Friday, March 31, 2017

ඩයරි වාසනා ලොතරැයිය






සභාවෙන් අවසරයි.. අපි අද මේ රැස්වෙලා ඉන්නේ අපේ ඩයරි වාසනා ලොතරැයියේ හතරවෙනි දිනුම් ඇදීමේ උත්සවය ගැන කතා කරන්නයි.. පහුගිය  එව්වයේ පොඩි පොඩි කචල් බචල් තිබ්බට වැඩේ නැගල ගිය නිසා මේ වතාවෙත් අපි උපරිම ඉහලින් මේ උත්සවේ සංවිදානය කරන්නට ඕන.. ඉතින් එහෙමනං අපි අද මේක කොහොමද සංවිධානය වෙන්න ඕන කියල කතාකරමු ආයුබෝවන්ඩ ..

හොජයි ශබාපති තුමෝ ජැන්  අපි කොහෙජ මේක චියන්නේ.. එචකොට ශාම්මාන හජන්ඩ ඕඩර් එක ජෙන්න ඕන ප්‍රශිජ්ජ රච්චරන් බජු ශාප්පුවකටජ ..

බොට පිස්සුද උලමෝ... සම්මාන ටික කොහේ හරි වඩු මඩුවකට දීල හදෝපන්..  ප්ලේස් එකනම් ඉටිකිරිස් පහට  හයි ෆයි ප්ලේස්  එකක් වෙන්න ඕන.. ඔය දෙකයි පනහේ තැන්වල තිබ්බාම මීඩියා කාරයෝ වැඩිය ගණන් නෑ බොල ..

මීජියා කාරයෝ මක්කචෙයි හැබෑචම ..

අනේ ගොනෝ... අපිට ගහන්න ඕන බෝ වගේ එකෙක්  සංවිධායක මණ්ඩලේට දාගත්තට..

මං නැච්චම් කොරයි බෝල මෙව්ව .. ජැන් කියහන්කෝ සබාපචි චුමෝ හැබෑචම චම්මානෙට වජා ඕක චියන ප්ලේස් එච වැජගච් වෙන්නේ කොහොමෙයි චියල..

ඇයි ගොනෝ මීඩියා පොරවල් ඇවිල්ල බඩ පැලෙන්න කාල බීල වටේම පොටෝ අල්ලලා පත්තරවල, ටීවී වල දැම්මාමනේ අපේ ඩයිරි වාසනා පදනම රට පුරා ප්‍රසිද්ධ වෙන්නේ..

ඉචින් ශබාපචිචුමෝ ඩයරි ලියන එවුන්ච ශාම්මාන කොට චික ජෙන එකනේ වෙඥ්ඥ ඕන..

හපොයි මු වගේ ගොන් මැටි මෝඩ මී හරකෙක්.. අම්මපල්ල තෝව සංවිදායක මණ්ඩලේට යෝජනා කරපු එකා අහුවුනානම් මට.....වස්සෝ ...කෙහෙල්මල් ඩයිරි ලිවිල්ලෙන් අපිට ලැබෙන බිබික්කමක් නැහැ බූරුවෝ.. මෙතන කෙරෙන්න ඕන ඩයිරි  ලියන එවුන්ව ගොනාට අන්දලා අපේ ඩයිරි වාසනා පදනම ගොඩ දාගන්න එක.. 

ඒක මිසක්ක.. කවුජ බොලේ ඔව්ව ජන්නේ..

උඹ ටිකක් කටවහන් ඉන්නවද ආයුබෝවන්ඩ.. රැස්වීම පටන්ගත්ත විතරයි උඹේ මෙතන කෝටියක් ප්‍රශ්න අහන්න තියාගත්තම මොලේ  අවුල් වෙනවා බොළ .. ලේකම් තුමා.. ගමු බලන්න අපේ න්‍යාය පත්‍රය.. මොනවද අපිට  සාකච්චා කරන්න තියෙන්නේ.

අවසරයි සභාපති තුමා..

