Saturday, October 22, 2016

පොල්ලේ වැනුම..




මාතෘකාව දුටු පමණින්ම වැරදි තීරණ වලට එළඹීම තම තමුන්ගේ සිත් සතන් වල තිබෙනා දෘෂ්ටියේ පරිමාව අනුව සිදුවන වග තරයේ හිතට ගන්නට ඕනෑය. මාතෘකාව දුටු පමණින් අහල පහල උන් පොඩි උන් ටික එලවා දැමූ වැඩිහිටියන් වෙතොත් එම එලවා දැමු දරුවන් නැවතත් පොස්ටුව කියවීමට ලංකාරගත්තාට වරදක් නැති බව සහතිකකොටම ප්‍රකාශ කරනවාය.

"පොල්ලේ වැනුම" නමින් මේ ලියවෙනා පෝස්ටුවට  උක්ත වන්නේ අම්බලංගොඩයාගේ එකතරා මිත්‍රයෙකු වන අතර එම මිත්‍රයා හැඳින්වීමට සුරතලයට භාවිතාකල නම වන්නේ "පොල්ලේ" කියාය. පොල්ලේගේ උප්පැන්නයේ තිබෙනා අනබිබවනීය නමට ඉදිරියෙන් නම්බු නාමයක් වශයෙන් පොල්ලේ කියා ලියාපදිංචි වන්නේ පොල්ලේ වයස පහළොව දාසය ගැටයා සංදියේදීය. පොල්ලේගේ වාසගමත්, නමත්, පෙළපත් නාමයත් ඇතුළුව ගණනය කළහොත් වචන හයක අලංකාරවත් නමක් පොල්ලේගේ උප්පැන්නයේ සඳහන්වී ඇත්තේය. එහෙත් දන්නා සංදියේ පටන් පොල්ලේව හඳුන්වන්නට පාසල් මිතුරන් හා ගමේ කොල්ලන් කුරුට්ටන්ද භාවිතා කලේ පොල්ලේගේ වාසගමේ කොටසක්ය. එහෙත් කුමක්දෝ අවාසනාවකට එම වාසගම් නාමය ඉදිරියෙන් පොල්ලේ කියා ලියාපදිංචි වූ පස්සෙන් පහු වාසගම් කොටස නිරායාසයෙන්ම නමෙන් ඉවත්වූ අතර "පොල්ලේ" කෑල්ල පමණක් ඉතුරු වීය. 

පොල්ලේ සහ අම්බලන්ගොඩයාගේ මිතුදම එක්දහස් නවසිය අසූ තුන වකවානුවේ පටන් පැවත එන්නාවූ ඉතා පැරණි යහළුකමක්ය. එය වෙනත් ආකාරයකින් කියනවානම් පොල්ලේ සහ අම්බලන්ගොඩයා හෝඩිය පන්තියේ පටන් පහ  වසර දක්වා ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එකම පංතියේ අකුරු කල කොලුවන් දෙදෙනෙකුය. අම්බලන්ගොඩයා පහ වසරෙන් අනතුරුව ධර්මාශෝක විද්‍යාලයට සංක්‍රමණය වුවත් පොල්ලේ ඇතුළු දේවානන්ද විද්‍යාලයේ මිතුරන් සමග එදා වාගේම හිතවත්කම් මිත්‍රකම් තිබෙනවාය. මීට කලකට ඉහතදී ලියා පලකරන ලද සකලේගේ කතා පුවතට පාදකවූ සකලේද අම්බලන්ගොඩයා සහ පොල්ලේ අකුරු කල පන්තියේම සාමාජිකයෙක්ය. 

හෝඩියේ පන්තියේ පටන්ම පොල්ලේ යනු කිසිදු  දිනෙක අටලෝ දහමේ සැලුනාවූ පුද්ගලයකු නොවේය. දුකේදීද සැපේදීද , ලාභයෙදීද අලාභයෙදීද, නින්දා ප්‍රශංසා සහ යස අයස දෙකෙහිදීද පොල්ලේ සිටියේ එකම හිනාවක් මුහුණේ තබාගෙනය. සාමාන්‍ය පුද්ගලයකුට  වඩා මදක් විශාල ඇස් දෙකකට හිමිකම් කියනා පොල්ලේගේ මුහුණෙන් එම අලංකාර හිනාව මැකී ගියානම් ඒ පන්තියේ උගන්වනා ගුරුතුමා හෝ ගුරුතුමිය පොල්ලේ වාඩිවී සිටිනා පුටුව පසුපසින් ප්‍රාදුර්භූත වූ අවස්තාවක පමණක්මය. ගුරුතුමාගෙන් හෝ ගුරුතුමියගෙන් පිට මැදට වදිනා මෙගා ප්‍රමාණයේ ගුටි දෙක තුනකින් අනතුරුව පොල්ලේගේ විශාල ඇස් දෙක බිත්ති ඔරලෝසු දෙකක් තරමට විශාල වෙනවා පමණක් වන අතර කටින් මීක් සද්දයක් පිටකරන්නේ පොල්ලේ නොවේය. ඉඳ හිටෙක ප්‍රාථමික විදුහල්පති තැන්පත් නැසීගිය සිරිසේන මහතාගේ අතෙහි රැඳෙනා මේන් වයරය පස්චාත් භාගය සිපගත්තද පොල්ලේගේ ඇස් දෙක බිත්ති ඔරලෝසු දෙකක් මෙන් ලොකුවී තත්පර කිහිපයකින් නැවතත් සුපුරුදු සිනාවෙන් මුව සරසා ගන්නවාය. එම යක්ස මේන් වයරයේ පහස ලැබූවන් හොටු පෙරාගෙන දවස පුරා හඩද්දී පොල්ලේ විසුළු හිනාවෙන් නැවතත් දවසට මුහුණ දෙනවාය. 


එවන් වූ නොසැලෙන ගති තිබුනාවූ පොල්ලේ අපගේ මිත්‍ර සමාගමට බෙහෙවින් තව තවත් ලං වන්නේ උසස්පෙළ කාලයේ බෝඩිමේ මිතුරු හවුලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසමින්ය. කාර්මික ක්‍ෂේත්‍රයට උපන් හපන් දස්කම් ඇති පොල්ලේ ත්‍රිරෝද රථ අලුත්වැඩියාව පිලිබඳ හසල දැනුමක් ඇති දක්ෂයකු බව මෙහිදී සඳහන් නොකළහොත් එය පොල්ලේගේ චරිත ස්භාවයට කරනා වූ බලවත් අසාධාරණයක් වන්නේය. පොල්ලේගේ ත්‍රිරෝද රථ පිලිබඳ විශේසඥ දැනුමක් ඇත්තෙකු නිසා කාගෙන් හෝ ත්‍රිරෝද රථයක් කුලියට ගැනීම පොල්ලේට කජු කනවා වාගේ සිම්පල් වැඩක්ය.  ඒ වාගේම අතේ යහමින් මුදල් ගැවසෙන්නේ නොමැති වෙලාවක වුවද පොල්ලේ මිත්‍රයින්ට ගමන් පහසුව සැලසීම සඳහා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදනවාමය. අත්‍යවශ්‍ය ගමනක් වෙනුවෙන් ගරාජයට අලුත්වැඩියාව වෙනුවෙන් පැමිණි රථයක් ට්‍රයල් යන මුවාවෙන් හෝ ගරාජයෙන් පන්නාගෙන පොල්ලේ එනවා කී තැනට වෙලාවට එනවාමය. 

එවන් එක්තරා දවසක රවියාගේ මුත්තාගේ තුන්මාසයේ දානයට සහභාගී වී නාසය ගාවටම වළඳා නැවතත් අම්බලන්ගොඩ බලා ගමන් ගන්නා අල්ලපනල්ලේ බටපොල නගර මධ්‍යයේදී පොලිසියෙන් නවත්වන්නට යෙදුනේ පොල්ලේ විසින් පැදවූ ත්‍රිරෝද රථයය. පොල්ලේ හැරුණකොට මගීන් සියල්ලෝම පාසල් නිල ඇඳුමින් සැරසුණු උදවිය වූ අතර රථය නවත්වන්නට හේතුව වුයේ නියමිත ප්‍රමාණයට වඩා මගීන් පටවාගෙන ධාවනය කිරීමය. බටපොල හන්දියේදී රථය නැවැත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා විශ්මය පිරි දෑසින් රථය වෙත ලංවුයේය ..

මහත්තුරු කොහෙද මේ යන්නේ..

අපි මේ දානේ ගෙදරක ගිහින් එන ගමන් සර්..

කෝ මේකේ ඩ්‍රයිවර්..

මේ ඉන්නවා සර්..

ආ උඹ ඉන්නවද.. හිටහන්කෝ මුන් ටික බස්සනකම්...හා එහෙනම් බහිමු බලන්න එකා එකා...පීසී ගණන් කරනවා බලන්න .

එකයි.. දෙකායි ..තුනායි ..හතරායි ... පහායි ..හයායි ...හතායි ..අටායි..නවයායි .. දහයායි ...

හරි සර්.. ඩ්‍රයිවර් එක්ක එකොළහයි..

බලනවා බලනවා ඇතුලේ තව ඉන්නවද කියල..

ආ.. මේ ඉන්නව සර්.. තව දෙන්නෙක් ඉන්නවා..

ඒ කොටා සහ අම්බලන්ගොඩයාය .. අපි දෙන්නා ස්ථානගතවී ගමන් පහසුකම් සලසා ගත්තේ ත්‍රිරෝද රථයේ පසුපස ආසනයට පසුපසින් තිබෙනා කොටසේය.. ශරීරයෙන් කුඩා කොටාටත් අම්බලන්ගොඩයාටත් කකුල් දෙක නවාගත් පසු එම ස්ථානයේ ෂපාන් එකට ගමන් පහසුව සලසා ගැනීම සිම්පල් වැඩක්ය..

හා.. තොපි දෙන්නත් බැහැපන් දැන් ගුටි නොකා..

පීසී.. ඔක්කොම කීයද..

මුන් දෙන්නත් එක්ක දහතුනයි සර්..

දැන් මේ මහත්තරුන්ට ඩ්‍රයිවර් එක්ක තව තුන්දෙනෙක් ඉතුරු කරලා ඊළඟ බස් එකේ නැගල යන්න පුළුවනි..

සර් මොකද මුට කරන්නේ..

කිසිදා අටලෝ දහමේ නොසැලුණු පොල්ලේ විසුළු සිනාවක් මුහුණේ රඳවාගෙන කිසිදු ගානකට නැතුව ඔහේ ඉන්නවාය...

මම මේ කල්පනා කරේ මුට දඩේකුත් දීල උසාවි දාන්න.

සර්.. දෙන දඩ කොලයක් දීල අපිව එහෙනම් යවන්න.. ඉක්මනට ටවුන් එකට ගිහින් හයර් කෑල්ලක් දුවාගන්න ඕනනේ..

ඒ පොල්ලේය.. මහරජාටවත් බය නැති පොල්ලේ පොලිස් නිලධාරීන්ටද එම රීතියමය. කවදත් කටට බ්‍රේක් නැති පොල්ලේ මහරජාට උනත් කියන්න තියන දේ මූණටම කියනවාමය. එදා පොල්ලේට උසාවි දිනයක් සමගින් තාවකාලික රියදුරු බලපත්‍රයක හිමිවූ අතර පසුව එය දඩ කොලයක් බවට පරිවර්තනය කරගැනීමට පොල්ලේ දක්ෂයෙක් වුයේය. පොලිස් නිලධාරීන් දෙදෙනා ලඟින් නියමිත මගී ප්‍රමාණයෙන් පිටව ගිය පොල්ලේ අනෙකුත් මගීන් එනතුරු මග රැක බලන් සිටිනවා වග සක් සුදක් සේ දන්නා අනෙකුත් මගී පිරිවර පොලිස් නිලධාරීන් දෙදෙනා ලඟින් මාරුවී ගොස් නැවතත් පොල්ලේගේ ත්‍රිරෝද රථයේම ගමන් පහසුව සලසා ගන්නවාය.

පොල්ලේගේ මවු දෙමාපියන් ප්‍රමුඛ සියල්ලෝම පොල්ලේගේ කටට බෙහෙවින් භය පක්ෂපාතීකමක් දක්වන්නේ පොල්ලේගේ කටට බ්‍රේක් නැති නිසාය. පොල්ලේ කරන්නේ පොල්ලේට උවමනා දේ පමණය. පොල්ලේට මට්ටු කරන්නට බැරිවුනාවූ ප්‍රාණියෙකු පොල්ලේගේ නිවසේ සිටියානම් ඒ පොල්ලේගේ මිත්තනිය පමණය. ඒ සඳහා පමණක් පොල්ලේ බෝඩිමේ මිත්‍ර සමාගමෙන් සහය පතන්නට දෙවරක් හිතන්නේ නැතිය. එම දිනය උදාවන්නේ මසකට වරක් වන අතර එදිනට බෝඩිමේ මිතුරු පිරිස සැදී පැහැදී සිටින්නේ පොල්ලේට අවශ්‍ය උදව්ව කිරීම අප කාගේත් යුතුකමක් නිසාය.

එම වාසනාවන්ත දිනය නම් පොල්ලේගේ මිත්තනිය විශ්‍රාම වැටුප් ගන්නා දිනයට පසුවදා දිනයය. එදාට මහරජතුමාගේ වැඩක් තිබුනද පොල්ලේ ගෙදරින් එලියට බහින්නේ නැතිය. ආතම්මා සිය විශ්‍රාම වැටුප තම පුතා හෙවත් පොල්ලේගේ මාමාට පුද දීමට යන්නට සැරසෙන්නේ විශ්‍රාම වැටුප් දිනයට පසුවදා දිනයේදීය. එදිනට උදෑසන අවදිවන බෝඩිමේ සෙට් එකට දවසම කාර්යබහුල දිනයක් වන්නේ උදෑසන සිට ඇඳිරි වැටෙනතුරු පොල්ලේ විසින් පවරනා රාජකාරියට සැදී පැහැදී සිටිය යුතු නිසාය. එදාට බෝඩිමේ අහුමුලු වල තිබෙනා පොරෝ කෑලි , උදලු, අලවංගු , කැති , මන්නා පිහි සියල්ල බෝඩිමේ පසුපස ගේට්ටුව ලඟට ගොඩ ගැසෙන්නේ අදාළ රාජකාරියට ප්‍රයෝජනයට ගනු පිණිසය.. 

ආතම්මා කදිම සාරියකින් සැරසී මුහුණේ පියරුලා කොණ්ඩය තාලයට පීරා ගමනට ලෑස්තිවන අල්ලපනල්ලේ විනාඩියකට ගෙදරින් පැනගන්නා පොල්ලේ බෝඩිම ඉදිරියෙන් බයිසිකලය පැදගෙන යන්නේ බෝඩිමට පණිවිඩය දීම පිණිසය. කිසිදු හේතුවක් නිසාවත් බෝඩිමේ ගේට්ටුව ළඟ බයිසිකලය නොනවත්වනා පොල්ලේ ඇසෙන නෑසෙන හඬින් සහ ව්‍යංගයෙන් බෝඩිමට පණිවිඩය දෙනවාය..

ලැස්ති වෙලා හිටපල්ලා... ආච්චි ලෑස්තියි...

එම පණිවිඩයෙන් කර්තව්‍ය සඳහා බෝඩිමෙන් අනුයුක්තවන පළමු තරඟකරු තමුන් කැමති මෙවලමක් අතෙහි සුරක්ෂිත කරගන්නේ සියල්ල අකුරට කලයුතු නිසාය..

පොල්ලේගේ මිත්තනියගේ නිවසේ ඉදිරිපස බිත්තියේ  තිබෙනා සිමෙන්ති ග්‍රිල් එකෙන් පෙරමග බලා  වංගුවෙන් මතුවෙනා  සුභ කටයුතු අයකු පෙරමග සලකුණ වශයෙන් තබාගෙන නිවසින් පිටත් වෙනවාය. බෝඩිම තිබෙන්නේ වංගුවත් පොල්ලේගේ මිත්තනියගේ නිවසත් අතර වන අතර බෝඩිමේ තරඟකරු තාප්පය අසල ඇන තබාගෙන සැඟවී සිටින්නේ බෝඩිමේ වතුර ටැංකියේ කණුවට මුවාවී පෙරමග බලමින් සිටිනා බෝඩිමේ සාමාජිකයාගෙන් පිටත්වීමේ සඥාව ලැබෙන තුරුය. මේ සියල්ල අකුරට සැලසුම් වී තිබෙනා වගක් නොදන්නා පොලේගේ මිත්තනිය නිවසින් පිටත් වෙනවාය. මිත්තනිය පාරට අවතීරණය වීමත් සමගම වතුර ටැංකිය අසල සැඟවී සිටිනා සාමාජික තැන ගේට්ටුව අසල සිටිනා තරඟකරු වෙත කොළ කොඩිය වනනවාය.  එයින් සක්‍රීය වන පළමු තරඟකරු තමුන් කැමතිම උදැල්ල හෝ කැත්ත අලවංගුව කර තබාගෙන පාරට අවතීරණය වන්නේ පොල්ලේගේ මිත්තනියගේ පෙරමග සලකුණ බෝඩිමේ ගේට්ටුව පසුකරන්නට කලින්ය. 

