Friday, November 6, 2015

නමක් නැති කථාවක් 6



පස්වෙනි කොටස මෙතනින්


පලවෙනි කොටස මෙතනින්

දවස් ගෙවීල ගියේ බොහොම හෙමින්. එත්  ඖෂදී ඉස්කෝලෙට ආවයින් පස්සේ ඉඳන්  ඉස්කෝලේ පටන් ගන්න ගතවෙන වෙලාවත්, ඈත ඉඳන් හරි ඖෂදී දැකගන්න ලැබෙන විවේක කාලයත් ගෙවිලා යන්නේ විදුලි වේගයෙන් කියල සුභාෂ්ට දැනුනා උනත්, ඒ පුංචි කාල පරාසයන් දෙක වෙනුවෙන් සුභාෂ් මුළු දවසම බලාපොරොත්තු දල්වාගෙන බලන් හිටියා . පාට පාට ලස්සන හීනෙක අතරම වෙලා හිටිය සුභාෂ් පාසල් යාම අඛණ්ඩව කරගෙන ගියේ උණක් හෙම්බිරිසාවකට වත් ගෙදර නවතින්නේ නැතුව. උදෑසනත්, විවේක කාලයේදීත් දවසකට වතාවක් කොතන හෝ ඉදිරියට හමුවෙන ඖෂදී සුපුරුදු විදිහටම සුභාෂ්ගේ ඇස් දෙකෙන් ඇස්දෙක අහකට ගත්තේ ඔවුනොවුන් එකිනෙකාට පහු උනාට පස්සෙයි. 

හැමදාමත් විවේක කාලයේදී ඖෂදී දැකබලාගන්න හිතාගෙන ඖෂදීගේ පන්තිය පැත්තට ගියත් ඒ හැම වෙලාවකම සුභාෂ්ගේ පන්තියේ ඉන්න වසවර්ති කොල්ලෝ ඖෂදීට සුභාෂ්ගේ නම කියමින් විහිළු කරන එක සුභාෂ්ට නවත්තගන්නම බැරි උනා. එත් ඒ හැම දෙයකින්ම  මිදිලා පන්තියේ එවුන් නැති තැනකදී ඖෂදීව හමුවෙන්න සුභාෂ් පුළුවන් තරම් උත්සහ කළා. එත් එහෙම අවස්ථා සුභාෂ්ට ලැබුනේ බොහොම අඩුවෙන්. ඒ ලැබෙන අවස්තාවක උනත් "ඖෂදී " කියල අමතන්න සුභාෂ් උත්සහ කලත් සුභාෂ් අන්තිම මොහොතේ තීරණ වෙනස් කළා. ඒ ඖෂදී එක්ක කතා කරන්නට උත්සහ දැරීමෙන් ඖෂදී සුභාෂ් දිහා නොබලාම අරීවිද කියන භය සුභාෂ්ගේ හිතේ හොල්මන් කරපු නිසා. හමුවෙන හැම වතාවකම ඖෂදී සුභාෂ් දිහාත්, සුභාෂ් ඖෂදී දිහාත් ඇසිපිය නොහෙලා බලමින් එකිනෙකා පසුකරමින් ගමන් කරා. ඖෂදී එක්ක නිතර එහෙ මෙහෙ ගිය ඖෂදීගේ මිතුරියත් මේ ගැන යමක් දන්නා බව සුභාෂ්ට තේරුනත් සුභාෂ්ගේ මිතුරු කැල මගෑරලා ඇය සමග මේ ගැන කතා කරන්නත් සුභාෂ්ට පුළුවන් කමක් තිබුනේ නැහැ. 

