Sunday, July 28, 2019

කලුවරේ කතා..





කලුවරේ වෙච්ච සිද්දි කීපයක් මතක් වෙච්චි වෙලාවෙ ලියලා දාන්න කියලා හිතුනා කියමුකෝ. වැඩේ කියන්නෙ ලියලා ඉවර වෙන්න කලියෙන් ලිවිල්ල එපා උනොත් පබ්ලිශ් වෙන්නෙ නෑ කියලා දන්නවා උනත් ඔන්න ඔහේ ලියන්න ගත්තා. ඒ වගේ ලියන්න ගතපු පෝස්ට් බර තොගයක් දැන් මේකෙ භාග භාග තියෙනවා උනාට එව්වා සම්පූර්ණ කරන්න මල කම්මැලියි.


ගොඩයාගේ ජීවිතේ ඒ ලෙවල් කරපු කාලය වැඩි හරියක්ම ගතවුනේ කලුවරේ කිව්වොත් තමා නිවැරදි. ඒ මොකද කියනවනම් ගමයා නොහොත් කැප්ටන් පයිලට්ට පින් සිද්ද වෙන්න.  අපේ ගමයා උපන්දා හිටන්ම චායාරූප කලාවට උපන් හපනෙක් නිසා චායාරූප සම්භන්ද ඕනෑම අවශ්‍යතාවක් තියෙනවනම් ගමයා ඇමතීම සාපෙල කාලයටත් කලින් හිටන්ම පුරුදු වෙච්චි දෙයක් . ගමයා සහ ගොඩයා යනු කොයිතරම් සමීප පොරවල් දෙකක්ද කියනවනම් උසස්පෙල කරපු කාලයෙන් වැඩි දවසක් ගොඩයා උදේට දැකලා තියෙන්නෙ ගමයාගෙ මුස්පේන්තු මූනත්තහඩුව කිව්වොත් තමා හරි. ගමයා ගැන වැඩි යමක් මෙහිලා ලියැවෙන්නෙ නැත්තේ ගමයා ගැන වෙනම පෝස්ට් එකක් ලියැවෙන්නට නියමිත නිසා. ගමයා කියලා හුරතලේට කිව්වෙ ගමයාගෙ නමේ අගට තිබ්බේ ගමගේ කෑල්ලක් නිසා මිසක් ඔලොක්කුවට නෙවෙ ඕන්.

ඕන් ගමයා ගොඩයාට දවසක් යෝජනාවක් දානවා චායාරූප මුද්‍රණය කරන සීන් කෝන් එකක් හදමුද කියලා. මේ කියන කාලය නවසිය අනූ හතර වගේ කාලය නිසා ඒ කාලෙ දැන් වගේ ඩිජිටල් ප්‍රින්ටින් කියල දෙයක් තිබ්බෙ නෑ. ගමයා විසින් කරපු යෝජනාවට ගොඩයාත් මනාප නිසා ගොඩයා එකග වෙනවා ගොඩයාගෙ නිදියහන් ගබඩාව චායාරූප මුද්‍රණය කරන ඩාර්ක් රූම් එකක් බවට පත් කරන්න. දැන් මේ ලොරි ටෝක් දුන්නට ගොඩයාත් ඒ කාලේ  නැව් පිටින් ලනු ගිලපු එකෙක් ආයුබෝවන්ඩ. ඔන්න ඉතින් පලමු පියවර වශයෙන් ගමයා විසින් කොහෙන්දෝ හොයාගෙන එන තිත්ත කලු කඩදාසි වගයක් ගොඩයාගෙ කාමරේ ජනේල හතරෙම වීදුරු වැහෙන්න ඇලෙව්වා කියහන්කො. ඊලඟට ගොඩයාගේ කාමරේ දොරේ තිබ්බ මල් වීදුරුවත් අර කියපු තිත්ත කලු කඩාදාසි වලින් වැසී ගියා. ජනේල හතර වහලා කාමරේ දොර වැහුවාම ආයෙ ඉතින් මාස පෝය දවස වගේ කාමරේ ඇතුල තිත්ත කලුවරයි. 

