Tuesday, October 18, 2016

ඔන්ලි ඉන් ඉන්ඩියා 1




පොස්ටුව කියවූ පාඨක සැමගේ පහන් සංවේගය පිණිස ඉන්දියානු ගමනේ මතක සටහන් මතයේ රැඳී ඇති ආකාරයෙන් ලියා තැබීමට අදහස් කල බැවින් ඉන්දියානු ගමනේ ඉතුරු මිතුරු විස්තර මෙලෙ ලියවෙනු ලබනවාය. ලංකාවෙන් පිටත්වූ මා අත පය හතරත් බේරාගෙන සන්තකව තිබු සොච්චම් මුදලත් සුරැකිව තබාගෙන ප්‍රේස්ටීජ්  හෝටලය වෙත සැපත්වූ විස්තරය ප්ලේන්ස් ට්‍ර්ර්න්ස් ඔටෝමොබයිල් පොස්ටුවේ යසට ලියවී තිබෙනා බැවින් එය නොකියවූ අයකු වෙතොත් එය කියවා මෙය කියවනු මනාය..


ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..



හඳුන්කූරු රසැති ඉන්දියානු බුරියානියත් ඉන්දියානු තෝසයත් රස බලා අමන්දානන්දයට පත් අම්බලන්ගොඩයා ප්‍රේස්ටීජ් හෝටලයට සැපත්වූ වහා නාකියාගෙන නින්දට වැටුනා කියා ලියා තබා එම පොස්ටුව අහවර කලද එය එසේ නොවේය. එය එසේ ලියා තබා පොස්ටුව අවසන් කල පළමු සහ අවසන් හේතුවනම් පැය ගණනාවක් තිස්සේ ලියන්නට යෙදුන එම පොස්ටුව ඉක්මනින් අවසන්කර නින්දට වැටීමේ උවමනාව වීමය.



අම්බලන්ගොඩයා ඉන්දියාවේදී ...


හෝටලයට සැපත් අම්බලන්ගොඩයාට ඊළඟට තිබුනාවූ පලමුම ප්‍රශ්නය නම් දින තුනක් තිස්සේ කොමාවක් දමා මදකට කල් දැමු වැසිකිලි ප්‍රශ්නයට නැවතීමේ තිත තබා ආයාසයෙන් උහුලාගෙන සිටියාවූ බරෙන් නිදහස් වීමය. හෝටලයේ අවශ්‍ය ලියකියවිලි වලට අත්සන් තැබූ අම්බලන්ගොඩයාට හිමිවූ කාමරය කාමර අංක එකොළහ වීය. ඇඳන් දෙකකින්  සහ රූපවාහිනී යන්ත්‍රයකින් සමන්විත සුවිශාල කාමරයේ යාබදව නාන කාමරයක් තිබීම මහත් අස්වැසිල්ලක් වුයේ එතෙක් මෙතෙක් වින්දාවූ දුක් සියල්ල එහි වැදී අවසන් කළහැකි නිසාය. ඒ හෙයින් කාමරයේ සිරි නැරඹීම මදකට කල් තැබූ අම්බලන්ගොඩයා කෙලින්ම වදින්නේ නාන කාමරයටය. ඒ නාන්නට නොවේය. මහ මෙරක් වන්  වැසිකිලි යාමේ අවශ්‍යතාවය සංසිඳුවා ගැනීමටය.

එහෙත් වැඩේ හුටාය. එහි තිබෙන්නේ එතෙක් මෙතෙක් උපන්තේකට දැක නැති වැසිකිලි පොච්චියක්ය. එය කොමඩ්ඩුවක්ද නොවේය. ප්‍රාථමික ගනයේ වැසිකිලියක්ද නොවේය. පාසලේ එක දෙක වසරේ සිට රචනා ලියා වැඩිම ලකුණු ලැබුවද, වර්තමානය වන විට සුප්‍රසිද්ධ කේටරින් සේවාවක් පවත්වාගෙන යන මිත්‍රයකුගේ පනහකට ආසන්න පෙම්වතියන්ට කුලියට ලියුම් ලියා සම්මාන සහතික ලැබුවද, බ්ලොග් පොස්ට් ලියා පාඨකයින්ගේ ප්‍රසාදයට පාත්‍ර වුවද අම්බලන්ගොඩයාගේ මවු භාෂාවේ තිබෙනා වූ වචන වලින් එම වැසිකිලි පෝච්චිය ගැන විස්තර කිරීම උගහටය. 

නාන කාමරයට වැදුනාවූ අම්බලන්ගොඩයාගේ වැසිකිලි අවශ්‍යතාවය දෙතුන් ගුණයකින් වැඩි වන්නේ මෙම උපකරණයෙන් වැසිකිලි පහසුකම සපයාගන්නේ කෙසේදෝ කියා නොදන්නා නිසාය. අම්බලන්ගොඩයා උපන්දා හිටං දැක තිබෙනා වැසිකිලි කොමඩ්ඩු මේ වාගේ නොවේය. ප්‍රාථමික ගනයේ වැසිකිලියක් නොවෙනා ඕනෑම වැසිකිළියක තිබෙනා කොමඩ්ඩු උඩින් එහි ෂපාන් එකට ඉඳගැනීමට කොමඩ් සීට් එකක් තිබෙනවාය. එහෙත් මෙහි එවන් එකක් නොමැතිය. අම්බලන්ගොඩයාගේ මනසට නැගෙනා පලමු අදහස නම් මෙය වැරදිලා සැදු එකක් හෝ සුවිශේෂී පුද්ගලයකු වෙනුවෙන් සෑදු එකක් යන්නය. එය එසේ සිතනවා හැරුණකොට ඔලුව පහලට සිට කල්පනා කලද වෙනත් උපකල්පන ආදේශ කල නොහැකිය.

