Wednesday, November 26, 2014

ගිය නොගිය ට්‍රිප් එක ................




කන බොන එවුන් හැමදෙන එක පන්තියේ 
බොන්නට මත් වතුර දවසක් අපි හදිසියේ 
ආතල් පහට ඔක්කොම ටික බොන රිසියේ 
සෙට් උනා වසලයෝ ටික රෙස්ට් හවුසියේ


සමහරු බොන්නේ විස්කි බ්‍රැන්ඩි විතරයිලු 
සමහරු බොන්නේ බියර් වයින් විතරයිලු 
සමහරු කන්නේ චිකන් ඩෙවල් විතරයිලු 
සමහරු කන්නේ එළවලු අමුවෙන්ම තමයිලු


බෝතල් එකින් එක ටික ටික ඉවර උනා 
එල එල ටොපික් ටික ටික මුන් කථා  උනා 
දුම් වැටි පැකට් එකින් එක දැවී අළු උනා 
අතල් ටොපික් එකකින් වැඩේ අලුත් උනා


නිව් ටොපික් එක මුන්ගේ ට්‍රිප් එකක් යන්නටයි 
කට්ටියම එක පයින් හෙට උනත් එල තමයි 
යෝජනා සම්මතයි නුවර එලි යන්නටයි 
ගමන දැන් ස්ථිරයි ප්‍රශ්නේ රථයක් තමයි.


හරි මචන් ඕක බන් සුළු වැඩක් සිම්පල්නේ 
මම ගානේ වාහනේ ඉතුරු ටික තොපි ගානේ 
කිව් හින්ද අපේ එල බුවෙක් බී මත ගානේ 
දැන් ඉතින් කුමකටද ලතවෙන්නෙ බීපන්නේ


වාහනේ ලැබෙන්නේ self driving යන්නලු 
හිතවතෙකුගේ හින්ද සල්ලි ප්‍රශ්නයක් නැතිලු 
driver ල ඕන නැහැ අපිම එලවමු මචන් ලු 
කට්ටියගෙ සන්තෝසේ ඉහවහම ගිහින් ලු


ගමන ස්ථිරයි දවස් හතරයි night තුනයිලු 
හැමදෙනාගේ සිහිය ගමන ගැනම තමයිලු 
රියදුරුට බොන්න බැහැ පොලිසියෙන් අවුල්ලු 
අනික් හැමදෙනාටම බීම ඕනෑතරම් තියේලු


සැලසුම් සියලු එල එලටම සකස් උනා 
බීපු බිල ගෙවල අපි ගෙවල් වලට කැරකුනා 
කබරයෝ දාන උන් කබරුන් සමග සැතපුනා 
හීනෙනුත් අපේ උන් ට්‍රිප යන්න සෙට් උනා


දවසින් දවස ට්‍රිප යන දවස ලං වෙන්නේ 
ගමන ගැනමයි හැම දෙන දැන් දොඩවන්නේ 
ඩෙනිම් ටී ෂර්ට් සයිඩ් පොකට් සොයමින්නේ 
මුන් පිස්සන් වගේ ගම රට පෙරලන්නේ


ටැමරින් සයිඩ් drum කොන්ගෝ බොන්ගෝ ready ලු 
ටී ෂර්ට් ඩෙනිම් සපත්තු කැප් තොප්පි සියල්ල ready ලු 
බියර් බොන උන්ට හිස් බෝතල් cool box ready ලු 
වාහනේ ගේනවා කිව එකා දැන් ටික ටික ගොළුයි ලු


ඔන්න ඉතින් ට්‍රිප යන දවස හෙට වෙන්නේ 
හැමදෙන බෑග් අහුරාගෙන ready වෙන්නේ 
අපි හෙට ට්‍රිපක් යන බව නන් දොඩවන්නේ 
අපි යන ගමන ගැන දැන් මුළු ගම රට දන්නේ


මටනම් මචන් ජනේලේ අයිනක් ඕනේ 
මටනම් මචන් පසුපස ආසනේ ඕනේ 
මටනම් ඉතින් driving හරි සිම්පල්නේ 
මම වැඩිමල් මචන් මට ඉස්සරහ ඕනේ


මෙතන ඉඳන් උඹ මාතරට එලවාපන් 
එතන ඉඳන් මම තිස්සට එලවන්නම් 
තිස්සේ ඉඳන් ඇල්ලට තෝ එලවපන් 
ඇල්ලේ ඉඳන් උඩහට උඹ එලවාපන්


