Saturday, July 2, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..3




ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..1

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..2



$&%^#*&#& *#&$^#&#^

මා දිහා යක්ස බැල්මක් හෙලමින් ඉලංගෝ නොනවත්වා දෙමලෙන් කියවනවාය.. මට මෙලෝ මලහත්ඉලව්වක් තේරෙන්නේ නැති වග ඉලංගෝ දැනගෙන ඉන්නට විදිහක් නොමැතිය..

මා සිතා උන් පමණින් ඉලංගෝ මහතා තරුණයෙක් නොවේය.. කම්මුලේ පැත්තක උපන්  ලපයක්ද සහිත ඉලන්ගෝ මහතා තරුණ වයස ඉක්මවා අවුරුදු හතළිහක් පනහක් වන හෙවත් සම්පූර්ණ වයස හැත්තෑව පසුකර ඉන්නා පුද්ගලයකු වග මාගේ අදහසයි.. උපැස් යුවල පැළඳි නළලේ හරහට ඉලූ, හුණු පාරවල් කිහිපයකි.  තිබෙනා කොන්ඩ ගස් කිහිපයෙන් තට්ටය වසාගන්නට අසීරු උත්සාහයක් දරා ඇති සෙයකි. විද්‍යාමාන වන වයස හැත්තෑව ප්ලස් වුවත් පෘෂ්ටිමත් ශරීරය පවසන්නේ තුන්වේල අඩුවක් පාඩුවක් නොමැතිව කොටාබාන සෙයියාවකි. ඇඳ සිටිනා දුඹුරු පාට දිග කලිසමත්, ක්‍රීම් පාට කමීසයත් ඉස්සරහින් "හම්පඩ" යන විශේෂණය යෙදිය යුතුමය. 

ඉලංගෝ මහතා මාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දෙතුන් වරක් ස්කෑන් කරනා අල්ලපනල්ලේ මමද ඉලංගෝ මහතාගේ පාදාන්තයේ සිට තට්ටාන්තය දක්වා දහ පහළොස් වතාවක් ස්කෑන් කරගැනීමට සමත් වනවාය. විසිතිස් වාරයක් සීනුව නාදකර එලිපහලියට වැඩමවු ඉලංගෝ මහතා දුටු සන්තොසය මාගේ ලේ නහර පුරා වින්දනය ලබාදෙන අතරතුරේ හදිසියෙන් දුටු දෙයින් මාගේ ගියර් පෙට්ටිය මොලයෙන් විධානයක් නොලබාම රිවස් ගියරයට දැම්මේ මිනිස් ශරීරයට උපතින්ම හිමිවෙනා අනතුරකදී ක්‍රියාත්මක වීමේ ඔප්ෂනය භාවිතා කරමින්ය..

ඉලංගෝ මහතා කියවනා දමිල මෙලෝ මල දානයක් මට තේරෙන්නේ නැතිය.. එහෙත් අතේ තිබෙන්නේ ඉලපතක්ය.. ඇඳුම් බෑගය පසුව ගැනීමේ කොන්දේසිය මත හෝ එතනින් පාරට පැන දිවීමෙන් ඉලපත් පාරෙන් බේරෙන්නට හැකිවග දැනෙනවාය.. එහෙත් දමිලෙන් අම්ම මෝ නැතුව මොනාදෝ කියවනා විනා ඉලපත උස්සා පහර දීමේ අංශයක් දක්නට නොලැබුණු බැවින් නැවතත් ගියරය නියුටල් ස්ථානයට ගෙන ආවේ ඉලපත් පහර කාගෙන හෝ ආ කාරණය ඉෂ්ඨ සිද්ද කරගතයුතු නිසාවෙනි..

ප්ලීස් ඩොක්ටර්... අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් ටැමිල්...

@%#$%^$%%#  %#@##^$&%&

ප්ලීස් ඩොක්ටර් ලිස්න් ටු මී ...අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ් ටැමිල්...

වට්...

යේස් ඩොක්ටර්.. අයි ඇම් කමින් ෆ්‍රොම් ශ්‍රී ලංකා..

ගෝ... ගෝ ඇන්ඩ් ෆයින්ඩ් අනදර්ර්ර්ර් ප්ලේස්.. වී ඩෝන්ට් රෙන්ට් රූම්ස්.. 

ප්ලීස් ඩොක්ටර්.. අයි ඩෝන්ට් නීඩ් අ රූම්.. අයි ජස්ට් වෝන්ට් ටු කලෙක්ට් මයි ට්‍රෙන් ටිකට්..

වට් නොන්සන්ස් මිස්ටර්ර්ර්ර්.. ඉස් දිස් ප්ලේස් ලුක් ලයික් ට්‍රේන් ස්ටේෂන්... බ්ලඩී ෆූල්.. ෆයින්ඩ් ද ට්‍රේන් ස්ටේෂන්...ගෝ ඇන්ඩ් ගෙට් යුවර්ර්ර්ර් ට්‍රේන් ටිකට්... දිස් ඉස් අ හෝම් මෑන්... හවුස් ... හවුස්... ඩු යු නෝ වට් ඉස් ද මීනිං ඔෆ් හවුස්..

ඉලංගෝ කාරයා හෙවත් මේ වල් නාකියා හිතන්නේ මා හවුස් යන්නෙහි තේරුම නොදන්නා මී ගොනෙකු කියාය.. 

කෙල පැමිණි ඉංග්‍රීසි වැඩ්ඩේක් නොවුනත් හෝඩියේ සිට උසස්පෙළ දක්වා ඉංග්‍රීසි ඉගැන්වූ සියලුම ගුරුවරුන්ට පින් සිදුවන්නට හිතේ තිබෙනා දේ ජ්‍යාත්‍යන්තර භාෂාවට පෙරලා ප්‍රකාශ කරගන්නට තිබෙනා දැනීම නාකියා සමග කෝච්චි ටිකට්ටුවේ පලහිලව්ව විසඳාගන්නට හොඳින්ම ප්‍රමාණවත්ය.. 