උපකල්පන කරමින් තර්ක විතර්ක කරමින් සිටින්නට කාලයක්ද නොමැතිය. අවශ්‍යතාවය උත්සන්නය. එහෙත් අරුම පුදුම කොමඩ්ඩුව පාවිච්චි කරනා කරේමයක් දන්නේද නැතිය. තාවකාලිකව ප්‍රශ්නය විසඳාගනු පිණිස විකල්පයක් සොයා ජනේලයෙන් වටපිට බැලුවද පෙනෙන මානයේ කැළෑ රොදකුදු නොමැතිය. තිබෙනා එකම විකල්පය නම් වෙනත් කාමරයක් ඉල්ලාගැනීමය . එම අදහසින් නාන කාමරයෙන් එලිය එන අම්බලන්ගොඩයා හැකි උපරිම වේගයෙන් දුවගෙන යන්නේ හෝටලයේ කළමනාකරු සොයාගෙනය. ඔහුගේ නම රෝශාන්ත්ය. 


රෝශාන්ත්... අයි ඩෝන්ට් ලයික් දැට් රූම්.. කැනායි හැව් අ ඩිෆරන්ට් රූම් ප්ලීස්..

අරේ සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඉට්ස් වෙරි කොම්ෆොටබල් ර්ර්ර්ර්ර්රූම්.. වයි ඩෝන්ට් යූ ලයික් ඉට්..

යේස් ඉට් ඊස්.. බට් අයි නීඩ් අ ඩිෆරන්ට් රූම්...

අරේ සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... අයි ඩෝන්ට් නෝ වයි යූ රිෆියුසින් ඒසී රූම්..

 කම් ඔන් රොශාන්ත්.. අයි ඩෝන්ට් හැව් ටයිම් ෆෝ වේස්ට්.. ගිව් මී අ ඩිෆරන්ට් රූම්..

බොක්ක පැලෙන්න  එනව යකෝ ඉක්මනට හරිහමන් කොමඩ් එකක් තියන කාමරයක් දීපං කියා කියන්නට විදිහක් නොමැතිය. එහෙත් ඔවුන් මා වෙත දක්වනා ආචාරශීලී ස්භාවය ඉක්මවා මාගේ වැසිකිලි අවශ්‍යතාවය දෙගොඩතලා යාමට කලියෙන් වෙනත් කාමරයක් ලබාගත යුතුය.

ඔකේ සර්ර්ර්ර්ර්ර්ර්.... ගිව් මී ෆිව් මිනිට්ස් ...

හව් ලෝන්ග් විල් ඉට් ටේක්ස්...

ර්ර්ර්ර්ර්රි ලැක්ස් මයි ෆ්‍රෙන්ඩ්... ගිව් මී ටෙන් මිනිට්ස්...

විනාඩි දහයක් යනු අවශ්‍යතාවය දෙගොඩතලා ගොස් පටි රෝල් වීමට ඕනෑවටත් වඩා වැඩි කාලයක්ය. එහෙත් එම විනාඩි දහය ඉවසා සිටිනවාට වඩා කරන්නට වෙනත් දෙයකුදු නොමැතිය. පරක්කු කරොත් උඹලාට මාව ක්ලීන් කරන්න වෙනවා යකෝ ඕක ඉක්මනට දියන් කියා කියන්නට විදිහක් නොමැතිය.

හෝටලයේ මිදුලේ නවතා තිබෙනා වාහන අතරේ අම්බලන්ගොඩයා ඔබ මොබ සක්මන් කරන්නේ එක තැන හිටගෙන සිටින්නට හෝ වාඩිවී සිටින්නට ඉස්පාසුවක් නොමැති නිසාය.


නොදන්නා නුපුරුදු  පරිසරයක් නිසාවෙන් ඕවිටි බඩවැටි කඳු පල්ලම් තිබෙනා සේයාවක් පෙනෙන්න්නටද නැතිය. එවන් දෑ තිබුනද අඳුරු පරිසර තත්වයක් මත  සොයාගනීමද උගහටය. කල හැකි එකම පිළියම නම් ඊළඟ කාමරය ලැබෙනාතෙක්  ඉවසිල්ලේ සිටීමය. දින තුනක දුම්රිය ගමනකින් ලද වටිනා කියන අත්දැකීම් වලින්  අනතුරුව අක්මාවට දැනෙනාවූ  එකම සැනසීම නම් හෝටලයේ මිදුලේ සරීකෘත්‍යය කලද එය ඒ තරම් සැලකියයුතු ප්‍රශ්නයක් නොවනා වගය. එහෙත් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රටවැසියෙකු වශයෙන් එවන් අසික්කිත කර්තව්‍යක් ඉටුකිරීමට හිත හදාගනීමටද අපහසුය. අහල පහලක ඕවිටක් බඩවටියක් තිබුනේනම් අපට බත  සපයන මහ පොළොවට ගෞරවයක් වශයෙන් පොහොර පිඬක් පසට එකතු කිරීමට හැකිව තිබුණිද හෝටලයේ විදුලි එලිය  වැටෙනා  මානයේ පෙනෙන්නේ කුඩා කටු පඳුරු  පමණය. 

