Tuesday, July 26, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..5








ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..1
http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html

මාගේ අහිංසක රුපියල් පහළොව සාක්කුවේ දමාගත් කෝට් බෑයා එතනින් නික්මගිය වහා නැවතත් මාගේ උත්සාහය ඌ කැඩූ තැන හිටන්ම නැවතත් නින්ද වෙත සැපත් වන්නටය. කෝච්චියේ ඩක ඩකස් ශබ්දය ගෙදර කාමරයේ විදුලි පංකාව තරමටම කනට හුරුපුරුදු බවක් දැනෙන්නේ පැය ගණනාවක්  පුරා නොනවත්වා ඇසෙන්නාවූ එකම ශබ්දය එය නිසාය. ඔලුව උඩින් කෝච්චියක් ගියත් නින්ද ඕනා වෙලාවට නින්ද යන මොඩලයේ එකෙකු වන මට දැන් කෝච්චිය වම් කනෙන් ඇතුළුවී දකුණු කනෙන් එලියට ගියත් කිසිදු ගානක් නැතිවා වාගේය. රැයක් පුරා නිදිවරාගෙන පැමිණ, බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් පිටත්වූ මාගේ සිහින සියල්ල සැබෑවක්ව මාගේ ඇස් ඉදිරිපිටය. දින තුනක් පුරා කෙරෙන්නාවූ දුම්රිය ගමන ඇතුලත මා හට කරන්නට විශේෂ රාජකාරියක් නොමැතිය. හරහට යකඩපොලු ගැසූ දුම්රිය කව්ලුවෙන් එළිය පෙනුනා වුනාට, ඉදිරිය පෙනෙන්නේ වංගුවක් ගන්නා විට පමණය. ඒ නිසාවෙන් දුම්රිය රියදුරා අපවත් ඇදගෙන කොයි ලොව යනවාදැයි මා දන්නේ නැතිය. රාත්‍රී කාලය වන බැවින් දුම්රිය ගමන් කරන්නේ උතුරටද දකුණටද යන්නවත් මා දන්නේ නැතිය. මා දන්නා එකම දෙයනම් ඇඟේ රෝම කූප කෙලින් වන්නාවූ වේගයකින් දුම්රිය ගමන් කරනා බව පමණය.

කෝට් බෑයා විසින් නිරපරාදේ කඩා දමන ලද්දාවූ මාගේ නින්ද නැවත මා වෙත ලංවුයේ බොහෝ වෙලාවක් ඩක ඩකස් ශබ්දය සමග දෝලනය වූවායින් අනතුරුවය. ඉස්සරින්දා රාත්‍රියේ ගෙදරින් කෑ අම්මාගේ බත් කටට පසු කිසිදු රසක් ගුණක් තිබෙන්නාවූ ආහාරයක් බඩට වැටී නොමැති අධික කුසගින්නත්, එතෙක් මෙතෙක් විඳි සියලු දුක් ගැහැටත් නිසාවෙන් තෝන්තුවට පත්වූ හිතත් අතර දෝලනයවූ සිතුවිලි වලට නින්ද ලඟාවූයේ පැය ගණනාවක් පුරා නොකඩවා ඇසෙනා ඩක ඩකස් ශබ්දයට මද විරාමයක් ලබාදෙමිනි.

********************************

#%#$@#^%#^^#&$%$#^

එවර ඇසෙන්නේ වෙනත් භාෂාවක් කතා කරනා ශබ්දයකි. කතා කරන්නේ කව්දෝ කියා මතකයට නැගෙන්නේම නැත. වටපිටාවෙන් ඇසෙනා ඩක ඩකස් ශබ්දය මා වෙත මතක්කර දෙන්නේ මා ඉන්නේ උතුරු ඉන්දියාව බලා ඉගිලෙන්නාවූ ගන්දිදම් එක්ස්ප්‍රස් දුම්රියේ යන්නයි. පෙරදා රාත්‍රියේ සාර්ථක ලෙස නිමකරනා ලද පගා ගනුදෙනුවට පසු රුපියලකුදු මා ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවට ණය නොමැති වග සක්සුදක් සේ දන්නවා වුනාට කව්දෝ එකෙකු මාගේ කණ ගාවින් නොදන්නා දමිල භාෂාවෙන් මොනවදෝ කියා කෑ ගසනවාය. මා වෙත එක්වරම මතකයට ආ සිතුවිල්ල නම් ඊයේ රාත්‍රියේ රාජකාරි කරන ලද කෝට් බෑයා වෙනුවට උදෑසන වෙනත් එකෙකු අවිදින්දෝ යන්නය. එහෙම අලකලංචියක් වීලා නම් මට වෙන්නේ තවත් වතාවක් පගා ඩීල් එකක් ගසන්නටය. එවන් ණය කරුවකු හැරුණකොට මේ යකඩ ගොඩ ඇතුලේ මා අවදි කරවන්නට උවමනාවක් ඇති අයෙකු ඉන්නට නොහැකිය. ලෝකයේ කොතැනක ගියත් අම්බලංගොඩ එකෙකුද, මුස්ලිම් ජාතිකයකුද සෙවීම අසීරු කාර්යයක් නොවේ යන කතාව ඇත්ත කරමින් කව්රුන් හෝ මා දන්නා එකෙකු කෝච්චියේ ඉඳලා වත්දෝ යන්න ඊළඟට පැමිණි සිතුවිල්ලය. එහෙත් අම්බලංගොඩ එකෙකු කෝච්චියේ ඉන්නවානම් ඌ දෙමළෙන් කතාකරන්නට විදියක් නොමැතිය. ඔලුවේ එහාටත් මෙහාටත් පාවෙන ප්‍රශ්ණාර්ථ වලට පිළිතුර නම් බොරු නින්දෙන් ඇහැරී බැලීමය..


අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ... හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ...

සාර විට  විකුනනන ඇඳුමට සමාන ඇඳුමක් ඇඳි පුද්ගලයෙක් මා ඉදිරිපිටය. සුදු පැහැති ඇඳුමේ උරහිසේ රත්තරං පාට බොත්තම් ගෙත්තම්ය..ඊට උඩින් රතු පාට වෙස් කෝට් එකක් ඇඳලාය.. රැවුල උඩට කරකැවූ වයස පනහ ඉක්මවූ පෙනුමක්ය.. එහෙත් සාරවිට තට්ටුවක් බෙල්ලේ එල්ලගෙන නොමැතිය.. අතේ තිබෙන්නේ කුඩා පොත් පිංචක් සහ පෑනක් මණය.. ඔහු මා දිහා බලා කියවනා කිසිදු මලදානයක් මට තේරෙන්නේ නැත්තේ ඔහු මා සමග කතා කරන්නේ දමිල භාෂාවෙන් නිසාය..මා කෝකටත් කියා කිහිපවරක් ඇස් පිසදමා නැවතත් ඔහු දිහා බලන්නේ මේ පෙනෙන්නේ හීනයක්දෝ කියා තහවුරු කරගැනීමටය.. එහෙත් සාරවිට බුවා තවමත් මා ඉදිරිපිටය.. කෝච්චියේ ඉන්නා අනෙකුත් සියලුම දෙනාද මා දිහාව කන්න වාගේ බලා සිටිනවාය..

#$%#^@&^^$&$%@@

අයි ඩෝන්ට් ඇන්ඩස්ටෑන්ඩ් යුව ලැන්ග්වේජ්.. ප්ලීස් ස්පීක් ඉංග්ලිෂ්..

සොරි සර්ර්ර්ර්ර්ර්ර් .. වී ආර්ර්ර්ර්ර් කලෙක්ටින් බ්‍රෙක්ෆස්ට් ඔර්ඩර්ස්.. වට් යූ නීඩ් ෆොර්ර්ර්ර්ර්ර් බ්‍රෙක්ෆස්ට් ..

නින්දෙන් ඇහැරවා මාගේ සැප නින්ද කැඩුවද මේ ඇහෙන්නේ රස නහර පිනායන ආරන්චියක්ය.. දුම්රිය එන්ජිම පෙට්ටි පිටින්ම ගිල දැමීමට තරම් බඩගින්නකින් දැවෙන්නාවූ මා වෙත සිල්පර කොටයක් තම්බා දුන්නද මා එය කා දමන්නට දෙවරක් සිතන්නේ නැතිය..

වට් කයින්ඩ් ඔෆ් ෆූඩ්ස් යූ හැව්..

වී හැව් රොටී.. දෝසා.. චපාති...පරාටා.. විත් මික්ස් වෙජිටබල් කරී ඔර්ර්ර්ර්ර්ර් චිකන් කරී.... ඔල්සෝ වී හැව් බ්‍රෙඩ් බටර්ර්ර්ර්ර්ර් ...

මේ දැවෙනා බඩගින්නේ ස්භාවයට බ්‍රෙඩ් බටර් කනවානම් බටර් නොමැතිව බ්‍රෙඩ් ගෙඩියක් සමග හොදි බාල්දියක් ඕනෑය.. එහෙම ඉල්ලන්නට මා වෙත දිව නැවෙන්නේ නැත්තේ මාගේ හොදි කෑමේ වේගයට හොදි ඉල්ලන්නට ගියහොත් මට අහමදාබාද් යන්නට වෙන්නේ නැති වග සක්සුදක් සේ මා දන්නවාය..

ඔකේ.. ගිව් මී ත්‍රී පරාටා ඇන්ඩ් චිකන් කරී..

ඕකේ සර්ර්ර්ර්ර්ර්ර් ... ෆෝ ෆිෆ්ටි...

මා දුන් රුපියල් පහේ ඉතුරු සත පනහ සාරවිටයා බලෙන් සාක්කුවේ දමාගත්තේ දිස් ඉස් මයි ටිප් කියා දැනුම් දීලාය.. සතපනහක් රුපියලක් ටිප් එක වශයෙන් දෙන එක මගේ යුතුකමක් වග දන්නවා වුනත් ටිප් එක බලෙන් ගන්නා රටක් මා ඉන් පෙර අසා නොමැතිය.. සාරවිටයා එතනින් නික්මගිය වහා මා ආසනය යටට එබී බැලුවේ මාගේ සාගත මල්ල යහතින් තිබෙනවාදැයි කියා සැක හැර දැනගැනීමටය..ආසනයේ යකඩ කකුලට සමග යකඩ දම්වැලෙන් කසාද බන්දා තිබෙන්නාවූ මාගේ සාගත මල්ල සුරක්ෂිතව තිබෙනවාය..දුම්රියද ඇඟේ රෝම කෙලින් වෙන වේගයෙන් උතුරු ඉන්දියාව බලා ඉගිලෙනවාය.. මැදිරියේ ගමන් පහසුව සලසාගන්නා නිදන මැදිරි වල උන් මගීන්, ගැහැණු පිරිමි බේදයක් නොමැතිව එකා පසුපස එකා සුදු යකඩ ජෝගුවක් රැගෙන මැදිරියේ වැසිකිලියට රිංගනවාය. දත් බුරුසුවකුත් තවත් මොකක්දෝ සුදු යකඩ පටියකුත් ඒ ජෝගුව ඇතුලේ තිබෙනවාය. සමහරුන්ගේ අතේ සබන් පෙට්ටියක්ද තිබෙනවාය.. කරේ තුවායක්ය.. ඊට අමතරව ජෝගුවේ තිබෙන්නේ මොනවාදැයි කියා එබී බලන්නට මට බලවත් කුතුහලයක් ඇතත් එවන් විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ගුටි පෝලිමක් කන්නට සිදුවුවහොත් මා බේරාගන්නට මාගේ ඥාති හිතමිතුරු කිසිවෙකු මේ දුම්රියේ නොමැති නිසා මම ඒ කුතුහලය අසීරුවෙන් ඉවසා සිටිනවාය.

දත් බුරුසුව ගෙනයන්නේ දත් මදින්නටය.. තුවාය මුහුණ පිසදැමීමටය.. සබන් ගැන විවාදයක් නොමැතිය.. ජෝගුව ගෙනයන්නේ වැසිකිලියේ වතුර බොන්නට නොවුනත් වැසිකිලියක් ඇතුලේදී ජෝගුවකින්ත් ඇති ප්‍රයෝජන බොහොමයක් ඇති නිසා ජෝගුවද කුමක් හෝ කාර්යක් වෙනුවෙන් යයි කියා අත්හැර දැමිය හැකිය. එහෙත් කලින් සඳහන් කරන්නට යෙදුනු  සුදු යකඩ පටියෙන් කරන්නේ කුමක්දැයි යන්න හිතාගන්නට කිසිසේත්ම විදිහක් නොමැතිය. මා එවැනි ආම්පන්නයක් දුටු පළමු අවස්තාව එය බැවින් වැසිකිලියක් ඇතුලේ කරන්නා වූ සියලුම ක්‍රියාකාරකම් අරබයා මා එම සුදු යකඩ පටිය ආදේශකොට විවිධාකාර සිතුවිලි එහාටත් මෙහාටත් පෙරලනවාය..එහෙත් මාගේ කාර්මික ඥානයට එම සුදු යකඩ පටියෙන් කෙරෙන්නාවූ ශරීරකෘත්‍යයක් ගැන කිසිදු වැටහීමක් දැනෙන්නේම නැතිය. වයසක ලොක්කෙකුට ලං වී "මාමේ මේ පටියෙන් මොකක්ද බං කරන්නේ" කියා අසන්නට තිබ්බ වුනත් ගමේ රටේ නොවන බැවින් අපහසුවෙන් වුවත් මාගේ කුතුහලයට නැවතීමේ තිත තබන්නට මට සිදුවෙනවාය.. එවන් සිතුවිලි සමුදායක් ඔලුවේ එහාට මෙහාට කරකැවෙන අල්ලපනල්ලේ ගන්දිදම් එක්ස්ප්‍රස් සුවුස්හාල දුම්රිය ස්ථානයකට සැපත්වී නවත්වන්නේ උදෑසන නඩත්තු හෙවත් දුම්රියට ජලය පිරවීමට වැනි අත්‍යවශ්‍ය දෑ සිදුකිරීමට වග මා දැනගන්නේ දුම්රිය එම නැවතුමේ පැයක් වැනි කාලයක් නවත්වා තිබෙනා නිසාය..

එම දුම්රියපොළේ වේදිකා බර ගානක්ය. මා උපන්තේකට දැක ඇති විශාලතම දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය වුවාට මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුව මෙන් දෙතුන් ගුණයක් විශාලය.  ගණන් කරන්නට බැරි තරම් වේදිකා වල දුම්රියන් නවත්වලාය.. මා සිටිනා ආසනයට දෙපැත්තෙන්ම පෙනෙන්නේ අඩි පහක් වැනි පරතරයකින් එහා පැත්තේ වේදිකාවේ නවතා තිබෙන අනෙක් දුම්රියේ මගීන්ද උදෑසන රාජකාරි වෙනුවෙන් ලක ලැහැස්තිවෙන දර්ශනයය. සමහරුන් වැසිකිලි පෝලිමේය.. සමහරුන් නින්දේය.. ගැහැණු උදවිය කොණ්ඩා පීරනවාය.. පුංචි දරුවන් ජනේලයෙන් එලියට මුත්‍රා දමනවාය.. සමහරුන් උදෑසන ආහාරය බුක්ති වින්දිනවාය.. එහෙත් මා වෙත දැනෙනා දැවෙන ප්‍රශ්නය නම් නාසය වෙත දැනෙන්නාවූ අප්‍රසන්න සුගන්ධය කුමක්දැයි යන්නය. කෝච්චිය පුරා එහාටත් මෙහාටත් යන්නාවූ තේ විකුණන පිරිසගේ ඝෝෂාවෙන් කන් දෙක ගොඩවෙලාය.. මගීන්ගේ දෛනික රාජකාරි කෙරෙනා අල්ලපනල්ලේ මා සිටිනා ආසනයටද උදෑසන ආහාරය ගෙනවිත් බෙදා දෙන්නේ දුම්රිය භෝජනාගාර සේවකයින් හෙවත් මා නින්දෙන් ඇහැරවූ සාරවිට කණ්ඩායමේ හාදයෙක්ය.

සුදු යකඩ පිඟානක තිබෙනා මාගේ උදෑසන ආහාරය මා ඉදිරිපිටය.. පරාටා තුනත්, කුකුළු මස් ව්‍යංජනයත් මාව කාපන් කියා මා වෙත ආරාධනා කරනවාය. පරාටා ගෝනියක් සමග කුකුළු කොටුවක්ම කන්නට තරම් කුසගින්න බලවත්ය.. 

එහෙත් ප්‍රශ්නය නම්, පෙරදා රාත්‍රියේ  ගෙදරින් පිටත්වූ පසු මා දත් මැද මුහුණ සෝදා නොමැති වීමය. දුම්රිය එන්ජිමක් ගිලදැමීමට තරම් කුසගින්නකින් පෙලෙනා මට අවස්ථාවේ හැටියට දත් මැදීම සහ මුහුණ සේදීම න්‍යාය පත්‍රයෙන් කපා හැරීමට හැකි වුවත්, දෙඅත් නොසෝදා ආහාර වළඳන්නට හිත හදාගන්නට නොහැකිය. ඒ මන්ද යත් අම්බලංගොඩ සිට ගන්දිදම් එක්ස්ප්‍රස් දක්වා තිබෙනා ජ්‍යාත්‍යන්තර කුණු තට්ටුවක් මාගේ දෙඅත් පුරා තිබෙනා වග මා සක්සුදක් සේ දන්නා නිසාය.

