Sunday, May 21, 2017

රහසිගත බුදුරැස්




වෙසක් පෝයත් එක්ක අම්බලන්ගොඩයා කුඩා එකා සංදියේ වෙසක් සැමරූ හැටි ගැන පොස්ට් එකක් ලියන්න හිතුන නිසා වෙසක් තොරණේ විස්තරය පහත ලියවෙන පෝස්ටුවේ කෑල්ලෙන් කෑල්ල ලියවෙනවා කියමුකෝ. කෑල්ලෙන් කෑල්ල කියන්නේ දවසින් දවස ටිකෙන් ටික.

දවසේ වැඩ රාජකාරි කරන අතරේ බ්ලොග් ලියන්න ඕන නිසාම පාවිච්චි කරන ටැබ්ලට් කටුව බ්ලොග් ලියන්න හිතුන වෙලාවට ඔන් කරගැනීම පළමු අභියෝගය වෙන්නේ ඒ ටැබ්ලට් කටුව චාර්ජ් කරන්න මතක් වෙන්නේ මහ මග රස්තියාදු වෙන වෙලාවට බ්ලොග් ලියන්න මතක් වුනාමම නිසා. ඒ වෙලාවට ඉතින් ටැබ් රාජයා කාරුණිකව කියා හිටින්නේ ඔන් කරන්න තරම් විදුලියක් බැටරියේ ගබඩාවී නැත මෝඩ මූසලයෝ බොට මේක මහ මගදී ඔන් කරන්න ඕනෙනම් ගෙදරදී චාර්ජ් කරන්න තිබුනා නේද බූරුවෝ කියලයි. ඒත් ඉතින් බ්ලොග් ලියන්න හිතුනාම ලියන්නම ලියන්නම ලියන්නම ඕන නිසා ටැබ් රාජයා විනාඩියක් දෙකක් වාහනේ චාර්ජරේට අමුනලා ටැබා පනගන්න ගන්නවා  කියමුකෝ. ඒත් ඉතින් චජරේ කේබලේ අමුනලා තියනකම් විතරයි. අපිට ඉතින් ලංකාවේ වගේ උඩ යවපු වයිෆයි බැලුන් නැති නිසා සෙල් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ටිකක් ටැබා බබාට ඉල්ලාගැනීම ඊළඟට කල යුතුයි. ඒ වෙලාවට ෆෝන් එකත් ඉස්සරින්ද රෑ චාර්ජ් කරලා නැත්තම් ඉතින් ඊළඟට විසඳන්න වෙන්නේ උගතෝකෝටිකයේ මහ එක. කිකිලිද බිත්තරේද ඉස්සෙල්ල ආවේ කියන ප්‍රශ්නේ වගේම වාහනේ සිගරට් ලැයිටරේට අමුනලා තියන චාජර් එකෙන් ටැබ් එක චාර්ජ් කරනවාද එහෙමත් නැතිනම් ෆෝන් එක චාර්ජ් කරනවද කියන එක තෝරා ගැනීම උගතෝකෝටිකයට වඩා එහා ගිය ප්‍රශ්නයක් වෙන්නේ ජංගම දුරකතනයෙන් සපයන අන්තර් ජාල පහසුකම නැතුව ටැබාගෙන් සිංහල ලියන්න බැරිවීමත්, චාජරේට අමුනලා තියන වයර් කොටේ ගලෝල ජංගම මෙව්වා එකට අමුනපු ගමන් අමාරුවෙන් පනගත්තු ටැබා බබා හුචස් ගාල මැරිලා යන නිසාත්. ෆෝන් එකේ වයිෆයි හොට් ස්පොට් සක්‍රීය කරපු ගමන් ජංගම දුරකථන කොටේ බැටරිය බහින්න ගන්නේ හෝල් සෙල් කියමුකෝ. ඒ නිසා ටැබාගෙන් බ්ලොග් ලියද්දි ෆෝන් කටුව චාර්ජර් එකට ඇමිණිලා තිබීම අත්‍යවශ්‍ය අංගයක් වෙන්නේ ටැබාට වයිෆයි පොම්ප කරන ෆෝන් කටුව සජීවීව වාහනේ බැටරියෙන් බලය නොගත්තොත් වැඩි වෙලාවක් යන්න කලින් ෆෝන් මල්ලිත් ගොඩයාට මැද ඇඟිල්ල පෙන්නලා ටටා බායි කියන නිසා. එහෙම බැලුවාම බ්ලොග් ලිවිල්ලත් සෑහෙන්න සෑහෙන්න දුකක් විඳගෙන කරන රාජකාරියක්. මොකද කියනවනම් සෙල් ෆෝන් මල්ලි ටැබා බබාට ලෝභ නැතුව වයිෆයි දෙන්නේ නැති උනාමත් ගූගල් ආදාන මෙවලම් අවලමේ යන්න ගන්න නිසා. ඒ වෙලාවට ගූගලා ටයිප් කරන්නේ අම්බලන්ගොඩයට ටයිප් කරන්න ඕන වචනෙට වඩා හාත්පසින්ම වෙනස් වචන. එහෙම වෙලාවට දහ දොළොස් වතාවක් අවශ්‍ය වචනය ටයිප් කරන්න දඟලන ගොඩයා අන්තිමේ බැරි තැන වාක්‍ය වෙනස් කරගෙන ඒ ගිරිදුර්ග තරණය කරගන්නවා කියමුකෝ.


දැන් අම්බලංගොඩකතා කියවන පාඨක පිරිස අහන්න පුළුවනි ඇයි හත් ඉලව්වේ ඔච්චර දුක් විඳගෙන බ්ලොග් ලියන්න දඟලන්නේ ගෙදර ගිහින් නිස්කාන්සුවේ ලියන්න පුලුවනිනේ ගොයියෝ කියල. ඒක ටෙක්නිකලි තර්කානුකුල කතාවක් උනාට ගෙදර ගිහින් නිස්කාංසුවේ ඉන්න වෙලාවට ගොඩයා යනු හද්දා කම්මැලි සතා කියමුකෝ. බාලගිරි දෝසය කියන්නේ සෙල්ලම් දෝසයක් නෙවෙයි කියල අම්බලංගොඩයට හිතෙන්නේ බ්ලොග් ලිවිල්ලට හැමදාම බාලගිරි දෝසෙ ලබනා නිසා.  සෙල් ෆෝන් ටැබ් සහයෝගීතා ගිවිසුමට අනුකූලව දවල් කාලයේ බ්ලොග් ලිවිල්ලට කොහොමින් කොහොමින් හරි වචනෙන් වචනේ එකතුවෙලා පොස්ට් එක සම්පූර්ණ වෙන්න දවස් කීපයක් වගේම සති කීපයක් යන වෙලාවලුත් නැත්තේම නැහැ.


මෙතක් වෙලා පඳුරු තැලුවා වූ අම්බලංගොඩයා මේ සැරසෙන්නේ ගොඩයා හිච්චි එකා සංදියේ වෙසක් සැමරූ ආකාරය ගැන පෝස්ටුව ලියන්නටය. සිංහල අවුරුද්ද ගෙවී යනවාත් එක්කම උදා වන්නාවූ වෙසක් මංගල්‍යය ගොඩයා කුඩා එකා සංදියේ ජැන්ඩි පහට සමරූ උත්සවයක් වෙනවාය. ඒ මන්ද යත් සිංහල අවුරුද්දට වඩා වෙසක් උත්සවය කාලයට එලිපහලියේ සිදුවෙනා උත්සව කටයුතු  බහුල නිසාය. ගොඩයා කුඩා එකා සංදියේ හිටන්ම ඉන්ඩෝ ඇක්ටිවිටීස් වලට වඩා වැඩි උනන්දුවක් දැක්වුයේ අවුට්ඩෝ ඇක්ටිවිටීස් වලට නිසා වෙසක් උත්සවය යනු ගොඩයාට  සිතුසේ සමරන්නට ලැබෙනා සංස්කෘතික සහ ආගමික අංගයක් වෙනවාය. 

රූප පෙට්ටියේ සහ ගුවන් විදුලියේ  මාර්තු මාසයේ මුල හිටන්ම ගිරිය කඩාගෙන කෑ ගැසූ කොහා මාස එකොළහකට නිවාඩු යවා බෙග් මාස්ටර්ගේ ගීත ප්‍රචාරය වන්නට පටන් ගත් පමණින් ගොඩයාටද වෙසක් ඌශ්නය නාසයට දැනෙන්නට පටාන් ගන්නවාය. ඉන් ප්‍රමෝදයට පත්වන ගොඩයා පළමුව කරන්නේ ඉරටු කෑලි ටිකක් සහ වෙසක් කොලයක් ගෙන සරුන්ගෝල සාදන්නට පටාන් ගැනීමය. 