මාස කිහිපයකට වරක් වෙන පන්ති මාරුවකින් අනතුරුව සුභාෂ්ගේ පන්තියත් ඖෂදීගේ පන්තියත් සමාන්තර ගොඩනැගිලි දෙකකට වැටුනේ අහම්බෙන්. ඒ පන්ති මාරුවත් එක්කම සුභාෂ් ඉන්න ඩෙස්ක් එකත් ඖෂදී ඉන්න ඩෙස්ක් එකත් අතර තිබුනේ අඩි දහයක පමණ කොරිඩෝවක පරතරයක් විතරයි. ගුරුවරුන් මාරුවෙන කාලච්චේද අතර කාලයේ දවස පුරාම ඖෂදීගේත් සුභාශ්ගේත් ඇස් එකිනෙක හමුවෙන වාර ගණන දවසින් දවස වැඩි උනා. පළමු හමුවීමෙන් මාස කිහිපයක් ගතවෙද්දීත් එකිනෙකා අතර වචනයක් වත් කතා නොකරපු පුද්ගලයින් දෙදෙනෙකුගේ නෙත් සැර නිතර එකිනෙකා වෙත එල්ල වුනත් එතනින් එහාට පියවරක් තියන්නට ක්‍රමවේදයක් හොයමින් සුභාෂ් දවසින් දවස අහස පොලුව ගැට ගැහුවා ..

අදත් නැද්ද බන් උත්තරයක්..

නැහැ බන්.. මම අදත් ඇහුවා.. තව ටිකක් කල් දෙන්න කියනවා බන්.. මමත් බොහොම අමාරුවෙන් ඖෂදී හමුවෙලා උඹේ මේ වැඩේ ගොඩ දාල දෙන්න හදන්නේ බන්.. දන්නවනේ මිස් කෙනෙකුගේ කනකට ගියොත් තෝත් සුං .. මාත්  සුං ..

දැන් මාස තුනකුත් වගේ උනානේ බන් අපි ලියුම දීල.. ඇයි ඖෂදී මට උත්තරයක් නොදෙන්නේ මචන්..

කලබල නොවී හිටහන් බන්.. වැඩේ ගොඩ යනවා අනිවාර්යයි.. උඹ වැඩේ නාගන්නේ නැතුව හිටපන්..


මේ මම උඹෙන් අහන්න හිටියේ.. මට බැරිද බන් ඖෂදී යන සංගීත පන්තියට එන්න..

තෝ කොහොමද යකෝ සංගීත පන්ති යන්නේ.. තෝ කරන්නේ චිත්‍රනේ ..

හරි බන්.. ඒක දන්නේ උඹයි මායි  විතරනේ.. සංගීත මිස් දන්නේ නැහැනේ..

මොකද බොල සංගීත මිස් නොදන්නේ.. මිස් උගන්නනෙත් මේ ඉස්කෝලෙමනේ  බූරුවෝ ..

ශික්.. ඒකත් එහෙමද.. හරි එතකොට ඒ කියන්නේ සංගීත ඉස්කෝලේ ඉගෙනගන්නේ නැති එකෙකුට සංගීත ටියුෂන් යන්න බෑ .. කව්ද බන් ඔය නීති හදෙන්නේ ..

මේ උඹ පැහෙන්න ගිහින් නිකම් නාගන්න එපා හොඳේ..

නෑ  මම අහන්නේ මම ටියුෂන් ෆීස් ගෙවනවනම්, මිස් කොහොමද මට උගන්වන්න බැහැ කියන්නේ කියහන්...

මිස් බබෙක් නෙවෙයිනේ යකෝ.. තෝ සංගීතේ ඉගෙනගන්න ගිය ගමන් මිස් දන්නවා මේ එන්නේ කෙල්ලෙක් පස්සේ කියල..

ඉතින් මම යන්නේ කෙල්ලෙක් පස්සේ නෙවෙයිනේ බන්.. මම යන්නේ ඇත්තටම සංගීතේ ඉගෙනගන්නනේ..

අනේ තෝ ඉගෙනගන්න සංගීතේ.. ඉතින් තොට සංගීතේ ඉගෙනගන්න ඕනෙනම් ඉස්සෙල්ලම ඉස්කෝලේ සංගීත පන්තියකට මාරු වෙයන්කෝ.. ඊට පස්සේ වැඩේ හරි..

අපොයි දැන් තියෙන්නේ විෂයන් හතයි පාඩම් කරන්න.. සංගීතෙත් එල්ලගෙන බැහැ බන්..

හරි.. දැන් ඖෂදී සංගීත පන්ති යන්නේ අඟහරුවාදායි, බ්‍රහස්පතින්දයිනේ.. 

උඹ කොහොමද දන්නේ..

ඇයි යකෝ.. මම ඉන්නෙත් මේ ටවුමෙම තමයි..