ගමන හෙටයි මුන් දැන් ෆුල් චූන් වෙලා 
සමහරු රියදුරු අසුනේ ජයට රජ වෙලා 
මුන් ඔක්කොම මනෝ ලෝකේ සිහින බලා 
වාහනේ ගේන එකා නැහැ ඌ ගොළු වෙලා


ගමන හෙටයි අද ටික ටික හවස් උනා 
වාහනේ ගේන  එකාගේ දුරකථන ගොළු උනා 
හැමදෙනාගේම  ගොන් ඔලු ටික අවුල් උනා 
nonstop අරුගේ නොම්බරේම  dial උනා


ගමනට කලින් දා දවස රෑ උනා නොදැනිම 
කෝල් එකක් ආව sponsor යාලුවගෙන්ම 
වාහනේ ගෙනත් තියෙන්නේ ගෙදර මිදුලටම 
අද දැන්නම් එන්න බැහැ මම එන්නම් උදෙන්ම


අද රැ මට වැඩ මම හොඳටම බිසී මචන් 
කව්රුහරි ඇවිත් වාහනේ අරන් පලයන් මචන් 
එහෙම නැතත් මම උදේ 5 වෙද්දී එන්නම් මචන් 
මම නාවත් වාහනේ උදේට එනවා මචන්


අගමුල නැති කතා මු දැන් දොඩවන්නේ 
මු එන්නැති වගක් නැහැ මුන්නම් පිළිගන්නේ 
අපි ට්‍රිප යන වග දැන් මුළු ගම රට දන්නේ 
යන්නට නොවුන හොත් අපි හැම වහ කන්නේ


සියල්ල අවුල් වේගෙන දැන් මේ එන්නේ 
එකෙකුට ඉතින් ඩොලක්කියක් සිහිවෙන්නේ 
හෙට ගමනට ඩොලක්කියක් ඔනෙමනේ 
කියමින් මු මොටෝවෙන් යලි ඉගිලෙන්නේ


තනියම නෙවෙයි මේ ගමන මු යන්නේ 
උගේ mango friend ගමනට කැඳවන්නේ 
වැඩි දුරක නෙවෙයි මුන් දැන් මේ යන්නේ 
හනිකට එන්න මුන් දෙන්නා ඉගිලෙන්නේ


mango friend උන්නෙම හරි සන්තෝසෙන් 
වැඩි දවසක් නැහැ මු වේලිලා ආලෙන් පළමුවෙන් 
සත්‍ය ප්‍රේම මනෝ ලෝකේ රජ කරමින් 
ඌ උන්නේ ප්‍රේමි සමග මනෝමයෙන්


ඩොලක්කිය තියෙන්නේ යාලුවෙකුගේ ගෙදරකලු 
එහෙට යන්නනම් ගාලු පාර හරහා යන්න ඕනෙලු 
කළුවර හින්ද පසුපස මුකුත් පේන්නෙම නැහැලු 
mango friend ට කිව්වේ පස්ස හරිද බලන්නලු


mango ඉන්නේ ප්‍රේමෙන් දැන් ඔද වැදිලා 
එලෝ මෙලෝ නැහැ ඌ ආලෙන් අන්ද වෙලා 
mango බැලුව පසුපස යන්තම් හැරිලා 
කිව්වා වාහන දෙකක් එනවා මචන් කියලා


හෙට යන නොයන ට්‍රිප හින්දා හරි ජොලියෙන් 
මොටෝව පැද්ද  ඌ උන්නෙත් අව සිහියෙන් 
mango කිව්ව වාහන දෙක ගිය විගසින් 
දැම්මා පාර හරහා ඌ නොබලාම විගහින්


මහා ලොකු සද්දයක් එක්කම පාර මැදට යන්නට 
වැදුනා මොටෝව තඩි ලොරියක හරි මැදට වෙන්නට 
ලොරිය ගියා මොටෝවත් අරන් තාපෙත් කඩන් වත්තට 
mango friend විසිඋනා කාණුවට උගේම ගල් වෙලාවට


ආලය හින්ද mango ට වයර් මාරු වෙලා 
ආලය අන්ද බවනම් ඌ සහතිකම කළා 
දෙකයි තුනයි mango friend ට මාරු වෙලා 
වාහන දෙකක් නෙවෙයි යකුනේ තුනක් ඇවිල්ලා


