුරකින් බන්. ගිය අප්‍රියෙල් මාසේ ලංකාවට ගිහින් යාළුවො එක්ක සෙට් වෙලා ටිකක් බිව්වා ආයේ මෙහෙ ආවයින් පස්සේ මේ අදවෙනකම් බියර් චුට්ටක්වත් බීවේ නැහැ බන්.

      Delete
  14. ඒ දවස්වල කරපු කියපු දේවල් මතක් වෙනකොට අමුතු හැගීමක් එනව බං.හරිම සුන්දර අතීතයක්.මට මතකයි අගුලේ තුන්වෙනි බන්ට් එකට ගිහින් පිස්සු නටල එනකොට මට තනියම කන්න උන කට්ට.මේව මතක් කරනවට උබට ප්ං මචෝ.අම්බලන්ගොඩ කතා බලන්න එන හැමෝටමත් මගේ අතිජාත මැංගටත් 2016 සුභම වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. උඹටත් සුභ නව වසරක් වේවා මචං.. උඹනේ අන්තිමට තනියම අඟුල පැදගෙන බේබද්දෝ ටික ගමට අරන් එන්නේ.

      Delete
  15. Replies
    1. එසේම වේවා ඉකොනෝ...

      Delete
  16. මුලින්ම සුබ නව වසරක් පතනවා...

    පික්ෂු බීමක්නේ බං උඹල බීල තියෙන්නේ...
    මමත් මේ ලඟදි(29.11.2015) ඒ වගේ බීමක් බිව්වා තනියම, ලොකු බියර් කෑන් දෙකක් බීල ඉවර වෙලා Calipso White Rum බෝතලයක් බිව්වා තනියම...
    හැබැයි ඒ ප්‍රොජෙක්ට් එකට පැය හය හතක් ගියා වගේම සරීර කුඩුව අපහසුවක් නැතුව ඒක දරා ගත්තා...
    පහුවෙනිදා වෙනද වගේම උදේ හත වෙද්දී ඔෆිස් එකේ...
    හැබැයි ඉතින් පහුවෙනිදා හිතේ පොඩි කලකිරීමක් වගේ මෙව්වා එකක්නම් ඇති උනා...
    ඒත් කොහෙද, තාමත් වෙනද වගේම බොනවා සහ නානවා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලොකු පුතා හොඳ බීම් කාරයෙක්. IDL Calipso White Rum එක තමයි ඒ කාලේ මගේත් ප්‍රියතම එක. විශේෂත්වය ගඳ නැතිවීම. බීල චා උනාම පහුවදාට තමයි ලිඳේ පනින්න හිතෙන්නේ බන්.

      Delete
    2. /// ඒ වගේ බීමක් බිව්වා තනියම, ලොකු බියර් කෑන් දෙකක් බීල ඉවර වෙලා Calipso White Rum බෝතලයක් බිව්වා තනියම...///

      හූ ඈ මහලොකු වැඩක් වගේ

      Delete
    3. ඔකේ දිගපලල මැනගන්න ඕනෙනම් අපුර්වී බීලම බලන්නකෝ... මගේ එක්තරා යාලුවෙක් හිටිය බොහොම විද්‍යාත්මකව යම් දේවල් ගැන හොයන. දවසක් මෑන්ස් අරක්කු බෝතලයක් ගෙනල්ල පොතක් පැන්සලක් එහෙම අරගෙන බොන්න පටන් අරන්.. පොතේ නෝට්ස් දාල තිබ්බ අරක්කු භාගයක් වගේ ලං වෙනකම්.. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන පිළිවෙලට ලියාගෙන ගිහින් තිබ්බ ෂොට් එකෙන් ෂොට් එකට.. අන්තිම ෂොට් එකේ පරීක්ෂණ විතරයි.. නිරීක්ෂණ නිගමන ලියාගන්න බැරි වෙලා..

      Delete
  17. සුබ නව ජසරක් වේවා ...........
    උඹට දෙයක් අමතක උනාද මන්ද. උඹ ලංකාවට ඇවිත් අපිට හොදටෝම වෙරි වෙන්න දීපු පර්ට් එකේ, අවසානයේ දුන්න ගැලරි බෝතලයට මොකද උනේ කියල මතකද, මට දැන් තමා තේරුනේ උඹ ගැලරි බෝතලයක් අන්තිමට දුන්නේ එය් කියල.

    ReplyDelete
    Replies
    1. ඒ ගැලරි බෝතලේ ගෙනාවේ මම නෙවෙයි බන්. මා ගාව තිබ්බ එව්වා උඹලගේ බඩ සාගර පුරවන්න මදි වෙයි කියල හිතුන නිසා හිතවතෙකුට සල්ලි දීල බාර් එකට යැව්වා මොකක් හරි හොඳ බෝතලයක් ගෙනෙන් කියල. ඌ ගෙනාපු එක තමයි ඒ..