පළමුව නිවස ඉදිරිපිට පාරේ සරුන්ගෝලය ගුවන්ගත කරන්නට වෙර දරනා අම්බලන්ගොඩයා එම ව්‍යායාමය ව්‍යර්ථ වූ තැන නිවසේ බලධාරීන්ට නොදන්වාම සරුන්ගෝලය කරපින්නාගෙන කලුවඩුමුල්ල පිට්ටනියට සේන්දු වෙනවාය. කලුවඩුමුල්ල පිට්ටනිය මදක් උස් ස්ථානයක පිහිටන නිසා සරුන්ගෝලයක් ගුවන්ගත කිරීමට වැඩි අපහසුවක් නොමැති ස්ථානයක් බැවින් සරුන්ගෝල යවන්නන් සියල්ලෝම හවස් වෙද්දී පිට්ටනියට සේන්දු වීම සාමාන්‍ය දර්ශනයක්ය. ගොඩයාගේ සරුන්ගෝල සෑදීමේ හැකියාව ලොවටම පෙන්වීමට ලැබෙනා අවස්තාවක් බැවින් ගොඩයාද කොල්ලෙක් කුරුට්ටෙක් ලව්වා සරුන්ගෝල රාජයා පිට්ටනියේ ඉහත්තාවට යවා සුළඟක් හැමනතුරු ඈත ගස්මුදුන් දිහාවට ඇස් මානාගෙන සිටිනවාය.

පිට්ටනිය ආසන්නයේම තිබෙනා ශ්‍රී විජයාරාමයේ බෝධියේ බෝපත්  සිලි සිලි හඬින් සෙලවෙන්නට ගන්නා අල්ලපනලේ ඒ නාදයෙන් උද්දාමයට පත්වෙනා ගොඩයා සරුන්ගොලය ඇදගෙන දෙපයේ උපරිම වාරුවෙන් පිට්ටනිය හරහා විජයාරාමය දිහාවට දුවන්නට පටාන් ගන්නවාය. එතැනින් එහා ලෝකයාට ප්‍රදර්ශනය වන්නේ ගොඩයාගේ සරුන්ගෝල සෑදීමේ හැකියාවේ දිග පළල වන අතර පිට්ටනියේ සරුන්ගෝල යවනා කොල්ලන් කුරුට්ටන් හුරේ දාන්නට පටාන් ගන්නවාය. ඒ මන්ද යත් ගොඩයාගේ සරුන්ගෝලය කුරියා ගැසීමේ තරඟයකට සහභාගී වූවාක් මෙන් හිටු කියා කූරියා ගසන්නට පටන් ගන්නා නිසාය. සාමාන්‍ය සරුන්ගෝල සුළගත් සමග අහස දෙසට ගමන් කලද අම්බලංගොඩයගේ සරුන්ගෝලය නිරන්තරයෙන්ම ගමන් කරන්නේ  අර්ධ කවාකාරව පොලොව දෙසට පමණය. ගොඩයා එයින් පසුභට නොවන්නේ ගොඩයාට එය  බොහෝම හුරු පුරුදු සිද්දියක් වන නිසාය. ඒ ඇයිද යයි පැහැදිලි කරනවානම් ගොඩයා විසින් සෑදු සරුන්ගෝලයක් එතෙක් මෙතෙක් ඉතිහාසයට උඩ  ගිහිල්ලානම් නොමැති නිසාය. ගොඩයා ඩවුන් ටු එර්ත් වර්ගයේ පොරක් නිසා ගොඩයාගේ සරුන්ගෝලද හැමදාමත් ඩවුන් ටු එර්ත් විත් හොටය බිම ඇනී කුජීත වනවාය. සමහරක් සරුන්ගෝල උඩ යවන්නට සුලන් රැල්ලත් සමගම පන එපා කියා පිට්ටනියේ කෙලවර කරා දුවනා ගොඩයා කොල්ලන්ගේ කෑ ගැසිල්ලට පසුපස හැරී බලනාකල සරුන්ගෝලය බොහෝදුරක් ඇදී ඇවිත් තිබෙන්නේ බිමදිගේ මිස අහසේ නොවේය. 

එයින් පසුභට නොවෙනා ගොඩයා පිට්ටනියේ සිටිනා කොල්ලන් කුරුට්ටන්ගේ උපදෙස් අනුව සරුන්ගෝලය විව්ධාකාර වෙනස් කිරීම් වලට භාජනය කරමින් සරුන්ගෝලය උඩ යැවීමට දවස පුරාම උත්සහා කරනවාය. කෑමක් බීමක් ගෙදර යාමක් ගැන කිසිදු ගනිච්චියක් නොමැතිව කෙරෙනා සරුන්ගෝල යැවීම බොහෝ දුරට අවසන්වන්නේ ගොඩයා සොයා වැඩිහිටියෙක් පිට්ටනිය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව වෙනවාය. ගොඩයා සොයා පිට්ටනිය වෙත වාර්තා කරනා මවු දෙමවුපියන් කිසිදා හිස් අතින් ආ වගක් ගොඩයාට මතක නොමැතිය. ඒ මන්ද යත් පිට්ටනියට එන පාරේ දෙපස පඳුරුවල ගොඩයාට දුම් යන්නට තලන්නට හැකි කෙලින් කෝටු වර්ග ඕනෑතරම් තිබුනාවූ නිසාය. 

පාසල ඇරුන වේලාවේ පටන් ඇඳිරි වැටෙනා තුරුම සරුන්ගෝලය උඩ යවන්නට පිට්ටනියේ වේලෙන ගොඩයාට බහුතරයක් දින වලදී නිවසට ගිය වහා දිනාගත් බෝනස් ලකුණු ප්‍රමාණයට කෝටුපාරවල් හිමිවෙනවා අනිවාර්යය. ගොඩයාට අත්වන ඉරණම සරුන්ගෝල රාජයාටද අත්වන අතර එයද දෙකට තුනට කැඩී කුණුගොඩකට විසික් වෙනවාය. ඉර බසිනාතුරු සරුන්ගෝල යැවීමේ ආනිසංස දන්නා අම්බලන්ගොඩයා නිවසට ගොඩවන්නේ නූල් පන්දුව කොහේ හෝ ඇස නොගැටෙන මානයක හැන්ගීමෙන් අනතුරුව වන්නේ නූල් පන්දුව රාජසන්තකවීම යනු නැවත සරුන්ගෝල යැවීමට තිබෙනා අවස්තාවට සෑහෙන කාලයකට නැවතීමේ තිත තැබීමට සිදුවන සංතෑසියක්  නිසාය. පිට්ටනියට යන පාරේ පඳුරුවල කෝටුපාරට වඩා ගෙදර මිදුලේ පේර ගසෙන් කඩාගත් කෝටුපාරේ රස වැඩි වැඩි යයි අම්බලන්ගොඩයා හිතන්නේ තමුන්ගේ වත්තේ පිටියේ හැදුනාවූ ගහක කොලක කොළ අතු ඉති ගෙඩිවල රස ගුණ අනෙක් ඒවාට වඩා වැඩි වියයුතු යයි සිතෙනා නිසාය.

සරුන්ගෝල යැවීමෙන් සෑහීමකට පත් නොවෙනා ගොඩය ඊළඟට සැලසුම් සකස් කරන්නේ  වෙසක් දින කිහිපයේ ප්‍රදර්ශනය කිරීම  උදෙසා අලංකාර වෙසක් තොරණක් ඉදිකිරීම සඳහාය. සම වයසේ  මිතුරන් හා තරඟයට සිදුවන තොරන් ගැසිල්ලේ නිල නොවෙනා ජයග්‍රහණය හිමිවන්නේ ලොකුම තොරණ ඉදිකළ සාමාජිකයාට බැවින් සැම සියලුදෙනාම උත්සහ කරන්නේ තමුන් විසින් සාදනා වෙසක් තොරණ ලොකුම එක කරන්නටය. ගොඩයාද තමන් සතු ලයිට් වැල්, වයර් කැබලි, පරණ ලයිට් හෝල්ඩර්, ඇතුළු මෙකී නොකී සියලුම දෑ ගබඩා කර තිබෙනා පෙට්ටි වලින් එලියට ඇද ගජරාමෙට තොරණ ගසන්නට පටන් ගන්නවාය.

එකල ගමේ මිතුරුකැල විටෙක විරසක වීමද වෙටෙක අඹ යාළුවන් වීම්ද නිතර සිදුකලාවූ කටයුත්තක් නිසා තොරන් ගැසීමේ කටයුතු වැනි දෑ සඳහා සාමූහිකව සහභාගිවීම්ද තනි තනිව වැඩේ ගොඩදාගැනීම්ද වසරින් වසර වෙනස් ආකාරයක් ගන්නවාය. වෙසක් කාලය ලංවෙනා අල්ලපනල්ලේ ගමේ මිතුරුකැල බහුතරයක් වේලාවන්හීදී සාමූහික තෝරන් ගැසීම වෙනුවට සිදුකලේ තනි තනිව තෝරන් ගැසීමේ කටයුතු වූයේ එකිනෙකාගේ තොරන් ගැසීමේ පරිමාව සහ අපේක්ෂාව වෙනස් ආකාර ගත් ඒවා වීමය. එක් අයෙකුට තමන්ගේ උසට තොරණක් ඉදිකොට ඉටිපන්දම් කීපයක් දල්වා තොරණ එලිය කිරීමට උවමනා වනවිට ගොඩයාට උවමනා වන්නේ තොටළඟ තොරණ තරම් හෙන සයිස් තෝරන් රාජයෙක් ඉදිකිරීමටය. එම නිසා තොරණ ගැසීම සම්භන්ධව සිදුවන පළමුපෙළ සාකච්චා වට සියල්ලම එකඟතාවයක් නොමැතිව අසාර්ථකව අවසන් වෙනවාය. ඒ මන්ද යත් අම්බලංගොඩයා හිච්චි තොරන් ගැසීමේ සියලු සැලසුම් වලට එකෙන්ම උදැල්ල දමනා නිසාය. තොරන් වලට අමතරව හොල්මං ගුහා වැනි ගොන් වෙසක් වැඩසටහන් සඳහාද යෝජනා ඉදිරිපත් වන අතර එව්වා පළමු සාකච්චා වට වලින්ම ඉලියට විසික් වෙනවාය.

