Saturday, August 22, 2015

මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..




(මෙය වසර තුනකට පෙර වෙනත් වෙබ් අඩවියකට ලියන ලද්දක් බැවින් එවකට පැවති  සිංහල අකුරු ටයිප් කිරීමේ දෝෂ ගැන සමාව ඉල්ලා සිටිමි... )

මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන සමන්ත ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී සමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ. 


ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්‍රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. සමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල.  දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා. 

මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී සමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B ඒකෙ තමයි. මොකද ඒකෙ  තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආපහු එනකොට රෑ 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව නිතර එන හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගියා අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක ගොඩ දැම්ම. සමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා. 

ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ සමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . ඒක ටොයෝටා ලයිට් ඒස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග්, සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්‍රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවලලු. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ 

මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. පාරට ආපු ගමන්ම කෙල්ල ආවා පාර මැද්දට. ඇවිත් වාහනේට අත දැම්ම. කෙල්ල දැන් හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා සමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. සමන්ත දොර ඇරිය ගමන් කෙල්ල නැගල වාඩි උනා සමන්තගේ සීට් එකේම අයිනෙන්. 

මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්‍රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්‍රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල සමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. සමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් සමන්ත බහින්න ඕන. ඒත් සමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස, මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව, කව්රුත් නෑ. 

මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. සමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා සමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා නිදාගත්තා. සමන්තත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා. 

උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න සමන්තට ඇන්න පයින්, සමන්ත ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම සමන්තයගේ ඇස් දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් සමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ. 

 එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් බිම් කරුවල වැටුනාම පාරෙ අත දැම්ම කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල අදත් පපුවට දැනෙනවා.

පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.
Reply With Quote

43 comments:

  1. මචං අම්බලං...

    දිගට ම ලියමුකෝ.... මේවා හරිම රසවත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ ලිපි කියවල දිරිමත් කරනවට..

      Delete
    2. මේවගේ අත්දැකීම් ලබෙන්නනම් කුබුරට බහින්නම වෙනවා නේද පොළෝ ? සුපිරි මචන් . දිගටම ලියමු
      ජය වේවා ! මම එළකිරියේ AA60

      Delete
  2. මේ වගේ හොල්මන් කතා වලට මමත් හරිම කැමතියි. මට හිතෙනවා හොල්මන් බ්ලොගයක් කරන්න. දැනට එහෙම එකක් තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. හොල්මන් බ්ලොග් එකක් තිබ්බ කව්රුහරි ලියන.. බූක් මාර්ක් කරා වගේ මතකයි.. හම්බු උනොත් ඊ මේල් කරන්නම්.

      Delete
  3. අම්මෝ බං බය වෙනවනේ , මේකට බ්ලොගර් පලෝවරේ දාපං අර ලග්න මගුල ගලවල

    ReplyDelete
    Replies
    1. ///එක්ක ඇවිත් මැෂින් එක ගොඩ දැම්ම. සමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. ///

      මේකත් උඹේ නේද අයියේ හි හි ජෝක් ඈ.. තෑන්ක්ස් මේල් එකට

      Delete
    2. ඔන්න දැම්ම ෆලෝවර් එක.. මගේ බ්ලොගට ඇවිත් යනවට ස්තුතියි..

      Delete
  4. අම්මෝ මං බයයි ඒත් ආසයි. හොල්මන් කතාවලට. ස්තුති. දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ ලිපි කියවල දිරිමත් කරනවට..

      Delete
  5. මම බොහොම බය වුනා මගෙ පන එපා වුනා
    රෑ දොළහට හොල්මනකට මාව අසු වුනා
    මම උත්සවයකට ගියා සිංදු කියන්න
    මට ආපසු එන්ට ලැබුනෙ ජාමෙ දොළහට
    මම බැහැල පාරට හැරුනා කනත්ත දෙසට
    මගෙ ගිටාර් එක අතට අරගෙන එන්න එනකොට
    සද්දයක් ඇසිල මං ආපසු බලන එකලට
    කළු බල්ලෙක් ඇඟට පැන්නනෙ බුරාගෙන මට
    අන්න කෙනෙක් දුර සිට එනවා පෙනුන මෙමාට
    මම දිව්ව එතනට මේ විස්තරය කියන්ට
    මම ළඟට යන විට ඈ සුර කුමරිය ලෙසට
    කිව්ව මෙමාට බය නොවනු එයාට
    ඔයා ගිටාර් ගහන්න - ලස්සන සිංදු කියන්න
    මට ආසයි නටන්න කියලා කිව්ව මෙමාට
    මම ගිටාර් ගහනවා ලස්සන බයිල කියනවා
    මට මෙහෙම පේනවා - මළ මිනි නැගිටල එනවා
    සුදෝ එපා නටන්න - අපි යමුකො ගෙදරට
    අපේ අම්ම ඔයාට ආදරෙ වේවි හරියට
    මම මෙහෙම කිව්වම එයා පැන්න අහකට
    හූ කියාගෙන නැවතත් පැන්න පොළවට
    මම පැන්න අහකට - ගිටාර් එක ගත්ත දෑතට
    දුන්න ඔළුවට - ගිටාර් එකෙ කෑලි හැලෙන්න.

    ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්

    ReplyDelete
    Replies
    1. බොලාට විනෝදෙ.. රෑකට ඔය වගේ සීන් එකක් සෙට් උනොත් බලන්නකෝ වෙන දේ...

      Delete
  6. දහඅට වංගුවේ 100 පන්නල ඩ්‍රයිව් කළා?????? මාර වැඩකරුවෙක්නේ

    ReplyDelete
    Replies
    1. ඉවානයෝ වැලි අදින ටිපර් කාරයෝ නම් ලෝඩ් එක නැතුව පල්ලම බහිද්දී ඒ ආසන්නෙට වගේ ඔය වංගු වල යනවා...

      Delete
    2. භය උන වෙලාවට දහ අට වන්ගුවත් වන්ගුවක්ද බන්.. ඔය සිද්දිය උන තැන 18 වංගුව හරිය නෙවෙයි.. ඊට හුඟක් නුවර පැත්තට වෙන්න..

      Delete
  7. +++++++++++++++++++++++++++++++++++++++ නියමාාාාාාාාාාාාාාාාාාාාාාායි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  8. දිගටම ලියන්න.කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. වෙලාව තියන විදිහට දිගටම ලියන්නයි කල්පනාව.. ස්තුතියි දිරිමත් කරනවට ..

      Delete
  9. දිගටම ලියමු හොඳේ .පොඩ්ඩක් බය හිතුන. වැඩි අවුලක් නෑ. තනියම පාරේ යන්න බය හිතුන ඇරුණුකොට.හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අණු නමෙන් ඩ්‍රයිවින් සීට් එක බේරුනේ .. තව ජුන්ඩෙන් ඩ්‍රයිවින් සීට් එක තෙමෙනවා..

      Delete
  10. මමත් දවසක් 12/10 ලොරියෙන් ටොන් 10 ක වී ලෝඩ් එකක් දාගෙන ඇස්ලේටරෙත් 120 විතර පාගලා දහ අට වංගුව ගත්තා කනේ වැලි ගෑවෙන්න , මේක ගිනස් පොතට යන්න ඔනි වැඩක් උනාට , ගියේ මහියංගනේ පොලිස් පොතට කියහන්කො.

    ReplyDelete
    Replies
    1. ඇති ජීවිතේ ඉතුරු උනා.. යකඩ ගොඩවල් වල බ්‍රේක් විස්වාස කරන්න එපා බන්..

      Delete
    2. ඒ උනාට මගේ වන්ඩියේ බෙරේක් එක මට විස්වාසයි කොලුවො.

      Delete
  11. We Want හොල්මන් කතා

    ReplyDelete
    Replies
    1. හොල්මන් නිතර හමුවෙන්නේ නැහැනේ බන්..

      Delete
  12. සැක්... ඒ කෙල්ල ගියේ කොහාටද කියල පොඩ්ඩක් බලන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. මගුලක් කියෝනව උඹ.. තව නූලෙන් කලිසමත් හෝදන්න වෙනවා බන්..

      Delete
    2. මොන කලිසමක්ද බං.
      //වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල//

      Delete
    3. සොරි සොරි .. සරොන් තමයි..

      Delete
  13. Replies
    1. ස්තුතියි ඉශාන්..

      Delete
  14. සිරාම කතාවක් ඇහුවමයි මේ වගේ එකක්

    ReplyDelete
  15. කොමෙන්ට් එකක් දැම්මා බිත්තියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියේ..

      Delete
  16. හෙහෙ හෙහ් මරු සීන් එකක් නේ.. මට නම් දෙයියනේ කියල තාම ඔහොම සීන් වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. වෙන්නත් එපා කියල ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි පැතුම්..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. දෙන්නෙකුට විතරක් ඉස්සරහ යන්න ඉඩ තියෙන වාහනයක​, එක පැත්තක ඉන්න පිරිමියෙකුගේ කකුල් තියන තැන තියෙන පොඩි ඉඩ ප්‍රමාණයේ අස්සේ ගෑණු කෙනෙක්ව වාඩිකරවන් යන්නේ කොහොමද​?... සීට් එකක් ෂෙයාර් කරන් යනවටත් වඩා අමාරුයිනේ එහෙම යන එක​?...ඕන්නම් පූසෙක්ගේ ප්‍රමාණයේ සතෙක්වනම් තියාගෙන ගියෑකි...මටනම් මේ කථාව විශ්වාස කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න බෑ තමයි.. ඒත් ඒක එහෙම සිද්දවුනා.. වෙනකෙනෙක් මේ කතාව මට කිව්වනම් මමත් විශ්වාස කරන්න ටිකක් මැලි වෙයි... ඔයාගෙ සැකය ඔයාගෙ පැත්තෙන් සාධාරණයි...

      Delete