      අස්ථානගත වෙච්චි ගැලරි බෝතලේට උණු දේ ගැන පරීක්ෂණය කොටදෙනියාවේ පොලිසියට භාරදීල තියෙන්නේ. සැකපිට දෙදෙනෙක් නම් කරලයි තියෙනේ. එකෙක් හයිබ්‍රීඩ් කාර් එකක් පදින, වාහන අමතරකොටස් ජපානෙන් ගෙන්නන ලොකු මුදලාලි කෙනෙක්. අනික් එකා ගැන මුකුත් කියන්න බෑ ඌ මා එක්ක තරහ වෙලා ඉන්නේ බ්ලොග් එකේ ඌ ගැන පොස්ට් එකක් ලිව්ව කියල.

      හැබැයි ගැලරි බෝතලේ උස්සපු එකා මොකා උනත් ඌ ඇවිල්ල සුපිරි ඇස්කොට් කාරයෙක්. මෙසේ උඩට තිබ්බ ගමන් හත් අටදෙනෙක් ඉස්සරහ එකෙකුටවත් ඇහැගැහෙන්නේ නැතිවෙන්න බෝතලේ අස්ථානගත කරපු එකා සෙවීම කොටදෙනියාවේ පොලිසියට භාරයි..

      Delete
  18. සුබ නව වසරක් වේවා

    මේපාර අවම ගැලරි බෝතල ක් ගහමු. ගියපාර බොන්න බැර උන එකත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මචන් .. උස්සපු බෝතලේ අරන් වරෙන්.. මාත් එන්නම් සෙට් වෙන්න..

      Delete
  19. අපුච්චේ මේක කියවගන්න සැහෙන වෙලාවක් ගියා.

    හෙහ් හෙහ්, මේ වගේ අද්දැකීම් මෙහෙම බෙදාගැනීමත් බොහෝ දෙනාට අලුත් අද්දැකීමක් වෙයි.

    ජයවේවා! නව වසරේ ඔබ දිනේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා විචාරක.. අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා..

      Delete
  20. සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මිත්‍රයා.. දැන් තේරෙනවා නේද පාර්ටියක් ඉවරවෙන්න ඔන්න මෙන්න තියල එතනට යාමේ වාසිය... ගැලරිය මතක ඇති තුරාවට අන්තිම ගැලරිය අන්තිම ෂොට් එක කියාගෙන අසරණ අපි දෙන්නට බලෙන් පොවපු උත්තමයා ඉන්න පාර්ටි වලට විශේෂයෙන්.. ඒ හිතහොඳ සහෝදරයාව ආදරයෙන් මතක් කරා කියපන්..

      Delete
  21. මං කැමතිම white diamond. ඒක ගඳනෑ. ඇල්වතුර පාට හිංඳ ගෙදර අයට ඒක තිනර් බවට හඳුන්වල දෙන්න පුලුවං. නැත්තං මං සාමාන්‍යයෙන් බොන්නෙ අසූවෙ පොල්‍ රා බෝතලේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ කන්ද උඩරට 'මනෝරි' පොල් රා බෝතල් ද? යකෝ ඔව්වා 60ට තිබ්බ කාලෙට පස්සෙ බොන්න බැරිඋනා.. කසිප්පු පරාදයි බෝතල් 2ක් 3ක් දාගත්තාම.

      Delete
    2. ඈ බන් සුරන්ගයෝ... රා බීල ගඳ ගහන්න උඹව චූටි මැණිකේ ගෙට ගන්නවද හැබෑටම..

      ගස් ලබ්බත් කියන නිසා ලංකාවට ගියාම ඔය කියන සා බෝතලේ බීල බලන්න ඕන. පොල් සා බීවාම වැසිකිලි පුරස්න ඇතිවෙනවනේ බන්.
      එත් ඉතින් පොල් සා බොනවානම් අපිට ඉඳුරුවට ගිහින් සා ටිකක් අරන් එන්න මහ දුරක් නැහැ බන්. පොල් සා වගේද කිතුල් සා.. බීපු කාලයක් මතක නෑ.

      Delete
  22. සුභ නව වසරක් වේවා!!!! අම්බලම්,

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කම්මලේ..

      Delete
  23. Replies
    1. එසේම වේවා මලයෝ...

      Delete
  24. ඇබේ ගහල තියෙන ගැලරියේ මගෙත් සුන්දර කබර මතකයන් ගොඩක් තියෙනවා සහෝ, සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ගයාත්.. හෆොයි ඔය ඇබේ ගහල තියන එකනම් මතක් කරන්න එපා..

      Delete
  25. හි හි ඔයාගේ ගොඩාක්ක්ක්ක්ක් කතා මට මග ඇරිල අයියෝ....යෝඕ
    ඉස්සර අපේ ගෙදරත් තාත්තා උපගෘහමුලික..

    ReplyDelete
    Replies
    1. අපිල නම් තාම ගෘහමුලික තනතුරේ විරාජමානයි.. තාවකාලික වැඩබලන තනතුරු පත්කරාට ඔය ගෘහමුලික තනතුරු උප ගෘහමුලිකලාට දුන්නොත් ආයේ ගැනිලි බොරු..
      වෙලාවක් කලාවක් තියන විදිහට කියවගෙන එන්නකෝ..

      Delete
  26. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ලලිත්..

      Delete