Sunday, November 13, 2016

නයිට් රයිඩර්





ගුඩ් මෝර්නින් කිට්... ගේ ඉස්සරහට කමීන්..

මයි......ගල්.....ග්ල්බ්...කී..............................න්...

කිට්.....කිව්වම අහල වරෙන් බා...න්... මට හංදියේ කඩේට ගිහිං එන්නෝන...

මයි.......ල්.....කී......................................න්......කූ.....................................න්......

කිට් උඹ කොහෙද බාන්...වරකෝ ගේ ඉස්සරහට.. බීඩි මිටියක් ගේන්න සයිමගේ පෙට්ටි කඩේට ගිහිං එන්න වරෙන්කො ගෑනි ඇහැරෙන්න කලින්..

දැන්...කී...........පාරක්....කී ...ව...ද....මයිලෝ....කී.............................න්..කූ................................න්... ඇන්ජිම ස්ටා...........ර්ට්... නෑ.... කි....යල.....

හුටා... හිටහන් බලන්න මම එන්නං...  මේ මගුලේ බැටරි බැහැල එහෙනං...මං හිතුව මූ කියනදේ කැඩී කැඩී ඇහෙනකොට..

හ්ම්... හිටින් බලන්න තල්ලුවක් දාගන්න එකෙක් අල්ලගන්න ඉන්නවද කියල.... කව්දෝ පොරක් එනවා පේනවා... මේ ලොකු උන්නැහේ... බෑරක් වගේ..

අනේ මේ මයිකලයෝ... පිස්සුනම් කෙලින්න එපා.. මටනං බෑ බෝගේ නයිට් රයිඩරේට තල්ලු දාන්න..

අනේ බුදු අංකල් එහෙම කියන්න එපා බං.. එකම එක තල්ලුවක් දාමු.. අද විතරයි..

මේ මයිකලයෝ.. මට අල්ලන්නේ නැත්තෙ බොගේ ඔය අංකල්නො කෑල්ල තමා.. බලහං උඹ හරි වයසෙන් කසාද බැන්දනම් උඹට දැන් මුනුපුරු මිනිපිරියොත් කසාද බඳින වයසේ වෙච්චි උඹ මොන එහෙකටද මට අංකල් කියන්නේ..

අනේ එහෙම නෙවෙයි ඉතින්... කට වචනෙට කියවුනා අංක...සොරි... අයියේ..

 අපේ ගෑනි මගින් මගට කිව්වා  මේ පාරෙන් යන්න එපා කියල..

ඒ මොකෝ අයියේ..

ඇයි බං මයිකලයෝ උදේට මේ ගං තුලානේ එකෙක්වත් මේ පාරෙන් රස්සාවට යන්නේ නැහැ බොගේ නයිට් රයිඩරේට තල්ලු දාන්න වෙන නිසා..

ඔය ඉඳල හිටලා ඉස්ටාර්ට් නැතිවුනත් වාහනේ පරණ වුනත් තල්ලුවක් දාල ඉස්ටාර්ට් කරගත්තම ඕන දුරක් ඕන කන්දක් නගිනවා බන් අයියේ..

අනේ මේ මං කියන්නේ නෑ බොගේ තල්ලු දාල ඉස්ටාර්ට් කරන එක..

අනේ ඉතිං තරහ ගන්න කාරී නෑ.. තල්ලු පොඩ්ඩක් දාන්න පොඩි උදව්වක් දියන් අයියෙ.. බීඩි මිටියක් ගන්න සයිමගෙ පෙට්ටි කඩේට දුවල එන්න කියල මේ.. මං අයියවත් මගින් දාගෙන යන්නං..

බුදු අම්මෝ මයිකලයෝ.. මං උඹට තල්ලු දාල දෙන්නං උඹ යන දේවාලෙක තනියෙන් පලයන්.. මටනං බෑ ඔය අටමගලෙ නැගල යන්න..

ඒ මොකෝ බං අයියේ..

බොලා තරුණ කාලේ ඔය කාර් කටුවෙන් දාපු වැඩ  කිඩ වලට ඔව්වයේ කොතන කොතන ඇණ මුරිච්චි බුරුල් වෙලා තියෙනවද දන්නෙත් නෑ.. අනික් එක උඹේ ඩ්‍රයිවින් මට ඒ තරං සුවර් නෑ බං..

පී................ස්සුද බං අයියෙ... කාර් එක තාම ඒ වගේමයි.. කිසි..................ම ලෙඩක් නෑ...

අනේ පලයන් බං මයිකලයො යන්න.. දැන් අවුරුද්දක් දෙකක් බොට මේකේ බැටරිය දාගන්න බැරිවුනා... බලහන් ටයර් හතර හතර ජාතියෙන්.. එව්වත් රීබිල්...කැන්වස් පෑදිලා... ඉතිං උඹ කියනව නයිට් රයිඩරේ තාම ඒ තත්වෙන්ම තියෙනව කියල.. ඔව්ව කියහන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට..