ඊලඟට තිබ්බෙ චායාරූප මුද්‍රණය කරන්න අවශ්‍ය බඩුමුට්ටු ටික ගන්න වැඩේ නිසා ඒ සියල්ල ගමයා භාරගත්තා කියමුකෝ. ගොඩයාගේ ගෙදර ගෘහමූලික තැන කාමරේ ජනේල ටිකේ ඇතුලෙන් පාප්ප උලලා කලු කොල අලවපු එකට වැඩි මනාපයක් නැති උනත් ගෙදර ඉදන් කරන වැඩකට නිසා වැඩි ඔබ්ජෙක්ශන් එකක් නෑ. ගෙදරින් එලියට ගිහින් පෙරලාගෙන එන බාල්දි එක්ක බැලුවාම ජනෙල් හතර මොනාද කියලා ඩඩාට හිතෙන්න ඇති.   නිදියහන් ගබඩාවේ අපූරුවට තියෙන බිත්ති හතරෙයි සිවිලිමෙයිත් කලු සායම් උලන්න ගමයා ලක ලැහැස්ති උනත් ගොඩයා එකෙන්ම වැඩේට ඔබ්ජෙක්ශන් එක දැම්මා ඉස්සෙල්ල ගේනවා කියපු ප්‍රින්ටින් බඩු ටික ගෙනෙන් රජෝ කියලා.  ගොඩයාගේ කාමරේ ගල්ගුහාවක් ගානට පත්කරලා ගමයා මාරු උනොත් ඉතින් ගොඩයාගේ පුරවැසි භාවය අහිමිවෙන්න ඉඩකඩ තියෙන නිසා ගමයා ගැන ගොඩයා සියයට සියයක් විශ්වාසය තිබ්බෙ නෑ... ගොඩයාට හිතුන යමක් කවදාවත් වැරදිලා නැති නිසා ඒකත් එහෙමම උනා කියමුකෝ. ගමයාගෙ චායාරූප බඩු ටිකට බාලගිරි දෝසය හැදුනා ආයෙ සුව නොවෙන්නම. කරපු ගොන්කමට එන්න සෙය්යදූ කියලා ගොඩයා කලුවරේ ජේවිතේට පුරුදු උනා. ආයෙ ඉතින් රැයක් දවාලක් නෑ ආයුබෝවන්ඩ ගොඩයා කලුවරේ. පාප්ප ගාලා අලවපු කොල ගලවන්න විදිහකුත් නෑ ගමයාගෙ චායාරූප සුද්ද කරන බඩු ටික හෙට ගේන නිසා. ඒ හෙට ඉතින් ආවෙම නෑ අද වෙනකනුත්.

ඔයි කාලේ ලයිට් කැපිල්ලකුත් තිබ්බ නිසා රෑට ලයිට් කැපුවාම හද එලියවත් ගොඩයාගෙ පිහිටට නෑ. කාමරේට කලුවරේ මනුස්ස පරානයක් ආවොත් කට ඇරලා දත් ටික පෙන්නනකල් මනුස්සයා ඉන්න තැන හොයාගන්න මලාට බෑ. ස්කුබීයි ශැගියි කලුවර කාමරේක හිරවුනාම ඇස් දෙක විතරක් පේන සීන් එක වගේ. දවල්ටත් ගල් ගුහාව වගේ වෙච්චි එකේ ලයිට් කපපු වෙලාවට ආයෙ ඉතින් විශ්වයේ ඉර එලිය නොවැටෙන කලු කුහරයක අතරමන් උනා හා සමානයි. ගමයා අද වෙනකනුත් අර කිව්ව බඩු ටික අරන් ආවෙ නෑ කියමුකෝ.

ඕන් ඔය වගේ ලයිට් කපන කාලයක තමා කලුවරේ තව කතාවක් දිග හැරෙන්නෙ. ඔය කියන දවසේ ගොඩයාගෙ ලොකු නංගි අසනීප වෙලා.. නංගි කාරයට හොදටෝම උනලු ඉතින්. ගොඩයාගේ මමී ඩඩාට කියනවා දුරකතනයෙන්, ගෙදර එනකොට සමහන් පැකට්ටුවක් අරගෙන එන්න කියලා. ගෙදර එකෙක් මලා කිව්වත් ගොඩයාගෙ ඩඩා එහෙම කලබල වෙන ජාතියේ ඩඩෙක් නෙවෙයි. ඩඩාට ගෙදරට ගේන්න කියන දේවල් ඩඩා ගේන්නේ වෙලදසැල ක්ලෝස් කරලා එනකොටම තමා. මොකද කියනවනම් ගෙදරින් ගේන්න කියන එකම බඩුවක්වත් ගොඩයාගෙ ඩඩාගෙ වෙලද ආයතනයේ නෑ. එව්ව ගන්න වෙනත් කඩයකට ගොඩවෙන්න ඕන නිසා ගොඩයාගෙ ඩඩා සියල්ලම ගන්නෙ ෆූඩ් සිටියෙ බොර්ඩ් එකේ ගහලා තියෙන ක්‍රමෙට. ඒ කිව්වෙ "ගෙදර යනගමන්". ඊට අමතරම ගොඩයාගෙ ඩඩාට ගෙදර අවශ්‍යතාවයන් වෙනුවෙන් එන දුරකතන ඇමතුම් ප්‍රමානයට ගෙදර එන්නයි කඩේ යනයි උනොත් අඩුම තරමේ සිය වතාවක්වත් දෙපැත්තට යන්න එන්න වෙන එක ශුවර්. මොකද කියනවනම් කඩේ යැවීම කලාවක්නම් ගොඩයාගේ බාල නංගි කාරයා ඒකෙ පිකාසෝ ලෙවල් එකත් පහුකරපු ඩයල් එකක් නිසා. ඒ වගේම දුරකතනය හරහා ඩඩාට ලැබෙන බඩු ඕඩර්වල නැති උනානම් නැති උනේ අහසේ තරුයි මුහුදේ මඩයි වගේ එව්වා විතරයි.