හෝටලයක් කියා කීවද පාඨක සැම එය වරදවා වටහා නොගෙන මෙය කියවීම පිණිස හෝටලයේ ස්භාවය මෙහිදී විස්තර කෙරෙනවාය. අම්බලන්ගොඩයාගේ පුහුණුව සිදුවන්නේ කර්මාන්ත   ශාලාවක නිසාවෙන් අම්බලන්ගොඩයාට නවාතැන් ලැබෙන්නේ කර්මාන්ත ශාලාවට ආසනයේම පිහිටි කාමර සපයන ස්ථානයේය. ඉන්දියාවේ කර්මාන්ත ශාලා පිහිටුවන්නේ ඒවාට සුවිශේෂී වූ ප්‍රදේශ හෙවත් industrial area එකක නිසාවෙන් එම ප්‍රදේශයන්හි  තරු පංතියේ හෝටල් පිහිටන්නේ නැතිය. එසේ කියා ජාමේ බේරාගෙන අඩුම මිලට සහ ආසන්නයේම පිහිටන හෝටලයේ කාමරයක් මා වෙත වෙන් කෙරුනිද අපේ ලොක්කා මා හට තරු පංතියේ හෝටලයක් ලබාදේවියයි විහිළුවටවත් හිතන්නට නොහැක්කේ ඉංදියාවේ පය තැබූ වෙලාවේ පටන් සිදුවූ සියලු අකරතැබ්බ මා හට දවල් තරු පෙන්වනා ගනයේ ඒවා වූ නිසාය. මේ  කියනා හෝටලයද ලංකාවේ බස් නවත්වනා හෝටලයට වඩා වෙනසක් තිබුනානම් ඒ උඩ තට්ටුවේ තිබෙනා වූ  කාමර පමණය. දුර ගමන්වල යෙදෙන ලොරි රථ රියදුරන්  කෑමට නවත්වනා සුප්‍රසිද්ද හෝටලයක් වූ එහි කෑම වල තත්වයනම් මගින් හඳුන්කූරු බුරියානිය කෑ හෝටලයට වඩා ඉතාමත් ඉහල තත්වයක තිබෙනා බව කිවයුතුමය.

විවිධ අදහස් සහ විකල්ප සැලසුම්ද චිත්ත සන්තානය තුල පමණක් යෝජනා වී නිෂ්ප්‍රභා වෙද්දී හෝටලයේ කලමකාර තැන හෙවත් රොශාන්ත් මා සොයා පැමිණෙන්නේය..

සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... යුවර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්රූම් ඊස් රෙඩී.....

තෑන්ක් යූ .... තෑන්ක් යූ ....

හියර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් යුවර්ර්ර්ර්ර්ර්ර්ර් කී.... ර්ර්ර්ර්ර්ර්ර්රූම් නම්බර්ර්ර්ර්ර්ර්ර්ර් ත්‍රී......

තෑන්ක් යූ රොශාන්ත්.......

කාමරයේ යතුර කළමනාකරුගේ අතින් උදුරාගන්නා අම්බලන්ගොඩයා හෝටලයේ පඩිපෙළ දිගේ ඉගිල්ලෙන්නේ අඩියට දෙකට වැසිකිලියට වදිනු  පිණිසය. 


හදිසියේ වැසිකිලි යාම ලියාගෙන යන අල්ලපනල්ලේ තවත් එවන් අසික්කිත වැසිකිලියක් මතකයට නැගෙනා බැවින් එයද මෙහි ලියා තැබිය යුතුමය. අම්බලන්ගොඩයාගේ ඥාති නිවසක තිබෙනා එම අරුම පුදුම මල්ටිෆන්ෂන් වැසිකිලිය සුපිරි වර්ගයේ  ඒකක්ය. නිවස තුල තිබෙනා නාන කාමරයේ ඇති වැසිකිලි පහසුකම කව්රුන් හෝ භාවිතාකරනා අල්ලපනලේ තවත් අයෙකුට එම අවශ්‍යතාවය ඉටුකරගැනීමට උවමනාවට වාගේ සාදා තිබෙනා එම වැසිකිලිය ප්ලෑන් බී වර්ගයේ ඒකකය. එහෙත් එයට හදිසියේ ගොඩවෙනා ඕනෑම අයෙකු නැවත එලියට එන්නේ එම වැසිකිලිය සෑදු උත්තමයාගේ මවුපිය ගුණ මොනවට සිහිකරමින්ය. එයට පළමු සහ අවසන් හේතුව නම් එන වැසිකිලියේ දොර සවිකර තිබෙනා උළුවස්ස ඉතා මිටි එකක් වීමය. රුහුණු කුමාරිය මාතර යනවාටත් වඩා වේගයෙන් වැසිකිලියට වදිනා ඕනෑම පින්වතෙකුට වැසිකිලි උළුවස්සේ රසාස්වාදය විඳිමින් දවල් තරු බලමින් වැසිකිලිය සෑදු උත්තමයාගේ සහ උළුවස්ස සෑදු පිංවත් වඩු බාස් මහතාගේ මවු ගුණ ගායනා කරමින් ශරීකෘත්ය සිදුකිරීමට අවස්තාව ලැබෙන්නේ නොමිලේමය. වැසිකිලි අවශ්‍යතාවය යනු විනාඩියක් පසුපසට දැමිය නොහැකි කාරනාවක් නිසා එම උළුවස්ස සෑදු සුපින්වත් වඩු බාස් මහතාගේ ජීවිතය බේරෙනවා විනා වෙනයම්  ස්ථානයක එම උළුවස්ස තිබුනේනම් එය සෑදු වඩු බාස් මහතා දැන් ජීවතුන් අතර නොඉන්නට තිබෙනා සම්භාවිතාවය ඉතා ඉහල අගයක් ගන්නේය.  මල්ටිෆන්ෂන් වැසිකිලියේ ස්ටාර් මෝඩ් එක ඔටෝ ඕන් වීමට වඩු බාස් උන්නැහේ විසින් දමා තිබෙම උපක්‍රමයට පින් සිදුවන්නට වේගයෙන් වැසිකිලියට ඇතුල් වෙන විටදීම ඔලුව මැද්දෑවට හෙනයක් ගැහුවා සේ උළුවහු කඳ ඉස්මුදුන සිපගන්නේ ඉහත කී මවුගුණ ගායනා, දවල් තරු, අසභ්‍ය වචන ඇතුළු සියලුම ඔප්ෂන් එකවරම සක්‍රීය කරමින්ය. ඉන් පසුව තිබෙන්නේ වැසිකිලිය ඇතුලේ පෙනෙනා දවල් තරු වල්ගා තරු චක්‍රාවාට උල්කාපාත නරඹමින් හිස බදාගෙන ශරීරකෘත්‍යය සිදුකර ගැනීමය.