හෝඩියේ සිට සාපෙළ දක්වා ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරුන්ගෙන් "කරුණාතිලක සර්ගේ" ඉංග්‍රීසි පංතිය සුවිශේෂ වන්නේ පෙලපොතේ ඉංග්‍රීසි වලට අමතරව සෑම පේලියකටම සත දහයේ කාසියක් හෝ සත පහේ කාසියක් තෑග්ගක් වශයෙන් ළමුන්ට ලබාදී තිබීමය. පන්ති කාල වෙලාව ඇතුලත සිංහලෙන් කතා කරනා අයෙකු වෙතොත් සත දහයේ කාසිය නොහොත් "කොයිනය" සිංහලෙන් කතා කල එකා අතට පත් වන්නේය. පන්තිය අවසාන  වෙලාවේදී සෑම පේලියකම "කොයිනය" අතේ රැඳී වාසනාවන්තයා ඊළඟ පන්ති වාරයේදී කුමක් හෝ මාතෘකාවක් ගැන විනාඩි කිහිපයක කතාවක් පන්තිය හමුවේ පැවැත්විය යුතුය. පන්තිය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතාවක් කිරීමට ඇති බලවත් කැමැත්තක් එකෙකුටවත් නොතිබුණු නිසා හතළිහක් පනහක් පමණ වූ ගැහැණු පිරිමි මල් පලතුරු සියල්ලෝම දන්නා ඉංග්‍රීසි අමාරුවෙන් ගැටගසාගෙන එකිනෙකා හා කතාකලෝය. ටියුෂන් පන්තියක් වුවත් අකුරට විනය පැවතුනා වූ "කරුණාතිලක සර්ගේ " ඉංග්‍රීසි පන්තියට යන ළමුන් තුල ඉංග්‍රීසි කථනය ප්‍රචලිත කිරීමට කරුණාතිලක සර් විසින් ගන්නා ලද  බුද්ධිමත්ම තීරණ දෙකෙන් එකක් නම් ටෝකින් කොයින් සංකල්පයයි. 

එහෙත් කිසිවෙකුටත් නොතේරුණු අනෙක් බුද්ධිමත්ම තීරනය නම් ටෝකින් කොයින් එක වෙනුවට සත දහයක් හෝ සත පහේ කාසියක් තැබීමයි. වැරදිලා හෝ  සත පනහක් රුපියලක් ටෝකින් කොයින් එක ලෙසින් තැබුවානම් ඊළඟ පන්ති වාරයේ ඉංග්‍රීසියෙන් කතා පවත්වන්නට වන්නේ අල්ලපු වැටේ තිබෙනා සිල්ලර කඩයේ මුදලාලිටය හෝ මුදලාලි හාමිනේටය. එහෙම වුනානම් අල්ලපු වැටේ මුදලාලිට සත පනහේ රුපියලේ බීම පැකට් බිස්නස් එක ජයටම කරගෙන යන්නට පුළුවන් වෙනවාය. කරුණාතිලක සර් මෝටර් සයිකලය පැදගෙන යනු දකිනා විට, වයස හතලිහ කිට්ටු අපට අදද දැනෙන ගුරු ගෞරවය වර්තමාන සිසු පරපුරට තිබෙනවාද කියා වෙනම නැවතිල්ලේ සිතා බැලියයුතු ප්‍රශ්නයක්ය..

අවුරුදු ගණනාවක් පුරා ටෝකින් කොයින් එකෙන් බේරෙන්නට දන්නා කියන සියලු ඉංග්‍රීසි හා හස්ත මුද්‍රා භාවිතාකලා වූ සිසුවෙකු වශයෙන් ඉලංගෝගේ ගොන් ප්‍රශ්නයට උත්තර දෙන්නට මා දන්නා ඉංග්‍රීසි අසභ්‍ය වචන ප්‍රමාණවත් මදිය. ඉලපතෙන් පහරදී ගෙදරින් එලවාගන්නට ඔන්න මෙන්න ඉන්නා මා ඉලංගෝගේ හවුස් ප්‍රශ්නය උත්තර නොදී මගාරින්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන්ය..

ඩොක්ටර් ඉලංගෝ.. ප්ලීස් ලිස්න් ටු මී...

වට්.. ඩොක්ටර්ර්ර්ර්.. අයි ඇම් නොට් අ ඩොක්ටර්ර්ර්ර්ර් මිස්ටර්ර්ර්ර්ර්... අයි ඇම් අ ලෝයර්ර්ර්ර්ර් ඉලංගෝ...

දැන් මේ පිස්සු කේස් එක තටු මාරුවෙන තැනට ඇවිල්ලාය.. ලොක්කා විසින්ය මා වෙත ලබාදුන්, ප්‍රින්ට් කර තිබෙන නේම් කාර්ඩ් පතේ තිබෙන්නේ වල් නාකියා ඩොක්ටර් ඉලංගෝ කියාය.. ඒත් මූ දැන් කියන්නේ මූ ලෝයර් කෙනෙක් කියාය.. මූටද, මටද, අපේ ලොක්කාටද පිස්සු යන්න තෙරුම්කරගන්නට මාගේ බුද්ධි පරිමාවට නොහැකිය.. කෙසේ නමුත් මා පඹ ගාලක පැටලී සිටිනා සෙයියාවක් ඉවෙන් මෙන් දැනෙනවාය..

ඔහ්.. අයි ඇම් සොරි.. අයි වෝන්ට් ටු ෆයිට් ඩොක්ටර් ඉලංගෝ.. හී ඊස් ද ත්‍රිවෙන්ද්‍රම් ඒජන්ට් ඔෆ් _ _ _ _ _ ඉන්ඩියා ප්‍රයිවෙට් ලිමිටඩ්.. ඩු යූ නෝ එනි බොඩි නේම්ඩ් ඩොක්ටර් ඉලංගෝ..

සෝ වයි යූ ආර්ර්ර්ර් ආස්කින් ඩොක්ටර් ඉලංගෝ.. හී ඉස් මයි සන්..

දෙන් වෙයාස් යුව සන් සර්.. අයි වෝන්ට් ටු කලෙක්ට් මයි ට්‍රෙන් ටිකට් ෆරොම් හිම්..