ඕන් ඩඩාට කිව්ව ආකාරයෙන් සමහන් පැකට්ටුවත් අරන් ඩඩා ගෙදර එනවා කියමුකෝ.. ඒ වෙලාවෙ ලයිට් නෑ. ගොඩයාගේ මෑනියන් සමහන් පැකට්ටුව ඩඩාගෙ උර මල්ලෙන් අරන් සමහන් හදලත් දීල ගොඩයාගෙ ලොකු නංගි කාරයත් අවුලක් නැතුව දොයි. පහුවදා උදෑසන තමයි මෙන්න මේ සංවාදය සිද්ද වෙන්නෙ.. මොකද කියනවනම් ගොඩයාගෙ ඩඩා වෙලද ආයතනය විවෘත කරන්න යන්න ගෙදරින් පිටත් වෙන්නෙ උදෑසන හතයි තිහට විතර. ඩඩා විශ්‍රාමික පුද්ගලයෙක් විදිහට ඔය කියන වෙලද ආයතනය පවත්වාගෙන යන්නේ කලයා මරාගැනීමේ අරමුනෙන් උනත් ඩඩා උදේ අරින වෙලාවයි රෑ වහන වෙලාවයි ආයේ දෙකක් නෑ අකුරට. එව්වා එහෙම් උනාට දවල් දවසේ ඩඩාගේ කඩේ වැඩි හරියක් වහලා කිව්වොත් තමා හරි.. උදේට කන්න කියලා ගෙදර ආවාම පැයක් හමාරක් පත්තර බලලා ආයෙම කඩේට ගිහින් පැයක් හමාරක් ඇරගෙන ඉදියි. ඊට පහු ආයෙම දවල්ට කන්න ගෙදර.. ඊට පහු එකට විතර ආයෙම ගිහින් හවස තුනට විතර ගෙදර අවිදින් නින්දක් හෙම දාලා ආයෙම යන්නේ පහට විතර කියහන්කො. එහෙව් බිස්නස් කිරිල්ලක් ගොඩයා උපන්තේකට දැකලා නැති උනාට ගොඩයාගේ මෑනියන් නම් කියන්නෙම ගෙදරින් මාරුවෙලා නිදහසේ පත්තරයක් බලලා බුලත්විටක් හපලා ඉන්න කරන උප්පරවැට්ටියක් කියලාමයි. මයි කාර් මයි පෙට්‍රෝල් වර්ගයේ , සිංහ ලග්නයේ පුද්ගලයා නිසා තුට්ටුවකටවත් වෙනත් අයට ඇහුම්කන්දීමක් නෑ. ගොඩයලා වගේ අනුන්ගේ කරදර මැද්දට බල්ටි ගහලා පනින පුරුද්දක් නෑ වගේම තමුන්ගේ හිතේ තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලවත් අනුන්ට දැනෙන්න අරින්නෙත් නෑ. ඕන් කතාව වටේ ගියා.. ඔන්න පහුවදා උදේ දෙබස මෙහෙමයි..

ඒයි.. ඔයා ඊයෙ රෑ ලොකු දූට සමහන් දුන්නෙ නැද්ද..

මං දුන්නනේ.. ඒක බීලා තමා ලොකු දූ නිදාගත්තේ..

වෙන්න බෑ.. මේ තාම සමහන් එක බෑග් එකේනේ..

එහෙනම් දෙකක් ගේන්න ඇති...

පිස්සු.. මං එකයි ගෙනාවෙ.. 

(දෙකක් ගේන්න ඇති කියලා කිව්වට ඒක ගොඩයාගේ අක්මාවට අනුව ලොජිකල් නෑ. ඩඩා දෙකක් ගේන්න කිව්වත් එකක් ගේන ජාතියේ ඉකොනොමිකල් පුද්ගලයෙක් නිසා. මොකද කියනවනම් දෙකක් ගෙනාවත් දෙකම පාවිච්චි නොකර ඊලඟ දවසෙත් ආයෙම කඩෙන් ඒ ජාතියෙම එකක් ගේන්න කියලා කෝල් එකක් එන වග ගොඩයාගේ ඩඩා හොදාකාරවම දන්න නිසා)

පිස්සු කියනවා මන් අලුත්ම පැකට් එක කඩලානේ ලොකු දූට සමහන් හදලා දුන්නෙ. ඉන්නකෝ මං පැකට් එක පෙන්නන්න..

