Sunday, December 20, 2015

නමක් නැති කතාවක් 7




පලවෙනි කොටස මෙතනින් 

හයවෙනි කොටස මෙතනින් 

සුභාෂ්....... හූ ....මෙන්න සුභාෂ්ගේ කෑල්ල යනවෝ...

සුභාෂ්... සුභාෂ්...

ඖෂදී..... සුභාෂ් ඔයාට ලව්ලු....

හා හා සුභාෂ්.... හා ...හා   සුභාෂ්.....

ඖෂදී ඔයා මගේ පන ඩාලින් ...

ඖෂදී සුභාෂ්ට ඔයාව බඳින්න ඕනෙලු.. 

අනේ මගේ ඖෂදී මං ඔයාට ආදරෙයි සුදෝ ..

විවේක කාලයේදී සුභාෂ්ගේ පන්ති සගයින් ඉන්න ආසන්නයෙන් ගිය ඖෂදීට පන්තියේ කාලකන්නි රංචුව විහිළු කරනවා සුභාෂ් බලන් හිටියේ හරිම අසරණ බැල්මකින්. පුළුවන් උපරිම වේගයෙන් මිතුරියවත් අතින් ඇදගෙන ඖෂදී එතනින් ඉවතට දිව්වත් කොල්ලන් කියපු දේවල් ඖෂදීට ඇහුන බව සුභාෂ් දැනගෙන උන්න. එත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

අවුරුද්දකට ආසන්න කාලයක් උත්තරයක් නැතුව දවසින් දවස කල් යන ඖෂදී සම්භන්ධ ප්‍රශ්නය නිසා සුභාෂ් මානසිකව වෙහෙසට පත්වෙලා ඉන්න බව සුභාෂ්ට නොදැනුනා නෙවෙයි. ළඟ ළඟ එන සාමාන්‍ය පෙළ විභාගය මතක් වෙන වෙලාවට පොතක් පාඩම් කරන්න හිතුවත් පොත කියවීම ඇරුනාම විෂය කරුණු රැඳෙන්න තරම් ඉඩක් සුභාෂ්ගේ ඔලුව ඇතුලේ තිබුනේ නැහැ. ඖෂදී පිලිබඳ මතක ඇරුනාම ඒ වෙද්දී සුභාෂ් කිසිම දෙයක් ගැන හිතුවෙම නැති තරම්. 

මොකෝ උඹ ගල් ගැහිලා 

සුභාෂ් පියවි ලෝකෙට ආවේ තුසිත සුභාශ්ව අමතන හඬින් 

වැඩක් නෑ බන් කථා කරලා.. පුදුම කලකිරීමක් බන් මුන් ගැන තියෙන්නේ 

යකෝ.. ඕක දැන් ඇදුන  ඇති .. මුන්ටත් කෙලින්ම දෙකක් අමතල ඖෂදී හම්බෙලා ඕක විසඳගනින් 

ඉන්ද්‍රජිත් කියනවනේ හම්බෙන්න කරදර කරන්න එපා කියල.. ඖෂදීට ලෙඩක් වැටුනොත් වැඩේ කණපිට ගැහෙනව කියල 

කණපිට ගැහෙන්න හරි නොගහෙන්න හරි වැඩේ දෙකෙන් එකක් බේරගන්න කාලේ හරි මස්සිනා .. මේ යන විදිහට මේ කාලකන්නි ඒකිට උඹේ නම කියල කෑගහන්න කෑගහන්න ඕක යන්නේ කණපිට තමයි බූරුවෝ ..

ඒක තමයි බන් මමත් මේ කල්පනා කරේ මොකක් කරන්නද කියල .. මේ කාලකන්නි කිව්වට අහන එකක්යැ  බන් ..

කියන්න ඕන යමක් තේරුම්ගන්න මොලයක් තියන උන්ට බන්.. මුන්ගෙ ඔලු ඇතුලේ මොලේ නැහැ යකෝ.. ඒ හින්ද මීට වඩා වැඩි සාධාරණයක් බලන් ඉන්න එපා..

උඹ කියන්නේ දැන් මට මොකක් කරන්න කියලද ..