ඒයි බ්ලඩී ෆූල්.. හී ඉස් නොට් අ ටිකටින් ඒජන්ට්.. හී ඉස් අ ඩොක්ටර්ර්ර්ර්ර්... ඩොක්ටර්ර්ර්ර්ර්... ඩු යූ නො වට් ඉස් ද මීනිං ඔෆ් ඩොක්ටර්ර්ර්ර්ර්..

මේ වයසක හුයන්නා ඒ ගමන ආයෙත් එන්නේ මට ඉංග්‍රීසි උගන්වන්නටය.. ඉවසීමේ සීමාව අන්තිම දශමයටම සීමාව ඉක්මවා තිබුනද හිතේ පවතිනා සුහදශීලී නොවන  අදහස් ජ්‍යාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කර ඉල්ලාගෙන කෑමට හැකියාවක් නොමැතිය.. මා ඉන්නේ උපන් රටේ නොවේය..දන්නා කියන ඥාතියෙක් හිත මිතුරෙකුද නොමැතිය..හිතේ පවතිනා විපරීත අදහස් ජ්‍යාත්‍යන්තර භාෂාවට පරිවර්තනය කළහොත් නවතින්නට වන්නේ ත්‍රිවෙන්ද්‍රම් පොලිසියේ කූඩුවේය.. ඒ මදිවාට වයසක උන්දෑ කියන්නේ එතුමා නීතිඥයෙකු කියාය.. වැඩි සෙල්ලම් දමන්නට ගියොත් හත් අට අවුරුද්දක් ආණ්ඩුවේ බෝඩිමේ අදින්නට වෙන්නට පුලුවනිය..

කැන් යූ ප්ලීස් කීප් කාම් ඇන්ඩ් ලිස්න් ටු මී..

වට්.. හ්ම් .. ඔකේ ගෝ අහෙඩ්.. කමෝන්.. අයි ඩෝන්ට් හැව් ටයිම් ටු වේස්ට්..

සර්.. අයැම් ගොයින් ටු අහමදාබාද් ටු හැව් මයි ජොබ් ට්‍රේනිං.. _ _ _ _ _ ඉන්ඩියා හෙඩ් ඔෆිස් සෙන්ට් මයි ට්‍රේන් ටිකට් ටු යුවර් සන් ඇන්ඩ් දේ ආස්ක් මී ටු කලෙක්ට් ද ටිකට් ෆ්‍රොම් හිම්.. දැට්ස් වයි අයැම් හියර්..

වට් නොන්සන්ස්.. හී නෙවර්ර්ර්ර්ර් සෙඩ් එනිතින් අබවුට් යුවර් ස්ටුපිඩ් ටිකට් මිස්ටර්ර්ර්ර්ර්.. ජස්ට් බිෆෝර් ටෙන් මිනිට්ස් හී කෝල්ඩ් මී..

ඩිඩ් යූ ආස්ක්ඩ් හිම් අබවුට් මයි ටිකට් ????

නෝ.. වයි වුඩ් අයි ආස්ක් හිම් අබවුට් යුවර්ර්ර්ර්ර් ස්ටුපිඩ් ටිකට්..

හෙහ්.. දෙන් වයි වුඩ් හී මෙන්ෂන් අබවුට් මයි ටිකට් සර්.. කැන් යූ ප්ලීස් කෝල් හිම් ඇන්ඩ් ආස්ක්..

ඒයි මිස්ටර්ර්ර්ර්ර්ර් වයි යූ ලාෆින් ඈස් අයැම් ස්ටුපිඩ්..

නෝ නෝ අයැම් නොට් ලාෆින් සර්..

නෝ නෝ අයි සෝ යූආර්ර්ර් ලාෆින්..

නෝ සර්.. ප්ලීස් කෝල් හිම්..

ඕකේ.. අයිල් කෝල් හිම්.. ස්ටේ වෙයාර් යූ ආර්ර්ර්ර්..

ඕකේ සර්.. අයැම් නොට් ගොයින් එනිවෙයා..

ඒයි මිස්ටර්ර්ර්ර්.. අයි ඩෝන්ට් කෙයාර් වෙයාර්ර්ර් යූ ගොයින්.. බට් ඩෝන්ට් කම් ඉන්සයිඩ් ඕකේ..

ඕකේ ඕකේ සර්.. අයිල් ස්ටේ හිය..

හ්ම්..

ගේ ඇතුලට යන්නට හැරිලාත් දෙවරක් මා දිහා හැරිලා බැලුවා වූ ලෝයර් ඉලංගෝ සැකයෙන් බයෙන් නිවස ඇතුලට ගියේ පල් හොරෙකු ගෙදරට ආවා වැනි බැලුම් දෙක තුනක් මා දිහා හෙලා අවසානයේය.. හොඳින් මා දිහා බලා හොරෙකුගේ  පෙනුමක් මාගෙන් විද්‍යාමාන වන්නේදැයි නිරීක්ෂණය කිරීමට මට දැනුනා වූ අවශ්‍යතාවය ඉටුකරගැනීමට අහල පහලක කන්නාඩියක් නොමැතිය..



*************************************************


ලෝයර් ඉලංගෝ රථය පදවනවාය.. අසීරුවෙන් ඉලක්කය සාක්ශාත්කල මා ඉදිරිපස අසුනේ හැඟීමක් දැනීමක් නොමැතිව ඔහේ පාර දිහා බලන් ඉන්නවාය.. ලෝයරයා කතාවක් බහක් නොමැතිය.. ලොරියක් පමණ විශාල වූ ලෝයරයාගේ ඉන්දියානු මෝටර් රථයේ ඩීසල් එන්ජිමේ ශබ්දය පරයා ලෝයරයා සමග සංවාදයක් දමන්නට නම් ගිරිය යටින් කෑගසා කතාකල යුතුය. කිසිත් නොවිමසා ගෙදරට  ආ අමුත්තා හෙවත් මා පන්නාගන්නට ඉලපත ගත්තා වූ නාකි ඉලංගෝ සමග මට කිසිසේත්ම සුහද කතාබහක් නොමැතිය. දුම්රිය ටිකට්පත ලබාගන්නට තිබුනාවූ උවමනාව නිසාම වයසක උන්දා සමග ගනුදෙනුව විසඳා ගත්තා මිසක් ලංකාවේ උනානම් ඉහ නිකට බලන්නේ නොමැතිවම ලෝයරයකු වුවත් ගේමට ගේම ඉල්ලනවා ඉල්ලනවාමය. 