ඕන් මෑනියන් කුස්සිය පැත්තට ගිහින් සමහන් පැකට්ටුවේ ඉතිරි කොටහ අරන් ඇවිත් ඩඩාට පෙන්නනවා කියමුකෝ...

ඔය කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම්කුඩු පැකට් එකනේ... 

බැලින්නම් ගොඩයාගේ මෑනියන් කලුවරේ නංගි කාරයාට පොවලා තියෙන්නෙ කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම් කුඩු පැකට් එක.


අවුලක් නෑ.. ලොකු නංගි කාරයා තාම ජීවතුන් අතර. අදටත් ඉහෙන් බහින රෝගයන් නෑ. ගොඩයාගෙ මස්සිනා කාරයාට ගොඩයාගෙ ලොකු නංගි මැරි කරපු එකේ අමතර වාසි එහෙම නැත්තේම නෑ.   ඔනෑම රෑක ඕනෑම මූකලානක වාහනේ පැච් එකක්වත් ගියොත් හරි එන්ජින් ට්‍රබල් එකක් ආවොත් හරි, යක්ස භූත පිසාච කුම්භාණ්ඩ ඇතුලු අමනුස්ස උපද්‍රව ගැන භයක් ගන්න හේතුවක් නෑ.  සියලු දෝශ නිවාරණය කරනවයි කියලා ඉර හද පල්ලා ටීවී එකේ , රේඩියෝ එකේ දිවුරලා විකුනන දුම්කුඩු ශරීරගත කරලා පත්තියන් කරලාම තියෙන නිසා අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාදි නිවාරනයි.. ශාන්තියි... අමනුෂ්‍ය දෝශ රහිතයි.

ඒ අස්සෙ ගොඩයාගේ පොඩි මස්සිනා ලයිට් කපපු දවසක කලුවරේ අල කරියක් උයන්න ගිහින්. අල හොද්ද හදන්න කලින් වයිපරේගෙන් අවවාද අනුශාසනා ලැබුනේ ලුනු කැට නොදා ලුනු වතුර විතරක් දාන්න කියලාලු.  ප්‍රොටොකෝල් එකේ ඉන් ඇඩ්වාන්ස්ම උපදෙස් ලැබිලා තියෙන ආකාරයට මචං කාරයා ලුනු වතුර දානවා දානවා දානවා දානවා හොද්ද ලුනු රහ වෙන්නෙම නෑලු. ගොඩයාගෙ ඔය කිව්ව මස්සිනාගේ බිරින්දෑ හෙවත් ගොඩයාගෙ බාල නංගි ගුරුවරියක්. ඔව් ඔව් අර කඩේ යැවීමේ කලාවේ පිකාසෝ කිව්වේ.. ආන් එයා තමා.. ඒ උන්දෑ හිතාන ඉන්නේ ගෙදර ඉන්න සාමාජික සාමාජිකාවන් ඔක්කොම ඉස්කෝලේ ලමයි වසයෙන් නිසා ස්වාමි පුරිසෝත්තමයා ඉදල  හිටලා හොද්දක් හැදි ගාන එකත්, ඩඩා ඉන්ටෝල් නැතුවම කඩේ යන එකත් ගැන  වැඩිය මුකුත් හිතන්නෙ දෙයක් නෑ.

 අපේ තඩියා හෙවත් චමිලයාගේ බිරින්දෑත් ගුරුවරියක්.  ඊයේ පෙරෙදාවක ඕන් අපේ තඩියා හෙවත් චමිලයා උදේ පාන්දරක ගොඩයාගෙ කාර් එක ඉල්ලගෙන යාලුවෙක් එක්ක කොහෙදෝ ගියා උගේ ගෙදර අලුත්ම අලුත් ටොයෝටා විට්ස් එකක් තියෙද්දිම. ගොඩයා එකත් එකටම හිතුවා මූ අද ඉස්කෝලෙන් පැනලා වෙන්න ඇති කියලා. ඒ උනාට ගොඩයා මුකුත්  කියන්න ගියේ නෑ. 2003 ඉදන් ටීචර් කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ ඉතින් ඉස්කෝලෙම ජීවත් වෙනවා වගේ නිසා වෙහෙසත් ඇති නෙව. හක් හක් හා....