මේ දවස්වල ෆුල් කෝඩේ බං අයියෙ.. සතේ අතේ නෑ.. ඉස්සර නං හොරෙක් දෙන්නෙක් අල්ලලා හරි කීයක් හරි සොයාගත්තා.. දැන් ඉන්න හොරු අල්ලන්න නයිට් රයිඩරේ පන මදියි බන් අයියෙ.. කිට් කාරය මේ මගුල ඉස්ටාර්ට් කරනකොටත් හොරු උන්ගේ හයිබ්‍රිඩ් වලින් ගෙවල්වලත් ගිහිං..

ඉතිං පලයන්කෝ රස්සාවකට..

රස්සාවක් කියල ඉතින් මක් කරන්නද බං අයියෙ..ඩ්‍රයිවින් වැඩක් වත් තමා ඉතින්..මං කියල ඉතින් වෙන කරුමාන්තයක් දන්නවා කියලය..

ඇයි බං උඹ හන්දියේ හාඩ්වෙයාර් එකේ සිමෙන්ති ලොරිය එලෙව්වා නේද දවසක් දෙකක්.. ඒ රස්සාවට මොකෝ උනේ..

හපොයි අයියේ මතක් කරන්න එපා.. මමත් ඉතින් රස්සාවක් නැති කමට ගියාට ඒ ලොරි දණ්ඩ බර සාර වැඩියි බං..

ඒ කිව්වේ බං..

ඒ ලොර්යේ පවර් ඉස්ටියරින් නැහැ බං.. නයිට් රයිඩරේ වගේ නෙවෙයි බං... ගියර් පොල්ල එහෙ මෙහෙ කරන්න හච් එක දෙපාරක් පාගන්න ඕන ..

මොකක් කිව්වා..

ඔව් බං අයියෙ... මාර තදයි හච් එක... සුක්කානම කපන්න තව එකෙක් ඕන සිමෙන්ති පැටෙව්වාම...

හච් එක කිව්වේ මොකද්ද බං මයිකල්..

හච් එක බං හච් එක.. අර ගියර් දානකොට පාගන්නේ..

අනේ බොගේ මොලේ.. හච් එක නෙවෙයි ගොනෝ ක්ලච් එක..

ආන් හරි.. ඒක තමා..

ඉතිං මොකෝ උනේ රස්සාවට..

මුදලාලිය මාව අයින් කරා බං..

ඒ මොකෝ බං..

දවස් දෙකක් වැඩ කරලා ඇඟේ අමාරුවට කියල දවසක් නිවාඩු ගත්ත බං.. සිමෙන්ති බානවට වඩා අමාරුයි ඒක එලෝන එක..

ඔව් ඉතිං උඹ කියල ඒ කාලේ හිටන්ම සරීර හොරානේ.. නයිට් රයිඩරේ නැගල එහෙට මෙහෙට ගිහින් ගෑනු දැරිවියොන්ට විරිත්තුව මිසක් උඹ හරිහමන් රස්සාවක් කරා කියලය..

කව්ද බං අයියෙ හිතුවේ මෙහෙම කාලයක් එයි කියල..

ඉතිං බං ඔය කාර් කටුව විකුණලා කීයක් හරි අරගෙන බිසිනොස් එකක්වත් කොරහන්කෝ..

කොහෙද ඉතින් ඒක කරන්නත් අපේ ගෑනි කැමති නැහැනේ බං අයියේ...

ඒ මොකෝ..

ඒ ගෑනි කියන්නේ ඒ ගෑනි මාව කසාද බැන්දේ ඔය කාර් කටුව නිසාය ඒක වික්කොත් දික්කසාද වෙලා ගෙදර යනවා කියල..

ඒකත් හැබෑව.. බොගේ ඔය ටිකක් හැඩ මුනත්තහඩුවයි ඔය කාර් කටුවයි නැත්තම් බොට කියලා මොනවා තියෙනවද බං...මොකෝ උඹ හරි හමන් වුර්තියක්වත් ඉගෙනගත්තු එකෙක්ය..

අනේ දැන් ඇති බං මේ කතාව.. ඉක්මනට වරෙන් මේකට තල්ලුවක් දාගන්න.. අර යෝදි ඇහැරුනොත් කඩේට යන්න වෙන්නේ නෑ...

හා එහෙනං අල්ලහන් බලන්න...

හ්ම්... ඔන්න එහෙනං... කිට්... ඔන්න අපි තල්ලු කරනව.. ඉස්ටාර්ට් කරගනිං...

කරා.......ස්.........බරා....ස්...බ්රූම්.....බ්රූ..............................................................................................................................................ම්......... පුහ්......පොහ්..........බ්රූම්......


යාන්තං ඇති ඉස්ටාර්ට් උනා..

හා එහෙනං.. මම ගිහිං එන්නං මයිකලයෝ... හෙටත් තල්ලු කරන්න වෙයිද...

