Wednesday, December 8, 2021

කලු කූඹි බොඩි ගාර්ඩ්ස්ලා



කොහොමෙන් කොහොම හරි කාර් කටුව අතුලට කලු කූඹි රිංගලා කියහංකො.  මං තුමා කොලඹ යද්දි මං තුමාගෙ ආරක්ශාවටදෝ මංදා කූඹි හමුදාවත් කාර් එකේ කොලඹ යනව.  මං තුමා ටවුමට යද්දිත් කූඹි රංචුව මා එක්ක ටවුමට යනව. තනියම කියලා ගමනක් යන්නම විදිහක් නෑ. මුං ටික මං තුමාගෙ බොඩිය ගාර්ඩ් කරනවා ඇඟ පුරා දුව දුවා.. බැරිම තැන කාර් කටුව සර්විස් එකට දාලා සුද්ද කරලා ගෙදර ගෙනාව.. මොන.. ඒත් උන් කොහේදෝ අස්සක හැඟිලා වහං වෙලා ඉඳලා කියහංකො. සති තුනක් තිස්සෙ කලු කූඹි හමුදාව මං තුමාට දීපු වද තිස් දෙක කියන්න ලියන්න වචන නෑ..


පෙරේදා මං තුමාට කොලඹ යන්න තිවුනා කියහකෝ දතක් රෙපෙයාර් කරගන්න. ඕං ඒ යන ගමන ආරංචි වෙලාදෝ ඩඩාගෙ නංගි නැන්දයි, අක්ක නැන්දයි දෙන්නත් බප්පලාගෙ ගෙදර යන්නෝන කියාපි.  නිකම් යන කාර් කොටේ නන්දලා දෙන්නා බාප්පලාගෙ ගෙදරට බස්සන එක මහ කජ්ජක් නෙවෙයිනේ ආයුබෝවන්ඩ. නැන්දලා දෙන්නටත් උදේ දහය වෙද්දි ලක ලෑස්ති වෙලා ඉන්ට කියලා මං තුමාත් ගියා නැන්දලා දෙන්නව පික් කොරගෙන කොලඹ මංගච්චන්න.  අප්පද බොල කියහංකෝ.. නැන්දලා දෙන්නා ගජරාමෙට කදමලු බැඳගෙන කොලඹ යන්ට ලෑස්ති වෙලා ගේට්ටුව ගාවට වෙලා ඉන්නවා දිලිසි දිලිසි.. 


නැන්දලා දෙන්නගෙ කද මලු කාර් කොටේ ඩිකි කෑල්ලෙත් පුරවලා ඇතුලෙත් පුරවලා සීට් උඩත් පුරවලා නන්දලා දෙන්නත් කාර් කොටේ ඇතුලට එබුවායින් පස්සෙ ඩැයිවින් සීට් එකේ කොනක් යාන්තමට මං තුමාටත් ඉතුරු උනා ලාවට පස්ස තියාගෙන ඩැයිවින් කරන්න. කැවුම්ද කොකිස්ද බිබික්කම්ද ලැවරියාද හැලපද ඇතුලු එව්වා මෙව්වා පැණි රස ජාති අටෝරාසියක්ද, මාලු ඇබුල්තියල්ද, බිලිං අච්චාරුද, මැලේ අච්චාරුද ඇතුලු කෑම ජාති දහයක් පහලෝකුත් තිවුන කියහංකො.  ඊට අමතරව නැන්දා විසින්ම එයැයිගේම රැසිපියට හදපු කේක් රාජයෙකුත් කාර් කොටේ ඩිකියේ තැන්පත් උනා අර කිව්ව කැවිලි ජාති වලට අමතරව. 


අම්බලංගොඩින් හයිවේ එකට දාලා මං තුමාගෙ දතේ රෙපෙයාර් එකත් කරගෙන ඕං හවස දෙක වෙද්දි ගයිස්ලා ටික බප්පලහ.. නැන්දලා දෙන්නත් අර බඩු ලෝර්ඩ් එක අස්සෙන් එලිට ඇදලා බස්සලා, උන්දැලා දෙන්නගෙ අත පය හතර පරෙස්සමට තියෙනවද කියලා පරීක්ශා කරලා මං තුමාත් ඕං අර කිව්ව ලොරි ලෝර්ඩ් එක බාන්න සැට් උනා. මං තුමා තමා කාර් එකෙන් එක කෑල්ලෙන් කෑල්ල එලියට ඇදලා දෙන්නෙ. ඊලඟට පොඩි නැන්දගෙ අතට.. පොඩි නැන්දගෙ අතින් බප්පගෙ අතට. බාප්පා තමා කැවිලිද අච්චාරුද අර පොටෝගෙන ආපු සන්නම් මන්නම් සියල්ලම බාප්පගෙ ගරාජ් එකේ බිමින් තියන්නෙ පරෙස්සමට. ලොකු නැන්දා ඉතිං ටිකක් අසනීපෙන් නිසා එයැයි සුපර්වයිසර් තනතුරට අනුයුක්ත

කලා. අපරාදෙ කියන්න බෑ අයියලා නංකිලා දෙන්නයි ලොකු අක්කියි පට්ට එකමුතුයි වැඩේට. 