මට උඹට කරන්න ඕන මොකක්ද කියල කියන්න තරම් දැනීමක් නැහැ උඹේ මගුල ගැන.. ඒත් කරන දෙයක් ඉක්මනින් කරපන් කියලයි කියන්න තියෙන්නේ ..

බලමු බන් ...

විවේකය අවසන් වූ හෙයින් එම සංවාදය එතකින් නිමා වුවත් පවතිනා තත්වය නිමාකරන්නට කාලය එළඹ ඇති බව සුභාෂ්ගේ හිතටත් දැනෙමින් තිබුන. දවසින් දවස අඩපන වෙන අද්‍යාපන කටයුතුත්, මගහැරෙන අද්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන දඬුවමුත්, හමුවෙන හැම වෙලාවකට ඇස්දෙක දිහා බලන් ඉන්න ඖෂදීත්, දීපු ලිපියට පිළිතුරු එනකම් ඖෂදී සමග කතා කරන්න එපා කියල තරයේ  අවවාදය දෙන ඉන්ද්‍රජිතුත් සුභාශ්ව පත්කළේ පැටලුන නූල් බෝලයක් හා සමාන තත්වයකට. පාසලේ ගතවෙන කාලය ඇතුලේ සුභාෂ් පියවි ලෝකයේ ජීවත් උනානම් ඒ විවේක කාලයේදී විතරමයි. ඒ ඖෂදී දැකගන්න , ඒ ඇස්දෙක දිහා බලන්න ලැබෙන එකම අවස්තාව විවේක කාලය පමණක් වෙන නිසා. 

කාලය කෙමෙන් කෙමෙන් ගතවීගෙන ගිහින් දින වකවානු ලං උනේ ඖෂදී සහභාගී වෙන සංගීත ප්‍රසංගය තිබෙන දවසට .

අද නේද උඹලගේ ෂෝ එක මචං ..

ඔව් බන් අද හවස තියෙන්නේ..උඹ එනවනේ බලන්න.. ඖෂදී සින්දු කියනවා බලන්න උඹ නෑවිත් ඉඳියිද  නේහ් ...

අනිවාර්යෙන් එනවා මචන්.. මම ෂෝ එක පටන් ගන්න කලින් ඖෂදීට කතා කරලා විශ් කරනව අද..

අනේ මේ .. උඹ පිස්සු කෙලින්න නම් ලැස්ති වෙන්න එපා හොඳේ.. 

ඇයි උඹ එහෙම කියන්නේ..

යකෝ.. මේ කලබල වෙලාවේ උඹ ගිහින් ඒකි වටේ කැරකිලා උඹේ පන්තියේ කාලකන්නි මෙතනත් ඒකට උඹේ නම කිය කියා කෑගහන්න ගත්තොත් ඒක ඖෂදීට හොඳ නැහැ.. ඒ හින්ද ෂෝ එක බලන්න එනවනම් ඇවිත් පාඩුවේ බලපන්..

මචන් ඉන්ද්‍රජිත්.. මේ වැඩේ දවසින් දවස කල් යනවනේ බන්.. මේක දැන් දෙකෙන් එකක් වෙන්න ඕන මචන්.. මට මේක මහා මානසික වදයක් බන්..

හරි මට තව සතියක් දියන් .. සතියක් ඇතුලත මම වැඩේ බේරලා දෙන්නම්කො ..

ශුවර්මද... නැත්තම් අද මම මේක දෙකෙන් එකක් කතා කරලා බේරගන්නද ..

උඹට ඕනෙනම් එහම කරලා නාගනින්.. හැබැයි ආයෙනම් මට නාහෙන් අඬන්න එපා හොඳේ..

හරි එහෙනම් මම තව සතියක් ඉන්නම්.. 

අන්න එහෙම ඉවසන්න පුරුදු වෙයන්.. මට සලකපන් ඉතින් වැඩේ කෙරුනාම..

ඇයි දැන් උඹට සලකනවා මදිද..

හරි එව වැඩක් නෑ .. මම යනව .. හවස වරෙන් ටවුන් හෝල් එක පැත්තෙ .. උඹේ කාලකන්නි යාළුවො නම් එක්ක එන්න එපා හොඳේ..