එක්තරා වෙසක් දවසක අපේ තඩියා ප්‍රමුක මිතුරු කැල හොල්මන් ගුහාවක් බලන්නට ගොසින් කැත සිද්දියක් වුනා ගොඩයාට මතකය. සමවයසේ මිතුරියකගේ බාල සහෝදරයකු ප්‍රමුඛ මිතුරු කැල විසින් අලංකෘතව ඉදිකරන ලද හොල්මන් ගුහාවක් බලන්නට යන්නට තඩියා ප්‍රමුඛ තුඩුවමුල්ල තරුණ කැල පිටත්ව යන්නේ සමවයස් මිතුරියගේ උදව් උපකාර ඇතිව ටිකට් නොගෙන හොල්මන් ගුහාවට රිංගා ගැනීමේ අභිමතාර්තයෙන්ය. බලාපොරොත්තු වූ ආකාරයෙන්ම මිතුරුයගේ නොමසුරු සහයෝගයෙන් හොල්මන් ගුහාව වෙත රිංගා ගන්නා පිරිස හොල්මං එකා එකා බැගින් නරඹන අතරේ එකා පස්සේ එකා ඉදිරියට ඇදෙනවාය. හොල්මන් ගුහාව හොල්මන් වලට අමතරව කළුවර ගුහාවක්ද බැවින් වැඩිමනක් එපිට මෙපිට පෙනෙන්නේ නැතිය. සියලුම හොල්මන් නරඹා අවසානයේ පාලු හුදෙකලා ස්ථානයක මෙන්න බොලේ කුඩා දරුවෙකු වඩාගත් මෝහිනී ආතෙල් පහට උකුළු මුකුළු කරමින් ඉන්නවාය. පිරිසේ ඉදිරියෙන්ම ගමන්ගත් ඉරාන් හොල්මන් ඉවරායි කියා සිතාගෙන චන්ඩි ස්වාරූපයෙන් අවසානය කරා ලංවන අල්ලපනල්ලේ මෙන්න බොලේ මෝහිනී එකවරම ඉරාන් ඉදිරියේ ප්‍රාදුර්භූත වී අනේ මගේ ළමයා චුට්ටකට ගන්න යයි ඉල්ලා හිටිනවාය. එකවරම සිදුවූ මොහිනීගේ ආගමනයෙන් එලෝ මෙලෝ නැතිවූ ඉරානයා මොහිනීගේ බෙල්ලෙන් අල්ලාගෙන බිම පෙරලාගෙන ගුටි අනින්නට පටාන් ගන්නවාය. තඩියා ප්‍රමුඛ අතපය දිග එවුන් ඉරානයා අහකට කර මොහිනීව ගුටි ප්‍රහාරයෙන් බේරාගත්තා වුවද මෙන්න බොලේ මෝහිනී බිම පෙරලී හොටු පෙරාගෙන අඬනවාය. ටිකට් නොමැතිව හොල්මන් ගුහාව ඇතුලට යාමට  මග පෑදු මිතුරිය නොවන්නට මොහිනීගේ වැඩිහිටියන් තඩියා ප්‍රමුඛ තුඩුවමුල්ල සෙට් එක පොලීසි ගෙනියනවා අනිවාර්යය. වැඩිහිටියන් විසින් නඩුව විසඳා මොහිනීගේ හොටු කඳුළු පිසදා නැවත  දරුවා අතට දී හොල්මන් ගුහාවේ ස්ථානගත කරනාතුරු හොල්මන් ගුහාවේ අනෙකුත් හොල්මන් හට මද විවේකයක්ද ලැබෙනවාය. ගුටි පූජාව දුරදිග ගොස් වැඩේ ලෙඩේ  වූවානම් පොලිස් පොතේ පැමිණිල්ල ලියවන්නේ දරුවකු වඩාගෙන සිටි මෝහිනීට අසාධාරණ ලෙස  පහරදීම සම්භන්ධයෙන්ය. එසේ වූවානම් සිරි ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෝහිනීට පහරදීම සම්භධයෙන් ඉරාන් ඉතිහාසයට එකතු වෙනවාය. ඉරාන්ට රටක නමක් දැමීම සම්භන්ධව ගොඩයා වෙත  කුතුහලයක් ඇතත් ඒ ගැන විමසන්නට ඉරාන්ගේ දෙමාපියන් ගොඩයාට කිසිදා හමුවී නැත. 



ගොඩයා කුඩා කාලයේ තොරන් බලන්නට එක්ක යනවා යනු ගොඩයාගේ වැඩිහිටියන්ට තොරණ අසල සෑහෙන වෙලාවක් ගතකරන්නට සිදුවන මෙව්වා ඒකකය. ඒ මන්ද යත් අම්බලන්ගොඩයා තොරණ නරඹන්නේ වෙනස්ම ආකාරයකින් නිසාය. තොරණේ ප්‍රදර්ශනය කෙරෙනා ජාතක කතාව, චිත්‍ර, ලයිට් නැරඹීම යනු ගොඩයා හිච්චි එකා සංදියේ පටන් මෙලෝ  වැඩකට නැති දෙයක් ගණයට වැටෙන්නක්ය. තොරණේ ඉදිරිපස විනාඩියක්වත් නොරැඳෙන ගොඩයා කෙලීන්ම යන්නේ තොරණේ පසුපස කොටස නැරඹීම සඳහාය. ඒ මන්ද යත් තොරණේ පසුපස නැරඹීම යනු ගොඩයාට සතුට විනෝදය කුතුහලය සියල්ලම ලැබෙනා කාරනාවක් නිසාය. තොරණේ ලයිට් නිවී නිවී දිලෙනා ගැජමැටික් සියල්ලම තිබෙන්නේ තොරණේ පසුපස බැවින් එම වයර් ලෝකය දිහා විමසිල්ලෙන් බලන් ඉඳීම තොරණේ ඉදිරිපස නරම්බනවාට වඩා ඇස පිනවන කටයුත්තක්ය. එය එසේ බැවින් තොරණක විදුලි ආලෝකය රටා මවන්නේ කෙසේදෝ කියා ගොඩයා හෝඩියේ පංතියේ හිටන්ම හොඳින් දන්නවාය.


 හොල්මන් ගුහාවේ සිද්දියෙන් සහ ගොඩයාගේ තොරන් බැලිල්ලෙන් කැලේ පැන්නාවූ වෙසක් පෝස්ටුවේ තොරණේ විස්තරේ නැවත මෙසේය. තොරණ ගැසීම සම්භන්ධව එකමග යා නොහැකි මිතුරන් දෙතුන් කොටසකට විසිර යන අතර තම තමුන්ගේ මිදුල්වල තම තමුන්ගේ පරිමාවට තෝරන් ඉදිකරන්නට තීරණය කරනවාය. එය එසේ වන්නේ වැඩිහිටියන්ගේ සෘජු මැදිහත්වීම නිසා වන අතර ගොඩයාගේ වැඩිහිටියන් කෙදිනකවත් එවන් සිල්ලර වැඩකටයුතු සඳහා මැදිහත් නොවන්නේ ගොඩයාගේ අවුට්ඩෝ අක්ටිවිටීස් සඳහා මැදිහත්වීම යනු වෙනත් වැඩක් කරගැනීමට කාලයක් ඉතුරු නොවෙනා කටයුත්තක් වන නිසා සහ ගොඩයාගේ සැලසුම් රුපියලෙන් දෙකෙන් ගොඩ දමන්නට පුළුවන් වර්ගයේ එව්වා නොවෙනා නිසාය. 

ඊළඟට සිදුවන්නේ අනෙකාගේ පරයා තමුන්ගේ තොරණ ලොකුම සහ අලංකාරම තොරණ බවට පත්කිරීමේ මෙහෙයුමය. චිත්‍ර ඇඳීම සම්භන්ධයෙන් අම්බලන්ගොඩයාගේ හැකියාව බින්දුවටත් අඩු අගයක් ගන්නා නිසා  විකල්පයක් වශයෙන් වෙළඳපොලේ විකුණන්නට තිබෙනා සත් සතිය ගෙනවිත් තොරණක් ආකාරයෙන් සකස් කරන්නට ගොඩයා තීරණය කරනවාය. ගොඩයාඥාති සහෝදරයකුද එවකට ගොඩයාගේ නිවසේ නැවතී සිටි නිසා ඔහුගේ සහයද ගොඩයාට නොමසුරුව ලැබෙනවාය. 