ලෝයරයා රථය පදවන්නේ ත්‍රිවෙන්ද්‍රම් දුම්රියපොළ දක්වාය.. ඒ එතෙක් පල් හොරෙකු වූ මා දුම්රියපොළට ඇරලනු පිණිසය. ලෝයර් ඉලංගෝ මාව ඇරලවන්නේ ඩොක්ටර් ඉලංගෝගේ ඉල්ලීම පිණිස වන වග මට දැනෙනවාය. පිය පුතු දෙපල දුරකථනයෙන් සිදුකලා වූ සංවාදය දමිල භාෂාවෙන් සිදු වුවත් එය අවසන් වුයේ උණුසුම් වචන හුවමාරුවකින් වග යාන්තමට ඇසුනා මතකය. අවසානයේ ඩොක්ටර් ඉලංගෝගේ අණ පරිදි ලෝයර් ඉලංගෝ ගෙදරට ආ පල් හොරා දුම්රියපොළට අරලවන්නේ පිය පුතු වාදයෙන් පියා පුතාට පරාදවී ඇති නිසාය. ඒත් ලෝයර් මා සමග කතාවක් නොමැතිය.. ලෝයර් තාත්තාට වඩා ඩොක්ටර් පුතා මහත්මයකු බව දැනෙන්නේ මාව නැවතත් ටැක්සි කරුවෙකුගේ අතවරයකට ලක්නොවන සේ තම ලෝයර් පියාණන්ගේ නීතිමය ආරක්සාව යටතේ දුම්රියපොළට ඇරලවෙන නිසාය..

රැයක් නිදි නොමැතිව සිට දැනෙනා නිදිමත ලෝයර් ඉලංගෝගේ රථයේ ඩීසල් මොලේ ශබ්දය පරයා ජයගන්නට සමත්වීම නිසා දෙතුන් වතාවක් මා නිදි කිරා වැටෙන්නට වුවද ඉලංගෝ මා සමග වචනයක්වත් කතාවක් බහක් නොමැතිය. ඒ අතරතුරේ ලෝයර් ඉලංගෝගේ ඩීසල් මෝල දුම්රියපොළට සැපත් වෙනවාය.

ඕකේ.. දිස් ඉස් යුවර්ර්ර්ර් ට්‍රේන් ටිකට්.. දැට් ඊස් ද ට්ර්ර්ර්ර්රේන් ස්ටේෂන්.. නව් ගෙට් ඩවුන් හියර්..

ඕකේ සර්.. තෑන්ක් යූ වෙරි මච්..

අයි ඩෝන්ට් වෝන්ට් යුවර් තෑන්ක්ස්.. ගෙට් අවුට් ෆ්‍රොම් මයි කාර්...

ලෝයර් ඉලංගෝත් මමත් සංවාදයේ යෙදී සිටිනා රථය නවතා තිබෙන්නේ ශ්‍රී ලංකා ද්වීපයට අයත් භූමි පරිමාවේ නම් ලෝයර් මහත්තයා ආයේ බත් කන්නේ බොරු දත් කුට්ටමකින් වග ස්ථිරය.. එහෙත් මාගේ කරුමයට එය මාගේ උපන් රට නොවේය.. භූමියේ වාසිය ලෝයර් ඉලංගෝටය..

ඔකේ සර්.. ප්ලීස් ඕපන් යුවර් ට්‍රන්ක්.. අයි හැව්ටු ගෙට් මයි බෑග්..

හුහ්... 

ලෝයර් ඉලංගෝ අසූ හාරදාහට මල පැන්නාවූ පෙනුමකින් රථයෙන් බැස රථයේ ඩිකිය ඇරියේ මාගේ බෑගය බාගන්නට අවස්ථාව සලසා දුන්නේ හරියට ලෝයර් ඉලංගෝගේ බෑගය මා බලෙන් අරන් යනවා වාගේය.. රථයට වැදී හයියෙන් දොර වසාගත් ලෝයර් ඉලංගෝ එතනින් පිටවී ගියේ ඩීසල් කළු දුම් වළාවකින් මා වසා දමාය. එවකටද මෝටර්රථ පාඨමාලා හදාරා තිබුනද ඊට පසුවද මෝටර් කාර්මික පාඨමාලා හැදෑරුවද අදටත් මා වෙත ඇති නොවිසඳුණු ප්‍රශ්නයක් නම්, හතරැස් බිත්ති ඔරලෝසු දෙකක් තරම් හෙඩ් ලයිට් දෙකකිනුත්, කොච්චි එන්ජිමක් තරම් සද්දේ තියන ඩීසල් එන්ජිමකිනුත්, ලොරියක් තරම් විශාල බොඩියකිනුත් සමන්විත ලෝයර් ඉලංගෝගේ රථයේ වර්ගය කුමක්ද යන්නය..

**********************************************

ටිකට් පතට අනුව දුම්රිය පිටත්වන්නේ උදෑසන එකොළහටය .. දුම්රියට පැයක වෙලාවක් තවත් තිබෙනවා වුවත් අදාළ වේදිකාවේ රැඳී සිටීම අලකලංචි වලින් ඉවත්ව සිටීමට තිබෙනාවූ එකම සහ අවසාන මාර්ගයය.. එහෙත් ටිකට්ටුවේ වේදිකාවක් සඳහන්ව නොමැතිය..  දුම්රිය කව්ලුවක් වෙත මා කිට්ටු වන්නේ වේදිකාවේ අවුල නිරවුල් කරගැනීමටය..

එක්ස්කියුස් මී.. කැන් යූ ප්ලීස් ටෙල් මී වට් ඉස් ද ෆ්ලැට්ෆෝර්ම් ෆොර් දිස් ට්‍රේන්..