 හෝව් හෝව් හෝව්. ..ඔහොම නවත්වනවා ......ඔහොම නවත්වනවා...... අයිසේ අණ්ඩපාල ... බලනවා අපේ ලේඛම් මට ආමන්ත්‍රණය කරන විදිහ.. මෙන්න මේ වගේ ගරුසරු ඇතුව කතාකරන්න ඉගෙනගන්නවා මේ වගේ වැදගත් තැනකට ආවාම තේරුනාද ... හරි ... කියනවා ලේඛම් තුමා ...

අවසරයි සභාපති තුමා.. දැන් මෙතන කියවුනානේ මේක පවත්වන්න ඕන  හයි ෆයි තැනක කියල.. එතකොට අපි මේ පාර  කාටද ආරාධනා කරන්නේ ලොතරැයි දිනම් බෙදා දෙන්න..

එකා මෙහෙමයි සිද්දවෙන්න ඕන.. අපිට මේක පවත්වාගෙන යන්න මුදල් වියදම් කරන මහතැන්ලා සන්තෝස වෙන විදිහට තමා මේක සංවිධානය වෙන්න ඕන.. ඒ හින්ද ඒ මහතැන්ලාගේ හිතවත් ලොක්කෝ දෙතුන්දෙනෙක් ගෙන්නමු..

අවසරයි සභාපති තුමා.. එතකොට මේක සාහිත්‍ය පැත්තට ටිකක් බර නිසා රටේ ප්‍රසිද්ධ උගත් සාහිත්‍යවේදීන් කිහිප   දෙනෙක් ගෙන්නුවොත්  නරකද..

ඔන්න ඉතින් ලේඛම් උඹෙත් අණ්ඩපාලයගේ වගේ මොලේ නරක් වේගන එනවද  කොහෙද..

නෑ  මං මේ කිව්වේ ඉතීන් වාසනා ඇදෙන උදවියට ඒක වටිනාකම තියන දෑතකින් දුන්නොත්නේ සභාපති තුමෝ උන්ට ඒක වටින්නේ..

මං කිව්වේ මං කිව්වේ උඹත් මේ අන්ඩපාලය ආස්සරේ කොරල මොලේ නරක් කරගෙන කියල.. මේ මීමෝ.. මේ ලොතරැයි වාසනා තෑගී දෙන්න ඕන ඩයිරි වාසනා පදනම ප්‍රසිද්ද වෙන රටේ නමගිය අපේ පාර්ටියේ ලොක්කෝ කීපදෙනෙක් ලව්වා මිසක් කොහෙවත් යන හල්පාරුවෝ ලව්වා නෙවෙයි.. එහෙම උනාම තමා ඩයිරි වාසනාව ගැන රට පුරා ප්‍රසිද්ද වෙන්නේ.. ඒ වගේ ලොක්කෝ දෙතුන් දෙනෙක් මේකට ගෙන්නුවා කියන්නේ අපිට නොමිලේ මීඩියා ආවරණය ලැබෙනවා කියන එකයි.. 

අනේ මන්ද සභාපති තුමා කියන මෙලෝ මල හත්ඉලව්වක් මටනම් තේරෙන්නේ නැහැ..

මෝඩයෝ.. මීම ගෙන්නුවාම කිනිතුල්ලෝ වෙනම ගෙන්නන්න ඕන නැහැ.. මීමගේ පිටේම කිනිතුල්ලෝ එනවා.. අපේ පාර්ටියේ ලොක්කෝ දෙතුන්දෙනෙක් එනවා කියන්නේ උන් පස්සේ වැටිලා තුන් වේල හොයාගන්න එවුන් ආරාධනා නොකරම එනවා කියන එකයි..ඒ වගේම ඒ ලොක්කෝ සන්තෝස උනා කියන්නේ දන්නවනේ... උඹල අපි ගොඩ ..

ඕන් දැන් තේරුනා...