ඕන් මස්සිනාගෙ හොදි කතාව වටේ ගියා. මස්සිනා පොඩ්ඩ හොද්දට ලුනු වතුර දානවා.. රහ බලනවා... රහ බලනවා ලුනු වතුර දානවා. හොද්දට ලුනු වැඩි වෙලා ටීචර්ගෙන් අම්බානෙකට කන්න උනොත් කියලා හද්ද කලුවරේම හැන්ද සාලෙට අරන් ගිහින් ටීචර්ටත් දෙනවලු ලුනු බලන්න. ම්හ්.. ටීචර්ගේ ලුනු ටෙස්ට් එකෙනුත් හොද්ද ෆේල්ලු. ඕන් මස්සිනා ආයෙම කලුවරේ ගිහින් ලුනු වතුර දානවලු. ආයෙම හැන්ද අරගෙන සාලෙට ඇවිත් ටීචර්ට ලුනු ටේස්ට් එක බලන්න කියනවලු.. ම්හ්.. ඒත් ෆේල්ලු.. දන්නවනේ ඉතින් ටීචර්ලා කේන්ති ගියොත්.. ඒ නිසා ඕන් ගොඩයාගෙ මස්සිනා කාරයා අවසාන වශයෙන් ලුනු බලන්න ලුනු වතුර සහිත ලුනු දාන වීදුරු බදුන ගේනවලු සාලෙට.. ඇයි යකෝ කොච්චර දැම්මත් ලුනු නැහයි කියන එකේ ලුනු වතුර එක ටීචර් ලවා පරීක්ශා කර ගැනීම නුවනට හුරු නිසා.. ආන් මොලේ තියෙන ස්වාමිපුරුෂයෝ... තව වතාවක්  හැන්ද අරන් ඇවිත් හොද්ද කටේ තියලා ලුනු පරීක්ශනය ෆේල් වීම තමුන්ගේ ශරීර සෞඛ්‍යයට අවදානම් නිසා පලමුව ලුනු භාජනයේ ලුනු සාන්ද්‍රනය පරීක්ශාකර ගැනීම උගත් බුද්ධිමත් ස්වාමිපුරුෂයකුගේ දුරදක්නා නුවන නෙවෙයිද හා... ටීචර්  ලුනු භාජනේට යාන්තම් ඇන්ගිල්ලක් දාලා දිවේ ගාලා බලනවලු ලුනු රහ.. ම්හ්.. ලුනු රහක් නෑලු.. ඕන් ඒ ගමන  ටීචර් ඇගිලි දෙකක්ම ලුනු භාජනේට යහමින් ඔබ්ලා කලතලා අරන් දිවේ ගාලා බලනවලු.. ම්හ්.. ඒ තරම් ලුනු රසක් දැනෙන්නෙම නෑලු. ඕන් ඊගාවට ටීචර්, තමුන්ගේ උකුලේ හිටපු කොලු පැටියව මෑනියන්ට දීලා, ඉටිපන්දම තියෙන තැනට යන්නෙ  යන්නේ ස්වාමි පුරිසෝත්තමයාට පින්දෙන ගමන්ලු.. ඇයි හත් ඉලව්වේ මේ යෝදයාට තමුන්ගේ උදව් නැතුව හොද්දකට ලුනු ටිකක් දාගන්න බැරි හැටි කියාගෙනලු..

(දැන් ඉතින් මේ පෝස්ට් එක කියවන උදවිය මේ පෝස්ට් එක කියවලා කන්න එහෙම හිතාන ඉන්නවනම්  මෙතැනින් එහාට  කියෙව්වෙ නැතුවට කමක් නෑ.. )

ඊගාවට ටීචර් ගින්දර විසිවෙවී කෙලින්ම කිචන් එකට ගිහින් හොද්ද සින්ක් එකට හලනවලු... ටීචර් කලුවරේම ගෙදර චන්ද හිමි නාමලේඛනයේ සියල්ලන්ගේම ගුන ගායනා කරනා අතරේ ස්වාමිපුරුසෝත්තමයාට බෝනස් ලකුනු කිහිපයක් දෙන්නත් අමතක කරන්නෙ නෑලු. ස්වාමිපුරිසෝත්තම තැන හීන් සීරුවේ එතැනින් මාරු වෙනවලු. අහල පහල ගැවසීම ඇගට ගුන නැති නිසා..

බැලින්න්ම ගොඩයාගේ බෑනනුවන් හෙවත් කඩේ යැවීමේ පිකාසෝ ටීචර් නංගිගේ ලොකු කොලුවා ආච්චිගේ දත් සැට් එක දාන වතුර භාජනේ දත් සැට් එකත් එක්කම කුස්සියේ උයන තැනින් ගෙනිහින් තියලලු.. මස්සිනා කාරයා කලුවරේ රහ බල බල ලුනු වතුරයි කියලා හොද්දට හලලා තියෙන්නෙ දත් සැට් එක දාපු භාජනේ වතුරලු.. අඹු සැමි දෙපොල විසින් මාරුවෙන් මාරුවට සමගියෙන් සාමයෙන් ඇගිලි ඔබ ඔබා රස සොයලා තියෙන්නෙ දත් සැට් එක දාලා තිබ්බ වතුර එකලු.. 