දෙඅත් සෝදන්නට නම් වැසිකිලි පෝලිමේ ස්ථානගත විය යුතුය. පවතින වැසිකිලි කාලගුණය අනුව දැන් පෝලිමට එකතු වුවහොත් පැය භාගයක් වැනි කාලයක් පෝලිමේ රැදී සිටියයින් අනතුරුව දෙඅත් සෝදාගත හැකිවනු නොවනුමානය. 

*****************************

මෙතනින් එහා මේ පෝස්ටුව කියවනා පාඨකයින් ආහාර ගැනීමට අදහස් කරන වෙලාවක්නම් මෙතනින් එහා කියවන්නට පෙර ආහාර ගැනීම අවසන් කර සිටිනා ලෙස මා පුද්ගලිකව ඉල්ලා සිටින්නේ මෙතනින් එහා ලියවෙනා දෑ පාඨක ඔබගේ ආහාර රුචිය සුනුවිසුනුකොට දැමිය හැකි නිසාය.. පාඨක ඔබගේ යහපත වෙනුවෙන් මා එසේ සඳහන් කරන්නේ මින් මතු ලියවෙනා කොටසේ සඳහන් දෑ කියවා අවසන " නොදෝකින් මූ බත් ටික කන එකත් නැති කරා " කියා මා වෙත චෝදනා කරන්නට ඉඩ තිබෙනා නිසාය. අපේ සහෝදර බ්ලොග් කරුවෙකු වන "යාන් හෑල්ලේ " සුරන්ගයා වැනි ආහාර පුරුදු ඇති පාඨක උදවිය වෙත්නම් මෙතනින් එහා පෝස්ටුව කියෙව්වේ නැති වුවාට මාගේ අමනාපයක් නැතිය..

මෙම ලිපි මාලාවේ කලින් ලිපියට කමෙන්ට් කරනා ලද Tilan AthurJuly 15, 2016 at 10:10 PM මිත්‍රයා හැකිනම් එම කොමෙන්ටුවට අදාළ පිළිතුර කියවා මා වෙත ඊ මේලයක් එවන්නේනම් ඔබට මගහැරී තිබෙන ඔබගේ මිතුරාගේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඔබට ලබාදෙන මෙන් ඔබගේ මිතුරා මා වෙත ඉල්ලීමක් කර ඇත..

******************************

මාගේ පාතරාසය මාගේ උකුල උඩය.. දැන් තිබෙන්නේ අත් සෝදන්නට වැසිකිලි පෝලිමේ ඉන්නවාද එසේත් නොමැතිනම් ඌරන්ට මොන සෞඛ්‍යද කියා හිතාගෙන පරාටා තුන සහ කුකුළු ව්‍යංජනය එක කටට ගිල දැමීමය.. එහෙත් මාගේ සංසාර කරුමයට එහා පීල්ලේ නවතා තිබෙනා දුම්රිය නලාව හඬවා පිටත්ව යන්නේ ඒ අල්ලපනල්ලේය.. 

එහා පීල්ලේ දුම්රිය පිටත්ව ගිය වහා කලින් දැනුනා වූ දුර්ගන්දය වඩ වඩාත් දැනෙනවාය.. මා දැන් මා සිටිනා මැදිරියේ අවට බිම විපරම් කරන්නේ කව්රුන් හෝ අසූචි ගොඩක් පාගාගෙන ඇවිල්ලාවත්දෝ යන්න සැක හැර දැනගැනීමටය.. නවතා තිබෙනා දුම්රියේ මැදිරි පුරා නීල මැස්සන්ද ඉගිල යනවාය.. නීල මැස්සන් කඳවුරු බඳින්නේ කුමක් අරබයාද යන්න පැහැදිලිව දන්නා නිසාත් නාසයට දැනෙනා දුර්ගන්ධය අවසාගත නොහැකි මට්ටමක නිසාත් පරාටා තුන සහ කුකුළු ව්‍යාංජනය ඔලුවෙන් ඉවත්කොට මා දැන් ඉව අල්ලන්නේ අසූචි ගොඩ පාගාගෙන ඇවිත් තිබෙන්නේ මොකාද කියා සොයා ගැනීමටය.. එහෙත් වටපිටාවේ දර්ශනය අනුව මට තිබෙනා අනෙකුත් ප්‍රශ්නය නම් මේ දුර්ගන්ධය දැනෙන්නේ මට පමණක්දෝ යන්නය. එයට හේතුවනම් වැසිකිලි පෝලිමේ සිටිනා මගීන්ට අමතරව ආසනගත මගීන් කිසිදු අමුත්තක් නොපෙන්වා තම තමුන්ගේ පාතරාසය ගිල දමනා බැවින්ය. ලේසියට යමක් මග නොහැරෙන, ස්කෑන් යන්ත්‍රයක් බඳු මාගේ දෙනෙතට දුම්රිය මැදිරිය පුරා ස්කෑන් කලද අසූචි බිඳක් සොයාගත නොහැකි වීම පුදුම සහගතය. ආසනය යටට එබී බැලුවද එවන් සලකුණක්වත් සොයාගැනීමට නොමැත. නාසයට දැනෙනා දරුණු අසූචි දුර්ගන්දයේ මුලාශ්‍රය සොයා ඉව අල්ලන මාගේ දර්ශන පථයට, කලින් පිටත්ව ගිය දුම්රිය තිබුනා වූ රේල් පාර ඇහැ ගැටෙන්නේ අහම්බෙන්ය. 

මෙතෙක් වෙලා අසූචි මුලාශ්‍ර සොයා මා කොච්චි පෙට්ටිය පුරා ඉව ඇල්ලුවද මාගේ ෂර්ලොක් හෝම්ස් නාසය ඉව අල්ලා තිබෙන්නේ වැරදි තොරතුරු මත ගොඩනැගුනු උපකල්පන මත බව මට වැටහෙන්නේ ජනේලයෙන් එහා පැත්තේ තිබෙනා රේල් පාර දිහා බැලුවයින් පසුවය..

සත්‍ය වශයෙන්ම අසූචි මුලාශ්‍රය තිබෙන්නේ කලින් පිටත්ව ගිය දුම්රිය ගාල්කර තිබු රේල් පාරේය. මා එසේ කියූ පමණින් මෙය කියවනා පාඨක සැම සිතන්නේ මා මේ කියවන්නේ වැරදීමකින් රේල් පාරේ වැටී තිබෙනා සතෙකු විසින් මලපහ කරන ලද්දක් ගැන යයි කියා වන්නට ඇත. එහෙත් අවාසනාවට එය එසේ නොවේය. ඒ මදිවාට එය කකුල් හතරේ සතුන් විසින් දැමු අසූචි සුට්ටක්ද නොවේය.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවානම් අසූචි කන්දක්ය.. කන්දක් කීවාට එක කන්දක් නොවේය.. දුම්රිය මැදිරිවල වැසිකිලි ගාල් වී තිබු පිළිවෙලට මැදිරි තුල වැසිකිලි පෝලිමේ සිටි කකුල්එ දෙකේ සතුන් විසින් රේල් පාර වෙත අතහරින ලද්දා වූ අසූචි කඳු එකම පරතරයක් සහිත අනුපාත වලින් රේල් පාර පුරා ගොඩ ගැහිලාය. නීල මැස්සන්ට රජ මගුල්ය. අසූචි කඳු පුරා රොද බැඳි නිල මැස්සන්ට අවුරුදු ඇවිල්ලා වාගෙය. එම නිල මැසි ජනතාව සන්තොසය වැඩිකමටදෝ දුම්රිය මැදිරිවලද පියාසරනවාය. එවන් දහදුරා දර්ශනයක් මා මීට පෙර දැකලා නොමැතිය. ඉඳහිටක මුහුදු වෙරළේ ඇවිදිනා වෙලාවක දක්නට ලැබෙන්නාවූ එවන් දර්ශනයක් හැරුණකොට මෙවන් මහා පරිමාන අසූචි කඳු මා මේ දකින්නේ ජීවිතයේ පළමු වතාවටය. දුම්රියපොළේ කම්කරුවන් දෙදෙනෙකු පත සයිස් වතුර බට දෙකකින් වේගවත් ජාල පහරක් එල්ල කරමින් අසූචි කඳු අසල තිබෙනා කාණුවට දියකර හරිනවාය. නිල මැස්සන්ද ගේම අතාරින්නට සූදානම් නැතිය. අසූචි කඳු කාණුවට දියකර හැරෙන අල්ලපනල්ලේ අවසන් තත්පරය දක්වාම නිල මැස්සන් තම රසවත් ආහාර වේල වළඳන්නට ෆුල් ෆයිට් එකක් දෙනවාය. ජීවිතයේ පළමු වතාවට දකිනා මහා පරිමාණ අසූචි දර්ශනය, මාගේ ඔලු කට්ට ඇතුලේ මවනා දර්ශනය නම්, මා මේ වාඩිවී සිටිනා දුම්රිය මැදිරිය යට තිබෙනා දර්ශනයත් මේ හා සමාන දර්ශනයක් වන වගය. ඊටත් අමතරව කාර්මිකව සහ තාර්කිකව හිත මෙහෙයවනවානම් මාගේ උකුල උඩ තිබෙනා ආහාරයන් කොයිතරම් සුපිරිසිදුද යන්නය. දුම්රිය මැදිරි පුරා ජය ගෝෂා කරනා නීල මැස්සන් මෙම ආහාරයක් මත ලෑන්ඩ් කිරීමේ සම්භාවිතාවය කොපමණ අගයක්ද කියා මා දන්නේ නැති වුනත් මෙසේ අනාරක්ෂිතව රේල්පාර මත අසූචි කඳු ගොඩ ගසනා දුම්රිය දෙපාර්තමේන්තුවක දුම්රියක් තුල ඊට වැඩි පිරිසිදුතාවයක් බලාපොරොත්තු වීම විහිළුවක්ය. වෙනත් ආකාරයෙන් තාර්කිකව හිතනවානම් ගෙදරින් පිටත්වූ පසු දෙඅත් සෝදා නොමැති මාගේ සිනිඳු සුසිනිදු මල් වාගේ දෑත, උකුල උඩ තිබෙනා සුදු යකඩ පිඟානේ ඇති පරාටා තුනට වඩා ලක්ස කෝටි ගුණයක් සුපිරිසිදු වග සියයට දාහක් විශ්වාසය. 

අඩි කිහිපයක් එහායින් කම්කරුවන්ගේ ජල ප්‍රහාරයෙන් සේදී යන අසූචි ගංගාවත් දුම්රිය පුරා ජය කෙහෙළි නංවන නීල මැසි ජනපදයත් අතර දෝලනය වූ මාගේ පරාටා තුන සහ කුකුළු ව්‍යංජනය දුම්රිය ජනේලයෙන් එලියට විසික් වන්නේ එය කා දමනවාට වඩා බඩගින්නේ සිටිනා එක යහපති වග මාගේ මොලය මා වෙත දන්වා සිටිනා නිසාය. දවස් තුනක් එම ආහාර නොකා මේ ගමන යන්නට මා ඉටාගන්නේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථානයක ඇති වෙළඳසැලකින් පැකට් කරන ලද ආහාරයක් ගැනීම අභිලාශය පෙරදැරිවය. දුම්රිය භෝජනාගාරයේ සාරවිට ටීම් එකෙන් ආහාර මිලදී නොගන්නට මා ගත දැඩි තීරණය නොවෙනස්ව පවත්වාගෙන යන්නට මා වෙත සහය දුන් එකම හිතවතා වුයේ බම්බලපිටිය හන්දියේ රාත්‍රී  කඩයෙන් මිලදී ගන්නා ලද මන්චී විස්කෝතු පැකට්ටුවය. කෝකටත් කියා උවමනා වුවහොත් කන්නට හිතාගෙන සාගත මල්ලේ ඔබාගත් මන්චී විස්කෝතු පැකට්ටුවට පින්සිදුවන්නට සාරවිට කණ්ඩායමට මාගෙන් ආහාර ඇනවුමක් දින තුන පුරාම ලැබුනේ නැති.

*************************************

උදෑසන අරුණැල්ල කපාගෙන උතුරු ඉන්දියාව බලා ඉගිලෙන ගන්දිදම් එක්ස්ප්‍රස් කිසිදු වෙනසක් නොමැතිව යන වේගයෙන්ම වංගු ගන්නා විට ඇඟේ ලේ වතුර වෙනවාය. රියදුරු උන්දෑ සාමාන්‍ය පෙළ බලය පාඩම ඉගෙනගෙන නැති ගානය. වස්තුවක් කොයි වෙලාවෙත් ගමන් කරන්නට උත්සහ කරන්නේ සරල රේඛීය මාර්ගයක වග මා උගෙනගෙන ඇති න්‍යාය වුවාට රියදුරා එම න්‍යායන් තුට්ටුවකටවත් මායිම් නොකරම වංගුවේද යන වේගයෙන්ම ධාවනය කරනවාය. දුම්රිය වස්තුවක් යන්නට උපකල්පනය කළහොත් මෙම යකඩ වස්තුව කොයි මොහොතේ කෙලින් ගමන් කරන්නට තීරණය කරනවාද කියා රියදුරාට, මට තියා, උඩ ඉන්නා දෙයියන්ටවත් සිතාගැනීමට නොහැකිය. එවන් හදිසි තීරණයක් දුම්රිය නමැති වස්තුව විසින් ගතහොත් සිදුවන්නාවූ විනාසය හිතේ මැවෙනා  විට දුම්රියෙන් බැස අහමදාබාද් දක්වා පයින් යන එක සරීර සෞඛ්‍යට යහපත් වනවා ඇත. එවන් වේගයකින් යන්නාවූ දුම්රිය පසුකර යන පාලම බහුතරයක ඇඳි නොමැතිය. අඩි පනහක් හැටක් යටින් තිබෙනා ගංගාවක් තිබුනා යන සලකුණු වලට අමතරව දිය පහරක් දක්නට ලැබෙන්නේ කලාතුරකින් ගංගාවකය. අනෙක් ගංගාවන සිදී ගිය ඒවා බැවින් පාලමට අඩි පනහක් හැටක් යටින් පෙනෙන්නේ ශුෂ්ක වී ගිය මහා පොළොවය. එවන් ගංගා උඩින් වැටී ඇති පාලම් වල ඇඳි තිබුනානම් ඒ බොහොමත් කලාතුරකින් වන අතර රියදුරා එව්වා තකන්නේ නැතිය. යන වේගයෙන්ම පාලම පසුකර යන දුම්රිය පාලමක් උඩින් යනවා කියා දැනෙන්නේ ශබ්දය වෙනස්වන නිසාය. එහෙත් රියදුරාට එහි වෙනසක් නොමැතිය. මට තිබෙනා එකම ගැටලුව නම්  මේ දුම්රියේ රියදුරා අපගේ හිත මිත්‍ර මෝටර් සයිකල් ශූර ඉන්දිකයාගේ හෝ රන්ජියාගේ ඥාතියකුද යන්නය. ඉන්දිකයාද රන්ජියාද මෝටර් සයිකලයේ වාඩිවූ කල සාමාන්‍ය පෙළ විද්‍යා න්‍යායන් සහ නිවුටන්ගේ නියමයන් බොරු කරමින් වංගුවේද, කෙලින් පාරේද, අඩි පාරේද, වැලි පාරේද, මැටි පාරේද, තාර පාරේද, දෙවැටක් දිගේද, ඒ දණ්ඩක් උඩද ධාවනය කරන්නේ එකම වේගයකින්ය. එසේම මා සිටිනා ගන්දිදම් එක්ස්ප්‍රස් හි රියදුරාද එම කුසලතාවයම විද්‍යාමාන කරමින් දුම්රිය ධාවනය කරන්නේ ඉන්දිකයාගේ තියරියටමය. මට තිබෙනා ගැටලුව නම් බලය සහ චලිතය යන විෂයන්හි නියතයන් ඉන්දිකයාට සහ රන්ජියාට වාගේම ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවටද අදාළ නොවන්නේද යන්නය.

වේගය ගැන හිත යොමු කරනා විට ඇඟේ රුධිර ගමනාගමනය අයහපත් අතට හැරෙනා බැවින් මා අවට පරිසරයේ සිරි නරඹන්නේ හිත වෙනතකට යොමුකළ යුතු නිසාය. බැලු බැලු අතේ අරුණැල්ල සමග ජනජීවිතය කාර්යබහුල වග දැනෙනවාය. රටක් වශයෙන් ඉන්දියාව ඉහලින් සිටින්නේ ඇයිද යන්න මට වැටහෙන්නේ දැන්ය. පෙනෙනා තෙක් මානයේ සිටිනා සිය දහස් ගණන් මිනිසුන් බිම වාඩිවී කුමක්දෝ වගාවක නිරතවෙනවාය. දුම්රියේ වේගයත් සමග හරිහැටි නොපෙනුනත් අතින් පෙනෙනා කඳු වැටි, ඕවිටි, බඩවැටි සිල්ලේම ගණන් කරන්නට නොහැකි ප්‍රමාණයේ පිරිසක් එකම ආකාරයෙන් බිම ඇන තියාගෙන වාඩිවී කුමක්දෝ කරනවාය. එකා මෙන් වාඩිවී මෙවන් ආකාරයෙන් වැඩ කරනා ජනතාවක් සිටිනා රටක් කලාපයේ බලවතා වීම අරුමයක් නොවේ යන්න මාගේ කුඩා මොළයට වැටහෙනා සිතුවිල්ලය..