හ්ම්... දැන් අහනවා බලන්න මොනවද වෙන තියන ප්‍රශ්න..

වැදගත්ම ප්‍රශ්නේ තමා සභාපති තුමා අපි දැන් කොහොමද තෑගී දෙන ඩයරි ටික තෝරාගන්නේ.. සෑහෙන්න කියවන්න වෙයි නේද.. අපි මේ වැඩේ භාෂා විශාරද පොරවල් කීපයකට භාරදෙමුද සභාපති තුමා..

එහෙම කරාම කොහොමද උලමෝ අපිට ඕන එවුන්ට තෑගී ටික දෙන්නේ.. තුමුසෙට නම් මොලේ නරක් වෙලා..

ඉතින් අපිට පුලුවනිද ඕක තෝරන්න.. අපිට සුදුසුකම් නැහැනේ ඔය වැඩේට..


පී....ස්සුද ලේකම් තුමා.. ඕකට ඔය හැටි සුදුසුකම් ඕන නැහැ.. ඒත් කල්පනාවට ගන්න  තෑගී දෙන ඩයරි තෝරද්දී ටිකක් වැදගැම්මකට ඇති එවුන් ලියන එව්වා ටිකක් තෝරාගන්න.. 

 ඒ කිව්වේ සභාපති තුමා..

ඕකනේ කියන්නේ බොලාට මේක අඩියෙන් අඩිය කියල දෙන්න වෙලානේ මට.. 

මනුස්සයෝ.. ඔය ගෙවල් වලින් කාලා  බෝක්කු උඩ රස්තියාදු ගගහ ජීවිතේ මාවලස් කියල බුකියේ පින්තුර දාන එවුන්ට මේ ඩයරි වාසනා තෑගි දීල වැඩක් නැහැ තේරුනාද..

ආ තේරුනා තේරුනා.. මෙව්වා ඉතින් වැදගත් දෙවල් ලියන උදවියටනේ දෙන්න ඕන..

ආන්න..ආන්න.. ආයෙත් බොලා පොට වරද්දගන්නවා... මීමෝ.. මේවා දෙන්න  ඕන අපේ ඩයරි වාසනා පදනම ගැන ප්‍රසිද්දියක් ලබාදෙන්න පුළුවන් එවුන්ට..

ඒ කිව්වේ..

ඒ කිව්වේ මේකයි.. දැන් අපි ඔය තෑග්ග දුන්නාම උන් ඕක හතර අතේ පින්තුර ගහල බුකියෙයි ඇරෙහෙයි මෙහෙයි පොස්ට් කරනවනේ. තෑගි දෙන්න සුදුසුයි කියල අපි මේ තෑගි ටික වන්නි හත් පත්තුවේ එවුන්ටයි, රස්තියාදු කාරයින්ටයි බෙදල දුන්නොත් අපි ගැන ලෝකේ වටේ ප්‍රචාරය අරන් යන්නේ කව්ද බොලං. 

ඉතින්..

ඉතින් කියන්නේ මීමෝ අපි ඔව්ව ලොකු ලොකු තැන්වල ඉන්න උදවියට දුන්නාම උන් හරහා අපේ ඩයරි වාසනා පදනමට ප්‍රසිද්දියක් ලැබෙනවා.. ඔය බෝක්කු උඩ  රස්තියාදු ගහන එවුන්ටයි පොඩි පොඩි ජොබ් කටු කරන එවුන්ටයි ඕනෙනම් ඔය සැනසිලි තෑගී ටිකක් දීල දාහන්..

සභාපති තුමාගේ මොලේ තමා මොලේ.. එතකොට අපි දැන් කොහොමද මේ ඩයරි ටික තෝරන්නේ.. 

ඔය මොකක්හරි ලකුණු දෙන විදිහක් හදල තොරහන් හැබැයි අපිට ඕන එවුන් ටිකට ලොකු ලොකු තෑගි ටික යන විදිහට..ඒ වගේම තෑගි ගන්න දවසේ පැමිණීම වෙනුවෙන් ලකුණු දහයක් විස්සක් එකතු කරනවා කියල කියහන්.. එතකොට තමා  උස්සව සාලාව පිරෙන්න සෙනග එන්නේ..