අනවශ්‍ය වැසිකිලි කතාවෙන් කැලේ  පැන්නාට සමාවෙන්නට ඕනෑය.. 

කලින් ලැබුනාවූ කාමරය පොළොවට බුමුතුරුණු ඇතිරූ වායු සමීකරණයක් සහිත කාමරයක් වුවද දෙවැනි තේරීම වී ඇත්තේ ඒ එකක්වත් නොමැති නිකම්ම නිකම් පොළොවට රතු සිමෙන්ති දැමු ඇඳන් දෙකක් සහිත කාමරයක්ය. කලින් ලැබුනාවූ කාමරයේ තිබුණු සුවිශාල රූපවාහිනිය වෙනුවට නව කාමරයේ තිබෙන්නේ අඟල් දාහතරේ රූපවාහිනියක්ය. කාමර දෙකේම තිබූයේ සමානකම් දෙකක් වන අතර පළමුවැන්න නම් ඇඳ අසල තිබෙනා ඉන්ටර්කොම් දුරකතනයයි. දෙවැනි සමානකම ඉතාමත් සිත්ගන්නාසුලුය. කෙටියෙන් කියනවානම් දෙවැනි සමානකම දුටු වන බිම වැටී අඬන්නට හිතෙනා තරම්ය. 


කොයිතරම් නම් අඬන්නට සිතෙනවාද යත් බිම පෙරලි පෙරලී අඬන්නට සිතෙනවාය. ඒ මන්දැයි කියනවානම් එහි තිබෙන්නේද පෙර කී වර්ගයේම කොමඩ්ඩුවක් වීමය. වෙනත් ආකාරයකින් කියනවානම් කලින් කාමරයේ තිබුනාවූ එලොවටත් නැති මෙලොවටත් නැති දෙකටම නැති වර්ගයේම ඒකකය. තවත් ආකාරයකින් සිතනවානම් පෙර කාමරයේ තිබු වැසිකිලි පහසුකම් සියල්ල සුවිශේෂී ඒවා නොවේ යන්න පසක් කරලීමට දෙවැනි කාමරයේ තිබෙනාවූ වැසිකිලි පහසුකම් සාක්ෂි සපයනවාය. උද්ගතව තිබෙනා වූ ප්‍රශ්නය නම් එය පාවිච්චි කරන්නේ කෙසේදෝ යන්නය. එහෙත්සැ අවාසනාව නම් සැලසුම්ස කස්කරමින් සිටින්නට කාලවේලාවක් හෝ ඉස්පාසුවක් නොමැති වීමය. සිදුවූ ප්‍රමාද දෝෂය හේතුවෙන් පළමුව ලබනු කාමරයේ තිබු උණුසුමද, සීතලද සහිත වායුසමීකරණය සහ පොළොවට ඇතිරූ බුමුතුරුණු අහිමි වී හමාරය. නැවත වරක් අත්හදා බලන්නට ගොස් කාමරයේ තිබෙනා අඳද අහිමිවන්නට ඉඩ තිබෙනා බැවින් මේ ලැබුනාවූ කාමරය වාසය සඳහා තෝරාගත මනාය. නැවත වරක් අත්හදා බලන්නට අවස්තාව ඇති මුත් පවතිනා තත්වය තුල තවත් කාමරයක් අත්හදා බලන්නටද කාලයක් නොමැතිය. ඒ නිසාවෙන් අකමැත්තෙන් හෝ එම වැසිකිලි උපකරණය උඩට ගොඩවී ශරීරකෘත්ය කරනවා හැරුණකොට වෙනත් විකල්පයක් නොමැතිය.