ටිකට් නිකුත් කරන්නා ටිකට්ටුව පරීක්ෂා කර මා දෙස හතරැස් බැල්මක් දමනවාය.. ඉන්දියාවේ පොළොවේ පය ගැසූ මොහොතේ පටන් මට වුනා වූ අලකලංචි අටෝරාසියක් බැවින් ටිකට් නිකුත්කරන්නා මා දිහා බලා සිටිනා බැල්ම මාගේ ඇඟේ ලේ වතුර බවට පත්කරනා බල්මක්ය..

වෙයාර්ර්ර්ර් ආර්ර්ර් යූ ෆ්රොම් ?

වයි.. එනි තින්ග් ව්රෝන්ග්.. අයැම් ෆ්‍රොම් ශ්‍රී ලංකා..

ඔහ් යුවර් ටිකට් ඊස් නොට් කන්ෆර්ම්ඩ් මිස්ටර්ර්ර්ර්..

දෙන් වට්.. වට් ඊස් දැට් මීන්..

දැට් මීන් යූ හැව් නෝ සීට්..

බට් අයි හැව් අ පේයිඩ් ටිකට්..

යස්.. ටිකට් ඊස් ජස්ට් අ ටිකට් මිස්ටර්ර්ර්ර්.. දිස් ඊස් අ සෙකන්ඩ් ක්ලාස් ටිකට්.. ඉට්ස් ස්ලීපින් බර්ත්ස්.. ඉෆ් යූ ගොයින් දිස් ජර්නි යූ හැව් ටූ කන්ෆර්ම් ඉන් ඇඩ්වාන්ස් මිස්ටර්ර්ර්ර්.. දිස් ටිකට් ඊස් නොට් කන්ෆර්ම්ඩ්.. දැට් මීන් යූ ඩෝන්ට් හැව් රිසර්ව්ඩ් ස්ලීපින් සීට් ඉන් ද ට්‍රේන්..

ඇම් අයි අලවුඩ් ටු ගෙට් ඉන් ද ට්‍රෙන්..

ඔෆ් කෝස් මිස්ටර්ර්ර්ර්.. බට් යූ ආර්ර්ර්ර් නොට් අලවුඩ් ටු එන්ටර් ස්ලීපින් බර්ත්ස්..

සෝ කැන් අයි කන්ෆර්ම් මයි ටිකට් නව්??? අයි කැන් පේ ෆෝ දැට්..

නෝ මිස්ටර්ර්ර්ර් .. වී ආර්ර්ර්ර් නොට් අලවුඩ් ටු ඩු දැට්.. යූ කැන් එන්ටර් ඔන්ලි තර්ඩ් ක්ලාස් කම්පාර්ට්මන්ට්ස්..

ඕකේ.. වට් ඊස් ද ෆ්ලැට්ෆෝර්ම්..

නම්බර්ර්ර්ර් ත්‍රී..

 කවදාවත් නොදුටුවද ලෝයර් ඉලංගෝගේ බිරින්දෑ මට සිහිවන්නේ ඇය ඩොක්ටර් ඉලංගෝගේ අම්මා නිසාය.. එතෙක් හොදයි කියා සිතා සිටි තැන්පත් ඩොක්ටර් ඉලංගෝ මහතාද, දින තුනක දුම්රිය ගමනක් යාමට මාවෙත සැපයු ටිකට්ටුව මා ගමන යනවා වග ස්ථිර කොට නොමැති නිසා දැන් මා හට ගමන්ගන්නට සිදුවන්නේ නිදන මැදිරියක නොවේය..එක දිගට යන්නා වූ  දින තුනක දුම්රිය ගමනක් නිදන මැදිරියක් නොමැතිව ගමන් කරනවා යනු කුමනාකාරයේ අත්දැකීමක්දයි මා නොදන්නේ එවන් දුම්රිය ගමනක් එතෙක් කාලයකට මා ගිහින් නොමැති නිසාය.. වෙන්නට තිබෙනා අලකලංචි සියල්ලම සිදුවී තිබෙනාවූ නිසා තවත් මාවෙත වෙන්නට තිබෙනවානම් තිබෙන්නේ පොලිස් කූඩුවක ලැගීම පමණය. ඉන්දියානු ලෝයර් කෙනෙකු සමග කෙස් පැලෙන තර්ක කොට ලබාගත් දුම්රිය ටිකට්ටුව අතහැර දමා හෙට තිබෙනා ඊළඟ දුම්රියේ නිදන මැදිරියක යාමටනම් අද දවස කොහේ හෝ රැඳී සිටිය යුතුය. ගුවන් තොටෙන් එලියට ආ පමණින් සිදුවූ අනපේක්ෂිත අලකලංචි සියල්ල සලකා බලනා විට ත්‍රිවෙන්ද්‍රම් වල රාත්‍රියක් රැඳී සිටීම කොහෙන් අවසන් වේදැයි සිතිය නොහැකි භයානක ක්‍රියාවක්ය. කල යුත්තේ ලංකාවට ඇමතුමක් දී දුම්රියේ වහලයේ නැග හෝ ගමනාන්තයට ලඟා වීමය..

දුරකථන කුටියකින් දුරකථන පහසුකම ඉල්ලාගත් මා ඊළඟට අමතන්නේ ලොක්කාගේ ගෙදරටය.. එහෙත් ප්‍රතිචාරයක් නොමැතිය.. ඊළඟට කොළඹ අවට පමණක් ක්‍රියාත්මක වන්නා වූ ලොක්කාගේ ජන්ගමයටය.. එයද ප්‍රතිචාරයක් නොමැතිය.. ඊළඟට ඇමතීමට උත්සාහය බාප්පාගේ නිවසටය.. රජයේ නිල නිවසක් වන එයට ඇමතුම් ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බැවින් උත්සාහයන් කිහිපයකින් අනතුරුව එම උත්සාහයද වතුරේය.. ඊළඟට මා වෙත ඇත්තේ එකම එක දුරකථන අංකයක් පමණය.. ඒ මාගේ මහප්පාගේ නිවසේ අංකයය..අවසාන උත්සාහයද රින්ග් වෙනවාය..