හා ප්‍රේමාච්චී ... බෑරක් වගේ...

ඔව් පුතේ මම මේ අපේ පුතාලහ ගිහින් එන්න කියල..

හා එහෙමද.. හොඳයි හොඳයි එහෙනම් සුභ ගමන් ආච්චි..

ම්ම්ම්ම්ම්ම්ම්.....

මොකෝ ආච්චි ආපහු හැරුනේ..

නෑ පුතේ මට දොර වැහුවද කියල හරියට මතක නෑ ....

එසේ කියමින් පොල්ලේගේ මිත්තනිය නැවත හැරී නිවසට යන්නේ පෙරමග සලකුණ උදැල්ලක් කර තබාගත් බෝඩිමේ සාමාජිකයා වූ නිසාය.. එහෙත් පැය භාගයකින් අනතුරුව  ප්‍රේමා ආච්චී නවත්ත තම දෙවන උත්සාහය ලබාගන්නා බව පොල්ලේ ඇතුළු බෝඩිමේ සැම හොඳින්ම දන්නවාය. එහෙත් පොල්ලේගේ මිත්තනියගේ දෙවන උත්සාහයද පෙර පරිදිම අල කර දමන්නට බෝඩිමේ පිරිස සහ පොල්ලේ සැදී පැහැදී ඉන්නවාය. පොල්ලේගේ මිත්තනිය දවස පුරාම උත්සහ දරා දවස දෙක තුන පමණ වන විට ගමන අත්හැර දමන්නේ සිය ඇඳුම් ආයිත්තම් උනා තබමින්ය. එයින් අනතුරුව පොල්ලේ සහ බෝඩිමේ සාමාජිකයින් අත්‍යවශ්‍ය සේවාවෙන් නිදහස් වෙනවාය. එහෙත් ඉර මුදුන් වන්නට වන්නට ප්‍රේමා ආච්චීගේ වාග් විලාශය ටිකෙන් ටික දරුණු වන අතර බෝඩිමේ අවසන් තරගකරු හා කෙරෙනා දෙබස් නම් මෙසේය..

හා ප්‍රේමාච්චී .. ගමනක් යන්න වගේ...

ඔව් මේ බෝලාගේ මවු දෙමවුපියෝ බලල එන්න යන්න කියල..බල්ලොන්ට ජාතක වෙච්ච එවුන්..

පොල්ලේ විසින් සැලසුම් සහගතව අල කර  දමනා මිත්තනියගේ ගමන ඉන් දින කීපයක්  අනතුරුව යනවානම් යන්නේ පොල්ලේගේ ත්‍රිරෝද රථයේය. එයට ගාස්තුව වශයෙන් පොල්ලේ අත්තම්මාගෙන් පෙන්සොන් පඩියෙන් භාගයටත් වඩා අය කරනවාය.

මෙවන් දීර්ඝ ලිපියකින් විස්තරකොට ලියන්නට යෙදුනු පොල්ලේට පොල්ලේ කියනා විශේෂණය ලැබුනේ කෙසේදැයි පාඨක සැමට ප්‍රශ්නයක් මතුවනා නිසා එයද මෙහිම සටහන් කරනවාය..

පොල්ලේ කලක තම මාමාගේ නිවසේ නැවතී සිටි කාලයේ දුර ප්‍රදේශයක මලගෙදරකට සහභාගී වන්නට පොල්ලේට සිදුවී තිබුනේලුය. රාත්‍රී කාලයේ ෆුට් බයිසිකලයකින් මල ගෙදරට ගොස් මාමාගේ නිවසට ආපසු එන අල්ලපනල්ලේ පොල්ලේට එන්නට සිදුවී තිබුනේ කන්දක් සහිත පාලු ප්‍රදේශයක් හරහාලුය.  ඒ මදිවාට පාලු සොහොන් පිටියක්ද පසුකරන්නට තියෙනවාලුය. 


මාමාගේ නිවසට එන අතර වාරයේ කනත්ත පාමුලදී දැනුනාවූ චකිතයක් නිසා පොල්ලේ බයිසිකලය අම්මමෝ නැතුව පාගන්නට තියාගත්තේ හැකි ඉක්මනින් කනත්ත පසුකර යායුතු නිසාලුය. කට්ට කරුවලේ හැටේ වේගයෙන් කනත්ත පසුකරගෙන පදිනා පොල්ලේගේ බයිසිකලය පාර හරහා ලැග සිටි කට්ට කළු මී හරකෙකුගේ බඩ මැද්දෑවේ දබාස් ගාමින් හැප්පී පොල්ලේ උඩින් විසික් වන්නේ පොල්ලේගේම අවාසනාවට වඩා මී හරකාගේත් අවාසනාවට වන්නට ඇතිලුය. එයින් බයෙන් බිරාන්ත වූ පොල්ලේ කලුවරේම අතගා සොයාගත් බයිසිකලයේ නැවතත් ගොඩවී හිටු කියා පදින්නට පටාන් ගත්තේ කනත්ත ඉදිරියේ කළුවරේ සිටි මී හරකා පොල්ලේට එලොව එලවා අනින්නට ඉඩ තිබෙනවාට වඩා කනත්තට තිබෙනා භය නිසාලුය. කනත්තද, මී හරකාද , කලුවරද නිසා බයිසිකලය හිටගෙන පදින්නට පටන්ගත් පොල්ලේ පාලු මුසල ප්‍රදේශය පසුකර දැන් ඉතින් හෙමින් යනවා කියා සිතා හිටගෙන පැදීම නවත්වා ආසනයේ වාඩිවූ කල පස්සපැත්තේ ඇනිලා තිබෙන්නේ බයිසිකලයේ ආසනය සවිකර තිබෙනා පොල්ලය. ඒ කියන්නේ පොල්ලේ පැදපු පැදිල්ලට හෝ වැටුණු වැටිල්ලටද කොහේදෝ බයිසිකලයේ සීට් එක අන්තරස්දාන වෙලාලුය.. ඉතැනින් එහා පොල්ලෙට මාමාගේ ගෙදරට එන්නට සිදුවුයේ පොල්ලේ වාඩිවීලා බයිසිකලය පැදගෙනලූය. පොල්ලේ විසින්ම මිතුරන්ට කියනු ලදාවූ මේ සිද්දියෙන් අනතුරුව පොල්ලේගේ නමට ඉදිරියෙන් "පොල්ලේ" කෑල්ල අනුයුක්ත වූ අතර අද වනවිට යසට තිබු වාසගමද ලොප් වී ඉතිරිවී තිබෙන්නේ "පොල්ලේ " කෑල්ල පමණය. 

පොස්ටුව දිග වැඩි වුවද පොල්ලේගේ ගැන ලියන්නට තවත් එක සිද්දියක් තිබෙනවාය..

එදින අප කාගේත් මිතුරු බතලයාගේ අම්මාගේ මල්ලීගේ මාමණ්ඩිය මිය ගිය පුවත අප කාටත් මසුරන් ආරංචියක් වුයේ මළගෙදරක යාම යනු ඉතා විනෝදජනක කටයුත්තක් නිසාය. බතලයා අඳුනන්නේ නැති උදවිය "තනියම ගිය පාස්පෝර්ට් එක " සහ "හෙළුවෙන් යාම " පොස්ට් කියවා බතයාගේ සූර වීර වැඩ ගැන අවබෝධයක් ලබාගත මනාය.

මළගෙදර තිබෙන්නේ ගාල්ලේය. ගාල්ල යනු මහා දුර බැහැරක නොවුනත් පොල්ලේ යන්නට අදිමදි කරන්නේ ත්‍රිරෝද රථයක් කුලියට ගෙන යමු කියාය. එවන් වියදම් කිරීමට මහා ආණ්ඩුවෙන් යැපෙනා අපේ එවුන් එකෙකුවත් ළඟ මුදල් නොමැතිය. ඒ හෙයින් අකමැත්තෙන් වුවද මළගෙදර යන්නට වන්නේ බස්රථයක හෝ දුම්රියේය..

මට බෑ  බස් එකේ යන්න.. ත්‍රී වීල් එකක යමන්.. මම එකක් ඉල්ලන් එන්නම්.. තෙල් ගහල දෙසීයක් දුන්නාම ඇති..

පිස්සුද බන් පොල්ලේ.. අපි ගාව සල්ලි නෑ .. බස් එකේ යමන්..

මට බෑ ..

බෑ කියන්න එපා බං .. යමන්කෝ..

හරි මම එන්නං .. හැබැයි හොඳට කන්න බොන්න සිගරට් ප්ලේන්ටී ඔක්කොම ඕන...

හරි බන්.. මල ගෙදරක ඒව නැති වෙනවද..

හරි යමල්ලකෝ එහෙනං ..

ගාල්ලේ පිහිටි මළගෙදරට මිත්‍ර සමාගම සැපත් වන්නේ රාත්‍රී දහයට පමණය... වැඩි සෙනගක් නමැති වූ මලගෙදර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මල ගෙදරක සිරි උසුලනවාය..  මල ගෙදර සිටිනා උදවියද මල මිනිය හා  සමානය. කිසිම කතාවක් බහක් නොමැතිය.. ඒ මදිවාට මළගෙදර සැවොම කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. බතලයාද තම සුදු මාමාගේ හිත දිනාගැනීමට හෙන සිල්වත් ආකාරයෙන් හැසිරෙනවාය. අම්බලන්ගොඩයා ඇතුළු අනෙකුත් පිරිසද සෑහෙන්න සිල්වත් මහත්මා ආකාරයෙන් හැසිරෙනවාය. එහෙත් පොල්ලේ සෑහෙන නොසන්සුන්ය..

කෝ යකෝ කන්න.. 

ෂ් .... කෑ නොගහ හිටහන් යකෝ...

අඩුම ගානේ ප්ලේන්ටියක්.. සිගරට් එකක්... යකෝ මුන්ට මළගෙවල් කරන්න උගන්නන්න වෙනවා පංතියක්  දාල.. අඩෝ බතලයා.. එන්න කියහන් උඹේ සුදු මාමට.. 

 කෑ නොගහ හිටහන්කෝ පොල්ලේ... තව ටිකකින් කන්න කතා කරාවි..

ඒයි බතලයා.. අහපන් උඹේ සුදු මාමාගෙන් අර පෙට්ටියේ දපල ඉන්නේ උගේ මාමණ්ඩිද අපේ මාමණ්ඩිද කියල..

අනේ කියන තැනකට වඳින්නම් පොල්ලේ කෑ  නොගහ හිටහන්කෝ..

දැන් බොලා මාව එක්කං  ආවේ අලි දෙන්නං කොටි දෙන්නං කියලනේ..කෝ ඉතින් දීපං ඉතිං .. මට බඩගිනියි...

එවන් ආකාරයේ විවිද වූ ඉල්ලීම් දහසක් අතරේ පොල්ලේ මළගෙදර තබාගෙන ඉන්නේ කුලප්පු වූ අලියෙකු තබාගෙන ඉන්නා හා සමානවය. ඒ අතර වාරයේ බතලයා මළගෙදර ඇතුලට විසිට් එකක් දමා ආපසු එනවාය. නැවතත් බතලයා සුදු මාමා අවටින් ගැවසෙන්නට මළගෙදර ඇතුලට යනවා එනවාය, මුහුණ බෙරි කරගෙන එනවාය. මල ගෙදර එවුන්ද ප්ලේන්ටියක් තියා ඇල්වතුර එකක්වත් දෙන කාලගුණයක් පෙනෙන්නටද නැත්තේය.

තත්පර විනාඩි වී විනාඩි පැය බවට පත්වෙද්දී මළගෙදරින් පොල්ලේගේ ඉල්ලීම් ඉටුවෙනා ආකාරයක් පෙනෙන්නටද නොමැතිය. මළගෙදර රැස්වී උන් දෙතුන් දෙනාද එකා දෙන්නා ගෙවල් වලට දිරාමාරුවෙලාය. බතලයාගේ ඥාතිත්වයට පිටුපාන්නට බැරි නිසාදෝ අම්බලන්ගොඩයා ඇතුළු පිරිසට බතලයා මළගෙදර තනිකර දමා ගමේ එන්නටද නොහැකිය. ඒ අල්ලපනල්ලේ පොල්ලේද  එන්න එන්නම නාලාගිරි ස්භාවයක් පෙන්නුම් කරනවාය. පොල්ලේගේ අස්වසන්නට අහලක පහලක කඩයක්වත් නොමැතිය. එහෙම කඩයක් අහලක පහලක තිබුනානම් සුරුට්ටු පෙට්ටියක්, සීනි බනිසයක් හෝ අරන් දී පොල්ලේ මදක් අස්වසන්නට තිබුණාය. ඒ සියලු දෑ අතරතුර පොල්ලේගේ මුරට එකෙකු දෙන්නෙකු තබා කොලු නඩයේ එකා දෙන්නා බතලයාගේ සුදු මාමාට විසිට්  එකද දමනවාය. සුදු මාමාද බතලයා ප්‍රමුක පිරිස වටකරගෙන වටේටම  ඉංග්‍රීසියෙන් කඩුව වනනවාය. සුදුමාමා කියනා දේ තේරුනාද නොතේරුනාද අපේ එවුන්ද හෙන උගත් බුද්ධිමත් ස්භාවයෙන් ඔලුව වනනවාය. බතලයාද  දන්නා සියලූම දක්ෂතා උපයෝගී කරගනිමින් ඒ බී සී ඩී අකුරු විසිහය එහාටත් මෙහාටත් ගැටගසමින් මාමාගේ කඩු පහරට පිළිතුරු කඩු පහරවල් එල්ල කරනවාය. ඉංග්‍රීසි සොයාගත් පුද්ගලයාට පිංසිදුවන්නට ඉංග්‍රීසි හෝඩියේ තිබෙන්නේ අකුරු විසි හයක් වීම බතලයාට වාසි සහගතය. අකුරු දෙතුන්සීයක හෝඩියක් වූවානම් බතලයාට අබසරණය. වෘතියෙන් වතු අධිකාරීවරයකු වන සුදු මාමාගේ සුපිරි කඩු පහරවල් වලින් බෙල්ල මුලින්ම කැපෙන්නට යන බතලයා අම්බලංගොඩ උපන් පිනෙන් යාන්තමට බෙල්ල බේරාගෙන කඩුව වනාගන්නවාය. පවුලේ ඥාතීන් දෙදෙනෙකුගේ කතාවන් වලට මැදට පනින්නට යෑම විනයානුකූල කටයුත්තක් නොවෙන බව කුඩා කාලයේ වැඩිහිටියන් උගන්වා තබෙන නිසා අපේ එවුන්ද හෙන දුක හිතෙනා ආකාරයෙන් සුදු මාමාගේ මියගිය මාමණ්ඩිය දිහා බලා සිටිනවාය. මිත්‍ර සමාගම මිනිය දිහා බලන් ඉන්නා දුක හිතෙන ස්භාවය දුටු කල එවන් දුකක් ගෙදර එවුන්ටවත් නොමතිදැයි හිතන්නට පුළුවන් තරම්ය. හැමදෙනාම දුක හිතෙනා ආකාරයෙන් මිනිය දිහා බලා සිටින්නේ වැරදිලාවත් සුදු මාමා කඩුවෙන් කෙටුවහොත් දෙන්නට උත්තර නැති වෙන නිසාය.

සියල්ල සාමාන්‍ය අයුරින් සිදුවෙද්දී, සුදු මාමා නොනවත්වා බතලයාට ඉංග්‍රීසි කඩුවෙන් කොටද්දී මිනිය තබා තිබෙනා මළගෙදර විසිත්ත කාමරයට අමුත්තෙකු ගොඩවන්නේ බොහොම කලබලයෙන්ය.. ඒ වෙන කව්රුත් නොවේය.. ප්ලේන්ටියක් සිගරට්ටුවක් නොමැතිව නාලාගිරි ස්භාවයෙන් පසුවෙනා පොල්ලේය... බැලින්නම් පොල්ලේ එළියේ පුටුවක් උඩ  නිදි කිරා වැටෙද්දී අපේ එවනු එකා දෙන්නා පොල්ලේ එළියේ තනිකර දමා මල ගෙදර ඇතුලේ සිද්දවෙනා කඩු  ෆයිට් එක බලන්නට අවිල්ලාය. 

අඩෝ බතලයා ඉංගිරිස් ටෝක් නේ.. එළියේ නෝ ප්ලේන්ටි සිකරට්..

සුදු මාමා ඉංග්‍රීසි කඩුව පැත්තකින් තබා කට අරගෙන පොල්ලේ දිහා බලා සිටිනවාය..සුදු මාමා බලන්නේ මූ මොකාද කියාය..