එක අතකින් ගොඩයා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා ගොඩයාගේ නංගි කාරයා හොද්දට ලුනු වතුරම විතරක් දාන්න කියලා ස්වාමිපුරුසෝත්තමයාට අණ කරපු එක ගැන. ඒ වගේම ගොඩයා මස්සිනා කාරයාටත් ස්තූතිවන්ත වෙනවා තමුන්ගේ වයිපරේ දෙන උපදේසයක් අකුරටම පිලිපැදීම සම්භන්ධව.  ඇයි හත් ඉලව්වෙ නංගි කාරයා ලුනු කැට දාපන් කියලා මේ යෝදයා අපේ මෑනියගේ දත් සැට් එක දෙකට තුනට කඩලා හොද්දට දැම්මන්ම් එහෙම කාට කියන්නද. ඒ වගේම ලැබිච්ව උපදෙස් වලින් පිට පැනලා ඔන්න ඔහේ ලුනු කැට ටිකක්ම දානවා කියලා දත් සැට් එක කුඩු කරලා හොද්දට දැම්මනම්.. ඒ දාලා මුන් කලුවරේම ඒ හොද්දත් ගිලලා දැම්මනම් පහුදා උදේට ශර්ලොක් හෝම්ස් ගෙන්නන්න වෙනවා යකඩෝ දත් සැට් එක අතුරුදහන් වීම ගැන පරීක්ශනයක් කරන්න.  ගොඩයාගේ මෑනියන් විශ්‍රාම වැටුපක් ගන්නවා උනාට දත් සැට් එකේ අවශේෂයන් දකිනාතුරු අලුත් දත් සැට් එකක් ගන්න ඩෙන්ටල් එකට යන්න ඩඩාව කැමති කරගන්න එක සෑහෙන අමාරු කාරියක්. කැඩිච්ච දේකට අලුත් එකක් අරන් දෙන්න ඉදිරිපත් උනාට අස්ථානගත වෙච්ච දෙයක් අලුත් එකකින් රිප්ලේස් කරන්න ගොඩයාගේ ඩඩා සෑහෙන්න කාලයක් ගන්නවා පුරුද්දක් විදිහටම. දත් සැට් එකක් වගේ දෙයක් වෙන කෙනෙක් දාගෙන යන්න ඇති කියලා නිගමනයකට එන්නත් බෑ නෙව. මොකෝ හොරු ගෙනිහින් කියලා කියන්නද? බෑනේ..

 ඒ වගේද අලුත් දත් සැට් එකක් ගන්න ගිය වෙලාවට දත් දොස්තර ඇහුවොත් පරන එකට මොකද උනේ කියලා?  හතර පෝයට සිල් ගන්න කෙනෙක් විදිහට මුසාවාද ඇදා බාන්නත් බෑ නෙව. කොහොම කටක් ඇරලා කියන්නද දූයි බෑනයි කරන්ට් ගිය වෙලේ මගේ දත් සැට් එක අල හොද්දට දාගෙන කාලා ඩොක්‍ටර් කියලා..






40 comments:

  1. මරු කතා.. හිනාවෙලාම මැරෙනවා ඉතින් දැන්...මේකනං පුතෝ මං ලොකු නංගී කාරයට පෙන්නනවෝ..එයා දැන් පදිංචි අපේ ගෙවල් අහල පහල හොදේ....

    ReplyDelete
    Replies
    1. දැන් නම් නෙතූ ඔයා කව්ද කියලා හොයන්න ෂර්ලොක් හෝම්ස් ගෙන්නන්නම වෙනවා..

      Delete
  2. අද තඩි අයියට නෝ චාන්ස්..මම එක...

    ReplyDelete
    Replies
    1. මේක ලින්කුව මට එවනකොට පාන්දර 5යි.ඒ වෙලාවට අපේ ගෙදර ඉස්කෝල යුද්දයක් නෙව.අනික එක වෙන්න බලන් හිටිය තරිදුව පහු බැහැල ඉන්න්කොට මට මොන තරගයක්ද කියල නිවාඩු පාඩුවේ මම කොමන්ට් එකක් කොටන්න යනකොට උදේ පාන්දරට වැඩක් නැති නෑම්බියෙක් කොමන්ට් එකක් දාල 😂😂😂 හෆොයී

      Delete
    2. ඔයාට එවනකොට උදේ 5.00 ද? හෆෝයි මට ලින්ක් එක ගොඩය උදේ 4.58 එවල නොවැ...මේකව තියන්න වටින්නෑ හැබෑට...අපේ තඩියට ඔහොම කරන්න හොදෑ මං හාන්නේ....