මම උන්ට ඉන්විටේෂන් දුන්නේ නැහැනේ බන්.. ආවොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ..

හරි බලමුකෝ.. පුළුවන් තරම් උන් කට් කරලා වරෙන්..

සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය එසේ අවසන් වුයෙන් සුභාෂ් නිවාස බලා බයිසිකලය පැද ගියේ සවස තිබෙන සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා නගර ශාලාව වෙත පැමිණීමේ බලාපොරොත්තුවෙන්. වැඩියම හවස් වෙන්න කලින් ලස්සන ඇඳුමකුත් ඇඳගෙන සුභාෂ් ලෑස්ති උනේ ප්‍රසංගය බලන්න යන්න.

කොහේ යන්නද අද මේ ලස්සනට ඇඳගෙන..

අද ටවුන් හෝල් එකේ ෂෝ එකක් තියනනවා අම්මේ.. ඒක බලන්න යන්න..

දැන් මොකක්ද ඔකේ තියන විශේෂත්වය ..

එහෙම විශේෂයක් නැහැ අම්මේ.. ඉස්කෝලේ ළමයි කරන එකක්.. ඇයි අම්ම එහෙම අහන්නේ..

නෑ  මේ  විශේෂයෙන් ඇඳපැළඳගෙන යන නිසා මම හිතුවේ මොකක් හරි විශේෂයක් ඇති කියල ..

අම්මට පිස්සු..

ඔව් මට තමයි පිස්සු.. විභාගෙට තව තියෙන්නේ දවස් කීයද.. ඕවම කර කර ඉන්නකෝ..

අම්ම කියපු දේට උත්තර නොදී සුභාෂ් එලියට බැස්සේ එතනින් එහාට තර්කය දිනන්න සුභාෂ්ට බැරි බව දන්න නිසා. පන්ති සගයින් සහ දන්නා කියන මිත්‍රයන් හමුනොවෙන පාරවල් වලින් බයිසිකලය පැදගෙන සුභාෂ් නගර ශාලාව ලඟට එද්දී නගර ශාලාව සෙනග පිරිච්ච තැනක්  බවට පත්වෙලා තිබුන. සෙනග අතරින් හෙමි හෙමිහිට ඇදිල ඉදිරියට ගිය සුභාෂ් කාටවත් වැඩිපුර ඇහැ නොගටෙන්න වග බලාගෙන සංගීත ප්‍රසංගය නරඹන්න ලැස්ති උනා. ඒ එක්කම උත්සවාකාරයෙන් සංගීත ප්‍රසංගය ආරම්භ වෙනවත් එක්කම සුභාෂ්ගේ පිටට කව්දෝ තට්ටු කරනවා දැනිල සුභාෂ් පසුපස බැලුව.

ඔයාද සුභාෂ් කියන්නේ මචන්..

ඔව්.. ඇයි ..

පොඩ්ඩක් එලියට යමුද.. මගේ යාලුවෙකුට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනෙලු..

මොකක් ගැනද..

ඔයා යමුකෝ එලියට.. ඔයාට වැදගත් පණිවිඩයක්..

සුභාෂ්ට පණිවිඩය අරන් ආපු කොල්ලත් එක්කම අමාරුවෙන් සෙනග අතරින් ඇදිල සුභාෂ් එලියට ආවේ මේ කියන්න යන්නේ කුමන ආකාරයක පණිවිඩයක්ද කියන ප්‍රශ්නාර්ථය ඔලුවේ පුරවාගෙන. සැන්දෑ කළුවරත් එක්කම අඳුරු වෙමින් පැවතුන පරිසරය වැස්සක් එන පෙරනිමිත්තක් පෙන්නුම් කරගෙන බලන් හිටිය. ප්‍රසංගය පටන්ගත් නිසාවෙන් නගර ශාලාව පිටත පැවතියේ ජන ශූන්‍ය තත්වයක්. තැන තැන නවත්වල තියන වාහනත් බයිසිකලුත් ඇරුනාම එලි පහලියේ කව්රුත්ම හිටියේ නැහැ.