එතකොට සභාපති තුමෝ සෙනග පැමිණීම වැඩි උනාම උන්ට  කන්න බොන්න දෙන්න තවත් වියදම් වෙනවනේ..

බූරුවෝ.. උන්ට කන්න බොන්න දෙන සොච්චම වගේද ඔය තෑගි දෙන්න එන ලොක්කො සෙනග දැක්කාම අපිට ලැබෙන  දේවල්..

ඒ මක්කයි ශාභාපචි චුමෝ 

අණ්ඩපාල ...මම තමන්ට එක පාරක් කිව්වා.. කටවහන් පැත්තකට වෙලා හිටහන්..උඹට ඒ පැහිච්චකම් වලිං වැඩක් නෑ...

හොඳයි ලේඛම්.. කියනවා බලන්න තව මොනාද තියන ප්‍රශ්න..

සභාපති තුමා මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි...  අදහසක් විතරයි.. දැන් හෙට අනිද්දා අපිට ටීවී වලිනුයි රේඩියෝ වලිනුයි කතාකරොත් අපිට යන්න වෙනවා නෙහ් ..

නැතුව නැතුව..

නරකද අපි පොඩ්ඩක් වැඩේ හැඩට තියෙන්නත් එක්ක ගෑල්ලමයෙක් මේකට ඔබාගත්තොත්..

අප්පච උජු.. වැජේ මාරු ලේචම් චුමා..

අණ්ඩපාල .. මම කිව්වා... කටවහන් හිටු.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... වැඩේනම් නරකම නැහැ ලේඛම් තුමා.. ඒත් අපි කාවද මේකට දාගන්නේ.... ගෑනු පරානයක් කිව්වමත් ඩයරි ලියන කෙනෙක් වැඩේට දාගෙන බැහැ ..

ඒ මොකෝ සභාපති තුමා..

මැට්ටෝ... අපි උන්ව ඔව්වට අරං ගියාම අපිට වඩා තැනක් උන්ට ලැබුනොත් අපි සුං ..

ඒකත් හැබෑව තමා..

ගෑල්ලමයෙක් හොයාගනින්.. හැබැයි අපිට වඩා අඩු සුදුසුකම් තියන කෙනෙක්.. ඔය දහ අට මායන් දන්න වත්ත වටේ නටපු අම්මණ්ඩිලා නම් පලාතක ගෙන්න එපා ඔන්න.. අන්තිමේ උන් අපේ වැඩේට වියදම් කරන ලොක්කෝ  එක්ක සෙට් උනොත් තෝත් සුන් මාත් සුං ඩයරි වාසනා පදනමත් සුං ..

ඒකත් හැබෑව තමා....ඒ උනාට සභාපති තුමා මීඩියා කාරයෝ අහන අපබ්‍රංස ප්‍රශ්න තේරුම් අරං හරියට උත්තර දෙන්න පුළුවන් ගැල්ලමයෙක් වෙන්ඩේපැයි නෙහ් ..

එහෙම දෙයක් නෑ ලේඛමෝ... උන් අහන ප්‍රශ්නෙටම උත්තර නොදුන්නට කමක් නැහැ.. ඒත් හැබැයි ප්‍රශ්නෙට බොහොම බැරෑරුම්ව උත්තර දෙන විදිහට වටේ කරකවල වචන දහයක් පහළොවක් අතරට ඩයරි වාසනා පදනම ගැනයි ඩයරි ලියවිල්ල ගැනයි තමා කියවෙන්න ඕන..උත්තරේ මොක දුන්නත් වැඩිපුර කියවෙන්න ඕන ඩයරි වාසනා පදනම ගැන තමා..


එහෙනං දැන් හරිනේ... වැඩේ ඉටිකිරිස් වගේ තියෙන්න ඕන ඔන්න.. 