එවන් ආකාරයෙන් සකස්වෙන තොරණේ ඊළඟ ප්‍රශ්නය නම් විදුලි ආලෝකය සැකසීමේ කටයුත්තය. තොරණ ආලෝකමත්  ප්‍රමාණවත් තරම් විදුලි බල්බ , වයර් සහ හෝල්ඩර් ගොඩයා සතුව ඇතත් බුදු පිළිමයේ ශීර්ෂය වටා විහිදෙනා බුදුරැස් මාලාව සකස් කිරීමට ගොඩයාට ප්‍රතිපාදන නොමැතිය. ඒ සඳහා අවම වශයෙන් ටෝච් බල්බ හෝ එල් ඊ ඩී දෙතුන්සියයක්වත් අවශ්‍යවන අතර එම බල්බ විවිධාකාර රටා මවනා ආකාරයෙන් දල්වන්නට තවත් බොහෝ දෑ අවශ්‍ය වනවාය.

ඒවා සඳහා ප්‍රතිපාදන ඉල්ලා උද්ගෝෂණ කිරීමෙන් තොරණ පිටින් ගොඩයාද වත්තෙන් එලියට විසික්වීමේ අවදානමක් තිබෙනා නිසා ගොඩයාගේ ටිකිරි මොලය විකල්පයක් සොයා වෙහෙසෙන්නේ තරඟයට ඉදිවන තොරන් රාජයා අඩුපාඩුවෙන් නිමකිරීම ගොඩයාගේ කීර්තිනාමය කෙලෙසාදමන්නක් වන නිසාය. එවන් වෙහසකර සිතුවිලි අරගල රාශියකින් අනතුරුව ගොඩයා එක්තරා මසුරන් අදහසක් ක්‍රියාවට නගන්නේ බුදුරැස් මාලාව ඉදිකිරීම සඳහාය. අවශ්‍ය පරිමාණයට රවුමට සකස්වූ ගනකම කාර්ඩ් බෝඩයක අදාළ රටාවට ටෝච් බල්බයක් රින්ගවන්නට තරම් හිල් විදගන්නා ගොඩයා ඊළඟට සැරසෙන්නේ බුදුරැස් මාලාව සකසා නිමකිරීමටය. බුදුරැස් මාලාවේ  හිල් ප්‍රමාණයට අනුව අවශ්‍ය ටෝච් බල්බ ප්‍රමාණය පන්සියය ඉක්මවනවාය. ඉතින් කෝ යකඩෝ ටෝච් බල්බ් පන්සීයක් ගන්න සල්ලි...


වයිවාරන තිබෙනා සෙලොෆේන් කොළ කිහිපයක ආධාරයෙන් ගොඩයා ඊළඟට සැරසෙන්නේ බුදුරැස් මාලාවේ බල්බ සවි කරන්නටය. ඉතින් කෝ යකඩෝ බල්බ්.. 



බල්බ නොමැතිව බුදුරැස් මාලාව සකස් කරන්නට අවශ්‍ය වන්නේ එක ටෝච් බල්බයක් පමණය. පාට කොලය රැස්මාලාවේ සෑම සිදුරකින්ම ටෝච් බල්බය මගින් තල්ලු කර බල්බය නැවත ඉවතට  ඇදගත් කල බල්බය නොමැති සෙලොෆේන් කොලය බල්බය තිබෙනා ආකාරයෙන්ම ඉදිරියෙන් දිස්වෙනවාය. ඉන්පසු සිදු කරන්නේ සෙලොෆේන් කොලයේ පසුපස කොටස මැලියම් ස්වල්පයක් මගින් බුදුරැස් මාලාවට අලවා දැමීමය. එවන් ආකාරයෙන් අලංකෘතව සකස්වෙන බුදුරැස් මාලාව තොරණේ බුදු පිළිමයට පසුපසින් නියමාකාරයෙන් සවිවන අතර බල්බ නොමැති බොරු බුදුරැස් මාලාව පසුපසින් නොපෙනෙන සේ මුළු තොරනම වැසෙනා පරිදි ආවරණයක්ද ඉදිවනවාය. ඊළඟට තිබෙන්නේ තොරණ ප්‍රදර්ශනය කිරීම පමණය. දැන් කොහොමද බොරු බුදුරැස් මාලාවේ ලයිට් පත්තු කරන්නේ කියනා ප්‍රශ්නය පාඨක සැමට මතුවන අතර එයට විසඳුමක් අම්බලන්ගොඩයාගේ ටිකිරි මොලය ඇතුලේ තිබෙනවාය.

ඔයින් මෙයින් වෙසක් දිනයද උදා වනවාය. තරඟකාරී වෙසක් තොරන් ඉදිකරන්නන්ගේ හෙන්චයියන් නිරන්තරයෙන් ගොඩයාගේ නිවස ඉදිරිපසින් බොරු ගමන් බිමන් යන්නේ ගොඩයා තොරණ ඉදිකර තිබෙන්නේ  කෙසේදෝ යන්න ඔත්තු බැලීම සඳහාය. අනෙකුත් තරගකාරී තොරන් හිමියන්ගේ තොරන්වල බුදුරැස් මාලාවක් නොමති අතර ගොඩයාගේ තොරණේ තිබෙනා බුදුරැස් මාලාව දිහා චරපුරුෂයන් නිරන්තරයෙන් ඉරිසියාකාර බලුම්ද හෙලනවාය. සීතල යුද්දය ඉතාමත් උච්චතම අවස්තාවක තිබෙනා බැවින් ගොඩයා දහවල් කාලයේද තොරණ පෙනෙන නොපෙනෙන දුරකින් පුටුවක් තබාගෙන තොරණ දිහා ඇසගසාගෙන සිටින්නේ චරපුරුෂ සේවා කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්නේ කොයි මොහොතේදෝ යයි විශ්වාසයක් නොමැති නිසාය.


තොරන් ගසිල්ලේ කූටප්‍රාප්තිය් එළඹෙන්නේ අඳුර වැටුනායින් පසුව බැවින් ලොකු පොඩි තොරන් කරුවන් වෙසක් දිනය එළඹුණු  දා හිටං බලාන ඉන්නේ ඉර බසින්නේ කොයි වෙලාවේදෝ කියාය. නොඉවසිල්ලෙන් ගතවන දහවල් කාලයෙන් අනතුරුව වෙසක් තොරණේ විදුලි ආලෝකය දැල්වීමේ කටයුතු උත්සවාකාරයෙන් සිදුකරන්නේ සත්ගුණවත් අම්බලන්ගොඩයාම වන අතර ගොඩයාගේ තොරණ ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් විදුලි ආලෝකයෙන් දිදුලනවාය. 


වෙසක් බලන්නට වීදි සරන්නන් අම්බලන්ගොඩයාගේ තොරණ  ඉදිරියේ නැවතී තොරණ නරඹන අතර බුදුරැස් මාලාව අමුතුම ආකාරයෙන් රටා මවනවාය. තොරණ නරඹන්නට නවතිනා පිරිස තොරණ නරඹා අවසාන වනතුරු ගොඩයා සහ ගොඩයාගේ ඥාති සහෝදරයා තොරණ අසලින් අතුරුදහන්වන අතර තොරණ නරඹන්නට කිසිවෙකුත් නොමැතිනම් තොරණ ඉදිරියේ පෙනී හිටිනවාය. තරඟකාරී තොරන් කරුවන් බයිසිකල් කටු වලින් තොරණ ඉදිරිපසින් ඔබ මොබ ගමන් කරනා අතර ඒ යන අතරේ ගොඩයාගේ තොරන් රාජයා දිහාවට රබර් ඇහැ දානවාය. එලෙසින් ගතවන දින දෙකක් තිස්සේ තොරණ සුපුරුදු ආකාරයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවුර්තව පවතින අතර රාත්‍රී කාලවලදී ගොඩයා නිදාගන්නේ කාමරයේ ජනේලය විවුර්ත කරගෙනය. ඒ මන්දයත් කඩාකප්පල්කාරී සේවා කොයි වේලාවේ ගොඩයාගේ වත්තට පැන තොරන් රාජයා බිමට සමතලා කරාවිදෝ යන සැකය නිසාය.  දින දෙකක් අවසානයේ තොරණ ප්‍රදර්ශනය කරනා අවසාන දිනය වෙද්දී ගොඩයා රෑ තුනක් නිදි වරාගෙන ජනේලයෙන් තොරණ දිහා බලාන හිටලා ඇවිදින මල මිනියක් ගානය. ගොඩයා බෙල්ල ගියත් කඳ කෑල්ල ෆයිට් කරනා වර්ගයේ එකෙකු නිසා තුන්වන දිනයේද තොරණේ ප්‍රදර්ශන කටයුතු අසීරුවෙන් කරගෙන යන්නේ තරඟකාරී තොරන් සියල්ලම තුන්වන දිනයේද මහජන ප්‍රදර්ශනය සඳහා විවුර්තවන නිසාය. 