කව්ද බන් මට දැන් එන්න කිව්වේ.. කෝ කව්රුත් නැහැනේ ..

හිටහන් ඩෝ  ඉවසල.. ඒයි ... මෙන්න මම මෑන්ස් අරන් ආව එලියට.. 

සුභාශ්ව නගර ශාලාවෙන් ඉවතට  කැඳවා ආ පුද්ගලයා ඈත සිටි පිරිසක් අමතමින් එසේ කියනු ඇසීමෙන් සුභාෂ්ට වැටහුනා මේ වෙන්න යන්නේ හොඳ දෙයක් නොවෙන බව.

මෙහෙට එක්ක වරෙන්..

මචන්.. අපි යමු අරුන් ඉන්න තැනට.. මගේ යාළුවා ඉන්නේ එතන.. එසේ කියමින් සුභාෂ්ගේ අතින් අල්ලාගත් නාදුනන පුද්ගලයා සුභාශ්ව රැගෙන ගියේ නගර ශාලාව ඉදිරියේ තිබෙන මහජන පුස්තකාලය ඉදිරියට.. එහි රැඳී සිටි පිරිසෙන් කිහිප දෙනෙක් පාසලේ පැසිපන්දු ක්‍රීඩකයින් බව හඳුනාගැනීමට සුභාෂ්ට ඒ තරම් අපහසුවක් වුයේ නැහැ. 

ඔයාද සුභාෂ් කියන්නේ .. පිරිස අතර සිටි කළු උස කොණ්ඩය කුරු පුද්ගලයෙක් සුභාෂ් වෙත ලං උනේ එසේ අසමින්..

ඔව්... ඇයි ..

ඔයා ඖෂදීට කරදර කරනවා කියල ආරංචි උනා.. ආයේ ඒව බෑ හරිද..

මම ඖෂදීට කරදර කරේ නැහැ කවදාවත්.. 

හරි ඒවායින් වැඩක් නෑ .. උඹ  ඖෂදී ගැන අදහසක් තියනවනම් එක මේ දැන් ඉඳන් අතෑරපන්  හරිද..

ඇයි ඔයා එහෙම කියන්නේ..

ඇයි ?  මම ඒක දැන් උඹට කියන්නම ඕනෙද..

අනිවාර්යෙන් කියන්න ඕන.. මොකද මම දන්නවා ඖෂදීට අයියල නැහැ කියල.. ඒ හින්ද ඔයා ඖෂදීගේ අයිය නෙවෙයිනේ..

මොකක්ද යකෝ තෝ කිව්වේ.. එසේ කියමින් ඔහු සුභාෂ්ගේ කමීස කොලරයෙන් අල්ලාගන්නවාත් සමගම අනෙකුත් තරුණ පිරිස සුභාෂ් වටේට වටවුනේ ක්ෂණිකයෙන්..

මොකද මචන් මූ කියන්නේ.. 

මූගේ කට ටිකක් වැඩියි වගේ .. 

බොට දැන් කිව්වනේ ඖෂදී  ගැන අදහසක් තියනවනම් අතෑරපන් කියල.. උඹට සිංහල තේරෙන්නේ නෑ වගේ නේද.. මේ තමයි ඖෂදීගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. උඹ ඕකට දඟලල වැඩක් නැති නිසයි අපි මේක උඹට  කියන්න කියල හිතුවේ.. උඹට සිංහලෙන් කියල තේරෙන්නේ නැත්තම් අපි බොට දෙමලෙන් කියල දෙන්නද..

දැන් ඖෂදී ගැන මම අදහසක් තියන් ඉන්නවනම් උඹල මට මොනවා කරන්නද..

කරන දේ හිටහන්  කරලම පෙන්නන්න පරයො .. ගහපියවූ මුට මැරෙන්නම ..

එසේ කියමින් පළමුව කතාවට පැමිණි පැසිපන්දු ක්‍රීඩකයා සුභාෂ්ගේ මුහුණට එල්ල කල පහරෙන් මුහුණ ඉවතට ගත සුභාෂ් එයින් බේරුනේ දශමයෙන්. දහයක් පමණ පිරිසක් සමග ගහගෙන දිනීමට තරම් ශක්තියක් සුභාෂ්ට නොමැති උනත් නිවටයකු සේ එතනින් පලායාමට සුභාෂ්ට උවමනා වුයේ නැහැ.