කාර් ලෝර්ඩ් එකම බාලා අහවර උනායින් පස්සෙ තමා අර කලිං කිව්ව නැන්දගෙ රැසිපියටම හදපු කේක් තැටිය මං තුමාගෙ අතට එන්නෙ. අප්පද බොල.. ඒක දැක්කාම මගේ කටේ කිරි හිනාවයි. මං තුමා වාහනේ එලවන අතරේ කමීසෙ ඇස්සෙයි කලිසම අස්සෙයි එක සීරුවට රිංගන ගමන් මං තුමාගෙ බොඩිය ගාර්ඩ් කරපු කලු කූඹි  සැට් එකම නැන්දගෙ කේක් තැටිය ඇතුලේ ගජරාමෙට සැට් වෙලා කියහංකෝ.. මං තුමාත් ඉතිං වැඩි කලබලයක් නැතුව බෝම පරෙස්සමට කේක් තැටිය අරගෙන නැන්දගෙ අතට දුන්නා. සතෙකුට උනත් කන බොන වෙලාවට ඩිස්ටර්බ් කරන එක කැතයිනේ අයුබෝවන්ඩ. කේක් තැටිය නැන්දගෙ අතට දෙද්දිනම් පුංචි පහේ ආතල් සැනසුම් සුසුමක් හෙලුනත් එක්ක කියහංකො. බප්පලාගෙ ගෙදරින්, නැන්දා ගෙනියපු අච්චාරු එක්ක බත් සුට්ටකුත් කාලා මං තුමා ආතල් පහට හයිවේ දාලා පැයෙන් ගෙදර.. කලු කූඹි කරදරේට එතැකින් පුල් ස්ටොප්... ආයෙම ඉතිං කේක් තැටියක් බාප්පලාගෙ ගෙදරින් අම්බලංගොඩ එන්නෙ නැති නිසා කූඹි ටික ආයෙ අම්බලන්ගොඩ එවිලි සුම්මා තමා. අම්බලන්ගොඩම ඉපදිලා අම්බලන්ගොඩම මැරිලා යනවට වඩා කොලඹ රට බලලාම ටිකක් දැනමුතු වෙලා, කූඹින්ට, කොලඹ කූඹි විදිහට මැරිලා යන්න සලස්සපු අපේ නැන්දලා දෙන්නට දීර්ඝායු වෙන්ට ඕන ඉතිං. දැං ඉතිං මාත් සතුටෙං, නැන්දලත් සතුටෙං, කොලඹ ගිය නිසා කූඹිත් ඇත්තෙ සතුටෙං මයෙ හිතේe...

34 comments:

  1. ආ ගොඩයා ලංකාවට ගොඩ බැහැලා වගේ.😀

    ReplyDelete
    Replies
    1. පොඩි නිවාඩුවකට ඩිස්නිලන්තෙට ගොඩ බැස්සා කුමාර :)

      Delete
  2. මට මැවිල පේනව පලවෙනියට කේක් එක දැකපු එකා ඊලග එකාට මුමුනනව ඌ ඊලග එකාට ඊලග එකාට සෙට් එකම පෝලිමේ කේක් එකට 🤣 යන්න බැරි උන අත පය කැඩිච්ච උන් ටිකකුයි මට වගේ සීනි අමාරුව තියෙන කීපන්දෙනෙකුයි පණ දාගෙන අරුන්ව හොයනවලූ 😂😂😂

    ReplyDelete
    Replies
    1. උඹේ කෑම බීම වට්ටෝරුව දක්කමනම් උඹට සීනි අමාරුවක් තියෙනවා කියලා හිතන්න බෑ.

      Delete
  3. උන් ඔය කිව්වට ඔයත් එක්කම දෙතුං වතාවක් කොළඹ ඇවිත් එහේ අල්ලල්නේ නැති හිංදාම අම්බලන්ගොඩ ඇස්දෙක පියා ගන්නවා කියලා හිතාගෙන හිටිය එවුං ටිකක් වෙන්ටැ!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ තට්ටයෝ..

      Delete
  4. ඔය කිව්වට උන් ටික මට කිව්වේ..මෙන්ඩෝ..‍තෝ යනවෙලාවක අපිව අම්බලන්ගොඩින් දාගෙන පලයන් අරුගේ හොබ්බට දෙකක් අනින්න තියනවා කියලා

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා, උන් "අම්බලන්ගොඩ" කූඹි නිසා, ගේමක් ගහලා ආයෙ ගමේ යයි කියලා.😂🤣

      Delete
    2. නැතුව. කූඹි උනත් උං අම්බලංගොඩ කියන්න ලැජ්ජවෙන විදියට වැඩ කළොත් ගොඩයගෙත් කාඩ් එක ඉවරයි.