      Delete
    3. දැන් ඔය කියන්න හදන්නෙ මට කලින් ඔයා නැගිට්ට කියන එකනෙ.හාකො හාකො.කොච්චර හොදද ඒක.මං නොදන්නවැයි ගොඩයගෙ ලින්ක් එවිල්ල ගැන හෙහෙහේ...

      Delete
    4. අඩෝ ගොඩය බොලාලට ලිංකුත් එවනවද? හිටහං අද තමයි මේකට කොමෙන්ට් දාන අන්තිම දවස.

      Delete
    5. අෆොයි එහෙම කරන්න එපා අපේ ගොඩයට..ඔය තඩි අයියගේ බොරු..මොන ලින්ක්ද..

      Delete
    6. අනේ පොසන්නයො 😝 එහෙම කරොත් හොදම කොමන්ට් කරුව වෙන්න බැරිවෙයි හාද....

      Delete
    7. නෙතු ඔවා කවිද අනේ...අපි ඔයාට පොඩි චෑන්ස් එකක් දුන්න විතරයි එක වෙන්න...

      Delete
    8. අනෙක මෙි යකා ඉදලා ඉදලා ළඟ නවන කොට අපි මෙිවා වෙනවා...

      Delete
    9. චෑන්ස් එකට ස්තූතියි තරිඳු..හහ් හා..

      Delete
    10. බොලා මෙතන එක වෙන්න රණ්ඩු උනාට මං කාටවත් ලින්ක් එවලා නෑ කියලා මං සහසුද්දෙන්ම දන්නවනේ.. කෙසේ වෙතත් නෙතුට එක වෙන්න ලැබුන එකට සන්තෝසයි වගේ...

      Delete
  3. මළගෙවල් වල ගිහිල්ල උබ ඔය කළුවර කාඹරේ ගැන හෙන ලොකුවට කියවනව මට මතකයි."කීයට ගියත් මටනම් රෑම තමයි නිදාගන්න පුලුවන් හොදට" කියල.මට යාන්තමට මතකයි ගමය ඕකෙ පොටෝ ප්‍රින්ට් කරා නේද කොහොමහරි.
    දත්සෙට් එකේ කතාව කියවනකොට මටගෙත් මතකයට ආව සුපිරි කතාදක්....2000හෙ කුවෙට් එකේ ඉන්නකොට හිටිය වජිර අයිය කියල සුපිරිම ඩයල් එකක්.පොරටත් ටියෙන්නෙ බොරු ද සැට් එකක්.දත් මඩින ගමන් විසිල් ගහන පොරක් 😂 පොරත් රෑට දට් සැට් එක ඔබන වීදුරුවක් තිබුන ඒ වතුර එක බිව්ව එකෙක් කැත වැඩේ කියන්නෙ ඌ වතුර එක බොනකන් ඉදල ලග හිටපු පාප මිත්‍රයා අහනවලූ
    මචං වතුර එක කොහොමද?
    අවුලක් නෑ බං.හෙන තිබහෙන් හිටියෙ කියල
    මූ කිසිම හිරිකිතයක් නැතුව කියනවලූ
    "මචං උබ බිව්වෙ වජිර අයිය දත් සෙට් එක දාපු වතුර එක" කියල.හම්මෝ අරූ වමනෙ දානව ඒක මතක් කරන කරන හැම වෙලාවෙම 😂😂😂 වජිර අයියගෙ කටේ හැම නිතරම තිබුනු කතාවක් තමයි "පුතා මේ රට දාල මම යන්නෙ නෑ කවදහරි මම මැරෙන්නෙත් මේකෙම තමයි" කියල.කොහොම උනත් අවුරුදු 30කට වැඩි සේවා කාලයකින් පසුව හෝටලයෙන් අයින් වෙලා ලංකාවට යන්න ඉස්සරින්ද මිනිහගෙ අවසන් හුස්ම ටික කුවේට් අහසටම ගිහිල්ල තිබුන 😢😢😢 බොහෝ පිරිසකගේ ආදරය ලබපු මා ඇතුලු බොහෝ පිරිසකට උදව් කරපු වජිර අයියාට අමා මහ නිවන්සුව ලැබෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ගමයා ප්‍රින්ට් කරපු ෆොටෝවක් නැහැ බන්. අන්තිමී මට අවුරුදු ගානක් කළුවරේ ඉන්නවුනා විතරයි..

      වජිර අයියාට නිවන්සුව පතනවා ඉතින්..