අඩෝ බොලාට විතරක් නෙවෙයි .. පොල්ලේ ටෝක් ඉංග්‍රීසි.. හිටහන්කෝ  පෙන්නන්න..

අයිම්  සමන්.. අයිම් ෆ්‍රොම් ශ්‍රී ලංකා.. අයිම් ගීතා අයිම් ෆ්‍රොම් ඉන්දියා.. අයිම් මුරූ අයිම් ෆ්‍රොම් නයිජීරියා.. අයිම් ටාරෝ අයිම් ෆ්‍රොම් ජපෑන් .... වට් ඉස් දිස් ..කැටිසන් ..පැටිසන් ... බට් යූ සී ද සී ..වටේට කෙස් මැද හිස්..හෙහ්... බොලා හිතන් ඉන්නේ පොල්ලෙට ඉංග්‍රීසි බෑ කියලනේ...

සුදු මාමා පොල්ලේ දිහාද බතලයා දිහාද අපි දිහාද මාරුවෙන් මාරුවට බලමින් මේ වෙන්නේ කුමක්දැයි කියා බලා සිටිනවාය.. 

දිස් ඉස් සුදු මාමා ෆ්‍රෙන්ඩ් සිකරට් ප්ලේන්ටි නෝ මල ගෙදරවල් නෝ කමින් පොල්ලේ.. බතලයා ටෝක් ටෝක් ප්ලේන්ටි සිකරට් ලොරි ගණන් ගිව් මල හත්තිලව්වේ නෝ ඇල්වතුර ග්ලාස් වීදුරුවක්....කැටිසන්..පැටිසන්....රොබින්සන්..විල්සන්..පැදුරුකාට් පුකෙරා..පැටිසන්ගේ සන් කැටිසන්.. පොල්ලේ ටෝක් ඉංග්‍රීසි.. කෝ දැන් ඉංගිරිස් වට්ස් ද ප්‍රොබ්ලම්..ටෝක් ටෝක් ඉංග්‍රීස්..

සුදු මාමාට අමතරව ගෙදර ඇතුලේ නිදා සිටි පුද්ගලයින්ද ඇඳන් වලින් පැනලා ඇවිත් සාලයට එබිකම් කරන්නට පටන් ගත් නිසා බතලයා ප්‍රමුක සැවොම එකවරම පොල්ලේ කරට ගෙන පාර දිගේ දුවන්නට තියාගත්තේ වෙනත් කරන්නට දෙයක් නොමැති වූ නසාවෙන්ය. මළගෙදරට නෑසේනා දුර දක්වා හතර දෙනෙකුගේ කරින් වඩම්මන පොල්ලේගේ කට මිරිකා අල්ලාගෙන ආ නිසා පොල්ලේගේ ඉංග්‍රීසි හැකියාව අහලට පහලට පෙන්වාගන්නට බරිවුනේය. ගාල්ල දුම්රිය ස්ථානයට සැපත් වී සමුද්‍රදෙවියේ නැග ගමට පැමිණෙනතුරුද පොල්ලේගේ ඉංග්‍රීසි කතාව නම් නැවතී තිබුනේ නැත. පොල්ලේ තවත් ටික වෙලාවක් සුදු මාමාට සහ බතලයාට ඉංග්‍රීසියෙන් ඇමතුවනාම් සුදුමාමාගේ මියගිය මාමණ්ඩියද පෙට්ටියෙන් නැගිට බඩ අල්ලාගෙන සිනාසෙනු නියතය.

හෙළුවෙන් යාම
http://ambalangodakatha.blogspot.com/2014/11/blog-post_27.html


තනියම ගිය පාස්පෝර්ට් එක 1
http://ambalangodakatha.blogspot.com/2014/12/1.html

චේතිය පරපුරේ අපේ එකෙක්
http://ambalangodakatha.blogspot.com/2016/03/blog-post_16.html




Tuesday, October 18, 2016

ඔන්ලි ඉන් ඉන්ඩියා 1




පොස්ටුව කියවූ පාඨක සැමගේ පහන් සංවේගය පිණිස ඉන්දියානු ගමනේ මතක සටහන් මතයේ රැඳී ඇති ආකාරයෙන් ලියා තැබීමට අදහස් කල බැවින් ඉන්දියානු ගමනේ ඉතුරු මිතුරු විස්තර මෙලෙ ලියවෙනු ලබනවාය. ලංකාවෙන් පිටත්වූ මා අත පය හතරත් බේරාගෙන සන්තකව තිබු සොච්චම් මුදලත් සුරැකිව තබාගෙන ප්‍රේස්ටීජ්  හෝටලය වෙත සැපත්වූ විස්තරය ප්ලේන්ස් ට්‍ර්ර්න්ස් ඔටෝමොබයිල් පොස්ටුවේ යසට ලියවී තිබෙනා බැවින් එය නොකියවූ අයකු වෙතොත් එය කියවා මෙය කියවනු මනාය..


ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..



හඳුන්කූරු රසැති ඉන්දියානු බුරියානියත් ඉන්දියානු තෝසයත් රස බලා අමන්දානන්දයට පත් අම්බලන්ගොඩයා ප්‍රේස්ටීජ් හෝටලයට සැපත්වූ වහා නාකියාගෙන නින්දට වැටුනා කියා ලියා තබා එම පොස්ටුව අහවර කලද එය එසේ නොවේය. එය එසේ ලියා තබා පොස්ටුව අවසන් කල පළමු සහ අවසන් හේතුවනම් පැය ගණනාවක් තිස්සේ ලියන්නට යෙදුන එම පොස්ටුව ඉක්මනින් අවසන්කර නින්දට වැටීමේ උවමනාව වීමය.



අම්බලන්ගොඩයා ඉන්දියාවේදී ...


හෝටලයට සැපත් අම්බලන්ගොඩයාට ඊළඟට තිබුනාවූ පලමුම ප්‍රශ්නය නම් දින තුනක් තිස්සේ කොමාවක් දමා මදකට කල් දැමු වැසිකිලි ප්‍රශ්නයට නැවතීමේ තිත තබා ආයාසයෙන් උහුලාගෙන සිටියාවූ බරෙන් නිදහස් වීමය. හෝටලයේ අවශ්‍ය ලියකියවිලි වලට අත්සන් තැබූ අම්බලන්ගොඩයාට හිමිවූ කාමරය කාමර අංක එකොළහ වීය. ඇඳන් දෙකකින්  සහ රූපවාහිනී යන්ත්‍රයකින් සමන්විත සුවිශාල කාමරයේ යාබදව නාන කාමරයක් තිබීම මහත් අස්වැසිල්ලක් වුයේ එතෙක් මෙතෙක් වින්දාවූ දුක් සියල්ල එහි වැදී අවසන් කළහැකි නිසාය. ඒ හෙයින් කාමරයේ සිරි නැරඹීම මදකට කල් තැබූ අම්බලන්ගොඩයා කෙලින්ම වදින්නේ නාන කාමරයටය. ඒ නාන්නට නොවේය. මහ මෙරක් වන්  වැසිකිලි යාමේ අවශ්‍යතාවය සංසිඳුවා ගැනීමටය.

එහෙත් වැඩේ හුටාය. එහි තිබෙන්නේ එතෙක් මෙතෙක් උපන්තේකට දැක නැති වැසිකිලි පොච්චියක්ය. එය කොමඩ්ඩුවක්ද නොවේය. ප්‍රාථමික ගනයේ වැසිකිලියක්ද නොවේය. පාසලේ එක දෙක වසරේ සිට රචනා ලියා වැඩිම ලකුණු ලැබුවද, වර්තමානය වන විට සුප්‍රසිද්ධ කේටරින් සේවාවක් පවත්වාගෙන යන මිත්‍රයකුගේ පනහකට ආසන්න පෙම්වතියන්ට කුලියට ලියුම් ලියා සම්මාන සහතික ලැබුවද, බ්ලොග් පොස්ට් ලියා පාඨකයින්ගේ ප්‍රසාදයට පාත්‍ර වුවද අම්බලන්ගොඩයාගේ මවු භාෂාවේ තිබෙනා වූ වචන වලින් එම වැසිකිලි පෝච්චිය ගැන විස්තර කිරීම උගහටය. 

නාන කාමරයට වැදුනාවූ අම්බලන්ගොඩයාගේ වැසිකිලි අවශ්‍යතාවය දෙතුන් ගුණයකින් වැඩි වන්නේ මෙම උපකරණයෙන් වැසිකිලි පහසුකම සපයාගන්නේ කෙසේදෝ කියා නොදන්නා නිසාය. අම්බලන්ගොඩයා උපන්දා හිටං දැක තිබෙනා වැසිකිලි කොමඩ්ඩු මේ වාගේ නොවේය. ප්‍රාථමික ගනයේ වැසිකිලියක් නොවෙනා ඕනෑම වැසිකිළියක තිබෙනා කොමඩ්ඩු උඩින් එහි ෂපාන් එකට ඉඳගැනීමට කොමඩ් සීට් එකක් තිබෙනවාය. එහෙත් මෙහි එවන් එකක් නොමැතිය. අම්බලන්ගොඩයාගේ මනසට නැගෙනා පලමු අදහස නම් මෙය වැරදිලා සැදු එකක් හෝ සුවිශේෂී පුද්ගලයකු වෙනුවෙන් සෑදු එකක් යන්නය. එය එසේ සිතනවා හැරුණකොට ඔලුව පහලට සිට කල්පනා කලද වෙනත් උපකල්පන ආදේශ කල නොහැකිය.

උපකල්පන කරමින් තර්ක විතර්ක කරමින් සිටින්නට කාලයක්ද නොමැතිය. අවශ්‍යතාවය උත්සන්නය. එහෙත් අරුම පුදුම කොමඩ්ඩුව පාවිච්චි කරනා කරේමයක් දන්නේද නැතිය. තාවකාලිකව ප්‍රශ්නය විසඳාගනු පිණිස විකල්පයක් සොයා ජනේලයෙන් වටපිට බැලුවද පෙනෙන මානයේ කැළෑ රොදකුදු නොමැතිය. තිබෙනා එකම විකල්පය නම් වෙනත් කාමරයක් ඉල්ලාගැනීමය . එම අදහසින් නාන කාමරයෙන් එලිය එන අම්බලන්ගොඩයා හැකි උපරිම වේගයෙන් දුවගෙන යන්නේ හෝටලයේ කළමනාකරු සොයාගෙනය. ඔහුගේ නම රෝශාන්ත්ය. 


රෝශාන්ත්... අයි ඩෝන්ට් ලයික් දැට් රූම්.. කැනායි හැව් අ ඩිෆරන්ට් රූම් ප්ලීස්..

අරේ සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඉට්ස් වෙරි කොම්ෆොටබල් ර්ර්ර්ර්ර්රූම්.. වයි ඩෝන්ට් යූ ලයික් ඉට්..

යේස් ඉට් ඊස්.. බට් අයි නීඩ් අ ඩිෆරන්ට් රූම්...

අරේ සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... අයි ඩෝන්ට් නෝ වයි යූ රිෆියුසින් ඒසී රූම්..

 කම් ඔන් රොශාන්ත්.. අයි ඩෝන්ට් හැව් ටයිම් ෆෝ වේස්ට්.. ගිව් මී අ ඩිෆරන්ට් රූම්..

බොක්ක පැලෙන්න  එනව යකෝ ඉක්මනට හරිහමන් කොමඩ් එකක් තියන කාමරයක් දීපං කියා කියන්නට විදිහක් නොමැතිය. එහෙත් ඔවුන් මා වෙත දක්වනා ආචාරශීලී ස්භාවය ඉක්මවා මාගේ වැසිකිලි අවශ්‍යතාවය දෙගොඩතලා යාමට කලියෙන් වෙනත් කාමරයක් ලබාගත යුතුය.

ඔකේ සර්ර්ර්ර්ර්ර්ර්.... ගිව් මී ෆිව් මිනිට්ස් ...

හව් ලෝන්ග් විල් ඉට් ටේක්ස්...

ර්ර්ර්ර්ර්රි ලැක්ස් මයි ෆ්‍රෙන්ඩ්... ගිව් මී ටෙන් මිනිට්ස්...

විනාඩි දහයක් යනු අවශ්‍යතාවය දෙගොඩතලා ගොස් පටි රෝල් වීමට ඕනෑවටත් වඩා වැඩි කාලයක්ය. එහෙත් එම විනාඩි දහය ඉවසා සිටිනවාට වඩා කරන්නට වෙනත් දෙයකුදු නොමැතිය. පරක්කු කරොත් උඹලාට මාව ක්ලීන් කරන්න වෙනවා යකෝ ඕක ඉක්මනට දියන් කියා කියන්නට විදිහක් නොමැතිය.

හෝටලයේ මිදුලේ නවතා තිබෙනා වාහන අතරේ අම්බලන්ගොඩයා ඔබ මොබ සක්මන් කරන්නේ එක තැන හිටගෙන සිටින්නට හෝ වාඩිවී සිටින්නට ඉස්පාසුවක් නොමැති නිසාය.


නොදන්නා නුපුරුදු  පරිසරයක් නිසාවෙන් ඕවිටි බඩවැටි කඳු පල්ලම් තිබෙනා සේයාවක් පෙනෙන්න්නටද නැතිය. එවන් දෑ තිබුනද අඳුරු පරිසර තත්වයක් මත  සොයාගනීමද උගහටය. කල හැකි එකම පිළියම නම් ඊළඟ කාමරය ලැබෙනාතෙක්  ඉවසිල්ලේ සිටීමය. දින තුනක දුම්රිය ගමනකින් ලද වටිනා කියන අත්දැකීම් වලින්  අනතුරුව අක්මාවට දැනෙනාවූ  එකම සැනසීම නම් හෝටලයේ මිදුලේ සරීකෘත්‍යය කලද එය ඒ තරම් සැලකියයුතු ප්‍රශ්නයක් නොවනා වගය. එහෙත් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රටවැසියෙකු වශයෙන් එවන් අසික්කිත කර්තව්‍යක් ඉටුකිරීමට හිත හදාගනීමටද අපහසුය. අහල පහලක ඕවිටක් බඩවටියක් තිබුනේනම් අපට බත  සපයන මහ පොළොවට ගෞරවයක් වශයෙන් පොහොර පිඬක් පසට එකතු කිරීමට හැකිව තිබුණිද හෝටලයේ විදුලි එලිය  වැටෙනා  මානයේ පෙනෙන්නේ කුඩා කටු පඳුරු  පමණය. 

හෝටලයක් කියා කීවද පාඨක සැම එය වරදවා වටහා නොගෙන මෙය කියවීම පිණිස හෝටලයේ ස්භාවය මෙහිදී විස්තර කෙරෙනවාය. අම්බලන්ගොඩයාගේ පුහුණුව සිදුවන්නේ කර්මාන්ත   ශාලාවක නිසාවෙන් අම්බලන්ගොඩයාට නවාතැන් ලැබෙන්නේ කර්මාන්ත ශාලාවට ආසනයේම පිහිටි කාමර සපයන ස්ථානයේය. ඉන්දියාවේ කර්මාන්ත ශාලා පිහිටුවන්නේ ඒවාට සුවිශේෂී වූ ප්‍රදේශ හෙවත් industrial area එකක නිසාවෙන් එම ප්‍රදේශයන්හි  තරු පංතියේ හෝටල් පිහිටන්නේ නැතිය. එසේ කියා ජාමේ බේරාගෙන අඩුම මිලට සහ ආසන්නයේම පිහිටන හෝටලයේ කාමරයක් මා වෙත වෙන් කෙරුනිද අපේ ලොක්කා මා හට තරු පංතියේ හෝටලයක් ලබාදේවියයි විහිළුවටවත් හිතන්නට නොහැක්කේ ඉංදියාවේ පය තැබූ වෙලාවේ පටන් සිදුවූ සියලු අකරතැබ්බ මා හට දවල් තරු පෙන්වනා ගනයේ ඒවා වූ නිසාය. මේ  කියනා හෝටලයද ලංකාවේ බස් නවත්වනා හෝටලයට වඩා වෙනසක් තිබුනානම් ඒ උඩ තට්ටුවේ තිබෙනා වූ  කාමර පමණය. දුර ගමන්වල යෙදෙන ලොරි රථ රියදුරන්  කෑමට නවත්වනා සුප්‍රසිද්ද හෝටලයක් වූ එහි කෑම වල තත්වයනම් මගින් හඳුන්කූරු බුරියානිය කෑ හෝටලයට වඩා ඉතාමත් ඉහල තත්වයක තිබෙනා බව කිවයුතුමය.

විවිධ අදහස් සහ විකල්ප සැලසුම්ද චිත්ත සන්තානය තුල පමණක් යෝජනා වී නිෂ්ප්‍රභා වෙද්දී හෝටලයේ කලමකාර තැන හෙවත් රොශාන්ත් මා සොයා පැමිණෙන්නේය..

සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... යුවර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්රූම් ඊස් රෙඩී.....

තෑන්ක් යූ .... තෑන්ක් යූ ....

හියර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් යුවර්ර්ර්ර්ර්ර්ර්ර් කී.... ර්ර්ර්ර්ර්ර්ර්රූම් නම්බර්ර්ර්ර්ර්ර්ර්ර් ත්‍රී......

තෑන්ක් යූ රොශාන්ත්.......

කාමරයේ යතුර කළමනාකරුගේ අතින් උදුරාගන්නා අම්බලන්ගොඩයා හෝටලයේ පඩිපෙළ දිගේ ඉගිල්ලෙන්නේ අඩියට දෙකට වැසිකිලියට වදිනු  පිණිසය. 


හදිසියේ වැසිකිලි යාම ලියාගෙන යන අල්ලපනල්ලේ තවත් එවන් අසික්කිත වැසිකිලියක් මතකයට නැගෙනා බැවින් එයද මෙහි ලියා තැබිය යුතුමය. අම්බලන්ගොඩයාගේ ඥාති නිවසක තිබෙනා එම අරුම පුදුම මල්ටිෆන්ෂන් වැසිකිලිය සුපිරි වර්ගයේ  ඒකක්ය. නිවස තුල තිබෙනා නාන කාමරයේ ඇති වැසිකිලි පහසුකම කව්රුන් හෝ භාවිතාකරනා අල්ලපනලේ තවත් අයෙකුට එම අවශ්‍යතාවය ඉටුකරගැනීමට උවමනාවට වාගේ සාදා තිබෙනා එම වැසිකිලිය ප්ලෑන් බී වර්ගයේ ඒකකය. එහෙත් එයට හදිසියේ ගොඩවෙනා ඕනෑම අයෙකු නැවත එලියට එන්නේ එම වැසිකිලිය සෑදු උත්තමයාගේ මවුපිය ගුණ මොනවට සිහිකරමින්ය. එයට පළමු සහ අවසන් හේතුව නම් එන වැසිකිලියේ දොර සවිකර තිබෙනා උළුවස්ස ඉතා මිටි එකක් වීමය. රුහුණු කුමාරිය මාතර යනවාටත් වඩා වේගයෙන් වැසිකිලියට වදිනා ඕනෑම පින්වතෙකුට වැසිකිලි උළුවස්සේ රසාස්වාදය විඳිමින් දවල් තරු බලමින් වැසිකිලිය සෑදු උත්තමයාගේ සහ උළුවස්ස සෑදු පිංවත් වඩු බාස් මහතාගේ මවු ගුණ ගායනා කරමින් ශරීකෘත්ය සිදුකිරීමට අවස්තාව ලැබෙන්නේ නොමිලේමය. වැසිකිලි අවශ්‍යතාවය යනු විනාඩියක් පසුපසට දැමිය නොහැකි කාරනාවක් නිසා එම උළුවස්ස සෑදු සුපින්වත් වඩු බාස් මහතාගේ ජීවිතය බේරෙනවා විනා වෙනයම්  ස්ථානයක එම උළුවස්ස තිබුනේනම් එය සෑදු වඩු බාස් මහතා දැන් ජීවතුන් අතර නොඉන්නට තිබෙනා සම්භාවිතාවය ඉතා ඉහල අගයක් ගන්නේය.  මල්ටිෆන්ෂන් වැසිකිලියේ ස්ටාර් මෝඩ් එක ඔටෝ ඕන් වීමට වඩු බාස් උන්නැහේ විසින් දමා තිබෙම උපක්‍රමයට පින් සිදුවන්නට වේගයෙන් වැසිකිලියට ඇතුල් වෙන විටදීම ඔලුව මැද්දෑවට හෙනයක් ගැහුවා සේ උළුවහු කඳ ඉස්මුදුන සිපගන්නේ ඉහත කී මවුගුණ ගායනා, දවල් තරු, අසභ්‍ය වචන ඇතුළු සියලුම ඔප්ෂන් එකවරම සක්‍රීය කරමින්ය. ඉන් පසුව තිබෙන්නේ වැසිකිලිය ඇතුලේ පෙනෙනා දවල් තරු වල්ගා තරු චක්‍රාවාට උල්කාපාත නරඹමින් හිස බදාගෙන ශරීරකෘත්‍යය සිදුකර ගැනීමය.

අනවශ්‍ය වැසිකිලි කතාවෙන් කැලේ  පැන්නාට සමාවෙන්නට ඕනෑය.. 

කලින් ලැබුනාවූ කාමරය පොළොවට බුමුතුරුණු ඇතිරූ වායු සමීකරණයක් සහිත කාමරයක් වුවද දෙවැනි තේරීම වී ඇත්තේ ඒ එකක්වත් නොමැති නිකම්ම නිකම් පොළොවට රතු සිමෙන්ති දැමු ඇඳන් දෙකක් සහිත කාමරයක්ය. කලින් ලැබුනාවූ කාමරයේ තිබුණු සුවිශාල රූපවාහිනිය වෙනුවට නව කාමරයේ තිබෙන්නේ අඟල් දාහතරේ රූපවාහිනියක්ය. කාමර දෙකේම තිබූයේ සමානකම් දෙකක් වන අතර පළමුවැන්න නම් ඇඳ අසල තිබෙනා ඉන්ටර්කොම් දුරකතනයයි. දෙවැනි සමානකම ඉතාමත් සිත්ගන්නාසුලුය. කෙටියෙන් කියනවානම් දෙවැනි සමානකම දුටු වන බිම වැටී අඬන්නට හිතෙනා තරම්ය. 


කොයිතරම් නම් අඬන්නට සිතෙනවාද යත් බිම පෙරලි පෙරලී අඬන්නට සිතෙනවාය. ඒ මන්දැයි කියනවානම් එහි තිබෙන්නේද පෙර කී වර්ගයේම කොමඩ්ඩුවක් වීමය. වෙනත් ආකාරයකින් කියනවානම් කලින් කාමරයේ තිබුනාවූ එලොවටත් නැති මෙලොවටත් නැති දෙකටම නැති වර්ගයේම ඒකකය. තවත් ආකාරයකින් සිතනවානම් පෙර කාමරයේ තිබු වැසිකිලි පහසුකම් සියල්ල සුවිශේෂී ඒවා නොවේ යන්න පසක් කරලීමට දෙවැනි කාමරයේ තිබෙනාවූ වැසිකිලි පහසුකම් සාක්ෂි සපයනවාය. උද්ගතව තිබෙනා වූ ප්‍රශ්නය නම් එය පාවිච්චි කරන්නේ කෙසේදෝ යන්නය. එහෙත්සැ අවාසනාව නම් සැලසුම්ස කස්කරමින් සිටින්නට කාලවේලාවක් හෝ ඉස්පාසුවක් නොමැති වීමය. සිදුවූ ප්‍රමාද දෝෂය හේතුවෙන් පළමුව ලබනු කාමරයේ තිබු උණුසුමද, සීතලද සහිත වායුසමීකරණය සහ පොළොවට ඇතිරූ බුමුතුරුණු අහිමි වී හමාරය. නැවත වරක් අත්හදා බලන්නට ගොස් කාමරයේ තිබෙනා අඳද අහිමිවන්නට ඉඩ තිබෙනා බැවින් මේ ලැබුනාවූ කාමරය වාසය සඳහා තෝරාගත මනාය. නැවත වරක් අත්හදා බලන්නට අවස්තාව ඇති මුත් පවතිනා තත්වය තුල තවත් කාමරයක් අත්හදා බලන්නටද කාලයක් නොමැතිය. ඒ නිසාවෙන් අකමැත්තෙන් හෝ එම වැසිකිලි උපකරණය උඩට ගොඩවී ශරීරකෘත්ය කරනවා හැරුණකොට වෙනත් විකල්පයක් නොමැතිය.

අලකලංචි අටෝරසියකින් ආරම්භවූ ඉන්දියානු සංචාරයේ පළමු වැසිකිලි පහසුකම ලබාගන්නට අත්‍යාවශ්‍යම තත්වයක් යටතේ වුවත් දෙවැනි සැලසුමක් නොමැතිව කිසියම්වූ කටයුත්තක නොදිය යුතු බව අක්මාවට දැනෙන්නේ අම්බලන්ගොඩයා  යකඩෙන් සැදු ඇන මුරිච්චියක්වත් විශ්වාස නොකරනා බැවින්ය. පිඟන් මැටියෙන් සෑදු වැසිකිලි කොමඩ්ඩුවක් විශ්වාසයට නොගත මනා වග කුඩා මොලයට වැටහෙන්නේය. එහෙත් පහසුකම අකමැත්තෙන් වුවද ලබාගත යුතුය. කොමඩ්ඩුව උඩට ගොඩවී කෘත්‍යය කරනා අල්ලපනල්ලේ පිඟන් මැටි කොමඩ්ඩුව බිමට සෙත්තපෝච්චි වුවහොත් මැහුම් හත් අටසීයකින් මෙහා පශ්චාත් භාගය බේරාගනු සුම්මාය.

එය එසේ වුවහොත් ගමේ ගොහිල්ලා හමාරය. වෙනත් විදිහකින් කියනවානම් ගමේ ගිහින් සුම්මාය. එහෙත් අම්බලන්ගොඩයා පසුවන්නේ ඉවසීමේ අවසාන අදියරේ නිසාවෙන් අකමැත්තෙන් වුවද මේ අසික්කිත කොමඩ්ඩුව උඩට ගොඩවිය යුතුමය. 

නාන කාමරයෙන් කාමරයටත්, කාමරයෙන් නාන කාමරයටත් දෙතුන් වරක් මන්ගච්චනා අම්බලන්ගොඩයා හතරවෙනි වතාවේ නාන කාමරයට යන්නේ ඉවසීම අවසන් ගැට්ටටම පැමිණ ඇති නිසාය. එහෙත් හිස් අතින් නොවේය..
දැන් උවමනානම් පාඨකයන් වෙනුවෙන් පුංචි තරඟ ඉසව්වක් පැවැත්විය හැකිය. 

ඉහත ලිපිය කියවා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න..

1. අම්බලන්ගොඩයා නාන කාමරයට රැගෙන ගියේ මොනවාද?

2.  ඒ කුමන අරමුණක් වෙනුවෙන්ද?

අනවශ්‍ය ප්‍රශ්න අසා පාඨක සැමගේ කියවීමේ රසවින්දනයට භාධා වූයේනම් සමාව භාජනයකළමනාය. අම්බලන්ගොඩයා වැසිකිලියට යාමට රැගෙන ගිය උපකරණය නම් ඇඳේ මෙට්ටය බිමට ඇද දමා ඇඳෙන් ගලවාගත් ඇඳ පොලු දෙකක්ය. ඒ කුමටද යත් අසික්කිත කොමඩ්ඩුව උඩට ගොඩවී ශරීරකෘත්ය කරන අල්ලපනල්ලේ පිඟන් මැටි වලින් සෑදු කොමඩ් රාජයා බිමට සලබලාං වුවහොත් පස්චාත් භාගය බේරාගැනීම උදෙසාය. 

නාන කාමරයේ තිබෙනා ජනේලයේ හරහට ගසා තිබෙනා වූ යකඩ පොලු දෙකේ එල්ලී බොහොම පරෙස්සමට කොමඩ්ඩුව උඩට නැගගන්නා අම්බලන්ගොඩයා බොහොමත්ම පරෙස්සමට කොමඩ්ඩුව උඩ ස්ථානගත වන්නේ ඇඳෙන් ගලවාගෙන ආ ඇඳ පොලු දෙක දෙපැත්තෙන් හැරමිටි වාරුවට තබාගෙනය. 

එවන් අසීරු ආකාරයෙන් අදාළ රාජකාරිය ඉටුකරගෙන නාන කාමරයෙන් එලි බහින්නට හිතුවා පමණය.. කව්දෝ එකෙක් දොරට තඩිබානවාය..

ඩොග්...ඩොග්...ඩොග්...

වේට් අයැම් කමීන්...

දොර කඩන්නට තරම් තදින් තඩිබාන්නේ මොකාද කියා බලන්නට දොර ඇරියා පමණය.. හෝටලයේ වේටර් වරයෙක් මාගේ සාගත මලු සියල්ල කාමර අංක එකොළහෙන් කාමර අංක තුන වෙත අරගෙන අවිල්ලාය.. ඒ තනියම නොවේය.. කළමනාකරු රොශාන්ත්ද ඉන්නවාය..

අරේ වට්ස් ගොයින් ඔන් සර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... වට් හැපන්ඩ්...

වයි ???

වයි ???????

හුටාය.. ඇඳපොලු දෙක අතේය... මෙට්ටය බිමය... කළමනාකාර රොශාන්ත් අස් දෙක නළලේ තබාගෙන අම්බලන්ගොඩයා දිහා බලා සිටිනවාය...වේටර් තැන කට ඇරගෙන රොශාන්ත් දිහා බලා සිටිනවාය...

ඒ අගනා කියන කොමඩ් රාජයා හා මදක් සමාන පින්තූරයක් ගූගල් දෙවියා ළඟ පරෙස්සමට තිබී හමුවූ නිසා එහි  පිංතුරයක්  මෙහි පල කරන්නේ අම්බලංගොඩයා කොමඩ් එකක් පාවිච්චි කරන්නට නොදන්නා අමුම අමු ගොඩයකු යන චෝදනාවෙන් නිදහස් වීම පිණිසය.. මෙව්වා ඉතින් ඔන්ලි ඉන් ඉන්ඩියා විය යුතුය..












Monday, October 10, 2016

වාදී ස්වර සංද්වනි 3



පලවෙනි කොටස 
http://ambalangodakatha.blogspot.com/2016/04/1.html

දෙවැනි කොටස
 http://ambalangodakatha.blogspot.com/2016/10/2.html



ඒයි සහන් නගිටහන්.. අද වැඩට යන්නේ නැද්ද උඹ..

 කීයද බන් වෙලාව..

හතට දහයයි.. 

ඇයි  බන් තව විනාඩි දහයකින් මාව ඇහැරවන්න තිබ්බනේ උඹට..

ඒ හින්ද තමා බූරුවෝ හතට දහයක් තියෙද්දී ඇහැරෙව්වේ .. එතකොට උඹ හතට ඇහැරෙනවනේ .. උඹව හතට ඇහැරෙව්වනම් උඹ ඇඳෙන් බහින්නේ හතයි දහයට..

මොකෝ අද උඹ උදෙන්ම ලැස්ති වෙලා....ආ..... මට අමතක වුනා.. ඊයේ රෑ උඹට නින්ද යන්නේ නැතුව නෙහ් ...

උඹේ මනස්ගාත.. කොහේ නිදාගන්නද  සහනෝ... බඩගිනියි සෑහෙන්න..

අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කිව්වලු.. 

පිස්සු කියවන්නේ නැතුව ඉක්මනට ලැස්ති වෙලා වරෙන් ආතර් අංකල්ගේ කඩෙන් මොනාහරි බඩට දාගෙන රස්සාවට යන්න.

උඹට ඉතින් දැන් ලොකු ලොකු නෝනලාගෙන් රයිඩ් හම්බෙන එකේ හෙට අනිද්දා වෙද්දී තරු පහේ හෝටල් වලින් කෑම බීමත් ලැබෙයි විසලෝ.. අපිට තමා ඉතිං හුලං ..

අනේ මේ වලිගෙ පාගගන්නේ නැතුව ගිහිං ලැස්ති වෙලා වරෙන්.. උඹ තරු පහේ හෝටල් ගැන හීන බල බල ඇඳේ  පෙරලිලා ඉන්න අල්ලපනල්ලේ ආතර් අංකල්ගේ පෙට්ටි කඩේ ඇට නැති පරිප්පු හොද්ද ඉවර වුනොත්  කන්න වෙන්නේ සීනියි පානුයි තමා..

ආතර් අංකල්ගේ වතුර හොද්ද වගේද බන් බොට ඇදෙන්න යන ශනිදා වාසනාව.. ඒකි මාර හැඩයි බං .. වාසනාව තමා ඉතිං .. 

අනේ ගොනෝ.. මනුස්සයෙක් පාරෙ යන හිඟන්නෝ දෙන්නෙකුට ලිෆ්ට් එකක් දීපු පලියට ඒ මනුස්සය එහෙම කරේ අර හිඟන්න කසාද බඳින්න කියල හිතන්න තරම් උඹ බොළඳ උනානේ සහනෝ..

අනේ පලයන් බන් යන්න.. උඹ මොනවා කිව්වත් ඒකි උඹට ලව්...

හක් ..හක් ...හා..... උදේ පාන්දර බඩගින්නේ මැරෙන්න යන මාව හිනස්සල මරන්න එපා බූරුවෝ.. සුරංගනා ලෝකෙන් බැහැල ගිහිං ලැස්ති වෙලා වරෙන්.. එලි වෙලා.. අපි මේ ඉන්නේ ඇග්නස් ආන්ටිගේ බෝඩිමේ.. හක් ..හක් ..හා...

