Tuesday, August 8, 2023

ටිකෙන් ටික බොඳවෙන අපේ ලෝකය..

ඊයෙ රෑ ඩේටා ඕෆ් කරන්න අමතකවුනා ... රෑ දෙගොඩ හරියේ ෆෝන්නෙක දෙරි ගැහෙනවා ඇහිලා ඇහැරිලා බැලින්නම්  කෝල් එකක්... කෝල් එක එන්නෙ කාගෙන්ද කියලා කියවගන්න බෑ හතලිස් පහ පැනපු එකෙක් වෙච්චි මට..  ඒකට කන්නඩි දෙක හොයාගන්න ඕන... ඒ අල්ලපනල්ලෙ කෝල්ලෙක් කට්වුනා... මාත් නිදිමරගාතෙ ආයෙම ෆෝන්නෙක පැත්තකින් තියලා නිදාගත්ට... නින්ද යාගෙන එනකොටම ආයෙම ෆෝන්නෙක දෙරිගහනව... ආයෙම කලුවරේ කන්නඩි දෙක හොයද්දි කෝල්ලෙක කට්වුනා... මම ආයෙම නිදාගත්ත... ආයෙම ආවොත්නම් කන්නඩි දෙක ඇතුව හෝ නැතුව ආන්සර් කරන්න හිතාගෙන.. ඒත් කෝල් එක ආයෙම ආවෙ නෑ..


උදේ වැඩට යන්න ලෑස්තිවෙලා වාහනේට නැගපු ගමන්ම අර කෝල් එක මතක්වුනා... බැලින්නම් සවුදියේ ඉන්න අපේ හොඳ මිත්‍රයෙන්.. හැරෙන තැපෑලෙන් ගැහුවා අපේ එකාට කෝල් එක...


උඹ කෝල් එකක් දීල තිබ්බ ඊයෙ රෑ දෙකට විතර...


උඹට ඩිරෙක්ට් කෝල් ගන්න පුලුවනිද ලංකාවට...


ඔව් පුලුවනි.. ( පුලුවන් ඉතිං මාසෙකට විනාඩි දෙසීයකට වෙනම බිලක් ගෙවන නිසා)


මම උඹට එවල ඇති වෑන් එකක් විකුනන්න දාපු ඇඩ් එකක්.. ඒකට කෝල් කරලා අහපංකෝ ගාන කීයද කියල...


හිටහං බලන්න.. මේ නිසාන් වැනට් එකද.. 


ඔව් ඔව් ඒක තමයි...


හිටහං මම අරං බලන්න...


බෑ කියන්න බෑනෙ..  මේ කියන මිත්‍රයත් වාහනයක් ගන්න හොයනවා දැං කාලෙක හිටං... ඩ්‍රයිව් කරන ගමන් නිසා රීඩින් ග්ලාස් දෙක දාගන්නත් බෑ..  ඒක දැම්මාම පාර පේන්නෙ බොඳ වෙලා..  කන්නාඩි නැතුව බලද්දි බොඳවෙලා පේන ඇඩ් එකේ තිබ්බ වෑන් කොටේ ෆොටෝ එක ලාවට බලලා ඒ යටින් තිබ්බ නම්බර් එක ටච් කරලා ඩෑල් කරා ඩිරෙක්ට්ම...  ටික වෙලාවක් රින්ග් වෙලා ෆෝන්නෙක ආන්සර් කරා වෑන් කොටේ අයිතිකාරයා..


හලෝ... ගුඩ් ඊවිනින් මහත්තයා... ( මට උදේ උනාට ලංකාවට හවස)


ඔව් කියන්න...


මහත්තයගෙ වෑන් එකක් විකුනන්න ඇඩ් එකක් දාලා තිබ්බා ඒකෙ මිල අහන්නයි කෝල් කරේ...


නෑ.. මම වෑන් එකක් විකුනන්න දාලා නෑ...


වෙන්න බෑනෙ .. මේ ඇඩ් එකක් තියෙනවනේ...


නෑහ්... මම ඇඩ් එකක් දැම්මෙ නෑ...


ඕං ඉතිං මටත් යකා නැග්ග.. ඇයි යකඩෝ අතිං වියදං කරගෙන උන්නැහේගෙ ඇඩ් එකට කෝල් කරාම එහෙම එකක් දැම්මෙ නෑලු...


වෙන්න බෑනෙ මනුස්සයෝ... මේ තියෙන්නෙ ඇඩ් එකක් පී නම්බර් සුදු පාට නිසාන් වැනට් එකක් දාලා ඔයාගෙ නම්බර් එකත් එක්ක... අපේ කාලය නාස්ති කරන්න එපා බොරුවට ඇඩ් දාලා... මාත් ඉතිං ටිකක් සැරෙන් කිව්ව..