හොඳයි සභාපති තුමා..

මේ.... ශබාපචි චුමෝ...

මොකෝ..

ශාභාපචි චුමාලච මෙව්වයින් ජහසින් බැජි පියලි ලැබෙන එචේ මාච් පොජි චෑල්ලක් ජෙකක් ලැයිං කොරගච්චට කමක් නැචෙයි ..

කරන දෙයක් කරගනිං අපිව බේරලා ඔන්න.. නේද ලේඛම් තුමා..

ශබාපචි චුමා ජන්න මගුලක් නෑ ..ලේචම් චුමයි මායි තරඟෙට ගෑල්ලම්යින්ච ෆේෂ් බුක් මැෂේජ් යවන්නේ..

කටවහන් ඉඳපන් අණ්ඩපාල .. මේ මුගේ ගල් පැලෙන බොරු සභාපති තුමා..

ඔඥ්ඥ ඔඥ්ඥ ඉචින් ලේචම් චුමා මජේ මල පන්නන්නයි හජන්නේ..

බොරු තමා.. උඹ බොරු හදල කියලා සභාපති තුමා මා එක්ක තරහ කරවන්නයි හදන්නේ..

අනේ පලයන් යාඥ්ඥ ලේචම් තුමා.. හරි.. උඹ ගිය වචාවේ ගෑල්ලමයින්ට ශාම්මාන  චියෙනවා ගඥ්ඥ එන්ඥ චියල ෆේෂ් බුක් මශේජ් යැව්වේ නැජ්ජ ... හා නැජ්ජ..

හරි හරි ඉතින්.. දෙතුන් දෙනෙකුට විතරයිනේ...ඉතින් උඹත් මට හොරෙන් ගෑල්ලමයින්ට ෆේස් බුක් මැසේජ් දාල පණිවිඩ දුන්නේ නැද්ද තෑගි තියෙනවා ගන්න එන්න කියල.. මුගේ විකාර සභාපති තුමා..

මේ.. බොලා මොනවා කරගත්තත් මට කමක් නෑ... හැබැයි මාවයි ඩයරි වාසනා පදනමයි බේරලා කරහන් ඕන දෙයක්..තේරුනාද..

තේරුනා සභාපති තුමා..

අණ්ඩපාල ... තේරෙනවද...

එක ජෙයක් චෙරෙන්නේ නෑ 

මොකක්ද..

මේ තෑගී ජීමෙන් අපිච ලැබෙන වාශීය මොකජ්ජ 

ඒ පැහිච්චකං වලින් උඹට ඇති වැඩක් නෑ ... උස්සවේ දවසට ඇතිවෙන්න කාල බීල විනෝද වෙයන්.. ඒ මැදෑ ...

ශබාපචි චුමා.. අපි ජැන් එජාට ජැන්ඩි පහච සූට් එකක් අඳින්න ඕන නෙහ් ..

බෑ ..බෑ ...බෑ .... බොලා තියන පරණම හම්පඩ වෙච්ච ඇඳුමක් ඇඳන් එන්න ඕන... 

ඒ මොචෝ ශබාචි චුමෝ...

කිව්වනේ අණ්ඩපාල ... ඒ පැහිච්චිකම් වලින් උඹට වැඩක් නෑ ... උස්සවේ දවසට ලොක්කෝ විතරයි කෝට් බෝට් ඇඳලා ඉන්න ඕන... තේරුනාද... එහෙම නේද ලේඛම් තුමා..

එහෙමයි එහෙමයි දේවයන් .... සොරි.... සභාපති තුමා...

කුජීචයි ශබාපචි චුමෝ... කුජීචයි...








24 comments:

  1. කතා කරන විදියෙන් තේරෙන්නේ අණ්ඩපාලගේ හොම්බ කට රිවට් වෙලා නහය මුක්කං වෙන්න කවුරු හරි නෙලලා බවයි.