මම හූනා කියන්න වගේ කියන්නං .. ඒකි උඹට ලව්.. සෙල්ලං නෑ විසලෝ.. ලව් ඇට් ෆස්ට් සයිට් කියන්නේ සංසාරගත බැඳීම් .. උඹ ඒකිට ලව් නෙහ් ..

කව්ද ඒකි කිව්වේ සුදු නංගිද ..

ඒ කියන්නේ නම කියන්නත් බැරි තරං ලං වෙලා.. ඕකට තමා විසලෝ කියන්නේ කට බොරු  කිව්වට දිව බොරු කියන්නේ නෑ කියල..

න් ......න් .....නෑ   ම ...ම .... මං කිව්වේ ....

නෑ ... නෑ ... උඹ ගොත ගගහ  කියන්න මහන්සි වෙන්න ඕන නෑ .. මං ගිහිං ලැස්ති වෙලා එන්නං .. මම ලැස්ති වෙනකල් කල්පනා කරලා උත්තරේ හදාගනින්කෝ..

අනේ පල යන්න..

විසලෝ.. උඹයි මමයි අවුරුදු පහක් එක බෑන්ඩ් එකේ ප්ලේ කරන ගමන් අවුරුදු පහක් එකම බෝඩිමේ.. උඹ හිතනවනම් උඹේ ලුණු ගොරක දාල මාව තම්බන්න එව්ව  හඳේ මස්සිනා.. උඹට හරියනවනම් ඉස්සෙල්ලම සන්තෝස වෙන එවුන් කීප දෙනාගෙන් එකෙක් මම.. ඒ නිසා උඹ මට විතරක් හිත හංගන්න හිතන්න එපා මල්ලි.. උඹ ඒකෙන් ෆේල්..

උඹ මොන හේතුවක් නිසාද බන් එහෙම කියන්නේ.. සුදු නංගි  අපි දෙන්නව ගෙදරට දාල ගිය හින්දද..

ඒක තුන්වෙනි හේතුව මස්සිනා.. පලවෙනි හේතුව තමයි පඩිපෙළ උඩ ඉඳන් උඹ දිහා බලං හිටපු අනන්‍ය දැක්ක ගමන් උඹේ තටු මාරුවෙලා ප්ලේ කරපු සිංදුවත් අමතක වෙච්චි එක.. දෙවැනි හේතුව උඹ අනන්‍යගේ  නම පැත්තකින් තියල සුදු නංගි කියල විශ් කරපු එක.. මම ඉන්නේ නිදිමරගතේ වුනත් උඹට මේක ලොජිකලි එක්ස්ප්ලේන් කරනවනම් මේ අවුරුදු පහ ඇතුලත උඹ හිටපු හැම ස්ටේජ් එකකම මමත් හිටිය මස්සිනා.. උඹේ ස්වීට් වොයිස් එකට වහ වැටිච්ච කෙල්ලෝ කීයක්නම් උඹව දැලේ දාගන්න ට්‍රයි කරාද.. ඒත් උඹ නෙවේ එකෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ.. ඒත් ඊයෙ රෑ උඹේ හිත හෙලවුනා.. ඒක තමා ඇත්ත.. උඹේ විතරක් නෙවෙයි අනන්‍යගේ හිතත් හෙලවුනා.. මම හූනා කියන්න වගේ කියන්නං ඒ තමා උඹේ හිමිකාරී..

අනේ මේ සහනෝ.. උඹේ ඔය සාස්තර කියන හූනා දන්නෙ නෑ ඌ කොයි වෙලේ ජනෙල් පියනට අහුවෙලා චප්ප වෙනවද කියල..

හෝව්..හෝව්..හෝව්... මම කියල ඉවර නෑ විසල් මස්සිනා..

සහන් මචං .. මමත් එහෙනම් බොට හූනා කියන්න වගේ යමක් කියන්නද..

මොකද්ද..

උඹේ මනස්ගාත කියවිල්ලට ගිහිං ආතර් අංකල්ගේ වතුර හොද්දනම් අද කන්න වෙන්නෑ .. ඒ හිංද මම බොට ඔතනට වතුර බාල්දිය වඩම්මන්න කලින් ඔය ඔලුවේ හිටන් පොරවන් ඉන්න ගොම්මස්කඩේ විසික් කරලා ගිහි ලැස්ති වෙලා වරෙං ..

හරි.. යනගමන් කතා කරමුකෝ ඒ ගැන.. මම ඉක්මනට එන්නං ..

මේ.. දිය කෙලිය විනාඩි පහෙන් ඉවර කරපන්.. ඇග්නස් ආන්ටිට ඇලර්ට් වෙලා තියෙන්නේ උඹ උදේට පැයයි හවසට පැයයි බාත්රූම් එකේ දිය කෙලිනවා කියල.. දැන් වත් ඔය දිය කෙලිය කෙටියෙන් ඉවර කරහන්.. බෝඩින් ගානකින් තෝයි මායි දෙන්නම එලෙව්වේ උඹේ ඔය නෑම නිසා..

අනේ පල පල යන්න..මිනිස්සු  උනාම පිරිසිදුව ඉන්න ඕන...


ගොනෝ... පිරිසිදුව ඉන්න සතියට සබන් කෑලි හත අටක් ඉවර වෙන්න උදේට පැයයි හවසට පැයයි නාන්න ඕන නෑ බන්.. අගතිගාමී නොවී මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙයන්.. ඕක අසනීපයක්..

අනේ පල යන්න..

ඇත්තමයි සහනෝ මට ක්‍රමයක් තිබ්බනම් මම උඹව යවනවා වතුර නැති රටකට ගිහින් ටිකක් කල් ජීවත් වෙලා එන්න. උඹ නාස්ති කරන්නේ කී දෙනෙකුට නාන්න බොන්න හෝදන්න තියන වතුරද..

කට වහන් හිටු.. මම ඉක්මනට එන්නම්..

වහයි වහයි.. මගේ කටනම් වහයි.. ඒත් ඇග්නස් ආන්ටි කට ඇරපු දවසට රෙදි කඩමලු ටිකයි ගිටාර් දෙකයි එල්ලගෙන ආයෙත් හොයපන්කෝ බෝඩින්..

උඹ මගේ නෑම ඉස්සරහට දාල ප්‍රශ්නෙන් ගැලවුනා නෙහ් .. සුදු නංගි මාර හැඩයි බං .. උඹටම තමා ගැලපෙන්නේ..



පලයන් කිව්වම අහල නාන්න බැරිනම් හාල හරි ඉක්මනට වරෙන්.. බඩගිනියි බූරුවෝ..

හිටහන් ඉක්මනට එන්නං ..

පෙරදා රාත්‍රියේ සිදුවීම් කිහිපයත් සමගම එතෙක් මෙතෙක් නොවිඳි නුහුරු සුන්දර දැනීමක් විසල්ගේ හිත පුරා සක්මන් කලද එයට උණුසුම් පිළිගැනීමක් ලබාදී තම සිතුවිලි නිදහසේ පාකර හැරීමට විසල් උත්සහ කලේ නැහැ. යතාර්ථයෙන් ඔබ්බට ගොස් සුරංගනා ලෝකයක ජීවත්වන පංතියක විනෝදාස්වාදය වෙනුවෙන් සොච්චම් මුදලකට විකිනෙන විසල්ට තම සිතට  දැනුනාවූ නුහුරු සිතුවිලි දොතබදා පිළිගන්නට හැකියාවක් තිබුනෙත් නැහැ. ග්‍රාමීය මධ්‍යම පාන්තික පවුලක බඩපිස්සා වූ විසල් තම දෙමාපියන්ටද සහෝදරයින්ටද එකසේ අලුම්කල  සහ වගකීම් අකුරට ඉටුකරන ලද දරුවෙකු වශයෙන් තම අරමුණෙන් බැහැරවී සමනල සිහිනයක පාවී යාමට කිසිසේත්ම කැමැත්තක් දැක්වුයේත්  නැහැ. තමා කොළඹ නගරයට පය තැබූ අරමුණ පෙම්වතියක් සොයාගැනීම නොවන බව විසල් නිරන්තරයෙන්ම සිහිපත් කල පුද්ගලයකු වුයේ තමා ගැවසෙනා වටපිටාව එවන් දෑ සඳහා අඩුවක් නොමැතිවම නොමිලේ දායකත්වය සැපයු නිසා. සියල්ල එසේ වුවත් පෙරදා රැයේ තම හිත මදක් සොලවන්නට සමත් වූ සුරංගනාවියක් බඳු ඒ ඇත්තිය කිසිදු අවසරයක් නොමැතිවම  අගුලු ලා වසාදමා තිබෙන තම  චිත්ත සංතානය තුල අයිතිය තහවුරු කරගනිමින් සිටිනාවග විසල්ට නොදනුනාමත් නෙවෙයි. ඒත් විසල් හැම තත්පරේම උත්සහ කරේ වෙනත් දෙයක්  වෙනුවෙන් හිත යෙදවීමට වුවත් නින්ද නොලැබුවා වූ රැය  පුරාත්  විසල්ගේ අකීකරු හිත දුවගෙන ගියේ අනන්‍යා සොයාගෙනම පමණයි.



***********************



ගුඩ් මොර්නින් මාධවී  දුව.. ඊයේ රෑ කට්ටිය ඇතිවෙන්න විනෝද වුනා නේද... ඔන්න අම්මි  උදේම කෝල් කරා තාම නිදිද අහල..



ගුඩ් මෝර්නින් ආන්ටි... මම අම්මිට කිව්වා මාව ඇහැරවන්න එපා කියල.. ඒ හින්ද වෙන්න ඇති ආන්ටිට කෝල් කරේ.. අපරාදේ කියන්න බෑ ආන්ටි ඊයේ කට්ටිය කාලෙකට පස්සේ ඇතිවෙන්න විනොදවුනා..

කෝ ආන්ටි අනන්‍යා.. තාම නිදි ඇති නේද..

මොන නිදිද.. අන්න උදේ පාන්දර ඇහැරිලා ඩග්ලස් මල්ලි හොයන්න ගියා..

මොකක්.. ඒ මොකටද.. 

අනේ මන්ද දරුවෝ.. උදේ හයේ ඉඳන් ඩග්ලස්ට කෝල් ගත්තා ගත්තා ආන්සර් නෑ කියල ඔන්න ගියා ගෙදරට ගිහිං බලනවා කියල..

අයියෝ ආන්ටි මමනම් හිතන්නේ නැහැ ඩග්ලස් අංකල් ඊයේ ඩ්‍රින්ක්ස් ගත්තු විදිහට අද රෑ වෙනකල් නැගිටියි කියල..

හ්ම්.. අපි දැක්ක ඊයේ කව්රු කව්රුත් ඩ්‍රින්ක්ස් ගතපු තරම ... මාධවී... ඕව පුරුද්දකට එහෙම තියාගන්නවා නෙවෙයි ..

අනේ මන්ද ආන්ටි මොනවද මේ කියන්නේ කියල..

හරි දුව.. පර්ටියක් වෙලාවට නිසා ඔන්න මම අම්මිට කියන්නේ නෑ .. අන්න සුදු දුව ආවද කොහේ..

රථය පෝටිපෝව යට නතරකල අනන්‍යා නිවස තුලට පියමැන්නේ බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන්. තමන් නිවසින් එලියට ගිය කටයුත්ත සාර්ථක කරගත් පෙනුමක් අනන්‍යාගේ පියකරු මුහුණ තුල තිබුනේ නැහැ.

කොහෙද සුදු දුව උදේම මේ පිස්සුවෙන් වගේ ඩග්ලස් හොයාගෙන දුවන්නේ.. මොකක්ද ඔයාට ඩග්ලස් අංකල්ගෙන් කෙරෙන්න ඕන..

ඒක අම්මිට කියල වැඩක් නෑ අම්මි.. කොහෙද මේ මනුස්සය මැරිලා වගේ නිදි.. සුනේත්‍රා ආන්ටි ඇහැරවන්න ට්‍රයි කළා  බැරිවුනා අම්මි..

ඉතිං හවස් වෙද්දී නැගිටියි දුව.. දවල් වෙලා කෝල් එකක් දීල බලන්න.. ඔයා ඊයේ රෑ නිදාගත්තේ නැද්ද දුව.. බලන්න  ඔයාගේ මූණත් මලානික වෙලා..

ඒකනම් ඇත්ත ආන්ටි..මෙයාට ඊයේ රෑ නින්ද  යන්නේ නැතුව ඇති..

ඒ මොකෝ මාධවී..

සන්තෝසෙට ආන්ටි සන්තෝසෙට..

මාධවීට පිස්සු අම්මි..

ඔන්න ඉතින් සුදු නංගි ඔයා මේ මාධවීගේ කට අවුස්සගන්නයි හදන්නේ..

ඉතින් සන්තෝස ඇති නේන්නම්.. මෙයාගේ බර්ත්ඩේ පාර්ටි එකට රජීව් පුතා ආවනේ කොහොමහරි..

මමනම් හිතන්නේ ඒක නෙවෙයි හේතුව..

මොකක්ද මාධවී.. සුදු දුව ඔයාට හෙම්බිරිස්සාව වගේ නේද.. මොළෙත් බර වෙලා වගේ...ඊයේ නිදි මරල මම හිතනේ..

අපෝ නෑ ආන්ටි.. මෙයා පිණි බාලා..

පිණි බාන්න කොහේ ගියාද සුදු දුව....

මෙයාද.. මෙයා ඉතින්....

අනේ මේ.. උඹ මගේ  අම්මිව බයිට් නොකර ඉඳපන් මාධවී..  ග්‍රෑන්ඩ් ලෙවල් එකට බර්ත්ඩේ පාර්ටි එකක් දැම්මම කාටද අම්මි සන්තෝස නැත්තේ.. නේද මගේ සුදු අම්මි..මේකිට ඉරිසියාව..මට ඇති අසනීපයක් නෑ අම්මි..

කමක් නෑ කමක් නෑ අපි එහෙම හිතමු ඩාර්ලින්..

පිස්සු නතුව මෙන්න මෙහෙ වරෙන් ගිහින් ලැස්ති වෙලා යන්න..

අනන්‍යා මාධවී ඇදගෙන පඩි පෙළ දිගේ ඉහල මාලයට දිවගියේ ඉතාම සැහැල්ලුවෙන්. කුමක්දෝ නොසන්සුන්කාරී සිතුවිල්ලක් අනන්‍යා ඉබේම කලබලකාරී ස්වරූපයකට පෙරලා ඇති වග අනන්‍යාට වැටහීමක් තිබුනේ නැහැ. පෙරදා රාත්‍රියේ පැවැත්වුණු සිය උපන්දින සාදය කොයිතරම් උත්කර්ෂවත් අන්දමින් සිදුවුවත් ඊටත් එහා ගිය උත්කර්ෂවත් සිතුවිලි සමුදායක් අනන්‍යාගේ හිත ඇතුලේ සුවිශාල පෙරලියක් කිරීමට වෙර දරන ස්වරූපය අනන්‍යාට ගෙන ආවේ වචනයෙන් විස්තර කල නොහැකි වූ ආශ්වාදයක්.

කොහේ යන්නද බන් අනන්‍යා මේ මාවත් ඇදගෙන දුවන්න හදන්නේ..

මට වැඩ ටිකක් කරගන්න තියෙනවා එළියෙන්.. උඹත් එන්න ඕන මාත් එක්ක යන්න..

මම එහෙනං ගෙදර ගිහින් ලැස්ති වෙලා එන්නද බන්.. මෙහෙම යන්න බැහැනේ.. මේ ඊයේ ඇඳුම පිටින්..

ඉතිං එහෙනම් යමු..

කොහෙද..

උඹලාගේ ගෙදර..

අප්පේ.. මොකෝ ඒ.. මට ආදරේට වෙන්න ඇති නේද..

ඔව්නෙ  ඩාර්ලින්.. උඹ මගේ ස්වීට් මැන්ගෝ ෆ්‍රෙන්ඩ්නේ මාධවී..

මේ මේ.. උඹ මාව බටර් වලින් නාවන්න එපා අනන්‍යා.. උඹ මේ හදන්නේ රජීව් ඇහැරෙන්න කලින් ගෙදරින් පනින්න..

ඇත්තම කියනවනම් ඔව් බන් මාධවී.. අපේ අයිය කාරය නිසා තමා මේ සේරෝම කරදර.. දැන් රජීව් ඇහැරුනාම කොහිල්ලෑ ගුලිය වගේ මගේ පස්සෙන් වැටෙනවා.. මම කැමතිම නැහැ බන්.. මට කිසිම නිදහසක් නැහැ..

මොනාද බං අනන්‍යා  කොහොල්ලෑ කියන්නේ..

කොස් කපනකොට වැක්කෙරෙන කිරි වගේ ජාතියක් කියල තමා අපේ සුමනදාස අංකල් කිව්වේ.. අතේ ගෑවුනොත් යවන්න හරි අමාරුයිලු.. හැමතැනම ඇලෙනවලු .. පොල්තෙල් ගාල තමයිලු යවන්න පුළුවන්..