වටෙන්ම වදිනා ගුටි ප්‍රහාරයට අමතරව ලීයකින් වැනි තද දෙයකින් හිසට වැදුනා වූ තදබල පහරක් නිසා නළල අතගා බලු සුභාෂ් දැක්කේ මූන දිගේ බේරෙන රතුම රතු ලේ ගංගාවක්.. එතනින් එහා සුභාෂ්ට මතක තිබුනේ අවට පරිසරය අඳුරු වෙනවා කියල විතරයි.. 



කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා




අටවෙනි කොටස මෙතනින් 

35 comments:

  1. කොටස් ඔක්කොම ටික කියවලා කොමෙන්ට් එකක් දාන්නම්....
    සුබ නත්තලක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්... ඔයාටත් සුභ නත්තලක් වේවා...

      Delete
  2. අර කතාවක් තියෙනවානේ නාට්‍යක් ඉවරවෙන්නේ ප්‍රේමවන්තයින් හමුවීමෙන් කියලා.හැමෝටම විදින්න වෙන විරහ වේදනාව සුභාෂ්ටත් පොදුයි වගේ. බලමුකෝ ඊලග කොටහින් එහෙම වෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. බලමුකෝ සුභාෂ්ට මොකද වෙන්නේ කියල..

      Delete
  3. උඹ සෑහෙන දවසකට පස්සේ කතාවේ තව කොටසක් දාලා තියෙන්නේ.කතාවේ තව කොටස් කිහිපයක්ම තියේවි වගේ...

    ReplyDelete
    Replies
    1. තව කොටස් කීපයක් තියේවි බොහෝදුරට මනෝ.. ලියන්න සිදුවීම් හුඟක් මතකයට ආපු නිසා සුභාශ්ව ටික දවසකට නිවාඩු යවල තිබ්බේ ..

      Delete
  4. අපොයි හැමෝම කතා ලියනවා.මේවා කියවන අහිංසක අපිට තමා වැරදෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වරද්දගන්න එපා වැසි දැරිය.. අහිංසක අයට වරදිනවා අඩුයි..

      Delete
  5. මේ කොටහ දාන්න මෙච්චර කාලයක් ගියානං මේ ලව් එක තව කොච්චර කාලයක් ඇදෙයිද දන්නෑ. හැක්.. (මම ෆේක් හැක්.)

    බලමු බලමු යන විදියට මොකෑ වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර් ඉස්කෝලේ නිවාඩු නිසා සුභාෂ් නිවාඩුයි බන්.. හැක් ..හැක් ..

      Delete
  6. ලවු කරන්න වෙන්නේ නෑ ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම.....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ බන්.. ඉස්කෝලේ යන්නේ ලව් කරන්න නෙවෙයිනේ.. හැක් //

      Delete
  7. මටත් ඒ කාලේ අයියල පේන්න බෑ.....

    බලමු ඉස්සරහට මක්ක වෙයිද කියලා....


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අයිලට දෙන්න ඕක තනි කරලා බන්.. අපි දුන්න හිටපු හැම අයියලටම ..

      Delete
  8. මාසෙට එකක් දාල නං මදි.

    ReplyDelete
    Replies
    1. මදි මදි හොදටෝම මදි .. මේ මාසේ තව එකක් දාන්නම්කො..

      Delete
  9. කතාව නං මරු.කොල්ලගෙ ඔලුව පැලුව එක නං හරි නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල ඉතින් ගහනකොට ආදරෙන් ගහන්නේ නැහැ හැලප අයියේ.. ඒ හින්ද වලියක් කියන්නේ මූණු වෙස්මූණු වෙලා ඔලු පැලෙන කේස් එකක්..

      Delete
  10. කතාව සුපිරියට ගලාගෙන යනවා මචෝ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු..