      Delete
    3. උන් මලාට ආය ගම නං එන්නේ නෑ... ළමයි ටික කොළඹ ඉස්කෝලෙකට දාගන්න කැ වාසි නිසා උන් කීයටවත් ගමේ එන්නේ නෑ.

      Delete
  5. අඩෝ මචෝ,උබේ කතා ගොඩක් කියෙව්වා profile එකක් නැතුව.අපි ජීවිතේට දැකලවත් නැතුව ඇති.ඒත් අපේ type එකේ එකෙක් කියල හිතට දැනෙනවා ඒ හැම කතාවක්ම කියවද්දී.

    ReplyDelete
  6. අකුරු ටිකක් ලොකු කරපන් ගොඩයෝ. එතකොට කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. කණ්නාඩි දෙකක් ගත්තනං ඉවරයිනෙ.

      Delete
    2. ඔන්න අකුරු ලොකු කළා.

      Delete
  7. අර කේක් එකේ කූඹි හමුදාව දකිද්දි නැන්දලට පට්ට සන්තෝස හිතෙන්න ඇති නේ.. 😂😂😂 අම්බලන්ගොඩයගෙ පරම්පරාවට ම පිං දෙන්න ඇති 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඕකට මං මාට්ටු වෙන්නේ නෑ.. කේක් එක අනිවා කන්නේ පහුවදා නිසා කුඹි ටිකට ඇඩ්රස් හැදෙන්නේ කොළඹට..

      Delete
  8. සිබිල් නැන්දගේ කතාවක් වගේ..කාටූන් එකක් බැලුවා වගේ හරිම සජීවීව ලියලා..මැවිල පේනවා නැන්දල දෙන්නා දිලිසි දිලිසි ඉන්නවා,ගොඩයා එයාලව කාරෙකට ඔබනවා,ගොඩයා තඩි බඩත් එක්ක අමාරුවෙන් ඩැයිවිං සීට් එකේ වාඩිවෙනවා...ඇ ගොඩයි තුමෝ මක්කැයි එරොප්පෙං අපිට ගෙනාවේ..තඩි අය්යට නං කෙළින් ඉන්න බැරි තරමටම තැගී ලැබුණ කියල පොල්කිච්චෙක් කියලා ගියා අපට ඔහෙං එන ගමන්...

    ReplyDelete
    Replies
    1. ඈ බොල නෙතුවො ඔයැයි මක්කැටැයි මට කෙළින් ඉන්න බැරිවෙන්න ලැබුන ඒව ගැන ඉරිසියාකම් කරන්නෙ.ඔයැයිටත් ගොඩයියගෙන් තෑගි ඕන නම් එයැයි දැකපු වෙලාවෙම ඉල්ලන්න තිබුනනෙ.කොවිඩ් කාලෙ ඔයැයි හොදින්ද කියල බලන්න මම මැසේජ් එකකුත් දැම්ම (පොසන්නයටයි,තරිදු දෙන්නටත් මැසේජ් දැම්ම)ඔයැයිල නම් අපි ගැන නිකමට හොයල බැලුවෙ නෑ හොදේ...

      Delete
    2. නෙතුවයි,තරිදුවයි රිප්ලයි දාල ❤️ තෑම්ස් හොදේ....දැන් දැක්කෙ 😍

      Delete
    3. දැන්නම් ඉතින් නෙතූ කව්ද කියලා හොයාගන්න CID එකෙන් දාන්න වෙනවා...

      Delete
  9. අමිබලන්ගෙඩ අයියේ ...කලු කුඹියෝ ටික විනිතව හැසිරැනේ නැත්තන් ඉතින් අවුරැදු ගානක් තිබුන අමිබලන්ගෙඩ කාඩි සුන් හෙදේ...

    ReplyDelete
    Replies
    1. අනිවා උන් බාප්පාගේ මුළු ගේම විනාස කරනවා කියලානම් සුවර් ෂොට්..

      Delete
  10. ගොඩයෝ මාරු මචන් උඹේ ඉස්ටෝරිස් අපෙත් හිටිය උඹට වගේම සැට් එකක් ......එකේ අණ්ඩපාලයා ඉතින් මම
    තවමත් ඉන්නව උන් ටික .......පන යනවා බන් මතක් වෙනකොට.......
    මම දිගටම ඉන්නවා උඹේ කතා එක්ක .........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නීල නුවන්.

      Delete
  11. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
  12. "කාපට් ටිකයි, ශීට් ටිකයි අයින් කරල වාහනේ අවුවෙ පාක් කරන්න කියල කියන්න හිතාගෙන ආවෙ"...

    දැන් ඕන් නෑ...😂😂

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම හිතන්නේ එකම සාර්ථක විසඳුම.

      Delete
  13. හ්ම්. කලු කූඹි හමුදාව.......

    ReplyDelete
    Replies
    1. ගිගිරි නගින බලි කටු..

      Delete
  14. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. ගොඩය දැන් ලංකාවෙද වාසෙ?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ.. සති තුනක නිවාඩුවකට ගියේ.

      Delete
  15. ස්තුතියි Pra Jay

    ReplyDelete