උඹත් දන්න දේවල්..

පොතක තිබිල කියෙව්වේ බන්..  මමත් දැකල නැහැ.. ඉක්මන් කරපන්.. අර ඇන ලොරිය නැගිට්ටොත් මගේ දවසම අත්අඩංගුවට ගන්නවා බන්..

බය නොවී හිටහන් අනන්‍යා.. උඹේ අයිය කාරයයි, උඹේ අල්කොහොල්ල්ලෑ ගුලියයි අද දවසටවත් නැගිටින එකක් නැහැ ඊයේ බීපු බීමට..

ඇල්කොහොල්ලෑ නෙවෙයි බං ... කොහොල්ලෑ ...

හරි හරි මොන ලැල්ලක් උනත් කමක් නෑ ඌ උඹට හෙන ලව් කියල පෙන්නන්න හදනවා කියන එකනම් පැහැදිලියි..

අනේද කියන්නේ.. කොහෙද ඉතින් අපේ ගෙදර කට්ටිය  කැමතියිනේ බං ..

උඹත් ඉතින් කැමතියිනේ අනන්‍යා..

මම අකමැති නෑ .. ඒත් එකෙන් කියන්නේ මම කැමති කියන එක නෙවෙයි මාධවී.. එත් මම ගෙදර කැමැත්තට පිටිං යන්න කැමති නැහැ ..

රජීව් පෙන්නන්නේ මවාගත්තු ලව් එකක් කියල මට දැනෙනවා බන් අනන්‍යා.. හැබැයි ඉතින් සමහරු නම් ආදරෙයි කිව්වේ නැතිවුනාට බැල්මෙන් කියන්න පුළුවන් එයා මෙයාට ලව් කියල..

ක්..කව්රු ගැනද උඹ මේ කියන්නේ..

අප්පේ.. උඹට රැය එළිවෙනකොට ඔක්කොම අමතක වෙලා එහෙනං .. මේ  හලෝ... චුට්ටක් කටේ තොලේ ගෑවිලා උන්නට මේ මාධවී උන්නේ හොඳ සිහියෙන්.. උඹ මේ පාන්දර කුකුළා මල්ලේ දාගෙන ඩග්ලස් අංකල් හොයාගෙන ගියේ ඇන්තනිගේ බෑන්ඩ් එක කන්ටැක්ට් කරලා කුමාරයාගේ නම්බර් එක ගන්න කියල මට හංගන්න හදන්න එපා සුදු නංගි .. මේ මාධවී පුංචි කාලේ බිව්වෙත් උඹ බිව්ව වගේම මවු කිරි බන්.. පොල්කිරි නෙවෙයි.. හී..හී..

අනේ මෙන්න මෙයා වලිගෙ පාගාගෙන.. මට මොකටද බන් ඇන්තනියෙක්ගෙ බෑන්ඩ් එකක්... මට පේන්නේ උඹට තාම  වෙරි..

මේ හලෝ... මාස කීපයකට එහෙ මෙහෙ වුනාට මාමත් උපන්නේ උඹ උපන්න අවුරුද්දෙම තමා අනන්‍යා... දොස්තරට ලෙඩේ හංගල බේත් ගන්න නම් බෑ සුදු නංගි .. මම දැක්ක උඹ ඊයේ විසල් බස්සල ඇවිත් කාමරේට වදිලත් එළියේ බැල්කනියට වෙලා තනියම හිනා වෙවී ඉන්නව.. රෝග ලක්ෂණ වලට අනුවනම් ඩොක්ටර් මාධවී අනුමාන කරන ලෙඩේ උත්සන්න විදිහටම හැදිලා තියෙන්නෙ අපේ සුදු නංගිට.. 

අනේ පලයන් බන් යන්න.. උබට නම් පිස්සු...

ඔව් ඔව් මට පිස්සු... 

පිස්සු නේන්නම්...


ඒ මදිවට එලි වෙනකල් බැල්කනියේ මනෝ ගහල පිනි බාලාද කොහේ නාහෙත් බුරුල් වෙලා හචිස් යනවත් එක්ක නේද උඹට...

ඒක නම් දවල් වෙද්දී ඇරිලා යාවි බං .. එවගේද...

මොකක්ද...

න් ....න් ....නෑ ... නෑ ... මුකුත් නෑ ...

හී...හී... ඕකට තමා කියන්නෙ කොච්චර හංගන්න හැදුවත් දිවට බ්‍රේක් නෑ කියල...

මේ මාධවී හෙන ගණන් හරිද.. සුදු නංගි උත්තර හොයන ප්‍රශ්නෙට උත්තර මේ මාධවී ළඟ තියෙනවා.. එත් අපි පැනල දෙන්නෙ නෑ සුදෝ..  අදාළ පාර්ශවය ඉල්ලීමක් කලොත් පමණක් විසල් නමැති ඒ අසහාය ගායකයා ඊළඟට වේදිකාවට නගින දිනය ස්තානය සහ වෙලාව සපයන්න පුළුවනි.. 

අනේ අපිට මොකටද කොහෙවත් යන අය සින්දු කියන දවස් ..

ඕකෙ ... ඕකේ ... ඔන්න එහෙනම් ඩොක්ටර් මාධවීට වැරදුනා.. කමක් නෑ කමක් නෑ  මම එහෙනම් ඒ විසිටින් කාර්ඩ් එක විසික් කරල දාන්නම්කො... 

කාගේද...

කාගේ උනාම උඹට මොකෝ.. උඹට දැන් වැඩක් නෑ කිව්වනේ..

එහෙම නෙවෙයි ඉතින්... කියහන්කෝ නිකං දැනගන්නත් එක්ක.. 

මම කිව්වනේ.. මාධවී හෙන ගණන්.. පැනල දෙන්නේ නෑ..

හරි හරි ඉතින් සොරී....... ඩාර්ලින් ..... කියහන්කෝ... කාගේ විසිටින් කාර්ඩ් එකද උඹ ළඟ තියෙන්නේ..

ඇන්තනිගේ බෑන්ඩ් එකේ විසිටින් කර්ඩ් එක.. දැන් උඹට එපා කිව්වනේ..

උඹනම් දෙයියෙක් නෙවෙයි දේවතාවියක් මාධවී.. ඒත්  උඹට කොහෙන්ද ඒක..

හෙහ්.. එහෙම තමා බන් දුරදිග බලන කල්‍යාන මිත්‍රයෝ ඉන්නකොට.. 

උඹ මාව බයිට් කරනවා නේද මාධවී..

පිස්සුද බන් අනන්‍යා.. උඹ පඩි පේලියේ ඉඳන් විසල් දිහා බලන් ඉන්නවා දැක්කම මට හිතුන මොකක් නමුත් වෙන්නයි යන්නේ කියල.. ඒ හින්ද මම ඇන්තනිය වටේ රවුමක් කැරකිලා විසිටින් කාර්ඩ් එකක් ඉල්ලගත්ත.. ඌ පැනල දුන්නේ ඉල්ලපු ගමන්.. හී... හී....

දැන් ඊළඟට අපි මොකද කරන්නේ..

ඊළඟට කරන්නේද.. ඊළඟට කරන්නේ ඇන්තනියට කෝල් එකක් දීල පොඩියට ලනුවක් දීල උන් ඊළඟට ප්ලේ කරන පබ්ලික් ඉවෙන්ට් එක හොයාගෙන සුදු නංගියි මාධවියි යනවා අපේ සුදු නංගිගේ සිත්ගත් කුමාරයා බලන්න..

ඔය ඇත්තමද..

අනන්‍යා.. මාධවී උඹට කවදාවත් බොරු කියල තියෙනවද..

ම්ම්ම්ම්ම්ම්ම්..... නෑ ....

එහෙනම් එච්චරයි... ඉවසන් හිටහන්.. 

දවස් කීයක්ද...

අප්පේ තියන හදිසිය.. එකපාරක් කිව්වනේ.. ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ඇහුවලු.. කෝ ඉතින් උඹට දැන් යන්න හදිසියක් තිබ්බ නේද.. යමු ඉතින්..

කොහෙද.. 

ඇයි දැන් මාව ඇදගෙන උඩට දුවගෙන ආවේ කොහෙද යන්න තියෙනවා කියල නේද..

දැන්නම් ඕනෙත් නැහැ බන්..ඒත් ඉතින් උඹලාගේ ගෙදර හරි යමන්.. රජීව් ඇහැරුනොත් මල වදයක් වෙනවා බං ..

එහෙමද.. ඔව් ඉතින් දැන් ලෝකේ වටේ දුවල හරි හොයාගන්න ගිය දේ ලැබුනානේ නේ...

හොඳ යාළුවො ඉන්නකොට එහෙම තමා බන්..

මේවා නිකම් බෑ සුදු නංගි ... මාධවීට ට්‍රීට් එකක් ඕන මේවට..

දෙන්නම් බන් දෙන්නම්.. එකට දහයක් දෙන්නං ..

දැන් නරකද ගිහින් බෙහෙත් ටිකක් ගත්තොත් ඔය බුරුල් වෙච්ච නාහෙටයි කිඹුහුම් යනවටයි.. හෙට අනිද්දට සුදු නංගි සුදු අයිය බලන්න යනකොට ඔහොම ගිහිං බැහැනේ.....

කව්ද සුදු අයිය... 

හරි බන්.. උඹ සුදු නංගි නම් එයා සුදු අයිය වෙන්න එපයි ...  

දැන් උඹ නමකුත් දාගත්තද ඒ අහිංසකයට..

අප්පේ තියන ආදරේ.. හරි හරි.. එකෙන් වැඩක් නෑ .. මම ඒ වැඩේ සෙට්ල් කරලා දෙන්නම්.. අදම ගිහින් බෙහෙත් ටිකක් ගනින් සුදු නංගි .. උඹ මගේ හොඳම යාළුවා... උඹ අසනීප වෙනවට මම කැමති නෑ .. මේකත් මම කරන්නේ උඹේ සන්තෝසේ වෙනුවෙන්..


දිලිසෙන කඳුලේ කිරණින් නැහැවී..
සිඟිති ආදර දූපතක තනිවී..
ගංගාවක් සේ ගලා බසිනු මැන 
නිරන්තරේ සිනා සිසී... 
නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ..
කල්පනා තෝතැන්නේ ..
තරු අහුරක් සේ රෑ ඇවිලෙනු මැන 
අහස් ගඟේ දියඹ දිගේ..
අහස් ගඟේ දියඹ දිගේ..

යොවුන් වසන්තයේ..
දුහුල් වළාකුලේ..
රෑන් මුදාගෙන 
පාවී යනු මැන 

ඉගිල්ලිලා...


හතරවෙනි කොටස 

Wednesday, October 5, 2016

වාදී ස්වර සංධ්‍වනි 2




පළමු කොටස 



ඔබ සිතන පතන රන් යුගය ඔබට අද අදම ලඟා වේවා..
දුක විපත නොවී සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා 
එන්න එන්න දැන් සුභ පතන්න අපි හැමදෙන එකතු වෙලා
සුභ උපන්දිනක් වේවා.. 
ජීවිතයම සරු වේවා..
දෙවියන් ඔබ රැකදේවා..
සුභ උපන්දිනක් සුභ උපන්දිනක් සුභ උපන්දිනක් වේවා...
සුභ උපන්දිනක් සුභ උපන්දිනක් සුභ උපන්දිනක් වේවා...

විසල් විසින් තම තනි තීරණයට ගැයූ ගීතයෙන් විස්මයටත් කෙන්තියටත් පත් ඇන්තනි එලියට පනින්නට ඔන්න මෙන්න තිබෙන කේන්තිය ආයාසයෙන් සඟවාගෙන නැවතත් අනන්‍යාට උපන්දින සුභපැතුමක් ගීතයෙන්ම එකතු කරන්නට වුනේ විසල් ගැයූ ගීතයෙන් නටමින් උන් පිරිස සමහරක් විමතියට පත්වූ බව ඇන්තනිට දැනුනාවූ නිසා.. ඇන්තනි පසුවූයේ අධික කේන්තියෙන් වුවත් විසල් වෙත තම කේන්තිය විදහා පෑමට එය සුදුසු ස්ථානය නොවන වග ඇන්තනි දන්නා නිසා එය පසුවට කල්තබා සාදය ගීතයෙන් වර්ණවත් කරන්නට වුවත්,  සංගීත කණ්ඩායමේ සැමටම  ඊළඟට වන්නට යන්නේ කුමක්දැයි යන්න අරුමයක් නොවුයේ කේන්තිය අන්තනිව හසුරුවන ආකාරය ඔවුන් කලින් ඇතිතරම් අත්දැක තිබෙන නිසා.



සාදය අවසානයේ මදක් වෙරිවූ පිරිස නටා ගයා අවසන්ව හති හරිමින් සිටිද්දී අධිකව වෙරි වූ පිරිස වැටුණු තැන්වල නිදි කිරා වැටෙන්නට වුනා.. සුළුවට මත්පැන් තොලගෑ පිරිස සහ මත්පැන් නොබී උන් පිරිස ඇන්තනිව වටකොට සුහද කතාවේ යෙදෙනා  අතරතුරේ විසල් ඇතුළු පිරිස සාර්තකව නිමා වූ තවත් එක් සාදයක් අවසන තම තමුන්ගේ සංගීත භාණ්ඩ හකුලන්නට වුයේ හැකි විගසින් තම තමුන්ගේ නිවෙස් වෙත යාමේ අභිලාෂයෙන්. තම ගිටාරය ආවරණය තුලට දමා එය එළියේ තිබෙනා පුටුවක් උඩතැබූ විසල් සංගීත බඩු ලොරිය වෙත පටවනා පිරිස වෙත හැකි පමණින් සහය වන්නට වුනේ ලොරිය වෙත පැටවෙන සංගීත උපකරණ පටවා අවසන් වූ වහා හැමදෙනාටම එතනින් පිටව යා හැකි නිසා.

මොකෝ බන් විසල් උඹට උනේ..

මොකක්ද..

ඇයි බන් වෙනදට බලෙන් සින්දු කියවන උඹ අද ඇන්තනි අයියව පෙරලගෙන මැදින් පැනල සිංදුවක් කිව්වේ..

න්..න්..නෑ බන් මට හිතුන මම කිව්වා.. ඇයි වෙනද මම සින්දු කියන්නේ නැද්ද..

හරි හරි බන්.. උඹ කියනවා තමා.. ඒත් ඉතිං මේක කවදාවත් වෙච්චි නැති වැඩක්නේ බන්..අනික ඉතිං උඹට කියල සිංදුවක් කියවන්න හෙන අමාරුයිනේ බං..

උඹලාට ඉතින් කොයිකත් වරදියටනේ බන් පේන්නේ..

ඇයි බන්.. ඇන්තනි සින්දු කියන්න ගත්තයින් පස්සේ අපි කව්රුත් සිංදු කියන්නේ නෑනේ බන්.. ලාස්ට් ෂෙශන් එක හැමදාමත් වන් මෑන් ෂෝ එකනේ බන් යන්නේ..

මචං  ඉවෝන්.. උඹට දැන් මම සින්දුවක් කිව්වම අවුල් වගේද..

අනේ නෑ මචෝ.. මම නිකමට කිව්වේ. . ඒක ඇන්තනි අයියගේ ෂෙශන් එකනේ මචං .. ඒකයි ..

දැන් උඹට ඇන්තනි කිව්වද මම ඒ සින්දුව කිව්වේ ඇයි කියල අහගන්න කියල

ඕකනේ බං කියන්නේ උඹල රෝං යනවා කියල. මම නිකං කිව්වේ බං ..

හරි හරි දැන් ඕක නවත්තගනිල්ලා බං ..

නෑ  බන් සහන් මම මේ කිව්වේ....

හරි හරි දැන් ඕක නවත්තගනින්.. ඌට සින්දුවක් කියන්න හිතුන ඌ කිව්වා.. දැන් ඒක බොට ප්‍රශ්නයක්ද .. උඹ ඕනෙනම් ඇන්තනිට ගිහින් කියහන් සහන් එහෙම කිව්ව කියල..

අනේ පලයන් බන් යන්න.. උඹල හිතන් ඉන්නේ මම හැමදේම ඇන්තනිට කියනවා කියලනේ..

කියනවා තමා බන්.. ඇන්තනියි උඹයි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්.. විසල් කතා කරපංකෝ.. බොරුද මම කියන්නේ..

ඇති බන් සහන් .. මුන් හැදෙන එවුන් නෙවෙයි.. ඇන්තනිගේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරනවා කියල මු හිතන් ඉන්නේ මු හෙන ප්‍රසිද්ද පොරක් කියල.. මුන්ට තේරෙන්නේ නෑ ඇන්තනි මුව කඩේ යවනවා කියල.. මුන් වගේ මී හරක් ඇන්තනිට වාසනාවන් බන්.. සවුන්ඩ් අදින , ඩ්‍රම්ස් ගහන , ලොරි එලවන , කඩේ යන මු වගේ මල්ටි ටැලන්ට් පොරවල් ලේසියෙන් අහුවෙනවද බන්.. හක්‌ ..හක්‌ ..හා......