අලකලංචි අටෝරසියකින් ආරම්භවූ ඉන්දියානු සංචාරයේ පළමු වැසිකිලි පහසුකම ලබාගන්නට අත්‍යාවශ්‍යම තත්වයක් යටතේ වුවත් දෙවැනි සැලසුමක් නොමැතිව කිසියම්වූ කටයුත්තක නොදිය යුතු බව අක්මාවට දැනෙන්නේ අම්බලන්ගොඩයා  යකඩෙන් සැදු ඇන මුරිච්චියක්වත් විශ්වාස නොකරනා බැවින්ය. පිඟන් මැටියෙන් සෑදු වැසිකිලි කොමඩ්ඩුවක් විශ්වාසයට නොගත මනා වග කුඩා මොලයට වැටහෙන්නේය. එහෙත් පහසුකම අකමැත්තෙන් වුවද ලබාගත යුතුය. කොමඩ්ඩුව උඩට ගොඩවී කෘත්‍යය කරනා අල්ලපනල්ලේ පිඟන් මැටි කොමඩ්ඩුව බිමට සෙත්තපෝච්චි වුවහොත් මැහුම් හත් අටසීයකින් මෙහා පශ්චාත් භාගය බේරාගනු සුම්මාය.

එය එසේ වුවහොත් ගමේ ගොහිල්ලා හමාරය. වෙනත් විදිහකින් කියනවානම් ගමේ ගිහින් සුම්මාය. එහෙත් අම්බලන්ගොඩයා පසුවන්නේ ඉවසීමේ අවසාන අදියරේ නිසාවෙන් අකමැත්තෙන් වුවද මේ අසික්කිත කොමඩ්ඩුව උඩට ගොඩවිය යුතුමය. 

නාන කාමරයෙන් කාමරයටත්, කාමරයෙන් නාන කාමරයටත් දෙතුන් වරක් මන්ගච්චනා අම්බලන්ගොඩයා හතරවෙනි වතාවේ නාන කාමරයට යන්නේ ඉවසීම අවසන් ගැට්ටටම පැමිණ ඇති නිසාය. එහෙත් හිස් අතින් නොවේය..
දැන් උවමනානම් පාඨකයන් වෙනුවෙන් පුංචි තරඟ ඉසව්වක් පැවැත්විය හැකිය. 

ඉහත ලිපිය කියවා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න..

1. අම්බලන්ගොඩයා නාන කාමරයට රැගෙන ගියේ මොනවාද?

2.  ඒ කුමන අරමුණක් වෙනුවෙන්ද?

අනවශ්‍ය ප්‍රශ්න අසා පාඨක සැමගේ කියවීමේ රසවින්දනයට භාධා වූයේනම් සමාව භාජනයකළමනාය. අම්බලන්ගොඩයා වැසිකිලියට යාමට රැගෙන ගිය උපකරණය නම් ඇඳේ මෙට්ටය බිමට ඇද දමා ඇඳෙන් ගලවාගත් ඇඳ පොලු දෙකක්ය. ඒ කුමටද යත් අසික්කිත කොමඩ්ඩුව උඩට ගොඩවී ශරීරකෘත්ය කරන අල්ලපනල්ලේ පිඟන් මැටි වලින් සෑදු කොමඩ් රාජයා බිමට සලබලාං වුවහොත් පස්චාත් භාගය බේරාගැනීම උදෙසාය. 

නාන කාමරයේ තිබෙනා ජනේලයේ හරහට ගසා තිබෙනා වූ යකඩ පොලු දෙකේ එල්ලී බොහොම පරෙස්සමට කොමඩ්ඩුව උඩට නැගගන්නා අම්බලන්ගොඩයා බොහොමත්ම පරෙස්සමට කොමඩ්ඩුව උඩ ස්ථානගත වන්නේ ඇඳෙන් ගලවාගෙන ආ ඇඳ පොලු දෙක දෙපැත්තෙන් හැරමිටි වාරුවට තබාගෙනය. 

එවන් අසීරු ආකාරයෙන් අදාළ රාජකාරිය ඉටුකරගෙන නාන කාමරයෙන් එලි බහින්නට හිතුවා පමණය.. කව්දෝ එකෙක් දොරට තඩිබානවාය..

ඩොග්...ඩොග්...ඩොග්...

වේට් අයැම් කමීන්...

දොර කඩන්නට තරම් තදින් තඩිබාන්නේ මොකාද කියා බලන්නට දොර ඇරියා පමණය.. හෝටලයේ වේටර් වරයෙක් මාගේ සාගත මලු සියල්ල කාමර අංක එකොළහෙන් කාමර අංක තුන වෙත අරගෙන අවිල්ලාය.. ඒ තනියම නොවේය.. කළමනාකරු රොශාන්ත්ද ඉන්නවාය..

අරේ වට්ස් ගොයින් ඔන් සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... වට් හැපන්ඩ්...

වයි ???

වයි ???????

හුටාය.. ඇඳපොලු දෙක අතේය... මෙට්ටය බිමය... කළමනාකාර රොශාන්ත් අස් දෙක නළලේ තබාගෙන අම්බලන්ගොඩයා දිහා බලා සිටිනවාය...වේටර් තැන කට ඇරගෙන රොශාන්ත් දිහා බලා සිටිනවාය...