මෙවන් දර්ශනයක සුව විඳිමින් මා ගමන් කරනා  උතුරු ඉන්දියානු දුම්රිය සංඥා දෝෂයක් මත මදකට නවත්වන්නේ ඉන්දියාවට බත සපයන ජනතාව බිම ඇන තියාගෙන කරනා වූ කරුමාන්තය කුමක්දැයි යන්න පැහැදිලි කරගැනීමට මා වෙත අවස්තාවක් ලබා දෙමිනි. වැඩේ මා හිතුවාට වඩා බරපතලය. එතෙක් උදෑසන පටන් මා දුරු දර්ශනය පුරා මා සිතා උන්නේ මිනිසුන් බිම වාඩිවී කුමක් හෝ වගාවක නිරතවෙනවා කියාය. එහෙත් මාගේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදි සහගත සිතුවිල්ලක්ය. හොඳින්ද දෙඇස් හැර බැලුකල දර්ශනය පැහැදිලිය. දහස් සංඛ්‍යාත ජනයා බිම වාඩිවී මේ ප්‍රසිද්දියේ කරන්නේ මලපහ කිරීම වග පැහැදිලිවම දර්ශනය වන්නේ දුම්රිය සංඥා ලැබෙනතුරු නවත්වාගෙන සිටින නිසාය. මා සිතා උන්නේ මලපහ සහ අසූචි ප්‍රශ්නය තිබෙන්නේ උදෑසනට නවත්වන දුම්රිය ස්ථානයේ පමණක් කියාය. එහෙත් එය එසේ නොවේය. මගදිගටම ප්‍රශ්නය එසේමය. දුම්රිය සහ අසූචි යනු ඉදිකටුවට නූල් බෝලය වැනි යාවජීව සගයන් දෙදෙනෙකුය යන්න මාගේ අවසන් තීරණයයි..

***********************************

දවස පුරා ගමනේ යෙදෙන දුම්රියේ සාරවිට කණ්ඩායමේ ආහාර තරයේ ප්‍රතික්ෂේප කල මා දැන් යැපෙන්නේ මංචි විස්කෝතු වලින් පමණය. ජංගම වෙළෙන්දෙකුගෙන් මිලට ගත් සීතල වතුර බෝතලය හැරුණකොට තේ කෝප්පයක්, කොපි කෝප්පයක් බොන්නටද පිරියක් නැත්තේ උදෑසන අසූචි දර්ශනය සහ නීල මැසි කැල මතකයට එන්නාවූ නිසාය. 

කෙමෙන් කෙමෙන් රාතියද උදාවුනේය.. මා සිටින්නේ පෙරදා ඇඳන් ආ ඇඳුම පිටින්ය. අඳින්නට ඕනෑතරම් ඇඳුම් මාගේ සාගත මල්ලේ තිබුනද නීල මැස්සන් විසින් ලෑන්ඩ් කරන ලද්දාවූ දුම්රියේ තවත් ඇඳුමක් ඇඳගෙන සුවසේ වසන්නට මාගේ හිතට නිස්කාන්සුවක් නැත්තේය. මා වෙත ඇති එකම ප්‍රාර්ථනය නම් හැකි ඉක්මනින් මේ සාටර් ගමන නිමවන්නේනම් යන්නය. එතෙක් මා තනිවම බුක්ති විඳි ආසනයට වයස හැත්තෑවක් පමණ වයසක අත්තම්මා කෙනෙකු බෝර්ඩ් වුයේ අත්තම්මාගේ ටිකට්ටුවේ තිබෙනා ආසන අංකය මාගේ අල්ලපු ආසනය නිසාය. දුම්රියේ ආසන දෙපසට වෙන්වී තිබෙන්නේ තුනට එක අනුපාතයට. මුහුණට මුහුණ බලා ආසන යුගලයේ වාඩිවූ කල ආසන තුනේ යුගලයේ හයදෙනෙකුට වාඩිවී සහ නිදාගෙන ගමන්ගත හැකිය. තනි ආසනයේ දෙදෙනෙකුට මුහුණට මුහුණ බලා වාඩි වී ගමන් කල හැකිය. ආසන තුනේ යුගලයේ උඩම ඇඳ අයිති පුද්ගලයින් දෙදෙනාට ඕනෑම වෙලාවක උඩට නැග නිදාගැනීමට හැකි අතර අනෙක් හතර දෙනාට නිදාගැනීමට අවශ්‍යනම් හතරදෙනාම එකට නිදාගැනීමට එකඟ විය යුතුය. ඒ මන්ද යත් වාඩිවී සිටිනා විට හේත්තු වී සිටිනා කුෂණය හරහට දිගහැර ඇඳක් කල පසු සම්පුර්ණ ආසනයම ඇඳන් හයක් වන නිසාය. මා සිටිනා තනි ආසනයේද නිදාගැනීම එසේමය. එකෙකුට නිදාගැනීමට ඕනෑ වුවහොත් අනෙකාටද එක්කෝ හිටගෙන ඉන්නට සිදුවෙනවාය.. එහෙමත් නොමැතිනම් අකමැත්තෙන් වුවත් නිදාගැනීමට සිදුවෙනවාය.

මාගේ ආසනයට සැපත් මාසේ සීට් මේට් ආච්චි අම්මාගේ අංකයට අනුව ඇයට හිමිවන්නේ මට ඉහලින් පිහිටි ඇඳය. මට හිමිවන්නේ පහල තිබෙනා ඇඳය. ඇඳ කොහේ තිබුනාම මොකෝ බන් නිදාගන්නනේ ඕන කියා කියන්නට පාඨක සැම එකපයින් ලැහැස්ති වග මා දන්නවාය. එහෙත් මා වෙත ඇති දැවෙන ප්‍රශ්නය නම් මාගේ සීට් මේට් ආච්චි අම්මා කිලෝ එකසිය පනහක දෙසීයක පත සයිස් උන්දෑ කෙනෙකු නිසාය. කාර්මිකයකු වශයෙන් මා ඇන මුරිච්චි ඒ තරම් විශ්වාස කරන්නේ නැතිය. කොයිතරම් හොඳ ලෝහයකින් සෑදුවද ඇණයක් මුරිච්චියක් කැඩී යන්නට හේතු දහසක් උවමනා නොමැතිය. එසේ කාර්මිකව තාර්කිකව සිතනා කල දුම්රියේ වේගයට සමානුපාතිකව සහ ආච්චි අම්මාගේ බරට අනුලෝමව දුම්රිය පැද්දෙන ගැස්සෙන වේගයට අනුව ආච්චි අම්මා අහිංසක මාගේ සුට්ටන් සරීර කූඩුව ලෑල්ලට චප්ප කරමින් බිමට පතබෑවීමට ඇති ඉඩකඩ බොහෝය. එවන් සුවිශාල පංචස්කන්දයක් දුම්රිය ඇඳ එක්කම මාගේ ඇඟ උඩට වැටුනහොත් මාව ලංකාවට යවන්නට එකතු කරන්නට වන්නේ සවලෙන් ගලවලා අරන්ය. එහෙව් අවදානමක් දරමින් මා කොහොම නිදන්නද..

මාගේ ජීවිතාශාව නින්දටද, නින්ද ජීවිතාශාවටද පරදිමින් එලිවූ රාත්‍රීන් තුනකින් අනතුරුව ගන්දිදම් එක්ස්ප්‍රස් අහමදාබාද් වෙත ලඟා වන්නේ දින තුනකට පෙර මා ගෙදරින් ඇඳන් ආ ඇඳුම පිටින්මය. මෙය කියවන පාඨක සැම විශ්වාස කලද, නොකලද මා මේ පවසනා දේ සත්තම සත්තය. දින තුන පුරාවටම මා ආහාරයට ගත් එකම ආහාරය නම් මංචී බිස්කට් පමණය. මා සන්තකයේ තිබු එකම එක ආහාරය වන මංචි විස්කෝතු පෙට්ටිය, ආහාර වෙල් ගන්නට බෙදා මා ආහාරයට ගත්තේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. උදෑසනටත්, සවසටත් අසූචි සංහාරය සිදුවෙන්නාවූ දුම්රිය ස්ථානයක ගන්දිදම් එක්ස්ප්‍රස් පැය භාගයක පමණ නැවතුමක් නවතා සිටියද මා ආහාරයක් මිලදී ගැනීමට කියා දුම්රියෙන් බසින්නේ නැත. එයට හේතුව නම් දුම්රිය ස්ථානයේ ලවුස්පීකරයෙන් කියනා මෙලෝ මලදානයක් මට නොතේරෙන නිසාය. හිංදියෙන් කියවෙන විස්තරයද මා හට තේරෙන්නේ නැතිය. බඩජහරිකමට ආහාර සොයනට ගොස්, මා දමා ගන්දිදම් එක්ස්ප්‍රස් ඉගිල ගියහොත් මට වන්නේ ගහෙන් වැටුනා වූ එකාට ගොනා ඇන්නා වැනි අබග්ගයක් නිසා දින තුන පුරාම මා දුම්රියෙන් එලියට අඩියක් තබන්නේ නැතිය. 

ආච්චි අම්මා සමග වූ නිදි අවදානමෙන් නිදි වර්ජිතව රැය පහන් කරනා මා උදෑසන පටන් කරන්නේ ආච්චි අම්මාගේ මුහුණට මුහුණ බලා වාඩිවී, නිදි කිරා වැටීමය. ඉඳහිටෙක දුම්රියට ගොඩවෙනා, මේකප් උලා තොල් රතු කරගත් සාරි වලින් සැරසුණු  භාග පිරිමි කණ්ඩායම් වලින් නම් ගැලවුමක් නැති.. සාක්කුවෙන් කීයක් හෝ ඇද දෙනතුරු නොදන්නා හිංදියෙන් ආලවට්ටම් දමනා භාග පිරිමි අතින් පයින් අල්ලන්නට ප්‍රථම කීයක් හෝ දී ගැලවීමට සිදුවීම හැරුනුකොට දින තුන පුරාම මාගේ පසුම්බියෙන් මුදල් වියදම් වූවානම් ඒ වතුර බෝතල් සඳහා පමණකි.

හතරවෙනි දින උදෑසන පටන් ජනේලයෙන් බෙල්ල හැකි පමණ එලියට දමමින්, අහමදාබාද් සොයමින් පැමිණි මාගේ දර්ශන පථයට අහමදාබාද් දුම්රියපොළ හසුවන්නේ හතරවෙනි දින සවස් යාමයේය. ඉන් අනතුරුව මාගේ සාගත මල්ලද ඇදගෙන දුම්රිය වේදිකාවේ එහාටත් මෙහාටත් මා ඇවිදින්නේ, මා රැගෙන යන්නට පැමිණි එකා කෙසේ මා හඳුනා ගනීදෝ කියා නිච්චියක් නොමතිවමය. කෝකටත් කියා මා රැගෙන ආ පොතකින් කොලයක් කඩාගෙන එහි ඉන්දියානු කොම්පැනියේ නම හැකි තරම් ලොකුවට ලියාගෙන ඉදිරියට හමුවන හැම කෙනාටම පෙන්වන්නට පටන්ගෙන විනාඩි දහයක් යන්නට මත්තෙන් කව්දෝ එකෙකු මාගේ පිටට දට්ටුවක් දමනවාය..

ආර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් යූ......_ _ _ _ _ _?

යේස්.. ආ යූ ෆ්‍රොම් ...._ _ _ _ _ _ _ ?

යේස්.. අයි ඇම් මයිත්‍රී... හවූ ඉස යුවර් ජර්නි..

ඉට්ස් අමෙසින්.. (එහෙම නොකිය වෙන මොනවා කියන්නද ඉතින් )

ඔකේ දෙන් ලේට්ස් ගෝ..

ඕල්රයිට්...

යන්තම් සන්තම් දවස් හතරකට පසු හුස්මක් ගන්නට අවස්තාවක් ලැබී ඇත.. මයිත්‍රී මා ඉදිරියෙන් යනවාය.. මමද සාගත මල්ලද ඇදගෙන මයිත්‍රී පසුපස යනවාය.. සාගත මල්ල වාහනය පැටවූ පසු යන්තම් සන්තම් පිට කොන්ද දිගහැර නිදහසේ හුස්මක් ගැනීමට මට හැකිවනු නොඅනුමානය.. එහෙත් මාගේ අනුමානය ටක්කෙටම වැරදිය.. පරිප්පු නැව බාලා ඉවර නැතිය..

මයිත්‍රී යන්නේ කාර් නවතා තිබෙන දිහාවට නොවේය.. කාර් නවතා තිබෙන්නේ වෙනත් පැත්තකය.. මයිත්‍රී යන පැත්තේ තිබෙන්නේ මෝටර් සයිකල්ය.. මා සිතනා සිතුවිල්ලනම් මයිත්‍රී පැමිණි රථය තිබෙන්නේ මෝටර් සයිකල් ගාලෙන් එහා වන්නට ඇති කියාය.. එහෙත් මාගේ සිතුවිල්ල ආයෙත් වැරදිලාය.. මයිත්‍රී පණගන්වන්නට සැරසෙන්නේ පසුසප අමතර රෝදය සහිත බජාජ් ස්කූටරයක්ය..

ඔකේ.. ගෙට් ඉන්..

මයිත්‍රියා මට ආරාධනා කරන්නේ හරියට ලිමොසින් රථයකට ගොඩවන්නට කියනවා වාගේය.. මාගේ පත සයිස් කිලෝ විස්සේ බෑගයත් රැගෙන මට ස්කුටරයට ගොඩ වන්නට නොහැකිය.. එය ඉවෙන් මෙන් වැටහුණු මයිත්‍රියා ස්කුටරය මේන් ස්ටෑන්ඩ් එකෙන් නවත්වා මාව වාඩි කොට මාගේ සාගත මල්ල හරස් අතට මාගේ උකුල උඩින් තැබූ පසු ගමන ආරම්භ වීය.. එහෙත් මූ යන්නේ කොයි දිසාවටද කියාවත් මට පෙනෙන්නේ නැතිය. මාගේ දර්ශනපථය අහුරා සිටින මාගේ සගත මල්ල නිසා මට පෙනෙන්නේ අපට පසුවන දෑ පමණය.

එවන් හිංසාකාරී වොර්ම් වෙල්කම් එකකින් අනතුරුව විනාඩි හතලින් පහක පමණ සුන්දර ස්කුටර් ගමන නවතින්නේ අපගේ ප්‍රධාන කාර්යාලයේය.  කාර්යාලයට පැමිණෙනා විට සියල්ලෝම මා දිහා බලන්නේ අමුතු සතෙකු දිහා බලනවා වාගේය. දින හතරක් පුරා මා විඳි දුක් ගැහැට දන්නේ මා පමණය. 

කළමනාකාර තුමාගේ පිළිගැනීමෙන් අනතුරුව, පළමු දුරකථන ඇමතුම ලංකාවේ අපේ ලොක්කාටය. ලොක්කා මා වෙත දුන් පරිප්පු නැව තනියම බා අවසන් කල සතුට ලොක්කා වෙත දැනුම් දුන් වහා මාගේ ඊළඟ ඇමතුම ගෙදරටය. ත්‍රිවේන්ද්‍රම් වෙතින් ලොකු අම්මා වෙත දුන් ඇමතුමෙන් මා දැනුම් දුන්නේ දුම්රිය ටිකට්පතේ ගැටලුව බැවින් සහ ඉන් පසු දින තුනක් මාගෙන් ඇමතුමකුදු නොමැති නිසා මාගේ මෑණියන් හරි හැටි ආහාරයකුදු නොමැතිව සිට ඇති වග දැනගත් වහා මා වෙත දැනුනු ශෝකය නම් කියන්නට ලියන්නට වචන අදටත් නොමැත..

ඔකේ .. දෙන් අවර්ර්ර්ර්  ෆැක්ටරි ලෝකෙටඩ් ඉන් ඉන්දස්ට්‍රියල් ඒර්ර්රියා.. යු හැව් ටු ගෝ දෙයාර්ර්ර්ර්ර්  විත් අශ්වින්.. හී විල් ඩ්‍රොප් යූ ටු යුවර්ර්ර්ර්ර්ර්  හොටෙල්.. ඉට්ස් වෙරි වෙරි ක්ලෝස් ටු අවර්ර්ර්ර්ර්ර්  ෆැක්ටරි..

ඒ ඇසෙනා ආරංචියේ හැටියට ගමන එතකින් අවසන් නොමැතිය..

හවූ ෆාර් ඉට් ඉස්..

ෆිෆ්ටි කිලෝමීටර්ස්ර්ර්ර්ස්.. ඉට්ස් නොට් අ ලෝන්ග් ජර්නි..වෙරි සිම්පල්..

ඇඟේ රෝම කෙලින් වන්නේ තවත් කිලෝමීටර පනහක් යන්නට ඇති වග ඇසෙනා විටය.. කෝකටත් කියා තහවුරු කරගන්නට ඉතුරු ප්‍රශ්නයද ඇසිය යුතුය..

හවූ වී ගෝ දෙයා.. බයි ද ස්කුටර්...

නෝ නෝ... අශ්වින් විල් ඩ්‍රොප් යූ බයි හිස් කාර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.