තමුසෙ පොට්ටද ඕයි...සිංහල අකුරු කියවන්න බැරිද... ඕකෙ පැහැදිලිව දාලා තියෙනව " හයර් සඳහා" කියලා... ඕක හරියට කියවනව ඉස්සෙල්ල... &$&);$&&$@&%#><> බ්ලා බ්ලා බ්ලා...


ආං එතකොට මට තේරුනා යාලුවාව විශ්වාස කරලා ඇඩ් එක කියවන්නෙ නැතුව වාහනෙයි ෆෝන් නම්බර් එකයි විතරක් බලලා කෝල් එක ගත්තු එකේ මෝඩකම... අර මනුස්සයා තවත් සුද්ද සිංහල මොනාදෝ කියවද්දි මම සොරී සොරී වැරදීමක් සමාවෙන්න කියලා ෆෝන්නෙක කට් කරා... 


රෑ දෙකට උඩ ගිහිං ඇහැරුනාම ෆෝන්නෙකේ ඩිස්ප්ලේ එකේ තියන අකුරු බොඳවෙලා පේන එක සාමාන්‍යයි කියමුකෝ හතලිස් පහේ එකෙකුට... ඒත් මහ දවල් "හයර් සඳහා ". කියලා පැහැදිලි සිංහලෙන් ලියලා තියන ඇඩ් එක වැරදියට කියවලා ඌට මා ලව්වා කෝල් කරවලා ඌ ලව්වා මට අසභ්‍ය වචනෙන් බන්නපු එක සම්පූරං වැරදියි... මක් කරන්නද ඉතිං.. යාලුවෝ කියන්නෙ එහෙම එවුන් තමා... උදේ පාන්දර වැඩට යන්න පිටත්වුන ගමන් කියලා මමත් නිකං ඇරියෙ නෑ... හයර් යන වෑන් එකේ අයිතිකාරයා මට කිව්ව වගේ හතර ගුණයක් මාත් ඉතිං  ලෝභ නැතුව අමතලා දැම්මා සවුදියාට මැසෙන්ජර් කෝල් එකක් අරගෙන... ආයෙ ඉතිං මගේ අතිං පයිං යන එකක් කියලයෑ... උදේ පාන්දර වැඩට යන්න එලියට බැහැපු මට අසභ්‍ය වචන ඇස්සෙව්වට දඬුවමක් දෙන්නත් එපැයි යාලුවා උනත්...


හතලිස් පස් ඇඳිරීයත් හොඳට හිටිනවා වෙලාවකට...  ඒ කෝල් එක රෑ දෙකට දෙපාරක්ම එද්දිත් නම ගම  බොඳ වෙලා පෙනුන එක හොඳා...  එහෙම නොවුනානම් මම අර යකාගෙන් කුනුහබ්බ අහන්නෙ රෑ දෙකට නිදි ඇඳ් ඉඳන්... මම මේ මේක ලිව්වෙ නිකම් නෙවෙයි... හත් ඉලව්වේ හතලිස් පහ පනිද්දි ඇස් පෙනීම අඩුයි... ඔව්වා පෙන්නලා කන්නඩි ගනිල්ලා කියන්න..

17 comments:

  1. ඈ. තාම මට නම් ඩිස්ප්ලේ එක කන්නාඩි නැතුව කියවන්න පුළුවන්.😀

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු... තමා ඉතිං..

      Delete
  2. මමත් කන්නාඩි දෙකක් ගන්න වෙදෙක් ගාවට ගියා , ඌ කිව්වා දුරත් ටිකක් පේනවා අඩුයි කියල, අර මැසිමෙන් ඇස බලල කිව්වේ, මං කිව්වා දුර පේනවා ලග පෙන්නේ අඩුවෙන් නිසා එකට කන්නාඩි ගන්න ලියල දෙන්න කියල... ඌ දෙකටම ලියල දීල, කන්නාඩි සාප්පුවේ බායි කිව්වේ ලග පේන්ඩ විතරක් හදනවා නම් කන්නාඩි දෙක ඇස් වලට දුරින් තිඑන්දලු හදන්න පුළුවන්, මන් වෙන පළාතකට ගිහින් හද ගත්තා ....