ඒ අගනා කියන කොමඩ් රාජයා හා මදක් සමාන පින්තූරයක් ගූගල් දෙවියා ළඟ පරෙස්සමට තිබී හමුවූ නිසා එහි  පිංතුරයක්  මෙහි පල කරන්නේ අම්බලංගොඩයා කොමඩ් එකක් පාවිච්චි කරන්නට නොදන්නා අමුම අමු ගොඩයකු යන චෝදනාවෙන් නිදහස් වීම පිණිසය.. මෙව්වා ඉතින් ඔන්ලි ඉන් ඉන්ඩියා විය යුතුය..












58 comments:

  1. ane manda ambalamata wela thiyena dewal...issara ambalama hari hadaine......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැඩයි කිව්වට.. ඒ කතාවෙන් ගම්‍ය වන්නේ දැන් අම්බලංගොඩයා කැතයි කියන එකයි.. ඊටත් එහාට කල්පනා කරනවානම් මේ ඇනෝ අම්බලංගොඩයා දන්නා කෙනෙක් විය යුතුය.. හිටු තඩිය ඒවි දැන් අල්ලගන්න..

      Delete
    2. Dan hadadha kiyala kohomei danne..ambalanwa mama aurudu visi ganakin as dekata dakala nane...danuth hada athi maye hithe....issara nan hada bawa mathakai.....

      Delete
    3. දැන්නම් හොඳටෝම මොලේ අවුල් වෙනවා ඇනෝ..

      Delete
    4. ඇනෝ අවුරුදු 20 කින් අපිව දැකල නෑ කියන්නෙ මචන් sure එකටම මේ අපේ ගෙවල් ඉස්සරහ සමතපාලගෙ නංගි වෙන්න ඕන 😯 හාද.අනික උබ හැඩයි කියන්නෙ නම් අනෝගෙ ඇස්වල දෝස සහිතයි.ඕං ඉතින් මන් ගැන එහෙම කිව්වනම් ...😜

      Delete
    5. ඇනෝ ඔන්න අපේ චමිලයා මට වඩා හැඩයිලු... හික්ස්...

      Delete
    6. Dennagema photo dekak dammoth hadama naluwa thorannan.........

      Delete
    7. නළුවා කෙසේ වෙතත් හොඳම එළුවා නම් තෝරන්න පුළුවන් වෙයි.. හැබැයි මට දිනුම ෂුවර් නෑ...මොකද චමිලයා මට වඩා ඉදිරියෙන් ඉන්නේ..

      Delete
  2. මොකක්ද බං මේ කොමඩ් එක ? මේක නිකං පුකත් එක්ක අරියාදුවට හදපු එකක් වගේ. ( පුක යනු කුනුහරපයක් නොවේ ලු )

    ReplyDelete
    Replies
    1. ඕක බන් කම්මලේ ලෝකෙ තියන එකම ද්විත්ව කාර්ය කොමඩ් එක.....ඔන්න මගේ බ්ලොග් කියවන රසිකාවියක් ඇහුවා කම්මලේ වැඩ කරන්නේ ප්ලාන්ටේෂන් ෆීල්ඩ් එකේද කියල.. උඹේ කමෙන්ට් එකකින් එහෙම තෙරුනාලු...

      Delete
    2. ඕකා වැඩකරන්නේ ජැමෙයිකා ඉන් එකේ. හිටපු ගමන් ඇපෙක්ස් එකේ පාර්ටි ටයිම් කරනවා

      Delete
    3. ඕකා වැඩකරන්නේ ජැමෙයිකා ඉන් එකේ. හිටපු ගමන් ඇපෙක්ස් එකේ පාර්ටි ටයිම් කරනවා

      Delete
    4. ඈ බං කටුසු.. උඹ බීලද එකම කමෙන්ට් එක දෙක දෙක දාන්නේ.. මම බොට කිව්වා ඔය නුපුරුදු ජාති බොන්න එපා කියල..කෝ ඉතින් අහනවයැ..

      Delete
    5. ප්ලාන්ටේෂන් ෆීල්ඩ් එකේ තමයි , මම තේ කොල දැක්ක ගමන් ඒක පස්සෙ යනව දකින්න ඇති. පුදුමයි ස්කාගාරෙද වැඩ කියල අහපු නැති එක.

      බොල කටුස්සො , මී පල්ල උඹ නැතුවට පස්සෙ ඔය පැත්ත පලාතෙ ගියේ නෑ. ආ....ඇත්තටම උඹට වෙරිද ?

      Delete
    6. මගුල වෙරි.... අරක්කු සුට්ටක් දැකපු කාලයක් මතක නෑ

      Delete
  3. අපේ උන් දෙන්නෙක් හෝටලයකට ගිහින් කොමඩ් එකක් නිසා මේ විදිහෙම අකරතැබ්බයක් වෙලා තිබුණා. පස්සේ මේකේ තියෙන විදිහට කකුල් දෙක උඩ තියාගෙන තමයි වැඩේ කරගෙන තියෙන්නේ. හැබැයි ඒක ඔරිජිනල් කොමඩ් එකක්.

    ReplyDelete
    Replies
    1. ඕක උඩ නැගලා කඩාගෙන වැටිච්ච කෙනෙක් ඉන්නවා මම දන්නා කියන.. මේ කමෙන්ට් එක දැක්කත් ඇති ඌ මා එක්ක අසූ හාරදාහට මල පනින්න..හෙක්..