කියන්න බෑ බං අයියේ... ඒ මොකෝ එහෙම ඇහුවේ...

නෑ බන්.. අනික් පාරෙන් යන්න ඇහුවේ...

න්....නෑ ....නෑ..... හෙට ඉස්ටාර්ට්  වෙයි.... කිට් යමං ඉක්මනට අර යක්සනී ඇහැරෙන්න කලින් බීඩි මිටියක් ගේන්න ..

ඉක්මනට යන්න කිව්වට එහෙම යන්න බෑ බං මයිකල්... අරුන් ඉන්නවද දන්නේ නෑ හංදියේ...

කව්ද බං අරුන් කිව්වේ...

සීසර්ලා බන් සීසර්ලා...

ඒ මොකෝ බං...

ඔන්න ඉතින් උඹ බබා වෙන්න හදනවා මයිකල්... උඹ දැන් මේකට ෆිනෑන්ස් එකක් දාල ගෙයි කුස්සියේ වහල හදන්න කියල සල්ලි ගත්ත කෝ ගෙව්වද...

හරි බං ඉතිං කෝ ගෙවන්න සල්ලි... මාස කීපයක් ගෙවන්න බැරිවුනා තමා...

මං දන්නේ නෑ මාස කීයද්ද කියල.. ඒ උනාට නයිට් රයිඩරේ උස්සන්න ඊයේ මගේ පස්සෙන් පැන්නුව සීසර්ලා වගයක්.. අනූ නමෙන් බේරුනේ.. අන්තිමේ උඹ හදපු වහලකුත් නෑ නයිට් රයිඩරේ පොතත් ෆිනෑන්ස් එකේ..

ඒකත් එහෙමද... දැන් මොකද කරන්නේ ඉතිං.. වාරිකයක් දෙකක්වත් දාන්න අතේ සල්ලියක් නෑනේ බං... බීඩි මිටිය ගන්න රුපියල් විස්සක් ගෑනිගේ පර්ස් එකෙන් පන්න ගත්තෙ බොහොම අමාරුවෙන්...ඔන්න ඔතනින් නවත්තහන් අයින් කරලා.. මම සුටුස් ගාල බීඩි මිටියක් අරන් එන්නං... කල්පනාවෙන් හිටහන්...

ඉක්මනට වරෙන් මයිකල්... උඹේ අර යක්ස ගෑනි දැන් මාව හොයනවා ඇති...

ඒ මොකොටෝ...

ඒක උඹට වැඩක් නෑ ඉක්මනට වරෙන් බීඩි මිටිය අරගෙන ..

හ්ම්.. හිටහන්කෝ..

මයිකල් ඉක්මනට වරෙන්කො... පරක්කු වෙනවා බාන්..

හරි හරි යමං යමං... උඹත් දැන් හරි ගණන් නේද බන් කිට්...

මේ මයිකලයෝ... ඒ ගණන් වලින් වැඩක් නෑ.. උඹේ ඔය බීඩි කොටේ කාර් එක ඇතුලෙන් පත්තු කරනවා නෙවෙයි ඔන්න..

ඒක හරි මගුලක්නේ යකෝ.. මගේ කාර් එකේ මට බීඩිය පත්තු කරන්න එපා කියන්න උඹ කව්රු කියල හිතුවද කිටෝ...

අනේ මේ මයිකලයෝ... උඹ මාව කේන්ති ගස්සන්නේ නැතුව පාඩුවේ යනවද.. වැඩිය කට ගැහුවොත් මම උම්බෝව වහල ඇරලා විසික් කරලා දානවා දැනගනින්..

අප්පද බොල.. මුගේ තියන ගණන්..

මේ මයිකලයෝ උඹ දැන් අවුරුදු ගානක් තිස්සේ කරපු බම්බුවක් තියෙනවද.. මේකේ ටයර් හතර දාගන්නවත් උඹ රස්සාවක් කරාද..

ඉතින් ඒ කියල උඹට පුලුවනිද කියන්න මට බීඩිය පත්තු කරන්න එපා කියල..

මයිකලයෝ....මම උඹට නොකීව කියන්න එපා බීඩිය පත්තු කරොත් නම් මම බොගේ කොන්ද කැඩෙන්නම උඹව උඩ විසික් කරනවා කරනවා කරනවාමයි.. අපි තව විනාඩියෙන් ගේ ගාව.. ඒ නිසා ඉවසගෙන හිටහන් ඔය කැහි කූර පත්තු නොකර..

මොකෝ බන් කිටෝ බෝගේ අද ඔච්චර ගණන්.. වෙනද මම මේක ඇතුලෙ බීඩි මිටියම එකපාරට පත්තුකරන් බිව්වත් උඹ මුකුත් කිව්වේ නෑනෙ..