    ReplyDelete
  2. ඔහොම කියන්න එපා මෙයා, අර ඕ දහය විස්ස තිහ හතලිහ ගැනල තෝරපු හොඳම බ්ලොග් එකේ නෝනලාගේ නළලේ තියන් ඉන්න අහවල් ඒවා පහලට එයි!

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ සැබෑ ස්භාවයෙන් අදහස් ප්‍රකාශ නොකර හැංගිලා අදහස් ප්‍රකාශ කිරීම බයගුලුකමක් ඇනෝ..

      Delete
  3. දැන් අපහු පරණ මේල් චෙක් කරන්න වෙනවා ඔහෙත් අර අහවල් ත්‍රෙඩ් එකේ ඉඳල සැක කරුවෙක් විදිහට හොරෙන්ම කැපිලා එළියට විසික්ක වෙච්ච මනුච්චියෙක්ද කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් උනා කියල දන්නේ උඹේ මේ කොමෙන්ට් එකෙන් ලොකු පුතේ..

      Delete
  4. අණ්ඩපාල = Knave- A tricky, deceitful fellow; a dishonest person; a rogue; a villain

    සංවිධායක මණ්ඩලේ ට අණ්ඩපාල කෙනෙක් සම්භන්දවීමම කුමන්ත්‍රණයක් වත්ද?

    ReplyDelete
    Replies
    1. සංවිධාය මණ්ඩල වල වැඩි හරියක් ඉන්නේ අණ්ඩපාලලා තමා කමී..

      Delete
  5. අන්න ඕගනයිසින් !

    ReplyDelete
  6. Replies
    1. මේ ඇවිල්ල තියෙන්නේ අපේ පෙසන්නයා..

      Delete
  7. හපුච්චේ හපුච්චේ....අන්න ජැක්පොට්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජැක් පොට් වදින්න වාසනාව තියෙන්න ඕන ලබ්බෝ..ජයවේවා..

      Delete
  8. අහන්න දෙයක් නැහැ කමියල සෙට් එක කථා වෙන දේවල් මූ අහගෙන ඉඳල නැත්නම් ෆෝන් ටැප් කරල. නැත්නම් මෙච්චර හරියට කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඉයන් මොකක් ගැනද මන්ද මේ කියන්නේ.. මම නම් මුකුත්ම දන්නේ නැහැ ඔන්න..

      Delete
  9. අඩෝ උබ ආයෙත් මට නොකිය පෝස්ටුවක් දැම්ම.නිකමට වගේ ඉදල හිටල මේ පැත්තට එන නිසා හොදයී.නැත්නම් මගේ වටිනා අදහස් උබට නැතිවෙලා යනව 😛 දැන් එතකොට අපි කතාවුන විදියටද වෙලා තියෙන්නෙ?හත් ඉලව්වයි.උබ සභාපතියගෙ රෙදි ගැලෙව්වෙ ඇයි මයෙ අම්ම 😂 ඌ පව්...

    ReplyDelete
    Replies
    1. බොලා මොනා ගැන කියෝනවද කියල මටනම් තේරෙන්නේ නැහැ.. මීට මම බබා..හෙහ්..

      Delete
  10. අනේ මන්දා බන් ...මට තේරෙන්නේ නැහැ ?????මොනවා උනත් මම ඇවිත් ගියා

    ReplyDelete
    Replies
    1. උඹ සම්මානනීය පුද්ගලයෙක් මෙන්ඩෝ... උඹ ගැන තියන ඇගයීම ඉහලයි..

      Delete
  11. සිරි බර සිරි ලංකාවෙ වෙන දේවල්ද මේ ...ගොඩයාට පිත්තු මෙව්ව වෙන්නෙ ඔයා ඉන්න රටේ නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කියන්නේ ලෝකයෙන්ම උතුම්ම රට කියන්නේ නිකම්ද නෙතූ..

      Delete
  12. නෙලුම් යායේ හින්ට් කතාවද මේ ....?

    ReplyDelete