ඇඟට ලේ උනන්නේ දැන්ය.. මා ආ ගමනේ හැටියට කාර් එකක ඩිකියේ ගියද මේ ආ ගමනට වඩා සැප පහසුය..

ඕකේ.. ලෙට්ස් ගෝ මයි ෆ්‍රෙන්ඩ්..

ඕකේ..

අශ්වින්ගේ මරුටිය මට දැනෙන්නේ බෙන්ස් එකක යනවා වාගේය.. කනට හුරු ඩක ඩකස් ශබ්දය නොමැතිව නිකම් පාලුයි පාලුයි වාගේය..

හවූ ඉස් යුවර් ජර්නි..

ඩෝන්ට්ඉ ගෙට් අප්සෙට්.. ඉට්ස්  හොරිබල් අශ්වින්.. 

අයි නෝ බ්‍රදර්ර්ර්ර්ර්ර්ර්ර්ර් 

දේ ඩිඩ්න්ට් කන්ෆර්ම් මයි ට්‍රේන් ටිකට්..

ඔහ් රියලි...

යේස්..

දෙන් වට් හැපන්ඩ්..

අයි ගේව් අ රැන්සම්.. දෙන් දේ ගේව් මී අ සීට්..

සොරි බ්‍රදර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ...

නව් වට් කැන් අයි ඩු ෆෝ යූ...

අයැම් සෝ හන්ග්රි.. ප්ලීස් ස්ටොප් ඒනි වෙයාර්.. අයි නීඩ් ටු ඊට් සම්තින්ග්..

ඕකේ..

අශ්වින් විසින් පදවනා මරුටිය අවන්හලක් ළඟ නවත්වන්නේ කළුවර වැටී මදකට පසුවය. අහමදාබාද් අයිති ගුජරාට් ප්රාන්තයම එළවලු පමණක් අනුභව කරනා ප්‍රාන්තයක් බැවින් මාහට කන්නට වන්නේද එළවලු පමණක් ඇති ආහාරය. මේස කකුලක් උයා දුන්නද කන්නට තරම් කුසගින්නක් ඇති මට දැන් කුමන වර්ගයේ ආහාරයක් වුවද කම් නැත..

අවන්හලෙන් අතපය මහුණ සෝදාගත් මා දැන් සැරසෙන්නේ ආහාර ඇනවුම් කරන්නටය..අශ්වින්ගේ විධානය බිරියානියක් ආහාරයට ගන්නා මෙන්ය. එවන්හළේ ඇති ඉස්තරම්ම ආහාරය බිරියානි වන අතර අශ්වින්ට අවශ්‍ය වන්නේ කොම්පැනියේ මුදලින් මා හට උපරිමයෙන්ම සලකන්නටය.. එය එසේ බැවින් මාද බිරියානියක් ගිල දමන්නට අරමුණෙන් රැදී සිටින්නේ දින හතරක් මන්චි බිස්කට් වලින් යැපුනා වූ මට බිරියානියක් යනු දිව්‍ය භෝජනයක් නිසාය..

වෙටරයා ගෙන ආ බිරියානිය මා ඉදිරිපිටය. අශ්වින් වෙනත් මොනවාදෝ දෙයක් ගෙන්වාගෙනය. දැන් මා සැරසෙන්නේ බිරියානිය ගිල දැමීමටය. ඉන්දියාවට පය තැබූ දා පටන් පළමු වතාවට ඉන්දියානු ආහාරයක් ගිලදමන්නට සැරසෙන්නේ ධාරානිපාත කුසගින්නක් සමගින්ය..

වයි..

අයි කාන්ට් ඊට් දිස් අශ්වින්.. සොරි..

ඉට්ස් ඔකේ මයි ෆ්‍රෙන්ඩ්.. ට්‍රයි අනදර්ර්ර්ර්ර්ර්  අයිටම්..

බිරියානිය කාවේ එක හැන්දක් පමණය.. දිවට දැනෙනා නුහුරු රස නිසා කිසිසේත්ම එම ආහාරය ගිල දැමීම අපහසුය.. ගිල දැමු බිරියානි ස්වල්පය මා වෙත දන්වන්නේ ඉන්දියානු හඳුන්කුරු පැකට්ටුවක් තනියම කෑවා වැනි දැනීමක්ය. උගුරෙන් පහලට ගියා වූ බිරියානි ස්වල්පයේ සුවඳ ගල නාලය දිගේ විත් නාසයට දැනෙන්නේ හඳුන්කුරු පැකට්ටුවක කෑවා වැනි හැගීමක්ය..

දැට්ස් ඔකේ බ්‍රදර්.. ට්‍රයි අනදර් වන්..

මෙනු පතේ තිබෙනා මා දන්නා එකම ආහාරය නම් තෝසේ වර්ගයක්ය.. ඉස්කෝලේ තාප්පෙන් පැනලා ගොස් ලක්ෂ්මන් හෝටලයෙන් තෝසේ හතරක් පහක් ගිල දමනා අපිට තෝසේ තුනක් කෑම සිම්පල් වැඩක්ය.. මාගේ උත්සාහය තෝසේ කිහිපයක් කා දමා කුසගින්නෙන් ගැලවීමය.. 

ඔකේ.. බ්‍රින්ග් මි ත්‍රී දෝසා..

ත්‍රී...

වෙටරයා ටිකක් අන්දමන්ද වී මා දිහා බලා සිටිනවාය.. අශ්වින්ද ප්‍රශ්නාර්ථ සහිත බැල්මකින් මා දිහා බලන් සිටිනවාය.. 

එනිවේ ට්‍රයි වන් දෝසා ෆස්ට්.. ඉෆ් යූ ලයික් ඉට් දෙන් ඕඩර්ර්ර්ර්ර්  අදර්ර්ර්ර්ර්ර්  ටූ

අයි කැන් සිම්පලි ඊට් ත්‍රී ටු ෆයිව් දෝසා අශ්වින්....දැට්ස් ඔකේ.. බ්‍රින්ග් ත්‍රී...

ට්‍රස්ට් මී මයි ෆ්‍රෙන්ඩ් .. ජස්ට් ට්‍රයි අ වන් දෝසා ෆස්ට්..

ඕකේ.. 

විනාඩි දහයකින් අනතුරුව වෙටරයා ගෙනා තොසේ හෙවත් දෝසාව දුටු මට දවල් තරු පෙනුනේ එහි ප්‍රමාණය නිසාය.. දෝසාව අඩි තුනේ තුනේ කොටුවකටත් වඩා විශාලය.. එය ඉවර වෙන්නට කන්නට නම් පැදුරක් බිම එලා එය මත දෝසාව දිගාකර එහිම මැදින් වාඩිවී  කන්නට පටන්ගත යුතුය. අශ්වින්ට පින්සිදුවන්නට දෝසාවෙන් කාලක් පමණ කා දමා කුසගින්නට අස්වැසුමක් දැමුවත් දෝසා රසද, බිරියානි රසට දෙවැනි නැති.. බිරියානි ස්වල්පයත් දෝසාවත් කෑ අනතුරුව මාගේ නාසයේ සහ කටේ ඉතුරු වූ දැනීම නම් ඉන්දියානු හඳුන්කුරු පැකට්ටුවක් සමග කපුරු බෝල දෙක තුනක් ගිල දැමුවාක් වැනි රසාලිප්ත දැනීමකි.. 

අශ්වින් සමග ආගිය තොරතුරු සමගින් පැයක හමාරක ගමනකින් අනතුරුව ප්රෙස්ටීජ් හෝටලයට සැපත් මා, නා කියාගෙන ඇඳට වැටුනද පසුදා සවස දෙක වනතුරු ඇහැරුනේනම් නැති.. ඒ ඇහැරෙද්දිත් මම ඉන්නේ කොහෙද කියල මතක්කරගන්න පොඩ්ඩක්වත්  අමාරු වුනේ නැහැ හඳුන්කුරු, කපුරුබෝල රස එහෙමම කටේ නහයේ තිබ්බ නිසා..

***************


ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්... කතාව මෙතෙකින් නිමයි.. කෝච්චියේ විස්තර බොහොමයක් තිබ්බත් ඒ සියල්ලම විස්තර කරන්නට යාමෙන් අදත් මේක ඉවරයක් කරන්න නොවෙන නිසා බොහොම කෙටි විස්තරේකින් ගමන නිමා කරා ඔන්න. නැත්තම් අදත් බැනුම් කෝටියයි තාම කෝච්චියෙන් බැස්සේ නැහැ කියල.. ඉන්දියාවේ රසවත් කතන්දර බොහොමයි.. අතරින් පතර හෙමින්සීරුවේ ලියන්නට අදහසක් තිබේ.. මේ ලිපියේ වැරදි තැන් තිබේනම් සමාව භජනය කරන සේක්වා.. රාත්‍රී 8 ට ලියන්නට පටන් අරන් දැන් මේක ඉවර වෙද්දී එළිවෙන්න 3.00 යි.. වැරදි තියෙන තැන් පසුව හදනෝය.. දැනට වැරදි නොසලකාහරිමින් කියවාගෙන ගිහින් හොඳ නරක ගැන කොමෙන්ටුවකුත් දමන සේක්වා..





Saturday, July 9, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..4






ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..1
http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..3
http://ambalangodakatha.blogspot.com/2016/07/3.html


ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....

ඇසෙනා වූ දුම්රියේ ශබ්දය ඔලුවේ එහාටත් මෙහාටත් දඟලන්නා වූ සිතුවිලි සමුදා විසින්  නිර්මාණය කරනා වූ විසඳන්නට අසීරු සමීකරණය ටිකක් හෝ විසඳන්නට භාධා කරනවාය. දුම්රියේ වේගයටත් වඩා දෙතුන් ගුණයක් වේගයෙන් ඉගිල යන ප්‍රශ්නාර්ථ සහිත සිතුවිලි වීසි කරන ලද බූමරංගයක් මෙන් ප්‍රශ්නාර්ථය සහිතවම මා දෙපාමුලටම විත් නවතිනවාය. පැයකටත් මදක් කලින් ත්‍රිවෙන්ද්‍රම් සෙන්ට්‍රල් දුම්රියපොලෙන් පිටත්වූ ගන්දිදම් එක්ස්ප්‍රස් එන්ජිම පෙට්ටි පනහක් පමණ එල්ලාගෙන විදුලි වේගයෙන් උතුරු ඉන්දියාව බලා ඉගිල්ලෙනවාය. ලංකාවේ පරිසරයට බොහෝ සෙයින් හුරුවූ පොල් ගස් සහිත වටපිටාවේ මට නරඹන්නට අමුතු දෙයක් නැතත් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය කට්ටල එහාටත් මෙහාටත් වේගයෙන් ධාවනය වීම සහ එක ලඟින් පිහිටි රේල් පාරවල් දහයක් පහළොවක් පමණ තැන් දුටුවන මතක් වෙන්නේ මේ තරම් දුම්රිය සංඛයාවක් කොහොම පාලනය කරනවාදෝ යන්නය. ගුවන් යානයෙන් ලැබුණු පාතරාසයට අමතරව කිසිවකුත් නොවැටුණු කුස දැන් දැන් බඩගිනි වග ටිකෙන් ටික මොලයට දන්වනවාය.

නැවතුම් විස්සක් තිහක් නොනවත්වා යන දුම්රිය ඉඳ හිටෙක මදක් ජනාකීර්ණ නැවතුමක නවතිනවාය. මා දිහා නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිනා මගීන් එකෙක් දෙන්නෙක් දුම්රියෙන් බැසයනවාට අමතරව අලුතෙන් මගියෙක් දෙන්නෙක් දුම්රිය මැදිරියට ගොඩවෙනවාය. ඔවුන්ද පෙරසේමය. දුම්රිය මැදිරියේ මගීන්ගේ සාමාන්‍ය අගය දුම්රියපොලෙන් දුම්රියපොළට නියතයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන අතර වෙනස්වන මුහුණු අතරේ මට දැනෙන්නාවූ හැඟීම නම් ප්‍රදර්ශනයකට තැබූ මගී මොඩලයක් යන හැගීමයි. ටිකෙන් ටික මද්‍යාහන කාලය පසුව යන්නටත් ආසන්න බැවින් අහස පොලොව ගැටලන්නට ඔලුව පුපුරන්නට පැය ගණනාවක් පුරා දැමු කල්පනා සාගරය අනාථ සාගරයක් වෙද්දී  "ඔහොම බකන් නිලන් ඉඳල හරියනවද යකෝ " කියනා සිතුවිල්ල මොලය විසින් හදවතට දැනුම් දෙනවාය.  වැඩි සෙනග තදබදයක් නොමැති දුම්රිය මැදිරියේ ආසන ගන්නට වාගේ මගීන් සිටියත් මාගේ ගමන් පහසුව පිනිසදෝ එකුදු මගියෙකුදු මාගේ ගමන් සගයා හෙවත් ඇඳුම් බෑගය දම්වැලෙන් බැඳ දමා තිබෙනා මා සිටිනා ආසනය වෙත අවුත් වාඩිවන්නේද නැත. වෙනත් ආකාරයකින් කියනවානම් මා වාඩිවී සිටිනා ලී පටි වලින් සෑදු මුහුණට මුහුණ බලා වාඩිවිය හැකි ආසන යුගලය තනිකරම මාගේය. සින්නකරේටම අයිතිවූ ආසන පේලි දෙකෙන් උපරිම ප්‍රයෝජනය ලබාගනිමින් මාද සපත්තු දෙකෙන් නිදහස් පාද යුගලය ඉදිරි අසුනේ ජයටම තබාගෙන කල්පනා ලොව මල් වනේය. 

ඉන්දියන් කෝච්චි වල ජනේල හරහට ඇති යකඩ පටි හේතුවෙන් ජනේලයෙන් එලියට ඔලුව දැමීමට නොහැකියාව බලවත් අඩුපාඩුවක් වන්නේ එංජින් රාජයා මාව කොහේ ඇදගෙන යනවාදෝ යන්න ඔලුව දමා බලන්නට නොහැකි නිසාය. ඉඳ හිටෙක වංගුවක් ගන්නා ගන්දිදම් එක්ස්ප්‍රස් ඇඳි නොමැති පාලම උඩින්ද තඩි වංගු වලින්ද තම ගමන ජයටම කරගෙන ගියේ කිසිම ආකාරයකින් වේගය අඩුකරන්නේ නොමැතිවමය. රුහුණු කුමාරිය, සමුද්‍රදේවිය ගල්කිස්ස හෝටලය ළඟ වංගුවේ වාගේම කොල්ලුපිටිය වංගුවේදීත් වේගය අඩු කළා හොඳහැටි මතකයේ තිබුනත් ගන්දිදම් එක්ස්ප්‍රස් එකට එහෙම රීතියක් හෝ නීතියක් නොමැතිය. ඇඟට දැනෙනා ආකාරයට පැයට කිලෝමීටර සීයට වඩා වේගයකින් ධාවනය වන දුම්රිය වේගය අඩු කලානම් කලේ දුම්රියපොලක නැවත්වීම සඳහාය.. එහෙමත් නැතිනම් මාර්ග සඥ්ඥා රතු එලිය දක්වන වේලාවේදීය. හය වසරේ සිට දහතුන වසර දක්වාම, මාගේ අතිජාත මිත්‍ර උද්ධික  සමග බයිසිකල් ගමනාගමනයේ යෙදී ඇති හෙයින් වංගු වලදී වේගය අඩු කිරීම පිලිබඳ වැඩි සැකයක් බියක් හිතට දැනෙන්නේ නැත. ඒ වසර ගණනාවක් පුරා එවන් අවදානම්, සංයමයෙන් දරාගෙන ඇස් දෙක පියාගෙන හැඩලය අල්ලාගෙන සිටීමට උද්ධිකයා මාව හොඳහැටි පුරුදු පුහුණු කර ඇති නිසාය. 

දවසක් හවසක පාපන්දු පුහුණුවීම් සඳහා යන්නට උද්ධික හා මම පිටත්වුන අවස්ථාවේ උද්ධිකගේ බයිසිකලයේ හුලන් මදි ගතියක් දැනෙන බව හේ කීවේය. එකම විකල්පය වුයේ හන්දියේ ලාල් අයියාගේ සිල්ලර කඩය ඉදිරිපිට තබා ඇති හුලන් පොම්පයෙන් අඩු හුලන් පුරවාගෙන නගරසභා පිට්ටනිය වෙත පැදයාමය. මා පැදයන්නේ මාගේ සයිකලය වූ අතර උද්ධික පැදයන්නේ ඔහුගේ සයිකලයයි. ඕන් ලාල් අයියාට රුපියලක් පුදදී අඩු හුලන් පුරවාගත් අපි දැන් සයිකලය පැදගෙන යනවාය. පොල්වත්ත පිට්ටනිය පුහුකරගෙන යනවාත් එක්කම උද්ධිකගේ බයිසිකලයේ පසුපස රෝදය පොළොවට ලම්භකව කෙලින් වී ඉදිරිපසට කරණමක් ගසා උද්ධිකයා යට කරගෙන මහපාර මැද්දේ හතර ගාතේ කියහල්ලකෝ. තත්පරයක කාලයකින් සිදුවූ කරනම් ගැසීම කොයිතරම් වේගවත්ද කියනවානම් කෙලින් පැදගෙන ගිය බයිසිකලය, සුටුස් ගා උද්ධිකයා සමගම කරනම ගසා ගිනි මද්දහනේ රත්වූ තාර පාර සිපගෙන ඉන්නා උද්ධිකගේ ඇඟ උඩට පතබෑවිලාත් අහවරය. මාගේ අතිජාත මිත්‍රයාට සිදුවූ අලකලංචිය සජීවීව දුටු එකම සාක්ෂිකරු මා බැවින් හනික මාගේ බයිසිකලය පිට්ටනියේ යකඩ වැටට හේත්තු කොට උද්ධිකගේ ඇඟ උඩ හරහට තිබු බයිසිකලය  හැකි ඉක්මනින් ඉවත්කර මිත්‍රයා ගලවාගැනීම මාගේ යුතුකම බැවින් මා එසේ කිරීමට දෙවරක් හිතුවේ නැත. එවන් කරණමක් ගැසීමට එක්කෝ රෝදය හරහට යමක් සිරවිය යුතුය. නැතිනම් ඉදිරිපස පෝක් එක කැඩී යා යුතුය. උද්ධිකයා තම ශරීරයේ ලාභ අලාභ ගණනය කරන අතරතුරේ මා සයිකලය පරීක්ෂා කරන්නට අමතක කරේද නොමැත. එහෙත් මා බලාපොරොත්තුව සිටි කිසි දෙයක් සයිකලයට වී නොමැත. ඉදිරි රෝදයේ ඉස්පෝක් සියල්ල යහතින්ය.. පෝක් අතද කැඩී නොමැත.. ගිනි මද්දහනේ අමනුස්ස දොසයක්වත්දෝ යන්න ක්ෂණිකවම මාගේ හිතට ඇතිවූ සිතුවිල්ලයි..