      Delete
  4. ඉන්දියන් එවුන් බොගත් එක්ක හෙන අජූත සම්බන්ධතාවයක්නෙ තියෙන්නෙ :D

    ReplyDelete
  5. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙවුවට පස්සෙ හිනාව නවත්තගන්න බෑ බොල.
    මොනව උනත් මේකෙන් පේන්නෙ ඉන්දියාවටම අනන්‍ය වූ විශේෂ බොග සංස්කෘතියක් තියෙනව කියලයි.

    ReplyDelete
    Replies
    1. එකනේ බන් මම මේකට නම දැම්මේ ඔන්ලි ඉන් ඉන්දියා කියල..

      Delete
  6. ඉන්දියාවට ගෙහුන් ඔය කාර්යය කර ගන්ට මේ තරම් අමාරු වෙච්ච එකෙක් දැක්කමයි.... ඇයි අප්පා ඉන්දියාවේ ලේසියෙන් පහසුවෙන් කරන එකම වැඩේ ඔකනේ...
    නරකද රේල් පාරකට ගොඩ උනා නම්

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ රේල් පාරක ඔය වැඩේ කරන්න ගියානං මුගේ පෙට්ටිය සීල් කරල තමයි මෙහාට එවන්න වෙන්නෙ.

      Delete
    2. පළමු වතාවටනේ බන් ඉන්දියානු නාන කාමරයකට රිංගුවේ.. ඉතින් ටිකක් තටු මාරුවුනා..

      Delete
    3. ප්‍රසන්න කියන කතාව ඇත්ත.. කොච්චි යන වේගේ එක්ක බැලුවාම රේල් පාරකට ගොඩවීම සෑහෙන්න අනතුරු සහිතයි..

      Delete
  7. මුන්ට නිකං ස්කොටින් පෑන් දැම්මනං නරකද මේ වගේ දහදුරා කොමඩ් කෑලි හයි කරනවට වඩා...

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් ද්විත්ව කාර්ය භාණ්ඩයක්නේ බන්.. මේක මාර්කට් ඇති එහෙ..

      Delete
  8. ඇඳ පොලු සමග බොග දැමීම....හිනා කාලා පන යනවා ඕයි. ඕක උඩ නැගල බොග දාන සිස්ටම් එකක් වගේ. ඉන්ඩියන් කාරයෝ රෙන පුකට මොන සැපද වගේ හිතන මොඩ්ල් එකේ වගේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ එවුවො ලොකප් එකේදි එල්ලිලා මැරෙනව වගේ එකක් තමයි තව පොඩ්ඩ‍ෙං මූට වෙන්නෙ. හැක්..

      Delete
    2. මොලයක් තියෙන සිහි කල්පනාවෙන් ඉන්න එකෙකුට පුලුවනිද බන් ඕක උඩට බය නැතුව ගොඩ වෙන්න..

      Delete
    3. උඹට පොඩ්ඩක් වැරදුනා ප්‍රසන්නයෝ.. එල්ලිලා තමා ඉන්දියාවේ ඉන්නකල්ම ඔය වැඩේ කරේ.. ඒ විස්තර ඊළඟ ඉන්දියා පොස්ට් එකෙන්..

      Delete
  9. සකරේ.....ඉන්දියාවේ බොග සංස්කෘතිය

    ReplyDelete
    Replies
    1. ලෝක ගෝලයේ පිහිටා තිබ්බට ඉන්දියාව වෙනත් ග්‍රහලෝකයක් හා සමානයි බන්..

      Delete
  10. උඹ අම්බලන්ගොඩයා කිව්වට මටනම් ෂුවර් නෑ අම්බලන්ගොඩමද කියාලා.
    මොකද රියල් අම්බලන්ගොඩ එකෙක්ට වැසිකිලි යනකොට දේවල් තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    1. ෆෑන් එකක්.
    2. මුහුදු වැලි ටිකක්
    3. බින්තඹුරන් කොළ ටිකක්
    ක්‍රමය: කැමති විදියට වාඩිවෙලා, ෆෑන් එක ඕන කරලා ඉස්සරහින් තියාගෙන. මුහුදු වැලි ටිකක් පයට පෑගෙන්න දාල, බින්තඹුරු කොලයක් කඩ කඩ තමයි ගේම දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන විස්තර කරලා ලිපියක් ලියන්න පුළුවනි.. හැබැයි නිවාඩුවට ගමේ ගිහින් හමාරයි ලිව්වොත්..

      Delete
  11. උබේ කතාව කියෙව්වට වඩා හිනා උනා මුන්ගෙ කොමොන්ටු කියවල 😂😂😂 හොද වෙලාවට උබ පින්තූරෙ හොයාගත්තෙ.නැත්නම් එකෙක් විස්වාස කොරන්නෑ උබේ කතාව.

    ReplyDelete
    Replies
    1. තව පින්තුර ඇති බන්.. මේ පාර ලංකාවට ගියාම ගෙන්න ඕන..

      Delete
    2. Ha umba lankawata enawada...enakan thama math me balagena inne ..hitu man alla ganna....

      Delete
    3. අනේ බන් ඇනෝ ප්ලීස්.... නමක් ගමක් ලියහන්කෝ යටිං කමෙන්ට් එකෙක් දානකොට..