ගොඩයාට පක්ෂ බුද්ධි අංශ සේවා වාර්තා කරනා ආකාරයට අනෙකුත් තරගකාරී තොරන් හිමියන්ගේ පළමු කුතුහලය වන්නේ ගොඩයාගේ අරුම පුරුම බුදුරැස් මාලාව දැල්වෙන්නේ කෙසේදෝ යන්නලුය. තොරණේ පසුපස සම්පූර්ණයෙන් ආවරණය කර ඇති බැවින් බුදුරැස් මාලාවේ නිවැමුව සහ ක්‍රියාකාරිත්වය දැකගැනීමට නොහැකිවීම තවතවත් කුතුහලය අවුස්සන්නක් වීලුය. ගොඩයාගේ නිවස පිහිටා තිබෙන්නේ තුන්මන් හංදියක වුවත් තොරණ පිටුපසින් දර්ශනය වන පාරේ උඩහ සිට බැලුවද තොරණේ පසුපස කොටස නොපෙනීම අනෙකුත් තොරන් හිමියන් කුපිතකරවන්නක්ලුය. 


ඒ ආකාර වූ තොරන් තරඟයක අවසාන දවසේ රාත්‍රී අටට පමණ මෙන්න බොලේ අනෙක් තොරන් අයිතිකරුවන් කණ්ඩායමම ගොඩයාගේ තොරණ බලන්න අවිල්ලාය. ගොඩයා හනික ඥාති සහෝදරයා සමග තොරණ අසලින් අතරුදහන් වෙනවාය. ඒ මන්ද යත් ගොඩයා සහ ඥාති සහෝදරයා තොරණ පසුපස ආවරණය කර ඇති කොටසට නොයනතාක් කල් තොරණේ බුදුරැස් මාලාව ක්‍රියාත්මක වන්නේ නැති නිසාය.


සියලුම තොරන් හිමියන් කට අරගෙන ගොඩයාගේ බුදුරැස් මාලාව ක්‍රියාත්මක වන ආකාරය බලාන ඉන්නවාය. ඔවුනොවුන් එකිනෙකා සමග පවසනා දෑද තොරණ පිටුපස සිටිනා ගොඩයාට ඇසෙනවාය. තොරණ වටා ලනු ඇද ආරක්ෂාව තහවුරු කර තිබෙනා නිසා කිසිවෙකුටත් තොරණට ලන්වෙන්නටද නොහැකිවීම රහසිගත බුදුරැස් මාලාවේ රහස රැකගැනීමට වඩාත් උදව් වනවාය. 


අජෝව්... මෙන්න හොරේ අහුවුනා... 


හුටාය.. විරුද්ද පාර්ශවයේ චරපුරුෂ සේවයේ සොල්දාදුවෙක් ගොඩයාගේ තොරණේ ලනු වැටෙන් රිංගා පසුපස ආවරණය යටින්ද හොරාට රිංගා ඇතුලට ඇවිල්ලාය.. ඒ කියන්නේ ගොඩයාගේ රහසිගත බුදුරැස් මාලාවේ රහස මාධ්‍ය වෙතට නිකුත් වෙන්නට ඔන්න මෙන්නය. ගොඩයා කරමින් සිටි කර්තව්‍ය නවත්වා චරපුරුශයා වෙත පනින්නේ ගොදුරට පනිනා කොටියා වාගේය. චරපුරුශයා නැවත හැරී දුවන්නට පනින අල්ලපනල්ලේ ගොඩයාගේ ඥාති සහෝදරයා ඔහු පැමිණි මග අහුරා සිටිනවාය. ගොඩයා චරපුරුශයාගේ බෙල්ලෙන් අල්ලාගන්නට ඔන්න මෙන්න කියලා තිබියදී චරපුරුශයා තමුන් වෙත තිබෙනා එකම විකල්ප මාර්ගය භාවිතා කරමින් ශරීරයේ තිබෙනා උපරිම ශක්තියද යොදාගනිමින් සුසන්තිකා ජයසිංහටත් වඩා වේගයෙන් පැන දුවනවාය. එනම් ගොඩයාගේ තොරන් රාජයා මැදින්ය. සත් සතිය දෙබෑ කරමින් තොරණ මැදින් එලියට මතුවූ චරපුරුශයාගේ ආගමනයත් සමගම තොරණ නරඹමින් සිටි ගැටවු පිරිසද හිස් ලූ ලූ අත දුවන්නට පටාන් ගන්නවාය. තොරණ මැදින් දෙබෑවී තිබෙද්දී පසුපසින් දිවයාම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් නිසා ගොඩයාද අතේ තිබෙනා විදුලි පන්දමද රැගෙන තොරනේ ඉතිරි ටිකද දෙබෑ කරගෙන පාරට පැන චරපුරුශයා පසුපස හඹා යනවාය. එහෙත් චරපුරුශයා ගොඩයාට වඩා වේගවත්වූ නිසා ගොඩයාගේ දෑසට වැලිගසා අඳුරේ නොපෙනී යන්නට ඔහු සමත්වන අතර ගොඩයා පරාජය භාරගෙන ආපසු හැරී තොරණ ලඟට විත් බලනා කල තොරණේ තවත් පෙන්වන්නට දෙයක් ඉතුරුවී නොමැතිය. දින දෙකක් පුරා මහජන ප්‍රදර්ශනයට විවුර්ත වූ මහා තොරන් රාජයා පිටකොටුවේ බෝම්බයට හසුවුණා වාගේය. ආයේ දුකේ බෑය. තොරණ මැදින් කෙටිදුර ධාවන තරඟයක් ආරම්භ කල නිසා පැච් දමලා නැවත යතා තත්වයට පත් කලත් එය මහජන ප්‍රදර්ශනයට තැබීම ගොඩයාගේ කීර්ති නාමයට නුසුදුසුය. ඒ හෙයින් දින දෙකක් පුරා ගජරාමෙට මහජන ප්‍රදර්ශනයට විවුර්තවූ තොරන් රාජයා පැයක් හමාරක් ඇතුලත එතනින් ඉවත්වී කුණු ගොඩක ස්ථානගත වනවාය. තොරන් ගැසිල්ල එතැනින් ඉවරය. චරපුරුශයා දින කිහිපයක් ගොඩයා ඇස ගැටෙනා මානයේ ගැවසුනේ නම් නැතිය. 


පොස්ටුව කියවූ සැමගේම කුතුහලය අස්වසනු වස් රහසිගත බුදුරැස් මාලාවේ රහස නම් මේ ආකාරය. බලුප් නොමැති බුදුරැස් මාලාවේ බලුප් ආකාරයෙන් තිබෙනා සෙලෝෆෙන් කොටස් බලුප් ආකාරයෙන් දිදුලන්නේ ගොඩයා සහ ගොඩයාගේ ඥාති සහෝදරයා යන දෙදෙනා තොරණේ පසුපස හොඳින් ආවරණය කරන ලද කොටසේ පුටු දෙකක් උඩ නැගී බුදුරැස් මාලාව පිටුපසින් විදුලි පන්දම් දෙකක් රටාවට කරකවනා නිසාය. ඉදිරිපස කළුවර බැවින් බුදුරැස් මාලාවේ පසුපසින් වදිනා ටෝච් එලිය රැස් මාලාවේ හිල් අතරින් ඉදිරිපසට එන්නේ පාට පාට සෙලෝෆෙන් කොලවල පාටින් වර්ණ ගැන්වීලාය. ගොඩයා සහ ඥාති සහෝදරයා දෙදෙනාම ඉතාම සුක්ෂමව විවිධාකාර රටාවන් වලින් විදුලි පන්දම හසුරුවනා බැවින් ඉදිරිපසින් බැලුකල බුදුරැස් මාලාවේ රහස සොයාගනු සුම්මාය. චරපුරුෂ කොලුවා පසුපස ආවරණ යටින් රිංගා එනු වලක්වන්නට කිසිවෙකුත් එළියේ නොමැති වීම ගොඩයාට අවාසියට සිටි අතර එසේ නොවූවානම් රහසිගත බුදුරැස් මාලාව ගැන රහස අදවනතුරුද කව්රුවත් දන්නේ නොමැතිය.  


ඔන්න වෙසක් පෝස්ටුව පොසොන් එකට කලින් ලියල අහවර කරා.. කොමෙන්ටුවක් දානවනම් අගෙයි.. කුඩා දරුවන් කියවන බ්ලොග් අඩවියක් බැවින් කොමෙන්ටු දැමීමේදී ආචාරශීලී වෙනවනම් අගෙයි..

70 comments:

  1. Replies
    1. යකෝ උඹ කරල තියෙන වැඩේ හැටියට උඹට මංත්‍රී කෙනෙක් වෙන්න ඉහළම සුදුසුකම් තිබිල තියෙනවනෙ. හැක්..

      මාත් අාසම කෑල්ල තමයි ඔය තොරණ පිටිපස්සෙ තියෙන ගැජමැටික් එක. එ්ත් දැං ඉලෙක්ට්‍රික් සර්කිට් වලින් වැඩ දාන හින්ද ගොඩක් තොරන් වල පස්සෙ කෑලි ටික නෑ.

      Delete
    2. මේ ඇනෝ අපි දන්නා කියන ඇනෝ කෙනෙක්දෝ.. මන්ත්‍රී කෙනෙක් වෙන්න මීට වඩා දහස් ගුණයක් කපටිකම් ඉගෙනගන්න ඕන ඇනෝ..රටේ මිනිස්සු ලක්ස ගණනින් අනන්ත දුක් විඳිද්දී උන්ගේ බදු සල්ලි වලින් සැප ගන්න තැනට එන්න මට පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ ඇනෝ..