හලෝ...

පපුවට කූල් වතුර බාල්දියක් වත්කරා හා සමානය.. එහා පැත්තෙන් හලෝ කියන්නේ ලොකු අම්මාය..

ලොකු අම්මේ මම _ _ _

ආ පුතේ ඔයා බැස්සද..

ඔව් ලොකු අම්මේ..

මුකුත් කරදරයක් නැහැනේ පුතේ..

මට තිබෙනා කරදර ලොකු අම්මාට විස්තර කරන්නට ගියොත් වෙනම රුපියල් දෙතුන් සියයක් දුරකථන කුටියේ අයිතිකරුට පූජා කරන්නට වෙනවාය. ඒ නිසා උද්ගතව තිබෙනා බලවත්ම ප්‍රශ්නය පමණක් ලොකු අම්මාට කියා තබා දුරකථනය විසන්දි කල යුතුය..

මම ස්ටේෂන් එකට ආව ලොකු අම්මේ.. ඒත් මෙයාල මගේ ට්‍රේන් ටිකට් එක කන්ෆර්ම් කරලා නැහැ.. 

ඒ කිව්වේ පුතේ..

ඒ කිව්වේ ලොකු අම්මේ මට කෝච්චියේ සීට් එකක් නැහැ.. ඒත් මට කෝච්චියේ යන්න අවසර තියෙනව..

ඉතින් පුතේ සීට් එකක් නැතුව දවස් ගානක් යන්නේ කොහොමද..

නිදන මැදිරියේ සීට් එකක් නැති උනාට තුන්වෙනි පන්තියේ සීට් එකක යන්න පුළුවනි ලොකු අම්මේ..

දැන් අපි මොකද පුතේ කරන්න ඕන..

මුකුත් නැහැ ලොකු අම්මේ.. ගෙදරට කියන්න මම කෝච්චියේ නගිනවා ආයේ කෝල් එකක් දෙන්නේ දවස් තුනකින් කියල..

හා පුතේ.. එහෙනම් තෙරුවන් සරණයි..

තෙරුවන් සරණයි ලොකු අම්මේ..

එයාර් ලංකාවෙන් මුහුදෙන් එතෙරට ඇවිත් වීරප්පන් සමග ධාවන තරඟයකට සහභාගීවී, ලෝයර් කෙනෙක් සමග කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කර දුම්රිය ටිකෙට්ටුව ලබාගෙන, ත්‍රිවේන්ද්‍රම් සෙන්ට්‍රල් දුම්රියපොළේ තුන්වෙනි වේදිකාවේ ලී බංකුව උඩ මා නන්නත්තාර වන වෙලාව වන විටද මා ගුවන්තොටට ඇරලන්නට ආ මාගේ නිවැසියන් ගෙදර ගොස් නොමැතිවීම පුදුමයට කරුණක් නොවන්නේ සිසිබර සිරිලංකාවේ ට්‍රැෆික් ගැන මා දන්නා නිසාය. 


ගන්දිදම් එක්ස්ප්‍රස් හිටු කියලා වේගයෙන් යනවාය.. මා වාඩිවී සිටින්නේ ලී පටි ගැසූ ආසනයකය.. පෙට්ටි පනහක් පමණ අමුණා  ඇති දුම්රියේ ඉදිරිපස තිබෙන්නේ පළමු පන්තියේ මැදිරිය.. ඊගාවට දෙවන පන්තියේ මැදිරිය.. මා සිටිනා තුන්වෙනි පන්තියේ මැදිරි එල්ලා තිබෙන්නේ ඊළඟටය.. නවත්වනා දුම්රියපොළ වලින් ගොඩවෙනා මිනිසුන්ට මා දුටුවනම කොතන හෝ වැරදීමක් සිදුවී ඇතිබව පෙනෙන්නේ මා අසල තිබෙනා වූ වීරප්පන් සමග ධාවනයේ යෙදුනාවූ කිලෝ විස්සේ ගමන් මල්ල නිසාය. ඉන්දියාවට එන්නට කලින්ම ඉන්දියාව ගැන දන්නා බහුශ්‍රැත උදවිය දුන්නා වූ උපදෙස් අනුව මා ලංකාවෙන් ගෙන ආ යකඩ දම්වැල සහිත ඉබ්බා මාගේ ගමන් මල්ලත් දුම්රිය අසුනත් කසාද බන්දලාය.. බෑගය දිහා බලනා මගීන් මා දිහා අමුතු සතෙක් දිහා බලනා බැල්මකින් මා දිහාවට බැලුම් හෙලනවාය..


කෝච්චියේ ගමන ගැන ලියන්න දේවල් ගොඩයි.. ඒකත් ඉක්මනින්ම දානවෝ..

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..4
http://ambalangodakatha.blogspot.com/2016/07/4.html


45 comments:

  1. හැක්.. හැක්.. මාර අලකලංචි ටිකක්නෙ වෙලා තියෙන්නෙ. ඔය තරමිං හරි කෝච්චියට ගොඩ වෙන්න ලැබුන එක මදැයි.
    දැං ඉතිං ඔය කෝච්චිය තව දවස් කීයක් යනවද? මම කිවුවෙ ඉන්දියාවෙ නෙමෙයි බ්ලොගර් වල. හැක්..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපති තුමා ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දැමීම ගම මාගේ ස්තුතිය පළමුවම..ඊළඟ පොස්ට් එකෙන් කෝච්චියෙන් බස්සනවා බස්සනවාමයි ප්‍රොමිස් ඔන්න..

      Delete
  2. හරී... සනීපයි නේ වෙලාවට ලෝයර්ර්ර් ඉලංගෝට යංතං කඩ්ඩ හරි පුලුවන් වුනේ :D

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ බහුතරයකට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවනි .. ඒ ගැන වෙනම චේදයක් ලියන්නයි හිතන් ඉන්නේ..