තෝ ඖෂදී පස්සේ ගිහින් වැඩේ  අල කරගෙන මට කෙඳිරි ගානවා නෙවෙයි හොඳේ...

යකෝ මේක මාර ආණ්ඩුවක්නේ ... මම ලව් කරන කෙල්ල පස්සෙන් මම නොගිහින් තෝ යන්නද... දැන් උඹ මට කිව්වා ලියුමක් කියල දීපන් කියල.. මම උඹ කිව්ව විදිහට ඒකත් කරා.. උඹ ගිහින් ඒක ඖෂදීට දුන්න... කෝ තාම උත්තරයක් නැහැ දැන් මාස තුනක්.. දැන්  උඹ කියන්නේ ලියුමට උත්තර එනකම් මට උඩ බලන් ඉන්න කියලද.. මමත් මගේ ක්‍රමේකට හරි මේක ගොඩ දාගන්න ඕන බන්..

තෝ ඕන දෙයක් කරගනින්.. ඔන්න මම නැහැ..

හරි දැන් උඹ කියන්නේ මට මොකක් කරන්න කියලද..

මම වැඩේ පිළිවෙලක් කරලා දෙනකම් පාඩුවේ හිටහන්..

ඒ කියන්නේ දැන් මම ඖෂදී දිහා බලන්නවත් එපාද.. උඹේ ඔය පිළිවෙල කිරිල්ලට බාලගිරිදෝසෙනේ  බන්...

දැන් මම එපා කිව්වොත් උඹ නොබල ඉඳී ... උඹ ඕන මගුලක් කරගනින්.. හැබැයි බොලෑ  පන්තියේ එන්න කාලකන්නි රැලට කියහන් ඖෂදී පස්සේ උඹේ නම කිය කියා ගිහින් ගොන් පාර්ට් දාල වැඩේ අල කරන්න එපා කියල..බෝගේ හදිසියට මෙව්වා කරන්න බැහැ  යකෝ..

ලමායි ... කට්ටියම පිට්ටනිය වටේ රවුම්  දහයක් දුවල එන්න දැන්..

යමන්...
එසේ කියමින් ඉන්ද්‍රජිත් වාඩිවී සිටි පඩිය උඩින් නැගිට්ටේ පුහුණුවීම් සඳහා සහභාගී වෙන්න ..

පාපන්දු පුහුණුකරු පැමිණියෙන් සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය එසේ නිමාවුවත් , පුහුණුවීම් අතරත් අනෙක් ක්‍රීඩකයින්ට නොඇසෙන සේ සුභාෂ් ඉන්ද්‍රජිත් සමග කතා කලේ ඖෂදී ගැනම පමණයි..

උදාවන සෑම දවසකම සුභාෂ් බලන් හිටියේ ඖෂදීගෙන් පිළිතුරක් එනකම්. එත් ඉන්ද්‍රජිත් හැමදාම සුභාෂ් වෙත අරන් ආවේ පරණ පුරුදු පණිවිඩයම  විතරයි. එත් කාලච්චේද අතර ඖෂදී හොරෙන් සුභාෂ් දිහා බලන හැම මොහොතකම සුභාෂ් උන්නේ ඖෂදී දිහා බලාගෙන. ගුරුවරුන් ඇති සහ නැති බේදයක් නැතිවම සුභාෂ් පාසැල් වේලාවෙන් වැඩි කාලයක් ගත කලේ ඖෂදී දිහා බලමින්. පාඩම් කටයුතු දිගින් දිගටම අතපසු වෙද්දීත් සුභාෂ් ඖෂදීගේ ඇස්දෙකෙන් මිදෙන්න විදිහක් සෙව්වේ නැහැ. සුභාෂ්ට ඕන වුනේ ඒ ඇස්දෙක ඇතුලටම කිමිදෙන්න. ඖෂදීගේ ඇස්දෙක දකින හැම මොහොතකම සුභාෂ්ගේ හදවත මොහොතකට නතරවුනා. ඖෂදීගේ මුහුණ දකින හැම මොහොතකම වචනයෙන් කියාගන්න බැරි ආදරයක් සුභාෂ්ගේ පපුව ඇතුලේ වාන් දමමින් උන්නා. පෙර කිසිම දවසක නොවිඳපු හැගීමක් සුභාෂ්ගේ ඇතුලාන්තය පුරා දොරේ ගලමින් තිබුනත් ඒ කුළුඳුල් ආදරය ගැන වචනයක් ඖෂදීට කියාගන්න විදිහක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