අනේ පලයන් බන් යන්න..ඇන්තනි කියන්නේ දක්ෂයෙක් බන්.. ඒ වගේ එකෙක්ගේ බෑන්ඩ් එකක් ප්ලේ කරන්න ලැබුනට පින් දියන් විසල්..

අනේ පලයන් ගස් ගෝනෝ යන්න.. කොයි බෑන්ඩ් එකෙත් ගහන්නේ මේ ස්වර හතම තමා බන්.. ටිං බෙලෙක්ක අටෝගෙන බෑන්ඩ් ගහන පොඩි එවුනුත් ගහන්නේ මේ ස්වර හතම තමයි බන්.  ඒ හින්ද මටනම් ඇන්තනි කියල ලොකුත්  නෑ පොඩිත් නෑ .. හෙට ඇන්තනිට මාව එපානම් මං  ගියා බායි කියල.. උඹ වගේ නගුට පස්සපත්තේ ගහගෙන දාසකම් කරන්නේ නෑ බං .. මේ හම්බෙන රුපියල් ටික ගන්න උඹ කී දේකට කඩේ යනවා කියලද.. අන්තිමේ උඹට හම්බෙන්නෙත් අපිට හම්බෙන ගානම තමයි.. මට ෂුවර් නෑ උඹට ඇන්තනි සල්ලි දෙනවද කියලවත්..

අනේ පලයන් බන් යන්න..උඹල කොහොම හිතුවත් ඇන්තනි අයියගේ බෑන්ඩ් එකේ ප්ලේ කරන එක ගැන මටනම් හෙන ආඩම්බරයි බන්. ඒ විදිහ පොරක් ගාව ඉන්න ලැබුන එකත් පිනක්..

පිනක් පිනක්....හැබැයි බොලා වගේ ගොන්නුන්ට..

ෂ්ෂ් ෂ් .........ෂ් ෂ් ........ ඇන්තනි අයිය එනව ..


මදක් බමන මතින් සිවිසල් මන්දිරයෙන් එලියට පැමිණි ඇන්තනි වැනෙමින් පියවර මැන්නේ ලොරිය වෙත සංගීත උපකරණ පටවමින් සිටි පිරිස දිහාවට..

කෝ විසල්..

හිටිය ඇන්තනි අයිය..

ඉවෝන්.. එන්න කියහන් ඌට..

බීමත් ඇන්තනි විසල් විමසනවා ඇසුණු විසල් මද අඳුරක් පැවතනු අලංකාර උද්‍යානය හරහා ඇන්තනි වෙත පිමන්න්නට වුනේ විසල් එම ඇමතුම බලාපොරොත්තුවෙන් සිටි එකක් නිසා..

ඇයි ඇන්තනි අයිය..

හා මේ ඉන්නේ අලුත් බෑන්ඩ් ලීඩර්.. උඹ කාගේ හයියක් අරන්ද මිනිහෝ මගේ සෙෂන් එක මැදින් සින්දුවක් කිව්වේ..

විසල් කිසිවක් කතා නොකොට ඇන්තනි දිහා බලා සිටින්නට වුනා..

කතා කරපන් මිනිහෝ.. උඹ හිතන් ඉන්නේ උඹ කව්රු කියලද.. කතා කරපං ..

විසල් කිසිවකුත් කතා නොකරම ඇන්තනි දිහා හිස්ම හිස් බැල්මකින් බලා සිටින්නට වුනා..

උඹ හිතන්න එපා උඹ මහා ලොකු ගිටාරිස්ට් කෙනෙක් කියල.. යකෝ.. මේ ඇන්තනිට ගිටාරිස්ට් කෙනෙක් ගන්න එක සිම්පල් වැඩක් දැනගනින්.. උඹල හිතන් ඉන්නේ උඹල මහා ලොකු මිනිස්සු කියල නේ..

ඇන්තනි අයිය.. සවුන්ඩ් පටවල ඉවරයි.. බුෆේ එකේ අපිට කන්න දෙයක් නැතුව ඇති නෙහ්..

කෑම කෑම කෑම.. යකෝ එකදවසක් බඩගින්නේ හිටියාම මක් වෙනවද.. යනගමන් නයිට් කඩේකින් කොත්තුවක් කාපන්...ඉඳා... මේ සල්ලි ටික කොල්ලන්ට බේරපන් .. අද විසල්ට පේමන්ට් නෑ .. උඹ කරපු වැඩෙන් මගේ නමට ලොකු හානියක් උනා..ඒ හින්ද අද උඹට දඬුවමක් විදිහට පේමන්ට් නෑ .. ඊට අමතරව උඹට සවුන්ඩ් වාහනේ ට්‍රාන්ස්පෝර්ට් නෑ ...මේක මම උඹට දෙන දඬුවමක්..

ඉවෝන්.. ස්ටාර්ට් කරපං  ලොරිය.. අද විසල් යන්නේ පයින්.. නිකං නෙවෙයි.. ගිටාර් එකත් කරේ එල්ලගෙන..මේ ඇන්තනිට කොකා පෙන්නන්න එන එවුන්ට දඬුවම් දෙද්දී රෑ දවල් අදාළ නෑ ..

ඒයි සහන්  නැගපන් යන්න..

අනේ පලයන් ඉවෝන් යන්න.. මම විසල් දාල වාහනේ යන්නේ නෑ .. මම විසල් එක්ක පයින් යන්නං.. උඹල ඉතින් ලොකු මිනිස්සුනේ.. උඹල පලයල්ලා.. අපිට පයින් ගමන හුරුයි බං ..

මචං සහන්  උඹ මම නිසා පරිප්පු කන්න ඕන නැ බන්.. උඹ ලොරියෙ  නැගහන් ..

අනේ උඹ මගෙන් මුකුත් නාහ හිටහන් විසල්.. එක බෝඩිමේ එක බත් එක කන උඹව මේ රෑ දෙකට මහ මග තනියම  දාල මම යනවද බන් අරුගේ ලොරියේ..

කට කට බන් සහන් .. උඹ දන්නවනේ ඇන්තනිට ඇහුනොත්.. මෙන්න උඹේ පේමන්ට් එක..

ඉවෝන්.. මම බොට වඳින්නම්.. අරූ කුම්මහිකමෙන් දෙන සල්ලි ටිකත් උඹේම සාක්කුවේ දාගෙන ඔය ලොරි කටුව අරගෙන මෙතනින් මාරු වෙයන් බන්.. සින්දුවක් කිව්ව කියල විසල්ගේ සල්ලි නොදී ඉන්න එකාගේ සල්ලි මටත් ඕන නෑ.. බොලාට සල්ලි ලොකු උනාට අපිට සල්ලි ලොකු නෑ බං..

අනේ මන්ද.. උඹේ කැමැත්තක්.. ඔන්න අපි ගියා..

පරෙස්සමෙන් පලයන්.. ඇන්තනිගේ වාහනේට ටිකක් දුරින් ඩ්‍රයිව් කරහන්..

ඒ මොකෝ..

නෑ .. ඇන්තනිට හෙන ගැහුවොත් බොටත් වදින්න ඉඩ තියෙන නිසා..

තූ... කට.. ඔන්න අපි ගියා.. උඹල දෙන්න මා එක්කනම් තරහ වෙනවා නෙවෙයි ඔන්න.. මේවා ඉතින් ඇන්තනිගේ තීරණ මචන්.. මට කරන්න දෙයක් නෑ .. අනිද්දා රෑ නිගම්බු වැඩක් තියෙනවා වෙලාවට වරෙන් ඈ ...

ඇයි බන් දැන් ඇන්තනිට ඕනෑතරම් ප්ලේයර්සලා ඉන්නව කිව්වේ...

කාපු බීපු වෙලාවට කියන ඒවා ගණන් ගන්න එපා බන්.. අනිද්දට වෙලාවට වරෙල්ල.. මම ගියා..

සංගීත උපකරණ පැටවූ ලොරිය දුම් වලාවක් පිටකරමින් සාදය පැවති නිවසින් නික්මගියායින් අනතුරුව පවතී නිහඩතාවය බින්දේ විසල්..

අපරාදේ බන් සහන උඹට යන්න තිබ්බ උන් එක්ක

අනේ මේ මගෙන් මුකුත් අහන්නේ නැතුව ගිටාර් එක අරන් වරෙන් ගෙදර යන්න..

අනේ මන්ද බන්.. උඹ සල්ලි එපා කිව්වේ ඇයි බන්..

මේ මීමෝ.. මේක ඒවා කතා කරන තැනක් නෙවෙයිනේ..  මොකෝ මේක උඹේ අප්පච්චිගේ මාලිගාවද .. ඉක්මනට ගිහින් ගිටාර් එක අරන් වරෙන් මේකේ සිකුරිටිලා ඇවිත් අපේ බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න කලින්..

හිටහන් මම ගිටාර් එක අරන් එන්නම්..

මාලිගාවක් බඳු නිවසේ ගේට්ටුව අසල සිටි විසල් ආපසු හැරී ආලින්දය  වෙත පියමැන්නේ කලින් පුටුවක් උඩ තබා ආ  ගිටාරය රැගෙන එනු සඳහායි..

ඒයි විසලෝ... අර සින්දුව ඉල්ලලා කොළ කෑල්ල එවපු මැඩම් හිටියොත් කියහන් එයාගේ රසඥතාවය නිසා අපිට පයින් යන්න උනා  කියලා...යන ගමන් කන්න පාන් වාටියක්වත් ඉල්ලන් වරෙන් ඈ..

මොන සිංදුවද බන්..

අනේ මේ උඹ ඉවොන්ට ඇන්තනිට පොඩි කරන සුදු ළූණු මට පොඩි කරන්න එන්න එපා බන්..

අනේ පල යන්න..

මම දැන් කිව්වනේ.. ගිහින් ගිටාර් එක අරන් වරෙන්.. මේ තඩි යකඩ ගේට්ටුව ඔටෝ වැහෙන එකක්ද දන්නේ නෑ බූරුවෝ.. මේක  වැහෙන්න කලින් ගිටාර් එක අරන් වරෙන් නැත්තම් මේ ගේට්ටු රාජයා තරණය කරගෙන තමයි පාද යාත්‍රාව යන්න වෙන්නේ

විසල් හදිසි ගමනින් නිවසේ  පැමිණ පුටුවක් උඩ තබා තිබු ගිටාරය කරේ එල්ලාගත්තේ හැකි ඉක්මනින් නිවසට යන  අදහසින්. එහෙත් ගේට්ටුව අසල සිදුවූ  සියලු දෑ උඩුමහලේ සිට තවත් කෙනෙකු බලා සිටිනු  බවක්කි විසල් සහ සහන් දැන සිටියේ නැහැ.

ආ..ආ..... බර්ත්ඩේ ගර්ල්.. කොහෙද බන් අන්තරස්දාන .වෙලා හිටියේ... ආ ආ  රාජීව් එක්ක කොහෙහරි මිසින් උනා නෙහ් ..

කට කට .මාධවී... උඹට හොඳටෝම වැඩියි  අද...

කියහන.. ක්.. කෝ... උඹේ හැන්ඩ්සම්  බ්...බෝයි...

අනේ මේ මගෙන් මුකුත් නාහ හිටපං මාධවී.. අන්න රාජීව් ඉන්නවා පඩිපෙළ ගාව සොපාවේ .. ඕනනම් ගිහිං  නලවහන්.. හැබැයි සිහිය නම් නෑ ..

අනේ අපිට මොකටද අනුන්ගේ කොල්ලෝ..

උඹට ඕනෙනම් ඔනවෙලාවක අරන් පලය.. මගේ කිසීම ප්‍රශ්නයක් නෑ... ඒක නෙවේ මාධවී.. උඹේ වාහනේ කෝ..

ඇයි උඹ අදත් ය..ය..යතුර ගන්නද..

නෑ  බන් නෑ .. කියහන් කෝ උඹේ වාහනේ..

ඔය ප්පා....රේ අයිනේ ඇති බන්..  අද මම ගෙදර යන්නේ නෑ  සුදෝ... බය නැතුව හි..හි...හිටපන්..  අපි තාම මේ වැඩේ ඉවර නැහැනේ..

හරි බන් මාධවී.. උඹ එළිවෙනකල් බිව්වත් මට කමක් නෑ .. ඉක්මනට මට වාහනේ යතුර දීපං ..

ඔන්න ඔන්න සුදු නංගි ඌ....ඌ.. උඹ නෝටි වෙන්න හදනවා.. මම යන්නේ නෑ කිව්වනේ.. ප්‍රොමිස්..

කිව්වම අහල යතුර දියන්කෝ..

බෑ ..බෑ ..බෑ ..

එහෙනම් ඉක්මනට වරෙන් පොඩි ගමනක් යන්න..

මොකක්... අඩෝ අනන්‍යා.. මට වැඩි නෑ හරිද.. උඹ මට වී...විහිළු කරනවා නේද..

විහිළු නෙවෙයි බන්.. ඉක්මනට වරෙන්කො..

කොහේ යන්නද බන් මේ රෑ ..

යන තැන මම දන්නේ නෑ .. ඉක්මනට වරෙන්කො කෑ නොගහ....කෙල්ලනේ.. අපි පොඩී හදිසියකට එලියට ගිහින් එන්නම්.. උඹල වැඩේ කරගෙන යමල්ල.. මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් ,සුමනදාස අංකල්ගෙන් ඉල්ලගනිල්ලා. මාධවී.. ඉක්මනට යමන්.....කෝ දීපං යතුර.. මම ඩ්‍රයිව් කරන්නං..

ඈ..ඈ..අයි බොට මාව ශූ ශූ.. වර් නැද්ද..

මෙන්න මෙහෙ දීපන් ඕක..

මාධවීගෙන් යතුර උදුරා රියදුරු අසුනට ගොඩවූ අනන්‍යා හැකි උපරිම වේගයෙන් සැර දමා ඉගිලෙන්නේ කුමක් අරමුනෙන්ද යන්න මධවීට වැටහීමක් තිබුනේ නැහැ.  බමන මතින් උන් මාධවීට මේ කොහේ යනවද විමසන්නට අවශ්‍යතාවයක් ඇතිවුනේද නැහැ. කුමන හේතුවක් නිසාවත් වයින් වීදුරුවක්වත් තොල නොගාන අනන්‍යා යන්නේ අනතුරුදායක ගමනක් නොවන වග පමණක් මාධවී දැන සිටියා.

කොහෙද බන් අ...අ...අපි මේ යන්නේ..

වැරද්දක් හදන්න..

වෑ....වැරද්දක් හදන්න.. මේ ර්ර්ර්ර්ර්රෑ.. .. අනේ මන්ද.. උඹේ ප්‍රංශ මට නොතේරේ..

ප්‍රංශ නෙවෙයි මම කිව්වේ හොඳ සිංහලෙන්.. සීට් බෙල්ට් එක දාගෙන කට වහගෙන හිටහන්..

හ්ම්.. උඹ කියන නිසා ඔන්න මම ක්කට වහගත්ත..

පසුපසින් පැමිණි වාහනයක් එක්වරම තමුන් අසල නැවතුනායින් තැතිගනීමට පත් විසල් සහ සහන් වාහනය දෙස බලා උන්නේ විමතියෙන්.. අඳුරු පැහැ වීදුරු අතරින් වාහනය ඇතුලත කිසිවක්  විසල්ටවත් සහන්ටවත් පෙනුනේ නැහැ.

මොකද බන් විසල්  මේ වෙන්න යන්නේ.. පරිප්පුවක්වත්ද..

අනේ මන්ද බන්.. ඇතුලේ ඉන්නේ කව්ද කියලනම් පෙන්නේ නැහැ..

කෝකටත් ලැස්ති පිට හිටහන්.. මේ වෙලාව හොඳ වෙලාවක් නෙවෙයි..

හ්ම්..

රථයේ රියදුරු  අසුනේ වීදුරුව විවුර්තකල  පසු දුටු දෙයින් විසල් සහ සහන් මුහුණට මුහුණ බලාගත්තේ එය විශ්වාස කල නොහැකි දර්ශනයක් නිසා..

නගින්න...

විසල් සහ සහන් එකිනෙකාගේ මුහුණට මුහුණ බලන්නට වුයේ දෙදෙනාටම පිළිතුරක් නොවූ නිසා..

නගින්න ළමයෝ..

න් ....න් ...නෑ  මැඩම්  අපි පයින් යන්නං ...

අයියෝ.... ස්ටේජ් එකේදී වීරයෝ වගේ හිටියට මෙයා හා....රි බ්බ....යගුල්ලෙක්නේ..

මාධවී... කට කට..

ඕ .....සොරි ..සොරී...