      තොරණක් බලපු කාලයක් මතක නැහැ ඇනෝ.. දැන් ඔක්කොම සර්කිට් වලින්ද එතකොට වැඩ.. ෆ්ලෑෂර් කොටයේ තියන අවදානම දරනවාට වඩා එහෙම කරන එක හොඳයි.

      මිනිස්සු වෙසක් එකට තොරන් ගැහුවට එව්වා ගහන එවුනුයි එව්වා බලන්න යන එවුනුයි සියයට 99 ක්ම බුදුරජානන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකක්ද කියල දන්නේ නැහැ. දැනගන්න ඕනෑකමකුත් නැහැ..

      Delete
  2. මේ පෝස්ට් එක උඹ ලිව්ව එකක් කියල කියන්න බැරිතරම් අමුතුයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ නොන්ඩි කරන්න එපා බන් අනික් උන් මොනවා හරි හිතුවොත් වස ලැජ්ජයි !

      Delete
    2. හැලප අයියා සමඟ එකෙන්ම එකඟයි

      Delete
    3. මොකද බං හැලප අයියේ එහෙම හිතුනේ.. පොස්ට් එක ලියන්නේ කෑල්ලෙන් කෑල්ල දවසින් දවස නිසා පොස්ට් එක මට ඕන විදිහට ලියවුනේ නැහැ..

      Delete
    4. ගස්ලබු එක්ක මමත් එකඟයි.. පෝස්ට් ලියවෙන්නේ නැතුව ලියන්න උත්සහ කරනකොට මේ වගේ වැඩකට නැති තාලේ එව්වා ලියවෙනවා බං..

      Delete
  3. තොරණේ විස්තරේටත් වැඩිය අගෙයි ඔයාගේ ටැබ් බබාගෙ විස්තරේ....හපොයි ගොඩයියේ අහල පහල උදවිය හිතනව ඇති මට තනියම හිනාවෙන පිස්සුවක් තියෙනව කියලා..

    ReplyDelete
  4. මොකද තඩිය තවම පරක්කු.

    ReplyDelete
    Replies
    1. තඩියනෙ
      නිවාඩුයිනෙ
      නිදිනෙ

      Delete
    2. නෙතු.. ඇත්තටම අහලපහල එවුන්ට හිතෙන දේ ඇත්ත වෙන්න බැරිද මම අහන්නේ..හෙහ්.. ඉන්නේ කොහෙද කිව්වනම් යන පාර කියන්න තිබ්බ.. පිටකොටුවෙන් නම් 134 මට මතක විදිහට..ටවුන් හෝල් එකෙන් 168 වගේ කියලත් මතකයි.. එහම නැත්තම් ඔය කොළඹ දුවන ඕනෑම ත්‍රීවීල් එකකට ගොඩවුනානම් පරෙස්සමට ගෙනිහින් බස්සාවී..

      Delete
    3. ම්හ් හිතාගෙන ඉන්නේ මම බස් වල යනවා කියලා වෙන්නැති නෙහ්..මම දන්නව යන්න පාර අංගොඩට ...

      Delete
    4. ගොඩයියා ඉතින් ඒ කාලේ නිතර නිතර ගියපු තැනක් නිසා බස් රූට් නොම්බර හොදට මතකයි නෙහ්..

      Delete
    5. හරි හරි ඔයාගේ මොන්ටෙරෝ එක හරි ප්‍රාඩෝ එක හරි හයිබ්‍රිඩ් එක හරි මොක හරි ඔයා පදවාගෙන යනවනම් ඒක එහෙම නොකඩ රියදුරෙක් ලව්වා බස්සගත්තනම් හරි.. මොකද ඔයාව ආයේ ගෙදර නොඑවන්න ඉඩ තියන නිසා වාහනේ ගෙදර ගේන්න කව්රුහරි ඉන්න එපයි නේද..

      Delete
    6. අමබලන්ගොඩයියා පිස්සුවක් කතාකරනවා ..උදේ හවා මං ඔතනට යන්නේ පයින්...

      Delete
  5. තොරණ මැදෙන් උබලා මතු වෙනකොට බලන් හිටපු එවුන්ට මොනවා හිතෙන්න ඇද්ද

    ReplyDelete
    Replies
    1. හිටියේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ විතරනේ .. එවුනුත් ඔලුව හැරිච්ච අතේ පැනල දිව්වා බන්..

      Delete
  6. අම්බලන්ගොඩ අයියා අලුත් ලිපියක් ලියන්නේ කෙසේද යන්න අපිට අදාලම නැත.blog ake aluth post එකක් තියෙනවා නමි අපිට එය මල් හතකි.

    යකෝ තොරනෙ ෆ්ෂර් කොට 2 පාර දිගෙ උුවලා කිවිවලු...
    හිහ්...හිහ්...හිහ්..

    ReplyDelete
    Replies
    1. ආන්න බලාපල්ලා අද හැදෙන එවුන්ගේ හැටි.. අනික් එකාගේ අමාරුව තේරුම් ගැනීම උන්ට වැඩකට නැහැලු..ශ්ලාෂර් කොට දෙකම පාර දිගේ දිව්වේ ටෝච් දෙකකුත් අරගෙන.. හෙහ්..

      Delete
    2. දැන් හැදෙන එවුන් නමි කියලා වැඩක් නැ..හිහ්...හිහ්..

      Delete
  7. මටත් මතකයි තොරන් පිස්සුව.එක තොරනක් අවසානයේ බණ වෙනුවට සන්ෆ්ලර් ලගෙ නන්ස්ටොප් එකක් දාගෙන තොරන ඉස්සරහ නැටුව මතකයි.විලි ලැජ්ජාවෙ බෑ.තොරන්වල රශ්මියෙ ලියිට් කෙරුවාව තමයි අපි හැමෝටම ඒ කාලෙ තිබුන ගැටලුව.පුන්චි ටියුබ්ලයිට් වලට පාට පාට වතුර පුරවල පිටිපස්සෙන් ෆෑන් එකක් කැරකෙන්න දාල ෆෑන් එකට පිටිපස්සෙන් ලයිට් එකක් දැම්ම.ඒකත් මරුවට තිබුන.මගේ අදහසක් නෙවෙයි.අපේ ලොකු මාමගෙ අදහසක්.
    හොල්මන් ගුහාවෙ කේස් එකනම් මතක් වෙනකොටත් හිනා යනව.ඒ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන.ඉරාන් නොහොත් බෝම්බ පොඩී මෝහිණීට ගැහුවෙ අතින් නෙවෙයි බන්.මොහිණීගෙ අතේ තිබුන බෝනික්ක උදුරල අරගෙන.මෙන්න මෝහිනී අඩනව "තමුසෙල නිකන් ආව මදිවට ගහනව"කියල😂කුජීතයි.කැළුමගෙ ඇදුනුම් කම නොතිබුනානම් කනව අම්බානෙක🔫

    ReplyDelete
    Replies
    1. අපරාදේ බොලාට හොල්මන් ටික වටවෙලා නෙලුවනම් ඉස්පිරිතාලේ යන්න වෙන්නේ හොල්මන් ගැහුවා කියාගෙන..

      Delete
  8. Replies
    1. උඩම ඉන්නව.

      Delete
    2. එතකොට මේ ඇනෝ අපේ කොමෙන්ට් චක්‍රවර්තී සත්ගුණවත් ප්‍රසන්නයා මහතාද..

      Delete
    3. මොකෝ ප්‍රසෝ ඇනෝ කෙනෙක් උනේ?🤔 රහස් පොලොසියෙවත් වැඩ බාරගත්තද?🔫

      Delete
    4. මන් හිතන්නේ ප්‍රසන්න අයියා දාන කෙමෙින්ටු ගෙදර බලදාරින්ට මට්ටු වෙන්න පටන් අරන් වාගේ චම්ල අයියේ...

      Delete
    5. අඩේ ඇත්තට දෙමල නයන්න කෝ

      Delete
    6. ඌට ටික දවසක් ඇනෝ ඉන්න දීපං.

      Delete
    7. තරිදුගෙ කතාව අහක දාන්නත් බෑ.මන් දන්නවනෙ ගෙවල්වල හැටි.නේද ප්‍රසන්නයො

      Delete
    8. ඒව මාට්ටු වෙලා ගොඩක් කල් බොල.

      Delete
  9. ගොඩයියාට තියෙන්නේ බල බැංකුවක් (power bank) ගන්නය. ගාන වැඩිනං විද්‍යුත් බොක්කෙන් (ebay) උඹම කොරගනිං බල බැංකු කසුවක් (DIY power bank case) ගෙන්වාගෙන බැට්ටි දමාගන්නත් ඇහැකිය. ඒකට ඕනෑ බැටරි ලැප්ටොප් එකේ බැට්‍රිය පලා එහි මදයෙන් ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. බල බැංකුවක් තියෙනවා බං.. ඒකත් ඉතින් චාර්ජ් කරන්න මතක් වෙන්නේ ඒ වෙලාවටම තමා.. ඒක ඉර එලියෙනුත් චාර්ජ් කරන්න පුළුවන් එකක්.. ඒත් ඉතින් ඒ ඔක්කොම මතක් වෙනකොට එව්වා ඔක්කොගෙම බැටරි චාර්ජ් කරන්න අමතක වෙලා කියහන්කෝ..