සුභාෂ්ගේ පන්තියට සිංහල ඉගැන්වුවේ ඖෂදීගේ පන්ති භාර ගුරුතුමිය විසින්. සැර පරුෂ ගුරුවරියක්වුනු සිංහල ගුරුතුමිය උගන්වන වෙලාවට සියලුම පිරිමි ළමුන් අද්‍යාපන  කටයුතු කරගෙන ගියේ බොහොම පරෙස්සමට. ඒත් ගුරුවරයාගේ තරාතිරම කුමක් වුවත් සුභාෂ් සෑම විනාඩි කිහිපයකට වතාවක් ඖෂදී දිහා බලන්න අමතක කලේ නැහැ. එදා සිංහල පාඩම වෙලාවේ සුභාෂ් ඖෂදී දිහා බැලුවේ පුරුද්දට වගේ. එත් සුභාෂ් ඉන්නේ සිංහල සාහිත්‍ය ඉගෙනගන්න ගමන් කියන එක සුභාෂ්ට මතක් වුනේ සිංහල ටීචර්ගේ ආමන්ත්‍රණයෙන්..

සුභාෂ්...

ඇ ...ඇ ..ඇයි  මිස්...

කොහෙද තමුසේ බලන් හිටියේ..

ගුරුතුමියට දියහැකි සාධාරණ උත්තරයක් සුභාෂ් ළඟ තිබුනේ නැහැ..පාඩම නවත්වපු සිංහල මිස් ඩෙස්ක් අතරින් ඇදිලා සුභාෂ් ඉන්න තැනට එනකොට සුභාෂ්ට දැනුනා මේ වෙන්න යන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියන එක.. එත් ඊට විරුද්දව කල හැකි කිසිවක් සුභාෂ් වෙත තිබුනේ නැහැ..

දැන් මම අන්තිමට කීවේ මොකක්ද... මොකක් ගැනද මම අන්තිමට ඉගැන්නුවේ... 

සීගිරි කාශ්‍යප  රජතුමා ගැන...

දැන් එතකොට සීගිරි කාශ්‍යප රජතුමාගේ බිසව වෙන්න ඇති එහා පන්තියේ හෙව්වේ..

මුළු පන්තියම සුභාෂ්ට සමච්චලේට හිනාවෙන අතරේ සුභාෂ් මුකුත්ම කතා නොකර ටීචර් දිහා ඔහේ බලන් හිටියා..

කෝ සාහිත්‍ය පොත.. 

මෙතෙක් වෙලා සුභාෂ්ගේ ඩෙස්ක් එක උඩ තිබුන සිංහල සාහිත්‍ය අච්චු පොත ඒ වෙද්දී සුභාෂ්ගේ ඩෙස්ක් එක උඩින් අතුරුදහන් වෙලා.. සිංහල පාඩම වෙලාවේදී සාහිත්‍ය අච්චු පොත නොමැතිවීම සෑහෙන්න දඬුවම් විඳින්න වෙන වරදක්. ඩෙස්ක් එක උඩ නැති අච්චු පොත මේ දැන් තිබුනා.. මේ දැන් නැහැ.. වගේ කතාවක් කියල ආයෙත් පන්තිය ඉස්සරහ විහිලුවට ලක්වෙන්න සුභාෂ්ට ඕනෑකමක් තිබුනේ නැහැ. ඒ නිසා සුභාෂ් මුකුත්ම කතා නොකර බිම බලාගෙන උන්නා..

චටාස්...

සුභාෂ්ට වැදුණු කම්මුල් පහරේ ශබ්දයට වටේම තියෙන පන්තිවල සියලුම ළමයි සුභාෂ් දිහා බැලුවේ ක්ෂණිකයෙන්.. ඒ අතර ඖෂදීත් සුභාෂ් දිහා බලන් ඉන්නවා සුභාෂ් ඇස් කොනකින් දැක්කා වුනාට ඒ වෙනුවෙන් කළහැකි කිසිවක් සුභාෂ්ට තිබුනේ නැහැ. සුභාෂ් පුපුරු ගහන  කම්මුලත් හිත්වේදනාවත් දරාගෙනම සිංහල ටීචර් දිහා ඔහේ බලන් උන්නා..