මොකෝ බන් උනේ..

ඉස්සරහ හුලං බහිනවද බැලුව බන්..

හුටා..

උද්ධිකයා ඉදිරියට යන බයිසිකලයේ ඉස්සරහා රෝදය මිරිකා හුලන් බලලාය.. දත් ටික නොකැඩී එයින් ගියා ඇතිය.. එදාද අනතුරට පත්වූයේ දිග බයිසිකල් සවාරිය පොස්ට් එකේ අප සියල්ලන්ටම සමසේ පරිප්පුව බෙදා දුන් ඒ මිත්‍රයාමය. 

නිදහස් සිතුවිලි බ්ලොගයේ රවියාගෙන් පුරුදු වී දෝ පොස්ටුව පඳුරු ටිකක් තලාගෙන එන්නට ගියද එවන් වීර වික්‍රම මා වෙත පුරුදු පුහුණු කල මාගේ අතිජාත මිත්‍ර උද්ධිකව පොස්ටුව මැදට නිරායාසයෙන්ම කඩා පැන්නාවූ අවස්ථාවේ ඔහුව අමතක කොට දැක්කා නොදැක්කා සේ කෝච්චියේ කතාව ලියාගෙන යාම නොහොඹිනාය.

ගන්දිදම් එක්ස්ප්‍රස් ඇඳි නැති පාලම් උඩින් විදිනා විදිල්ලට මට නිරායාසයෙන්ම මතකයට එන්නේ අතිජාත මිත්‍ර උද්ධිකවය. භය කියනා දේ ඇඟේ සෛල වලින් සදාකාලිකවම අකාමකා දමන්නට එක පංතියේ අකුරුකළ අප සියල්ලටම උද්ධික විසින් ලබාදුන් දායකත්වය අප්‍රමාණය.

දුම්රිය යන වේගයට වඩා වේගයෙන් දවස රාත්‍රිය කරා ලං වෙනවාය. ඇඳුම් බෑගය යකඩ දම්වැලෙන් බැඳ දමා ඉදිරිපස අසුනේ කකුල් දෙක ෂපාන් එකට තබාගෙන ගමන් පහසුව සලසා ගත්තත් ඔලුව ඇතුලේ එහාටත් මෙහාටත් ගමන් කරනා සිතුවිල්ලනම් මේ ලී පටි ආසනය උඩ රාත්‍රී තුනක් ගතකරන්නේ කෙසේදෝ යන්නය. නිකම් ඔහේ බලා සිටලා වැඩක් නැත. දැන් ක්‍රියාත්මක වීමට කාලය පැමිණ ඇත්තේය යන්න මොලය විසින් සාවදානව දන්වා සිටිනවාය. එයට ප්‍රතිචාර වශයෙන් හැල්මේ වංගුවක් ගන්නා කෝච්චියේ පෙට්ටි ගණන් කර නිදන මැදිරි තිබෙන්නේ කොතනදැයි මා පරික්ෂා කරන්නට පටාන් ගන්නවාය.

පරීක්ෂණයට අනුව එක වංගුවකදී ගණන් කිරීමත් ඊළඟ වංගුවේදී ගණන තහවුරු කිරීමත් අනුව මා සිටිනා පෙට්ටියට පෙට්ටි දහයකට ඉදිරියෙන් තිබෙන්නේ නිදන මැදිරි යයි පොඩි අදහසක් ලැබෙන්නේ මා ගමන් ගන්න මැදිරි වල ගසා ඇති අංක දෙක තුන වෙනුවට එම මැදිරි වල ගසා තිබෙන්නේ අංක දෙක නිසාය. මාගේ සාගත මල්ලට දමා ඇති යකඩ දම්වැල ගලවා එය මල්ල ඇතුලටම දමා ගන්නේ ඔලුව ඇතුලේ නිෂ්පාදනය වූ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහාය.

කෝච්චිය නවත්වන්නට යන ඊළඟ දුම්රියපොලෙන් මැදිරියෙන් බසින්නට  මා ගත් තීරණය හරි ආකාරව ක්‍රියාත්මක කරන්නට නම් අනෙකුත් මගීන්ට කලින් දුම්රිය නැවැත්වූ වහා මැදිරියෙන් බැසගත යුතුය. සැලසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් මාගේ බෑගය උස්සාගෙන මැරතන් ධාවනයේ යෙදුනාවූ වීරප්පන්ට මෙන් හයිය හත්තිය තිබිය යුතුමය. එයාර් ලංකාවෙන් වැළඳු පාතරාසයට හෙවත්, කාර්බෝර්ඩ් පෙට්ටියේ දමා දුන් බත් ජුන්ඩට අමතරව බඩේ කිසිවක් නැත්තේය. ලෝයරයාද ගෙදරට ආ එකාට ඉලපත ගත්තා මිස තේ කෝප්පයකින්වත් සංග්‍රහ කලේද නැත. පිටරටක සිට ආ එකෙකු නිසා වත් මා වෙත තේ කෝප්පයක්වත් බොන්නට දීමට ලෝයරයාට යුතුකමක් තිබුනේය, ඒත් නාකි ලොසින්ජරයාට යුතුකම් වගකීම් කියාදෙන්නට ගියානම් කෝච්චිය අල්ලාගන්නට වෙන්නේ නැත. ඊටත් අමතරව ලෝයර් ඉලංගෝට යුතුකම් වගකීම් කියාදෙන්නට ගියානම් තේ කෝප්පයට කලින් ඉලපත් පාර පතබෑවෙනවාය.

ක්‍රියාවේ යොදවන්නට නියමිත සැලසුම හරි ආකාරයෙන් ක්‍රියාත්මක කරවීමට නම් මාගේ බෑගය උස්සගෙන මැරතන් දිවූ ටැක්සි රියදුරාට වඩා දෙතුන් ගුණයක හයියක් මා හට තිබිය යුතුය. එවන් යෝද හයියක් මාගේ ඇටකටු කූඩුව ඇතුලේ නොමැති වග දන්නවා වුනත් ලී පටි ගැසූ ආසනය සහ විදුලි එළියක් නොමැති දුම්රිය මැදිරියේ ගතකෙරෙන රාත්‍රිය ගැන සිහියට එන විට ගතේ නොමැති හයිය හිතට තිබෙනවා වාගේ දැනෙනවාය. 

දැන් මා සිටින්නේ දුම්රියේ දොර අසලය. එයද තනිවම නොවේය. කිලෝ විස්සකටත් පොඩ්ඩක් බර තිබෙනා මාගේ සාගත මල්ලද ඉස්සර කරගෙනය. දුම්රියද හෙමින් හෙමින් වේගය අඩු කරන්නේ ඉදිරියේ තිබෙනා දුම්රියපොළේ නවත්වන්නටය. කිලෝ විස්සක් බර සාගත මල්ලත්, පිටේ එල්ලාගෙන ඉන්නා මල්ලත් සමගින් දුම්රිය නවත්වන්නට මත්තෙන් දුම්රියෙන් බැසගැනීමට නොහැකිය. එවන් වීර වික්‍රමාන්විත වැඩ කරන්නට ගිහින් නන්නාදුනනා රටකදී දත් සැට් එක කඩාගැනීමට නොහැකි නිසා දුම්රිය නැවැත්වූ වහා මා හොඳ ළමයකු සේ දුම්රියෙන් බසිනවාය.

ලහි ලහියේ දුම්රියෙන් බැසගත් කාත් කව්රුත් නැති අසරණ මාගේ ඉලක්කය නම් වීරප්ප්පන් දිවූ වේගයටත් වඩා වැඩි වේගයකින් දුවගොස් නිදන මැදිරි සහිත දෙවැනි පන්තියේ මැදිරියකට ගොඩවීමය. එහෙත් සිතා සිටි වීර වික්‍රමය කරන්නට තරම් මාගේ පරාන කුඩුවේ ශක්තිය නොමැති වග කියා පාමින්, මා සාගත මල්ලත් ඇදගෙන මීටර සියය ධාවන තරඟයට සහභාගී වන අල්ලපනල්ලේ දුම්රිය රියදුරා නලාව පිම්බේය. මීටර සියය කෙසේ වෙතත් මට දුවගන්නට පුළුවන් වූයේ මැදිරි තුනක් පසුකරමින් පමණක්ය. වන්නට යන්නාවූ අලකලංචිය සිදුවුවහොත් එලොවටත් නැති මෙලොවටත් නැති ස්ථානයක පිහිටි පාලු දුම්රිය ස්ථානයක මා සරණාගත තත්වයට ඇදවැටෙන නිසා ලඟම ඇති දුම්රිය මැදිරියේ දොර තුලින් මාගේ සාගත මල්ල ඇතුලට තල්ලු කර යන්තම් පා පුවරුවේ එල්ලීමට මා හට හැකිවෙනවාය.

ඉහින් කනින් දාඩිය බේරෙනවා නොවේ විදිනවාය. දිව ගිලෙන්නට ඔන්න මෙන්න තිබුනද බොන්නට වතුර ජුන්ඩක් ඉල්ලාගන්නට කෙනෙකුද නොමැතිය. නැවතත් ගන්දිදම් එක්ස්ප්‍රස් උතුරු ඉන්දියාව බලා ඉගිලෙනවාය. රේල් පීලි ජොයින්ට් එකක් පසු කරන මැදිරියේ රෝද වලින් නිකුත්වන්නා වූ "ඩක ඩකස් " ශබ්දයේ රිද්මයට පරයා සික්ස් එයිට් බීට් එකට ඔන්න මෙන්න රිද්මයකින් හදවත ගැහෙනවාය. මාගේ සාගත මල්ල කරේ තබාගෙන උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දුවගියා වූ ටැක්සි රියදුරාට දියයුතු සම්මානය මොකක් නමුත් එය නොබෙල් සම්මානයටත් වඩා ලොකු එකක් කියා මට හිතෙන්නේ, සාගත මල්ල රෝද දෙකෙන් බිම ඇදගෙන මැදිරි තුනක් දිවූ පසු මේ තරම් අමාරුනම් මෙම කිලෝ විස්ස කරේ තබාගෙන සුසන්තිකා ඔලිම්පික් දිවුවාටත් වඩා වේගයෙන් දිවීම කොයිතරං අමාරු වෙන්නට ඇතිද යන්න ගණන් හදා බැලීමට සමීකරණ අනවශ්‍ය නිසාය.

ඊළඟ උත්සාහය දරා තවත් මැදිරි තුනක් දිවයාමට තරම් හයියක් කුසගින්නේ දැවෙන මාගේ පරාන කුඩුවට නොමැති වග අකමැත්තෙන් වුවත් මට පිළිගන්නට සිදුවෙනවාය. ඊළඟ දුම්රියපොලේදී මැදිරි තුනක් දුවගොස් ඊටත් පසු දුම්රියපොලේදී තවත් මැදිරි තුනක් දුවගතහොත් මෙයින් අනතුරුව නවත්වනා දෙවැනි දුම්රියපොලේදී දෙවැනි පන්තියට ගොඩවීමට මට හැකියාව ලැබෙනවා ඇත. එහෙත් යන්තම් කෙස් ගහක් එහේ මෙහේ වුවහොත් දෙවැනි පන්තිය තියා දැන් ඉන්න තුන්වෙනි පන්තියත් ඇඩ්‍රස් නැති වෙන්නම අහිමි වෙනවාය. එහෙම වුනොත් වෙන්නේ හොරාට තැඹිලි වල්ලක් විකුනාගන්නට ගිය පන්සලේ පොඩි හාමුදුරුවන්ට වූ දෙයමය.  පන්සලේ පොඩි හාමුදුරු නමක් මීට අවුරුදු තිහකට පමණ ඉහතදී කල හපන්කමක් මට මතක් වූ නිසා එම සීන් කොන් එක පසුව ලියනවාය.

වැඩි තන්හාව දුකට හේතුවන බවත් බඩ පනුවන් බොක්සින් ගහන බඩගින්නත් නිසා මාගේ අවසාන තීරණය නම් ඉතුරු දුම්රිය මැදිරි හත ඉදිරියට ගමන් කරන්නට දුම්රිය ස්ථාන හතක් භාවිතා කරන්නටය. කාත් කව්රුවත් නැති රටක එවන් ආරක්ෂක පියවරක් අනුගමනය කිරීම නුවනට හුරු බැවින් සවස හතර පමණ වන කාල සීමාවේදී දෙවැනි පන්තියට ගොඩවීමට අහිංසක අසරණ මා හට යාන්තම් සන්තම් හැකිවෙනවාය.

දෙවැනි පන්තිය කලින් හිටි තුන්වැනි පන්තිය වාගේ නොවේය. නිල් පාට ආසන වලින් සමන්විත දෙවැනි පන්තිය මට පෙනෙන්නේ දිවය ලෝකයක් වාගේය. සමහරුන් ආසනයේ හොඳට වැතිරී නිදි සුව විඳිනවාය. සමහරුන් පරිසරයේ සිරි නරබනවාය. ටික වේලාවක් වට පිට බලා පරිසරය ගැන යම් අවබෝධයක් ලබාගත් අසරණ මා අහිංසක ලීලාවෙන් ලගම තිබෙනා හිස් ආසනයේ අසුන්ගත වන්නේ සාගත මල්ල ආසනය යටට තල්ලුකර වැඩි ආරක්ෂාව උදෙසා දම්වැලද දිගේලි කර අවසනය. කලින් හිටි අපායට වඩා මේ තිබෙනා සැප පහසුව දිව්‍යලෝකේ ගියා වාගේය. තුන්වෙනි පන්තියේදී වාගේ හැම එකාම මූ මොකාද බොලේ කියා විශ්මයාර්ථ බැල්ම දමන්නේ නැත. දැන් තිබෙන්නේ වෙන දෙයක් වෙන තුරු පාඩුවේ ගමන් පහසුව සලසා ගන්නටය. එහෙමත් නැත්තම් මුකුත් නොදන්නා තොත්ත බබා ගානට ඔහේ වැඩිවී ඉන්නටය.

ටිකට් ප්ලීස්..

හුටා..

සුදු ඇඳුමකින් සැරසී කළු කෝට් බෑයක් පොරවාගත් බුවෙක් මාගෙන් ටිකට්ටුව ඉල්ලා හිටිනවාය. අතේ තඩි පොතක්ය. හරියටම කියනවානම් නම ලකුණු කරන්නට ඇවිල්ලා වාගේය. ප්‍රවේශමෙන් පන්දුවට පහර දී විකට්ටුව බේරා නොගතහොත් යන කෝච්චියෙන් පහලට තල්ලුකර දමන්නට හෝ ඊළඟ නැවතුමෙන් පොලිස් ස්ථානය වෙත සයිට් විසිට් එකක් යන්නට සිදුවන්නට තිබෙනා ඉඩකඩ බොහෝය.

වට්.. 

ලෙට් මී සී යුවර්ර්ර් ටිකට් මිස්ටර්ර්ර්..

ඔහ්.. වේට්..

මමත් දැන් හෙන පොරක් වාගේ බෑගය අවුස්සමින් ටිකට් එක හොයනවාය.. ටිකට්ටුව තිබෙනා තැන නම්  ඇස් පියාගෙන වුවත් ගැනීමට හැකියාව තිබෙනා ඉදිරිපස පොකට්ටුවේය. ඒත් ටිකට්ටුව හොයන්නේ බෑගය ඇතුලේය..ඒ හොයන ගමන් කල්පනා කරන්නේ මූට මේ ටිකට් එක පෙන්වනවාද නැද්ද කියනා එකය. විනාඩියක පමණ බොරු සෙවිල්ලකින් අනතුරුව  මා ටික්කාට ටිකට්ටුව දෙන්නේ ටිකට් නැතුව ගමන් කිරීම වලංගු නොවන ටිකට්ටුවක් සමග ගමන් කිරීමට වඩා වැඩි දඬුවමක් ලැබෙන්නාවූ වරදක් බව මාගේ කුඩා මොලයට වැටහෙනා නිසාය..