      Delete
  3. සුපිරි නාට්ටියක්. ප්‍රධාන නළුවා විසින්ම කතාව කියන නිසා හරිම අගෙයි. යමු යමු ඉදිරියටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක.. මාස කිහිපයක ඉන්දියානු සංචාරය ගැන ලියන්න දේ බොහොමයි..

      Delete
  4. සුපිරි නාට්ටියක්. ප්‍රධාන නළුවා විසින්ම කතාව කියන නිසා හරිම අගෙයි. යමු යමු ඉදිරියටම. X 2

    great writing btw

    ReplyDelete
  5. ජෙරෝම් කේ ජෙරෝම්ගේ පොත්වලත් තියෙනව මේ වගේ උපමා උපමේය. මේං මෙව්ව තමයි හැබෑම දේශාටන විත්ති. හැබැයි මෙව්ව දැකල ඉෂි අම්මට එහෙම තියෙන තැනත් නැතිවෙයිද දන්නෑ. මට පේන්නෙ ලොක්ක ගෝලයව ඇරල තියෙන්නෙ තියෙන අඩුම වියදම් ක්‍රමයෙන්, ඉතාම කුණු ආකාරයට. මිනිහ හිතාමතාම ගහපු ප්ලෑණක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. සේවකයින්ට උපරිම සැප දෙන සහ උපරිම දුක් දෙන ආයතන දෙජාතියක් මේ ලෝකයේ තියෙනවා සුරංග.. එව්වා ඉතින් සසාරේ කරපු පින් පවු අනුව තීරණය වෙන දේවල් බන්.. රස්සාවල් කරන්න අරන් අවුරුදු දහසයකට පස්සේ මට යන්තම් ඔය පලවෙනි වර්ගයේ ජොබක් සෙට් උනා..

      Delete
  6. වෙලාවට කොල්ලො උඹ මේක දැම්මෙ. උඹේ මේ කතා මාලාව කියවල මං කලින්ම එහෙට කියල ඔක්කොම හරියටම තියෙයිද කියල බැලුව. ඒ ඔක්කෝම කොන්ෆෝම් කරල පනිවිඩේ ආපු නිසා බයක් නෑ. නැත්නම් මේක කියවලා රට යන එකෙක්නම් යන්නෙ ඇඟේ ලේ වතුර කරගෙන.

    ReplyDelete
    Replies
    1. පැදුරකුයි කොට්ටෙකුයි අරං යං.. තව හාල් මුට්ටෙයක් කර තියන් මීටර් සීය දුවල පුරුදු වෙලා යං :D

      Delete
    2. පලවෙනි අත්දැකීමෙන්ම මම ඉගෙනගත්තු පාඩම නිසා ආයේ නම් කිසිම දවසක ප්ලෑන් බී එකක් නැතුව ගමනක් ගියේ නැහැ..රටින් පිට යද්දී හැමදේම හරියටම සංවිධානය වීම ඉතාම වැදගත්.. එහෙම නොවුනාම ලැබෙන පරිප්පු නැව් පිටින් බාන්නවුන වෙලාවට තමුන්ට තමුන් විතරමයි..

      Delete
    3. පත්තර මල්ලි කියනව වගේ පිට රටකට යද්දී දවස් දෙකතුනක් ජීවිතේ ගැටගහගන්න විස්කොතුවක්වත් අරන් යාම ඉතා වැදගත්.. ඒ වැදගත්කම ඉලන්ගෝ කොටසින් තේරෙයි..

      Delete
  7. Replies
    1. සරසයෝ ඔය හිනාව නම් මට ඒ තරම් අල්ලන්නේ නෑ.. මට දැනෙන විදිහට සරසයා අපේ ලොක්කගේ ගෝලයෙක් වගේ..

      Delete
  8. //බිත්ති ඔරලෝසු දෙකක් තරම් හෙඩ් ලයිට් දෙකකිනුත්, කොච්චි එන්ජිමක් තරම් සද්දේ තියන ඩීසල් එන්ජිමකිනුත්, ලොරියක් තරම් විශාල බොඩියකිනුත් සමන්විත ලෝයර් ඉලංගෝගේ රථයේ වර්ගය කුමක්ද යන්නය..//

    මට හිතෙන විදියටනං පුතේ කෝච්චි ඇංජිමක්.. :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තටම කෝච්චි එන්ජිමක් තරම් විසාලයි තමයි.. ඉන්දියාවේ හිටපු මාස කිහිපයටම ඒ වගේ කාර් එකක් දැක්කේ ලෝයරයාගේ කාර් එක විතරමයි..

      Delete
  9. රාජකාරි නිසා දවසේ විවේකයක් ඇත්තෙම නැති උබ මෙහෙමහරි ලියන එක හොදයි.අතරින් පතර නමක් නැති කතාවට පස්සෙ පටන් ගත්තු "වාදී ස්වර සංධ්‍වනි" කතාවෙත් කොටසක් ලියහන්.

    ReplyDelete
    Replies
    1. ලියන්නම් සොඳුර ඉවසිල්ලෙ හිටහන්..

      Delete
  10. අපි නම්රහ කර කර කියවනවා... අම්බලන්ගොඩත් දැන් නම් රහ කර කර ලියනවා ඇති... ඒත් මේ සිද්ධියට මූණපානකොට කාලා තියන කට්ටනම් කියල වැඩක් නෑ..

    මං මේ කල්පනා කලේ කෝච්චියේ දවස් 3 මේ යන විදිහට කොහොම වෙන්න ඇද්ද කියලා.. බලමුකෝ ...

    ReplyDelete
    Replies
    1. පසුව ලියද්දි රහ උනාට ඇත්තටම මේ සිද්දීන් වලට මුහුණ දෙද්දී ඇතිවුන හැඟීම් ලියන්න වචන නැහැ නිර්මානි..

      Delete
  11. උඹ කන්න යන පරිප්පුව ගැන හිතාගන්නවත් බෑ බං,ඇඟ හිරිවැටෙනවා.පැය විසිහතරකටද කොහෙද කලින් කන්ෆර්ම් නොකෙරුවොත් වේටින් ලිස්ට් එකට වැටෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක පරිප්පු නැවක් අයියේ..තනියම තමයි ඉතින් නැවම බෑවේ..