      Delete
    2. මොන නම්ද මනුස්සයො මේවා

      Delete
  10. සැඟවූ තාක්සනය හෙලිදරව් කල ඒ නිර්භීත කොළුවාට මක් කොලාද බොලාල?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොලුවටා දෙකක් අනින්න දවස් ගානක් මෑනුවා.. ඒත් ඒකාගේ වැඩිහිටියන් ඌ ගැන ඇහැ ගහගෙන හිටපු නිසා බැරිවුනා.. ඒ කාලේ ඌ අවුරුදු හතක අටක එකෙක් නෙව.. මම දහයක් දොළහක් වගේ ඇති.. ඒ කාලේ තරහමරහ මාස දෙක තුනකට වඩා තියෙන්නේ නැහැ බං.. වැඩිම උනොත් එක ඉස්කෝලේ වාරයයි.. ඔක්කොම සෙට් එක කොලු ගැටවු දහයක් දොළහක් වගේ නිසා දෙපිලකට බෙදිලා ක්‍රිකට් ගහන්නත් මේ ඔක්කොම නැතුව බැහැ බං.. ඒ නිසා නැවත යාලු වෙනවාමයි..අද වෙද්දී ඒ එකෙක්වත් ගමේ නැහැ.. ඒ කාලේ සමහරු හඳුන්වපු නම් එහෙම දැන් උන් වැඩකරන තැනකට ගිහින් කිව්වොත් විලි ලැජ්ජාවේ පන යනවා.. ඔය තොරණ අස්සෙන් රිංගල ආපු එකාට කියපු නම මේකේ ලිව්වනම් මට ඌ නඩු දානව අනිවාර්යයි..

      Delete
  11. මරු ෆ්ලෑසර් කොටයක් හොයාගෙන තියෙන්නෙ :) හිමිං කැරකෙන මෝටරයක් හොයාගන්න බැරිවුණාම මෝටර් වලට දුන්නු වද දන්නවනම් මෝටරේ හොයාගත්ත එකා කොයිල් එකෙන් බෙල්ලෙ වැලදාගන්නව :D

    ReplyDelete
    Replies
    1. එක වතාවක් එක තොරණක ෆ්ලෑෂර් කොටේ අනික් පැත්තට කැරකිලා ආලවක යකා බුදුරජානන් වහන්සේට යවන ගිනි වළලු බුදුරජානන් වහන්සේ ආලවක යකාට යවනවා වගේ පත්තු වුනා කියමුකෝ.. ඇත්තටම ඔය ෆ්ලෑෂර් කොටේ තියන තැනි තනිකර මාරු කපොල්ලක්..

      Delete
  12. පෝස්ටුවක් ලියන්න විදින දුකක්... කියවන් යද්ද නම් නිකමටවත් දැන්නෙ නෑ මෙහෙම කට්ටක් කාල ලියන්නේ කියලා....

    තොරනේ විස්තරේ නම් මරු... අර සත් සතිය දෙබෑ කරගෙන දෙන්න එක්ක දුවපු කෑල්ල නම් මරු... හිනා ගිහින් පන යනවා...
    නව නිර්මාණ හැකියාව නම් ඉහලයි:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මානි... මේ ලියන සියල්ල අපේ ඉතිහාසය සහ සාහිත්‍යය , සස්කෘතිය සංරක්ෂණය කිරීමක් විදිහටයි මම සලකන්නේ .. වර්තමාන පරපුර සංස්කෘතිය සහ සාහිත්‍යය ඉතිහාසය දිහා බලන්නේ තනිකරම ඩිජිටල් තිරය හරහා නිසා මේ දේවල් මෙහෙම හරි ලියවිය යුතුයි නිර්මානි.. සිහල මාධ්‍යයෙන් ලියන සියලුම බ්ලොග් කරුවන් ශ්‍රී ලංකා ඉතිහාසයට සහ සාහිත්‍යයට තමුන්ගේ අත්දැකීම් ඩිජිටල් කරණය කරනවා කියල මම විශ්වාස කරනවා. ඇත්තටම එය ප්‍රසංසනීය කාර්යක් නෙවෙයිද ???

      Delete
  13. ඉස්සර බ්ලොග් වල යන ඒවා බැලුවේ එහෙන් මෙහෙන් මූණු පොතේ තියන ලින්ක් වලින් විතරයි. ඊට පස්සේ අවුරුදු 3 කට වගේ කලින් තෝරාගත් ඒවා 2ක් 3ක් වගේ බැලුව. ඒ වැඩෙත් අතෑරලා දාල තියෙද්දී ගිය මාසේ අන්තිම දවස් වල අහම්බෙන් මේක සෙට් වුණේ. මුල ඉඳල ඔක්කොම කියවගෙන ඉවරවෙලා සතියක් වගේ. අලුතෙන් එකක් වැටෙනකන් බලන් හිටියේ.

    පළවෙනි වතාවට කොමෙන්ටුවක් දානවා.
    අයියගේ ටැබා බබා ට Gboard හෝ multiling o keyboard දාල බලන්න. මගේ මෙව්වා එකේ නම් නෙට් නැතත් සිංහලෙන් කොටන්න පුළුවන්. (මේවා මේ කියන්නේ ඊළඟ එක ඉක්මණටම ඕන නිසා මිසක් උදව්වකට නෙවෙයි).

    මාත් ඉතින් ඒ කාලේ කන්න දෙන සල්ලිත් එකතු කරලා කලේ ඉලෙක්ට්‍රොනික් එව්වම තමයි. දැන් නම් ටිකක් වැඩේ අතෑරලා තිබ්බට ඒ කාලේ මාතර ඉලෙක්ට්‍රොනික් සාප්පු වල නිත්‍ය ගණුදෙනු කාරයෝ. හැබැයි අපි ඉතින් අවුරුදු 10ක් විතර පස්සේ පරම්පරාව නිසා ඔච්චරම ආතල් අත්දැකීම් නම් අඩුයි. එත් දැන් ළමයින්ට තියන දේවල් බැලුවම නම් අපි වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිල්ශාන් කමෙන්ට් එකට..මම මේ කිව්ව දෙක ටැබ් එකට දාල බලන්නම්..

      ඉස්සර අපිත් ඉලෙක්ට්‍රොනික් කඩවල නිත්‍ය සාමාජිකයෝ තමයි.. අපිට ඒ කාලේ බවුත් එකක් කියන්නෙත් බොහොම අමාරුවෙන් හොයාගන්න භාණ්ඩයක්.. ඒ කාලේ අපි ඊයම් පාස්සන්න බවුත් එක හදාගත්තේ බයිසිකල් ස්පෝක් එකකට මිටක් ගහල එකේ අග ඉඳන් මුලට තඹ කම්බියක් ඔතලයි.. ඉටි පන්දමෙන් එක පාරක් රත්කරගත්තාම පොයින්ට් කීපයක් පාස්සන්න පුළුවනි..

      බැලුම්බෝල උඩ යවන්න හයිඩ්‍රජන් හදන්න කෝස්ටික් සෝඩා වලට දාන්න ඇලුමිනියම් හොයාගත්තේ මම කුස්සියේ තිබ්බ ඇලුමිනියම් නෑබිලියේ අඩිය කපල අරගෙන..අම්මට නොදැනෙන්න නෑබිලියේ අඩිය වටේටම කට්ට කට්ට කපල අලුමීනියම් කෑලි ටිකක් වෙන් කරගත්ත කෝස්ටික් සෝඩා එකට දාන්න.. විකල්ප ක්‍රමවේද සොයන්න ඒ කාලේ හිටන්ම මොලේ පුහුණු කරලයි තියෙන්නේ.. හෙහ්..

      Delete
    2. ස්පෝක් කම්බි බවුත් එක අපිත් පාවිච්චි කලා. ඉස්කෝලේ ඒ කාලේ ජීවන කුසලතා කියල එකක් තිබ්බනේ.. ඒකට ඔයින් එකකුත් හදන්න තිබුණා.

      සර්කිට් බෝඩ් එක ෆොමිකා බෝඩ් තමයි. ඒවා නැති වෙනකොට ෆොටෝ ඇල්බම් එකෙන් පිටුවක් කැඩුවා. ඇතුලට කාඩ්බෝඩ් එකක් දාල අයින ඉටිපන්දමෙන් සීල් කලා. හරිම සරලයි.

      Delete
    3. 1) පියවර
      Gboard / Multiling o keyboard දාගත්තනම් සෙටින්ස් වල කොහෙන් හෝ language & input සොයාගෙන default keyboard ලෙස ඉහත අදාළ එක තෝරාගන්න.

      2) පියවර (Gboard සඳහා පමණි. අදාළ නොවේනම් හොර පාරෙන් 3 පියවරට පනින්න)
      Gboard නම් ඉහත පියවරෙන් පසු ඒ අසලම ඇති Gboard settings මගින් language ගියා. use system language අයින් කරලා දැම්ම. පහල තියන ලිස්ට් එකෙන් ඉංග්‍රීසි සහ සිංහල දෙක active කලා. ඒ මදිනම් තවත් languages ගොඩයි. හැබැයි හැම එකකටම යතුරු පුවරු 1 ගානේ බෑවෙන්න ගන්න නිසා ඩේටා යනවා.