හියර්.

ඔකේ.. ලේට් මී ෆයින්ඩ් යුවර් සීට්..

දැට්ස් ඔකේ.. දිස් ඉස් මයි සීට්..

නෝ මිස්ටර්ර්ර්ර් .. දිස් ඉස් නොට් යුවර්ර්ර්ර් සීට්.. යූ ඩෝන්ට් හැව් අ සීට් ඉන් දිස් ට්‍රේන්..

වට්........

දැන් මම බබාය.. නිකම් බබා නෙවේය.. තොත්ත බබාය..

යස්.. යුවර්ර්ර් ටිකට් ඉස් නොට් කන්ෆම්ඩ්.. 

වට් ඩස් ඉට් මීන් .. අයි පේඩ් ෆෝ දිස් ටිකට්..

ඔකේ.. වෙයාර්ර්ර් ආර්ර්ර් යූ ෆ්‍රොම්..

ඇයම් ඈන්.. ඇයම් ෆ්‍රොම් ඉන්ග්ලන්ඩ්, ඇයම් මුරූ.. ඇයම් ෆ්‍රොම් නයිජීරියා, ඇයම් ටාරෝ.. ඇයම් ෆ්‍රොම් ජැපෑන් කියා කියන්නට හිතෙන්නේ තුන හතර වසරේදී ඉංග්‍රීසි ටීචර් ඉංග්‍රීසි ඔය දෙබස ඊළඟ ආත්මයේදී වත් අමතක නොවන්නට කට පාඩම් කෙරවූ නිසාය.

ඇයම් කමින්  ෆ්‍රොම් ශ්‍රී ලංකා..

ඕකේ මිස්ටර්.. යුවර් ටිකටින් ඒජන්ට් ඩිඩ්න්ට් කන්ෆර්ම් යුවර් ට්ර්ර්රිප් .. දැට් මීන් යූ ආර්ර්ර්ර් නොට් අලවුඩ් ටු එන්ටර්ර්ර්ර් හියර්ර්ර්ර්..

ඇයම් සොරි මිස්ට.. අයි ඩෝන්ට් නෝ එනිතින් අබවුට් දැට්.. හවූ කුඩ් අයි ගෙට් අ සීට්???

කෝට් මාමි ඊළඟට සැරසෙන්නේ මා විසින් යවන ලද මද වේග පන්දුවට ඉදිරියට පැන පහරක් එල්ල කරන්නට වග මට දැනෙන්නේ කෝට් මාමාගේ මුහුණේ තිබෙනාවූ කට්ට කපටි කෛරාටික හිනාව  මාගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන නිසාය..

 හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ර්ර්ර්රුපීස්..

දැට්ස් ඔකේ.. සෝ ෂෝ මී මයි සීට්..

කෑෂ් අප් ෆ්‍රන්ට්..

කෝට් බෑයා සැරසෙන්නේ සන්තකයේ ඇති රුපියල් එකසිය හැටෙන් එකසිය පනහකට තට්ටු කරන්නටය. ලංකාවෙන් පිටත්වන්නට කලින් ඉන්දියාව ගැන විශේෂ දැනුම තිබෙනවුන් දුන් උපදේශය නම් දින තුනක් කෝච්චියේ යනවානම් අතේ මුදල් රැගෙන නොයන ලෙසටයි. අවවාද කවදත් දොහොත් මුදුනින් පිළිගන්න එකෙකු වන මම මී ගොන් වස්සකු සේ ලොක්කා දුන් ඩොලර්ද තාත්තා දුන් රුපියල්ද  සියල්ලම සෙලාන් බැංකුවෙන් සංචාරක චෙක්පත් වලට මාරුකරගත්තේ වැඩි පරෙස්සම උදෙසාය. අතේ ගෙන ආ අන්තිම ඩොලරයම ගුවන්තොටේදී ඉන්දියානු රුපියල් බවට මාරුකර ගත්තද ටැක්සි කරුවාටත්, ටැක්සියට පාර කී  ආරක්ෂකයාටත් පුදදුන් පසුව ඉතිරි වුයේ රුපියල් එකසිය හැටය. එම මුදල ගැන මා ඒ තරම් දුරට නොසිතුවේ ලොක්කා විසින් සැලසුම් කරන ලද පිළිවෙලට දුම්රියේ ටිකට්ටුවට ආහාර සියල්ලම නොමිලේ ලැබෙනවා කියා ලොක්කා මගින් මගට කී නිසාය. එහෙත් ආහාර පාන සියල්ල තමුන් විසින් වෙනම මිලදීගත යුතුය කියා සුද්දාගේ ඉංග්‍රීසියෙන්ම ටිකට්පතේ පැහැදිලිව මුද්‍රණය කර තිබෙනවාය. ඒ කියන්නේ රුපියල් එකසිය හැට යනු දිනතුනක් අවසානයේ මා ජීවත්ව ඉන්නවාද මියයනවාද කියා තීරණය කරනා ප්‍රභලම සාධකයය. සන්තකයේම තිබෙන්නා වූ රුපියල් එකසිය හැටෙන් එකසිය පනහක් මූට දුන්නොත් දවස් තුනක් ජීවත් වන්නට ඉතුරු වන්නේ රුපියල් දහයය. ගෙදරදී කනවා වාගේ ගස් ගල් පෙරලන්නට තරම් ප්‍රමාණයේ ආහාර වේල් තුනක්ම නැති උනත් ශරීර කුඩුවේ පැවැත්ම උදෙසා මද්‍යම ප්‍රතිපදාවෙන් යැපෙන්නටවත් රුපියල් දහය ප්‍රමාණවත් වන්නේ නැත. දුම්රියේ එහාටත් මෙහාටත් චායී.... චායාම්... චායි..චායි..චායි..චායාම්.. කියමින් තේ විකුණනා  එවුන්ගේ තේ එකක මිලද රුපියලය. වේලකට තේ එක බැගින් තේ නවයට රුපියල් නවයක් දුන්නොත් අහමදාබාද් වලදී කෝච්චියෙන් බැහැලා මහන්සියට තේ එකක් බොන්නට රුපියලක් ඉතුරු වෙනවාය. ඒත් ප්‍රශ්නයනම් දවස් තුනක් තේ වලින් පමණක්ම ගෙවා දමන්නට උත්සහ කිරීමෙන් අහමදාබාද් වලින් ඉතුරු තේ එක බොන්නට පණකෙන්දක් ඉතුරුවේද යන්නය.

කෝට් බෑයා බලාන ඉන්නේ මගේ අහිංසක රුපියල් එකසිය පනහට විදින්නටය. කජ්ජ  ගහේ තිබියදී පුහුලම කන්නට සමත් එවුන් සිටිනා ගමක උපන් එකෙකු ලෙසින් අතේ සන්තකටම තිබෙනා රුපියල් එකසිය පනහ මූට දීම ලජ්ජා සහගතය. 

ජස්ට් ගිව් මී මයි සීට් ෆස්ට්.. අයි කාන්ට් ගිව් යූ මනී රයිට් නව්.. බිකොස් ලොට්ස් ඔෆ් පීපල් සිටින් අරවුන්ඩ් අස් මිස්ට..

දැට්ස් ඕකේ මිස්ටර්ර්ර්ර්ර්.. ගිව් ඉට් ටු මී..

නෝ නෝ අයැම් නොට් කොම්ෆටබල් ටු ඩු ඉට් මිස්ට.. ජස්ට් ගිව් මී ද සීට්.. අයි විල් ගිව් යුවර් මනී වෙන් ඩාර්ක්..

කොර්ට් බෑයා කල්පනා කරනවාය.. ඒ හිතන්නේ මූට සීට් එක දෙම්දෝ නොදෙම්දෝ කියා වන්නට ඇත..

ඔකේ මිස්ටර්ර්ර්ර්.. අයි විල් කම් ඇට් නයිට්..

තෑන්ක් යූ.. දෙන් වෙයාර්ස් මයි සීට්..

ස්ටේ හියර්ර්ර්ර්..

ඔකේ... තෑන්ක්ස්...

කෝට් බෑයා මාගේ ආසනයේ අංකය පොතේ ලියාගෙන එතනින් නික්ම ගියේ කළුවර වැටුනාට පසු මාගේ රුපියල් එකසිය පනහට විදින්නට එන්නට තරයේ අවධාරණය කරගෙනය. කෝච්චියට නැගගත්තාට පසු සැලසුම් කල සැලසුම් දෙකම සාර්ථක වූ සන්තෝසය ඉහවහා ගිය නිසා ලැබුණු ආසනයේ හොඳහැටි හරිබරි ගැහී මද නින්දක් දමන්නට මා ඉටාගත්තේ ඊයේ උදේ ඇහැරුනාට පසු මෙලෝ නින්දක් නොලැබුනාවූ බැවින්ය. එහෙත් නිදිමතත් වෙහෙසත් ඔලුවේ තොන්තුවත් නිසා කොයිතරම් වෙලා නින්ද යාවිදැයි නොදන්නා නිසා රුපියල් එකසිය පනහේ පලහිලව්ව ලිහාගන්නා ක්‍රමයක් සිතා සැලසුමක් සකස්කොට නිදාගත යුතුය. මද වෙලාවක කල්පනාවකින් අනතුරුව සන්තකයේ තිබෙන මුදලින් රුපියක් තිහක් ඉතුරුව තබාගෙන අනෙකුත් සියලුම මුදල් සඟවා ගන්නට මා තීරණය කළාවූ බැවින් එහි ප්‍රතිපලයක් වශයෙන් රුපියල් එකසිය තිහක් ඇඳුම් බෑගයේ අඩියේම තැන්පත් වෙනවාය. කෝට් බෑයාට මා වංචාවක් කරන්නට සැරසෙන්නේ නැත. මුදල් දී මිලදීගත් ටිකට්ටුව කන්ෆර්ම් කිරීමට වෙනම මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අය කරන්නේ නැත. එහෙත් එය ගමන පිටත් වන්නට පැය විසි හතරකට කලින් කල යුතුය. කෝට් බෑයා මාගෙන් ගන්නට යන්නාවූ මුදල තනිකරම අල්ලස් ගණයට වැටෙන්නක්ය. ලංකාවේ නීතිගරුක පුරවැසියෙකු වශයෙන් අල්ලස් ගැනීමට අනුබල නොදිය යුතුය. තවද කජ්ජ ගහේ තිබියදී පුහුලම කන වර්ගයේ එවුන් සිටිනා නගරයක ඉපදුනාවූ එකෙකු වශයෙන් කෝට් බෑයාට එලෙසින් හසුවීමද ලජ්ජා සහගතය. බඩගින්නත් , ගමන් වෙහෙසත් අතර දෝලනය වෙමින් කල්පනා ලොව මල්වනේ සැරිසැරූ මට නින්ද කොයි වෙලේ ආවාදෝ යයි මා දන්නේ නැත.

ඒයි මිස්ටර්ර්ර්ර්ර්ර් .. වේක් අප්..

තාත්තා කවදාවත් මට මිස්ටර් කියා අමතන්නේ නැත.. පිරිමි කටහඬකින් මා මතන්නට අපේ ගෙදර සිටින්නේ තාත්තා පමණය.. පාසල් යන්නට ප්‍රමාදවී හෝ රැකියාවට යන්නට ප්‍රමාදවී අන්තිම විනාඩිය දක්වා නිදන මාගේ යහන් ගබඩාවට තාත්තා සැපත් වන්නේ අම්මාට මාව ඇහැරවගන්නට බැරිවූ අවස්තාවකදී පමණය. අවටින් ඇසෙනා ශබ්දයද මාගේ යහන් ගබඩාවේ තිබෙනා පංකාවේ හුරු පුරුදු ශබ්දයට වඩා සෑහෙන්න වෙනස්ය.. ඒ සියල්ලම නොලසකාහරිතත් තාත්තා ඉංග්‍රීසියෙන් මා අමතා මාව මේ තරම් මහත්මා ආකාරයෙන් අවදි කරවන්නේ නැත්තේ අම්මා විසින් දැරූ අසාර්ථක උත්සාහයන් කිහිපයක් දුර සිට අසා සිටිනා තාත්තා එතනට එන්නේ අසූ හාරදාහට මල පැනලා නිසාය.. තාත්තා කාමරයේ දොර අරිනා ශබ්දයටම මට ඇහැරෙන්නේ තාත්තා ඇඳ ලඟට පැමිණ කියවන්නට ගන්නා මාගේ ගුණ ගායනා අසා සිටිනවාට වඩා සැනෙකින් අවදිවීම දාහෙන් සම්පතක් නිසාය.

මේ කතා කරන්නේ තාත්තා නොවේ යන්න පළමුව ඇතිවූ සිතුවිල්ල බැවින් කෝකටත් කියා හිස ඔසවා බැලුවේ මාගේ සනීප නින්දට භාදා කරනා මූ මොකාද කියාය.. 

කළු කෝට් කාරයෙකු මා දිහා බලා සිටිනවාය.. අවට පරිසරය අඳුරුය.. ඇඳ මදක් පැද්දෙන සුළුය.. කෝච්චියක සද්දයක් අසේනවාය..

වේක් අප් මිස්ටර්ර්ර්ර්ර්.. ගිව් මී මයි මනී.. දෙන් ස්ලීප්..

ටිකෙන් ටික නාටකය මැවෙන්නේ දැන්ය.. මා මේ සිටින්නේ උතුරු ඉන්දියාව බලා ධාවනය වන දුම්රියේ බව මතකයට එන්නේ දැන්ය..

සම් බොඩි ස්ටෝල්  මයි මනී මිස්ට..

වට්..

යස්.. සම්බොඩි ස්ටෝල්  මයි මනී.. 

වට් නොන්සන් මිස්ටර්ර්ර්ර්ර් .. ගෙට් රෙඩී ටු ගෙට් ඩවුන් ඔන් නෙක්ස්ට් ස්ටොප්..

නෝ ..නෝ..

වයි නොට්..යූ ප්‍රොර්ර්ර්මිස්ඩ් මී ටු පේ හන්ඩ්‍රර්ර්ර්ඩ්  ෆිෆ්ටි..

යේස්.. අයි තෝට් අයි හැව් මනී.. දෙන් අයි රියලයිස්ඩ් සම්බොඩි ස්ටෝල්  මයි වොලට්.. දෙන් හවූ කුඩ් අයි පේ යූ ..

ගෙට් අවුට් ෆ්‍රෝර්ර්ර්ර්ම්  හියර්ර්ර්ර්ර්  ඔන් නෙක්ස්ට් ස්ටොප් .. 

යූ නෝ  අයැම් අ ෆොරිනර්.. නව් යූ ට්‍රයින්ග් ටූ ගෙට් අ රැන්ස්ම් ෆ්‍රොම් මී හා..

දිස් ඉස් නොට් අ ර්ර්ර්රැන්සම්.. යූ හැව් ටු පේ දිස් චාර්ර්ර්ර්ජ් ..

නෝ අයි ඩෝන්ට් වෝන්ට් පේ  එනි චාර්ජ්.. දිස් ඉස් අ පේඩ් ටිකට්..

දෙන් ගෙට් අවුට් ෆ්‍රොර්ර්ර්ම්  හියර්ර්ර්ර්..

ඕකේ.. අයි විල් ගෙට් ඩවුන් ඔන් නෙක්ස්ට් ස්ටොප්.. බට් අයි විල් කම්ප්ලේන් අගේන්ස්ට් යූ.. යූ ආසක්ඩ් මී ටු පේ රැන්සම්.. ඩෝන්ට් යූ රිමෙම්බර්.. අයැම් අ ෆොරිනර් මිස්ට..

ඔහ් කමෝන්... අරේ මිස්ටර්ර්ර්ර්ර්ර් ඩෝන්ට් ඩු ස්ටුපිඩ් තින්ග්ස්.. ඩු යූ හැව් එනි මනී..

කෝට් බෑයා ඒ ගමන එන්නේ ශේප් න්‍යායෙන් මාගේ දත ගලවන්නටය.. සීට් එකක් දීම සම්භන්ධයෙන් කෝට් බෑයාට කීයක් හෝ දීම මාගේ යුතුකමය..

යේස්.. අයි හැව් තර්ටි රුපීස්..

ඕකේ ගිව් මී තර්ර්ර්ර්ර්ටි ..

අයි කැන් ගිව් යූ ටෙන්.. අයි නීඩ් සම් මනී ෆෝ ෆූඩ්..

දෙන් ගිව් මී ටුවෙන්ටි..

නෝ.. අයි විල් ගිව් යූ ෆිෆ්ටීන්..

ඔකේ.. ගිව් මී ෆිෆ්ටීන් ..

අයි හෑව් ටුවෙන්ටි රූපී බිල්.. ඩු යූ හැව් ෆයිව් රුපී..

යේස්.. ගිව් මී ටුවෙන්ටි..

ඔකේ.. ගිව් මී ෆයිව් රුපී..

හියර් යුවර් ෆයිව් රුපී මිස්ටර්ර්ර්ර් ..

තැනක් යූ..

රුපියල් එකසිය පනහෙන් පටන්ගත් පාගා ගනුදෙනුව රුපියල් පහළොව දක්වා හෙවත් සියයට අනූවක ලාභයක් සමග සාර්ථකව අවසන් වෙද්දී අම්බලන්ගොඩ කතා ලියන එකා ලෝක ඉතුහාසයට එකතු වන්නේ පගාව දී ඉතුරු මුදල් ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට වාර්තාවක් තබමින් වන්නට ඇතිය.