      Delete
  12. අම්මේ කොල්ලෝ මට දැම්මම හිටගෙන නින්ද යනවා

    ReplyDelete
    Replies
    1. ලී පටි තියන කොච්චි සීට් එකක දවස් තුනක් කියන්නේ හිතන්නවත් බැරි දෙයක් සුදීක.. ඒ වගේද ඒ කොච්චි පෙට්ටි වල ලයිට් පත්තු වෙන්නෙත් එකයි දෙකයි..ඊළඟ කොටස බලන්නකෝ..

      Delete
  13. Replies
    1. ස්තුතියි ඉයන් ටිප් එකට.. ගිහින් කියවලයි ආවේ මේ..

      Delete
    2. ඉයන් ඒ කතාව මාර විදිහට ප්‍රමෝට් කරනවා, හරියට චැනල් 4 වගේ...
      මම දැක්ක දැන් තැන් කීපෙකම ඔය ලිංක් එක දදා යනවා...
      මාර ලල් එකක් ඇත්තේ මේ කරන වැඩෙන්, නෙහ්...

      Delete
  14. හින්ගල නළුවත් එක්ක ටැමිල් සෝ එක නැගලම යනවා නේ...

    ReplyDelete
    Replies
    1. දැන් ටැමිල් සෝ එක ඉවර වෙන්නයි යන්නේ.. ඊළඟට තියෙන්නේ හින්දි , ගුජරාට් සෝ එක බන්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  15. උඹ ඇහුවේ නැද්ද මල්හෝත්‍රා මහත්තයාගේන් ලියුමක් ගෙනාවානම් බර්ත් එකේ යන්න පුළුවන්ද කියලා?

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු දහ අටකට උඩදී හිටියේ මල්හෝත්‍රා නෙවෙයි නේද බන්.. මටනම් මතක නෑ..

      Delete
  16. මං එක පාරක් කතරගම යනකොට විස්ස විජ්ජාලෙක කෙහෙල් කොරටුවක් කරං හිටපු අම්බලන්ගොඩ පුතයෙකුත් වැලිගත්ත කෙහෙල් කොරටුව බලාකියාගෙන හිටියා.. හැක්..

    ReplyDelete
    Replies
    1. මම අවුරුදු දොළහක් රස්සාව කරෙත් උඹ රස්සාව කරන උසස් අජ්ජහපන අමාතංශයට අයිති කන්තොරුවකනේ බන්.. මම දන්නා තරමින් වැලිගත්ත ප්‍රොජෙක්ට් එකේ අම්බලංගොඩ කෙනෙක් හිට්යේ නැහැ වගෙයි මතක.. තාම DC කෙහෙල් ප්‍රොජෙක්ට් එක දුවනවද බන්..

      Delete
  17. නියමයි බං.. මාගල් රවී අයිය මතක් වෙන්න ගන්නව. කොච්චර දීග උනත් කියෙව්වෙ බොහොම ආසාවෙන්.ඉතුරු එකත් ඔය ගැම්මටම ලියහන්.. මට යාලුවෙක් කිව්ව ඉන්දියාවෙ පාර තොටේදි මිනිස්සු එක්ක ගණුදෙනු කරනකොට මුලින්ම ඉන්ගිරිසියෙන් කතා කරන්න එපාලු. සිංහලෙන් කියල අතින් පයින් අහල බැරි උනොත් ඉංගිරිසිය භාවිතා කරනවලු. භාෂා හැට ගානක් කතා කරන මිනිස්සු ඉන්න ඉන්දියාවෙ එකෙක්ට වත් ඔක්කොම පුළුවන් වෙන්න විදියක් නෑ නෙ. එතකොට උන් හිතනවලු මූත් ඉන්දියන් කාරයෙක් කියල.නැත්තං ගාන කපනවලු දුටු තැන.ඉන්ගිරිසියෙන්ම ගණුදෙනු කලොත්..

    ReplyDelete
    Replies
    1. උඹේ යාළුවා කියන ක්‍රමවේදය මම දැනගෙන හිටියේ නැහැ බන්.. පසුකාලීනව කතානොකර සිටීමෙන් යම් යම් වාසි ලබාගන්න පුළුවන් උනා ෆොරින් ටිකට් ගන්න වෙන තැන් වලදී..

      Delete
  18. පිටින් ආපු මිනිහෙකුට ලංකාවේ මිනිස්සු මේ වගේ කරන්නේ නැහැ නේද කවදාවත්...
    මහ තිරිසන් විදිහටනේ උන් මිනිස්සුන්ට සළකන්නේ...
    ඉක්මණට ඉතිරිය ලියහන් මචෝ...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ හැමෝම එහෙම නැහැ බන්.. ලෝයර් කාරයා හොස්ස ලඟින් මැස්ස යන්න බැරි වයසක උන්දෙක් බන්..ඒ වයසේ උදවිය ටිකක් කේන්ති යන සුළුයි බන්..

      Delete
  19. Replies
    1. ස්තුතියි ප්‍රාජේ..

      Delete
  20. උඹට තිබිල තියෙන්නෙ මහ අමුතුම ඉවසීමක්... හොම්බට අනින්න හිතෙනවා බං වෙන ඕන මඟුලක් උනාවෙ කියලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බං..හෙහ්..

      Delete
  21. ඉලන්ගෝගෙ ආත්තම්මට හාල් ගරන්න ... යකෝ ගෙදරට ආපු මිනිහෙකුට එහෙමත් සලකනවද මන් අහන්නෙ ???

    මයේ හිතේ අර ස්ටේෂන් වලින් එවේලේ බූත් කන්ෆර්ම් කරන එක නවත්තල තියෙන්නෙ මුං පගාව අරගෙන වැඩි ගානට ටිකට් විකුණන එක නවත්තන්න.

    හුටප්පරිජාලන් ... ඉන්දියාවෙ කෝච්චි වල තුන් වෙනි පන්තියේ ... ගහෙන් වැටුන එකාට ගොනා ඇනල ගියාට පස්සේ මී මැස්සොත් විද්ද කියමුකෝ !!!

    ReplyDelete