      Delete
  11. ඔයවගේ වලියක් සෙට් වෙච්චි වෙලාවක කැත්තට පොල්ල වෙන් තියරිය හොද නෑ කියල මේ සුභාෂ් දැනගෙන ඉදල නෑනෙ, ආං ඒකට අපි ෂෙප් වෙලා උගෙන්ම කාල උගෙම කරේ යනව.

    ReplyDelete
    Replies
    1. ඒ විදිහත් හොඳයි තමයි.. එත් චන්ඩි පාර්ට් ඉස්සරහ දෙකට නැවුනොත් හැමදාමත් දෙකට නැවෙන්න වෙනවා කම්මලේ.. හත් අට දෙනෙක් එකෙකුට වටකරන් ගහන එක මහා ලොකු චන්ඩිකමක් නෙවෙයිනේ..

      Delete
  12. මමනං කියනවා ‘හරි! මම ඒ ගැන අදහස අතහරින්නං. මට වෙන මොකක් හරි සෙට් කරලා දීපල්ලා ඔච්චර වැඩ්ඩොනං‘ කියලා.

    ReplyDelete
    Replies
    1. ඈ බං මධුවෝ... ලව් කරනවා කියන්නේ එහෙම හුවමාරුවට කරන්න පුළුවන් දෙයක්ද හැබෑටම ...

      Delete
  13. මචෝ.. මුල ඉඪ්හන් එන්න වෙනව..

    ReplyDelete
    Replies
    1. නත්ටලට කියවන්ඩ ඕන ඔක්කොම

      Delete
    2. බොලාට දවස් බර ගානක නිවාඩුවක් සෙට් වෙලා නේද නත්තලට.. සැප දරුවෝ..

      Delete
  14. Replies
    1. සිංහල නැතුව හරි කමක් නැහැ මේ පැත්තේ ඇවිත් යන්න එන්න මචන්.. උඹේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා..

      Delete
  15. ෆලෝ ගජෙට්ටුවට නම් දා ගත්තා කොටස් හතක්ම තියන නිසා හෙමිහිට ඇවිත් කියවන්නම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාව බ්ලොග් රෝල්ට එල්ලගත්ත්ට.. කියවගෙන එන්නකෝ..

      Delete
  16. AIYE APE BIG MATCH EKE UNU ATHAL KATHA EHEMA NETHDA? LIYANNA

    ReplyDelete
    Replies
    1. අම්මෝ තියෙනවා බන්... ඉදිරියේදී ලියන්නම්කො..ඉස්සරණේ බන් බිග් මැච් සැණකෙළි තිබ්බේ.. දැන් එව්වයින් අරික්කාලක්වත් නැති තරම්.. ඉස්සර බිග්මැච් කියන්නේ ආතල් කෝටියයි.. ළඟදීම ලියන්නම්කො රස සීන් එකක්..

      Delete
  17. මගේ ගමට කිට්ටු පාසලක් නිසා ගමේ බොහෝ දෙනෙක් ගියේ ධර්මාශෝකෙට. විශේෂයෙන්ම මගේ මිතුරු සම්පත්, ජනුෂ එයාගේ වයිෆ් නිලන්ති, මගේ හොඳම මිතුරිය ලාලනී. ඒ නිසා මට ඒ පාසලේ වෙන බොහෝ දේ ආරංචි වෙනවා. ධර්මාශෝකේ හරි ලවු ඉස්කෝලයක් තමයි. ඔය මං කියපු කට්ටිය සේරෝම පාසල් කාලේ ලවු කරා.
    මට තේරෙන විදියට බාස්කට් බෝල් කාරයා තව ට්‍රයි කරන පොරක් විතරයි. ඉන්ද්‍රජිත් එකාව හොඳට දනනවා. මේ කතාව ඇත්ත වුණත් මට දිනුම ලැබෙන්නේ නෑ, මොකද අටවෙනි කොටසත් දාලා නිසා. තව මොහොතකින් එකත් බලනවා. හොඳ වෙලාවට මම පරක්කු වුණේ.

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජිත් ගැන නවවෙනි කොටසින් ලියන්න හිතන් ඉන්නේ සුදීක.. දිගටම මේක කියවන ඇවිත් දිරිය දෙනවට ස්තුතියි..

      Delete