දවස් ගානක් ලියලත් ලියාගන්න පුළුවන් වුනේ මෙච්චරයි.. ඉතුරු ටික ඉක්මනින්ම ලියනවෝ.. දැන් මේ ලියපු හරිය මදියි කියල මාව කන්න එපෝ.. 

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..5

Saturday, July 2, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..3




ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..1

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..2



$&%^#*&#& *#&$^#&#^

මා දිහා යක්ස බැල්මක් හෙලමින් ඉලංගෝ නොනවත්වා දෙමලෙන් කියවනවාය.. මට මෙලෝ මලහත්ඉලව්වක් තේරෙන්නේ නැති වග ඉලංගෝ දැනගෙන ඉන්නට විදිහක් නොමැතිය..

මා සිතා උන් පමණින් ඉලංගෝ මහතා තරුණයෙක් නොවේය.. කම්මුලේ පැත්තක උපන්  ලපයක්ද සහිත ඉලන්ගෝ මහතා තරුණ වයස ඉක්මවා අවුරුදු හතළිහක් පනහක් වන හෙවත් සම්පූර්ණ වයස හැත්තෑව පසුකර ඉන්නා පුද්ගලයකු වග මාගේ අදහසයි.. උපැස් යුවල පැළඳි නළලේ හරහට ඉලූ, හුණු පාරවල් කිහිපයකි.  තිබෙනා කොන්ඩ ගස් කිහිපයෙන් තට්ටය වසාගන්නට අසීරු උත්සාහයක් දරා ඇති සෙයකි. විද්‍යාමාන වන වයස හැත්තෑව ප්ලස් වුවත් පෘෂ්ටිමත් ශරීරය පවසන්නේ තුන්වේල අඩුවක් පාඩුවක් නොමැතිව කොටාබාන සෙයියාවකි. ඇඳ සිටිනා දුඹුරු පාට දිග කලිසමත්, ක්‍රීම් පාට කමීසයත් ඉස්සරහින් "හම්පඩ" යන විශේෂණය යෙදිය යුතුමය. 

ඉලංගෝ මහතා මාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දෙතුන් වරක් ස්කෑන් කරනා අල්ලපනල්ලේ මමද ඉලංගෝ මහතාගේ පාදාන්තයේ සිට තට්ටාන්තය දක්වා දහ පහළොස් වතාවක් ස්කෑන් කරගැනීමට සමත් වනවාය. විසිතිස් වාරයක් සීනුව නාදකර එලිපහලියට වැඩමවු ඉලංගෝ මහතා දුටු සන්තොසය මාගේ ලේ නහර පුරා වින්දනය ලබාදෙන අතරතුරේ හදිසියෙන් දුටු දෙයින් මාගේ ගියර් පෙට්ටිය මොලයෙන් විධානයක් නොලබාම රිවස් ගියරයට දැම්මේ මිනිස් ශරීරයට උපතින්ම හිමිවෙනා අනතුරකදී ක්‍රියාත්මක වීමේ ඔප්ෂනය භාවිතා කරමින්ය..

ඉලංගෝ මහතා කියවනා දමිල මෙලෝ මල දානයක් මට තේරෙන්නේ නැතිය.. එහෙත් අතේ තිබෙන්නේ ඉලපතක්ය.. ඇඳුම් බෑගය පසුව ගැනීමේ කොන්දේසිය මත හෝ එතනින් පාරට පැන දිවීමෙන් ඉලපත් පාරෙන් බේරෙන්නට හැකිවග දැනෙනවාය.. එහෙත් දමිලෙන් අම්ම මෝ නැතුව මොනාදෝ කියවනා විනා ඉලපත උස්සා පහර දීමේ අංශයක් දක්නට නොලැබුණු බැවින් නැවතත් ගියරය නියුටල් ස්ථානයට ගෙන ආවේ ඉලපත් පහර කාගෙන හෝ ආ කාරණය ඉෂ්ඨ සිද්ද කරගතයුතු නිසාවෙනි..

ප්ලීස් ඩොක්ටර්... අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් ටැමිල්...

@%#$%^$%%#  %#@##^$&%&

ප්ලීස් ඩොක්ටර් ලිස්න් ටු මී ...අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් ටැමිල්...

වට්...

යේස් ඩොක්ටර්.. අයි ඇම් කමින් ෆ්‍රොම් ශ්‍රී ලංකා..

ගෝ... ගෝ ඇන්ඩ් ෆයින්ඩ් අනදර්ර්ර්ර් ප්ලේස්.. වී ඩෝන්ට් රෙන්ට් රූම්ස්.. 

ප්ලීස් ඩොක්ටර්.. අයි ඩෝන්ට් නීඩ් අ රූම්.. අයි ජස්ට් වෝන්ට් ටු කලෙක්ට් මයි ට්‍රෙන් ටිකට්..

වට් නොන්සන්ස් මිස්ටර්ර්ර්ර්.. ඉස් දිස් ප්ලේස් ලුක් ලයික් ට්‍රේන් ස්ටේෂන්... බ්ලඩී ෆූල්.. ෆයින්ඩ් ද ට්‍රේන් ස්ටේෂන්...ගෝ ඇන්ඩ් ගෙට් යුවර්ර්ර්ර් ට්‍රේන් ටිකට්... දිස් ඉස් අ හෝම් මෑන්... හවුස් ... හවුස්... ඩු යු නෝ වට් ඉස් ද මීනිං ඔෆ් හවුස්..

ඉලංගෝ කාරයා හෙවත් මේ වල් නාකියා හිතන්නේ මා හවුස් යන්නෙහි තේරුම නොදන්නා මී ගොනෙකු කියාය.. 

කෙල පැමිණි ඉංග්‍රීසි වැඩ්ඩේක් නොවුනත් හෝඩියේ සිට උසස්පෙළ දක්වා ඉංග්‍රීසි ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට පින් සිදුවන්නට හිතේ තිබෙනා දේ ජ්‍යාත්‍යන්තර භාෂාවට පෙරලා ප්‍රකාශ කරගන්නට තිබෙනා දැනීම නාකියා සමග කෝච්චි ටිකට්ටුවේ පලහිලව්ව විසඳාගන්නට හොඳින්ම ප්‍රමාණවත්ය.. 

හෝඩියේ සිට සාපෙළ දක්වා ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරුන්ගෙන් "කරුණාතිලක සර්ගේ" ඉංග්‍රීසි පංතිය සුවිශේෂ වන්නේ පෙලපොතේ ඉංග්‍රීසි වලට අමතරව සෑම පේලියකටම සත දහයේ කාසියක් හෝ සත පහේ කාසියක් තෑග්ගක් වශයෙන් ළමුන්ට ලබාදී තිබීමය. පන්ති කාල වෙලාව ඇතුලත සිංහලෙන් කතා කරනා අයෙකු වෙතොත් සත දහයේ කාසිය නොහොත් "කොයිනය" සිංහලෙන් කතා කල එකා අතට පත් වන්නේය. පන්තිය අවසාන  වෙලාවේදී සෑම පේලියකම "කොයිනය" අතේ රැඳී වාසනාවන්තයා ඊළඟ පන්ති වාරයේදී කුමක් හෝ මාතෘකාවක් ගැන විනාඩි කිහිපයක කතාවක් පන්තිය හමුවේ පැවැත්විය යුතුය. පන්තිය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතාවක් කිරීමට ඇති බලවත් කැමැත්තක් එකෙකුටවත් නොතිබුණු නිසා හතළිහක් පනහක් පමණ වූ ගැහැණු පිරිමි මල් පලතුරු සියල්ලෝම දන්නා ඉංග්‍රීසි අමාරුවෙන් ගැටගසාගෙන එකිනෙකා හා කතාකලෝය. ටියුෂන් පන්තියක් වුවත් අකුරට විනය පැවතුනා වූ "කරුණාතිලක සර්ගේ " ඉංග්‍රීසි පන්තියට යන ළමුන් තුල ඉංග්‍රීසි කථනය ප්‍රචලිත කිරීමට කරුණාතිලක සර් විසින් ගන්නා ලද  බුද්ධිමත්ම තීරණ දෙකෙන් එකක් නම් ටෝකින් කොයින් සංකල්පයයි. 

එහෙත් කිසිවෙකුටත් නොතේරුණු අනෙක් බුද්ධිමත්ම තීරනය නම් ටෝකින් කොයින් එක වෙනුවට සත දහයක් හෝ සත පහේ කාසියක් තැබීමයි. වැරදිලා හෝ  සත පනහක් රුපියලක් ටෝකින් කොයින් එක ලෙසින් තැබුවානම් ඊළඟ පන්ති වාරයේ ඉංග්‍රීසියෙන් කතා පවත්වන්නට වන්නේ අල්ලපු වැටේ තිබෙනා සිල්ලර කඩයේ මුදලාලිටය හෝ මුදලාලි හාමිනේටය. එහෙම වුනානම් අල්ලපු වැටේ මුදලාලිට සත පනහේ රුපියලේ බීම පැකට් බිස්නස් එක ජයටම කරගෙන යන්නට පුළුවන් වෙනවාය. කරුණාතිලක සර් මෝටර් සයිකලය පැදගෙන යනු දකිනා විට, වයස හතලිහ කිට්ටු අපට අදද දැනෙන ගුරු ගෞරවය වර්තමාන සිසු පරපුරට තිබෙනවාද කියා වෙනම නැවතිල්ලේ සිතා බැලියයුතු ප්‍රශ්නයක්ය..

අවුරුදු ගණනාවක් පුරා ටෝකින් කොයින් එකෙන් බේරෙන්නට දන්නා කියන සියලු ඉංග්‍රීසි හා හස්ත මුද්‍රා භාවිතාකලා වූ සිසුවෙකු වශයෙන් ඉලංගෝගේ ගොන් ප්‍රශ්නයට උත්තර දෙන්නට මා දන්නා ඉංග්‍රීසි අසභ්‍ය වචන ප්‍රමාණවත් මදිය. ඉලපතෙන් පහරදී ගෙදරින් එලවාගන්නට ඔන්න මෙන්න ඉන්නා මා ඉලංගෝගේ හවුස් ප්‍රශ්නය උත්තර නොදී මගාරින්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන්ය..

ඩොක්ටර් ඉලංගෝ.. ප්ලීස් ලිස්න් ටු මී...

වට්.. ඩොක්ටර්ර්ර්ර්.. අයි ඇම් නොට් අ ඩොක්ටර්ර්ර්ර්ර් මිස්ටර්ර්ර්ර්ර්... අයි ඇම් අ ලෝයර්ර්ර්ර්ර් ඉලංගෝ...

දැන් මේ පිස්සු කේස් එක තටු මාරුවෙන තැනට ඇවිල්ලාය.. ලොක්කා විසින්ය මා වෙත ලබාදුන්, ප්‍රින්ට් කර තිබෙන නේම් කාර්ඩ් පතේ තිබෙන්නේ වල් නාකියා ඩොක්ටර් ඉලංගෝ කියාය.. ඒත් මූ දැන් කියන්නේ මූ ලෝයර් කෙනෙක් කියාය.. මූටද, මටද, අපේ ලොක්කාටද පිස්සු යන්න තෙරුම්කරගන්නට මාගේ බුද්ධි පරිමාවට නොහැකිය.. කෙසේ නමුත් මා පඹ ගාලක පැටලී සිටිනා සෙයියාවක් ඉවෙන් මෙන් දැනෙනවාය..

ඔහ්.. අයි ඇම් සොරි.. අයි වෝන්ට් ටු ෆයිට් ඩොක්ටර් ඉලංගෝ.. හී ඊස් ද ත්‍රිවෙන්ද්‍රම් ඒජන්ට් ඔෆ් _ _ _ _ _ ඉන්ඩියා ප්‍රයිවෙට් ලිමිටඩ්.. ඩු යූ නෝ එනි බොඩි නේම්ඩ් ඩොක්ටර් ඉලංගෝ..

සෝ වයි යූ ආර්ර්ර්ර් ආස්කින් ඩොක්ටර් ඉලංගෝ.. හී ඉස් මයි සන්..

දෙන් වෙයාස් යුව සන් සර්.. අයි වෝන්ට් ටු කලෙක්ට් මයි ට්‍රෙන් ටිකට් ෆරොම් හිම්..

ඒයි බ්ලඩී ෆූල්.. හී ඉස් නොට් අ ටිකටින් ඒජන්ට්.. හී ඉස් අ ඩොක්ටර්ර්ර්ර්ර්... ඩොක්ටර්ර්ර්ර්ර්... ඩු යූ නො වට් ඉස් ද මීනිං ඔෆ් ඩොක්ටර්ර්ර්ර්ර්..

මේ වයසක හුයන්නා ඒ ගමන ආයෙත් එන්නේ මට ඉංග්‍රීසි උගන්වන්නටය.. ඉවසීමේ සීමාව අන්තිම දශමයටම සීමාව ඉක්මවා තිබුනද හිතේ පවතිනා සුහදශීලී නොවන  අදහස් ජ්‍යාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කර ඉල්ලාගෙන කෑමට හැකියාවක් නොමැතිය.. මා ඉන්නේ උපන් රටේ නොවේය..දන්නා කියන ඥාතියෙක් හිත මිතුරෙකුද නොමැතිය..හිතේ පවතිනා විපරීත අදහස් ජ්‍යාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කළහොත් නවතින්නට වන්නේ ත්‍රිවෙන්ද්‍රම් පොලිසියේ කූඩුවේය.. ඒ මදිවාට වයසක උන්දෑ කියන්නේ එතුමා නීතිඥයෙකු කියාය.. වැඩි සෙල්ලම් දමන්නට ගියොත් හත් අට අවුරුද්දක් ආණ්ඩුවේ බෝඩිමේ අදින්නට වෙන්නට පුලුවනිය..

කැන් යූ ප්ලීස් කීප් කාම් ඇන්ඩ් ලිස්න් ටු මී..

වට්.. හ්ම් .. ඔකේ ගෝ අහෙඩ්.. කමෝන්.. අයි ඩෝන්ට් හැව් ටයිම් ටු වේස්ට්..

සර්.. අයැම් ගොයින් ටු අහමදාබාද් ටු හැව් මයි ජොබ් ට්‍රේනිං.. _ _ _ _ _ ඉන්ඩියා හෙඩ් ඔෆිස් සෙන්ට් මයි ට්‍රේන් ටිකට් ටු යුවර් සන් ඇන්ඩ් දේ ආස්ක් මී ටු කලෙක්ට් ද ටිකට් ෆ්‍රොම් හිම්.. දැට්ස් වයි අයැම් හියර්..

වට් නොන්සන්ස්.. හී නෙවර්ර්ර්ර්ර් සෙඩ් එනිතින් අබවුට් යුවර් ස්ටුපිඩ් ටිකට් මිස්ටර්ර්ර්ර්ර්.. ජස්ට් බිෆෝර් ටෙන් මිනිට්ස් හී කෝල්ඩ් මී..

ඩිඩ් යූ ආස්ක්ඩ් හිම් අබවුට් මයි ටිකට් ????

නෝ.. වයි වුඩ් අයි ආස්ක් හිම් අබවුට් යුවර්ර්ර්ර්ර් ස්ටුපිඩ් ටිකට්..

හෙහ්.. දෙන් වයි වුඩ් හී මෙන්ෂන් අබවුට් මයි ටිකට් සර්.. කැන් යූ ප්ලීස් කෝල් හිම් ඇන්ඩ් ආස්ක්..

ඒයි මිස්ටර්ර්ර්ර්ර්ර් වයි යූ ලාෆින් ඈස් අයැම් ස්ටුපිඩ්..

නෝ නෝ අයැම් නොට් ලාෆින් සර්..

නෝ නෝ අයි සෝ යූආර්ර්ර් ලාෆින්..

නෝ සර්.. ප්ලීස් කෝල් හිම්..

ඕකේ.. අයිල් කෝල් හිම්.. ස්ටේ වෙයාර් යූ ආර්ර්ර්ර්..

ඕකේ සර්.. අයැම් නොට් ගොයින් එනිවෙයා..

ඒයි මිස්ටර්ර්ර්ර්.. අයි ඩෝන්ට් කෙයාර් වෙයාර්ර්ර් යූ ගොයින්.. බට් ඩෝන්ට් කම් ඉන්සයිඩ් ඕකේ..

ඕකේ ඕකේ සර්.. අයිල් ස්ටේ හිය..

හ්ම්..

ගේ ඇතුලට යන්නට හැරිලාත් දෙවරක් මා දිහා හැරිලා බැලුවා වූ ලෝයර් ඉලංගෝ සැකයෙන් බයෙන් නිවස ඇතුලට ගියේ පල් හොරෙකු ගෙදරට ආවා වැනි බැලුම් දෙක තුනක් මා දිහා හෙලා අවසානයේය.. හොඳින් මා දිහා බලා හොරෙකුගේ  පෙනුමක් මාගෙන් විද්‍යාමාන වන්නේදැයි නිරීක්ෂණය කිරීමට මට දැනුනා වූ අවශ්‍යතාවය ඉටුකරගැනීමට අහල පහලක කන්නාඩියක් නොමැතිය..