    ReplyDelete
    Replies
    1. ඇස් වෙද්දුන්ට පෙන්නුවාම උන් මගේ ඇස් දෙකට නිර්දේශ කරේ 0.5 Correction එකක්... ඒත් 0.5 එක දැම්මට මගේ ඇස් පේන්නෙ නෑ.. මෙහේ එලියෙ කඩවල රීඩින් ග්ලාසස් තියෙනව තමුන්ට කමති එකක් දාලා බල්ලා ගන්න පුලුවනි.. එහෙම එකක් දාලා බැලුවාම 1.25 තමා හරියන එක...

      Delete
  3. මම හිතන්නේ යාළුවා ගොඩයාගෙ ඇස්පෙනීම ගැන දන්න නිසා දුන්න ලනුවක්. යාළුවට කියපු දේවල් ටිකත් විස්තර ඇතිව දාන්න lol

    ReplyDelete
    Replies
    1. ලණුවක් නෙවෙයි ඉයන්... අපේ මිත්‍රයා එලෝ මෙලෝ නැති පොරක්.. ඌට වෙලාව කලාව ගැන ඒතරං අවභෝදයක් නෑ... ඌට කියපුවා මෙතන ලිව්වනම් මේක දාන්න වෙන්නෙ 30+ ලේබල් එකෙන්..

      Delete
  4. හතලිස් පහත් වයසක් ද හිටන්...😁

    ReplyDelete
    Replies
    1. හතලිස් පහ තමා හොඳම වයස.. 45 උනාම තේරෙයි..

      Delete
  5. ඔහොම ඒවා වෙනවා. දැන්නම් මම කණ්නාඩි දාන්නේ නැතිව මුකුත් කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කන්නඩි නැතුව බුකියෙ කොටලා පබ්ලිශ් කරලා එව්වා කන්නාඩි දාලා කියවද්දි සමහරවිට තරු පේන වෙලාවල් එමටයි..

      Delete
  6. බත් කන්නත් කන්නාඩි දාන අපි :D

    හබී ට ඔය වගේ රෑ දෙගොඩහරියේ කෝල් එකක් ආවා. මර නින්දෙන් නැගිටලා බලද්දී ලංකාවෙන්. ඔය වෙලාවට එන්නේ බෑඩ් නිව්ස් නේ, ඉතින් දනි පනි ගාලා ආන්සර් කළා.
    "මහත්තයා මම මේ මහත්තයාලගේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ. නොම්මරේ ඉල්ලා ගත්තේ මහත්තයාගේ අම්මාගෙන්. අපේ ලොකු හාමුදුරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් අපි ලොකු පින්කමක් කරන්න ඉන්නේ. ඒකට මුදලින් අධාරයක්.."
    හබී කියවෙන්න ආව දේ අමාරුවෙන් ගිලගෙන හිටිය හැටි දැකලා මටත් හොඳටම හිනා :D

    ReplyDelete
    Replies
    1. පන්සලේ හාමුදුරුවො නිසා ඉතිං කියලා බෑනෙ... දත්මිටි කාගෙන ඉවසන්නම වෙනවා... ඒත් ඉතිං නම්බර් එක දීපු කෙනාට අමතන්න ඇති පහුවදා කන්වල ඇඟිලි ගහගන්න...

      Delete
    2. ඔව් ඔව්- ඇමතුවා :D
      අම්මා- ඉතින් පුතේ හාමුදුරුවෝ පුතාගේ නොම්මරේ ඉල්ලුවාම මට බෑ කියන්න පුළුවන් යැ!

      - ආයෙත් කැරකිලා එන්නේ එතනටම තමයි!

      Delete
  7. දවසක් අපේ මායිය එක්ක ගියා පෙන්ඩන්ට් එකක් ගන්න රත්තරන් බඩු කඩේකට.උන්දැට ඕන ගල් අල්ලපු නැති එකක්ලු.ඔන්න ඉතිං මම දනි පනි ගාල ලස්සන එකක් තෝරල දුන්න."මේකෙ ගල් තියෙනවනෙ අනේ" කියපි.හුටා....මට මෙලෝ ගලක් පේන්නෙ නෑ ආයුබෝවන්ඩ.සත්තයි 😁 අපේ උන්දැ පෙන්ඩන්ට් ගන්න එක පැත්තක තියල මට කන්නාඩි දෙකක් අරන් දුන්න 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. මගේ නම් අනුමානය මධූගෙ ඇස් පෙනීම උඹේ පෙනීමට වඩා දුර්වලයි කියලයි... මොකද කියනවනම් මධූගෙ ඇස් පෙනීම හොඳ උනානම් උඹ වගේ එකෙක්ව කසාද බඳින්නෙ නෑ...😂😂😂

      Delete