මීට පස්සේ තමුසෙට සිංහල සාහිත්‍ය ඕනේ නැත්තම් මම එන්න කලින් කරුණා කරලා පන්තියෙන් එලියට යන්න . මම මෙතන උගන්වද්දී තමුසේ බලන් ඉන්නේ අල්ලපු පන්තිය දිහා නම් මම තමුසෙව ඒ පන්තියෙන් වාඩි කරන්නම් ඕනෙනම්. එහෙම ඕන කමක් තියෙනවනම් මට කියනවා ..

සිංහල ටීචර් සුභාෂ් ඉන්න තැනින් ඉවතට ගියේ සුභාෂ්ට කිව්ව කතාවට පන්තියේ කොල්ලන් නා නා ප්‍රකාර  ශබ්ද නිකුත් කරන්න ගතපු එකට කේන්තියෙන්..සිංහල ටීචර් එතනින් නික්මයද්දී සුභාෂ්ට ඉස්සරහ පේලියේ හිටපු බුද්ධික සුභාෂ්ගේ සිංහල සාහිත්‍ය පොත සුභාෂ්ට පෙන්නුවේ ඔලොක්කුවට වගේ විරිත්තමින්.. 

දවස හෙමින් හෙමින් ගෙවිලා ගියත් ප්‍රසිද්දියේම කම්මුල් පාරක් කන්න වුන එක ගැන ලැජ්ජාවට සුහාෂ් ඉස්කෝලේ ඇරෙනකම්ම ආයෙත් ඖෂදී දිහා බැලුවේ නැහැ. ඖෂදී දිහා බලන්න ඕන උනත් සුභාෂ්ට ඖෂදී දිහා බලන්න තරම් ආත්ම ශක්තියක් තිබුනේත් නැහැ. ඒත් දවස පුරාම කොල්ලන්ගේ විහිලුවට ලක්වෙච්ච සුභාෂ් උන්නේ බුද්ධික එක්ක මරාගන කන්න තරම් කේන්තියෙන්..

සුභාෂ් පන්තියේ හිටියේ ඉස්කෝලෙන් යන්න විදිහක් නැති නිසා.. දවස පුරාම කොල්ලන්ගේ විහිලුවට ලක්වෙච්ච සුභාෂ් ඉස්කෝලේ ඇරුන ගමන් කා එක්කවත් කතාබහක් නැතුව බයිසිකල් තියන තැනට ගියේ තවත් විහිලුවට ලක්වෙන්නේ නැතුව ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන. බයිසිකලේ අරන් පාරට බැස්සත් නැවතත් ඖෂදීව දැකගන්න ආසාවක් සුභාෂ්ගේ හිත ඇතුලේ මෝදු වුනේ සුභාෂ්ටත් හොරෙන්. බයිසිකලේ පැදගෙන ගාලුපාර දිගේ පහලට ගිහින් ඖෂදීගේ ගෙවල් පාරෙන් වමට හරවලා රේල් පාලම ලඟින් බයිසිකලේ නවත්තපු සුභාෂ් බලන් හිටියේ ඖෂදී එනකම්. 

ගාලුපාර දිගේ ඇවිත් ඖෂදී ඖෂදීගේ ගෙවල් පාරට හැරෙන්න කලින් බුද්ධිකගේ බයිසිකලය පාරට හරවනවා දැකපු සුභාෂ් නොදැක්ක විදිහට රේල් පාර දිහා බලන් හිටියේ බුද්ධික සුභාශ්ව දකින එකක් නැහැ කියන බලාපොරොත්තුවෙන්..

ආ මේ සීගිරි කාශ්‍යප  රජතුමානේ ... බිසව වඩිනකම් වෙන්න ඇති බලන් ඉන්නේ.. හූ...හූ...