මට උඹ මේක ඇතුලේ බීඩි කර්මාන්තාසාලාවක් ගෙනත් බීවත් කමක් නෑ බොල මීමෝ..  ඒත් මේ දවස්වල උඹේ ගෑනි මේකෙන් පොඩි බිස්නොස් එකක් කරනව.. ඒ හින්ද උඹ මේකෙ බීඩි බොනවා එහෙම නෙවෙයි ඔන්න..

අප්පද බෝල බිස්නොස් එකක්.. ඒ මොකක්ද බන්..

ඒක අහගනින් උඹේ අඹේනිගෙන්.. මට ඕව කියල උඹේ යක්ස ගෑනිගෙන් කුණු කතා අහන්න බෑ බන්.. මම කොම්පීටරයක් උනත් උඹේ ගෑනි කියන කුණු කතා අහගෙන ඉන්නකොට හිතෙනවා මේක ගිහින් රුහුණු කුමාරිය එන වෙලාවක් බලල රේල් පාර හරහ නවත්තන්න අම්මපා.. උඹ කොහොමද බන් ඇහුනා නාහුනා ගානට ඉන්නේ හැබෑටම..

කිටෝ.. මට දැන් කම්මලේ බල්ලට වගේ ඔය ගෑනිගේ බෙලිකටු මල්ලේ සද්දේ හුරුයි බං.. කියහන්කෝ කිටෝ.. උඹ හැබෑටම කොහෙද අපේ ගෑනි එක්ක හැමදාම උදේට අන්තරස්දාන වෙන්නේ..

ඕන් ඉන්නවා ගින්දර පිටවෙවී කඩුල්ල ගාවට වෙලා.. උඹම අහගනින්කෝ.. මම නම් නෑ ඕවට..

හුහ්.. මයිකල්.......තමුසෙ කොහෙද නයිට්රයිඩරේ අරන් ගියේ උදේ පාන්දරම...

ඇයි හත් ඉලව්වේ මේක මගේ නයිට්රයිඩරේ .. තවුසෙගෙන් අහන්න ඕනෙද මට ඒක අරන් හන්දියට යන්න..

අනේ මේ මනුස්සයෝ..ඕකට පැට්‍රොල් ගහන්නේ ඔහේ නෙවෙයිනේ.. තමුසෙගෙ මේ මල මසිත්තු කාර් කටුවටයි මුනත්තහඩුවටයි රැවටිලා තමයි මම මේ අපා දුක් විඳින්නේ අද..

හරි හරි.... දැන් ඒවයින් පලක් නෑ... දැන් කොහෙද මේ උදේට උදේට කොටට ඇඳගෙන තොල් සායං ගාගෙන නයිට්රයිඩරේ අරන් අන්තරස්දාන වෙන්නේ කියල කියනව බලන්න.. කිටාගෙන ඇහුවට ඌ කටේ කෙල බිම හෙලන්නේ නෑ..

මම යන්නෙ තමුන්නැහේටයි තමුන්නැහෙගේ දරු පටවුන්ටයි බඩ කට පුරවන්න කීයක් හරි සොයන් එන්න ..

මොකක්..

ඇයි ප්‍රශ්නයක්ද.. තමුසේ හිටිය කියල මොකෝ රස්සාවක් කරල දරුවන්ට මට කන්න අඳින්න දෙනව කියලය..

දැන් ඔහේ කොටට කොටේ ඇඳගෙන තොල් සායං ගාගෙන ගිහින් කරන රස්සාව මොකක්ඩ කියනවා බලන්න..

මේක රස්සාවක් නෙවෙයි ඕයි.. පොඩි බිස්නස් එකක්..

මොකක්..

හ්ම්..

කියනවා බලන්න මොන වගේ එකක්ද කියල..

අපි ටවුමේ පාර්ක් එක ගාව පොඩි බිස්නස් එකක් කරනවා..

අපි කිව්වේ කව්ද ..

අපි කිව්වේ මමයි නයිට්රයිඩර් එකයි..

ඒ මොකක්ද බං යෝදියේ..

පාර්ක් එකට එන පොඩි එවුන්ට නයිට්රයිඩරේ රවුමක් යන්න හයර් කරනව..

අප්පටසිරි.. පට්ට බිස්නස් එකක්නේ බන්.. ඉතින් වාසි ඇති නෙහ්.. මට රුපියල් සීයක් දෙනව එහෙනං.. අද රේස් කොලේ සුපිරි අස්සයෝ ත්‍රිබලක් ඉන්නව.. අනිවා හෙට වින්..

මගෙන් මුකුත් නාහ ඉන්නව හොඳයි.. තමුන් හිතන් ඉන්නේ මේ කබල් කාර් කටුවට පොඩි එවුන් නගිනව කියලද...

පොඩි උන් වැල නොකැඩි එනවා ඇත්තෙ මගේ නයිට්රයිඩරේ රවුමක් යන්න.. මේ... මම නොකීවයි කියන්න එපා... මට දවසට පන්සීයක් ඕන කාර් එකේ කුලිය..