ඩොල්කිය ගන්න ගිය එකා ඉස්පිරිතාලේ නතර උනා 
අත පය හතර ලෙලි ගිහිල්ල උගේ පන ඉතුරු උනා 
mango friend ට මුකුත් සීරීමක්වත් නැති උනා 
ට්‍රිප් එක ගැන තිබුණු පැතුමන් සියල්ල කුඩුම උනා


ගමන යන්න වාහන නම් නැහැ ආවේ 
උගේ පොරොන්දු සියලුමදේ බොරු වුයේ 
අන්තිමේ එකෙකුගේ අත පය ලෙලි වුයේ 
අන්තිමේ මටයි ලොකු පාඩුව සිදුවුයේ


මුන් හැප්පුවේ මගේ තාත්තගේ honda එකය 
දැන් ඉතින් මට ගෙදරින් ලැබෙන්නේ පරිප්පුවය 
කල පව් එලව එලවා පල දෙන්න එනවාය 
දැන් ඉතින් මට ඉතුරු honda ජුලෝනාය


බයිසිකලේ හදන්න බැහැ කුඩු පට්ටම් වෙලාලු 
මට ගෙදර යන්න බැහැ උත්තර දෙන්න වෙනවලු 
මොටෝව හදල දෙනකම් වෙන එකක් තාත්තට ඕනෙලු 
දැන් ඉතින් කාපන් පරිප්පු මම දැන් තනියමලු


දහදාහක් දීල කටුවක් අරගෙන දුන්නා
හැප්පුන එක හදන්නට යකඩයා ට දුන්නා 
බඩු ගන්නට මුදලින් තිස්දාහක් දුන්නා 
එකතුව හතළිහයි මගේ පපුවම රිදුම් දුන්නා


හැමදාමත් වගේ මටමයි හැමදා වෙන්නේ 
තොපිට විනෝදේ මටමයි නැතිවෙන්නේ 
mango friend උඹට හැමදාමත් පැටලෙන්නේ
දෙක තුන මාරු නොවුනානම් නැහැ කෙලවෙන්නේ


මේ සිද්දිය වෙලා අවුරුදු පහළොවක් වෙලා 
අද ඊයේ වගෙයි කිසිවක් නැහැ අමතක වීලා 
සියලුම පාඩුව මට එදා හතලිස් දාහක් වෙලා 
හිතාගනිල්ලා ට්‍රිප මා ගානේ ගියාම කියලා

3 comments:

  1. කතන්දර බ්ලොග් එක පොඩ්ඩක් බලලා ඉගෙනගන්න. ඒක තමයි බ්ලොගින් වලය හොඳම ආදර්ශය.. විශේෂයෙන් ආරම්බයේදි.. කවි ටික පට්ට.. ඒත් දිග වැඩියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් උපදේශයට..

      Delete
  2. හැප්පුනේ අජන්ත සොයිසගෙ තාප්පේ....
    යාලුවො හිතුවෙ මං යටවෙල කියානේ...
    ඩ්‍රයිවරය මොරදෙනව මලා කියා ආවෙසෙන්...
    මම බැලුවෙ ඌ බේරන්නට හැකි විගසින්...

    අරුන් දෙන්න මා කොහෙදයි වාහනෙ යට හොයනා...
    මම මෙහේ මචං මූ බේරගමු කියා කෑහැසුවා...
    අරුන් දෙන්න විත් මා කුදලගෙන ගියා...
    පසුව දැක්ක මගෙ තුවාල දැක මට කලන්තෙ උනා...

    ඉස්පිරිතාලෙ ඇද උඩ පත බෑවී සිටියත්...
    මගේ හිතේ හෙට යනව ට්‍රිප කොහොමත්...
    පහුවදා වෙනකනුත් ආවේ නැහැ වාහනයක්...
    සති දෙක තුනක් ඉන්න උනා සුව වෙන්නත්...

    කාලෙ කෙමින් කෙම ගෙවිල ගියා...
    යන්න නොහැකිවූ ට්‍රිප යන දින පැමිනියා...
    ගොඩයා බයේ ඒකට නොපැමින කර ඇරියා...
    මම ගිය ට්‍රිප් වලින් ආතල්ම එක එය උනා...

    ReplyDelete