      Delete
  4. 87 88 කාලේ ටාන්සෆෝමර් ගිනි තිබ්බාම මාසයක් විතර කලුවරේ ජරමරේ තමයි හිටියේ. සමහරුන්ට ගෑණි මිනිහා මාරුවෙලා තිබුනාලු. වෙලාසනින් ඇදට යන හින්දා දරු උපත් එහෙමත් වැඩිවුනාලු.

    හොද්ද හලනකොට හිතුවේ ඊටත් වඩා කක්කා සීන් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. 88/89 කාලේ ගැන නම් මතක බොහොමයි අසංග. දකුණේ අපි තමා 88/89 කාලේ වැඩිපුරම භයට පත්වෙලා හිටියේ..

      Delete
  5. පුදුමයි උඹේ හැටියට ජනෙල් දොරවල් වල කලු කඩදාසි අලෝගෙන උඹ ඕක අස්සෙ ගනිකා නිවාසයක් දාගෙන ඇතියි කියල ඩඩා හිතපු නැති එක.

    ReplyDelete
  6. ගොඩයා වෙලාවට ඒ දවස් වල කෑම ඉව්වේ නැත්තේ .

    ReplyDelete
    Replies
    1. ගොඩයාට ඒ වෙද්දී ඒ ගෙදර පුරවැසිභාවය අහිමිවෙලා..

      Delete
  7. ඒකට නම් හිනාවෙලා ඉල අැට ටිකත් රිදෙනවා.(ලඟ ලඟ කතා දෙකක් දැම්මෙ අපිව 'සප්‍රයිස්'කරන්නද,ඔහොම යමු මවෝ එල)

    ReplyDelete
    Replies
    1. ලියන්න හිතුනාම ඉතින් එහෙම තමා..

      Delete
  8. "බැලින්නම් ගොඩයාගේ මෑනියන් කලුවරේ නංගි කාරයාට පොවලා තියෙන්නෙ කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම් කුඩු පැකට් එක"
    හුටා..

    ReplyDelete
    Replies
    1. වෙලාවට දුම්කුඩු උනේ නේහ්..

      Delete
  9. ටීචර්ල ඔහොමමයි

    ReplyDelete
    Replies
    1. කවිදුගේ කවෘහරිත් ටීචර් කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද.

      Delete
  10. කරැවල හෙන බයානකයි නේ...මට බයාායි.....

    ReplyDelete
    Replies
    1. භය අරමුණට සාපේක්ෂයි බන්.. හිතපන් උඹ සෑහෙන ආස කරන ගමනක් යනවා කියලා කට්ට කරුවල දවසක.. ගමනේ තියෙන ආසාවේ තරමට දැනෙන භය ප්‍රමාණය අඩු වෙනවා..

      Delete
  11. ගොඩයො, අර ලියාගෙන ගිය විසල් ගෙ පෙම් කතාවට මොකද වුනේ ?

    ReplyDelete
    Replies
    1. හැබෑටම ගොඩයියේ විසල් ට මොකෝ උනේ..ඔව්ව ඉතින් සෑහෙන කාලයක් හිතන්න ඕන දේවල් නේ..නේහ්.. තාම ඒ දෙන්න හිත හිත ඇති.. මෙගා ටෙලියක් වගේ...

      Delete
    2. තාම ඒ දෙන්න හමුවෙන්න විදිහක් ප්ලෑන් කරනවා.. එව්වට ඉතින් කල් යනවනේ..

      Delete
    3. නෙතූ...ගොඩයාගේ රසිකයන් උසිගැන්වීමේ කොන්ත්‍රාත් එකක් භාර ගත්ත්වත්ද ?

      Delete
  12. මරු කතා ටික... අර කළුවර කාමරේ තාම එහෙමද...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඊට අවුරුදු කීපයකට පස්සේ අපේ ඩඩා වරු ගානක් මහන්සි වෙලා එව්වා ගලවල දැම්ම.. හෝර්ස් එකෙන් වතුර අල්ලලා වරු ගානක් පොඟවලා තමා ගැලෙව්වේ.. දැන් ඒ කාමරේ ස්ථිර පදිංචියෙ ඉන්නේ ගොඩයාගේ අම්මයි තාත්තයි.. දැන් ඒ ගෙදර චන්ද හිමි නාමලේඛනයේ ගොඩයාගේ නම නෑ..

      Delete
  13. ස්තුතියි ඉයන්.

    ReplyDelete
  14. අදයි බං අයියෙ මේකට ගොඩ උනේ , උදේ ඉඳන්ම ⁣බ්ලොග්.එක.කියවනෝ..������ අපේ උන් අහනව උඹ ගුලි කාලද කියල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවාට. අපේ සිරා ගුලි කාපු කතාවකුත් ඇති කැටවල සිරා කියලා. ආං ඒකත් කියවහන්.

      Delete