අනේ මේ... මගෙන් කුණුහරුප නාහ ඉන්නවා මනුස්සයෝ.. දැන් ඉන්න පොඩි එවුං මේ කසි කබල් නයිට්රයිඩර් එකක් ගැන දන්නෙවත් නෑ.. උන්ගෙ මහ එවුං මේක ගැන තියන ආසාවට පොඩි එවුන් ටික බලෙන් දාගෙන රවුමක් යනවා මිසක්.. ඊයෙත් පොඩි එකෙක් උගේ මහා එකාගෙන් ඇහුව ඊයා තාත්තේ ඇයි මේ කබල්ම කබල් කාරෙකේ රවුමක් යන්න මේ ඇන්ටිට සල්ලි දෙන්නේ කියල.. ඌ අහනවා අපේ හයිබ්‍රිඩ් එක මීට වඩා කොච්චර සැපද කියල.. මට පොලෝ පලන් යන්න හිතුන.. ඒකෙන් වැඩි වාසියක් නැති හින්ද මං වෙන බිස්නස් එකක් ගැන හිතුව..

අනේ මේ..... උන් දන්නවද මගේ නයිට්රයිඩරේ වැඩ කිඩ...

හා හා.. ඇති ඇති... මම දන්නවනේ ඔහේගෙ නයිට් රයිඩරේ වැඩ කිඩ... කොහෙද ඉතින් මමත් අහුවුනානේ ...

හා හා ඇති ඇති.. ඔය බෙලිකටු මල්ල හොලොවන්නේ නැතුව දැන් යන ගමනක් යනව...

හ්ම්.. කිටෝ.. යමු යන්න..

කිට්.. අද ඉඳන් හයර් කීයක් දිව්වද කියල මට හවසට කියන්න ඕන හරිද..

අනේ මේ මයිකල්.. උඹ එව්ව ගෑනි එක්ක බේරගනින්.. මගෙන් ඕව අහන්න එපා...

හෝව් හෝව්.. පොඩ්ඩක් හිටහන් කිට්.. මට මයිකල්ට අනික් පණිවිඩේ කියන්න මතක උනා..

මොකක්ද බං යෝදියේ.. තව ලෙඩක්ද.. මටනං බෑ අදත් රෙදි හෝදන්න.. ඔන්න මං කලින්ම කිව්ව..

රෙදි හෙදිල්ලක් නෙවෙයි මනුස්සයෝ.. අද ඉඳන් හවසට ඔහේට අලුත් වැඩක් තියනව කරන්න..

ඒ මොකද්ද බං..

මම බේකරියේ නාන එක්ක කතා කරා..

ඒ මොකක් ගැනද..

අලුත් බිස්නස් එක ගැන..

ඒ මොකද්ද බං..

නාන කිව්වා පහුවදාට සල්ලි බේරන්න  පාන් බනිස් මාළු පාන් ණයට දෙන්නං කියල..

ඒ මොකටද බං..

මොකටද ඉතින් විකුනන්න මිසක්..

ඉතිං ඕව විකුනන්න කෝ බං ගෑනියේ අපිට කඩයක්..

කඩ මොකදට මනුස්සයෝ..

මොකක්.. ඔහේට පිස්සු හැදීගෙන එනවද..

මට ඇති පිස්සුවක් නෑ මනුස්සයෝ.. අද මම දවල්ට එනකොට ලැයිස්කීපර් කට හයිකරවගෙන එන්නන් රේඩියෝ කඩේ මල්ලිට කියල.. ඔහේ ඔය රැවුල හෙම කපාගෙන ටිකක් පිළිවෙලකට ඇඳුමක් දාගෙන ඉන්නවකෝ..

ලැයිස්කීපර්කට????????ඒ කොහේ යන්නද බන් .. කොහෙහරි මගුලක්වත්ද

මගුලක යන්න නෙවෙයි මනුස්සයෝ.. මම පිළිවෙලකට පාන් බනිස් ටික අඩුක්කරලා දෙන්නම්.. ඔහේ ඔය කාර් කටුවේ වහලේ තියන කොටුවෙන් එලියට හිටගෙන අද ඉඳන් නයිට්රයිඩරේ චූන් පාන් විකුනනව..කිට් කාර් එක එළවන් යාවි..මොකෝ දන්න කාලේ ඉඳන්ම ඕක එලෙව්වේ ඌ මිසක් ඔහේ නෙවෙයිනේ ..

හුටා..

62 comments:

  1. මේක පෙන්නපං හැසල්හෝප්ට

    ReplyDelete
    Replies
    1. ඌ මේක දැක්කොත් මාව නයිට් රයිඩරේට හප්පලා මරයි බං

      Delete
  2. මේක පට්ට, අඩේ මගේ ෆෝන් එකේ රින්ග් ටෝන් එකට මම දාගෙන ඉන්නේ නයිට්‍රයිඩර් මියුසික් එක හෙහ් හෙහ්..