      Delete
    4. mage nama ane....api eka game.......onna liuwa nama saha gama...

      Delete
  12. එවැනි වැසිකිලියක් දැක්කාමයි!

    ReplyDelete
    Replies
    1. එව්වා දකින්න ඇස් දෙක පිං කරලා තියෙන්න ඕන රසික.. තූ විතරක් උන්ගේ වැඩ..

      Delete
  13. ඉන්දියාවේ උන්නේ. වැඩිය හිතන්න නරකයි. විශේෂයෙන්ම වැසිකිලි සම්බන්දව. අර ෆොටෝ එකේ හැටියට ඒක උඩ නගින්න වෙන සීන් එකක් නේද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඕක උද නගින්න සහ වාඩි වෙන්න දෙකටම හදපු එකක්ලු බන්.. අරකෙ වාඩි වෙන්න පුලුවනිනම් ඉතින් ඔකේ බත් කන්නත් උන් බෑ කියන එකක් නෑ.. ඊයා මූ කියල කතා කියල කියාවි මේක කියවන ගෑල්ලමයි..

      Delete
  14. ඉන්දියාවේදී එලවේටර් ගැන එහෙම එක්ස්පීරියන්ස් තියෙනවද?
    අසූ ගණන්වලදී මම බැංගලෝර්වල හෝටලේක එලවේටරේ දොරට අහුවෙන්න ගියා. බොහොම අමාරුවෙන් බේරුනේ.
    සෙන්සර් බෙන්සර් මොකුත් නෑ වැහෙනකොට වැහෙනවා චප්ප කරගෙන.
    එදා සිට දොර ඇරෙනකොටම මීටර් සීය දුවන ගානට ඇතුලට පනින්න පුරුදුවුනා.

    ReplyDelete
    Replies
    1. යකඩෝ එක එලිවේටර් එකක්ද ගිලටීන් එකක්ද.. මට එලිවේටර් එකක යන්න උනේ නැහැ බන් ඉන්දියාවේදී.. වාසනාවන්..

      මිනිස්සු වතුරට පනින්න වගේ එලිවේටර් එක අතුලටයි එළියටයි පනිනවා ඇති නේද බං.. අයියෝ සංසාරේ..

      Delete
  15. අපේ එකෙක් මේ ලංකාවේ කොමඩයක් උඩ නැගල ඇදං වැටිල තිබුන හිටං.

    මේ ඉන්දියන්කාරයෝ මහ එපාකරපු ජාතියක්. මටත් මේ දවස්වල මේ ඉන්දියන්කාරයෙක් එක්ක හොඳම එකෙන් මල පැනල ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕකුන් ගිය තැන කටිං රජවෙන්න හදන්නේ බන්.. වැඩ බෑ කටින් විතරයි..

      Delete
  16. මොන හත්තිලව්වද්ද බං ඒ.. හයිබ්‍රිඩ් කොමඩ් එකක් :D

    ReplyDelete
    Replies
    1. හයිබ්‍රිඩ් ලෝකෙට හඳුන්වා දුන්නේ ඔය කොමඩ් එකෙන්ලු.. හේ..හේ..

      Delete
  17. ස්කොටිං පෑන් හයිකරන්න ස්ලැබ් එක වෙනස් කරන්න වෙනවනෙ.. මුංගෙ කුණු කමට පෙනේද කොරල තියන හරිය? අනික කොමොඩ් එකේ උනත් නැගල ඉඳගන රෙන එක තමයි මුංගෙ ගතිය කියල අහපු දැකපු ඈයො කියන්නෙ.
    මෙහාටත් ඔව්ව ඕන වෙයි ලඟදිම..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්කොටින් පෑන් හයිකරොත් බන් ඒකෙ යට පළුව හෝටලේ පහල කෑම කන ටේබල් උඩින් හයි වෙන්නේ..ඒ හින්ද වෙන්න ඇති එව්වා හයි කරන්න ඇත්තේ.. හෆොයි බං ඕකුන් අවොත් නම් ලංකාවේ වසාලා හමාරයි..

      Delete
  18. මොන දහිර වාට්ටුවක්ද යකෝ මේ. අම්මප අර ෆේස්බුක් එකේ මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න පන්ජාබි සෙට්ටෙකට පෙන්නල අහන්න ඕනෑ මේ දරහැව පාවිච්චි කරන්නේ පියාඹන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. අහල බලහන් බලන්න.. සමහරවිට සරුන්ගෝලයක් වගේ උඩ යවනවද දන්නෙත් නැහැනේ..

      Delete
  19. අනේ පල යන්න අම්බලංගොඩයා බොරු නොකියා. මේක ෆෝටෝෂොප් කරපු එකක් නෙවෙයිද? සිරාවටම මෙහෙම ඒවා ඉන්දියාවෙ තියෙනවද? මම පින්තූරයක්වත් දැකලා නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරානම් කක්කුසි කටක් ෆොටෝෂොප් කරපු ලොව පළමු පුද්ගලයා විදිහට මට ගිනස් වාර්තාවක් තිබ්බ නෙහ්.. මේ කතාව 1997 කාලයට අදාලයි.. දැන් නම් මේවා තියෙනවද දන්නේ නැහැ බන්.. ඒ කාලේ නම් ඉතින් තිබ්බ.. සත්තම සත්තයි..

      Delete