      දැන් ටයිප් කරද්දී space තද කොට අල්ලා සිටීමෙන් Gboard English හා Gboard Sinhala අතර එහා මෙහා පනින්න පුලුවන්.

      3) පියවර
      තෝරාගත්තේ Multiling o keyboard නම් ටයිප් කරද්දී ස්පේස් බාර් එක අල්ලාගෙන සිටින්න. වම් පැත්තේ උඩින් languages නමින් තැනක් එනු ඇත. අල්ලපු ස්පේස් එක අතාරින්නෙපා. ඇදගෙන යන්න අර languages උඩට. ඒකෙන් south asian හරහා සිංහල ලබාගන්න.

      දැන් ටයිප් කිරීමේදී ස්පේස් අල්ලා සිටින විට ඒ අසලම වම් පැත්තෙන් සිංහල (හෝ ඉංග්‍රීසි) දිස්වේ. ඒ උඩට ඇදගෙන යාමෙන් බස මාරු කිරීම සිදුකරගත හැක.

      (ඔබේ ටැබා බබා android බවට පූර්ව නිගමනයකට එළඹී ඇති බව කරුණාවෙන් සලකන්න)

      Delete
    4. Android neweyi Dilshan. Tab eka Windows. Danna option ekak thiyenawada?. Mama try Kara Danna kiyana krama walin. Wade asarthakayi. Oya kiwwa ekanam thama Damme naha. Eka Windows ekka wada karanne nadda?

      Delete
  14. අර යු එස් බී කේබල් දෙකක් ගහන්ඩ පුලුවන් කාර් චාජර් එකක් ගනින්කෝ වැඩේ ඉවරනේ ..... ඉර එලියෙන් චාර්ඡ් කරන බල බැංකුවක් මටත් හම්බුනා , වැඩක් නැ බං චාර්ජ් වෙන්ඩ පැය හතලිස් පන්දාහක් විතර යනවා ... මම අර සෝලා පැනල් එක අයින් කරලා ඒ ඉඩට තව බැට්රියක් එබුවා .... දැන් හරි .... ෆොන් එක තුන් පාරක් විතර පුරවන්ඩ ජුස් තියනවා

    ReplyDelete
    Replies
    1. වාහනේ ඉන්වර්ටර් එකක් හිටං තියනව බං.. ඔය තොරණේ පිටිපස්සේ තියන වයර් තොගේට වඩා වයර් තොගයක් ඔකේ අමුණලා තියෙන්නේ.. ඒ එකක්වත් හදිසියකටවත් ගලවන්න පුළුවන් එව්වා නෙවෙයි.. ඒ නිසා ෆෝන් එක වෙනුවෙන් ගන්න පුළුවන් එක සොකට් එකයි.. එක්ස්ටෙන්ෂන් ගහල සොකට් වැඩි කරාට වැඩක් නැහැ ඊට වඩා ලෝර්ඩ් එකක් ඇද්දොත් ෆියුස් එක යනවා බන්..

      සෝලාර් චාර්ජර් එකනම් ඉතින් අවුවෙන් චාර්ජ් වෙන්න කල්පයක් දෙකක්වත් යනවා ඇති මගේ හිතේ.. මමනම් ඕක අවුවේ තියල චාර්ජ් කරලම නැහැ.. ඒක ගෙදරින් චාර්ජ් කරගත්තාම දෙපාරක් ෆෝන් එක චාර්ජ් කරන්න පුළුවනි මගේ හිතේ..

      Delete
  15. තොරනේ විස්තරේ හුගාක් දිගයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔය ගානට ලියාගත්ත මදැයි..

      Delete
  16. ෆට්ට රැස් මාලාව... රටා ගාන හරියටම කියන එකාට තෑග්ගක් එහෙම දෙන සීන් එකක් තුබුනේ නැතැයි.....

    ReplyDelete
    Replies
    1. අරූ එදා අහුවුනානම් රටා ගැන උගේ ඔලුව වටේ කැරකෙන්න තමා තඩි බාන්නේ..හෙහ්..

      Delete
  17. අර ොකක්ද film එක්ක අතින් ඔරලෝසු කටු කරකන දර්ශනේ උේ අදහසක් ද

    ReplyDelete
    Replies
    1. ඒ කියන ෆිල්ම් එක මම බලල නැහැනේ බන්..

      Delete
  18. අපිත් එහෙම තමයි තොරණට වැඩිය බැලුවෙ පිටිපස්සෙ ෆ්ලෑෂර් කොටේ.මට නම් ඒකාලේ චැනල් දෙකක් මාරුවෙන් මාරුවට පත්තුවෙන L E D සර්කිට් රාජයෙක් අටෝගන්න පුලුවන් 33k රෙසිස්ටර් දෙකයි,කැපෑසිටර් දෙකයි ,D 400 ට්‍රාන්ස්සිස්ටර් දෙකයි දාලා.පහුවෙද්දි NE 555, 4017 වගේ අයිසී වලින් නයිට්‍රයිඩර් සර්කිට් ගහන පිස්සුවකුත් තිබුනා.ඒකාලෙ තිබුන බවුත්,ඊයම් රෝල් තාමත් ඉදහිට අහුවෙනවා අහුමුළුවලින් .මේවා කියවද්දී මගේ පොඩිකාලෙ එහෙම පිටින්ම මතක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි ඕක හැදුවේ C828 ට්‍රාන්ස්සිස්ටර් එක දාල වගේ තමා මතක.. අවම පහසුකම් යටතේ සෑහෙන්න වැඩ කරපු පරම්පරාවක් අපි.. දැන් වෙළඳපොල හුඟාක් ලෝකයට සාපේක්ෂව යාවත්කාලීන වෙන නිසා හැම ටවුමකම වගේ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවනි.. ඒ කාලේ සල්ලි තිබ්බත් සමහර දේවල් තිබ්බේ කොළඹ විතරයි.. දැන් ළමයි ඒ අතින් අපිට වඩා හුඟක් වාසනාවන්තයි..

      Delete
  19. මට තිබ්බ ලොකු ප්‍රශ්ණයක් තමයි පොඩි කාලෙ ඔය තොරන පිටි පස්සෙ තියෙන කොටන් කෑල්ල

    ReplyDelete
    Replies
    1. කොටයක් කිව්වට ඒක මාරාන්තික කොටයක් බන්.. ඒ අතින් අපේ විදුලි නිර්මාණ ශිල්පියෝ නිසි විදිහට අගය කිරීමට ලක්වුණේ නැහැ කියලයි මගේ අදහස.. රවුමට කැරකෙන කොටයක තහඩු ටිකක් ගහල එයාල කොයිතරම් අලංකාර රටා මතු කරාද නේද.. ඇත්තටම ඒ මිනිස්සු ඒ කරපු ප්‍රාථමික නිර්මාණ ක්‍රම සහ විදි සංරක්ෂණය කලයුතුයි කියලයි මම හිතන්නේ..

      Delete
  20. අර එකෙක් කියුව වගේ තොරණේ විස්තරේ පරාදයි ටැබා බබා චාර්ජ් කරන පඳුරට.. උඹ බ්ලොග් එකේ අද 'මහ පතරංග ජාතකේ' තොරණ පෙන්නුවා නේද? මෝහිණී ට නෙලපු සීං එක වගේ ඒවා සෑහෙන්න වෙනව ඔය ගුහා අස්සේ.. එක පාරට බය උනාම සමහරු ඇත්ත මෝහිණී ආවත් නෙලනවා කතා දෙකක් නෑ.. අපේ පැතිවලනං ගේම යන්නේ කූඩු වලට.. තොරං ගස්සවන්නේ සමිති සමාගං වලින් වගේ 'පොරවල්' මූලික වෙලා.. මාත් හෙන අවුට්ඩෝ එකා උනාට ඔය තාක්සෙනික කුසලතා අවම නිසා තනියෙං ඕවට අත ගහන්න යන්නේ නෑ.. ඒකටත් එක්ක අනුන්ගේ ඒවා රෑ එලිවෙනකං මුරකරන්න බෝතලයක් වටේ සෙට්ටෙන්න එහෙමනං දකුණු කකුල ප්‍රට තියල මුලටම තමයි යන්නේ.. එහෙම ගිහිං වෙච්චි සීං දෙක තුනක් ලියන්න අත නලියනව දැං

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් ඕනෑම දේකට හෙන උනන්දුවානේ කමියෝ.. ලියමුකො අත දිගෑරල අපිටත් කියවන්න..

      Delete
  21. ඔන්න ඔයාගේ කතා ගොසිප් සයිට් වල තියෙනවා..අවසර ඇතුවද නැතුවද යන්න ගැන නම් මම නොදනිමි.. උපුටා ගැනීම කොතනින්ද යන්න වග සඳහනක් නැත ..

    ReplyDelete
    Replies
    1. ගොසිප් කියන නමෙන්ම දැනෙනවා නේද එයාලා එතික්ස් නැති එවුන් කියන එක....

      Delete
  22. ඔයා පෝස්ට් ලියන විදිහ හැමදාමත් සුපිරි. අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දාන්න පුළුවන් වුණේ.

    ReplyDelete