    සිරාවට හැසල්හෝප් කාරය බේ වොච් එකෙයි, නයිට්‍රයිඩර් එකෙයි ඇර වෙන මොකක්වත් දැකල නෑනේ.. පොරටත් මේවගේ කල දසාවක් ගිහිල්ලද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පොර ළඟදි නම්ත් වෙනස් කොරන් තියෙනවා කියලා මම දැක්කා.

      Delete
    2. අපි ඕක බැලුවේ පිස්සුවෙන් වගේ බන්. ඕක මුලින්ම ටීවී එකේ ගිය කාලේ රටේ බොහොම කලබල තිබ්බ කාලයක්. ඒ කාලේ ඉතින් අපේ ගං පළාත් වල තිබ්බ තත්වයත් නයිට් රයිඩර් වගේ තමා. ත්‍රාසය භීතිය කුතුහලය සහ ඇඟ ලොමුදහැගන්වන දේවෙල් බොහොමයි ඒ කාලේ.. කැන්ඩෝස් අනුග්‍රහයෙන් රාත්‍රී 7.30 ට තමා පෙන්නුවේ. රෑ අටට ප්‍රවුර්ති විකාශයෙන් පසුව තමා ඉතිරි කොටස ගියේ.. ඒ කාලේ අපේ ගමේ ටීවී තිබ්බෙත් තුනක් හතරක් වගේ මට මතක විදිහට.

      හැස්ල්හොෆ් ඕකෙන් විතරක් හම්බුකරන්න ඇති බන් පරම්පරා ගානක සල්ලි..

      Delete
    3. නම වෙනස් කරපු කතාවක් මම දන්නේ නැහැ උදාර.. හොයල බලන්න ඕන.. අපේ ජාතික වීරයින්ටත් වඩා අපිට ලංවුන චරිතයක්නේ..

      Delete
    4. ස්තුතියි අරුණ ..

      Delete
  3. අපි ඉස්සර නයිට් රයිඩර් කිව්වේ රැට ගෙවල් වලට හොරෙන් යන එවුන්ට

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියේ නයිට් රයිඩර් කට්ටිය නම් තාම ඉන්නවා බන්. ඒ වගේම ස්පයිඩර් මෑන් වගේ කට්ටියත් ඉන්නවා බිත්ති දිගේ නගින..හෙහ්..

      Delete
  4. මේ සැරේ සම්මානේ නොදුන්නොත් අර දෙමල නයන්නවත් මරාගෙන මැරෙනවා

    ReplyDelete
    Replies
    1. මාව මැරුවට වැඩක් නෑ බොල. අර උපශාන්ත දෙයියට පූජ‍ා වට්ටියක් එක්ක හොඳ පඩුරක් පූජ කරහං.

      Delete
    2. එහෙම නෙවෙයි අපි ගහමරාගන්නේ නැතුව මේක ශේප් එකේ බේරාගමු... සම්මාන කොටේ හරි මැද්දෙන් දෙකට පළල දෙන්නට දෙන්න .කියමු.එතකොට හරිනේ...

      Delete
    3. එහෙම පූජා වට්ටියක් දුන්නොත් වැඩේ කෙරෙනවනම් ඒ ගැන අපිත් කල්පනා කරලා බලන්න ඕන පෙසන්න ..

      Delete
  5. පට්ට
    තාම හක්ක රිදෙනෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුදෙකලා...

      Delete
  6. අසරණ නයිට් රයිඩර්...පව් අප්ප...

    ReplyDelete
    Replies
    1. මට මයිකලය ගැන දුකයි.

      Delete
    2. ආන්න බලන්න පින්වතුනි... සුප්‍රසිද්ධ පොරවල් ගැන බවලත් උදවිය අනුකම්පා කරන තරම්...
      ස්තුතියි ගිම්මි..

      Delete
    3. දුකට කරන්න ගොඩක් දේවල් තිබේ අජිත් අය්යේ.. අටමගෙන් ඇහුවනම් කියයි..

      ස්තුතියි ....

      Delete
  7. Replies
    1. ස්තුතියි පොකුරු

      Delete
  8. කරෙක හදන අක්කාගේ නම මොකද්ද.දැන් ඒවා ඔක්කොම අමතකයි අප්පාආආ...😂😂

    ReplyDelete
    Replies
    1. බොහොම වැරදියි අක්කගේ නම අමතක කරපු එක ..හෙහ්..

      Delete
  9. පට්ටයි මචං...
    ඒ දවස් වල අපි පිස්සුවෙන් වගේනේ නයිට් රයිඩර් බැලුවේ...

    ReplyDelete
    Replies
    1. පිස්සුවෙන් නේන්නම් බැලුවේ... ඕක යන දවසට විදුලි ගහන ගොරොවන වැහි දවසක් උනොත් එදාට වැස්ස වලාහක දෙයියන්ගේ අම්මගේ කෑලි නෑ කියමුකෝ...හෙහ්..