නගින්න ළමයෝ...


සහන් විසින් තල්ලු කර ඉදිරියට යවනු ලැබූ විසල් රථයට ගොඩවුනේ  අනන්‍යා විසින් කිහිපවාරයක් කල ආරාධනාව ප්‍රතික්ෂේප කල නොහැකි නිසා.. පළමුව විසල්  සහ ඉන් අනතුරුව සහන් රථයට ගොඩවූ පසු අනන්‍යා කිසිදු කලබලයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කරන්නට වුනා..

 ම...ම....ගේ අ..අ...අම්මේ මෙච්චර වෙලා මෙයාට තිබ්බ හ..දිසිය දැන් නැහැනේ..

මාධවී......

හරි හරි බන්.. මම මේ කිව්වේ දැන් මෙච්චර වෙලා ඉ.....ගිල්ලුන  කාර් එක දැන් ය......න්නේ ඉබි ගමනෙනේ බන්.. ඒ...කයි මම මේ කිව්වේ..

මාධවී... කට වහන් හිටහන්කෝ..

සොරි.. ඔයාල කොහෙටද යන්නේ..

විසලුත් සහනුත් නැවතත් මුහුණට මුහුණ බලන්නට වුනා..

අයියෝ.... නිකම් ගමෙන් ආපු ගෑ.....ගෑනු ළමයි දෙන්නෙක් වගේනේ මෙයාල දෙන්න.. නැද්ද බන් අනන්‍යා...

මාධවී.. මාධවී... මම  උඹට දැන් ....

උඹේ භාෂාව මුන් දෙන්නට තේරෙන්නේ නෑ බන්.. හී....හිටහන්කෝ පොඩ්ඩක්...

අඩෝ කොල්ලෝ දෙන්න.. බොලා දෙන්න ගිටාර් දෙකක් කා....රේ එල්ලගෙන දිල්තෝ පාගල් එකේ මන්ගච්චන්නේ කොහෙටද කියපල්ලා මේ මාධව්වේගේ යකා අවුස්සන්නේ නැතුව..මී....යුසික් ක්...කාරයෝ කී යන්නේ කෙල්ලෝ දාහකට ටෝක් කරන්න දේ..දෙපාරක් හිතන්නනේ නෑ..ති එවුන්නේ..

මාධවී... මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින්.. සොරි අනේ.. මෙයාට ටිකක් වැඩි.. ගණන් ගන්න එපා.. ඔයාල දෙන්නව කොහෙටද බස්සන්න ඕන..

මැඩම් යන පාරෙන් කොහේ හරි කොට්ටාව පැත්තට යන්න බස් එකක් ගන්න පුළුවන් තැනකින් දාන්නකෝ....

මේ රෑ කොහෙද අනේ බස්.. කියන්නකෝ කොහෙටද ඔයාල දාන්න ඕන.. මම හිතන්නේ ඔයාල දෙන්නම දන්නවා මම කව්ද කියල..

ඔ...ඔ..ඔව්  මැඩම් ..

ඔන්න ඉතින්.. කොහෙවත් නැති මැඩම් කෑල්ලක් කියවන්න තියාගත්තා...

ඕ....ඔව් ඔව්.. මේ......මෙයා මැඩම් කියනවට හරි අ ..අකමැතියි.. මෙයාගේ නම අනන්‍යා... මෙයා රටේ ප්‍රසිද්ද කෝටිපතියෙකුගේ එකම දුව.. මෙයා ඉතින් සුරංගනාවියක් වගේ සැපෙන් ඉන්න කෙනෙක්. මෙයාට මෙයාගේ අය්යා මෙයාට කියන්නේ සුදු නංගි කියලා....තව මෙයා ගැන කී... කියනවනං...

මාදවී.....වහපන් කිව්වා කට..

සොරි අනේ.. මෙයාගේ කටට බ්රේක් නෑ.. ..

තිබ්බ චූ...ට්ටත් දෙකක් දා..ගත්තම නෑ මචංලා...

මාධවී...කිව්වම අහල හරියට කතා කරපංකෝ...

අනන්‍යා.. ඩාර්ලින්.. උම්බට අ..මතක වුනාට මුන් දෙන්නා ලොකු බෑන්ඩ් එකක ප්ලේයර්සලා දේ..න්නෙක්.. මුන්ට කේ..කෙල්ලන්ගෙන් රයිඩ් හම්බෙන්නේ අද විතරක් නෙවී බන්..

මාධවී..  අද වෙනකම් මමත් හිතන් හිටියේ එහෙම තමයි.. එත් අද මම ඇස් දෙකට දැක්ක.. කන් දෙකට ඇහුනා.. ඒ නිසයි මම මේ රෑ දෙකට උඹව දාගෙන මේ ගමන ආවේ.. සොරි අනේ.. මෙයා කියන ඒවා ගණන් ගන්න එපා.. මම දන්නවා ඔයාල කාල නෑ කියල.. සමාවෙන්න මගේ බර්ත්ඩේ පාර්ටියට ඇවිත් බඩගින්නේ යන්න උනාට..

අනේ නෑ මැඩම්.. අපි ඉතිං ආවේ අපේ රස්සාවටනේ..

හෝව්..හෝව්..ඔක්කොටම ක්..කලින් කියහල්ල උඹල දෙන්නගේ නම් මොනාද කියල.. මම ටිකක් බීල ඉන්න මාධවී.. 

ම ..ම..මම සහන්...

ආන්න..ආන්න.. ආන්න... සහන්.. උඹ පැනල දෙනවනේ.. මේ මාධවී කෙලින් කතාව හරිද.. මේ වෙලාවේ මට උඹේ නම වැදගත් නෑ.. කියමු බලන්න අපේ ගායකයාගේ නම මොකක්ද කියල.. මං..මේ අහන්නේ මට දැනගන්න මිසක් අපේ අනන්‍යා හෙවත් සුදු නංගිට දැනගන්න ඕන හින්ද නෙවෙයි හරිද.. හී...හී....

මාධවී.... මම උඹට..

සොරි මැඩම්.. මෙයා විසල්...

විසල්.. ෂාහ්.. ලස්සන නමක්නේ.. නේහ්.. ඔව් කියහන්කෝ අනන්‍යා..

මාධවී... උඹ ගානට වැඩියි..

සොරි විසල්.. මෙයා කියන ඒවා ගණන් ගන්න එපා.. මට කියන්න ඔයාලව බස්සන්න ඕන කොතනටද කියල..

මැඩම් කරදර වෙන්න එපා මැඩම්.. අපි පයින් යන්නං.. අපිව හයිලෙවල් පාරෙන් බස්සන්නකෝ..

ඇයි බොලා දෙන්න පදිංචි වෙලා ඉන්නේ හයිලෙවල් පාරේද.. මේ.. ටිකක් බීල ඉන්න මාධවීගේ කේන්ති අවුස්සන්නේ නැතුව කියහන් කොහෙද විසල් ඉන්නේ කියල.. සොරි සහනෝ.. උඹටත් අද විසල් ඉන්න තැනටම ට්‍රාන්ස්පෝර්ට් ලැබෙනවා.. ඊට මෙහා උඹට මේකෙන් බහිනවා බොරු..හී..හී..

කමක් නෑ මඩම්.. අපි දෙන්නම ඉන්නේ එකම බෝඩිමේ තමයි..

මාධවී.. මේ ළමයි දෙන්නව බයිට් නොකර හිටහන්කෝ..

උඹට පී...සසු..අනන්‍යා.. මුන් මියුසික් කාරයෝ.. මුන්ව බයිට් කරන්න සෙල්ලමට බෑ බන්..

මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා බන් මාධවී.. ප්ලීස් ටිකක් කට වහන් හිටහන්කෝ..

හරි.. ඔන්න මම කටවහගත්ත..

විසල් මට කියන්න බෝඩිමට යන පාර..

හා මැඩම්.. ඔහොම ඉස්සරහට ගිහින් ඔරලෝසු කනුව ගාවින් වමට..

හ්ම්.. විසල් අද වෙච්ච දේට සොරි කිව්වට වැඩක් නෑ කියල මම දන්නවා.. මට හරි කනගාටුයි වෙච්චි දේ ගැන.. 

මැඩම් මේ කියන්නේ මොකක් ගැනද..

ඉස්සෙල්ලම මම විසල්ට කියන්නං.. මට මැඩම් කියන්න එපා.. මට අනන්‍යා කියන්න.. මීට පස්සේ මැඩම් කතා බෑ හරිද..

 හා මැඩම්...

ඔය ඔය ඉතින්.. මොකද සහන් කතා නැත්තේ.. සමහරවිට සහන් මා එක්ක කේන්තියෙන් ඉන්නවා ඇත්තේ නේද..

ඒ කියන්නේ දැන් අපේ අනන්‍යා බේබිට කතා කරන්න ඕන සහන් එක්කද නැත්තම්.....

මාධවී.... ප්ලීස්...


අනේ නෑ මැඩම්.. මට තේරෙන්නේ නෑ මැඩම් මේ කියන්නේ මොකක් ගැනද කියල..


සහන් මට මැඩම් කියන්න එපා.. ගේට්ටුව ලඟදි ඇන්තනි කරපු කියපු දේවල් ඔක්කොම මම දැක්ක සහන්.. අපරාදේ.. මම මිල්ටන්ගේ සින්දුවක් කියන්න කියල කියල එව්වේ නැත්තම් විසල් ඇන්තනිගෙන් බැනුම් අහන්නේ නැහැනේ.. පේමන්ට් එක නැති වෙන්නෙත් නැහැ.. මමයි ඒ වරද කරේ.. මට සමාවෙන්න..

හෝ..හෝ... මට දැනුයි මේකේ අග මුල තේරෙන්නේ... අනන්‍යා... මාධවී ඉන්නේ ටිකක් බීල උනාට හොඳ සිහියෙන් හරිද.. මම ඒත් බැලුව අපි ඩාන්ස් කර කර ඉද්දි මේ බූරුවා එකපාරට මිල්ටන්ගේ සින්දුවක් කියන්න තියාගත්තේ මොකද කියල..

මාධවී..ඇයි බන් මිනිස්සුන්ට ඔහොම කතා කරන්නේ..

හරි හරි බං.. ෆිට් එකට ෆිට් එකට.. මේ රෑ දෙකට උඹ මුන් දෙන්නව ඇරලවන්න ගෙදරින් හොරාට පැනලා ආවේ පොඩි හිතවත් කමකට වෙන්න බෑනේ.. 

අනේ දෙයියනේ.. කට වහන් හිටහන්කෝ..

මැඩම් ඒ ගැන හිතන්න එපා .. අපි ආවේ මැඩම්ගේ බර්ත්ඩේ පාර්ටිය ප්ලේ කරන්න.. ඔක්කොටම වඩා ලොකුයි බර්ත්ඩේ ගර්ල්ගේ රික්වෙස්ට් එක..

ඒ වුනාට විසල් ඒ වෙනුවෙන් බැනුම් ඇහුවනේ.. ඒ මදිවට ලැබෙන්න තිබ්බ සල්ලිත් නැතිවුනා..

ඒ ගැන හිතන්න එපා මැඩම්..

ඔන්න ඉතින් ආයෙත් මැඩම්.. දැන් මෙතනින් කොහාටද..

ඔතනින් දකුණට හරවල තියන දෙවැනි ගේ මැඩම්..

හ්ම්.. ආයෙත් මැඩම්..

සොරි..

එහෙනම් මැඩම් අපි බහින්නං..

අනේ මට සමාවෙන්න ඉතින් අද වෙච්ච දේට.. මම ඔය දෙන්නගේ පේමන්ට් එක ලැබෙන්න සලස්වන්නම් හොඳේ..

අයියෝ එපා මැඩම්.. අපි එක ඇන්තනි එක්ක බේරගන්නම්..

ලොකු නමක් තිබ්බට ඒ මනුස්සයා මොනවගේ කෙනෙක්ද කියල අද මම දැක්ක සහන්.. මට හරි කලකිරීමක් ඇතිවුනා ජනප්‍රිය ගායකයෙක් ඒ වගේ හැසිරෙනවා දැක්කාම..

ඔව්ව ඔහොම තමයි මැඩම්..

එහෙනම් විසල් අපි ගිහින් එන්නම්ද..

හා මැඩම්.. එහෙනම් පරෙස්සමෙන් යන්න..

හෝව්..හෝව්..හෝව්.. දැන් උඹ මේ ගිහින් එන්නම්ද කියල ඇහුවේ ආයේ එන්න අදහසක් තියෙන හින්දද නැත්තම් කටට ආවටද..

මාධවී...කට කට.. මෙයාට පිස්සු අනේ..

එහෙනම් සහන් අපි ගිහින් එන්නං..

පරිසරයේ පවතී අඳුර දුරු කරමින් තිබෙනාවූ පහන් කණුවේ ආලෝකයෙන් විසල් දිහා විසල් බැල්මක් හෙලු අනන්‍යා රථය ඉදිරියට පදවාගෙන ගියේ "යන්නම් විසල් " කියා වචනයෙන් කියනවාට වඩා බොහොමත්ම අරුත්බර බැල්මකින් අනතුරුව. ඒ බැල්මේ තිබෙන්නේ කුමන පණිවිඩයක්ද යන්න විශ්ලේෂණය කරන්නට විසල්ට උවමනාවක් තිබුනේ නැහැ.

ඈ බං විසලෝ..මොකද බං මේ වෙන්න යන්නේ..

මුකුත් නෑ බං..

වෙන්න බෑ.. 

වෙන්න බෑ නෙවෙයි බං.. මුකුත් නෑ..

හෝව්..හෝව්..හෝව්... නවත්තපන්... 

මොකෝ බන්.. 

නවත්තපන්කෝ... රිවස් කරපන්...

මොකටද කියල කියන්න රිවස් කරපංකෝ..

විසල් නැවතත් සහන් දිහා බැලුවේ එක්වරම නැවතුනු අනන්‍යාගේ රථය නැවතත් පසුපසට ධාවනය වන්නට වූ නිසා.. පසුපසට පැමිණි රථය නැවතත් විසල් ළඟ නතරවුනා..

ඒයි විසල්.. උඹට මොකක්හරි අමතක උනාද..

නෑ මාධවී මැඩම්..

වෙන්න බෑ..

නෑ මැඩම්.. ගිටාර් එක ගත්ත...

අනේ විසලෝ.. මේ සුරංගනාවියක් වගේ ඉන්න අනන්‍යා ගෙදරට හොරෙන් මගේ කාර් එකත් අරන් ආවේ උඹ පයින් යන හින්ද කියල උඹට අමතක උනා නෙහ්..

මාධවී.. උඹ මොනාද මේ කියවන්නේ..

අනන්‍යා.. මේක මගේ වාරේ.. හිටහන් මේක කියන්න දීල.. ඉතිං විසල් කෝ උඹ සුදු නංගිට විශ් කරේ නැහැනේ..

අනේ සොරි මඩම්.. විශ් යු වෙරි හැපී බර්ත්ඩේ...

මක්.. කිව්වා.. මැඩම්.. එහෙම බෑ.. එක්කෝ නම කියල විශ් කරහන්.. නැත්තම් සුදු නංගි කියල විශ් කරහන්..

සොරි මාධවී මඩම්...

අනන්‍යා බලා උන්නේ විසල් දිහා.. විසල් එක්වරම බැලුවේ අනන්‍යා දිහා.. එක්වරම ඒකාත්මික වුනු ඒ  නෙත් හතර තත්පරයකට දෙකකට ඒ දෙනෙත් ඇතුලේ මොනවදෝ සොයනවා නොවේදැයි දෙදෙනාම දැන උන්නේ නැහැ.. ඒත් ඉන් පෙර කිසිම දවසක හමුවී නොතිබුණු ඔවුනොවුන් කාලාන්තරයක් දන්නා හඳුනන අය මෙන්  තත්පර කිහිපයක් දෙනෙතින් දොඩමලු වූ වග දැන උන්නේ අනන්‍යා සහ විසල් පමණයි..

හැපී බර්ත්ඩේ සුදු නංගි.. ඔයාට තෙරුවන් සරණයි..


*************


සඳට සදහට සෙනේ පෑමුත්..
උදුල තරු කැටයම්..
හිරුට පෙම් බැඳී එකද තරුවක්.. 
සිටිය නොහැකිද යම්..
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය.. 
ඒ වගෙයි මනරම්..
පුදුම වෙයි නුඹ නම්..

ගහක මල් පිපිලා පිපෙන්නේ..
ඇයිද නොදන්නෙමි..
හිතක මල් පිපිලා පිපෙන්නේ..
ඇයිද නොදන්නෙමි..
නුඹට සිත බඳුනේ කිමැයි මා ..
තවම නොදන්නෙමී..
නුඹට සිත බැඳී කාරණේ මා.. 
තවම සොයන්නෙමි..

***********
තුන්වෙනි කොටස
http://ambalangodakatha.blogspot.com/2016/10/3.html