නැත මිත්‍රය..තාගේ මෑණියන් වහන්සේ මා හමුවන්නට මෙහි වඩින බව දන්වා ඇති හෙයින් මෙහි රැදී සිටින්නෙමි..

තොට මම...#$%#&%*#%#

බයිසිකලේ පාලමේ ඇන්දට හේත්තු කරපු බුද්ධික සුභාෂ් දිහාට කඩන් පනිනවාත් එක්කම සුභාෂ් පන එපා කියල බයිසිකලේ පාගන්න පටන් ගත්තා.. බුද්ධික පස්සෙන් එළවන් එනවද කියල බලන්න පිටිපස්ස බලපු සුභාෂ් දැක්ක ඖෂදී සුභාෂ් ඉන්න දිහාවට ඇවිදන් එන හැටි.. එත් ඒ ඇස්දෙක දැකගන්න නවතින්න තරම් ඉස්පාසුවක් සුභාෂ්ට තිබුනේ නැත්තේ ඒ වෙද්දීත් බුද්ධික බයිසිකලේ පැදගෙන සුභාෂ් පස්සේ එළවන් එනවා දැක්ක නිසා.. පුළුවන් උපරිම වේගයෙන් බයිසිකලේ පැදපු සුභාෂ් හංදියෙන් සුභාෂ්ගේ ගේ පැත්තට හරවනවාත් එක්කම බුද්ධික සුභාෂ් පස්සේ එලවන එක නවත්තලා බුද්ධිකගේ ගෙවල් පැත්තට හැරුනා..

තෝ වරෙන්කො හවසට ප්‍රැක්ටිස් ..

ඇයි උඹ මාව උල තියන්නද..

වරෙන්කො තියන එක පෙන්නන්න මම %$&%#@$^


බැදි ආදරේ සඟවා හිතේ 
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ   
මා කීවේ නෑ   
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතා


"""""""

හත්වෙනි කොටස  

38 comments:

  1. නියමට ගලාන යනවා.... අනිත් කොටසුත් කියෙව්වා ඊ ලග කොටස එනකම් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු...ජයවේවා..

      Delete
  2. හප්පා, කොටස් 6ක්ම ගිය කතාවක් නේ.. කතාව අල්ල ගන්න සෑහෙන ගේමක් දෙන්න වෙයි වගේ.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දීල බලන්නකෝ.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  3. අයියෝ හැමිනෙනවා. මේ පන්තියෙ ඉන්නෙ මහ ජරාම සත්තු ටිකක්නෙ බං. වනේ වන හතුරෙකුටවත් මේ වගේ ජරා පන්තියක් හම්බෙන්නෙපා.

    ReplyDelete
    Replies
    1. මම කලිනුත් කිව්වේ බන්.. ඉස්කෝලෙට ළමයි තෝරනකොට මොලේ අඩුවෙන් වර්ධනය වෙච්ච එවුන් ඔක්කොම තෝරලා එක පන්තියකට දාල... හැබැයි ඉතින් වලියක් වගේ වේලාවකදී සහභාගිත්වය උපරිමයි..

      Delete
  4. හරිම ලස්සනට ලියවෙන කථාවක්

    ReplyDelete
  5. හෙක්..හෙක්.. කොටස් හයක්ම ගිහිල්ලත් තාම වචනයක්වත් කතා කරගන්න බැරි උනා නං මේක තව සෑහෙන්න යයි වගේ.

    අහෝ කෙල්ලෙක් හින්ද කොල්ලෙක් විඳින දුකක්.

    ReplyDelete
    Replies
    1. කෙල්ල හින්ද නෙමේ යාළුවො හින්ද , මේ අපේ අම්බලමත් එක යාළුවෙක් තමයි.

      Delete
    2. බුද්ධික කියන්නෙ අම්බලමද දන්නෙත් නෑ.

      Delete
    3. ප්‍රසා හයෙන් ඉවර වෙන්නේ නෑ මචං.අනික මුන් ඒ කාලේ කරලා තියන නරිප්පඩ වැඩ කොටස් හයකින් ලියලා ඉවර කරන්න පුලුවන් ඒවා නෙවෙයි.ඔන්න අපිනම් හොද හැදියාවක් තිබුන ලමයි ඒ කාලේ.