      Delete
  10. ඇයි බං අර ඩෙවොන් කාරය නැද්ද ලෝන් පාරක්වත් දාගන්න.
    මොනව උනත් පට්ට සීන් එක නයිටට වෙලා තියෙන්නෙ.

    අනික දැං බීඩි මිටියක් 20 කට ගන්න බෑ බොල. සීයක් වෙනව.

    ReplyDelete
    Replies
    1. අප්පද බොළ ... දැන් බීඩි මිටියක් සීයක් වෙනවද බං .. අපි නයිට් රයිඩර් බලපු කාලේ පාන් ගෙඩියක් රුපියල් තුනයි විසිපහක් වගේ කියලයි මතක බං... බස් එකේ අවම ගාස්තුව ඒ කාලේ රුපියලයි... පොල්වත්ත හංදියේ ඉඳල ටවුමට භාගේ ටිකට් එක සත පනහයි.. අපේ ඉස්කෝලේ යන සෙට් එක ඒ සතපනහත් නොදී බස් එකෙන් හොරෙන් තමා යන්නේ.. කොන්දොස්තර අහනවා සීසන් නේද කියල.කියල..සෙට් එකම එක ලෙසටම ඔව් කියල ඔලුව වනනවා..

      Delete
  11. නියමයි මේකනම්.... තුන්දෙනාම පවු අප්පා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මානි.. තමන් ළඟ නැති අනුන්ගෙන් ගත්තු දේවල් වලින් වැජබෙන හැම දෙනාටම් මේ ටික තමා වෙන්නේ හරිහමන් වුර්තියක් ප්‍රගුණ නොකලොත්..

      Delete
  12. රජයෙන් ගෙයක් දොරක්,විශ්‍රාම වැටුපක් එහෙම ගෙවන්නැද්ද මේ හාදයාට යකෝ.. විදේස විනිමයම කොච්චර කියල ඇද්දද රටට හා?
    හෙහ් හෙහ්... උඹ නම් නියමයි අම්බලන්ගොඩයෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එක්තරා කාලයක එක රැයින් ජනප්‍රිය වෙච්චි හාදයෙක් නේන්නම්.. ඒ කාලේ අපි ඔව්ව කට ඇරගෙන බැලුවට අද කාලෙට තනියම යන කාර් එකක් කියන එක මහා ලොකු දෙයක් නෙවෙයිනේ බන්... ඒ හින්ද ආදී කාලේ වීරයින්ට වර්තමානයේ ඇගයීමක් ලැබෙන්නේ නැහැ...

      Delete
  13. නයිඩ් රයිඩරයගේ සිංහල වර්ෂන් එකද

    ReplyDelete
    Replies
    1. එහෙම කියල හිතන්නත් පුළුවනි නේද..

      Delete
  14. හී හී හී...... කෝ බං මයිකලයා....... මගෙත් ලවු එකක්

    ReplyDelete
    Replies
    1. දැන් නාකියි බන්... බේ වොච් එකෙන් පස්සේ දැක්කෙත් නැහැ බං ..

      Delete
  15. උඹට කියන්න මචං.... මම කවදාවත්ම ඕක බලලා නෑ බං.හිච්චි එකා සන්දියේ රෑ 9.30 පහුවෙනවා කියන්නේ ඇස් වලට ඉරටුගහලවත් තියාගන ඉන්න බැරි කේස් එකක් තිබ්බ කාලයක්.

    අර ඉස්සර හිරු එෆ්.එම්. එකේ අරා සහ පැස්බරා කියලා ප්‍රෝග්‍රෑම් එකක් ගියා උදේට.අන්න ඒකේ ගියා නයිට් රයිඩර් ගැන කොමඩියක්.

    ReplyDelete
    Replies
    1. ඕක මුලින්ම පෙන්නුවෙ 7.30 ට බං.

      Delete
    2. ඕක මුලින්ම පෙන්නුවේ 1987/1988 වගේ කාලේ බන්..මම හිතන්නේ ඒ කාලේ උඹල ඉපදිලත් නැතුව ඇත කටුස්සෝ..

      Delete
    3. ඈ බන් පෙසන්නයෝ.... බොගෙයි මගෙයි වයස අහුවෙයිද මුන්ට..හෙහ්..

      Delete
    4. ඒ කලේ මමත් නැට්ටට කිරි උනන වයසේ කොලු පැටියා

      Delete
  16. අයියෝ මයිකල් අයියා.

    ReplyDelete
    Replies
    1. " අයියෝ මයිකල් අයිය මැරිලා...." කියල දෙබසක් මම වෙන කතාවක අහල තියෙනවා... ඒක ඉතින් ප්‍රසිද්දියේ කියන්න බැරි කතාවක්..හෙහ්..

      Delete
    2. මම නම් දන්නෙ නෑ ඒක

      Delete
    3. එදින එම්බාම් කිරීමට ගෙනා මිනියේ වූ විශාල පිරිමි ඇඟ දැක විස්මයට පත් ඇම්ඩා එය කපාගෙන තම බිරිඳට පෙන්වීමට සිතා හොර රහසේම එය අයින් කරගත්තේය. නිවසට ගිය ඇම්ඩා.....