*************************************************


ලෝයර් ඉලංගෝ රථය පදවනවාය.. අසීරුවෙන් ඉලක්කය සාක්ශාත්කල මා ඉදිරිපස අසුනේ හැඟීමක් දැනීමක් නොමැතිව ඔහේ පාර දිහා බලන් ඉන්නවාය.. ලෝයරයා කතාවක් බහක් නොමැතිය.. ලොරියක් පමණ විශාල වූ ලෝයරයාගේ ඉන්දියානු මෝටර් රථයේ ඩීසල් එන්ජිමේ ශබ්දය පරයා ලෝයරයා සමග සංවාදයක් දමන්නට නම් ගිරිය යටින් කෑගසා කතාකල යුතුය. කිසිත් නොවිමසා ගෙදරට  ආ අමුත්තා හෙවත් මා පන්නාගන්නට ඉලපත ගත්තා වූ නාකි ඉලංගෝ සමග මට කිසිසේත්ම සුහද කතාබහක් නොමැතිය. දුම්රිය ටිකට්පත ලබාගන්නට තිබුනාවූ උවමනාව නිසාම වයසක උන්දා සමග ගනුදෙනුව විසඳා ගත්තා මිසක් ලංකාවේ උනානම් ඉහ නිකට බලන්නේ නොමැතිවම ලෝයරයකු වුවත් ගේමට ගේම ඉල්ලනවා ඉල්ලනවාමය. 

ලෝයරයා රථය පදවන්නේ ත්‍රිවෙන්ද්‍රම් දුම්රියපොළ දක්වාය.. ඒ එතෙක් පල් හොරෙකු වූ මා දුම්රියපොළට ඇරලනු පිණිසය. ලෝයර් ඉලංගෝ මාව ඇරලවන්නේ ඩොක්ටර් ඉලංගෝගේ ඉල්ලීම පිණිස වන වග මට දැනෙනවාය. පිය පුතු දෙපල දුරකථනයෙන් සිදුකලා වූ සංවාදය දමිල භාෂාවෙන් සිදු වුවත් එය අවසන් වුයේ උණුසුම් වචන හුවමාරුවකින් වග යාන්තමට ඇසුනා මතකය. අවසානයේ ඩොක්ටර් ඉලංගෝගේ අණ පරිදි ලෝයර් ඉලංගෝ ගෙදරට ආ පල් හොරා දුම්රියපොළට අරලවන්නේ පිය පුතු වාදයෙන් පියා පුතාට පරාදවී ඇති නිසාය. ඒත් ලෝයර් මා සමග කතාවක් නොමැතිය.. ලෝයර් තාත්තාට වඩා ඩොක්ටර් පුතා මහත්මයකු බව දැනෙන්නේ මාව නැවතත් ටැක්සි කරුවෙකුගේ අතවරයකට ලක්නොවන සේ තම ලෝයර් පියාණන්ගේ නීතිමය ආරක්සාව යටතේ දුම්රියපොළට ඇරලවෙන නිසාය..

රැයක් නිදි නොමැතිව සිට දැනෙනා නිදිමත ලෝයර් ඉලංගෝගේ රථයේ ඩීසල් මොලේ ශබ්දය පරයා ජයගන්නට සමත්වීම නිසා දෙතුන් වතාවක් මා නිදි කිරා වැටෙන්නට වුවද ඉලංගෝ මා සමග වචනයක්වත් කතාවක් බහක් නොමැතිය. ඒ අතරතුරේ ලෝයර් ඉලංගෝගේ ඩීසල් මෝල දුම්රියපොළට සැපත් වෙනවාය.

ඕකේ.. දිස් ඉස් යුවර්ර්ර්ර් ට්‍රේන් ටිකට්.. දැට් ඊස් ද ට්ර්ර්ර්ර්රේන් ස්ටේෂන්.. නව් ගෙට් ඩවුන් හියර්..

ඕකේ සර්.. තෑන්ක් යූ වෙරි මච්..

අයි ඩෝන්ට් වෝන්ට් යුවර් තෑන්ක්ස්.. ගෙට් අවුට් ෆ්‍රොම් මයි කාර්...

ලෝයර් ඉලංගෝත් මමත් සංවාදයේ යෙදී සිටිනා රථය නවතා තිබෙන්නේ ශ්‍රී ලංකා ද්වීපයට අයත් භූමි පරිමාවේ නම් ලෝයර් මහත්තයා ආයේ බත් කන්නේ බොරු දත් කුට්ටමකින් වග ස්ථිරය.. එහෙත් මාගේ කරුමයට එය මාගේ උපන් රට නොවේය.. භූමියේ වාසිය ලෝයර් ඉලංගෝටය..

ඔකේ සර්.. ප්ලීස් ඕපන් යුවර් ට්‍රන්ක්.. අයි හැව්ටු ගෙට් මයි බෑග්..

හුහ්... 

ලෝයර් ඉලංගෝ අසූ හාරදාහට මල පැන්නාවූ පෙනුමකින් රථයෙන් බැස රථයේ ඩිකිය ඇරියේ මාගේ බෑගය බාගන්නට අවස්ථාව සලසා දුන්නේ හරියට ලෝයර් ඉලංගෝගේ බෑගය මා බලෙන් අරන් යනවා වාගේය.. රථයට වැදී හයියෙන් දොර වසාගත් ලෝයර් ඉලංගෝ එතනින් පිටවී ගියේ ඩීසල් කළු දුම් වළාවකින් මා වසා දමාය. එවකටද මෝටර්රථ පාඨමාලා හදාරා තිබුනද ඊට පසුවද මෝටර් කාර්මික පාඨමාලා හැදෑරුවද අදටත් මා වෙත ඇති නොවිසඳුණු ප්‍රශ්නයක් නම්, හතරැස් බිත්ති ඔරලෝසු දෙකක් තරම් හෙඩ් ලයිට් දෙකකිනුත්, කොච්චි එන්ජිමක් තරම් සද්දේ තියන ඩීසල් එන්ජිමකිනුත්, ලොරියක් තරම් විශාල බොඩියකිනුත් සමන්විත ලෝයර් ඉලංගෝගේ රථයේ වර්ගය කුමක්ද යන්නය..

**********************************************

ටිකට් පතට අනුව දුම්රිය පිටත්වන්නේ උදෑසන එකොළහටය .. දුම්රියට පැයක වෙලාවක් තවත් තිබෙනවා වුවත් අදාළ වේදිකාවේ රැඳී සිටීම අලකලංචි වලින් ඉවත්ව සිටීමට තිබෙනාවූ එකම සහ අවසාන මාර්ගයය.. එහෙත් ටිකට්ටුවේ වේදිකාවක් සඳහන්ව නොමැතිය..  දුම්රිය කව්ලුවක් වෙත මා කිට්ටු වන්නේ වේදිකාවේ අවුල නිරවුල් කරගැනීමටය..

එක්ස්කියුස් මී.. කැන් යූ ප්ලීස් ටෙල් මී වට් ඉස් ද ෆ්ලැට්ෆෝර්ම් ෆොර් දිස් ට්‍රේන්..

ටිකට් නිකුත් කරන්නා ටිකට්ටුව පරීක්ෂා කර මා දෙස හතරැස් බැල්මක් දමනවාය.. ඉන්දියාවේ පොළොවේ පය ගැසූ මොහොතේ පටන් මට වුනා වූ අලකලංචි අටෝරාසියක් බැවින් ටිකට් නිකුත්කරන්නා මා දිහා බලා සිටිනා බැල්ම මාගේ ඇඟේ ලේ වතුර බවට පත්කරනා බල්මක්ය..

වෙයාර්ර්ර්ර් ආර්ර්ර් යූ ෆ්රොම් ?

වයි.. එනි තින්ග් ව්රෝන්ග්.. අයැම් ෆ්‍රොම් ශ්‍රී ලංකා..

ඔහ් යුවර් ටිකට් ඊස් නොට් කන්ෆර්ම්ඩ් මිස්ටර්ර්ර්ර්..

දෙන් වට්.. වට් ඊස් දැට් මීන්..

දැට් මීන් යූ හැව් නෝ සීට්..

බට් අයි හැව් අ පේයිඩ් ටිකට්..

යස්.. ටිකට් ඊස් ජස්ට් අ ටිකට් මිස්ටර්ර්ර්ර්.. දිස් ඊස් අ සෙකන්ඩ් ක්ලාස් ටිකට්.. ඉට්ස් ස්ලීපින් බර්ත්ස්.. ඉෆ් යූ ගොයින් දිස් ජර්නි යූ හැව් ටූ කන්ෆර්ම් ඉන් ඇඩ්වාන්ස් මිස්ටර්ර්ර්ර්.. දිස් ටිකට් ඊස් නොට් කන්ෆර්ම්ඩ්.. දැට් මීන් යූ ඩෝන්ට් හැව් රිසර්ව්ඩ් ස්ලීපින් සීට් ඉන් ද ට්‍රේන්..

ඇම් අයි අලවුඩ් ටු ගෙට් ඉන් ද ට්‍රෙන්..

ඔෆ් කෝස් මිස්ටර්ර්ර්ර්.. බට් යූ ආර්ර්ර්ර් නොට් අලවුඩ් ටු එන්ටර් ස්ලීපින් බර්ත්ස්..

සෝ කැන් අයි කන්ෆර්ම් මයි ටිකට් නව්??? අයි කැන් පේ ෆෝ දැට්..

නෝ මිස්ටර්ර්ර්ර් .. වී ආර්ර්ර්ර් නොට් අලවුඩ් ටු ඩු දැට්.. යූ කැන් එන්ටර් ඔන්ලි තර්ඩ් ක්ලාස් කම්පාර්ට්මන්ට්ස්..

ඕකේ.. වට් ඊස් ද ෆ්ලැට්ෆෝර්ම්..

නම්බර්ර්ර්ර් ත්‍රී..

 කවදාවත් නොදුටුවද ලෝයර් ඉලංගෝගේ බිරින්දෑ මට සිහිවන්නේ ඇය ඩොක්ටර් ඉලංගෝගේ අම්මා නිසාය.. එතෙක් හොදයි කියා සිතා සිටි තැන්පත් ඩොක්ටර් ඉලංගෝ මහතාද, දින තුනක දුම්රිය ගමනක් යාමට මාවෙත සැපයු ටිකට්ටුව මා ගමන යනවා වග ස්ථිර කොට නොමැති නිසා දැන් මා හට ගමන්ගන්නට සිදුවන්නේ නිදන මැදිරියක නොවේය..එක දිගට යන්නා වූ  දින තුනක දුම්රිය ගමනක් නිදන මැදිරියක් නොමැතිව ගමන් කරනවා යනු කුමනාකාරයේ අත්දැකීමක්දයි මා නොදන්නේ එවන් දුම්රිය ගමනක් එතෙක් කාලයකට මා ගිහින් නොමැති නිසාය.. වෙන්නට තිබෙනා අලකලංචි සියල්ලම සිදුවී තිබෙනාවූ නිසා තවත් මාවෙත වෙන්නට තිබෙනවානම් තිබෙන්නේ පොලිස් කූඩුවක ලැගීම පමණය. ඉන්දියානු ලෝයර් කෙනෙකු සමග කෙස් පැලෙන තර්ක කොට ලබාගත් දුම්රිය ටිකට්ටුව අතහැර දමා හෙට තිබෙනා ඊළඟ දුම්රියේ නිදන මැදිරියක යාමටනම් අද දවස කොහේ හෝ රැඳී සිටිය යුතුය. ගුවන් තොටෙන් එලියට ආ පමණින් සිදුවූ අනපේක්ෂිත අලකලංචි සියල්ල සලකා බලනා විට ත්‍රිවෙන්ද්‍රම් වල රාත්‍රියක් රැඳී සිටීම කොහෙන් අවසන් වේදැයි සිතිය නොහැකි භයානක ක්‍රියාවක්ය. කල යුත්තේ ලංකාවට ඇමතුමක් දී දුම්රියේ වහලයේ නැග හෝ ගමනාන්තයට ලඟා වීමය..

දුරකථන කුටියකින් දුරකථන පහසුකම ඉල්ලාගත් මා ඊළඟට අමතන්නේ ලොක්කාගේ ගෙදරටය.. එහෙත් ප්‍රතිචාරයක් නොමැතිය.. ඊළඟට කොළඹ අවට පමණක් ක්‍රියාත්මක වන්නා වූ ලොක්කාගේ ජන්ගමයටය.. එයද ප්‍රතිචාරයක් නොමැතිය.. ඊළඟට ඇමතීමට උත්සාහය බාප්පාගේ නිවසටය.. රජයේ නිල නිවසක් වන එයට ඇමතුම් ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බැවින් උත්සාහයන් කිහිපයකින් අනතුරුව එම උත්සාහයද වතුරේය.. ඊළඟට මා වෙත ඇත්තේ එකම එක දුරකථන අංකයක් පමණය.. ඒ මාගේ මහප්පාගේ නිවසේ අංකයය..අවසාන උත්සාහයද රින්ග් වෙනවාය..

හලෝ...

පපුවට කූල් වතුර බාල්දියක් වත්කරා හා සමානය.. එහා පැත්තෙන් හලෝ කියන්නේ ලොකු අම්මාය..

ලොකු අම්මේ මම _ _ _

ආ පුතේ ඔයා බැස්සද..

ඔව් ලොකු අම්මේ..

මුකුත් කරදරයක් නැහැනේ පුතේ..

මට තිබෙනා කරදර ලොකු අම්මාට විස්තර කරන්නට ගියොත් වෙනම රුපියල් දෙතුන් සියයක් දුරකථන කුටියේ අයිතිකරුට පූජා කරන්නට වෙනවාය. ඒ නිසා උද්ගතව තිබෙනා බලවත්ම ප්‍රශ්නය පමණක් ලොකු අම්මාට කියා තබා දුරකථනය විසන්දි කල යුතුය..

මම ස්ටේෂන් එකට ආව ලොකු අම්මේ.. ඒත් මෙයාල මගේ ට්‍රේන් ටිකට් එක කන්ෆර්ම් කරලා නැහැ.. 

ඒ කිව්වේ පුතේ..

ඒ කිව්වේ ලොකු අම්මේ මට කෝච්චියේ සීට් එකක් නැහැ.. ඒත් මට කෝච්චියේ යන්න අවසර තියෙනව..

ඉතින් පුතේ සීට් එකක් නැතුව දවස් ගානක් යන්නේ කොහොමද..

නිදන මැදිරියේ සීට් එකක් නැති උනාට තුන්වෙනි පන්තියේ සීට් එකක යන්න පුළුවනි ලොකු අම්මේ..

දැන් අපි මොකද පුතේ කරන්න ඕන..

මුකුත් නැහැ ලොකු අම්මේ.. ගෙදරට කියන්න මම කෝච්චියේ නගිනවා ආයේ කෝල් එකක් දෙන්නේ දවස් තුනකින් කියල..

හා පුතේ.. එහෙනම් තෙරුවන් සරණයි..

තෙරුවන් සරණයි ලොකු අම්මේ..

එයාර් ලංකාවෙන් මුහුදෙන් එතෙරට ඇවිත් වීරප්පන් සමග ධාවන තරඟයකට සහභාගීවී, ලෝයර් කෙනෙක් සමග කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කර දුම්රිය ටිකෙට්ටුව ලබාගෙන, ත්‍රිවේන්ද්‍රම් සෙන්ට්‍රල් දුම්රියපොළේ තුන්වෙනි වේදිකාවේ ලී බංකුව උඩ මා නන්නත්තාර වන වෙලාව වන විටද මා ගුවන්තොටට ඇරලන්නට ආ මාගේ නිවැසියන් ගෙදර ගොස් නොමැතිවීම පුදුමයට කරුණක් නොවන්නේ සිසිබර සිරිලංකාවේ ට්‍රැෆික් ගැන මා දන්නා නිසාය. 


ගන්දිදම් එක්ස්ප්‍රස් හිටු කියලා වේගයෙන් යනවාය.. මා වාඩිවී සිටින්නේ ලී පටි ගැසූ ආසනයකය.. පෙට්ටි පනහක් පමණ අමුණා  ඇති දුම්රියේ ඉදිරිපස තිබෙන්නේ පළමු පන්තියේ මැදිරිය.. ඊගාවට දෙවන පන්තියේ මැදිරිය.. මා සිටිනා තුන්වෙනි පන්තියේ මැදිරි එල්ලා තිබෙන්නේ ඊළඟටය.. නවත්වනා දුම්රියපොළ වලින් ගොඩවෙනා මිනිසුන්ට මා දුටුවනම කොතන හෝ වැරදීමක් සිදුවී ඇතිබව පෙනෙන්නේ මා අසල තිබෙනා වූ වීරප්පන් සමග ධාවනයේ යෙදුනාවූ කිලෝ විස්සේ ගමන් මල්ල නිසාය. ඉන්දියාවට එන්නට කලින්ම ඉන්දියාව ගැන දන්නා බහුශ්‍රැත උදවිය දුන්නා වූ උපදෙස් අනුව මා ලංකාවෙන් ගෙන ආ යකඩ දම්වැල සහිත ඉබ්බා මාගේ ගමන් මල්ලත් දුම්රිය අසුනත් කසාද බන්දලාය.. බෑගය දිහා බලනා මගීන් මා දිහා අමුතු සතෙක් දිහා බලනා බැල්මකින් මා දිහාවට බැලුම් හෙලනවාය..


කෝච්චියේ ගමන ගැන ලියන්න දේවල් ගොඩයි.. ඒකත් ඉක්මනින්ම දානවෝ..

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..4
http://ambalangodakatha.blogspot.com/2016/07/4.html