      Delete
    4. ප්‍රසා ..කෙල්ලෙක් හින්ද නෙවෙයි බන්.. අලුගුත්තේරු යාළුවො හින්ද... බුද්ධික කියන්නේ මම නෙවෙයි.. බුද්ධික ගැන ඊළඟ පොස්ට් එක ලියන්නයි ඉන්නේ..

      කම්මල.. උඹට යමක් කමක් තේරෙනවා මචන්..කොහෙද මුන් චූදිතයා කරන්නේ සුභාශ්වමයි..

      මනෝ... ඔබ හරි.. මේ කථාව බොහොම මාරුවෙන් ලියාගෙන යන්නේ.. මේ ඇතුලේ තියන සුළු සිද්දීන් හුඟක් අත්හැරලයි මේ ලියන්නේ.. එත් සුභාෂ් කාටවත් කරදරයක් නැති කෙනෙක්..

      Delete
  6. කසුනා කිවුව වගේ, වනේ වන හතුරෙකුටවත් මේ වගේ ජරා යාළුවො හම්බවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් මේ කතාව හරි..තව පැත්තකින් මේ කතාව වැරදි.. කෙල්ලෙකුට ආදරේ කරනවා වගේ සීරියස් දේවල් ඒ කාලේ අපේ එවුන්ගේ ඔලු ඇතුලේ ධාරණය වෙලා තිබුනේ නැහැ. එත් තුන්වෙනි පාර්ශ්වයකින් එක ආක්‍රමණ වගේ දේවල් වැඩි එකා වගේ එකතු වෙලා ගහ මරාගන්න එකමුතුකම අංක එකටම තිබ්බ අපේ එවුන්ගේ.. එත් ඖෂදීට සුභාෂ්ගේ නම කියා කියා විහිළු කරපු එවුන් තමා ඉස්සෙල්ලම කසාද බැන්දේ මේ සෙට් එකෙන්.. එව්වා ගැන වැඩි විස්තර ලියන්න ගියොත් මට ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙනවා ලංකාවට ගියාම..හැක් ..හැක් ..

      Delete
  7. ආපෝ... පාප යාළුවෝ ටිකක්... ඒත් ආතල් එකට වෙන්ට ඇති මගේ හිතේ...
    එකෙක් නම් හොඳයි වගේ...
    මම දිගටම කියවනවා හරිද???
    හැමදාම අදහස් දාන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ආතල් එකට නේන්නම් බන්.. පුළුවන් වෙලාවය කමෙන්ට් එකක් කොටලා යන්නකෝ.. ස්තුතියි මේ පැත්තේ එනවට..

      Delete
  8. මෙහෙම මිනිස්සුත් ජීවිතේට හම්බෙනවා තමා.........

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හමුවෙච්ච හිත හොඳ එවුන් ටිකක් තමයි ... එත් ඉතින් කරපු ගොන් වැඩනම් අනන්තයි... ඒ ලැබිච්ච ඉවසීම ජීවිතේට හුඟක් ප්‍රයෝජනවත් මචන්..

      Delete
  9. කියෙව්වා.ඉතිරිය කියවන්න බලාගෙන සිටිමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ.. මා එක්ක තලහ වෙලා වගේ රජයේ සේවක ප්‍රශ්නයට...සොරි වෙන්න ඕන හොඳේ..

      Delete
  10. කතාව ලස්සනයි.කලින් කොටස් ටිකත් බැලුවා.අන්තිමේදී දෙන්නා එකතු වෙයිද..? අර බෝඩිම් කතා , සත්තු වත්තට ගිය කතා වගේ ඒවාත් ලියන්න.ඒවා හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුත්තරා.. දිගටම කියවගෙන යන්නකෝ... තව රසවත් කතා ගෝනියක් විතර තියෙනවා ලියන්න. වෙලාව ලැබෙන විදිහට ලියන්නම්කො.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  11. ඔන්න බලපං කට්ටිය සන්තෝසේ වැඩිකමට කොමන්ටු දෙක තුන දාලා.මට වෙලාව මදි නැත්තම් දානවා හතරක්.
    අර අහිංසක කෙල්ල මේ වගේ අන්ඩපාලයකුටනම් සෙට් වෙන්නම එපා.
    ච්ක් අර ගුරුතුමිය තව දෙකක් දුන්නේ නෑනේ මූට.මේකේ දූෂ්ඨ චරිතය එන්නේ කොයි හරියේ වගේද බං ?