      ඒයි මෙහෙ එනවකෝ......

      මේ බලනවකො. අද එම්බාම් එකට ආපු මිනිහගේ එකේ සයිස් එක කියා එය බිරිඳට පෙන්වීය.

      " අයියෝ මයිකල් අයිය මැරිලා...." !!! ...............

      එය දුට ඇම්ඩාගේ බිරිඳ ලතෝනි තියන්නට විය.......

      Delete
    4. අම්මට සිරි ඒකත් මරු කතාට ආ...

      Delete
  17. ඒ කාලේ නයිට් රයිඩර් මාමාට අනුග්‍රහය දැක්වුවේ කැන්ඩොස් චොකලට් නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. හතයි තිහට ඔය ඇඩ් එක යනකොට අපේ ඉහේ මල් පිපෙනවා ඉතිං ...

      Delete
  18. මුලින්ම නයිට් රයිඩර් බැලුවේ කළුසුදු රූපවාහිනියකින්.

    මමත් මුලින්ම ගත්ත වාහනේ ඇදපාන් තල්ලුකරපාන් වර්ගයේ එකක්.

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල ඒ කාලේ තෙකලා විදුලිය තිබුනේ නැහැ විචා.. ඒ නිසා හවස හතේ ඉඳන් නවය වගේ වෙනකම් කලුසුදු රූපවාහිනී වල රූප බ්‍රේක් ඩාන්ස් දානව. ඒ හින්ද කලුසුදු රූපවාහිනී තිබ්බ හැම ගෙදරකටම සිද්දවුනා අමාරුවෙන් හරි අඟල් 14 රූපවාහිනියක් ගන්න...

      මා ගාවත් ඇදපාන් තල්ලු කරපං එව්වා සෑහෙන සංක්‍යාවක් තිබ්බ. එව්වට පින්සිද්දවෙන්න තමයි කාර්මික ඥානය දියුණුවුනේ,,

      Delete
  19. පුරුද්දට වගේ කොමොන්ටුවක් දාන්න හිතුවට මටනම් මේක මෙලෝ රහක් නෑ බන්.😕මන් කියවපු උබේ කතා වලින් සාටර්ම කතාව.ඒකට කමක් නෑ මේක රසවිදපු උනුත් ඉන්නවනෙ.අර වාදී කතාවෙ කොටසක් ලියහන්කො.

    මේ මන් උබට අයේ කියන්නෑ අර පොල්ලෙ වැනුමෙ දෙන්නට උබ උත්තර ලියනවද නැත්නම් මට කියල ලියවගන්නවද?

    ReplyDelete
    Replies
    1. සහති ඇත්ත බං, මාත් මේ නොකිය හිටියට, අනිත් කතා එක්ක බලද්දි මෙලෝ රහක් නෑ...

      Delete
    2. සන්තෝසයි මගේ මතේම දරන එකෙකු සිටීම ගැන 😊

      Delete
    3. අධික කාර්යබහුලත්වය නිසා පිළිතුරු ලිවීමට පමාවීම ගැන සමාවෙන්ට ඕන. මේ රිප්ලයි එකට බොහොම ස්තුතියි මිත්‍රයා.. මේක තමා මම බලාපොරොත්තුවෙන් හිටපු රිප්ලයි එක.

      මේ ලියවෙච්චි පෝස්ටුවේ අන්තර්ගතය ගැන කව්රුවත් අවධානය යොමු කරලාම නැහැ. මේ පොස්ටුව ඇතුලේ තිහන අන්තර්ගතය තමා බහුතරයක් වර්තමාන පරම්පරාව තමුන් විසින් තමුන්ගේ දක්ෂකමින් උපයා නොගත් යම් දේවල් වලින් ලෝකයට පෙන්වන අලංකාර ප්‍රතාපවත් ප්‍රතිරූපයන් ඇතුලේ තියන හෙළුව. කිසියම් වූ දක්ෂකමක් නැතුවම පරම්පරාවෙන් ලැබෙන දේපල හෝ පන්දමට ලැබෙන තනතුරු නම්බුනාම අහිමිවී ගිය දවසට ඒ ඒ පුද්ගලයින්ට සැබෑ ලෝකයේදී අත්වන ඉරණම ගැන තමා මේ පොස්ටුවේ අන්තර්ගතය. හොඳින් කල්පනා කරලා බලන්න කිසීම වුර්තියක් හෝ දක්ෂකමක් නැති කෙනෙකුට තමුන් විසින් මහන්සියෙන් උපයා නොගත් දෑ අහිමි වීමේදී අත්වෙන ඉරණම මේක නෙවෙයිද කියන දේ ගැන..

      Delete
  20. ++++ huga kalekn boga paththe awe... Patta pata pata post ek..apith knight rider pisso thmai a kale

    ReplyDelete