    ReplyDelete
    Replies
    1. ඔන්න මම කමෙන්ට් වැඩිපුර තිබ්බ කමෙන්ට් මකල දැම්ම .. මොකක් හරි අවුලක් ඇති කමෙන්ට් දෙක තුන වැටෙන්නේ ඒකයි ..සුභාෂ් කාටවත් වරදක් කරන්නේ නැති , කාටවත් කරදරයක් කරන්නේ නැති චරිතයක්.. තව ඉස්සරහට බලන්නකෝ..

      Delete
    2. ....//සුභාෂ් කාටවත් වරදක් කරන්නේ නැති//....
      කවුද යකෝ නෑ කිව්වේ..සුභාෂ් කියන්න රත්තරං ටික වගේ කොල්ලෙක්.
      මම කිව්වේ උඹට නම් එකක් හරියන්න එපා කියලා.සුභාෂ්ට සෙට් වෙයං

      Delete
  12. අප්පේ... මුල ඉඳන් බලලා එන්නම්.. ගොඩක් කල් ඉඳල ෆලෝ කරලා තිබ්බට බ්ලොග් රෝලට ඇවිත් නෑ.. එකයි අවුල ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට.. කියවගෙන එන්නකෝ..

      Delete
  13. නියමෙට යනෝ...... අවංකවම මටනං යාලුවො සෙට් එක ගැන තරහයි........ ඒ අතරෙ අර උදව් කරනවා කියන එකා මූව රවට්ටනවද කියලත් හිතෙනවා වෙලාවකට........... ඕම යන්කෝ..............

    ReplyDelete
    Replies
    1. හැමදාම මේ පැත්තේ එනවට අවන්කවම ස්තුතියි... ඉදිරියට බලමු මොකද වෙන්නේ කියල..

      Delete
  14. හ්ම්ම් කෙල්ලෙක් යාළු කරගන්න කොල්ලො මේ තරම් කටු කනවද අප්පා.......

    ReplyDelete
    Replies
    1. කටු වගේද කන ගුටි.. හැක් ..හැක් ..

      Delete
  15. කසුනා කිව්වා වගේ..අයියෝ හැමිනේනවා...
    එල ද බ්‍රා
    ලියපන්..කනෙන් #රි විසිවෙන්න..

    ReplyDelete
  16. Ambalangoda brother

    This is the 1st time I came to read your blog.
    I'm a new Comer to Sinhalese blogs.

    This is beautiful brother.
    Very interesting and thrilling love story with action packed drama.

    This reminds me my school life.
    My home town is Galle.....but Ambalangoda Dharmashoka brothers are also our brothers from another mother.
    I have visited many schools in Southern province.
    But unfortunately. .....I don't know why I never get a chance to visit Dharmashoka College.

    You guys were well famous for all the swimming activities and this school produced champion swimmers to Srilanka.

    Well....well. ....
    Keep on writing brother.

    I can wait until you write your "7th Episode" of this Mystery blog story.

    Please do not "kill the thrill" of the story.

    ====Adrian Channa from Toronto = = =

    ReplyDelete
    Replies
    1. Thanks for your comment .. Will try to write next episode soon..

      Delete
  17. කම්මුල් පාරට මට වැදුණා වගේ දැනුණා. මම මේ කතාව මගේ කරගෙන එන්ජෝයි කරනවා මලේ. එක හුස්මට හයම කියෙව්වා. මේ වගේ කොල්ලන්ට කෙල්ලෝ සාධානරණය ඉෂ්ඨ කරන්නෑ මලේ. උන් කැමති Straight Forward පොරවල් වලට.

    ReplyDelete
    Replies
    1. ඔය කම්මුල්පාර සුභාෂ් කෑවේ ඖෂදී නිසාමයි..නොලැබෙන දේ ලැබෙන්නෙම නැහැ සුදීක... බොක්කෙන් ලව් කරපු කොල්ලන්ට වඩා මේ වයසේ කෙල්ලෝ කැමති සෝබන වැඩි එවුන්ට..

      Delete